ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු ()

අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී

 

මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.
ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු

|

 ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු

 سؤال وجواب في أهم المهمات     


في أهم المهمات

අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ

ප්‍රශ්න හා පිළිතුරු

කර්තෘ:

අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් ඉබ්නු අස්-සඃදී

සිංහලෙන්

මව්ලවි මාහිර් ටී.ඩී. රම්ඩීන්


بسم الله الرحمان الرحيم

අපරිමිත දයාන්විත අසීමිත කරුණා ගුණයෙන් යුක්ත අල්ලාහ්ගේ නාමයෙනි.

සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. අලංකාර නාමයන් ද පරිපූරණ ගුණාංගයන් ද විහිදී පැතිර පවතින ආශිර්වාදයන් ද ඔහු සතුය. ආගමෙහි හා මෙලොව හා පරලොව ජීවිතයේ උන්නතිය උදෙසා එවනු ලැබූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ශාන්තිය හා සමාදානය ඇති වේවා ! යි පතමි.

මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.

***


 ප්‍ර 1: තව්හීද් හෙවත් ඒකීයකරණයෙහි සීමාවන් කුමක්ද ඒවායෙහි කොටස් මොනවාද?

පිළිතුර: තව්හීද් හි සීමාව යනු එයට අදාළ සියලුම අංශ ඒකීයකරණය කිරීම වේ. එනම් ගැතිකම පිළිබඳ දැනුම එය ප්‍රතිපත්තියක් වශයෙන් ගැනීම එය පිළිගැනීම එය විශ්වාස කිරීම වැනි සියලුම කරුණු වලදී ඔහුගේ පූර්ණ ගුණාංග ඔහුට පමණක් උරුම කර එහි ඔහු ඒකීයත්වයට පත් කිරීමය. ඇත්තෙන්ම සියල්ල මැවූ ඔහුට දේවත්වය හා නැමදුම් හිමි විය යුතුය. ඉන් පසුව සියලුම නැමදුම් වර්ග ඔහුට පමණක් වෙන් කළ යුතුය. මෙම හැඳින්වීම අනුව තව්හීද් කොටස් 3කට බෙදී යයි.

            පළමුවැන්න : තව්හීදුර් රුබූබිය්යා එනම්, මැවීම පෝෂණය කිරීම සැලසුම් කිරීම පුහුණු කිරීම යන සියලු පරිපාලනයන් හි පෝෂකයාණන් ව එකීය භාවයට පත් කරමින් ඔහු ව පිළිගැනීමය.

දෙවැන්න: තව්හීදුල් අස්මාඋ වස්-සිෆාත් එනම්, අල්ලාහ් ඔහු ගැන කවර ආකාරයෙන් ස්ථිර ව පවසා ඇත්තේ ද  ඒ අයුරින් හෝ ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහු ගැන කවර ආකාරයෙන් ස්ථිර ව පවසා සිටියේ ද ඒ අයුරින් ඔහු ව තහවුරු කිරීම කිසිදු ආදේශ කිරීමකින් හෝ සමාන කිරීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ අමතර දෙයක් එකතු කිරීමකින් හෝ තොරව එසේ පෙන්වා දුන් ගුණාංග ස්ථීර ව පිළිගත යුතු වේ.

තුන්වැන්න: සියලුම නැමදුම් වර්ග ඒවායෙහි කොටස් හා ඒවායෙහි එක් එක් අංශ අල්ලාහ්ට පමණක් ඉටු කිරීම මේ කිසිවක වෙනත් කිසිදු කෙනෙකු සම්බන්ධ නොකොට අවංක ව ඉටු කිරීම

මේවා තව්හීද් හි වර්ග වේ. ගැත්තෙකු මේ සියලු කරුණු පිළිපදින තෙක් ඔහු නියම මුවහ්හිද් හෙවත් අල්ලාහ් ව ඒකීයත්වයට පත් කළ කෙනෙකු නොවනු ඇත.

***

 ප්‍ර 2 : ඊමාන් හා ඉස්ලාම් යනු කුමක් ද? ඒ දෙකෙහි මූලිකාංග මොනවාද?

පිළිතුර: ඊමාන් යනු අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් කවර දෙයක් සත්‍ය යැයි පවසා ඒවා විශ්වාස කරන මෙන්  නියෝග කර තිබේ ද ඒ සියල්ල තිරසාර ව විශ්වාස කොට සැබෑ කිරීමයි. ක්‍රියාවන් හා බැඳුණු දෑ ඉස්ලාමයය. එනම් අල්ලාහ්ට පමණක් යටහත් වීම ඔහුට පමණක් අවනත ව කටයුතු කිරීම වේ.

ඊමාන් හා ඉස්ලාම් යන දෙකෙහිම මූලිකාංග අල්කුර්ආනය පවසන අයුරින් මෙසේය.

قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ (136)

“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.“ යැයි නුඹලා පවසනු.

            මේ පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ විග්‍රහ කළේය.

ඊමාන් යනු අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ ආගම් ද ඔහුගේ දූතවරු ද අවසන් දිනය ද යහපත හෝ අයහපත දෛවය අනුව සිදු වන බව ද ඔබ විශ්වාස කිරීමය. තවද ඉස්ලාම් යනු නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බව හා සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් බව ඔබ සාක්ෂි දැරීම ද  සලාතය විදිමත් ව ඔබ ඉටු කිරීම ද ඔබ සzකාත් පිරිනැමීම ද රමළාන් මස ඔබ උපවාසයේ නිරත වීම ද ඔබ (අල්ලාහ්ගේ) නිවසට ගොස් හජ් වතාවත් ඉටු කිරීම ද වේ.

මේ අනුව එතුමාණෝ හදවත් තුළ ඇති වන විශ්වාසය ඊමාන් ලෙස ද බාහිර ලෙසින් ඉටු කෙරන වතාවත් ඉස්ලාම් ලෙස ද පැහැදිලි කොට ඇත. 

***

 ප්‍ර 3 : අල්ලාහ්ගේ නාම හා ඔහුගේ ගුණාංග විශ්වාස කිරීමෙහි වූ මූලිකාංග මොනවාද?

පිළිතුර: එම මූලිකාංග තුනකි. එනම් අල්ලාහ්ගේ සියලුම අලංකාර නාම පිළිබඳ විශ්වාසය. ඔහු විසින් හඳුන්වා දුන් ඔහුගේ ගුණාංග විශ්වාස කිරීම. ඔහුගේ ගුණාංග හා ඒ සමඟ බැදුණු න්‍යායන් විශ්වාස කිරීම. ඒ අනුව අල්ලාහ් සර්වඥය. සියල්ල පිළිබඳ සර්වප්‍රකාරයෙන් දන්නා පරිපූර්ණ දැනුම ඔහු සතු බවත් සියලු දෑ කෙරෙහි තම බලය යොදන මහා බලපරාක්‍රමයාණන් බවත් ඔහු සිතන අය වෙත තම අතිමහත් කරුණාව දක්වන මහා කාරුණික කරුණා ගුණයෙන් යුක්ත බවත් විශ්වාස කරන්නෙමු. මෙලෙස  සෙසු නාම හා ගුණාංග ඒ හා බැඳුණු න්‍යායයන් ද විශ්වාස කළ යුතුය.

 ප්‍ර 4: අල්ලාහ් සියලුම මැවීම් වලට ඉහළින් සිටියි. ඔහු අර්ෂ් මත ස්ථාපිත ව සිටියි යන ප්‍රකාශයෙහි ඔබගේ මතය කුමක් ද?

පිළිතුර: සියලුම අදහස් හා යථාර්ථයන්ට ඉහළින් සිටින්නා අපගේ පරමාධිපති අල්ලාහ් යැයි අපි හඳුනමු. ඔහු චර්යාවෙන් උසස්ය. ගුණාංගයෙන් උසස්ය. බලයෙන් උසස්ය. පාලනයෙන් උසස්ය. එමෙන්ම ඔහු ඔහුගේ මැවීම් වලින් තොරය. ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු පිළිබඳ ව ඔහු වර්ණනා කර ඇති පරිදි ඔහුගේ අර්ෂ් හෙවත් රාජධානියේ ස්ථාපිත ව සිටියි. එසේ ඔහු ස්ථාපිත ව සිටින බව දන්නා කරුණක් වුව ද ස්ථාපිත ව සිටින ආකාරය නොදන්නා කරුණකි. ඔහු ස්ථාපිත ව සිටින බව අපට දන්වා තිබුණ ද ස්ථාපිත ව සිටින ආකාරය පිළිබඳ අප වෙත දන්වා නැත. මැවුම්කරුගේ අනෙකුත් සියලුම ගුණාංගයන් පිළිබඳ අප පැවසිය යුත්තේ ද මේ ආකාරයෙනි. එනම් ඔහු ඔහුගේ ගුණාංග පිළිබඳ අපට දන්වා ඇති නමුත් එහි ආකාරය පිළිබඳ අපට දන්වා නොමැත. ඒ අනුව ඔහු ඔහුගේ ග්‍රන්ථයේ හා ඔහුගේ දූතයාණන් මාර්ගයෙන් දන්වා ඇති අයුරින් ඒ සියල්ල විශ්වාස කිරීම අපගේ වගකීමය. ඊට අමතර ව කිසිවක් එකතු කිරීම හෝ අඩු කිරීම කිසිසේත් නොකළ යුත්තකි.

***

 ප්‍ර 5 : අල්ලාහ්ගේ කරුණාවත් ඔහු පළමු අහසට පහළ වීමත් වැනි කරුණු පිළිබඳ ඔබගේ ප්‍රකාශය කුමක් ද?

පිළිතුර: අල්ලාහ්ගේ කරුණාව පිළිගැනීම පහළ වීම පැමිණීම වැනි ඔහු ගැන ඔහු වර්ණනා කළ සියලු දේ අපි පිළිගන්නෙමු. විශ්වාස කරන්නෙමු. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් කවර අයුරින් අල්ලාහ් ගැන වර්ණනා කර ඇත්තේ ද ඔහුගේ මැවීම් වලින් කිසිවක් එයට ආදේශ නොකොට අපි පිළිගන්නෙමු. විශ්වාස කරන්නෙමු. හේතුව ඔහු මෙන් කිසිවක් නොමැති බැවිනි. ඔහුට පෞරුෂත්වයක් ඇත. නමුත් ඔහුගේ පෞරුෂත්වයට සමාන කිසිවක් නොමැත. ඔහුට උසස් ගුණාංග ඇත. නමුත් එම ගුණාංග වලට සමාන කිසිදු ගුණාංගයක් නොමැත. මෙම කරුණු තහවුරු කරමින් හා ඒවා තුළින් අල්ලාහ් මෙනෙහි කොට අල් කුර්ආනයේ හා සුන්නාවේ ඉතා පැහැදිලි ව සඳහන් ව ඇති කරුණු හා සමාන කිරීම ආදේශ කිරීම සැසඳීම හවුල් කිරීම වැනි කටයුතු වලින් ඔහු ව පිවිතුරු කිරීම සඳහා පොදුවේ පවතින කරුණු එයට සාධක වශයෙන් පිහිටා ඇත. 

 ප්‍ර 6 : අල්ලාහ්ගේ කතාව හා කුර්ආනයේ සඳහන් කරුණු පිළිබඳ ඔබගේ ප්‍රකාශය කුමක් ද?

පිළිතුර: කුර්ආනය යනු අල්ලාහ් පහළ කළ ඔහුගේ වදන් පෙළයි. එය නිර්මාණය කළ ග්‍රන්ථයක් නොවේ. ඔහු විසින්ම බිහි කරනු ලැබූ අතර අවසානයේ යොමු කරනු ලබනුයේ ද ඔහු වෙතමය. එහි ඇතුළත් ව ඇති ප්‍රකාශ හා අදහස් සැබෑ ලෙස අල්ලාහ් කතා කළ දෑය. ඔහු කතා නොකර සිටියේ නැත. ඔහු කැමති දෑ කැමති අවස්ථාවක කතා කරයි. ඔහුගේ කතාවට නිමාවක් හෝ අවසානයක් හෝ නොමැත.

 ප්‍ර 7: පොදුවේ ඊමාන් (හෙවත් දේව විශ්වාසය) යනු කුමක් ද? එය අඩු වැඩි වේවි ද?

පිළිතුර: විශ්වාසය යනු හදවත තුළ ඇති කර ගන්නා ප්‍රතිපත්තිමය සංකල්ප එහි ක්‍රියාකාරකම්, ශාරීරික ක්‍රියාකාරකම් හා මුවින් පිට කරන ප්‍රකාශයන් සඳහා භාවිත කරන පොදු නාමයකි. එබැවින් දහමෙහි ඇති සියලුම මූලිකාංග හා එහි අතුරු කාරණා විශ්වාසය තුළ අන්තර්ගත වේ. ඒ අනුව ප්‍රතිපත්තියේ බලවත්කම හා එහි පවතින ධනාත්මක භාවය යහකම් ඉටු කිරීම හා යහ ප්‍රකාශයන් පැවසීම ඒවායෙහි අධික වශයෙන් නිරත වීම වැනි කරුණු තුළින් විශ්වාසය වැඩි වන අතර ඒවාට ප්‍රතිවිරුද්ධ ව කටයුතු කිරීම තුළින් විශ්වාසය අඩු වී යයි.

