ඉස්ලාමය ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක්

කෙටි හැඳින්වීම

ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්රන්ථය එහි මූලික මූලාශ්රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

ඉස්ලාමය

ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක්.

الإسلام - نبذة موجزة عن الإسلام كما جاء في القرآن الكريم والسنة النبوية - (نسخة مشتملة على الأدلة من القرآن الكريم والسنة النبوية)

ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්රන්ථය එහි මූලික මූලාශ්රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

(ශුද්ධ වූ අල් කුර්ආනයෙන් හා නබි -සල්ලලාහු අලයිහි වසල්ලම්- තුමාගේ සුන්නාහ්වෙන් වූ සාධක ඇතුළත් පිටපතකි.)

1- ඉස්ලාමය යනු සියලු මිනිසුන් වෙත වූ අල්ලාහගේ පණිවිඩයයි. මෙම සදාතනික දිව්ය පණිවිඩය, දිව්යමය පණිවිඩ අතරින් අවසාන පණිවිඩයයි.

ඉස්ලාමය යනු සියලු මිනිසුන් වෙත වූ අල්ලාහ්ගේ පණිවිඩයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි:(තවද, අපි නුඹ ව සමස්ත ජනයාටම ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් මිස නොඑව්වෙමු. නමුත් බහුතරයක් ජනයා (ඒ වග) නොදනිති.)(සබඃ:28)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.(අහෝ ජනයිනි! 'සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයෙකු වෙමි' යැයි නුඹ පවසනු.)(අල් අඃරාෆ්:158)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.අහෝ මිනිස! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්යය රැගෙන මෙම රසූල්වරයා පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරනු. නුඹලාට යහපතකි. නමුත් නුඹලා ප්රතික්ෂේප කරන්නෙහු නම් එවිට (දැන ගනු) සැබැවින්ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්වඥානීය, සර්ව ප්රඥාවන්වත විය.(අන් නිසා: 170)ඉස්ලාමය සදාකාලික දිව්යමය පණිවිඩයයි. එමෙන්ම එය දිව්යමය පණිවිඩිවල අවසානයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවකුගේ පියෙකු නොවීය. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්රාවය. තවද සියලු දෑ පිළිබඳ ව අල්ලාහ් සර්වඥානී විය.(සූරා අල් අහ්සාබ් :40)

ඉස්ලාමය යනු යම් කිසි වර්ගයකට හෝ සමූහයකට හෝ විශේෂිත වූ පිළිවෙතක් නොවෙයි. එය සියලු මිනිසුන් සඳහා වූ අල්ලාහ්ගේ දහමය.

ඉස්ලාමය යනු යම් කිසි වර්ගයකට හෝ සමූහයකට හෝ විශේෂිත වූ පිළිවෙතක් නොවෙයි. එය සියලු මිනිසුන් සඳහා වූ අල්ලාහ්ගේ දහමය. මහඟු අල් කුර්ආනයේ සඳහන් පළමු නියෝගය වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්රකාශයයි:

"මිනිසුනි, නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලා අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය."

(අල් බකරා:21)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. ඔහු වනාහි, නුඹලා ව එක ම ආත්මයකින් මැව්වේය. තවද ඒ සඳහා වූ යුගලය ද මැව්වේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින්ද ගැහැණුන්ද ව්යාප්ත කළේය."

(අන් නිසා: 1)

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මක්කාව ජයගත් දිනයේ මෙසේ පවසා සිටියහ.

මනුෂ්යයනි! අල්ලාහ් දෙවිඳාණන් අඥාණ කාල අහංකාරය සහ පීතෘ කුල ධූරාවලිය දනවන තත්වය ඔබගෙන් ඉවත් කළේය. අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි බිය බැතියෙන් සහ ධාර්මිකව කටයුතු කරන මිනිසුන්, අසත්පුරුෂ සහ අධාර්මික ගතිගුණවලින් පිරුණු මිනිසුන් යනාදි වශයෙන් මිනිසුන් වර්ග දෙකකින් සමන්විතය. සියලු මිනිසුන් ආදම්ගේ දරුවන්ය. ආදම්ව අල්ලාහ් පස්වලින් නිර්මාණය කළේය. අල්ලාහ් දෙවිඳානන් මෙසේ ප්රකාශ කරයි. “අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්වතාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවිධ ජනවාර්ගිකයින් හා ගෝත්රිකයින් බවට පත් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බිය බැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය." (අල් හුජුරාත්: 13)

මෙය ඉමාම් තිර්මිදි විසින් වාර්තා කර ඇත. (3270)

මහඟු අල් කුර්ආනයේ හෝ ගෞරවණීය දූතයාණන්ගේ නියෝගවල යම් පිරිසකට හෝ යම් කණ්ඩායමකට හෝ ඔවුන්ගේ ජාතිය වර්ගය හෝ ගෝත්රය සැලකිල්ලට ගෙන ඔවුනට පමණක් වෙන් කරන ලද ආගම්කරණයක් දක්නට නැත.

3- ඉස්ලාමය යනු පෙර පැමිණි දූතවරුන් හා නබිවරුන් ඔවුන්ගේ සමූහයා වෙත ගෙන ආ දූතපණිවිඩ සම්පූර්ණ කරමින් ආ දේව පණිවිඩයයි.

ඉස්ලාමය යනු පෙර පැමිණි දූතවරුන් හා නබිවරුන් ඔවුන්ගේ සමූහයා වෙත ගෙන ආ දූත පණිවිඩ සම්පූර්ණ කරමින් ආ දේව පණිවිඩයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

සැබැවින්ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් පිරිනැමුවෙමු.

(අන් නිසා: 163)

දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල්ලාහ් දන්වා සිටි මෙම දහම වනාහි, පෙර පැමිණි නබිවරුන්හට අල්ලාහ් ආගමානුගත කළ හා ඔවුනට උපදෙස් දුන් දහමම වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ඔහු දහම්ගත කළේය. ඔබ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම් වෙත ද මූසා වෙත ද ඊසා වෙත ද අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද, නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කොට එහි නුඹලා වෙන් ව නොයන ලෙසය. ඔබ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත (දූතයන් වශයෙන්) තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි."

(අෂ්-ෂූරා: 13)

දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල්ලාහ් දන්වා සිටි මෙම දහම වනාහි, ඊට පෙර විකෘති වීමට පෙර පැවති තව්රාතය හා ඉන්ජීලය වැනි දේව පුස්තක තහවුරු කරන්නක් විය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“දේව ග්රන්ථයෙන් අපි ඔබ වෙත දේව පණිවිඩ එවූ දෑ වන එයමය සත්යය. තවද එය ඉදිරියේ ඇති දෑ සත්ය කරවන්නක් වශයෙනි. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක වූ අභිඥානවන්තය."

(ෆාතිර්: 31)

4- නබිවරුන් වනාහි (ඔවුන් කෙරෙහි සාමය අත්වේවා!) ඔවුන්ගේ දහම එකම විය. නමුත් ඔවුන්ගේ පිළිවෙත් වෙනස් විය.

නබිවරුන්ගේ දහම (ඔවුන් කෙරෙහි සාමය අත්වේවා!) එකම විය. නමුත් ඔවුන්ගේ පිළිවෙත් වෙනස් විය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තවද සත්යයෙන් යුතු මෙම ග්රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) දේව ග්රන්ථය සත්ය කරවන්නකි. තවද ඒවා ආරක්ෂා කරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්ය දැයින් ඉවත් ව ඔවුන්ගේ තුච්ඡ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතුරින් සෑම ප්රජාවකටම ආගමික පිළිවෙතක් හා පැහැදිලි ක්රියාමාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් සිතුවේ නම් නුඹලා ව එකම ප්රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එබැවින් කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි."(අල් මාඉදා: 48)දේව දූතයාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා!) මෙසේ පැවසූහ.මෙලොවෙහි හා මතුලොවෙහි මර්යම්ගේ පුත් ඊසාට වඩාත් උචිතම පුද්ගලයා මම වෙමි. නබිවරු සහෝදරයෝ වෙති. ඔවුන් එක් පියකුට උපන් සහෝදරයෝ වෙති. ඔවුන්ගේ මව්වරුන් විවිධ ය. ඔවුන්ගේ දහම එකමය.ඉමාම් බුහාරිතුමා මෙය වාර්තා කොට ඇත. (3443)

නූහ්, ඉබ්රාහීම්, මූසා, සුලයිමාන්, දාවූද්, ඊසා (ඔවුන් කෙරෙහි ශාන්තිය අත්වේවා!) වැනි සියලුම නබිවරුන් ඇරයුම් කළාක් මෙන්ම ඉස්ලාමය ද සැබැවින්ම පරමාධිපතිපතියාණන් අල්ලාහ් වන ඔහුය. ඔහු මැවුම්කරුය, පෝෂකය. ජීවය ලබා දෙන්නාය. ජීවිතක්ෂයට පත් කරන්නාය, සියලු රාජ්යයන්හි රජුය. එමෙන්ම ඔහු සියලු කටයුතු සැලසුම් කරන්නාය. මහා දයාලුය මහා කාරුණිකය යන වග විශ්වාස කිරීම සඳහා ඇරයුම් කර සිටියි.

නූහ්, ඉබ්රාහීම්, මූසා, සුලයිමාන්, දාවූද්, ඊසා (ඔවුන් කෙරෙහි ශාන්තිය අත්වේවා!) වැනි සියලුම නබිවරුන් ඇරයුම් කළාක් මෙන්ම ඉස්ලාමය ද සැබැවින්ම පරමාධිපතිපතියාණන් අල්ලාහ් වන ඔහුය. ඔහු මැවුම්කරුය, පෝෂකය. ජීවය ලබා දෙන්නාය. ජීවිතක්ෂයට පත් කරන්නාය, සියලු රාජ්යයන්හි රජුය. එමෙන්ම ඔහු සියලු කටයුතු සැලසුම් කරන්නාය. මහා දයාලුය මහා කාරුණිකය යන වග විශ්වාස කිරීම සඳහා ඇරයුම් කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ! ජනයිනි, නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"(ෆාතිර්: 3)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ?යි (නබිවරය) නුඹ විමසනු. එවිට 'අල්ලාහ්' යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැයි නුඹ විමසනු."(යූනුස්: 31)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“එසේ නැතහොත්, පූර්වාදර්ශයකින් තොර ව මැවීම් බිහි කොට (එය විනාශ වූ) පසු ව යළි ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු."(අන් නම්ල්: 64)සියලුම නබිවරුන් හා දහම් දූතවරුන් (ඔවුන් කෙරෙහි ශාන්තිය අත්වේවා!) එවනු ලැබුවේ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන මෙන් වූ ඇරයුම සමගය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි:“නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නපුරු බලවේග වලින් වැළකෙනු යැයි (ජනයාට අණ කරනු වස්) සැබැවින්ම අපි සෑම සමූහයකටම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතුරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන්ම ඔවුන් අතුරින් තමන් වෙත මුළාව නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු."(අන්-නහ්ල්: 36)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“'නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ගැතිකම් කරනු' යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු."(අල් අන්බියා: 25)නූහ් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරු දන්වමින් අල්ලාහ් මෙසේ පවසා සිටියි:“...ඔහු: මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නුඹලාට නොමැත. මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි පැවසුවේය."(අල් අඃරාෆ්: 59)අල්ලාහ් තොරතුරු දන්වා සිටින පරිදි සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මෙසේ පවසා ඇත්තාහ.“තවද ඉබ්රාහීම් ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු."(අල් අන්කබූත්: 16)සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ගැන අල්ලාහ් දන්වා සිටින පරිදි එතුමා මෙසේ පවසා ඇත්තාහ.“...මාගේ සමූහයනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලාට පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. (ඌ) නුඹලාට සංඥාවක් වශයෙනි. අල්ලාහ්ගේ භූමියේ උලා කන්නට නුඹලා ඌ අතහැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ අත නොගසනු එවිට වේදනීය දඬුවමක් නුඹලාව ග්රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේය."(අල් අඃරාෆ්: 73)ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ගැන අල්ලාහ් දන්වා සිටින පරිදි එතුමා මෙසේ පවසා ඇත්තාහ.“...මාගේ සමූහයනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිණුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු නොකරනු. තවද මහපොළොව හැඩගැසුණු පසුව එහි කලහකම් නොකරනු. නුඹලා විශ්වාස කරන්නන්ව සිටියෙහු නම් එය නුඹලාට ශ්රෙෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසුවේය."(අල් අඃරාෆ්: 85)පළමුවරට අල්ලාහ් ඍජු ව කතා කළේ මූසා (අලයිහිස් සලාම්) සමගය. සුවිශුද්ධයාණන් එතුමාට මෙසේ පවසා සිටියේය:“තවද මම නුඹ ව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු." (13)“නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට ගැතිකම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත් ව ඉටු කරනු." (14)(තාහා: 13-14)අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ දන්වමින් මෙසේ පවසා ඇත. සැබැවින්ම ඔහු අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතා මෙසේ පැවසීය.“ 'විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නොකරන සෑම අහංකාරයකුගෙන්ම ආරක්ෂාව මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් පතමි' යැයි මූසා පැවසුවේය."(ඝාෆිර්: 27)මසීහ් නොහොත් ඊසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරු දන්වමින් අල්ලාහ් මෙසේ පවසා සිටියි. සැබැවින්ම ඔහු මෙසේ පවසා ඇත.“සැබැවින්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට නැමදුම් කරනු. එය ඍජු මාර්ගයයි."(ආල ඉම්රාන්: 51)මසීහ් නොහොත් ඊසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරු දන්වමින් අල්ලාහ් තවදුරටත් මෙසේ පවසා සිටියි. සැබැවින්ම ඔහු මෙසේ පවසා ඇත."... ඉස්රාඊල් දරුවනි, මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත."(අල් මාඉදා: 72)එපමණක් නොව, අල්ලාහ්ට පමණක් නමදින මෙන් සහතික කරමින් තව්රාතයේ හා ඉන්ජීලයේ පවා සඳහන්ව ඇත. ද්වතීය කතාවෙහි මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රකාශය මෙසේය:(අහෝ ඉස්රාඊල්වරුනි! පරමාධිපතිට ඇහුන්කන් දෙනු. අපගේ පරමාධිපති එකම පරමාධිපතිය.)ඉන්ජීලයේ මාර්ක්ගේ සුවිශේෂයෙහි ද මසීහ් නොහොත් ඊසා (අලයිහිස් සලාම්) තුමා පවසන පරිදි දේව ඒකීයත්වය තහවුරු කරමින් පැමිණ ඇත.පළමු නියෝගය වනාහි: අහෝ ඉස්රාඊල්වරුනි, සමිඳාණන්ට සවන් දෙනු අපගේ සමිඳාණන් එකම සමිඳාණන් වහන්සේ ය.සැබැවින්ම සියලුම නබිවරුන් මෙම මහඟු වැදගත් කරුණ සමග එවනු ලැබූ බව සර්වබලධාරී කිර්තිමත් අල්ලාහ් පැහැදිලි කරයි. එනම් දේව ඒකීයත්වය වෙත කරන ඇරයුමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නපුරු බලවේග වලින් වැළකෙනු යැයි (ජනයාට අණ කරනු වස්) සැබැවින්ම අපි සෑම සමූහයකටම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතුරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන්ම ඔවුන් අතුරින් තමන් වෙත මුළාව නියම වූවන් ද වෙති..."(අන්-නහ්ල්: 36)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්රන්ථයක් හෝ ඥානාන්විත සලකුණක් හෝ මා වෙත ගෙන එනු." යැයි නුඹ පවසනු."(අල්-අහ්කාෆ්: 4)අෂ්-ෂෙයික් අස්-සඃදී (රහිමහුල්ලාහ්) මෙසේ පවසයි:(එහෙයින් බහු දේව වාදය ගැන බහු දේවවාදීන්ගේ තර්කය පදනම් වී ඇත්තේ ඒ් පිළිබඳ සාක්ෂි හෝ සාධක මත නොව, ව්යාජ උපකල්පනයන්, දූෂිත මතයන් සහ දූෂිත බුද්ධිය මතය. ඔවුන්ගේ දැනුම්, ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් සොයා බැලීමෙන් සහ (අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දෑට) නමදිමින් කල් ගත කළවුන්ගේ තත්ත්වය දෙස ඔවුනට එය මෙලොවෙහි හෝ මතුලොවෙහි කිසිවක් පළ දුන්නේ දැ?යි අවධානයෙන් බැලීම මඟින් ඔවුන්ගේ දූෂිත තත්ත්වයන් පිළිබඳ ඔබට පැහැදිලි වනු ඇත.)(තයිසීරුල් කරීම් අල් මන්නාන්: 779)

උත්තරීතර වූ සුවිශුද්ධ අල්ලාහ් වනාහි, ඔහු ය මැවුම්කරු, නැමදුමට සුදුසුකම් ලාබියා ඔහු පමණය. ඔහු සමග වෙනත් කිසිවෙකු නැමදුමට ලක් නොවිය යුතුය.

නැමදුමට සුදුසුකම් ලබන්නා අල්ලාහ් වන ඔහු පමණය. ඔහු සමග වෙනත් කිසිවෙකු නැමදුමට ලක් නොවිය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“මිනිසුනි! නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය."“ඔහු නුඹලා ට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද අහස වියනක් බව ට ද පත් කළේය. තව ද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලාගේ පෝෂණ ය පිණිස පලතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත් ව ම නුඹලා අල්ලාහ් ට සමානයන් නොතබනු."(අල් බකරා: 21,22)අප මැවූ අපට පෙර සිටි පරම්පරාවන් මැවූ මහපොළොව අප වෙනුවෙන් ඇතිරිල්ලක් ලෙස ඇති කොට අහසින් වැසි ජලය අප වෙත පහළ කොට ඒමගින් අප වෙනුවෙන් පෝෂණය වශයෙන් බවභෝග මතු කළ අය වනාහී, නැමදුම් ලබන්නට සුදුස්සා වනුයේ ඔහු පමණය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ! ජනයිනි, නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?"(ෆාතිර්: 3)මවා පොෂණය කරන්නා වනාහි, නැමදුම් ලබන්නට සුදුස්සා වනුයේ ඔහු පමණය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔහුය අල්ලාහ්. නුඹලාගේ පරමාධිපතිය. ඔහු හැර නැමඳුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේ ද ඔහුය."(අල් අන්ආම්: 102)අල්ලාහ් හැර නැමදුමට ලක් වන සියලු දෑ නැමදුමට සුදුසු නොවීය. ඊට හේතුව අහස්හි හා මහපොළොවේ අණුවක තරම්වත් කිසිවක් ඒවාට අයිති නැති බැවිණි. එමෙන්ම කිසිදු කටයුත්තකදී අල්ලාහ්ට හවුල් කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ට උදව් කරන්නෙකු හෝ ඔහුට උර දෙන්නෙකු වශයෙන් හෝ නැති බැවිණි. එසේනම් අල්ලාහ් සමග ඔවුන් ඇරයුම් කරනු ලබනුයේ කෙසේ ද? එසේ නැතහොත් ඔහුට හවුල්කරුවකු වශයෙන් ගනුයේ කෙසේ ද? උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්රමාණක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු."(සබඃ: 22)උත්තරීතර වූ සුවිශුද්ධයාණන් අල්ලාහ් වනාහි, සියලු මැවීම් මැව්වේ ඔහු ය. ඒවාට පැවැත්මක් නොතිබූ තත්ත්වයේ සිට ඔහු ඒවාට පැවැත්මක් ඇති කළේය. ඒවා පැවතීම ඔහුගේ පැවැත්මත් ඔහුගේ පරිපාලනකත්වයත් ඔහුගේ දේවත්වයත් පෙන්වා දෙන සාධයකකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:නුඹලා පසින් මැවීම ඔහුගේ සංඥා අතුරිනි. එවිට නුඹලා (මහපොළොවේ) විසිර සිටින මිනිසුන් වූහ. (20)නුඹලා ඇය සමග වාසය කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතුරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත. (21)අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥාවන් ඇත. (22)තවද රාත්රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත. (23)තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව එය මළ පසු ව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත. (24)තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතුරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහුය. (25)තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතුය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති. (26)මැවීම ප්රථමෝත්පාදනය කර පසු ව එය ප්රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි... (27)(අර් රූම්: 20-27)නම්රූද් ඔහුගේ පරමාධිපතිගේ පැවැත්ම හෙළා දුටුවේය. ඔහු ගැන අල්ලාහ් දන්වා සිටි පරිදි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ඔහුට මෙසේ පවසා ඇත:ඉබ්රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ජීවය දෙන්නෙමි. මරණයට ද පත් කරන්නෙමි යැයි පැවසුවේය. එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්රාහීම් පැවසුවේය. එවිට ප්රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ නොපෙන්වන්නේය.(අල් බකරා: 258)එසේම, සැබැවින්ම ඔහුට මග පෙන්වා; ඔහුට ආහාර සපයා; ඔහුට ජලය ද සපයා; ඔහු රෝගී වූ විට ඔහුට සුවය ලබා දුන්නේ අල්ලාහ් වන ඔහු යන වගත් එමෙන්ම ඔහුව මරණයට පත් කර ඔහුට යළි ප්රාණය දෙන්නේ ද ඔහු යන වගත් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා සාධක කර ගත්තේය. අල්ලාහ් ඔහු ගැන පවසන පරිදි ඔහු මෙසේ පවසා ඇත:ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි. (78)තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි. (79)තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි. (80)තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවිය දෙයි. (81)(අෂ්-ෂුඅරා: 78-81)අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ දන්වමින් මෙසේ පවසා සිටී: සැබැවින්ම ඔහු ෆිර්අවුන් සමග තර්ක කරමින් ඔහුට: සැබැවින්ම ඔහුගේ පරමාධිපති වනාහි ඔහු:“සෑම දෙයකට ම ඊට අදාළ ස්වරූපය ලබා දී මඟ පෙන්වූ ඔහු ම, අපගේ පරමාධිපති වේ."(තාහා: 50)අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑ අල්ලාහ් මිනිසා වෙනුවෙන් වසඟ කර දී ඇත. ආශිර්වාදයෙන් ඔහු ඔහු ව ආවරණය කර ඇත. එය ඔහු අල්ලාහ් නමදිනු පිණිස හා ඔහුව ප්රතික්ෂේප නොකරනු පිණිසය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි:“අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නොදුටුවෙහුද? කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන දේව ග්රන්ථයකින් හෝ තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතුරින් වෙති."(ලුක්මාන්:20)අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑ මිනිසා වෙනුවෙන් අල්ලාහ් වසඟ කර දී ඇත්තාක් මෙන්ම සැබැවින්ම ඔහු ඔහු ව මවා ඔහුට අවශ්ය ශ්රවණ ශක්තිය බැල්ම හා හදවත ඔහු සකසා දී ඇත. එය ඔහුට ප්රයෝජනවත් දැනුම ලබනු පිණිස හා ඔහුගේ භාරකරු හා ඔහුගේ මැවුම්කරු හඳුනා ගනු පිණිසය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි:“නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස."(අන්-නහ්ල්: 78)

උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් සකල ලෝකයම මවා ඇත්තේය. එමෙන්ම මිනිසාව මවා ඔහුට අවශ්ය අවයව හා ශක්තිය ඔහුට සකසා දී පසුව අල්ලාහ්ව නැමදීමටත් මහපොළොව පාලනය කිරීමටත් උදව්වන සියලු දෑ ඔහුට දිගු කළේය. පසු ව අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑ ඔහුට වසඟ කළේය.

මෙම ශ්රේෂ්ඨ මැවීම් සඳහා, අල්ලාහ් ඔහුගේ මැවීම් තුළින් ඔහුගේ දේවත්වයට ඇතුළත් වන ඔහුගේ පරිපාලනයට සාධක ගෙන ඇත්තේය. එහෙයින් උත්තරීතර සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:“අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැයි (නබිවරය) නුඹ විමසනු. එවිට 'අල්ලාහ්' යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැයි නුඹ විමසනු."(යූනුස්: 31)සත්ය සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:“අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්රන්ථයක් හෝ ඥානාන්විත සලකුණක් හෝ මා වෙත ගෙන එනු." යැයි නුඹ පවසනු."(අල්-අහ්කාෆ්: 4)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."නුඹලා එය දකින අයුරින් කිසිදු කුලුනකින් තොර ව අහස් ඔහු මැව්වේය. තවද (භූමිය) නුඹලාව නොසැළී සිටීම පිණිස මහපොළොවේ කඳු ඇති කළේය. තවද එහි සෑම ජීවියකුම ව්යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින්ම පැළෑටි හටගැන්වූයෙමු. මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය."(ලුක්මාන්: 10,11)සත්ය සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:ඔවුහු කිසිවක් නොමැති ව (ස්වභාවයෙන් ම) නිර්මාණය කරනු ලැබුවෝ ද?නැත්නම් ඔවුහු (තමන් ව ම) නිර්මාණය කරගත්තෝ ද? (35)එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? නැත, ඔවුහු තිරසාර ලෙස විශ්වාස නොකරති. (36)එසේ නැතහොත් නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර ඔවුන් ළඟ තිබේ ද? එසේ නැතහොත් ඔවුන් ආධිපත්යය දරන්නෝද? (37)(අත්තූර් :35-37)අෂ්-ෂෙයික් අස් සඃදී තුමා මෙසේ පවසා ඇත:(මෙය සත්යයට යටත් වීමට හෝ බුද්ධිමය සහ ආගමික බැඳීමෙන් ඉවත් වීමට හෝ නොහැකි කාරණයක් මගින් ඔවුන් වෙත පෙන්වා දෙන බුද්ධිමය සාධකයකි.)තෆ්සීර් ඉබ්නු සඃදී: 816

7- විශ්වයේ අපි දකින දෑ මෙන්ම අපි නොදකින දෑ ද ඒ හැර ඔහුගේ මැවීම් අතරින් පවතින සෑම මැවීමක්ම ද ඒවායෙහි මැවුම්කරු වන්නේ අල්ලාහ් වන ඔහුය. අල්ලාහ් අහස් හා මහපොළොව දින හයකින් මැව්වේය.

විශ්වයේ අපි දකින දෑ මෙන්ම අපි නොදකින දෑ ද ඒ හැර ඔහුගේ මැවීම් අතරින් පවතින සෑම මැවීමක්ම ද ඒවායෙහි මැවුම්කරු වන්නේ අල්ලාහ් වන ඔහුය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි:අහස්හි හා මහපොළොවේ හිමිපාණන් කවුරුන්දැ?යි නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ්ගෙන් තොර ව තමන් වෙත කිසිදු ප්රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැයි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවිද? එමෙන්ම අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ?යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.(අර් රඃද්: 13) තවද උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි:“...තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවන්නේය."(අන් නහ්ල්: 8)අහස් හා මහපොළොව දින හයකින් අල්ලාහ් මවා ඇත්තේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔහු වනාහි අහස් හා මහපොළොව දින හයක් තුළ මවා අර්ෂ් මත ස්ථාපිත විය. මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට යන දෑ ද ඔහු දනී. තවද නුඹලා කොතැනක සිටිය ද ඔහු නුඹලා සමගය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය."(අල් හදීද්: 4)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද සැබැවින්ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නොවීය."(කාෆ්: 38)

8- උත්තරීතර ශුද්ධවන්ත අල්ලාහ්ට ඔහුගේ පාලනයේ හෝ ඔහුගේ මැවීමෙහි හෝ ඔහුගේ සැලසුම් කිරීමෙහි හෝ ඔහුට නැමදුම් කිරීමෙහි හෝ කිසිදු හවුල්කරුවෙකු නැත.

උත්තරීතර ශුද්ධවන්ත අල්ලාහ්ට ඔහුගේ පාලනයේ හෝ ඔහුගේ මැවීමෙහි හෝ ඔහුගේ සැලසුම් කිරීමෙහි හෝ ඔහුට නැමදුම් කිරීමෙහි හෝ කිසිදු හවුල්කරුවෙකු නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්රන්ථයක් හෝ ඥානාන්විත සලකුණක් හෝ මා වෙත ගෙන එනු." යැයි නුඹ පවසනු."(අල්-අහ්කාෆ්: 4)අෂ්-ෂෙයික් අස්-සඃදී (රහිමහුල්ලාහ්) මෙසේ පවසයි:('නුඹ පවසනු' එනම් අල්ලාහ්ට පිළිම හා සමානයන් ආදේශ කළවුනට පවසනු. සෙත සැලසීමට හෝ හානිය පමුණුවීමට හෝ මරණයට පත් කිරීමට හෝ ප්රාණය දීමට හෝ යළි නැගිටුවීමට හෝ හැකියාවක් ඒවාට නැත. ඔවුන්ගේ පිළිම වල නොහැකියාවත් සැබැවින්ම ඒවා කිසිවක් නැමදුමට සුදුසු නොවන බවත් ඔවුනට පැහැදිලි කරමින් මෙසේ පවසනු: “ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද?" අහස්හි හා මහපොළොවේ යම් කිසි අංගයක් ඔවුන් නිර්මාණය කළේද? කඳු හෙල් නිර්මාණය කළේද? ගංගාවන් ගලා යන්නට සැලැස්වූයේ ද? සතුන් ව්යාප්ත කළේද? ගස් වැවෙන්නට සැලැස්වූයේ ද? මේවායින් කිසිවක් මැවීමට ඔවුන් අතර කිසියම් උදව් කරුවකු වී ද? ඔවුන් හැර වෙනත් අයට ඒවායෙහි ගෞරවය ඇති බැවින් තමන් වෙනුවෙන් එය පිළිගැනීමට ඒ කිසිවක් පිහිටා නැත. අල්ලාහ් හැර පවතින සෙසු සියලු නැමදුම් ව්යාජ බවට මෙය ඉතා බලවත් බුද්ධිමය සාධකයක් වේ.)(පසු ව සම්ප්රේෂණ සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: “මීට පෙර වූ ග්රන්ථයක් මා වෙත ගෙන එනු." එනම් දේව ආදේශය වෙත ඇරයුම් කරන ග්රන්ථයක්. “එසේ නැතහොත් ඥානාන්විත සලකුණක් ගෙන එනු" එනම් මේ ගැන නියෝග කරන දූතවරුන් විසින් උරුම වූ නිල සඳහනක්. ඒ ගැන පෙන්වා දෙන සාධකයක් කිසිදු දූතයකු විසින් ගෙන ඒමට ඔවුනට නොහැකි බව මැනවින් දන්නා කරුණකි. සියලුම දූතවරු තම පරමාධිපතිගේ ඒකීයත්වය වෙත ඇරයුම් කළ අතර ඔහුට ආදේශ තැබීමෙන් වැළැක්වූහ. එය ඔවුනට බලපාන ශ්රේෂ්ඨතම දැනුමයි.)තෆ්සීර් ඉබ්නු සඃදී: 779උත්තරීතර ශුද්ධවන්තයාණන් වන අල්ලාහ් සියලු රාජ්යයන්හි අධිපතිය. ඔහුගේ ආධිපත්යය තුළ කිසිදු හවුල් කරුවකු නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:(නබිවරය) නුඹ පවසනු. සියලු රාජ්යවල අධිපතියාණනි, ඔබ අභිමත අයට රාජ්ය බලය පිරිනමන්නෙහිය. ඔබ අභිමත අයගෙන් රාජ්ය බලය ඉවත් කරන්නෙහිය. තවද ඔබ අභිමත අය ව උසස් කරන්නෙහිය. ඔබ අභිමත අය ව පහත් කරන්නෙහිය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන්ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය."(ආලු ඉම්රාන්: 26)මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සම්පූර්ණ පාලනාධිකාරී බලය ඔහු සතු බව පැහැදිලි කරමින් උත්තරීතර අල්ලාහ්මෙසේ පවසයි:“එදින ඔවුහු එළිමහනේ ඉදිරියට පැමිණෙන්නන් වෙති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙතින් නොසැඟවෙයි. එදින ආධිපත්යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණය."(ගාෆිර්: 16)උත්තරීතර ශුද්ධවන්ත අල්ලාහ්ට ඔහුගේ පාලනයේ හෝ ඔහුගේ මැවීමෙහි හෝ ඔහුගේ සැලසුම් කිරීමෙහි හෝ ඔහුට නැමදුම් කිරීමෙහි හෝ කිසිදු හවුල්කරුවෙකු නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“සියලු ප්රශංසා අල්ලාහ්ටමය. (ඔවුන් පවසන අන්දමින්) ඔහු වනාහි ඔහු දරුවෙකු නොගත්තේ ය. තවද පාලනයෙහි ඔහුට කිසිදු හවුල්කරුවකු ද නොවීය. දුර්වල සහකාරයකු ද නොවීය යැයි නුඹ පවසනු. තවද නුඹ ඔහු ව අති ශ්රේෂ්ඨ අන්දමින් විභූතිමත් කරනු."(අල් ඉස්රා: 111)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය ඔහු සතුය. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය."(අල් ෆුර්කාන්: 2)ඔහු රජුය. ඔහු හැර සෙසු සියලු දෑ ශුද්වන්තයාණන්ට යටත්ය. ඔහු මැවුම්කරුය. ඔහු හැර සෙසු සියලු මැවීම් ඔහු සතුය. කරුණු සැලසුම් කරන්නේ ඔහුය. මෙම කරුණ කවරෙකු සතු වන්නේ ද ඔහුට නැමදුම් කිරීම අනිවාර්යය වේ. ඔහු හැර වෙනත් දෑ නැමදුම් කිරීම බුද්ධිහීනකමකි. මෙලොව හා මතුලොව විනාශ කර දමන ආදේශයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ“යි ඔවුහු තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්රාහීම් ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය“ යැයි පවසනු."(අල් බකරා: 135)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය."(අන් නිසා: 125)මිතුරු ඉබ්රාහීම්ගේ (අලයිහිස් සලාම්) පිළිවෙත නොවන වෙනත් පිළිවෙතක් සැබැවින්ම කවරෙකු අනුගමනය කළේ ද ඔහු ඔහුවම මෝඩයකු බවට පත් කර ගෙන ඇතැයි සත්ය ශුද්ධවන්තයාණන් පැහැදිලි කරමින් මෙසේ පවසයි:“තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතුරිනි."(අල් බකරා: 130)

9- සුවිශුද්ධ අල්ලාහ් කිසිවකු ජනිත කළේ නැත. එමෙන්ම ඔහු බිහි කරනු ලැබුවේ ද නැත. ඔහුට කිසිදු සමානයක් හෝ ආදේශයක් හෝ නැත.

සුවිශුද්ධ අල්ලාහ් කිසිවකු ජනිත කළේ නැත. එමෙන්ම ඔහු බිහි කරනු ලැබුවේ ද නැත. ඔහුට කිසිදු සමානයක් හෝ ආදේශයක් හෝ නැත. සුවිශුද්ධයාණන් මෙසේ ප්රකාශ කරයි:(නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (1)අල්ලාහ් ස්වාධීනය. (2)ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3)තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. (4)(අල් ඉක්ලාස්: 1-4)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට ගැතිකම් කිරීම සඳහා ඉවසීමෙන් දරා සිටිනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?"(මර්යම්: 65)කීර්තිමත් සත්යවන්තයාණන් මෙසේ පවසා සිටියි:(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපකයාය. නුඹලා තුළින්ම නුඹලා සඳහා වූ ජෝඩු ද එමෙන්ම ගොවිපළ සතුන් අතුරින් ජෝඩු ද ඔහු ඇති කළේය. එහි නුඹලා ව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය. සර්ව නිරීක්ෂකය."(අෂ් ෂූරා: 11)

10- උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් කිසිවක් තුළ ට ආරූඪ නොවෙයි. ඔහුගේ කිසිදු මැවීමක් තුළ ශරීර ගත නොවෙයි.

උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් කිසිවක් තුළ ට ආරූඪ නොවෙයි. ඔහුගේ කිසිදු මැවීමක් තුළ ශරීර ගත නොවෙයි. කිසිවක් සමග ඔහු සංයුක්ත නොවේ. එයට හේතුව සැබැවින්ම අල්ලාහ් වන ඔහු මැවුම්කරුය. ඔහු හැර වෙනත් දෑ මවනු ලැබූවන්ය. ඔහු සදා පවතින්නාය. ඔහු හැර වෙනත් දෑ විනාශය වෙත යොමු වනු ඇත. සෑම කරුණක් මතම ඔහු ආධිපත්යය දරන්නාය. එහි හිමිකරුය. ඔහුගේ කිසිදු මැවීමක් තුළට ඔහු ගොඩ වදින්නේ නැත. එමෙන්ම ඔහුගේ කිසිදු මැවීමක් ශුද්ධවන්තයාණන්ගේ පැවැත්මෙහි ගොඩ වදින්නේ ද නැත. අල්ලාහ් සුවිශුද්ධය. උත්තරීතය. සියලු දෑට වඩා ශ්රේෂ්ඨය. සියලු දෑට වඩා උත්කෘෂ්ටය. සැබැවින්ම මසීහ් තුළ අල්ලාහ් ආරූඪ වී ඇති බව විශ්වාස කරන්නන් හෙළා දකිමින් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“සැබැවින්ම අල්ලාහ් වනුයේ මර්යම්ගේ පුත් මසීහ්ම යැයි පැවසූ අය ප්රතික්ෂේප කළෝය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් කිසිවකින් (ආරක්ෂා කිරීමට) ආධිපත්යය දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතුය. ඔහු සිතන දෑ මවන්නේය. තවද සියලු දෑ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය."(අල් මාඉදා: 17)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.තව ද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසක ට හැරුණ ද එහි අල්ලාහ් ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්යාපක ය. සර්ව ඥානී ය. (115)තව ද අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස් හි හා මහපොළොවෙ හි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහු ට අවනත වන්නන් ය.(116)අහස් හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එය ට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.(117)(අල් බකරා: 115-117)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ. (88)සැබැවින්ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත. (89)ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් තැත් කරයි. (90)මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුහු ඇමතූ හෙයිනි. (91)තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්ය නොවීය. (92)අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෙනා මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙස පැමිණෙනු මිස නැත. (93)සැබැවින්ම ඔහු ඔවුන් සටහන් කර ඇත. එමෙන්ම ඔහු ගණන් බැලීමකින් ඔවුන් ගණන් කොට ඇත. (94)තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනි ව පැමිණෙනු ඇත. (95)(මර්යම් 88-95)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ සිංහාසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය."(අල් බකරා: 255)එවැනි බලවත් තත්ත්වයකින් සිටින ඔහු මෙවැනි තත්ත්වයක් ඇති ඔහුගේ මෑවීම් අතරින් කිසිවෙකු තුළ ගොඩ බසින්නේ කෙසේ ද? එසේ නැතහොත් ඔහු වෙනුවෙන් දරුවකු ගන්නේ කෙසේද? එසේ නැතහොත් ඔහු සමග දෙවියෙකු පත් කළ හැක්කේ කෙසේද?

11- උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට මහා කාරුණිකය. දයාලුය. එහෙයින් ඔහු දූතවරුන් එව්වේය. දිව්යමය ග්රන්ථ පහළ කළේය.

උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට මහා කාරුණිකය. දයාලුය. එහෙයින් දේව ප්රතික්ෂේපය හා ආදේශය යන අන්ධකාරයෙන් ඔහු ඔවුනට දේව ඒකීයත්වය හා යහමඟ යන ආලෝකය වෙත මග පෙන්වනු පිණිස ඔවුන් වෙත ඔහු දූතවරුන් එවීමත් ඔවුන් වෙත දිව්යමය ග්රන්ථ පහළ කිරීමත් ඔහුගේ කරුණා දයාවෙන් වූවකි.“ඔහු වනාහි නුඹලා ව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරන්නේය. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්තය. මහා කාරුණිකය."(අල් හදීද්: 9)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු."(අල් අන්බියා: 107)සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලී මහා කාරුණික බව ගැත්තන්හට දන්වා සිටින මෙන් අල්ලාහ් ඔහුගේ නබිවරයාට නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:“... නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු."(අල් හිජ්ර්: 49)ඔහුගේ කරුණාව හා ඔහුගේ දයාව හේතුවෙන් ඔහු හානිය ඉවත් කොට ඔහුගේ ගැත්තන්හට යහපත පහළ කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට එය ඇති කරයි. තවද ඔහු අතික්ෂමාශීලීය. අසමසම කරුණා ගුණයෙන් යුක්තය."(යූනුස්: 107)

12- අල්ලාහ් වන ඔහුය මහා කාරුණික පරමාධිපතියාණන්. ඒකීය වන ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් ඔවුන්ගේ මිණිවලවල්වලින් නැගිටුවනු අවස්ථාවේ ඔවුන්ගෙන් විනිශ්චය කරනු ඇත. පසුව සෑම පුද්ගලයකුටම ඔහු කළ යහපතක් හෝ වේවා අයහපතක් හෝ වේවා ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. එහෙයින් කවරෙකු දෙවියන් විශ්වාස කරන්නෙකු ලෙස සිටිමින් දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුට සදා සතුටුදායක සැප සම්පත් ඇත. කවරෙකු ප්රතික්ෂේප කොට නපුරුකම් සිදු කළේ ද ඔහුට මතුලොවෙහි අතිමහත් දඬුවම ඇත.

අල්ලාහ් වන ඔහුය මහා කාරුණික පරමාධිපතියාණන්. ඒකීය වන ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් ඔවුන්ගේ මිණිවලවල්වලින් නැගිටුවනු අවස්ථාවේ ඔවුන්ගෙන් විනිශ්චය කරනු ඇත. පසුව සෑම පුද්ගලයකුටම ඔහු කළ යහපතක් හෝ වේවා අයහපතක් හෝ වේවා ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. එහෙයින් කවරෙකු දෙවියන් විශ්වාස කරන්නෙකු ලෙස සිටිමින් දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුට සදා සතුටුදායක සැප සම්පත් ඇත. කවරෙකු ප්රතික්ෂේප කොට නපුරුකම් සිදු කළේ ද ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් දඬුවම ඇත. සුවිශුද්ධ අල්ලාහ්ගේ සාධාරණත්වයේ පූර්ණභාවය, ඔහුගේ ප්රඥාව, ඔහුගේ මැවීම් කෙරෙහි වූ ඔහුගේ කරුණාව යනාදිය තුළින් ඔහු මෙලොව ක්රියා කිරීමේ නිවහන ලෙසත් දෙවන ලෝකය ඒ සඳහා වූ ප්රතිඵල විනිශ්චය හා තිළිණ සඳහා වූ නිවහන ලෙසත් අල්ලාහ් ඇති කළේය. ඒ අනුව දැහිමියා ඔහුගේ දැහැමි ක්රියාවන් සඳහා තිළිණ ලබන අතර පාපියා, අපරාධකරුවා හා කලහකාරියා ඔහුගේ කලහකාරිත්වය හා ඔහුගේ අපරාධය හේතුවෙන් දඬුවම ලබනු ඇත. සැබැවින්ම මෙම කරුණ සම්බන්ධයෙන් ඇතැම් ආත්මාවන් දුරස් වන්නට බලති. සැබැවින්ම යළි අවදි කිරීම සත්යයක් බවත් එහි කිසිදු සැකයක් නොමැති බවත් පෙන්වා දෙන බොහෝ සාධක සැබැවින්ම අල්ලාහ් ස්ථාපිත කොට ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතුරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන්ම ඒවාට ජීවය දුන් අය මළවුනට ද ජීවය දෙන්නාමය. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය."(ෆුස්සිලත්: 39)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ ජනයිනි, නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද පසු ව ශුක්රාණුවෙන්ද පසු ව ලේ කැටියෙන් ද පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ් තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. එවිට අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි."(අල් හජ්: 5)මෙම පාඨයේ යළි අවදි කරනු ලැබීම ගැන පෙන්වා දෙන බුද්ධිමය සාධක තුනක් සත්යවන්තයාණෝ මෙනෙහි කර ඇත්තාහ. ඒවානම්:

1- සැබැවින්ම මිනිසා වනාහි, අල්ලාහ් ඔහු ව පළමු වරට පසින් මැව්වේය. මිනිසා ව පසින් මැවූ ඔහු මිනිසා පස් බවට පත්වීමෙන් පසු යළි ජීවය දීමේ හැකියාව ඇත්තාය.

2- සැබැවින්ම ශුක්රාණුවෙන් මිනිසා මැවූ ඔහු මිනිසා මිය ගිය පසු යළි ජීවය ලබා දීමේ හැකියාව ඇත්තාය.

3- භූමිය මිය ගිය පසු වර්ෂාපතනයෙන් එය ජීවමානය කළ ඔහු මිනිසුන් මිය ගිය පසු ඔවුනට යළි ජීවය ලබා දීමේ හැකියාව ඇත්තාය. මෙම පාඨයේ අල්-කුර්ආනයේ ප්රාතිහාර්යය පෙන්වා දෙන අතිශය සාධකයක් ඇත. බැරූරුම් ගැටලුවක් සම්බන්ධයෙන් පැහැදිළි බුද්ධිමය සාධක තුනක් මෙම පාඨයේ -එය දිග් නොවූව ද- ගොනු වී ඇති ආකාරය විමතියකි!

