සූරා බකරා වාක්ය 91 සිට 141 දක්වා (⮫)


 සූරා බකරා වාක්‍ය 91 සිට 141 දක්වා

ترجمة القرآن الكريم سورة البقرة من الآية 91 حتى 141

 2 සූරත් අල්-බකරා (එළදෙන)

                      මක්කාහ්වෙහි දී පහළ කරන ලදි.

   ආයාත් (වැකි) 91-141 දක්වා.

තව්රාතය විශ්වාස කළ බවට යුදෙව්වන්ගේ බොරු ප්‍රකාශය

91-93 යුදෙව්වන් තව්රාත ය දේව ග්‍රන්ථයක් බව ට තමන් පිළිගෙන ඇතැයි බොරු පවසමින් තමන් වෙත පහළ කරන ලද නබි වරුන් අතුරින් සමහරුන් ව ඝාතනය කළහ. වසු පැටවා ද නැමදුම ට ගත්හ.

අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු යැයි ඔවුහු පවසති. එය ට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන සත්‍යයක් ව තිබිණ. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින් ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ් ගේ නබි වරුන් ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.

وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنْزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنْبِيَاءَ اللَّهِ مِنْ قَبْلُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ (91)

නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරු ව නුඹලා ඔහු(ගියා) ට පසු ව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තව ද නුඹලා අපරාධකරුවෝම ය.

وَلَقَدْ جَاءَكُمْ مُوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ (92)

නුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද සවන් දෙනු යැයි අප නුඹලා ගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු යැයි පැවසූහ. ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ වසු පැටවා (නැමදීම පිළිබඳ)  ව පොවනු ලැබීය. (නබිවරය) “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලා ගේ විශ්වාස ය කවර කරුණක් පිළිබඳ නුඹලා ට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි පවසනු

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آَتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُوا قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ (93)

යුදෙව්වන් හා ලෞකික ආශාවන්

94-96 යුදෙව්වන් පරමාන්ත දිනය විශ්වාස කරන බව ට වාචික ව පවසමින් එලොව ජීවිතය ට වඩා ලෞකික ජීවිතය ට දැඩි ඇල්මක් දැක් වීම.

“අල්ලාහ් අබියස ජනයාගෙන් තොර ව නුඹලා ට පමණක් පරලොව නිවහන වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි පවසනු

قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ (94)

තව ද ඔවුන් ගේ දෑත් ඉදිරිපත් කොට ඇති දෑ හේතුවෙන් කවදත් එය(මරණය) ඔවුහු ප්‍රිය නොකරන්නේම ය. තව ද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ ව සර්වඥානී ය.

وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ (95)

මිනිසුන ට වඩා, තව ද (විශේෂ යෙන්) ආදේශ කළවුන ට වඩා මෙලොව ජීවිතය කෙරෙහි  දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන් ව දකිනු ඇත.  ඔවුන්ගෙන් කෙනෙක් තමන් ට වසර දහසක් ආයුෂ දෙනු නොලබන්නේ දැයි ආශා කරයි. නමුත් ඔහු ට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නොවෙයි. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَنْ يُعَمَّرَ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ (96)

පිවිතුරු මලක්වරුන් පිළිබඳව වූ ඔවුන්ගේ අනුමානය

97,98 යුදෙව්වෝ නබි වරුන් බොරුකාරයින් බව පවසා මලක්වරුන් විශේෂයෙන් ජිබ්රීල් හා මීකායීල් යන මලක් වරුන් තම සතුරන් ලෙස ගත්හ.

කවරෙක් ජිබ්රීල් ට සතුරු වන්නේ ද ඔහු ට පවසනු. සැබැවින් ම ජිබ්රීල් (වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද මඟ පෙන් වීමක් ලෙස ද විශ්වාස වන්තයින් ට සුබාරංචියක් ලෙස ද එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය.

قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ (97)

කවරෙක් අල්ලාහ් ට ද ඔහු ගේ දේව දූතයින්ට ද ඔහු ගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල් මීකාල් නම් දේව දූතයින් ට ද සතුරු වන්නේ ද එසේ නම් සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ට සතුරා ය (යන වග දැන ගහු)

مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِلْكَافِرِينَ (98)

යුදෙව්වන්ගේ දුෂ්චරිතයන්

99-101 ප්‍රතිඥාවන් උල්ලංඝනය කිරීමත් නබි වරුන් බොරුකාරයින් යැයි සිතීමත් යුදෙව්වන් ගේ සිරිතක් විය.