 ප්‍ර 8: අභාග්‍යමත් පාපතරයකුගේ නීතිය කුමක් ද?

පිළිතුර: ඒකීය දේවත්වය පිළිගත් දේව විශ්වාසවන්තයා සියලු පාපයන්ගෙන් ඉවත් ව සිටින්නෙකි. ඒ සමඟම ඔහු විශ්වාස කළ යුතු දෑ ද විශ්වාස කරයි. යමෙකු මූලික විශ්වාසයන් අත් හරින්නේ ද එමගින් ඔහු පාපියකු බවට පත් වේ. ඔහුගේ විශ්වාසය හීන වී යයි. ඔහුගේ විශ්වාසයට ඔහු වගඋත්තරකරුවකු වේ. ඔහු කළ පාපය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සම්පූර්ණ අයිතිය ඔහුගේ මැවුම්කරු සතුය. ඒ සමඟම ඔහු නිරයේ සදාතනික ව වෙසෙන්නේ නැත. පොදුවේ පූර්ණ විශ්වාසය නිරයට පිවිසීමෙන් වළකනු අතර අඩු පාඩුකම් ඇති විශ්වාසය එහි සදාතනික ව රැඳී සිටීමෙන් වළකාලයි.

***

 ප්‍ර 9: විශ්වාසවන්තයින් සතු තරාතිරම් කොපමණ ද? ඒවා මොනවාද ?

පිළිතුර: විශ්වාසවන්තයින් වර්ග තුනකි. 1. සාබිකූන් හෙවත් යහකම් කිරීමෙහි පෙරටුගාමීහු : මොවුහු නියම කරනු ලැබූ අනිවාර්යය දෑ හා වඩාත් වැදගත් අතිරේක දෑ පිළිපදිමින් ඒවා ක්‍රියාත්මක කරති. තහනම් දෑ හා පිළිකුල් සහගත දැයින් වැළකී ඒවා අතහැර දමති. 2. මුක්තසිදූන් හෙවත් සකසුරුවම් සහිත ව කටයුතු කරන්නෝ : මොවුහු නියම කරනු ලැබූ අනිවාර්යය දෑ කෙරෙහි පමණක් රැඳී කටයුතු කරති. තහනම් දැයින් වැළකී සිටිති. 3. ළාලිමූන ලිඅන්ෆුසිහිම් හෙවත් තමන්ටම අපරාධ කර ගත්තෝ : මොවුහු දැහැමි ක්‍රියාවන් සමඟ පාපකාරී ක්‍රියාවන් ද මුසු කර ගත්තෝ වෙති.

***

 ප්‍ර 10: ගැත්තන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තීන්දුව කුමක් ද?

පිළිතුර : ගැත්තන් අල්ලාහ්ට යටහත් ව කරන කුමන ක්‍රියාවක් වුව ද ඔහුට පිටුපා කරන කුමන පාපකාරී ක්‍රියාවක් වුව ද එය අල්ලාහ්ගේ මැවීමෙහි ඔහුගේ තීන්දුවෙහි හා ඔහුගේ මිණුමෙහි ඇතුළත් ව ඇති දෑ ය. නමුත් ඔවුන් එයට අදාළ ව ක්‍රියා කළ ද අල්ලාහ් කිසිවිටක එය ඔවුන් කෙරෙහි බල නොකළේය. ඔවුන්ගේ අභිමතයට ඔවුන්ගේ ශක්තියට අනුව ක්‍රියා කිරීමට නිදහස දී ඇත. එය ඔවුන්ගේ නියම ස්වභාවයයි. ඔවුන් එම ක්‍රියාවන් මඟින් වර්ණනා කරනු ලබති. ඒ අනුව ඔවුනට ප්‍රතිපල හා ප්‍රතිවිපාක දෙනු ලබති. එය අල්ලාහ්ගේ නියම මැවීම්ය. හේතුව ඔවුන් මවනු ලැබුවේත් ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ගේ ශක්තිය හා ඔවුනට සිදු වන සියල්ල මවනු ලැබුවේත් අල්ලාහ් වන බැවිනි. එබැවින් අල්ලාහ්ගේ මැවීම් හා ඒවායෙහි ස්වභාවයන් ගුණාංග හා චලිතයන් පිළිබඳ ව අල් කුර්ආනය හා සුන්නා ව පවසා ඇති සියල්ල අපි විශ්වාස කරන්නෙමු. ගැත්තන් හොඳ හා නරක සිදු කරති. ඔවුන්ගේ එම ක්‍රියාවන්ට නිදහස දෙනු ලැබ ඇත යන්නට කුර්ආනය හා හදීසය දන්වා සිටින න්‍යායයන් ද විශ්වාස කරන්නෙමු. ඒ අනුව මිනිසාගේ හැකියාවන් චින්තනයන් මැව්වේ අල්ලාහ්ය. ඒ දෙක ඔවුන්ගේ කතා  හා ක්‍රියා පිහිටීමට හේතුවක් වෙයි. හේතුව මැවූ මැවුම්කරු හේතුවට බලපාන කරුණ ද මැව්වේය. තවද අල්ලාහ් සර්ව බලධාරීය. ඒ වෙනුවෙන් ඔහු ඔවුන්ට බල කිරීමට වඩා   ඔවුන් සමඟ ඉතා යුක්ති ගරුක ව කටයුතු කරයි. 

 ප්‍ර 11: ෂිර්ක් (අල්ලාහ්ට සම කිරීම) යනු කුමක් ද? ඒවායෙහි කොටස් මොනවාද?

ෂිර්ක් හෙවත් සමකිරීම කොටස් දෙකකි. රුබූබිය්යා හෙවත් පරිපාලනය සම්බන්ධ ව ඇති කරන්නා වූ සමකිරීම් : එනම් මැවීම් අතුරින් ඇතැම් දෑ මැවීමෙහි හා ඒවා සැලසුම් කිරීමෙහි අල්ලාහ්ට හවුල් කරුවකු ඔහුට සමානයකු සිටින බව ගැත්තෙකු සිතීමය. දෙවැන්න: ඉබාදත් හෙවත් නැමඳුම් කටයුතු වලදී ඇති කරන්නා වූ සම කිරීම. එය කොටස් දෙකකි. ෂිර්කුන් අක්බර් හෙවත් බරපතළ සමකිරීම් හා ෂිර්කුන් අස්ගර් හෙවත් සුළු ගණයේ සමකිරීම්. ෂිර්කුන් අක්බර් හෙවත් බරපතළ සමකිරීම් යනු අල්ලාහ් හැර වෙනත් අයගෙන් පැතීම ඔවුන්ගෙන් යම් යහපතක් බලාපොරොත්තු වීම ඔවුනට බිය වීම වැනි නැමදුම් අතුරින් යමක් අල්ලාහ් නොවන දේ වෙත යොමු කිරීමය. මෙය දහමෙන් බැහැර කරවන්නකි. එසේ කරන්නන් නිරාගින්නෙහි සදාකල් වෙසෙති. ෂිර්කුන් අස්ගර් හෙවත් සුළු ගණයේ සමකිරීම් යනු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීම, මූණිච්චාව, මමත්වය වැනි නැමදුමක් නොවූ දෙවියන්ට සම කිරීමේ තත්ත්වයට යොමු කරවන ඇතැම් මාර්ග හා මාධ්‍යයන්ය.

***

 ප්‍ර 12 : පුළුල් ලෙස අල්ලාහ් විශ්වාස කිරීමේ ක්‍රමය කුමක් ද?

පිළිතුර: අල්ලාහ් සියලු පැවතුම් අතුරින් සදා පවතින්නාය. ස්වාධීන වූ අවශ්‍යතාවන්ගෙන් තොර වූ එකම ඒකීයය. සියලු වර්ණනාවන්ගෙන් වෙනස්ය. සර්ව සම්පූර්ණය. පූර්ණ කීර්තිය ඔහු සතුය. සියලු පැසසුම් වලින් පරිපුන්ය. අති ශ්‍රේෂ්ඨය. අති මහත්ය. අති උත්තරීතරය. මැවීම් වලට ග්‍රහණය කළ නොහැකි පරිපුන් ගුණාංග ඔහු සතුය. ඔහු ආරම්භකය ඔහුට පෙර කිසිවක් නොවීය. ඔහු අවසානය. ඔහුට පසු කිසිවක් නොමැත. ඔහු බාහිරය ඉන් ඔබ්බට කිසිවක් නොමැත. ඔහු අභ්‍යන්තරය ඊට යටින් කිසිවක් නොමැත. සියලු ස්වභායන්ගෙන් උත්තරීතරය. සියලු හැකියාවන්ගෙන් අති උසස්ය. සියලු බලයන්ගෙන් අති ශ්‍රේෂ්ඨය. සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. විවිධ අවශ්‍යතාවන් විවිධ භාෂාවන්ගෙන් ඉල්ලා සිටින සියලු දෙනාගේ හඬට සවන් දෙන්නාය. සියලු දෑ නිරීක්ෂා කරන්නාය. ඔහුගේ මැවීමෙහි හා සැකසුමෙහි ඔහු සියුම් ඥානීය. ඔහුගේ ගුණාංග හා ක්‍රියාවන් තුළ ප්‍රශංසාලාභීය. ඔහුගේ බලය හා ශක්තිය අති උසස්ය. කරුණාවන්තය. කරුණා ගුණයෙන් යුක්තය. ඔහුගේ කරුණාව සියලු දෑ ආවරණය කොට ඇත. පවතින සියල්ල කෙරෙහි ඔහුගේ කරුණාව උපකාරය හා දයාව ව්‍යාප්ත ව ඇත. ඔහු රජුය. සියලු පාලකයින්ගේ මහා පාලකය. පාලන ක්‍රමය සිදු කරනුයේ ඔහුය. සර්ව ඥානීය. අති උසස්ය. මැවීම් සියල්ල ඔහුට අවනතය. ගැතිකම් ලබන්නට සුදුස්සාය. සියල්ල වෙනස් කිරීමේ බලය ඔහු සතුය. ඔහු සදා ජීවමානය. සියලු වර්ණනාවන් අන්තර්ගත කොට ගත් නිත්‍ය ජීවීය. ස්වාධීන පැවැත්මක් ඇත්තාය. කිසිවකුගේ උපකාරයෙන් තොරය. සියලු ක්‍රියා විලාශයන්ගෙන් වර්ණනා කරනු ලැබීය. ඔහු සිතන දේ සිදු කරන්නාය. ඒ අනුව ඔහු සිතන දේ සිදු වන්නේය. ඔහු නොසිතූ විටක එය සිදු නොවන්නේය මෙලෙස අපි අපගේ හදවතින් එය පිළිගෙන මුවින් ප්‍රකාශ කරන්නෙමු. එමෙන්ම ඔහු අපගේ පරමාධිපතිය. නිර්මාපකය. පූර්ව නිදසුනකින් තොරව මවන්නාය. මැවීම් අතර දකින හැඩය වඩා අලංකාර නිමාව හා එහි සැලැස්ම නිර්මාණය කළේ ඔහුය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. අතික්ෂමාශීලී සර්ව බලධාරී සර්ව පාලක එකම දෙවිඳුන් වන අල්ලාහ් හැර වෙන කිසිවෙකු වෙත අපි යටහත් නොවෙමු. යොමු නොවෙමු. හැරී නොයමු. එබැවින් අපි ඔහුවම නමදින්නෙමු. ඔහුගෙන්ම උදව් පතන්නෙමු. ඔහුගෙන්ම යහපත අපේක්ෂා කරන්නෙමු. ඔහුටම බියවන්නෙමු. ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙමු. ඔහුගේ නීතියට හා දඬුවමට බියවෙමු. ඔහු හැර වෙනත් පරමාධිපතියකු අපට නොමැත. එබැවින් අපි ඔහුගෙන්ම පතන්නෙමු. ඔහුගෙන්ම අයැද සිටින්නෙමු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. මෙලොව ජීවිතයේ හා මතු ලොව ජීවිතයේ විදිමත් බව අපගේ භාරකරු වන ඔහුගෙන්ම අයැද සිටින්නෙමු. ඔහුගේ උපකාරය යහපත් විය. ඇති වන සියලු ආකාරයේ නපුරු දෑ හා පිළිකුල් සහගත දෑ අපෙන් වළක්වන්නා ඔහුය. මෙලෙස අපි හෘදයාංගවම සාක්ෂි දරන්නෙමු.

 ප්‍ර 13: පුළුල් ලෙස නබිවරුන් විශ්වාස කිරීමේ ක්‍රමය කුමක් ද?

