මූලාශ්රයන් හා ෂරීආහ් නීති රීති
[ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ وَإِن كُنتُمۡ جُنُبٗا فَٱطَّهَّرُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٦ {المائدة:6}
“විශ්වාස කළවුනි, සලාතය සඳහා නැගී සිටින කල්හි නුඹලාගේ මුහුණු ද වැලමිට දක්වා නුඹලාගේ දෑත් ද සෝදා ගනිවු. තවද නුඹලාගේ හිස් (තෙත් වූ අතින්) පිරිමදිවු. තවද නුඹලාගේ වළලු කර දක්වා පාද ද (සෝදා ගනිවු) නුඹලා (ස්නානය අනිවාර්ය වන) මහා කිලිටිභාවයෙන් පසුවෙත් නම් නුඹලා පිරිසිදු කර ගනිවු. තවද නුඹලා රෝගීව සිටියේ නම් හෝ ගමනක යෙදී සිටියේ නම් හෝ නුඹලාගෙන් කෙනෙකු වැසැකිලි අවශ්යතාවන් ඉටු කිරීමෙන් පසු පැමිණියේ නම් හෝ කාන්තාවන් සමඟ ලිංගික ස්පර්ශය ඇති කර ගත්තේ නම් හෝ පසුව නුඹලාට (පිරිසිදු වීමට) ජලය නොලැබුණහොත් එවිට පිරිසිදු පසින් තයම්මුම් කරවු. එනම් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ දෑත් ද එයින් පිරිමදිවු. නුඹලාට දුෂ්කරතාවයක් ඇති කිරීමට අල්ලාහ් ප්රිය නොකරන්නේය. එනමුත් නුඹලා කෘතවේ දී වනු පිණිස නුඹලාව පවිත්ර කිරීමටත් තමන්ගේ ආශිවාදය නුඹලාට සම්පූර්ණ කිරීමටත් ප්රිය කරන්නේය.” සූරා 5 මාඉදා - 6
1. අල්-කුර්ආනය
2. සුන්නාහ් හෙවත් නබි තුමාණන්ගේ මඟ පෙන්වීම්
3. අල්-ඉජ්මා
4. අල්-කියාස්
අල්-ඉජ්මා යනු අල්-කුර්ආනය හා සුන්නාව පදනම් කර ගනිමින් ගොඩ නගන ලද ෂරීආහ් නීතියට විද්වතුන් ඒකමතික තීරණයකට එළැඹීමයි.
උදාහරණ වශයෙන් පස්වේල සලාතය අනිවාර්යය බවට ඒකමතික තීරණයට එළැඹ තිබීම පෙන්විය හැක.
කියාස් යනු යම් කිසි අංගයක් මූලික නීතිය හා සැසදෙන මූලික කරුණු කාරණා හේතු කර ගනිමින් ඒ පිළිබඳව තීරණයකට එළැඹීම.
උදාහරණ වශයෙන් මත් බව ඇති කිරීමේ හේතුව පදනම් කර ගනිමින් මද්යසාර තහනම් යන මූලික නීතිය හා සසඳා මත් ද්රව්ය ද තහනම් බවට තීරණකට වූ එළැඹීම.
ෂරීආහ් නීති කොටස් පහකට බෙදේ.
1. අල්-වාජිබ් : එනම් යම්කිසි ක්රියාවක් අනිවාර්යයෙන්ම කළ යුතු බවට ෂාරිඃ හෙවත් නීති ගත කරන්නා විසින් තම ගැත්තන්ගෙන් ඉල්ලා සිටින දෑ.
එය පිළිපඳිමින් ඉටු කරන්නාට කුසල් හිමි වේ. එය පැහැර හරින්නා දඬුවම් විඳීමට සුදුස්සෙකු බවට පත් වේ. පංච කාලීන සලාතය මෙයට නිදසුනක් වශයෙන් දැක්විය හැක.
2. අල්-මුස්තහබ්බු: එනම් යම්කිසි ක්රියාවක් අනිවාර්යයභාවයකින් තොරව ෂාරිඃ හෙවත් නීති ගත කරන්නා විසින් එය ඉටු කරන මෙන් ඉල්ලා සිටින දෑ.
එය පිළිපදිමින් ඉටු කරන්නාට කුසල් හිමි වේ. එය පැහැර හරින්නාට කිසිදු දඩුවම නියම නොවේ.
අමතර සලාතයන් අමතර උපවාසයන් හා අමතර සදකාවන් වැනි දෑ මෙයට නිදසුන් වශයෙන් දැක් විය හැක. එමෙන්ම අල්-මන්දූබ්, අල්-මස්නූන්, අත්-තතව්වුඃ යන නාමයන්ගෙන් ද මෙය ව්යවහාර වේ.
3. අල්-මුහර්රම්: එනම් යම් කිසි ක්රියාවක් නොකළ යුතු බවට ෂාරිඃ හෙවත් නීති ගත කරන්නා විසින් ඉල්ලා සිටින දෑ.
එය පිළිපදිමින් එයින් මිදී සිටින්නාට කුසල් හිමි වේ. එයට පිටු පා එසේ කරන්නාට දඬුවම් හිමි වේ.
දේව ප්රතික්ෂේපය, දේව ආදේශය, අයථා ලිංගික සම්බන්ධතා, පොලිය, අසාධාරණය, සීමාව ඉක්මවා කටයුතු කිරීම වැනි මහා පාපයන් හා තහනම් කළ දෑ නිදසුන් වශයෙන් දැක් විය හැක.
4. අල්-මක්රූහ්: එනම් නොකළ යුතු යම් කිසි ක්රියාවක් අත හැර දමන මෙන් ෂාරිඃ හෙවත් නීති ගත කරන්නා විසින් ඉල්ලා සිටින දෑ.
ඒ අනුව එය අත හැර දමන්නාට කුසල් හිමි වේ. නමුත් එය යමෙකු කළේ නම් ඔහු දඬුවමට ලක් නොවේ.
සලාතයේ දී නොකළ යුතු බවට සඳහන් කළ ක්රියාවන් කිරීම නිදසුනක් වශයෙන් ගෙන හැර දැක් විය හැක.
5. අල්-මුබාහ්: එනම් යම් ක්රියාවකට නියෝගයක් හෝ තහනමක් සම්බන්ධ නොවුනු දෑය. අල්ලාහ් එය කිරීමට හෝ නොකිරීමට මුස්ලිම් වරයාට අනුමැතිය දී ඇත. එය කිරීමෙන් කුසල් ලැබීමක් හෝ නොකිරීමෙන් දඬුවම් ලැබීමක් හෝ නැත.
ආහාර ගැනීම, ගොඩබිම හා මහ මුහුදේ දඩයම් කිරීම, ආගම් ලත් ජනයාගේ ආහාර අනුභව කිරීම හා ඔවුන්ගේ කාන්තාවන් විවාහ කර ගැනීම වැනි දෑ නිදසුන් වශයෙන් දැක්විය හැක.
අනුමත ක්රියාවක් කිරීමෙන් අල්ලාහ්ට අවනත වී උදව් පැතීම ඔහු අරමුණ කර ගත්තේ නම් ඔහුට කුසල් හිමි වනු ඇත.
අනුමත දැයක් යහපත් දෑ සමඟ සම්බන්ධ කරන්නේ නම් එය අනුමත කරන ලද දෑ සමඟ සම්බන්ධ වේ. අනුමත දැයක් අයහපත් දෑ සමඟ සම්බන්ධ කර ගන්නේ නම් එය තහනම් කරනු ලැබූ දෑ සමඟ සම්බන්ධ වෙයි.
යම් නියෝගයක් හෝ යම් තහනමක් පිළිබඳව නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් දිරිමත් කළ පසුව එතුමා එයට පටහැනිව කටයුතු කළේ නම් එයින් අදහස් වනුයේ එම ක්රියාව කැමැත්ත අනුව පිහිටා ඇති බවය. එනමුත් එයින් හොදම දේ මත එතුමා අඛණ්ඩව පවත්වා ගෙන ගියේය.
උදාහරණ වශයෙන් වුළු ධෝවනයෙහි දී නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් සෑම අවයවයක්ම තුන් වරක් සේදීම පිළිබඳව දිරිමත් කළේය. නමුත් එතුමා එය එක් වරක් දෙවරක් සේදූ අවස්ථා ද ඇත.
එමෙන්ම සිට ගෙන පානය කිරීම තහනම් කළ එතුමා සිට ගෙන ජලය පානය කළහ. තවද පා ගමනින් කඃබාව තවාෆ් කළ එතුමා ප්රවාහනිකව ද තවාෆ් කළහ. මෙවැනි කරුණු බයානුල් ජවාස් හෙවත් අනුමැතිය පිළිබඳව වූ පැහැදිලිතාව යනුවෙන් පෙන් වා දිය හැක.
නමුත් එතුමාණෝ මේවා අතුරින් යහපත්ම දේ කෙරෙහි අඛණ්ඩව නිරත වූහ. එනම් වුළු අවයවයන් තුන් වරක් සේදීම වාඩි වී පානය කිරීම පා ගමනින් තවාෆ් කිරීම පාවහන් පැලද ගමන් කිරීම වැනි දෑ සැලකිල්ලට ගත හැකිය.
ක්රියාවට වඩා ප්රකාශය මුල් තැන ගනී. හේතුව ක්රියාව විශේෂගත වූවකි. නමුත් ප්රකාශය පොදුභාවයේ කොටසකි.
· දැඩි ස්ථාවරත්වය සැකයෙන් ඉවත් නොවෙයි...
· සෑම වස්තුවක්ම පොදුවේ පිරිසිදුය යන්න මූලිකාංගයකි. නමුත් ඒවා අපිරිසිදු යැයි පෙන්වා දෙන සාධකයක් තිබුණා නම් මිස...
· යම්කිසි හේතු සාධකයක් ඇති වූ විටක තම වගකීමෙන් බැහැර වීම ද මූලිකාංගයකි...
· සියල්ල අනුමතය යන්න මූලිකාංගයකි. නමුත් එය අපිරිසිදුය තහනම්ය යන්න හේතු සාධක ඒ මත තිබුණා නම් මිස...
· සැබැවින්ම දුෂ්කරත්වය පහසුවට හේතු සාධක වේ.
· දැඩි අවශ්යතාවන් තහනම් දෑ අනුමත කරයි.
· අවශ්යතාව එහි ප්රමාණයට පමණක් තක්සේරු කෙරෙයි.
· වාජිබාත් හෙවත් අනිවාර්යය දෑ ඒ පිළිබඳ වූ සම්පූර්ණ අවබෝධය ලැබීමෙන් හා ඒවා කිරීමට හැකියාවක් ලැබීමෙන් මිස අනිවාර්යය නොවේ.
· නොහැකියාව සමග අනිවාර්යය භාවය නොමැත.
· අවශ්යතාව සමග තහනම නොමැත.
· වාජිබාත් හෙවත් අනිවාර්යය දෑ අවබෝධය ඇත්තන්ට අනිවාර්යය වේ.
· ඉබාදාත් හෙවත් නැමදුම් වල හා මුආමලාත් හෙවත් ගනු දෙනු වල ඇති සියලුම කොන්දේසි හැකියාවට අනුව සලකනු ලැබේ.
· අයහපත වැළැක්වීම යහපත ක්රියාත්මක කිරීමට වඩා ප්රමුඛත්වය ගන්නකි.
· යහපත් කරුණු දෙකක් වී නම් එයින් උදාරතම දෑ තෝරා ගනු ලැබේ පීඩිත අවස්ථාවක අපරාධ දෙකක් වී නම් එයින් සැහැල්ලුම දේ තෝරා ගනු ලැබේ.
· නීතිය එහි හේතුව සමග ස්ථාපිත වීම හෝ ඉවත් වීම වාරයෙන් වාරය සිදු වේ.
· නපුරක් විනාශ කිරීම අවබෝධය ඇත්තන් කෙරෙහි ද සෙසු අය කෙරෙහි ද පැවරේ.
· ඉබාදත් හෙවත් නැමදුම් වල මූලිකාංගය වනුයේ තහනමයි. නමුත් ඒ කෙරෙහි හේතු සාධකයක් පිහිටා ඇත්නම් මිස.
· ගනු දෙනු හා සුපුරුදු ක්රියාකාරකම් වල මූලිකාංගය වනුවේ අනුමැතියයි. නමුත් තහනම් කරන ලද දෙයක් දහම ගෙන ආවේ නම් මිස.
· ආගමික නියෝගයන් හි මූලිකාංගය වනුයේ අනිවාර්යයභාවයයි. නමුත් අනුමැතියට හෝ සතුටුදායක තත්ත්වයකට පෙන්වා දෙන හේතු සාධකයක් තිබෙනවා නම් මිස.
· තහනම් දෑ හි මූලිකාංගය වනුයේ තහනමයි. නමුත් පිළිකුල් භාවය පෙන්වා දෙන හේතු සාධකයක් තිබෙනවා නම් මිස.
· ප්රයෝජනවත් දෑහි මූලිකාංගය වනුවේ අනුමැතියයි.
· අපවිත්ර දෑහි හා හානි ඇති කරන දෑහි මූලික ප්රතිපත්තිය තහනමයි.
නබි තුමාණන්ගේ ක්රියාවන් කොටස් තුනකට බෙදා දැක් වේ.
1. මිනිසාගේ ස්වභාවික ධර්මතාවන් අනුව පිහිටුනු එතුමාණන්ගේ ක්රියාකාරකම්.
නැගිට සිටීම, වාඩි වීම, අනුභව කිරීම, පානය කිරීම, නිදා ගැනීම, අවදි වීම වැනි දෑ උපමා වශයෙන් දැක් විය හැක.
එතුමාණෝ මෙම ක්රියාවන් ආගමික කටයුත්තක් වශයෙන් හෝ අස්වැසිල්ලක් වශයෙන් හෝ ඉටු නොකළහ. කිසිවෙකු අල්ලාහ්ට සමීප වීම පිණිස මම සිට ගන්නෙමි, වාඩිවෙමි එමෙන්ම මෙවැනි කටයුතු වල ඔහුගේ නබිවරයාව පිළිපදිමි යැයි නොපවසයි.
2. දහම් ගත ක්රියාකාරකම්
සලාතයේ ක්රියාකාරකම් හජ් හි ක්රියාකාරකම් වැනි සෙසු දහම් ගත නීති රීති පිළිබඳව වූ ක්රියාකාරකම් උපමා වශයෙන් දැක් විය හැක.
මෙවැනි ක්රියාවන් අස්වැසිල්ලක් වශයෙන් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ ඉටු කළහ. එබැවින් එතුමාණන් කළ පරිදිම අපද ඉටු කළ යුතු වේ. බොහෝ දුරට මෙවන් ක්රියාකාරකම් පිහිටා තිබීම බහුලය. එවැනි කටයුතු පිළිපැදීමත් නබි තුමාණන් අස්වැසිල්ලක් කර ගත් මෙවන් කටයුතු එතුමාගේ චරිතාප්රදානය හා එතුමාගේ මඟපෙන්වීම යටතේ ක්රියාකිරීමත් අනිවාර්යය වේ.
3. ස්වභාවික ධර්මතාව හා දහම් ගත ක්රියාකාරකම් යන දෙකම පිහිටුනු ක්රියාකාරකම්.
එනම් එය ස්වභාවික ධර්මාතාවක් වශයෙන් ඉටු කළ ද එය නැමදුමක් වශයෙන් හෝ ඒ සඳහා වූ මාධ්යයක් වශයෙන් ඉටු කිරීමය.
හජ්හි ප්රවාහනය කිරීම, සලාතයේ දී විවේකය පිණිස අසුන් ගැනීම. අවුරුදු දින සලාතයට සහභාගී වීමෙ හි එක් මාර්ගයකින් පැමිණ වෙනත් මාර්ගයකින් හැරී යාම, සුබ්හ් හි අතිරේක සලාතය හා අනිවාර්යය සලාතය අතර කාලයෙහි දකුණු පැත්තට මදක් ඇලවී සිටීම. හජ් හි මිනාවෙන් පිටත් වූ පසු ගල් කැට ඇහිදීම. වැනි දෑ උපමා වශයෙන් දැක්විය හැක. මෙවන් ක්රියාවන් හි ඉහත කී පරිදි කරුණු දෙකම අඩංගුය. එබැවින් කැමති කෙනෙකු එය ඉටු කිරීමට හෝ අතහැරීමට අවසරය ඇත.
අල්ලාහ්ගේ නියෝගයන් පහසුව හා සැහැල්ලුව මත ද අවසරය හා කරුණාව මත ද ගොඩනැගී ඇත. එබැවින් ඔහුගේ වහලුන් වන අප එම නියෝගයන් අපගේ ශක්තියට අනුකූලව ඉටු කළ යුතු වේ. එමෙන්ම පොදුවේ ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිය යුතු වේ.
1- [ فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيۡرٗا لِّأَنفُسِكُمۡۗ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٦ {التغابن:16}
නුඹලාගේ ශක්තියට අනුව නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සවන් දෙවු. අවනත වවු. තවද (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරවු. (එය) නුඹලාට යහපත් වන්නේය. තවද කවරෙකු තමන්ගේ හදවතෙහි ඇති වන මසුරුකම වළක්වා ගනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ. (අල්-කුර්ආන් 64: 16)
2- عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ دَعُونِي مَا تَرَكْتُكُمْ إِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِسُؤَالِهِمْ وَاخْتِلَافِهِمْ عَلَى أَنْبِيَائِهِمْ فَإِذَا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ فَاجْتَنِبُوهُ وَإِذَا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
“මා නුඹලාට අත හැර දමන්නැයි කියූ දෑ පිළිබඳව නුඹලා නැවත මගෙන් අසා සිටින්නෙහුය. නුඹලාට පෙර විසූවන් විනාශ වී යාමට හේතු වූයේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම හා ඔවුන්ගේ නබි වරුන් පිළිබඳව මත භේද ඇති කර ගැනීමය. එබැවින් යමක් නුඹලාට මා තහනම් කළේ නම් එයින් නුඹලා වැළකී සිටිවු. එමෙන්ම නුඹලාට මා යමක් නියෝග කළේ නම් එයින් නුඹලාට හැකි පමණින් කටයුතු කරමින් පැමිණෙවු. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
යහකම් යනු එහි කරුණු තුනක් සම්පූර්ණ විය යුතු වේ.
1. උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් පමණක් එම කටයුතු ඉටු කිරීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.
[ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ ٥ {البينة:5}
චිත්තපාරිශුද්ධිකයින් ලෙස අල්ලාහ්ට පමණක් දහම සතු කරමින් සත්යය වෙත නැඹුරු වෙමින් නැමදීමට ද සලාතය ස්ථාපිත කිරීමට ද සකාත් දීමට ද මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. මෙයයි ඍජු මඟ වනුයේ.
(අල්-කුර්ආන් 98:4)
2. එම කටයුත්ත නබිතුමාණන් පෙන්වා දුන් අයුරින් එයට සාපේක්ෂිතව ඉටු කළ යුතුයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි.
[ مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡ أَهۡلِ ٱلۡقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ كَيۡ لَا يَكُونَ دُولَةَۢ بَيۡنَ ٱلۡأَغۡنِيَآءِ مِنكُمۡۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٧ {الحشر:7}
රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේ ද එයින් වැළකී සිටිවු. අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
3. එය ඉටු කරන්නා මුඃමින් වරයෙකු එනම් දේව විශ්වාස වන්තයෙකු විය යුතුයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.
[ مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٧ {النحل:97}
විශ්වාස වන්තයෙකුව සිට කවර පුරුෂයෙකු හෝ කාන්තාවක හෝ දැහැමි ක්රියාවක් කළේ ද අපි ඔහුට යහපත් ජීවිතයක් ජීවත් වන්නට සලස්වන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑහි යහපත සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට අපි පිරිනමන්නෙමු. (අල්-කුර්ආන් 16:97)
මෙම කොන්දේසි පූර්ණවත් වූයේ නම් අල්ලාහ් එම ක්රියාව පිළි ගනියි. ඉන් එකක් හෝ අත හැරුණේ නම් එය නිෂ්ඵල ක්රියාවක් වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.
[ قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا ١١٠ {الكهف:110}
(නබිවරය) පවසවු මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. මා වෙත දේව හෙළිදරව්වන් පහළ කරනු ලැබීය. නුඹලාගේ දෙවිඳා ඒකීය දෙවිඳාය. එබැවින් තම පරමාධිපතිගේ හමුවීම අපේක්ෂා කළවුන්. දැහැමි ක්රියාවන් කරත්වා තවද තම පරමාධිපතිට නැමදුම් ඉටු කිරීමෙහි කිසිවෙකුව ආදේශ නොකරත්වා. (අල්-කුර්ආන් 18:110)
සෑම ක්රියාවක් සඳහාම එය දැහැමි වීමටත් පලදායී වීමටත් පිළිගනු ලැබීමටත් ඒවා ඉටු කිරීමේ විධික්රමයන් ගුණාංගයන් ඇත. එය සලාතය සකාත් උපවාසය හජ් වැනි නැමදුම් අතුරින් වුව ද ව්යාපාරය කුලී පදනම පැවරුම වැනි ගනු දෙනු සම්බන්ධයෙන් වුව ද විනයන්, සම්බන්ධතාවන්, ප්රාර්ථනාවන් අතුරින් වුව ද අල්ලාහ් වෙත ජනයා කැඳවීම ඔහුගේ දහම ඉගැන්වීම යහපත විධානය කිරීම අයහ දැයින් වැළැක්වීම වැනි අල්ලාහ්ගේ නියෝගයන් අතුරින් වුව ද ඒවා ඉටු කිරීම සඳහා වූ ගුණාංගයන් ඇත.
