සූරා ෆාතිහා සහ සූරා බකරා වාක්‍ය 1 සිට 90 දක්වා
ترجمة القرآن الكريم من أول سورة الفاتحة حتى الآية90من سورة البقرة
1වැනි කොටස | |
1 සූරත් අල්-ෆාතිහා (ආරම්භය) මක්කාහ්වෙහි දී එළිදරවු වූවකී. ආයාත් (වැකි) 7 කි. | |
1-7 මෙම සූරාහ් ව අල්-කුර්ආනයේ ඉගැන්වීම් වල සාරාංශයයි. එබැවින් මෙය උම්මුල් කුර්ආන් හෙවත් අල්-කුර්ආනයේ මව, අල්-කුර්ආනයේ කිරුළ යන නාමයෙන් හඳුන්වනු ලබයි. | |
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි. | بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيْمِ (1) |
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. | الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ (2) |
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ය. | الرَّحْمَنِ الرَّحِيمِ (3) |
විනිශ්චය දිනයේ රජු ය. | مَالِكِ يَوْمِ الدِّينِ (4) |
ඔබව ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු. | إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ (5) |
අප ට ඍජු මඟ පෙන්වනු මැනව | اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ (6) |
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව. | صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ (7) |
2 සූරත් අල්-බකරා (එළදෙන) මක්කාහ්වෙහි දී එළිදරවු වූවකී. ආයාත් (වැකි) 286 කි. | |
بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيْمِ අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි. | |
1-5 බිය බැතිමතුන් ගේ ගුණාංග, විශ්වාසයේ මූලිකාංග හා අල්-කුර්ආන් හි මඟ පෙන්වීම | |
අලිෆ්, ලාම්, මීම්, | الم (1) |
එම පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන් හට (එය) මඟ පෙන්වන්නකි. | ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ (2) |
ඔවුහු කවරහු ද යත් ගුප්ත දෑ පිළිබඳ ව විශ්වාස කරති. තව ද අප ඔවුන ට ලබා දුන් දැයින් වියදම් කරති. | الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ (3) |
ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද, නුඹ ට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තව ද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති. | وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ (4) |
ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තව ද ඔවුහුම ය ජයග්‍රාහකයෝ. | أُولَئِكَ عَلَى هُدًى مِنْ رَبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (5) |
6-7 කුෆ්ර් නම් දේව ප්‍රතික්ෂේප යේ ස්වභාවයන් ප්‍රතික්ෂේපකයින් ගේ ගුණාංග හා ඔවුන ට හිමි ඵලවිපාක | |
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන ට නුඹ අවවාද කළ ද නැතිනම් අවවාද නොකළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නොකරති. | إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ (6) |
අල්ලාහ් ඔවුන් ගේ හදවත් මත ද ඔවුන් ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තව ද ඔවුන් ගේ දෘෂ්ටිය මත ආවරණයක් ඇත. තව ද ඔවුන ට මහත් වූ දඬුවමක් ඇත. | خَتَمَ اللهُ عَلَى قُلُوبِهِمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ (7) |
8-16 නිෆාක් නම් කුහකත්වයේ ස්වභාවයන්, කුහකයින් ගේ ගුණාංග හා ඔවුන ට හිමි ඵලවිපාක | |
තව ද ජනයා අතුරින් ඇතැමුන් සැබැවින් ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු යැයි පවසන්නන් සිටිති. නමුත් ඔවුන් දේව විශ්වාසවන්තයින් නොවෙති. | وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ (8) |
ඔවුහු අල්ලාහ් ට ද දේව විශ්වාස කළවුන් ට ද වංචා කරති. ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තව ද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත. | يُخَادِعُونَ اللهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ (9) |
ඔවුන් ගේ හදවත් තුළ රෝගයක් ඇත. එබැවින් අල්ලාහ් ඔවුන ට රෝගය වර්ධනය කළේය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් ඔවුනට වේදනීය දඬුවමක් ඇත. | فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللهُ مَرَضًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ (10) |
තව ද නුඹලා අනර්ථකම් නොකරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට සැබැවින් ම අපිම ය සංශෝධකයෝ යැයි ඔවුහු පැවසුවෝය. | وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ (11) |
