ඉස්ලාම් පරිපූර්ණ දහමකි

මුහම්මද් අමීන් බින් මුහම්මද්

අල් මුහ්ඃතාර් අල් ශන්කීති

සංස්කරණය කළේ

—™

ජාසිම් ඉබ්නු දඉයාන්

පරිවර්තකගේ නම

මුහම්මද් අසාද්

විචාරකගේ නම

 ඉස්ලාම් පරිපූර්ණ දහමකි - 1

මුහම්මද් අමීන් බින් මුහම්මද්

අල් මුහ්ඃතාර් අල් ශන්කීති

සිංහල බසින්

ජාසිම් ඉබ්නු දඉයාන්

මගේ වදන

අසීමිත කරුණාව සහ අසීමිත දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය. කරුණාව සහ ශාන්තිය අපගේ නබි මුහම්මද් (සල්) තුමාණන්ට, එතුමාණන්ගේ ඥාතීන් සහ සහාබාවරුන් සහ අනුගාමිකයින්ට හිමි වේවා.

මෙලොව හා මතු ලොවේ යහපත් ජීවිතයක් ලබනු පිණිස මිනිසාට දහමක් සහ යහමඟ පෙන්වීමක් අවශ්‍ය වනු ඇත. මිනිසාගේ දැනුම සහ සිතුම් පැතුම් කෙතරම් වර්ධනය වුවත් එය පරිපූර්ණත්වය ලබන්නේ නැත. ඒවායේ යම් කිසි දෝෂයක් තිබීම වැළැක්විය නොහැක. මිනිසාගේ විමුක්තිය සඳහා මිනිසාම යොදා ගන්නා මාර්ගයන්හි අඩුපාඩු සහ වැරදි තිබීම ද වැළැක්විය නොහැක.

සියලු දැනුම, පරිපූර්ණ ප්‍රඥාව, හැකියාව සහ ශක්තිය තිබෙන්නේ අල්ලාහ්ට පමණි. මිනිසාගේ අවශ්‍යතා සියල්ල පිළිබඳ දැනුම ඇත්තේ ඔහුට පමණි. එබැවින් මිනිසාව මැවූ අල්ලාහ් මිනිසා ව අතරමං කළේ නැත. ඒ වෙනුවට මිනිසාට යහමඟ පෙන්වීම සදහා දහමක් සහ යහ මඟ පෙන්වන ගුරුවරුන්ද පත් කර ඇත. තම දහමක් වශයෙන් ඉස්ලාම් දහමද මඟ පෙන්වන්නන් වශයෙන් රසූල් වරුන්වද තෝරා ගත්තේය. ඔවුන් අතර අවසාන රසූල් වරයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් තොරා ගත්තේය. තවද, එතුමාණන්ගේ මාර්ගයෙන්, එම වකවානුව දක්වා ආගම්හි පිරී පැවති අඩුපාඩු සියල්ල සම්පූර්ණ කර, පරිපූර්ණ දහමක් වශයෙන් ඉස්ලාම් දහම පත් කළේය. මෙයට එකඟ ව මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු ව නබි වරුන්ගේ පැමිණීම අවසන් විය. මින් මතුවට තවත් නබි වරයෙක් හෝ තවත් ආගමක් හෝ පැමිණීමේ අවශ්‍යතාව අහෝසි විය.

ශත වර්ෂ 14ක් මුළුල්ලේ පැවත එන ඉස්ලාම් දහම සහ එහි නබිවරයා වන මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහි ව මඩ ගැසීමේ ව්‍යාපාරයේ ඉස්ලාම් විරෝධි බලවේගය දිගින් දිගට යෙදී සිටින නමුත්, ඉස්ලාම් දහම ව්‍යාප්ත වීම නවත්වන්නට ඔවුන්ට කිසිසේත්ම නොහැක. ඒ වෙනුවට කිසි කලක නොවු අයුරින් ඉස්ලාම් දහම ලොව සෑම පළාතකම ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බව සත්‍යයකි. ඉස්ලාම් පරිපූර්ණ දහමක් බවට මෙය ඉතාමත් කදිම නිදසනකි.

මිනිසාගේ ප්‍රශ්න සහ ඔහුගේ අවශ්‍යතාවන් කුමක් දැ යි ඉස්ලාම් නිසියාකාර ව හඳුනා ගෙන ඇත. එ අනුව, ඒවාට අවශ්‍ය විසඳුම් ඉස්ලාමිය ග්‍රන්ථ වන අල් කුර්ආනයේ ඇතුළත් කරනු ලැබ ඇත. මිනිසාගේ අවශ්‍යතාවන් දහයක් තෝරා ගෙන ඒවා පිළිබඳ ව විස්තර සහිත الإسلام دين كامل යන නමින් කුඩා පොත් පිංචයක් අශ් ශෙයික් මුහම්මද් අල් අමීන් බින් මුහම්මද් අල් මුහඃතාර් ශන්කීති නම් විද්වතා විසින් නිකුත් කර ඇත. එම පොත් පිංචය “ඉස්ලාම් පරිපූර්ණ දහමකි“ යන නමින් සිංහලට පරිවර්තනය කළෙමි. මේ මාර්ගයෙන් ජනතාවට යහපත් සේවයක් සිදුවීමට අල්ලාහ්ගේ ආශීර්වාදය පතමු.

ජාසිම් ඉබ්නු දඉයාන්

 ඉස්ලාම් පරිපූර්ණ දහමකි

අසීමිත කරුණාව සහ අසීමිත දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

මුළු ලොවම නිර්මාණය කර ආරක්ෂා කරන්නා වන අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමි වේවා.

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَ‌ضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا ۚ(المائدة/3)

“අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහම ලෙස ඉස්ලාමය මම පිළිගතිමි.” කුර්ආන් 5:3 වාක්‍යය මගින් අල්ලාහ් තහවුරු කරයි.

මෙම වැදගත් වාක්‍යය රසූල් (සල්) තුමාණන්ට හජ්ජුල් විදා නම් අවසාන හජ් වන්දනා අවස්ථාවේ අරෆාත් පිටියේ පහළ කරන ලදි. එම හජ් වන්දනාවෙන් පසු නබි (සල්) තුමාණන් ජීවත් ව සිටියේ දින 81 ක් පමණි. එනම් අපට දහමක් වශයෙන් දෙනු ලැබුනු ඉස්ලාමයේ එකතු කිරීම හෝ අඩුකිරීමක් අවශ්‍යය නොවන පරිදි අංග සම්පූර්ණ දහමක් වශයෙන් ඉස්ලාම් දහම අපහට අල්ලාහ් විසින් දෙන ලැබු බව මෙම වාක්‍යය මගින් තහවුරු කරයි. මේ හේතුවෙන් අවසාන නබි (සල්) තුමාණන්ට පසුව තවත් නබි වරයෙකුගේ පැමිණීමේ දොරටුව මෙයින් නිම කර වසා දමන ලදී. එපමණක් නොව අවසාන දහම වශයෙන් ඉස්ලාම් දහම පිළිගත් බවද මෙයින් පැහැදිලි ව සනාථ කරන ඇත. මෙම දහම හැර වෙනත් දහමක් පිළි නොගන්නා ලෙසද ප්‍රකාශ කර ඇති බව පහත සඳහන් වාක්‍යය තහවුරු කරයි.

وَمَن يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَ‌ةِ مِنَ الْخَاسِرِ‌ينَ ﴿٨٥﴾ (آل عمران/85)

“යමෙක් ඉස්ලාම් (මාර්ගය) නොවන දැය සන්මාර්ගයක්ව සෙව්වහොත් එය ඔහුගෙන් භාර ගනු නොලැබේ. ඔහු අන්තිම දින පාඩු වුවන්ගෙන්ය.” සූරා ආල ඉම්රාන් 85.

إِنَّ الدِّينَ عِندَ اللَّـهِ الْإِسْلَامُ ۗ )آل عمران/19)

“නුඹලා වෙනුවෙන් දහම ලෙස ඉස්ලාමය මම පිළිගතිමි.” කුර්ආන් 5:3

وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي (المائدة/3)

“නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද පූර්ණවත් කළෙමි.” 5:3

අල්ලාහ්ගේ මැවීම් වලට මෙලොවෙහි හා මතු ලොවෙහි යහමග පෙන්වීම සඳහා අවශ්‍ය කිසිවක් ඉස්ලාම් අතපසු හෝ අමතක නොකළ බව මෙම වාක්‍යය පැහැදිලි ව පවසා ඇත.

මේ බව සනාථ කරන වැදගත් කරුණු දහයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඒවා නම්:

1.  ඒකදේවත්වය

2.  යහපත් හැඟීම් වර්ධනය කිරීම

3.  කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම.

4.  අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම.

5.  සමාජයේ මිනිසාගේ තත්ත්වය.

6.  ආර්ථිකය

7.  දේශපාලනය

8.  මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය

9.  කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල තත්ත්වය

10. අපගේ සිත් එකමුතු නොවීම

 v  පළමුව - ඒකදේවත්වය

අල් කුර්ආනය පාරායනා කරන්නන් ඒකදේවත්වයේ පිරිස් තුනකට කොටස් කරනු ලබයි.

1. රුබූබියියා

රුබූබියියා යනු අල්ලාහ්ගේ පරමාධිපත්‍යය හෝ පරිපාලනය කිරීම යන්නවේ. සියලු මැවීම් පරමාධිපත්‍යය සහ පරිපාලනය කිරීම සිදු කෙරෙන්නේ අල්ලාහ් විසින් පමණි. එවැන්නක් කිරීමට හැකියාව සහ සුදුසුකම හිමි ඔහුට පමණි. මේ පිළිබඳ ව ඔහු ඒකීයත්වය සහිතය. ඔහු හා සමාන අන් කිසිවෙක් නොමැත යන අදහස රුබූබියියා නම පදයෙන් පැහැදිලි වේ. මේ බව සනාථ කරන කුර්ආන් වාක්‍යයන් කිහිපයක් තිබේ. ඒවායින් කිහිපයක් පහත සඳහන් වේ.

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّـهُ ۖ )الزخرف/87)

“ඔවුන්ව මැව්වේ කවුරුන් දැ යි ඔබ ඔවුන්ගෙන් විමසු විට, සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුන් පවසති. (එසේ නම් අල්ලාහ්ට නැමදීමෙන්) ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?” කුර්ආන් 43:87

قُلْ مَن يَرْ‌زُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْ‌ضِ أَمَّن يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَن يُخْرِ‌جُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِ‌جُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الْأَمْرَ ۚ فَسَيَقُولُونَ اللَّـهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ ﴿٣١ / يونس﴾

“අහසින්ද පොළොවෙන්ද (උද්භීදයෙන්) ඔබට ආහාර සම්පාදනය කරන්නේ කවරෙක්ද? ශ්‍රවණයද දර්ශනයද හිමි කවරෙකුටද? මළවුන්ගෙන් ජීවය සිදු කරන්නේ කවරෙක්ද? සියලු දැය පරිපාලනය කරන්නේ කවරෙක්දැ? යි පවසවු. අල්ලාහු යි ඔවුහු කියන්නෝය. එසේ නම් ඔබ ඔහුට නොබිය වන්නහුදැ? ” යි පවසනු. කුර්ආන් 10:31.

එහෙත් සියල්ලන්ගේ පරමාධිපත්‍යය අල්ලාහ්ට හිමිය යන සත්‍යය ෆිර්අවුන් ප්‍රතික්ෂේප කළ බව අල් කුර්ආන් සඳහන් කරයි.

قَالَ فِرْ‌عَوْنُ وَمَا رَ‌بُّ الْعَالَمِينَ ﴿٢٣/ الشعراء﴾

“විශ්වයේ පරමාධිපති කවරෙක්දැ?යි ෆිර්අවුන් ඇසුවේය.” කුර්ආන් 26:23.

මූසා (අලෛ) ඉදිරියේ අල්ලාහ්ගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීමට ෆිර්අවුන්ට හේතු වුයේ ඔහුගේ උඩඟු ව සහ නුගත්කම බව පහත සඳහන් කුර්ආන් වාක්‍යය සනාථ කරයි.

 قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنزَلَ هَـؤُلَاءِ إِلَّا رَ‌بُّ السَّمَاوَاتِ وَالْأَرْ‌ضِ بَصَائِرَ (الإسراء/102)

“මේවා සාධක වශයෙන් පහළ කළේ අහස් හි හා මිහිලතලයේ පරමාධිපති මිස වෙන කිසිවෙකු නොවන බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද ඕ ෆිර්අවුන් සැබැවින්ම නුඹ විනාශ කරනු ලබන්නෙකු බව මම සිතමි.‘ යැයි ඔහුට (මූසා) පවසා සිටියේය.” සූරා ඉස්රා 17:102

මූසා (අලෛ) තුමාට සාදක වශයෙන් අල්ලාහ් විවිධ ප්‍රාතිහාර්යයන් පහළ කළ කල්හි ඒවා කිසිවක් විශ්වාස කිරීමට ෆර්අවුන් ප්‍රතික්ෂේප කළේය. එම අවස්ථාවේ මූසා (අලෛ) තුමා, “මේ ප්‍රාතිහාර්යයන් සියල්ල අහස් හා පොළොව නිර්මාණය කළ අල්ලාහ් විසින් එවනු ලැබු බව ඔබ දනී“ යැයි ෆිර්අවුන්ට පැවසු සිද්ධිය මෙම කුර්ආන් වක්‍ය සඳහන් කරයි. මෙය සත්‍යය කරුණක් බව ෆිර්අවුන් නොදැන සිටියා නොවේ. එහෙත් ඔහුගේ උඩඟු ව සහ අහංකාරකම මත මෙයට එකඟ වීමට ඔහු සූදානම් නොවු බව පැහැදිලි ව පෙනේ. ෆිර්අවුන් පමණක් නොව ඔහු මෙන් දේව ප්‍රතික්ෂේපකයන් සියලු දෙනාම අල්ලාහ්ව සහ ඔහුගේ නබි වරුන්ට ලබා දුන් සාධක සියල්ල සැබෑ බව දැන සිටියත්, එවැනි සාධක කිසිවක් පිළිගන්නට කිසිසේත් කැමති වුයේ නැත. මොවුන්ගේ මෙම හිතුවක්කාරකම පිළිබඳ ව පහත සඳහන් කුර්ආන් වාක්‍ය සාක්ෂි දරයි.