පිළිතුර : නබිවරුන් හෙවත් දේව පණිවිඩකරුවන් හා රසූල්වරුන් හෙවත් දූත මෙහෙවර ඉසිලූවන් පූර්ණ ලෙස සවිස්තරාත්මක ව විශ්වාස කිරීම අපගේ වගකීමකි. සැබැවින්ම අල්ලාහ් තම පණිවිඩය හා දූත මෙහෙය සඳහා ඔවුන් ව තෝරා ඇත. ඔහු හා ඔහුගේ මැවීම් අතර ඔහුගේ දහම පතුරුවාලීම සඳහා ඔවුන් ව ඔහු මාධ්‍යයක් බවට පත් කර ඇත. ඔවුන්ගේ සත්‍යබව හා ඔවුන් ගෙන ආ දෑ නිවැරදිය යන්න ඔප්පු කරන සාධක මගින් ඔවුන් ව ඔහු ශක්තිමත් කර ඇත. සැබැවින්ම ඔවුන් සදාචාරයෙන් හා යහකම් කිරීමෙන් වඩා පූර්ණවත් අය වෙති. සත්‍යය කතා කරන දැහැමි යහපත් ගතිපැවතුම් වලින් හෙබී අය වෙති. කිසිවකු ඔවුනට ළඟා විය නොහැකි භාග්‍යයන් තුළින් අල්ලාහ් ඔවුන් ව සුවිශේෂී කොට ඇත. සියලු පහත් ක්‍රියාවන්ගෙන් ඔවුන් ව දුරස් කොට ඇත. අල්ලාහ් පැවසූ දෑ හැර වෙනත් දෑ ප්‍රචාරය කිරීමෙන් ඔවුන් වැළකී සිටිති. ඔවුන් පවසන තොරතුරු හා ඔවුන් කරන ප්‍රචාරයන් කටයුතු සත්‍යය හා නිවැරදිය. මෙලෙස අපි ඔවුන් සියලු දෙනා ගැන විශ්වාස කරමු. ඔවුන් අල්ලාහ් වෙතින් ගෙන ආ සියල්ල ද විශ්වාස කරමු. ඔවුනට සෙනෙහස පාමු. ඔවුනට ගරු කරමු. විශේෂයෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිබඳ පූර්ණ ලෙස මෙම කරුණු සම්බන්ධයෙන් විශ්වාස කිරීම අපගේ වගකීමය. එතුමාණන් හඳුනා ගැනීමත් එතුමාණන් ගෙන ආ පිළිවෙත් අපගේ හැකියාවන්ට අනුව සම්පූර්ණ ලෙස විස්තර සහිත ව දැන ගැනීමත් අනිවාර්යය වේ. මෙලෙස එතුමාණන් කෙරෙහි විශ්වාසය තැබීම එතුමාණන් අනුගමනය කිරීම හා සියලු කටයුතු වලදී එතුමාණන්ට අවනත වීම සිදුවනුයේ එතුමාණන් ගෙන ආ තොරතුරු තහවුරු කිරීමෙනි. එතුමාණන් කළ නියෝගයන් පිළිපැදීමෙනි. එතුමාණන් තහනම් කළ දැයින් වැළකී සිටීමෙනි. ඇත්තෙන්ම එතුමාණන් අවසන් නබිවරයාය. එතුමාණන්ට පසු වෙනත් කිසිදු නබිවරයකු නොමැත. සියලුම ආගමික පිළිවෙත් සම්පූර්ණ ලෙස ගෙන හැර දක්වා ඇත. ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් පවතිනු ඇත. එතුමාණන් ගෙන ආ සියල්ල සත්‍යය බව හඳුනා ගන්නා තෙක් එතුමාණන් කෙරෙහි ගැත්තෙකු තබන විශ්වාසය පූර්ණ නොවෙයි. එතුමාණන් ගෙන ආ දෑ ට පටහැණි ව බුද්ධිය හා සිතුවිලි පිහිටිය නොහැක. නමුත් නිවැරැදි බුද්ධිය හා සියලු සිතුවිලි අල්ලාහ්ගේ දූතයාණන් සත්‍යය හා සැබෑ කිරීම තුළින් රැඳී පවතී.

***

 ප්‍ර 14: දෛවය හා පෙර නියමය විශ්වාස කිරීමේ අදියරයන් කොපමණ තිබේ ද? ඒවා මොනවා ද?

පිළිතුර: මේ සඳහා අදියර හතරක් තිබේ. පෙර නියමය පිළිබඳ විශ්වාසය සම්පූර්ණ වනුයේ මේවා පූර්ණ කිරීමෙනි. 1. සියලු දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානී බව විශ්වාස කිරීම 2. සිදු වන සිදුවීම් තුළ සැබැවින්ම ඔහුගේ ඥානය ඉතා සියුම් හා පැහැදිලි ලෙසින් සර්වප්‍රකාරයෙන් පිහිටා ඇති බව විශ්වාස කිරීම. 3. සැබැවින්ම ඒ සියල්ල ලව්හුල් මහ්ෆූල් නම් සටහන් පුවරුවේ සඳහන් ව ඇති බව විශ්වාස කිරීම 4. ඒ සියල්ල සිදුවනුයේ ඔහුගේ කැමැත්ත හා ඔහුගේ ශක්තිය අනුවය. ඔහු අභිමත දෙය සිදු වනු ඇත. ඔහු අභිමත නොකළ දේ සිදු නොවනු ඇත. මේ අනුව තම ගැත්තන් හට නිදහසේ ක්‍රියා කිරීමට ඔහු ඉඩ සලසා දෙයි. ඔවුන් ඒවා ඔවුන්ගේ අභිමතයට හා ඔවුන්ගේ ශක්තියට අනුව නිදහසේ සිදු කරති. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටීයි.

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاءِ وَالْأَرْضِ إِنَّ ذَلِكَ فِي كِتَابٍ

අහස් හි හා මිහිතලයේ ඇති දෑ ගැන සැබැවින්ම අල්ලාහ් දන්නේ යැයි නුඹ නොදන්නෙහිද? සැබැවින්ම එය පුස්තකයේ සටහන්ව තිබිණි. (අල් කුර්ආන් 22 : 70)

لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ (28) وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ (29)

නුඹලා අතුරින් කවරෙක් ස්ථාවර භාවය පැතීමට අභිමත වන්නේ ද ඔහුටය.

තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත වන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. (අල් කුර්ආන් 81 : 28, 29)

***

 ප්‍ර 15: අවසන් දිනය විශ්වාස කිරීමේ සීමාව කුමක් ද? එහි ඇතුළත් වන කරුණු මොනවාද?

පිළිතුර: මරණයෙන් පසු සිදු වන දෑ පිළිබඳ ව කුර්ආනය හා සුන්නා ව ගෙන හැර පෑ සියල්ල අවසන් දිනය විශ්වාස කිරීමෙහි ඇතුළත් වේ. උදාහරණ වශයෙන් මිනීවළෙහි තත්ත්වයන් නැවත නැගිටුවනු ලබන තෙක් මිනීවළෙහි ගත කරන ජීවිතය එහි විඳින සැප හා දඬුවම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පවතින්නා වූ තත්ත්වය එතුළ පවතින විනිශ්චය කුසල විපාකය වර්තාව තුලාව මැදිහත්වීම ස්වර්ගය හා නිරයේ තත්ත්වයන් ඒවායෙහි ස්වභාවයන් එහි වැසියන්ගේ තත්ත්වයන් එහි වැසියන් සඳහා පූර්ණ ලෙසින් අල්ලාහ් සූදානම් කොට ඇති දෑ යන මේ සියල්ල අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීමේ කරුණුය.

 ප්‍ර 16: නිෆාක් හෙවත් කුහකත්වය යනු කුමක් ද? එහි කොටස් හා ස්වභාවයන් මොනවා ද?

පිළිතුර: කුහකත්වයේ සීමාව වනුයේ හොඳකම හෙළි කොට නපුරුකම ඇතුළත තබා ගැනීමය. එය කොටස් දෙකකි. 1. නිෆාක් අක්බර් හෙවත් ප්‍රතිපත්තිය තුළ පවතින්නාවූ මහා ගණයට අයත් කුහකත්වය එය එයට අදාළ පුද්ගලයා සදාකල් නිරා ගින්නට පත් කරනු ඇත. අල්ලාහ් මෙවන් කුහකයින් පිළිබඳ ව මෙසේ ප්‍රකාශ කරයි.

وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آَمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآَخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ

තව ද ජනයා අතුරින් ඇතැමුන් සැබැවින් ම අපි අල්ලාහ් ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු යැයි පවසන්නන් සිටිති. නමුත් ඔවුන් දේව විශ්වාසවන්තයින් නොවෙති. (අල් කුර්ආන් 2:8)

මෙහි ඔවුන් තම ප්‍රතික්ෂේපය සිත තුළ තබා ගනිමින් ඉස්ලාමය මතුපිටින් පෙන්වන ලදී.

2. නිෆාක් අස්ගර් හෙවත් ක්‍රියාවන් තුළ පවතින්නා වූ කුඩා ගණයට අයත් කුහකත්වය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ හදීසයක් මෙය අවධාරණය කරයි. එනම්,

කුහකයකුගේ සලකුණු තුනකි : ඔහු කතා කළහොත් අසත්‍ය කතා කරයි. ඔහු පොරොන්දු දුනහොත් එය කඩ කරයි. ඔහුට යමක් භාර කළහොත් එයට වංචා කරයි.

එනිසා මහා ගණයට අයත් දේව ආදේශය හා කුහකත්වය  සමඟ දේව විශ්වාසය හා සිදු කරන ක්‍රියාවන් ප්‍රයෝජනවත් නොවනු ඇත. කුඩා ගණයට අයත් දේව ආදේශය හා කුහකත්වය දේව විශ්වාසය සමඟ එකඟ වුව ද එය ගැත්තාට ප්‍රතිඵල හා ප්‍රතිවිපාක යන දෙකම ගෙන දෙන්නක් වනු ඇත. එමෙන්ම කුසල් ලැබීමට හා දඬුවම් ලැබීමට හේතූන් බවට ද පත්වනු ඇත.

***

 ප්‍ර 17: බිද්ආ යනු කුමක් ද? එහි කොටස් මොනවා ද?

පිළිතුර: බිද්ආ යනු සුන්නාවට (නබි තුමාණන්ගේ මඟ පෙන්වීමට) පටහැණි ව කටයුතු කිරීමය. එය වර්ග දෙකකි. පළමුවැන්න : ප්‍රතිපත්තිය මුල් කර ගෙන සිදු වන්නාවූ නව ප්‍රතිපත්ති. මෙය අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා දන්වා සිටි දෑ ට පටහැණි ලෙසින් විශ්වාස කිරීමය. මේ පිළිබඳ ව අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා සිටියහ.

මාගේ සමූහයා කණ්ඩායම් 73 කට බෙදෙයි. ඉන් එකක් හැර සෙසු සියල්ල නිරා ගින්නට අයත් වෙයි. එවිට ජනයා අල්ලාහ්ගේ දූතයාණනි, එය කවර කණ්ඩායම දැ යි විමසා සිටියහ. එවිට එතුමාණන් මා හා මාගේ අනුගාමිකයින් කවර දැයක් මත සිටියේ ද ඒ මත ම සිටින උදවිය යැයි පවසා සිටියහ.

එබැවින් මේ කළ වර්ණනා ව මත කවරෙකු සිටිත් ද ඔහු නිශ්චිත සුන්නාවට අදාළ පුද්ගලයකු වෙයි. මීට පටහැණි ව වෙනත් කණ්ඩායමක් මත සිටින්නේ ද ඔහු මුබ්තදිඃ හෙවත් නව ව්‍යාජ ප්‍රතිපත්තියක් මත සිටින්නකු වේ. සියලුම බිද්ආ නොමඟ යවන්නකි. ඉන් පසුව සුන්නා ව අනුව බිද්ආ හි වෙනස්කම් ඇති වේ.

දෙවැන්න : ක්‍රියාවන් මුල් කර ගෙන සිදු වන්නා වූ නව සිදුවීම්. එනම් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දහම් ගත නොකළ දෑ නැමදුම් ක්‍රියාවක් ලෙස ගැනීම හෝ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අනුමත කළ දෑ තහනම් කළ දෙයක් ලෙස ගැනීමයි. එබැවින් කවරෙකු දහම් ගත නොවූ දෙයක් නැමදුමක් වශයෙන් ගන්නේ ද එමෙන්ම ආගම් ගත කරන්නා තහනම් නොකළ දෙයක් තහනමක් ලෙස ගන්නේ ද ඔහු මුබ්තදිඃ හෙවත් නව ව්‍යාජ නැමදුම් ඉටු කරන්නෙකු වේ.

***

 ප්‍ර 18: ඔබ වෙත පැවරෙන මුස්ලිම්වරුන්ට කළ යුතු යුතුකම් මොනවාද?

පිළිතුර: උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටී.

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ

දේව විශ්වාසවන්තයෝ සහෝදරයෝය. (අල් කුර්ආන් 49 : 10)

එහෙයින් ඔවුන් සහෝදරයන් ලෙස ගැනීමත් ඔවුනට සෙනෙහස කරුණාව දැක්වීමත් ඔබ කැමති දෑ ඔවුනට ලැබිය යුතු යැයි ප්‍රිය කිරීමත් ඔබ පිළිකුල් කරන දෑ ඔවුන් අත් විඳීම පිළිකුල් කිරීමත් ඔබගේ ශක්තිය හා හැකියාවට අනුව ඔවුන් විදිමත් කිරීමටත් ඔවුන් අතර සමගිය ඇති කිරීමටත් ඔවුන්ගේ හදවත් එකිනෙක බැඳී කටයුතු කිරීමටත් සත්‍ය වෙතට ඔවුන් ඒකරාශි කිරීමටත් ඔබ කැපවිය යුතුය. මුස්ලිම්වරයකු මුස්ලිම්වරයකුගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අපරාධ නොකරයි. ඔහුට වංචාවක් නොකරයි. ඔහුට බොරු නොකියයි. ඔහුට අවමන් නොකරයි. දෙමාපියන් ඥාතීන්  අසල්වැසියන් මිතුරන් ගුරුවරුන් වැනි තමන් කෙරෙහි වගකීම් පැවරෙන්නන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරයි.