අවධානය ට ගනු. සැබැවින් ම ඔවුන් ම ය අනර්ථකාරීන් වන්නේ. නමුත් ඔවුහු (ඒ බව) වටහා නොගනිති. | أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَكِنْ لَا يَشْعُرُونَ (12) |
තව ද (දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු යැයි ඔවුන ට කියනු ලැබූ කල්හි අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ? යි විමසති. අවධානය ට ගනු. සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. නමුත් ඔවුහු (ඒ බව) නොදනිති. | وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَكِنْ لَا يَعْلَمُونَ (13) |
තව ද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට අපි විශ්වාස කළෙමු යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන් ගේ නායකයින් සමඟ තනි වූ විට සැබැවින් ම අපි නුඹලා සමඟ ය. අපම ය සමච්චල් කරන්නෝ යැයි පැවසුවෝය. | وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَى شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ (14) |
අල්ලාහ් ඔවුන ට සමච්චල් කරන්නේය. තව ද ඔවුන් ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීම ට ඉඩ හරින්නේ ය. | اللهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ (15) |
ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තවුන් වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ. | أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَى فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ (16) |
17-20 කුහකයින් පිළිබඳ උපමාවන් දෙකක් හා එමගින් ඔවුන් ගේ තත්ත්වය ව්‍යාකූලත්ව ය හා මුළා ව පිළිබඳ නිරූපණය කිරීම | |
ඔවුන ට උපමා ව ගිනි ඇවිළ වූ කෙනෙකු මෙනි. එය ඒ අවට වූ දෑ ට ආලෝකය ලබා දුන් විට අල්ලාහ් ඔවුන් ගේ ආලෝකය ඉවත් කළේය. තව ද ඔවුන ට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය. | مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ (17) |
බිහිරි ය, ගොළු ය, අන්ධ ය එබැවින් ඔවුහු (යහමඟ ට) නොහැරෙන්නෝ ය. | صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ (18) |
නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. අකුණු හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන් ගේ ඇඟිලි ඔවුන් ගේ කන් තුළ ඔබා ගනිති. තව ද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳ ව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය. | أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ وَاللهُ مُحِيطٌ بِالْكَافِرِينَ (19) |
අකුණු එළිය ඔවුන් ගේ බැල්ම පැහැර ගන්නාක් මෙනි. එය ආලෝකවත් කළ සෑම විටක ම ඔවුහු ඇවිදුණහ. එය ඔවුන් මත අඳුරු කළ විට ඔවුහු සිට ගත්හ. අල්ලාහ් අභිමත වී නම් ඔවුන් ගේ ශ්‍රවණය ද ඔවුන් ගේ බැල්ම ද ඉවත් කරන්න ට තිබුණි. සැබැවින් ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහි ම අති බලවත්ය. | يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا وَلَوْ شَاءَ اللهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (20) |
21,22. අල්ලාහ් ගේ ඒකීයත්වය හා ඔහු ට අවනත ව කටයුතු කිරීමේ අවශ්‍යතාව. | |
අහෝ ජනයිනි! නුඹලා හා නුඹලා ට පෙර සිටි අය මැව්වා වූ නුඹලා ගේ පරමාධිපති ට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස. | يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ (21) |
ඔහු නුඹලා ට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද අහස වියනක් බව ට ද පත් කළේය. තව ද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලා ගේ පෝෂණ ය පිණිස පලතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත් ව ම නුඹලා අල්ලාහ් ට සමානයන් නොතබනු. | الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ (22) |
23-25. අල්-කුර්ආන යේ ප්‍රාතිහාර්යය, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගේ නබිත්වය, ප්‍රතික්ෂේපකයින් සඳහා වූ විපාක හා දේව විශ්වාසවන්තයින් සඳහා වූ ප්‍රතිඵල. | |
අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙ හි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තව ද අල්ලාහ් හැර නුඹලා ගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්‍යවාදීහු නම්. | وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللهِ إِنْ كُنْتُمْ صَادِقِينَ (23) |
නමුත් නුඹලා (එය) නොකළෙහු නම්. - තව ද නුඹලා නොකරන්නෙහුම ය. - එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින් ට සූදානම් කරනු ලැබ ඇත. | فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ (24) |
තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුන ට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇත යැයි සුබාරංචි දන්වනු. එහි පලතුරු වලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තව ද එකිනෙක ට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තව ද ඔවුනට එහි පිවිතුරු සහකාර අයවලුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. | وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا قَالُوا هَذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ وَأُتُوا بِهِ مُتَشَابِهًا وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ (25) |
26,27. අල්-කුර්ආන් හි උපමා රූපක අන්තර්ගත ය, ඒ පිළිබඳ ජනයා ගේ ස්ථාවරත්වය උපමා ඉදිරිපත් කිරීමේ අරමුණු හා ඒවා මිනිසා ගේ හදවත ට පරීක්ෂණයක් වීම. | |
නියත වශයෙන් ම කෝඳුරු වෙකු ගේ හෝ ඊට වඩා ඉහළින් ඇති දෙයක උපමාවක් ගෙන හැර පෑම ට අල්ලාහ් ලැජ්ජා නොවන්නේ ය. එවිට විශ්වාස කළවුන් නම් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනිති. ප්‍රතික්ෂේප කළවුන් නම් අල්ලාහ් මෙම උපමාවෙන් කුමක් අපේක්ෂා කළේ දැයි විමසති. එමගින් බොහෝ දෙනා නොමඟ හැරියේ ය. තව ද එමගින් බොහෝ දෙනා යහ මඟට යොමු කළේය. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙකු නොමඟ නොහැරියේ ය. | إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي أَنْ يَضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا يُضِلُّ بِهِ كَثِيرًا وَيَهْدِي بِهِ كَثِيرًا وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ (26) |
ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ. | الَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ (27) |
28,29. මරණින් පසු මිනිසා නැවත නැගිටුවීමේ බලය අල්ලාහ් සතු වීම, අහස් හා මිහිතලය මැව්වේ ඔහු ය. එමෙන් ම ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානීය. | |
නුඹලා අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවී ව සිටිය දී නුඹලා ට ඔහු ප්‍රාණය දුන්නේ ය. පසු ව නුඹලා ව ඔහු මරණය ට පත් කරන්නේ ය. පසු ව නුඹලා ට ඔහු (යළි) ප්‍රාණය දෙන්නේ ය. පසු ව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය. | كَيْفَ تَكْفُرُونَ بِاللهِ وَكُنْتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ (28) |
නුඹලා වෙනුවෙන් මහ පොළොවේ ඇති සියල්ල මැව්වේ ඔහු ය. පසු ව අහස දෙසට හැරී ඒවා අහස් හතක් ලෙස සැකසුවේ ය. තව ද ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානී ය. | هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (29) |
30-33. ප්‍රථම මිනිසා වන ආදම් (අලෙයිහිස් සලාම්) තුමා ගේ මැවීම හා එතුමාණන් ට මහපොළොවේ නියෝජිත භාවය හා ඥානය පිරි නැමීම. | |
තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් හට සැබැවින් ම මම මහපොළොවේ නියෝජිත (පරම්පරාවක්) පත් කරන්න ට යමි යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින් ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය. | وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ (30) |
ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන්නුවේ ය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසුවේ ය. | وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ (31) |
ඔබ සුපිවිතුරු ය. ඔබ අප ට ඉගැන් වූ දෑ හැර වෙන කිසිදු දැනුමක් අප ට නොමැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත ය. | قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ (32) |
අහෝ ! ආදම්, ඒවායෙ හි නාමයන් ඔවුන ට දන්වනු යැයි ඔහු පැවසීය. ඔවුන ට ඔහු ඒවායෙ හි නාමයන් දැන් වූ කල් හි. අහස් හි හා මහපොළොවේ ගුප්ත ය සැබැවින් ම මම දනිමි. තව ද නුඹලා හෙළිදරව් කරන දෑ ද නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නොකීවෙම් ද? | قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ (33) |
34-36. ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් ට මලක් වරුන් (දේව දූතයින්) සුජූද් කළ සිද්ධිය හා එහි ෂෙයිතාන් ගේ ස්ථාවර ය. | |
නුඹලා ආදම් ට නමස්කාර කරනු යි අප පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) නමස්කාර කළහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය. | وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ (34) |