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ

“ඔවුන්ගේ ආත්මාවන් එය තරයේ විශ්වාස කර තිබිණ ද අපරාධිත ව හා උඩඟු කමින් ඒවා පිටු පෑහ.” කුර්ආන් 27:14.

මෙහි සත්‍යයතාව ඔවුන් දැන සිටිය නමුත් ඒවා ප්‍රතික්ෂේප කළ හේතුවෙන්, ‘රුබූබිය්යත්’ හෙවත් අල්ලාහ්ට පමණක් හිමි පරමාධිපත්‍යය යන විෂය පිළිබඳ ව ප්‍රශ්න කිහිපයක් ඔවුන්ට අල්ලාහ් ඉදිරිපත් කරයි. පහත සඳහන් කුර්ආන් වාක්‍යය දෙස බලන්න.

أَفِي اللَّـهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْ‌ضِ ۖ(إبراهيم/10)

“අහස් හා මිහිතලයේ මැවුම්කරු වන අල්ලාහ් විෂයෙහි (නුඹලාට) සැක ඇත්දැ යි ඔවුන්ගේ රසූල්වරුන් පවසා සිටියහ.” කුර්ආන් 14:10.

قُلْ أَغَيْرَ اللَّـهِ أَبْغِي رَ‌بًّا وَهُوَ رَ‌بُّ كُلِّ شَيْءٍ ۚ

“ඔහු සියලු දැයටම පරාධිපති ව සිටියදී - අල්ලාහ් නොවන්නෙකු ද මම පරාධිපතියකු සේ සොයමින් යන්නේදැ‘යි පවසනු.” කුර්ආන් 6:164.

قُلْ مَن رَّ‌بُّ السَّمَاوَاتِ وَالْأَرْ‌ضِ قُلِ اللَّـهُ ۚ(الرعد/16)

“අහස්හි හා මිහිතලයේ පරමාධිපති කවුරුන් දැ යි ඔබ විමසා (ඔහු) අල්ලාහ් යැයි පවසනු.” කුර්ආන් 13:16.

සත්‍යය කුමක් දැයි පැහැදිලිව දන්නා දේව ප්‍රතික්ෂේපකයින්, ඇතැම් විට ඉහත් සදහන් ප්‍රශ්න වලට පිළිතුරු නොදී නිහඬ ව සිටිය හැක. එබැවින් ඔබේ ප්‍රශ්නයන්ට ඔබම පිළිතුරු සපයන ලෙස නබි (සල්) තුමාණන්ට අල්ලාහ් අණ කරයි.

කෙසේ වෙතත් අල්ලාහ්ගේ රුබූබිය්යත් පිළිබඳ ව කාෆිර්වරු හෙවත් දේව ප්‍රතික්ෂේපකයන්ගේ සංකල්පය ඔවුන්ට කිසිසේත් යහ ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැත. ඔවුන් දරන සංකල්පය පවිත්‍ර එකක් නොවේ. මෙම විෂයෙහි අල්ලාහ් නොවන දේ පවා ඔවුන් අල්ලාහ්ට සමාන බවට පත් කර ගන්නෝය. පහත සදහන් වාක්‍ය දෙස බලන්න.

وَمَا يُؤْمِنُ أَكْثَرُ‌هُم بِاللَّـهِ إِلَّا وَهُم مُّشْرِ‌كُونَ ﴿١٠٦/ يوسف﴾

‘ඔවුන් ආදේශ තබන්නන් යනු මිස ඔවුන්ගෙන් බොහෝ දෙනා අල්ලාහ් ව විශ්වාස නොකරන්නෝය.” කුර්ආන් 12:106.

مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّ‌بُونَا إِلَى اللَّـهِ زُلْفَىٰ (الزمر/3)

“තවද, අල්ලාහ් හැර (අන් කිසිවෙකු) ආරක්ෂකයෙකු ලෙස ගත් අය, ‘ඔවුන් අප ව අල්ලාහ් වෙත ඉතා සමිපයට ළඟා කිරීම පිණිස මිස අපි ඔවුන්ට නොනමදිමු.’ (යැයි පවසති).” කුර්ආන් 39:3 වාක්‍යයයෙහි අල්ලාහ් හැර අන් අයට නැමදුම් කළ ජනතාව පවසන බව අල්ලාහ් අපට දන්වයි.

وَيَقُولُونَ هَـؤُلَاءِ شُفَعَاؤُنَا عِندَ اللَّـهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّـهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْ‌ضِ ۚ (يونس/18)

“අල්ලාහ්ගේ සන්නිධානයෙහි (මේ දෙවි වරුන්) අප වෙනුවෙන් මැදහත් වන්නෝ යයි කියති. අහස්හිද හෝ පොළෝවෙහිද හෝ ඔහු (අල්ලාහ්) නොදන්නා දැයක ඔබ අල්ලාහුට දන්වන්නහුද?” (යැයි විමසනු). කුර්ආන් 10:18

අල්ලාහ් හැර අන් අයට නැමදුම් කරනවුන් මෙලෙස තම ක්‍රියාවට හේතු සාධක පෙන්වන්නෝ යැයි අල්ලාහ් මෙහි දී පහදා දෙයි. කෙසේ වෙතත් අල්ලාහ් සමානයක් තබමින් කාෆිර්වරුන් අනුගමනය කරන ඒකදේවත්වය ඔවුන්ට කිසිසේත් යහපතක් ගෙන නොදෙයි.

දෙවනුව: නැමදුමෙහි ඒකදේවත්වය වන උලූහියියා.

මෙම සංකල්පය පිළිබඳ ව සියලු නබිවරුන් සහ ඔවුන්ගේ සමාජය අතර විශාල ගැටුම් සිදු විය. සියලු නබිවරුන් එවනු ලැබුවේ මෙම ඒකදේවත්වය තහවුරු කිරීම පිණිසය. අල්ලාහ් හැර අන් කිසිවෙක් නැමදුම සඳහා සුදුසු නොවන බව لاإله إلاالله යන අරාබි ප්‍රකාශයෙහි ඇතුළත් ව තිබේ. මෙම වදන තුළ සනාථ කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම යන මූලික අර්ථ දෙකම අඩංගු වී තිබෙන බව දැක ගත හැක.

මෙම වදනයේ සඳහන් “ لا” යන කොටස මගින් අල්ලාහ් හැර අන් සියලු දෙවිවරුන් සහ ඔවුන් සිදු කරන නැමදුම් සියල්ල ප්‍රතික්ෂේප කරනු ලබයි. එහෙත් إلااللهයන වදන මගින් නැමදුමට සුදුසු අල්ලාහ් පමණක් බවද, ඒ හේතුවෙන් නැමදුම් සියල්ල ඔහුට පමණක් සිදු කළ යුතු බවද සනාථ කරනු ලබයි. මෙම කුඩා වදන අල් කුර්ආනයේ බොහෝ තැන් හි දැක ගත හැකි වේ. උදාහරණ කිහිපයක් දෙස බලමු.

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّ‌سُولًا أَنِ اعْبُدُوا اللَّـهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ (النحل/36)

“නුඹලා අල්ලාහ්ට පමණක් නමදිනු, තාඝූත් (නම් නපුරු බලවේගයන්)ගෙන් වැළකී සිටිනු’ යැයි පවසා සෑම සමූහයකටම රසූල්වරයෙකු එවේවෙමු.” කුර්ආන් 16:36.

وَمَا أَرْ‌سَلْنَا مِن قَبْلِكَ مِن رَّ‌سُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِله إِلَّا أَنَا فَاعْبُدُونِ ﴿٢٥/الأنبياء﴾

“සැබැවින්ම මා හැර වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා මට නැමදුම් කරවු. යැයි අපි වහී මගින් හෙළිදරව් කරමින් මිස නුඹට පෙර කිසිදු රසූල්වරයෙකු අපි නොඑව්වෙමු.” කුර්ආන් 21:25.

فَمَن يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللَّـهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْ‌وَةِ الْوُثْقَىٰ (البقرة/256)

එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගතේතේය.” සූරා බකරා 2:256.

وَاسْأَلْ مَنْ أَرْ‌سَلْنَا مِن قَبْلِكَ مِن رُّ‌سُلِنَا أَجَعَلْنَا مِن دُونِ الرَّ‌حْمَـنِ آلِهَةً يُعْبَدُونَ ﴿٤٥/الزخرف﴾

“කරුණාභරිතයාණන් හැර නැමදුම් කරනු ලබන වෙනත් දෙවියන් අපි පත් කළෙමු දැ? යි නුඹලාට පෙර අපගේ රසූල්වරුන්ගෙන් කවරෙකු අප එව්වේ ද ඔහුගෙන් විමසනු.” සූරා සුහ්රුෆ්: 45.

قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَـهُكُمْ إِلَـهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ﴿١٠٨/الأنبياء﴾

“සැබැවින්ම මා වෙත වහී හෙළි දරව් කරනු ලබනුයේ නුඹලාගේ දෙවිඳා එකම දෙවියෙකු යන්නය. එබැවින් නුඹලා අවනත වන්නන් වන්නේදැ?’ යි පවසවු.” සූරා අන්බියා :108.

තුන් වැනි: අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන්

අල් කුර්ආනය පහදා දෙන අයුරින් මෙය පදනම් දෙකකින් සමන්විතය. ඒවා නම්:

1.  මවනු ලැබු දේ හා සමාන කරනු ලැබීමෙන් අල්ලාහ් අති පාරිශුද්ධය.

2.  අල්ලාහ් පිළිබඳ ව ඔහු සහ ඔහුගේ රසූල් (සල්) තුමාණන් කෙසේ පහදා දුන්නේද ඒ ආකාරයෙන්ම අල්ලාහ්ගේ පරිපූර්ණතාවට සහ උසස්භාවයට එකඟ ව යථාර්ථ භාවයෙන් විශ්වාස කිරීම අවශ්‍යයවේ. එයට හේතුව අල්ලාහ් ගැන කරුණු පහදා දීමට අල්ලාහ් සහ ඔහුගේ රසූල් තුමාණන් හැර අන් කිසිවෙකුට නොහැකි වීමය. එනිසා අල්ලාහ් සම්බන්ධ ව ඔහු සහ ඔහුගේ රසූල් (සල්) තුමාණන් පහදා දුන් විස්තර ඒ ආකාරයෙන්ම විශ්වාස කිරීම ඊමානයේ අත්‍යවශ්‍ය අංගයකි.

තවද, අල්ලාහ් සියලු දේ ගැන දනී. මේ පිළිබඳ ව නබි (සල්) තුමාණන් තමා කැමති කිසිවක් නොපවසන බව පහත සදහන් කුර්ආන් වැකි අපට දන්වයි.

أَأَنتُمْ أَعْلَمُ أَمِ اللَّـهُ ۗ (البقرة/140)

“සැබැහැවින් දන්නේ ඔබද අල්ලාහ්ද? සූරා බකරා:140

وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ ﴿٣﴾ إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ ﴿٤/النجم﴾

(නබිවරයා) තම චිත්තාශාව අනුව කතා නොකරයි. (ඔහු කතා කරන) එය වහි මාර්ගයෙන් හෙළිදරව් කරනු ලැබු දේ මිස නැත.” සුරා අන් නුජූම් 3,4.

لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ ﴿١١/الشورى﴾

“ඔහු මෙන් කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්‍රවකය, සියල්ල දන්නේය.” සූරා අෂ් ෂුරා: 11.

ඉහත සඳහන් වාක්‍යයන්හි පළමු වාක්‍යයන්හි තමාට අදාළ නොවන ගුණංගයන් ගැනද අවසාන වාක්‍යයෙහි තමාට ගැළපෙන ගුණාංගය ගැනද අල්ලාහ් තහවුරු කර ඇත.

අල්ලාහ් ගැන සම්පූර්ණ දැනුම ලැබීමේ හැකියාව කිසිවෙකුට නොමැති බව පහත සඳහන් වාක්‍යය පහදා දෙයි.

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا ﴿١١٠/ طه﴾

“ඔවුන්ගේ දෑත් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔවුහු ඔහු පිළිබඳ ව දැනුමෙන් සම්පූර්ණ නොවන්නෝය.” සූරා තාහා :110

 v  යහපත් හැඟීම් වර්ධනය කිරීම

පාපකර්මයන්ගෙන් මුදවා ගනු ලබනු පිණිස මිනිසාට යහපත් උපදෙස් සහ යහපත් හැඟීම් වර්ධනය කරන විෂයයන් අත්‍යාවශ්‍ය වනු ඇත. එනිසා මිනිසා හැඟීම් ලබනු පිනිස සහ යහපත් උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අල්ලාහ් පහළ කළේය. අභ්‍යන්තරව සහ බාහිරව මිනිසා විසින් සිදු කරන ලද සියලු කටයුතු පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දන්නා බවද, එවා දෙස පරීක්ෂාවෙන් බලා සිටින බවද අවබෝධයෙන් ජීවත්වන මිනිසාට එයට වඩා හොඳ උපදෙස් හෝ බියබැතිමත්කමක් අවශ්‍ය නැති බව කවුරුත් පිළිගනු ඇත. මෙම විෂය පිළිබඳ ව අල් කුර්ආනය නිතර මතක් කරයි.