තව ද සැබැවින් ම අපි ඔබ වෙත පැහැදිලි වදන් පහළ කළෙමු. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙක් ඒවා ප්‍රතික්ෂේප නොකරති.

وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ (99)

ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නොවේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නොකරති.

أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ (100)

අල්ලාහ් වෙතින් ඔවුන් සමඟ වූ දෑ සත්‍ය කර වන ධර්ම දූතයෙකු ඔවුන් වෙත පැමිණි කල් හි ග්‍රන්ථය දෙනු ලැබූවන් අතුරින් පිරිසක් ඇත්තෙන් ම තමන් නොදන්නා මෙන් අල්ලාහ් ගේ ග්‍රන්ථය ඔවුන් ගේ පිට පිටු පසට හෙළුහ.

وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ (101)

102,103 හූනියම, යුදෙව්වන් සුලෙයිමාන් (අලෙයිහිස් සලාම්) තුමාණන් ට හූනියම හා සම්බන්ධතාවක් ඇති බව පවසමින් හූනියම්, මන්ත්‍ර, ගුරුකම් කිරීම.

සුලෙයිමාන් ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ ඔවුහු අනුගමනය කළහ. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නොකළේ ය. නමුත් ෂෙයිතාන් හු ප්‍රතික්ෂේප කළහ. ඔවුහු ජනයා ට හූනියම ද බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක් වරුන් දෙදෙනා ට පහළ කරනු ලැබූ දෑ ද ජනයා ට ඉගැන් වූහ. නමුත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නොකරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකු ට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර කවර දෙයක් වෙන් කරවන්නේ ද එවැනි දෑ ඉගෙන ගනිති. අල්ලාහ් ගේ අනුබල යෙන් මිස කිසිවෙකු ට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නොවූහ. තව ද ඔවුන ට හානි පමුණු වන ප්‍රයෝජනවත් නොවන දෑ ඉගෙන ගනිති. තව ද සැබැවින්ම එය මිල ට ගත් අය ට පර ලොවෙ හි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්.

وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ لَوْ كَانُوا يَعْلَمُونَ (102)

නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.

وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللَّهِ خَيْرٌ لَوْ كَانُوا يَعْلَمُونَ (103)

104, 105. විශ්වාස කළවුන ට අනුශාසනා කිරීම හා යුදෙව්වන් ගේ පහත් ක්‍රියාවන් පිළිබඳ ව පැවසීම

අහෝ විශ්වාස කළවුනි! නුඹලා (යුදෙව්වන් අතර වැරදි අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නොපවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තව ද නුඹලා (ඔවුන් ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින් ට වේදනා සහගත දඬුවමක් ඇත.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُوا وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ (104)

නුඹලා ගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නොකරති. අල්ලාහ් තමන් අභිමත කරන අය ට ඔහු ගේ කරුණා ව සුවිශේෂ ලෙස නියම කරයි. තව ද අල්ලාහ් අති මහත් භාග්‍යයේ හිමිකරු ය.

مَا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَنْ يُنَزَّلَ عَلَيْكُمْ مِنْ خَيْرٍ مِنْ رَبِّكُمْ وَاللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ (105)

නීති වෙනස් කරනු ලැබේ ද

106-108 අල්-කුර්ආන් වදන් වෙනස් කරනු ලැබීම පිළිබඳ පැහැදිලි කිරීම හා යුදෙව්වන් ගේ හා ආදේශ තැබූවන් ගේ ප්‍රතික්ෂේපය.

අප යම් වදනක් නිෂ්ප්‍රභා කරන්නේ නම් හෝ එය අමතක කර දමන්නේ නම් හෝ ඊට වඩා යහපත් එසේත් නොමැති නම් ඊට සමාන දෙයක් අපි ගෙන එන්නෙමු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?

مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (106)

නියත වශයෙන් ම අල්ලාහ් ඔහු ට අහස් හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ් ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලා ට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ (107)

එසේ නොමැති නම් මීට පෙර මූසාගෙන් ප්‍රශ්න කරනු ලැබුවාක් මෙන් නුඹලා ද නුඹලා ගේ ධර්ම දූතයාණන්ගෙන් ප්‍රශ්න කිරීම ට අපේක්ෂා කරන්නෙහු ද? තව ද කවරෙක් විශ්වාසය වෙනුව ට ප්‍රතික්ෂේප ය හුවමාරු කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියේ ය.

أَمْ تُرِيدُونَ أَنْ تَسْأَلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِنْ قَبْلُ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ (108)

යුදෙව්වන් හා මුඃමින්වරු

109, 110 යුදෙව්වන් හා කිතුනුවන් ගේ ස්ථාවරය සහ විශ්වාස කළ මුඃමින්වරුන් ට ආත්ම විශ්වාස ය ඇති කිරීම.

පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන් ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන් නුඹලා ගේ විශ්වාසයෙන් පසු ව ඔවුහු නුඹලා ව ප්‍රතික්ෂේපකයින් බව ට නැවත පත් කරන්න ට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න ය.

وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُوا وَاصْفَحُوا حَتَّى يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (109)

තව ද නුඹලා සලාත ය ස්ථාපිත කරනු. zසකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (110)

වැරදි ආකල්ප

111-113 යුදෙව්වන්ගේ හා කිතුනුවන්ගේ සිතුවිලි හා වැරදි ආකල්ප

යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව හෝ සිටි අය මිස වෙන  කිසිවෙකු ස්වර්ග උයන ට පිවිසෙන්නේ  නැතැ යි ඔවුහු පැවසූහ. එය ඔවුන් ගේ මනඃකල්පිතය යි. (නබිවරය) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලා ගේ සාධක ගෙන එන්නැ යි පවසනු.

وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ (111)

එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්‍රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත.

بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (112)

ඔවුන් ග්‍රන්ථ ය කියවමින් ම කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව යුදෙව්වෝ පවසති. යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව කිතුනුවෝ ද පවසති. මෙලෙස ඔවුන් ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.

وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَى شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ كَذَلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ (113)

මස්ජිදයන් පාලුවට යා හැක්කේ කෙසේ ද?

114,115 මස්ජිද් සම්බන්ධ කටයුතු වල දී බාධා ඇති කිරීම මහා වරදකි. සලාතයේ දී කිබ්ලා දෙස ට මුහුණ ලෑමේ අනිවාර්ය භාවය.

අල්ලාහ් ගේ මස්ජිදයන් හි ඔහු ගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තව ද එය විනාශ කිරීම ට වෑයම් කරන අය ට වඩා මහා අපරාධකරු කවරෙක් වෙත් ද? ඔවුන් බිය ට පත් වූවන් ලෙසම මිස එහි පිවිසීම ට ඔවුන ට නොවීය. ඔවුන ට මෙලොවෙ හි අවමානය ඇත. තව ද පරලොවෙ හි ඔවුන ට අතිමහත් දඬුවමක් ඇත.

وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُولَئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ (114)

තව ද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසක ට හැරුණ ද එහි අල්ලාහ් ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය

وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ (115)

වේද ලත් උදවිය ගේ හා ආදේශ තබන්නන් ගේ බොරුව

116-119 අල්ලාහ් ට පුතෙකු ඇති බව ට යුදෙව්වන් කිතුනුවන් හා ආදේශ තබන්නන් ගේ වාදය.

තව ද අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස් හි හා මහපොළොවෙ හි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහු ට අවනත වන්නන් ය.

وَقَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا سُبْحَانَهُ بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَهُ قَانِتُونَ (116)

අහස් හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එය ට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.

بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ (117)

තව ද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නොවේ ද? නැතිනම් අප වෙත වැකියක් පැමිණිය යුතු නොවේ දැ”යි අසති. ඔවුන ට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙක ට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිස ට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.

وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ كَذَلِكَ قَالَ الَّذِينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ (118)

නියත වශයෙන් ම අපි නුඹ ව සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද සත්‍ය සමඟ යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳ ව නුඹ ප්‍රශ්න කරනු නොලබන්නෙහි ය.

إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلَا تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ (119)

යුදෙව්වන් හෝ කිතුනුවන්ව අනුගමනය කළ හැකි ද?

120-123 යුදෙව්වන් හා කිතුනුවන් ගේ මඟ අනුගමනය නොකළ යුතු බව ට අවධාරණය කිරීම. යුදෙව්වන් ට අල්ලාහ් තිළිණ කළ භාග්‍යයන් හා ඔහු ගේ දඬුවම පිළිබඳ අවවාද ය.

යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග,  එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත. (යන වග දැන ගනු)

وَلَنْ تَرْضَى عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ (120)

කවරෙකු ට අප දේව ග්‍රන්ථය පිරිනැමුවේ ද ඔවුන් එය පාරායනය කළ යුතු නියම අයුරින් පාරායනය කරති. ඔවුහු එය විශ්වාස කරති. තව ද කවරෙක් එය ප්‍රතික්ෂේප කරන්නෝ ද එවැන්නන් වන ඔවුහුම ය අලාභවන්තයෝ.

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَئِكَ يُؤْمِنُونَ بِهِ وَمَنْ يَكْفُرْ بِهِ فَأُولَئِكَ هُمُ الْخَاسِرُونَ (121)

අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලා ට දායාද කළ මාගේ දායාද ය මෙනෙහි කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව ලෝ වැසියන ට වඩා උසස් කළෙමි.

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ (122)

තව ද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයක ට කිසිවක් කිරීම ට හැකියාවක් නොමැති, එයින් කිසිදු වන්දියක් පිළි ගනු නොලබන, එයින් කිසිදු මැදිහත් වීමක් ප්‍රයෝජනවත් නොවන  දිනයක ට නුඹලා බිය වනු. ඔවුහු (එදින)උදව් කරනු නොලැබෙති.

وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنْفَعُهَا شَفَاعَةٌ وَلَا هُمْ يُنْصَرُونَ (123)

පාරිශුද්ධ කඃබාහ්වේ ඉතිහාසය

124-129 නබි වරුන් ගේ පියා යැයි හැඳින්වෙන ඉබ්‍රාහීම් නබි තුමා ගේ මහිමය. කඃබාව නිර්මාණය කිරීම. එහි ප්‍රාර්ථනා කිරීම.

ඉබ්‍රාහීම් ව ඔහු ගේ පරමාධිපති වදන් කිහිපයකින් පිරික්සුම ට ලක් කළ අවස්ථා ව (සිහිපත් කරනු.) එවිට ඔහු ඒවා සම්පූර්ණ කළේ ය. සැබැවින් ම මම නුඹ ව ජනයා ට මෙහෙයුම් කරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය. මාගේ පරපුරින් ද (එසේ පත් කරනු මැනව!) යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය. අපරාධකරුවන් ට මාගේ ගිවිසුම හිමි නොවන්නේ යැයි ඔහු පැවසීය.

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِنْ ذُرِّيَّتِي قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ (124)

එම ගෘහය ජනයා ට සැරිසරන ස්ථානයක් ලෙස ද අභයදායී ලෙස ද අපි පත් කළෙමු. (ඒ අවස්ථාව සිහිපත් කරනු.) තව ද නුඹලා ඉබ්‍රාහීම් ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනා මාගේ නිවස තවාෆ් (වටා ගමන්) කරන්නන් ට ද ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන් ට ද රුකූඋ කරන්නන් ට ද සුජූද් කරන්නන් ට ද පවිත්‍ර කරන මෙන් අපි ගිවිසුමක් ගත්තෙමු.

وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ (125)

“මාගේ පරමාධිපතියාණනි, මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ් ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන් ට බවභෝග වලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. “තව ද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලක ට ඔහු ට බුක්ති විඳින්න ට හරිමි. පසු ව ඔහු ව මම නිරා ගින්නේ දඬුවම ට බල කරන්නෙමි. එම පිවිසුම් ස්ථානය නපුරු විය” යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آَمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ (126)

ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එස වූ අවස්ථාව සිහිපත් කරනු. “අප ගේ පරමාධිපතියාණනි, (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබම ය.”

وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ (127)

“අප ගේ පරමාධිපතියාණනි, අප ව ඔබ ට අවනත වන දෙදෙනෙකු බව ට පත් කරනු මැනව! තව ද අප ගේ පරපුරින් ද ඔබ ට අවනත වන සමූහයක් ඇති කරනු මැනව ! අප ගේ නැමදුම් ස්ථාන අප ට පෙන්වා දෙනු මැනව ! තව ද අප වෙත පාප ක්‍ෂමා ව පිරි නමනු මැනව! සැබැවින් ම අති ක්‍ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබම ය.”

رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ (128)

“අප ගේ පරමාධිපතියාණනි! තව ද ඔබ ගේ වැකි ඔවුන ට පාරායනය කර පෙන් වන දේව ග්‍රන්ථය හා ප්‍රඥා ව ඔවුන ට උගන් වන ඔවුන් ව පිවිතුරු කරන ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතර ට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබි තුමා ප්‍රාර්ථනා කළහ.)

رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آَيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ (129)

ඉබ්‍රාහීම් නබි තුමා ගේ ඉගැන්වීම් හා එමගින් ඍජු මඟ ලැබූවන්

130-134 ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා ගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කළවුන් ට අවවාද කිරීම එතුමාණන් ව පිළිපදින මෙන් නියෝග කිරීම.

තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්‍රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතුරිනි.

وَمَنْ يَرْغَبُ عَنْ مِلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَنْ سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ (130)

ඔහු ගේ පරමාධිපති “නුඹ අවනත වනු“ යැයි ඔහු ට පැවසූ අවස්ථා ව සිහිපත් කරනු. “මම ලෝ වැසියන් ගේ පරමාධිපති ට  අවනත වූයෙමි” යැයි ඔහු පැවසීය.

إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ (131)

ඉබ්‍රාහීම් තම පුතණුවන් ට ද,  යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝ පුතණුවනි! සැබැවින් ම අල්ලාහ් නුඹලා ට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වන්නන් ලෙස මිස මරණය ට පත් නොවනු.”

وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ (132)

නැතහොත් යඃකූබ් ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසු ව නුඹලා නමදිනුයේ කුමක් දැ” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබ ගේ දෙවියා වූ ද ඔබ ගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම්  ඉස්මාඊල් හා ඉස්හාක් ගේ දෙවියා වූ ද එකම දෙවියා ව අපි නමදිමු. තව ද අපි ඔහු ට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.

أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَهَكَ وَإِلَهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ (133)

එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙ හුය.

تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ (134)

135-138 තම දහම පිළිපදින්නන් පමණක් යහ මඟ ලැබූවන් වේ යන යුදෙව්වන් ගේ හා කිතුනුවන් ගේ වැරදි විශ්වාසය ප්‍රතික්ෂේප කිරීම. ඉස්ලාමය පිළිපැදීමෙන් පමණක් යහ මඟ ලබන්නේය යන්න පැහැදිලි කිරීම.

“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ“යි ඔවුහු තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්‍රාහීම් ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.)  තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය” යැයි පවසනු.

وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَى تَهْتَدُوا قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ (135)

“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.

قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ (136)

එබැවින් නුඹලා විශ්වාස කළාක් මෙන් ඔවුන් විශ්වාස කළේ නම් එවිට ඔවුන් ද යහ මඟ ලබනු ඇත. ඔවුහු පිටු පෑවෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු බේද යෙහි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹ ට ප්‍රමාණවත් වනු ඇත. තව ද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.

فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدِ اهْتَدَوْا وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ فَسَيَكْفِيكَهُمُ اللَّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (137)

(අපව වර්ණවත් කරවන) අල්ලාහ් ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ් ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තව ද අපි ඔහු ට යටහත් වන්නෝ වෙමු.

صِبْغَةَ اللَّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدُونَ (138)

අල්ලාහ්මය අපගේ දෙවියන්

139-141 ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා ගේ පරපුර යුදෙව්වන් ව හෝ කිතුනුවන් ව හෝ සිටි බව ට ඔවුන් දරණ මතය ප්‍රතික්ෂේප කිරීම. එසේ එම මතයේ සිටීම අහංකාරකමකි. සත්‍යය ප්‍රතික්ෂේප කිරීමකි. සත්‍යයට මුළුමණින් ම පටහැණි ක්‍රියාවකි.

“අපගේ ද නුඹලාගේ ද පරමාධි පති ව අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අප ගේ ක්‍රියාවන් අපට ය නුඹලා ගේ ක්‍රියාවන් නුඹලාට ය. තව ද අපි ඔහු ට අවංකයෝ වෙමු.” නුඹ යැයි පවසනු.

قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ (139)

“නැතහොත් සැබැවින් ම  ඉබ්‍රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ” යි (නබිවරය!)  අසනු. ඔහු අබියස වූ අල්ලාහ් ගේ සාධකයක් වසන් කරන්නන් ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තව ද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් නොසැලකිලි මත් කෙනෙකු නොවේ.

أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ (140)

එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහු ය.

تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ (141)