තව ද අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු. | وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ (35) |
එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් ලිස්සා හැරෙව්වේ ය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු. | فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ (36) |
37,38. ඉස්රාඊල් පරම්පරාව ඔවුන් ට අල්ලාහ් ලබා දුන් දායාදයන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ව විශ්වාස කරන මෙන් ඔවුන ට ඇරයුම් කිරීම හා ධන බලය ට හෝ දරුවන් ට හෝ තමන් වෙත කිසිදු උපකාරයක් කළ නොහැකි පරමාන්ත දිනය. | |
පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය. | فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ (37) |
නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු. | قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (38) |
39-57. ඉස්රාඊල් වරුන් ගේ පරපුර ට අල්ලාහ් කළ උපකාරයන් මූසා (අලෙයිහිස් සලාම්) තුමාණන් ගේ ඉතිහාසය ෆිර්අවුන් ගේ හිංසනයෙන් අල්ලාහ් ඔවුන් මුදා ගත් ආකාරය වසු පැටවා නැමදුම් කළවුන ට අල්ලාහ් සමාව ලබා දීම මහා කම්පනයෙන් මළවුන් ට නැවත ජීවය ලබා දීම සහ මන්නු සල්වා නමැති ස්වර්ග ආහාර ඉස්රාඊල් දරුවන ට ප්‍රදානය කිරීම. | |
දේවත්වය ප්‍රතික්ෂේප කොට අප ගේ වදන් බොරු කළවුන් වන ඔවුහු ම ය නිරා ගින්නෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. | وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (39) |
අහෝ ! ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තව ද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලා ගේ ගිවිසුම ඉටු කරමි. තව ද නුඹලා මටම බිය වනු. | يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ (40) |
නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා විශ්වාස කරනු. තව ද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නා ගෙන් පළමුවැන්නා නොවනු. තව ද මාගේ වදන් අල්ප මිලක ට නොවිකුණනු. තව ද මට ම නුඹලා බිය බැතිමත් වනු. | وَآمِنُوا بِمَا أَنْزَلْتُ مُصَدِّقًا لِمَا مَعَكُمْ وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا وَإِيَّايَ فَاتَّقُونِ (41) |
තව ද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නොකරනු. තව ද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නොකරනු. | وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ (42) |
තව ද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු. | وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ (43) |
නුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලා ව අමතක කර දමා ජනයා ට යහපත විධානය කරන්නෙහු ද ? (ඒ බව) නුඹලා වටහා නොගන්නෙහු ද? | أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلَا تَعْقِلُونَ (44) |
තව ද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන් ට හැර සෙසු අය ට බැරෑරුම් ය. | وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ (45) |
ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපති ව මුණ ගැසෙන්නන් බවත් තව ද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති. | الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ (46) |
ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව සියලු ලෝවැසියන ට වඩා උසස් කළෙමි. | يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ (47) |
තව ද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයක ට කිසිවක් කිරීම ට හැකියාවක් නොමැති, එයින් කිසිදු මැදිහත් වීමක් පිළි ගනු නොලබන, එයින් කිසිදු වන්දියන් භාර ගනු නොලබන දිනයක ට නුඹලා බිය වනු. ඔවුහු (එදින) උදව් කරනු නොලබන්නෝය. | وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ (48) |
නුඹලා ට දැඩි වේදනා දී හිංසා කරමින් ද නුඹලා ගේ පිරිමි දරුවන් මරා දමමින් ද නුඹලාගේ ගැහැනු දරුවන් ට ජීවිත දානය දෙමින් ද සිටි ෆිර්අවුන් ගේ පරපුරෙන් නුඹලා ව අපි මුදවා ගත් අවස්ථා ව සිහිපත් කරනු. තව ද ඒවායෙ හි නුඹලා ගේ පරමාධිපතිගෙන් වූ අතිමහත් පිරික්සුමක් තිබිණ. | وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ وَفِي ذَلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ (49) |