මිනිස් සිත් තුළ පැන නගින භීතිය සහ විවිධ හැඟීම් පිළිබඳ ව අවබෝධ කර දීමට විද්වතුන් පහත සඳහන් නිදසුන පෙන්වයි. ජනතාවට ඝාතනය කිරීම වැනි බරපතල දඬුවම් පමුණුවමින් පාලනය කරන ඒකාධිපතියෙකු සහ ඔහුගේ සෙබළුන් ඉදිරියේ ජනතාව සිටගෙන සිටිති. ඔවුන්ගේ අතේ ලේ තැවරුනු කසයද සූදානම් ව තිබුණි. මෙම සභාවේ ප්‍රධානියාගේ බිරියන් සහ දියණියන් ඔහු වටා වාඩිවී සිටින බව සිතමු. මෙවැනි අවස්ථාවක, ප්‍රධානියාගේ බිරියන් හෝ දියණියන් තමාට ලැබිය යුතු බව ජනතාව අතර කිසිවෙක් සිතීමට පවා හැකිවේ ද? එවෙනුවට එහි රොක් ව සිටින ජනතාවගේ සිත් තුළ බිය හා පීඩනය පිරී තිබෙන බව නම් නිසැකයි. ඔවුන් සියලු දෙනාම සිදුවිය හැකි අනර්ථය බලාපොරොත්තු වෙන් නිශ්ශබ්දව සිටින බව කවුරුත් දනී. රාත්‍රියේ සිදු වන වැරදි ක්‍රියාවන් සියල්ල ගැන රාජ්‍ය ප්‍රධානියා පසු දින අළුයම දැන ගන්නා බව ජනතාව දැන සිටියේනම්, රාජ්‍ය ප්‍රධානියාගේ දඬුවමට බියෙන් ඔවුන් සියලු වැරදි ක්‍රියාවන්ගෙන් ඈත්ව සිටින බව නිසැකව කිව හැක.

කෙසේවෙතත් මෙවැනි නිදසුන්ට වඩා අල්ලාහ් උතුම්ය. මන්ද, රාජ්‍ය නායකුගේ දැනමට අල්ලාහ්ගේ දැනුම ඉතාමත් විශාලය. අල්ලාහ් මහත් ශක්තියෙන් යුක්තය. ඉතාමත් දැඩි ලෙස දඬුවම් දීමට හැකියාව සහිතය. තවද, තමා තහනම් කළ දේ පිළබඳව වැඩි සැලකිලි දක්වන්නේය. මෙයට එකඟව අල්ලාහ් සර්වඥානය, සියල්ල දකින්නේය යනුවෙන් විශ්වාස කරන මිනිසා කිසි විටෙක පාප ක්‍රියාවන්ට ළඟා වන්නේ නැත.

අල්ලාහ් මිනිසාව මැවීමේ එකම අරමුණ, මිනිසා ඔහුගේ ආඥාවට අවනත ව ජීවත් විය යුතුය යන්නයි.

وماَ خَلَقتُ الجِن والإنْسَ إلا لِيَعْبُدوْنَ (الذارات/56)

“මා නැමදුම් කිරීමට මිස ජින් සහ මනුෂ්‍ය වර්ගයා නොමැව්වෙමි.” සූරා අද් දාරියාත්: 56 වාක්‍ය ඉතා පැහැදිලිව පවසයි.

පහත සදහන් වාක්‍ය මේ බව තවත් පැහැදිලි කරයි.

لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا ﴿٧/ الكهف﴾

“ඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් යහපත් වන්නේ කවුරුන්දැයි අපි පරීක්ෂා කරනු පිණිස මිහිතලය මත ඇති දෑ අපි එයට අලංකාරමත් කළෙමු.” සූරා කහ්ෆ් 11:7.

وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْ‌ضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْ‌شُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ (هود/ 7)

“ඔහුය අහස්ද පොළොවද දින (කාලය) හයක දී නිර්මාණය කෙළේ. ඔහුගේ “අර්ෂ්” ජලයට ඉහළින් වුයේය. ඔබගෙන් කවරෙක් ක්‍රියාවෙන් ඉතා හොඳ දැයි ඔබ පිරික්සනු පිණිස” සූරා හූද් 11:7.

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ (الملك/2)

“නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය හා ජිවිතය නිර්මාණය කළේය.” සූරා මුල්ක් 67:2

මෙයට එකඟව මිනිසා නිර්මාණය කරනු ලැබුවේ, ඔහු එක් දෙවියෙකුට පමණක් නැමදුම් කළ යුතුය යන හේතුවෙන්ය. නිසියාකරව ඉටු කරන නැමදුම් පමණක් අල්ලාහ් පිළිගන්නා බව මෙයින් අදහස් වන්නේය. එසේ නොවන වෙනත් නැමදුම් ක්‍රම කිසිවක් අල්ලාහ් පිළිගන්නේ නැත. මෙනිසා පිළිගනු ලබන නැමදුම් කෙසේ සිදුවිය යුතු ද යනු පෙන්වා දෙනු පිණිස නබි (සල්) තුමාණන් වෙත පැමිණි ජිබ්රීල් (අලෛ)أَخْبِرْنِي عَنِ الإحْسَانِ’ ‘ඉහ්සාන් යනු කුමක් දැයි මට පවසන්න’ යනුවෙන් පැවසීය.

ජිබ්රීල් (අලෛ) මෙලෙස නබි (සල්) තුමාණන්ගෙන් විමසුවේ ඉහ්සාන් පදනම් කර ගත් නැමදුම පමණක් අල්ලාහ් පිළිගන්නා බැවිනි. එයට නබි (සල්) තුමාණන්,

أنْ تَعْبُدَالله كأنكَ تَرَاهُ فَإنْ لَمْ تَكُنْ تَرَاهُ فَإنهُ يَرَاكَ

“අල්ලාහ් දෙස ඔබ බලනවාක් මෙන් ඔහුට නැමදුම් කිරීමවේ. ඔබ අල්ලාහ්ව නුදුටවත්, සැබැවින්ම ඔහු ඔබව දකින්නේය.” යන හැඟීම සහිතව නැමදුම් කිරීම යනුවෙන් නබි (සල්) තුමාණන් පිලිතුරු දුන්හ.

අපි නැමදුම් කරන අවස්ථාවන්හි අල්ලාහ් දෙස සෘජුව බලනවාක් මෙන් අපට සිතෙනවා නම් හෝ අප දෙස අල්ලාහ්ගේ අවධානය යොමු වී තිබෙන බව සිතුනේ නම්, එම නැමදුම පිරිසිදු හා ජීවමාන එකක් බවට පත්වේ. අල්ලාහ් පිළිගනුයේ මෙවැනි නැමදුමයි. එමෙන්ම පාපයක් සිදු කරන්නට සූදානම් වන කෙනෙක් තුළ ඉහ්සාන් නම් තත්වය හට ගත්තේ නම් ඔහු එම පාප ක්‍රියාව නොකර එයින් මිදෙන්නට වග බලා ගනී.

මෙවැනි ඉහ්සාන් තත්ත්වය මිනිසාගේ සිත් තුළ හට ගන්නේ නම් එය ඔහුට යහ මාර්ගය පෙන්වන උපදේශකයෙකු ලෙස පත්වන හෙයින් අල් කුර්ආනය මේ පිළිබඳ ව වැඩි අවදානම් දකවයි. කුර්ආලයේ ඕනෑම පිටුවක් දෙස ඔබ බැලුවත් මෙවැනි උපදෙස් තිබෙන බව ඔබට දැක ගත හැකි වේ. මෙවැනි හැඟීම් වර්ධනය කර කුර්ආන් වාක්‍ය කිහිපයක් දෙස අවධානය යොමු කරමු.

وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَ‌بُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِ‌يدِ ﴿١٦﴾ إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ ﴿١٧﴾ مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَ‌قِيبٌ عَتِيدٌ ﴿١٨/ق﴾

“තවද සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. ඔහුගේ ආත්මාව සිතන දෑ අපි දනිමු. තවද අපි (ගෙලෙහි) ශීර්ෂ ශීරාවට වඩා ඔහුට සමීපයෙන් සිටිමු.”

“දකුණු පසින්ද වම් පසින් ද හිඳ සටහන් කරන දෙදෙනා සටහන් කරන කල්හී.”

“නිවැරදිව සටහන් කරන්නන් ඔහු අබියස (සටහන් කරමින්) මිස කිසිඳු වදනක් ඔහු (මිනිසා) උච්චාරණය නොකරන්නේය.” සූරා අල් අඃරාෆ් 50:16 සිට 18 දක්වා.

فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَ ﴿٧/الأعراف ﴾

“ඔවුන් කළ දැය ගැන දැනුමෙන් අපි කියා පාන්නෙම්ය. අපි ඉදිරිපිට නොවුවෝ නොවෙමු.” සූරා අඃරෆ් 7:7.

وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْ‌آنٍ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّ‌بِّكَ مِن مِّثْقَالِ ذَرَّ‌ةٍ فِي الْأَرْ‌ضِ وَلَا فِي السَّمَاءِ وَلَا أَصْغَرَ مِن ذَلِكَ وَلَا أَكْبَرَ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ ﴿٦١/يونس﴾

“තොපි එහි යෙදෙන කල්හි අපි එහි සාක්ෂිව හිඳ මිස නුඹ කිසි කාර්යයෙන්හි නොවෙති. කුර්ආනයෙන් - නුඹ සමුදිරණය නොකරන්නෙහිය. නුඹ ත්‍රියාවන් නොකරන්නෙහුය. පොළොවෙහිද අහස්හිද අණුවක බරක් හෝ එයින් අඩුව හෝ වැඩිය හෝ පැහැදිලි ලේඛනයෙහි මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවී නැත.” සූරා යූනුස් 10:61.

أَلَا إِنَّهُمْ يَثْنُونَ صُدُورَ‌هُمْ لِيَسْتَخْفُوا مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّ‌ونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ﴿٥/هود﴾

“ඔහු (අල්ලාහ්)ගෙන් සඟවනු පිණිස ඔවුහු ඔවුන්ගේ හදවත් හකුළුවති. ඔවුන් තමන් වස්ත්‍රයෙන් පොරවා ගන්නා කල්හි ම ඔවුන් සඟවන දැය ද ඔවුන් එළිදරව් කරන දැය ද ඔහු (අල්ලාහ්) දන්නේය. සැබැවින්ම ඔහු සිත් හි දැය දන්නේය.” සූරා හූද් 11:5.

 v  කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම.

යම් ක්‍රියාවක් පිළිගනු ලැබීම සඳහා එහි කරුණු තුනක් ඇතුළත් වී තිබිය යුතු බව අල් කුර්ආනය පැහැදිලි කරයි. ඒවායින් එකක හෝ වෙනසක් සිදුවුයේ නම් එම ක්‍රියා කරන්නාට එයින් කිසිදු යහපතක් සිදු නොවනු ඇත.

ප්‍රථම කරුණු:

කෙනෙක් සිදු කරන ක්‍රියාව, මුහම්මද් රසූල් (සල්) තුමාණන් රැගෙන ආ කරුණු සමඟ එකඟ විය යුතුය. මේ බව පහත සඳහන් කුර්ආන් වැකි තහවුරු කරයි.

 وَمَا آتَاكُمُ الرَّ‌سُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا ۚ(الحشر/7)

“ඔහු (රසූල් වරයා) නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේ ද එයින් වැළකී සිටිවු.” සූරා හෂර් 50:7.

مَّن يُطِعِ الرَّ‌سُولَ فَقَدْ أَطَاعَ اللَّهَ ۖ (النساء/80 )

“කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය.” සූරා අන් නිසා 4:80.

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي (آل عمران/31)

(නබිවරය! පවසනු) නුඹලා අල්ලාහ් ව ප්‍රිය කරන්නන් ව සිටියේ නම් නුඹලා මා අනුගමනය කරනු.” සූරා ආල ඉම්රාන් 3:31.

أَمْ لَهُمْ شُرَ‌كَاءُ شَرَ‌عُوا لَهُم مِّنَ الدِّينِ مَا لَمْ يَأْذَن بِهِ اللَّهُ ۚ (الشورى/21)

“දහමින් අල්ලාහ් කවර දෙයක් පිළිබඳ ව අනුමැතිය නුදුන්නේද එවැන්නක් ආගමානුගත කරන හවුල්කරුවන් ඔවුනට වෙත් ද?” සූරා ෂුවරා 42:21.

آللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى اللَّهِ تَفْتَرُ‌ونَ ﴿٥٩/يونس(

“අල්ලාහ් ඔබට අවසර දුන්නේද? නැතහොත් ඔබ අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහුදැ? යි පවසන්න!” සුරා යූනුස් 10:59

දෙවැනි කරුණු: කෙනෙක් සිදු කරන ක්‍රියාවන් සියල්ල අල්ලාහ් සඳහාය යන පිරිසිදු අපේක්ෂාවෙන් සිදු විය යුතුය. මේ බව පහත සඳහන් කුර්ආන් වැකි පැහැදිලි කරයි.

وَمَا أُمِرُ‌وا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ (البينة/5)

“අල්ලාහ්ට භක්තිය සුවිශුද්ධව කරමින්, සෘජුව ද සළාහ් හි නිරතව ද සකාත් දෙමින් ද, අල්ලාහ් ට නමදින්නට මිස ඔවුහු නොඅණ වන ලද්දෝය.ඒ ය සෘජු මාර්ගය.” සූරා බය්යිනා 98:5

قُلْ إِنِّي أُمِرْ‌تُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ ﴿١١﴾ وَأُمِرْ‌تُ لِأَنْ أَكُونَ أَوَّلَ الْمُسْلِمِينَ ﴿١٢﴾ قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَ‌بِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴿١٣﴾ قُلِ اللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُ دِينِي ﴿١٤﴾ فَاعْبُدُوا مَا شِئْتُم مِّن دُونِهِ ۗ (الزمر/11,15 )

“සැබැවින්ම දහමෙහි අල්ලාහ්ට චිත්ත ඒකාග්‍රතාවෙන් ඔහුටම නැමදුම් කරන ලෙස මට අණ කරනු ලැබුවෙමි.” යයි (නබිවරයාණනි!) පවසවු.

තවද මා මුස්ලිම්වරුන් (අවනත වන්නන්) ගෙන් ප්‍රථමයා වන ලෙස මට අණ කරනු ලැබුවෙමි.”

“මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් සැබැවින්ම මහත් වූ දිනයක දඬුවමට මම බිය වෙමි යැයි පවසනු.”