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“පොත් හි ලේඛන හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්රතිඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි එය සිදු කරන්නන් වෙමු."(අල් අන්බියා - 104)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඔහු අපට උපමා ගෙන හැර පාන්නේය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේය. 'අස්ථි දිරාපත් ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවුදැ'යි ඔහු විමසයි." (78)“'මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳ ව සර්වඥානීය' යැයි (නබිවරය) ඔබ පවසනු." (79)(යාසීන් 78,79)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.මැවීමට බලවත් වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය. (27)ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය. (28)තවද ඔහු එහි රාත්රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය. (29)තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය. (30)ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද බිහි කළේය. (31)තවද කඳු එය ඔහු ස්ථාවරව ස්ථාපිත කළේය. (32)(අන් නාසිආත් 27-32)මිනිසා මැවීම, අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද මැවීමට වඩා අසීරු කාර්යයක් නොවන බව සත්යවන්තයාණෝ පැහැදිලි කළහ. අහස් හා මහපොළොව මැවීමට හැකියාව ඇත්තා මිනිසාව දෙවන වරට යළි අවදි කිරීමට නොහැකි අයකු නොවන්නේ ය.

13- උත්තරීතර ශුවිශුද්ධයාණන් වන අල්ලාහ් ආදම් ව පසින් මැව්වේය. ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර වැඩි කර ගන්නට ඉඩ හැරියේය. එහෙයින් මිනිසුන් සියලු දෙනා එකම මූලයකින් පැවත එන සමානකම් ඇත්තන්ය. යම් ජාතියක් තවත් ජාතියකට වඩා හෝ යම් පිරිසක් තවත් පිරිසකට වඩා හෝ තක්වා හෙවත් දේව බිය හැඟීමෙන් මිස ශ්රේෂ්ඨත්වයක් නොමැත.

උත්තරීතර ශුවිශුද්ධයාණන් වන අල්ලාහ් ආදම් ව පසින් මැව්වේය. ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර වැඩි කර ගන්නට ඉඩ හැරියේය. එහෙයින් මිනිසුන් සියලු දෙනා එකම මූලයකින් පැවත එන සමානකම් ඇත්තන්ය. යම් ජාතියක් තවත් ජාතියකට වඩා හෝ යම් පිරිසක් තවත් පිරිසකට වඩා හෝ තක්වා හෙවත් දේව බිය හැඟීමෙන් මිස ශ්රේෂ්ඨත්වයක් නොමැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්රිකයින් බවට පත් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය."(අල් හුජුරාත්: 13)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද අල්ලාහ් නුඹලා පසින් ද පසු ව ශුක්රාණුවෙන් ද මැව්වේය. පසු ව නුඹලා ජෝඩු වශයෙන් ඇති කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නොගනී. එමෙන්ම ඇය ප්රසූත නොකරයි. ලේඛනයේ සටහන් ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නොලැබෙයි. එමෙන්ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නොලැබෙයි. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි."(අල් ෆාතිර් 11)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“මැටියෙන් ද පසු ව ශුක්රාණු බිඳුවකින් ද පසු ව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහුය. පසු ව ඔහු නුඹලා බිළිදෙකු වශයෙන් බැහැර කරයි. පසු ව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතුරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. නුඹලා වටහා ගත හැකි වනු පිණිස (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරියි."(ඝාෆිර්: 67)අල්ලාහ් ආදම් (අලයිහිස් සලාම්) තුමාව 'කුන්' -වනු- යන නියමයෙන් පසින් මැව්වාක් සේම මසීහ් නොහොත් ඊසා (අලයිහිස් සලාම්) තුමාව 'කුන්'-වනු- යන නියමයෙන් සැබැවින්ම ඔහු මවා ඇති බව පැහැදිලි කරමින් අල්ලාහ් ප්රකාශ කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහු ව ඔහු පසින් මවා පසු ව ඔහුට 'වනු' යැයි පැවසුවේය. එවිට ඔහු ඇති විය."(ආලු ඉම්රාන්: 59)සැබැවින්ම දේව හැඟීමෙන් කටයුතු කිරීම යන කාරණාවෙන් මිස කෙනෙකුට තවත් කෙනෙකුට වඩා ශ්රේෂ්ඨත්වයක් නොමැති බවත් සියලු මිනිසුන් එක සමාන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කර ඇති බව දෙවන ඡේදයේ කලින් සඳහන් කරනු ලැබීය.

14- සෑම දරුවකුම සහජ ස්වභාවෙයන් බිහි කරනු ලැබේ.

සෑම දරුවකුම සහජ ස්වභාවෙයන් බිහි කරනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට කිසිදු පෙරළීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති."(අර් රූම්: 30) හනීෆ් - අවංක පිළිවෙත යනුවෙන් සඳහස් කරනුයේ මිතුරු ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“පසු ව නුඹ ඉබ්රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය. යැයි අපි නුඹ වෙත දේව පණිවිඩය දන්වා සිටියෙමු."(අන්-නහ්ල්: 123)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.“කිසියම් දරුවකු සහජ ස්වභාව ධර්මය මත මිස උපත ලබන්නේ නැත. නමුත් ඔහුගේ දෙමාපියන් ඔහුව යුදෙව්වකුට බවට පත් කරති. එසේ නැතහොත් කිතුනුවකු බවට පත් කරති. එසේ නැතහොත් අග්නි ලබ්දිකයකු බවට පත් කරති. එය සත්වයෙක් අඩුපාඩු රහිත පූර්ණ සත්ව පැටියකු බිහි කරන්නාක් මෙනි. ඒ තුළ කිසිදු අඩුපාඩුවක් ඇතැයි නුඹලාට සිතිය හැකි ද?"පසු ව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියි:“... (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට කිසිදු පෙරළීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති."(අර් රූම්: 30)(සහීහ් අල් බුහාරි: 4775)අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:“දැනගනු! මාගේ මෙදින මට ඔහු ඉගැන්වූ දැයින් නුඹලා නොදන්නා දෑ නුඹලාට උගන්වන මෙන් මාගේ පරමාධිපති මට අණ කර ඇත. ගැත්තකු වෙත මා පිරිනැමූ සියලු සම්පත් අනුමතය. මාගේ ගැත්තන් සියලු දෙනා ඉතා පිවිතුරු පිළිවෙතක් මත මම මවා ඇත්තෙමි. නමුත් ෂෙයිතානුන් ඔවුන් වෙත පැමිණ ඔවුන්ගේ දහම ඔවුනට සැඟවීය. ඔවුනට මම අනුමත කළ දෑ ඔවුන් වෙත තහනම් කළේය. මා කිසිදු ආධිපත්යයක් පහළ නොකළා වූ දෑ මට ආදේශ කරන මෙන් ඔවුනට නියෝග කළේය."මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. 2865

15- තවත් කෙනෙකුගේ වරදක් වෙනුවෙන් වැරදිකුරුවකු ලෙසින් හෝ එය උරුම කරගත් අයකු ලෙසින් හෝ කිසිදු මිනිසෙකු උපත ලබන්නේ නැත.

තවත් කෙනෙකුගේ වරදක් වෙනුවෙන් වැරදිකුරුවකු ලෙසින් හෝ එය උරුම කරගත් අයකු ලෙසින් හෝ කිසිදු මිනිසෙකු උපත ලබන්නේ නැත. සැබැවින්ම ආදම් (අලයිහිස් සලාම්) තුමා දේව නියෝගයට විරුද්ධව කටයුතු කර ඔහු හා ඔහුගේ බිරිය හව්වා නියමිත ගසින් අනුභව කළ හේතුවෙන් සැබැවින්ම ඔහු පසුතැවිලි වී පාපක්ෂමාව අයැද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටි විට දැහැමි වදන් ඔහු ප්රකාශ කරන තෙක් අල්ලාහ් ඔහුට අවකාශය දුන් බවත් පසුව ඔහු එය පවසා ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටි බවත් අල්ලාහ් දන්වා සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු. (35)එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් ලිස්සා හැරෙව්වේ ය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. නුඹලා ට නියමිත කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු. (36)පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තය. (37)නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු." (38)(අල් බකරා: 35-38)අල්ලාහ් ආදම් (අලයිහිස් සලාම්) තුමාට පාපක්ෂමාව පිරිනැමීමෙන් ඔහු තවදුරටත් පාපය උසුලන්නෙකු බවට සලකනු ලැබුවේ නැත. ඉන් පසු ඔහුගේ පරපුර වරද උරුම කර ගත්තේ ද නැත. පාපක්ෂමාව තුළින් සැබැවින්ම එය ඉවත් විය. මූල ධර්මය වනුයේ පුද්ගලයකු වෙනත් කෙනෙකුගේ පව් බර නොඋසුලනු ඇතැයි යන්නය.“...සෑම ආත්මයක්ම එයට එරෙහි ව මිස වෙනෙකක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර උසුලන්නේ ද නැත. පසු ව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. අනතුරු ව නුඹලා කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටිනු ඇත."(අල් අන්ආම්: 164)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිවය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නොසිටියෙමු."(අල් ඉස්රා: 15)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද උසුලන්නෙකු තවකෙකුගේ බර නොඋසුලයි. බරක් එය ඉසිලීමට ඇරයුම් කළ ද ඔහු සමීප ඥාතියකු වුව ද ඉන් කිසිවක් උසුලනු නොලබයි. නියත වශයෙන්ම ඔබ අවවාද කරනුයේ නොපෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත් ව ඉටු කළ අයටය. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ටමය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය."(අල් ෆාතිර් 18)

16- මිනිසුන් මැවීමේ අරමුණ වනුයේ අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදුම් කිරීමය.

මිනිසුන් මැවීමේ අරමුණ වනුයේ අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදුම් කිරීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි."(අද් දාරියාත්: 56)

17- ඉස්ලාමය - පිරිමින් හෝ වේවා කාන්තාවන් හෝ වේවා - මිනිසාට ගෞරවය පුද කර ඇත. ඔහුගේ පූර්ණ අයිතිය ඔහුට පවරා ඇත. ඔහුගේ අනෙකුත් තෝරා ගැනීම් ඔහුගේ ක්රියාවන් හා ඔහුගේ ගනුදෙනු පිළිබඳ වග කියනු ලබන්නෙකු බවට ඔහු පත් කළේය. තමන්ට හානියක් කිරීම හෝ සෙසු අයට හානි පමුණුවීම ගැන වග කියනු ලැබීම ඔහු මත පැවරුවේය.

ඉස්ලාමය - පිරිමින් හෝ වේවා කාන්තාවන් හෝ වේවා - මිනිසාට ගෞරවය පුද කර ඇත. උත්තරීතර අල්ලාහ් මිනිසා මහපොළොවේ නියෝජිතයෙකු වීම සඳහා ඔහු ඔහු ව මවා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"...තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිත (පරම්පරාවක්) පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු."(අල් බකරා: 30)මෙම ගරු කිරීම ආදම්ගේ දරුවන් සියලු දෙනා ආවරණය කරන්නකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන්ට ගරු කළෙමු. ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන් මහිමයට පත් කරමින් උසස් කළෙමු."(අල් ඉස්රා: 70)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු."(අත්-තීන්: 4)අල්ලාහ් හැර අවනතභාවයට ලක් වන; පිළිපදිනු ලබන; නැමදුම් ලබන දෑට සිත් තුළ යටහත් පහත් භාවයක් හා අනුගමනය කිරීමක් ඇති කර ගැනීම අල්ලාහ් මිනිසාට තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:(අවනත වීමට) අල්ලාහ් හැර සමානයන් පත් කර ගන්නා අය ජනයා අතුරින් වෙති. අල්ලාහ්ට ප්රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්රිය කරන්නන් වෙති. අපරාධකරුවන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව ඔවුන් දැන ගත යුතු නොවේ ද? (යැයි පවසති.) අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන් වී ඔවුහු දඬුවම දැක ඔවුන් අතර තිබූ සාධක නිෂ්ඵල වී ගිය විට (ඔවුහු දැඩි පීඩාවට පත් වෙති.)"(අල් බකරා: 165,166)මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කරන්නන් හා අනුගමනය කරනු ලැබූවන්ගේ ව්යාජභාවය පැහැදිලි කරමින් අල්ලාහ් මෙසේ පවසයි:“උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා 'නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසු ව එයින් වැළැක්වූයේ අප දැ'යි විමසති. 'එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.'" (32)“දුර්වල වූවන් උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ් ව අප ප්රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්රණය වේ" යැයි පවසති. දඬුවම ඔවුහු දුටු කළ පසුතැවිල්ලට පත් වෙති. ප්රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදුකරමින් සිටි දෑට මිස ඔවුන් ප්රතිඵල දෙනු ලබන්නෙහු ද?" (33)(සබඃ: 32-33)නොමග හැරිය ප්රචාරකයින් හා නායකයින්හට ඔවුන්ගේ බර සමඟ ඔවුන්ගේ මග පෙන්වීමෙන් නොදැනුවත්ව මුළා වූ අයගේ බර උසුලන්නට සැලැස්වීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ගේ පූර්ණ සාධාරණත්වයෙන් වූවකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොර ව නොමග හැරියවුන්ගේ බර ඔවුන් පූර්ණ ලෙස උසුලනු පිණිසය. දැන ගනු ඔවුන් උසුලන දෑ නපුරුය."(අන් නහ්ල්: 25)ඉස්ලාමය මිනිසාට ඔහුගේ පූර්ණ අයිතිය මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි පවරා ඇත. ඉස්ලාමය එසේ පැවරූ හා මිනිසාට පැහැදිළි කළ එම අයිතීන් අතරින් වඩා වැදගත් වනුයේ: මිනිසා කෙරෙහි පැවරුණු අල්ලාහ්ගේ අයිතිය හා අල්ලාහ් මත පැවරුණු මිනිසාගේ අයිතියයි.මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා: 'මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පසුපසින් සිටියෙමි. එවිට එතුමා: 'අහෝ මුආද්' යැයි ඇමතූහ. මම: 'ඔබ සමීපයෙන් සිටිමි. ඔබ අසළ සම්මුඛව සිටිමි යැයි පැවසුවෙමි. පසු ව එසේ තුන්වරක් විමසා සිටියේය. එතුමා: 'ගැත්තන් හට නියම වූ අල්ලාහ්ගේ අයිතිය කුමක් දැයි ඔබ දන්නෙහි දැ?'යි ප්රශ්න කළහ. මම: 'නැත' යැයි පැවසුවෙමි. එතුමා: 'ගැත්තන් හට නියම වූ අල්ලාහ්ගේ අයිතිය වනුයේ ඔවුහු ඔහුට ගැතිකම් කිරීමත් කිසිවක් ඔහුට ආදේශ නොකිරීමත්ය' යැයි පැවසූහ. පසුව හෝරාවක් පමණ ඇවිද ගොස් පසු ව එතුමා: 'අහෝ මුආද්!' යැයි ඇමතූහ. 'මම ඔබ සමීපයෙන් සිටිමි. ඔබ අසළ සම්මුඛව සිටිමි යැයි පැවසුවෙමි. එතුමා: 'ඔවුන් එසේ සිදු කළ විට අල්ලාහ් තමන්හට නියම කරගත් මිනිසාගේ අයිතිය කුමක් දැයි විමසමින් එය ඔහු ඔවුනට දඬුවම් නොකර සිටීමය යැයි පැවසූහ.(සහීහ් අල් බුහාරි: 6840)ඉස්ලාමය මිනිසාට ඔහුගේ ආගමික අයිතිය, ඔහුගේ පරම්පරාවේ අයිතිය මෙන්ම ඔහුගේ ධනය හා මාන්යයේ අයිතිය පවරා ඇත.එතුමාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ පවසා සිටියහ:“නුඹලාගේ මේ නගරයේ නුඹලාගේ මේ මාසයේ නුඹලාගේ මේ දිනය (ගෞරවයට පත් කොට ඒවා) තහනම් කළාක් මෙන්ම සැබැවින්ම අල්ලාහ් නුඹලාට නුඹලාගේ රුධිරය, නුඹලාගේ ධනය, නුඹලාගේ මාන්යය (ගෞරවයට පත් කොට ඒවා) තහනම් කර ඇත්තේය."(සහීහ් අල් බුහාරි: 6501)දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙම මහඟු ප්රතිඥාව සහාබාවරුන් සිය දහසකට අධික සංඛ්යාවක් සම්මුඛව සිටියදී 'හජ්ජතුල් වදා' නම් සමුගැනීමේ හජ් අවස්ථාවේ දන්වා සිටියහ. මෙම අර්ථය එතුමා නැවත නැවතත් ප්රකාශ කළ අතරම 'හජ්ජතුල් වදා' හි අවුරුදු දින එය තහවුරු කොට පවසා සිටියේය.මිනිසාගේ අනෙකුත් තෝරා ගැනීම්, ඔහුගේ ක්රියාවන් හා ඔහුගේ ගනුදෙනු පිළිබඳ වගකියන්නෙකු බවට ඉස්ලාම් ඔහුව පත් කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“සෑම මිනිසකුටම ඔහුගේ ක්රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැඳ තැබුවෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත."(අල් ඉස්රා: 13)එනම්: කවර යහපතක් වුවද නපුරක් වුව ද අල්ලාහ් එය ඔහුට අනිවාර්යය කරනු ඇත. එය ඔහු හැර වෙනත් කෙනෙකු වෙත තරණය නොවේ. වෙනත් කෙනෙකුගේ ක්රියාව පිළිබඳ ඔහුගෙන් විනිශ්චය කරනු නොලබයි. ඔහුගේ ක්රියාවන් පිළිබඳ වෙනත් කෙනෙකුගෙන් විනිශ්චය කරනු නොලබයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය."(අල් ඉන්ෂිකාක්: 6)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ."(ෆුස්සිලත්: 46)තමන්ට හානි කරවන හෝ වෙනත් අයට හානි කරවන කවර ක්රියාවක් හෝ වේවා එය මිනිසාට වගකිව යුත්තක් බවට ඉස්ලාමය පවරා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“කවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ටම එරෙහිවය. තවද අල්ලාහ් සර්වඥානී සර්ව ප්රඥාවන්ත විය."(අන් නිසා: 111)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඒ හේතුවෙන් ඉස්රාඊල්ගේ දරුවනට සැබැවින්ම ප්රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමානය. තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය..."(අල් මාඉදා: 32)අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:“කිසියම් ආත්මයක් අපරාධකාරී ලෙසින් ඝාතනය කරනු ලබන්නේ නම් එහි රුධිර වන්දියෙන් කොටසක් පළමු මිනිසා වන ආදම්ගේ දරුවා මත ද පිහිටනු මිස නැත. ඊට හේතුව සැබැවින්ම ඝාතන න්යායය ආරම්භ කළ මුල් තැනැත්තා ඔහු බැවිණි."(සහීහ් මුස්ලිම්: 5150)

18- ක්රියාව, වගකීම, ප්රතිඵල හා කුසල් අනුව ඉස්ලාමය පිරිමියා හා කාන්තාව සම තත්ත්වයට පත් කර ඇත.

ක්රියාව, වගකීම, ප්රතිඵල හා කුසල් අනුව ඉස්ලාමය පිරිමියා හා කාන්තාව සම තත්ත්වයට පත් කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාස කරන්නෙකු ලෙස සිටිය දී යහකම් අතුරින් කවරෙකු හෝ යහපත කරන්නේ නම් එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. අල්ප ප්රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති."(අන් නිසා: 124)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසවන්තයකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල වලට අපි ඔවුනට යහපත පිරිනමන්නෙමු."(අන් නහ්ල්: 97)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය."(ඝාෆිර්: 40)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“නියත වශයෙන්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තිනියන් ද අවනත වන්නන් හා අවනත වන්තියන් ද සත්යවාදීන් හා සත්යවාදිනියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලිවන්තියන් ද බියබැතිමත් වන්නන් හා බියබැතිමත් වන්නියන් ද පරිත්යාගශීලීන් හා පරිත්යාගශීලිනියන් ද උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන්ගේ ලිංගේන්ද්රියන් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද අල්ලාහ් ඔවුනට සමාව හා මහත් ප්රතිඵල සූදානම් කර ඇත."(අල් අහ්සාබ්: 35)

19- ඉස්ලාමය කාන්තාවට ගරුත්වය ලබා දී ඇත. කාන්තාව ද පිරිමියාගෙන් බිඳී ආ අය ලෙස සලකයි. පිරිමියා හැකියාව ඇත්තෙකු වී නම් වියදම් කිරීම ඔහු මත පවරා ඇත. ඒ අනුව දියණියගේ වියහියදම් ඇයගේ පියා මත පැවරේ. මවගේ වියහියදම් ඇයගේ දරුවා වැඩුණු හැකියාවක් ඇති අයකු වී නම් ඔහු මත පැවරේ. බිරියගේ වියහියදම් ඇයගේ ස්වාමිපුරුෂයා මත පැවරේ.

කාන්තාව පිරිමියාගෙන් බිඳී ආ අය ලෙස ඉස්ලාමය සලකයි.නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ.කාන්තාවෝ පිරිමින්ගෙන් බිඳී ආ අය වෙති.මෙය තිර්මිදි විසින් වාර්තා කොට ඇත: 113දරුවකු හැකියාව ඇත්තෙකු වූ විට සිය මවට වියදම් කිරීම ඒ දරුවා කෙරෙහි අනිවාර්යය කර තිබීම ඉස්ලාම් කාන්තාවන්ට දක්වා ඇති ගෞරවයෙන් එකකි.අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ.“ඔබේ මවට ඔබේ පියාට ඔබේ සහෝදරියට ඔබේ සහෝදරයාට පසුව ඔබට පහළින් සිටින ඊටත් පහළින් සිටින අයට පිරිනමන්නාගේ අත උසස්ය."ඉමාම් අහ්මද් එය වාර්තා කර ඇතඅල්ලාහ්ගේ අවසරයෙන් දෙමව්පියන්ගේ ස්ථාවරත්වය හා නිලය විස්තර කරමින් අංක 29 දරණ පරිච්ඡේදයේ පැමිණෙනු ඇත.සැමියා හැකියාව ඇත්තෙකු විට ඔහුගේ බිරිය වෙනුවෙන් වියදම් කිරීම සැමියා වෙත වගකීමක් බවට පත් කර තිබීම ද ඉස්ලාම් කාන්තාවන්ට දක්වා ඇති ගෞරවයෙන් එකකි.“වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කවර ජීවියකුට වුවද බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසු ව අල්ලාහ් පහසු ව ඇති කරයි."(අත් තලාක්: 7)මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන්: සැමියාට පැවරී ඇති කාන්තාවකට හිමිවිය යුතු අයිතීන් මොනවාදැ?යි විමසා සිටියේය. එතුමා: 'නුඹ ආහාර ගන්නා විට ඇයට ද ආහාර සැපයීම, නුඹ ඇඳුමක් අඳින විට ඇයට ද ඇඳුමක් අඳින්නට සැලැස්වීම, මුහුණට පහර නොදීම හා පිළිකුල් නොකිරීමය' යැයි පවසා සිටියහ.ඉමාම් අහ්මද් එය වාර්තා කර ඇත.ස්වාමි පුරුෂයින්හට පැවරී ඇති කාන්තාවන්ට හිමි විය යුතු අයිතිවාසිකම් සමහරක් පැහැදිලි කරමින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා ඇත්තාහ.“ඔවුන්ගේ පෝෂණය හා ඔවුන්ගේ වස්ත්ර දැහැමි ලෙස ඔවුනට පිරිනැමීම නුඹලා වෙත පැවරී ඇති වගකීමකි."සහීහ් මුස්ලිම්අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.“කවරෙක් පුද්ගලයකු මත යැපෙන්නේ ද ඔහු ඔවුන් (සතු ආහාර ලබා දීමේ වගකීම) පැහැර හැරීම ඔහුට පාපපයක් අත්වීමට ප්රමාණවත් වන්නේය."ඉමාම් අහ්මද් එය වාර්තා කර ඇත.අල් කත්තාබී තුමා මෙසේ ප්රකාශ කරයි.'කවරෙක් පුද්ගලයකු මත යැපෙන්නේ ද ඔහු...' යන එතුමාගේ ප්රකාශය අදහස් කරනුයේ ඔහුගේ පෝෂණය කවරෙකු මත පැවරී ඇත්තේ ද ඔහුය'යන්නය. එහි අර්ථය වනුයේ දානයක් කරන්නාට 'නුඹේ පවුලේ ආහාරයට අමතර යමක් නොමැති (තතත්ත්වයක එවැනි) දෙයක් කුසල් බලාපොරොත්තුවෙන් යුතු ව නුඹ දන් නොදෙනු. නුඹ ඔවුන් පැහැර හරින විට එය නුඹට පාපයක් බවට පෙරළෙනු ඇත.' යැයි පවසන්නාක් මෙනි.'ඉස්ලාමය කාන්තාව ගෞරවයට පත් කර තිබීමේ තවත් කරුණක් වනුයේ තම පියා කෙරෙහි දියණියගේ වියහියදම් අනිවාර්යය කර තිබීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තවද කිරි පෙවීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණය ද ඔවුන්ගේ වස්ත්ර ද යහ අයුරින් පිරිනැමීම දරුවා සතු අයගේ වගකීම ය..."(අල් බකරා: 233)තමන් ජනිත කළ දරුවාට නිසි අයුරින් ආහාර සැපයීම හා ඔහුට ඇඳුම් සැපයීම පියා කෙරෙහි පැවරුණු වගකීමක් යැයි අල්ලාහ් පැහැදිලි කළේය. උත්තරීතර ඔහුගේ ප්රකාශය මෙසේය:“... නුඹලා (ගේ දරුවන්) වෙනුවෙන් ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු..."(අත් තලාක්: 6)දරුවාට කිරි පෙවීමේ කුලිය අල්ලාහ් පියා හට අනිවාර්යය කර ඇත. ඒ අනුව සැබැවින්ම දරවකුගේ වියදම පියා වෙත පැවරී ඇතැයි පෙන්වා දෙයි. දරුවා යනු පිරිමි හා ගැහැණු යන දෙපාර්ෂයම අන්තර්ගත වන්නකි. පහත සඳහන් හදීසයෙහි බිරිය හා ඇගේ දරුවන්හට වියදම් කිරීම පියා වෙත අනිවාර්යය කර ඇති බවට පෙන්වා දෙයි.ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කරයි: සැබැවින්ම හින්ද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දෙස බලා: සැබැවින්ම අබූ සුෆ්යාන් මසුරු මිනිසෙකි. එහෙයින් ඔහුගේ ධනය අර ගැනීමේ අවශ්යතාවක මම සිටිමි යැයි පැවසීය. එතුමාණෝ මෙසේ පැවසීය:“ඔබටත් ඔබේ දරුවන්ටත් ප්රමාණවත් වන දෑ දැහැමි අයුරින් අරගනු."ඉමාම් බුහාරි තුමා එය වාර්තා කර ඇත.දූවරුන් හා සහෝදරියන්හට වියදම් කිරීමේ මහිමය ගෞරවණීය නබි තුමාණෝ පැහැදිලි කළෝය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.“කවරෙකුට දියණියන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සහෝදරියන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ වී ඔවුන් වෙන්ව යන තෙක් හෝ ඔවුන් මිය යන තෙක් ඔවුන් ගැන ඔහු වගකීම් දරන්නේ ද මම ඔහු සමග මේ දෙක මෙන් සිටිමි යැයි එතුමාගේ මැදගිල්ල හා දබරැගිල්ල පෙන්වා ඉඟි කළහ."(අස්-සිල්සිලතුස් සහීහා: 296)

20- මරණය යනු සදාකාලික විනාශයක් නොව, එය ක්රියා දාමයන්හි නිවහනින් ප්රතිඵල පිරිනැමීමේ නිවහන වෙත මාරු වීමය. මරණය යනු ශරීරය හා ප්රාණය සමග බැඳී ඇත්තකි. ප්රාණයේ මරණය යනු, ශරීරය සතු එම ප්රාණය ඉවත් වී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැගිටුවනු ලැබීමෙන් පසු ඒ වෙත නැවත යොමු වනු ඇත. මරණයෙන් පසු වෙනත් ශරීරයකට මාරු වන්නේ නැත. වෙනත් ශරීරයකට ආරූඪ වන්නේ නැත.

මරණය යනු සදාකාලික විනාශයක් නොවේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත."(අස්-සජදා: 11)මරණය යනු ශරීරය හා ප්රාණය සමග බැඳී ඇත්තකි. ප්රාණයේ මරණය යනු, ශරීරය සතු එම ප්රාණය ඉවත් වී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැගිටුවනු ලැබීමෙන් පසු ඒ වෙත නැවත යොමු වනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නොවූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ්ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේද එය (ආපසු නොයවා) ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත."(අස්-සුමර්: 42)අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:“සැබැවින්ම ප්රාණය අත්පත් කර ගනු ලැබූ විට බැල්ම එය හඹා යනු ඇත."මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. 920මරණයෙන් පසු මිනිසා ක්රියාදාමයන්හි නිවහනින් ප්රතිඵල පිරිනැමීමේ නිවහන වෙත යනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන්ම පූර්වාදර්ශයකින් තොර ව සියලු මැවීම් ඔහු බිහි කළේය. පසු ව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු එය(එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත."(යූනුස්: 4)

මරණයෙන් පසු ප්රාණය වෙනත් ශරීරයකට මාරු වන්නේ නැත. ආරූඪ වන්නේ ද නැත. එසේ ආරූඨ වීමේ හෝ ප්රජනනය වීමේ තර්කයට බුද්ධිය හෝ සංවේදනය ඒ සඳහා සාධක වශයෙන් පිහිටන්නේ නැත. මෙම ප්රතිපත්තියට සාක්ෂි වශයෙන් නබිවරුන්ගෙන් කිසිදු ප්රකාශයක් හෝ වාර්තා වී තිබීම දැකිය නොහැක.

21- විශ්වාසයේ ප්රධානතම මූලිකාංගයන් තුළින් දේව විශ්වාසය වෙත ඉස්ලාමය ඇරයුම් කරයි. එනම්: අල්ලාහ් පිළිබඳ හා මලක්වරුන් හෙවත් දේව දූතයින් පිළිබඳ විශ්වාසය. තව්රාතය, ඉන්ජීලය, සබූර් වැනි -විකෘති කරනු ලැබීමට පෙර- දිව්ය ග්රන්ථ පිළිබඳ හා අල් කුර්ආනය පිළිබඳ විශ්වාසය. නබිවරුන් හා රසූල්වරුන් සියලු දෙනා පිළිබඳ විශ්වාසය (ඔවුන් කෙරෙහි ශාන්තිය අත්වේවා!) මෙන්ම ඔවුන් අතරින් අවසානයා පිළිබඳ විශ්වාසය. එතුමා නබිවරුන් හා දහම් දූතවරුන් අතරින් අවසානයාණන් වන දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණන්ය. අවසන් දිනය පිළිබඳ විශ්වාසය, සැබැවින්ම මෙලොව ජීවිතය අවසානය නම්, ජීවිතය හා පැවැත්ම ශුද්ධ නිෂ්ඵල දෙයක් වන බව අපි දනිමු. පෙර නියමය හා නිර්ණය පිළිබඳ විශ්වාසය.

සියලුම නබිවරුන් හා දූතවරුන් (ඔවුන් වෙත සාමය අත්වේවා!) ඇරයුම් කරමින් සිටි විශ්වාසයේ ප්රධානතම මූලිකාංගයන් තුළින් දේව විශ්වාසය වෙත ඉස්ලාමය ඇරයුම් කරයි. ඒවා නම්:

පළමුව: පරමාධිපති, මැවුම්කරු, පෝෂක හා මෙලොව කටයුතු සැලසුම් කරන්නා යනාදී වශයෙන් අල්ලාහ්ව විශ්වාස කිරීම. සැබැවින්ම නැමදුමට සුදුස්සා ඔහු පමණය. ඔහු හැර වෙනත් දෑ සඳහා කෙරෙන සියලුම නැමදුම් නිෂ්ඵලය. එමෙන්ම ඔහු හැර නැමදුම් ලබන සෙසු දෑ ද නිෂ්ඵලය. ඔහු වෙනුවෙන් පමණක් මිස නැමදුම සුදුසු වන්නේ නැත. එමෙන්ම ඔහු වෙනුවෙන් පමණක් මිස නැමදුම නිවැරදි වන්නේ ද නැත. මෙම ප්රශ්නය පිළිබඳ සාධක විස්තරාත්මකව අංක 8 දරණ පරිච්ඡේදයේ කලින් සඳහන් කර ඇත.

මෙම ප්රධාන මූලිකාංගයන් ගැන උත්තරීතර අල්ලාහ් අල් කුර්ආනයේ බොහෝ පාඨවල විවිධ ස්ථානයන්හි මෙනෙහි කර ඇත. ඒවායින් උත්තරීතරයාණන්ගේ ප්රකාශයක් මෙසේය.“දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය."(අල් බකරා: 285)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“නැගෙනහර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නොවේ. නමුත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ් ව ද අවසන් දිනය ද මලක්වරුන් ද දේව ග්රන්ථය ද නබිවරුන් ව ද විශ්වාස කොට තමන් ධනය ඇලුම් කරමින් සිටිය දී එය ඥාතීත්වයෙන් යුත් අයට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද යාචකයින්ට ද වහලුන් විෂයයෙහි ද පිරිනමා සලාතය ද ස්ථාපිත කොට zසකාත් ද පිරිනැමූ අය ද ඔවුන් ගිවිසුමක් කළ විට තම ගිවිසුම ඉටු කරන්නන් ද දූගී හා පීඩාකාරී අවස්ථාවන් හි ද අසහනකාරී (යුදමය) අවස්ථාවෙහි ද ඉවසිල්ලෙන් සිටින්නන් ද වෙති. ඔවුන්මය සත්ය පැවසූ අය වන්නෝ. තවද ඔවුන්මය බියබැතිමත් අය වන්නෝ."(අල් බකරා: 177)මෙම මූලිකාංගයන් විශ්වාස කිරීම සඳහා උත්තරීතර අල්ලාහ් ඇරයුම් කළ අතර කවරෙකු එය ප්රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමග ගොස් ඇත්තේය යැයි පැහැදිළි කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ විය."(අන් නිසා: 136)උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ප්රකාශ කළ හදීසයේ මෙසේ සඳහන් වේ.“දිනක් අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අබියස වාඩි වී සිටියදී සුදෝ සුදු ඇඳුමින් සැරසුණු කළුම කළු හිසකෙස් සහිත මිනිසෙකු අප වෙත උදා විය. ඔහු මත මගියකුගේ සළකුනු දකින්නට නොවීය. ඔහු නබි තුමා වෙත පැමිණ තම දණහිස් එතුමාගේ දණහිස් සමඟ සම්බන්ධ කොට තම දෑත් ද එතුමාගේ කලවා මත තබා වාඩි වන තුරු අප අතර සිටි කිසිවකු ඔහු ගැන දැන සිටියේ නැත. පසු ව ඔහු: 'අහෝ මුහම්මද්! ඉස්ලාමය ගැන තොරතුරු මාහට දන්වනු' යැයි පැවසීය. එයට අල්ලාහ්ගේ දූතයාණෝ: “ඉස්ලාම් යනු ඔබ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් (හෙවත් අනිවාර්ය ආගමික බද්ද) පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම හා ඔබ අල් බය්ත් (හෙවත් මස්ජිදුල් හරම්) වෙත යාමට මගී පහසුකම් දරන්නේ නම් ඒ වෙත වන්දනාවේ යාම" යැයි පවසා සිටියහ. ඔහු ඔබ සත්ය පැවසුවෙහිය යැයි පැවසීය. ඔහු එතුමාගෙන් ප්රශ්න කොට පසුව ඔහුම එය සත්ය බව පවසා සිටි ඔහු ගැන අප පුදුමයට පත් වූයෙමු. තවදුරටත් ඔහු: 'ඊමානය ගැන තොරතුරු මාහට දන්වනු' යැයි පැවසීය. එයට එතුමාණෝ: “අල්ලාහ්, ඔහුගේ මලක්වරුන් (හෙවත් දේව දූතයින්), ඔහුගේ ආගම්, ඔහුගේ දහම් දූතවරුන්, හා අවසන් දිනය පිළිබඳ ඔබ විශ්වාස කොට යම් දෙයක යහපත හා එහි අයහපත පෙර නියමය පරිදි සිදුවන බවත් ඔබ විශ්වාස කිරීමය" යැයි පැවසූහ. (එයට) ඔහු: 'ඔබ සත්යය පැවසුවෙහිය' යැයි පැවසීය. තවදුරටත් ඔහු: 'ඉහ්සාන් ගැන තොරතුරු මාහට දන්වනු' යැයි පැවසීය. එතුමාණෝ: “ඔබ අල්ලාහ්ව බලා සිටින්නාක් මෙන් ඔහුට නැමදුම් කිරීමය. හේතුව ඔබ ඔහු ව නොදුටුව ද සැබැවින්ම ඔහු ඔබ ව බලා සිටින බැවිනි" යැයි පැවසූහ."(සහීහ් මුස්ලිම්: 8)මෙම හදීසයේ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ දහමේ ශ්රේණීන් පිළිබඳ එතුමාගෙන් විමසා ඇත්තාහ. එනම් ඉස්ලාම්, ඊමාන් හා ඉහ්සාන් නම් ශ්රේණීන් පිළිබඳවය. එවිට දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට පිළිතුරු දුන්හ. පසුව මෙම ජිබ්රීල් ඔවුන් වෙත පැමිණියේ ඔවුන්ගේ දහම ඔවුනට ඉගැන්වීම සඳහාය යන කාරණාව දූතයාණෝ ඔහුගේ මිතුරන් (රළියල්ලාහු අන්හුම්) හට දන්වා සිටියහ. එය ඉස්ලාමයයි දිව්යමය පණිවිඩයයි. ජබිරීල් (අලයිහිස් සලාම්) තුමා එය දන්වා සිටියේය. දූත මුහම්මද් තුමාණෝ එය ජනයා වෙත ප්රචාරය කළහ. එතුමාගේ මිතුරන් (රළියල්ලාහු අන්හුම්) එය ආරක්ෂා කොට එතුමාගෙන් පසු ව ජනයා හට ප්රචාරය කර සිටියෝය.දෙවැන්න: මලක්වරුන් හෙවත් දේව දූතයින් විශ්වාස කිරීම. ඔවුන් පාරභෞතික ලෝකයකි. අල්ලාහ් ඔවුන් මවා; ඔවුන් එක්තරා ආකාරයකට නිර්මාණය කර ඇත. වැදගත් රාජකාරීන් ඔහු ඔවුන් මත පවරා ඇති අතර දහම් දූතවරුන් හා නබිවරුන් වෙත දේව පණිවිඩ දන්වා සිටීම ඔවුන්ගේ රාජකාරීන් අතරින් එකක් විය. මලක්වරුන් අතරින් කීර්තිමත් මලක්වරයා වන්නේ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාය. දේව පණිවිඩ සමග දහම් දූතවරුන් අතරට ජිබිරීල් තුමා පහළ වීම සම්බන්ධයෙන් පෙන්වා දෙන සාධක අතරින් උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශයක් මෙසේය.“නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවටත් එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු බවටත් (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි."(අන්-නහ්ල්: 2)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි. (192)විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය. (193)නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස නුඹේ හදවත මතට (194)පැහැදිලි අරාබි බසින් (195)තවද නියත වශයෙන්ම එය මුතුන් මිත්තන්ගේ ග්රන්ථ වල විය." (196)(අෂ්-ෂුඅරාඃ 192-196)තුන්වැන්න: තව්රාතය, ඉන්ජීලය, සබූර් වැනි -විකෘති කරනු ලැබීමට පෙර- දිව්ය ග්රන්ථ පිළිබඳ හා අල් කුර්ආනය පිළිබඳ විශ්වාසය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ විය."(අන් නිසා: 136)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.තමන් අතර වූ දෑ තහවුරු කරවන්නක් වශයෙන් සත්යයෙන් යුතු ව ධර්ම ග්රන්ථය ඔබ වෙත ඔහු පහළ කළේය. (තවද මීට පෙර ජනයාට මඟ පෙන්වීමක් ලෙස) තව්රාතය හා ඉන්ජීලය ද ඔහු පහළ කළේය. (3)තවද (ඒවා) මීට පෙර ජනයාට මඟ පෙන්වීමක් ලෙස විය. තවද නිර්ණායකය (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සම ප්රතිචාර දක්වන්නාය. (4)(ආලු ඉම්රාන් (3,4)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය."(අල් බකරා: 285)උත්තරීතරයාණන් මෙසේ ප්රකාශ කරයි.“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා ඊසා හා නබි වරුන් වෙත තම පරමාධිපති විසින් පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකරමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු." යැයි නුඹලා පවසනු.(ආලු ඉම්රාන්: 84)සිව්වැන්න: සියලුම නබිවරුන් හා දහම් දූතවරුන් විශ්වාස කිරීම (ඔවුන් සියලු දෙනා කෙරෙහි සාමය අත්වේවා!) සියලුම නබිවරුන් හා දහම් දූතවරුන් විශ්වාස කිරීමත් සැබැවින්ම ඔවුන් සියලු දෙනාම අල්ලාහ් වෙතින් ඔවුන්ගේ සමූහයා වෙත එවන ලද ඔවුනට අල්ලාහ්ගේ පණිවිඩය ඔහුගේ දහම හා ඔහුගේ ආගමික පිළිවෙත දන්වා සිටි දූතවරුන් බව ප්රතිපත්තිමය වශයෙන් විශ්වාස කිරීමත් අනිවාර්යය වන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු." යැයි නුඹලා පවසනු.(අල් බකරා: 136)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය."(අල් බකරා: 285)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු." යැයි නුඹලා පවසනු.(ආලු ඉම්රාන්: 84)නබිවරුන් හා දහම් දූතවරුන් (ඔවුන් වෙත සාමය අත්වේවා!) අතරින් අවසානයාණන් වන අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන්ගෙන් අවසානයා බව විශ්වාස කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නුඹලා වෙත දේව ග්රන්ථය හා ප්රඥාව පිරිනැමුවෙමි. පසු ව නුඹලා සමග ඇති දෑ සත්යය කරවන දහම් දූතයෙකු පැමිණෙයි. ඔහු ව නුඹලා විශ්වාස කළ යුතුය. ඔහුට නුඹලා උදව් කළ යුතු යැ"යි අල්ලාහ් නබිවරුන්ගෙන් ප්රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. “නුඹලා පිළිගත්තෙහු ද? ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්රතිඥාව නුඹලා ගත්තෙහු දැ"?යි ඔහු(අල්ලාහ්) විමසුවේය. “අපි පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝය. “එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමග සාක්ෂි දරන්නන් අතුරිනි" යැයි ඔහු පැවසුවේය.(ආලු ඉම්රාන්: 81)පොදුවේ සියලුම නබිවරුන් හා දූතවරුන් විශ්වාස කිරීම ඉස්ලාමය අනිවාර්යය කර ඇත. ඔවුන් අතරින් අවසානයා වූ දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විශ්වාස කිරීම ද අනිවාර්යය කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“දේව ග්රන්ථ හිමියනි, නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ක්රියාවට නංවන තෙක් නුඹලා කිසිවක් මත ( පිහිටා) නොමැත යැයි (නබිවරය,) නුඹ පවසනු..."(අල් මාඉදා: 68)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ ! දහම් ලත් ජනයිනි, අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ්ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්ය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූවන් (මුස්ලිම්වරුන්) බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු."(ආලු ඉම්රාන්: 64)කවරෙකු එක් නබිවරයකු හෝ ප්රතික්ෂේප කළේ නම් සැබැවින්ම ඔහු සියලුම නබිවරුන් හා දහම් දූතයින් (ඔවුන් කෙරෙහි සාමය අත්වේවා!) ප්රතික්ෂේප කළේය. නූහ් තුමාගේ සමූහයා වෙත වූ අල්ලාහ්ගේ තීන්දුව ගැන දන්වමින් මෙසේ පවසයි:“නූහ්ගේ ජනයා දූතවරුන් බොරු කළහ."(අෂ්-ෂුඅරාඃ: 105)සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) තුමාට පෙර දහම් දූතයෙකු නොසිටි බව දන්නා කරුණකි. එසේ තිබියදීත් ඔහුගේ ජනයා ඔහු බොරු කළ කල්හි ඔවුන් විසින් ඔහුව බොරු කිරීම සියලුම නබිවරුන් හා දූතවරුන් බොරු කරන්නාක් විය. එය සැබැවින්ම ඔවුන්ගේ ප්රචාරය හා ඔවුන්ගේ අරමුණ එකක් වූ බැවිණි.පස්වැන්න: අවසන් දිනය පිළිබඳ විශ්වාසය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. මෙලොව ජීවිතය අවසානයේ ඉස්රාෆීල් (ඔහුට සාමය අත්වේවා!) මලක්වරයා අල්ලාහ්ගේ නියෝගයට අනුව විනාශයේ පිඹුම පිඹිනු ඇත. අල්ලාහ් අභිමත කළ සියලු දෙනා විනාශ වී මරණයට පත්වනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“හොරණෑව පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින්නන් ද මිහිතලයෙහි සිටින්නන් ද මරණයට පත් වන්නෝය. ඉන්පසු ව නැවත වරක් එය පිඹිනු ලැබේ. එවිට ඔවුන් නැගිට බලා සිටින්නෝය."(අස්-සුමර්: 68)අල්ලාහ් අභිමත කළ අය හැර අහසේ සිටින හා මහපොළොවේ සිටින සෙසු සියලු දෙනා ඔහු විනාශ කළ විට, සැබැවින්ම අල්ලාහ් සඳහන් කරන පරිදි අහස් හා මහපොළොව ඔහු හකුළනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“පොත් හි ලේඛන හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්රතිඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි එය සිදු කරන්නන් වෙමු."(අල් අන්බියා: 104)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද අල්ලාහ් ව ප්රමාණ කළ යුතු නියම අයුරින් ඔවුහු ඔහු ප්රමාණ කොට නොසැලකූහ. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. සුවිශුද්ධය."(අස් සුමර්: 67)අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අල්ලාහ් උදා කරත්වා!) මෙසේ ප්රකාශ කළහ:“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උත්තරීතර හා මහිමාන්විත අල්ලාහ් අහස් හකුළනු ඇත. පසු ව ඔහු ඒවා ඔහුගේ දකුණු අතින් රැගෙන 'මම පරමාධිපති වෙමි; දැන් බලවතුන් කොහේද? උඩඟුවූවන් කොහේද?' යැයි විමසයි. එමෙන්ම ඔහු පොළොව වම් අතෙහි හකුළාගෙන 'මම පරමාධිපති වෙමි; දැන් බලවතුන් කොහේද? උඩඟුවූවන් කොහේද?' යැයි විමසයි."මෙය මුස්ලිම් විසින් දන්වා ඇත.පසු ව අල්ලාහ් එම මලක්වරයාට නියෝග කරයි. ඒ අනුව නැවත වතාවක් ඔහු එහි පිඹිනු ඇත. එවිට ඔවුන් සියලු දෙනාම නැගිට අවදි ව බලා සිටිති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“... පසු ව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගී සිටිමින් අවධානයෙන් බලා සිටිති."(අස්-සුමර්: 68)අල්ලාහ් සියලු මැවීම් යළි අවදි කළ විට විනිශ්චය සඳහා ඔහු ඔවුන් එක්රැස් කරනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන් ව යන දිනයයි. එයයි එක්රැස් කිරීම. එය අප වෙත පහසුය."(කාෆ්: 44)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“එදින ඔවුහු එළිමහනේ ඉදිරියට පැමිණෙන්නන් වෙති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙතින් නොසැඟවෙයි. එදින ආධිපත්යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණය."(ගාෆිර්: 16)එදින අල්ලාහ් සියලු මිනිසුන්ගෙන් විනිශ්චය කරනු ඇත. සෑම අපරාධකරුවෙකුටම ඔහුගේ අපරාධය ගැන කියා පෙන්වනු ඇත. සෑම මිනිසෙකුම කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අද දින සෑම ආත්මයක්ම ඔවුන් උපයා ගත් දෑ වෙනුවෙන් ප්රතිඵල දෙනු ලබති. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත්ය."(ගාෆිර්: 17)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“සැබැවින්ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නොකරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු(අල්ලාහ්) ප්රගුණ කරයි. තවද ඔහු වෙතින් අතිමහත් ප්රතිඵල ඔහු පිරිනමයි."(අන්-නිසා: 40)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී. (7)කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.(අස් සල්සලා: 7,8)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සඳහා සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලැබේ. එය අබ ඇටයක තරම් ප්රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්රමාණවත් වේ."(අල්-අන්බියා: 47)යළි අවදි කිරීමෙන් හා විනිශ්චය කිරීමෙන් පසු ව ප්රතිඵල පිරිනැමීම සිදු වේ. එහෙයින් කවරෙකු යහපතක් කර ඇත්තේ ද එවිට ඔහුට පහව නොයන සදා සැප පහසුකම් සතු වනු ඇත. එමෙන්ම කවරෙකු නපුරක් හෝ දේව ප්රතික්ෂේප කිරීමක් හෝ සිදු කර ඇත්තේ ද ඔහුට දඬුවම හිමිවනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“එදින සියලු බලය අල්ලාහ් සතුය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති. (56)තවද ප්රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත. (57)"(අල් හජ්: 56,57)සැබැවින්ම මෙලොව ජීවිතය එය අවසානය වන්නේ නම්, එම ජීවිතය හා පැවැත්ම ශුද්ධ නිෂ්ඵල දෙයක් වන බව අපි දනිමු. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නියත වශයෙන්ම අපි නුඹලා අහේතුවකින් මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?"(අල් මුඃමිනූන්: 115)සයවැන්න: පෙර නියමය හා නිර්ණය පිළිබඳ විශ්වාසය. සැබැවින් සිදු වූ සියලු දෑ ගැන ද සිදු වෙමින් පවතින හා සිදුවන්නට යන සියලු දෑ ගැන ද සැබැවින්ම අල්ලාහ් දැන සිටින බවත් සැබැවින්ම අහස් හා මහපොළොව මැවීමට පෙර ඒ සියල්ල ලිඛිතව ඔහු ලියා තබා ඇති බවත් විශ්වාස කිරීම අනිවාර්යය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ අනු දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය ගැන පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත."(අල් අන්ආම්: 59)සැබැවින්ම අල්ලාහ් දැනුමෙන් සියලු දෑ සර්වප්රකාරයෙන් ආවරණය කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහස් හත හා මහපොළොවෙන් ඒවාට සමාන දෑ ද මැව්වේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. එමෙන්ම සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ඔහු සර්ව ප්රකාරයෙන් වටලාගෙන සිටියි යැයි නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත."(අත් තලාක්: 12)අල්ලාහ් යමක් සිතා; ඔහු එය අභිමත කර; ඔහු එය මවා එයට අවශ්ය සාධක පහසු කර දීමෙන් මිස කිසිදු කරුණක් මෙම විශ්වයේ ඇති වන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය ඔහු සතුය. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය."(අල් ෆුර්කාන්: 2)මිනිසාට ග්රහණය නොවන ඔහු සතු ගැඹුරු ප්රඥාවක් එහි ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“එහි ගැඹුරු ප්රඥාව ඇත. නමුත් එම අවවාදය ඵලක් නොවීය.(අල් කමර්: 54)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“මැවීම ප්රථමෝත්පාදනය කර පසු ව එය ප්රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය. මහා ප්රඥාවන්තය."(අර් රූම්: 27)'හික්මා' හෙවත් ප්රඥාව සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් ඔහු ගැනම වර්ණනා කළේය. එමෙන්ම 'හකීම්' ප්රඥාවන්තයා යන නම ද ඔහුටම නම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) ප්රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත."(ආලු ඉම්රාන්: 18)මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ඊසා අලයිහිස් සලාම් තුමා අල්ලාහ් සමග මෙසේ කතා කරන බවට එතුමා ගැන දන්වමින් අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි.“ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින්ම ඔවුන් (ඔබට අයිති) ඔබගේ ගැත්තන්ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින්ම ඔබ සර්ව බලධාරී මහා ප්රඥාවන්තය. (යැයි පවසයි)"(අල් මාඉදා: 118)මූසා (අලයිහිස් සලාම්) තුමා තූර් කන්ද අසල සිට අල්ලාහ්ව ඇමතූ කල්හි ඔහු එතුමාට මෙසේ පවසා සිටියේය:(එවිට) අහෝ ! මූසා, නියත වශයෙන්ම මහා ප්රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.(අන් නම්ල්: 9)මහඟු අල් කුර්ආනය 'හික්මා' හෙවත් ප්රඥාව පිළිබඳ විස්තර කරයි. ඒ අනුව උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි:“අලිෆ්. ලාම්. රා. එහි වදන් (ප්රඥාවෙන් යුතුව) නීති ගත කරන ලදු ව පසු ව විස්තර කරනු ලැබූ දේව ග්රන්ථයයි. එය සියලු තොරතුරු දන්නා මහා ප්රඥාවන්තයාණන්ගෙන් වූවකි."(හූද්: 1)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“මෙය ප්රඥාවෙන් යුතු ව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු පත් නොකරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත."(අල් ඉස්රා: 39)

22- නබිවරුන් (ඔවුන් කෙරෙහි සාමය උදාවේවා!) අල්ලාහ් පිළිබඳ දන්වා සිටින දෑහි ඔවුහු ආරක්ෂා කරනු ලැබූවෝ වෙති. එමෙන්ම බුද්ධියට පටහැනි හෝ යහපත් සාරධර්ම පිටු දකින සියලු දැයින් ඔවුහු අරක්ෂා කරනු ලැබූවෝ වෙති. එමෙන්ම ඔවුහු අල්ලාහ්ගේ ගැත්තන් වෙනුවෙන් ඔහුගේ නියෝග දන්වා සිටින මෙන් පවරනු ලැබූවෝ වෙති. නබිවරුන් වන ඔවුනට දේවත්වයේ හෝ පරිපාලනයේ හෝ කිසිදු විශේෂ කොටසක් නැත. ඔවුන් ද සෙසු මිනිසුන් මෙන් මිනිසුන් වෙති. අල්ලාහ්ගේ දූත පණිවිඩ ඔහු ඔවුන් වෙත පහළ කරයි.

නබිවරුන් (ඔවුන් කෙරෙහි සාම උදාවේවා!) අල්ලාහ් පිළිබඳ දන්වා සිටින දෑහි ඔවුහු ආරක්ෂා කරනු ලැබූවෝ වෙති. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූත පණිවිඩය දන්වා සිටිනු පිණිස මැවීම් අතරින් ශ්රේෂ්ඨතම උදවිය තෝරාපත් කර ගෙන ඇති බැවිණි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“මලක්වරුන් අතුරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේය. එමෙන්ම ජනයා අතුරින්ද (එසේ) විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවක සර්ව නිරීක්ෂකය."(අල් හජ්: 75)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“සැබැවින් ම අල්ලාහ් ආදම් ව ද නූහ් ව ද ඉබ්රාහීම්ගේ පවුල ද ඉම්රාන්ගේ පවුල ද ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේය."(ආලු ඉම්රාන්: 33)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ මූසා ! නියත වශයෙන්ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබ ව ජනයාට වඩා ශ්රේෂ්ඨ කළෙමි. එබැවින් මා නුඹට පිරි නැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතුරින් වනු යැයි ඔහු පැවසුවේය."(අල් අඃරාෆ්: 144)දූතවරුන් වනාහි (ඔවුන් කෙරෙහි සාමය උදාවේවා!) ඔවුන් වෙත පහළ වී ඇති දෑ දේව පණිවිඩය බව දනිති. එමෙන්ම එම පණිවිඩ රැගෙන මලක්වරුන් පහළ වූ බවට ඔවුහු සාක්ෂි දරති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔහු ගුප්ත දෑ දන්නාය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නොකරයි. (26)නමුත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන්ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත. (27)ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන් දැනුම් දී ඇත්තේදැයි ඔහු දැන ගනු පිණිසය. ඔවුන් සමග ඇති දෑ පිළිබඳ ව ඔහු සර්ව ප්රකාරයෙන් දැන සිටියි. තවද ඔහු සියලු දෑ ගණන් කොට තබා ඇත. (28)(අල් ජින්: 26-28)අල්ලාහ්ගේ දූත පණිවිඩය ප්රචාරය කරන මෙන් ඔහු ඔවුනට නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ! රසූල්වරය, නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම අල්ලාහ් දේව ප්රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි."(අල් මාඉදා 67)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඇතැම් රසූල්වරුන් එම රසූල්වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්රඥාවන්ත විය."(අන් නිසා: 65)දූතවරුන් වනාහි (ඔවුන් කෙරෙහි සාමය හා ශාන්තිය උදා වේවා!) අල්ලාහ්ට දැඩි සේ බිය වෙති. ඔහු පිළිබඳ භීතියෙන් කටයුතු කරති. ඔහුගේ දූත පණිවිඩවල කිසිවක් අමතර ව එකතු නොකරති. ඉන් කිසිවක් අඩු නොකරති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ප්රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම් (44)අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු. (45)පසු ව ප්රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු. (46)එවිට නුඹලා අතුරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි. (47)(අල් හාක්කා: 44-47)ඉබ්නු කසීර් තුමා (අල්ලාහ්ගේ කරුණාව ඔහුට හිමිවේවා!) මෙසේ පවසයි:“උත්තරීතර අල්ලාහ්: 'අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්' යැයි පවසා ඇත. එනම් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ය. ඔවුන් සිතන පරිදි ඔහු වෙතින් වූ යමක් ඔහු අප මත ගොතා පවසමින් එම දූත පණිවිඩයේ යමක් වැඩියෙන් හෝ ඉන් යමක් අඩුවෙන් හෝ අප වෙත ආරෝපණය කර සිටියේ නම් -එය එසේ නොවීය- සැබැවින්ම අපි ඔහුට දඬුවම ඉක්මන් කරන්නෙමු. ඒ අනුව අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි. 'අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.' එහි අදහස අපි දකුණතින් ඔහුගෙන් පළිගන්නෙමු. සැබැවින්ම දකුණත ග්රහණය කිරීමේදී එය ඉතා බලවත් වන බැවිණි. යැයි ප්රකාශ වී ඇත. එමෙන්ම තවත් ප්රකාශයක් අනුව 'ඔහුගේ දකුණතින් අපි ඔහු ග්රහණය කරන්නෙමු' යනුවෙන් ප්රකාශ වී ඇත."උත්තරීතරයාණන් මෙසේ ප්රකාශ කරයි.“අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අල්ලාහ් හැර මා හා මාගේ මව දෙවියන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවේදැ යි අල්ලාහ් පවසන විට ඔහු “ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට (කිසිදු අයිතියක්) නොමැත. එය මම පවසන්නෙකු ව සිටියේ නම් ඔබ එය දැන සිටින්නෙහිය. මාගේ සිත තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබේ සිත තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ අදෘශ්යමාන දෑ පිළිබඳ සර්වඥය" යැයි පැවසුවේය. මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කරනු යැයි ඔබ නියෝග කළ දෑ පරිදි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නොපැවසුවෙමි. ඔවුන් අතර මා සිටී තාක් ඔවුන් කෙරෙහි මම සාක්ෂිකරුවකුව සිටියෙමි. නමුත් ඔබ මා (ඉහළට ඔසවා) අත්පත් කර ගත් කල්හි ඔවුන් වෙත අධීක්ෂකයා වූයේ ඔබය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය."(අල් මාඉදා: 116,117)නබිවරුන් හා දූතවරුන් (ඔවුන් කෙරහි ශාන්තිය හා සාමය උදා වේවා!) අල්ලාහ්ගේ දූත පණිවිඩය දන්වා සිටීමේදී සැබැවින්ම ඔහු ඔවුන්ව ස්ථාවර කිරීම ඔහු ඔවුනට කළ භාග්යයන් අතරින් විය.“...'නියත වශයෙන්ම මම ඔහුගෙන් (අල්ලාහ්ගෙන්) තොර ව නුඹලා ආදේශ තබන දැයින් ඉවත් වූවකු බවට අල්ලාහ් වෙත සාක්ෂි දරනු ලැබුවෙමි. නුඹලා ද සාක්ෂි දරනු. එහෙයින් නුඹලා සියල්ල එක් ව මට කුමන්ත්රණ කරනු. පසු ව මට නුඹලා අවකාශ නොදෙනු.' යැයි ඔහු පැවසුවේය. (54, 55)නියත වශයෙන්ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මතය.(56)(හූද්: 54-56)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“නුඹ වෙත අපි දන්වා සිටි දැයින් නුඹ අප වෙත ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසනු පිණිස ඔවුහු නුඹ ව අර්බුදයට පත් කිරීමට තැත් කළේ නම් එවිට නුඹ ව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත. (73)තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ නම් සැබැවින්ම නුඹ අල්ප දෙයකින් හෝ ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි. (74)එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසු ව නුඹ අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු නොදකිනු ඇත. (75)"(අල් ඉස්රා: 73-75)මෙම පාඨ හා මීට පෙර සඳහන් පාඨ සැබැවින්ම අල් කුර්ආනය ලෝ වැසියන්ගේ පරමාධිපති විසින් පහළ කරනු ලැබූවක් බව පෙන්වා දෙයි. එය දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් වී නම් ඔහු වෙත යොමු කරන ප්රකාශ මෙන් කිසිවක් එහි සඳහන් නොවන්නට තිබුණි.උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔහුගේ දූතවරුන් මිනිසුන්ගෙන් ආරක්ෂා කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ ! රසූල්වරය, නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම අල්ලාහ් දේව ප්රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි."(අල් මාඉදා: 67)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.(නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට මාගේ ජනයිනි ! 'මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසු ව නුඹලාගේ තීරණය හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා රැස් කර ගනු. පසු ව නුඹලාගේ තීරණය නුඹලාට එරෙහි ව මුළාවක් වශයෙන් නොවිය යුතුය. පසු ව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු."(යූනුස්: 71)මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රකාශයක් සම්බන්ධයෙන් දන්වා සිටිමින් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අපගේ පරමාධිපතියාණනි, ඔහු අප වෙත දඬුවම් කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන්ම අපි බිය වන්නෙමු' යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය. 'නුඹලා දෙදෙනා බිය නොවනු. නියත වශයෙන්ම මම නුඹලා දෙදෙනා සමග සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි.' යැයි පැවසීය."(තාහා: 45,46)සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතවරුන් (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා!) ඔවුන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා කරන බව පැහැදිලි කළේය. ඒ අනුව ඔවුන් වෙත කිසිදු නපුරක් ඔවුන් විසින් සේන්දු කළ නොහැක. එමෙන්ම උත්තරීතර සුවිශුද්ධයාණන් තම දිව්ය පණිවිඩය ද ආරක්ෂා කරන බව දන්වා ඇත. ඒ අනුව එහි එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ සිදු නොවනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“නියත වශයෙන්ම මෙම උපදෙස පහළ කළේ අපය. තවද නියත වශයෙන් අපි එහි ආරක්ෂකයෝ වෙමු."(අල් හිජ්ර්: 9)එමෙන්ම එම නබිවරුන් වනාහි (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සාමය උදා වේවා!) බුද්ධියට පටහැනි හෝ යහපත් සාරධර්ම පිටු දකින සියලු දැයින් අරක්ෂා කරනු ලැබූවෝ වෙති. උත්තරීතරයාණන් ඔහුගේ නබිවරයකු වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව පිවිතුරු කරමින් මෙසේ පවසා සිටියි.“සැබැවින්ම ඔබ මහඟු සාරධර්ම මත පිහිටා ඇත්තෙහිය"(අල් කලම්: 4)එතුමා පිළිබඳ තවදුරටත් මෙසේ ප්රකාශ කර සිටියි.“තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයෙකු නොවේ."(අත්-තක්වීර්: 22)එබැවින් දූත මෙහෙය ඔවුන් ඉතා විශිෂ්ඨ අයුරින් ඉටු කරන තරමට එය පිහිටනු ඇත. එමෙන්ම එම නබිවරු වනාහි (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) අල්ලාහ් තම ගැත්තන්හට කළ තම නියෝග දන්වා සිටින මෙන් පවරනු ලැබූවෝ වෙති. නබිවරුන් වන ඔවුනට දේවත්වයේ හෝ පරිපාලනයේ හෝ කිසිදු විශේෂ කොටසක් නැත. ඔවුන් ද සෙසු මිනිසුන් මෙන් මිනිසුන් වෙති. අල්ලාහ්ගේ දූත පණිවිඩ ඔහු ඔවුන් වෙත පහළ කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත අයට (දේව දූත මෙහෙවර)පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු අණ බලයක් අපට නොවීය. තවද අල්ලාහ් වෙතම විශ්වාසවන්තයෝ (සියල්ල) භාර කරත්වා!"(ඉබ්රාහීම්: 11)උත්තරීතර අල්ලාහ් ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට තම සමූහයාට දන්වා සිටින මෙන් නියෝග කරමින් මෙසේ ප්රකාශ කර සිටියේය:“මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු."(අල් කහ්ෆ්: 110)

ප්රධාන නැමදුම් මූලික ධාරාවන් තුළින් අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කිරීම සඳහා ඉස්ලාමය ඇරයුම් කර සිටියි. ඒවානම්: 1. සලාත්. එනම්: කියාම් - සීරුවෙන් සිටීමේ ඉරියව්ව, රුකූඃ -නැමී දෑතින් දණහිස් අල්ලමින් පිට හරස් අතට ඍජුව තැබීමේ ඉරියව්ව, සුජූද්-නළල දණහිස් අත් හා පාදැගිලි බිම තමා සිරස නමස්කාරය, දික්ර් -අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු පැසසුමට ලක් කිරීම, ප්රාර්ථනා කිරීම යනාදී කරුණු ඇතුළත් නැමදුමය. පුද්ගලයකු දෛනිකව පස් වතාවක් එය ඉටු කළ යුතු අතර එමගින් බෙඳීම් ඉවත් වී යනු ඇත. පොහොසතා, දුප්පතා, නායකයා, නායකත්වයට යටත් ජනයා යන සියල්ලෝම (කිසිදු වෙනසකින් තොරව) සලාතයේදී එකම පේළියේ සිටිති. 2. සකාත්. එනම්: -අල්ලාහ් තක්සේරු කළ ප්රමාණ හා කොන්දේසීවලට අනුව- වසරේ එක් වරක් දුගී දුප්පතුන් හා ඔවුන් හැර වෙනත් නියමිත පුද්ගලයින් වෙනුවෙන් නිර්ණය කරන ලද සුළු මුදල් ප්රමාණයක් පොහොසතුන්ගේ ධනයෙන් වියපැහැදම් කිරීමේ අනිවාර්යය බද්ධ. 3. උපවාසය. එනම්: 'රමළාන් මාසයේ දහවල් කාලයේ උපවාසය අවලංගු කරවන ක්රියාවන්ගෙන් වැළකී සිටීම. එය සිත තුළ අපේක්ෂාව හා ඉවසීම වඩවයි. 4. හජ් වන්දනාව. එනම්: ඇති හැකි අය මත ආයු කාලයේ එක්වරක් පමණක් අනිවාර්යය වන ශුද්ධ මක්කාවෙහි තිබෙන අල්ලාහ්ගේ නිවස අපේක්ෂාවෙන් වන්දනා කිරීම. හජ් වන්දනාවේ ශුද්ධ වූ මැවුම්කරු වෙත මුහුණලෑමේදී සියලු දෙනා සම වන්නේය. එහිදී පවතින බෙඳීම් හා (ඒක පාර්ෂීව) අනුබද්ධ වීම පහ කරනු ඇත.

ප්රධාන නැමදුම් තුළින් මෙන්ම වෙනත් නැමදුම් තුළින් ද අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා ඉස්ලාමය ඇරයුම් කරයි. මෙම ප්රධාන නැමදුම් සියලුම නබිවරුන් හා දූතවරුන්හට (ඔවුන් කෙරෙහි සාමය හා සමාදානය අත්වේවා!) අල්ලාහ් අනිවාර්යය කළේය. එම නැමදුම් අතරින් ප්රධානතම නැමදුම වනුයේ:

පළමුව සලාතයයි. සෙසු නබිවරුන් හා දූතවරුන්හට (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) අල්ලාහ් එය අනිවාර්යය කළාක් මෙන්ම මුස්ලිම්වරුන්හටත් අනිවාර්යය කළේය. තම නිවස තවාෆ් කරන්නන් (එය වටා ගමන් කරන්නන්) හා රුකූඃ කරමින් හා සුජූද් කරමින් සලාතය ඉටු කරන්නන්හට එය පිරිසිදු කර දෙන මෙන් අල්ලාහ් ඔහුගේ නබිවරයකු වූ මිතුරු ඉබ්රාහීම්ට (එතුමාට සාමය අත්වේවා!) නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“එම ගෘහය ජනයා ට සැරිසරන ස්ථානයක් ලෙස ද අභයදායී ලෙස ද අපි පත් කළෙමු. (ඒ අවස්ථාව සිහිපත් කරනු.) තව ද නුඹලා ඉබ්රාහීම් ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. ඉබ්රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනා මාගේ නිවස තවාෆ් (වටා ගමන්) කරන්නන් ට ද ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන් ට ද රුකූඋ කරන්නන් ට ද සුජූද් කරන්නන් ට ද පවිත්ර කරන මෙන් අපි ගිවිසුමක් ගත්තෙමු."(අල් බකරා: 125)අල්ලාහ් මූසා (එතුමා කෙරෙහි සාමය අත්වේවා!) තුමාට කළ ප්රථම ඇරයුමෙහිම මූසා තුමාට එය අනිවාර්ය කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නියත වශයෙන්ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන්ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහි සිටින්නෙහිය. (12)තවද මම නුඹ ව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු. (13)නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට ගැතිකම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත් ව ඉටු කරනු." (14)(තාහා: 12-14)මසීහ් ඊසා (එතුමා කෙරෙහි සාමය උදා වේවා!) සැබැවින්ම සලාතය හා සකාත් ඉටු කරන මෙන් අල්ලාහ් එතුමාට නියෝග කළ බව දන්වා සිටියේය. උත්තරීතර අල්ලාහ් දන්වා සිටියාක් මෙන් මෙසේ පවසා සිටියේය.“මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේය. තවද මා ජීවමාන ව සිටින තාක්කල් සලාතය හා zසකාතය (ඉටු කිරීම) පිළිබඳ ව මට උපදෙස් දුන්නේය."(මර්යම්: 31)ඉස්ලාමය තුළ සලාත් නැමදුම යනු කියාම් - සීරුවෙන් සිටීමේ ඉරියව්ව, රුකූඃ -නැමී දෑතින් දණහිස් අල්ලමින් පිට හරස් අතට ඍජුව තැබීමේ ඉරියව්ව, සුජූද්-නළල දණහිස් අත් හා පාදැගිලි බිම තමා සිරස නමස්කාරය, දික්ර් -අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු පැසසුමට ලක් කිරීම, ප්රාර්ථනා කිරීම යනාදී කරුණු ඇතුළත් නැමදුමය. පුද්ගලයකු දෛනිකව පස් වතාවක් එය ඉටු කළ යුතු වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“සලාතයන් හා මධ්යකාලීන සලාතය මත සුරක්ෂිත ව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු."(අල් බකරා: 238)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්රි අන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත් ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් සුබ්හු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය."(අල් ඉස්රා: 78)සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ:“රුකූ වනාහි, නුඹලා එහි කීර්තිමත් සර්වබලධාරී පරමාධිපතියාණන්හට ගරුබුහුමන් කරනු. එමෙන්ම සුජූද් වනාහි නුඹලා ප්රාර්ථනාවෙහි කැපවීමෙන් නිරතවනු. නුඹලා පිළිතුරු ලබන්නට එය වඩාත් උචිතය."සහීහ් මුස්ලිම්දෙවැන්න සකාත්ය. සෙසු නබිවරුන් හා දූතවරුන්හට (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) අල්ලාහ් එය අනිවාර්යය කළාක් මෙන්ම මුස්ලිම්වරුන්හටත් අනිවාර්යය කළේය. එය -අල්ලාහ් තක්සේරු කළ ප්රමාණ හා කොන්දේසීවලට අනුව- වසරේ එක් වරක් දුගී දුප්පතුන් හා ඔවුන් හැර වෙනත් නියමිත පුද්ගලයින් වෙනුවෙන් ධනවතුන්ගේ මුදලින් පිරිනමනු ලබන අනිවාර්යය බද්ධකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔවුන්ගේ වස්තු වලින් ඔවුන් පිවිතුරු කරන ඔවුන් ව පාරිශුද්ධ කරන (සදකාවක්) දානයක් නුඹ ගනු. නියත වශයෙන්ම නුඹගේ පැතුම ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥානීය."(අත්-තව්බා: 103)නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් (රළයල්ලාහු අන්හු) තුමා ව යෙමන් දේශයට එවූ කල්හි එතුමාණෝ ඔහුට මෙසේ පැවසූහ:“සැබැවින්ම නුඹ ආගම් ලත් පිරිසක් වෙත යන්නෙහිය. අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවත් සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම සඳහා නුඹ ඔවුන් ඇරයුම් කරන්න. ඒ සඳහා ඔවුන් නුඹට අවනත වූයේ නම් සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔවුනට දෛනික ව සලාත් වාර පහක් අනිවාර්යය කර ඇති බව දැනුම් දෙන්න. ඔවුන් එයට ද අවනත වූයේ නම් සැබැවින්ම සර්වබධාරී අල්ලාහ් ඔවුන්ගේ ධනයෙහි ඔවුන්ගේ ධනවතුන්ගෙන් ගනු ලැබ ඔවුන් අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන සදකාව නොහොත් සකාතය අනිවාර්යය කර ඇති බව ඔවුනට දන්වා සිටින්න. ඒ අනුව ඔවුන් ඒ සඳහා නුඹට අවනත වූයේ නම් ඔවුන්ගේ ධනයේ හොඳම දේ ගැනීම මම නුඹට අවවාද කර සිටිමි. තවද අසාධාරණයට ලක්වූවන්ගේ ප්රාර්ථනාවට බියවන්න. සැබැවින්ම ඒ අතර හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නොපවතී."(මෙය තිර්මිදි විසින් වාර්තා කර ඇත: 625)තුන්වැන්න උපවාසයයි. එනම්: සෙසු නබිවරුන් හා දූතවරුන්හට (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) අල්ලාහ් එය අනිවාර්යය කළාක් මෙන්ම මුස්ලිම්වරුන්හටත් ඔහු එය අනිවාර්යය කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ! විශ්වාස කළවුනි, නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය."(අල් බකරා: 183)එනම්, රමළාන් මාසයේ දහවල් කාලයේ උපවාසය අවලංගු කරවන ක්රියාවන්ගෙන් වැළකී සිටීම. එය සිත තුළ අපේක්ෂාව හා ඉවසීම වඩවනු ඇත.එතුමාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ පවසා සිටියහ:“සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පවසා සිටියි: 'උපවාසය මා සතු දෙයකි. ඒ සඳහා ප්රතිඵල පිරිනමනුයේ මා විසින්මය. ඔහු මා හේතුවෙන් ඔහුගේ ආහාරය හා ඔහුගේ පානය අතහරියි. උපවාසය පළිහකි. උපවාසකරුට සතුටුදායක අවස්ථා දෙකක් ඇත. උපවාසය මිදෙන අවස්ථාවේ ඇතිවන සතුට හා ඔහු ඔහුගේ පරමාධිපති ව හමුවන අවස්ථාවේ ඇතිවන සතුටය."(සහීහ් අල් බුහාරි: 7492)සිව්වැන්න හජ් වන්දනාව. එනම්: පෙර සිටි නබිවරුන් හා දූතවරුන්හට (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) අල්ලාහ් එය අනිවාර්යය කළාක් මෙන්ම මුස්ලිම්වරුන්හටත් ඔහු එය අනිවාර්යය කළේය. හජ් සඳහා ඇරයුම් කරන මෙන් ඔහුගේ නබිවරයෙකු වූ මිතුරු ඉබ්රාහීම්ට (ඔහු කෙරෙහි සාමය උදාවේවා!) අල්ලාහ් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි."(අල් හජ්: 27)ඉපැරණි ශුද්ධ වූ නිවස හජ් වන්දනාකරුවන් සඳහා පිරිසිදු කරන මෙන් අල්ලාහ් එතුමාණන්ට නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:(කඃබා ව නම්) ගෘහයේ ස්ථානය ගැන ඉබ්රාහීම්ට අපි පැහැදිලි කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට මට කිසිවක් ආදේශ නොකරනු. තවද නුඹ (කඃබා ව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන් හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන් හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු. (යැයි පැවසීය.)(අල් හජ්: 26)හජ් යනු ඇති හැකි අය මත ආයු කාලයේ එක්වරක් පමණක් අනිවාර්යය වන නියමිත ක්රියාවන් ඉටු කිරීම සඳහා ශුද්ධ මක්කාවෙහි පවතින අල්ලාහ්ගේ නිවස අපේක්ෂාවෙන් වන්දනා කිරීමයි.“...තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. කවරෙකු එය ප්රතික්ෂේප කළේද සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තා (බව දැනගත යුතු)ය."(ආලු ඉම්රාන්: 97)හජ් වන්දනාවෙහි නිරතවන, දේව නියෝගයට අවනත වූ හජ්වන්දනාකරුවෝ එකම ස්ථානයේ ශුද්ධවන්ත මැවුම්කරුවාණන් නැමදීම සඳහා චිත්තපාරිශුද්ධභාවයෙන් යුතු ව එක්රැස් වෙති. සියලුම හජ් වන්දනාකරුවන් පරිසරය, සංස්කෘතිය සහ ජීවන තත්ත්වයන්හි වෙනස්කම් ඉවතලමින් එකම ආකාරයට හජ්හි වතාවන් ඉටු කරති.

24- ඉස්ලාමයේ නැමදුම් තුළ පවතින ශ්රේෂ්ඨතම ලක්ෂණය වනුයේ සැබැවින් ඒවායෙහි ක්රමවේදයන් නියමිත වේලාවන් හා කොන්දේසී අල්ලාහ් විසින්ම ආගමානුගත කොට එය ඔහුගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) වෙත දන්වා තිබීමය. අද දක්වාම මිනිසා විසින් එහි කිසිදු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ ඇතුළත් කර නැත. මෙම ප්රධානතම නැමදුම් සියල්ල වනාහි, නබිවරුන් සියලු දෙනා (ඔවුන් කෙරෙහි සාමය උදා වේවා!) ඇරයුම් කර සිටියේ ඒ වෙතය.

ඉස්ලාමයේ නැමදුම් තුළ පවතින ශ්රේෂ්ඨතම ලක්ෂණය වනුයේ සැබැවින් ඒවායෙහි ක්රමවේදයන් නියමිත වේලාවන් හා කොන්දේසී අල්ලාහ් විසින්ම ආගමානුගත කොට එය ඔහුගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) වෙත දන්වා තිබීමය. අද දක්වාම මිනිසා විසින් එහි කිසිදු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ ඇතුළත් කර නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“...අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහම ලෙස ඉස්ලාමය මම පිළිගතිමි..."(අල් මාඉදා: 3)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“එහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්රහණය කර ගනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය."(අස්-සුක්රුෆ්: 43)උත්තරීතර අල්ලාහ් සලාතය පිළිබඳ මෙසේ පවසයි:“නුඹලා සලාතය ඉටු කළේ නම්, අනතුරු ව නුඹලා සිටගනිමින් ද වාඩිවෙමින් ද නුඹලාගේ ඇළපත් මතට වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරනු. නුඹලා අභයදායී වූයෙහු නම්, ඒවිට නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාස කරන්නන් කෙරෙහි නියමිත වේලාවන් හි පනවනු ලැබූවකි."(අන් නිසා: 103)උත්තරීතර අල්ලාහ් සකාත් ගනුදෙනු පිළිබඳ මෙසේ පවසයි:“අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (zසකාත්) හිමි විය යුත්තේ දිළින්දන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධ ව කටයුතු කරන සේවා දායකයින්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද ණය ගැතියන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි ද මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානවන්තය."(අත් තව්බා: 60)උත්තරීතර අල්ලාහ් උපවාසය පිළිබඳ මෙසේ ප්රකාශ කළේය.“රමළාන් මාසය එහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමග පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් අල්-කුර්ආනය පහළ කරනු ලැබීය. එබැවින් කවරෙකු එම මාසයට සම්මුඛ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා ! තවද කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා ! අල්ලාහ් නුඹලාට පහසු ව ප්රිය කරයි. අපහසුතාව ඔහු ප්රිය නොකරයි. (මෙම සහනය) නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මග පෙන්වූ දෑ සඳහා ඔහු ව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකි වනු පිණිස ද වේ."(අල් බකරා: 185)උත්තරීතර අල්ලාහ් හජ් පිළිබඳ මෙසේ පවසයි:“හජ් වන්දනාව (ඉටු කිරීම සියලු දෙනා) හඳුනන ප්රකට මාසයන්හිය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් සඳහා සූදානම් වූයේ ද ඔහු ලිංගික ව නොහැසිරිය යුතුය. කලහකාරී ව කටයුතු නොකළ යුතුය. අනවශ්ය තර්කයන්හි නිරත නොවිය යුතුය. යහපතින් යමක් නුඹලා ඉටු කරන දෑ අල්ලාහ් දන්නේය. තවද නුඹලා (කෑම් බීම්) පොදි බැඳ ගනු. නමුත් පොදියෙන් වඩාත් ශ්රේෂ්ඨ වන්නේ බියබැතිමත්භාවයයි. තවද අහෝ! බුද්ධිය ඇත්තනි, නුඹලා මට බිය වනු."(අල් බකරා: 197)මෙම ප්රධානතම නැමදුම් සියල්ල වනාහි, නබිවරුන් සියලු දෙනා (ඔවුන් කෙරෙහි සාමය උදා වේවා!) ඇරයුම් කර සිටියේ ඒ වෙතය.

25- ඉස්ලාමයේ දූතයාණන් ලෙස සලකනුයේ, ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත් ඉස්මාඊල් තුමාගේ පරම්පරාවෙන් පැවත ආ අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් වේ. එතුමා ක්රි:ව 571 දී මක්කාවේ උපත ලැබූහ. එහි එතුමා දූතයකු ලෙස එවනු ලැබූ අතර පසුව මදීනාවට නික්ම ගියහ. පිළිම හා සම්බන්ධ කටයුතුවලදී එතුමා එතුමාගේ ජනයා සමග හවුල් නොවූ අතර ප්රශංසනීය කටයුතුවල දී පමණක් එතුමා ඔවුන් සමග හවුල් වූහ. එතුමා දූත මෙහෙය ලැබීමට පෙර සිටම ඉමහත් ගුණාංගයෙන් සපිරුණු ආදර්ශමත් කෙනෙකු වූහ. එතුමාගේ සමූහයා එතුමාට අල් අමීන් -විශ්වාසවන්තයා- යනුවෙන් නම් තැබූහ. එතුමා හතළිස් වන වියට ළඟා වූ කල්හි අල්ලාහ් එතුමාට දූත මෙහෙය පිරිනැමීය. ඉමහත් ප්රාතිහාර්යන් තුළින් අල්ලාහ් එතුමාව ශක්තිමත් කළේය. ඒවා අතරින් අති මහත් ප්රාතිහාර්යය වනුයේ අල් කුර්ආනයයි. එය සෙසු නබිවරුන්ගේ ප්රාතිහාර්යයන්ට වඩා ඉමහත් ප්රාතිහාර්යයකි. එය නබිවරුන්ගේ ප්රාතිහාර්යයන් අතරින් අදටත් පවතින ප්රාතිහාර්යයකි. අල්ලාහ් එතුමාට දහම සම්පූර්ණ කොට දී එතුමා ද එය අවසානය දක්වාම දන්වා සිටි පසු ව එතුමාගේ හැට තුන්වන වියේදී එතුමා මෙලොවින් සමු ගත්හ. මදීනාවෙහි දී එතුමාගේ දේහය වළ දමන ලදී. එම දූතයාණන් වූ මුහම්මද් (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා) නබිවරුන් හා දූතවරුන්ගේ මුද්රාවයි. පිළිම වන්දනාව දේව ප්රතික්ෂේපය හා අඥානකම යන අන්ධකාරයන්ගෙන් දේව ඒකීයත්වය දේව විශ්වාසය යන ආලෝකය වෙත ජනයා බැහැර කරනු පිණිස යහමග හා සත්යය දහම සමග අල්ලාහ් එතුමා ව එවීය. තම අනුහසින් ප්රචාරය කරන්නෙකු ලෙස එතුමාව එවූ බවට අල්ලාහ්ම එතුමා වෙනුවෙන් සාක්ෂි දරයි.

ඉස්ලාමයේ දූතයාණන් ලෙස සලකනුයේ, ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත් ඉස්මාඊල් තුමාගේ පරම්පරාවෙන් පැවත ආ අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් වේ. එතුමා ක්රි:ව 571 දී මක්කාවේ උපත ලැබූහ. එහි එතුමා දූතයකු ලෙස එවනු ලැබූ අතර පසුව මදීනාවට නික්ම ගියහ. පිළිම හා සම්බන්ධ කටයුතුවලදී එතුමා එතුමාගේ ජනයා සමග හවුල් නොවූ අතර ප්රශංසනීය කටයුතුවල දී පමණක් එතුමා ඔවුන් සමග හවුල් වූහ. එතුමා දූත මෙහෙය ලැබීමට පෙර සිටම ඉමහත් ගුණාංගයෙන් සපිරුණු ආදර්ශමත් කෙනෙකු වූහ. එතුමාගේ පරමාධිපති එතුමාගේ මහඟු ගුණාංග ගැන විස්තර කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත වන්නෙහිය."(අල් කලම්: 4)එතුමා හතළිස් වන වියට ළඟා වූ කල්හි අල්ලාහ් එතුමාට දූත මෙහෙය පිරිනැමීය. ඉමහත් ප්රාතිහාර්යන් තුළින් අල්ලාහ් එතුමාව ශක්තිමත් කළේය. ඒවා අතරින් අති මහත් ප්රාතිහාර්යය වනුයේ අල් කුර්ආනයයි.දේව දූතයාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා!) මෙසේ පැවසූහ.“වක්තෘවරුන් අතරින් මේ හා සමාන දෙයක් (ප්රාතිහාර්යක්) පිරිනමනු ලැබ; මිනිස් වර්ගයා එය විශ්වාස කළ හෝ එය ආරක්ෂාවක් ලෙස සලසාගත් කිසිම වක්තෘවරයෙක් නොවීය. මට දෙනු ලැබ ඇත්තේ මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතරින් බහුතරයක් දෙනා අනුගමනය කරන කෙනෙකු බවට මා පත්වීම ගැන මම අපේක්ෂා කරමි."සහීහ් අල් බුහාරිමහඟු අල් කුර්ආනය වනාහි, අල්ලාහ් තම දූතයාණන් වෙත පහළ කළ දිව්යමය පණිවිඩයයි. උත්තරීතර අල්ලාහ් ඒ බව මෙසේ සඳහන් කරයි:“එම පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන් හට (එය) මඟ පෙන්වන්නකි."(අල් බකරා: 2)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත."(අන් නිසා: 82)මෙවැනි දෙයක් ගෙන එන මෙන් මිනිසුන් හා ජින්වරුන්හට අල්ලාහ් අභියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“මෙම කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත."(අල් ඉස්රා: 88)මෙවැනි පරිච්ඡේද දහයක් ගෙන එන මෙන් තවදුරටත් අල්ලාහ් ඔවුනට අභියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය !) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු."(හූද්: 13)මෙවැනි එක් පරිච්ඡේදයක් හෝ ගෙන එන මෙන් තවදුරටත් අල්ලාහ් ඔවුනට අභියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අපගේ ගැත්තා වෙත අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙ හි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තව ද අල්ලාහ් හැර නුඹලා ගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්යවාදීන් නම්."(අල් බකරා: 23)

(අල් ඉස්රා: 88)

මෙවැනි පරිච්ඡේද දහයක් ගෙන එන මෙන් තවදුරටත් අල්ලාහ් ඔවුනට අභියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය !) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු."

(හූද්: 13)

මෙවැනි එක් පරිච්ඡේදයක් හෝ ගෙන එන මෙන් තවදුරටත් අල්ලාහ් ඔවුනට අභියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“අපගේ ගැත්තා වෙත අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙ හි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තව ද අල්ලාහ් හැර නුඹලා ගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්යවාදීන් නම්."

(අල් බකරා: 23)

මහඟු අල් කුර්ආනය නබිවරුන්ගේ ප්රාතිහාර්යයන් අතරින් අදටත් පවතින එකම ප්රාතිහාර්යයකි. අල්ලාහ් එතුමාට දහම සම්පූර්ණ කොට දී එතුමා ද එය අවසානය දක්වාම දන්වා සිටි පසු ව එතුමාගේ හැට තුන්වන වියේදී එතුමා මෙලොවින් සමු ගත්හ. මදීනාවෙහි දී එතුමාගේ දේහය වළ දමන ලදී.

එම දූතයාණන් වූ මුහම්මද් (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) තුමා නබිවරුන් හා දූතවරුන්ගේ මුද්රාවයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය."(අල් අහ්සාබ් :40)සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.“සැබැවින් මා හා සෙසු නබිවරුන් සසදා බලන විට එයට උපමාව නිවසක් තනා එහි ගඩොලක ස්ථානයක් හැර (සෙසු තැන්) නිසි ලෙස නිර්මාණය කොට අලංකාරවත් කළ මිනිසෙකුගේ උපමාව මෙනි. මිනිසුන් ඒ වටා ගමන් කර ඒ ගැන පුදුමයෙන් මෙම ගඩොල තැබිය යුතු නොවේදැ?යි විමසති. පසුව එතුමා: 'එම ගඩොල මම වෙමි. මම නබිවරුන්ගේ මුද්රාව වෙමි." යැයි පැවසූහ.සහීහ් අල් බුහාරිඉන්ජීලයේ (බයිබලයේ) ඊසා (අලයිහිස් සලාම්) තුමා දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන සුභාරංචි දන්වමින් මෙසේ පවසා ඇත්තාහ.(ඉදි කරන්නන් ප්රතික්ෂේප කළ ගල කෙළවරේ හිස බවට පත්ව ඇත. යේසු තුමා ඔවුනට පරමාධිපති වෙතින් මෙය පවසා සිටි බවත් අපගේ දෑස් ඉදිරියේම එය පුදුම සහගත බවත් ඔබ කිසි විටෙක පොත්වල කියවා නැති ද) අද දක්නට පවතින ඉන්ජීලයේ අල්ලාහ් මූසා තුමාට පැවසූ ප්රකාශයක් මෙසේ සඳහන්ව පැමිණ ඇත. (මම ඔවුන් වෙනුවෙන් ඔබ වැනි සහෝදරයන් අතරින් අනාගතවක්තෘවරයෙකු නැඟිට මාගේ වචන ඔහුගේ මුවින් තබන්නෙමි, ඔහු ඔහුට අණ කළ සියල්ල ගැන ඔවුන්ට කතා කරනු ඇත).රසූල්වරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව යහමග හා සත්යය දහම සමග අල්ලාහ් එවීය. තම අනුහසින් ප්රචාරය කරන්නෙකු ලෙස එතුමාව එවූ බවට අල්ලාහ්ම එතුමා වෙනුවෙන් සාක්ෂි දරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නමුත් නුඹ වෙත පහළ කළ දෑ ට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය."(අන් නිසා: 166)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඔහු වනාහි, එය ඒ සියලු දහම් වලට ඉහළින් පිහිටීම පිණිස යහමග හා සත්යය දහම සමග ඔහුගේ දූතයාණන් එව්වේ ඔහුමය. අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්රමාණවත්ය."(අල් ෆත්හ්: 28)පිළිම වන්දනාව දේව ප්රතික්ෂේපය හා අඥානකම යන අන්ධකාරයන්ගෙන් දේව ඒකීයත්වය දේව විශ්වාසය යන ආලෝකය වෙත ජනයා බැහැර කරනු පිණිස යහමග සමග අල්ලාහ් එතුමා ව එවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට එමගින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන් ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත."(අල් මාඉදා: 16)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අලිෆ්, ලාම්, රා (මෙය) දේව ග්රන්ථයයි. ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකයට ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් ප්රශංසාලාභී සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් බැහැර කරනු පිණිස අපි නුඹ වෙත මෙය පහළ කළෙමු."(ඉබ්රාහීම්: 1)

“මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය."

(අල් අහ්සාබ් :40)

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“සැබැවින් මා හා සෙසු නබිවරුන් සසදා බලන විට එයට උපමාව නිවසක් තනා එහි ගඩොලක ස්ථානයක් හැර (සෙසු තැන්) නිසි ලෙස නිර්මාණය කොට අලංකාරවත් කළ මිනිසෙකුගේ උපමාව මෙනි. මිනිසුන් ඒ වටා ගමන් කර ඒ ගැන පුදුමයෙන් මෙම ගඩොල තැබිය යුතු නොවේදැ?යි විමසති. පසුව එතුමා: 'එම ගඩොල මම වෙමි. මම නබිවරුන්ගේ මුද්රාව වෙමි." යැයි පැවසූහ.

සහීහ් අල් බුහාරි

ඉන්ජීලයේ (බයිබලයේ) ඊසා (අලයිහිස් සලාම්) තුමා දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන සුභාරංචි දන්වමින් මෙසේ පවසා ඇත්තාහ.

(ඉදි කරන්නන් ප්රතික්ෂේප කළ ගල කෙළවරේ හිස බවට පත්ව ඇත. යේසු තුමා ඔවුනට පරමාධිපති වෙතින් මෙය පවසා සිටි බවත් අපගේ දෑස් ඉදිරියේම එය පුදුම සහගත බවත් ඔබ කිසි විටෙක පොත්වල කියවා නැති ද) අද දක්නට පවතින ඉන්ජීලයේ අල්ලාහ් මූසා තුමාට පැවසූ ප්රකාශයක් මෙසේ සඳහන්ව පැමිණ ඇත. (මම ඔවුන් වෙනුවෙන් ඔබ වැනි සහෝදරයන් අතරින් අනාගතවක්තෘවරයෙකු නැඟිට මාගේ වචන ඔහුගේ මුවින් තබන්නෙමි, ඔහු ඔහුට අණ කළ සියල්ල ගැන ඔවුන්ට කතා කරනු ඇත).

රසූල්වරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව යහමග හා සත්යය දහම සමග අල්ලාහ් එවීය. තම අනුහසින් ප්රචාරය කරන්නෙකු ලෙස එතුමාව එවූ බවට අල්ලාහ්ම එතුමා වෙනුවෙන් සාක්ෂි දරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“නමුත් නුඹ වෙත පහළ කළ දෑ ට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය."

(අන් නිසා: 166)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“ඔහු වනාහි, එය ඒ සියලු දහම් වලට ඉහළින් පිහිටීම පිණිස යහමග හා සත්යය දහම සමග ඔහුගේ දූතයාණන් එව්වේ ඔහුමය. අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්රමාණවත්ය."

(අල් ෆත්හ්: 28)

පිළිම වන්දනාව දේව ප්රතික්ෂේපය හා අඥානකම යන අන්ධකාරයන්ගෙන් දේව ඒකීයත්වය දේව විශ්වාසය යන ආලෝකය වෙත ජනයා බැහැර කරනු පිණිස යහමග සමග අල්ලාහ් එතුමා ව එවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට එමගින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන් ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත."

(අල් මාඉදා: 16)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අලිෆ්, ලාම්, රා (මෙය) දේව ග්රන්ථයයි. ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකයට ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් ප්රශංසාලාභී සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් බැහැර කරනු පිණිස අපි නුඹ වෙත මෙය පහළ කළෙමු."

(ඉබ්රාහීම්: 1)

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ ඉස්ලාම් පිළිවෙත දිව්ය පණිවිඩවල හා දේව නීතිවල අවසානයයි. එය සමස්තයම ආවරණය කර ඇති පිළිවෙතකි. ජනයාගේ ආධ්යාත්මික යහපත හා මෙලොව යහපත එහි ඇත. මිනිසුන්ගේ ආගම් ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ගේ පරම්පරාව යනාදී මූලික කරුණු උසස් අයුරින් ආරක්ෂා කරන්නකි. පෙර පැවති සියලු පිළිවෙත් එකක් අනෙක වෙනස් කළාක් මෙන්ම මෙය සියලු පිළිවෙත් වෙනස් කරන්නකි.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ ඉස්ලාම් පිළිවෙත දිව්ය පණිවිඩවල හා දේව නීතිවල අවසානයයි. මෙම දිව්ය පණිවුඩය තුළින් අල්ලාහ් දහම පූර්ණවත් කළේය. දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවීමෙන් ජනයාට පිරිනැමිය යුතු ආශිර්වාදයන් සම්පූර්ණ කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි."(අල් මාඉදා: 3)ඉස්ලාමීය ෂරීආ පිළිවෙත එය පූර්ණ පිළිවෙතකි. ජනයාගේ ආධ්යාත්මික යහපත හා මෙලොව යහපත එහි ඇත. පෙර පැවති සියලුම පිළිවෙත්හි එකතුවක් ලෙස එය ගොනු වී ඇත. ඒවා සම්පූර්ණ කර ඇත. ඒවා පරිපූර්ණ කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසවන්තයින් වනාහි, සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි."(අල් ඉස්රාඃ: 9)ඉස්ලාමයේ ෂරීආ නීතිය මගින් පෙර සමූහයේ තිබූ අසීරු ක්රියාකාරකම් මෙම සමූහය සඳහා ඉවත් කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට ඔහුට ගරු කොට ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්රහකයෝ."(අල් අඃරාෆ්: 157)ඉස්ලාමීය ෂරීආ පිළිවෙත පෙර පැවති සෑම පිළිවෙතක්ම සංශෝදනය කරන්නකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තවද සත්යයෙන් යුතු මෙම ග්රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) දේව ග්රන්ථය සත්ය කරවන්නකි. තවද ඒවා ආරක්ෂා කරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්ය දැයින් ඉවත් ව ඔවුන්ගේ තුච්ඡ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතුරින් සෑම ප්රජාවකටම ආගමික පිළිවෙතක් හා පැහැදිලි ක්රියාමාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් සිතුවේ නම් නුඹලා ව එකම ප්රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එබැවින් කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි."(අල් මාඉදා: 48)පූර්ණ පිළිවෙත අන්තර්ගත කර ගත් අල් කුර්ආනය ඊට පෙර පැවති දිව්ය ග්රන්ථ තහවුරු කරන්නක් ලෙස ද ඒවා මත තීන්දු කරන්නක් ලෙස ද එහි ඇති දෑ වෙනස් කරන්නක් ලෙස ද පැමිණ ඇත.

"අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි."

(අල් මාඉදා: 3)

ඉස්ලාමීය ෂරීආ පිළිවෙත එය පූර්ණ පිළිවෙතකි. ජනයාගේ ආධ්යාත්මික යහපත හා මෙලොව යහපත එහි ඇත. පෙර පැවති සියලුම පිළිවෙත්හි එකතුවක් ලෙස එය ගොනු වී ඇත. ඒවා සම්පූර්ණ කර ඇත. ඒවා පරිපූර්ණ කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසවන්තයින් වනාහි, සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි."

(අල් ඉස්රාඃ: 9)

ඉස්ලාමයේ ෂරීආ නීතිය මගින් පෙර සමූහයේ තිබූ අසීරු ක්රියාකාරකම් මෙම සමූහය සඳහා ඉවත් කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට ඔහුට ගරු කොට ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්රහකයෝ."

(අල් අඃරාෆ්: 157)

ඉස්ලාමීය ෂරීආ පිළිවෙත පෙර පැවති සෑම පිළිවෙතක්ම සංශෝදනය කරන්නකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“තවද සත්යයෙන් යුතු මෙම ග්රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) දේව ග්රන්ථය සත්ය කරවන්නකි. තවද ඒවා ආරක්ෂා කරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්ය දැයින් ඉවත් ව ඔවුන්ගේ තුච්ඡ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතුරින් සෑම ප්රජාවකටම ආගමික පිළිවෙතක් හා පැහැදිලි ක්රියාමාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් සිතුවේ නම් නුඹලා ව එකම ප්රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එබැවින් කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි."

(අල් මාඉදා: 48)

පූර්ණ පිළිවෙත අන්තර්ගත කර ගත් අල් කුර්ආනය ඊට පෙර පැවති දිව්ය ග්රන්ථ තහවුරු කරන්නක් ලෙස ද ඒවා මත තීන්දු කරන්නක් ලෙස ද එහි ඇති දෑ වෙනස් කරන්නක් ලෙස ද පැමිණ ඇත.

27- උත්තරීතර අල්ලාහ් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ ඉස්ලාමය හැර වෙනත් දහමක් පිළිගන්නේ නැත. එහෙයින් කවෙරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් වැලඳගන්නේ ද එය කිසිවිටෙකත් පිළිගනු නොලබයි.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයෙකු ලෙස එවීමෙන් පසු ව එතුමා විසින් ගෙන ආ ඉස්ලාමය හැර වෙනත් දහමක් උත්තරීතර අල්ලාහ් පිළිගන්නේ නැත. එහෙයින් කවෙරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද ඔහු එය කිසිවිටෙක පිළිගන්නේ නැත.උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි."(ආලු ඉම්රාන්: 85)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්රන්ථය පිරිනමනු ලැබූ අය ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."(ආලු ඉම්රාන්: 19)මෙම ඉස්ලාමය දේව මිත්ර ඉබ්රාහීම් (එතුමා කෙරෙහි සාමය උදාවේවා!) තුමාගේ පිළිවෙතයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතුරිනි."(අල් බකරා: 130)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය."(අන් නිසා: 125)දූතයාණන්හට පවසා සිටින මෙන් අල්ලාහ් මෙසේ නියෝග කළේය:“සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු දහමින් හා ඉබ්රාහීම්ගේ අවංක පිළිවෙතින් මා හට නිවැරදි මාර්ගය වෙත මඟ පෙන්වීය. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය."(අල් අන්ආම්: 161)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි."

(ආලු ඉම්රාන්: 85)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්රන්ථය පිරිනමනු ලැබූ අය ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය."

(ආලු ඉම්රාන්: 19)

මෙම ඉස්ලාමය දේව මිත්ර ඉබ්රාහීම් (එතුමා කෙරෙහි සාමය උදාවේවා!) තුමාගේ පිළිවෙතයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතුරිනි."

(අල් බකරා: 130)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය."

(අන් නිසා: 125)

දූතයාණන්හට පවසා සිටින මෙන් අල්ලාහ් මෙසේ නියෝග කළේය:

“සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු දහමින් හා ඉබ්රාහීම්ගේ අවංක පිළිවෙතින් මා හට නිවැරදි මාර්ගය වෙත මඟ පෙන්වීය. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය."

(අල් අන්ආම්: 161)

28- ශුද්ධ වූ අල් කුර්ආනය දූත මුහම්මද් (එතුමා කෙරහි ශාන්තිය හා සමාදානය උදා වේවා!) තුමා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩ සහිත පුස්තකයයි. එය ලෝකවාසීන්ගේ පරමාධිපතිගේ ප්රකාශයයි. එවැනි දෙයක් හෝ එවැනි පරිච්ඡේදයක් හෝ ගෙන එන්නැයි අල්ලාහ් මිනිසුනට හා ජින්වරුන්ට අභියෝග කර සිටියි. එම අභියෝගය අද දක්වාම ඉවත් නොවී පවතින්නකි. මිලියන සංඛ්යාත ජනයා අවුලට පත් ව ඇති වැදගත් බොහෝ ප්රශ්නවලට එය පිළිතුරු සපයයි. මහඟු අල් කුර්ආනය එය පහළ වූ අරාබි බසින්ම කිසිදු අකුරක අඩුවකින් තොර ව අද දක්වාම සුරක්ෂිත ව පවතී. එය මුද්රණය කරනු ලැබ බෙදා හරිනු ලැබේ. එය කියවීම හෝ එහි අර්ථ කථනය කියවීම වඩාත් වැදගත් ප්රාතිහාර්යයෙන් යුත් මහඟු ග්රන්ථයක් වන අතරම අල් කුර්ආනය හැදෑරීම ඒ අනුව කටයුතු කිරීම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙත වන්නේය. විශ්වාසනීය වාර්තා සම්බන්ධතාවකට අනුගතව ඉදිරිපත් කරනු ලැබූවක් මෙන්ම ආරක්ෂා කරනු ලැබූවකි. එය දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කතා කළ අරාබි බසින් මුද්රණය කරනු ලැබ ඇති අතර බොහෝ භාෂාවන්ට එය පරිවර්තනය කරනු ලැබ ඇත. ශුද්ධ වූ අල් කුර්ආනය හා දේව දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ පිළිවෙත යන කරුණු දෙක ඉස්ලාමීය නීතිය හා ඒවා ආගමානුගත කිරීම සඳහා වූ එකම මූලාශ්රයකි. ඉස්ලාමයට අනුබද්ධ පුද්ගලයින්ගේ ක්රියාමාර්ගයන් අනුව එය ගනු ලැබූවක් නොවේ. සැබැවින්ම එය ගනු ලැබ ඇත්තේ එනම් අල් කුර්ආනය හා නබි තුමාගේ සුන්නාව හෙවත් පිළිවෙත යන දිව්ය පණිවිඩවලිනි.

ශුද්ධ වූ අල් කුර්ආනය දූත මුහම්මද් (එතුමා කෙරහි ශාන්තිය හා සමාදානය උදා වේවා!) තුමා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩ සහිත පුස්තකයයි. එය ලෝකවාසීන්ගේ පරමාධිපතිගේ ප්රකාශයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි. (192)විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය. (193)නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස නුඹේ හදවත මතට (194)පැහැදිලි අරාබි බසින් (195)(අෂ්-ෂුඅරාඃ: 192-195)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද (නබිවරය,) සර්වඥානී මහා ප්රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය ඉදිරිපත් කරනු ලැබ ඇත."(අන් නම්ල්: 6)මෙම අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ වූවකි. එයට පෙර වූ දිව්ය ග්රන්ථ තහවුරු කරන්නකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“මෙම කුර්ආනය අල්ලාහ්ගෙන් තොර ව (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලැබූවක් නොවීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්ය කරවන්නක් ද ලේඛනය විග්රහ කරන්නක් ද විය. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූවක් බවට කිසිදු සැකයක් නැත."(යූනුස්: 37)මහඟු අල් කුර්ආනය යුදෙව් හා කිතුනු ජනයා ඔවුන්ගේ දහම තුළ මතභේද ඇති කර ගත් බොහෝ ප්රශ්න විස්තර කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි."(අන් නම්ල්: 76)සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් සමඟ බැඳුණු ඔහුගේ දහම හා ඔහුගේ ප්රතිඵල සමග බැඳුණු යථාර්ථයන්හි අවබෝධය තුළ සියලු මිනිසුන් හට තර්ක ඉදිරිපත් කරන සාක්ෂි හා සාධක අන්තර්ගත කොට ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ජනයාට ගෙන හැර දැක්වූයෙමු."(අස්-සුමර්: 27)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි....තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද දේව ග්රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.(අන් නහ්ල්: 89)මිලියන සංඛ්යාත ජනයා අවුලට පත් ව ඇති වැදගත් බොහෝ ප්රශ්නවලට එය පිළිතුරු සපයයි. ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ ආකාරය පැහැදිලි කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුනි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?"(අල් අන්බියා: 30)අල්ලාහ් මිනිසා මවා ඇත්තේ කෙසේ ද? උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“අහෝ ජනයිනි, නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද පසු ව ශුක්රාණුවෙන්ද පසු ව ලේ කැටියෙන් ද පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ් තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. එවිට අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි."(අල් හජ්: 5) ඔහුගේ ඉරණම ඇත්තේ කොහේ ද? මෙම ජීවිතයට පසු දැහැමියා හා නපුරා සතු ප්රතිඵලය කුමක් ද? මෙම ප්රශ්නය සඳහා සාක්ෂි හා සාධක අංක 20 දරණ පරිච්ඡේදයේ පෙර සඳහන් කර ඇත. පවතින මේවා අහම්බෙන් සිදුවූවක් ද එසේ නැතහොත් උතුම් අරමුණක් සඳහා නිර්මාණය කරනු ලැබූවක් ද?උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහස්හි හා මිහිතලයේ ආධිපත්යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑහි ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?"(අල් අඃරාෆ්: 185)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“නියත වශයෙන්ම අපි නුඹලා අහේතුවකින් මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?"(අල් මුඃමිනූන්: 115)මහඟු අල් කුර්ආනය එය පහළ වූ බසින්ම අද දක්වාම සුරක්ෂිත ව පවතී."නියත වශයෙන්ම මෙම උපදෙස පහළ කළේ අපය. තවද නියත වශයෙන් අපි එහි ආරක්ෂකයෝ වෙමු."(අල් හිජ්ර්: 9)එහි කිසිදු අකුරක හෝ ස්ථානයක හෝ එකිනෙකට පරස්පරකම් අඩුපාඩු හා වෙනස්කම් ඇති කිරීමෙන් කිසිදු අඩුවක් කළ නොහැක. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත."(අන් නිසා: 82)එය මුද්රණය කරනු ලැබ බෙදා හරිනු ලැබූවකි. එය කියවීමටත් එයට සවන් දීමටත් එහි අර්ථ කථනය කියවීමටත් වඩාත් වැදගත් ප්රාතිහාර්යයෙන් යුත් මහඟු ග්රන්ථයක් වන අතරම අල් කුර්ආනය හැදෑරීම ඒ අනුව කටයුතු කිරීම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙත වන්නේය. විශ්වසනීය වාර්තා සම්බන්ධතාවකට අනුගතව ඉදිරිපත් කරනු ලැබූවක් මෙන්ම ආරක්ෂා කරනු ලැබූවකි. එය දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කතා කළ අරාබි බසින් මුද්රණය කරනු ලැබ ඇති අතර බොහෝ භාෂාවන්ට එය පරිවර්තනය කරනු ලැබ ඇත. ශුද්ධ වූ අල් කුර්ආනය හා දේව දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ) පිළිවෙත යන කරුණු දෙක ඉස්ලාමීය නීතිය හා ඒවා ආගමානුගත කිරීම සඳහා වූ එකම මූලාශ්රයකි. ඉස්ලාමයට අනුබද්ධ පුද්ගලයින්ගේ ක්රියාමාර්ගයන් අනුව එය ගනු ලැබූවක් නොවේ. සැබැවින්ම එය ගනු ලැබ ඇත්තේ එනම් අල් කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සුන්නාව හෙවත් පිළිවෙත යන දිව්ය පණිවිඩවලිනි. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආනය සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියි:“නියත වශයෙන්ම ඔවුන් වෙත උපදෙස් සහිත ග්රන්ථය පැමිණ කල්හි නියත වශයෙන්ම එය ප්රතික්ෂේප කළවුන් (මතු වටහා ගනු ඇත.) තවද නියත වශයෙන්ම එය අති බලවත් ග්රන්ථයකි. එයට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්ය දෑ ඒ වෙත නොපැමිණෙනු ඇත. එය මහා ප්රඥාවන්ත ප්රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි."(අල් ෆුස්සිලත්: 41,42)නබිතුමාණන්ගේ සුන්නාව නොහොත් පිළිවත සම්බන්ධයෙන් සැබැවින්ම එය ද අල්ලාහ්ගෙන් වූ දිව්යමය පණිවිඩය යැයි උත්තරීතර අල්ලාහ් පවසා සිටියි:“...තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට කුමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය."(අල් හෂ්ර්: 7)

“තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි. (192)

විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය. (193)

නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස නුඹේ හදවත මතට (194)

පැහැදිලි අරාබි බසින් (195)

(අෂ්-ෂුඅරාඃ: 192-195)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“තවද (නබිවරය,) සර්වඥානී මහා ප්රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය ඉදිරිපත් කරනු ලැබ ඇත."

(අන් නම්ල්: 6)

මෙම අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ වූවකි. එයට පෙර වූ දිව්ය ග්රන්ථ තහවුරු කරන්නකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“මෙම කුර්ආනය අල්ලාහ්ගෙන් තොර ව (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලැබූවක් නොවීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්ය කරවන්නක් ද ලේඛනය විග්රහ කරන්නක් ද විය. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූවක් බවට කිසිදු සැකයක් නැත."

(යූනුස්: 37)

මහඟු අල් කුර්ආනය යුදෙව් හා කිතුනු ජනයා ඔවුන්ගේ දහම තුළ මතභේද ඇති කර ගත් බොහෝ ප්රශ්න විස්තර කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි."

(අන් නම්ල්: 76)

සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් සමඟ බැඳුණු ඔහුගේ දහම හා ඔහුගේ ප්රතිඵල සමග බැඳුණු යථාර්ථයන්හි අවබෝධය තුළ සියලු මිනිසුන් හට තර්ක ඉදිරිපත් කරන සාක්ෂි හා සාධක අන්තර්ගත කොට ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ජනයාට ගෙන හැර දැක්වූයෙමු."

(අස්-සුමර්: 27)

තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

...තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද දේව ග්රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.

(අන් නහ්ල්: 89)

මිලියන සංඛ්යාත ජනයා අවුලට පත් ව ඇති වැදගත් බොහෝ ප්රශ්නවලට එය පිළිතුරු සපයයි. ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ ආකාරය පැහැදිලි කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුනි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?"

(අල් අන්බියා: 30)

අල්ලාහ් මිනිසා මවා ඇත්තේ කෙසේ ද? උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“අහෝ ජනයිනි, නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද පසු ව ශුක්රාණුවෙන්ද පසු ව ලේ කැටියෙන් ද පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ් තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. එවිට අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි."

(අල් හජ්: 5) ඔහුගේ ඉරණම ඇත්තේ කොහේ ද? මෙම ජීවිතයට පසු දැහැමියා හා නපුරා සතු ප්රතිඵලය කුමක් ද? මෙම ප්රශ්නය සඳහා සාක්ෂි හා සාධක අංක 20 දරණ පරිච්ඡේදයේ පෙර සඳහන් කර ඇත. පවතින මේවා අහම්බෙන් සිදුවූවක් ද එසේ නැතහොත් උතුම් අරමුණක් සඳහා නිර්මාණය කරනු ලැබූවක් ද?

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අහස්හි හා මිහිතලයේ ආධිපත්යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑහි ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?"

(අල් අඃරාෆ්: 185)

තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“නියත වශයෙන්ම අපි නුඹලා අහේතුවකින් මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?"

(අල් මුඃමිනූන්: 115)

මහඟු අල් කුර්ආනය එය පහළ වූ බසින්ම අද දක්වාම සුරක්ෂිත ව පවතී.

"නියත වශයෙන්ම මෙම උපදෙස පහළ කළේ අපය. තවද නියත වශයෙන් අපි එහි ආරක්ෂකයෝ වෙමු."

(අල් හිජ්ර්: 9)

එහි කිසිදු අකුරක හෝ ස්ථානයක හෝ එකිනෙකට පරස්පරකම් අඩුපාඩු හා වෙනස්කම් ඇති කිරීමෙන් කිසිදු අඩුවක් කළ නොහැක. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත."

(අන් නිසා: 82)

එය මුද්රණය කරනු ලැබ බෙදා හරිනු ලැබූවකි. එය කියවීමටත් එයට සවන් දීමටත් එහි අර්ථ කථනය කියවීමටත් වඩාත් වැදගත් ප්රාතිහාර්යයෙන් යුත් මහඟු ග්රන්ථයක් වන අතරම අල් කුර්ආනය හැදෑරීම ඒ අනුව කටයුතු කිරීම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙත වන්නේය. විශ්වසනීය වාර්තා සම්බන්ධතාවකට අනුගතව ඉදිරිපත් කරනු ලැබූවක් මෙන්ම ආරක්ෂා කරනු ලැබූවකි. එය දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කතා කළ අරාබි බසින් මුද්රණය කරනු ලැබ ඇති අතර බොහෝ භාෂාවන්ට එය පරිවර්තනය කරනු ලැබ ඇත. ශුද්ධ වූ අල් කුර්ආනය හා දේව දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ) පිළිවෙත යන කරුණු දෙක ඉස්ලාමීය නීතිය හා ඒවා ආගමානුගත කිරීම සඳහා වූ එකම මූලාශ්රයකි. ඉස්ලාමයට අනුබද්ධ පුද්ගලයින්ගේ ක්රියාමාර්ගයන් අනුව එය ගනු ලැබූවක් නොවේ. සැබැවින්ම එය ගනු ලැබ ඇත්තේ එනම් අල් කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සුන්නාව හෙවත් පිළිවෙත යන දිව්ය පණිවිඩවලිනි. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආනය සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියි:

“නියත වශයෙන්ම ඔවුන් වෙත උපදෙස් සහිත ග්රන්ථය පැමිණ කල්හි නියත වශයෙන්ම එය ප්රතික්ෂේප කළවුන් (මතු වටහා ගනු ඇත.) තවද නියත වශයෙන්ම එය අති බලවත් ග්රන්ථයකි. එයට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්ය දෑ ඒ වෙත නොපැමිණෙනු ඇත. එය මහා ප්රඥාවන්ත ප්රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි."

(අල් ෆුස්සිලත්: 41,42)

නබිතුමාණන්ගේ සුන්නාව නොහොත් පිළිවත සම්බන්ධයෙන් සැබැවින්ම එය ද අල්ලාහ්ගෙන් වූ දිව්යමය පණිවිඩය යැයි උත්තරීතර අල්ලාහ් පවසා සිටියි:

“...තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට කුමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය."

(අල් හෂ්ර්: 7)

29- දෙමාපියන්, ඔවුන් දෙපළ මුස්ලිම් නොවූව ද ඔවුන් වෙත ත්යාගශීලී වන මෙන් ඉස්ලාමය නියෝග කරයි. එමෙන්ම දරුවන් පිළිබඳවද උපදෙස් දෙන මෙන් නියෝග කරයි.

දෙමාපියන් වෙත ත්යාගශීලී වන මෙන් ඉස්ලාමය නියෝග කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:“නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත් දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචනයෙන්) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා සමග පිළිකුල් අයුරින් කටයුතු නොකරනු.? ඔවුන් දෙදෙනා සමග ගෞරවනීය වදනින් අමතනු."(අල් ඉස්රා: 23)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු."(ලුක්මාන්: 14)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපත්යාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව ඇයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතුරිනි යැයි ඔහු පැවසුවේය."(අල් අහ්කාෆ්: 15)අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මිනිසකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: අල්ලාහ්ගේ දූතයාණනි! මිනිසුන් අතරින් මා මිත්රශීලී ව සුහද සම්බන්ධකම් පවත් වන්නට වඩාත් සුදුසු අය කවුරුන්දැ?යි විමසා සිටියේය. එතුමා: 'ඔබේ මව' යැයි පිළිතුරු දුන්හ. පසු ව කවරෙකුට දැයි විමසුවේය. එතුමා 'පසු ව ඔබේ මව' යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු පසු ව කවරෙකුටදැ?යි විමසුවේය. එතුමා 'ඔබේ මව' යැයි පිළිතුරු දුන්හ. පසුව කවරෙකුට දැයි විමසුවේය. පසු ව 'ඔබේ පියා' යැයි පිළිතුරු දුන්හ.සහීහ් මුස්ලිම්දෙමාපියන් පිළිබඳ උපදෙස් දුන් මෙම නියෝගය ඔවුන් මුස්ලිම්වරුන් වුව ද මුස්ලිම් නොවන්නන් වුව ද එක සමානය.අස්මා බින්ත් අබී බක්ර් තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය: 'කුරෙයිෂ් ගෝත්රිකයින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග ගිවිසුමක් සිදු කරගත් යුගයේ ඔවුන්ගේ එම කාලයේ මාගේ මව ඇයගේ දියණිය සමග පැමිණියාය. එවිට මම 'සැබැවින්ම මාගේ මව ඉතා ආශාවෙන් පැමිණ ඇත්තීය. මා ඇය සමග සම්බන්ධකම් පවත්වන්නදැ?යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ආගමික තීන්දු පැතුවෙමි. එතුමා: “එසේය, ඔබ මව සමග සම්බන්ධකම් පවත්වන්නැ'යි පවසා සිටියහ.සහීහ් අල් බුහාරිනමුත් ඉස්ලාමයෙන් දේව ප්රතික්ෂේපය වෙත තම දරුවා පෙරළන්නට දෙමාපියන් වෙහෙසෙන්නේ නම් උත්සාහ කරන්නේ නම් -එම තත්ත්වය යටතේ- ඔවුන් දෙදෙනාට අවනත නොවන මෙන් ද ඔහු දේව විශ්වාසියෙකුව සිට ඔවුන් දෙදෙනාට යහපත සලසන මෙන් ද ඔවුන් දෙදෙනා සමග යහපත් ලෙස සම්බන්ධකම් පවත්වන මෙන් ද ඉස්ලාමය නියෝග කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්රශීලී ව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසු ව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මම නුඹලාට දන්වමි."(ලුක්මාන්:15)මුස්ලිම්වරයකුට දේව ආදේශක සමීප ඥාතීන් වුව ද ඔහුට ඥාතීන් නොවූව ද ඔහු සමග සටන් වදින්නන් ලෙස ඔවුන් නොවන්නේ නම් ඔවුනට උපකාර කිරීම මුස්ලිම්වරයාට ඉස්ලාම් තහනම් කර නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය කරයි."(අල් මුම්තහිනා: 8)දරුවන්ට උපදෙස් දෙන මෙන් ඉස්ලාමය නියෝග කරයි. ඉස්ලාමය පියාට නියෝග කර සිටින වැදගත්ම කරුණ වනුයේ තම දරුවන්ට ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ යථාර්ථය ඉගැන්වීමය. උදාහරණ වශයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එතුමාගේ මහප්පෙකු වන අබ්බාස් (රළියල්ලාහ්ගේ) තුමාගේ පුත් අබ්දුල්ලාහ්ට මෙසේ පවසා සිටියහ.“අහෝ දරුව! හෝ අහෝ කුඩා දරුව! යැයි ආමන්ත්රණය කොට අල්ලාහ් ඔබට සෙත සලසන වදන් කිහිපයක් මම නුඹට කියා දිය යුතු නොවේ ද? එවිට මම 'එසේය' යැයි පිළිතුරු දුනිමි. එවිට එතුමා 'අල්ලාහ් පිළිබඳ ප්රවේසමෙන් කටයුතු කරනු. අල්ලාහ් ඔබව ආරක්ෂා කරනු ඇත. අල්ලාහ් පිළිබඳ ප්රවේසමෙන් කටයුතු කරනු. ඔබ ඉදිරියේ ඔබ ඔහුව දකිනු ඇත. සතුටු දායක අවස්ථාවන්හි ඔහු වෙත සැල කරනු. දුෂ්කර අවස්ථාවන්හි ඔහු ඔබ ව හඳුනා ගනු ඇත. ඔබ යමක් ඉල්ලන්නේ නම් අල්ලාහ්ගෙන්ම ඉල්ලනු. ඔබ උදව් පතන්නෙහි නම් අල්ලාහ්ගෙන්ම උදව් පතනු."(මෙය ඉමාම් අහ්මද් විසින් වාර්තා කොට ඇත. 4:287)දෙමාපියන් තමන් දෙපළගේ ආගමික මෙන්ම ලෞකික කටයුතුවලදී තමන් දෙපළට ප්රයෝනවත් වන දෑ තමන් දෙපළගේ දරුවන්ට උගන්වන මෙන් අල්ලාහ් ඔවුන් දෙපළට නියෝග කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අහෝ විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ය. එහි දරුණු කුරීරු මලක්වරුන් වෙති. ඔහු ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු අල්ලාහ්ට පිටු නොපාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙසම) ඉටු කරති."(අත් තහ්රීම්: 6)උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය සම්බන්ධයෙන් අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.“නුඹලා හා නුඹලාගේ පවුලේ උදවිය නිරා ගින්නෙන් ආරාක්ෂා කර ගනු."ඔහු පවසා සිටිනුයේ 'නුඹලා ඔවුනට පුහුණු කරනු. ඔවුනට උගන්වනු' යන්නයි.දරුවා සලාතයේ පුහුණුව ලබනු පිණිස පියා තම දරුවාට සලාතය ඉගැන්විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇත්තාහ. එතුමා මෙසේ ප්රකාශ කළහ.“නුඹලාගේ දරුවන් සත්වන වියේ පසුවන විට නුඹලා සලාතය ගැන ඔවුනට නියෝග කරනු"(මෙය අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.)සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ:“සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තමන්ගේ මෙහෙයවීම ගැන වගකිව යුත්තෝ වන්නෙහුය. 'ඉමාම්' හෙවත් නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තරකරුවෙකි. එමෙන්ම පිරිමියා තම පවුල මෙහෙයවන්නාය. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තරකරුවෙකි. බිරිය තම ස්වාමිපුරුෂයාගේ නිවෙසෙහි මෙහෙයවන්නියයි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය වගඋත්තරකාරියකි. සේවකයා තම ස්වාමියාගේ ධනයෙහි මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තර කරුවෙකි. සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකු වේ. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තර කරුවෙකු වේ."(සහීහ් ඉබ්නු හිබ්බාන්: 4490)තම දරුවන් හා තම නිවැසියන් සඳහා වියපැහැදම් කරන මෙන් ඉස්ලාමය පියාට නියෝග කරයි. අංක 18 දරණ පරිච්ඡේදයේ මේ ගැන මෙනෙහි කිරීමක් කලින් සිදු කර ඇත. තම දරුවන්ට වියදම් කිරීමේ මහිමය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ විස්තර කර පවසා ඇත්තාහ.පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය වනුයේ තම පවුල වෙනුවෙන් වියදම් කරන දීනාරයත්. පුද්ගලයකු අල්ලාහ්ගේ මාර්ගයේ සිටි තම සත්වයා වෙනුවෙන් වියදම් කරන දීනාරයත් අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයත් වේ. යැයි පැවසූහ. අබූ කිලාබා තුමා 'තම පවුලෙන් ආරම්භ කර ඇත්තේ යැයි පවසා එතුමා තවදුරටත් 'කවර පුද්ගලයකු හෝ තම පවුලේ සිටින කුඩා සාමාජිකයින් සඳහා වියදම් කරන්නේ ද එය ප්රතිඵලයෙන් වඩාත් උතුම්ය. එමගින් අල්ලාහ් ඔවුනට ප්රයෝජන ගෙන දෙන අතර ඔවුන්ව පොහොසත් කරනු ඇත.'(සහීහ් මුස්ලිම්: 994)

“නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත් දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචනයෙන්) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා සමග පිළිකුල් අයුරින් කටයුතු නොකරනු.? ඔවුන් දෙදෙනා සමග ගෞරවනීය වදනින් අමතනු."

(අල් ඉස්රා: 23)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු."

(ලුක්මාන්: 14)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපත්යාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව ඇයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතුරිනි යැයි ඔහු පැවසුවේය."

(අල් අහ්කාෆ්: 15)

අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මිනිසකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: අල්ලාහ්ගේ දූතයාණනි! මිනිසුන් අතරින් මා මිත්රශීලී ව සුහද සම්බන්ධකම් පවත් වන්නට වඩාත් සුදුසු අය කවුරුන්දැ?යි විමසා සිටියේය. එතුමා: 'ඔබේ මව' යැයි පිළිතුරු දුන්හ. පසු ව කවරෙකුට දැයි විමසුවේය. එතුමා 'පසු ව ඔබේ මව' යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු පසු ව කවරෙකුටදැ?යි විමසුවේය. එතුමා 'ඔබේ මව' යැයි පිළිතුරු දුන්හ. පසුව කවරෙකුට දැයි විමසුවේය. පසු ව 'ඔබේ පියා' යැයි පිළිතුරු දුන්හ.

සහීහ් මුස්ලිම්

දෙමාපියන් පිළිබඳ උපදෙස් දුන් මෙම නියෝගය ඔවුන් මුස්ලිම්වරුන් වුව ද මුස්ලිම් නොවන්නන් වුව ද එක සමානය.

අස්මා බින්ත් අබී බක්ර් තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය: 'කුරෙයිෂ් ගෝත්රිකයින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග ගිවිසුමක් සිදු කරගත් යුගයේ ඔවුන්ගේ එම කාලයේ මාගේ මව ඇයගේ දියණිය සමග පැමිණියාය. එවිට මම 'සැබැවින්ම මාගේ මව ඉතා ආශාවෙන් පැමිණ ඇත්තීය. මා ඇය සමග සම්බන්ධකම් පවත්වන්නදැ?යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ආගමික තීන්දු පැතුවෙමි. එතුමා: “එසේය, ඔබ මව සමග සම්බන්ධකම් පවත්වන්නැ'යි පවසා සිටියහ.

සහීහ් අල් බුහාරි

නමුත් ඉස්ලාමයෙන් දේව ප්රතික්ෂේපය වෙත තම දරුවා පෙරළන්නට දෙමාපියන් වෙහෙසෙන්නේ නම් උත්සාහ කරන්නේ නම් -එම තත්ත්වය යටතේ- ඔවුන් දෙදෙනාට අවනත නොවන මෙන් ද ඔහු දේව විශ්වාසියෙකුව සිට ඔවුන් දෙදෙනාට යහපත සලසන මෙන් ද ඔවුන් දෙදෙනා සමග යහපත් ලෙස සම්බන්ධකම් පවත්වන මෙන් ද ඉස්ලාමය නියෝග කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්රශීලී ව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසු ව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මම නුඹලාට දන්වමි."

(ලුක්මාන්:15)

මුස්ලිම්වරයකුට දේව ආදේශක සමීප ඥාතීන් වුව ද ඔහුට ඥාතීන් නොවූව ද ඔහු සමග සටන් වදින්නන් ලෙස ඔවුන් නොවන්නේ නම් ඔවුනට උපකාර කිරීම මුස්ලිම්වරයාට ඉස්ලාම් තහනම් කර නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය කරයි."

(අල් මුම්තහිනා: 8)

දරුවන්ට උපදෙස් දෙන මෙන් ඉස්ලාමය නියෝග කරයි. ඉස්ලාමය පියාට නියෝග කර සිටින වැදගත්ම කරුණ වනුයේ තම දරුවන්ට ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ යථාර්ථය ඉගැන්වීමය. උදාහරණ වශයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එතුමාගේ මහප්පෙකු වන අබ්බාස් (රළියල්ලාහ්ගේ) තුමාගේ පුත් අබ්දුල්ලාහ්ට මෙසේ පවසා සිටියහ.

“අහෝ දරුව! හෝ අහෝ කුඩා දරුව! යැයි ආමන්ත්රණය කොට අල්ලාහ් ඔබට සෙත සලසන වදන් කිහිපයක් මම නුඹට කියා දිය යුතු නොවේ ද? එවිට මම 'එසේය' යැයි පිළිතුරු දුනිමි. එවිට එතුමා 'අල්ලාහ් පිළිබඳ ප්රවේසමෙන් කටයුතු කරනු. අල්ලාහ් ඔබව ආරක්ෂා කරනු ඇත. අල්ලාහ් පිළිබඳ ප්රවේසමෙන් කටයුතු කරනු. ඔබ ඉදිරියේ ඔබ ඔහුව දකිනු ඇත. සතුටු දායක අවස්ථාවන්හි ඔහු වෙත සැල කරනු. දුෂ්කර අවස්ථාවන්හි ඔහු ඔබ ව හඳුනා ගනු ඇත. ඔබ යමක් ඉල්ලන්නේ නම් අල්ලාහ්ගෙන්ම ඉල්ලනු. ඔබ උදව් පතන්නෙහි නම් අල්ලාහ්ගෙන්ම උදව් පතනු."

(මෙය ඉමාම් අහ්මද් විසින් වාර්තා කොට ඇත. 4:287)

දෙමාපියන් තමන් දෙපළගේ ආගමික මෙන්ම ලෞකික කටයුතුවලදී තමන් දෙපළට ප්රයෝනවත් වන දෑ තමන් දෙපළගේ දරුවන්ට උගන්වන මෙන් අල්ලාහ් ඔවුන් දෙපළට නියෝග කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"අහෝ විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ය. එහි දරුණු කුරීරු මලක්වරුන් වෙති. ඔහු ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු අල්ලාහ්ට පිටු නොපාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙසම) ඉටු කරති."

(අත් තහ්රීම්: 6)

උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය සම්බන්ධයෙන් අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“නුඹලා හා නුඹලාගේ පවුලේ උදවිය නිරා ගින්නෙන් ආරාක්ෂා කර ගනු."

ඔහු පවසා සිටිනුයේ 'නුඹලා ඔවුනට පුහුණු කරනු. ඔවුනට උගන්වනු' යන්නයි.

දරුවා සලාතයේ පුහුණුව ලබනු පිණිස පියා තම දරුවාට සලාතය ඉගැන්විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇත්තාහ. එතුමා මෙසේ ප්රකාශ කළහ.

“නුඹලාගේ දරුවන් සත්වන වියේ පසුවන විට නුඹලා සලාතය ගැන ඔවුනට නියෝග කරනු"

(මෙය අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.)

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ:

“සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තමන්ගේ මෙහෙයවීම ගැන වගකිව යුත්තෝ වන්නෙහුය. 'ඉමාම්' හෙවත් නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තරකරුවෙකි. එමෙන්ම පිරිමියා තම පවුල මෙහෙයවන්නාය. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තරකරුවෙකි. බිරිය තම ස්වාමිපුරුෂයාගේ නිවෙසෙහි මෙහෙයවන්නියයි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය වගඋත්තරකාරියකි. සේවකයා තම ස්වාමියාගේ ධනයෙහි මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තර කරුවෙකි. සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකු වේ. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු වග උත්තර කරුවෙකු වේ."

(සහීහ් ඉබ්නු හිබ්බාන්: 4490)

තම දරුවන් හා තම නිවැසියන් සඳහා වියපැහැදම් කරන මෙන් ඉස්ලාමය පියාට නියෝග කරයි. අංක 18 දරණ පරිච්ඡේදයේ මේ ගැන මෙනෙහි කිරීමක් කලින් සිදු කර ඇත. තම දරුවන්ට වියදම් කිරීමේ මහිමය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ විස්තර කර පවසා ඇත්තාහ.

පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය වනුයේ තම පවුල වෙනුවෙන් වියදම් කරන දීනාරයත්. පුද්ගලයකු අල්ලාහ්ගේ මාර්ගයේ සිටි තම සත්වයා වෙනුවෙන් වියදම් කරන දීනාරයත් අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයත් වේ. යැයි පැවසූහ. අබූ කිලාබා තුමා 'තම පවුලෙන් ආරම්භ කර ඇත්තේ යැයි පවසා එතුමා තවදුරටත් 'කවර පුද්ගලයකු හෝ තම පවුලේ සිටින කුඩා සාමාජිකයින් සඳහා වියදම් කරන්නේ ද එය ප්රතිඵලයෙන් වඩාත් උතුම්ය. එමගින් අල්ලාහ් ඔවුනට ප්රයෝජන ගෙන දෙන අතර ඔවුන්ව පොහොසත් කරනු ඇත.'

(සහීහ් මුස්ලිම්: 994)

30- තම සතුරන් සමග වුව ද ප්රකාශයෙහි හා ක්රියාවෙහි යුක්තිගරුක ව කටයුතු කරන මෙන් ඉස්ලාමය නියෝග කරයි.

උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතර ක්රියා කිරීමෙහි හා සැළසුම් කිරීමෙහි යුක්තිය හා සාධාරණය යන ගුණාංගයෙන් වර්ණනා කරනු ලැබූවෙකි. ඔහු කවර කරුණක් නියෝග කළේ ද එමෙන්ම කවර කරුණක් තහනම් කළේ ද ඔහු එහි ද ඔහු කවර කරුණක් මවා එය නිර්ණය කළේ ද එහි ද ඔහු ඍජු මාර්ගය මත වෙයි.“අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) ප්රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත."(ආලු ඉම්රාන්: 18)අල්ලාහ් යුක්ති ධර්මය පිළිබඳ නියෝග කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය !) නුඹ පවසනු..."(අල් අඃරාෆ්: 29)සියලු දූතවරුන් හා නබිවරුන් (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා) පැමිණියේ යුක්ති ධර්මය සමගය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමග දේව ග්රන්ථය හා තුලාව ද පහළ කළෙමු..."(අල් හදීද්: 25)තුලාව යනු ප්රකාශයන්හි හා ක්රියාවන්හි පැවතිය යුතු තුලනයයි.තම සතුරන් සමග වුව ද ප්රකාශයෙහි හා ක්රියාවෙහි යුක්තිගරුක ව කටයුතු කරන මෙන් ඉස්ලාමය නියෝග කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අහෝ විශ්වාස කළවුනි, නුඹලාට එරෙහිව හෝ දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහිව වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාටම භාරකරුය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි දී මනෝ ආශාවන් පිළි නොපදිනු. තවද නුඹලා (සාක්ෂි ය) විකෘති කළ ද (ඉන්) වැළකී සිටියද සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තය."(අන් නිසා: 135)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."...මස්ජිදුල් හරාමයෙන් නුඹලා ව වැළැක් වූ පිරිසකගේ ක්රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලා ව පෙලඹවිය නොයුතුය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය."(අල් මාඉදා: 2)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් වෙනුවෙන් යුක්ති ගරුක ව සාක්ෂි දෙන්නන් වශයෙන් නැගී සිටිනු. එක් පිරිසකගේ ක්රෝධය නුඹලා අයුක්ති සහගත ව කටයුතු කිරීමට නුඹලා ව නොපොලොඹ විය යුතුය. තවද නුඹලා යුක්ති ගරුකව කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය."(අල් මාඉදා: 8)මේ අනුව තමන්ට වුවද දෙමාපියන් හෝ ඥාතීන්ට වුව ද සත්යයට සාක්ෂි දැරීමේ හා සත්යය කතා කිරීමේ නියෝගය මෙන්ම සතුරන් සමග වුව ද මිතුරන් සමග වුවද යුක්ති ගරුක ව කටයුතු කිරීමේ නියෝගය වර්තමානයේ පවතින සමාජ නීතිවල හෝ ජනයා අදහන දහම් තුළ ඔබ දකින්නෙහිද?දරුවන් අතර ද යුක්ති ගරුක ව කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇත්තාහ.නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා 'මින්බර්' වේදිකාව මත සිට මෙසේ ප්රකාශ කළ බව ආමිර් තුමා විසින් වාර්තා කරන ලදී. 'අබූ අතිය්යා මට යම් දීමනාවක් පිරිනැමුවේය. රවාහාගේ දියණිය අම්රා: 'අල්ලාහ්ගේ දූතයාණන් ඉදිරියේ මේ ගැන ඔබ සාක්ෂි දරන තෙක් මම මෙය පිළි නොගනිමි' යැයි පැවසුවාය. එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: 'අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අම්රා බින්ත් රවාහ්ගෙන් දාව මාගේ පුතණුවන්ට මම පරිත්යාගයක් කළෙමි. ඒ ගැන ඔබ ඉදිරියේ සාක්ෂි දරන්නට ඇය මට නියෝග කර සිටියි' යැයි පැවසුවාය. එතුමා: 'මේ හා සමානව ඔබේ සෙසු දරුවන්ටත් ඔබ පිරිනැමුවෙහි ද?' යැයි විමසීය. ඔහු 'නැත' යැයි පිළිතුරු දුන්නේය. එතුමා: 'අල්ලාහ් පිළිබඳ බියෙන් කටයුතු කරනු. නුඹලාගේ දරුවන් අතර යුක්තිගරුකව කටයුතු කරනු. යැයි පැවසූහ. ඔහු: හැරීගොස් එම දීමනාව නැවත ලබා ගත්තේය.(සහීහ් අල් බුහාරි: 2587)

“අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) ප්රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත."

(ආලු ඉම්රාන්: 18)

අල්ලාහ් යුක්ති ධර්මය පිළිබඳ නියෝග කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය !) නුඹ පවසනු..."

(අල් අඃරාෆ්: 29)

සියලු දූතවරුන් හා නබිවරුන් (ඔවුන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා) පැමිණියේ යුක්ති ධර්මය සමගය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමග දේව ග්රන්ථය හා තුලාව ද පහළ කළෙමු..."

(අල් හදීද්: 25)

තුලාව යනු ප්රකාශයන්හි හා ක්රියාවන්හි පැවතිය යුතු තුලනයයි.

තම සතුරන් සමග වුව ද ප්රකාශයෙහි හා ක්රියාවෙහි යුක්තිගරුක ව කටයුතු කරන මෙන් ඉස්ලාමය නියෝග කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"අහෝ විශ්වාස කළවුනි, නුඹලාට එරෙහිව හෝ දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහිව වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාටම භාරකරුය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි දී මනෝ ආශාවන් පිළි නොපදිනු. තවද නුඹලා (සාක්ෂි ය) විකෘති කළ ද (ඉන්) වැළකී සිටියද සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තය."

(අන් නිසා: 135)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"...මස්ජිදුල් හරාමයෙන් නුඹලා ව වැළැක් වූ පිරිසකගේ ක්රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලා ව පෙලඹවිය නොයුතුය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය."

(අල් මාඉදා: 2)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් වෙනුවෙන් යුක්ති ගරුක ව සාක්ෂි දෙන්නන් වශයෙන් නැගී සිටිනු. එක් පිරිසකගේ ක්රෝධය නුඹලා අයුක්ති සහගත ව කටයුතු කිරීමට නුඹලා ව නොපොලොඹ විය යුතුය. තවද නුඹලා යුක්ති ගරුකව කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය."

(අල් මාඉදා: 8)

මේ අනුව තමන්ට වුවද දෙමාපියන් හෝ ඥාතීන්ට වුව ද සත්යයට සාක්ෂි දැරීමේ හා සත්යය කතා කිරීමේ නියෝගය මෙන්ම සතුරන් සමග වුව ද මිතුරන් සමග වුවද යුක්ති ගරුක ව කටයුතු කිරීමේ නියෝගය වර්තමානයේ පවතින සමාජ නීතිවල හෝ ජනයා අදහන දහම් තුළ ඔබ දකින්නෙහිද?

දරුවන් අතර ද යුක්ති ගරුක ව කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇත්තාහ.

නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා 'මින්බර්' වේදිකාව මත සිට මෙසේ ප්රකාශ කළ බව ආමිර් තුමා විසින් වාර්තා කරන ලදී. 'අබූ අතිය්යා මට යම් දීමනාවක් පිරිනැමුවේය. රවාහාගේ දියණිය අම්රා: 'අල්ලාහ්ගේ දූතයාණන් ඉදිරියේ මේ ගැන ඔබ සාක්ෂි දරන තෙක් මම මෙය පිළි නොගනිමි' යැයි පැවසුවාය. එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: 'අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අම්රා බින්ත් රවාහ්ගෙන් දාව මාගේ පුතණුවන්ට මම පරිත්යාගයක් කළෙමි. ඒ ගැන ඔබ ඉදිරියේ සාක්ෂි දරන්නට ඇය මට නියෝග කර සිටියි' යැයි පැවසුවාය. එතුමා: 'මේ හා සමානව ඔබේ සෙසු දරුවන්ටත් ඔබ පිරිනැමුවෙහි ද?' යැයි විමසීය. ඔහු 'නැත' යැයි පිළිතුරු දුන්නේය. එතුමා: 'අල්ලාහ් පිළිබඳ බියෙන් කටයුතු කරනු. නුඹලාගේ දරුවන් අතර යුක්තිගරුකව කටයුතු කරනු. යැයි පැවසූහ. ඔහු: හැරීගොස් එම දීමනාව නැවත ලබා ගත්තේය.

(සහීහ් අල් බුහාරි: 2587)

එනම් ජනතා කටයුතු හෝ රාජ්ය කටයුතු යුක්තිය හා සාධාරණත්වයෙන් තොර ව ක්රියාත්මක නොවිය යුතුය. ජනයා තම දහම තම ජීවිත තම පරම්පරාව තම මාන්යය තම ධනය හා තම දේශය යුක්ති සාධාරණනීය ධර්මතාවකින් තොර ව ඒවාට ආරක්ෂාව සැලසිය නොහැක. මක්කාවේ සිටි මුස්ලිම්වරුන්ට දේව ප්රතික්ෂේපකයින් දුක් පීඩා ගෙන දුන් කල්හි නබි තුමාණෝ ඔවුනට ඇබීසීනියාව වෙත හිජ්රත් කිරීම සඳහා -නික්ම යෑම සඳහා- නියෝග කර තිබීම අපි දකින්නෙමු. ඊට සාධකයක් ලෙස එතුමා ගෙන ඇත්තේ එහි කිසිවෙකුට අසාධාරණයක් සිදු නොකරන යුක්තිගරුක රජකු වීමය.

31- සමස්තයක් වශයෙන් සියලු මැවීම්වලට උපකාර කරන මෙන් ඉස්ලාමය නියෝග කරයි. එමෙන්ම යහපත් සාරධර්ම හා දැහැමි ක්රියාවන් වෙත ද ඇරයුම් කරයි.

සමස්තයක් වශයෙන් සියලු මැවීම්වලට උපකාර කරන මෙන් ඉස්ලාමය නියෝග කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:"නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය ඉටු කරන ලෙසද, කාරුණිකත්වය පෙන්වන ලෙසද, සමීප ඥාතීන්ට ( අත්යවශ්ය භාණ්ඩ) පිරිනැමීමට ද නියෝග කරයි..."(අන් නහ්ල්: 90)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“ඔවුහු කවරහු ද යත් සැපවත් අවස්ථාවන්හි ද දුෂ්කර අවස්ථාවන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ පවත්වාගන්නෝ හා මිනිසුනට සමාව දෙන්නෝ වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්රිය කරන්නේය."(ආලු ඉම්රාන්: 134)අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා සිටියහ.සැබැවින්ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම යහපත කිරීම නියම කළේය. නුඹලා මරණ දඬුවම දියත් කළ ද එම මරණ දඬුවම යහපත් ලෙස සිදු කරනු. එමෙන්ම නුඹලා සතුන් ආහාරය සඳහා කපා හැරිය ද එම කපා හැරීම යහපත් ලෙස සිදු කර ගනු. නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ පිහිය මුවහත් කරත්වා! ඔහු කැපූ සත්වයා නිවෙන්නට -නිසල වන්නට- ඉඩ හරිත්වා!(සහීහ් මුස්ලිම්: 1955)යහපත් සාරධර්ම හා දැහැමි ක්රියාවන් වෙත ඉස්ලාම් ඇරයුම් කරයි. පෙර පහළ වූ දිව්ය ග්රන්ථවල මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිගුණ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට ඔහුට ගරු කොට ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්රහකයෝ."(අල් අඃරාෆ්: 157)අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) මෙසේ පවසා ඇත්තාහ.'අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්රිය කරයි. ප්රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත.'(සහීහ් මුස්ලිම්: 2593)අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) මෙසේ පවසා ඇත්තාහ.'සැබැවින්ම අල්ලාහ් මව්වරුන්ට හිංසා කිරීම ගැහැණු දරුවන් පණපිටින් වළලා දැමීම ලබා දිය යුතු දෑ වැළැක්වීම හා තමාට අයිතියක් නැති දේ සෙවීම තහනම් කළේය. එමෙන්ම, "ඒක එහෙමයි මේක මෙහෙමයි " යනාදි වශයෙන් (අවනිශ්චිතව) කීමත්, අධික ලෙස ප්රශ්න ඇසීමත් ධනය නාස්ති කිරීමත් එතුමා පිළිකුල් කළේය.'(සහීහ් අල් බුහාරි: 2408)අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) මෙසේ පවසා ඇත්තාහ.නුඹලා විශ්වාස කරන තෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා ආදරය කරන තෙක් විශ්වාස කරන්නේ නැත. එසේනම් නුඹලා එය සිදු කළ විට නුඹලා එකිනෙකා අතර ආදරය ඇතිවන යමක් මා නුඹලාට දන්වන්න ද? නුඹලා අතර සලාමය පතුරුවන්න.(සහීහ් මුස්ලිම්: 54)

"නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය ඉටු කරන ලෙසද, කාරුණිකත්වය පෙන්වන ලෙසද, සමීප ඥාතීන්ට ( අත්යවශ්ය භාණ්ඩ) පිරිනැමීමට ද නියෝග කරයි..."

(අන් නහ්ල්: 90)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“ඔවුහු කවරහු ද යත් සැපවත් අවස්ථාවන්හි ද දුෂ්කර අවස්ථාවන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ පවත්වාගන්නෝ හා මිනිසුනට සමාව දෙන්නෝ වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්රිය කරන්නේය."

(ආලු ඉම්රාන්: 134)

අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා සිටියහ.

සැබැවින්ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම යහපත කිරීම නියම කළේය. නුඹලා මරණ දඬුවම දියත් කළ ද එම මරණ දඬුවම යහපත් ලෙස සිදු කරනු. එමෙන්ම නුඹලා සතුන් ආහාරය සඳහා කපා හැරිය ද එම කපා හැරීම යහපත් ලෙස සිදු කර ගනු. නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ පිහිය මුවහත් කරත්වා! ඔහු කැපූ සත්වයා නිවෙන්නට -නිසල වන්නට- ඉඩ හරිත්වා!

(සහීහ් මුස්ලිම්: 1955)

යහපත් සාරධර්ම හා දැහැමි ක්රියාවන් වෙත ඉස්ලාම් ඇරයුම් කරයි. පෙර පහළ වූ දිව්ය ග්රන්ථවල මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිගුණ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට ඔහුට ගරු කොට ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්රහකයෝ."

(අල් අඃරාෆ්: 157)

අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) මෙසේ පවසා ඇත්තාහ.

'අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්රිය කරයි. ප්රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත.'

(සහීහ් මුස්ලිම්: 2593)

අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) මෙසේ පවසා ඇත්තාහ.

'සැබැවින්ම අල්ලාහ් මව්වරුන්ට හිංසා කිරීම ගැහැණු දරුවන් පණපිටින් වළලා දැමීම ලබා දිය යුතු දෑ වැළැක්වීම හා තමාට අයිතියක් නැති දේ සෙවීම තහනම් කළේය. එමෙන්ම, "ඒක එහෙමයි මේක මෙහෙමයි " යනාදි වශයෙන් (අවනිශ්චිතව) කීමත්, අධික ලෙස ප්රශ්න ඇසීමත් ධනය නාස්ති කිරීමත් එතුමා පිළිකුල් කළේය.'

(සහීහ් අල් බුහාරි: 2408)

අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) මෙසේ පවසා ඇත්තාහ.

නුඹලා විශ්වාස කරන තෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා ආදරය කරන තෙක් විශ්වාස කරන්නේ නැත. එසේනම් නුඹලා එය සිදු කළ විට නුඹලා එකිනෙකා අතර ආදරය ඇතිවන යමක් මා නුඹලාට දන්වන්න ද? නුඹලා අතර සලාමය පතුරුවන්න.

(සහීහ් මුස්ලිම්: 54)

සත්යය කතා කිරීම, පැවරුම් ඉටු කිරීම, තැන්පත්කම, ලැජ්ජාව, ධෛර්යවන්තකම, පරෝපාකාරය, ගරුකිරීම, අවශ්යතාවයට උදව් කිරීම, අසරණයින්ට පිහිටවීම, කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර ලබා දීම, අසල්වැසියන් සමග යහපත් ලෙස කටයුතු කිරීම, ඥාතී සම්බන්ධකම් රැකීම හා සතුන්ට කරුණාව දැක්වීම යනාදී ප්රශංසනීය ගතිපැවතුම් පිළිපදින මෙන් ඉස්ලාමය නියෝග කර සිටියි.

ප්රශංසනීය ගතිපැවතුම් පිළිපදින මෙන් ඉස්ලාමය නියෝග කර සිටියි. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:'සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය.'(සහීහ් අල් අදබිල් මුෆ්රද්: 207)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:සැබැවින්ම මළවුන් කරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතරින් මට වඩාත් ප්රියමනාප, නුඹලා අතරින් සභාවෙන් මට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් යහපත් සාරධර්ම ඇත්තවුන්ය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මට වඩාත් කෝප ජනක සභාවෙන් මට වඩාත් දුරස් අය වන්නේ අස්සර්සාරූන් -අධික ලෙස කතා කරන්නන්- අල් මුතෂද්දිකූන් - දීර්ග ලෙස කතා කරන්නන්- හා අල් මුතෆයිහිකූන් වෙති. ඔවුහු අපි අස් සාර්සාරූන් හා මුතෂද්දිකූන් හඳුනන්නෙමු. නමුත් මුතෆයිහිකූන් කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමා: 'ඔවුහු උඩඟුවූවෝ වෙති' යැයි පැවසූහ.(අස් සිල්සිලතුස් සහීහා: 791)අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නපුරෙකු ලෙස හෝ නපුරු ක්රියාවන් සිදු කරන්නෙකු ලෙස හෝ නොසිටියහ. එතුමාණෝ: 'නුඹලා අතරින් වඩාත් උතුම් අය වනුයේ නුඹලා අතර සාරධර්මයෙන් වඩාත් යහපත්ම අය වන්නෙහුය යැයි පවසන්නෙකු වූහ.(සහීහ් අල් බුහාරි: 3559)සමස්තයක් වශයෙන් දැහැමි ක්රියාවන් හා යහපත් සාරධර්ම පිළිබඳ ඉස්ලාම් දිරිගන්වන බව පෙන්වා දෙන මේ හැර වෙනත් අල් කුර්ආන් පාඨ හා හදීස් බොහෝමයක් ඇත.ඉස්ලාම් නියෝග කර සිටින දැයින් සත්ය කතා කිරීම ද එකකි. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ.'සත්යය කතා කිරීම නුඹලා වෙත අනිවාර්යය වී ඇත. හේතුව සැබැවින්ම සත්යය කතා කිරීම දැහැමි ක්රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම දැහැමි ක්රියාවන් ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්යය කතා කරමින් සත්යය විමර්ශනය කරමින් සිටින තාක් කල් අල්ලාහ් ඉදිරියේ ඔහු සත්යවාදියෙකු ලෙස සටහන් කරනු ලබනු මිස නැත.'(සහීහ් මුස්ලිම්: 2607)ඉස්ලාම් නියෝග කර සිටින දැයින් පැවරුම් වගකීම් ඉටු කිරීම ද තවත් එකකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"පැවරුණු වගකීම් ඒවායේ හිමිකරුවන් වෙත ඉටු කරන ලෙස සැබැවින්ම අල්ලාහ් නුඹලාට නියෝග කරයි..."(අන් නිසා:58)ඉස්ලාම් නියෝග කර සිටින දැයින් තවත් කරුණක් වන්නේ තැන්පත්බව හා පතිවත රැකීමයි. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ.තිදෙනෙකුට අල්ලාහ් උදව් කිරීම නියම විය. ඔවුන් අතරින් 'පතිවත රකින්නට විවාහ වන පුද්ගලයා' ද නම් තරක ලදී.(සුනන් අත් තිර්මිදි: 1655)නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රාර්ථනාවක් විය. එතුමාණන් මෙසේ පවසා සිටියහ:'අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා' (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්රද්ධාව, ආත්ම දමනය සහ නිපුණතාවය පතමි.)(සහීහ් මුස්ලිම්: 2721)ඉස්ලාම් නියෝග කර සිටින දෑ අතරින් ලැජ්ජාසහගතභාවය ද එකකි. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ.ලැජ්ජාව යහපත ගෙන එනු ඇත.(සහීහ් අල් බුහාරි: 6117)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.සෑම දහමකටම සදාචාරයක් ඇත. ඉස්ලාමයේ සදාචාරය ලැජ්ජාවයි.මෙය ෂුඃබුල් ඊමාන් හි ඉමාම් බයිහකී තුමා වාර්තා කොට ඇත. (6:2619)ධෛර්යවන්තභාවය ද ඉස්ලාමය නියෝග කර සිටින තවත් කරුණකි. අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර ඇත."නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුන් අතරින් වඩාත් අලංකාර වඩාත් ධෛර්යවන්ත මෙන්ම වඩාත් පරිත්යාගශීලී කෙනෙකු වූහ. මදීනා වාසීහු වික්ෂිප්ත වූවෝය. නබි (සල්ලලාලහු අලයිහි වසල්ලම්) අසරු මත නැග ඔවුන් අබිබබා යන්නෙකු වූහ."(සහීහ් අල් බුහාරි: 2820)අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) බියගුලුකමින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්නෙකු වූහ. එතුමා මෙසේ ප්රකාශ කළහ."අහෝ අල්ලාහ්! බියගුලුකමින් ආරක්ෂාව සැබැවින්ම මම ඔබෙන් පතමි."(සහීහ් අල් බුහාරි: 6374)ත්යාගශීලීත්වය හා උපකාර කිරීම ද ඉස්ලාමය නියෝග කර සිටින තවත් කරුණකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමා ව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට (තවත් අධික ව) ගුණ කර දෙයි. තව ද අල්ලාහ් සර්ව ව්යාපක ය. සර්ව ඥානී ය."(අල් බකරා: 261)පරිත්යාගශීලීභාවය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතු ගුණාංගය විය. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කරන ලදී.මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතර වඩාත්ම ත්යාගශීලී වූ අතර, රාමදාන් මාසයේ දී ජිබ්රීල් (අලයිහිස් සලාම්) ඔහු මුණ ගැසීමට පැමිණෙන විට එතුමාණන් ඊට වඩා වැඩි විය. ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා රාමදාන් මාසයේ සෑම රාත්රියකම මාසය අවසානය දක්වා ඔහුව හමුවීමට පුරුදුව සිටියේය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ශුද්ධ වූ අල් කුර්ආනය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාට පාරායනය කළ අතර ජිබ්රීල් තුමා එතුමාණන්ව මුණගැසුණු විට එතුමාණෝ වේගවත් සුළඟකට වඩා ත්යාගශීලී වූහ.(සහීහ් අල් බුහාරි: 1902)අවශ්යතා ඇත්තන්හට උදව් කිරීම, අසරණයින්ට පිහිටවීම, කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සැපයීම, අසල්වැසියන් සමග යහපත් ලෙස කටයුතු කිරීම, ඥාතී සම්බන්ධකම් රැකීම හා සත්ව කරුණාව යනාදිය ද පිළිපදින මෙන් ඉස්ලාමය නියෝග කර සිටි කරුණු අතර වෙති.අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ඉස්ලාමයේ උතුම් වන්නේ කුමක්දැ?යි විමසීය. එතුමා: “ආහාරය සැපයීමත් ඔබ දන්නා මෙන්ම ඔබ නොදන්නා අයට සලාම් පැවසීමත්" යැයි පවසා සිටියහ.(සහීහ් අල් බුහාරි: 12)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.මිනිසෙකු මාර්ගයේ ගමන් කරමින් සිටින අතරවාරයේ ඔහුට දැඩි පිපාසයක් ඇති විය. ඔහු ළිඳක් දුටුවේය. එහි බැස ජලය පානය කොට පසුව පිටතට පැමිණියේය. එවිට පිපාසය හේතුවෙන් දිව සොලවමින් මඩ ආහාරයට ගන්නා සුනඛයෙක් දුටුවේය. එවිට එම මිනිසා: තමන්ට අත් වූ පිපාසය මෙන් පිපාසයක් මෙම සුනඛයාට ද ඇති වී ඇතැයි පවසා නැවතත් ළිඳට බැස ඔහුගේ මේස සපත්තුවට ජලය පුරවා එය මුවින් රදවාගෙන ඇවිත් සුනඛයාට ජලය සැපයීය. එවිට අල්ලාහ් ඔහුට කෘතඥ විය. ඔහුට සමාව දුන්නේය. යැයි එතුමාණෝ පැවසූහ. එවිට ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! සතුන් විෂයයෙහි පවා අපට ආනිශංසා තිබේදැ?යි විමසුවෝය. එවිට එතුමාණෝ: 'සජීවී සෑම දෙයකටම පිහිට වීමෙන් කුසලක් ඇත.'යැයි පැවසූහ.(සහීහ් ඉබ්නු හිබ්බාන්: 544)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.“වැන්දඹුවක් හෝ දුප්පතුන් රැකබලා ගන්නා තැනැත්තා අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන් සටන් කරන මුජාහිද් හෙවත් රණශූරයෙකු හෝ රාත්රිය පුරා යාච්ඥා කරන සහ දවස පුරා නිරාහාර ව සිටින අය හා සමාන ය."(සහීහ් අල් බුහාරි: 5353)ඥාතී අයිතිවාසිකම් පිළිබඳව ඉස්ලාමය ඉතා උවමනාවෙන් ප්රකාශ කර ඇති අතර ඥාතීන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ අනිවාර්යයභාවය ගැන ද ප්රකාශ කර සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත."විශ්වාස කළවුන් වෙත මෙම නබිවරයා තමන්ගේ පණටත් වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය. දෙවියන් විශ්වාස කරන්නන් හා නික්ම ගියවුන් අතුරින් අල්ලාහ්ගේ නියමය තුළ ඇති පරිදි ලේ ඥාතිත්වය ඇත්තෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස්ය. නමුත් නුඹලාගේ මිතුරුන් වෙත යහපත් අයුරින් කටයුතු කළ යුතුය. එය දේව ග්රන්ථයේ ලියන ලද්දක් විය."(අල් අහ්සාබ්: 6)ඥාතී සබඳතා බිඳ දැමීම ගැන අනතුරු අඟවා අවවාද කළ අතර එය මහපොළොවේ කලහකම් කිරීම හා සම්බන්ධ කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය."නුඹලාට (යුද්ධය) පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ දෘෂ්ටිය අන්ධභාවයට පත් කළේය."(මුහම්මද්:22,23)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ: "ඥාතී සබඳතා බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත."(සහීහ් මුස්ලිම්: 2556)සම්බන්ධකම් පැවැත්වීමට අනිවාර්යය වන ඥාතීහු වනාහි: දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මාමා නැන්දාවරුන්, පුංචි අම්මා බාප්පාවරුන් හා ලොකු අම්මා මහප්පාවරුන්ය.අසල්වැසියා දේව ප්රතික්ෂේපකයකු වුව ද අස්ලවැසි යුතුකම් ඉටු කරන මෙන් ඉස්ලාමය අවධාරණය කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී වූවන් සමඟ ද, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නොවන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (වහලුන්) සමඟ ද උපාකරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් අහංකාර කම් පාන පුරසාරම් දොඩන අය ව ප්රිය නොකරන්නේය.(අන් නිසා:36)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ."සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ."සහීහ් අබූ දාවූද් 5152.

'සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය.'

(සහීහ් අල් අදබිල් මුෆ්රද්: 207)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:

සැබැවින්ම මළවුන් කරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතරින් මට වඩාත් ප්රියමනාප, නුඹලා අතරින් සභාවෙන් මට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් යහපත් සාරධර්ම ඇත්තවුන්ය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මට වඩාත් කෝප ජනක සභාවෙන් මට වඩාත් දුරස් අය වන්නේ අස්සර්සාරූන් -අධික ලෙස කතා කරන්නන්- අල් මුතෂද්දිකූන් - දීර්ග ලෙස කතා කරන්නන්- හා අල් මුතෆයිහිකූන් වෙති. ඔවුහු අපි අස් සාර්සාරූන් හා මුතෂද්දිකූන් හඳුනන්නෙමු. නමුත් මුතෆයිහිකූන් කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමා: 'ඔවුහු උඩඟුවූවෝ වෙති' යැයි පැවසූහ.

(අස් සිල්සිලතුස් සහීහා: 791)

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නපුරෙකු ලෙස හෝ නපුරු ක්රියාවන් සිදු කරන්නෙකු ලෙස හෝ නොසිටියහ. එතුමාණෝ: 'නුඹලා අතරින් වඩාත් උතුම් අය වනුයේ නුඹලා අතර සාරධර්මයෙන් වඩාත් යහපත්ම අය වන්නෙහුය යැයි පවසන්නෙකු වූහ.

(සහීහ් අල් බුහාරි: 3559)

සමස්තයක් වශයෙන් දැහැමි ක්රියාවන් හා යහපත් සාරධර්ම පිළිබඳ ඉස්ලාම් දිරිගන්වන බව පෙන්වා දෙන මේ හැර වෙනත් අල් කුර්ආන් පාඨ හා හදීස් බොහෝමයක් ඇත.

ඉස්ලාම් නියෝග කර සිටින දැයින් සත්ය කතා කිරීම ද එකකි. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ.

'සත්යය කතා කිරීම නුඹලා වෙත අනිවාර්යය වී ඇත. හේතුව සැබැවින්ම සත්යය කතා කිරීම දැහැමි ක්රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම දැහැමි ක්රියාවන් ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්යය කතා කරමින් සත්යය විමර්ශනය කරමින් සිටින තාක් කල් අල්ලාහ් ඉදිරියේ ඔහු සත්යවාදියෙකු ලෙස සටහන් කරනු ලබනු මිස නැත.'

(සහීහ් මුස්ලිම්: 2607)

ඉස්ලාම් නියෝග කර සිටින දැයින් පැවරුම් වගකීම් ඉටු කිරීම ද තවත් එකකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"පැවරුණු වගකීම් ඒවායේ හිමිකරුවන් වෙත ඉටු කරන ලෙස සැබැවින්ම අල්ලාහ් නුඹලාට නියෝග කරයි..."

(අන් නිසා:58)

ඉස්ලාම් නියෝග කර සිටින දැයින් තවත් කරුණක් වන්නේ තැන්පත්බව හා පතිවත රැකීමයි. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ.

තිදෙනෙකුට අල්ලාහ් උදව් කිරීම නියම විය. ඔවුන් අතරින් 'පතිවත රකින්නට විවාහ වන පුද්ගලයා' ද නම් තරක ලදී.

(සුනන් අත් තිර්මිදි: 1655)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රාර්ථනාවක් විය. එතුමාණන් මෙසේ පවසා සිටියහ:

'අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා' (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්රද්ධාව, ආත්ම දමනය සහ නිපුණතාවය පතමි.)

(සහීහ් මුස්ලිම්: 2721)

ඉස්ලාම් නියෝග කර සිටින දෑ අතරින් ලැජ්ජාසහගතභාවය ද එකකි. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ.

ලැජ්ජාව යහපත ගෙන එනු ඇත.

(සහීහ් අල් බුහාරි: 6117)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

සෑම දහමකටම සදාචාරයක් ඇත. ඉස්ලාමයේ සදාචාරය ලැජ්ජාවයි.

මෙය ෂුඃබුල් ඊමාන් හි ඉමාම් බයිහකී තුමා වාර්තා කොට ඇත. (6:2619)

ධෛර්යවන්තභාවය ද ඉස්ලාමය නියෝග කර සිටින තවත් කරුණකි. අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර ඇත.

"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුන් අතරින් වඩාත් අලංකාර වඩාත් ධෛර්යවන්ත මෙන්ම වඩාත් පරිත්යාගශීලී කෙනෙකු වූහ. මදීනා වාසීහු වික්ෂිප්ත වූවෝය. නබි (සල්ලලාලහු අලයිහි වසල්ලම්) අසරු මත නැග ඔවුන් අබිබබා යන්නෙකු වූහ."

(සහීහ් අල් බුහාරි: 2820)

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) බියගුලුකමින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්නෙකු වූහ. එතුමා මෙසේ ප්රකාශ කළහ.

"අහෝ අල්ලාහ්! බියගුලුකමින් ආරක්ෂාව සැබැවින්ම මම ඔබෙන් පතමි."

(සහීහ් අල් බුහාරි: 6374)

ත්යාගශීලීත්වය හා උපකාර කිරීම ද ඉස්ලාමය නියෝග කර සිටින තවත් කරුණකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමා ව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට (තවත් අධික ව) ගුණ කර දෙයි. තව ද අල්ලාහ් සර්ව ව්යාපක ය. සර්ව ඥානී ය."

(අල් බකරා: 261)

පරිත්යාගශීලීභාවය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතු ගුණාංගය විය. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කරන ලදී.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතර වඩාත්ම ත්යාගශීලී වූ අතර, රාමදාන් මාසයේ දී ජිබ්රීල් (අලයිහිස් සලාම්) ඔහු මුණ ගැසීමට පැමිණෙන විට එතුමාණන් ඊට වඩා වැඩි විය. ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා රාමදාන් මාසයේ සෑම රාත්රියකම මාසය අවසානය දක්වා ඔහුව හමුවීමට පුරුදුව සිටියේය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ශුද්ධ වූ අල් කුර්ආනය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාට පාරායනය කළ අතර ජිබ්රීල් තුමා එතුමාණන්ව මුණගැසුණු විට එතුමාණෝ වේගවත් සුළඟකට වඩා ත්යාගශීලී වූහ.

(සහීහ් අල් බුහාරි: 1902)

අවශ්යතා ඇත්තන්හට උදව් කිරීම, අසරණයින්ට පිහිටවීම, කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සැපයීම, අසල්වැසියන් සමග යහපත් ලෙස කටයුතු කිරීම, ඥාතී සම්බන්ධකම් රැකීම හා සත්ව කරුණාව යනාදිය ද පිළිපදින මෙන් ඉස්ලාමය නියෝග කර සිටි කරුණු අතර වෙති.

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ඉස්ලාමයේ උතුම් වන්නේ කුමක්දැ?යි විමසීය. එතුමා: “ආහාරය සැපයීමත් ඔබ දන්නා මෙන්ම ඔබ නොදන්නා අයට සලාම් පැවසීමත්" යැයි පවසා සිටියහ.

(සහීහ් අල් බුහාරි: 12)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

මිනිසෙකු මාර්ගයේ ගමන් කරමින් සිටින අතරවාරයේ ඔහුට දැඩි පිපාසයක් ඇති විය. ඔහු ළිඳක් දුටුවේය. එහි බැස ජලය පානය කොට පසුව පිටතට පැමිණියේය. එවිට පිපාසය හේතුවෙන් දිව සොලවමින් මඩ ආහාරයට ගන්නා සුනඛයෙක් දුටුවේය. එවිට එම මිනිසා: තමන්ට අත් වූ පිපාසය මෙන් පිපාසයක් මෙම සුනඛයාට ද ඇති වී ඇතැයි පවසා නැවතත් ළිඳට බැස ඔහුගේ මේස සපත්තුවට ජලය පුරවා එය මුවින් රදවාගෙන ඇවිත් සුනඛයාට ජලය සැපයීය. එවිට අල්ලාහ් ඔහුට කෘතඥ විය. ඔහුට සමාව දුන්නේය. යැයි එතුමාණෝ පැවසූහ. එවිට ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! සතුන් විෂයයෙහි පවා අපට ආනිශංසා තිබේදැ?යි විමසුවෝය. එවිට එතුමාණෝ: 'සජීවී සෑම දෙයකටම පිහිට වීමෙන් කුසලක් ඇත.'යැයි පැවසූහ.

(සහීහ් ඉබ්නු හිබ්බාන්: 544)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

“වැන්දඹුවක් හෝ දුප්පතුන් රැකබලා ගන්නා තැනැත්තා අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන් සටන් කරන මුජාහිද් හෙවත් රණශූරයෙකු හෝ රාත්රිය පුරා යාච්ඥා කරන සහ දවස පුරා නිරාහාර ව සිටින අය හා සමාන ය."

(සහීහ් අල් බුහාරි: 5353)

ඥාතී අයිතිවාසිකම් පිළිබඳව ඉස්ලාමය ඉතා උවමනාවෙන් ප්රකාශ කර ඇති අතර ඥාතීන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ අනිවාර්යයභාවය ගැන ද ප්රකාශ කර සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත.

"විශ්වාස කළවුන් වෙත මෙම නබිවරයා තමන්ගේ පණටත් වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය. දෙවියන් විශ්වාස කරන්නන් හා නික්ම ගියවුන් අතුරින් අල්ලාහ්ගේ නියමය තුළ ඇති පරිදි ලේ ඥාතිත්වය ඇත්තෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස්ය. නමුත් නුඹලාගේ මිතුරුන් වෙත යහපත් අයුරින් කටයුතු කළ යුතුය. එය දේව ග්රන්ථයේ ලියන ලද්දක් විය."

(අල් අහ්සාබ්: 6)

ඥාතී සබඳතා බිඳ දැමීම ගැන අනතුරු අඟවා අවවාද කළ අතර එය මහපොළොවේ කලහකම් කිරීම හා සම්බන්ධ කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය.

"නුඹලාට (යුද්ධය) පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?

අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ දෘෂ්ටිය අන්ධභාවයට පත් කළේය."

(මුහම්මද්:22,23)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ: "ඥාතී සබඳතා බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත."

(සහීහ් මුස්ලිම්: 2556)

සම්බන්ධකම් පැවැත්වීමට අනිවාර්යය වන ඥාතීහු වනාහි: දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මාමා නැන්දාවරුන්, පුංචි අම්මා බාප්පාවරුන් හා ලොකු අම්මා මහප්පාවරුන්ය.

අසල්වැසියා දේව ප්රතික්ෂේපකයකු වුව ද අස්ලවැසි යුතුකම් ඉටු කරන මෙන් ඉස්ලාමය අවධාරණය කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී වූවන් සමඟ ද, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නොවන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (වහලුන්) සමඟ ද උපාකරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් අහංකාර කම් පාන පුරසාරම් දොඩන අය ව ප්රිය නොකරන්නේය.

(අන් නිසා:36)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

"සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ."

සහීහ් අබූ දාවූද් 5152.

යහපත් ආහාර පාන පරිභෝජනය ඉස්ලාමය අනුමත කර ඇත. එමෙන්ම ගත සිත හා නිවස පිරිසිදු ව තබා ගන්නා මෙන් ද නියෝග කර ඇත. එහෙයින් විවාහය අනුමත කරන ලදී. මෙම නියෝගය නබිවරුන්හටද නියෝග කර තිබූ අතර ඒ අනුව ඔවුහු සෑම යහපත් කටයුත්තක්ම අණ කර සිටියහ.

යහපත් ආහාර පාන පරිභෝජනය ඉස්ලාමය අනුමත කර ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:"සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේද එයම දෙවියන් විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ (සූරතුල් මුඃමිනූන්හි 51 වන පාඨය) “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්වඥානී වෙමි." යැයි පාරායනය කොට තවදුරටත් (සූරතුල් බකරා හි 173 වන පාඨය) "අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු. නුඹලා අල්ලාහ්ව පමණක් නමදින්නෙහු නම් ඔහුට නුඹලා කෘතඥ වනු." යන වැකිය අල්ලාහ් පවසන බව ප්රකාශ කර සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට 'අහෝ! මාගේ පරමාධිපතියාණනි, අහෝ! මාගේ පරමාධිපතියාණනි, යැයි ප්රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ වස්ත්රය අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?(සහීහ් මුස්ලිම්: 1015)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය."(අල් අඃරාෆ්: 32)ගත සිත හා නිවස පිරිසිදු ව තබා ගන්නා මෙන් ද ඉස්ලාමය නියෝග කර ඇත. එහෙයින් විවාහය අනුමත කරන ලදී. මෙම නියෝගය නබිවරුන් මෙන්ම දහම් දූතවරුන්හට නියෝග කර තිබූ අතර ඒ අනුව ඔවුහු සෑම යහපත් කටයුත්තක්ම අණ කර සිටියහ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය:"තවද නුඹලා විසින්ම නුඹලාට අඹුවන් අල්ලාහ් ඇති කළේය. තවද නුඹලාගේ අඹුවන් විසින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේය. එහෙයින් ඔවුහු විශ්වාස කරනුයේ අසත්යය ද? තවද අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ ද?"(අන්-නහ්ල්: 72)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.තවද නුඹගේ වස්ත්රය පිරිසිදු කරනු. (4)තවද කිලිට්ටෙන් වළකිනු. (5)(අල් මුද්දස්සිර්: 5,4)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ."තම හදවත තුළ අනු ප්රමාණයක් තරම් අහංකාරකමක් ඇත්තා ස්වර්ගයට පිවිසෙන්නේ නැත." යැයි පැවසූහ. මිනිසෙකු: 'සැබැවින්ම පුද්ගලයකු තම ඇඳුම ලස්සනට තබා ගැනීමටත් ඔහුගේ පාවහන් යුගල ලස්සනට තබා ගැනීමටත් ප්රිය කරයි' යැයි සැළ කර සිටියේය. එතුමා: "සැබැවින්ම අල්ලාහ් අලංකාරය. ඔහු අලංකාරය ප්රිය කරන්නේය. අහංකාර කම යනු සත්යය වසන් කොට ජනයා අවමානයට පත් කිරීමය." යැයි පැවසූහ.(සහීහ් මුස්ලිම්: 91)

"සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේද එයම දෙවියන් විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ (සූරතුල් මුඃමිනූන්හි 51 වන පාඨය) “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්වඥානී වෙමි." යැයි පාරායනය කොට තවදුරටත් (සූරතුල් බකරා හි 173 වන පාඨය) "අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු. නුඹලා අල්ලාහ්ව පමණක් නමදින්නෙහු නම් ඔහුට නුඹලා කෘතඥ වනු." යන වැකිය අල්ලාහ් පවසන බව ප්රකාශ කර සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට 'අහෝ! මාගේ පරමාධිපතියාණනි, අහෝ! මාගේ පරමාධිපතියාණනි, යැයි ප්රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ වස්ත්රය අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?

(සහීහ් මුස්ලිම්: 1015)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය."

(අල් අඃරාෆ්: 32)

ගත සිත හා නිවස පිරිසිදු ව තබා ගන්නා මෙන් ද ඉස්ලාමය නියෝග කර ඇත. එහෙයින් විවාහය අනුමත කරන ලදී. මෙම නියෝගය නබිවරුන් මෙන්ම දහම් දූතවරුන්හට නියෝග කර තිබූ අතර ඒ අනුව ඔවුහු සෑම යහපත් කටයුත්තක්ම අණ කර සිටියහ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය:

"තවද නුඹලා විසින්ම නුඹලාට අඹුවන් අල්ලාහ් ඇති කළේය. තවද නුඹලාගේ අඹුවන් විසින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේය. එහෙයින් ඔවුහු විශ්වාස කරනුයේ අසත්යය ද? තවද අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ ද?"

(අන්-නහ්ල්: 72)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

තවද නුඹගේ වස්ත්රය පිරිසිදු කරනු. (4)

තවද කිලිට්ටෙන් වළකිනු. (5)

(අල් මුද්දස්සිර්: 5,4)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

"තම හදවත තුළ අනු ප්රමාණයක් තරම් අහංකාරකමක් ඇත්තා ස්වර්ගයට පිවිසෙන්නේ නැත." යැයි පැවසූහ. මිනිසෙකු: 'සැබැවින්ම පුද්ගලයකු තම ඇඳුම ලස්සනට තබා ගැනීමටත් ඔහුගේ පාවහන් යුගල ලස්සනට තබා ගැනීමටත් ප්රිය කරයි' යැයි සැළ කර සිටියේය. එතුමා: "සැබැවින්ම අල්ලාහ් අලංකාරය. ඔහු අලංකාරය ප්රිය කරන්නේය. අහංකාර කම යනු සත්යය වසන් කොට ජනයා අවමානයට පත් කිරීමය." යැයි පැවසූහ.

(සහීහ් මුස්ලිම්: 91)

අල්ලාහ්ට ආදේශ තැබීම, ප්රතික්ෂේප කිරීම, පිළිම වන්දනාව, කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත බොරු ගොතා පැවසීම, දරුවන් මරා දැමීම, නිදහස් ජීවිතයක් නිකරුණේ මරා දැමීම, මහපොළොවේ කලහකම් කිරීම, හූනියම, රහසිගතව හෝ ප්රසිද්ධියේ අශීලාචාර ලෙස හැසිරීම, කාමයේ වරදවා හැසිරීම, සමලිංගික සේවනය වැනි තහනම් කරන ලද මූලිකාංග ඉස්ලාමය තහනම් කළේය. එමෙන්ම පොලිය තහනම් කළේය. මියගිය සතුන් හා පිළිම, ස්මාරක වෙනුවෙන් කැප කළ දෑ ද පරිභෝජනයට තහනම් කළේය. සූකර මාංශ මෙන්ම කිලිටි හා අපවිත්ර දෑ ද තහනම් කළේය. එමෙන්ම අනාතයින්ගේ ධනය සූරා කෑම කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කිරීම තහනම් කළේය. ඥාතී සබඳතා බිඳ දැමීම ද තහනම් කළේය. සමස්තයක් වශයෙන් නබිවරුන් සියලු දෙනාම තහනම් කරන ලද මේ සියලු තහනම් කිරීම් මත එකඟ වූවෝ වෙති.

අල්ලාහ්ට ආදේශ තැබීම, ප්රතික්ෂේප කිරීම, පිළිම වන්දනාව, කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත බොරු ගොතා පැවසීම, දරුවන් මරා දැමීම යනාදී තහනම් කරන ලද මූලිකාංග ඉස්ලාමය තහනම් කර ඇත."පැමිණෙන්න. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත පවසමි" යැයි (නබිවරය) නුඹ පවසනු.(ඒවා නම්) නුඹලා ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙසත්, දෙමාපියන්ට උපකාරශීලී ව කටයුතු කරන ලෙසත්, දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන ලෙසත්, නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අපමය.- එමෙන්ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නොවන ලෙසත්ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොර ව මිස ඝාතනය නොකරනු. මෙසේ එය නුඹලාට ඔහු උපදෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.අනාථයාගේ ධන වස්තූන් වෙත, ඔහු වැඩි විය පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මෙමගින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය."(අල් අන්ආම්: 151,152)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශික්ෂිත දෑ ද එයින් එළිපිට වන දෑ ද රහසිගතව වන දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද කවර දෙයක් පිළිබඳ ව අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළේද එවැන්නකින් ඔහුට නුඹලා ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ යැයි (නබිවරය !) නුඹ පවසනු."(අල් අඃරාෆ්: 33)නිදහස් ජීවිතයක් නිකරුණේ මරා දැමීම ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අල්ලාහ් තහනම් කළ ආත්මයක් යුක්තියකින් තොර ව නුඹලා ඝාතනය නොකරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින්ම අපි බලයක් පැවරුවෙමු. නමුත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උදව් කරනු ලබන්නෙකි."(අල් ඉස්රා: 33)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට කන්නලව් නොකරති. තවද අල්ලාහ් (විනාශ කිරීමට) තහනම් කළ ආත්මය යුක්තියෙන් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු ප්රතිවිපාකය ලබනු ඇත."(අල් ෆුර්කාන්:68)මහපොළොවේ කලහකම් කිරීම ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු..."(අල් අඃරාෆ්: 56)ෂුඅයිබ් නබිවරයා ගැන සැලකරමින් අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:“...මාගේ සමූහයනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිණුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු නොකරනු. තවද මහපොළොව හැඩගැසුණු පසුව එහි කලහකම් නොකරනු. නුඹලා විශ්වාස කරන්නන්ව සිටියෙහු නම් එය නුඹලාට ශ්රෙෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසුවේය."(අල් අඃරාෆ්: 85)හූනියම් කටයුතු වල නිරත වීම ද ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිල දමනු ඇත. එසේ ඔවුන් සිදු කළේ හූනියම්කරුවකුගේ කුමන්ත්රණයයි. හූනියම්කරුවා කවර අයුරින් පැමිණිය ද ජය නොලබනු ඇත."(තාහා: 69)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ."විනාශකාරී මහා සත් අකුසල් හෙවත් අස්සබ්උල් මූව්බිකාත් වලින් ඉවත් වෙන්න.ඒවා කුමක් ද යනුවෙන් විමසන ලදී. එවිට, අල්ලාහ් කෙරෙහි ආදේශ තැබීම, හූනියම, කිසිදු සාධාරණ හේතුවකින් තොර ව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීම, පොලිය, අනාථ දරුවන්ගේ මුදල් හා දේපළ අවභාවිතය, ජිහාද්හි යුදමය තත්ත්වයක දී පැන දිවීම, සැදැහැවත් විශ්වාසවන්ත ස්ත්රීන්ට අවලාද නැගීම වේ." යනුවෙන් පැවසූහ.(සහීහ් අල් බුහාරි: 6857)රහසිගත ව හෝ ප්රසිද්ධියේ අශීලාචාර ලෙස හැසිරීම, කාමයේ වරදවා හැසිරීම, සමලිංගික සේවනය යනාදිය ද ඉස්ලාමය තහනම් කළේය. ඒවා තහනම් බව පෙන්වා දෙමින් මෙම පරිච්ඡේදයේ ආරම්භයේ අල් කුර්ආනයේ පාඨ මෙනෙහි කරනු ලැබීය. එමෙන්ම පොලිය ද ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු. (278)එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලාට ද අපරාධ කරනු නොලබන්නෙහුය. (279)(අල් බකරා: 278,279)යුද වැදීමට සූදානම් වන මෙන් පොලී කාරයාට තර්ජනය කර ඇත්තාක් මෙන් පාපකම් සිදු කරන්නනාහට තරවටුු කර නැත. ඊට හේතුව පොලිය දහම දේශය ධනය හා ජීවිත විනාශ කර දමන්නක් බැවිණිමියගිය සතුන් හා පිළිම, ස්මාරක වෙනුවෙන් කැප කළ දෑ පරිභෝජනයට තහනම් කළේය. සූකර මාංශ පරිභෝජනය ද තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"(නිසි ලෙස කැපීමකින් තොරව) මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැක.) - තවද පිළිම සඳහා කැපූ දෑ ඊතල් මඟින් නුඹලා පේන කීම නුඹලාට තහනම් කරන ලදී. මේවා වැරදි සහගතය..."(අල් මාඉදා: 3)මත්පැන් පානය මෙන්ම සෙසු කිලිටි හා අපවිත්ර දෑ ද තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අහෝ විශ්වාසකළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා පේන බැලීම ෂෙයිතාන්ගේ ක්රියාවෙන් පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු. (90)ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඇති කිරීමත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව වළකාලීමත්ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?"(අල් මාඉදා: 90,91)සැබැවින්ම නබි තුමාණන් ඔවුනට කිලිටි දෑ තහනම් කිරීම එතුමාගේ ගුණාංගයක් වන බව අල්ලාහ් තව්රාතයේ සඳහන් කර ඇතැ යි පෙර සඳහන් වූ 31 වන පරිච්ඡේදයේ සඳහන් විය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති..."(අල් අඃරාෆ්: 157)අනාථයාගේ වස්තුව සූරා කෑම ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අනාථයින්ට ඔවුන්ගේ ධනය දෙනු. තව ද නුඹලා කිලිටි දෑ පිවිතුරු දෑ සමඟ හුවමාරු නොකරනු. නුඹලාගේ ධනය සමග ඔවුන්ගේ ධනය සමග (මිශ්ර කර) අනුභව නොකරනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි."(අන් නිසා: 2)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."නියත වශයෙන් ම අනාථයින්ගේ වස්තුව අයුක්ති සහගත ව අනුභව කරන්නන් (සැබැවින් ම) ඔවුන්ගේ කුසෙහි ඔවුන් අනුභව කරනුයේ (නිරයේ) ගින්න ය. තවද ඔවුහු ඇවිළෙන ගින්නට (පිවිස) දැවෙති."(අන් නිසා: 10)කිරුම් මිනුම් වල අඩුපාඩු සිදු කිරීම ද ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය. (1)තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරාගන්නෝය. (2)කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති. (3)නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද? (4)(අල් මුතෆ්ෆිෆීන්: 1-4)

"පැමිණෙන්න. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත පවසමි" යැයි (නබිවරය) නුඹ පවසනු.(ඒවා නම්) නුඹලා ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙසත්, දෙමාපියන්ට උපකාරශීලී ව කටයුතු කරන ලෙසත්, දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන ලෙසත්, නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අපමය.- එමෙන්ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නොවන ලෙසත්ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොර ව මිස ඝාතනය නොකරනු. මෙසේ එය නුඹලාට ඔහු උපදෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.

අනාථයාගේ ධන වස්තූන් වෙත, ඔහු වැඩි විය පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මෙමගින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය."

(අල් අන්ආම්: 151,152)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශික්ෂිත දෑ ද එයින් එළිපිට වන දෑ ද රහසිගතව වන දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද කවර දෙයක් පිළිබඳ ව අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළේද එවැන්නකින් ඔහුට නුඹලා ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ යැයි (නබිවරය !) නුඹ පවසනු."

(අල් අඃරාෆ්: 33)

නිදහස් ජීවිතයක් නිකරුණේ මරා දැමීම ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"අල්ලාහ් තහනම් කළ ආත්මයක් යුක්තියකින් තොර ව නුඹලා ඝාතනය නොකරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින්ම අපි බලයක් පැවරුවෙමු. නමුත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උදව් කරනු ලබන්නෙකි."

(අල් ඉස්රා: 33)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට කන්නලව් නොකරති. තවද අල්ලාහ් (විනාශ කිරීමට) තහනම් කළ ආත්මය යුක්තියෙන් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු ප්රතිවිපාකය ලබනු ඇත."

(අල් ෆුර්කාන්:68)

මහපොළොවේ කලහකම් කිරීම ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු..."

(අල් අඃරාෆ්: 56)

ෂුඅයිබ් නබිවරයා ගැන සැලකරමින් අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:

“...මාගේ සමූහයනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිණුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු නොකරනු. තවද මහපොළොව හැඩගැසුණු පසුව එහි කලහකම් නොකරනු. නුඹලා විශ්වාස කරන්නන්ව සිටියෙහු නම් එය නුඹලාට ශ්රෙෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසුවේය."

(අල් අඃරාෆ්: 85)

හූනියම් කටයුතු වල නිරත වීම ද ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිල දමනු ඇත. එසේ ඔවුන් සිදු කළේ හූනියම්කරුවකුගේ කුමන්ත්රණයයි. හූනියම්කරුවා කවර අයුරින් පැමිණිය ද ජය නොලබනු ඇත."

(තාහා: 69)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

"විනාශකාරී මහා සත් අකුසල් හෙවත් අස්සබ්උල් මූව්බිකාත් වලින් ඉවත් වෙන්න.ඒවා කුමක් ද යනුවෙන් විමසන ලදී. එවිට, අල්ලාහ් කෙරෙහි ආදේශ තැබීම, හූනියම, කිසිදු සාධාරණ හේතුවකින් තොර ව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීම, පොලිය, අනාථ දරුවන්ගේ මුදල් හා දේපළ අවභාවිතය, ජිහාද්හි යුදමය තත්ත්වයක දී පැන දිවීම, සැදැහැවත් විශ්වාසවන්ත ස්ත්රීන්ට අවලාද නැගීම වේ." යනුවෙන් පැවසූහ.

(සහීහ් අල් බුහාරි: 6857)

රහසිගත ව හෝ ප්රසිද්ධියේ අශීලාචාර ලෙස හැසිරීම, කාමයේ වරදවා හැසිරීම, සමලිංගික සේවනය යනාදිය ද ඉස්ලාමය තහනම් කළේය. ඒවා තහනම් බව පෙන්වා දෙමින් මෙම පරිච්ඡේදයේ ආරම්භයේ අල් කුර්ආනයේ පාඨ මෙනෙහි කරනු ලැබීය. එමෙන්ම පොලිය ද ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු. (278)

එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලාට ද අපරාධ කරනු නොලබන්නෙහුය. (279)

(අල් බකරා: 278,279)

යුද වැදීමට සූදානම් වන මෙන් පොලී කාරයාට තර්ජනය කර ඇත්තාක් මෙන් පාපකම් සිදු කරන්නනාහට තරවටුු කර නැත. ඊට හේතුව පොලිය දහම දේශය ධනය හා ජීවිත විනාශ කර දමන්නක් බැවිණි

මියගිය සතුන් හා පිළිම, ස්මාරක වෙනුවෙන් කැප කළ දෑ පරිභෝජනයට තහනම් කළේය. සූකර මාංශ පරිභෝජනය ද තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"(නිසි ලෙස කැපීමකින් තොරව) මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැක.) - තවද පිළිම සඳහා කැපූ දෑ ඊතල් මඟින් නුඹලා පේන කීම නුඹලාට තහනම් කරන ලදී. මේවා වැරදි සහගතය..."

(අල් මාඉදා: 3)

මත්පැන් පානය මෙන්ම සෙසු කිලිටි හා අපවිත්ර දෑ ද තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"අහෝ විශ්වාසකළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා පේන බැලීම ෂෙයිතාන්ගේ ක්රියාවෙන් පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු. (90)

ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඇති කිරීමත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව වළකාලීමත්ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?"

(අල් මාඉදා: 90,91)

සැබැවින්ම නබි තුමාණන් ඔවුනට කිලිටි දෑ තහනම් කිරීම එතුමාගේ ගුණාංගයක් වන බව අල්ලාහ් තව්රාතයේ සඳහන් කර ඇතැ යි පෙර සඳහන් වූ 31 වන පරිච්ඡේදයේ සඳහන් විය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති..."

(අල් අඃරාෆ්: 157)

අනාථයාගේ වස්තුව සූරා කෑම ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"අනාථයින්ට ඔවුන්ගේ ධනය දෙනු. තව ද නුඹලා කිලිටි දෑ පිවිතුරු දෑ සමඟ හුවමාරු නොකරනු. නුඹලාගේ ධනය සමග ඔවුන්ගේ ධනය සමග (මිශ්ර කර) අනුභව නොකරනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි."

(අන් නිසා: 2)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"නියත වශයෙන් ම අනාථයින්ගේ වස්තුව අයුක්ති සහගත ව අනුභව කරන්නන් (සැබැවින් ම) ඔවුන්ගේ කුසෙහි ඔවුන් අනුභව කරනුයේ (නිරයේ) ගින්න ය. තවද ඔවුහු ඇවිළෙන ගින්නට (පිවිස) දැවෙති."

(අන් නිසා: 10)

කිරුම් මිනුම් වල අඩුපාඩු සිදු කිරීම ද ඉස්ලාමය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය. (1)

තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරාගන්නෝය. (2)

කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති. (3)

නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද? (4)

(අල් මුතෆ්ෆිෆීන්: 1-4)

ඥාතී සම්බන්ධතා බිඳ දැමීමත් ඉස්ලාමය තහනම් කළේය. ඒ සම්බන්ධයෙන් පෙන්වා දෙන අල් කුර්ආන් පාඨ හා නබි වදන් පෙර සාකච්ඡා කෙරුණු 31 වන පරිච්ඡේදයේ සඳහන් විය. සමස්තයක් වශයෙන් නබිවරුන් සියලු දෙනාම, තහනම් කරන ලද මේ සියලු තහනම් කිරීම් මත එකඟ වූවෝ වෙති.

බොරු කීම, රැවටීම, වංචාව, විශ්වාසය කඩ කිරීම, කූටකම්, ඊර්ෂ්යාව, කූට කුමන්ත්රණ, සොරකම, ඉක්මවා කටයුතු කිරීම, අපරාධය වැනි පහත් ගුණාංග ඉස්ලාම් තහනම් කරයි. එමෙන්ම සියලුම කිලිටි ගුණාංගවලින් වළක්වාලයි.

පොදුවේ පහත් නීච ගුණාංග ඉස්ලාමය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"(උඬඟුකමින්) ඔබේ කම්මුල ජනයාට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන් උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය නොකරයි."(ලුක්මාන්: 18)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතරින් මට වඩාත් ප්රියමනාප, නුඹලා අතරින් සභාවෙන් මට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් යහපත් සාරධර්ම ඇත්තවුන්ය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මට වඩාත් කෝප ජනක සභාවෙන් මට වඩාත් දුරස් අය වන්නේ අස්සර්සාරූන් -අධික ලෙස කතා කරන්නන්- අල් මුතෂද්දිකූන් - දීර්ග ලෙස කතා කරන්නන්- හා අල් මුතෆයිහිකූන් වෙති. ඔවුහු අපි අස් සාර්සාරූන් හා මුතෂද්දිකූන් හඳුනන්නෙමු. නමුත් මුතෆයිහිකූන් කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමා: 'ඔවුහු උඩඟුවූවෝ වෙති' යැයි පැවසූහ.(අස්-සිල්සිලතුස් සහීහා: 791)බොරු කීම ඉස්ලාමය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“... කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැත..."(ඝාෆිර්: 28)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.'බොරු කීමෙන් නුඹලා වැළකී සිටිය යුතුයි. හේතුව සැබැවින්ම බොරු කිරීම අයහපත් ක්රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම අයහපත් ක්රියාවන් අපා ගින්න වෙත මග පෙන්වයි. මිනිසා බොරු කියමින් බොරුව විමර්ශනය කරමින් සිටින තාක් කල් අල්ලාහ් අබියස ඔහු මහාබොරුකාරයකු ලෙස සටහන් කරමින්ම තිබේ.'(සහීහ් මුස්ලිම්: 2607)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.“කුහකයාගේ ලක්ෂණ තුනකි: ඔහු කතා කළ විට බොරු තෙපලයි. ඔහු පොරොන්දු දුන් විට එය උල්ලංඝනය කරයි. ඔහුට විශ්වාසයෙන් යමක් පැවරූ විට එය කඩ කරයි."(සහීහ් අල් බුහාරි: 6095)රැවටීම වංචා කිරීම ඉස්ලාමය තහනම් කරයි.හදීසයක මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (ගොඩ කරන ලද) ආහාර ගොඩක් අසලින් ගමන් ගත්හ. එවිට එතුමා තම අත එහි දැමූහ. එවිට එතුමාගේ ඇගිලි වලට තෙත් ගතියක් දැනින. එවිට එතුමා: "මෙම ආහාරයේ හිමිකරු ව! මේ කුමක් දැ?"යි විමසීය. ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි! ඒ මත වැස්ස පතිත විය. යැයි පැවසීය. එතුමා: "මිනිසුන්ට එය පෙනන පරිදි ආහාරයට ඉහළින් තැබිය යුතු නොවේද? කවරෙකු වංචා කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය." යැයි පැවසූහ.(සහීහ් මුස්ලිම්: 102)වංචාව ද්රෝහිකම විශ්වාසය කඩ කිරීම පාවා දීම කූටකම යනාදිය ඉස්ලාමය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:"අහෝ විශ්වාස කළවුනි! නුඹලා දැන දැනම නුඹලා අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නොකරනු. තවද නුඹලාගේ පැවරුම් වලට ද වංචා නොකරනු."(අල් අන්ෆාල්: 27)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."ඔවුහු වනාහි, අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණ ව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නොකරති."(අර්-රඃද්: 20)තම සේනා පිටත්ව යන විට අල්ලාහ්ගේ දූතයාණන් ඔවුනට මෙසේ පවසා සිටියහ.'නුඹලා සටන් කරන්න. කොල්ලකා සොරකම් නොකරන්න. ද්රෝහී ලෙස ක්රියා නොකරන්න. විකෘති නොකරන්න. දරුවන් මරා නොදමන්න.'(සහීහ් මුස්ලිම්: 1731)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.“කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා තිබෙන්නේ ද ඔහු ශුද්ධ කුහකයකු වන්නේය. ඒවායින් එකක් ඔහු තුළ වුව ද ඔහු එය අතහැර දමන තෙක් කුහකත්වයේ කරුණක් ඔහු තුළ පිහිටයි: (එනම්) විශ්වාසයට යමක් පවරනු ලැබූ විට එය කඩ කිරීම. කතා කළ විට බොරු පැවසීම, පොරොන්දු වූ විට කඩ කිරීම හා වාද කළ විට දූෂිත කිරීම."(සහීහ් අල් බුහාරි: 34)ඉස්ලාමය ඊර්ෂ්යාව තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්යා කරන්නෝද? සැබැවින්ම ඉබ්රාහීම්ගේ පවුලට දේව ග්රන්ථය ද ප්රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්යය ද පිරිනැමුවෙමු."(අන් නිසා: 54උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන් ට සත්යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්යාව හේතුවෙන් නුඹලා ගේ විශ්වාසයෙන් පසු ව ඔවුහු නුඹලා ව ප්රතික්ෂේපකයින් බව ට නැවත පත් කරන්න ට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න ය."(අල් බකරා: 109)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.නුඹලාට පෙර විසූ සමූහයන්ගේ රෝගය නුඹලා වෙත ද දගර වෙමින් පවතී. එනම් ඊර්ෂ්යාව හා ක්රෝධයයි. එය මුඩු කර දමන්නකි. එය හිසකෙස් මුඩු කරන බව මම නොපවසමි. නමුත් එය දහම මුඩු කරයි. මාගේ ප්රාණය කවුරුන් සතුව ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා විශ්වාස කරන තෙක් ස්වර්ගයට නොපිවිසෙනු ඇත. එමෙන්ම නුඹලා එකිනෙකා ප්රේම කරන තෙක් නුඹලා විශ්වාස නොකරනු ඇත. එය නුඹලා තහවුරු කරන කරුණක් මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? එනම් නුඹලා අතර සලාමය පතුරුවන්න."(සුනන් අත් තිර්මිදි: 2510)කූට කුමන්ත්රණ දියත් කිරීම ඉස්ලාමය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:එලෙස සෑම ගමකම එහි කුමන්ත්රණය කරනු පිණිස එහි සාපරාධි නායකයන් ඇති කළෙමු. ඔවුහු කුමන්ත්රණ කරනුයේ ඔවුන්ටම මිස නැත. තවද ඔවුහු (ඒ බව) නොහඟති.(අල් අන්ආම්: 123)සැබැවින්ම යුදෙව්වෝ මසීහ් නොහොත් ඊසා (අලයිහිස් සලාම්) තුමා ඝාතනය කිරීමට උත්සාහ කළෝය. කුමන්ත්රණ කළෝය. නමුත් අල්ලාහ් ඔවුනට එරෙහිව කුමන්ත්රණයක් යෙදූ බව දන්වා සිටියේය. සැබැවින්ම නපුරු කුමන්ත්රණ එය කරන්නන්හට මිස බලපාන්නේ නැත."ඔවුන් අතර ප්රතික්ෂේප කිරීම ඊසා වටහා ගත් කල්හි අල්ලාහ් වෙත මට උදව් කරන්නන් කවුරුන් දැයි විමසා සිටියේය. හවාරීය්යීන්වරු (ගෝලයන්) අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරු යන්නට ඔබ සාක්ෂි දරනු යැයි පවසා සිටියෝය. (52)අපගේ පරමාධිපතියාණනි, ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයා ව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අප ව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව! (53)තවද ඔවුහු කුමන්ත්රණ කළෝය. අල්ලාහ් ද කුමන්ත්රණ කළේය. තවද අල්ලාහ් කුමන්ත්රණ කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨයා ය. (54)අහෝ ඊසා! සැබැවින් ම මම නුඹ ව අත්පත් කර ගනිමි. නුඹ ව මා වෙතට ඔසවා ගනිමි. ප්රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹ ව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ ව ප්රතික්ෂේප කළවුනට වඩා නුඹ ව පිළිපැද්දවුන් ව ඉහළින් තබමි. පසු ව මා වෙත ය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට මම නුඹලා අතර නුඹලා කවර දෙයක මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එවැනි දෑ පිළිබඳ ව තීන්දු දෙමි යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු." (55)(ආලු ඉම්රාන්: 52-55)නූහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා එතුමා ව ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණයක් දියත් කරන්නට සිතූ බවත් ඔවුහු ඒ අනුව කුමන්ත්රණයක් සිදු කළ බවත් එවිට අල්ලාහ් ඔවුනට කුමන්ත්රණයක් සැලසුම් කොට ඔවුන් හා ඔවුන්ගේ සමූහයේ සියලු දෙනා විනාශ කර දැමූ බවත් දන්වා සිටියේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්රියේ මරා දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු යැයි ද නියත වශයෙන්ම අපි සත්යාවාදීහු යැයි ද ඔහුගේ භාරකරුට පවසන්නෙමු යැයි ඔවුහු පැවසූහ. (49)ඔවුහු කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෝය. අප ද ඔවුන් නොහඟමින් සිටිය දී කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෙමු. (50)ඔවුන්ගේ කුමන්ත්රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු. (51)(අන්-නම්ල්: 49-51)ඉස්ලාමය සොරකම තහනම් කර ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:නීති විරෝධී ලිංගික සංසර්ගයෙහි යෙදෙන තැනැත්තා නීතිවිරෝධී ලිංගික සංසර්ගය සිදු කරන අවස්ථාවේ දේව විශ්වාසියෙකු නොවන අතර සොරකමක් සිදු කරන අවස්ථාවේ සොරෙකු දේව විශ්වාසියෙකු නොවන අතර මත්පැන් පානය කරන්නෙකු මත්පැන් පානය කරන අවස්ථාවේ දේව විශ්වාසියෙකු නොවේ. එහෙත් පසුතැවිලි වීමේ දොරටුව විවෘතව තිබේ.(සහීහ් අල් බුහාරි: 6810)ඉස්ලාමය අසාධාරණය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය ද කාරුණිකත්වය ද සමීප ඥාතීන්ට පිරිනැමීම ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි."(අන් නහ්ල්: 90)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ."සැබැවින්ම අල්ලාහ් මට එළිදරව් කර ඇත්තේ කෙනෙකු තවත් කෙනෙකු ඉක්මවා කටයුතු නොකරන තරමට කෙනෙකු තවත් කෙනෙකුට වඩා ඉහළින් අහංකාරයෙන් කටයුතු නොකරන තරමට ඔබ එකිනෙකාට යටහත් පහත් කටයුතු කළ යුතු බවයි."සහීහ් අබූ දාවූද් 4895.ඉස්ලාමය අපරාධය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"...තව ද අල්ලාහ් අපරාධකරුවන් ප්රිය නොකරයි."(අල් කුර්ආන් :57)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."...සැබැවින්ම අපරාධකරුවන් ජය නොලබති."(අල් අන්ආම්: 21)තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත්තේය."(අල් ඉන්සාන්: 31)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.තිදෙනෙකු වනාහි, ඔවුන්ගේ ප්රාර්ථනාවන් ප්රතික්ෂේප කරනු නොලැබේ.: යුක්තිගරුක නායකයා, උපවාසකරු ඉන් මිදෙන තෙක්, අපරාධයට ලක්වූවන්ගේ ශාපය. එය වළාවන්ට ඉහළින් ආරෝහණය වෙයි. අහස්හි දොරටු විවෘත කරනු ලැබේ. කීරීතිමත් අල්ලාහ් 'මාගේ ගෞරවයේ නාමයෙන් ටික කලකින් පසුව වුවද මම නුඹට උපකාර කරමි' යැයි පවසයි.ඉමාම් මුස්ලිම් තුමා සුළු වෙනස්කම් සහිත ව කෙටියෙන් දන්වා ඇති අතර (2749), ඉමාම් තිර්මිදි තුමා ද සුළු වෙනස්කම් සහිත ව සාරංශගතව දන්වා ඇත. (2526), අහ්මද් තුමා ද දන්වා ඇත (8043) මෙම පද පෙළ එතුමා සතු වූවකි.දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මුආද් (රළියල්ලාහු අන්හු) තුමා ව යමන් දේශයට එවූ කල්හි ඔහුට මෙසේ ප්රකාශ කරන්නට වූහ."අපරාධ කරනු ලැබූවන්ගේ ප්රාර්ථනාව සම්බන්ධයෙන් බිය වනු. සැබැවින්ම ඒ අතර හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නොමැත."(සහීහ් අල් බුහාරි: 1496)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ."පරෙස්සම් වන්න, යමෙකු ගිවිසුම්ගත මිනිසෙකුට අයුක්තියක් කළහොත් හෝ ඔහුගේ අයිතිය හීන කළහොත් හෝ ඔහුගේ හැකියාවෙන් ඔබ්බට වැඩ කිරීමට ඔහුට බල කළහොත් හෝ ඔහුගේ කැමැත්තෙන් තොරව කිසිවක් ඔහුගෙන් ලබා ගන්නේ නම් හෝ විනිශ්චය දිනයේදී මම ඔහු වෙනුවෙන් මැදිහත් වී ආයාචනා කරමි."(සුනන් අබූ දාවූද්: 3052)ඉස්ලාමය, ඔබ දුටු පරිදි, සියලු අනිෂ්ට හැසිරීම් හෝ අයුක්ති සහගත හෝ අසාධාරණ කටයුතු තහනම් කරයි.

"(උඬඟුකමින්) ඔබේ කම්මුල ජනයාට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන් උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය නොකරයි."

(ලුක්මාන්: 18)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතරින් මට වඩාත් ප්රියමනාප, නුඹලා අතරින් සභාවෙන් මට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් යහපත් සාරධර්ම ඇත්තවුන්ය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මට වඩාත් කෝප ජනක සභාවෙන් මට වඩාත් දුරස් අය වන්නේ අස්සර්සාරූන් -අධික ලෙස කතා කරන්නන්- අල් මුතෂද්දිකූන් - දීර්ග ලෙස කතා කරන්නන්- හා අල් මුතෆයිහිකූන් වෙති. ඔවුහු අපි අස් සාර්සාරූන් හා මුතෂද්දිකූන් හඳුනන්නෙමු. නමුත් මුතෆයිහිකූන් කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමා: 'ඔවුහු උඩඟුවූවෝ වෙති' යැයි පැවසූහ.

(අස්-සිල්සිලතුස් සහීහා: 791)

බොරු කීම ඉස්ලාමය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“... කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැත..."

(ඝාෆිර්: 28)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

'බොරු කීමෙන් නුඹලා වැළකී සිටිය යුතුයි. හේතුව සැබැවින්ම බොරු කිරීම අයහපත් ක්රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම අයහපත් ක්රියාවන් අපා ගින්න වෙත මග පෙන්වයි. මිනිසා බොරු කියමින් බොරුව විමර්ශනය කරමින් සිටින තාක් කල් අල්ලාහ් අබියස ඔහු මහාබොරුකාරයකු ලෙස සටහන් කරමින්ම තිබේ.'

(සහීහ් මුස්ලිම්: 2607)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

“කුහකයාගේ ලක්ෂණ තුනකි: ඔහු කතා කළ විට බොරු තෙපලයි. ඔහු පොරොන්දු දුන් විට එය උල්ලංඝනය කරයි. ඔහුට විශ්වාසයෙන් යමක් පැවරූ විට එය කඩ කරයි."

(සහීහ් අල් බුහාරි: 6095)

රැවටීම වංචා කිරීම ඉස්ලාමය තහනම් කරයි.

හදීසයක මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (ගොඩ කරන ලද) ආහාර ගොඩක් අසලින් ගමන් ගත්හ. එවිට එතුමා තම අත එහි දැමූහ. එවිට එතුමාගේ ඇගිලි වලට තෙත් ගතියක් දැනින. එවිට එතුමා: "මෙම ආහාරයේ හිමිකරු ව! මේ කුමක් දැ?"යි විමසීය. ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි! ඒ මත වැස්ස පතිත විය. යැයි පැවසීය. එතුමා: "මිනිසුන්ට එය පෙනන පරිදි ආහාරයට ඉහළින් තැබිය යුතු නොවේද? කවරෙකු වංචා කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය." යැයි පැවසූහ.

(සහීහ් මුස්ලිම්: 102)

වංචාව ද්රෝහිකම විශ්වාසය කඩ කිරීම පාවා දීම කූටකම යනාදිය ඉස්ලාමය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"අහෝ විශ්වාස කළවුනි! නුඹලා දැන දැනම නුඹලා අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නොකරනු. තවද නුඹලාගේ පැවරුම් වලට ද වංචා නොකරනු."

(අල් අන්ෆාල්: 27)

තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"ඔවුහු වනාහි, අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණ ව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නොකරති."

(අර්-රඃද්: 20)

තම සේනා පිටත්ව යන විට අල්ලාහ්ගේ දූතයාණන් ඔවුනට මෙසේ පවසා සිටියහ.

'නුඹලා සටන් කරන්න. කොල්ලකා සොරකම් නොකරන්න. ද්රෝහී ලෙස ක්රියා නොකරන්න. විකෘති නොකරන්න. දරුවන් මරා නොදමන්න.'

(සහීහ් මුස්ලිම්: 1731)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

“කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා තිබෙන්නේ ද ඔහු ශුද්ධ කුහකයකු වන්නේය. ඒවායින් එකක් ඔහු තුළ වුව ද ඔහු එය අතහැර දමන තෙක් කුහකත්වයේ කරුණක් ඔහු තුළ පිහිටයි: (එනම්) විශ්වාසයට යමක් පවරනු ලැබූ විට එය කඩ කිරීම. කතා කළ විට බොරු පැවසීම, පොරොන්දු වූ විට කඩ කිරීම හා වාද කළ විට දූෂිත කිරීම."

(සහීහ් අල් බුහාරි: 34)

ඉස්ලාමය ඊර්ෂ්යාව තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්යා කරන්නෝද? සැබැවින්ම ඉබ්රාහීම්ගේ පවුලට දේව ග්රන්ථය ද ප්රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්යය ද පිරිනැමුවෙමු."

(අන් නිසා: 54

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන් ට සත්යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්යාව හේතුවෙන් නුඹලා ගේ විශ්වාසයෙන් පසු ව ඔවුහු නුඹලා ව ප්රතික්ෂේපකයින් බව ට නැවත පත් කරන්න ට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න ය."

(අල් බකරා: 109)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

නුඹලාට පෙර විසූ සමූහයන්ගේ රෝගය නුඹලා වෙත ද දගර වෙමින් පවතී. එනම් ඊර්ෂ්යාව හා ක්රෝධයයි. එය මුඩු කර දමන්නකි. එය හිසකෙස් මුඩු කරන බව මම නොපවසමි. නමුත් එය දහම මුඩු කරයි. මාගේ ප්රාණය කවුරුන් සතුව ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා විශ්වාස කරන තෙක් ස්වර්ගයට නොපිවිසෙනු ඇත. එමෙන්ම නුඹලා එකිනෙකා ප්රේම කරන තෙක් නුඹලා විශ්වාස නොකරනු ඇත. එය නුඹලා තහවුරු කරන කරුණක් මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? එනම් නුඹලා අතර සලාමය පතුරුවන්න."

(සුනන් අත් තිර්මිදි: 2510)

කූට කුමන්ත්රණ දියත් කිරීම ඉස්ලාමය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

එලෙස සෑම ගමකම එහි කුමන්ත්රණය කරනු පිණිස එහි සාපරාධි නායකයන් ඇති කළෙමු. ඔවුහු කුමන්ත්රණ කරනුයේ ඔවුන්ටම මිස නැත. තවද ඔවුහු (ඒ බව) නොහඟති.

(අල් අන්ආම්: 123)

සැබැවින්ම යුදෙව්වෝ මසීහ් නොහොත් ඊසා (අලයිහිස් සලාම්) තුමා ඝාතනය කිරීමට උත්සාහ කළෝය. කුමන්ත්රණ කළෝය. නමුත් අල්ලාහ් ඔවුනට එරෙහිව කුමන්ත්රණයක් යෙදූ බව දන්වා සිටියේය. සැබැවින්ම නපුරු කුමන්ත්රණ එය කරන්නන්හට මිස බලපාන්නේ නැත.

"ඔවුන් අතර ප්රතික්ෂේප කිරීම ඊසා වටහා ගත් කල්හි අල්ලාහ් වෙත මට උදව් කරන්නන් කවුරුන් දැයි විමසා සිටියේය. හවාරීය්යීන්වරු (ගෝලයන්) අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරු යන්නට ඔබ සාක්ෂි දරනු යැයි පවසා සිටියෝය. (52)

අපගේ පරමාධිපතියාණනි, ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයා ව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අප ව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව! (53)

තවද ඔවුහු කුමන්ත්රණ කළෝය. අල්ලාහ් ද කුමන්ත්රණ කළේය. තවද අල්ලාහ් කුමන්ත්රණ කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨයා ය. (54)

අහෝ ඊසා! සැබැවින් ම මම නුඹ ව අත්පත් කර ගනිමි. නුඹ ව මා වෙතට ඔසවා ගනිමි. ප්රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹ ව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ ව ප්රතික්ෂේප කළවුනට වඩා නුඹ ව පිළිපැද්දවුන් ව ඉහළින් තබමි. පසු ව මා වෙත ය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට මම නුඹලා අතර නුඹලා කවර දෙයක මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එවැනි දෑ පිළිබඳ ව තීන්දු දෙමි යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු." (55)

(ආලු ඉම්රාන්: 52-55)

නූහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා එතුමා ව ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණයක් දියත් කරන්නට සිතූ බවත් ඔවුහු ඒ අනුව කුමන්ත්රණයක් සිදු කළ බවත් එවිට අල්ලාහ් ඔවුනට කුමන්ත්රණයක් සැලසුම් කොට ඔවුන් හා ඔවුන්ගේ සමූහයේ සියලු දෙනා විනාශ කර දැමූ බවත් දන්වා සිටියේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්රියේ මරා දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු යැයි ද නියත වශයෙන්ම අපි සත්යාවාදීහු යැයි ද ඔහුගේ භාරකරුට පවසන්නෙමු යැයි ඔවුහු පැවසූහ. (49)

ඔවුහු කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෝය. අප ද ඔවුන් නොහඟමින් සිටිය දී කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෙමු. (50)

ඔවුන්ගේ කුමන්ත්රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු. (51)

(අන්-නම්ල්: 49-51)

ඉස්ලාමය සොරකම තහනම් කර ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:

නීති විරෝධී ලිංගික සංසර්ගයෙහි යෙදෙන තැනැත්තා නීතිවිරෝධී ලිංගික සංසර්ගය සිදු කරන අවස්ථාවේ දේව විශ්වාසියෙකු නොවන අතර සොරකමක් සිදු කරන අවස්ථාවේ සොරෙකු දේව විශ්වාසියෙකු නොවන අතර මත්පැන් පානය කරන්නෙකු මත්පැන් පානය කරන අවස්ථාවේ දේව විශ්වාසියෙකු නොවේ. එහෙත් පසුතැවිලි වීමේ දොරටුව විවෘතව තිබේ.

(සහීහ් අල් බුහාරි: 6810)

ඉස්ලාමය අසාධාරණය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය ද කාරුණිකත්වය ද සමීප ඥාතීන්ට පිරිනැමීම ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි."

(අන් නහ්ල්: 90)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

"සැබැවින්ම අල්ලාහ් මට එළිදරව් කර ඇත්තේ කෙනෙකු තවත් කෙනෙකු ඉක්මවා කටයුතු නොකරන තරමට කෙනෙකු තවත් කෙනෙකුට වඩා ඉහළින් අහංකාරයෙන් කටයුතු නොකරන තරමට ඔබ එකිනෙකාට යටහත් පහත් කටයුතු කළ යුතු බවයි."

සහීහ් අබූ දාවූද් 4895.

ඉස්ලාමය අපරාධය තහනම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"...තව ද අල්ලාහ් අපරාධකරුවන් ප්රිය නොකරයි."

(අල් කුර්ආන් :57)

තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"...සැබැවින්ම අපරාධකරුවන් ජය නොලබති."

(අල් අන්ආම්: 21)

තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත්තේය."

(අල් ඉන්සාන්: 31)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

තිදෙනෙකු වනාහි, ඔවුන්ගේ ප්රාර්ථනාවන් ප්රතික්ෂේප කරනු නොලැබේ.: යුක්තිගරුක නායකයා, උපවාසකරු ඉන් මිදෙන තෙක්, අපරාධයට ලක්වූවන්ගේ ශාපය. එය වළාවන්ට ඉහළින් ආරෝහණය වෙයි. අහස්හි දොරටු විවෘත කරනු ලැබේ. කීරීතිමත් අල්ලාහ් 'මාගේ ගෞරවයේ නාමයෙන් ටික කලකින් පසුව වුවද මම නුඹට උපකාර කරමි' යැයි පවසයි.

ඉමාම් මුස්ලිම් තුමා සුළු වෙනස්කම් සහිත ව කෙටියෙන් දන්වා ඇති අතර (2749), ඉමාම් තිර්මිදි තුමා ද සුළු වෙනස්කම් සහිත ව සාරංශගතව දන්වා ඇත. (2526), අහ්මද් තුමා ද දන්වා ඇත (8043) මෙම පද පෙළ එතුමා සතු වූවකි.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මුආද් (රළියල්ලාහු අන්හු) තුමා ව යමන් දේශයට එවූ කල්හි ඔහුට මෙසේ ප්රකාශ කරන්නට වූහ.

"අපරාධ කරනු ලැබූවන්ගේ ප්රාර්ථනාව සම්බන්ධයෙන් බිය වනු. සැබැවින්ම ඒ අතර හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නොමැත."

(සහීහ් අල් බුහාරි: 1496)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

"පරෙස්සම් වන්න, යමෙකු ගිවිසුම්ගත මිනිසෙකුට අයුක්තියක් කළහොත් හෝ ඔහුගේ අයිතිය හීන කළහොත් හෝ ඔහුගේ හැකියාවෙන් ඔබ්බට වැඩ කිරීමට ඔහුට බල කළහොත් හෝ ඔහුගේ කැමැත්තෙන් තොරව කිසිවක් ඔහුගෙන් ලබා ගන්නේ නම් හෝ විනිශ්චය දිනයේදී මම ඔහු වෙනුවෙන් මැදිහත් වී ආයාචනා කරමි."

(සුනන් අබූ දාවූද්: 3052)

ඉස්ලාමය, ඔබ දුටු පරිදි, සියලු අනිෂ්ට හැසිරීම් හෝ අයුක්ති සහගත හෝ අසාධාරණ කටයුතු තහනම් කරයි.

පොලිය, හානිය, රැවටීම, අයුක්තිය හෝ වංචාව හා බැඳුණු එසේ නැතහොත් සමාජයට, ජනතාවට සහ පුද්ගලයන්ට විපත් හා පොදු හානිවලට තුඩු දෙන මූල්ය ගනුදෙනු ඉස්ලාමය තහනම් කරයි.

පොලිය, හානිය, රැවටීම, අයුක්තිය හෝ වංචාව හා බැඳුණු එසේ නැතහොත් සමාජයට, ජනතාවට සහ පුද්ගලයන්ට විපත් හා පොදු හානිවලට තුඩු දෙන මූල්ය ගනුදෙනු ඉස්ලාමය තහනම් කරයි.පොලිය, අසාධාරණය, වංචාව හා මහපොළොවේ කලහකාරීව හැසිරීම තහනම් කරමින් මෙනෙහි කරන ලද අල් කුර්ආන් පාඨ හා නබි වදන් මෙම පරිච්ඡේදය ආරම්භයේ සඳහන් කරන ලදී. ඊට අමතරව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."තවද දෙවියන් විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් උපයා නොගත් දෑ වෙනුවෙන් හිංසා පීඩා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින්ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය."(අල් අහ්සාබ්: 58)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ."(ෆුස්සිලත්: 46)නබි චරිතයේ සඳහන් පරිදි සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ හිංසා නොකරන මෙන් ද හිංසා කරන්නාගෙන් පළි නොගත යුතු මෙන් ද තීන්දු කර ඇත්තාහ.සුනන් අබූ දාවූද්අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ."කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම අසල්වැසියාට හිංසා නොකරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු යහපතම කතා කරත්වා එසේ නැතහොත් නිහඬව සිටිත්වා!" තවත් වාර්තාවක් අනුව ඔහු 'තම අසල්වැසියාට යහපත කරත්වා!' යැයි සඳහන්ව ඇත.(සහීහ් මුස්ලිම්: 47)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.බළලෙකු සම්බන්ධයෙන් ඌ මිය යන තෙක් සිර ගත කළ කාන්තාවක් දඬුවම් ලබා අපා ගින්නට පිවිසුනාය. ඇය ඌට ආහාර පාන ලබා දුන්නේ නැත. මහපොළොවේ ඇති පැලෑටි අනුභව කිරීමට ඇය ඌ අත් නොහැර රඳවා ගත්තාය.(සහීහ් අල් බුහාරි: 3482)බළලෙකුට වේදනා දුන් අයකුගේ තත්ත්වය මෙසේ නම්, මිනිසුන්ට හිංසා පමුණුවන්නාට ඇති වන තත්ත්වය කෙසේ වනු ඇත්ද? ඉබ්නු උමර් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් මින්බර් වේදිකාව මතට නැග උස් හඬින් අමතා මෙසේ ප්රකාශ කළහ.අහෝ ජන සමූහයනි! කවරෙකුගේ දේව විශ්වාසය තම සිත් තුළ කිඳා නොබැස තම දිවෙන් පමණක් ඉස්ලාමය වැළඳ ගෙන සිටින්නේ ද එවැනි නුඹලා මුස්ලිම්වරුන්ට හිංසා නොකරනු. ඔවුන්ට නිග්රහ නොකරනු. ඔවුන්ගේ රහස් හෙළි කිරීමට ඔත්තු නොබලනු. මක්නිසාද යත් යමෙක් තම මුස්ලිම් සහෝදරයාගේ රහස් හෙළි කිරීමට උත්සාහ කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ රහස් හෙළි කරනු ඇත. අල්ලාහ් කවරෙකුගේ රහස් හෙළි කරන්නේ ද ඔහු තම නිවසේ ගැඹුරේ සිටියද ඔහුගේ රහස් පුළුල් ලෙස හෙළි කරනු ඇත. ඉබ්නු උමර් තුමා දිනක් දේව නිවස බලා එසේ නැතහොත් කඃබාව දෙස බලා මෙසේ පැවසීය: 'ඔබට වඩා ශ්රේෂ්ට වනුයේ කුමක් ද? ඔබේ ගෞරවය වඩාත් ශ්රේෂ්ටය. දේව විශ්වාසියා අල්ලාහ් අබියස ඔබට වඩා ගෞරවයෙන් අති ශ්රෙෂ්ටය.(මෙය ඉමාම් තිර්මිදි තුමා විසින් වාර්තා කර ඇති අතර (2032) ඉබ්නු හිබ්බාන් තුමා විසින් ද වාර්තා කර ඇත. (5763)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ."කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම අසල්වැසියාට හිංසා නොකරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු යහපතම කතා කරත්වා එසේ නැතහොත් නිහඬව සිටිත්වා!"(සහීහ් අල් බුහාරි: 6018)නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "බංකොලොත් කරු කවුරු දැයි නුඹලා දන්නෙහුද? ඔවුහු, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතර සිටින බංකොලොත් කරු නම් දිර්හම් හෝ භාණ්ඩ හෝ නොමැති පුද්ගලයා වේ යැයි පැවසූහ. සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත් කරු වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසය, සලාතය, සකාත් සමග පැමිණෙයි. නමුත් ඔහු මොහුගේ මාන්යය කෙළෙසමින් දොස් නගා ඇත. මොහුට අවලාද නගා ඇත. මොහුගේ ධනය සූරා කා ඇත. පසු ව ඔහු ව වාඩි කරවා මෙය ඔහුගේ කුසල්ය. මෙය මොහුගේ කුසල්ය යැයි පවසයි. ඔහු මත ඇති පාපකම් අවසන් වීමට පෙර ඔහුගේ කුසල් විනාශ වී ගියේ නම් ඔවුන්ගේ පාපකම් ගෙනැවිත් පසුව ඔහු මත පටවා ඔහු අපා ගින්නට හෙළනු ලැබේ."මෙය මුස්ලිම් (2581), තිර්මිදි (2418), අහ්මද් (8029) යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇති අතර මෙහිි සඳහන් පද පෙළ ඉමාම් අහ්මද් සතු වූවකි.අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ."මාර්ගය මත මිනිසුනට හානි ගෙන දෙන ගසක අත්තක් විය. එවිට පුද්ගලයකු එය ඉවත් කළේය. අවසානයේ ඔහු ස්වර්ගයට ප්රවේස කරනු ලැබීය."මෙම අර්තයෙන්ම ඉමාම් බුහාරි වාර්තා කර ඇත. (652) ඉමාම් මුස්ලිම් ද මේ හා සමාන හදීසයක් වාර්තා කර ඇත. (1914) ඉබ්නු මාජා (3682) අහ්මද් (10432) යන අය විසින් ද වාර්තා කර ඇති අතර මෙම පද පෙළ ඔවුන් දෙදෙනා සතුය. එනම් මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ස්වර්ගයට ප්රවේස කරනු ඇත. එසේනම් මිනිසුනට හිංසා කරන ඔවුනට එරෙහි ව ඔවුන්ගේ ජීවත වලට කලහකම් කරන අයගේ තත්ත්වය කෙසේ විය හැකි ද?

පොලිය, අසාධාරණය, වංචාව හා මහපොළොවේ කලහකාරීව හැසිරීම තහනම් කරමින් මෙනෙහි කරන ලද අල් කුර්ආන් පාඨ හා නබි වදන් මෙම පරිච්ඡේදය ආරම්භයේ සඳහන් කරන ලදී. ඊට අමතරව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"තවද දෙවියන් විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් උපයා නොගත් දෑ වෙනුවෙන් හිංසා පීඩා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින්ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය."

(අල් අහ්සාබ්: 58)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ."

(ෆුස්සිලත්: 46)

නබි චරිතයේ සඳහන් පරිදි සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ හිංසා නොකරන මෙන් ද හිංසා කරන්නාගෙන් පළි නොගත යුතු මෙන් ද තීන්දු කර ඇත්තාහ.

සුනන් අබූ දාවූද්

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

"කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම අසල්වැසියාට හිංසා නොකරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු යහපතම කතා කරත්වා එසේ නැතහොත් නිහඬව සිටිත්වා!" තවත් වාර්තාවක් අනුව ඔහු 'තම අසල්වැසියාට යහපත කරත්වා!' යැයි සඳහන්ව ඇත.

(සහීහ් මුස්ලිම්: 47)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

බළලෙකු සම්බන්ධයෙන් ඌ මිය යන තෙක් සිර ගත කළ කාන්තාවක් දඬුවම් ලබා අපා ගින්නට පිවිසුනාය. ඇය ඌට ආහාර පාන ලබා දුන්නේ නැත. මහපොළොවේ ඇති පැලෑටි අනුභව කිරීමට ඇය ඌ අත් නොහැර රඳවා ගත්තාය.

(සහීහ් අල් බුහාරි: 3482)

බළලෙකුට වේදනා දුන් අයකුගේ තත්ත්වය මෙසේ නම්, මිනිසුන්ට හිංසා පමුණුවන්නාට ඇති වන තත්ත්වය කෙසේ වනු ඇත්ද? ඉබ්නු උමර් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් මින්බර් වේදිකාව මතට නැග උස් හඬින් අමතා මෙසේ ප්රකාශ කළහ.

අහෝ ජන සමූහයනි! කවරෙකුගේ දේව විශ්වාසය තම සිත් තුළ කිඳා නොබැස තම දිවෙන් පමණක් ඉස්ලාමය වැළඳ ගෙන සිටින්නේ ද එවැනි නුඹලා මුස්ලිම්වරුන්ට හිංසා නොකරනු. ඔවුන්ට නිග්රහ නොකරනු. ඔවුන්ගේ රහස් හෙළි කිරීමට ඔත්තු නොබලනු. මක්නිසාද යත් යමෙක් තම මුස්ලිම් සහෝදරයාගේ රහස් හෙළි කිරීමට උත්සාහ කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ රහස් හෙළි කරනු ඇත. අල්ලාහ් කවරෙකුගේ රහස් හෙළි කරන්නේ ද ඔහු තම නිවසේ ගැඹුරේ සිටියද ඔහුගේ රහස් පුළුල් ලෙස හෙළි කරනු ඇත. ඉබ්නු උමර් තුමා දිනක් දේව නිවස බලා එසේ නැතහොත් කඃබාව දෙස බලා මෙසේ පැවසීය: 'ඔබට වඩා ශ්රේෂ්ට වනුයේ කුමක් ද? ඔබේ ගෞරවය වඩාත් ශ්රේෂ්ටය. දේව විශ්වාසියා අල්ලාහ් අබියස ඔබට වඩා ගෞරවයෙන් අති ශ්රෙෂ්ටය.

(මෙය ඉමාම් තිර්මිදි තුමා විසින් වාර්තා කර ඇති අතර (2032) ඉබ්නු හිබ්බාන් තුමා විසින් ද වාර්තා කර ඇත. (5763)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

"කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම අසල්වැසියාට හිංසා නොකරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා! කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු යහපතම කතා කරත්වා එසේ නැතහොත් නිහඬව සිටිත්වා!"

(සහීහ් අල් බුහාරි: 6018)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "බංකොලොත් කරු කවුරු දැයි නුඹලා දන්නෙහුද? ඔවුහු, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතර සිටින බංකොලොත් කරු නම් දිර්හම් හෝ භාණ්ඩ හෝ නොමැති පුද්ගලයා වේ යැයි පැවසූහ. සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත් කරු වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසය, සලාතය, සකාත් සමග පැමිණෙයි. නමුත් ඔහු මොහුගේ මාන්යය කෙළෙසමින් දොස් නගා ඇත. මොහුට අවලාද නගා ඇත. මොහුගේ ධනය සූරා කා ඇත. පසු ව ඔහු ව වාඩි කරවා මෙය ඔහුගේ කුසල්ය. මෙය මොහුගේ කුසල්ය යැයි පවසයි. ඔහු මත ඇති පාපකම් අවසන් වීමට පෙර ඔහුගේ කුසල් විනාශ වී ගියේ නම් ඔවුන්ගේ පාපකම් ගෙනැවිත් පසුව ඔහු මත පටවා ඔහු අපා ගින්නට හෙළනු ලැබේ."

මෙය මුස්ලිම් (2581), තිර්මිදි (2418), අහ්මද් (8029) යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇති අතර මෙහිි සඳහන් පද පෙළ ඉමාම් අහ්මද් සතු වූවකි.

අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ.

"මාර්ගය මත මිනිසුනට හානි ගෙන දෙන ගසක අත්තක් විය. එවිට පුද්ගලයකු එය ඉවත් කළේය. අවසානයේ ඔහු ස්වර්ගයට ප්රවේස කරනු ලැබීය."

මෙම අර්තයෙන්ම ඉමාම් බුහාරි වාර්තා කර ඇත. (652) ඉමාම් මුස්ලිම් ද මේ හා සමාන හදීසයක් වාර්තා කර ඇත. (1914) ඉබ්නු මාජා (3682) අහ්මද් (10432) යන අය විසින් ද වාර්තා කර ඇති අතර මෙම පද පෙළ ඔවුන් දෙදෙනා සතුය. එනම් මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ස්වර්ගයට ප්රවේස කරනු ඇත. එසේනම් මිනිසුනට හිංසා කරන ඔවුනට එරෙහි ව ඔවුන්ගේ ජීවත වලට කලහකම් කරන අයගේ තත්ත්වය කෙසේ විය හැකි ද?

සිහි බුද්ධිය ආරක්ෂා කරමින්, එය නරක් කරන මත්පැන් වැනි සෑම දෙයක්ම තහනම් කරමින් මනසෙහි තත්වය ඉහළ නංවමින් එය පැවරුම් විෂය බවට පත් කරමින් සහ මිථ්යා විශ්වාසවල හා මිථ්යාදෘෂ්ටිකයන්ගේ විලංගුවලින් එය නිදහස් කරමින් ඉස්ලාමය පැමිණ ඇත. පංතියකින් තොරව තවත් පන්තියකට විශේෂිත වූ රහස් හෝ තීන්දු හෝ නොමැති අතර එහි සියලු තීන්දු සහ නීති නිවැරදි බුද්ධියට අනුකූල වන අතර යුක්තියේ සහ ප්රඥාවේ අවශ්යතාවයන්ට අනුකූල වේ.

සිහි බුද්ධිය ආරක්ෂා කරමින් හා එහි ගෞරවය ඉහළ නංවමින් ඉස්ලාමය පැමිණ ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"...නියත වශයෙන්ම ශ්රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය."(අල් ඉස්රා: 36)සිහිබුද්ධිය ආරක්ෂා කිරීම මිනිසා වෙත පැවරුනු අනිවාර්යය වගකීමකි. එබැවින් මත් පැන් හා මත් බව ඇති කරන සියලු දෑ තහනම් කළේය. මත් පැන් පානය තහනම් කිරීම ගැන 34 වන පරිච්ඡේදයේ සඳහන් කෙරින. එමෙන්ම අල් කුර්ආනයේ පාඨ බොහෝමයක පහත අයුරින් සඳහන් කරමින් අවසන් වී ඇත."නුඹලාට වටහා ගත හැකි වනු පිණිස..."(අල් බකරා: 242)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."මෙලොව ජීවිතය කෙළිලොල් හා පුහුවක් මිස නැත. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද?"(අල් අන්ආම්: 32)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."නුඹලා වටහා ගනු පිණිස සැබැවින්ම අපි එය අරාබි පාරායනයක් ලෙස පහළ කළෙමු."(යූසුෆ්: 2)සැබැවින්ම යහමග හා ප්රඥාව බුද්ධිය ඇත්තන්හට මිස ඒ දෙක වෙනත් කිසිවකුට ප්රයෝජනවත් වන්නේ නැතැයි උත්තරීතර අල්ලාහ් පැහැදිලි කළේය. එවැන්නන් 'උලුල් අල්බාබ් යනුවෙන් හඳුන්වනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:"ඔහු තමන් අභිමත කරන අයට ප්රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙන කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය."(අල් බකරා: 269)එහෙයින් බුද්ධිය පැවරුම් විෂයය බවට ඉස්ලාමය පත් කර ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:"තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු. දරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"ඉමාම් බුහාරි මෙවැනි හදීස් වාර්තා වීමට පෙර මෙය මුඅල්ලක් ගණයට ඇතුළත් කර ස්ථීර ස්වරූපයකින් වාර්තා කොට ඇත. (5269) ඉමාම් අබූ දාවූද් මව්සූල් ගණයට ඇතුළත් කොට වාර්තා කර ඇත. (4402) මෙම පද පෙළ එතුමාට අයත් වූවකි. එමෙන්ම තිර්මිදි (1423) නසාඊ 'අස්-සුනන් කුබ්රා'හි (7346) අහ්මද් සුළු වෙනස්කම් සහිත ව (956) සහ ඉබ්නු මාජා (2042) යන ඉමාම්වරු විසින් ද වාර්තා කොට ඇත.මිථ්යා විශ්වාසවල හා මිථ්යා දෘෂ්ටිකයන්ගේ විලංගුවලින් එය (මනස) නිදහස් කොට ඇත. තම මිථ්යා විශ්වාසයන්හි බැඳී සිටි සමූහයන්ගේ තත්ත්වය හා එයට ප්රතිචාර වශයෙන් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි සත්යය ගැන දන්වමින් අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"එලෙසය ඔබට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සිටි ප්රභූවරුන් “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු" යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත."(අස්-සුක්රුෆ්: 23)උත්තරීතර අල්ලාහ් තම මිතුරු ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා පිළිබඳ තොරතුරු දන්වමින් එතුමා තම සමූහයාට මෙසේ ප්රකාශ කළ බව දන්වා සිටියි:'නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්රතිමාවන් කුමක්දැ?යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු. (52)අපගේ මුතුන්මිත්තන් ඒවාට ගැතිකම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැයි ඔවුහු පැවසූහ. (53)(අල් අන්බියා:52,53)ඒ අනුව ඉස්ලාමය පැමිණ පිළිම වන්දනාව අතහැර දමන මෙන් ද පියවරුන් හා මුතුන්මිත්තන්ගෙන් උරුම වූ මිථ්යාවන්ගෙන් ඉවත් වන මෙන් ද ඔවුන් වෙත එවන ලැබූ දූතවරුන්ගේ මාර්ගය අනුගමනය කරන මෙන් ද නියෝග කළේය.පංතියක් හැර දමා තවත් පංතතියකට විශේෂගත කළ රහස් හෝ තීන්දු තීරණ හෝ ඉස්ලාමය තුළ නැත.දේව දූතයාණන්ගේ මහප්පාගේ පුත් මෙන්ම තම දියණිය විවාහ කර දුන් අලී ඉබ්නු අබීතාලිබ්ගෙන් මෙසේ විමසන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් ඔබලාට පමණක් විශේෂ කොට යමක් පවසා ඇත්තේ දැයි විමසීය. එතුමා: “මාගේ මේ කඩුවේ කොපුවේ ඇති දේ හැර පොදුවේ අන් ජනයාට නොකියූ අපට පමණක් විශේෂයෙන් කිසිවක් පවසා නැත. පසු ව එතුමා එහි(කොපුවෙහි) තිබූ ලියවිල්ලක් ගෙන: 'අල්ලාහ් හැර වෙනත් දෙයක නාමයෙන් කැප කරන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා! ලකුණු කළ බිම් මායිම් සොරකම් කරන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා! තම පියාට ශාප කරන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා! දහමෙහි අලුතින් යමක් ඇති කරන්නාහට රැකවරණය දෙන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා." යැයි එහි සඳහන්ව තිබිණි.(සහීහ් මුස්ලිම්: 1978)ඉස්ලාමයේ පවතින් තීන්දු තීරණ හා නීති පිළිවෙත් නිවැරැදි බුද්ධියට මනසට අනුකූල වන අතර යුක්තියේ සහ ප්රඥාවේ අවශ්යතාවන්ට අනුකූලව පිහිටයි.

"...නියත වශයෙන්ම ශ්රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය."

(අල් ඉස්රා: 36)

සිහිබුද්ධිය ආරක්ෂා කිරීම මිනිසා වෙත පැවරුනු අනිවාර්යය වගකීමකි. එබැවින් මත් පැන් හා මත් බව ඇති කරන සියලු දෑ තහනම් කළේය. මත් පැන් පානය තහනම් කිරීම ගැන 34 වන පරිච්ඡේදයේ සඳහන් කෙරින. එමෙන්ම අල් කුර්ආනයේ පාඨ බොහෝමයක පහත අයුරින් සඳහන් කරමින් අවසන් වී ඇත.

"නුඹලාට වටහා ගත හැකි වනු පිණිස..."

(අල් බකරා: 242)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"මෙලොව ජීවිතය කෙළිලොල් හා පුහුවක් මිස නැත. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද?"

(අල් අන්ආම්: 32)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"නුඹලා වටහා ගනු පිණිස සැබැවින්ම අපි එය අරාබි පාරායනයක් ලෙස පහළ කළෙමු."

(යූසුෆ්: 2)

සැබැවින්ම යහමග හා ප්රඥාව බුද්ධිය ඇත්තන්හට මිස ඒ දෙක වෙනත් කිසිවකුට ප්රයෝජනවත් වන්නේ නැතැයි උත්තරීතර අල්ලාහ් පැහැදිලි කළේය. එවැන්නන් 'උලුල් අල්බාබ් යනුවෙන් හඳුන්වනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:

"ඔහු තමන් අභිමත කරන අයට ප්රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙන කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය."

(අල් බකරා: 269)

එහෙයින් බුද්ධිය පැවරුම් විෂයය බවට ඉස්ලාමය පත් කර ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ:

"තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු. දරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"

ඉමාම් බුහාරි මෙවැනි හදීස් වාර්තා වීමට පෙර මෙය මුඅල්ලක් ගණයට ඇතුළත් කර ස්ථීර ස්වරූපයකින් වාර්තා කොට ඇත. (5269) ඉමාම් අබූ දාවූද් මව්සූල් ගණයට ඇතුළත් කොට වාර්තා කර ඇත. (4402) මෙම පද පෙළ එතුමාට අයත් වූවකි. එමෙන්ම තිර්මිදි (1423) නසාඊ 'අස්-සුනන් කුබ්රා'හි (7346) අහ්මද් සුළු වෙනස්කම් සහිත ව (956) සහ ඉබ්නු මාජා (2042) යන ඉමාම්වරු විසින් ද වාර්තා කොට ඇත.

මිථ්යා විශ්වාසවල හා මිථ්යා දෘෂ්ටිකයන්ගේ විලංගුවලින් එය (මනස) නිදහස් කොට ඇත. තම මිථ්යා විශ්වාසයන්හි බැඳී සිටි සමූහයන්ගේ තත්ත්වය හා එයට ප්රතිචාර වශයෙන් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි සත්යය ගැන දන්වමින් අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"එලෙසය ඔබට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සිටි ප්රභූවරුන් “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු" යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත."

(අස්-සුක්රුෆ්: 23)

උත්තරීතර අල්ලාහ් තම මිතුරු ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා පිළිබඳ තොරතුරු දන්වමින් එතුමා තම සමූහයාට මෙසේ ප්රකාශ කළ බව දන්වා සිටියි:

'නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්රතිමාවන් කුමක්දැ?යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු. (52)

අපගේ මුතුන්මිත්තන් ඒවාට ගැතිකම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැයි ඔවුහු පැවසූහ. (53)

(අල් අන්බියා:52,53)

ඒ අනුව ඉස්ලාමය පැමිණ පිළිම වන්දනාව අතහැර දමන මෙන් ද පියවරුන් හා මුතුන්මිත්තන්ගෙන් උරුම වූ මිථ්යාවන්ගෙන් ඉවත් වන මෙන් ද ඔවුන් වෙත එවන ලැබූ දූතවරුන්ගේ මාර්ගය අනුගමනය කරන මෙන් ද නියෝග කළේය.

පංතියක් හැර දමා තවත් පංතතියකට විශේෂගත කළ රහස් හෝ තීන්දු තීරණ හෝ ඉස්ලාමය තුළ නැත.

දේව දූතයාණන්ගේ මහප්පාගේ පුත් මෙන්ම තම දියණිය විවාහ කර දුන් අලී ඉබ්නු අබීතාලිබ්ගෙන් මෙසේ විමසන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් ඔබලාට පමණක් විශේෂ කොට යමක් පවසා ඇත්තේ දැයි විමසීය. එතුමා: “මාගේ මේ කඩුවේ කොපුවේ ඇති දේ හැර පොදුවේ අන් ජනයාට නොකියූ අපට පමණක් විශේෂයෙන් කිසිවක් පවසා නැත. පසු ව එතුමා එහි(කොපුවෙහි) තිබූ ලියවිල්ලක් ගෙන: 'අල්ලාහ් හැර වෙනත් දෙයක නාමයෙන් කැප කරන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා! ලකුණු කළ බිම් මායිම් සොරකම් කරන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා! තම පියාට ශාප කරන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා! දහමෙහි අලුතින් යමක් ඇති කරන්නාහට රැකවරණය දෙන තැනැත්තාට අල්ලාහ් ශාප කරත්වා." යැයි එහි සඳහන්ව තිබිණි.

(සහීහ් මුස්ලිම්: 1978)

ඉස්ලාමයේ පවතින් තීන්දු තීරණ හා නීති පිළිවෙත් නිවැරැදි බුද්ධියට මනසට අනුකූල වන අතර යුක්තියේ සහ ප්රඥාවේ අවශ්යතාවන්ට අනුකූලව පිහිටයි.

38- ව්යාජ ආගම් ඒවායෙහි අනුගාමිකයින් එහි ඇති පරස්පර විරෝධී හා බුද්ධිය ප්රතික්ෂේප කරන කරුණු අවශෝෂණය නොකළ විට සැබැවින්ම දහම බුද්ධියට ඉහළින් ඇති බවටත් දහම වටහා ගැනීමෙහි හා එය අවශෝෂණය කිරීමෙහි බුද්ධියට ඒ ගැන කිසිදු ඉඩක් නැති බවටත් ආගමික නායකයින් අනුගාමිකයින් අතර මිථ්යාව ඇති කරයි. ඒ අතර ඉස්ලාමය දහම සලකනුයේ එහි මාර්ගය වටහා ගැනීම සඳහා ප්රබෝධය ගෙන දෙන ආලෝකයක් ලෙසය. මිථ්යා ආගමික ජනයා මිනිසාගෙන් අපේක්ෂා කරනුයේ ඔහුගේ බුද්ධියෙන් ඔහු ව හිස් කොට ඔවුන් අනුගමනය කිරීමට සැලැස්වීමය. නමුත් ඉස්ලාමය මිනිසාගෙන් අපේක්ෂා කරනුයේ ඒ මත පදනම් ව ඇති කරුණුවල යථාර්ථය වටහා ගැනීම සඳහා ඔහුගේ බුද්ධිය අවදි කිරීමය.

ව්යාජ ආගම් ඒවායෙහි අනුගාමිකයින් එහි ඇති පරස්පර විරෝධී හා බුද්ධිය ප්රතික්ෂේප කරන කරුණු අවශෝෂණය නොකළ විට සැබැවින්ම දහම බුද්ධියට ඉහළින් ඇති බවටත් දහම වටහා ගැනීමෙහි හා එය අවශෝෂණය කිරීමෙහි බුද්ධියට ඒ ගැන කිසිදු ඉඩක් නැති බවටත් ආගමික නායකයින් අනුගාමිකයින් අතර මිථ්යාව ඇති කරයි. ඒ අතර ඉස්ලාමය දහම සලකනුයේ එහි මාර්ගය වටහා ගැනීම සඳහා ප්රබෝධය ගෙන දෙන ආලෝකයක් ලෙසය. මිථ්යා ආගමික ජනයා මිනිසාගෙන් අපේක්ෂා කරනුයේ ඔහුගේ බුද්ධියෙන් ඔහු ව හිස් කොට ඔවුන් අනුගමනය කිරීමට සැලැස්වීමය. නමුත් ඉස්ලාමය මිනිසාගෙන් අපේක්ෂා කරනුයේ ඒ මත පදනම් ව ඇති කරුණුවල යථාර්ථය වටහා ගැනීමට ඒ ගැන සිතන්නට හා පරිශීලනය කරන්නට ඔහුගේ බුද්ධිය අවදි කරවීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ආත්මයක් ඔබ වෙත වහී වශයෙන් එව්වෙමු. දේව ග්රන්ථය කුමක්ද යන්න හෝ දේව විශ්වාසය කුමක්ද යන්න ගැන ඔබ දැන සිටියේ නැත. නමුත් අපගේ ගැත්තන් අතුරින් අප අභිමත කරන අයට එමගින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙහිය."(අෂ් ෂූරා: 52)දිව්යමය එළිදරව්ව තුළ ඔවුන් දැන ගැනීමට සහ විශ්වාස කිරීමට බලාපොරොත්තු වන සත්යයන් වෙත මනා බුද්ධිය යොමු කරන සාක්ෂි සහ තර්ක ඇතුළත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු."(අන් නිසා:174)සුවිශුද්ධ අල්ලාහ් මිනිසා වෙනුවෙන් අපේක්ෂා කරනුයේ යහමග දැනුම යථාර්ථය යනාදී ආලෝකය තුළ ඔහු ජීවත්වීමය. නමුත් ෂෙයිතානුන් හා නපුරු බලවේග මිනිසාට අපේක්ෂා කරනුයේ දේව ප්රතික්ෂේපය අඥානකම මුළාව යනාදී අන්ධකාරයන්හි රැඳීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්රතික්ෂේප කළවුන් වන ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය..."(අල් බකරා: 257)

"තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ආත්මයක් ඔබ වෙත වහී වශයෙන් එව්වෙමු. දේව ග්රන්ථය කුමක්ද යන්න හෝ දේව විශ්වාසය කුමක්ද යන්න ගැන ඔබ දැන සිටියේ නැත. නමුත් අපගේ ගැත්තන් අතුරින් අප අභිමත කරන අයට එමගින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙහිය."

(අෂ් ෂූරා: 52)

දිව්යමය එළිදරව්ව තුළ ඔවුන් දැන ගැනීමට සහ විශ්වාස කිරීමට බලාපොරොත්තු වන සත්යයන් වෙත මනා බුද්ධිය යොමු කරන සාක්ෂි සහ තර්ක ඇතුළත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු."

(අන් නිසා:174)

සුවිශුද්ධ අල්ලාහ් මිනිසා වෙනුවෙන් අපේක්ෂා කරනුයේ යහමග දැනුම යථාර්ථය යනාදී ආලෝකය තුළ ඔහු ජීවත්වීමය. නමුත් ෂෙයිතානුන් හා නපුරු බලවේග මිනිසාට අපේක්ෂා කරනුයේ දේව ප්රතික්ෂේපය අඥානකම මුළාව යනාදී අන්ධකාරයන්හි රැඳීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්රතික්ෂේප කළවුන් වන ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය..."

(අල් බකරා: 257)

39- ඉස්ලාමය සත්ය නිවැරදි විද්යාවට ගරු කරන අතර අපේක්ෂාවන් හා ආශාවන්ගෙන් තොර විද්යාත්මක පර්යේෂණයන් පිළිබඳ දිරිගන්වයි. එමෙන්ම අප හා අප අවට විශ්වය ගැන සොයා බැලීමට හා සිතීමට ඇරයුම් කරයි. විද්යාවේ නිවැරදි විද්යාත්මක ප්රතිඵල ඉස්ලාමයට පටහැනි නොවේ.

ඉස්ලාමය සත්ය දැනුමට ගරු කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"... නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය."(අල් මුජාදලා: 11)විද්වතුන්ගේ සාක්ෂිය අල්ලාහ් ඔහුගේ සාක්ෂිය හා ඔහුගේ දේව දූතයින්ගේ සාක්ෂිය සමග සම්බන්ධ කොට ශ්රේෂ්ඨතම සාක්ෂිය මත පදනම් කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) ප්රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත."(ආලු ඉම්රාන්: 18)මෙය ඉස්ලාමය තුළ විද්වතුන්ගේ නිලය ස්ථාවරය පැහැදිළි කර සිටියි. අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැනුමෙන් මිස අමතර කිසිවක් සොයන මෙන් නියෝග කළේ නැත."මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කර දෙනු මැනව!"(තාහා: 114)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.“කවරෙකු දැනුම සොයා යම් මාර්ගයක ගමන් කළේද ද අල්ලාහ් ඔහුට ස්වර්ගය වෙත වූ මාර්ගය පහසු කරනු ඇත. සැබැවින්ම මලක්වරු දැනුම සොයන්නාට පිළිගැනීමක් වශයෙන් ඔවුන්ගේ පියාපත් තබනු ඇත. සැබැවින්ම දැනුම සොයන්නා වනාහි, අහස්හි හා මහපොළොවේ සිටින්නන් ජලයේ සිටින මත්සයින් පවා ඔහු වෙනුවෙන් පාපක්ෂමාවෙහි නිරත වන්නේය. සැබැවින්ම ඇදහිලිවන්තයාට වඩා විද්වතෙකුගේ මහිමය සෙසු ග්රහලෝක වලට වඩා සඳුට ඇති මහිමය මෙනි. සැබැවින්ම විද්වත්හු නබිවරුන්ගේ උරුමක්කරුවෝ වෙති. සැබැවින්ම නබිවරුන් 'දීනාර්' රන්කාසි හෝ 'දිර්හම්' රිදීකාසි හෝ උරුම නොකළෝය. සැබැවින්ම ඔවුන් උරුම කළේ දැනුමය. එහෙයින් කවරෙකු එය ලබා ගන්නේ ද ඔහු පූර්ණවත් කොටසක් ලබා ගත්තේය."මෙය අබූදාවූද් (3641), තිර්මිදි (2682), ඉබ්නු මාජා (223), අහ්මද් (21715) යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇති අතර මෙම පද පෙළ ඉබ්නු මාජා සතු වූවකි.ඉස්ලාමය අපේක්ෂාවන් හා ආශාවන්ගෙන් තොර විද්යාත්මක පර්යේෂණයන් පිළිබඳ දිරිගන්වයි. එමෙන්ම අප හා අප අවට විශ්වය ගැන සොයා බැලීමට හා සිතීමට ඇරයුම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) එය සත්යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න ඔබේ පරමාධිපති සම්බන්ධව ප්රමාණවත් නොවීද?"(ෆුස්සිලත්: 53)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහස්හි හා මිහිතලයේ ආධිපත්යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑහි ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?"(අල් අඃරාෆ්: 185)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණය කර නොබැලුවෙහු ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් අධික වූහ. ඔවුහු මහපොළොවේ අස්වැද්දූහ. මොවුන් පාලනය කළ දෑට වඩා ඔවුහු එය අධික ලෙස පරිපාලනය කළෝය. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නොවීය. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගන්නන් වූහ."(අර් රූම්: 9)විද්යාවේ නිවැරදි විද්යාත්මක ප්රතිඵල ඉස්ලාමයට පටහැනි නොවේ. වසර එක්දහස් හාරසීයකට වඩා අධික කාලයකට පෙර අල් කුර්ආනය ඉතා සියුම් ලෙස විස්තර කරන ලද නවීන විද්යාව විසින් එය පසුකාලයේ හඳුනාගත් උදාහරණයක් අපි මෙනෙහි කරමු. විද්යාවේ ප්රතිඵල අතිමහත් අල් කුර්ආනයේ ඇති කරුණුවලට අනුගත වෙමින් පැමිණ ඇත. එනම් මවකගේ කුස තුළ වැඩෙන කලලයක මැවීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු. (12)පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්රාණුවක් ලෙස තැන්පත් කළෙමු. (13)පසු ව අපි එම ශුක්රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය. (14)(අල් මුඃමිනූන්: 12-14)

"... නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය."

(අල් මුජාදලා: 11)

විද්වතුන්ගේ සාක්ෂිය අල්ලාහ් ඔහුගේ සාක්ෂිය හා ඔහුගේ දේව දූතයින්ගේ සාක්ෂිය සමග සම්බන්ධ කොට ශ්රේෂ්ඨතම සාක්ෂිය මත පදනම් කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) ප්රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත."

(ආලු ඉම්රාන්: 18)

මෙය ඉස්ලාමය තුළ විද්වතුන්ගේ නිලය ස්ථාවරය පැහැදිළි කර සිටියි. අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැනුමෙන් මිස අමතර කිසිවක් සොයන මෙන් නියෝග කළේ නැත.

"මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කර දෙනු මැනව!"

(තාහා: 114)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

“කවරෙකු දැනුම සොයා යම් මාර්ගයක ගමන් කළේද ද අල්ලාහ් ඔහුට ස්වර්ගය වෙත වූ මාර්ගය පහසු කරනු ඇත. සැබැවින්ම මලක්වරු දැනුම සොයන්නාට පිළිගැනීමක් වශයෙන් ඔවුන්ගේ පියාපත් තබනු ඇත. සැබැවින්ම දැනුම සොයන්නා වනාහි, අහස්හි හා මහපොළොවේ සිටින්නන් ජලයේ සිටින මත්සයින් පවා ඔහු වෙනුවෙන් පාපක්ෂමාවෙහි නිරත වන්නේය. සැබැවින්ම ඇදහිලිවන්තයාට වඩා විද්වතෙකුගේ මහිමය සෙසු ග්රහලෝක වලට වඩා සඳුට ඇති මහිමය මෙනි. සැබැවින්ම විද්වත්හු නබිවරුන්ගේ උරුමක්කරුවෝ වෙති. සැබැවින්ම නබිවරුන් 'දීනාර්' රන්කාසි හෝ 'දිර්හම්' රිදීකාසි හෝ උරුම නොකළෝය. සැබැවින්ම ඔවුන් උරුම කළේ දැනුමය. එහෙයින් කවරෙකු එය ලබා ගන්නේ ද ඔහු පූර්ණවත් කොටසක් ලබා ගත්තේය."

මෙය අබූදාවූද් (3641), තිර්මිදි (2682), ඉබ්නු මාජා (223), අහ්මද් (21715) යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇති අතර මෙම පද පෙළ ඉබ්නු මාජා සතු වූවකි.

ඉස්ලාමය අපේක්ෂාවන් හා ආශාවන්ගෙන් තොර විද්යාත්මක පර්යේෂණයන් පිළිබඳ දිරිගන්වයි. එමෙන්ම අප හා අප අවට විශ්වය ගැන සොයා බැලීමට හා සිතීමට ඇරයුම් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) එය සත්යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න ඔබේ පරමාධිපති සම්බන්ධව ප්රමාණවත් නොවීද?"

(ෆුස්සිලත්: 53)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අහස්හි හා මිහිතලයේ ආධිපත්යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑහි ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?"

(අල් අඃරාෆ්: 185)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණය කර නොබැලුවෙහු ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් අධික වූහ. ඔවුහු මහපොළොවේ අස්වැද්දූහ. මොවුන් පාලනය කළ දෑට වඩා ඔවුහු එය අධික ලෙස පරිපාලනය කළෝය. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නොවීය. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගන්නන් වූහ."

(අර් රූම්: 9)

විද්යාවේ නිවැරදි විද්යාත්මක ප්රතිඵල ඉස්ලාමයට පටහැනි නොවේ. වසර එක්දහස් හාරසීයකට වඩා අධික කාලයකට පෙර අල් කුර්ආනය ඉතා සියුම් ලෙස විස්තර කරන ලද නවීන විද්යාව විසින් එය පසුකාලයේ හඳුනාගත් උදාහරණයක් අපි මෙනෙහි කරමු. විද්යාවේ ප්රතිඵල අතිමහත් අල් කුර්ආනයේ ඇති කරුණුවලට අනුගත වෙමින් පැමිණ ඇත. එනම් මවකගේ කුස තුළ වැඩෙන කලලයක මැවීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු. (12)

පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්රාණුවක් ලෙස තැන්පත් කළෙමු. (13)

පසු ව අපි එම ශුක්රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය. (14)

(අල් මුඃමිනූන්: 12-14)

අල්ලාහ්ව විශ්වාස කොට ඔහුට අවනත වී ඔහුගේ දූතවරුන් (අලයිහිමුස් සලාතු වස්සලාම්) සත්යය බව විශ්වාස කළවුන්ගෙන් මිස ක්රියාවන් අල්ලාහ් පිළිගන්නේ හෝ එයට මතුලොවෙහි කුසල් පිරිනමන්නේ හෝ නැත. එමෙන්ම නැමදුම් අතරින් අල්ලාහ් දහම් ගත කළ දෑ හැර වෙනත් කිසිවක් පිළිගන්නේ ද නැත. එසේ නම් මිනිසා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහු ප්රතිඵල අපේක්ෂා කළ හැක්කේ කෙසේද? තවද මිනිසුන් අතරින් සියලු නබිවරුන් විශ්වාස කොට මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය ද විශ්වාස කිරීමෙන් මිස කිසිවෙකුගේ විශ්වාසය ද අල්ලාහ් පිළිගන්නේ නැත.

අල්ලාහ්ව විශ්වාස කොට ඔහුට අවනත වී ඔහුගේ දූතවරුන් (අලයිහිමුස් සලාතු වස්සලාම්) සත්යය බව විශ්වාස කළවුන්ගෙන් මිස ක්රියාවන් අල්ලාහ් පිළිගන්නේ හෝ එයට මතුලොවෙහි කුසල් පිරිනමන්නේ හෝ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත. (18)කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේව විශ්වාසවන්තයකු ව සිට ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය." (19)(අල් ඉස්රා: 18,19)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."එහෙයින් කවරෙකු විශ්වාසවන්තයකු ලෙස සිට යහකම් අතුරින් යමක් කරන්නේද එවිට ඔහුගේ ශ්රමයට කිසිදු ප්රතික්ෂේප කිරීමක් නොමැත. තවද නියත වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නන් වෙමු."(අල් අන්බියා: 94)නැමදුම් අතරින් අල්ලාහ් දහම්ගත කළ දෑ හැර වෙන් දෑ පිළිගන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"එබැවින් කවරෙකු තම පරමාධිපති හමුවීමට අපේක්ෂා කරන්නේ ද ඔහු යහපත් ක්රියා ඉටු කළ යුතු ය. තව ද, තම පරමාධිපතියාණන් නැමඳුම් කිරීමේ දී ඔහුට කිසිවෙකු ආදේශ නොකළ යුතු ය."(අල් කහ්ෆ්: 110)සැබැවින්ම ක්රියාවක් එය අල්ලාහ් දහම් ගත කළ දැයින් එකක් වී එයට අදාළ පුද්ගලයා ද අල්ලාහ්ව විශ්වාස කරන්නෙකු හා ඔහුගේ නබිවරුන් දූතවරුන් විශ්වාස කරන්නෙකු ලෙස සිට ඔහුගේ ක්රියාවෙහි ඔහු අවංකයෙකු ලෙස සිටින විට මිස එය දැහැමි නොවන බව පැහැදිලි කරයි."ක්රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි පැමිණියෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කළෙමු."(අල් ෆුර්කාන්: 23)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව තිබේ. (2)වෙහෙස ව විඩාවට පත් ව තිබේ. (3)ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි. (4)(අල් ඝාෂියා: 2-4)මෙම මුහුණු යටහත් පහත් ව ක්රියාවන්ගෙන් විඩාවට පත්ව තිබේ. නමුත් අල්ලාහ්ගෙන් වූ යහමග හැර දමා ඒවා ක්රියා කළ කල්හි ඒවා නිරා ගින්නා වෙත නැඹුරුවන්නට අල්ලාහ් සලසනු ඇත. ඊට හේතුව ඒවා අල්ලාහ් දහම් ගත කළ දෑ හැර වෙනත් ක්රියාවක් නොකළ නමුත් ව්යාජ ඇදහිලි ඔවුන් නැමදුමට ගෙන ව්යාජ දහම් ඔවුනට අලුතින් පෙන්වා දුන් මුළාවූ නායකයින් ඔවුන් විසින් අනුගමනය කළ බැවිනි. අල්ලාහ් අබියස පිළිගනු ලැබූ දැහැමි ක්රියාව වන්නේ එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑට අනුගත වූ විට පමණි. එසේ නම් මිනිසා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ප්රතිඵල අපේක්ෂා කළ හැක්කේ කෙසේද?සියලු නබිවරුන් විශ්වාස කර මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය ද විශ්වාස කිරීමෙන් මිස කිසිවෙකුගේ ඊමාන් නොහොත් දේව විශ්වාසය අල්ලාහ් පිළිගන්නේ නැත. ඒ සම්බන්ධයෙන් වූ ඇතැම් සාධක 20 වැනි පරිච්ඡේදයේ අපි කලින් සඳහන් කළෙමු. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය."(අල් බකරා: 285)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ විය."(අන් නිසා: 136)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."නුඹලා වෙත දේව ග්රන්ථය හා ප්රඥාව පැමිණ පසු ව නුඹලා සමඟ ඇති දෑ සත්යය කරවන ධර්ම දූතයෙකු පැමිණ ඔහු ව නුඹලා විශ්වාස කළ යුතුය. ඔහුට නුඹලා උදව් කළ යුතු යැයි අල්ලාහ් නබිවරුන්ගෙන් ප්රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. නුඹලා පිළිගත්තෙහු ද ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්රතිඥාව නුඹලා ගත්තෙහු දැයි ඔහු(අල්ලාහ්) විමසුවේය. අපි පිළිගත්තෙමු යැයි ඔවුහු පැවසුවෝය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරිනි යැයි පැවසුවේය."(ආලු ඉම්රාන්: 81)

"කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත. (18)

කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේව විශ්වාසවන්තයකු ව සිට ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය." (19)

(අල් ඉස්රා: 18,19)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"එහෙයින් කවරෙකු විශ්වාසවන්තයකු ලෙස සිට යහකම් අතුරින් යමක් කරන්නේද එවිට ඔහුගේ ශ්රමයට කිසිදු ප්රතික්ෂේප කිරීමක් නොමැත. තවද නියත වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නන් වෙමු."

(අල් අන්බියා: 94)

නැමදුම් අතරින් අල්ලාහ් දහම්ගත කළ දෑ හැර වෙන් දෑ පිළිගන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"එබැවින් කවරෙකු තම පරමාධිපති හමුවීමට අපේක්ෂා කරන්නේ ද ඔහු යහපත් ක්රියා ඉටු කළ යුතු ය. තව ද, තම පරමාධිපතියාණන් නැමඳුම් කිරීමේ දී ඔහුට කිසිවෙකු ආදේශ නොකළ යුතු ය."

(අල් කහ්ෆ්: 110)

සැබැවින්ම ක්රියාවක් එය අල්ලාහ් දහම් ගත කළ දැයින් එකක් වී එයට අදාළ පුද්ගලයා ද අල්ලාහ්ව විශ්වාස කරන්නෙකු හා ඔහුගේ නබිවරුන් දූතවරුන් විශ්වාස කරන්නෙකු ලෙස සිට ඔහුගේ ක්රියාවෙහි ඔහු අවංකයෙකු ලෙස සිටින විට මිස එය දැහැමි නොවන බව පැහැදිලි කරයි.

"ක්රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි පැමිණියෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කළෙමු."

(අල් ෆුර්කාන්: 23)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව තිබේ. (2)

වෙහෙස ව විඩාවට පත් ව තිබේ. (3)

ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි. (4)

(අල් ඝාෂියා: 2-4)

මෙම මුහුණු යටහත් පහත් ව ක්රියාවන්ගෙන් විඩාවට පත්ව තිබේ. නමුත් අල්ලාහ්ගෙන් වූ යහමග හැර දමා ඒවා ක්රියා කළ කල්හි ඒවා නිරා ගින්නා වෙත නැඹුරුවන්නට අල්ලාහ් සලසනු ඇත. ඊට හේතුව ඒවා අල්ලාහ් දහම් ගත කළ දෑ හැර වෙනත් ක්රියාවක් නොකළ නමුත් ව්යාජ ඇදහිලි ඔවුන් නැමදුමට ගෙන ව්යාජ දහම් ඔවුනට අලුතින් පෙන්වා දුන් මුළාවූ නායකයින් ඔවුන් විසින් අනුගමනය කළ බැවිනි. අල්ලාහ් අබියස පිළිගනු ලැබූ දැහැමි ක්රියාව වන්නේ එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑට අනුගත වූ විට පමණි. එසේ නම් මිනිසා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ප්රතිඵල අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

සියලු නබිවරුන් විශ්වාස කර මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය ද විශ්වාස කිරීමෙන් මිස කිසිවෙකුගේ ඊමාන් නොහොත් දේව විශ්වාසය අල්ලාහ් පිළිගන්නේ නැත. ඒ සම්බන්ධයෙන් වූ ඇතැම් සාධක 20 වැනි පරිච්ඡේදයේ අපි කලින් සඳහන් කළෙමු. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය."

(අල් බකරා: 285)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ විය."

(අන් නිසා: 136)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"නුඹලා වෙත දේව ග්රන්ථය හා ප්රඥාව පැමිණ පසු ව නුඹලා සමඟ ඇති දෑ සත්යය කරවන ධර්ම දූතයෙකු පැමිණ ඔහු ව නුඹලා විශ්වාස කළ යුතුය. ඔහුට නුඹලා උදව් කළ යුතු යැයි අල්ලාහ් නබිවරුන්ගෙන් ප්රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. නුඹලා පිළිගත්තෙහු ද ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්රතිඥාව නුඹලා ගත්තෙහු දැයි ඔහු(අල්ලාහ්) විමසුවේය. අපි පිළිගත්තෙමු යැයි ඔවුහු පැවසුවෝය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරිනි යැයි පැවසුවේය."

(ආලු ඉම්රාන්: 81)

සියලු දිව්ය පණිවුඩවල පරමාර්ථය නම්: සැබෑ ආගම මිනිසා උසස් කරනු ඇත. එවිට ඔහු ලෝ වැසියන්ගේ පරමාධිපති අල්ලාහ්ගේ නිර්මල දාසයෙකු වී මිනිසාට හෝ භෞතික වස්තුවට හෝ මිථ්යා විශ්වාසයන්ට හෝ වහල් නොවී ඔහු ව නිදහස් කරනු ඇත. ඔබ දකින පරිදි ඉස්ලාමය මිනිසුන් පූජනීයත්වයට පත් නොකරයි. ඔවුන්ගේ තරාතිරම්වලට වඩා ඉහළින් ඔසවා නොතබයි. ඔවුන්ව දෙවිවරුන් හෝ වන්දනාවට ලක්වන්නන් බවට පත් නොකරයි.