සෑම ක්රියාවක්ම ඒවා දැහැමි වීමටත් ඵලදායී වීමටත් පිළිගනු ලැබීමටත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතු වැදගත් ගුණාංගයන් පහත සඳහන් වේ.
1. සැබැවින්ම තමන් කරන ක්රියාව අල්ලාහ් හා ඔහුගේ රසූල් වරයා නියෝග කර ඇති බවට තරයේ විශ්වාස කිරීම. එමගින් අපගේ අවශ්යතාවන් අපගේ ජයග්රහණය අපගේ සතුට මෙලොව හා පරලොව කිසිදු සැකයකින් තොරව ඉටු වනු ඇතැයි ද තරයේ විශ්වාස කිරීම.
2. ඉක්ලාස් හෙවත් කිසිදු ආදේශයකින් තොරව එම කටයුත්ත අල්ලාහ්ට පමණක් ඉටු කරන බවට චිත්තපාරිශුද්ධත්වය ඇති කර ගැනීම. හේතුව ඔහු අපව මැව්වේය. ඔහු වෙතට මඟ පෙන්වූයේය. අපි ඔහුගෙන් උදව් පැතුවෙමු අප වෙත ප්රතිඵල ලබා දෙන්නේ ද ඔහුමය.
ආගමික කටයුතු ඉතා වටිනාකමින් යුක්තය. එහි නියම වටිනාකම අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් පිරිනැමිය නොහැකිය. එක් තස්බීහයක තිළිණය අහස්හි හෝ මහ පොළොවෙහි වෙසෙන කිසිවෙකු විසින් ලබා දීමට හැකියාවක් නොමැත. එබැවින් ඔබට ප්රතිඵල ලබා දෙන බවට පොරොන්දු වූ ඒ සම්බන්ධයෙන් කිසිදු හවුල් කරුවෙකු නොමැති අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ඉටු කළ යුතුය.
3. එමෙන්ම ඉටු කරන සෑම ක්රියාවක්ම රසූල්වරයාණන් පිළිපදිමින් ඉටු කළ යුතු වේ. එතුමාණන් පෙන්වා දුන් අයුරින් අප ද ක්රියා කළ යුතුය. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් අප ඉදිරියේ සිට හෝ අප සිටින තත්ත්වයේ එතුමාණන් ඉඳිමින් කවර ක්රියාදාමයක් එම අවස්ථාවේ අප හට පෙන්වා දෙනු ඇත්තේ ද එවන් දෑ පිළිබඳව අප දැනුවත් නම් එය අප විසින් ඉටු කළ යුතු වේ. ඒ පිළිබඳ අප නොදන්නේ නම් දන්නා අයගෙන් අසා දැන ගත යුතු වේ.
4. ඉටු කරනු ලබන කටයුතු ඉතා මහඟු බැවින් ඒවායෙහි මහිමයන් පිළිබඳව මෙනෙහි කළ යුතුය. එහි මහිමයන් පිළිබඳව අප දැන සිටින්නේ නම් එය ක්රියාවට නැංවීම අපට පහසු වනු ඇත. එමෙන්ම ඒ කෙරෙහි නිරතුරුව නියැළීමටත් ඒවා අධික ලෙස ඉටු කිරීමටත් ඒ වෙත ජනයාව ඇරයුම් කිරීමටත් පහසු වනු ඇත.
එබැවින් ප්රාර්ථනාව, සලාතය, උපවාසය, හජ් ඉටු කිරීම, අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, ඥාති සම්බන්ධකම් පැවැත්වීම වැනි මහ පොළොවේ සිදු කරනු ලබන ක්රියාවන්හි මහිමයන් පිළිබඳව අපි හදාරමු. එවිට ඒවා ක්රියාත්මක කිරීමටත් ඒවා අඛණ්ඩව කර ගෙන යාමටත් අපට පහසු වනු ඇත.
5. තවද යම් කටයුත්තක් අල්-ඉහ්සාන් නම් යහ හැඟීමකින් යුතුව ඉටු කළ යුතුය. එනම් ඔබ අල්ලාහ්ව නොදුටුව ද සැබැවින්ම ඔහු ඔබ දෙස බලා සිටියි. එබැවින් ඔබ ඔහු දෙස බලා සිටින සේ නැමදුම් කිරීමය.
එනම් අපි අල්ලාහ් ඉදිරියේ සිටින්නෙමු. ඔහු අප දෙස බලා සිටියි. අපගේ කතාවට සවන් දෙයි. අපගේ තත්ත්වයන් මැනවින් දනියි. අප කරන හැම ඉරියව්වක් ගැනම නිරීක්ෂණය කරමින් සිටියි.
එමෙන්ම ඔහු වෙනුවෙන් එම ක්රියාවන් යහපත් අයුරින් අපි ඉටු කරන්නෙමු. අප ඔහුව දකින සේ නැමදුම් කරන්නෙමු. සැබැවින්ම අල්ලාහ් අප දෙස බලා සිටිය දී ඔහු ඉදිරියට පැමිණ ඇත්තෙමු. අපගේ ක්රියාවන් වලට ඔහු ප්රතිඵල දෙනු ඇත. යන යහ හැඟීමෙන් ඉටු කළ යුතු වේ.
නියම ගැත්තෙකු ඔහු හුදකලාවේ සිටිය ද ජනයා සමඟ සිටිය ද එකම සීමාවක සිට ඒකාකාරීව තම ක්රියාවන් ඉටු කරනු ඇත. ඔහු තම හදවතින්ම අවංක ලෙසින් අල්ලාහ් වෙත හැරෙයි. ඔහු හැර වෙනත් කිසිවෙකු වෙත නොහැරෙයි.
කෙනෙකු ජනයා ඉදිරියේ අල්ලාහ් වෙනුවෙන් යහකම් කළ ද හුදකලාවෙහි තම ක්රියාවන් අනිසි ලෙස ඉටු කරන්නේ නම් ඔහු ගරු බුහුමන් කොට ඇත්තේ මැවුම්කරුට නොව මැවීම් වලටය. එනම් එය කුහකභාවයකි.
6. අල්-මුජාහදා නම් කැපවීම සෑම යහපත් කටයුත්තක් සඳහාම අපගේ ආත්මාවන් යුහුසුළු වීම පිණිස ඒවා අප විසින් කැප කළ යුතු වෙයි. එමෙන්ම අල්ලාහ් ප්රිය කරන ඔහු අපේක්ෂා කරන දෑ කෙරෙහි ප්රියමනාපභාවය ද අපේක්ෂාව ද අපගේ ආත්මාවන්ට පෝෂණය කළ යුතු වේ. අප සතු සියලු දෑ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් වියදම් කළ යුතු වේ. ඔහු ප්රිය කරන දෑ කිරීමත් ඔහු පිළිකුල් කරන දැයින් වැළකී සිටීමත් අපගේ වගකීමකි.
එබැවින් කවර ගැත්තෙකු සැබෑ ලෙසින් තම අභිමතයන්ට වඩා අල්ලාහ්ගේ අභිමතයන්ට මුල්තැන දෙමින් තමන්ගේ කැමැත්තට වඩා ඔහුගේ කැමැත්තට මුල් තැන දෙමින් පසුව අල්ලාහ් එමගින් ඔහුව පිළිගත්තේ නම් ඔහුය සැබෑ මුජාහිද් වරයා වන්නේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[ وَٱلَّذِينَ جَٰهَدُواْ فِينَا لَنَهۡدِيَنَّهُمۡ سُبُلَنَاۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلۡمُحۡسِنِينَ ٦٩ {العنكبوت:69}
තවද අප විෂයෙහි වෙර දැරූවන් වන ඔවුනට සැබැවින්ම අපි අපගේ මාර්ගය පෙන්වා දෙන්නෙමු. තවද සැබැවින්ම අල්ලාහ් යහපත කරන්නන් සමඟ වෙයි. (අල්-කුර්ආන් 29:69)
ඉහත සඳහන් ගුණාංගයන් සහිතව අපගේ කටයුතු ක්රියාත්මක කරන්නේ නම් දැනුම, ක්රියාව සමඟ ගුණාංගයන් ද පැතිරී යනු ඇත.
එසේ නොමැතිව ගුණාංගයන් වලින් තොරව දැනුමෙන් හා ක්රියාවෙන් පමණක් ක්රියාත්මක කරන්නේ නම් එවිට ගුණාංගයන්ගෙන් තොර වූ දැනුම හා ක්රියාව පැතිර යනු ඇත. එමගින් තර්ක විතර්ක මතභේදයන් අධික වී, සාධාරණ හේතුවකින් තොරව අවකාශයන් බලාපොරොත්තු වී මැළිකම මූණිච්චාව වර්ධනය වනු ඇත. අනතුරුව ජනයා අතර අර්බුදකම් පැතිරී කණ්ඩායම්වලට බෙදී වෙන් වී යනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
[ فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٠ ۞مُنِيبِينَ إِلَيۡهِ وَٱتَّقُوهُ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُشۡرِكِينَ ٣١ مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗاۖ كُلُّ حِزۡبِۢ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٣٢ {الروم:30-32}
30-32 එබැවින් (නබිවරය) අවංකභාවයෙන් නුඹගේ මුහුණ දහම කෙරෙහි ස්ථාපිත කරවු. මෙය ඒ මත මිනිසාව මැවූ අල්ලාහ්ගේ ස්වභාධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට වෙනස් කිරීමක් නොමැත. එයයි ඍජු දහම, නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
ඔහු වෙතටම නැඹුරුවන්නන්ව ඔහුට බියභක්තිමත් වවු. සලාතය ස්ථාපිත කරවු. තවද නුඹලා තමන්ගේ දහම බෙදා වෙන් කර ගෙන විවිධ කණ්ඩායම් බවට පත් වූ ආදේශ තබන්නන් අතුරින් නොවවු. සෑම කණ්ඩායමක්ම තමන් සතුව ඇති දෑ පිළිබඳව සතුටු වන්නන්ය. (අල්-කුර්ආන් 30:30-32)
මෙම ගුණාංගයන් සහිතව යමෙකු යම් කටයුත්තක් කරයි නම්, මෙලොවෙහි හා පරලොවෙහි අල්ලාහ් ප්රතිඥා කළ දෑ ඔහුට හිමි වනු ඇත.
නමුත් යම් කටයුත්තක් කර එහි ඉහත ගුණාංගයන්ගෙන් එකක් හෝ අත හැරුණේ නම් ප්රතිඥා දෙනු ලැබූ දෑ ඔහුට නොලැබෙනු ඇත. එමෙන්ම කෙනෙකු ජයග්රහණයේ මාධ්යයන් හතරක් තම ජීවිතයේ සම්පූර්ණ කර ගන්නා තෙක් ඔහු ලබන පාඩුවෙන් ජය ගන්නට හැකියාව නොලබයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි.
﴿ وَٱلۡعَصۡرِ ١ إِنَّ ٱلۡإِنسَٰنَ لَفِي خُسۡرٍ ٢ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ ٣ ﴾ [العصر: ١، ٤]
කාලය මත දිවුරමින් සැබැවින්ම මිනිසා අලාභයෙහිය. නමුත් විශ්වාස කොට යහකම් කර සත්යය එකිනෙකා අතර උපදෙස් දී ඉවසීම පිළිබඳව උපදෙස් දී කටයුතු කරන්නන් හැර. (අල්-කුර්ආන් 103)
සලාතය උපවාසය සදකාව වැනි යහ කටයුත්තක් යමෙකු කරන විට එහි දී භයානක කරුණු තුනක් බාධාවන් බවට පත් වෙයි. එනම් ක්රියාවක ඇති වන මූණිච්චාව, ඒ වෙනුවෙන් යමක් බලා පොරොත්තු වීම හා එය පිළිගෙන නිහඬව සිටීම.
1. කෙනෙකු තමන් කරන ක්රියාවෙන් ඇති වන මූණිච්චාවෙන් ඉවත් වීම යනු එය තමන් කෙරෙහි අල්ලාහ් ලබා දුන් වරප්රසාදය තහවුරු කිරීමකි. තවද එය ඔහු වෙනුවෙන් අවංකව පිළිගැන්වීමකි. සැබැවින්ම එය අල්ලාහ් විසිනි. ඔහු විසින්ම එය සිදු කරනු ඇත. කිසිදු ගැත්තකුගෙන් එය සිදු නොවන බවට ද තහවුරු කිරීමකි.
2. තමන් කරන ක්රියාවක් වෙනුවෙන් යමක් බලාපොරොත්තු වීමෙන් පිවිතුරු වීම යනු එය ඔහුගේ අවංක අවබෝධයයි. එනම් තම ස්වාමියාට තමන් කරන සේවය සඳහා කුලී ලබා ගැනීමට නුසුදුසු අවංක ගැත්තෙකු වෙයි. නමුත් ඔහුගේ ස්වාමියා ඔහු කරන සේවය සඳහා යමක් ලබා දෙන්නේ නම්, ඔහු එය යහ අයුරින් අකුරටම ඉටු කළ කළ යුතු වෙයි. එය වෙනත් අයෙකු වෙනුවෙන් කිරීම සුදුසු නොවෙයි.
3. තමන් කළ යුතු ක්රියාවක් පිළිගෙන පසුව ඒ කෙරෙහි නිහඬව සිටීම යනු ඔහු තුළ ඇති අඩු පාඩු ඇති බව තහවුරු කිරීමකි. ඔහුගේ යහ ක්රියාවන් අඩු කර ගැනීමකි. අල්ලාහ්ගේ වගකීමෙහි මහඟුභාවය දනිමින්ම තම ආත්මයටත් ෂෙයිතාන්ටත් එහි කොටසක් ඇති කිරීමකි. එමෙන්ම ගැත්තෙකු එය පූර්ණ වශයෙන් ඉටු කිරීමෙන් තම දුර්වලතාවත් නොහැකියාවත් පෙන්නුම් කිරීමකි. එබැවින් අවංකභාවයත්, උපකාරයත්, ස්ථාවරභාවයත් නැමදුම් වල යහපත් භාවයත් අල්ලාහ්ගේ ඉල්ලා සිටිමු.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[ فَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطۡغَوۡاْۚ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ١١٢ {هود:112}
නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ ද නුඹ සමඟ පශ්චාත්තාප කළවුන් ද ස්ථාවරව සිටිවු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයවු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව සැබැවින්ම ඔහු සුපරික්ෂාකාරීය. (අල්-කුර්ආන් 11: 112)
යහපත් ක්රියාවන් කිරීම පමණක් නොව එය ආරක්ෂා කර ගැනීම ද අපගේ වගකීමකි. යහපත් ක්රියාවන් ආරක්ෂා කර ගැනීම යනු එම ක්රියාවන් නිෂ්ඵල කරන එය අර්ථ ශූන්ය බවට පත් කරන ක්රියාවන්ගෙන් වැළකී සිටීමයි. ඒ අනුව යම් ක්රියාවක මූණිච්චාව ඇති වූ විටක එම ක්රියාවන් අවලංගු වී යනු ඇත. එහි සීමා කළ නොහැකි පැතිකඩ බොහෝමයක් ඇත. එමෙන්ම සුන්නාහ්වට අනුකූල නොවූ ක්රියාවන් කිරීම එම ක්රියාවන් අවලංගු කරවයි. අල්ලාහ් වෙනුවෙන් කළ දෑ කියා පෙන්වීම ඒවා අර්ථ ශූන්ය බවට පත් කරවයි. අල්ලාහ්ගේ මැවීම් වලට වේදනාව ගෙන දීම එම ක්රියාවන්හි යහපත අඩු කරවයි. උවමනාවෙන්ම අල්ලාහ්ගේ නියෝගයන්ට පිටුපෑමත් එය සමච්චලටය ගැනීමත් එය නිෂ්ඵල කරවයි. මෙලෙස යහකම්හි ගොඩනැගිල්ල කඩා දමන දෑ ද එහි කරුණු විනාශ කරන දෑ ද ඇත.
එබැවින් අල්ලාහ්ට කීකරු ගැත්තනි, සැබෑ දෙවියන් වන ඔබේ පරමාධිපති ඔබව බලා සිටියි. ඔබ කියන දෑට සවන් දෙයි යන හැඟීමෙන් යුතුව ඔහුව නමදින්න. ඔහුගේ කීර්තියත් ගෞරවයත් මහත්මා ගුණයත් මෙනෙහි කරන්න.
සැබැවින්ම යහකම් නුඹගෙන් පිළිගනු ලැබ එය නුඹ වෙතටම නැවත තිළිණයක් වශයෙන් පිරිනමනු ලබන බවත් එමෙන්ම අයහකම් ද නුඹගෙන් පිළිගනු ලැබ නුඹ වෙත එය දඬුවමක් වශයෙන් නැවත පිරිනමනු ලබන බවත් දැනගත යුතු වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[ إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ ١٢ {محمد:12}
සැබැවින්ම කවුරුන් විශ්වාස කොට දැහැමි ක්රියා කළේ ද අල්ලාහ් ඔවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. තවද කවුරුන් ප්රතික්ෂේප කළේ ද ඔවුන් (ලෞකික) වින්දනයන් ලබමින් ද ගොවිපෙළ (සිටින ගවයන්, එළුවන් වැනි) සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරමින් ද සිටිති. (නිරා) ගින්න ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානයයි. (අල්-කුර්ආන් 47:12)
නීය්යත් යනු අල්ලාහ් වෙත සමීප වීම පිණිස තමන් කරන නැමදුම් ක්රියාව මත දැඩි අධිෂ්ඨානය තැබීමයි.
එමෙන්ම නීය්යතය තමන් කරන ක්රියාවන් නිවැරදි වීමටත් එය පිළිගනු ලැබීමටත් එය නිවැරදිව ක්රියාත්මක කිරීමටත් වූ කොන්දේසියකි. නබි තුමාණන් පහත සඳහන් කළ පරිදි සෑම ක්රියාවකම නිය්යත් තැබීම හේවත් චේතනාව අනිවාර්ය වන්නේය.
සෑම ක්රියාවක්ම (එයට කුසල් හිමිවනුයේ) චේතනාව අනුවය. සෑම කෙනෙකුම චේතනා කරන දෑ ඔහුට හිමිවනු ඇත.
නිය්යතය කොටස් දෙකකට බෙදෙයි.
1. ඉටු කරන ක්රියාව මත් වූ චේතනාව
එනම් මුස්ලිම්වරයෙකු වුළු ගන්නා විටත් ස්නානය කර විටත් සලාතය ඉටු කරන විටත් ඒ හා සමාන කටයුතු වලදීත් ඒ ගැන චේතනා ගැනීමය.
2. එය ඉටු කරනු ලබන්නා මත වූ චේතනාව
එනම් වුළු ගැනීම ස්නානය කිරීම හෝ සලාතය ඉටු කිරීම හෝ මේ හැර වෙනත් සියලුම කටයුතු වල දී අල්ලාහ්ට පමණක් සමීප වීමේ චේතනාව ඇති කර ගැනීමයි. මෙය ප්රථම කොටසට වඩා ඉතා වැදගත් වෙයි. කෙසේ වෙතත් සෑම ක්රියාවමකම ඉහත සඳහන් වී ඇති දෙයාකාර චේතනාවන් පිහිටීම අනිවාර්යය වෙයි.
ඉහ්ලාස් යනු මැවීම් වල අවධානයෙන් ඉවත් ව තමන් කරන ක්රියාවන් අල්ලාහ්ට පමණක් පිවිතුරු ලෙස ඉටු කිරීම තුළින් එම ක්රියාවෙහි බාහිරය හා අභ්යන්තරය සමාන තත්ත්වයක පවත්වා ගැනීමයි.
ගැත්තෙකු තමන් කරන ක්රියාවෙහි ඉහ්ලාස් බව ඇති කර ගත්තේ නම්, ඔහු තම පරමාධිපතිව තෝරා ගනියි. එවිට ඔහුගේ හදවත ජීවමාන වෙයි. ඔහු පරමාධිපතිට සමීප වෙයි. පරමාධිපතිට කීකරු වීමේ ආශාව ඇති වේ. පාපකම් කිරීමට පිළිකුල් කරයි. මෙය ඉහ්ලාස් නොමැති කෙනෙකුගේ හදවතට හාත්පසින්ම වෙනස්ය. ඔහුගේ හදවතෙහි යම් දෙයක් කෙරෙහි වූ පැතීමක් ආශාවක් ඉල්ලීමක් දකින්නට පුළුවන. ඔහු විටක නායකත්වයට ප්රිය කරයි. තවත් විටක ප්රසිද්ධිය ප්රිය කරයි. තවද විටක මිල මුදල් වලට ආශා කරයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ ٥ {البينة:5}
චිත්තපාරිශුද්ධකයින් ලෙස අල්ලාහ්ට පමණක් දහම සතු කරමින් සත්යය වෙත නැඹුරු වෙමින් නැමදීමට ද සලාතය ස්ථාපිත කිරීමට ද සකාත් දීමට ද මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. මෙයයි ඍජු මඟ වනුයේ. (අල්-කුර්ආන් 98: 5)
දකුණට හා වමට ප්රමුඛත්වය ලබා දිය යුතු ස්ථාන
මිනිසාගේ ක්රියාකාරකම් දෙවර්ගයකි.
පළමුවැන්න: දකුණ හා වම යන දෙකම සම්බන්ධ කරමින් කරන කටයුතු.