“මාගේ දහමෙහි අල්ලාහ්ට චිත්ත ඒකාග්‍රතාවෙන් ඔහුටම නැමදුම් කරන්නෙමි‘ යැයි පවසනු.”

“එබැවින් ඔහු හැර නුඹලා අභිමත කළ දෑ නුඹලා නැමදුම් කරවු. ‘සැබැවින්ම (මළවුන් කෙරෙන්) නැගිටවනු ලබන දිනයෙහි ඔවුන්ටම හා ඔවුන්ගේ පවුලේ අයට අලාභ හානි කරගත්තන් අලාභවන්තයින්ය. දැන ගනු, පැහැදිලි අලාභය එය යැ‘ යි පවසවු.” සූරා zසුමරා 39;11 සිට 15 දක්වා.

තුන්වැනි කරුණු: කෙනෙක් සිදු කරන ක්‍රියාවන් නිවැරදි අකීදාව මත පදනම් විය යුතුය. එයට හේතුව ක්‍රියාවක් නිවසක වහලක් මෙන්ය. අකීදා එම නිවසේ අත්තිවරම හා සමානය. එහෙයින් ක්‍රියාවක් පිළි ගනු ලබනු පිණිස එහි පසුබිම දේව විශ්වාසය අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය. පහත සදහන් වැකි මේ බව තහවුරු කරයි.

وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فأُولئك يَدْخُلُوْنَ الْجَنةَ (النساء/124)

“පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිටිය දී යහකම් අතුරින් කවරෙකු හෝ යහපත කරන්නේ නම් එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති.” සූරා අන්නිසා 4:124.

ගැත්තෙකුගේ සියලු යහ ක්‍රියාවන් පිළි ගනු ලැබීමටද එම මාර්ගයෙන් ඔහු ස්වර්ගයට පිවිසීමටද හේතු වන්නේ ඔහුගේ ක්‍රියාවන් ඊමාන් හෙවත් දේව විශ්වාසය සහිත ව සිදු කළ යුතුව තිබේ. මෙය පිළිබඳ ව وهومؤمن ඔහු ඊමාන් සහිතව සිටි මොහොත යන වචන පැහැදිලි කරයි. තවද ඊමාන් නොමැති කෙනෙකුගේ යහ ක්‍රියාවන් ඔහුට කිසිදු ඵලක් ගෙන නොදෙන බව පහත සඳහන් කුර්ආන් වැකි පැහැදිලි කරයි.

وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَّنثُورً‌ا ﴿٢٣/الفرقان﴾

“ක්‍රියාවෙන් ඔවුන් කළ දේ වෙත අපි යොමු වන්නෙමු. පසුව එය විහිදුවනු ලැබු දූවිලි බවට පත් කරන්නෙමු.” සූරා අල් ෆුර්කාන් 25‍්:23.

أُولَـئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَ‌ةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَّا كَانُوا يَعْمَلُونَ ﴿١٦/هود﴾

“ඒ අය - ඔවුනට පරලොවෙහි ගින්න මිස නැත. එහි ඔවුන් කළ දැය නිෂ්ඵලය. ඔවුන් කරමින් හුන් දැය නිරර්ථකය.” සූරා හූද් 11:16.

ඊමාන් විරහිත ව කෙනෙක් කරන කුසල් ක්‍රියාවන් පිළි ගනු නොලබන බව සඳහන් කරන අල් කුර්ආන් වැකි තවත් කිහිපයක් අල් කුර්ආනයේ දක්නට තිබේ.

 v  අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය ක්‍රියා වේ යෙදීම පිළිබඳ විස්තර.

මෙවැනි පියවරක් ප්‍රසිද්ධියේ කරන දේව ප්‍රතික්ෂේපය සහ අල්ලාහ්ට අදේශ තැබීමක් බව අල් කුර්ආනය පැහැදිලි ව සඳහන් කරයි. “එළුවෙක් මරණයට ලක් වූ විට, එම එළුවා මැරුවේ කවුරුන්දැ?” යි රසූල් (සල්) තුමාණන්ගෙන් ප්‍රශ්න කරන ලෙස කාෆිර්වරුන්ගේ සිත් තුළ ෂෙයිතාන් චලනයක් ඇති කළේය. කාෆිර්වරු මේ බව විමසු විට නබි (සල්) තුමාණන් “අල්ලාහ් ඔහු ව ඝාතනය කළේ යැ” යි පිළිතුරු දුන්හ. එවිට “ඔබගේ දෑතින් කැපු දේ හලාල් යනුවෙන්ද. අල්ලාහ්ගේ අතින් මරණයට ලක් කළවුන් හරාම් හෙවත් තහනම් බවද පත් කරන්නේ නම්, අල්ලාහ්ට වඩා ඔබ සැම උතුම් බවට පත් වුනා දැ” යි නබි (සල්) තුමාණන්ගෙන් ප්‍රශ්න කරන ලෙස කාෆිර්වරුන්ගේ සිත් තුළ ෂෙයිතාන් චලනයක් සිදු කළේය. මූලාශ්‍ර අබු දාවුද් සහ තිර්මිදි.

وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِ‌كُونَ ﴿١٢١/الأنعام)

(නබි තුමාණනි!) ඔබ සමඟ විවාද කිරීමට ඔවුන්ගේ මිතුරන් පොලඹවන්නෝය. ඔබ ඔවුනට කීකරු වුවහොත් සැබැවින්ම ඔබ සමානයක් තබන්නෙහිමය.” සූරා අන්ආම් 6:121

මෙම වාක්‍යයෙහි إنكم لمشركون - සැබැවින්ම ඔබ සැම අල්ලාහ්ට සමාන තබන්නන්ය යන වදන මගින් ‘අල්ලාහ්ගේ ආඥාවට එරෙහි ව ක්‍රියා කරන්නෙක් සැබැවින් ෂෙයිතාන්ට අවනත වන මුෂිරික්වරු බවට අල්ලාහ් ශබ්ද නගා දිවුරා පවසයි. එබැවින් මළ සතුන්ගේ මාංශ ආහාරයට ගැනීම තහනම් හෙවත් හරාම් බව පත් කර තිබිය දී කවරෙකු හෝ එය හලාල් නම් අනුමත කළ ආහාරයක් ලෙස ගන්නේ නම්, එය ෂිර්ක් බවට පත් වේ. එපමණක් නොව, එවැනි ක්‍රියාවක් තුළින් කෙනෙක් ඉස්ලාමයෙන් බැහැර කරනු ලබන බව මුස්ලිම්වරු ඒකමතික තීරණයේ සිටිති. තවද, මෙවැනි මහත් පාපයක් සිදු කරන්නන්ගෙන් මරණයෙන් පසු අල්ලාහ් මෙලෙස ප්‍රශ්න කරයි.

 أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ﴿٦٠﴾ وَأَنِ اعْبُدُونِي ۚ هَـذَا صِرَ‌اطٌ مُّسْتَقِيمٌ ﴿٦١/يس﴾

“ආදාම්ගේ පුතුනුවනි! ෂෙයිතාන් ව නුඹලා නොනමදිනු. සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි සතුරෙකි. නුඹලා(ගේ දෙවියන් වන) මාහටම නමදිනු. එයයි සෘජු මාර්ග වන්නේ යැයි නුඹලා සැම සමඟ මම ගිවිසුමක් නොකළෙම් ද? ” සුරා යාසින් 36:60, 61 යනුවෙන් ප්‍රශ්න කර ඔවුන් නින්දාවට පත් කරන්නේය.

තවද අල්ලාහ්ගේ කලීල් හෙවත් සමිපතම මිතුරා වන ඉබ්‍රාහිම් (අලෛ) තුමා. තම පියාගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.

يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ ۖ(مريم/44)

“අහෝ මාගේ පියාණනි! ඔබ ෂෙයිතාන්ට නැමදුම් නොකරන්න.” සූරා මර්යම් 19:44.

මෙලෙසම අල්ලාහ්ගේ අණට එරෙහි ව ෂෙයිතාන්ට නැමදුම් නොකළ යුතු බව පහත සඳහන් වැකි තරයේ පවසයි.

إِن يَدْعُونَ مِن دُونِهِ إِلَّا إِنَاثًا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَانًا مَّرِ‌يدًا ﴿١١٧/النساء)

(අල්ලාහ් වන) ඔහුගෙන් තොර ව කාන්තාවන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද (සියලු යහකම් වලින්) බැහැර කරනු ලැබූ  ෂෙයිතාන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත.” සූරා අන් නිසා 4:117.

وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِ‌كِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَ‌كَاؤُهُمْ (الأنعام/137)

“මෙ පරිද්දෙන් සමානයන් තබන්නවුන්ගෙන් වැඩි දෙනෙකුට ඔවුන්ගේ දරුවන් ඝාතන කිරීම ඔවුන්ගේ මිතුරන් (වූ ෂෙයිතාන්වරු)ට අලංකාර කළෝය.” සූරා අන්ආම් 6:137.

اتَّخَذُوا أَحْبَارَ‌هُمْ وَرُ‌هْبَانَهُمْ أَرْ‌بَابًا (التوبة/31)

“අල්ලාහ් හැර ඔවුන් තම ආගමික උපදේශකයින්ද, සන්‍යාසීන්ද ඔවුහු තම පරමාධිපති වශයෙන් පත් කර ගත්හ.” සූරා තව්බා 9:31

ألَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ يُرِ‌يدُونَ أَن يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُ‌وا أَن يَكْفُرُ‌وا بِهِ وَيُرِ‌يدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا ﴿٦٠ /النساء)

“නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට පවසමින් සිටි අය දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. එය ප්‍රතික්ෂේප කරන ලෙස සැබැවින්ම ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන් ව මුළා කිරීමට අපේක්ෂා කරයි.” සූරා අන්නිසා 4:60.

وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَـئِكَ هُمُ الْكَافِرُ‌ونَ ﴿٤٤/المائدة﴾

“කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ.” සූරා මාඉදා 5:44

أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا ۚ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّ‌بِّكَ بِالْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِ‌ينَ ﴿١١٤/الأنعام﴾

“ඔහු විස්තර සහිත පුස්තකය (අල් කුර්ආනය) ඔබ වෙත පහළ කර තිබිය දී අල්ලාහ් හැර අන් විනිශ්චයකරුවෙකු මම ගන්නෙම් ද? එය නුඹගේ පරමාධිපති විසින් සත්‍යයෙන් යුක්ත ව පහළ කරන ලද්දක් බව, අප ඔවුනට පුස්තකය දෙනු ලැබුවන් දනිති. එහෙයින් සැක කරන්නන්ගෙන් නොමවවු.” සූරා අන් ආම් 6:114.

 وَتَمَّتْ كَلِمَتُ رَ‌بِّكَ صِدْقًا وَعَدْلًا ۚ لَّا مُبَدِّلَ لِكَلِمَاتِهِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ﴿١١٥/الأنعام)

“නුඹගේ පරමාධිපතිගේ වාක්‍යය සත්‍යයෙන් ද යුක්තියෙන් ද පරිපූර්ණය. ඔහුගේ වාක්‍යය වෙනස් කරන්නෙක් නැත. ඔහුය අසන්නේ, දන්නේ.” සූරා අන් ආම් 6:115

أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ ﴿٥٠/المائدة﴾

“ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා අලංකාර වන්නේ කවුරුද?” සූරා මායිදා 5:50.

 සමාජයේ මිනිසාගේ තත්ත්වය.

සමාජයේ ජීවත් වන සියලු ජනයා ම එකම තරාතිරමට අයත් වන්නෝ නොවෙති. එහෙයින් ඔවුන් අතර පවතින ඊර්ෂ්‍යාව, වංචනීය අදහස් වැනි දේ ඉවත් කර ආලෝකමත් මාර්ගයක් අල් කුර්ආනය පෙන්වා දෙයි. මේ සඳහා සමාජ නායකයාට කුර්ආනය කරනු ලබන ආඥා කිහිපයක් පිළිබද ව සිත් යොමු කරන්න.

 وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ ﴿٢١٥/اللشعراء﴾

“විශ්වාසවන්තයින් අතරින් නුඹ ව අනුගමනය කරන්නන්ට නුඹගේ (දයාවේ) පියාපත් හෙළනු.” සූරා ෂුඅරා 26:215.

فَبِمَا رَ‌حْمَةٍ مِّنَ اللَّهِ لِنتَ لَهُمْ ۖ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانفَضُّوا مِنْ حَوْلِكَ ۖ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْ‌هُمْ فِي الْأَمْر (آل عمران/159)

“අල්ලාහ්ගෙන් පහළ වු දයාලු භාවය ගැන නුඹ ඔවුනට මොළොක්හිය. අල්ලාහ්ගෙන් වූ කරුණා ව හේතුවෙන් නුඹ ඔවුනට මෘදු ව කටයුතු කළෙහිය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත් ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කරුණ වල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු.” සූරා ආලු ඉම්රාන් 3:159.

සමාජයේ නායකයෝ ජනතාව සමඟ කෙසේ හැසිරිය යුතු දැ යි අල් කුර්ආනයේ මෙම වාක්‍යයෙන් අණ කරන අතර, ජනතාව තම සමාජයේ නායකයින් සමඟ කෙසේ කටයුතු කළ යුතුදැයි පහත සඳහන් වාක්‍ය පහදා දෙයි.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّ‌سُولَ وَأُولِي الْأَمْرِ مِنكُمْ ۖ (النساء/59)

“විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද බලය ඇත්තවුනට ද අවනත වනු.” සූරා අන් නිසා 4:59.

අනතුරුව දරුවන්, බිරියන් වැනි එක් එක් පුද්ගලයන් සම්බන්ධ හැසිරීම් පිළිබඳ ව අල් කුර්ආන් ප්‍රකාශ කරන අණ කුමක් දැයි බලමු.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارً‌ا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَ‌ةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ اللَّهَ مَا أَمَرَ‌هُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُ‌ونَ ﴿٦/التحريم)

“විශ්වාස කළවුනි! නුඹලාව ද නුඹලාගේ පවුලේ අය ද (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනිවු. එහි ඉන්ධන මිනිසුන් හා ගල් වේ. එය මත දැඩිභාවයෙන් යුත් ශක්තිවන්ත වූ මලක්වරුන් සිටිති. අල්ලාහ් ඔවුන්ට විධානය කළ දැයට ඔවුහු පිටුනොපාන අතර ඔවුන්ට විධානය කරනු ලබන දෑ ඔවුහු ඉටු කරති. ” සූරා තහ්රීම් 66:6.

විවිධ සංවිධානයන්හි ප්‍රධානීන් තමා භාරව සිටින අය සමඟ වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු බව පහත සඳහන් කුර්ආන් වාක්‍ය පැහැදිලි කරයි.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُ‌وهُمْ ۚ وَإِن تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُ‌وا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّ‌حِيمٌ ﴿التغابن/١٤﴾

“විශ්වාස කළවුනි! සැබැවින්ම නුඹලාගේ භාර්යාවන් අතුරින් ද දරුවන් අතුරින් ද නුඹලාට සතුරන් සිටිති. එබැවින් ඔවුන්ගෙන් ප්‍රවේසම් වනු. නුඹලා (ඔවුනට) සමාව දී නොසලකා හැර ක්‍ෂමාව පිරිනැමුවේ නම් සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශිලීය පරම කරුණාභරිතය.” සූරා අල් තඝාබුන් 64:14.

සමාජයේ ජීවත් වන සෑම පුද්ගලයෙක්ම තමන් අතර සාධාරණ ව කටයුතු කරන්නේ කෙසේ දැ යි පහත සදහන් කුර්ආන් වාක්‍යය පැහැදිලි කරයි.

إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْ‌بَى وَيَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُ‌ونَ ﴿٩٠/النحل﴾

“සැබැවින්ම අල්ලාහ් සාධාරණත්වය ද යහකම් ද ඥාතින්ට පිරිනැමීම ද අණ කරයි. තවද අශික්ෂිත දැයින් ද පැළිකුල් සහගත දැයින් ද සීමා ව ඉක්මවා යෑමෙන් ද වළක්වා ලන්නේය. නුඹලා මෙනෙහි කර ගන්නන් වනු පිණිස නුඹලාට ඔහු උපදෙස් දෙන්නේය.” සූරා අන් නහ්ල් 16:90

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرً‌ا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا (الحجرات/12)

“විශ්වාස කළවුනි! බොහෝ (අවිනිශ්චිත) සිතුවිලි වලින් වැළකී සිටිනු. සැබැවින්ම ඇතැම් සිතුවිලි පාපයක්මය.” සූරා හුජරාත් 49:12.

 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَى أَن يَكُونُوا خَيْرً‌ا مِّنْهُمْ وَلَا نِسَاءٌ مِّن نِّسَاءٍِ عَسَى أَن يَكُنَّ خَيْرً‌ا مِّنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَن لَّمْ يَتُبْ فَأُولَـئِكَ هُمُ الظَّالِمُونَ ﴿١١/الحجرات﴾

“විශිවාස කළවුනි! එක් පිරිසක් තවත් පිරිසකට උපහාස නොකරවු. (උපහාසයට ලක් වූ) ඔවුන් (උපහාස කළ) ඔවුන්ට වඩා යහපත් අය විය හැකිය. ඇතැම් කාන්තාවන් අන් කාන්තාවන්ට උපහාස නොකරවු. (උපහාසයට ලක් වූ) ඔවුන් (උපහාස කළ) මොවුන්ට වඩා යහපත් අය විය හැකිය. නුඹලා නුඹලා අතරම අඩුපාඩු නොසොයනු. නුඹලා එකිනෙකාට විකට නමින් නොඅමතනු. විශ්වාස කළායින් පසු ව පාපතර නාම (යෙන් ඇමතීම) නින්දා සහගත විය. කවරෙකු හෝ පශ්චාත්තාප නොළේ ද ඔවුන්මය අපරාධකරුවෝ වන්නේ.” සූරා හුජරාත් 49:11.

وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ (المائدة/2)

“තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු.” සූරා මාඉදා 5:2

وَأَمْرُ‌هُمْ شُورَ‌ى بَيْنَهُمْ (الشورى/38)

“ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා කරති.” සූරා අෂ් ෂුවරා 42:38.

කුමන සමාජයක් හෝ වේවා, තම සාමජිකයින් අතරින් ඇතැම් අයගේ අයහපත් හා සමාජ විරෝධි ක්‍රියාවන්ගෙන් ආරක්ෂාව පිළිබ ව සහනයෙන් ජීවත් විය නොහැක. ඔවුන්ගෙන් කවරෙකු හෝ සමාජයට හානියක් සිදු නොවන අවස්ථාවක් නොමැති බව ස්ථිරව පැවසිය නොහැක. සමාජයේ මෙවැනි රෝගීන් පිළිබඳ ව අල් කුර්ආන්හි ස්ථාන තුනක අල්ලාහ් සඳහන් කර ඇත. මෙවැනි අය කළ වරද අමතක කර ඒවා වෙනුවෙන් යහ ප්‍රතිචාරය දැක්වීම එයට නිවාරණය බවද, ෂෙයිතාන්ගෙන් පැන නගින හානිය විනාශ කිරීම සඳහා එකම විකල්පය ලෙස අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන ලෙසද අල්ලාහ් පහදා දී ඇත. එවැනි ක්‍රියා මාර්ගය පිළිබඳ ව සූරා අඃරෆ් හි පහත සඳහන් වාක්‍ය පවසයි.

خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْ‌فِ وَأَعْرِ‌ضْ عَنِ الْجَاهِلِينَ ﴿١٩٩/الأعراف﴾

“සමාව දීම අනුගමනය කරනු. යහ දැය අණ කරනු. අඥානයින් නොතකා ඔවුන්ගෙන් දුරු වනු.” සූරා අල් අඅරෆ් 7:199.

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۚ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿٢٠٠/الأعراف﴾

“ෂෙයිතාන්ගෙන් පෙළඹවීමකින් නුඹ ඇවිස්සවුහොත් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබැවින්ම ඔහු සියල්ල අසන්නේය. දකින්නේය.” සූරා අඅරෆ් 7:200.

මේ පිළිබඳ ව දෙවන අවස්ථාව සූරා අල් මූමිනූන් හි සඳහන් වී ඇත.

إدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ ﴿٩٦/المؤمنون﴾

“කුමන දෙයක් වඩා යහපත් වන්නේ ද එයින් පාපය ඉවත් කරනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳ ව මැනවින් දන්නේ අපමය.” සූරා මූමිනූන් 23:96.

وَقُل رَّ‌بِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ ﴿٩٧﴾ وَأَعُوذُ بِكَ رَ‌بِّ أَن يَحْضُرُ‌ونِ ﴿٩٨ المؤمنون﴾

“පවසනු. මාගේ පරමාධිපතියාණනි! ෂෙයිතානුන්ගේ පොලඹවීම් වලින් මා ඔබෙන් ආරක්ෂාව පතමි. තවද, මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත පැමිණීමෙන් මා ඔබෙන් ආරක්ෂාව පතමි.” සූරා මූමිනූන් 23 : 97,98.

මෙම විෂය පිළිබඳ තුන් වැනි අවස්ථාව සූරා ෆුස්සිලාත්හි ඔබට දැකගත හැක.

ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ ﴿٣٤﴾ وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُ‌وا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ ﴿٣٥/فصلت﴾

“යහපත් හා අයහපත් සම නොවන්නේය. (එබැවින්) කවරෙක් යහපත් වන්නේ ද එයින් (අයහපත) වළක්වනු. එවිට නුඹ අතර හා කවරෙකු අතර සතුරුකම තිබුණේ ද සැබැවින් ම ඔහු සමිපතම මිතුරෙකු මෙන් වන්නේය.”

“මෙය ඉවසු අයට මිස (අන් අයට) දෙනු නොලැබේ. තවද මහත් වූ භාග්‍යය හිමි අයට හැර දෙනු නොලැබේ.” සූරා ෆස්සිලාත් 41:34,35.

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ ﴿٣٦/فصلت﴾

“තවද, සැබැවින්ම නුඹට ෂෙයිතාන්ගෙන් හානියක් ඇති වන්නේනම්, එවිට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබැවින්ම ඔහුමය සර්ව ශ්‍රාවකය, සර්ව ඥනීය.” සුරා ෆුස්සිලාත් 42:36.

සතුරන් සහ වරද කරන්නන් සමඟ කරුණාවෙන් සහ විනීත ව කටයුතු කිරීම පොදුවේ යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව කිසිදු සැකයක් නැත. එහෙත් එවැනි හැසිරීම සෑම අවස්ථාවකම සාර්ථක ප්‍රතිඵලයක් ගෙන දෙන බව කිව නොහැක. එ බැවින් විනීත ව හැසිරිය යුතු අවස්ථාවන්හි දැඩි ලෙස හැසිරීම වැරදි වන අතර දැඩි ලෙස හැසිරිය යුතු අවස්ථාවන්හි විනීත ව ක්‍රියා කිරීම ද අනුවණය. ඉස්ලාමය විනාශ කිරීමේ අරමුණින් අකාරුණික ව ක්‍රියා කරන ඇතැම් කාෆිර්වරුන් සමඟ ඒ ආකාරයෙන්ම අකාරුණිකව අල් කුර්ආන් හි අල්ලාහ් අණ කරන්නේ මේ හේතුවෙන්ය. මෙවැනි කුර්ආන් වාක්‍යයන් දෙස දැන් නෙත් යොමු කරමු.

فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِ‌ينَ (المائدة/54)

“එවිට අල්ලාහ් තවත් පිරිසක් ගෙන එනු ඇත. ඔහු ඔවුන් ව ප්‍රිය කරයි. ඔවුහු ද ඔහු ව ප්‍රිය කරති. දේව විශ්වාසයන් සමඟ යටහත් පහත් ව කටයුතු කරති. දේව ප්‍රතික්ෂේපකයින් සමඟ ඉතා දැඩි ව සිටිති.” සූරා මාඉදා 5:54

مُّحَمَّدٌ رَّ‌سُولُ اللَّهِ ۚ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُ‌حَمَاءُ بَيْنَهُمْ (الفتح/29)

“මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අල්ලාහ්ගේ රසූල් වරයාය. ඔහු සමඟ සිටින්නවුන් ප්‍රතික්ෂේපකයින් කෙරෙහි ඉතා දැඩි අය ලෙස ද ඔවුන් අතර කරුණාවන්තයින් ලෙස ද සිටිති.” සූරා ෆතහ් 48:29.

يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ (التوبة/73)

“අහෝ නබි තුමාණනි! විශ්වාස නොකරන්නවුන් හා වංචනිකයන් හා සටන් කරනු. ඔවුනට දැඩි ලෙස ක්‍රි කරනු.” සූරා තව්බා 9:73.

 v  සිව් වැනි කරුණ: ආර්ථිකය

ආර්ථික පිළිබඳ ව බොහෝ අංශ වලට අයත් මූලික පදනම් කිහිපයක් පිළිබඳ ව අල් කුර්ආන් පැහැදිලි ව පෙන්වා ඇත.

ආර්ථිකයේ මූලික පදනම් දෙකක් වේ:

1. යහපත් මාර්ගයෙන් ධනය ඉපැයීම.

2. යහපත් මාර්ගයේ ධනය වැය කිරීම.

 فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانتَشِرُ‌وا فِي الْأَرْ‌ضِ وَابْتَغُوا مِن فَضْلِ اللَّهِ وَاذْكُرُ‌وا اللَّهَ كَثِيرً‌ا لَّعَلَّكُمْ تُفْلِحُونَ ﴿الجمعة/١٠﴾

(ජුම්ආ) සලාතය ඉටු කර (අවසන් කර)නු ලැබුවේ නම් මිහිතලයෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ භාග්‍යය (සම්පත්) සොයා ගනිවු.අල්ලාහ් අධික ලෙස මෙනෙහි කරවු. (එමගින්) නුඹලා ජයග්‍රාහකයින් විය හැක.” සූරා ජුම්ආ 62:10.

සමූහ නැමදුම සඳහා සහභාගි වන ජනතාව තම රැකියා සහ ව්‍යාපාර කටයුතු සහ වෙනත් කටයුතු සඳහා බැහැර ව යෑමට අවශ්‍යතාවන් තිබේ. මෙ වැනි භූමිකාව පිළිබඳ ව සැලකිලි දැක්විය යුතුය. හලාල් හෙවත් නිත්‍යනුකූල ව අනුමත කළ ඉපැයීම් සම්බන්ධ ව පහත සඳහන් වාක්‍ය කරුණු පවසයි.

وَآخَرُ‌ونَ يَضْرِ‌بُونَ فِي الْأَرْ‌ضِ يَبْتَغُونَ مِن فَضْلِ اللهِ ۙ ...................(المزمل/20)

“තවත් සමහරෙකු අල්ලාහ්ගේ වරප්‍රසාදයන් සොයමින් මහපොළොවේ සැරිසරමින් සිටිය හැකි...” සූරා මුසම්මිල් 73:20.

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُوا فَضْلًا مِّن رَّ‌بِّكُمْ ۚ (البقرة/198)

“නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය නුඹලා සෙවීම නුඹලා කෙරෙහි වරදක් නොමැත.” සූරා බකරා 2:198.

إِلَّا أَن تَكُونَ تِجَارَ‌ةً عَن تَرَ‌اضٍ مِّنكُمْ ۚ (النساء/29

“නුඹලා අතර එකඟතාවකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තු ව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු.” සූරා අන්නිසා 4:29.

وَأَحَلَّ اللَّهُ الْبَيْعَ (البقرة/275)

“අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළේය.”සූරා බකරා 2: 275.

فَكُلُوا مِمَّا غَنِمْتُمْ حَلَالًا طَيِّبًا ۚ(الأنفال/69)

“එසේ හෙයින් නුඹ යුද්ධයෙන් ලැබු ද්‍රව්‍යයෙන් අනුමත කළ හොඳ දැයින් අනුභව කරනු.” සූරා අන්ෆාල් 8:69.