සියලු දිව්ය පණිවුඩවල පරමාර්ථය නම්: සැබෑ ආගම මිනිසා උසස් කරනු ඇත. එවිට ඔහු ලෝ වැසියන්ගේ පරමාධිපති අල්ලාහ්ගේ නිර්මල දාසයෙකු වනු ඇත. මිනිසාට හෝ භෞතික වස්තුවට හෝ මිථ්යා විශ්වාසයන්ට හෝ වහල්වීමෙන් ඉස්ලාමය ඔහු ව නිදහස් කරයි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ.“දීනාර් නොහොත් රන්කාසි, දිර්හම් නොහොත් රිදී කාසි හා සේදයෙන් මායිම් වූ සළුවේ වහලා ශාප ලද්දෙකි. ඔහුට යමක් ලබා දෙන්නේ නම් ඔහු සෑහීමකට පත්වේ, නමුත් ඔහුට කිසිවක් ලබා නොදුනහොත් ඔහු අප්රසාදය පළ කරයි."(සහීහ් අල් බුහාරි: 6435)සාමාන්ය පුද්ගලයකු අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට යටහත් පහත් නොවනු ඇත. එහෙයින් ඔහු මුදල්, කීර්තිය, තනතුර හෝ ගෝත්රයෙන් වහල් වී නොසිටියි. මෙම කතාව කියවන පාඨකයාට දිව්ය පණිවුඩයට පහළ වීමට පෙර මිනිසුන් කවර පදනමක සිටියේ ද ඉන් පසු ඔවුන් කවර තත්ත්වයකට පත් වූයේ දැ?යි හෙළි වනු ඇත.ප්රාරම්භක මුස්ලිම්වරුන් ඇබීසීනියාවට නික්ම ගිය කල්හි ඇබිසීනියාවේ රජු නජ්ජාසි -නෙගුස්- ඔවුන්ගෙන් ප්රශ්න කරමින් ඔවුනට මෙසේ පවසා සිටියේය.'එහි නුඹලාගේ සමාජයෙන් නුඹලා වෙන් වී මාගේ දහමට හෝ මෙම සමාජයේ වෙනත් කිසිවෙකුගේ දහමට නුඹලා ප්රවේශ නොවූ දහම කුමක්ද?'එයට ජව්ෆර් ඉබ්නු අබී තාලිබ් මෙසේ පැවසීය:“අහෝ රජුනි! පිළිමවලට වන්දනා කරන; මළ සතුන් ආහාරය ගන්නා; අශීලාචාර (කාම මිථ්යා) කටයුතු වල නිරතවන; ඥාති සම්බන්ධකම් බිඳ දමන; අසල්වාසීන්ට නපුරුකම් කරන; අප අතර සිටින බලවත් උදවිය දුර්වල උදවියගෙන් සූරා කන; අඥාන ගතිපැවතුම් සහිත ජන සමූහයක් ලෙස සිටියෙමු. අප අතරින්ම, ඔහුගේ පෙළපත, ඔහුගේ සත්යයභාවය, ඔහුගේ විශ්වාසනීයත්වය ඔහුගේ නිර්මලභාවය හොඳින් හඳුණන දූතයකු අප වෙත අල්ලාහ් එවන තෙක් අපි ඒ මතම සිටියෙමු. එතුමා අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරන මෙන් ද ඔහුව නමදින මෙන් ද අපි හා අපගේ මුතුන් මිත්තන් ඔහු හැර නමදිමින් සිටි ගල් හා පිළිමවලින් අප ඉවත් වන මෙන් ද අප ඇරයුම් කරමින් සිටියි. තවද සත්යය කතා කරන මෙන් ද විශ්වසයට පවරන ලද දෑ ඉටු කරන මෙන් ද ඥාතී සම්බන්ධකම් රකින මෙන් ද අසල්වැසියන් සමග යහපත් ලෙස කටයුතු කරන මෙන් ද තහනම් කරන ලද දැයින් හා ජීවිත නැසීමෙන් වැළකි සිටින මෙන් ද අණ කර සිටියි. තවද අශීලාචාර දැයින් ද බොරු චෝදනා නැගීමෙන් ද අනාථයින්ගේ ධනය සූරා කෑමෙන් ද විවාහක කාන්තාවන්ට අවලාද නැගීමෙන් ද අපට තහනම් කරමින් සිටියි. අල්ලාහ්ට පමණක් අප නමදින මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද නියෝග කරමිස් සිටියි. තවද සලාතය ඉටු කිරීම සකාත් නිකුත් කිරීම උපවාසය රැකීම ද අණ කර සිටියි. එතුමා තවදුරටත්: 'ඉස්ලාමයේ කරුණු එතුමා මත එකතු කළේය. ඒ අනුව අපි එතුමාව තහවුරු කළෙමු. එතුමා ව විශ්වාස කළෙමු. එතුමා ගෙන ආ දෑ මත අපි එතුමාව පිළිපැද්දෙමු. ඒ අනුව අපි අල්ලාහ්ට පමණක් නැමදුම් කළ අතර කිසිවක් ඔහුට ආදේශ නොතැබුවෙමු. අප වෙත තහනම් කළ දෑ අපි තහනම් කර ගත්තෙමු. අප වෙත අනුමත කළ දෑ අපට අනුමත කර ගත්තෙමු..."සුළු වෙනස්කම් සහිත ව ඉමාම් අහ්මද් (1740) මෙය වාර්තා කර ඇති අතර අබූ නඊම් තුමා 'හිල්යතුල් අව්ලියා' නම් කෘතියෙහි (1/115) කෙටියෙන් සඳහන් කර ඇත.ඔබ දකින පරිදි ඉස්ලාමය පුද්ගලයින් පූජනීයත්වයට පත් නොකරයි. ඔවුන්ගේ තරාතිරම්වලට වඩා ඉහළින් ඔසවා නොතබයි. ඔවුන්ව දෙවිවරුන් හෝ වන්දනාවට ලක්වන්නන් බවට පත් නොකරයි.උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.“අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ්ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්ය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූවන් (මුස්ලිම්වරුන්) බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු."(ආලු ඉම්රාන්: 64)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."තවද නුඹලා මැලක්වරුන් ව හා නබිවරුන් ව දෙවියන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරයි ද?"(ආලු ඉම්රාන්: 80)අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:“මර්යම්ගේ පුතණුවන්ට කිතුණුවන් ඉහවහා ප්රශංසා කළ ආකාරයට නුඹලා මට ඉහවහා ප්රශංසා නොකරනු. හේතුව සැබැවින්ම මම ඔහුගේ (අල්ලාහ්ගේ) ගැත්තෙකු වෙමි. ඔහුගේ දූතයෙකු වෙමි."(සහීහ් අල් බුහාරි: 3445)

“දීනාර් නොහොත් රන්කාසි, දිර්හම් නොහොත් රිදී කාසි හා සේදයෙන් මායිම් වූ සළුවේ වහලා ශාප ලද්දෙකි. ඔහුට යමක් ලබා දෙන්නේ නම් ඔහු සෑහීමකට පත්වේ, නමුත් ඔහුට කිසිවක් ලබා නොදුනහොත් ඔහු අප්රසාදය පළ කරයි."

(සහීහ් අල් බුහාරි: 6435)

සාමාන්ය පුද්ගලයකු අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට යටහත් පහත් නොවනු ඇත. එහෙයින් ඔහු මුදල්, කීර්තිය, තනතුර හෝ ගෝත්රයෙන් වහල් වී නොසිටියි. මෙම කතාව කියවන පාඨකයාට දිව්ය පණිවුඩයට පහළ වීමට පෙර මිනිසුන් කවර පදනමක සිටියේ ද ඉන් පසු ඔවුන් කවර තත්ත්වයකට පත් වූයේ දැ?යි හෙළි වනු ඇත.

ප්රාරම්භක මුස්ලිම්වරුන් ඇබීසීනියාවට නික්ම ගිය කල්හි ඇබිසීනියාවේ රජු නජ්ජාසි -නෙගුස්- ඔවුන්ගෙන් ප්රශ්න කරමින් ඔවුනට මෙසේ පවසා සිටියේය.

'එහි නුඹලාගේ සමාජයෙන් නුඹලා වෙන් වී මාගේ දහමට හෝ මෙම සමාජයේ වෙනත් කිසිවෙකුගේ දහමට නුඹලා ප්රවේශ නොවූ දහම කුමක්ද?'

එයට ජව්ෆර් ඉබ්නු අබී තාලිබ් මෙසේ පැවසීය:

“අහෝ රජුනි! පිළිමවලට වන්දනා කරන; මළ සතුන් ආහාරය ගන්නා; අශීලාචාර (කාම මිථ්යා) කටයුතු වල නිරතවන; ඥාති සම්බන්ධකම් බිඳ දමන; අසල්වාසීන්ට නපුරුකම් කරන; අප අතර සිටින බලවත් උදවිය දුර්වල උදවියගෙන් සූරා කන; අඥාන ගතිපැවතුම් සහිත ජන සමූහයක් ලෙස සිටියෙමු. අප අතරින්ම, ඔහුගේ පෙළපත, ඔහුගේ සත්යයභාවය, ඔහුගේ විශ්වාසනීයත්වය ඔහුගේ නිර්මලභාවය හොඳින් හඳුණන දූතයකු අප වෙත අල්ලාහ් එවන තෙක් අපි ඒ මතම සිටියෙමු. එතුමා අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරන මෙන් ද ඔහුව නමදින මෙන් ද අපි හා අපගේ මුතුන් මිත්තන් ඔහු හැර නමදිමින් සිටි ගල් හා පිළිමවලින් අප ඉවත් වන මෙන් ද අප ඇරයුම් කරමින් සිටියි. තවද සත්යය කතා කරන මෙන් ද විශ්වසයට පවරන ලද දෑ ඉටු කරන මෙන් ද ඥාතී සම්බන්ධකම් රකින මෙන් ද අසල්වැසියන් සමග යහපත් ලෙස කටයුතු කරන මෙන් ද තහනම් කරන ලද දැයින් හා ජීවිත නැසීමෙන් වැළකි සිටින මෙන් ද අණ කර සිටියි. තවද අශීලාචාර දැයින් ද බොරු චෝදනා නැගීමෙන් ද අනාථයින්ගේ ධනය සූරා කෑමෙන් ද විවාහක කාන්තාවන්ට අවලාද නැගීමෙන් ද අපට තහනම් කරමින් සිටියි. අල්ලාහ්ට පමණක් අප නමදින මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද නියෝග කරමිස් සිටියි. තවද සලාතය ඉටු කිරීම සකාත් නිකුත් කිරීම උපවාසය රැකීම ද අණ කර සිටියි. එතුමා තවදුරටත්: 'ඉස්ලාමයේ කරුණු එතුමා මත එකතු කළේය. ඒ අනුව අපි එතුමාව තහවුරු කළෙමු. එතුමා ව විශ්වාස කළෙමු. එතුමා ගෙන ආ දෑ මත අපි එතුමාව පිළිපැද්දෙමු. ඒ අනුව අපි අල්ලාහ්ට පමණක් නැමදුම් කළ අතර කිසිවක් ඔහුට ආදේශ නොතැබුවෙමු. අප වෙත තහනම් කළ දෑ අපි තහනම් කර ගත්තෙමු. අප වෙත අනුමත කළ දෑ අපට අනුමත කර ගත්තෙමු..."

සුළු වෙනස්කම් සහිත ව ඉමාම් අහ්මද් (1740) මෙය වාර්තා කර ඇති අතර අබූ නඊම් තුමා 'හිල්යතුල් අව්ලියා' නම් කෘතියෙහි (1/115) කෙටියෙන් සඳහන් කර ඇත.

ඔබ දකින පරිදි ඉස්ලාමය පුද්ගලයින් පූජනීයත්වයට පත් නොකරයි. ඔවුන්ගේ තරාතිරම්වලට වඩා ඉහළින් ඔසවා නොතබයි. ඔවුන්ව දෙවිවරුන් හෝ වන්දනාවට ලක්වන්නන් බවට පත් නොකරයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

“අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ්ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්ය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූවන් (මුස්ලිම්වරුන්) බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු."

(ආලු ඉම්රාන්: 64)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"තවද නුඹලා මැලක්වරුන් ව හා නබිවරුන් ව දෙවියන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරයි ද?"

(ආලු ඉම්රාන්: 80)

අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:

“මර්යම්ගේ පුතණුවන්ට කිතුණුවන් ඉහවහා ප්රශංසා කළ ආකාරයට නුඹලා මට ඉහවහා ප්රශංසා නොකරනු. හේතුව සැබැවින්ම මම ඔහුගේ (අල්ලාහ්ගේ) ගැත්තෙකු වෙමි. ඔහුගේ දූතයෙකු වෙමි."

(සහීහ් අල් බුහාරි: 3445)

42- පාපක්ෂමාව ඇයැදීම ඉස්ලාමයේ දහම් ගත කොට ඇත. එනම් මිනිසා ඔහුගේ පරමාධිපති වෙත නැඹුරු වී පාපකම් අතහැර දැමීමය. ඉස්ලාමය ඊට පෙර පැවති පාපකම් සිඳලයි. තව්බාව නොහොත් පාපක්ෂමාව එයට පෙර පැවති පාපකම් අභිබවා යනු ඇත. එහෙයින් මිනිසාගේ වැරදි මිනිසෙකුගේ ඉදිරියේ පිළිගැනීමට කිසිදු අවශ්යතාවක් නැත.

පාපක්ෂමාව ඇයැදීම ඉස්ලාමයේ දහම් ගත කොට ඇත. එනම් මිනිසා ඔහුගේ පරමාධිපති වෙත නැඹුරු වී පාපකම් අතහැර දැමීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"... තවද අහෝ දෙවියන් කෙරෙහි විශ්වාස තැබූවනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු."(අන් නූර්: 31)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත් දානයන් ගන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නොදන්නෝ ද?"(අත් තව්බා: 104)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නාය. තවද ඔහු පාපකම් වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී."(අෂ්-ෂූරා: 25)අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.“විනාශ වූ භූමියක තමන්ගේ ආහාර පාන රැගත් වාහනයක් මත වී ගමන් ගත් පසු ව තමන් නින්දට වැටී ඉන් පසු එම වාහනය අහිමි වී යයි. ඔහුට පිපාසය අත්වන තුරුම ඔහු එය සොයා යයි. පසු ව ඔහු: 'මම කවර ස්ථානයක සිටියෙම් ද එම ස්ථානයටම මම නැවත යමි. මා මිය යනතෙක්ම නිදා ගනිමි' යැයි පවසා ඔහුගේ හිස ඔහුගේ බාහුව මත තබා නිදයි. පසු ව ඔහු අවදි වෙයි. ඔහු අබියස ඔහුගේ වාහනය සමග ඒ මත තිබූ ගමන් මලු ඔහුගේ ආහාර පාන ඔහු දකී. එවන් මිනිසෙකු (සතුටු වනවා)ට වඩා අල්ලාහ් වාහනය හා ගමන් මෙවලම් ලැබූ මෙම දේව විශ්වාසී ගැත්තාගේ පාපක්ෂමාව ගැන අල්ලාහ් දැඩි ලෙස සතුටු වෙයි."(සහීහ් මුස්ලිම්: 2744)ඉස්ලාමය ඊට පෙර පැවති පාපකම් සිඳලයි. තව්බාව නොහොත් පාපක්ෂමාව එයට පෙර පැවති පාපකම් අභිබවා යනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:"ඔවුන් වැළකුණේ නම් ඔවුන් පෙර කළ දෑට සමා ව දෙනු ලබන බවත් තවද ඔවුන් (යුද්ධය වෙත) නැවත හැරුණේ නම් (විනාශ කර දැමීමේ) පැරැන්නන්ගේ පිළිවෙත සැබැවින්ම ඉකුත් ව ගොස් ඇති බවත් දේව ප්රතික්ෂේප කළවුනට නුඹ පවසනු."(අල් අන්ෆාල්: 38)'තව්බාව' නොහොත් පශ්චාත්තාපය වෙත අල්ලාහ් කිතුනුවන් ඇරයුම් කළේය. තම සියලු කටයුතුවලදී කීර්තියට පත් අල්ලාහ් මෙසේ පවසා සිටියි."ඔවුන් අල්ලාහ් වෙත හැරී පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නොවේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය."(අල් මාඉදා: 74)පාපකම් සිදු කළවුන් හා අකීකරුවූවන් සියලු දනන්හට පාපක්ෂමාවේ නිරත වන මෙන් අල්ලාහ් දිරිගන්වයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි."අහෝ තමන් විසින් තමන් නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය."(අස් සුමර්:53)අම්ර් ඉබ්නු අල් ආස් තුමා ඉස්ලාමය වැළඳ ගැනීමට අධිෂ්ඨාන කරගත් කල්හි ඉස්ලාමයට පෙර තමන් කල පාපකම්වලට සමාව දෙනු නොලබනු ඇතැයි බිය විය. එම ස්ථාවරය ගැන දන්වමින් අම්ර් තුමා මෙසේ පවසයි.සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මාගේ හදවත තුළට ඉස්ලාමය ප්රවේශ කළ කල්හි, මා ප්රතිඥා දීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාගේ අත මා වෙත දිගු කළහ. එවිට මම: 'අල්ලාහ්ගේ දූතයාණනි! පෙර කළ මාගේ පාපකම්වලට ඔබ මට සමාව දෙන තෙක් මම ඔබට ප්රතිඥා නොදෙමි' යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මට: අහෝ අම්ර්! සැබැවින්ම උපන් දේශයෙන් නික්ම යෑම ඊට පෙර පැවති පාපකම් ඉහවහා යන බව ඔබ නොදන්නෙහි ද! අහෝ අම්ර් සැබැවින්ම ඉස්ලාමය වැළඳ ගැනීමත් ඊට පෙර පැවති පාපකම් ඉහවහා යන බව ඔබ නොදන්නෙහි ද! යැයි පවසා සිටියහ.මෙවැනිම හදීසයක් දීර්ග ලෙසින් ඉමාම් මුස්ලිම් (121) විසින් වාර්ත කර ඇති අතර මෙම පද පෙළ ඉමාම් අහ්මද් සතු වූවකි. (17827)

"... තවද අහෝ දෙවියන් කෙරෙහි විශ්වාස තැබූවනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු."

(අන් නූර්: 31)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත් දානයන් ගන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නොදන්නෝ ද?"

(අත් තව්බා: 104)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නාය. තවද ඔහු පාපකම් වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී."

(අෂ්-ෂූරා: 25)

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ.

“විනාශ වූ භූමියක තමන්ගේ ආහාර පාන රැගත් වාහනයක් මත වී ගමන් ගත් පසු ව තමන් නින්දට වැටී ඉන් පසු එම වාහනය අහිමි වී යයි. ඔහුට පිපාසය අත්වන තුරුම ඔහු එය සොයා යයි. පසු ව ඔහු: 'මම කවර ස්ථානයක සිටියෙම් ද එම ස්ථානයටම මම නැවත යමි. මා මිය යනතෙක්ම නිදා ගනිමි' යැයි පවසා ඔහුගේ හිස ඔහුගේ බාහුව මත තබා නිදයි. පසු ව ඔහු අවදි වෙයි. ඔහු අබියස ඔහුගේ වාහනය සමග ඒ මත තිබූ ගමන් මලු ඔහුගේ ආහාර පාන ඔහු දකී. එවන් මිනිසෙකු (සතුටු වනවා)ට වඩා අල්ලාහ් වාහනය හා ගමන් මෙවලම් ලැබූ මෙම දේව විශ්වාසී ගැත්තාගේ පාපක්ෂමාව ගැන අල්ලාහ් දැඩි ලෙස සතුටු වෙයි."

(සහීහ් මුස්ලිම්: 2744)

ඉස්ලාමය ඊට පෙර පැවති පාපකම් සිඳලයි. තව්බාව නොහොත් පාපක්ෂමාව එයට පෙර පැවති පාපකම් අභිබවා යනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:

"ඔවුන් වැළකුණේ නම් ඔවුන් පෙර කළ දෑට සමා ව දෙනු ලබන බවත් තවද ඔවුන් (යුද්ධය වෙත) නැවත හැරුණේ නම් (විනාශ කර දැමීමේ) පැරැන්නන්ගේ පිළිවෙත සැබැවින්ම ඉකුත් ව ගොස් ඇති බවත් දේව ප්රතික්ෂේප කළවුනට නුඹ පවසනු."

(අල් අන්ෆාල්: 38)

'තව්බාව' නොහොත් පශ්චාත්තාපය වෙත අල්ලාහ් කිතුනුවන් ඇරයුම් කළේය. තම සියලු කටයුතුවලදී කීර්තියට පත් අල්ලාහ් මෙසේ පවසා සිටියි.

"ඔවුන් අල්ලාහ් වෙත හැරී පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නොවේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය."

(අල් මාඉදා: 74)

පාපකම් සිදු කළවුන් හා අකීකරුවූවන් සියලු දනන්හට පාපක්ෂමාවේ නිරත වන මෙන් අල්ලාහ් දිරිගන්වයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

"අහෝ තමන් විසින් තමන් නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය."

(අස් සුමර්:53)

අම්ර් ඉබ්නු අල් ආස් තුමා ඉස්ලාමය වැළඳ ගැනීමට අධිෂ්ඨාන කරගත් කල්හි ඉස්ලාමයට පෙර තමන් කල පාපකම්වලට සමාව දෙනු නොලබනු ඇතැයි බිය විය. එම ස්ථාවරය ගැන දන්වමින් අම්ර් තුමා මෙසේ පවසයි.

සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මාගේ හදවත තුළට ඉස්ලාමය ප්රවේශ කළ කල්හි, මා ප්රතිඥා දීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාගේ අත මා වෙත දිගු කළහ. එවිට මම: 'අල්ලාහ්ගේ දූතයාණනි! පෙර කළ මාගේ පාපකම්වලට ඔබ මට සමාව දෙන තෙක් මම ඔබට ප්රතිඥා නොදෙමි' යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මට: අහෝ අම්ර්! සැබැවින්ම උපන් දේශයෙන් නික්ම යෑම ඊට පෙර පැවති පාපකම් ඉහවහා යන බව ඔබ නොදන්නෙහි ද! අහෝ අම්ර් සැබැවින්ම ඉස්ලාමය වැළඳ ගැනීමත් ඊට පෙර පැවති පාපකම් ඉහවහා යන බව ඔබ නොදන්නෙහි ද! යැයි පවසා සිටියහ.

මෙවැනිම හදීසයක් දීර්ග ලෙසින් ඉමාම් මුස්ලිම් (121) විසින් වාර්ත කර ඇති අතර මෙම පද පෙළ ඉමාම් අහ්මද් සතු වූවකි. (17827)

43- ඉස්ලාමය තුළ මිනිසා අතර හා අල්ලාහ් අතර වන සම්බන්ධතාව ඍජු සම්බන්ධතාවකි. එහෙයින් ඔබ අතර හා අල්ලාහ් අතර මැදිහත් වීම සඳහා කිසිවෙකු වෙත පියනැගීම අවශ්ය වන්නේ නැත. මිනිසා දෙවියකු බවට අප පත් කර ගැනීම හෝ අල්ලාහ්ගේ දේවත්වය හා පරිපාලනයේදී ඔහුගේ හවුල්කරුවන් බවට අප පත් කර ගැනීම හෝ ඉස්ලාමය වළක්වා ඇත.

මිනිසාගේ වැරදි මිනිසකු ඉදිරියේ පිළිගත යුතුයි යන අවශ්යතා ව ඉස්ලාමය තුළ නැත. ඉස්ලාමය තුළ මිනිසා අතර හා අල්ලාහ් අතර පවතිනුයේ ඍජු සම්බන්ධතාවකි. එහෙයින් ඔබ අතර හා අල්ලාහ් අතර මැදිහත් වීම සඳහා කිසිවෙකු වෙත පියනැගීමට අවශ්ය වන්නේ නැත. අංක 36 දරණ පරිච්ඡේදයේ සඳහන් කර ඇති පරිදි සැබැවින්ම පාපක්ෂමාව වෙත හා අල්ලාහ් වෙත නැඹුරු වන ලෙස ඔහු සියලු මිනිසුන්හට ඇරයුම් කළේය. එමෙන්ම නබිවරුන් හෝ මලක්වරුන් හෝ ඔහු හා ඔහුගේ ගැත්තන් අතර වූ මැදිහත් මාධ්යයක් ලෙස පත් කර ගැනීම ඔහු ජනයාට තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි."තවද නුඹලා මැලක්වරුන් ව හා නබිවරුන් ව දෙවියන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරයි ද?"(ආලු ඉම්රාන්: 80)ඔබ දකින පරිදි, මිනිසා දෙවියකු බවට අප පත් කර ගැනීම හෝ අල්ලාහ්ගේ දේවත්වය හා පරිපාලනයේදී ඔහුගේ හවුල්කරුවන් බවට අප පත් කර ගැනීම හෝ ඉස්ලාමය තහනම් කර ඇත. උත්තරීතර අල්ලාහ් කිතුනුවන් පිළිබඳ මෙසේ ප්රකාශ කළේය."ඔවුහු අල්ලාහ් හැර තම ආගමික නායකයින් ද පූජකවරුන් ද මර්යම්තුමියගේ පුත් මසීහ් ද (තමන්ගේ) දෙවිවරුන් ලෙස පත් කරගත්හ. නමුත් ඔවුහු ඒකීය දෙවිඳුන් (වන අල්ලාහ්) හැර වෙනත් කිසිවක් නැමඳිය නොයුතු යැයි අණ කරනු ලැබ ඇත්තෝය. ඔහු හැර (නැමඳීමට සුදුසු) වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. මොවුන් (අල්ලාහ්ට) ආදේශ තබන දෑ වලින් ඔහු ඉතා පිවිතුරු ය."(අත් තව්බා: 31)සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් ඔවුන් අතර හා අල්ලාහ් අතර අතරමැදියන් පත් කර ගැනීම අල්ලාහ් හෙළා දුටුවේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය 'අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට ගැතිකම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි."(අස් සුමර්: 3)සැබැවින්ම මිථ්යාදෘෂ්ටිකයන් - ඉස්ලාමයට පෙර යුගයේ ජනයා - ඔවුන් සහ අල්ලාහ් අතර අතරමැදියන් පත් කර ගෙන සැබැවින්ම ඒවා ඔවුන්ව අල්ලාහ් වෙත සමීප කරවන බව පවසා සිටි බව අල්ලාහ් පැහැදිළි කළේය.අල්ලාහ් හා ඔහුගේ ගැත්තන් අතර අතරමැදි මාධ්යයක් ලෙස නබිවරුන් හා මලක්වරුන් ගැනීම අල්ලාහ් තහනම් කර ඇති තත්ත්වයක ඔවුන් හැර වෙනත් අය ඊට උචිත විය හැක්කේ කෙසේ ද? නබිවරුන් හා දහම් දූතවරුන් (අලයිහිමුස් සලාම්) පවා අල්ලාහ් වෙත සමීප වීමෙහි යුහුසුළු ව කටයුතු කරමින් සිටියි. නබිවරුන් හා දහම්දූතවරුන්ගේ තත්ත්වය දන්වමින් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:"... නියත වශයෙන්ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ."(අල් අන්බියා: 90)උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි."ඔවුන් අයැද සිටින්නන් වන ඔවුහු ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා සමීප විය හැකි මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට එකිනෙකා බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ප්රවේශම් විය යුත්තකි."(අල් ඉස්රාඃ: 57)සැබැවින්ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නබිවරුන් හා දැහැමියන් වනාහි, ඔවුහු අල්ලාහ් වෙත සමීපවන්නට බලන්නෝ වෙති. ඔහුගේ කරුණාව අපේක්ෂා කරති. ඔහුගේ දඬුවමට බිය වෙති. එසේ තිබිය දී අල්ලාහ් හැර ඔවුන් ප්රාර්ථනාවට ලක් විය හැක්කේ කෙසේද?

"තවද නුඹලා මැලක්වරුන් ව හා නබිවරුන් ව දෙවියන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරයි ද?"

(ආලු ඉම්රාන්: 80)

ඔබ දකින පරිදි, මිනිසා දෙවියකු බවට අප පත් කර ගැනීම හෝ අල්ලාහ්ගේ දේවත්වය හා පරිපාලනයේදී ඔහුගේ හවුල්කරුවන් බවට අප පත් කර ගැනීම හෝ ඉස්ලාමය තහනම් කර ඇත. උත්තරීතර අල්ලාහ් කිතුනුවන් පිළිබඳ මෙසේ ප්රකාශ කළේය.

"ඔවුහු අල්ලාහ් හැර තම ආගමික නායකයින් ද පූජකවරුන් ද මර්යම්තුමියගේ පුත් මසීහ් ද (තමන්ගේ) දෙවිවරුන් ලෙස පත් කරගත්හ. නමුත් ඔවුහු ඒකීය දෙවිඳුන් (වන අල්ලාහ්) හැර වෙනත් කිසිවක් නැමඳිය නොයුතු යැයි අණ කරනු ලැබ ඇත්තෝය. ඔහු හැර (නැමඳීමට සුදුසු) වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. මොවුන් (අල්ලාහ්ට) ආදේශ තබන දෑ වලින් ඔහු ඉතා පිවිතුරු ය."

(අත් තව්බා: 31)

සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් ඔවුන් අතර හා අල්ලාහ් අතර අතරමැදියන් පත් කර ගැනීම අල්ලාහ් හෙළා දුටුවේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය 'අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට ගැතිකම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි."

(අස් සුමර්: 3)

සැබැවින්ම මිථ්යාදෘෂ්ටිකයන් - ඉස්ලාමයට පෙර යුගයේ ජනයා - ඔවුන් සහ අල්ලාහ් අතර අතරමැදියන් පත් කර ගෙන සැබැවින්ම ඒවා ඔවුන්ව අල්ලාහ් වෙත සමීප කරවන බව පවසා සිටි බව අල්ලාහ් පැහැදිළි කළේය.

අල්ලාහ් හා ඔහුගේ ගැත්තන් අතර අතරමැදි මාධ්යයක් ලෙස නබිවරුන් හා මලක්වරුන් ගැනීම අල්ලාහ් තහනම් කර ඇති තත්ත්වයක ඔවුන් හැර වෙනත් අය ඊට උචිත විය හැක්කේ කෙසේ ද? නබිවරුන් හා දහම් දූතවරුන් (අලයිහිමුස් සලාම්) පවා අල්ලාහ් වෙත සමීප වීමෙහි යුහුසුළු ව කටයුතු කරමින් සිටියි. නබිවරුන් හා දහම්දූතවරුන්ගේ තත්ත්වය දන්වමින් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

"... නියත වශයෙන්ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ."

(අල් අන්බියා: 90)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"ඔවුන් අයැද සිටින්නන් වන ඔවුහු ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා සමීප විය හැකි මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට එකිනෙකා බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ප්රවේශම් විය යුත්තකි."

(අල් ඉස්රාඃ: 57)

සැබැවින්ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නබිවරුන් හා දැහැමියන් වනාහි, ඔවුහු අල්ලාහ් වෙත සමීපවන්නට බලන්නෝ වෙති. ඔහුගේ කරුණාව අපේක්ෂා කරති. ඔහුගේ දඬුවමට බිය වෙති. එසේ තිබිය දී අල්ලාහ් හැර ඔවුන් ප්රාර්ථනාවට ලක් විය හැක්කේ කෙසේද?

මෙම ලිපිය අවසානයේ අප මතක් කර දෙනුයේ, සැබැවින්ම මිනිසුන් ඔවුන්ගේ යුග, ඔවුන්ගේ ගෝත්ර හා ඔවුන්ගේ දේශ අනුව විවිධත්වය මත පිහිටා සිටිති. නමුත් ඔවුන් සියලු දෙනා මිනිස් සමූහයා අතරින් වෙති. සෑම කෙනෙකුගේම සිතුවිලි හා අපේක්ෂාවන් විවිධය. ස්වභාවයන් හා ක්රියාවන් වෙනස්ය. එහෙයින් ඔහුට මග පෙන්වන මග පෙන්වන්නෙකුගේ හා ඔහු ව සකසන පිළිවෙලක හා ඔහු ව ආරක්ෂා කරන තීරකයකුගේ අවශ්යතාවෙන් ඔහු පෙළෙයි. ගෞරවණීය දූතවරුන් (අලයිහිමුස් සලාම්) අල්ලාහ්ගෙන් වූ දිව්ය පණිවිඩවලින් එය භාරගෙන යහපත හා නිවැරදි මාර්ගය වෙත මිනිසාට මග පෙන්වූහ. අල්ලාහ්ගේ පිළිවෙත මත ඔවුහු ඔවුන් ඒකරාශී කළෝය. සත්යයයෙන් යුතුව ඔවුන් අතර තීන්දු පිරිනැමුවෝය. ඔවුන් එම දූතවරුන්ට දුන් ප්රතිචාරය හා දිව්ය පණිවිඩ පහළ වූ ඔවුන්ගේ කාලයට අනුව ඔවුන්ගේ කටයුතු වෙනස් කරනු ලැබීය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පහළ වූ දිව්ය පණවිඩයත් සමගම දිව්ය පණිවිඩ පහළ වීම අල්ලාහ් අවසන් කළේය. එයට (අල් කුර්ආනයට) සදාතනිකභාවයක් නියම කළේය. සුවිශුද්ධයාණන් වෙත සේන්දු කරවන මාර්ගය වෙත මිනිසුනට මග පෙන්වීමක් ආලෝකයක් ආශිර්වාදයක් හා යහමගක් ලෙස ඔහු එය පත් කළේය.

මෙම ලිපිය අවසානයේ අප මතක් කර දෙනුයේ, සැබැවින්ම මිනිසුන් ඔවුන්ගේ යුග, ඔවුන්ගේ ගෝත්ර හා ඔවුන්ගේ දේශ අනුව විවිධත්වය මත පිහිටා සිටිති. නමුත් ඔවුන් සියලු දෙනා මිනිස් සමූහයා අතරින් වෙති. සෑම කෙනෙකුගේම සිතුවිලි හා අපේක්ෂාවන් විවිධය. ස්වභාවයන් හා ක්රියාවන් වෙනස්ය. එහෙයින් ඔහුට මග පෙන්වන මග පෙන්වන්නෙකුගේ, ඔහු ව සකසන පිළිවෙලක හා ඔහු ව ආරක්ෂා කරන තීරකයකුගේ අවශ්යතාවෙන් ඔහු පෙළෙයි. ගෞරවණීය දූතවරුන් (අලයිහිමුස් සලාම්) අල්ලාහ්ගෙන් වූ දිව්ය පණිවිඩවලින් එය භාරගෙන යහපත හා නිවැරදි මාර්ගය වෙත මිනිසාට මග පෙන්වූහ. අල්ලාහ්ගේ පිළිවෙත මත ඔවුහු ඔවුන් ඒකරාශී කළෝය. සත්යයයෙන් යුතු ව ඔවුන් අතර තීන්දු පිරිනැමුවෝය. ඔවුන් එම දූතවරුන්ට දුන් ප්රතිචාරය හා දිව්ය පණිවිඩ පහළ වූ ඔවුන්ගේ කාලයට අනුව ඔවුන්ගේ කටයුතු වෙනස් කරනු ලැබීය. නොමග යෑම් බහුල වී අඥානකම ආවරණය වූ විට පිළිම වන්දනා හා මිථ්යා ඇදහිලිවලට ලක් විය. එහෙයින් ජනයා දේව ප්රතික්ෂේපය, අඥානභාවය හා මිථ්යා ඇදහිලි යනාදී අන්ධකාරයන්ගෙන් ඉවත් කොට දේව විශ්වාසය හා යහමග වෙත යොමු කිරීම සඳහා අල්ලාහ් තම නබිවරයා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව යහමග සත්යය දහම සමග ඔවුන් අතරට එවීය.

එහෙයින් අහෝ මිනිස! චාරිත්රවාරිත්ර හා සම්ප්රදායන්ගෙන් ඉවත් ව අල්ලාහ් වෙනුවෙන් පමණක් අවංක ව කටයුතු කිරීම සඳහා මම ඔබ ඇරයුම් කරමි. ඔබ මිය ගිය පසු ව ඔබේ පරමාධිපති වෙත ඔබ නැවත හැරී යන බව දන්නෙහිය. එමෙන්ම ඔබ තුළ හා ඔබ අවට ඇති ක්ෂිතිජය තුළ අධීක්ෂණය කර බලන මෙන් ද ඇරයුම් කරමි. එහෙයින් ඔබ දෙවියන්ට අවනත වනු. එවිට මෙලොව හා මතුලොව සතුට ඔබට හිමි වනු ඇත. ඉස්ලාමය තුළට ඔබ පිවිසීමට අපේක්ෂා කළේ නම් අල්ලාහ් හැර නැමදීම සඳහා වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවත් අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දැයින් ඔබ නිදහස් වන බවත් සැබැවින්ම අල්ලාහ් මිනීවලවල් තුළ සිටින්නන් යළි අවදි කරන බවත් සැබැවින්ම විනිශ්චය හා ප්රතිඵලය සත්යය බව විශ්වාස කරන බවත් සාක්ෂි දැරීම ඔබ වෙත පැවරෙනු ඇත. ඔබ එසේ එම සාක්ෂිය දැරුවෙහි නම් ඔබ මුස්ලිම්වරයකු බවට පත් වන්නෙහිය. ඉන් පසු ඔබ වෙත පැවරෙනුයේ අල්ලාහ් දහම්ගත කළ සලාතය, සකාතය, උපවාසය හා ඔබට ගමන් පහසුකම් හැකියවක් ඇත්නම් හජ් වන්දනාව ඉටු කිරීමය.

එහෙයින් අහෝ මිනිස! උත්තරීතර අල්ලාහ් තම ප්රකාශයේ ඔබ ව ඇරයුම් කර සිටිනවාක් මෙන් චාරිත්රවාරිත්ර හා සම්ප්රදායන්ගෙන් ඉවත් ව අල්ලාහ් වෙනුවෙන් පමණක් අවංක ව කටයුතු කිරීම සඳහා මම ඔබ ඇරයුම් කරමි.“නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ සහචරයාට උමතුවක් නැත. ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස ඔහු නැත" යැයි (නබිවරය!) ඔබ පවසනු."(සබඃ: 46)ඔබ මිය ගිය පසු ව ඔබේ පරමාධිපති වෙත ඔබ නැවත හැරී යන බව දන්නෙහිය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:“මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත. (39)තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ. (40)පසු ව පූර්ණවත් ප්රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්රන්ථයේ විය.) (41)තවද නියත වශයෙන්ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයාම, නුඹගේ පරමාධිපති වෙතයි. (42)(අන් නජ්ම්: 39-42)එමෙන්ම ඔබ තුළ හා ඔබ අවට ඇති ක්ෂිතිජය තුළ අධීක්ෂණය කර බලන මෙන් ද ඇරයුම් කරමි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:“අහස්හි හා මිහිතලයේ ආධිපත්යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑහි ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?"(අල් අඃරාෆ්: 185)එහෙයින් ඔබ දෙවියන්ට අවනත වනු. එවිට මෙලොව හා මතුලොව සතුට ඔබට හිමි වනු ඇත. ඉස්ලාමය තුළට ඔබ පිවිසීමට අපේක්ෂා කළේ නම් අල්ලාහ් හැර නැමදීම සඳහා වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම ඔබ වෙත පැවරෙනු ඇත.දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මුආද් (රළියල්ලාහු අන්හු) තුමා ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන ප්රචාරකයකු ලෙස යමන් දේශයට එවූ කල්හි ඔහුට එතුමා මෙසේ ප්රකාශ කරන්නට වූහ.“සැබැවින්ම නුඹ ආගම් ලත් පිරිසක් වෙත යන්නෙහිය. එවිට අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවත් සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම සඳහා නුඹ ඔවුන් ඇරයුම් කරන්න. ඒ සඳහා ඔවුන් නුඹට අවනත වූයේ නම් සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔවුනට දෛනික ව සලාත් වාර පහක් අනිවාර්යය කර ඇති බව දැනුම් දෙන්න. ඔවුන් එයට ද අවනත වූයේ නම් සැබැවින්ම සර්වබධාරී අල්ලාහ් ඔවුන්ගේ ධනයෙහි ඔවුන්ගේ ධනවතුන්ගෙන් ගනු ලැබ ඔවුන් අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන සදකාව නොහොත් සකාතය අනිවාර්යය කර ඇති බව ඔවුනට දන්වා සිටින්න. ඒ අනුව ඔවුන් ඒ සඳහා නුඹට අවනත වූයේ නම් ඔවුන්ගේ ධනයේ හොඳම දේ ගැනීම මම නුඹට අවවාද කර සිටිමි."(සහීහ් මුස්ලිම්: 19)අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දැයින් ඔබ නිදහස් වීම ද ඔබ වෙත පැවරෙනු ඇත. අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දැයින් නිදහස්වීම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිවිතුරු පිළිවෙතය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:“ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට 'නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඉස්මතු විය..."(අල් මුම්තහිනා: 4)සැබැවින්ම මිනී වළවල් තුළ සිටින්නන් අල්ලාහ් අවදි කරනු ඇතැයි ඔබ විශ්වාස කළ යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සත්යය වන බැවිණි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. (6)තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන්ම මිනිවළ වල් තුළ සිටින්නන් අල්ලාහ් නැගිටුවයි." (7)(අල් හජ්: 6-7)සැබැවින්ම විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සත්යයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:“තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්යයෙන් යුතු ව මැව්වේය. සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති."(අල් ජාසියා: 22)

“නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ සහචරයාට උමතුවක් නැත. ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස ඔහු නැත" යැයි (නබිවරය!) ඔබ පවසනු."

(සබඃ: 46)

ඔබ මිය ගිය පසු ව ඔබේ පරමාධිපති වෙත ඔබ නැවත හැරී යන බව දන්නෙහිය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:

“මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත. (39)

තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ. (40)

පසු ව පූර්ණවත් ප්රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්රන්ථයේ විය.) (41)

තවද නියත වශයෙන්ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයාම, නුඹගේ පරමාධිපති වෙතයි. (42)

(අන් නජ්ම්: 39-42)

එමෙන්ම ඔබ තුළ හා ඔබ අවට ඇති ක්ෂිතිජය තුළ අධීක්ෂණය කර බලන මෙන් ද ඇරයුම් කරමි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:

“අහස්හි හා මිහිතලයේ ආධිපත්යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑහි ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?"

(අල් අඃරාෆ්: 185)

එහෙයින් ඔබ දෙවියන්ට අවනත වනු. එවිට මෙලොව හා මතුලොව සතුට ඔබට හිමි වනු ඇත. ඉස්ලාමය තුළට ඔබ පිවිසීමට අපේක්ෂා කළේ නම් අල්ලාහ් හැර නැමදීම සඳහා වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම ඔබ වෙත පැවරෙනු ඇත.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මුආද් (රළියල්ලාහු අන්හු) තුමා ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන ප්රචාරකයකු ලෙස යමන් දේශයට එවූ කල්හි ඔහුට එතුමා මෙසේ ප්රකාශ කරන්නට වූහ.

“සැබැවින්ම නුඹ ආගම් ලත් පිරිසක් වෙත යන්නෙහිය. එවිට අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවත් සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම සඳහා නුඹ ඔවුන් ඇරයුම් කරන්න. ඒ සඳහා ඔවුන් නුඹට අවනත වූයේ නම් සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔවුනට දෛනික ව සලාත් වාර පහක් අනිවාර්යය කර ඇති බව දැනුම් දෙන්න. ඔවුන් එයට ද අවනත වූයේ නම් සැබැවින්ම සර්වබධාරී අල්ලාහ් ඔවුන්ගේ ධනයෙහි ඔවුන්ගේ ධනවතුන්ගෙන් ගනු ලැබ ඔවුන් අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන සදකාව නොහොත් සකාතය අනිවාර්යය කර ඇති බව ඔවුනට දන්වා සිටින්න. ඒ අනුව ඔවුන් ඒ සඳහා නුඹට අවනත වූයේ නම් ඔවුන්ගේ ධනයේ හොඳම දේ ගැනීම මම නුඹට අවවාද කර සිටිමි."

(සහීහ් මුස්ලිම්: 19)

අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දැයින් ඔබ නිදහස් වීම ද ඔබ වෙත පැවරෙනු ඇත. අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දැයින් නිදහස්වීම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිවිතුරු පිළිවෙතය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි:

“ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට 'නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඉස්මතු විය..."

(අල් මුම්තහිනා: 4)

සැබැවින්ම මිනී වළවල් තුළ සිටින්නන් අල්ලාහ් අවදි කරනු ඇතැයි ඔබ විශ්වාස කළ යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සත්යය වන බැවිණි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. (6)

තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන්ම මිනිවළ වල් තුළ සිටින්නන් අල්ලාහ් නැගිටුවයි." (7)

(අල් හජ්: 6-7)

සැබැවින්ම විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සත්යයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:

“තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්යයෙන් යුතු ව මැව්වේය. සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති."

(අල් ජාසියා: 22)

මෙම සාක්ෂියට ඔබ සාක්ෂි දරන්නෙහි නම් ඔබ මුස්ලිම්වරයකු බවට පත් වන්නෙහිය. ඉන් පසු අල්ලාහ් ඔබට ආගමානුගත කළ සලාතය, සකාත්, සව්ම් ඉටු කර එමෙන්ම පහසුකම් ඇතොත් හජ් ද ඉටු කර අල්ලාහ්ට නැමදුම් කිරීම ඔබ මත පැවරෙනු ඇත.

පිටපත හිජ්රි 1441 දුල් කඃදා මස 19 වැනි දින.

ආචාර්ය මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ් අස්-සුහයිම් විසින් මෙය ලියන ලදී.

ඉස්ලාමීය අධ්යයන අංශයේ (හිටපු) ඉස්ලාමීය ප්රතිපත්තිය පිළිබඳ ආචාර්යය.

කිං සවූද් විශ්ව විද්යාලය - අධ්යාපන පීඨය.

සවුදි අරාබි රාජ්යය - රියාද්

ඔබගේ වටිනා අදහස්