මෙහි දී ගෞරවනීය කටයුත්තක් සඳහා නම් දකුණතට මුල් තැන දිය යුතු වේ. උදාහරණ වශයෙන් වුළු ගැනීම, ස්නානය කිරීම, ඇදුම් ඇදීම, පාවහන් පැලඳීම, නිවසට හෝ මස්ජිදයට ඇතුළු වීම වැනි දෑ සැලකිය හැක.
නමුත් එයට ප්රතිවිරුද්ධ කටයුතු වල දී වම් පැත්තට මුල් තැන දිය යුතු වේ. උදහාරණ වශයෙන් මස්ජිදයෙන් පිටවීම පාවහන් ගැලවීම, වැසිකිළියට යෑම වැනි දෑ සැලකිය හැක.
දෙවන්න: දෙකින් එකකට පමණක් විශේෂගත වූ දෑ
එනම් එය ගෞරවනීය කටයුත්තක් සඳහා නම් එය දකුණින් විය යුතුයි. උදාහරණ වශයෙන් ආහාර ගැනීම පානය කිරීම අතට අත දීම, යමක් ගැනීම, යමක් පිරිනැමීම වැනි දෑ සැලකිය හැක.
එයට ප්රතිවිරුද්ධ වශයෙන් පිහිටියේ නම් වම් පැත්තෙන් විය යුතුයි. උදාහරණ වශයෙන් වැසිකිළි යාමෙන් පසු පිරිසුදු කිරීම තම ලිංගය ස්පර්ශ කිරීම වැනි දෑ සැලකිය හැක.
عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُعْجِبُهُ التَّيَمُّنُ فِي تَنَعُّلِهِ وَتَرَجُّلِهِ وَطُهُورِهِ وَفِي شَأْنِهِ كُلِّهِ. متفق عليه
ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පාවහන් පැලඳීමෙහි ද හිසකෙස් පිළියෙල කිරීමෙහි ද (යමක්) පිරිසිදු කිරීමෙහි ද එමෙන්ම සියලු කටයුතු වල දී ද තමන් දකුණත ප්රිය කරන්නෙකු වූහ. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
01 පිරිසිදුකම
01 තහාරා පිළිබඳව නීති රීති
තහාරා යනු මානසික හා බාහිර අපිරිසිදුතාවලින් ඉවත් වීම පිරිසිදු වීම යන්නයි.
දහම් ගත කරන ලද පිරිසිදුකම් වර්ග දෙකකි.
පළමුවැන්න බාහිර පිරිසිදුතාවයි. එනම් වුළු ධෝවනයෙන් ස්නානය කිරීමෙන් හා තම ශරීරය ස්ථානය හා වස්ත්ර පිරිසිදු කිරීමෙන් පිහිටිය යුත්තකි.
දෙවැන්න අභ්යන්තර පිරිසිදුතාවයි. එනම් දෙවියන්ට යමක් ආදේශ කිරීම, දෙවියන් ප්රතික්ෂේප කිරීම, අහංකාරකම, උඩඟු කම, ක්රෝධය ඊර්ෂ්යාව කුහකභාවය මූනිච්ඡාව වැනි නපුරු ගුණාංගයන්ගෙන් තම හදවත පිරිසිදු කර ගැනීමත් ඒක දේව වාදය, දේව විශ්වාසය, සත්යභාවය, අවංකභාවය, ස්ථාවරත්වය, සියලු දෑ අල්ලාහ්ට පැවරීම වැනි යහපත් ගුණාංගයන්ගෙන් තම හදවත පිරවීමත්. සිතෙහි ඇති වුණු අඩුපාඩුකම් අධික වශයෙන් පශ්චාත්තාපයේ නියැළීම, පාපක්ෂමාව ඇයැදීම, අල්ලාහ්ව මෙනෙහි කිරීම, ලෞකික හා ආධ්යාත්මික සාධකයන් පිළිබඳව නිරීක්ෂා කර, ඒවා පිළිබඳව කල්පනා කාරී වීම වැනි දැයින් සම්පූර්ණ කර ගැනීමත් වේ.
නජීස් අතුරින් ඉතා අපිරිසිදු දෑ වන්නේ සියල්ලෙහි මැවුම්කරු වන දෙවියන්ට ආදේශ තැබීමය. මැවුම්කරුට ආදේශ තබන සෑම කෙනෙකුම යථාර්ථවාදීව හා මානසිකව අපිරිසිදුය.
අදේශ තබන්නා යථාර්ථවාදීව අපිරිසිදු යැයි පවසනුයේ ඔහු අල්ලාහ්ට දුඟද යමක් ආදේශ තබන හේතුවෙනි. එය වඩාත් අපිරිසිදුය. වඩාත් කිලිටිය. වඩාත් අවලස්සනය. යථාර්ථවාදී අපිරිසිදු කම මානසික අපිරිදුතාවට වඩා දැඩිය.
එමෙන්ම ඔහු මානසික වශයෙන් ද අපිරිසිදුය. හේතුව ඔහු වුළු ධෝවනය නොකරයි. කිල්ලෙන් මළ පහ කිරීමෙන් මුත්රා කිරීමෙන් පිරිසිදු නොවෙයි. අපිරිසිදු දැයින් හා අවලස්සන දැයින් නොවැළකෙයි. මළ දෑ රුධිරය ශූකර මාංශ වැනි දෑ අනුභව කරයි.
යථාර්ථවාදීව හා මානසිකව අදේශ තබන්නා අපිරිසිදු බැවින් ඔහුව පාරිශුද්ධ මස්ජිදයෙන් දුරස් කරන මෙන් ද එයට සමීප කර නොගන්නා මෙන් ද අල්ලාහ් අල්-කුර්ආනයේ මෙසේ පවසා සිටියි.
[ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡمُشۡرِكُونَ نَجَسٞ فَلَا يَقۡرَبُواْ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ بَعۡدَ عَامِهِمۡ هَٰذَاۚ وَإِنۡ خِفۡتُمۡ عَيۡلَةٗ فَسَوۡفَ يُغۡنِيكُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦٓ إِن شَآءَۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٞ ٢٨ {التوبة:28}
විශ්වාස කළවුනි, සැබැවින්ම ආදේශ තබන්නන් අපිරිසිදුමය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව මස්ජිදුල් හරාම් වෙත ඔවුන් සමීප විය නොයුතුය. නුඹලා දිළිඳුකමට බිය වූයෙහු නම් අල්ලාහ් අභිමත කළහොත් තම වරප්රසාදයෙන් නුඹලාව පොහොසත් කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය සර්ව ප්රඥාවන්තය. (අල්-කුර්ආන් 9:28)
මරණයෙන් පසු ෂිර්ක් හෙවත් මැවුම්කරුට ආදේශ කිරීමේ වරද හැර සෙසු සියලු වැරදි වලට අල්ලාහ් සමාව දෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[ إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰٓ إِثۡمًا عَظِيمًا ٤٨ {النساء:48}
සැබැවින්ම අල්ලාහ් යමකින් (තමන්ට) ආදේශ තබනු ලැබීම වෙනුවෙන් සමාව නොදෙන්නේමය. එය නොවන දෑ වෙනුවෙන් ඔහු කා හට අභිමත කරන්නේ ද ඔහුට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු මහත් වූ පාපයක් සිදු කරන්නේය.
සෑම ගැත්තෙකුම මෙලොව හා පරලොව ජයග්රහණය ලැබීමටත් එහි සමත් වීමටත් ශාරීරිකව හා මානසිකව පිරිසිදු තාව අවශ්ය වෙයි.
මිනිසා බාහිර දෑ ජලයෙන් පිරිසිදු කර ගනිමින්. තමන්ගේ අභ්යන්තර මනස ඒක දේව වාදය, විශ්වාසය යන කරුණු වලින් පිරිසිදු කර ගන්නේ නම්, ඔහුගේ ප්රාණය පිරිසිදු වේ. ඔහුගේ ආත්මය පවිත්ර වේ. ඔහුගේ සිත සැනසුමට පත් වේ. පිරිසිදු ස්ථානයක පිරිසිදු ඇදුමින් පිරිසිදු සිතකින් පිරිසිදු ශරීරයකින් වඩාත් උචිත ස්වරූපයෙන් තම පරමාධිපතිව මුණ ගැසීමට සූදානමින් යුතු පුද්ගලයෙකු බවට පත් වේ. මෙය විනයෙහි උච්චතම අවස්ථාවයි. පිරිසිදු භාවයෙන් යුතුව විශ්වයේ පරමාධිපතිව නැමදුම් කිරීම තුළින් ඔහුට ගරු බුහුමන් දැක්වීමෙහි ද ඔහුව කීර්තියට පත් කිරීමෙහි ද උසස් සථානයට ළඟා වීමකි. මේ හේතූන් නිසාවෙන්ම පිරිසිදු කම විශ්වාසයේ අඩක් බවට පත් වී ඇත. එමෙන්ම එසේ සිටින්නන්ව අල්ලාහ් ප්රිය කරයි.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّٰبِينَ وَيُحِبُّ ٱلۡمُتَطَهِّرِينَ ٢٢٢ {البقرة:222}
සැබැවින්ම තමන් කළ වරදට පශ්චාත්තාපයේ නියැළෙන්නන්ව හා පිවිතුරුව සිටින්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය. (අල්-කුර්ආන් 2: 222)
2.
عَنْ أَبِي مَالِكٍ الْأَشْعَرِيِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الطُّهُورُ شَطْرُ الْإِيمَانِ وَالْحَمْدُ لِلَّهِ تَمْلَأُ الْمِيزَانَ
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව අබූ මාලික් අල්-අෂ්අරී රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. අල්හම්දුලිල්ලා (යන වදන) තුලාව පුරවාලයි. (මූලාශ්රය: මුස්ලිම්)
අල්ලාහ් මිනිසා මවා ඇත්තේ ශරීරයෙන් හා ප්රාණයෙන්ය. ගතට දෙයාකාරයකින් කිලිටි ඇති වෙයි. එනම් දහඩිය වැනි අභ්යන්තරයෙන් සිදුවන දෑ හා දූවිලි වැනි පිටතින් ඇති වන දෑ එයින් සුවය ලැබීමට නම් නිතර පිරිසිදු කර ගත යුතු වේ.
එමෙන්ම ප්රාණය ද දෙයාකාර බලවේගයන්ට ග්රහණය වේ. ඊර්ෂ්යාව ආහංකාරකම වැනි සිතෙහි හට ගැනෙන රෝග අපරාධ, දුරාචාරය වැනි බාහිර ක්රියාකාරකම් වලින් ඇති වන රෝග යනුවෙන් එම බලවේගයන් හැඳින් විය හැක. තම ප්රාණය තව්බා හෙවත් පශ්චාත්තාපය ඉස්තිග්ෆාර් හෙවත් (පාපක්ෂමාව) වැනි දැයින් සුව කර ගැනීම අත්යවශ්ය වේ.
මෙයාකාරයෙන් ප්රාණය හා ශරීරය යන මේ දෙක එකට එක් වී එහි පිරිසිදුකම ද සුවය ද ලැබූ විට ඔහුගේ ජයග්රහණය ද සැනසුම ද ඔහුට ලැබෙනු ඇත.
පිරිසිදුකම ඉස්ලාමයේ යහ ක්රියාවලින් එකකි. කිලිටිවලින් බැහැර වීමෙහි හා අපිරිසිදු දෑ ඉවත් කිරීමෙහි දහම් ගත ගුණාංගයන්ට අනුව පිරිසිදු ජලය භාවිතා කිරීමෙන් එම පිරිසිදු භාවය ලැබිය හැක. මෙම පාඩමින් අදහස් කරනුයේ මෙයයි.
ජලයේ කොටස්.
ජලය කොටස් දෙකකි.
පළමුව පිරිසිදු ජලය: එනම් වැසි ජලය, මුහුදු ජලය, ගංගා ජලය, එමෙන්ම ස්වභාවික උල්පතකින් හෝ යම් උපකරණයක් මගින් මතු කර ගන්නා උල්පතකින් හෝ ලබා ගන්නා විට එය මිරිදිය හෝ කරදිය වුව ද උෂ්ණ හෝ සිසිල් වුව ද ස්වභාවයෙන්ම පිරිසිදුව පවතින ජලයයි. මෙය පිරිසිදු ජලය යැයි හැඳින් වේ. එමගින් තවත් වස්තුවක් පිරිසිදු කළ හැකි වේ.
දෙවැන්න. අපිරිසිදු ජලයයි. එනම් යම් අපවිත්රයක් හේතුවෙන් එහි වර්ණය සුවය හා දුඟඳ වෙනස් වූ ජලයයි. එම ජලය ස්වල්ප වුව ද අධික වුව ද එහි නීතිය වනුයේ එමගින් තවත් වස්තුවක් පිරිසිදු කළ නොහැකි බවය.
1. මුස්ලිම්වරයෙකුට ජලයේ අපිරිසිදු කම පිළිබඳව හෝ පිරිසිදුකම පිළිබඳව සැකයක් මතු වූ විටක ඔහු එය පිරිසිදුය යන ස්ථාවරය ගොඩ නගා ගත යුතු වේ.
2. තිබෙන පිරිසිදු ජලය හා අපිරිසිදු ජලය අතර එය කවරක් ද යන්න සැකයක් මතු වූ විටක ඒ දෙක හැර වෙනත් ජලය නොමැතිනම් ඔහු බොහෝ දුරට පිරිසිදුය යැයි සිතන ජලයෙන් වුළු ධෝවනය කළ යුතු වේ.
3. අපිරිසිදු ජලය එහි වෙනස්වීම් ස්වභාවයෙන්ම ඉවත් වූයේ නම් හෝ එහි වෙනස්වීම් ඉවත් වන තරමට ජලය එක් කිරීමෙන් පිරිසිදු භාවයට පත් වේ.
4. මහා කිල්ලෙන් හා සුළු කිල්ලෙන් පිරිසිදු විය යුත්තේ ජලය මගිනි. එවිට ජලය නොලැබුවේ නම් හෝ එය පරිහරණය කිරීමට නොහැකි නම් හෝ එය පරිහරණය කිරීමෙන් යම් නපුරක් ඇති වේවි යැයි බිය වන්නේ නම් හෝ ඔහු තයම්මුම් කර ගත යුතු වේ.
5. එමෙන්ම ශරීයේ හෝ වස්ත්රයේ හෝ ස්ථානයේ යම් අපවිත්ර දැයක් ඇත්නම් එය පිරිසිදු කළ යුත්තේ ද ජලයෙනි.
6. පිරිසිදු වස්ත්රයක් හා අපිරිසිදු වස්ත්රයක් හෝ තහනම් වස්ත්රයක් අතර සැකයක් මතු වූ විටක ඒ දෙක හැර වෙනත් වස්ත්රයක් නොමැතිනම් ඔහු බොහෝ දුරට පිරිසිදුය යැයි සිතන වස්ත්රය තෝරා ගෙන එයින් සලාතය ඉටු කළ යුතු වේ. අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ සලාතය නිවැරදි වේ.
7. සෑම පිරිසිදු භාජනයක්ම වුළු සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා පරිහරණය කිරීමට අනුමැතිය ඇත. නමුත් පැහැර ගන්නා ලද භාජනයක් හෝ රන් හෝ රිදී භාජනයක් හෝ නොවිය යුතුයි. එවන් භාජන ගැනීම හෝ පරිහරණය කිරීම තහනම් වන අතර කවරෙකු හෝ එවැනි භාජනයක වුළු ධෝවනය කරන්නේ නම් ඔහුගේ වුළු ධෝවනය පිළිගනු ලැබූව ද එය පාපයක් වේ.
8. දේව ප්රතික්ෂේපකයින් සතු භාජන ඒවායෙහි තත්ත්වය ගැන නොදන්නා විටක ඒවා පරිහරනය කිරීමට අනුමැතිය ඇත. හේතුව එය මූලික වශයෙන් පිරිසිදුය. එමෙන්ම එහි නජීස්භාවය දැන එය භාවිත කරන්නට සිතුවේ නම් එය ජලයෙන් සේදීම අනිවාර්යය වේ.
9. අපවිත්ර වූ පාවහන් හෝ සපත්තු පිරිසිදු කිරීම විය යුත්තේ ජලයෙනි. එසේ නොමැති නම් නජීස් ඉවත් වන තුරු මිහිතලයේ අතුල්ලා දැමිය යුතු වේ.
රන් රිදී භාජන වල ආහාර ගැනීම හා පානය කිරීම එමෙන්ම සෙසු පරිහරණයන් සඳහා යොදා ගැනීම පිරිමින්ට හා කාන්තාවන්ට පොදුවේ තහනම් වේ. නමුත් කාන්තාවන් සඳහා රන් ආභරණ භාවිත කිරීමට අනුමැතිය ඇති මෙන්ම රිදී භාවිතය පිරිමින්ට අනුමත කර ඇත. එමෙන්ම රනින් වූ දතක් හෝ එවැනි අවශ්ය කටයුත්තක් සඳහාද එය යොදා ගැනීමට අනුමැතිය ඇත.
عن خذيفة بن اليمان رضي الله عنه قال: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ "لَا تَلْبَسُوا الْحَرِيرَ وَلَا الدِّيبَاجَ وَلَا تَشْرَبُوا فِي آنِيَةِ الذَّهَبِ وَالْفِضَّةِ وَلَا تَأْكُلُوا فِي صِحَافِهَا فَإِنَّهَا لَهُمْ فِي الدُّنْيَا وَلَنَا فِي الْآخِرَةِ" متفق عليه
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව හුදෙයිෆා බින් අල්-යමාන් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
නුඹලා හරීර් දීබාජ් නම් වර්ගයේ පටරෙදි නොඅදිවු. රන් හා රිදී භාජන වල පානය නොකරවු. එම පිඟන් වල අනුභව නොකරවු. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොවදී ඇත. නුඹලාට ඇත්තේ පරලොවෙහිය යැයි පවසා සිටියහ.
عَنْ أُمِّ سَلَمَةَ زَوْجِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الَّذِي يَشْرَبُ فِي إِنَاءِ الْفِضَّةِ إِنَّمَا يُجَرْجِرُ فِي بَطْنِهِ نَارَ جَهَنَّمَ
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව නබි තුමාණන්ගේ භාර්යාවක් වූ උම්මු සලමා රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කරන ලදී
රිදී භාජනයේ පානය කරන්නා ඔහුගේ කුසෙහි පුරවා ගනුයේ නිරයේ ගින්නය යැයි ප්රකාශ කර සිටියහ.
නජීස් හි වර්ග
තැවරී පසුව එහි සලකුණු මැකී යන තරමට පිරිසිදු කිරීමට සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යය වන නජීස් නම්
මල මූත්රා, ගලා යන රුධිරය, ඔසප් හේතුවෙන් හා දරු ප්රසූතිය හේතුවෙන් වහනය වන රුධිරය, වදී (කාමුක අවස්ථාවෙහි පිට වන මැලියම් සහිත දියරය) මා මදී (වෙහෙස මහන්සිය හේතුවෙන් ලිංගයෙන් පිටවන මැලියම් සහිත දියරය) මත්ස්ය හා ජුරාද් නම් පළගැටියන් හැර සෙසු මළ සතුන්, ශූකර මාංශ, අශ්ව හා පෝනි වැනි මාංශ ආහාරයට නොගන්නා සතුන්ගේ මල මූත්රා සුනඛයාගේ කෙළ මෙය සත් වතාවක් සෝදනු ලැබේ ඉන් එක් වරක් පස් මිශ්ර කෙරේ.
عَنْ ابْنِ عَبَّاسٍ قَالَ مَرَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِقَبْرَيْنِ فَقَالَ إِنَّهُمَا لَيُعَذَّبَانِ وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ أَمَّا أَحَدُهُمَا فَكَانَ لَا يَسْتَتِرُ مِنْ الْبَوْلِ وَأَمَّا الْآخَرُ فَكَانَ يَمْشِي بِالنَّمِيمَةِ ثُمَّ أَخَذَ جَرِيدَةً رَطْبَةً فَشَقَّهَا نِصْفَيْنِ فَغَرَزَ فِي كُلِّ قَبْرٍ وَاحِدَةً قَالُوا يَا رَسُولَ اللَّهِ لِمَ فَعَلْتَ هَذَا قَالَ لَعَلَّهُ يُخَفِّفُ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا متفق عليه
ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
දිනක් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මිනි වලවල් දෙකක අසලින් ගමන් කළේය. එවිට සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා විඳිමින් සිටින්නෝය. නමුත් ඔවුන් මහා පාපයන් හේතුවෙන් වේදනා නොවිදින්නෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු නම් මූත්රා කිරීමෙන් පසුව පිරිසිදු නොකළ අයෙකි. අනෙක් අය නම් කේලාම් පවසමින් සැරිසැරූ අයෙකි. යැයි පවසා පසුව අමු කොළ අත්තක් අතට ගෙන එය කොටස් දෙකකට කඩා මිනි වලවල්හි එකක් බැගින් සිටෙව්වේය.
අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ කළේ ඇයි දැයි සහාබිවරු විමසා සිටියහ. ඒ අවස්ථාවේ දී මේ දෙක නොවියැළෙන තාක් කල් ඔවුන් දෙදෙනාගෙන් (දඬුවම් ලිහිල් කරනු ලබන්නට පුළුවණැයි පිළිතුරු දුන්හ.