***

 ප්‍ර 19: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන් වෙනුවෙන් අප වෙත පැවරෙන වගකීම කුමක් ද?

පිළිතුර : අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි විශ්වාසය තැබීම හා ඔහු කෙරෙහි ආදරය දැක්වීම පරිපූරණ වනුයේ ඔහුගේ මිතුරන් කෙරෙහි ආදරය දැක්වීමෙනි. එය ඔවුන්ගේ මහිමය හා ඉදිරිපත් වීමේ තරාතිරම අනුව සිදු විය යුතුය. එමෙන්ම පොදුවේ අද මුළු මුස්ලිම් උම්මා ව උසස් බවට පත් ව ඇත්තේ එම උදාර නබිතුමාණන්ගේ අනුගාමිකයින්ගේ අති මහත් කැපවීමෙනි. එබැවින් එහි මහිමය හිමි වන්නේ එම උත්තමයින්ටය. අල්ලාහ් ඔවුන් වෙත තැබූ ආදරය හේතුවෙන් ඔවුනට ඍජු දහම පෙන්වා දුන්නේය. ඔවුන්ගේ මහිමය ලොව පුරා පැතුරුවේය. ඔවුන් අතර ගැටලු ඇති නොවන අයුරින් ඒවා වළකාලීය. ප්‍රශංසාවට හිමිකම් ලබන සියලුම කටයුතු වලදී මුළු මහත් ප්‍රජාවට වඩා මුල් තැන හිමි කර ගත්තේ මොවුන්ය. සෑම යහපත් කටයුත්තකම ඔවුනට වඩා ඉදිරියෙන් සිටියහ. සියලුම අයහපත් කටයුතු වලින් ඔවුනට වඩා දුරස් ව සිටියහ. ඔවුන් සියල්ලෝම ඉතා යුක්තිගරුක ජීවිතයක් ගත කළවුන්ය. ඔවුන් අල්ලාහ්ගේ පිළිගැනීමට ලක්වූවන්ය.

***

 ප් 20: ඉමාමත් යන්න පිළිබඳ ඔබගේ ප්රකාශයේ අර්ථය කුමක් ?

පිළිතුර: ඉමාම් හෙවත් නායකයකු පත් කර ගැනීම ෆර්ලු කිෆායා නම් වූ අනිවාර්යය කටයුත්තක් බව අපි විශ්වාස කරමු. හේතුව ආගමික කටයුතු හා ලෞකික කටයුතු මෙහෙය වන නායකයකු නොමැති ව මෙම ප්‍රජාව පවතින්නේ නැත. එමගින් සීමාව ඉක්මවා අන්තවාදී ව කටයුතු කරන්නන් වළකාලීමටත් සිදු වන අපරාධ වලට දඬුවම් ක්‍රියාත්මක කිරීමටත් මෙම නායකත්වය මඟින් හැකි වේ. එම නායකත්වයට පූර්ණ ලෙස අවනත වීම යනු පාපකාරී කටයුතු වල නොව යහපත් කටයුතු වලදී පමණක් අවනත වීමය. දැහැමියන් හා පාපතරයින් සමඟ ගැටුම් ඇති වේ. එවිට යහපත වෙනුවෙන් එකිනෙකා උදව් කර ගත යුතුය. ඔවුන් පාපයෙන් ඉවත් වීම සඳහා උපදෙස් දිය යුතුය.

***

 ප්‍ර 21: අස්-සිරාත් අල් මුස්තකීම් හෙවත් ඍජු මාර්ගය යනු කුමක් ද? එහි ස්වභාවය කෙසේද?

පිළිතුර: අස්-සිරාත් අල් මුස්තකීම් හෙවත් ඍජු මාර්ගය යනු ප්‍රයෝජනවත් දැනුම හා දැහැමි ක්‍රියාවන්ය. ප්‍රයෝජනවත් දැනුම යනු කුර්ආනය හා සුන්නාවෙන් රසූල්වරයා ඉදිරිපත් කළ කරුණු පිළිබඳ දැනුමය. දැහැමි ක්‍රියාව යනු නිවැරැදි ප්‍රතිපත්තියක් මත සිට ෆර්ලු හෙවත් අනිවාර්යය කරුණු හා නෆීල් හෙවත් දහම්ගත අතිරේක කරුණු ඉටු කරමින් ද වළක්වනු ලැබූ දැයින් වැළකෙමින් ද අල්ලාහ්ට සමීප වීම ය. අල්ලාහ්ට කළ යුතු යුතුකම් හා ඔහුගේ ගැත්තන්ට කළ යුතු යුතුකම් ඉටු කිරීම ය. මෙය අවංක ව අල්ලාහ් වෙනුවෙන් පමණක් ඉටු කිරීමෙන් හා අල්ලාහ්ගේ දූතයාණන් අනුකරණය කිරීම තුළින් පමණක් පූර්ණත්වයට පත් වේ. දහම ක්‍රියාත්මක කළ යුත්තේ මෙම මූලික පදනම් දෙක මතය. එබැවින් කවරෙකුට අල්ලාහ් වෙනුවෙන් පමණක් යන අවංක කම නොමැති ව යමක් කරන්නේද එවිට ඔහු ෂිර්ක් හෙවත් ආදේශ කිරීමේ බරපතළ වරදට වැටෙනු ඇත. කවරෙකු නබිතුමාණන් අනුකරණය නොකරමින් යමක් කරන්නේ ද ඔහු බිද්අත් හෙවත් පදනමක් නොමැති නව්‍ය දෙයක් කිරීමේ බරපතළ පාපයට ඇද වැටෙයි.

***

 ප්‍ර 22: දේව විශ්වාසවන්තයා දේව ප්‍රතික්ෂේපකයාගෙන් හා පිටුපාන්නාගෙන් වෙනස් වන ගුණාංග මොනවා ද?

මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. දේව විශ්වාසවන්තයා හා දේව ප්‍රතික්ෂේපකයා අතර පවතින වෙනස තුළින් සත්‍යය හා අසත්‍යයෙන් වෙන් කර හඳුනා ගත හැක. එමෙන්ම අභාග්‍යමත් ජනයාගෙන් භාග්‍යමත් ජනයා වෙන් කර හඳුනා ගත හැක. ඒ අනුව දේව විශ්වාසවන්තයා සැබෑ සත්‍යවන්තයකි. ඔහු අල්ලාහ් ද කුර්ආනයේ හා සුන්නාවේ සඳහන් ඔහුගේ ගුණාංග හා නාමයන් ද ඒවා වටහා ගත යුතු නියම අයුරින් වටහා ගෙන විශ්වාස කළ කෙනෙකි. ඒවා පිළිගත් කෙනෙකි. එමෙන්ම අල්ලාහ් ගැන සඳහන් නොකළ දැයින් ඔහු ඉවත් ව සිටියි. එබැවින් ඔහුගේ හදවත දේව විශ්වාසයෙන් දැනුමෙන් අධිෂ්ඨානයෙන් තැන්පත් බවින් හා අල්ලාහ් සමඟ ඇති කර ගන්නා වූ සම්බන්ධතාවෙන් පිරී යයි. අල්ලාහ් වෙත පමණක් යොමු වෙයි. අල්ලාහ් ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාර්ගයෙන් කවර කරුණක් දහම් ගත කළේ ද එවන් නැමදුම් පමණක් අල්ලාහ් වෙනුවෙන් අවංක ව ඉටු කරයි. අල්ලාහ්ගෙන් ම කුසල් බලාපොරොත්තු වෙයි. අල්ලාහ්ගේ දඬුවමට බිය වෙයි. ඔහුගේ හදවත දිව හා ඔහුගේ ශරීර අවයව අල්ලාහ් පිරිනමා ඇති දායා ද වෙනුවෙන් කෘත වේදී ව ක්‍රියා කරවයි. අල්ලාහ් කළ උපකාරයන් වෙනුවෙන් සැමවිටම ඔහු ව මෙනෙහි කරයි. ලැබුනු දායාදයන්ට වඩා වෙනත් දායාදයක් නොමැති බව සිතයි. ලැබී ඇති උපකාරයට වඩා වෙනත් උපකරයක් නොමැති බව සිතයි. ලෞකික සැපත අල්ලාහ් වෙත යොමු වීමෙන් ඇති වන සැපත සමඟ සසදා බැලූ කළ ලෞකික සැපත දෙවනුට තබයි. එසේම ඔහු වෙත අල්ලාහ්  පිරිනැමූ සැපත ද පිළි ගනී. එලෙස ජීවිතයේ ලබන සැපත භුක්ති විදී. එහි දී භෞතිකවාදීන් හෝ දෙවියන් ගැන තැකීමක් නොමැත්තන් මෙන් ලෞකික ජීවිතය භුක්ති විදීමෙන් වැළකෙයි. ඒ වෙනුවට අල්ලාහ් වෙත කළ යුතු යුතුකම් හා ඔහුගේ ගැත්තන් වෙත කළ යුතු යුතුකම් ඉටු කොට අල්ලාහ්ගෙන් උපකාර පතමින් එම ලෞකික ජීවිතය භුක්ති විඳියි. මේ අනුව ඔහුගේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු ඉටු කර ගනීයි. ඔහුගේ හදවත නිසල වේ. තැන්පත් වේ. තමන්ට අකැමැති දෙයක් සිදු වුවද ඔහු දුකට පත් නොවෙයි. මේ අනුව අල්ලාහ් මෙලොව හා පරලොව අතර සැපත ඔහුට එක් කොට දෙයි.

අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන අල්ලාහ් ගැන තැකීමකින් තොරව කටයුතු කරන මිනිසා මීට ප්‍රතිවිරුද්ධ ලෙසින් කටයුතු කරයි. ඔහුගේ පරමාධිපතිට ඔහු පිටුපායි. සර්ව බලධාරියාගේ පැවැත්ම හා පරිපූරණත්වය තහවුරු කරන බුද්ධිමය හා භෞතික සාධක තිබුණ ද අවශ්‍ය දැනුම හා සිතුවිලි තිබුණ ද ඒ කෙරෙහි අවධානය යොමු නොකරයි. අල්ලාහ් පිළිගැනීමෙන් හා ඔහුට නැමදුම් කිරීමෙන් ඈත් වූ කළ ඔහු ලෞකික වස්තු සමඟ බැඳෙයි. එයට යටත් වෙයි. ඔහුගේ හදවත සැරිසරන සතුන්ගේ හදවත් මෙන් රළු වෙයි. භෞතික වස්තු භුක්ති විඳීම මිස වෙනත් අරමුණක් ඔහුට නොවෙයි. ඔහුගේ හදවත නොසන්සුන් හදවතක් බවට පත් වෙයි. ඔහු ප්‍රිය කරන දෑ ඔහුට අහිමි වීම ගැන බිය වෙයි. ඔහු පසුතැවිල්ලට පත්වන පිළිකුල් සහගත දෙයක් සිදු වීම ගැන බිය වෙයි. සිදුවන ආපදාවන් හා  මුහුණ දෙන ගැටලු සැහැල්ලුවෙන් සිතීමට හෝ ඒ ගැන තැන්පත්ව කටයුතු කිරීමට හෝ ධෛර්යය නොමැති වෙයි. විශ්වාසයේ සුවය ද අල්ලාහ් වෙත ළඟා වීමෙන් ඇති වන සුවය ද විශ්වාසයේ ඵලය ද ඔහු අහිමි කර ගනී. ඔහු ඉක්මන් සුළුය. ඔහු ප්‍රතිඵල බලාපොරොත්තු නොවෙයි. දඬුවමට බිය නොවෙයි. ඔහුගේ බිය හා අපේක්ෂාවන් බැඳී පවතින්නේ ලෞකික ආශාවන් හා භෞතික හැඟීම් පතන පරිදිය.

සත්‍යයට යටහත් වීමත් අල්ලාහ්ගේ ගැත්තන් වෙත ඔවුනොවුනට ඔබින පරිදි ක්‍රියාවෙන් ප්‍රකාශයෙන් හා චේතනාවෙන් උපදෙස් දීමත් දේව විශ්වාස වන්තයකු සතු විශිෂ්ට ගුණාංගයක් වේ.

නමුත් දේව ප්‍රතික්ෂේපකයා ඔහු සත්‍යය පිළි නොගෙන ගර්වයෙන් යුතුව කටයුතු කරයි. මැවීම් අතර අහංකාරයෙන් ක්‍රියා කරයි. තමන් ගැන අහංකාරයෙන් හා විමතියෙන් බලයි. වෙන කිසිවකුට උපදෙස් නොදෙයි.

දේව විශ්වාසවන්තයාගේ හදවත ක්‍රෝධය වංචාව රැවටිල්ල වැනි පහත් ක්‍රියාවන්ගෙන් පිවිතුරු ව පවතී. තමන් ප්‍රිය කරන දෑ තම සහෝදරයන්ට ලැබිය යුතු යැයි ප්‍රිය කරයි. තමන් පිළිකුල් කරන දෑ ඔවුනට අත්වීම පිළිකුල් කරයි. ඔහු සතු පහසුකම් අනුව ඔවුන්ගේ සෙත වෙනුවෙන් කැප වී කටයුතු කරයි. ඔවුනට අත්වන දුෂ්කරතාවන්හි කොටස් කරුවකු වෙයි. කිසිදු අයුරකින් ඔවුනට අපරාධයක් සිදු නොවන පරිදි වග බලා ගනී.