අපි උපයන ධනය අල්ලාහ් අනුමත කළ මාර්ගයෙන් තිබීම අවශ්‍ය බව මෙලෙස තරයේ පවසන වදන් තවත් කිහිපයක් ඇත. මෙයට අමතර ව, අපේ ධනය වැය කරන විට, නාස්ති කිරීම හෝ මසුරුකම් දැක්වීම හෝ තිබිය යුතු බවද සඳහන් වේ. මේවා දෙක අතර මැද මාවත අනුගමනය කිරීම ආර්ථිකයේ උතුම් ක්‍රමය බව පෙන්වන ලදී. වියදම් කිරීම කෙසේ තිබිය යුතුද යන්න පහත සඳහන් වාක්‍යයන් පෙන්වයි.

وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ (الإسراء/29)

“ඔබගේ අත (කිසිවක් වියදම් නොකර) ඔබගේ ගෙලට බැඳ දමනු ලැබුවක් බවට පත් නොකරනු. සම්පූර්ණ විස්තීරණයකින් එය විවෘත නොකරනු.” සූරා අල් ඉස්රා 17:29.

وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِ‌فُوا وَلَمْ يَقْتُرُ‌وا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا ﴿٦٧/ الفرقان(

“තවද, ඔවුහු වියදම් කරන විට නාස්ති නොකළහ. තවද මසුරුද නොවුහ. ඒ දෙක අතර මධ්‍යස්ථ ව වුහ.” සූරා ෆුර්කාන් 25:67.

وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ(البفرة/219

“තවද තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ යි ද නුඹගෙන් ඔවුහු විමසති. අතිරේක දෑ යැයි පවසනු.” සූරා බකරා 2:219.

අල්ලාහ්ගේ මාර්ගයට එරෙහි ව වියදම් කරන්නන්ගේ ඉරණම කුමක් දැ යි බලමු.

فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَ‌ةً ثُمَّ يُغْلَبُونَ ۗالأنفال36 (

“ඇත්තෙන්ම විශ්වාසය නොකරන අය අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වළක්වන්නට ඔවුන්ගේ ධනය වියදම් කරති. තව තවත් ඔවුහු එය වියදම් කරති. පසු ව එය ඔවුනට ඛේදයක් වන්නේය. ඊට පසු ව ඔවුහු පරාජය කරනු ලබන්නෝය.” සූරා අන්ෆාල් 8:36

 v  හත් වන කරුණ: දේශපාලනය

දේශපාලනයේ පදනම කුමක් විය යුතු දැ යි අල් කුර්ආනයේ අල්ලාහ් පැහැදිලි කර ඇත. දේශපාලනය කරුණු දෙකකින් සමන්විතය. ඒවා නම් අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ බාහිර ප්‍රත්පත්ති යනුවෙනි. මේවායේ භූමිකාවන් දෙකක් තිබේ.

පළමුව: සතුරන්ගේ උවදුර සැමට මුහුණ දී ඒවා මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය බලය සූදානම් කර තිබීම. මේ ගැන අල්ලාහ් පවසන්නේ මෙසේය.

 وَأَعِدُّوا لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّ‌بَاطِ الْخَيْلِ تُرْ‌هِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ (الأنفال/60)

“අල්ලාහ්ගේ සතුරන්ද නුඹගේ සතුරන්ද මොවුන් හැර අන් අයද තැති ගන්වනු පිණිස නුඹට හැකිතාක් සේනා බලයෙන්ද සන්නද්ධ අසුන්ගෙන්ද සූදානම් කර තබවු.” සූරා අන්ෆාල් 8:60

දෙවනුව:සැබෑ සමගි සම්පන්න ව මේවා ආරක්ෂා කිරීම.

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّ‌قُوا ۚ (آل عمران/103)

“නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තව ද නුඹලා වෙන් ව නොයනු” සූරා අන්ෆාල් 8:103.

وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِ‌يحُكُمْ ۖ (الأنفال/46)

“නුඹලා එකිනෙකා විවාද නොකරනු. (එසේ කළහොත්) නුඹලා දුබල වී අබලන් වන්නහුය.” සූරා අන්ෆාල් 8:46.

තවද සාමය, සටන් කිරීමෙන් වැළකීම සහ ගිවිසුම් කඩ කිරීම වැනි අවස්ථාවන්හි ක්‍රියා කරන්නේ කෙසේ දැ යි අල් කුර්ආනයේ පැහැදිලි කරයි.

فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَى مُدَّتِهِمْ ۚ (التوبة/4)

“නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම ඔවුනට ඉටු කරවු.” සූරා තව්බා 9:4

فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ (التوبة/7)

(ඔබ සම ගිවිසුම් කළවුන්) ඔබට අවංක වන තාක් නුඹද ඔවුන්ට අවංක වනු.” සූරා තව්බා 9:7.

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةً فَانبِذْ إِلَيْهِمْ عَلَى سَوَاءٍ ۚ (الأنفال/58)

“නුඹ ජනතාවගෙන් සම්මුතිය කඩ කිරීමක් බිය වන්නේ නම් (ඔවුන්ගේ සම්මුතිය) ඔවුන් මත සමානයකින් හෙළා දමවු. සැබැවින්ම, අල්ලාහ් ගිවිසුම කඩ කරන (ද්‍රෝහි)න් ප්‍රිය නොකරන්නේය.” සුරා අන්ෆාල් 8:58

وَأَذَانٌ مِّنَ اللَّهِ وَرَ‌سُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِ‌يءٌ مِّنَ الْمُشْرِ‌كِينَ ۙ وَرَ‌سُولُهُ (التوبة/3)

“අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරයා සමානයන් තබන්නන්ගෙන් අත මිදුණේයයි මිනිසුන්ට මහා හජ් දිනයෙහි අල්ලාහ්ගෙන්ද ඔහුගේ රසූල් වරයාගෙන්ද නිවේදනයකි.” සූරා තව්බා 9:3

තවද. ප්‍රතික්ෂේප කළවුන්ගේ ත්‍රකුමන්ත්‍රණ පිළිබඳවද, මුස්ලිම්වරුන්ට එරෙහි ව ඔවුන් සෑම අවස්ථාවක්ම උයෝගි කරන බවද ප්‍රවේශමින් සිටින ලෙසද, සටන් බිමේ නැමදුම් කරන අවස්ථාවන්හි පවා ඔවුන් මුස්ලිම්වරුන්ට පහර දිය හැකි බවද කුර්ආන් අවවාද කරයි. මේ හේතුවෙන්, සටන් බිමේ නැමදුම් කරන යුද භටයින් ආයුධ සන්නද්ධ ව, අවදානම් සහිත ව තම ආගමික වතාවත් ඉටු කළ යුතු බව අල්ලාහ් අණ කරයි.

ياأَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَ‌كُمْ (النساء/71)

“අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව නුඹලා ගනු.” සූරා නිසා 4:71.

وَلْيَأْخُذُوا حِذْرَ‌هُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ الَّذِينَ كَفَرُ‌وا لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ (النساء/102(

“ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ආයුධ ඔවුන් ගත යුතුය. දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානී ව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති.” සූරා අන් නිසා 4:102.

රජයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති:

සමූහ ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීමෙන් අසාධාරණය මුලිණුපුටා දැමීම තුළින් හිමිකරුවන්ගේ මූලික අයිතීන් නිසි ලෙස ලබා දීම ඉස්ලාමීය රජයේ අභ්‍යන්තර ප්‍රතිපත්තිය වේ. මෙම ප්‍රතිපත්තියේ භූමිකාවන් හයක් තිබේ

1. දහම රැකගැනීම:

ඉස්ලාමීය ශරීආවේ මූලික අරමුණ දහම රැක ගැනීමය. “කවරෙකු තම දහම වෙනස් කර ගත්තේ ද (දහමට හානි සිදු කළේ ද) مَنْ بَدل دِيْنَهُ فَاقْتُلُوْهُ ඔහුව ඝාතනය කරනු” යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසුවේ ඒ නිසාමය. තම දහම වෙනස් කර එය විනාශ කිරීමට තැත් කිරීම බරපතළ වරදක් බව මෙම හදීස් වදන අවවාද කරයි. මේ හේතුවෙන් ආගම ආරක්ෂා කිරීම ඉස්ලාමීය රජයේ අභ්‍යන්තර ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසකි.

දෙවනුව ජීවීන් රැක ගැනීම:

අපරාධකරුවන්ට දඬුවම් පමුණුවීමෙන් සහ මිනිස් ඝාතන සඳහා එල්ලුම් ගහ නියම කිරීමෙන් සමාජයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරනු ලැබේ. ඉස්ලාම් හි قِصاَص නම් ප්‍රාණ ඝාතනය සදහා ප්‍රා ඝාතන දඬුවම් දෙනු ලබන නීතිය අල්ලාහ් පනවා ඇත.

كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى ۖ (178)

“අහෝ විශ්වාස කළවුනි ! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්‍රතිචාර දැක්වීම නුඹලාට නියම කරනු ලැබ ඇත.” සූරා බකරා 2:178

وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ (البقرة/179)

 “සමප්‍රතිචාර දැක්වීමෙහි නුඹලාට (ආරක්‍ෂා සහිත) ජීවිතයක් ඇත. අහෝ බුද්ධිමතුනි! (එමගින්) නුඹලා බිය බැතිමතුන් විය හැකිය.” සූරා බකරා 2:179

وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا (الإسراء/33)

“අසාධාරණයට ලක් ව කවරෙකු ව ඝාතනය කරනු ලැබුවේ ද සැබැවින්ම ඔහුගේ භාරකරුට (එහි තීන්දු ලබා දීමේ) බලය පත් කළෙමු.” සූරා අල් ඉස්රා 17:33.

තවද මිනිසාගේ චින්තනය ආරක්ෂා කිරීමද ඉස්ලාමීය රජයේ වගකීමකි. මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කිරීම තුළින් මිනිසාගේ සිතුම් පැතුම් විකෘති වන බව කවුරුත් දනිති. මේවායේ භාවිතය ඉස්ලාම් තහනම් කරන්නේ මේ හේතුවෙන් ය. මත් පැන් පානය කරන්නාට කස පහර හතළිහක් ඉස්ලාම් නියම කරයි.

උත්තරීතර අල්ලාහ් මෙලෙස පවසයි.

يَا أَيُّهَا الَّذِين آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنصَابُ وَالْأَزْلَامُ رِ‌جْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٩٠/المائدة﴾

“අහෝ විශ්වාසකළවුනි ! සුරාව සූදුව පිළිම වන්දනාව හා පේන බැලීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.” සූරා මාඉදා 5:90.

මත් ද්‍රව්‍ය පිළිබඳ ව රසූල් (සල්) තුමාණන් මෙසේ වදාළහ.

كُل مُسْكِر حَرَام, مَاأسْكَرَ كَثِيْرُهُ فَقَلِيْلُهُ حَرَام (إبن ماجة)

“මත් කරන සියලු දේ තහනම් කරන ලදී. එබැවින් ඒවා සුළු ප්‍රමාණයක් හෝ වේවා අධික ප්‍රමාණයක් හෝ වේවා ඒවා සියල්ල හරාම් හෙවත් තහනම් කරන ලදී.” මූලාශ්‍රය ඉබ්නු මාජා.

සිව් වැනි පරම්පරා රැක ගැනිම:

පරපුර අනුපිළිවෙළ, හිමිකම් සම්බන්ධව වෛශ්‍යාකර්මය අවුලක් සිදු කරන හේතුවකි. මේ හේතුවෙන් වෛශ්‍යා කර්මය අවම කිරිම පිණිස විශේෂ දඬුවම් නීති මාලාවක් අල්ලාහ් පමුණුවා ඇත.

الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِّنْهُمَا مِائَةَ جَلْدَةٍ ۖ (النور/2)

“පරපුරුෂ සේවනයෙහි යෙදෙන්නියට ද පරදාර සේවනයෙහි යෙදෙන්නාට ද ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කස පහර සීයයක් බැගින් කස පහර දෙනු.” සූරා නූර් 24:2

පස් වනුව අත්ම ගෞරවය රැක ගැනීම:

සමාජයේ සෑම කෙනෙකුගේම ආත්ම ගෞරවය රැක ගැනීම මුස්ලිම් රජයේ වගකීමකි. පදනම් විරහිත බොරු චෝදනා නගමින් චරිත ඝාතන කරන්නෙකුට කස පහර දෙන ලෙස අල්ලාහ් අණ කරන්නේ ඒ නිසාය.

وَالَّذِينَ يَرْ‌مُونَ الْمُحْصَنَاتِ ثُمَّ لَمْ يَأْتُوا بِأَرْ‌بَعَةِ شُهَدَاءَ فَاجْلِدُوهُمْ ثَمَانِينَ جَلْدَةً (النور/4)

“පතිවත් කාන්තාවන්ට පරපුරුෂ චෝදනා එල්ල කර පසු ව සාක්ෂි හතරක් නොගෙනාවේ නම් එවිට ඔවුනට කස පහර අසුවක් කස පහර දෙනු.” සූරා නූර් 24:4.

හය වැනි දේපළ හා වස්තුන් රැකගැනීම:

මහජනයාගේ  වස්තුන් හා ධනය සොරකම් කරන්නාගේ අත කපා දමන ලෙස අල්ලාහ් අණ කර ඇත.

وَالسَّارِ‌قُ وَالسَّارِ‌قَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِّنَ اللَّهِ ۗ (المائدة/38)

හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑට ප්‍රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙසින් නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. සූරා මාඉදා 5:38.

ඉහත සඳහන් විස්තර වලට එකඟ ව සමාජයේ අභ්‍යන්තර සහ බාහිර සුබ සාධනයේ වග කීම ඉස්ලාමීය රජයක් භාර ගෙන තිබෙන බව පැහැදිලි ව පෙනේ.

 v  අට වන කරුණ: කාෆිර්වරුන්ගේ පාලනය යටතේ මුස්ලිම්වරුන්

රසූල් (සල්) තුමාණන් ජීවිත් වූ ආරම්භක යුගයේ පවා කාෆිර් වරුන්ගේ පාලන ආධිපත්‍යය සහාබාවරුන්ට මහත් ප්‍රශ්නයක් බවට පත් ව තිබුණු බව ඉතිහාසය අපට පවසයි. විශේෂයෙන් උහුද් සටනේ කාෆිර්වරුන්ගේ දැඩි පහර දීමට මුහුණු දුන් මුස්ලිම්වරු මහත් පීඩනයට පත් වුහ. මෙවැනි අවස්ථාවෙහි තමන් සැබෑ දහමේ ජීවත් වන විට, වැරදි මාර්ගය අනුගමනය කරන ප්‍රතික්ෂේප කරණවුන් තමන්ට මෙලෙස හිරිහැර කිරීමට හැකි වන්නේ කෙසේදැ යි සහාබාවරු කනස්සලට පත් වුහ.

මෙම විමසුමට අල්ලාහ් කුර්ආන් වාක්‍ය මගින් පිළිතුරු දුන්නේය.

أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا ۖ قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ (آل عمران/165)

“නුඹලාට (උහද් සටනෙහි) පීඩා ව ඇති වූ කල්හි එමෙන් දෙගුණයක් (බද්ර් සටනෙහි සහභාගී වූ ඔවුනට) ඇති කර තිබිය දී මෙය කෙසේ දැ යි නුඹලා ඇසූහ. මෙය නුඹලා(ගේ වරද) තුළින්ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.” සූරා ආල ඉම්රාන් 3:165

وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ ۖ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَ‌اكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِ‌يدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِ‌يدُ الْآخِرَ‌ةَ ۚ ثُمَّ صَرَ‌فَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ (آل عمران/152)

“අල්ලාහ්ගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිඥාව ඔහු සැබැවින් ම නුඹලාට සැබෑ කළේය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා (නබිතුමාට) පිටුපා එම විෂයෙහි නුඹලා මත භේද ඇති කර ගෙන නුඹලා බියසුලු වූහ. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔහු ඔවුන්ගෙන් හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. තවද අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත කෙනෙකි.” සූරා ආල ඉම්රාන් 3:152

උහුද් සටනේ දී නබි (සල්) තුමාණන්ට සහ සහාබාවරුන්ට සිදු වු පරික්ෂණ සහ හානිය පිළිබව මෙම වාක්‍ය මගින් අපට දැන ගත හැක. සතුරු සේනාව පිටු පසින් පහර දීම වළක්වාලීම පිණිස උහුද් කන්ද මත රණවිරුවන් කිහිප දෙනෙක් ස්ථාන ගත කර තිබුණි. මුස්ලිම් සේනාව සටනේ ආරම්භක අවදියේ ජය ගැනීමද, සතුරු සේනාව තමා සතු සියල්ල හැර දමා පලා යන බවද දුටු කන්ද මත ස්ථාන ගත ව සිටි ඇතැම් මුස්ලිම් රණවිරුවන් රසූල් (සල්) ගේ ආඥාව අමතක කර, සතුරු සේනාව හැර දමා යන ලෞකික වස්තුන් රැස් කරනු පිණිස තමා සිටිය යුතු මුර ස්ථානය හැර දමා ගියෝය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සතුරු සේනාව ආපසු හැරී පැමිණ සැණින් මුස්ලිම්වරුන්ට පහර දෙන්නට පටන් ගත්තෝය. මේ හේතුවෙන් මුස්ලිම්වරුන්ට මහත් හානියට හා විනාශයට මුහුණු දෙන්නට සිදු විය. මෙවැනි බරපතල හානියට හේතු වුයේ මුස්ලිම්වරුන් කිහිප දෙනෙකුගේ වැරදි සහ තණ්හාවයි. එනම් සහාබාවරුන් නබි (සල්) තුමාණන්ගේ ආඥාව අනුගමනය නොකිරීම නිසා යුද පිටියේ මහත් පරික්ෂණයට සහ හානියට මුහුණු දෙන්නට සිදු වු බව අල්ලාහ් අල් කුර්ආයේ පැහැදිලි ව සදහන් කර ඇත. මෙයට එකඟව මුස්ලිම්වරුන් මත කාෆිර්වරු ආධිපත්‍යය ලබන්නට හේතුව මුස්ලිම්වරුන්ම වේ. මුස්ලිම්වරු තම ජීවිත ක්‍රමය නැවත වරක් විචාරයට ලක් කර තම කටයුතු සියල්ල නිවැරදි කළ යුතු බව උහුද් සිද්ධිය අපට උගන්වයි.

 v  නව වන කරුණ: කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල තත්ත්වය සහ එයට විසදුම:

මෙම ප්‍රශ්නයට විසඳුම කුමක් දැ යි අල්ලාහ් කුර්ආනයේ පැහැදිලි ව සඳහන් කර ඇත. අල්ලාහ්ගේ ගැත්තන් පිරිසිදු සිතෙන් තම සියලු කටයුතු ඉටු කරන්නේ නම්, එහි ප්‍රතිඵල වශයෙන් තමන්ට වඩා ශක්තිමත් හා බහුතර සමූහය පවා ජය ගැනීමේ හැකියාව අල්ලාහ් විසින් ඔවුනට දෙනු ලබති. බයිත් අර් රිද්වාන් ගිවිසුම සිදු වු අවස්ථාවේ සහාබා වරුන්ගේ සැබෑ හා පිරිසිදු සිතුවිලි සඳහා අල්ලාහ් ඔවුන්ගේ ඉහ්ඃලාස් නම් තත්ත්වය අගය කොට සලකා ඒ බව සඳහන් කරන්නේ මේ හේතුවෙන්ය.

لَّقَدْ رَ‌ضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَ‌ةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ (18/الفتح)

“සැබැවින්ම ගස යට ඔවුන් නුඹට පක්ෂ ව දිවුරුම් දුන් කල්හි අල්ලාහ් විශ්වාසවන්තයින් පිළිබඳ ව තෘප්තියට පත් වුණේය. තවද ඔවුන්ගේ හදවත් හි ඇති දෑ ඔහු දැන ගත්තේය.” සූරා ෆත්හ් 48:18

තවද, ඔවුන්ගේ පිරිසිදු සිතුවිලි හේතු කොට ගෙන ඔවුන් සිදු කළ නොහැකි කටයුතු පවා සාර්ථකව නිම කිරීමේ හැකියාව හා ශක්තිය පිරිනමන බව අල්ලාහ්ගේ පොරොන්දුව පහත සඳහන් කුර්ආන් වාක්‍යයන් මගින් පැහැදිලි කරයි.

وَأُخْرَ‌ى لَمْ تَقْدِرُ‌وا عَلَيْهَا قَدْ أَحَاطَ اللَّهُ بِهَا ۚ (الفتح/21)

“තවත් දැයකි. එය කෙරෙහි නුඹලා ශක්තිය නොලද්දෝය. සැබැවින්ම අල්ලාහ් එය පිළිබඳ ව සර්ව ව්‍යාපකය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න විය.” සූරා ෆත්හි 48:21.

මුස්ලිම්වරුන් වෙත අවශ්‍ය සේනා සංඛ්‍යාවක් නොමැති අවස්ථාවන්හි පවා ඔවුන්ගේ පිරිසිදු චේතනාව හේතු කොට ගෙන රෝම හා පර්සියානු රාජ්‍යයන් පරදවා, එහි පාලනය අත්පත් කර ගැනීමේ හැකියාව අනාගතයේ ලබා දෙන බව නබි (සල්) තුමාණන්ගේ සගයින්ට අල්ලාහ් පැහැදිලි කළේය. අල්ලාහ්ගේ පොරොන්දුවට එකඟ ව රෝම අධිරාජ්‍යය සහ පර්සියානු අධිරාජ්‍යය සහාබාවරු සුළු කාලයකින් අත්පත් කර ගත්හ. එමෙන්ම අzස්හාබ් සටනේ දී මුස්ලිම් සේනාවට එරෙහි ව පැමිණි කාෆිර් සේනාව විසින් වට කරනු ලැබු අවස්ථාවේ මුස්ලිම්වරුන්ගේ ඉහ්ඃලාස් භාවය නිසා, ඔවුන්ගේ දුබල තත්ත්වය ඉවත් කිරිම සඳහා එම ඉහ්ඃලාස්භාවය ම ප්‍රතිකාරයක් බවට පත් කර දුන්නේය. මේ බව අල්ලාහ් සනාථ කරන්නේ මෙසේය.

إِذْ جَاءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَا ﴿١٠﴾ هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا ﴿١١/الأحزاب﴾

“නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද ඔවුන් නුඹලා වෙත පැමිණි අවස්ථාව ද බැල්ම (බියෙන් සතුරන් වෙත) යොමු වී හදවත් උගුරු දණ්ඩෙහි හිර වු අවස්ථාව ද අල්ලාහ් පිළිබඳ ව නුඹලා විවිධ සිතුවිලි සිතමින් සිටි අවස්ථාව ද ( සිහිපත් කරණු).” සූරා අහ්zසාබ් 33:10.

“එහිදී විශ්වාසවන්තයින් පිරික්සුමට පක් කොට දැඩි කම්පනයකින් කම්පිත කරනු ලැබුහ.” අහ්zසාබ් 33:11.

මෙලෙස මුස්ලිම්වරු මානසික ව දුබල තත්ත්වයේ සිටිය දී සතුරන් විසින් වට කරනු ලැබු අවස්ථාවේ අල්ලාහ් කෙරෙහි ඔවුන් තැබු අචල හා පිරිසිදු විශ්වාසය මගින් ඔවුන්ගේ දුබලකමට සහ පීඩනයට පිළිසරණක් බවට අල්ලාහ් පත් කළේය. මේ බව අල්ලාහ් සදහන් කරන්නේ මෙසේය.

وَلَمَّا رَ‌أَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَـذَا مَا وَعَدَنَا اللَّهُ وَرَ‌سُولُهُ وَصَدَقَ اللَّهُ وَرَ‌سُولُهُ ۚ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا ﴿٢٢/الأحزاب﴾

“විශ්වාසවන්තයින් (සතුරු) සේනාංකයන් දුටු විට ‘අල්ලාහ් හා ඔවුන්ගේ රසූල්වරයා අප හට ප්‍රතිඥා දුන් දෑ මෙයයි. තවද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද සත්‍ය පැවසුවේයැ’ යි පැවසුවෝය. විශ්වාසය හා අවනත භාවය මිස එය ඔවුනට (කිසි දැයක්) අධික කළේ නැත.” සූරා අහ්zසාබ් 33:22.

මුස්ලිම්වරුන්ගේ පිරිසිදු ඊමානය හේතු කොට ගෙන ඔවුන් ලබා ගත් අනිකුත් වාසි පිළිබඳ ව පහත සඳහන් කුර්ආන් වැකි පැහැදිලි කරයි.

وَرَ‌دَّ اللَّهُ الَّذِينَ كَفَرُ‌وا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرً‌ا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا ﴿٢٥﴾ وَأَنزَلَ الَّذِينَ ظَاهَرُ‌وهُم مِّنْ أَهْلِ الْكِتَابِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّ‌عْبَ فَرِ‌يقًا تَقْتُلُونَ وَتَأْسِرُ‌ونَ فَرِ‌يقًا ﴿٢٦﴾ وَأَوْرَ‌ثَكُمْ أَرْ‌ضَهُمْ وَدِيَارَ‌هُمْ وَأَمْوَالَهُمْ وَأَرْ‌ضًا لَّمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرً‌ا ﴿٢٧/الأحزاب﴾

“ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කෝපය හේතුවෙන් අල්ලාහ් හැරෙව්වේය. ඔවුන් (කිසිදු) යහපතක් නොලද්දෝය. විශ්වාසවන්තයින්ට අල්ලාහ් යුද්ධය ප්‍රමාණවක් කළේය. තවද අල්ලාහ් ශක්ති සම්පන්න, අති බල සම්පන්න විය.” සුරා අහ්zසාබ් 33:25

“පුස්තකය ලත් අය අතුරින් ඔවුන් (මක්කා කාෆිර් වරුන්) ට පිටු බල දුන් අය ව තම බලකොටු වලින් (අල්ලාහ්) බැහැර කළේය. තවද ඔවුන්ගේ හදවත් තුළ ඔහු භීතිය ඇතුළු කළේය. (ඔවුන්ගෙන්) පිරිසක් නුඹලා ඝාතනය කළෝය. තවද පිරිසක් සිරගත කළෝය.” සූරා අහ්zසාබ් 33:26

මෙලෙසම හුනෙයින් සටනේ දී මලක්වරුන් සහ සුළිසුළඟ මගින් සතුරු සේනාව පරාජයට පත් කිරීමට මුස්ලිම් සේනාවට අල්ලාහ් උදව් කළේය. මෙම සිද්ධිය අල්ලාහ් සඳහන් කරන්නේ මෙසේය.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُ‌وا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْ‌سَلْنَا عَلَيْهِمْ رِ‌يحًا وَجُنُودًا لَّمْ تَرَ‌وْهَا (الأحزاب/9)

“විශ්වාස කළවුනි! (සතුරු) සේනාංකයන් නුඹලා වෙත පැමිණි අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්‍යයන් සිහිපත් කරනු. එවිට (දැඩි) සුළඟක් ද නුඹලාට දර්ශන නොවු (මලක්වරුන්ගේ) සේනාංකයක් ද ඔවුන් කෙරෙහි අපි යැව්වෙමු. අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව සුපරික්ෂාකාරිය.” සූරා අහ්zසාබ් 33:9

එපමණක් නොව, අල්ලාහ්ගේ ආඥාවට අවනත වූ සුළු සේනාංක කිහිපයක් තමන්ට වඩා බහුතර හා බලවත් සේනාංකයට එරෙහි ව සටන් කොට ජය ගත්තෝය. මෙයට අවශ්‍ය අවස්ථාවන් අල්ලාහ් සලසා දුන්නේය. මේ බව අල්ලාහ් සනාථ කරන්නේ මෙ ලෙසය.

كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَ‌ةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِ‌ينَ ﴿٢٤٩ /البقرة)

“අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් අබිබවා ගොස් ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය යැයි පැවසුවෝය.” සූරා බකර 2:249

මෙලෙසම, බද්ර් සටනේ දී ඉතාමත් සුළු ප්‍රමාණයේ ඉස්ලාමීය හමුදාව තමන්ට එරෙහි ව පැමිණි කාෆිර්වරුන්ගේ මහත් විශාල බල ඇණිය පරදවා ජය ගත්තෝය. ඉස්ලාම් සත්‍ය දහමක් බවට මේවා සියල්ල සුදුසු සාධක වේ. මෙම සිද්ධිය ගැන අල්ලාහ් පවසන විට, آية - සංඥාව, بينة- සාධක, فرقان- තීරණය යන පද මාලාව භාවිත කර තිබෙන බව පෙනේ.

قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا ۖ فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَ‌ى كَافِرَ‌ةٌ (آل عمران/13)

(යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස දේව ප්‍රතික්ෂේපකයෝ ය.” සූරා ආල ඉම්රාන් 3:13

إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ وَمَا أَنزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْ‌قَانِ (الأنفال/41)

يوم الفرقان - සත්‍යාසත්‍ය විභාග කරන දිනය අල්ලහ් කෙරෙහි ද අපගේ වහලා වෙත පහළ කළ දැයෙහි ද නුඹලා විශ්වාස කළහොත්...” සූරා අන්ෆාල් 8:41.

لِّيَهْلِكَ مَنْ هَلَكَ عَن بَيِّنَةٍ (الأنفال/42)

“මිය යන අය පැහැදිලි කාරණයෙකින් මිය යනු පිණිසත් ජීවත් වන අය පැහැදිලි කරණයකින් ජීවත් වනු පිණිසත් (අල්ලාහ් මෙසේ කළේය.” සූරා අන්ෆාල් 8:42

එබැවින් මූඃමින්වරුන්ගේ සුළු ප්‍රමාණයේ පිරිසක් අල්ලාහ්ට එරෙහිව ක්‍රියා කරන කාෆිර්වරුන්ගේ විශාල සේනාංකයට එරෙහි ව සටන් කර ඔවුන් පරාජයට පත් කළ හැකි බව කිසිදු සැකයක් නැත. මෙය මුස්ලිම්වරුන් මුහුණු දුන් පළමු වන බද්ර් සටනේදී සනාථ විය. මෙම සටනේ මුස්ලිම් සේනාවට අල්ලාහ් විසින් දෙන ලද සහය පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.

وَلَقَدْ نَصَرَ‌كُمُ اللَّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ (آل عمران123 (

“නුඹලා දුබලයින් ව සිටිය දී ඇත්තෙන්ම අල්ලාහ් බද්ර් (සටනෙ) හි නුඹලාට උදව් කළේය.” සූරා ආල ඉම්රාන් 3:123.

إِذْ يُوحِي رَ‌بُّكَ إِلَى الْمَلَائِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُوا الَّذِينَ آمَنُوا ۚ سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُ‌وا الرُّ‌عْبَ (الأنفال/12)

“ඔබේ පරමාධිපති මලාඉකාවරුන් අමතා ‘සැබැවින්ම මම ඔබ සමඟ වෙමි. එසේ හෙයින් විශ්වාස කරන්නවුන් තරසර කරමි. විශ්වාස නොකරන්නවුන්ගේ සිත් හි බිය පනවන්නෙමි.’ යැයි දැන් වු බව සහ කරනු.” සූරා අන්ෆාල් 8:12.

අල්ලාහ්ගේ සහය ලබනු පිණිස මුස්ලිම්වරුන්ගේ හැසිරීම කෙසේ තිබිය යුතු යැයිද, එසේ සහය නොලබන ජනයාගේ හැසිරීමෙන් මුස්ලිම්වරුන් කෙසේ වෙන් ව සිටිය යුතුදැයි ද පහත සඳහන් කුර්ආන් වැකි පැහැදිලි කරයි.

وَلَيَنصُرَ‌نَّ اللَّهُ مَن يَنصُرُ‌هُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ (40/الحج)

“අල්ලාහ්ට උදව් කරන්නේ කව්රුන් ද සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට උදව් කරනු ඇත.” සූරා හජ් 22:40

الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْ‌ضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُ‌وا بِالْمَعْرُ‌وفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ ﴿٤١/الحج)

“ඔවුහු කවරහු ද යත් මිහිතලයේ ඔවුනට අපි පහසුකම් සැලැස් වූ විට, ඔවුන් සලාතය ස්ථාපිත කළෝය. තවද zසකාත් ද පිරි නැමුවෝය. තවද (ජනයාට) යහපත් අණ කළෝය. පිළිකුල් සහගත දැයින් වැළැක්වුවෝය. තවද සියලු කටයුතු වල අවසානය අල්ලාහ්ටය.” සූරා හජ් 22:41

සතුරන් විසින් වට කරනු ලැබු අවස්ථාවන්හි මුස්ලිම් සේනාංකයේ තත්වය මේ දක්වා සඳහන් කරන ලදී. එමෙන්ම මුස්ලිම්වරුන්ට එරෙහි ව කාෆිර්වරුන් සහ මුනාෆික් නම් වංචනිකයන් ආර්ථික බාධකයක් පැන වුවහොත් ස්ථිර ඊමානය සහ පිරිසිදු සිතුවිලි සහිත ව අල්ලාහ් වෙත සිතුවිලි යොමු කිරීම තුළින් එම බාධකය ජය ගත හැකි බව සූරා මුනාෆිකුන් හි අල්ලාහ් සඳහන් කර ඇත.

 هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنفِقُوا عَلَى مَنْ عِندَ رَ‌سُولِ اللَّهِ حَتَّى يَنفَضُّوا ۗ (المنافقون/7)

“අහස්හි හා මිහිතලයයෙහි ඇති ධන සම්හාරය අල්ලාහ් සතුය. නමුත් වංචනිකයින් අවබෝධ කර නොගනිති.” සූරා මුනාෆිකූන් 63:7

මෙම වාක්‍යයෙහි අහස හා මිහිතලයේ තිබෙන සියලු සම්හාරය අල්ලාහ්ගේ පාලනය යටතේ තිබෙන හේතුවෙන් මුස්ලිම්වරුන් තම දහම අතහැර දමන්නට මුනාෆික්වරුන් ආර්ථික බාධක පනවන්නට කුමන කුමන්ත්‍රණ කළත් එයින් කිසි විටෙක සාර්ථක නොලබන බව අල්ලාහ් පවසයි. මේ බව මුනාෆික්වරු කිසිවෙක් අවබෝධ කර නොගන්නා බවද අල්ලාහ් තව දුරටත් ප්‍රකාශ කරයි. තම ගැත්තන්ට අල්ලාහ් අවශ්‍ය දේ සපයන්නේ කුමන මාර්ගයෙන් බවද පහත සඳහන් වාක්‍ය පැහැදිලි කරයි.

وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَ‌جًا ﴿٢ /الطلاق)

“කවරෙකු අල්ලාහ්ට බිය භක්තිමත් වන්නේ ද ඔහුට මිදීමේ මාර්ගය ඔහු (අල්ලාහ්) සලස්වන්නේය.” සූරා අත් තලාක් 65:2.

وَيَرْ‌زُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ (الطلاق3 )

“ඔහු නොසිතු අයුරින් ඔහුගේ අවශ්‍යතාව ඔහු (අල්ලාහ්) සපුරාලන්නේය. කවරෙකු අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කරන්නේද ඔහුට ඔහු (අල්ලාහ්) ප්‍රමාණවත්ය.” සූරා අත් තලාක් 65:3

පහත සදහන් වාක්‍යය මේ බව තව දුරටත් සනාථ කරයි.

وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِن فَضْلِهِ إِن شَاءَ ۚ (التوبة/28)

“නුඹලා දිළිඳු බව ගැන බිය වන්නේ නම් අල්ලාහ් සිතුවොත් ඔහුගේ වරප්‍රසාදයෙන් ඔබ පොහොසත් කරන්නේය.” සූරා තව්බා 9:28

 v  දහවැනි කරුණ: සිත් සමගිය නොවීම

සිත් සමගි නොවීම සහ සමාජයේ බෙදුම්වාදය පැතිර තිබීම වැනි තත්ත්වයට හේතුව මිනිසා සත්‍යය වටහා නොගැනීම බව අල් හෂ්ර් සූරාවේ පහත සදහන් වාක්‍ය පවසයි.

 تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّى ۚ ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ ﴿١٤/الحشر﴾

“ඔවුන් අතර පවතින කලහය ඉතා දැඩිය. ඔවුන් සමගියෙන් සිටින්නන් යැයි නුඹ සිතන නමුත් ඔවුන්ගේ හදවත් භේද ව පරස්පර වි ඇත. එය සැබැවින්ම ඔවුන් අඥාන පිරිසක් විම හේතුවෙනි.” සූරා හෂ්ර් 59:14

අඥානය නම් දුබලකම ඉවත් කොට අවබෝධයට ආලෝකය දීමට හැකි වන්නේ වහි නම් අල්ලාහ්ගේ උපකාර මාර්ගයෙන් පමණි. මිනිසාගේ දැනුමෙන් පමණක් පහදා ගත නොහැකි බොහෝ දේ අල්ලාහ්ගෙන් ලැබෙන වහී මගින් වටහා ගෙන යහ මග පෙන්වා දිය හැකි බව අල්ලාහ් පවසන්නේ මෙලෙසය.

) أَوَمَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورً‌ا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِ‌جٍ مِّنْهَا ۚ (الأنعام/122)

“යමෙකු මිය ගිය පසු ව අපි ඔහුට ජීවය දී, මිනිසුන් අතර එයින් සක්මන් කිරිමට ආලෝකයක් දුන්නා වු ඔහු, අන්ධකාරයෙහි අතරමංවී එයින් පිටවන්නට නොහැකි වු තැනැත්තා මෙන් ද?” සූරා අල් අන් ආම් 6:122

මරණයට පත් වු හදවතට යළි ප්‍රාණය දෙන බවද, එමගින් තමා ගමන් කළ යුතු මාර්ගයේ දීප්තිය ඔහු ලබන බවද පහත සඳහන් වාක්‍ය පහදා දෙයි.

أللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِ‌جُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ (البقرة/257)

විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. සූරා බකරා 2:257

أَفَمَن يَمْشِي مُكِبًّا عَلَى وَجْهِهِ أَهْدَى أَمَّن يَمْشِي سَوِيًّا عَلَى صِرَ‌اطٍ مُّسْتَقِيمٍ ﴿٢٢/الملك﴾

“මුණින් අතට වැතිර සිටින මිනිසා තම අරමුණ ලබා ගනී ද? එසේ නැතිනම් සෘජු මාර්ගයේ ගමන් කරන මිනිසා අරමුණ ලබා ගනී ද?“ සූරා අල් මුල්ක් 67:22

සමාජයේ පවතින අසමගිය සහ ගැටුම් සියල්ල ඉවත් කර සියලු හදවත් සමගියෙන් ජීවත් වීමට වහි මගින් ලැබෙන දැනුම අව්‍යශ බව සනාථ කරන කුර්ආන් වැකි කිහිපයක් තිබේ.

කෙසේ වෙතත් මානව සුබ සාධනය පිළිබඳ ව සැලකිලි දක්වන මිනිස් සමාජය, කරුණු තුනක් වෙත තම අවධානය යොමු කළ යුතු ව තිබේ.

1. අසමගි විමේ මුල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.

සමාජයේ අත්‍යවශ්‍ය දේ ඉටු කිරිම තුළින් මෙම ඉලක්කය ලබා ගත හැකි වේ. ඉහත සඳහන් ආගම, ප්‍රාණය, සිතුම් පැතුම්, පරම්පරාව, ආත්ම ගෞරවය සහ ධනය යන කරුණු හය පිළිබඳ ව අවධානය යොමු කිරීම තුළින් සමාජයේ සිදු වන ගැටුම් මඟ හැරිය හැකි වේ.

2. සුබ සාධනය සඳහා මාර්ග සකස් කිරීම.

ව්‍යාපාරය, බද්දට දීම වැනි ගනු දෙනු වැනි ජනයාගේ සුබ සාධනයට අවශ්‍ය වන සියලු දේ ජනතාව තමන් අතර නිත්‍යනුකූල ව සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීම.

3. ගෞරවනීය හැසිරීම සහ යහ ගුණාංගයන් ගොඩ නැගිම

මිනිසාට ස්වභාවික ව අලංකාරය ගෙන දෙන ක්‍රියාවන් කෙරෙහි පොලඹ වීම, අයහපත් හා අපිරිසිදු ක්‍රියාවන් තහනම් කිරීම, දුප්පත් නෑයන්ට උදව් සැපයීම අනිවාර්ය කිරීම වැනි ක්‍රියාවන් මෙහි අඩංගු වේ.

ඉස්ලාමීය අණට එකඟ ව ජීවත් වීමට පුහුණු වූ කෙනෙකුට මේවා ඉටු කිරීමේ දී කිසිදු අපහසුතාවක් පැන නැගීමට හේතුවක් නැත. මෙයට හේතු ව ඉස්ලාමීය නීතිරිති සකස් කළේ මිනිසා නොව අල්ලාහ් විසින්ම ය.

الر ۚ كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ ﴿١/هود﴾

“අලීෆ් ලාම් රා. මේ පුස්තකයෙකි. එහි ආයාවන් (වාක්‍යයන්) පරිපුර්ණය. පසු ව සියුම් දැනුම සහිත හා සර්වඥාන (අල්ලාහ්ගෙන්) පැහැදිලි කරන ලද්දේය.” සූරා හූද් 11:1

وصلى الله على محمد وعلى اله وصحبه أجمعين