මෙය නබි තුමාණන්ට පමණක් විශේෂගත වූ සිද්ධීන් අතුරිනි.
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَهُورُ إِنَاءِ أَحَدِكُمْ إِذَا وَلَغَ فِيهِ الْكَلْبُ أَنْ يَغْسِلَهُ سَبْعَ مَرَّاتٍ أُولَاهُنَّ بِالتُّرَابِ متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
නුඹලාගෙන් කෙනෙකුගේ භාජනය සුනඛයා ලෙව කා ඇත් නම් එය පිරිසිදු වනුයේ සත් වතාවක් සේදීමෙනි ඉන් එක් වතාවක පස් මිශ්ර වී තිබිය යුතු වේ.
02 අල්-ඉස්තින්ජා හා අල්-ඉස්තිජ්මාර් හෙවත් වැසිකිලි යාමෙන් පසු පිරිසිදු වීමේ ක්රම
අල්-ඉස්තින්ජා යනු මළ මූත්රා පිට වූ ස්ථාන ජලයෙන් සෝදා පිරිසිදු කිරීම.
අල්-ඉස්තිජ්මාර් යනු මළ මූත්රා පිට වූ ස්ථාන ජලය උරාගන්නා ගලක හෝ කොළයක හෝ එවැනි වෙනත් ආධාරයක මාර්ගයෙන් පිරිසිදු කිරීම.
1. වැසිකිලියට යන විට
اللَّهُمَّ إِنِّي اَعُوْذُ بَكَ مِنَ الخُبُثِ والْخَبَائِثِ متفق عليه
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හුබ්සි වල්හබාඉසි
තේරුම: යා අල්ලාහ් ඔබගෙන් ස්ත්රී පුරුෂ ෂෙයිතානුන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි.
යනුවෙන් පවසා වම් කකුල ඉදිරියෙන් තබා ඇතුල් වීම නබි තුමාණන් පෙන්වා දුන් සුන්නාවකි.
2. වැසිකිලියෙන් පිටතට එන විට
غُفْرَانكَ උෆ්රානක (ඔබෙන් මම සමාව අයැද සිටිමි)
යනුවෙන් පවසා දකුණු කකුල ඉදිරියෙන් තබා පිටතට පැමිණීම නබි තුමාණන් පෙන්වා දුන් සුන්නාවකි.
1. මස්ජිදයට පිවිසෙන විටත්, ඇඳුමක් අදින විටත් පාවහන් පලඳින විටත් වැසිකිලියෙන් පිටවන විටත් දකුණු කකුල උපයෝගී කර ගැනීම සුන්නත් කාර්යයකි. එමෙන්ම මස්ජිදයෙන් පිටතට එන විටත් ඇදුම් ගලවන විටත් පාවහන් ගලවන විටත් වැසිකිලියට ඇතුල් වන විටත් වම් කකුල උපයෝගී කර ගැනීම ද සුන්නක් කාර්යයකි.
2. යමෙකු එළිමහනක හෝ කාන්තාරයක වැසිකිලි අවශ්යතාවන් ඉටු කිරීමට අපේක්ෂා කළේ නම්, දෑස් වලට නොපෙනන දුරින් ඈත් වී සිටිය යුතුය. තවද මිනිසුන්ට නොපෙනෙන තරමට තමන්ව ආවරණය කර ගත යුතුයි. මූත්රා කිරීම සඳහා එම නජීස් විසිරී නොයනු පිණිස එය උරා ගන්නා බුරුල් පස් ඇති ස්ථානයක් තෝරා ගත යුතුයි.
3. මිනිසෙකු වාඩි වී මූත්රා කිරීම සුන්නත් කාර්යයකි. නමුත් නජීස් විසිරී යනු ඇතැයි හෝ ඒ දෙස යමෙක් බලා සිටිනු ඇතැයි හෝ බිය වූයේ නම් සිට ගෙන මූත්රා කිරීමට අවසරය ඇත.
4. පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා මිනිසුන් ඉදිරියේ තම රහසඟ (තමන් ශරීරයෙහි වැසිය යුතු අනිවාර්යය අවයවයන්) විවෘත කිරීම තහනම් වෙයි.
5. අල්-කුර්ආනය රැගෙන වැසිකිලියට ඇතුල් වීම තහනම්ය. එමෙන්ම එය අස්ථානගත වේවි යැයි බියක් වෙතොත් එය රැගෙන ඇතුල් වීමට අවසරය ඇත. නමුත් තමන් වැසිකිලියට ගොස් නැවත එන තෙක් එය ආරක්ෂා කරන කෙනෙකු වෙතොත් එය ඔහු වෙත භාර දිය යුතුය.
6. අල්-කුර්ආන් හදීස් සඳහන් සටහන් වී ඇති ජංගම දුරකථන කැසට් පට වැනි දෑ රැගෙන යාම වරදක් නොවේ. හේතුව මේවා මිනිසාගේ කටට සමාන වන බැවිනි.
7. අල්ලාහ්ගේ නාමය සඳහන්ව ඇති දෑ වැසිකිලියට රැගෙන යාම වරදක් නොවේ. නමුත් ඉතා උතුම් වන්නේ ඒවා නොමැතිව ඇතුල් වීමයි.
8. බෙනක් වැනි යම් කිසි කුහරයක් තුළ මූත්රා කිරීමත් තම ලිංගික අවයවයන් දකුණතින් ස්පර්ශ කිරීමත් එයින් පිරිසිදු කිරීමත් එළිමහනක තම අවශ්යතාවන් ඉටු කරන්නේ නම් තමන් වාඩිවීමට පෙර තම ඇදුම ඉවත් කිරීමත් පිළිකුල් සහගත වේ. එමෙන්ම මළ මූත්රා පහ කරන කෙනෙකු සලාමයට පිළිතුරු දීමත් පිළිකුල් සහගතය. ඔහු තම අවශ්යතාවන් ඉටු කර පිරිසිදු වූවායින් පසු ඒ සඳහා පිළිතුරු දිය යුතු වේ.
9. පිරිමි ළඳරුවාගේ මූත්රා තැවරුණු විට එම ස්ථානය ජලය ඉසීමෙන් හා ගැහැනු ළඳරුවාගේ මූත්රා තැවරුණු විට එම ස්ථානය ජලය වක්කිරීමෙන් සෝදා හැරිය යුතු වේ. නමුත් මෙම නීතිය ආහාර නොගන්නා ළඳරුවන් සඳහාය. ඔවුන් ආහාර අනුභව කරන්නේ නම්, එවිට ඔවුන් සියල්ලෝම එක හා සමානය. එනම් සියලු දෙනාගේම තැවරුණු මූත්රා ජලය වක්කර සේදිය යුතු වේ.
එළිමහන් තැනක හෝ ගොඩනැගිල්ලක් තුළ හෝ වේවා තම වැසිකිලි අවශ්යතාවයන් ඉටු කරන විට කිබ්ලා දෙසට මුහුණ ළෑම හෝ පසුපස ළෑම තහනම් වෙයි.
عَنْ أَبِي أَيُّوبَ الْأَنْصَارِيِّ رضي الله عنه قال: قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِذَا أَتَيْتُمْ الْغَائِطَ فَلَا تَسْتَقْبِلُوا الْقِبْلَةَ بغَائِطٍ وَلاَ بَوْلٍ، وَلَا تَسْتَدْبِرُوهَا وَلَكِنْ شَرِّقُوا أَوْ غَرِّبُوا قَالَ أَبُو أَيُّوبَ فَقَدِمْنَا الشَّامَ فَوَجَدْنَا مَرَاحِيضَ بُنِيَتْ قِبَلَ الْقِبْلَةِ فَنَنْحَرِفُ وَنَسْتَغْفِرُ اللَّهَ تَعَالَى
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව අබූ අය්යූබ් අල්-අන්සාරී රළියල්ලාහු අන්හු තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. නුඹලා කැසිකිලි අවශ්යතා සඳහා පැමිණෙන්නේ නම්. කිබ්ලා දිසාවට නොහැරෙනු. තවද එයට පිටුපසලා නොසිටිනු. එහෙත් බටහිර දිසාවට හෝ නැගෙනහිර දිසාවට හෝ හැරී සිටිනු.
අපි සිරියාවට පැමිණියෙමු. එහි කිබ්ලා දෙසට මුහුණ ලා ඉදි කරන ලද වැසිකිළි අපි දුටුවෙමු. එයින් අපි හැරී කීර්තිමත් ගෞරවයට පාත්ර අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.
වැසිකිලි අවශ්යතාවන් ඉටු කිරීමට තහනම් ස්ථාන
මස්ජිදය, මාර්ග, සෙවණ දෙන ස්ථාන, ඵල දෙන ගස් යට ජලය ඇති ස්ථාන උයන් වැනි ස්ථාන වල මළ මූත්රා කිරීම තහනම් වේ. එමෙන්ම පොදු ජනයා විවේකය සඳහා හෝ වෙළඳ කටයුතු සඳහා සිරිතක් කර ගත් පොදු ස්ථාන වල ද මළ මූත්රා කිරීම තහනම් වෙයි.
අල්-ඉස්තිජ්මාර් විය යුත්තේ පිරිසිදු ගල් කැට තුනකිනි. ඉන් පිරිසිදු නොවූයේ නම් ඊට වඩා වැඩියෙන් භාවිත කළ යුතු වේ. එහි දී තුන පහ හත වැනි ඔත්තේ සංඛ්යාවෙන් වීම සුන්නත් වේ.
අස්ථි කොටස්, බෙටි, ආහාර වර්ග හා ගෞරවනීය දෑ වැනි දැයින් පිරිසිදු කිරීම තහනම් වේ.
තවද මළ මූත්රා පිටවන මාර්ග දෙක ජලයෙන් හෝ ගල් වලින් හෝ ලේන්සුවකින් හෝ කඩදාසියකින් හෝ පිරිසිදු කළ හැක. නමුත් ජලය භාවිතය ඉතා උතුම්ය. හේතුව එය පිරිසිදු කිරීමේ දී ඉතා දැඩි බැවිනි.
වස්ත්රයක නජීස් තැවරුණු ස්ථානය සේදීම අනිවාර්යය වේ. නමුත් නජීස් තැවරුණු එම ස්ථානය නොදන්නේ නම් ඇඳුම සම්පූර්ණයෙන්ම සේදිය යුතු වේ.
පෙර සිට පැවත එන පිළිවෙත් ද නැමදුමකි.
අස්-සිවාක් යනු අරාක්, ඔලිව් වැනි ගස් වලින් ගන්නා ලද සිහින් දැහැටියකි.
සිවාක් කිරීම කට පිරිසිදු කරවන්නකි. තවද පරමාධිපතිව තෘප්තියට පත් කරවන්නකි. එමෙන්ම නැමදුමකි. එමගින් ගැත්තෙකු කුසල් අත්පත් කර ගනියි.
දකුණතින් හෝ වමතින් දැහැටිය (දත් බුරුසුව) අතට ගෙන තමන්ගේ විදුරු මස් හා දත් අතර මැදීමය.
එහි දී මුඛයෙහි දකුණු පැත්තෙන් පටන් ගෙන වම් පැත්තෙන් අවසන් කරයි. සමහර විට දිවේ කෙළවරයන් හි ද බුරුසුව ගෙන යයි.
සිවාක් හි නීතිය
සෑම මොහොතකම සිවාක් කිරීම සුන්නත්ය. එනමුත් වුළු ධෝවනය කරන විටත් සලාතයට පෙරත් කුර්ආන් පාරායනය කිරීමට පෙරත් නිවසට ඇතුල්වීමට පෙරත් නින්දෙන් අවදි වූ විටත් කටින් දුඟඳ හමන විටත් කට පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් සුන්නාවක් බවට පත් වෙයි.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَوْلَا أَنْ أَشُقَّ عَلَى أُمَّتِي أَوْ عَلَى النَّاسِ لَأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ كُلِّ صَلَاةٍ متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
මාගේ සමූහයාට අසීරු කාර්යයක් නොවූයේ නම් සෑම සලාතයක දීම දත් පිරිසිදු කරන මෙන් මම ඔවුනට අණ කර සිටිමි. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
අල්-හිතාන් යනු මූත්රා හා අපවිත්ර දෑ නොරැදෙන පිණිස ලිංගයේ කෙළවර ආවරණය කරමින් පවතින සම කපා හැරීමයි.
පුරුෂයන් සම්බන්ධයෙන් හිතාන් කිරීම අනිවාර්ය වන අතර කාන්තාව සම්බන්ධයෙන් නම් එය සුන්නාවකි.
عَنْ ابْنِ عُمَرَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ خَالِفُوا الْمُشْرِكِينَ وَفِّرُوا اللِّحَى وَأَحْفُوا الشَّوَارِبَ متفق عليه.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව ඉබ්නු උමර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් මෙසේ දැනුම් දෙන ලදී.
නුඹලා දේව ප්රතික්ෂේපකයින්ට වෙනස් ව කටයුතු කරවු. යටි රැවුල පූර්ණවත්ව තබවු. උඩු රැවුල කපා හරිවු
(මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عن النبي صلى الله عليه وسلم: الْفِطْرَةُ خَمْسٌ أَوْ خَمْسٌ مِنْ الْفِطْرَةِ الْخِتَانُ وَالِاسْتِحْدَادُ وَنَتْفُ الْإِبْطِ وَتَقْلِيمُ الْأَظْفَارِ وَقَصُّ الشَّارِبِ. متفق عليه
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
පැවත එන පිළිවෙත් පහකි යනුවෙන් හෝ පිළිවෙත් අතුරින් කරුණු පහක් ඇත (යනුවෙන් හෝ එතුමාණන් ප්රකාශ කර) කත්නා කිරීම, රහස්ය පෙදෙස් හි රෝම බෑම කිහිලි රෝම ඉවත් කිරීම නියපොතු කැපීම උඩු රැවුල් කැපීම යැයි ප්රකාශ කර සිටීය. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ أَنَسٌ وُقِّتَ لَنَا فِي قَصِّ الشَّارِبِ وَتَقْلِيمِ الْأَظْفَارِ وَنَتْفِ الْإِبِطِ وَحَلْقِ الْعَانَةِ أَنْ لَا نَتْرُكَ أَكْثَرَ مِنْ أَرْبَعِينَ لَيْلَةً رواه مسلم
අනස් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
උඩු රැවුල කැපීමෙහි ද නියපොතු කැපීමෙහි ද කිහිලි රෝම ඉවත් කිරීමෙහි ද රහස්ය පෙදෙස්හි රෝම ඉවත් කිරීමෙහි ද රාත්රී හතළිහකට වඩා වැඩි කලක් අත නොහරින මෙන් අපට දින නියම කරනු ලැබීය. යැයි අනස් තුමා පවසා සිටීය. (මූලාශ්රය: මුස්ලිම්)
සුවද ගැල්වීම
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَتْ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُكَّةٌ يَتَطَيَّبُ مِنْهَا أخرجه أبو داود
අනස් ඉබ්නු මාලික් රළියල්ලාහු අන්හු විසින් දැනුම් දෙන ලදී. නබි තුමාණන්ට මුවමද (කස්තූරි) තිබිණ. එතුමාණන් එමගින් සුවඳ ගල්වා ගත්තේය. (මූලාශ්රය අබූ දාවූද්)
තෙල් ගැල්වීම හා පීරීම
عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اعْتَكَفَ يُدْنِي إِلَيَّ رَأْسَهُ فَأُرَجِّلُهُ وَكَانَ لَا يَدْخُلُ الْبَيْتَ إِلَّا لِحَاجَةِ الْإِنْسَانِ متفق عليه
ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කරන ලදී.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ඉඃතිකාෆ් (මස්ජිදයේ රැඳී) සිටිය දී එතුමාණන් තමන්ගේ හිස මා වෙතට ළං කරන්නෙකු වූහ එවිට මම එය පීරා හරින්නෙමි. එමෙන්ම මිනිස් අවශ්යතාවයට මිස එතුමාණන් නිවසට ඇතුල් වන්නෙකු නොවූහ.
කස්උ හෙවත් දැති ක්රමයට හිස කෙස් කැපීම පිළිකුල් සහගතය. එනම් හිසකෙස් සමහරක් බා තවත් සමහරක් අතහැරීමය. එලෙස අදේශ තබන්නන්ට ආවේණික වන පරිදි කපන්නේ නම් එය තහනම් වෙයි.
වයස්ගත හේතුවෙන් හෝ වෙනත් හේතුවකින් හිස කෙස් වල වර්ණය වෙනස් වී ඇත්නම් ඒවා වර්ණවත් කිරීම නබි තුමාණන් පෙන්වා දුන් මඟකි.
කළු වර්ණයෙන් හිස කෙස් වර්ණ කිරීමට අනුමැතිය ඇත. එසේ වර්ණවත් කිරීම යුද්ධයක් හෝ අලංකාරය හේතුවෙන් වුව ද එක හා සමානය. හේතුව නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ඉදුනු කෙස් වර්ණවත් කරන මෙන් නියෝග කළේය. නියමිත වර්ණයක් සීමා කළේ නැත. නමුත් මෙහෙන්දි හා මරතෝන්ඩි භාවිතා කිරීමට දිරි ගැන්නුවේය.
وَجَنِّبُوْهُ السَّوَادَ එයට කළු පැහැ ගන්වීමෙන් නුඹලා වැළකී සිටිනු යනුවෙන් වාර්තා වී ඇති හදීසය ෂාස් නම් ඝනයට අයත් හදීසයකි.
කෙසේ වෙතත් වංචා කිරීම හෝ රැවටීම අරමුණ කර ගෙන කළු වර්ණයෙන් වර්ණවත් කිරීම පිරිමින්ට හා කාන්තාවන්ට තහනම් වෙයි.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ الْيَهُودَ وَالنَّصَارَى لَا يَصْبُغُونَ فَخَالِفُوهُمْ متفق عليه
සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන්ගේ හිස කෙස් වර්ණවත් නොකරති. එබැවින් නුඹලා ඔවුනට වෙනස් අයුරින් කටයුතු කරන්න. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رضي الله عنهما قَالَ: أُتِيَ بِأَبِي قُحَافَةَ يَوْمَ فَتْحِ مَكَّةَ وَرَأْسُهُ وَلِحْيَتُهُ كَالثَّغَامَةِ بَيَاضًا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَيِّرُوا هَذَا بِشَيْءٍ أخرجه مسلم
ජාබිර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
මක්කාහ් ජයග්රහණය අවස්ථාවේ අබූ කුහාෆා තුමාණන්ව ගෙන එනු ලැබීය. ඔහුගේ හිස කෙස් හා රැවුල සඝාමා හෙවත් සුදුවන් මල් හා ගෙඩි වලින් යුත් පැළෑටියක් මෙන් සුදු පැහැයෙන් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා මෙය යමක් භාවිත කරමින් වෙනස් කරවු යැයි පැවසීය. (මූලාශ්රය මුස්ලිම්)
عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ أَحْسَنَ مَا غُيِّرَ بِهِ هَذَا الشَّيْبُ الْحِنَّاءُ وَالْكَتَمُ
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව අබූ දර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම මේ පැහුනු කෙස් වෙනස් කරවන දැයින් ඉතා යහපත් වන්නේ මෙහෙන්දි හා කතම් හෙවත් රතු පැහැ ගන්වන පැළෑටියයි. (මූලාශ්රය අබූ දාවූද්, තිර්මිදි)
යටි රැවුල වැවීමට ඉඩ හැරීමත් එය පූර්ණවත්ව තබා ගැනීමත් සම්භාවනීය නබි වරුන් හා රසූල් වරුන්ගේ සංකේතයකි. අල්ලාහ්ගේ දූතයාණන් ඝන රැවුලක් ඇත්තෙකු වූහ. එමෙන්ම එතුමාණන් මිනිසුන් අතුරින් ඉතා ලස්සන හැඩ අලංකාරයෙන් ඔවුනට වඩා කැපී පෙනෙන වර්ණවත් මුහුණකින් යුත් අයෙකු ද වූහ.
යටි රැවුල ඉතා ලස්සනය. එය පිරිමියා කාන්තාවගෙන් වෙන් කර හඳුනා ගත හැකි ආශ්චර්යයේ චමත්කාරයයි.
නමුත් පුදුමයට කරුණක් වන්නේ ෂෙයිතාන් මුස්ලිම් වරුන් අතුරින් බහුතරයක් රවටා තිබීමය. ඔවුන්ගේ ඒ ස්වභාවික අලංකාරය වෙනස් කර පෙන්වා ඇත. එබැවින් ඔවුන් තම යටි රැවුල බාති. අල්ලාහ්ගේ මැවීම වෙනස් කරති. දේව ප්රතික්ෂේපකියින් හා කාන්තාවන්ට සමාන වන අයුරින් තමන්ව හැඩ ගස්වා ගනිති. අල්ලාහ්ගේ රසූල් වරයාට පිටුපාති. ඔවුන් පිරිමිකමින් හා පිරිමිකමේ ගාම්භීරත්වයෙන් ඈත් වී ගැහැනු ගති ලක්ෂණ කරා පලා ගියවුන් බවට පත් ව ඇත. ඔවුන්ගේ රැවුල් කපා හරිමින් කාන්තාවන්ගේ මුහුණු මෙන් නිරූපණය කරති. තවද ඔවුන්ගේ වටිනා කාලය ද ඔවුන්ගේ ධනය ද අපතේ යවති. ඔවුන් කාන්තාවන් මෙන් හැඩ ගස්වා ගනිති. කවරෙකු කාන්තාවන්ට ආවේණික චරිතයෙන් කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහුට ශාප කරයි.
එබැවින් අල්ලාහ්ට හා ඔහුගේ රසූල් වරයාට අවනත වීමක් වශයෙන් හා අල්ලාහ්ගේ රසූල් වරයාව අනුගමනය කිරීමක් වශයෙන් යටි රැවුල වැවීමට ඉඩ හැරීම අනිවාර්යය වෙයි. එමෙන්ම එය බෑම තහනම් වෙයි.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْۚ ٧ {الحشر:7}
රසූල් වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේ ද එයින් වැළකී සිටිවු. අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය. (අල්-කුර්ආන් 59: 7)
عَنْ ابْنِ عُمَرَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ خَالِفُوا الْمُشْرِكِينَ وَفِّرُوا اللِّحَى وَأَحْفُوا الشَّوَارِبَ متفق عليه.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව ඉබ්නු උමර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් මෙසේ දැනුම් දෙන ලදී.
නුඹලා දේව ප්රතික්ෂේපකයින්ට වෙනස්ව කටයුතු කරවු. යටි රැවුල පූර්ණවත්ව තබවු. උඩු රැවුල කපා හරිවු. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ جُزُّوا الشَّوَارِبَ وَأَرْخُوا اللِّحَى خَالِفُوا الْمَجُوسَ أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
නුඹලා උඩු රැවුල කපා හරිවු. යටි රැවුල වැවෙන්නට ඉඩ හරිවු. මජූස් හෙවත් අග්නි වන්දනාකරුවන්ට වෙනස් ව කටයුතු කරවු. (මූලාශ්රය මුස්ලිම්)
වුළු ධෝවනය යනු නියමිත ක්රමයකට අනුව නියමිත අවයවයන් වල පිරිසිදු ජලය භාවිත කරමින් අල්ලාහ් වෙනුවෙන් ඉටු කරනු ලබන නැමදුමකි.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِبِلَالٍ عِنْدَ صَلَاةِ الْفَجْرِ يَا بِلَالُ حَدِّثْنِي بِأَرْجَى عَمَلٍ عَمِلْتَهُ فِي الْإِسْلَامِ فَإِنِّي سَمِعْتُ دَفَّ نَعْلَيْكَ بَيْنَ يَدَيَّ فِي الْجَنَّةِ قَالَ مَا عَمِلْتُ عَمَلًا أَرْجَى عِنْدِي أَنِّي لَمْ أَتَطَهَّرْ طَهُورًا فِي سَاعَةِ لَيْلٍ أَوْ نَهَارٍ إِلَّا صَلَّيْتُ بِذَلِكَ الطُّهُورِ مَا كُتِبَ لِي أَنْ أُصَلِّيَ متفق عليه
අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් බිලාල් රළියල්ලාහු අන්හු තුමාණන්ව අමතා අහෝ බිලාල් ඉස්ලාමයේ ඔබ කරන ක්රියාවන්ගෙන් උතුම්ම ක්රියාව ගැන මට දන්වා සිටින්න. හේතුව ස්වර්ගයේ දී මා අසලින් ඔබ තබන ඔබගේ පාවහන් හඬට මම සවන් දුනිමි. මා තුළ වූ එවන් උතුම් ක්රියාවක් ගැන මා නොදනිමි. සැබැවින්ම මම රාත්රියේ හෝ දහවලෙහි පිරිසිදු වූ විටක මා වෙත සාලතය ඉටු කිරීමට නියම කරනු ලැබූ දෑ එම පිරිසිදුභාවයෙන්ම සිට ඉටු කරන්නෙකුව සිටියෙමි. යැයි ඔහු පිළිතුරු දුන්නේය. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا تَوَضَّأَ الْعَبْدُ الْمُسْلِمُ أَوْ الْمُؤْمِنُ فَغَسَلَ وَجْهَهُ خَرَجَ مِنْ وَجْهِهِ كُلُّ خَطِيئَةٍ نَظَرَ إِلَيْهَا بِعَيْنَيْهِ مَعَ الْمَاءِ أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ فَإِذَا غَسَلَ يَدَيْهِ خَرَجَ مِنْ يَدَيْهِ كُلُّ خَطِيئَةٍ كَانَ بَطَشَتْهَا يَدَاهُ مَعَ الْمَاءِ أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ فَإِذَا غَسَلَ رِجْلَيْهِ خَرَجَتْ كُلُّ خَطِيئَةٍ مَشَتْهَا رِجْلَاهُ مَعَ الْمَاءِ أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ حَتَّى يَخْرُجَ نَقِيًّا مِنْ الذُّنُوبِ أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
මුස්ලිම් හෝ මුඃමින් ගැත්තෙකු වුළු ධෝවනය කරන විට ඔහුගේ මුහුණ සෝදන්නේ නම්, ඔහුගේ දෑස් බැලූ සෑම පාපයක්ම එම ජලයත් සමඟම හෝ අවසාන ජල බිංදුවත් සමඟම ඔහුගේ මුහුණින් ඉවත් වී යයි. ඔහුගේ දෑත් සෝදන්නේ නම්, ඔහුගේ දෑත් ඇල්ලූ සෑම පාපයක්ම එම ජලයත් සමඟම හෝ අවසාන ජල බිංදුවත් සමඟම ඔහුගේ අතින් ඉවත් වී යයි. ඔහුගේ දෙපා සෝදන්නේ නම්, ඔහුගේ දෙපා ගමන් කළ සෑම පාපයක්ම එම ජලයත් සමඟම හෝ අවසාන ජල බිංදුවත් සමඟම ඔහුගේ දෙපයින් ඉවත් වී යයි. පාපයන්ගෙන් පිරිසිදු වී ඔහු ඉවත් වන තුරු එසේ පවතී. (මූලාශ්රය මුස්ලිම්)
වුළු ධෝවනයෙහි ෆර්ළු හයකි. ඒවා පහත සඳහන් පිළිවෙළට අනුව,
1. මුහුණ සේදීම. මෙහි දී කට හා නාසය පිරිසිදු කිරීමද අදාළ වේ.
2. වැළමිට දක්වා දෑත් සේදීම.
3. හිස ජලයෙන් පිරිමැදීම. මෙහි දී දෙකන් පිරිසිදු කිරීම ද අදාළ වේ.
4. දෙපා වළලු කර දක්වා සේදීම.
5. ඉහත සඳහන් අවයවයන් අනුපිළිවෙළින් පිරිසිදු කිරීම
6. අවයවයන් සේදීමේ දී ඒවා අතර අඛණ්ඩභාවයක් පවත් වා ගැනීම.
සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම, මුහුණ සේදීමට පෙර කට හා නාසය සේදීමෙන් ආරම්භ කිරීම. ඇගිලි අතර හොදින් සේදීම, දකුණු පැත්තට මුල් තැන දීම, දෙවරක් හෝ තුන්වරක් සේදීම, වුළු ධෝවනයෙන් පසු ප්රාර්ථනා කිරීම. ඉන් පසු රකආත් දෙකක් සලාතයේ නියැළීම.
වුළු ධෝවනයෙහි සුන්නත් වනුයේ මුස්ලිම්වරයෙකු තම අවයවයන් සේදීමේ දී තුන් වතාවකට වඩා අධික නොකිරීම, මුද් එකක ප්රමාණයකින් (එනම් මිලී ලීටර 600කින්) වුළු ගැනීම, ජලය අපතේ යැවීමෙන් වැළකීමය. කවරෙකු මීට වඩා අමතර ජලය පරිහරණය කරන්නේ ද ඔහු පාපියෙකු වෙයි. සීමාව ඉක්මවා කටයුතු කළ අයෙකු වෙයි. එමෙන්ම අපරාධකරුවෙකු වෙයි.
කවරෙකු නින්දෙන් නැගිට වුළු ධෝවනය කරන්නට අදහස් කළේ නම් ඔහු තම දෑත් තුන් වරක් සෝදා ගත යුතුයි.
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلَا يَغْمِسْ يَدَهُ فِي الْإِنَاءِ حَتَّى يَغْسِلَهَا ثَلَاثًا فَإِنَّهُ لَا يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ. متفق عليه
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
ඔබ අතුරින් කෙනෙකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් තුන්වරක් සෝදා ගන්නා තුරු එය භාජනය තුළට නොගිල්විය යුතුයි. සැබැවින්ම ඔහු රාත්රියේ තමන්ගේ දෑත් කෙතැනක තිබුණේ දැයි නොදනියි. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
මුස්ලිම්වරයෙකු වුළු ගැනීමේ දී ඒ ගැන ඔහු සිතෙහි චේතනා කර ගත යුතුයි. පසුව ඔහු කට හා නාසය සෝදා පිරිසිදු කර ගත යුතුයි. පසුව ඔහුගේ මුහුණ සෝදා ගත යුතුයි. පසුව ඇගිලි තුඩු වලින් පටන් ගෙන වැළමිට දක්වා ඔහුගේ දෙඅත් සෝදා ගත යුතුයි. පසුව ඔහුගේ හිස දෙකන් සමග ජලයෙන් පිරිමැදිය යුතුයි. පසුව ඔහුගේ දෙපා වළලු කර දක්වා සෝදා ගත යුතුයි. වුළුහි සෑම අවයවයක් එක් වරක් සෝදා ගත යුතුයි. මෙය අවම අනුමත වුළු ධෝවනයේ ක්රමය වේ.
මුස්ලිම්වරයෙකු වුළු ගැනීමේ දී ප්රථමයෙන්ම ඔහු ඒ ගැන සිතෙහි චේතනා කර ගත යුතුයි. පසුව ඔහු තම දෙඅත් තුන් වරක් සේදිය යුතුයි. පසුව ජල අල්ලකින් එකවර ඔහුගේ කට ඉන් අඩකින් ද හා නාසය ඉතිරි අඩකින් ද සෝදා පිරිසිදු කර ගත යුතුයි. මෙලෙස ජල දෝත් තුනකින් සේදිය යුතුයි. පසුව ඔහුගේ මුහුණ තුන් වරක් සෝදා ගත යුතුයි. පසුව තම දකුණත වැළමිට දක්වා තුන් වරක් ද එලෙසම වම් අත ද සේදිය යුතුයි.
පසුව ඔහුගේ හිස එක් වරක් එහි ඉදිරියේ සිට පසුපස දක්වා ගෙන යමින් නැවතත් ආරම්භක ස්ථානය දක්වා ගෙන එමින් ජලයෙන් පිරිමැදිය යුතුයි. පසුව ඔහුගේ දබරැඟිලි දෙ කන් තුළ තබා මහපට ඇඟිලි වලින් කනේ බාහිර කොටස සේදිය යුතුයි. පසුව ඔහුගේ දකුණු පාදය වළලු කර දක්වා තුන් වරක් ද එලෙසම වම් පාදය ද සේදිය යුතුයි. මෙසේ වුළු ධෝවනය සම්පූර්ණ කළ යුතුයි. පසුව ඉන්ෂා අල්ලාහ් පහත සඳහන් කරන අයුරින් ප්රාර්ථනාවන්හි නිරත විය යුතුයි.
عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ أَنَّهُ رَأَى عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِوَضُوءٍ فَأَفْرَغَ عَلَى يَدَيْهِ مِنْ إِنَائِهِ فَغَسَلَهُمَا ثَلَاثَ مَرَّاتٍ ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِي الْوَضُوءِ ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ َاسْتَنْثَرَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلَاثًا ثُمَّ مَسَحَ بِرَأْسِهِ ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ ثَلَاثًا ثُمَّ قَالَ رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ نَحْوَ وُضُوئِي هَذَا وَقَالَ مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لَا يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ. متفق عليه
උස්මාන් ඉබ්නු අෆ්ෆාන් තුමාගේ සේවකයෙකු වූ හුම්රාන් තුමා තමන් උස්මාන් තුමාණන්ව මෙසේ දුටු බවට වාර්තා කරන ලදී. (සැබැවින්ම උස්මාන් රළියල්ලාහු අන්හු තුමා ජලය ගෙන එන මෙන් ඉල්ලා සිටියේය. පසුව එම බඳුනෙන් දෝතට ජලය ගෙන තුන් වරක් සේදුවේය. පසුව එතුමාගේ දකුණත ජලයෙහි දමා අනතුරුව කට කලත්වා නාසයට ජලය යොදා පිරිසිදු කළේය. පසුව තම මුහුණ තුන් වරක් සෝදා තම දෑත් වැළමිට දක්වා තුන් වරක් සේදුවේය. පසුව තම හිස ජලයෙන් තැවරීය. පසුව තම දෙපා සේදුවේය. පසුව එතුමා නබි තුමාණන් මේ මා කළ වුළු ධෝවනය මෙන් වුළු කරමින් මෙසේ ප්රකාශ කරනු මම දුටිමි. (මේ මා කළ වුළු ධෝවනය මෙන් කවරෙකු වුළු ධෝවනය කර අනතුරුව එහි දී වුළු ධෝවනය කර අනතුරුව එහි දී වුළු අවලංගු නොවී තත්ත්වයෙන් රකආත් දෙකක් ඉටු කළේ ද පාපකම් අතුරින් පෙර කළ දෑ වෙනුවෙන් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් එක් වරක් බැගින් ද දෙවරක් බැගින් ද තුන්වරක් බැගින් ද වුළු ගත් බවට හදීස් වල වාර්තා වේ. මේ සියල්ල සුන්නත් වේ. මුස්ලිම්වරයෙකුට උතුම් වන්නේ සුන්නාවක් ජීවමාන කිරීමක් වශයෙන් මෙම වාර ගණන් මාරුවෙන් මාරුවට කිරීමත් ඉහත කී පරිදි පරිපූර්ණ වශයෙන් වුළු ධෝවනය ඉටු කිරීමත්ය.
1.
عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنه قَالَ "تَوَضَّأَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّةً مَرَّةً" أخرجه البخاري
ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් එක් එක් වරක් බැගින් වුළු ධෝවනය කළේය. (මූලාශ්රය බුහාරි)
2.
عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مَرَّتَيْنِ مَرَّتَيْنِ أخرجه البخاري
අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් දෙවරක් බැගින් වුළු ධෝවනය කළේය. (මූලාශ්රය බුහාරි)
සුළු කිල්ලෙන් පසු වූ අයෙකු සලාතය ඉටු කිරීමට අපේක්ෂා කළ විට වුළු ධෝවනය කර ගැනීම අනිවාර්යය වේ. සෑම අනිවාර්යය සලාතයක් සඳහාම වුළු ධෝවනය කර ගැනීම සුන්නත් වේ. එක් වුළුවක් මගින් සලාතයන් කිහිපයක් කිරීමට ඔහුට අවසරය ඇත.
1.
[ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ ٦ {المائدة:6}
විශ්වාස කළවුනි, සලාතය සඳහා නැගී සිටින කල් හි නුඹලාගේ මුහුණු ද වැළමිට දක්වා නුඹලාගේ දෑත් ද සෝදා ගනිවු. තවද නුඹලාගේ හිස් (තෙත් වූ අතින්) පිරිමදිවු. තවද නුඹලාගේ වළලු කර දක්වා පාද ද (සෝදා ගනිවු.) (අල්-කුර්ආන් 5 : 6)
2.
عن عَمْرُو بْن عَامِرٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: "كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ عِنْدَ كُلِّ صَلَاةٍ قُلْتُ كَيْفَ كُنْتُمْ تَصْنَعُونَ قَالَ يُجْزِئُ أَحَدَنَا الْوُضُوءُ مَا لَمْ يُحْدِثْ" أخرجه البخاري
අනස් ඉබ්නු මාලික් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
සෑම සලාතයකදීම නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වුළු ධෝවනය කරන්නෙකු වූහ. එවිට මම ‘ඔබලා කළේ කෙසේ දැයි විමසුවෙමි. එයට අප අතුරින් කෙනෙකුට කිලිටි ඇති නොවන තාක් කල් එම වුළු ධෝවනය අනුමත විය. (මූලාශ්රය බුහාරි)
3.
عن بُرَيْدَةَ رضي الله عنه عَنْ أَبِيهِ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الصَّلَوَاتِ يَوْمَ الْفَتْحِ بِوُضُوءٍ وَاحِدٍ وَمَسَحَ عَلَى خُفَّيْهِ فَقَالَ لَهُ عُمَرُ لَقَدْ صَنَعْتَ الْيَوْمَ شَيْئًا لَمْ تَكُنْ تَصْنَعُهُ قَالَ عَمْدًا صَنَعْتُهُ يَا عُمَرُ أخرجه المسلم
බුරෙයිදා රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. මක්කාහ් ජයග්රහණය දින එක් වුළු ධෝවනයකින් සලාතයන් කිහිපයක් ඉටු කළේය. තම මේස් සපත්තු දෙක මත පිරිමැද්දේය. එවිට උමර් තුමා එතුමාණන් දෙස බලා ඔබ තුමා නොකළ දෙයක් අද දින කළෙහිය යැයි පවසා සිටියේය. (එවිට) එතුමා අහෝ! උමර් එය මම උවමනාවෙන්ම කළෙමි යැයි පවසා සිටියේය. (මූලාශ්රය: මුස්ලිම්)
1.
عن عمر بن الخطاب رضي الله عنه ان النبي صلى الله عليه وسلم قَالَ: مَنْ تَوَضَّأَ فَقَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ إِلاَّ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ أخرجه مسلم.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව උමර් ඉබ්නු කත්තාබ් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
කවරෙකු වුළු ධෝවනය කර පසුව
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු
තේරුම: අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. තවද සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයා බවටත් මම සාක්ෂි දරමි.
යැයි පවසන්නේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අට විවෘත කරනු ලැබේ. ඔහු කැමති දොරටුවකින් ඇතුළු වේ.
2.
وعن أبي سعيد رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم "مَنْ تَوَضَّأَ، فَقَالَ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، لاَ إِلَهَ إلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوْبُ إِلَيْكَ، كُتِبَ فِيْ رَقٍّ، ثُمَّ طُبِعَ بِطَابِعٍ، فَلَمْ يُكْسَرْ إِلَى يَوْمِ القِيَامَةِ" اخرجه النسائي في عمل اليوم والليلة والطبراني في الأوسط
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව අබූ සඊද් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
කවරෙකු වුළු ධෝවනය කර
سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، لاَ إِلَهَ إلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوْبُ إِلَيْكَ،
සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලෙයික
තේරුම: අහෝ! අල්ලාහ් ඔබේ ප්රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබ හැර වෙනත් දෙවියෙකු නැත. තවද ඔබෙන් මම සමාව අයැදිමි. ඔබ වෙතටම මම යොමු වෙමි
යැයි පවසන්නේද හම් පත්රිකාවක සටහන් කරන ලැබ පසුව එය මුද්රාවකින් මුද්රා කරනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින දක්වා එම මුද්රාව කඩනු නොලැබේ. (මූලාශ්රය: අන්-නසාඊ, අත්-තබරානී)
වුළු අවලංගු කරවන කරුණු හයකි.
පළමුව: මළ, මූත්රා, වාතය, ශුක්රාණු, කාමුකත්වය හෝ වෙහෙස හේතුවෙන් වහනය වන මැලියම් සහිත දියරය, රුධිරය වැනි ශරීර අපවිත්ර බැහැර කරන මාර්ගයන් දෙකින් යමක් පිටවීම.
ප්රතිකාර සඳහා යමක් එතුළින් ඇතුළු කරන්නේ නම් එමගින් වුළු අවලංගු නොවෙයි. එමෙන්ම උපවාසය ද නිශ්ඵල නොවෙයි.
දෙවනුව: ගැඹුරු නින්දකින් හෝ සිහිවිකල් වීමෙන් හෝ මත් වීමෙන් හෝ උමතු වීමෙන් සිහිබුද්ධිය ඉවත් ව යෑම.
තුන් වැන්න: කිසිදු තිරයකින් තොරව යෝනිය හෝ ලිංගය ස්පර්ශ කිරීම.
හතර වැන්න: සංසර්ගයේ නියැළීම ඔසප් තත්ත්වයට පත් වීම නිෆාස් ඇති වීම වැනි ස්නානය අනිවාර්යය කරන සෑම ක්රියාවන්හිම වුළු ද අවලංගු කරයි.
පස් වැන්න: ඔටු මස් අනුභව කිරීම, මෙහි දී ඒ ඝනයට අයිති වන සතුන් ද එයට අදාළ වන්නේය.
1.
عَنْ بُسْرَةَ بِنْتِ صَفْوَانَ رضي الله عنها أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ مَسَّ فَرْجَهُ فَلْيَتَوَضَّأْ أخرجه أحمد والنسائي
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ප්රකාශ කළ බව බුස්රා බින්ත් සෆ්වාන් රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කරන ලදී.
කවරෙකු තම ලිංගය ස්පර්ශ කරන්නේ ද ඔහු වුළු ගත යුතු වේ. (මූලාශ්රය: අහ්මද්, අන්-නසාඊ)
عَنْ جَابِرِ بْنِ سَمُرَةَ رضي الله عنه أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَأَتَوَضَّأُ مِنْ لُحُومِ الْغَنَمِ قَالَ إِنْ شِئْتَ فَتَوَضَّأْ وَإِنْ شِئْتَ فَلَا تَوَضَّأْ قَالَ أَتَوَضَّأُ مِنْ لُحُومِ الْإِبِلِ قَالَ نَعَمْ فَتَوَضَّأْ مِنْ لُحُومِ الْإِبِلِ أخرجه مسلم
ජාබිර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙකු පැමිණ එළු මස් අනුභව කිරීම හේතුවෙන් මා වුළු ගත යුතු දැයි විමසා සිටියේය. එවිට ඔබ කැමති නම් වුළු ගනු. කැමති නම් වුළු නොගනු යැයි පවසා සිටියේය. නැවතත් ඔටු මස් අනුභව කිරීමෙන් මා වුළු ගත යුතු දැයි විමසා සිටියේය. එවිට එසේය. ඔටු මස් අනුභව කිරීම හේතුවෙන් ඔබ වුළු ගත යුතු යැයි පවසා සිටියේය. (මූලාශ්රය : මුස්ලිම්)
තමන් පිරිසිදු කර ගත් බවට දැඩි විශ්වාසයක් තිබී නමුත් තමන්ට හදස් හෙවත් කිලිටි ඇති වී ඇත්දැයි සැකයක් මතු වූ විටක ඔහු පිරිසිදුය යන නිගමනය මත තම විශ්වාසය ගොඩ නැගිය යුතු වේ. තමන්ට හදස් ඇති වූ බවට ස්ථීර නම්, පසුව තමන් පිරිසිදු කර ගත්තා දැයි සැකයක් මතු වූ විටක ඔහු හදස් තත්ත්වයේ සිටින බවට විශ්වාසය ගොඩ නැගිය යුතු වේ. එබැවින් ඔහු පිරිසිදු කර ගත යුතුයි.
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "إِذَا وَجَدَ أَحَدُكُمْ فِي بَطْنِهِ شَيْئًا فَأَشْكَلَ عَلَيْهِ أَخَرَجَ مِنْهُ شَيْءٌ أَمْ لَا فَلَا يَخْرُجَنَّ مِنْ الْمَسْجِدِ حَتَّى يَسْمَعَ صَوْتًا أَوْ يَجِدَ رِيحًا" أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී.
නුඹලා අතුරින් කිසිවෙකු තම කුසෙහි යමක් දැක, පසුව ඉන් යමක් පිට වූයේ ද නැත්දැයි තමන් තුළ කුතුහලයක් ඇති වූ විටක හඩක් ඇසෙන තුරු හෝ දුගදක් හමන තුරු හෝ මස්ජිදයෙන් පිට ව යා නොයුතුයි. (මූලාශ්රය: මුස්ලිම්)
කිලිටි භාවයට පත් වන සෑම මොහොතකම වුළු ධෝවනය කර ගැනීම සතුටු දායක වේ. සෑම සලාතයක් සඳහා ද එසේ වුළු කර ගැනීම සතුටු දායකය. නමුත් කිල්ලට අසු වී ඇත්නම් සලාතය සඳහා වුළු කර ගැනීම අනිවාර්යය වේ.
තම බිරිය සිප ගැනීමෙන්, එය කමුක ආශාවෙන් කළ ද එයින් යමක් පිටවීමෙන් මිස වුළු අවලංගු නොවේ.
ආහාරය සඳහා ගන්නා සත්වයින්ගේ මූත්රා බෙටි ශුක්රාණු මිනිස් ශ්රක්රාණු යන සියල්ල පිරිසිදුය. එමෙන් බළලෙකු විසින් කා දමා ඉතිරි වන දෑ ද පිරිසිදුය.
මිනිස් ශරීරයෙන් බැහැර වන දෑ වර්ග දෙකකි.
පළමුවැන්න, පිරිසිදු දෑ: එනම් කඳුළු, සෙම, කෙළ, සෙවෙල, දහඩිය, ශුක්රාණු වැනි දෑ මේවා සියල්ල වුළු අවලංගු නොකරයි. නමුත් ශුක්රාණු ස්නානය අනිවාර්යය කරයි.
දෙවැන්න, අපිරිසිදු දෑ එනම් මළ, මූත්රා කාමුකත්වය හෝ වෙහෙස හේතුවෙන් වහනය වන මැලියම් සහිත දියරය, ඉදිරි හෝ පිටුපස මාර්ගයෙන් පිටවන රුධිරය වැනි දෑ මේ සියල්ල වුළු අවලංගු කරවයි.
කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් බැහැර වන තෙතමන වලට අවස්ථා දෙකක් ඇත.
පළමුවැන්න, එය ගර්භාෂයෙන් බැහැර වන තෙතමනයක් නම් එය පිරිසිදුය. එමගින් වුළු අවලංගු නොවේ. එසේ තෙතමනයන් බොහෝ විට සිදු වනුයේ මෙවැනි අවස්ථාවෙනි.
දෙවැන්න: තෙතමනය මූත්රා පිට වන ස්ථානයෙන් පිට වන්නේ නම් එය අපිරිසිදුය. ඒ හේතුවෙන් ඇය වුළු ගැනීම අනිවාර්යය වේ. එය අඛණ්ඩව පවතින්නක් නම් ඇගේ නීතිය නිරතුරුවම මූත්රා පිට වන්නෙකුට නියම වන නීතියමය.
මිනිස් ශරීරයෙන් පිටවන රුධිරය පිළිබඳව නීති රීති
මිනිස් ශරීරයෙන් පිට වන රුධිරය දෙවර්ගයකි.
1. ඉදිරි හා පසුපස අපවිත්ර බැහැර කරන මාර්ග වලින් පිට වන රුධිරය. මෙය වුළු අවලංගු කරවන්නකි.
2. නාසය, දත, තුවාල වැනි ශරීරයේ අනෙකුත් අවයවයන් වලින් පිට වන රුධිරය. එය ස්වල්පයක් වුව ද අධිකව තිබුණ ද වුළු අවලංගු නොකරයි. නමුත් පිරිසිදු කමේ නාමයෙන් එය සෝදා හැරීම සතුටු දායකය.
සිට ගෙන හෝ වාඩි වී හෝ හාන්සි වී සිටිය දී ඇති වන සුළු නින්ද වුළු අවලංගු නොකරයි.
عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: أُقِيمَتْ الصَّلَاةُ وَرَجُلٌ يُنَاجِي رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَمَا زَالَ يُنَاجِيهِ حَتَّى نَامَ أَصْحَابُهُ ثُمَّ قَامَ فَصَلَّى
අනස් ඉබ්නු මාලික් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් සමඟ කතා කරමින් සිටිය දී සලාතය සඳහා ඉකාමත් කියන ලදී. නමුත් එතුමාණන්ගේ අනුගාමිකයන් නින්දට යන තෙක්ම එතුමා ඔහු සමඟ කතා කරමින් පසු වූහ. පසුව නැගිට සිට ඔවුනට සලාතය මෙහෙය වූහ. (මූලාශ්රය: බුහාරි, මුස්ලිම්)
අල්-මස්හු යනු නියමිත ක්රම වේදයකට අනුව මේස් සපත්තු මත පිරිමදිමින් අල්ලාහ්ට ඉටු කරන නැමදුමකි.
අල්-හුෆ්ෆු යනු හම් හෝ එවැනි දෙයකින් නිමි කරන ලද කකුලෙහි පලඳින සපත්තු වැනි සියලු දෑ
අල්-ජව්රබ් යනු ලොම් හෝ එවැනි දෙයකින් නිමි කරන ලද කකුලෙහි පලඳින මේස් වැනි සියලු දෑ
عَنْ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ بَيْنَا أَنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ إِذْ نَزَلَ فَقَضَى حَاجَتَهُ ثُمَّ جَاءَ فَصَبَبْتُ عَلَيْهِ مِنْ إِدَاوَةٍ كَانَتْ مَعِي فَتَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ متفق عليه
මුඝීරා බින් ෂුඃබා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් සමඟ එක් රාත්රියක සිටියෙමි. එවිට එතුමාණන් බැස තම මිනිස් අවශ්යතා ඉටු කර ගෙන පසුව පැමිණියහ. එවින් මා සමඟ වූ ජල මල්ලෙන් එතුමාණන් වෙත ජලය වක් කළෙමි. එවිට එතුමාණන් වුළු ධෝවනය කර තම සපත්තුවට උඩින් පිරි මැද්දාහ. (මූලාශ්රය: බුහාරි, මුස්ලිම්)
1. පදිංචි කරුවෙකුට සපත්තු මේස් මත මස්හ් කිරීමට එක් දහවලක් හා රාත්රියක් එනම් දිනයක කාලයක් අනුමැතිය ඇත. මගියෙකුට නම් රාත්රිය ඇතුළුව දින තුනක් ඒ මත පිරිමැදීමට අනුමැතිය ඇත. මෙම කාලය ගණන් ගනුයේ ඒ දෙක පැලඳ ගත්තායින් පසු මුල් වරට මස්හ් කිරීමට ආරම්භ කළ අවස්ථාවේ සිටය.
عن علي بن ابي طالب رضي الله عنه قال: "جَعَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَلَاثَةَ أَيَّامٍ وَلَيَالِيَهُنَّ لِلْمُسَافِرِ وَيَوْمًا وَلَيْلَةً لِلْمُقِيمِ" أخرجه مسلم
අලී ඉබ්නු අබී තාලිබ් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. (සපත්තු මේස් මත මස්හ් කිරීම සම්බන්ධයෙන්) අල්ලාහ්ගේ දූතයාණේ සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් මගියාට එහි රාත්රිය ඇතුළුව දින තුනක් ද පදිංචිකරුට එක් දිනක් හා රාත්රියක් ද නියම කළේය. (මූලාශ්රය: මුස්ලිම්)
2. ගිනි නිවන හමුදාව, ව්යසනයක දී හෝ ආපදා අවස්ථාවක දී පෙනී සිටින ආරක්ෂක භටයින් මිනිසුන්ගේ යහපත උදෙසා කැප වී සිටින තැපැල් සේවකයින් වැනි පැලඳ ගත් මේස් සපත්තුව නිතර පැලඳීමටත් ගලවා දැමිමට අපහසු මගීන්ට මේ සඳහා නියමිත කාලයක් සීමා කොට නැත.
පලඳින දෑ අනුමත එමෙන්ම පිරිසිදු හා වළලු කර ආවරණය කරන්නක් විය යුතුයි. තවද පිරිසිදු තත්ත්වයේ පලදිනු ලැබිය යුතුයි. හදස් අල්-අස්ඝර් නම් කුඩා කිල්ල සඳහා විය යුතුයි. පදිංචිකරු හා මගියා යන දෙදෙනාට නියමිත වූ කාල පරාසය තුළ විය යුතුයි.
මුස්ලිම්වරයෙකු තම අත ජලයෙහි ගිල්වා පසුව මේස් හෝ සපත්තුව මතු පිටින් දකුණු අතින් දකුණු පාදයේ ඇඟිලි වලින් පටන් ගෙන පාදයේ කෙණ්ඩය දක්වා පිරිමැදිය යුතු වේ. මෙහි දී පාදයේ යටි පතුල හෝ පසුපස පෙදෙස පිරිමදිනු නොලැබේ. එමෙන්ම වම් අතින් වම් කකුල පිරිමැදිය යුතු වේ. වමතට වඩා දකුණතට ප්රමුඛත්වය දිය යුතු වේ.
කෙනෙකු පිරිසිදුව සිටිය දී මේස් කුට්ටමක් මත තවත් මේස් කුට්ටමක් පලඳින්නේ නම් මතු පිට ඇති මේස් කුට්ටම පිරිමැදිය යුතු වේ. පිරිසිදු භාවයකින් තොරව ඔහු පැලඳ ඇත්නම් ඊට යට ඇති මේස් කුට්ටම පිරිමැදිය යුතු වේ.
කෙනෙකු එක් දිනක ගමනක දී තම සපත්තුව පිරිමැද පසුව ඔහු තම වාසභූමියට පැමිණියේ නම් ඔහු පදිංචිකරුවෙකුට නියම වූ දිනක් හා රාත්රියක් යන කාල අවකාශය පිළිපැදිය යුතු වේ. ඔහු පදිංචිකරුවෙකුව සිටිය දී දිනක් තම සපත්තුව මත පිරි මැද පසුව ඔහු ගමනක යෙදෙන්නේ නම් එවිට ඔහු මගියෙකුට නියම වූ රාත්රිය සමග දින තුනක් යන කාල අවකාශය පිළිපැදිය යුතු වේ.
1. කකුලෙහි පැලඳ ඇති සපත්තු කුට්ටම හෝ මේස් කුට්ටම ගැලවීම.
2. ජනාබත් වැනි අනිවාර්යය ස්නානය කිරීමේ අවස්ථාවක් උදා වීම.
3. පිරිමැදීමේ කාල අවකාශය සම්පූර්ණ වීම.
වුළු අවලංගු කිරීමේ එක් හේතුවකින් මිස පිරිසිදු භාවයෙන් ඔහු නොමිදෙනු ඇත.
1. පිරිමියෙකු හිසෙහි පලඳින ජටාව හෝ කාන්තාවක් හිසෙහි පලඳින මොට්ටැක්කිලිය මත අවශ්යතාවක් ඇති වූ විට කිසිදු කාල සීමාවක් නියම කිරීමකින් තොරව මස්හ් හෙවත් පිරිමැදීමට අනුමැතිය ඇත. මෙහි දී ජාටාව හා මොට්ටැක්කිලිය මත වැඩි හරියක් පිරිමැදිය යුතු වේ. පිරිසිදුව සිටිය දී ඒ දෙක පැලඳීම ඉතා උචිතය.
عَن عَمْرِو بْنِ أُمَيَّةَ عَنْ أَبِيهِ قَالَ : رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ عَلَى عِمَامَتِهِ وَخُفَّيْهِ أخرجه البخاري
අම්ර් ඉබ්නු උමෙයියා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් එතුමාණන්ගේ ජටාව මත හා එතුමාණන්ගේ සපත්තු කුට්ටම මත පිරිමදිනු මම දුටිමි යැයි පවසා සිටියේය. (මූලාශ්රය: බුහාරි)
2. සපත්තු කුට්ටම මත හෝ මේස් මත හෝ ජටාව මත හෝ මොට්ටැක්කිලිය මත හෝ මස්හ් හෙවත් පිරිමැදීමට අනුමැතිය ඇත්තේ, මළ මූත්රා කිරීම නින්ද වැනි හේතූන් මත ඇති වන හදසුල් අස්ගර් හෙවත් සුළු කිල්ලක අවස්ථාවකදී ය. මස්හ් කිරීමට අනුමැතිය ඇති කාලය තුළ ජනබාත් හෙවත් මහා කිල්ලක අවස්ථාවක් ඇති වූයේ නම් එවිට ඔහු මේවා මත පිරිමැදීම නොසෑහෙන අතර තම ශරීරය මුළුමනින්න සෝදා ගත යුතු වේ.
1. ශරීරයේ කවර ස්ථානයක වුව ද පතුරක් හෝ වෙළුම් පටියක් දමා ඇත්නම් ඒ දෙක මත මස්හ් කිරීම අනිවාර්යය වන්නේය. නියමිත කාලය දීර්ඝ වුව ද ජනාබත් හෙවත් අනිවාර්යයෙන්ම ස්නානය කළ යුතු අවස්ථාවක් ඇති වුව ද පිරිසිදුව නොසිටින අවස්ථාවක පැලඳ ගත්ත ද මෙහි දී එම කොන්දේසි අදාළ නොවේ. ඉන් සමහර කොටසක් පමණක් මස්හ් කිරීමට හැකියාව ලබන්නේ නම් එය ප්රමාණවත් වේ.
2. තුවාලයක් ආවරණය නොකර ඇත්තේ නම් එය සේදීම අනිවාර්යය වේ. එසේ සේදීමෙන් තුවාලයට යම් හානියක් ඇති වේ නම් ඒ මත ජලයෙන් පිරිමැදිය යුතු වේ. ජලයෙන් පිරිමැදීමත් ඔහුට අපහසු නම් තයම්මුම් වෙත ඔහු යොමු විය යුතු වේ. තුවාලයක් ආවරණය කර ඇත්නම් ඒ මත ජලයෙන් මස්හ් කළ යුතු වේ. එය ඔහුට අපහසු නම් තයම්මුම් වෙත යොමු විය යුතු වේ. මෙම අවස්ථාවන් දෙකෙහිම තයම්මුම් සිදු විය යුත්තේ වුළු ගැනීමෙන් පසුවය.
අල්-ගුස්ල් යනු නියමිත ක්රමයකට අනුව පිරිසිදු ජලයෙන් ස්නානය කරමින් අල්ලාහ්ට කරන නැමදුමකි.
කරුණු හයක් ස්නානය අනිවාර්යය කරයි.
1. නින්දෙන් හෝ සංසර්ගයේ යෙදීමෙන් හෝ සැප විදීමෙන් හෝ පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් සැපවත් ලෙස විදින ශුක්රාණු පිටවීම
2. ශුක්රාණු පිට නොවූවත් පිරිමියාගේ ලිංගයේ හිස් කොටස ආවරණය වන තරමට යෝනිය තුළට පිවිසීම
3. ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අයෙකු හැර සෙසු මුස්ලිමුවරයෙකු මරණයට පත් වූ විට
4. දේව ප්රතික්ෂේපකයෙකු දෙවියන්ට අවනත වූ විට එනම් මුස්ලිම්වරයෙකු බවට පත් වූ විට,
5. හයිල් හෙවත් ඔසප් ඇති වීම
6. නිෆාස් හෙවත් දරු ප්රසූතියකින් පසු රුධිර වහනය ඇති වීම.
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الْأَرْبَعِ ثُمَّ جَهَدَهَا فَقَدْ وَجَبَ الْغَسْلُ" متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු විසින් වාර්තා කරන ලදී. ඇයගේ සිව් රාගික ස්ථාන අතර ඔබ වාඩි වී පසුව ඇය සමඟ උත්සාහ දැරුවේ නම් ස්නානය කිරීම ඔහුට අනිවාර්යය වේ. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
මුස්ලිම්වරයෙකු ස්නානය කිරීම සම්බන්ධයෙන් චේතනා කොට පසුව තම ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි එක් වරක් සෝදා හැරීම වේ.
මුස්ලිම්වරයෙකු ස්නානය කිරීම සම්බන්ධයෙන් චේතනා කර, පසුව තම දෙඅත් තුන් වරක් සෝදා තම ලිංගය ද ඒ අවට විසිරී ඇති දෑ ද පිරිසිදු කොට පරිපූරණ ලෙස වුළු ධෝවනය කර, පසුව තම හිසට තුන් වරක් ජලය වක්කර තම දෑතින් හිසකෙස් හොදින් අතුල්ලා සෝදා පසුව ශරීරයේ සෙසු අවයවන් එක් වරක් සෝදා හැරීම. මෙහි දී දකුණු පැත්තට මුල් තැන දී ශරීරය අතුල්ලා සේදිය යුතු වේ. එමෙන්ම ජලය අපතේ යැවීමෙන් වැළකී සිටිය යුතු වේ.
عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قال قَالَ حَدَّثَتْنِي خَالَتِي مَيْمُونَةُ قَالَتْ أَدْنَيْتُ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلَهُ مِنْ الْجَنَابَةِ فَغَسَلَ كَفَّيْهِ مَرَّتَيْنِ أَوْ ثَلَاثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فِي الْإِنَاءِ ثُمَّ أَفْرَغَ بِهِ عَلَى فَرْجِهِ وَغَسَلَهُ بِشِمَالِهِ ثُمَّ ضَرَبَ بِشِمَالِهِ الْأَرْضَ فَدَلَكَهَا دَلْكًا شَدِيدًا ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلَاةِ ثُمَّ أَفْرَغَ عَلَى رَأْسِهِ ثَلَاثَ حَفَنَاتٍ مِلْءَ كَفِّهِ ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ ثُمَّ تَنَحَّى عَنْ مَقَامِهِ ذَلِكَ فَغَسَلَ رِجْلَيْهِ ثُمَّ أَتَيْتُهُ بِالْمِنْدِيلِ فَرَدَّهُ" متفق عليه
මාගේ පුංචි අම්මා මට මෙසේ දන්වා සිටි බව ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
‘‘ජනාබත් හේතුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් ස්නානය කර ගනු පිණිස එතුමාණන් වෙත ජලය ළංකර දුනිමි. එවිට එතුමා තම අල්ල දෙවරක් හෝ තුන් වරක් සෝදා ගත්තේය. පසුව ජල බඳුනට තම අත දමා එමගින් තම ලිංගික අවයවය මත වක්කර තම වමතින් සෝදා ගත්තේය. පසුව තම වම් අත පොළොවට ගසා එය හොදින් අතුල්ලා හැරියේය. පසුව සලාතය සඳහා වුළු ගන්නා අයුරින් වුළු ධෝවනය කර පසුව ජලය පුරවා ගත් දොත් තුනකින් තම හිස මත වක් කර ගත්තේය. පසුව ශරීරයේ සෙසු පෙදෙස් ද සෝදා හැරියේය. පසුව එම ක්රියාවෙන් ඉවත් ව තම දෙපාද සෝදා හැරියේය. පසුව මා එතුමාණන් වෙත තුවායක් ගෙන ආවෙමි නමුත් එතුමා එය ප්රතික්ෂේප කළේය. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
සුන්නාහ්ව වනුයේ මුස්ලිම්වරයෙකු ස්නානයට පෙර සලාතය සඳහා වුළු ගන්නා අයුරින් වුළු ධෝවනය කිරීමය. ස්නානය කිරීමට පෙර වුළු ගත්තත් ඊට පෙර වුළු නොගත්තත් ස්නානයෙන් පසු වුළු ගැනීම දහම් ගත කරනු ලැබූවක් නොවේ.
සලාතය ඉටු කිරීම, කඃබා මන්දිරය තවාෆ් කිරීම, මස්ජිදයේ රැඳී සිටීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّى تَغْتَسِلُوا
විශ්වාස කළවුනි, නුඹලා මත් භාවයේ සිටිය දී නුඹලා පවසන දේ නුඹලාට වැටහෙන තෙක් සලාතයට ළං නොවවු. මඟ තරණය කරන්නෙකු (මගියෙකු) හැර ජුනුබ් (මහ කිලිටි) තත්ත්වයේ සිටිය දී නුඹලා ස්නානය කරන තෙක් ද (සලාතයට ළං නොවවු.).... (අල්-කුර්ආන් 4: 43)
ජුනුබ් තත්ත්වයේ පසුවන්නෙකුට අල්-කුර්ආනය කියවීමටත් එය ස්පර්ශ කිරීමටත් අනුමැතිය ඇති නමුත් තමන් පිරිසිදු වී එසේ කිරීම වඩාත් උතුම් වේ.
1. සුන්නාහ්ව වනුයේ මිනිසෙකු සංසර්ගයේ නිරතවීමෙන් පසු ස්නානය කර ගැනීමයි.
මිනිසෙකු ජුනුබ් තත්ත්වයේ සිටිය දී ඔහුට නිදා ගැනීමට අනුමැතිය ඇත. නමුත් ඊට පෙර තම ලිංගික අවයවය සෝදා ගැනීමත් වුළු ධෝවනය කර ගැනීමත් උතුම් වන්නේය.
عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: "كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَنَامَ وَهُوَ جُنُبٌ غَسَلَ فَرْجَهُ وَتَوَضَّأَ لِلصَّلَاةِ" متفق عليه
ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ ජුනුබ් තත්ත්වයේ සිටිය දී නිදාගන්නට අපේක්ෂා කළ විට තම ලිංගය සෝදා පසුව වුළු ධෝවනය කරන්නෙකු වූහ. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
2. ස්වාමි පුරුෂයාට හා තම බිරිදට ඔවුන් එකිනෙකාගේ රහස්ය අවයවයන් පෙනෙන සේ පිහිටිය ද ඔවුන් දෙදෙනා එකම භාජනයක ස්නානය කිරීමට අනුමැතිය ඇත.
عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: "كُنْتُ أَغْتَسِلُ أَنَا وَالنَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ مِنْ جَنَابَةٍ" متفق عليه
මම නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් සමඟ ජනාබත් හේතුවෙන් එකම භාජනයක ස්නානය කරන්නෙකු වූයෙමි. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
තම පවුල සමඟ සංසර්ගයේ නිරත වූ කෙනෙකු නැවතත් ඇය සමඟ එසේ කටයුතු කරන්නට අපේක්ෂා කළේ නම් හෝ තමන්ගේ තවත් බිරියක් වෙත යන්නට අපේක්ෂා කළේ නම් හෝ එම සංසර්ගයන් දෙක ස්නානය කර ගැනීම සතුටු දායක වේ. එසේ ස්නානය කර ගැනීමට අපහසු නම් වුළු ධෝවනය කළ යුතුයි. එය නැවතත් සංසර්ගයේ නියැළීමට පුනර්ජීවය ලබා දෙයි. දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් සංසර්ගයේ නිරත වූවෙකු හෝ බිරින්දෑවරුන් කිහිප දෙනෙකු සමඟ සංසර්ගයේ නිරත වූවෙකු හෝ ඔහුට එක් වරක් ස්නානය කර ගැනීම ප්රමාණවත් වෙයි.
عَنْ أَنَسٍ رضي الله عنه: "أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَطُوفُ عَلَى نِسَائِهِ بِغُسْلٍ وَاحِدٍ" متفق عليه
අනස් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් ප්රකාශ කරන ලදී. සැබැවින්ම නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ එතුමාණන්ගේ බිරින්දෑවරුන් අතර ගොස් එක් වරක් ස්නානය කරන්නෙකු වූහ. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් ඇදීම සඳහා ස්නානය කර ගැනීම, ජනාසාවක් ස්නානය කරවන්නා ස්නානය කර ගැනිම, උමතුවෙන් හෝ සිහිවිකල් වීමෙන් සුවය ලැබූ විට, මක්කාහ්වට ඇතුළු වන විට ස්නානය කර ගැනීම, සංසර්ගයේ නියැළෙන සෑම වාර ගණනාවකටම පසුව ස්නානය කර ගැනීම දේව ආදේශකයෙකු භූමිදානය කරන්නා ස්නානය කර ගැනීම.
1. ස්නානය කරන විට ජනයාට නොපෙනන සේ ආවරණය කර ගැනීම අනිවාර්යය වේ. කෙනෙකු නාන කාමරයක එවැනි ආවරණය කළ ස්ථානයක තනිව ස්නානය කරන්නේ නම් නිරුවතින් ස්නානය කළ හැකිය. නමුත් ඔහු තනිව සිටිය ද ආවරණය කර ගැනීම උතුම් වේ. හේතුව ජනයාට වඩා ඔහු ඉදිරියේ ලැජ්ජාවීමට ඉතා සුදුසු බැවිනි.
2. ඔසප් හා ජනාබත් හෝ ජනාබත් හා ජුමුආ හෝ මෙවැනි ස්නානයන් දෙකක් අනිවාර්යය වූ විටක එම ස්නානයන් සඳහා එක් වරක් පමණක් ස්නානය කිරීම ප්රමාණවත්ය.
3. කාන්තාවකගේ ස්නානය ද පිරිමියෙකුගේ ස්නානය මෙනි. ජනාබත් හේතුවෙන් ස්නානය කිරීමේ දී ඇයගේ ගොතා ඇති කෙස් ගලවා දැමීම අනිවාර්යය නොවේ.
4. ඔසප් හේතුවෙන් හෝ නිෆාස් හෙවත් දරු ප්රසූතියෙන් පසු වහනය වන රුධිරය හේතුවෙන් ස්නානය අනිවාර්යය වූයේ නම් එහි දී ස්නානය කරන ක්රමය ද ජනාබත් අවස්ථාවේ ස්නානය කරන ක්රමයම වේ. නමුත් මෙහි දී ඇයගේ ගොතා ඇති කෙස් කළඹ ගලවා දැමීමත් ජලය හා සිද්ර් හෙවත් මසන් කොළ වැනි දෑ ගැල්වීමත් හිස හොදින් අතුල්ලා සේදීමත් කස්තූරි වැනි සුවද විළවුන් රහස්ය අවයවයන් හි තැබීමත් සතුටු දායක වේ.
ස්නානයට පෙර වුළු ගැනීම, අපවිත්ර දෑ ඉවත් කිරීම, හිස මත ජලය තුන් වරක් වක් කිරීම, දකුණු පැත්තට ප්රමුඛත්වය ලබා දීම.
සුන්නාහ්ව වනුයේ ජුනුබ් පුද්ගලයෙකු සාඃ එකක ප්රමාණයේ සිට මුද්දු පහක් දක්වා වූ ජලයෙන් ස්නානය කිරීමයි.
සාඃ එකක් යනු ලීටර් 2.40 එක් සාඃ එකකට මුද්දු 4 කි. එනම් මුද්දු එකක් යනු මිලී ලීටර 600කි.
මුද්දු 5 ක් යනු ලීටර් 3කි.
එනම් ලීටර් 2.40 හා ලීටර් 3ක් අතර වූ ජලයෙහි ස්නානය කිරීමය.
එය ප්රමාණවත් නොමැති නම් හෝ ඊට වඩා වැඩි වශයෙන් භාවිත කිරීමට අවශ්යතාවය ඇත්නම් හෝ ඊට අනුමැතිය ඇත. වුළු ධෝවනය කිරීමේ දී ද ස්නානය කිරීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද අනෙකුත් අවස්ථාවල දී ද ජලය අපතේ යැවීම සුදුසු නොවේ.
عَنْ أَنَسٍ رضي الله عنه قَالَ "كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ بِالْمُدِّ وَيَغْتَسِلُ بِالصَّاعِ إِلَى خَمْسَةِ أَمْدَادٍ" متفق عليه
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් සාඃ එකක ප්රමාණයේ සිට මුද්දු පහක් දක්වා වූ ජලයෙන් ස්නානය කරන්නෙකු වූහ. එමෙන්ම එක් මුද්දු එකක ප්රමාණයෙන් වුළු ධෝවනය කරන්නෙකු වූහ යැයි අනස් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
මුස්ලිම් වරයෙකු නාන කාමරය වැනි පිරිසිදු ස්ථානයක ස්නානය කිරීම සුන්නත් වේ.
වැසිකිළියේ ස්නානය කිරීම පිළිකුල් සහගතය. එය මිනිස් අවශ්යතාවන් ඉටු කරන ස්ථානයකි. එය අපවිත්ර බැහැර කරන ස්ථානයකි. එහි ස්නානය කිරීම සිතෙහි කුකුසක් ඇති කරන්නකි. එක් ස්ථානයක මූත්රා කර එම ස්ථානයේම ස්නානය නොකළ යුතුයි. හේතුව එසේ කළ විට නජීස් තමන්ගේ ශරීරයේ තැවරීමට ඉඩ ඇති හෙයිනි.
කෙනෙකු ස්නානය කළ පසුව විදීමකින් හෝ කාමාශාවෙන් තොරව ශුක්රාණු පිට වන්නේ නම් නැවත ස්නානය කිරීමක් අවශ්ය නොවේ. නමුත් එය සෝදා ගැනීමත් සලාතය ස්ථාපිත කිරීමට අදහස් කරන්නේ නම් වුළු ධෝවනය කර ගැනීමත් අනිවාර්යය වේ.
නිදා ගත් කෙනෙකු අවදි වූ විට යම් කිසි තෙතමනයක් තමන් දුටුවේ නම් එයට අවස්ථා 3ක් ඇත.
1. එය ශුක්රාණු යැයි ස්ථීර විශ්වාසයක් ඇති විටක ඒ වෙනුවෙන් ස්නානය කර ගැනීම අනිවාර්යය වේ.
2. එය ශුක්රාණු නොවන බව ස්ථීර නම් එය මූත්රාවල නීති රීති හා සමානය. එනම් තැවරී ඇත්නම් සෝදා හැරිය යුතු වේ.
3. තත්ත්වය කුමක් ද යන්න ස්ථීර විශ්වාසයක් නොමැති වීම. තමන් මෝචනයට පත් වූ බවට මතක් වූයේ නම් ඔහු ස්නානය කර ගැනීම අනිවාර්යය වේ. එසේ මතක් නොවූයේ නම් එය මදීය. එය ද මූත්රා වල නීතිය මෙනි.
ජලය නොමැති වීම නිසා හෝ එය භාවිත කිරීමෙන් තමන්ට හානියක් සිදු වන නිසා හෝ මෝචනයට පත් වූ කෙනෙකු ස්නානය කිරීමට බාධාවක් වූයේ නම්, ඔහු තයම්මුම් කර ගත යුතුය. ජලය ලැබුණේ නම් ඔහු ස්නානය කර ගත යුතුය. තයම්මුම් මගින් ඉටු කළ සලාතය නැවත කිරීමක් අවශ්ය නොවේ.
කාන්තාවක් ජුනුබ් තත්ත්වයේ සිට ඇයට ජලය නොලැබුණේ නම් හෝ ඇය එය භාවිත කිරීමෙන් රෝගාතුර වේවි එසේත් නැතිනම් සුව වීමට ප්රමාද වේවි යැයි බියක් දැනුණේ නම් හෝ ඇය තයම්මුම් කර ගත යුතු වේ. තයම්මමු අනිවාර්ය කළ දෑ ඉවත් වූ විටක ඇය නැවත ස්නානය කර ගත යුතුයි.
ජුමුආ සලාතය අනිවාර්ය වන සෑම මුස්ලිම්වරයෙකුම ජුමුආ දින ස්නානය කිරීම ඉතා වැදගත් සතුටු දායක සුන්නාහ්වකි.
සලාතයට සහභාගී වන්නන් හා මලක් වරුන් අසීරුතාවට පත් වන තරමට කෙනෙකුගෙන් දුගද හමන්නේ නම් ඔහු ස්නානය කර ගැනීම අනිවාර්යය වේ. එසේ ඔහු ස්නානය නොකර සිටින්නේ නම් ඔහුගේ සලාතය පිළිගනු ලබන නමුත් ස්නානය අනිවාර්ය භාවයේ අඩුවක් කළ පුද්ගලයෙකු බවට පත් වේ.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْغُسْلُ يَوْمَ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
ජුමුආ දින ස්නානය කිරීම වැඩිවියට පත් සෑම කෙනෙකු කෙරෙහිම අනිවාර්යය වේ. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
අත්-තයම්මුම් යනු සලාතය නීත්යානුකූල කර ගැනීම පිණිස හෝ වෙනත් කාර්යයක් සඳහා හෝ තම දෙඅත් පිරිසිදු පසෙහි ගසා මුහුණ හා අත් පිරිමැදීමෙන් අල්ලාහ්ට කරන නැමදුමකි.
තයම්මුම් මුස්ලිම් සමූහයට නියම වූ විශේෂිත කාර්යයන් අතුරින් එකකි. එය ජලයෙන් පිරිසිදු කිරීම වෙනුවෙන් කරන කරන ක්රියාවකි.
عَنْ جَابِرِ بْنُ عَبْدِ اللَّهِ (الأنصاري) رَضِيَ اللهُ عَنْهُماَ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ ((أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ منَ الأنبياء قَبْلِي نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ وَجُعِلَتْ لِي الْأَرْضُ مَسْجِدًا وَطَهُورًا فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلَاةُ فَلْيُصَلِّ وَأُحِلَّتْ لِي الْمَغَانِمُ وَلَمْ تَحِلَّ لِأَحَدٍ قَبْلِي وَأُعْطِيتُ الشَّفَاعَةَ وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً)) متفق عليه
ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ ප්රකාශ කළහ. (මට පෙර වූ නබි වරුන් අතුරින් කිසිවෙකුට ලබා නොදුන් කරුණු පහක් මට දෙනු ලැබීය. මසක් ගමන් කරන දුර ප්රමාණයට (සතුරන් තුළ වූ) බියෙන් මට උදව් කරනු ලැබීය. මා වෙනුවෙන් මහ පොළොව නැමදුම් කරන ස්ථානයක් බවටත් පිරිසිදු බවටත් පත් කරනු ලැබීය. මාගේ සමූහයේ කවර මිනිසෙකු වෙත වුව ද සලාතය පැමිණි විට සලාතය ඉටු කළ යුතුයි. යුද්ධයෙන් අත් පත් කර ගත් ඝනීමා වස්තුව මට අනුමත කරනු ලැබීය. මට පෙර කිසිවෙකුටත් එය අනුමත කරනු නොලැබීය. (ජනයා වෙනුවෙන්) මැදිහත් වීමට ද මට දෙනු ලැබීය. නබි වරුන් තම ජනයා කෙරෙහි පමණක් එවනු ලැබූ අතර මා එවනු ලැබුවේ පොදුවේ මුළු මිනිස් සමූහයා වෙතටය. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
ජලය නොමැති වීමෙන් හෝ එය භාවිත කිරීමෙන් ඇති වන හානිය නිසාවෙන් හෝ එය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක් උදා වීමෙන් හෝ ජලය තිබුණ ද එය විකිණීමට ඇති හේතුවෙන් හෝ සුළු කිල්ලට හෝ මහා කිල්ලට ග්රහණය වූ කෙනෙකුට ජලය භාවිත කිරීමට බාධාවක් ඇති වූ විටක තයම්මුම් කිරීම දහම් ගත කරනු ලැබ ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.
[وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٦ {المائدة:6}
...තවද නුඹලා රෝගීව සිටියේ නම් හෝ ගමනක යෙදී සිටියේ නම් හෝ නුඹලාගෙන් කෙනෙකු වැසිකිළි අවශ්යතාවන් ඉටු කිරීමෙන් පසු පැමිණියේ නම් හෝ කාන්තාවන් සමඟ ලිංගික ස්පර්ශය ඇති කර ගත්තේ නම් හෝ පසුව නුඹලාට (පිරිසිදු වීමට) ජලය නොලැබුණහොත් එවිට පිරිසිදු පසින් තයම්මුම් කරවු. එනම් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ දෑත් ද එයින් පිරිමදිවු. නුඹලාට දුෂ්කරතාවයක් ඇති කිරීමට අල්ලාහ් ප්රිය නොකරන්නේය. එනමුත් නුඹලා කෘතවේ දී වනු පිණිස නුඹලාව පවිත්ර කිරීමටත් තමන්ගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කිරීමටත් ප්රිය කරන්නේය. (අල්-කුර්ආන් 5:6)
පස්, වැලි, ගල්, තෙත් මඩ හා වියළි මඩ වැනි පිරිසිදු දැයින් මහ පොළොව මත තිබෙන සියලු දෑ තයම්මුම් කිරීමට අනුමැතිය ඇත.
මුස්ලිම්වරයෙකු තයම්මුම් සඳහා චේතනා කර ගනිමින් පසුව තම දෙඅත්ල වරක් මහ පොළොවට ගසා දෙඅත්ලෙහි ඇති දූවිලි ප්රමාණය අඩු කර ගැනීමට ඒ දෙක මත පිඹ, පසුව තම මුහුණ ද පසුව දෙඅත් මැණික් කටුව දක්වා පිරිමැදිය යුතුයි. එහි දී වම් අත්ල දකුණතෙහි මතු පිටින් ද දකුණු අත්ල වම් අත මතුපිටින් ද පිරිමැදිය යුතුයි. ඇතැම් අවස්ථා වල මුහුණට පෙර දෙඅත් පිරිමදිනු ලැබේ. සුන්නාහ්ව ජීවමාන කිරීම පිණිස වරක් මුහුණට ද වරක් අතට ද ප්රමුඛත්වය දීම වඩාත් යහපත්ය.
عن عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ قَالَ جَاءَ رَجُلٌ إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ فَقَالَ "إِنِّي أَجْنَبْتُ فَلَمْ أُصِبْ الْمَاءَ فَقَالَ عَمَّارُ بْنُ يَاسِرٍ لِعُمَرَ بْنِ الْخَطَّابِ أَمَا تَذْكُرُ أَنَّا كُنَّا فِي سَفَرٍ أَنَا وَأَنْتَ فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ وَأَمَّا أَنَا فَتَمَعَّكْتُ فَصَلَّيْتُ فَذَكَرْتُ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّمَا كَانَ يَكْفِيكَ هَكَذَا فَضَرَبَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِكَفَّيْهِ الْأَرْضَ وَنَفَخَ فِيهِمَا ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ وَكَفَّيْهِ" متفق عليه
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබ්සා රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු උමර් රළියල්ලාහු අන්හු තුමාණන් වෙත පැමිණ මම මහා කිල්ලට පත් වූයෙමි. නමුත් මට ජලය නොලැබුණේය. යැයි පවසා සිටියේය. එවිට අම්මාර් ඉබ්නු යාසිර් තුමා උමර් තුමාගෙන් මා හා ඔබ ගමනක යෙදී සිටි අවස්ථාවක ඔබට මතක දැයි විමසමින් එවිට ඔබ සලාතය ඉටු නොකළෙහිය. මම පසෙහි පෙරළී සලාතය ඉටු කළෙමි. පසුව මම ඒ ගැන නබි තුමාණන්ට දන්වා සිටියෙමි. එවිට නබි සල්ලල්ලාහු අලෙයහි වසල්ලම් තුමාණන් ඔබට මෙසේ කිරීම ප්රමාණවත් යැයි පවසා එතුමාණෝ තම අත් මහ පොළාව මත ගසා ඒ දෙක අතර පිඹ පසුව ඒ දෙකින් මුහුණ ද මැණික් කටුව දක්වා වූ පෙදෙස ද පිරි මැද්දේය. (මූලාශ්රය බුහාරි හා මුස්ලිම්)
عَنْ عَمَّار رَضِيَ اللهُ عَنْهُ – في صفة التيمم - وفي- فَقَالَ النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَصْنَعَ هَكَذَا فَضَرَبَ بِكَفِّيهِ ضَرْبَةً عَلَى الْأَرْضِ ثُمَّ نَفَضَهَا ثُمَّ مَسَحَ بِهِا ظَهْرَ كَفِّهِ بِشِمَالِهِ أَوْ ظَهْرَ شِمَالِهِ بِكَفِّهِ ثُمَّ مَسَحَ بِهِا وَجْهَهُ متفق عليه
තයම්මුම් හි ක්රමය පිළිබඳව ප්රකාශ කර සිටිය දී නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා මෙසේ ප්රකාශ කළ බව අම්මාර් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. නුඹ මෙසේ කිරීම නුඹට ප්රමාණවත් වේ යැයි පවසා තම දෑත් පොළොව මත තබා පසුව අත ගසා පසුව එමගින් එතුමාගේ වම් අතින් එතුමාගේ අතෙහි මතුපිට පිරිමැද්දාහ. එසේත් නැතිනම් තම අතින් වම් අතෙහි මතු පිට පිරිමැද්දාහ. පසුව එමගින් තම මුහුණ ද පිරිමැද්දාහ.
මළ මූත්රා කිරීම කාම මෝචනයට පත් වීම ජනාබත් තත්ත්වය ඇති වීම ඔසප් හෝ දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වීම වැනි නොයෙකුත් කිලිටි සඳහා තයම්මුම් කිරීමට චේතනා කළ විට ඒ සියල්ලටම ඔහුගේ එම තයම්මුම් ප්රමාණවත් වේ.
තයම්මුම් කරන්නා සලාතය තවාෆ් කිරීම සංසර්ගයේ නියැළීම යනාදී කරුණු වල දී දහම් ගත කිරීම හා ඒවා අනුමත කිරීමේ දී වුළු ධෝවනය කරන්නා හා සමානය.
පහත සඳහන් කරුණු තයම්මුම් අවලංගු කරවයි.
1. ජලය ලැබීම
2. රෝගී භාවයෙන් හෝ වෙනත් අවශ්යතාවකින් ඇති වූ බාධක ඉවත් වීම.
3. ඉහත සඳහන් වුළු අවලංගු කරවන ක්රියාවන්ගෙන් එකක් සිදුවීම.
1’ සුළු හා මහා කිල්ලෙන් පිරිසිදු වීම පිණිස තයම්මුම් නීති ගත කර ඇත.
අපවිත්ර දෑ පිරිසිදු කිරීමේ දී එය ශරීරයේ තැවරී තිබුණ ද ඇදුමෙහි තැවරී තිබුණ ද ඒ සඳහා තයම්මුම් නැත. නමුත් එය ඉවත් කළ යුතු වේ. එය ඉවත් කිරීමට නොහැකි නම් එහි පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන සලාතය ඉටු කළ යුතු වේ’
2. කෙනෙකුට ජලය නොලැබී එමෙන්ම ඒ සඳහා තයම්මුම් කරන දෑ ද නොලැබුණේ නම් හෝ ඒ දෙකම භාවිත කිරීමට ශක්තිය නොදරන්නේ නම් හෝ එම වාතාවරණය සැලකිල්ලට ගෙන වුළු හෝ තයම්මුම් නොකර සලාතය ඉටු කළ යුතු වේ. එය නැවත ඉටු කිරීමට අවශ්ය නොවන්නේය.
3. කෙනෙකුට තුවාලයක් සිදු වී ජලය භාවිතයෙන් හානිකර අවස්ථාවක් උදා වේවි යැයි බියක් ඇති වූ විටක ඒ මත ඔහු ජලයෙන් පිරිමැදිය යුතු වේ. ඉතිරිය ඔහු සෝදා ගත යුතු වේ. ජලයෙන් පිරිමැදීමෙන් හානිදායක වේවි යැයි සිතූ විටක ඔහු ඒ වෙනුවෙන් තයම්මුම් කළ යුතු අතර ඉතිරිය සෝදා ගත යුතු වේ.
4. සලාතය අතරවාරයේ දී තයම්මුම් කළ අය ජලය දුටුවේ නම් ඔහුගේ තයම්මුම් අවලංගු වේ. එවිට සලාතය අත හැර පසුව වුළු ධෝවනය කර පසුව සලාතයේ නියැළිය යුතු වේ. සලාතය ඉටු කිරීමෙන් පසුව ජලය දකින්නේ නම් ඔහුගේ සලාතය නිවැරදිය. නැවතත් එය ඉටු කළ යුතු නොවේ.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه قَالَ خَرَجَ رَجُلَانِ فِي سَفَرٍ فَحَضَرَتْ الصَّلَاةُ وَلَيْسَ مَعَهُمَا مَاءٌ فَتَيَمَّمَا صَعِيدًا طَيِّبًا فَصَلَّيَا ثُمَّ وَجَدَا الْمَاءَ فِي الْوَقْتِ فَأَعَادَ أَحَدُهُمَا الصَّلَاةَ وَالْوُضُوءَ وَلَمْ يُعِدْ الْآخَرُ ثُمَّ أَتَيَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَا ذَلِكَ لَهُ فَقَالَ لِلَّذِي لَمْ يُعِدْ أَصَبْتَ السُّنَّةَ وَأَجْزَأَتْكَ صَلَاتُكَ وَقَالَ لِلَّذِي تَوَضَّأَ وَأَعَادَ لَكَ الْأَجْرُ مَرَّتَيْنِ متفق عليه
අබූ සඊද් අල්-කුද්රී රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.
එක්තරා ගමනක මිනිසුන් දෙදෙනෙකු බැහරව ගියේය. සලාතයේ වේලාවද පැමිණියේය. ඔවුන් දෙදෙනා ළඟ ජලය නොතිබිණ. එබැවින් ඔවුන් දෙදෙනා පිරිසිදු පසින් තයම්මුම් කර ගෙන සලාතය ඉටු කළහ. පසුව එම වේලාවේම ඔවුන් දෙදෙනා ජලය දුටුවෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වුළු හා සලාතය නැවත ඉටු කළේය. නමුත් අනෙකා එසේ ඉටු නොකළේය. පසුව දෙදෙනාම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ මේ ගැන එතුමාණන්ට පවසා සිටියෝය. එවිට එතුමාණෝ නැවත ඉටු නොකළ අයට ඔබ සුන්නාව ලබා ගත්තේය ඔබගේ සලාතය ඔබට හිමි විය. යැයි පවසා සිටියහ. එමෙන්ම වුළු ගෙන නැවත සලාතය ඉටු කළ අයට ඔබට දෙවාරයක් කුසල් ඇත්තේ යැයි පවසා සිටියහ.
(මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
මෙය ස්වභාවයෙන්ම කාන්තාවකගේ ගර්භාෂයෙන් පිට වන ස්වභාවික රුධිරයයි. නියිමිත කාල පරිච්ඡේදයක් තුළ කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් පිට වේ.
මවකගේ ගර්භාෂය තුළ දරුවෙකු පෝෂණය කිරීමේ පරමාර්ථයෙන් අල්ලාහ් හයිල් රුධිරය මවා ඇත. එබැවින් ගර්භණි මාතාවකට හයිල් රුධිර වහනය නවතියි. ඇය දරුවෙකු ප්රසූත කළ විට එය ඇයගේ තනපිඩු වලින් නිකුත් වෙන කිරි බවට පරිවර්තනය වේ. එබැවින් කිරි දෙන මවකගේ හයිල් රුධිර වහනය ද අඩු වී යයි. ගර්භිණී තත්ත්වයෙන් හෝ කිරි දීමෙන් ඇය මිදුණේ නම් එය පවතිනු ඇත. එයින් වැළකිය හැකි නොවේ. එය ගර්භාෂයේ පතිත වී සෑම මසකම බොහෝ විට දින හයක් හෝ හතක් රුධිර වහනය සිදු වේ. එය අපවිත්රය.
බහුල වශයෙන් හයිල් පවතින කාල සීමාව දින හයක් හෝ හතකි.
නමුත් ඊට වඩා අඩු කාලයක් තුළ හෝ වැඩි කාලයක් තුළ පැවතීම සීමා වී නැත. එමෙන්ම එයට නිශ්චිත ආරම්භක කාලයක් හෝ අවසන් කාලයක් සීමාවී ද නැත. එයින් බැහැරව පිරිසිදුව සිටින අවම හෝ අධික කාලයක් ද සීමා වී නැත.
එය මවක් දරුවෙකු ප්රසූත කළ පසුව හෝ එම අවස්ථාවේ හෝ ඊට පෙර හෝ ඇයගේ යෝනි මාර්ගයෙන් වහනය වන රුධිරයයි.
මෙය බොහෝ විට දින හතළිහක් දක්වා පවතී. නමුත් ඊට පෙර ඇය එයින් පිරිසිදු වූවා නම් ස්නානය කළ පසුව සලාතයේ නියැළිය යුතුයි. උපවාස කාලය නම් උපවාසයේ නිරත විය යුතුයි. ඇයගේ ස්වාමි පුරුෂයා සමග සංසර්ගයේ නියැළීමට හැක.
ඇතැම් විට එම රුධිර වහනය දින හැටක් දක්වා දීර්ඝ වන්නේ නම් එයද නිෆාස් රුධිරයයි. ඉන් අනතුරුවත් පවතින්නේ නම් එය නිෆාස් නොවන අතර එය හානිදායක රුධිරයකි. එවිට ඇය එක් වරක් ස්නානය කර ගත යුතු වේ. ඇය සෑම සලාතයක් සඳහාම වුළු ධෝවනය කර ගැනීම සතුටු දායකය. පිරිසිදු භාවයෙන් පෙළෙන්නියක් කළ යුතු සෙසු නැමදුම් කටයුතු ද ඇය විසින් ක්රියාත්මක කළ යුතු වේ.
රතු රුධිරය අධික ලෙස බැහැර වී ප්රසූතිය ද සිදු නොවූයේ නම් එය ද හානිදායක රුධිර වහනයකි. ඒ හේතුවෙන් සලාතය මග හැරිය නොහැක. නමුත් සෑම සලාතයක් සඳහාම වුළු ධෝවනය කර ගත යුතු වේ.
සුපුරුදු පරිදි ඇයට නියමිත කාලයේ හෝ නියමිත මාසයේ හයිල් රුධිරය ඇය දකින්නේ නම් එය හයිල් රුධිරය වේ. ඒ හේතුවෙන් ඇය සලාතයත් උපවාසයත් සෙසු නැමදුම් අත හැර දැමිය යුතු වේ.
හයිල් හෝ නිෆාස් පවතින කාන්තාවක් ඇය පිරිසිදු වී ස්නානය කරන තුරු සලාතය ඉටු කිරීම, උපවාසය රැකීම, කඃබතුල්ලාහ්ව පැදකුණු කිරීම හා සංසර්ගයේ නියැළීම තහනම් වන්නේය.
කාන්තාවක් හයිල් වහනය වළක්වා ගැනීමට අවශ්ය වූයේ නම් එමගින් ඇයට හානියක් සිදු නොවන්නේ නම් ඇය ඒ සඳහා ප්රතිකාර කර ගැනීමට අවසරය ඇත. එවිට ඇය පවිත්රතාවට පත් වන්නීය. ඇයට සලාතය ඉටු කළ හැක උපවාසයේ නියැළිය හැක. එමෙන්ම සාමාන්යෙයන් පිරිසිදු කතක් කරන නැමදුම් ඇයට ද කළ හැක.
කාන්තාවක් සුදු පැහැති ද්රාවණයක් පිටවීම දකින්නේ නම් එය හයිල් නතර වී ඇති බවට වූ සලකුණයි. මෙසේ ඇය නොදකී නම් හයිල් වහනය වන ස්ථානයට සුදු පුළුන් කැබැල්ලක් දමා එය ඉවත් කළ විට වෙනස් වීමක් දකින්නට නොමැති නම් එවිට එය ඇයගේ පිරිසිදු භාවයේ සලකුණයි.
නියම වුණු සුපුරුදු කාලයේ එය වහනය වන්නේ නම් එය හයිල් රුධිරය වේ. සුපුරුදු කාලයට පෙර හෝ පසු දකින්නේ නම් එය හයිල් නොවේ. එවිට ඇය සලායත ඉටු කිරීමත්, උපවාසයේ නියැළීමත් අනිවාර්යය වේ. තම ස්වාමි පුරුෂයා සමඟ සංසර්ගයේ නියැළීමටත් අනුමැතිය ඇත. එමෙන්ම සුපුරුදු කාලය ඉක්මවා එසේ කහ හෝ බොර පැහැති රුධිරය දකින්නේ නම් ඇය ස්නානය කර පිරිසිදු වී පිරිසිදු කාන්තාවක් ඉටු කරන සලාතය හා එවැනි අනෙකුත් නැමදුම් කටයුතු ද ඉටු කළ යුතු වේ.
කාන්තාවකට එක් සලාතයක වේලාව පැමිණි පසුව හයිල් ඇති වූවා නම් හෝ එක් සලාතයක වේලාව ඉක්මවා යාමට පෙර පිරිසිදු වූවා නම් හෝ එම සලාතය ඉටු කිරීම අනිවාර්යය වේ. මේ සම්බන්ධයෙන් නිෆාස් වහනය වන කාන්තාව ද ඇය මෙන්මය.
පුද්ගලයෙකුට තම බිරිය හයිල් තත්ත්වයේ පසුවන්නියක් නම් ඇය සමඟ යට ඇදුමට ඉහළින් සැප විඳිය හැක. මේ පිළිබඳව හදීස් හි සඳහන් වනුයේ මෙලෙසය.
عَنْ مَيْمُونَةَ رضي الله عنها قَالَتْ: "كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُبَاشِرُ نِسَاءَهُ فَوْقَ الْإِزَارِ وَهُنَّ حُيَّضٌ" متفق عليه
මයිමූනා රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තම භාර්යාවන් හයිල් තත්ත්වයේ සිටියදී ඔවුන් සමඟ යට ඇදුමට ඉහළින් සතුටු විඳින්නෙකු වූහ. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)
1- කාන්තාවකගේ ගුද මාර්ගයෙහි ලිංගිකත්වයේ නියැළීම තහනම් මෙන්ම හයිල් කාන්තාවකගේ යෝනි මාර්ගයේ එසේ නියැළීම ද තහනම් වේ.
උත්තරීතර අල්ලාහ් පවසා සිටියි.
[ وَيَسَۡٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى فَٱعۡتَزِلُواْ ٱلنِّسَآءَ فِي ٱلۡمَحِيضِ وَلَا تَقۡرَبُوهُنَّ حَتَّىٰ يَطۡهُرۡنَۖ فَإِذَا تَطَهَّرۡنَ فَأۡتُوهُنَّ مِنۡ حَيۡثُ أَمَرَكُمُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّٰبِينَ وَيُحِبُّ ٱلۡمُتَطَهِّرِينَ ٢٢٢ {البقرة:222}
(නබිවරයාණනි,) ඔසප් පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. එය කිලිටකි යැයි ප්රකාශ කරවු. එහෙයින් ඔසප්(කාලයෙ)හි කාන්තාවන්(භාර්යාවන්)ගෙන් (ලිංගික ඇසුරෙන්) වැළකී සිටිවු. ඔවුන් පිවිතුරු වන තෙක් ඔවුන් සමග (ලිංගික අසුරට) සමීප නොවවු. ඔවුන් පිරිසිදු වූවා නම් අල්ලාහ් නුඹලාට නියම කළ පෙදෙසින් ඔවුන් වෙත(ඇසුර)ට යවු. සැබැවින්ම (තමන් කළ වරදට) පශ්චාත්තාපයේ නියැළෙන්නන්ව හා පිවිතුරුව සිටින්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය. (අල්-කුර්ආන් 2:222)
2- කාන්තාවක් ඇයගේ හයිල් රුධිරය නතර වී පසුව ස්නානය කර පිරිසිදු වන තෙක් ලිංගික ඇසුරෙහි නිරත වීම සුදුසු නොවන්නේය. එසේ කෙනෙකු ලිංගික ඇසුරෙහි නිරත වන්නේ නම් ඔහු පාපියෙකු වේ.
3- මිනිසෙකු තම බිරිය හයිල් තත්ත්වයේ සිටින බව දැන දැනම උවමනාවෙන්ම ඇය සමඟ ලිංගික ඇසුරෙහි නිරත වන්නේ නම් ඔහු සීමාව ඉක්මවා ගිය අපාරාධ කාර පාපියෙකු වේ. ඔහු ඒ වෙනුවෙන් පාපක්ෂමාවෙහි නිරත වීමත් පශ්චාත්තාපය අයැද සිටීමත් අනිවාර්යය වේ. ඔහුගේ බිරියද මෙහිදී ඔහුට සමාන වේ.
අල්-මුස්තහාලා යනු නියමිත කාල පරිච්ඡේදයන් හැර වෙනත් කාලයන් හි අසාමාන්ය ලෙස රුධිර වහනයට භාජනය වන කාන්තාවයි.
හයිල් යනු කන්යා පටලය හෙවත් ගර්භාෂයේ ගැඹුරේ සිට වහනය වන රුධිරයයි. මෙම රුධිරය දුගද හමන ඝන කළු පැහැති වර්ණයෙන් යුක්තය. මෙය වහනය වූ විට ඝන භාවයට පත් නොවේ.
ඉස්තිහාලා යනු ගර්භාෂයේ පහළ කොටසින් වහනය වන රුධිරයයි. මෙය දුගදක් නොමැති මොළොක් භාවයෙන් යුත් රතු පැහැති රුධිරයයි. මෙය වහනය වූ විට ඝන භාවයට පත් වේ. හේතුව මෙය සාමාන්යයෙන් වහනය වන රුධිරය වන බැවිනි.
හයිල් හා නිෆාස් ඇති වූ කාන්තාවක් පිරිසිදු වීමේ දී ජනාබත් තත්ත්වයෙන් පිරිසිදු වීමේ ක්රියාවලියම පිළිපැදිය යුතු වේ. නමුත් ඇයගේ ගොතා ඇති හිසකෙස් ගලවා දැමීමත් මසන් හෝ සබන් වැනි දෑ ගල්වා ජලයෙන් සෝදා ගැනීමත් හිස හොදින් අතුල්ලා ගැනීමත් කස්තූරි වැනි සුවද විලවුන් තම ලිංගික අවයවයෙහි දැමීමත් සතුටු දායක වේ.
ඉස්තිහාලා ඇති වූ කාන්තාවක් හයිල් වහනය වූ පසු එක් වරක් පමණක් ස්නානය කර ගත යුතු වේ. මෙම රුධිරය හේතුවෙන් සෑම සලාතයකටම පසු වුළු ගැනීම අනිවාර්යය නොවේ. නමුත් එසේ කිරීම සතුටු දායකය. රෙදි කඩක් හෝ එවැනි යම් දෙයකින් තම ලිංගික අවයවය බැඳ ගත යුතු වේ.
1- ඇයට හයිල් වහනය වන නියමිත කාලය පිළිබඳ මනා අවබෝධයක් තිබීම. එවිට ඇය එම නියමිත කාලය තුළ රැඳී සිට පසුව ස්නානය කර ගනිමින් සලාතයේ නිරත වෙයි.
2- ඇයට හයිල් වහනය වන නියමිත කාලය පිළිබඳව දැනුමක් නොතිබීම. එවිට ඇය දින හයක් හෝ හතක් රැඳී සිටියි. හේතුව බොහෝ විට හයිල් ඇති වී වහනය වන කාල පරිච්ඡේදය එය බැවිනි. පසුව ඇය ස්නානය කොට සලාතයේ නිරත වෙයි.
3- ඇයට එසේ වහනය වීම අසාමාන්ය වීම. නමුත් කළු පැහැති හයිල් රුධිරය වෙනත් රුධිර වර්ග වලින් වෙන් කර හඳුනා ගැනීමට හැකියාව ඇයට ඇත. එවිට වෙන් කර හඳුනා ගත හැකි හයිල් රුධිර වහනය නතර වූ පසු ඇය ස්නානය කර ගෙන සලාතයේ නිරත වෙයි.
4- ඇයට එසේ වහනය වීම සාමාන්ය දෙයක් වීම. නමුත් ඇයට හයිල් රුධිරය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි නම් ඇය දින හයක් හෝ හතක් රැඳී සිට පසුව ස්නානය කර සලාතයේ නිරත වෙයි. මෙය මල්වර අවදියයි.
කාන්තාවක් ඩිම්බ බැහැර කළේ නම් එය හයිල් හෝ නිෆාස් නොවේ. මාස හතරක කලලයක් බැහැර කළේ නම් එය නිෆාස්ය. හැඩරුවක් රහිත ලේ කැටියක් හෝ මස් කැබැල්ලක් බැහැර කළේ නම් ඇය රුධිරය දුටුව ද එය නිෆාස් නොවේ. මාස තුනක් සපිරුණු හැඩරුවක් ඇති මස් කැබැල්ලක් බැහැර කළේ නම් එය දරු ප්රසූතියක් බව ස්ථිරය. එබැවින් එය නිෆාස් වේ.
ඉස්තිහාලා ඇති වූ කාන්තාවක් අනිවාර්යය සලාතයන් ඉටු කිරීමත් රමළාන් උපවාසයේ නියැළීමත් ඇයට අනිවාර්යය වේ.
මේ හැර සලාතය උපවාසය තවාෆ් කිරීම යනාදියෙන් අමතර දෑ කිරීම සුන්නත් කාර්යයක් වේ. එමෙන්ම ඇයගේ ස්වාමි පුරුෂා ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා ගැනීමටත් අනුමැතිය ඇත.
عَنْ عَائِشَةَ أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشٍ سَأَلَتْ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ إِنِّي أُسْتَحَاضُ فَلَا أَطْهُرُ أَفَأَدَعُ الصَّلَاةَ فَقَالَ "لَا إِنَّ ذَلِكِ عِرْقٌ وَلَكِنْ دَعِي الصَّلَاةَ قَدْرَ الْأَيَّامِ الَّتِي كُنْتِ تَحِيضِينَ فِيهَا ثُمَّ اغْتَسِلِي وَصَلِّي" متفق عليه.
ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කරන ලදී. අබූ හුබෙයිෂ්ගේ දියණිය වන ෆාතිමා නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගෙන් මෙසේ විමසීය.
මම ඉස්තිහාලා ඇති වන කාන්තාවක් වෙමි. මම පිරිසිදු නොවෙන්නෙමි. එබැවින් මම සලාතය අත හරින්න දැයි විමසා සිටියාය. එවිට එතුමාණෝ එපා සැබැවින්ම එය එක්තරා දහඩියකි. නමුත් ඔබ හයිල් තත්ත්වයේ පසු වන දින ගණනට අනුව සලාතය අත හැර පසුව ස්නානය කර සලාතයේ නිරත වනු යැයි පවසා සිටියහ. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)