නමුත් දේව ප්‍රතික්ෂේපකයාගේ හදවත වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී පවතී. තමන්ට ලෞකික ලාභයක් ඇති වන්නේ නම් මිස වෙන කිසිවකුට යම් සෙතක් හෝ යහපතක් සිදු වීම ප්‍රිය නොකරයි. ජනතාවට ඇති වන්නා වූ විපතක් ඉසිලීමට හැකියාව තිබියදීත් ඔවුනට අපරාධයක් අසාධාරණයක් සිදු වූ විටක එය ගණන් නොගනියි.

දේව විශ්වාසවන්තයා ඔහු සත්‍ය ම ප්‍රකාශ කරයි. යහපත් අයුරින් ගනු දෙනු කරයි. ඔහු සෙනෙහස අභිමානය ශාන්තිය කරුණාව ඉවසීම යුක්තිය සරල හා මෘදු බව වැනි ගුණාංග වලින් හෙබි යහපත් මිනිසකි.

නමුත් දේව ප්‍රතික්ෂේපකයා කෘෘරත්වය දැඩිකම බිය සන්තාපය  මුසාව අසාධාරණය මෘග ගතිපැවතුම් වැනි පහත් ගුණාංග වලින් හෙබි පහත් මිනිසෙකි.

දේව විශ්වාස වන්තයා අල්ලාහ් වෙනුවෙන් හැර වෙන කිසිවකුට හෝ යටහත් නොවෙයි. ඔහුගේ හදවත හා ඔහුගේ පෞරුෂත්වය අල්ලාහ් වෙනුවෙන්ම කැප කරන්නක් වෙයි අල්ලාහ් හැර වෙනත් කිසිවක් වෙනුවෙන් ඔහු යටහත් නොවෙයි. පිවිතුරුකම මහත්භාවය ශක්තිය ධෛර්ය අභිමානය වැනි ගුණාංග වලින් හෙබි වෙයි. ඔහු සියලු යහපත් දෑ හැර වෙන කිසිවක් තෝරා නොගනියි.

නමුත් දේව ප්‍රතික්ෂේපකයා මේවාට පටහැණි ගුණාංගයන් මත රැඳෙයි. ඔහුගේ හදවත බැඳී පවතින්නේ භෞතික වස්තූන් හා මැවීම් මතය. ඔවුන්ගෙන් ඇති වෙන්නා වූ හානියට බිය වෙයි. ඔවුන්ගෙන් ප්‍රතිලාභ අපේක්ෂා කරයි. ඔවුන් වෙනුවෙන් කැපවෙයි. නමුත් ඔහුගේ පටු අරමුණු වල හැර වෙනත් කිසිවක ඔහුගේ පවිත්‍රභාවය හෝ ශක්තිය හෝ ධෛර්යය දැක ගත නොහැකිය. යහපතක් හෝ අයහපතක් ඇති වුව ද ඒ ගැන කනගාටු නොවෙයි.

දේව විශ්වාසවන්තයා ප්‍රයෝජනවත් ක්‍රියාවන් සිදු කිරීමට උත්සුක වෙයි. එම ක්‍රියාවන් ඉටු කරනවාත් සමඟම ඒ සම්බන්ධයෙන් අල්ලාහ් වෙත සම්පූර්ණ විශ්වාසය තැබීම ඒ මත ස්ථාවර ව සිටීම එම සියලු කටයුතු වලදී ඔහුගෙන් උපකාර පැතීම යන කරුණු වලින් ද බැඳී ක්‍රියා කරයි. උත්තරීතර අල්ලාහ් ඔහුට උපකාර කරනු ඇත.

නමුත් දේව ප්‍රතික්ෂේපකයා කිසිවක් අල්ලාහ් වෙත භාර නොකරයි. ඉතා පහත් දුර්වල තම ආත්මය ගැන මිස වෙන කිසිදු අරමුණක් ඔහු වෙත නොමැත. සැබැවින්ම ඔහු තම ආත්මය හා බැඳී කරන දෑ ට භාරකරු වන්නේ අල්ලාහ්ය. ඔහු පතන දෑ ලබා දෙන්නේද අල්ලාහ්ය. මෙසේ තිබියදීත් ඔහු කැමති යමක් සිදු කිරීමට ඔහුට හැකියාව ලැබුණහොත් එය ඔහු විසින්ම කළ එකක් යැයි සිතයි.

දේව විශ්වාසවන්තයාට යම් ආශිර්වාදයක් පැමිණි විට එයට කෘතවේදී ව මුහුණ දෙයි. ඔහුට ප්‍රයෝජනවත් වන අයුරින් එය සලසා ගනී. යහපත් අයුරින්ම ඒ වෙත යොමු වෙයි. නමුත් දේව ප්‍රතික්ෂේපකයා ගර්වයෙන් හා අහංකාරයෙන් ඉතා දරුණු ලෙස එයට මුහුණ දෙයි. ලැබුණු ආශිර්වාදය පිළිබඳ ව පමණක් කටයුතු කරමින් එම ආශිර්වාදය ලබා දුන් අය ගැන අමතක කර දමයි. ඔහුට කෘතවේදී නොවෙයි. පහත් අරමුණු තුළ ඒවා යොදවයි. මෙය තමන්ට ලැබුණු ආශිර්වාදය ඉතා ඉක්මණින් නැති වී යාමට මඟ පාදයි.

දේව විශ්වාසවන්තයා තමන්ට යම් අභාග්‍යයක් පැමිණි විට ඉවසීමෙන් යහපත අපේක්ෂාවෙන් ප්‍රතිඵල කුසල් බලාපොරොත්තු වෙමින් එය ඉක්මණින් ඉවත් වී යයි යන ආශාවෙන් එයට මුහුණ දෙයි. එවිට තමන්ට අහිමි වූ තමන් ප්‍රිය කරන දෑ ට වඩා හෝ තමන්ට අත් වූ එම පිළිකුල් සහගත තත්ත්වයට වඩා ශ්‍රේෂ්ඨ ඉතා හොඳ යහපතක් බවට එය පත් වනු ඇතැයි විශ්වාස කරයි. නමුත් දේව ප්‍රතික්ෂේපකයා එයට බියෙන් හා දුකෙන් මුහුණ දෙයි. ඔහුට අත් වූ අභාග්‍යය වැඩි වෙයි. මතු පිටින් ඇති වන වේදනාව සමඟම තම හදවත ද වේදනාවට පත් වෙයි. ඉවසීම පහ ව යයි. ඔහුට අත් වූ පාඩුව හා දුක සම්බන්ධයෙන් කිසිදු යහපත් අපේක්ෂාවක්  ඔහු තුළ නොපවතී.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්නා සියලුම රසූල්වරුන් ගැන ද විශ්වාස කරයි. ඔවුනට ගරු බුහුමන් දක්වයි. සියලුම මැවීම් වලට වඩා ඔවුනට ආදරය කරයි. සියලුම යහපත් දෑ මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින මිනිසුනට හිමි වනුයේ ඔවුන් තුළින් බවත් ඔවුන්ගේ මඟ පෙන්වීම තුළින් බවත් විශ්වාස කරයි. එමෙන්ම එදින මිනිසාට ඇති වන්නා වූ සියලුම විපාකයන් හා නපුරුකම්  එම රසූල්වරුන්ට  විරුද්ධ ව කටයුතු කිරීම හේතුවෙන් ඇති වන්නක් බව ඔහු පිළිගනී. මැවීම් අතුරින් ශ්‍රේෂ්ඨතම මැවීම හා උසස් සදාචාර සම්පන්න මැවීම වනුයේ එම රසූල්වරුන්ය.  විශේෂයෙන් ඔවුන්ගේ නායකයා වූ ද ඔවුන්ගේ අවසානයා වූ ද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. අල්ලාහ් එතුමාණන් ව ලෝවැසියන්ට ආශිර්වාදයක් කළේය. සියල්ලන්ගේ යහපත උදෙසා ද ඔවුන් හැඩ ගස්වා යහ මඟ පෙන්වීම උදෙසා අල්ලාහ් එතුමාණන් ව යැව්වේය.

නමුත් දේව ප්‍රතික්ෂේපකයෝ  මීට පටහැණි ව කටයුතු කරති. ඔවුන් රසූල්වරුන්ට සතුරු වූවන්ට ගරු බුහුමන් කරති. ඔවුන්ගේ ප්‍රකාශ වලට ගරු කරති. රසූල්වරුන් ගෙන ආ දෑ පහත් කොට සලකති. හැඟීම් නැති වී ගිය ඔවුන්ගේ බුද්ධියටත් ඔවුන් පහතට ඇඳ දැමූ ඔවුන්ගේ පහත් ගුණාංග වලටත් මෙය අතිමහත් සාධකයකි.  

දේව විශ්වාසවන්තයා නබි තුමාණන්ගේ මාවත එලෙසින්ම අනුගමනය කරයි. ආදරය කරයි. එමෙන්ම ඔහු එතුමාණන්ගේ සහගාමීන් ඇතුළු ව මුස්ලිම්වරුන්ගේ නායකත්වයන්ටත් ඍජු මඟ පෙන්වා දෙන නායකත්වයන්ටත් ආදරය කිරීම අල්ලාහ් ඔහුට ආගමානුගත කර ඇත. නමුත් දේව ප්‍රතික්ෂේපකයා මීට පටහැණි ව කටයුතු කරයි. දේව විශ්වාසවන්තයා අල්ලාහ්ට පමණක් අවංක ව කටයුතු කරයි. අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඉතා ප්‍රවේශමෙන් විධිමත් ලෙසින් ඉටු කරයි.

දේව ප්‍රතික්ෂේපකයා ඔහුගේ කටයුතු වල නිමාවක් නොදකිනු ඇත. පහත් අරමුණු මිස වෙනත් කිසිදු ඉලක්කයක් ඔහු තුළ දකින්නට නොමැත.

දේව විශ්වාසවන්තයා ප්‍රයෝජනවත් දැනුම හා නිවැරදි විශ්වාසය තුළින් අල්ලාහ් ව පිළිගෙන ඔහුව මෙනෙහි කොට ඔහු වෙත යොමුවීමෙන් හා සෙසු මැවීම් සමඟ ත්‍යාගශීලී ව කටයුතු කිරීමෙන් ඔහුගේ හදවත පිරී ගොස් විවෘත ව පවතී. එමෙන්ම එම හදවත යහපත් ගුණාංග වලින් පිරී පිවිතුරු ව පවතී.

දේව ප්‍රතික්ෂේපකයාට තම හදවත විවෘත වීම සඳහා වූ අවශ්‍ය සාධක නොමැති බැවින් මීට පටහැණි ව ඒ ගැන කිසිවක් නොතකමින් කටයුතු කරයි.

ඔබ කෙටියෙන් සංෂිප්ත ව වර්ණනා කළ අයුරින්ම දේව විශ්වාසය නිවැරදි ව පිහිටියේ නම් එමගින් ජීවිතයට හා අනාගතයට සැනසුම ලැබී ඇත්තේ නම් එය තම බාහිර ජීවිතය මෙන්ම තම අභ්‍යන්තර ජීවිතය ද තමන් තුළ ඇති ප්‍රතිපත්තීන් ගුණාංග හා විනයන් ද විධිමත් කොට ඇත්නම් සියලු ජනයා යහපත හා නිවැරැදි දේ වෙතට එය ඇරයුම් කරන්නේ නම් වඩාත් බලවත් පිරිසකට එය මඟ පෙන්වන්නේ නම් මෙලෙස ඔබ සඳහන් කළ සියල්ල පවතින්නේ නම් වැඩි හරියක් දෙනා දහම හා දේව විශ්වාසය ප්‍රතික්ෂේප කරනුයේ ඇයි? එයට විරුද්ධ ව සටන් කරනුයේ ඇයි? එයින් ඇතැමුන් දුරස් වන්නේ ඇයි? මීට පටහැණි කරුණු සිදුවන්නේ ඇයි? මෙසේ ප්‍රශ්න කිරීමට හේතුව වනුයේ පොදුවේ පාපතරයා හා දැහැමියා අතර වෙනසත් යහපත හා අයහපත අතර වෙනසත් හානිය හා ප්‍රයෝජනය  අතර වෙනසත් වෙන් කර හඳුනා ගත හැකි ඥානය හා බුද්ධිය ජනයාට ඇති බැවිනි.