තව ද අපි නුඹලා ට මුහුද වෙන් කර පසු ව එයින් නුඹලා ව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන් ගේ පිරිස (මුහුදෙහි) ගිල් වූ සැටි සිහිපත් කරනු. | وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ (50) |
අප මූසා ට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථා ව සිහිපත් කරනු. අනතුරු ව නුඹලා ඔහුගෙන් පසු ව (ඔහු ගිය පසු ව) වසු පැටවා ව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝම ය. | وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ (51) |
එය ට පසුව ද අපි නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ට සමාව දුනිමු. | ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ (52) |
තව ද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසා ට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු. | وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ (53) |
මාගේ ජනයිනි, සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලා ගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එනම් නුඹලා නුඹලා ට අයත් (ආදේශ තැබූ) අය ව ඝාතනය කරනු. එය නුඹලා ගේ උත්පාදකයා අබියස නුඹලා ට ශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලා ට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. | وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَى بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ (54) |
තව ද අහෝ මූසා! අප අල්ලාහ් ව එළිමහනේ දකින තුරු ඔබ ව අප විශ්වාස නොකරන්නේ ම යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දීම අකුණු සැර නුඹලා ව ග්‍රහණය කළේය. | وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ (55) |
පසු ව නුඹලා කෘතවේදී වනු හැකි පිණිස නුඹලා ගේ මරණයෙන් පසු අපි නුඹලා ව අවදි කළෙමු. | ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ (56) |
තව ද අපි නුඹලා ට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තව ද මන්නු (නම් ආහාරය) ද සල්වා (නම් ආහාරය) ද අපි නුඹලා ට පහළ කළෙමු. අප නුඹලා ට ආහාර වශයෙන් ලබා දුන් දෑ නුඹලා අනුභව කරනු. තව ද ඔවුහු අප ට අපරාධ නොකළෝය. නමුත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෙහු ය. | وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ (57) |
58-63. ඉස්රාඊල් දරුවන් පිළිබඳ පුවත්, ඔවුන් ගේ ගුණාංග, ඔවුන් ගේ ස්වභාවය හා පසුබිම, විශ්වාසවන්තයින් කෙරෙහි ඔවුන් ගේ හදවත් තුළ පැවතුණු වැරදි ආකල්ප. | |
නුඹලා මෙම නගරය ට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. හිත්තතුන් (අප ට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලා ගේ වැරදි වල ට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන් ට අපි අධික කරන්නෙමු. | وَإِذْ قُلْنَا ادْخُلُوا هَذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ (58) |
එවිට අපරාධ කළවුන් ඔවුන ට පවසනු ලැබූ දෑ නොවන වෙනත් වදනක් හරවා පැවසූහ. එවිට අපරාධ කළවුන් ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතු වෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු. | فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنْزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ (59) |
තව ද මූසා තම ජනයා වෙනු වෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹ ගේ සැරයටියෙන් ගල ට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තව ද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා සැරි නොසරනු. | وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ (60) |
අහෝ මූසා! අප ට එකම ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැක එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග කැකිරි සුදු ලූනු පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹ ගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කීය. කවර දෙයක් ශ්‍රේෂ්ඨ වන්නේ ද ඒ වෙනුව ට කවර දෙයක් පහත් ව ඇත්තේ ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයක ට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලා ට හිමි වේ. තව ද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබීය. අල්ලාහ් ගේ කෝපය ට ලක් වූහ. එය ඔවුන් අල්ලාහ් ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් හා යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරමින් සිටි හේතු වෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි. | وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نَصْبِرَ عَلَى طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْأَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُمْ مَا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ (61) |