පිළිතුරු වශයෙන් මෙම සිතුවිල්ල ගැන අල්ලාහ් තම ග්‍රන්ථයේ ඉතා පැහැදිලි ව සඳහන් කොට ඇත. එම වැරැදි සිතුවිල්ලට පාදක වූ කරුණු හා වළක්වා ගත හැකි හේතූන් සිහිපත් කරමින් පිළිතුරු දී ඇත. ගැත්තෙකු දකින අයුරින් මිනිසා සිතන බොහෝ දෑ ඔහුට හිමි වන්නේ නැත. එය ප්‍රායෝගික ද නැත. එබැවින් ඉස්ලාම් දහම පිළිබඳ වූ විශ්වාසය නොමැති හේතුවෙන් එම විශ්වාසය වටහා ගැනීමට බාධක වන බොහෝමයක්  කරුණු මිනිසා තුළ ඇති වෙයි. ඉන් සමහරක් ගැන පවසන්නේ නම් ඒ ගැන වූ අඥානකම එහි යථාර්ථය නිවැරැදි ව වටහා ගත නොහැකි වීම එහි ඇති උසස් ඉගැන්වීම් හා උදාර මඟ පෙන්වීම් මත රැඳී සිටීමට නොහැකි වීම වැනි කරුණු දැක්විය හැක. යහපත් ගුණාංග හා නිවැරැදි සත්‍යය වෙත ළඟා වීමට පාදක වන අතිමහත් සම්බාධකය වනුයේ ප්‍රයෝජනවත් දෑ පිළිබඳ හරි හැටි අවබෝධයක් නොමැති අඥානකමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

بَلْ كَذَّبُوا بِمَا لَمْ يُحِيطُوا بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ

(කුර්ආනය) පිළිබඳ ව දැනුම නොමැති හෙයින් ඔවුන් වටා ඇති දෑ ගෙන ඔවුහු බොරු කළෝය. එහි යථාර්ථය ඔවුන් වෙත පැමිණ නැත.

ඇත්තෙන්ම ඔවුන්ගේ අඥානකම හා ඒ ගැන ඔවුන් තුළ තිබූ අනුවණකම හේතුවෙන් ඔවුන් එය බොරු කළ බවත් සත්‍යය වෙත නැඹුරුවීමටත් එය පිළිගැනීමටත් තුඩු දෙන දඬුවමෙහි යථාර්ථය ඔවුන් වෙත පැමිණ නොමැති බවත් මෙම පාඨයෙන් අවධාරණය කරයි.  තවදුරටත් අල්ලාහ් මොවුන් ගැන විවිධ පාඨ වලින් අවධාරණය කරයි. ඉන් සමහරක් මෙසේය

وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා අඥානකමින් සිටින්නෝය. (6:37)

وَلَكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ

නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා වටහා ගන්නන් නොවෙති. (6:11)

صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ

ඔවුන් අන්ධය. බිහිරිය. ගොළුය. එබැවින් ඔවුහු අවබෝධ කර නොගනිති. (2:171)

إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ

සැබැවින්ම මෙහි අවබෝධය ඇත්තන්ට මෙහි සංඥාවන් ඇත. (13:4)

මේ අර්ථය පෙන්වා දෙන තවත් වැකි බොහෝමයක් ද ඇත. 

අඥානකම යනු එය විටක හෙළිපිටම දැකිය හැක්කක් වේ. උදාහරණයක් ලෙස තම නායකත්වයන් හා තම හිමියන් අනුගමනය කරමින් අල්ලාහ්ගේ දූතයාණන් බොරු කරමින් ඔහුගේ දූතත්වය ප්‍රතික්ෂේප කරමින් සිටින පොදු ජනයාගෙන් බහුතරයගේ තත්ත්වය මෙලෙසය. ඔවුනට දඬුවම් පැමිණි විට ඔවුහු මෙසේ පවසති.

رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا  

අපගේ පරමාධිපතියාණනි, අපගේ නායකයන්ටත් අපගේ ප්‍රධානීන්ටත් අපි අවනත වූයෙමු. නමුත් ඔවුන් අප ව නිවැරැදි මඟින් මුළා කළෝය.  (33:67)

තවත් විටෙක යමක් හා සම්බන්ධ වෙමින් දැකිය හැක්කක් වේ. මෙය දෙවර්ගයකි. ඉන් එකක් නම් තම ප්‍රජාව හෝ තම මුතුන් මිත්තන් හෝ තමන් අතර පැවතෙන්නකුගේ හෝ දහම මත පදනම් වූවකි. ඔහු වෙත සත්‍ය පැමිණි ඇති නමුත් ඔහු සත්‍යය නොදකියි. තමන් හැඳුණු වැඩුණු දහම ඔහු පිළිගෙන ඇති හෙයින් ද ඔහුගේ ජනයාගේ බලකිරීම් හෙයින් ද ඔහුගේ  දැක්ම ඉතා සීමිතය. දේව දූතයින් ප්‍රතික්ෂේප කළ ඔවුන්ගේ දූතත්වය ප්‍රතික්ෂේප කළ පොදු ජනයා මොවුහුමය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ පවසා සිටී.

وَكَذَلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آَبَاءَنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آَثَارِهِمْ مُقْتَدُونَ

මෙලෙස නුඹට පෙර යම් නගරයකට අවවාද කරන්නෙකු අපි යැවූ සෑම අවස්ථාවකම එහි සැපවත් ජීවිතයක් ගත කරන්නන් සැබැවින්ම අපි අපගේ මුතුන් මිත්තන් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද සැබැවින්ම අපි ඔවුන්ගේ පියසටහන් පිළිපදින්නන් වෙමු යැයි පැවසුවා මිස නැත. (43:23)

මෙය අන්ධානුකරණයකි. තම සගයා අසත්‍යය තුළ සිටිය ද ඔහු සත්‍යයේ සිටින බව ඔහු සිතයි. ආදේව වාදීන් භෞතිකවාදීන් බොහෝමයක් මේ ගණයට අයත්ය. එබැවින් යමක් තහවුරු කිරීමේදී ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ ප්‍රධානීන් අනුකරණය කරමින් පමණක් පිහිටයි. ඔවුන් ප්‍රකාශයක් කර ඇත්නම් එය මොවුන් එකහෙළා පිළිගනිති. එය මොවුනට පහළ වූ දේව ප්‍රකාශයක් වැනිය. ඔවුන් නව ව්‍යාජ දැක්මක් ආරම්භ කළේ නම් ඔවුන්ගේ එකඟතාවන් මෙන්ම පරස්පරතාවන් තිබියදීම ඔවුන් පසුපස මොවුහු ගමන් කරති. සියලුම ගැටලුකාරී තත්ත්වයන්ට කලහකාරීන් මොවුහුය. ඒ සදහා ඔවුනට කිසිදු සාධකයක් ද නොමැත.

අඥානකමේ දෙවැනි වර්ගය: දේව ප්‍රතික්ෂේපිත නායකත්වයන් සහ ලෞකික හා භෞතික විද්‍යාව තුළ ගිලී ගිය භෞතිකවාදීන් හා බැඳුණකි. ඔවුන් සෙසු අය අඥානයින් ලෙස සලකති. පටු සීමාවක් තුළ පවතින  ඔවුන්ගේ දැනුම එම තොරතුරු මත පමණක් සීමා කර ගනිති. දේව දූතයින් විශ්වාස කිරීමටත්  ඔවුන් අනුගමනය කිරීමටත් උඩඟු වෙති. එම රසූල්වරුන් වෙත පැමිණි මිනිස් සිතුවිලි හා මිනිස් පුහුණු ව පිළිබඳ දැනුම සීමා කරනු ලැබූවක් බව සිතති. සෙසු දේවල් යථාර්ථය වුව ද ඒවා ඔවුහු ප්‍රතික්ෂේප කරති. බොරු කරති. ඒ අනුව ඔවුහු විශ්වයේ පරමාධිපති ව ප්‍රතික්ෂේප කරති. ඔහුගේ රසූල්වරුන් බොරු කරති. ගුප්ත දෑ පිළිබඳ ව අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් කවර විෂයක් දැනුම් දුන්නේ ද ඒවා සියල්ල බොරු කරති. අල්ලාහ්ගේ කියමනට අනුව එම දඬුවමට ඇතුළත් වීමට සුදුස්සන් වනුයේ මෙවැනි උදවියයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَلَمَّا جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِنْدَهُمْ مِنَ الْعِلْمِ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

ඔවුන්ගේ රසූල්වරුන් පැහැදිලි සාධක සමඟ ඔවුන් (ප්‍රතික්ෂේපකයින්) වෙත පැමිණි කල්හි (රසූල්වරුන් වන) ඔවුන් සතු ව ඇති දැනුම පිළිබඳ ව ඔවුන් (සමච්චල් කරමින්) සතුටු වූවෝය. තවද ඔවුන් කුමක් සමච්චල් කරමින් සිටියේ ද එයම ඔවුන් වෙළා ගත්තේය. (40:83)

මේ අනුව තමන් තුළ තිබූ විද්‍යාත්මක දැනුම ගැනත් ඔවුන්ගේ හැකියාව ගැනත් සතුටට පත් වූහ. ව්‍යාජ වුව ද  ඒ මත රැඳීමට බල කෙරෙන බලවත් සාධක පිළිබඳ ව සතුටු වූහ. තමන් ලබා දෙන තීන්දු තීරණ ගැනත් සතුටු වූහ. ඒවා ප්‍රශංසාවට ලක් වීමත් රසූල්වරුන් ගෙන ආ සැබෑ ඥානය හා මඟපෙන්වීමට එරෙහි ව ඒවා ඉදිපත් කිරීමටත් සතුටු වූහ. රසූල්වරුන්ගේ දැනුම හෑල්ලුවට හා හාස්‍යයට ලක් කරන තෙක් මෙම තත්ත්වය ඔවුන් ව වැළැක්වූයේ නැත. අවසානයේ ඔවුන් කවර දෙයක් හෑල්ලු කරමින් සිටියේ ද එයම ඔවුන් වටලා ගනු ඇත.

මෙම භෞතික දැනුම තුළ ගිලී සිටින බොහෝමයක් අදේවවාදීහු මෙලෙස මුළා වී ඇත. නමුත් ඔවුන් ගිලී සිටින දැනුම තුළ නිවැරදි න්‍යායයක් දක්නට නොමැත. මෙම තත්ත්වය වර්තමානයේ ආගමික ඉගැන්වීම් වලට වැදගත්කමක් ලබා නොදෙන පාසල් වල පවා දක්නට ඇත. එබැවින් එම සිසු සිසුවියන් එයින් පිටත් වන විට ආගමික දැනුම පිළිබඳ අවබෝධයක් නොලබයි. ආගමික පිළිවෙතට අනුව ඔවුන්ගේ සදාචාරය නොපිහිටයි. වෙන කිසිවකු නොදන්නා දෑ තමන් දන්නේ යැයි සිතති. දහම දෙස හා එය පිළිපදින අය දෙස අවමානයෙන් බලයි. භෞතිකවාදයෙන් පෙළුණු අදේවවාදීන්ට පහසුවෙන්ම යටත් වෙයි. එය අතිමහත් අපරාධයක් යැයි ඉස්ලාම් පවසයි. එබැවින් සියල්ලට කළින් මුස්ලිම්වරුන් වෙත අනිවාර්යය වනුයේ මෙවන් පාසල් වල ආගමික දැනුම දරුවන්ට ලබා දීම සඳහා මුල් තැන දීමය. ජයග්‍රහණය හා පරාජය බැඳී ඇත්තේ වෙනත් කිසිවක් මත නොව මෙම ආගමික දැනුම මත පමණි. නමුත් මේ හැර වෙනත් දෑ අනුගමනය කරන තත්වයක් මෙම පාසල් තුළ බිහි වී ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් වගකීම් දරන්නන් හා භාර ව සිටින්නන්ගේ අනිවාර්යය වගකීම වනුයේ ක්ෂණික ව මේ ගැන සොයා බලා එයට සැලසුම් යෙදීමය. මේ සඳහා වූ විශාල කාර්යභාරයක් ගුරුවරුන් වෙත පැවරී ඇත. එසේ නොමැති වූ විටක අනාගත තරුණ තරුණියන්ගේ තත්ත්වය මේ අයුරින්ම පවතිනු ඇත. එබැවින් මේ ගැන වගකිව යුත්තන් හා මේ ගැන කතා කිරීමට හැකියාව ඇත්තන් මේ සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ යුතුය. පාසල් අධ්‍යාපනයේ වැදගත්ම පාඩම ලෙස ආගමික පාඩම පත් කිරීම තුළින් අල්ලාහ් අබියස මහත් වූ කුසල් බලාපොරොත්තු විය යුතුය. ඇත්තෙන්ම නොසැලකිලිමත්කමින් වරදක් සිදුවීම භයානක තත්ත්වයකි. යහපත හා ගුණවත් බව බැඳී ඇත්තේ ආගමික අධ්‍යාපනය පිළිබඳ ව සොයා බැලීම තුළිනි.

දහමට හා දේව විශ්වාසයට බලපාන බාධක අතුරින් තවත් කරුණක් වනුයේ ඊර්ෂ්‍යාව හා අසාධාරණකමය. මෙය යුදෙව්වන්ගේ තත්ත්වය හා සමානය. ඔවුහු තම දරුවන් හඳුනන්නාක් සේ නබි තුමාණන් පිළිබඳවත් එතුමාණන්ගේ සත්‍යභාවය පිළිබඳවත් හා එතුමාණන් ගෙන ආ දෑ හි යථාර්ථය පිළිබඳවත් මනා ලෙස දැන සිටිති. නමුත් ලෞකික අරමුණු උදෙසා එමෙන්ම දේව විශ්වාසයට වඩා පහත් දෑ සොයමින් දැන දැනම ඔවුහු සත්‍යය වසන් කරති. ඉතිහාසගත තොරතුරු අනුව කුරෙයිෂ් නායකයින් බහුතරයකට ද මෙම රෝගය නිසා සත්‍යය විශ්වාස කිරීමට බාධකයක් විය. මෙම රෝගය බිහි වූයේ උද්දච්චකම හා අහංකාරකම හේතුවෙනි. එය සත්‍යය පිළිපැදීමට අති මහත් බාධකයක් විය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටී.

سَأَصْرِفُ عَنْ آَيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ

කිසිදු සත්‍යයකින් තොර ව මිහිතලයේ අහංකාරයෙන් කටයුතු කරන අය ව මම මාගේ සංඥාවන්ගෙන් වෙනතකට හරවමි. (7:146)

අහංකාරය යනු සත්‍යයට පිටුපාන්නකි. මැවීම් කෙරෙහි හෑල්ලුවෙන් බලන්නකි. සත්‍යය පිළිබඳ සාක්ෂි හා සාධක හෙළි වූ පසු ද එයට යටත් වීමටත් එය පිළිපැදීමටත්  බොහෝ දෙනා ව එය වළක්වාලයි.  උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

ඔවුන්ගේ ආත්මාවන් එය තරයේ විශ්වාස කරන්නට සිතුව ද අසාධාරණකම අහංකාරකම හේතුවෙන් ඔවුහු එයට පිටුපෑහ. (27:14)

දේව විශ්වාසය පිළිගැනීමට පාදක වූ බාධක අතුරින් තවත් කරුණක් නම් නිවැරදි බුද්ධිමය සාධක හා සවනට වැටුණු සාධක වලින් ඉවත් වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ

කවරෙකු කරුණාභරිතයාණන්ගේ උපදෙස (අල් කුර්ආනය)ට පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවකු නියම කරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වෙයි.

තවද සැබැවින්ම ඔවුහු යහ මාර්ගයෙන් ඔවුන් ව වළක්වති තවද සැබැවින්ම ඔවුහු යහමඟ ලද්දන් යැයි සිතති. (43:36,37)

තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි.

وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ

තවද අප සවන් දුන්නේ නම් හෝ අවබෝධ කර ගත්තේ නම් හෝ අප ද දලු ලා ඇවිළෙන ගින්නේ සගයින් නොවන්නට තිබුණි යැයි (දඬුවම දෙන දින) ඔවුහු පවසති. (67:10)

මෙවන් උදවිය ධර්ම දූතයින්ගේ දැනුමෙන් ප්‍රයෝජනවත් දෑ ඇසීමටත් බුද්ධිමය වශයෙන් සිතන්නටත් ඉදිරිපත් වූයේ නැත. එය පිළිගත්තේ නැත. නිවැරදි දෑ වෙත මඟ පෙන්වනු ලබන නිවැරදි බුද්ධියක් ද ඔවුනට තිබුණේ නැත. ඔවුනට තිබුණේ හුදු ආකල්පයන් හා වැරදි සහගත දැක්මන්ය. ඔවුන් එය නිවැරදි යැයි සිතූහ. නමුත් එය අඥානකමක් පමණක් විය. ඔවුහු නිරා ගින්නට ඇද දමන තෙක් සත්‍යය පිළිපැදීමෙන් ඔවුන් ව වැළකූ නොමඟ ගිය නායකයින් පිළිපදිමින් සිටියහ.

සත්‍යය පිළිපැදීමට බාධකයක් වූ තවත් කරුණක් වනුයේ සත්‍යය පැහැදිලි වූවායින් පසු එය ප්‍රතික්ෂේප කිරීමය. සත්‍යය වටහා ගත් පසු තම හදවත වෙනස් වීමත් යහපත් දෑ අයහපත් දෙයක් ලෙස දැකීමත් අයහපත් දෑ යහපත් දෙයක් ලෙස දැකීමත් ගැත්තා දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන අති භයානක කරුණකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ

ඔවුහු ඍජු මගින් ඉවත් ව ගිය කල්හි අල්ලාහ් ඔවුන්ගේ හදවත් ඍජු මගින් ඉවත් කළේය. (61:5)

තවදුරටත් අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

මුල් වර ඔවුහු විශ්වාස නොකළාක් සේ ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ටි අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුහු සීමාව ඉක්මවා යෑමෙහි ව්‍යාකූල තත්ත්වයේ අපි ඔවුන් අත හැර දමන්නෙමු.                         (6:110)

මෙයට හේතුව තමන් කරන ක්‍රියාව අනුවම අල්ලාහ් ප්‍රතිඵල දෙන බැවිනි. ඔවුන් ගැන පැවසූ ලෙසින්ම ඔවුන් ව අල්ලාහ් භාර ගනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِنْ دُونِ اللَّهِ

සැබැවින්ම ඔවුහු අල්ලාහ් හැර දමා ෂෙයිතානුන් ව (තම) මිතුරන් ලෙස ගත්තෝය.  (7:30)

සුඛෝපභෝගී ජීවිතයක ගිලී සිටීම භුක්ති විදීමේදී කරන නාස්තිය මෙම විශ්වාසය පිළිපැදීමට බාධක වන තවත් වැදගත් කරුණක් වේ. එවිට එම ගැත්තා තම සිතුම් පැතුම් පසුපස හමා යයි. නපුරු ආශාවන්ට වහල් වෙයි. මේ පිළිබඳ ව අල්ලාහ් අල් කුර්ආනයේ විවිධ පාඨ මගින් අවධාරණය කරයි.

بَلْ مَتَّعْنَا هَؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّى طَالَ عَلَيْهِمُ الْعُمُرُ

නමුත්, ඔවුන් වෙත ආයු කාලය දීර්ඝව පවතින තුරු ඔවුන්ටත් ඔවුන්ගේ මුතුන් මිත්තන්ටත් අපි භුක්ති විඳීමට සැලැස්සුවෙමු. (21:44)

إِنَّهُمْ كَانُوا قَبْلَ ذَلِكَ مُتْرَفِينَ

සැබැවින්ම ඔවුහු මීට පෙර සැප විඳින්නන් ව සිටියහ. (56:45)

ඔවුන් විඳින සැපත පාලනය කොට ප්‍රයෝජනය ගෙන දෙන අයුරින් එක් සීමාවක් මත ඔවුන් ව නතර කොට හානි ගෙන දෙන ආකාරයේ සැප පහසුකම් වලින් ඔවුන් ව වළක්වාලමින් නිවැරැදි දහම් ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් ඔවුන්ගෙන් වළක්වන්නක් ලෙස එය දුටුහ. වැරදි ආශාවන්ට වහල් වූ පුද්ගලයා තමන්ට ලැබෙන ඕනෑම මාර්ගයකින් ඒ සඳහා උදව් ලැබීමට පෙලඹෙයි. අල්ලාහ්ට ගැතිකම් කිරීම නියම කොට තමන්ට ආශිර්වාද කළ එම පරිත්‍යාගශීලියාට කෘතවේදී වී ආශාවන් තුළ නොගිලන මෙන් උපදෙස් දෙමින් දහම ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු පසුපස හැරී පලා ගියෝය.

එමෙන්ම රසූල්වරුන් හා ඔවුන් පිළිපැද්දවුන් බොරුකාරයින් විසින් අවතක්සේරු කිරීමත් ඔවුන් වෙත අඩුපාඩු ඇති බව විශ්වාස කිරීමත් ඔවුනට ඇනුම්පද පැවසීමත් සත්‍යය විශ්වාස කිරීමට බාධක වූ තවත් කරුණකි. නූහ් (අලයිහිස් සලාම්) තුමාණන්ගේ ජනයා එතුමාණන් දෙස බලා මෙසේ ප්‍රකාශ කළෝය.

قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ

ඉතා පහත් තත්ත්වයේ අය නුඹ ව පිළිපදිමින් සිටිය දී අපි නුඹ ව විශ්වාස කරන්නෙමු දැයි විමසා සිටියෝය. (26:111)

وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَى لَكُمْ عَلَيْنَا مِنْ فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ

තවද අපට වඩා පහත්, බොළඳ අදහස් ඇත්තන් මිස (වෙන කිසිවෙකු) නුඹ ව අනුගමනය කරනු අපි නොදකිමු. තවද අපට වඩා මහිමයක් නුඹලාට ඇති බවද අපි නොදකිමු.(11:27)

මෙසේ සිදු වනුයේ ඔවුන් තුළ තිබූ අහංකාරකම හේතුවෙනි. තමන් ගැනම මමත්වයෙන් හා අහංකාරයෙන් මෙනෙහි කර ගන්නා විට සෙසු අය තමන්ට වඩා පහත් අය ලෙස සලකන්නට පෙලඹෙයි. සත්‍ය තමන් වෙත පැමිණිය ද එය පිළිගැනීමට පසුබසී. ප්‍රසිද්ධියට පත් කෙනෙකු මාර්ගයෙන් යම් නියෝගයක් පැමිණ එය අනිවාර්යය කළ විට එයට පිළිතුරු වශයෙන් කිසිදු පැකිලීමකින් තොරව එය පිළිගනී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

كَذَلِكَ حَقَّتْ كَلِمَةُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُوا أَنَّهُمْ لَا يُؤْمِنُونَ

ඔවුන් විශ්වාස නොකරන උදවිය යැයි නුඹගේ පරමාධිපතිගේ වදන පාපතරයින් වෙත නියම වූයේ එලෙසය. (10:33) 

පාපය යනු අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් ඉවත් වී ෂෙයිතාන්ට අවනත වීමය. මේ කළ නපුරු වර්ණනාව මත යම් හදවතක් පවතී නම් එය ඥානයෙන් හෝ ක්‍රියාවෙන් හෝ සත්‍යය පිළිගැනීමට මහා බාධකයක් වනු ඇත. මෙම තත්ත්වයේ සිටින කෙනෙකු ව අල්ලාහ් පිවිතුරු නොකරයි. ඒ වෙනුවට ඔහුගේ පාපතර ආත්මා ව වෙතම එම පාපය පවරයි. ඒ අනුව ඔහු දඩබ්බර කමින් හා මුළාවෙන් ව්‍යාජ කරුණු වල නිරත වෙයි. ඔහුගේ සෑම චලිතයක්ම නපුරු හා පාපී වේ. ව්‍යාජ දෑ ඔහු ව පාපය වෙත සමීප කරවයි. සත්‍යය පිළිගැනීමෙන් ඔහු ව වළක්වාලයි. හේතුව කවර විටෙක අල්ලාහ්ට අවනත වීමෙන් හා ඔහුට යටහත් වීමෙන් තම හදවත බැහැර වූයේ ද එවිට සෑම නපුරු බලවේගයකටම යටත් වීමට තමන් නොදැනුවත්වම බල කෙරෙනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَرِيدٍ  كُتِبَ عَلَيْهِ أَنَّهُ مَنْ تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَى عَذَابِ السَّعِيرِ  

සෑම නපුරු බලවේගයක්ම ඔහු අනුගමනය කරනු ඇත. සැබැවින්ම තමන් භාරකාරයක්වයට පත් කර ගත් අය සැබැවින්ම (ෂෙයිතාන් වන) ඔහු නොමඟ යවනු ඇතැයි ද ඔහු ඇවිළෙන ගින්නේ වේදනාවට මඟ පෙන්වනු ඇතැයි ද ඔහුට එරෙහි ව නියම කරනු ලැබීය.     (22:4)

සත්‍යය හා විශ්වාසය අනුගමනය කිරීම වළක්වාලන බාධක අතුරින් තවත් බාධකයක් වනුයේ දැනුම හා සත්‍යය පිළිබඳ අවබෝධය පටු රාමුවක් තුළට කොටු වීමය. මෙය භෞතිකවාදයට නැඹුරු වූ අදේවවාදීන් ක්‍රියා කරන්නාක් මෙනි. ඔවුන් තමන්ට වැටහෙන චින්තන රාමුව තුළ පමණක් එම දැනුම සීමා කරයි. එය තහවුරු කෙරෙන අයුරින් තමන්ට ලැබුණු චින්තන රාමුවට වඩා අධික ව හෝ වඩා පැහැදිලි ව හෝ  සාධක සාක්ෂි හා මාර්ග පිහිටුණද ඔවුන්ගේ පංචේන්ද්‍රියන් ඔස්සේ එය වටහා නොගනිති. දූර දැක්මකින් යුතු ව ඒ දෙස නොබලති. මෙය කලහකාරීය. ගැටලු සහගතය. මෙමගින් බොහෝ දෙනා නොමඟ ගියහ. මෙම අයහපත් මාර්ගය හේතුවෙන් අල්ලාහ්ගේ පැවත්ම ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. ධර්ම දූතයින් හා ගුත්ත දෑ පිළිබඳ ව ද ඔවුන් තහවුරු කරමින් ගෙන හැර දැක් වූ විවිධ සාක්ෂි හා සාධක ද ප්‍රතික්ෂේප කළෝය. තම දෑසට පෙනෙන සාක්ෂි මත හා තමන්ට අවශ්‍ය තොරතුරු මත පමණක් රැඳුණෝය. ඥානයේ සැබෑ  යථාර්ථය වනුයේ මේ සියලු සාක්ෂි හා සාධක එහි නිමවුම්කරු හා ඔහුගේ ඒකීයත්වය මැවීම් වලින් වෙන් වූ ඔහුගේ තනි පැවැත්ම හා ඔහුගේ සැලැස්ම ස්ථීර කරන්නක් වශයෙන් පිහිටීමය. කවර සත්‍යයකට වුව ද පවතින කවර මාර්ගයක් ඔස්සේ වුව ද එයට සමාන කිරීමට හෝ සමීප වීමට හෝ නොහැකිය. ඒ සඳහා සාක්ෂි වශයෙන් ශ්‍රවණීය සාධක බුද්ධිමය සාධක දෘෂ්ටිමය සාධක හා ස්වභාධර්මයේ සාධක  පිහිටා ඇත. සත්‍යය පැහැදිලි කරන අයුරින් මිනිසා තුළ හා ක්ෂිතිජයෙහි ඔහු ගැන වූ සාක්ෂි හා සාධක හෙළි වී ඇත. සැබැවින්ම ඔහු සැබෑය. ඔහුගේ ධර්ම දූතයින් සැබෑය. ඔහු පිරිනමන ප්‍රතිඵල සැබෑය. ඔහු දන්වා සිටි සියලු තොරතුරු සැබෑය. ඔහුගේ දහම සැබෑය. සැබෑවෙන් පසු ඇත්තේ කවර මඟක් ද? නමුත් භෞතිකවාදීන්ගේ දඩබ්බරකම හා අහංකාරය ඔවුන් අතරත් විවිධ පැතිකඩ වලින් සෙත සලසන සත්‍යය අතරත් වටලා ගත්තේය. දැක්මක් ඇති දේව විශ්වාසවන්තයා ඔහුගේ දැක්මෙහි ඇති ආලෝකයෙන් සැබැවින්ම එම භෞතිකවාදීන් පැහැදිලි නොමඟ සිටින බවත් අන්ධභාවයේ සිටින බවත් හඳුනා ගනියි. නිවැරදි මඟ පෙන්වා අපට ආශිර්වාදය කළ අල්ලාහ්ටම අපි ප්‍රශංසා කරමු.