නියත වශයෙන් ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්‍රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නෝ ද නොවෙති. | إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (62) |
අපි නුඹලා ට ඉහළින් තූර් කන්ද ඔසවා තබා අපි නුඹලා ට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු යැයි අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. | وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ (63) |
64-66. යුදෙව්වන් ට පෙර ජීවත් වූ ජන සමාජයක ඉතිහාසය හා ඔවුන් අල්ලාහ් ට අකීකරු වීමෙන් ඔවුන ට ලැබුණු දඬුවමේ ස්වභාව ය. | |
අනතුරු ව එය ට පසු ව පවා නුඹලා පිටුපෑවෙහු නම් එවිට නුඹලා ට අල්ලාහ් ගේ භාග්‍යය හා ඔහු ගේ කරුණාව නොවී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි. | ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَلِكَ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ (64) |
සෙනසුරාදාවෙ හි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳ ව නුඹලා මැනවින් දන්නෙහු ය. එවිට අපි නුඹලා අවමානය ට ලක් වූ වඳුරන් වනු යැයි පැවසුවෙමු. | وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ (65) |
එවිට එය ඔවුන් ට හා ඔවුන ට පසු පැමිණෙන්නන් ට පාඩමක් වශයෙන් ද බිය බැතිමතුන් ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු. | فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ (66) |
67-74. එළදෙන කැපීම පිළිබඳ කතා වස්තුව, යුදෙව්වන් ගේ උඩඟු ලීලාව, ඔවුන් ගේ නපුරු ගතිගුණ හා හදවත් තුළ පැවැති දැඩි භාවය. | |
නුඹලා එළදෙනක කැපිය යුතු යැයි අල්ලාහ් නුඹලා ට අණ කරන්නේ යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹ අප ව විහිළුව ට ගන්නෙහි ද යැයි ඔවුහු පැවසූහ. අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි යැයි ඔහු (මූසා) කීය. | وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ (67) |
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධි පතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබැවින් ම එය (වයසින්) මුහුකුරා නොගිය ළපටි ද නොවූ ඒ අතර මැදිවියේ පසුවන්නකි. එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු යැයි ඔහු පැවසීය. | قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُوا مَا تُؤْمَرُونَ (68) |
එය කවර වර්ණයක (එළදෙනක දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු එය දකින්නන් සතුට ට පත් කරවන කහ පැහැති එම වර්ණය ද වඩා පැහැදිලි ව පවතින එළදෙනක යැයි ඔහු පැවසීය. | قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَاءُ فَاقِعٌ لَوْنُهَا تَسُرُّ النَّاظِرِينَ (69) |
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධි පතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබැවින් ම එම එළදෙන අප ට පැටලවී ඇත. තව ද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ. | قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِنْ شَاءَ اللَّهُ لَمُهْتَدُونَ (70) |
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්න ට නොසිටිය ද ඔවුහු එය කපා හැරියහ. | قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا ذَلُولٌ تُثِيرُ الْأَرْضَ وَلَا تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لَا شِيَةَ فِيهَا قَالُوا الْآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ (71) |
තව ද නුඹලා ආත්මයක් ඝාතනය කොට පසු ව එම විෂයෙ හි නුඹලා එකිනෙකා අතර (වරද) හෙළූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලා වසන් කරමින් සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නා ය. | وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَادَّارَأْتُمْ فِيهَا وَاللَّهُ مُخْرِجٌ مَا كُنْتُمْ تَكْتُمُونَ (72) |
එවිට එහි (එළදෙන ගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහු ට ගසනු යැයි අපි කීවෙමු. මියගියවුන් ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලා ට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලා ට ඔහු ගේ සාධකයන් පෙන්වන්නේ ය. | فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِي اللَّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ (73) |
අනතුරු ව, ඉන් පසු ව පවා නුඹලා ගේ හදවත් ගල් මෙන් තද විය. එසේ නොමැතිනම් ඊටත් වඩා දැඩි ලෙස තද විය. ගල් අතුරින් පිපිරී එමගින් ගංගාවන් ගලන දෑ ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමගින් ජලය පිට කරන දෑ ද ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ් ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙක් නොවේ. | ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ (74) |
75-79. සත්‍යය දැන දැන ම එය වසන් කර එය ට අසත්‍ය දෑ මුසු කර එය පිළිගැනීම ට ප්‍රතික්ෂේප කළ යුදෙව්වන් හා ඔවුන් ගේ නින්දිත ක්‍රියාදාමයන් හා ඔවුන් ගේ නොමඟ යෑම. | |
ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ් ගේ වදන්වලට සවන් දී අනතුරු ව එය වටහා ගත් පසු ව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කරන පිරිසක් සිටිය දී නුඹලා ව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිය කරන්නෙහු ද? | أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ (75) |
ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට අපි විශ්වාස කළෙමු යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන් ව ගිය විට නුඹලා ගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස නුඹලා ට එරෙහි ව අල්ලාහ් ජය අත්පත් කර දුන් දෑ නුඹලා ඔවුන ට දන්වන්නෙහු ද යැයි පැවසූහ. | وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَى بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ أَفَلَا تَعْقِلُونَ (76) |
සැබැවින් ම ඔවුන් සඟවන දෑ ද තව ද ඔවුන් හෙළි කරන දෑ ද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද? | أَوَلَا يَعْلَمُونَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ (77) |
ඔවුන් අතුරින් ලිවීම ට කියවීම ට නොහැකි (දේව ග්‍රන්ථ නොලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර ග්‍රන්ථ ය පිළිබඳ නොදනිති. තව ද ඔවුන් අනුමාන කරනවා මිසක නැත. | وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ (78) |
එබැවින් තම දෑත් වලින් ග්‍රන්ථ ය ලියා පසු ව එය සුළු මිලක ට විකුණනු පිණිස මෙය අල්ලාහ් වෙතින් යැයි පවසන අය ට විනාශ ය අත් වේවා! එබැවින් ඔවුන් ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශ ය අත්වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුන ට විනාශ ය අත්වේවා! | فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ (79) |
80-82. තමන් ට නිරයේ වේදනාව නොලැබෙන බවත් එලෙස සිදු වුව ද එය සදාකාලික නොවන බවත් යුදෙව්වන් ගේ විශ්වාසයේ ව්‍යාජභාවය හා විශ්වාස කොට යහකම් කළවුන ට ස්වර්ග උයන් හි සදාකාලික ව වාසය කිරීම. | |
තව ද නිරා ගින්න සීමිත දින ගණනක ට මිස අප ව ස්පර්ශ නොකරන්නේම ය යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. (ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ගිවිසුමක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහු ගේ ගිවිසුම කිසි විටක කඩ නොකරන්නේම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි පවසන්නෙහු ද? | وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ (80) |
එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහු ගේ වැරදි ඔහු ව වෙළාගෙන ඇත්තේ ද ඔවුහුම ය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. | بَلَى مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (81) |
තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහුම ය ස්වර්ග උයනෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. | وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ (82) |
83-86. ඉස්රාඊල් දරුවන්ගෙන් අල්ලාහ් ලබා ගත් ප්‍රතිඥාවන්, ඔවුන් ඒවා උල්ලංඝනය කළ හේතුවෙන් ඔවුන් අල්ලාහ් ගේ උදහස ට භාජනය වූහ. යුදෙව්වන් ගේ විවිධාකාර පාපකම්, සීමාව ඉක්මවා කටයුතු කිරීම්, අයුක්ති සහගත ලෙස සෙසු අය ගේ දේපළ භුක්ති විඳීම්, තමන්ගේ ම ජාතිය ට අපරාධ කිරීම් වැනි හේතූන් නිසා ඔවුහු අල්ලාහ් ගේ ශාපය ට භාජනය වූහ. | |
තව ද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නොකරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන් අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තව ද ජනයා ට යහ වදනින් අමතනු. තව ද සලාතය ස්ථාපිත කරනු. zසකාත් ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන් ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසු ව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නොසලකා හරින්නන් ලෙසින් එය ට පිටු පෑවෙහු ය. | وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآَتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ (83) |
තව ද නුඹලා නුඹලා ගේ රුධිරය නොහළනු. තව ද නුඹලා අතුරින් වූවන් ව නුඹලා ගේ නිවෙස් වලින් බැහැර නොකරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහුය | وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ (84) |
පසු ව නුඹලා නුඹලාව ම ඝාතන ය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක් ව ඔවුන් ගේ නිවෙස් වලින් නුඹලා බැහැර කරන්නෙ හුය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුන ට එරෙහි ව නුඹලා එකිනෙකා උදව් කර ගන්නෙ හුය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන් ව මුදවා ගන්නෙහුය. එසේ නුඹලා ඔවුන් ව බැහැර කිරීම පවා තහනම් ව තිබීය ද. නුඹලා දේව ග්‍රන්ථ යෙන් කොටසක් විශ්වාස කර මින් තවත් කොටසක් ප්‍රතික් ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන් හට මෙලොව ජීවිතයේ අවමාන ය මිස වෙනත් ප්‍රතිඵලයක් නො මැත. තව ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාව ට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ. | ثُمَّ أَنْتُمْ هَؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ يَأْتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ (85) |
ඔවුහුම ය මතු ලොව වෙනුව ට මෙලොව ජීවිතය මිල ට ගත්ත වුන් වන්නේ. එබැවින් ඔවුන් ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තව ද ඔවුහු උදව් කරනු ද නොලබති. | أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْصَرُونَ (86) |
87-88. ඉස්රාඊල් දරුවන් වෙත නබි වරුන් පහළ කරන ලදී. නමුත් ඉස්රාඊල් දරුවන් කෘතවේදී ලෙස කටයුතු නොකළහ. නබිවරුන් ට පිටු පා ඔවුන් ව ප්‍රතික්ෂේප කළහ. | |
තව ද නියත වශයෙන් ම අපි මූසා ට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තව ද ඔහුගෙන් පසු ව ධර්ම දූත යින් ව අනුපිළිවෙළින් යැව්වෙමු. තව ද මර්යම් ගේ පුත් ඊසා ට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තව ද පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නොකරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහුය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහුය. | وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِنْ بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ (87) |
අප ගේ හදවත් ආවරණය වී ඇතැයි ඔවුහු පැවසූහ. එසේ නොව ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන ට ශාප කළේය. එහෙයින් (දේව ග්‍රන්ථයේ සඳහන් බොහෝ දෑ අත හැර දමා එයින්) ඔවුන් විශ්වාස කරනු යේ ස්වල්ප ප්‍රමාණයකි. | وَقَالُوا قُلُوبُنَا غُلْفٌ بَلْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَا يُؤْمِنُونَ (88) |
89,90. අවසන් කාලයේ පැමිණෙන්න ට නියමිත නබි වරයා තමන් ට පක්ෂ ව සිටිනු අතැයි අරාබි ජනයා ට අවධාරණය කරමින් සිටි යුදෙව්වන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එම අරාබි ජාතිකයින් අතුරින් එවනු ලැබූ හේතුවෙන් එතුමාණන් ව නබි වරයෙකු ලෙස පිළිගැනීම ට ප්‍රතික්ෂේප කළහ. | |
ඔවුන් සමග වූ දැය සත්‍ය කරවන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි ඔවුහු එය ට පෙර ප්‍රතික්ෂේප කළවුන් ට එරෙහි ව ජය පතමින් සිටියහ. පසු ව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල් හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ් ගේ ශාපය අත් විය. | وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ (89) |
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අය ට තම භාග්‍යය පහළ කිරීම සම්බන්ධ යෙන් ඊර්ෂ්‍යාවෙන් යුතු ව අල්ලාහ් පහළ කළ දෑ ප්‍රතික් ෂේප කර ඔවුන් ගේ ආත්මාවන් මිල ට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපය ට භාජනය වූහ. තව ද දේව ප්‍රතික්ෂේපක යින් ට නින්දා සහගත දඬුවම් ඇත. | بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنْفُسَهُمْ أَنْ يَكْفُرُوا بِمَا أَنْزَلَ اللَّهُ بَغْيًا أَنْ يُنَزِّلَ اللَّهُ مِنْ فَضْلِهِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ فَبَاءُوا بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ (90) |