දේව විශ්වාසය හා සත්‍යය පිළිගැනීමට පාදක වූ බාධක අතුරින් තවත් වැදගත් කරුණක් වන්නේ භෞතිකවාදීන් හා ඔවුනට රැවටුණු ඔවුන් අනුගමනය කළවුන්ගේ අපක්ෂපාතීත්වයයි. සැබැවින්ම භෞතික වස්තු හා ස්වභා දහම පිළිබඳ විද්‍යාව අබිබවා ගොස් ඇති මේ කාල වකවානුව දක්වාම මිනිසා නිවැරැ දි මඟ නොලැබීය. බුද්ධියට ගැළපෙන අයුරින් කටයුතු නොකළේය. මිනිසා නිවැරැදි මඟ ලබා ගත්තේ ඉන් පසුවය යන්න ඔවුන්ගේ චින්තනය විය. මෙය එයට දිරිදීමක් විය. විතණ්ඩාවාදී ඉදිරිපත් කිරීමක් ද විය. සත්‍ය පිටු දකින අහංකාර චින්තනයක් ද විය. බුද්ධි හීනයන්ට නොසැඟවිය  හැකි  පරිදි අහංකාරයක් ද විය. මෙම නපුරු චින්ත ය එය වෙනස් කළේ නැත. එය කෙතරම් ද යත් සැබැවින්ම භෞතික වස්තු ද කර්මාන්ත හා නියැපුම් ද ස්වභා දහමේ  දියුණුව ද වර්ධනය වූයේත් පූර්ණවත් වූයේත් අවසන් කාලයේදී යැයි ඔවුන් පැවසූ විට සෑම කෙනෙකුම ඔවුන් සත්‍ය කරවන තරමට පත් විය.

මෙලෙස මෙවන් උදවිය හඳුනා ගෙන ඔවුන් සමඟ ප්‍රවේශමෙන් ගනුදෙනු කිරීමෙන් නිවැරදි දැනුම සහ නිත්‍ය යථාර්ථයන් හා අලංකාර ගතිගුණ වෙත යොමු වීමට ඉඩ සලසා දෙනු ඇත. තීන්දු අතුරින් වඩාත් අසත්‍යය තීන්දුව වනුයේ මෙවැන්නන්ගේ තීන්දුවය. එහෙයින් නිවැරදි දැනුම හා බුද්ධිය හඳුනා ගත හැකි වනුයේ එහි පූර්ණත්වයන් අඩුපාඩු එයින් ලැබෙන ප්‍රතිඵල එහි පවතින සාධක හා එහි ඇති නිගමනයන් හඳුනා ගැනීම තුළිනි. ඒ අනුව පූර්ණත්වය හා උසස් භාවය සෙවිය යුත්තේ අපගේ ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ මුස්ලිම්වරු තම ජීවිතය ලෙස සැලකූ චින්තන ගතිපැවැතුම් දහම ලෞකිකත්වය ආදරය ඥානය වැනි දෑ පදනම් කර ගනිමිනි. ඒවා පදනම් කර ගෙන ඔවුන් කළ කටයුතු ආධ්‍යාත්මික හා ලෞකික යන සියලු ආකාරයේ සාර්ථක්ත්වයන් හා යහපත වෙත ඔවුන් ව ළඟා කරවීය. සියලු ප්‍රජාවන් ඔවුනට යටහත් කරවීය. එමෙන්ම ඔවුන් මෙලොව පූර්ණත්වය හා ඉහළ නිලයන් හිමි කර ගත්හ. කිසිවකුට එහි ළඟා විමීට නොහැකි විය. එසේ ළඟා වීමට කෙනෙකු තැත් කළ ද එම මාර්ගයේම ඔහුවද ගමන් කරවීය. අවසානය වශයෙන් නිදහස අපේක්ෂා කරන භෞතිකවාදීන්ගේ ගතිගුණ ලබා ගත් දෑ කුමක් දැ යි බැලිය යුතුය. ඔවුන් තම ආශාවන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස සීමාවකින් තොර ව භාවිත කළෝය. ඒ හේතුවෙන් ඔවුන් පහත් තත්වයට ඇඳ වැටෙන තෙක් ඒ මත රැඳී සිටියේ නැත. භෞතිකවාදයේ ඇතැම් ශක්තීන් ඔවුන් ව ග්‍රහණය නොකළේ නම් මෙය ඉක්මන් විනාශයක අභිමුඛයේ ඇති නිදහසක් බව ඔවුන් සිතනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ

අපරාධකරුවන් කරමින් සිටින දෑ ගැන අල්ලාහ් අනවධානී ව සිටිනු යැයි නොසිතනු. (14:42)

එමෙන්ම ආගමික ගති පැවතුම් නොතිබුණ ද එහි ඇතැම් සලකුණු උසස් ජනයා තුළ දකින්නට තිබුණි. එමගින් ඔවුන්ගේ මෙලොව ජීවිතය ඔවුන් හැඩගස්වා ගත්හ. නමුත් එය ඔවුන්ගේ භෞතිකවාදී උසස් භාවයට කිසිදු අගයක් නොවීය. එබැවින් කවරෙකු දහම අහිමි කර ගත්තේ ද ඔහුට සියල්ල සාර්ථක ව ඉටු කර ගත නොහැකි වේ. සැපවත් ජීවිතය සැනසුම හා සතුට අහිමි කර ගනු ඇත. මෙයට සාක්ෂි දරන්නාට වඩා එය අධීක්ෂණය කරමින් සිටින්නා වඩාත් බලවත්ය. පරිපාලනයේ දී ඒකීයත්වය අල්ලාහ්ට පුද කිරීම ප්‍රතිඵල හා ප්‍රතිවිපාක ගැන පිළිගැනීම වැනි ඇතැම් විශ්වාසයේ මූලිකාංගයන් පිළිගෙන විශ්වාස කරන අරාබි ආදේශකයින් හා එවැනි විශ්වාසයන් ඇත්තන් මෙවන් භෞතිකවාදීන්ට වඩා යහපත්ය යන්න කිසිදු සැකයක් නොමැත. පසුව සැබැවින්ම රසූල්වරුන් අල්ලාහ්ගේ පණිවිඩ හා පූර්ණ මඟපෙන්වීම් සමඟ පැමිණි බවත් ඔවුන් ආලෝකය නිවැරදි දැනුම හා සියලු ආකාරයේ යහපත ගෙන ආ බවත් හඳුනා ගනී. නිවැරදි බුද්ධිය ඇත්තෝ එය පිළිගනිති. අවසානයේ ඔහු වෙතම සියලු අවශ්‍යතාවන් ඇති බව දැන ගනී. රසූල්වරු ගෙන ආ දෑ ට යටහත් වෙයි. මුල සිට අග දක්වා සියල්ල ඒකරාශි කළ ද රසූල්වරුන් ගෙන ආ ප්‍රයෝජනවත් සත්‍යය කරුණු වෙත ළඟා විය නොහැක. දේව ග්‍රන්ථ පහළ වූයේ මේ සත්‍යය පදනම් කරගෙනය. එය නොවී නම් පැහැදිලි මුළාවට මහත් අන්ධභාවයට සදා ව්‍යාකූලත්වයට සදා විනාශයට පත් වනු ඇතැයි දේව ගැත්තෙකු විශ්වාස කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ

විශ්වාසවන්තයින් මීට පෙර පැහැදිලි නොමඟෙහි සිටිය ද තම(අල්ලාහ්ගේ) වදන් ඔවුනට කියවා පෙන්වන තවද ඔවුන් ව පිවිතුරු කරවන තවද ඔවුනට ග්‍රන්ථය(කුර්ආනය) හා ඥානය උගන්වන රසූල්වරයෙකු ඔවුන් අතුරින් ම ඔවුන් වෙත එවීමෙන් ඔවුනට අල්ලාහ් උපකාර කළේය. (3:154)

රසූල්වරුන් ගෙන ආ දෑ තුළින් මිස නිවැරදි මඟපෙන්වීම බුද්ධිය ලැබුවේ නැත. එය වර්ධනය වූයේ ද නැත. මේ අතර ජනයාගෙන් බොහෝ දෙනා ව්‍යාජත්වය පෝෂණය කරන වදන් වලින් මුළා වී සිටිති. එමගින් කිසිදු දැනුමක් හෝ සාධකයක් නොමැති ව සත්‍යය ප්‍රතික්ෂේප කරති. එය ආගමික දැනුම හා එහි ඇති උසස් ගුණාංග පටු බව සඳහන් කරමින් විද්‍යාව හා වෙනත් වාසිදායක ගුණාංග සංස්කෘතික වශයෙන් හා නවීකරණය වූවක් වශයෙන් සඳහන් කළ බැවිනි. සෑම කෙනෙකුට ම නිවැරැදි බුද්ධියක් ඇත. සෑම සංස්කෘතික්ම හා නවීකරණයක්ම දහමෙහි මඟපෙන්වීම වෙත යොමු කරන මූලිකාංග හා ආගමික කරුණු වෙත සම්බන්ධ නොකරයි. හේතුව එය නපුරු ක්‍රියාවකි. හිංසාවකි. ඉක්මන් වීමකි. ප්‍රමාදයකි. කවරෙකු පහත් ලෙස සිතන්නේ ද සදාචාර සෝදාපාළුවට ලක් කරන භෞතිකවාදි සංස්කෘතිකවාදීන් පවසන දෑ ගැන සිතා සියලුම හිංසනික දෑ පිළිගෙන සියලු ප්‍රයෝජනවත් දෑ අත හැර දමයි. ඇත්තෙන්ම නිවැරදි සංස්කෘතිය වන්නේ රසූල්වරුන්ගේ මඟ පෙන්වීම හා ඔවුන්ගේ ඉගැන්වීම් අනුව බුද්ධිය හැඩගස්වා ගැනීමය. පොදු යහපත පවතින ප්‍රයෝජනවත් කරුණු හා ප්‍රශංසා සහගත ගතිගුණවලින් තම ගතිගුණ හැඩගස්වා ගැනීමයි. නිවැරදි දැනුම තුළින් යහපත විධිමත් භාවය සාර්ථකත්වය යනාදියට උපකාර කිරීමය.

හේතුව ඉස්ලාමය දෙලොවෙහි සැපත හිමි කර ගන්නා ලෙසත් ඒ දෙකෙහි පවතින භාග්‍යයන් පරිපූර්ණ කර ගන්නා ලෙසත් නියෝග කරයි. එමෙන්ම දිරි ගන්වයි. මුළුමණින්ම විස්තරාත්මක ව කුර්ආනයේ හා සුන්නාවේ සඳහන් ඉස්ලාම් දහම පිළිබඳ කරුණු සිතා බලන්නේ කවරෙකු ද ඔහු එම මාර්ගෝපදේශය වෙතට එම යහමඟ වෙතට යොමු වීමෙන් මිස මිනිසාට වෙනත් යහපත් නොමැති ව බව දැන ගනී. එමෙන්ම චින්තන ගතිගුණ ක්‍රියාකාරකම් නිසි ලෙස හැඩගස්වා ගනී. මෙලොව කරුණු නිවැරදි කර ගනී. යහපත පොදු අවශ්‍යතා හා තනි පුද්ගල අවශ්‍යතා වෙත යොමු කරන සියලු දෑ වෙත මග පෙන්වයි. මඟ පෙන්වීමට සුදුස්සා අල්ලාහ්ය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමිවේවා!