සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම්කරු වූ අල්ලාහ්ටම හිමි වේ. ඔහුගේ කරුණාව හා දයාව උත්තම නබි මුහම්මද් (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද , මිත‍්‍රයින්ටද හිමිවේවා!
අල්ලාහ්ගෙන් පහළ වූ කුර්ආනයට අමතර ව, රසූල් (සල්) තුමාණන් ගේ මාර්ගයෙන් පැමිණි අන් සියල්ල සුන්නාහ් වේ. අල් කුර්ආනයේ දක්නට තිබෙන නීති රීති සඳහා අවශ්‍ය විස්තර සපයා ඒවා පහදා දෙන්නේ සුන්නාවයි. තවද, මෙම නීති රීති වලට ප්‍රායෝගික පිළිපැදීම සඳහා අවශ්‍ය ආදර්ශ සපයන්නේ සුන්නාවයි.
ඒවා අල්ලාහ්ගෙන් සෘජුව පහළ කරන ලද වැකියන් හෝ රසූල් (සල්) තුමාණන්ගේ තීරණයෙන් පසුව එය සනාථ කරමින් පහළ කරන ලද වැකියන් ය. මේ හේතුවෙන් සුන්නාහ් යනු අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබු ඒවාය. (Islamreligion.com)
සුන්නාහ් යනු මාර්ගය හෝ මඟ වේ. හදීස් යන අරාබි පදය සුන්නාහ්වට සමාන පදය වන නමුත් ඒ පද දෙක සර්වසම නොවේ. හදීස් යනු රසුල් (සල්) තුමාණන්ගේ ජීවිතය හෝ එතුමාණන් අනුමත කළ හෝ තහනම් කළ සියලු වදන් හදීස් ලෙස හැඳින් වේ. එහෙත් එතුමාණන්ගේ ජීවිතයේ සිදු කළ ක්‍රියාවන් සියල්ල සුන්නාහ් ලෙස හැඳින්වේ. අල් කුර්ආනය සහ සුන්නාහ් යන දෙකම මුස්ලිම් වරයෙකුට ඉතාමත් අවශ්‍යය වේ. ඒවා දෙකම අධ්‍යයනය නොකර කෙනෙකුට ඉස්ලාම් දහම අනුගමනය කළ නොහැකි බව අල් කුර්ආන් පවසයි.
හදීස් යන්නෙහි සරල තේරුම "ප්‍රවෘතිය/කතාව" යන්නයි. එනම්, නබිතුමාණන් මුවින් පිට කල, සහ ක්‍රියාවෙන් පෙන්නුම් කල දේ හා අනුමත කල දේ පිළිබඳ ප්‍රවෘත්ති වේ. ඒවා පසු කාලයේ අයලුන් සඳහා දන්වන්නේ "සහාබා" වරුන් හෙවත් නබිතුමාගේ කාලයේ සිටි අනුගාමිකයින් විසිනි. සහාබාවරුන් විසින් නබි වදන් සහ නබිතුමා පිළිබඳ නිරීක්ෂණය කළ දේ, ඊළඟ පරම්පරාව සඳහා උගන්වා දෙනු ලැබීය. එලෙස පරම්පරා කීපයක් වාචිකව එය සම්ප්‍රේෂණය වුණි. (සමහරුන් එම නබිවදන් සමහරක් පෞද්ගලිකව ලියාගත්හ. එහෙත් ග්‍රන්ථ ලෙස නබිවදන් එවිට එකතු වූයේ නැත). නබිතුමාගෙන් පසු අවුරුදු 200ක් පමණ කාලයක් ගත වූ පසු නබි වදන් එකතු කර, ග්‍රන්ථ ලෙස සංරක්ෂණය කිරීමට ආරම්භ කෙරිණි. එහෙත්, අල් කුර්ආනය එකතු කර ලේඛනගත කළේ නබිතුමාගෙන් පසු සහාබා වරුන් විසින් ඉතාම කෙටි කලක් තුලදීය . එකල්හිම, හදීස්ද එලෙසම එකතු නොකිරීමට හේතුව ඒවා එකට එක් කලවම් නොවීමට යැයි විද්වතුන් පවසති. අප නබිවදන් උපුටාගන්නේ එම හදීස් පොත් වලින්ය.
එසේනම්, එලෙස වාචිකව සම්ප්‍රේෂණය වූ කාලයේ එම නබිවදන්වල සත්‍යතාව සොයා බලන්න ක්‍රමයක් තිබේද යන්න ප්‍රශ්නයකි? එය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ "මුහද්දිස්" හෙවත් හදීස් සම්බන්ධ විශාරදයින්ය. ඔවුන් විසින් හදීස් වල තත්වය (නිවැරදි බව අනුව) වර්ගීකරණය කර ඇත. හදීසයක කොටස් දෙකක් ඇත. එහි අන්තර්ගතය (මතන්) සහ සම්ප්‍රේෂණ දාමය (සනද්). අන්තර්ගතය යනු එම හදීසයෙන් පැවසෙන දේය. ( සම්ප්‍රේෂණ දාමය) යනු එම හදීසය නබිතුමාගේ සිට ලිඛිතව පොත් ලෙස එකතු කරන්නා දක්වා කුමන අය හරහා ගමන් කළේද එම පුද්ගලයින්ගේ නම් පෙළයි. එහි පරම්පරා කීපයක පුද්ගලයන් ඇතුලත් වේ. යම් හදීසයක් නිවැරදිතාවය අනුව වර්ගීකරණය කරන්නේ මෙම සම්ප්‍රේෂණ දාමය විශ්ලේෂණය කිරීමෙනි. එම සම්ප්‍රේෂණ දාම වල සඳහන් පුද්ගලයින්ගේ විස්තර එකල විද්වතුන් විසින් එකතු කර පොත් ලෙස ලියා ඇත. "අස්මා-උර්-රිජාල්" යනුවෙන් එයට කියනු ලැබේ. එහි, එම පුද්ගලයින් පිළිබඳ උපත, විපත, දැහැමි බව, මතක ශක්තිය ආදී ලෙස විස්තර ලියවී ඇත. එම විස්තර දන්න විද්වතුන් විසින් හදීසයක සම්ප්‍රේෂණ දාමයෙහි පැමිණෙන පුද්ගලයින් ගැන විශ්ලේෂණය කර, එම හදීසය සම්ප්‍රේෂණයේදී වැරදීම්/බොරු කිරීම්/අමතක වීම් සිදුවිය හැකිද යන්න අදහසක් ගනු ලැබේ.
ඒ අනුව එම හදීසය (නිවැරදිතාවය අනුව) 'සහීහ්' (සත්‍ය/ශක්තිමත්) හෝ 'ළඊෆ්' (දුර්වල) ලෙස වර්ගීකරණය කෙරේ. මේ දෙක අතර අතරමැදි අවස්ථාද ඇත. ඒ ගැන නිපුනත්වයක් ඇත්තේ විශාරදයින්ටය. හදීස් විශ්ලේෂණයේදී , උදා: යම් හදීසයක සම්ප්‍රේෂණ දාමයෙහි එක් තැනක, ගුරුවරයාගේ විපත ඇත්තේ, එය ඉගෙනගත් ශිෂ්‍යයාගේ උපතට වඩා කලින් නම්, එයින් පෙනෙන්නේ මේ දෙදෙනා අතර නොදන්නා තව කෙනෙක් හරහා මේ හදීසය සම්ප්‍රේෂණය වී ඇති බවයි. නොදන්නා කෙනෙක් එහි සිටීම එම හදීසයේ දුර්වලකමකි.මතක ශක්තිය අඩු අය, බොරුකාරයින් ආදිය එම සම්ප්‍රේෂණ දාමය තුලට ඇතුලත් වන්නේ නම් එම හදීසය දුර්වල වේ.මෙවැනි සොයාබලන කරුණු රාශියක් ඇත. හදීසයක් දුර්වල යැයි කියන්නේ නබිතුමා විසින් කියන ලද දේ ගැන දුර්වලතාවය නොවේ. එම ප්‍රවෘත්තිය සම්ප්‍රේෂණයේදී ඇති වූ දුර්වලතාවය බව අප වටහා ගත යුතුයි.
මේ ආකාරයෙන් ඉස්ලාමීය ඉතිහාසය තුල බොහෝ මූලාශ්‍ර ග්‍රන්ථ ගොණු කරනු ලැබිණි.එයින් සමහරක් පහත දැක්වේ:
ඉමාම් බුහාරි තුමා විසින් එක්රැස් කරන ලද හදීස් ග්‍රන්ථය : සහීහ් බුහාරි, ඉමාම් මුස්ලිම් තුමා විසින් එක්රැස් කරන ලද හදීස් ග්‍රන්ථය සහීහ් මුස්ලිම් , ඉමාම් තිර්මිදි තුමා විසින් එක්රැස් කරන ලද හදීස් ග්‍රන්ථය සහීහ් තිර්මිදි , ඉමාම් අබූදාවූද් තුමා විසින් එක්රැස් කරන ලද හදීස් ග්‍රන්ථය අබූ දාවූද් , ඉමාම් ඉබ්නුමාජා තුමා විසින් එක්රැස් කරන ලද හදීස් ග්‍රන්ථය සහීහ් ඉබ්නුමාජා වේ. මේවා මුස්ලිම් ලොවේ සියලු දෙනා විසින් එක් සිත්ව භාරගන්නා ලද හදීස් ග්‍රන්ථයන් වේ. නබි මුහම්මද් (සල් ) තුමාණන් මෙසේ එතුමාණන්ගේ හදීසයන් ආරක්ෂා කරන්නන් සඳහා දුආ ප්‍රාර්ථනා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ ﷺ ප්‍රකාශ කල බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් t තුමා විසින් දැනුම් දෙන ලදී :
අප විසින් වදනක් අසා එම වදන අන් අයෙකුට දැනුම් දෙන පුද්ගලයාව අල්ලාහ් දෙවිඳුන් ආලෝක කරත්වා. ශ්‍රාවකයාට වඩා දැනුම් දීමට ලක්වූවන් බොහෝමයින් ඉතා පරික්ෂාකාරීය.
මුලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 2657.ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉහත සඳහන් ග්‍රන්ථ වලින් හදීස් 90 ක් තෝරා එහි අර්ථය හා එයින් උපුටා ගත් පාඩම් යනුවෙන් එක් පොත් පිංචක් අප සකස් කළෙමු.මෙම හදීස් කෘතියෙහි සඳහන් උගත යුතු පාඩම් උපුටා ගැනුණේ මහාචාර්ය යහ්යා බින් ශරෆ් අන්නවවි (රහ්)තුමාණන් හා මහාචාර්ය ඉබ්නු හජර් ) රහ්)තුමාණන් වැනි මහාචාර්ය වරුන්ගේ අර්ථ විවරණයන් උපයෝගී කරමිනි.
මෙම කෘතියේ සඳහන් වූ හදීසයන් බුහාරී හා මුස්ලිම් යන ග්‍රන්ථ ඇසුරින් වාර්තා වී ඇත්නම් එම හදීසය පිළි ගත යුතුද නැතහොත් ප්‍රතික්ෂේප කළ යුතු දැයි නොවිමසා එය පිළි ගත යුතුය.කුමක් නිසාදයත් මෙම ග්‍රන්ථයෙහි සඳහන් හදීසයන් සියල්ලම , ලොවේ සියලු දෙනා විසින් එක් සිත්ව භාරගන්නා ලද ෂත්යවූ පවිත්‍රවත් හදීස් බැවිනි.එසේ නොමැතිව අබූ දාවූද් , සුනන් නසාඊ , සුනන් ඉබ්නු මාජාහ් වැනි ග්‍රන්ථ ඇසුරින් හදීසයක් වාර්තා වූයේ නම් එම හදීසයට මහාචාර්ය ඉමාම් අල්බානි (රහ්) තුමාණන් විසින් කුමන ස්ථාවරයක් දෙනු ලැබුනේද එවෙනි ස්ථාවරයක් මෙහි සඳහන් කරනු ලැබෙන අතර එම හදීසය පිළිබඳව ඉමාම් තිර්මිදි (රහ්) තුමාණන්ගේ ප්‍රකාශය කෙසේද යන්නත් ඇතැම් විට සඳහන් කරනු ලැබේ.
විදේශිකයින් කැඳවීම හා මඟපෙන්වීමේ කාර්‍යාලයේ අධ්‍යක්ෂක අෂ්ශේක් කාලිද් බින් අලි අබල් කයිල් තුමාණන්ටත්,විදේශිකයින් කැඳවීම හා මඟපෙන්වීමේ කාර්‍යාලයේ දාවා අංශයේ අධ්‍යක්ෂක අශ්ශේක් නාසර් බින් මුහම්මද් අල් හුවයිෂ් තුමාණන්ටත්,මෙම කෘතිය එලි දැක්වීම සඳහා නුවණෙන් හා කයෙන් විශාල වශයෙන් දායක වූ විදේශිකයින් කැඳවීම හා මඟපෙන්වීමේ කාර්‍යාලයේ කැඳවීම් අංශයේ කැඳවුම්කරුන් වන ගෞරවණීය කැඳවුම්කරුවන්ටත් විශේෂයෙන් සහෝදර අබ්දුල් අසීස් මළ්ඌෆ් සහෝදරයාටත් මාගේ ස්තුති ප්‍රණාමය පුද කරමි.
සංස්කාරක
මුහම්මද් මුර්තළා බින් ආඉෂ් මුහම්මද්.
පරිවර්තක
මුහම්මද් අකීල් මුහම්මද් අමීන්.
1 -عَنْ أَبيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: “مَنْ تَصَدَّقَ بِعَدْلِ تَمْرَةٍ مِنْ كَسْبٍ طَيِّبٍ، وَلاَ يَقْبَلُ اللهُ إِلاَّ الطَّيِّبَ؛ فَإِنَّ اللهَ يَتَقَبَّلُهَا بِيَمِينِهِ، ثُمَّ يُرَبِّيهَا لِصَاحِبِهِ، كَمَا يُرَبِّيْ أَحَدُكُمْ فَلُوَّهُ حَتَّى تَكُوْنَ مِثْلَ الْجَبَلِ".
(صحيح البخاري، رقم الحديث 1410، واللفظ له، وصحيح مسلم، رقم الحديث 63 - (1014)،).
කවුරුන් නියමිත ආකාරයෙන් උපයා ගත් වස්තුවෙන් එක් ඉඳි ගෙඩියක වටිනාකමකින් යුත් ප‍්‍රමාණයක් හෝ දානමාන වශයෙන් පරිත්‍යාග කරන්නේද,” අල්ලාහ් පරිශුද්ධ දැය මිස වෙන කිසිවක් බාර ගන්නේ නැත” එය නියත වශයෙන්ම අල්ලාහ් තම දකුණතින් බාර ගෙන පසුව නුඹලාගෙන් කෙනෙකු තම අශ්ව පැටවා ඇති දැඩි කරන්නාක් මෙන් එයින් ලැබෙණ කුසලද කන්දක් මෙන් වන තෙක් අල්ලාහ් එය ඇති දැඩි කරන බව නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය :සහීහ් බුහාරී වැකි අංක 1410 / සහීහ් මුස්ලිම් වැකි අංක 1014.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබ්දුර්රහ්මාන් බින් සක්ර් අද්දවුසී අල් යමානී .මෙතුමා බළලුන් හුරතල් කරමින් ඔවුන් සමඟ සෙල්ලම් කිරීමේ පුරුද්දක් තිබුන හේතුවෙන් අබූ හුරයිරා නමින් නම් පැට බැඳි අයෙකි. තවද මෙතුමා සිය පවුල සඳහා බැටළුවන් රැක බලා ගත්හ.හිජ්රි 4 වෙනි වර්ෂයෙහි කයිබර් සටන් කාලවකවානුව තුල ඉස්ලාම් දහම වැළඳ ගත්හ.ඉන්පසු මුහම්මද් (සල්) තුමාණන් සමගම අවුරුදු 4 ක් ගත කළ අතර නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ උතුම් රුවන් වැකි හැදෑරීම සඳහා ඉතා අවංකව උත්සහ කළ අතර ඒවා සුරකීය.මෙම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මෙතුමාණන් සහාබිවරුන්ගෙන් ඉතා අධික හදීස් ප්‍රමාණයක් වාර්තා කළෙකු යන කීර්ති නාමය මෙතුමාට හිමි විය.එනම් මොහු විසින් වාර්තා වූ හදීස් ගණන 5374 කි.තවද මෙතුමාණන් මදීනාවෙහි ධර්ම නීතිවේදියෙක් වන අතර හිජ්රි වර්ෂ 57 හි මරණයට පත් වූ මෙතුමාණන්ගේ දේහය බකීඃ සුසාන භූමියෙහි මිහිදන් කරනු ලැබීය.
Fඋගත යුතු පාඩම්:
v අනෙකුත් සෑම වන්දනාමාන සේම දානමාන පරිත්‍යාග කිරීමේදී පවා තම චේතනාව විය යුත්තේ අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය ලබා ගැනීම පමණී.
v මුස්ලිම්වරයෙකු අයුතු ලෙසින් ධනය උපයා ගැණිම අල්ලාහ් දෙවියන්ගේ කෝපයට හා ජීවිතයේදී කලහකාරී අසහන තත්වයක් බිහි විය හැකි නිසාවෙන් එයින් වැළකී සිටිය යුතුයි.
v මෙම හදීසයේ දකුණත යැයි සඳහන් වී ඇත.පොදුවේ යහපත් දෑ ලබාගැනීමට උපයෝගී කෙරෙන්නේ දකුණතය.අල්ලාහ්ටද ඔහුගේ ගෞරවයට හා කීර්තියට අදාල ඉස්ලාමීය මූලාශ්‍ර වල සඳහන් වන පරිදි විකෘති හා සමරූපතා නොකර, දකුණතක් තිබෙන බව හා ඔහු සතුව අලංකාර නාමයන් හා ගුණාංගයන් ඇති බව මුස්ලිම්වරයෙකු විශ්වාස කළ යුතුය.
2- عَنْ عَبْدِ اللهِ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ: النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "الْجَنَّةُ أَقْرَبُ إِلَى أَحَدِكُمْ مِنْ شِرَاكِ نَعْلِهِ، وَالنَّارُ مِثْلُ ذَلِكَ".
(صحيح البخاري، رقم الحديث 6488).
ස්වර්ගය හා අපාය වනාහි තම පාවහන්හි පටියට වඩා ඉතා නුදුරු බව නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි / වැකි අංක 6488
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළි) .මෙතුමාණන් සහාබිවරුන්ගෙන් ඉතා කීර්මත් ප්‍රසිද්ධ සහාබිවරයෙක් ය. තවද මෙතුමා සහාබිවරුන්ගෙන් ශුද්ධ වූ අල් කුර්ආනය අධිකව පාරායනය කරන්නෙකි.මෙතුමා විසින් වාර්තා වී ඇති හදීස් ගණන 848 කි. අල්ලාහ්ගේ දූතයාණෝ සමඟ සෑම යුදමය අවස්ථාවකටම සහබාගි වූහ. නබි (සල්) තුමාණන් මියගිය පසු ෂාම් නගරයේ ඇති වූ යර්මූක් සටනට මෙතුමාණන් සහභාගී වූ අතර උමර් (රළි) තුමාණන් විසින් කූෆාවට මෙතුමණ් ධර්මය ඉගැන්වීම සදහා පිටත් කළ යැවූහ.ඉන්පසු උස්මාන්(රළි (තුමාණෝ එම නගරයට අධිපතියෙක් ලෙස මෙතුමාණන්ව පත් කළ පසු මදීනා නගරයට හැරී එන ලෙස අන දුන්හ. වයස අවුරුදු 60 දී හිජ්රි වර්ෂ 32 දී මදීනාවෙහි මරනයට පත් වූ පසු බකී නැමැති සුසාන භූමයෙහි මෙතුමාගේ දේහය මිහිදන් කරනු ලැබූහ.
Fඋගත යුතු පාඩම්:
v මෙම හදීසයේ පාවහන්හි පටිය යැයි සඳහන් වීමට හේතුව එය කෙනෙකුට ඉතා සමීපව පවතින නිසායි. සමීපතාවය හැගීමට උදාහරණයක් ලෙස මෙසේ විවහාරයේ දක්නට පුළුවන.
v ඉස්ලාම් දහම ඉතා ලිහිල් ලෙහෙසි දහමකි, එහි ප්‍රථිපත්තීන් හා වත්පිළිවෙත් වල පවා කිසිදු අපහසුතාවයක් නොමැති අතර එහි අන්තර් ගත වී ඇති සිරිත් විරිත්ද ස්වභාදහමට සරිලන සේ සකස් වී ඇත.
v පරිශුද්ධ චේතනාව මත හා අවනත වීම මගින් ස්වර්ගයට හිමිකම් කිව හැකි බව හා නපුරු ආත්මයට යටහත් වී අකුසල් වල නිරත වීමෙන් අපායටද හිමිකම් කිව හැකි බව මෙම හදීසය තහවුරු කරයි.එහෙයින් යහපත් දැයින් ඉතා කුඩා දෙයක් වූවද එය අපහාස නොකල යුතු අතර අයහපත් දෙයින් ඉතා කුඩා ප්‍රමාණයක් වූවද කුඩාකම් පෑමෙන් වැළකී සිටිය යුතුයි. හේතුව නම් ක්‍රියාවන් වලින් කුමන දෑ කිරීමෙන් අල්ලාහ්ගේ දයාව, කරුණාව හෝ කෝපයට භාජනය විය හැකිද කියා අප නොදන්නා නිසාවෙනි.
3- عَنْ أَنَسٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: ضَحَّى النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشَيْنِ أَمْلَحَيْنِ أَقْرَنَيْنِ، ذَبَحَهُمَا بِيَدِهِ، وَسَمَّى وَكَبَّرَ، وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا.
(صحيح البخاري، رقم الحديث 5565، وصحيح مسلم، رقم الحديث 17 - (1966)،).
නබි (සල්) තුමාණන් අං සහිත සුදු ධවල බැටළුවන් දෙදෙනෙකු තම දෑතින් උල්හියියා මාංශ දානය කළහ.එවිට එම සත්වයාගේ කරටිය මත සිය පාදය තබා බිස්මිල්ලාහ් , අල්ලාහු අක්බර් යැයි පැවසූහ.
වාර්තාකරු : අනස් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 5565/සහීහ් මුස්ලිම් වැකි අංක 17-1966.
Êවාර්තාකරු පිළිබඳ විස්තර:
අබූ හම්සා අනස් බින් මාලික් අල් අන්සාරී.අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාගේ සේවකයෙකි.හිජ්රතයට වසර දහයකට පෙර මදීනාවෙහි ඉපදුනේය.මුල් අවදියේම ඉස්ලාම් දහම වැළඳගත් ඔහු අල්ලාහ්ගේ දූතයාණෝ(සල්) තුමාගේ මරණය තෙක් එතුමාට සේවය කරමින් උන්නේය.ඉන්පසු ඩැමස්කස් හා බසරා වැනි ප්‍රදේශයන්හි තම ජීවිතය ගත කළේය. මෙතුමා විසින් හදීස් 2286 ක් වාර්තා වී ඇත.මෙතුමා වයස අවුරුදු 100 ත් පහුකර හිජ්රි වර්ෂ 93 හිදී අභාවයට පත් වූහ.
Fඋගත යුතු පාඩම්:
v මෙම හදිසයේ සඳහන් වී ඇති අම්ලහ් යන අරාබි පදයේ අර්ථය සුදෝ සුදුය.අරාබි භාෂාවේදීන් සමහරුන් මෙයට සුදු පැහැති කළු මිශ්‍ර වර්ණයක් හා වෙනත් අරුථයක්ද ලබා දී ඇත.
v සත්ව ජීව පරිත්‍යාග කරන්නා බිස්මිල්ලාහ් යැයි අනිවාර් යයෙන් කිව යුතුය.ඒසේ කීවායින් පසු අල්ලාහ් අක්බර් යැයි කීමද ඉතා උචිතයි.
v ජීව පරිත්‍යාග කරන සත්වයා පශුවර්ගයේ සතෙකු විය යුතුයි.ඒවා නම් ඔටුවන් එළුවන් ගවයින් යනාදී සතුන් වේ.උල්හියියාවට අයත් තවත් කොන්දේසියක් නම් එම සතව්‍යා අන්ධ නොවූ ආරෝගිමත් සත්වයෙක් විය යුතුයි.
4- عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: كَانَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ: "سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ" لَمْ يَحْنِ أَحَدٌ مِنَّا ظَهْرَهُ، حَتَّى يَقَعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا، ثُمَّ نَقَعُ سُجُوْدًا بَعْدَهُ.
(صحيح البخاري، رقم الحديث 690، واللفظ له، وصحيح مسلم، رقم الحديث 198- (474)، ).
නබි(සල්) තුමාණන් සමිඅල්ලාහු ලිමන් හමිදහ් යැයි පවසා නැවත නැගිට සිටීමෙන් පසු අප සියල්ල සිරස පොලෝ මත තැබීම (සුජූද් කිරීම) සඳහා පතිත වන්නේ එතුමාණන් සම්පූර්ණයෙන් පතිත වූ පසුවයි, එතෙක් අපගෙන් කෙනෙකු ඔහුගේ පිටකොන්ද නවන්නේ නැත.
වාර්තාකරු : අල්බරා බින් ආසිබ් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 690/ සහීහ් මුස්ලිම් වැකි අංක 198-474.
අල්බරා බින් ආසිබ් බින් අල් හාරිස් . නීතිවේදී සහාබිවරයෙකි.හිජ්රතයට අවුරුදු දහයකට පෙර ඉපදුණි.ඔහුගේ වාර්තාවෙන් විසින් හදීස් 305 වාර්තා වී ඇත.සහාබිවරුන්ගෙන් අන්සාරි වරුන්ට අයත් සහාබිවරයෙකි.යුධමය අවස්ථා 12 කට සහභාගීවී ඇත.නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු සිදු වූ පර්සියානු (වත්මන් යුගයේ ඉරාක් හා ඉරානය) රාජ්‍යයන්ට එරෙහි සටනට සහභාගී වුණි. කූෆාවට පැමිණ එහි නිවසක් තනා ජීවත් වුණි.ආසන්න වශයෙන් ඔහුගේ වසස 80 කදී හිජ්රි වර්ෂ 71 හෝ 72 දී කූෆාවෙහි මිය ගියහ.
v සාමූහික සලාතයේදී එය මෙහෙය වන්නා සලාතයේ එක් එක් පියවර සම්පූර්ණ කරන තෙක් ඔහුව අනුගමනය කරන්නා එම පියවර වෙත නොයා යුතුයි.එනම් උදාහරණයක් වශයෙන්: සලාතය මෙහෙයවන්නා සුජූද් කිරීම සඳහා පොලෝ මත නළල තබා සම්පූර්ණයෙන් පතිත වන තෙක් ඔහු පසුපස සිට අනුගමනය කරන්නා නොනැමිය යුතුයි.එනම් සෑම අවස්ථාවක දීම සලාතය මෙහෙවන්නාගෙන් මදක් ප්‍රමාද වී ඔහුව අනුගමනය කල යුතුයි.
v තක්බීරකතුල් ඉහ්රාම් හෙවත් ආරම්භක තක්බීරයද ස්ථාපිත විය යුත්තේ එයින් සලාතය මෙහෙය වන්නා සම්පූර්ණයෙන් අවසන් වූ පසුවයි.
v සලාතයේ අවසානයේදී අනුගමනය කරන්නා සලාම් දිය යුත්තේද ඉමාම් වරයා සලාතය නිම කිරීම සඳහා දෙන දෙවන සලාමය සම්පූර්ණ වූ පසුවයි.
5- عَنْ سَعْدِ بْنِ أَبِيْ وَقَّاصٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: كُنْتُ أَرَى رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُسَلِّمُ عَنْ يَمِيْنِهِ وَعَنْ يَسَارِهِ، حَتَّى أَرَى بَيَاضَ خَدِّهِ.
(صحيح مسلم، رقم الحديث 199 - (582)، ).
අල්ලාහ්ගේ දූතයාණන් සලාතය නිම කිරීම සඳහා දකුණු හා වම් පසට හැරුනු විට එතුමාණන්ගේ සිය නිකටෙහි සුදු වර්ණය දකින තරම් ප්‍රමාණයට හැරී සලාම් දුන් ආකාරය මා දුවුවෙමි .
වාර්තාකරු : සඅද් බින් අබී වක්කාස් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 199-582.
අබූ ඉස්හාක් සඅද් බින් අබී වක්කාස් අස්සුහ්රි අල් කුරෂී .මෙතුමාණන් ගෞරවණීව සහාබිවරයෙකි.හිජ්රතයට අවරුදු 23 කට පෙර මක්කා වෙහිදි ඉපදුණි.ප්‍රාථමික අවදියේම ඉස්ලාම් දහමට පිවිසුණු සහාබිවරුන්ගෙන් කෙනෙකු වන අතර ස්වරගය කෙරෙහි ශුභාරංචි ලැබු සහාබිවරයෙකි.මදීනාවට සංක්‍රමය වූ මෙතුමාණන් බද්ර් වැනි සියළු යුද්ධයක් සඳහාම සහභාගි වුණි.උමර් (රළි) තුමාණන් ඔහුගේ අවසාන කාළයේදී ඔහුට පසු මුස්ලිම් සමාජය නියෝජනය කිරීම සඳහා යෝජනා කළ පිරිසගෙන් එක් අයෙකු මෙතුමාණන් වේ.තවද මෙතුමාණන් නබි (සල්) තුමාණන් විසින් පත් කළ නායකයින් අතුරින් එඩිතර සටන්කාමී සහාබිවරයෙකි.අබු බක්ර් හා උමර් (රළි) තුමාණන්ගේ කාලවලදී මෙතුමාණන් හා සම්බන්ධ විශේෂ සිදුවීම් රාශියක් තිබේ.තවද උමර් හා උස්මාන් (රළි) තුමාණන්ගේ කාලයේදී කූෆාව සඳහා නායකයෙකු ලෙස පත් කෙරිණි.පර්සියානු රාජ්‍යයන්ට එරෙහිව සටන් කළ යුධ හමුදාව මෙහෙයුම් කළේ මෙතුමාණනි.මෙතුමාණන්ගේ ප්‍රාර්ථනාවන් සීඝ්‍රෙයන් අල්ලාහ් දෙවිඳුන් විසින් ඉටු වන එක් මහඟු සහාබිවරයෙකි.පසුකාලීනව දේශපාලන කටයුතු වලින් දුරස් වූය.මෙතුමාණන් විසින් හදීස් 270 ක් මූලාශ්‍ර වල සටහන් වී ඇත.මදීනාවේ සිට සැතපුම් 7ක දුරකින් පිහිටි තම නිවහනෙහි හිජ්රි වර්ෂ 55 දී මෙතුමාණන් මිය ගියහ.මර්වාන් බින් අල් හකම් නැමැති එක්ලිහි මදීනාවේ නායකයා විසින් ඔහු සඳහා අවසන් සලාතය ඉටු කළ අතර මුහාජිර් වරුන්ගෙන් අවසානව මිය ගිය සහාබිවරයා මෙතුමාණන් වේ.
v සලාතය ඉටු කරන්නා එය සම්පූර්ණ කිරීම සඳහා සලාම් දීමේදී සිය මුහුණු ප්‍රදේශය තම නිකටිය කෙනෙකුට දැක බලා ගත හැකි වන ප්‍රමාණයට දකුණු හා වම් පසට හැරිය යුතුයි.
v මෙසේ හැරීමේදී අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහ් යන වචන මාලාව කිව යුතුයි,මේ සඳහා නබි (සල්) තුමාණන්ගේ රුවන් වැකි බොහෝමයක් සාදකයන් සහිතව මූලාශ්‍ර වල දැක ගන්නට හැක.
v සලාතයෙන් මිදීම සඳහා කෙරෙන මෙම සලාමය යනු එහි එක් මූලික අංගයකි. මෙය අතපසු වීමෙන් සලාතය නියමාකාරව සම්පූර්ණ නොවන බව බහුල විද්වතුන්ගේ අදහසයි.විද්වතුන්ගෙන් සමහරුන් මෙය සුන්නා හෙවත් අමතර අංගයක් යනුවෙන් පවසා ඇත.
6- عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُماَ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ سَمَّعَ، سَمَّعَ اللَّهُ بِهِ، وَمَنْ رَاءَى، رَاءَى اللَّهُ بِهِ".
(صحيح مسلم، رقم الحديث 47 - (2986)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 6499).
(කවරෙකු තමන් සිදු කරන යහක්‍රියාවන් අනෙකා සඳහා කියා පෙන්වා) ප්‍රසිද්ධත්වයක් බලාපොරොත්තු වන්නේද ඔහුගේ බලාපොරෙත්තුව අල්ලාහ් මිනිසුන් හට හෙළිදරව් කරනු ඇත.තවද කවරෙකු මුනිච්චාවෙන් යුතුව යමක් සිදුකරන්නේද ඔහු එම ක්‍රියාව සිදු කරන්නේ කුහකත්වය සඳහා යන වග අල්ලාහ් හෙළිදරව් කරනු ඇත යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තා කරු : අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රලි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 47-2986/ සහීහුල් බුහාරී වැකි අංක 6499.
අබ්දුල්ලාහ් බින් අබ්බාස්) රළි)තුමාණන්.මෙතුමා ඉතා ප්‍රසිද්ධ සහාබිවරයෙකි.මෙතුණානන්ගේ උප නාමය නම් අබුල් අබ්බාස් ය.සහාබිවරුන්ගෙන් අති ඥානවන්ත සහාබිවරයෙකි.පරිශුද්ධ වූ අල් කුර්ආන් විවරණ කලාවෙහි ඉමාම් වරයා යන තනතුරද මෙතුමාණන් සතුය.රසූලුල්ලාහි ) සල්) තුමාණන්ගේ මාමාගේ පුත්‍රයාය.හිජ්රතයට අවුරුදු තුනකට පෙර ඉපදුනු මෙතුමාණන් සෑම අවස්ථාවකම වාගේ නබි (සල්) තුමාණන් සමඟම සිටියහ.මෙම හේතුව නිසා උන්වහන්සේගෙන් දැනුම් සම්භාරයක් හැදෑරීමට පුළුවන් විය.මෙතුමාණන් විසින් හදීස් 1660 ක් වාර්තා කර ඇති අතර නබි (සල්) තුමාණන් මිය යන විට මෙතුමාණන්ගේ වයස අවුරුදු 13 කි.තවද අලි බින් අබී තාලිබ් (රළි) තුමාණන් බසරා නැමැති ප්‍රදේශයට මොහුව නියෝජිතයෙක් ලෙස පත් කළහ.මෙතුමාණන් හිජ්රි වර්ෂ 68 දී වයස අවුරුදු 70 දී තාඉෆ් හි මිය ගියහ.
v මුනිච්චාව යනු: යමෙකු කිසියම් හෝ වත්පිළිවෙතක් කිරීමේද අල්ලාහ් දෙවියන් වහන්සේගේ තෘප්තිය නොතකා සාමාන්‍ය මිනිසුන් එය දැක ඔහුට ප්‍රශංසා කර ඔහු පිළිබඳ යහ කම් කීමට සලස්වාලීමයි.
v ප්‍රසිද්ධත්වය බලාපොරොත්තු වීම යනු: පළමුව යම් වත්පිළිවෙතක් කිරීමේදී අල්ලාහ් වෙනුවෙන් පමණක් යන පරිශුද්ධ චේතනාවෙන් යුතුව ඉටුකළ ද පසුව ඒ පිළිබඳ ප්‍රසිද්ධත්වයක් ලබා ගැනීම පිණිස මිනිසුන් අතර කියාපෑමයි.
v මුස්ලිම් වරයෙකු යම් කිසි වත්පිළිවෙතක් කිරීමේදී මිනිසුන්ගේ ප්‍රශංසා නොතකා අල්ලාහ් තආලා වෙනුවෙන් පමණක් යන පරිශුද්ධ චේතනාවෙන් ඉටු කළ යුතුයි .
v මුනිච්චාව හා ප්‍රසිද්ධත්වය බලාපොරොත්තු වීම යනු අල්ලාහ් තආලා ඉදිරියේ සෑම යහපත් ක්‍රියාවක්ම මකා විනාශ කර දමන දරුනු පාපයකි.මෙහි ඉතා අදි දරුනු ස්ථාවරය නම් මුනාෆික් වරුන් හෙවත් කුහකයින් සේ ඉස්ලාමීය ප්‍රථිපත්තීන් සමඟ ඇතිවන්නාවූ මුනිච්චාවයි.අනික නම් ඉස්ලාමීය මූලික වත්පිළිවෙත් සමග ගෙටෙන මුනිච්චාව වේ.උදාහරණයක් ලෙස නින්දාවට භියෙන් එලිමහනේ යම් යහපතක් කළද තනිවම සිටියදී එයට හාත්පසින්ම විරුද්ධව හැසිරීමයි.
7- عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "الدَّجَّالُ مَمْسُوحُ الْعَيْنِ، مَكْتُوْبٌ بَيْنَ عَيْنَيْهِ كَافِرٌ"، ثُمَّ تَهَجَّاهَا: ك، ف، ر، "يَقْرَؤُهُ كُلُّ مُسْلِمٍ".
(صحيح مسلم، رقم الحديث 103 - (2933)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 7408).
දජ්ජාල් යනු ඔහුගේ ඇසක් අන්ධ වී හා ඔහුගේ ඇස් දෙක අතර කාෆිර් යනුවෙන් ලියවී තිබේ. එම කාෆිර් යන පදය කාෆ් ෆා රා යනුවෙන් අක්ෂර වින්‍යාසයෙන් කියා පෙන්වූ අතර සෑම මුස්ලිම් වරයෙකුටම එය කිය විය හැක යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අනස් බින් මාලික් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 103-2933/ සහීහුල් බුහාරි වැකි අංක 7408.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 3 වන හදීසයේ සඳහන් වේ.
v ලෝක විනාශය සමීප වීමත් සමඟම ඉතා දරුණු මැවීමක් වන දජ්ජාල්ගේ පැමීණීම මුස්ලිම් වරයෙකු විසින් විශ්වාස කළ යුතු අංගයක් වන අතර ඩැමස්කස් නගරයට නුදුරින් ෂාම් ප්‍රදේශයේදී ඊසා (අලෛ) තුමාණන් විසින් මොහු ඝාතනය කරනු ලැබේ.
v දජ්ජාල්ගේ සංඛේතයන් සමහරක්:
v ඇස්දෙක අසම්පූර්ණයි: එයින් ඇසක් බොඳ වි ඇති අතර එය ඝන කමින් යුත් සමෙන් ආවර්ණ වී තිබේ.
v ඇස් දෙක අතර කාෆිර් යැයි ලියවී තිබේ.
v දජ්ජාල්ගේ ඇස් දෙක අතර කාෆිර් යැයි ලියවී තිබීම යනු යථාර්තයෙහි සත්‍ය සිදුවීමකි.ඔහු අසත්‍ය වන්තයෙක් යැයි තහවුරු කිරීම සඳහා අල්ලාහ් දෙවියන් මෙසේ සකස් කර තිබෙන අතර මුස්ලිම් වරුන්ගෙන් කියවීමේ හැකියාව තිබෙන හා නොතිබෙන දෙපාර්ශයටම එදින එය කියවා ගත හැක.
8- عَنْ أَبيْ قَتَادَةَ رَضِيَ اللهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "سَاقِيُ الْقَوْمِ آخِرُهُمْ شُرْبًا".
(جامع الترمذي، رقم الحديث 1894، واللفظ له، وصحيح مسلم، جزء من رقم الحديث 311 - (681)، وصححه الألباني).
ජනයින් වෙත ජලය බෙදා හරින්නා තමන්ට පානය සඳහා බෙදා ගත යුත්තේ අවසානයේදී යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තා කරු: අබූ කතාදා(රළි)
මූලාශ්‍රය: ජාමිඋත් තිර්මිදි වැකි අංක 1894/ සහීහ් මුස්ලිම් වැකි අංක 311-681 යෙහි කොටසකි/ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම හදීසය සහීහ් ඝනයට එකතු කොට ඇත.
අබූ කතාදා අල් හාරිස් බින් රිබ්ඊ අල් අන්සාරී .මෙතුමා සහාබාවරුන්ගෙන් ඉතා උතුම් වූ සහාබිවරයෙකි.තවද සෑම යුධමය අවස්ථාවන් සඳහාම මෙතුමා සහභාගි වූ අතර ගමන් බිමන් හි අල්ලාහ්ගේ දූතයාණන්) සල්( තුමාණන්ගේ මුරකරුවෙක් ලෙසද සිටියහ.උමර් (රළි) තුමාණන් ෆාරිසි අධිරාජ්‍ය අත්පත් කර ගැනීම සඳහා මෙතුමාවද එක් සේනාවක බඳවා යැවූ අතර ෆාරිසි අධිරාජ්‍ය රජ කරමින් සිටි රජු මෙතුමාගේ දෑතින් ඝාතනය කරනු ලැබූහ.
v ඉස්ලාම් දහමේ එක් අලංකාර ගුණ ධර්මයක් නම් කවරෙකු ජනයින් හට ජලය බෙදාහරින්නනේද ප්‍රථමයෙන් ඔහු බෙදා හැරිය යුත්තේ එම ජනයාගෙන් මහළුවට පත්වූවන් හටයි.එසේ මහල්ලුන් නොමැති නම් තමන්ගේ දකුණු පසින් සිටින්නන් හටයි.තමන් සඳහා පානය කිරීමට අවශ්‍ය වූ කල පානය කල යුත්තේ අවසානයේදීය.
v ජලය බෙදා හරින්නන් පමණක් නොව ආහාර වැනි ජනයින්ට අත්‍යාවශ්‍ය සියළු දෑ බෙදා හරින අවස්ථාවේදී මෙම සත් ගුණාංගය පිළිපැදිය යුතුයි .
9- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "إِذَا شَرِبَ أَحَدُكُمْ فَلاَ يَتَنَفَّسْ فِي الْإِنَاءِ؛ فَإِذَا أَرَادَ أَنْ يَعُوْدَ؛ فَلْيُنَحِّ الْإِنَاءَ، ثُمَّ لِيَعُدْ إِنْ كَانَ يُرِيدُ".
(سنن ابن ماجه، رقم الحديث 3427، وصححه الألباني).
ඔබලාගෙන් කෙනෙකු යම්දෙයක් පානය කිරීමේදී එම භාජනය තුලට පිඹීමෙන් (හුස්ම හෙලීමෙන්) වළකින්න.එම පානය නැවත භාවිතා කිරීමට අවශ්‍ය නම් එම භාජනය ස්වල්පයක් අහකට දමා ඉන්පසු නැවත පානය කරන්න යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය: සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 3427/ ඉමාම් අල්බානි(රහ්) තුමාණන් මෙම හදීසය සහීහ් ඝනයට අයත් නබි වදනක් යැයි පවසා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v නබි (සල්) තුමාණන් භාජනය තුලට තුන්වරක් පිඹූ බවට හඟවන වෙනත් හදීසයක්ද හදීස් මූලාශ්‍ර වල දැකිය හැක.ඉහත සඳහන් වූ හදීසය හා මෙම හදීසය බාහිරව බැලීමේදි හදීස් දෙක අතර කිසියම් හෝ ගැටීමක් තිබෙන බවට සැකයක් ඇති වනු ඇත.ඇයිදයත් ප්‍රථම හදීසයේ තහනමට ලක් වූ එම ක්‍රියාවම දෙවන හදීසයේ අනුමැතියට ලක් වී ඇත.එසේනම් මෙයින් අදහස් වන්නේ කුමක්ද?
මෙයින් අදහස් වන්නේ ප්‍රථම හදීසයේ තහනමට ලක් වී ඇත්තේ පානය කරන අවස්ථාවේදී පමණක් භාජනය තුලට පිඹීම වන අතර දෙවන හදීසයේ ගැබ් වී ඇත්තේ නබි (සල්) තුමාණන් පානීය අවස්ථාවේදී භාජනය තුලට නොව ඉන් බාහිරව හුස්ම හෙලූ බවයි.මෙසේ විසඳීමෙන් එම සැකය හා බේදය නිරාකරණය කළ හැක.
v පානය කිරීමේදී භාජනය තුල පිඹීම හෝ හුස්ම හෙලීම තහනම් කිරීමට හේතුව පවිත්‍රතාවය රැකීම සඳහායි. තවද සෙම හා මුඛ දියර වැනි දියර වර්ග මුවෙන් පිට වුවහොත් භාජනයේ අප්‍රසන්න දුඟදක් ඇති විය හැකි හේතුවෙනි.මෙය ඉස්ලාම් දහමේ තිබෙනා එක් උසස් සදාචාරයකි.
10-عَنْ أَبيْ جُحَيْفَةَ رَضِيَ اللهُ عَنْهُ، أَنَّهُ اشْتَرَى غُلاَمًا حَجَّامًا؛ فَقَالَ: "إِنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْ ثَمَنِ الدَّمِ، وَثَمَنِ الْكَلْبِ، وَكَسْبِ الْبَغِيِّ، وَلَعَنَ آكِلَ الرِّبَا وَمُوكِلَهُ، وَالْوَاشِمَةَ وَالْمُسْتَوْشِمَةَ وَالْمُصَوِّرَ".
(صحيح البخاري، رقم الحديث 5962).
අබූ ජුහයිෆා (රළි) තුමාණන් හිජාමා කරන කොලුවෙකු මිලදී ගත්හ. එවිට නබි තුමාණන් හිජාමා කිරීමෙන් උපයාගත් මිල මුදල ,සුනකයින් විකුණා හා අනාචරයේ හැසිරී උපයා ගත් මිල මුදල තහනම් කළ අතර පොලිය සමග ගණුදෙනු කරන්නන් ,සමෙහි රූප කොටන්නන් සහ සමෙහි රූප කොටනු මෙන් අසන්නන් හා ඡායාරූප අදින්නන් වැනි පිරිස හට ශාප කළහ.
වාර්තාකරු: අබූ ජුහයිෆා (රළි).
මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 5962.
: Êවාර්තාකරු පිළිබඳ විස්තර
අබූ ජුහයිෆා (රළි) තුමාණන් ප්‍රසිද්ධ සහාබිවරයෙකි.එතුමාණන්ගේ සම්පූර්ණ නම වහබ් බින් අබ්දුල්ලාහ් අස් සවාඊ අල් කූෆී ය.ඔහුට වහබුල් කයිර් යනුවෙන් කියනු ලැබේ.නබි (සල්) තුමාණන් අභාවයට පත් වන විට බාල වියේ පසු විය.මෙතුමාගේ වාර්තාවෙන් නබි වදන් 45 ක් වාර්තා වී ඇත.අවසාන අවදියේ කූෆාවට පැමිණ ජීවත් වුණූ අතර එහිදී හිජ්රි වර්ෂ 74 දී මරණයට පත් වූහ.
v මුස්ලිම් වරයෙකු සැමදා සැමවිට අබිරහසේ හා එලිමහනේ ඔහුගේ ශීලය රකිමින් අල්ලාහ්ට භිය වී ඉස්ලාමීය ශිෂ්ථාචරයට අනුව තහනමට ලක්වූ දැයින් දුරස් වී ජීවත් විය යුතුයි. තවද දෙලොවෙහි සෞභාග්‍යමත් දිවියක් ලබා ගැනීමට ඇති සංඛේතය වන්නේද එයයි.
v කර්මාන්ත හා වාණිජ සහ කෘෂිකර්ම කටයුතු වැනි අනුමැතිය ලත් උපයාගැනීමකින් වෙළඳාම් කිරීමේ දොරටුව ඉස්ලාම් දහම මුළු මානව සංහතියටම විවෘත කර දී ඇති අතර අනාචාරයේ හැසිරී පොළී ගණුදෙනු කර අනුමැතිය නොලත් ආකාරයෙන් මුදල් උපයාගැනීම ඉස්ලාම් දහමෙන් තහනමට ලක් වී ඇත.
v ශරීරයේ රූප කෙටීම හා පණැති දෑ රූපරාමු කිරීම වැනි දෑ ඉස්ලාම් දහම තුල තහනම් බව මෙම හදීසය ඉතා පැහැදිලිව තහවුරු කරයි.
11- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ: "مَنْ دُعِيَ إِلَى عُرْسٍ أَوْ نَحْوِهِ فَلْيُجِبْ".(صحيح مسلم، رقم الحديث 101 - (1429)، ).
කවරෙකු විවාහ මංගල්‍ය සංග්‍රහයක් හෝ එවැනි කටයුත්තක් සඳහා ආරාධනා කරනු ලබන්නේද ඔහු එයට සහභාගි වන්නැයි නබි (සල්) තුමාණන් වදාලහ.
වාර්තාකරු: අබ්දුල්ලාහ් බින් උමර් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් 101-1429.
අබ්දුල්ලාහ් බින් උමර් බින් කත්තාබ්.මෙතුමාණන් කීර්තිමත් සහාබිවරයෙකි.මෙතුමා කුඩා කාලයේදීම ඔහුගේ පියාණන් සමඟ ඉස්ලාම් දහම වැළඳ ගත්හ.ඉන්පසු තමාගේ පියාණන්ට පෙරම මදීනාවට හිජ්රත් කළහ.මෙතුමා ප්‍රථමයෙන් සහබාගී වු සටන නම් හන්දක් සටනයි.ඉන්පසු ඇති වූ සියළු සටන් වලට නබි (සල්) තුමාණන් සමඟ සහබාගි වූහ.ෆාරිස් රෝම් ඉරාක් ශාම් මිස්ර් වැනි අධිරාජ්‍යන් අත්පත් කර ගැනීමට මොහුගේ සහභාගිත්වය ඉතා විශිෂ්ඨයි.සහාබිවරුන්ගෙන් ඉතා දැනුම ඇත්තන්ගෙන් මොහුද කෙනෙකි.මෙතුමාගේ වාර්තාවෙන් හදීස් 2630 වාර්තා වී ඇත.තවද වන්දනාමානයෙහි හා දේව භක්තියෙහි කෙනෙකුට ආදර්ශයක් වශයෙන් ජීවත් වූ මෙතුමාණන් මක්කාවෙහි වයස අවුරුදු 86 හි හිජ්රි 73 හි මරණයට පත් වූහ.
v කවරෙකු හෝ විවාහ බෝජන සංග්‍රහයක් වෙත කැඳවනු ලබන්නේ නම් එය සඳහා සහභාගි වීම ඔහු සතු යුතුකමකි.එයට හේතුව නම් මෙසේ සහභාගි වීමෙන් මනමාල යුවලගේ සිතට සතුටක් හා ඔවුන් කෙරෙහි සැළකිල්ලක් තිබෙන බව එමඟින් හඟවන හේතුවෙනි.
v ඉස්ලාම් දහමේ ශිෂ්ඨාචාරයට ගැලපෙන සංග්‍රහයක් විය යුතුයි යන හේතුව මත කවරෙකු හෝ මෙවන් සංග්‍රහයන් සඳහා කැඳවනු ලැබුවේ නම් එයට අනිවාර්යයෙන් සහභාගි විය යුතුයි. මෙසේ සැවෝම එක්රොස් වීමෙන් සමාජය අතර සංහිඳියාවක් බලාපොරොත්තු විය හැක යන්න ඉස්ලාම් දහමේ නිගමනයයි .
v කිසියම් හෝ බෝජන සංග්‍රහයකට පැමිණ එහි තිබෙන ආහාරපාන පිළිබඳ අඩුපාඩු සෙවීම මුස්ලිම් වරයෙකුට යොග්‍ය වන්නේ නැත.ඔහු හට එම ආහාරය කැමති නම් අනුභව කර අකැමැති නම් එය මගහැරිය හැක.
12- عَنْ عُثمَانَ بنِ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: سَمِعتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُوْلُ: "مَنْ صَلَّى العِشَاءَ فِيْ جَمَاعَةٍ؛ فَكَأنَّمَا قَامَ نِصْفَ اللَّيْلِ، وَمَنْ صَلَّى الصُّبْحَ فِيْ جَمَاعَةٍ؛ فَكَأنَّمَا صَلَّى اللَّيْلَ كُلَّهُ".
(صحيح مسلم، رقم الحديث 260 - (656)، ).
කවරෙකු ඉෂා සලාතය සාමුහිකව ඉටු කරන්නේද ඔහු මුළු රාත්‍රියෙන් අඩක් වන්දනාමානයේ නිරතවූවෙකු මෙන්ය.කවරෙකු සුබහ් සලාතය සාමුහිකව ඉටු කරන්නේද ඔහු මුළු රාත්‍රියම වන්දනාමානයේ නිරතවූවෙකු මෙන් බව නබි (සල්) තුමාණන් පැවසීම මා ශ්‍රවණය කළෙමි.
වාර්තාකරු:උස්මාන් බින් අෆ්ෆාන්
මූලාශ්‍රය :සහීහ් මුස්ලිම් වැකි අංක 260-656
:Êවාර්තාකරු පිළිබඳ විස්තර
උස්මාන් බින් අෆ්ෆාන් බින් අබිල් ආස් අල් කුරෂී.මොහු ආමුල් ෆීල් හෙවත් ඇත් වර්ශයට අවුරුදු හයකට පෙර මක්කාවෙහි ඉපදුනේය. දේව දූත මෙහෙවර මුහම්මද්(සල්) තුමාණන් හට පහළ වීමෙන් ස්වල්ප කලකට පසු ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මොහු අමීරුල් මූඃමිනීන් හෙවත් මූමීන් වරුන්ගේ එක් නායකයෙකු වන අතර කලීෆාවරුන්ගෙන් තෙවන කලීෆා වරයාය.ප්‍රථමයෙන් සිය බිරිඳ සමඟ හබශාවට(ඉතියෝපියාව) සංක්‍රමණය වූ පුද්ගලයින්ගෙන් මොහුද කෙනෙක්ය.ඉස්ලාම් දහම වෙනුවෙන් තමා සතු ආත්ම හා මිල මුදල් පරිත්‍යාග කළහ.තවද ජයිශුල් උස්රා හෙවත් අසීරු සේනාව සඳහා ඔටුවන් නවසිය පනහක් හා අශ්වයින් පනහක් ප්‍රධානය කලහ.එසේම රූමා නැමැති ළිඳ දීනාර් විසිපන්දහසකට මිලට ගෙන එය අල්ලාහ්ගේ මාර්ගයෙන් සදකා දුන්හ.හිජ්රි වර්ෂ 23 හිදී උමර් බින් හත්තාබ් (රළි) තුමාණන් මරනයට පත් වූ පසු මෙතුමාණන් කිලාෆතය සඳහා නියම කරන ලදී.මොහුගේ කාලවකවානුව තුලදී ශුද්ධ වූ අල් කුර්ආනය එක්කාසු කිරීම හා අප්‍රිකාව, ආසියාව වැනි බොහෝ රටවල් අත්පත් කර ගැණුනි.මෙතුමාණන් විසින් හදීස් 146 ක් දැනුම් දෙන ලදී.මොහුගේ වයස අවුරුදු 80 නැතහොත් 90 දී කැරලි කරුවන් විසින් මදීනාවෙහි සිය නිවස තුලම ඝාතනය කරනු ලැබූහ.
v අනෙකුත් අනිවාර්‍ය සෑම සලාතයක්ම වාගේ ඉෂා හා සුබහ් සලාතය සාමූහිකව ඉටු කළ යුතුයි යන්න ඉස්ලාම් දහමේ එක් දිරිගැන්වීමකි.
v ඉෂා හා සුබහ් සලාතයේ ඇති විශේෂත්වය මෙම නබි වදන තහවුරු කරයි.එනම් කවරෙකු මෙම සලාතයන් දෙක සාමුහිකව ඉටු කරන්නේද ඔහු මුළු රාත්‍රියම නැමදුම් කිරීම හා සමානයි.තවද එයින් එක් සලාතයක් සාමුහිකව ඉටු කළේ නම් මුළු රාත්‍රියෙහි අඩක් නැමදුම් කිරීම හා සමාන බව මෙම නබි වදන තහවුරු කරයි.
13- عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسِ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: سَمِعْتُ مُحَمَّدًا صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُوْلُ: "مَنْ صَوَّرَ صُوْرةً في الدُّنيا، كُلِّفَ يَوْمَ الْقِيَامَةِ أَنْ يَنْفُخَ فِيْهَا الرُّوْحَ، وَلَيْسَ بِنَافِخٍ".
(صحيح البخاري، رقم الحديث 5963، واللفظ له، وصحيح مسلم، رقم الحديث 100- (2110)،). කවරෙකු මෙලොවෙදී රූප නිර්මාණය කරන්නේ ද ඒවාට පන දෙන මෙන් විනිශ්චය දිනයේ දී ඔහුට බල කරනු ඇත. එහෙත් ඔහුට එසේ (පනදීම) කළ නොහැකැ”යි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 5963/ සහීහ් මුස්ලිම් වැකි අංක 100-2110.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 6 වන හදීසයේ සඳහන් වේ.
v පණැති ජීවීන්ගේ ස්වරූපයන් පිළිම වශයෙන් තැනීම හෝ ඒවා ඇඳීම හෝ ඒවා විකිණිම ඉස්ලාම් දහම තුල තහනම්ය.ගොඩබිම්, මුහුදු ,ඇල දොල ගංගා වැනි ප්‍රාණයක් නොමැති සියල්ලක්ම තැනීම හෝ ඇඳීම අනුමැතිය ලත් කරුණකි.
v පණැති ජීවීන් හා සමාන විශ්වයේ නොමැති මනක්කල්පිත ජීවීන් ඇඳීමත් සපුරා තහනම්ය . අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නම් හැර විද්වතුන් විසින් අනුමැතිය ලබා දී ඇත.
14- عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُماَ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "إِنَّ الْبَرَكَةَ تَنْزِلُ وَسَطَ الطَّعَامِ؛ فَكُلُوْا مِنْ حَافَّتَيْهِ، وَلاَ تَأْكُلُوْا مِنْ وَسَطِهِ".
(جامع الترمذي، رقم الحديث 1805، واللفظ له، وسنن أبي داود، رقم الحديث 3772، وسنن ابن ماجه، رقم الحديث 3277، وصححه الألباني).
අභිවෘර්දිය පහළ වනුයේ ආහාර තැටියෙහි මධ්‍යම පෙදෙසෙහිය.එහෙයින් ඔබලා අනුභව කිරීමේදි අග කොටසින් අනුභව කර මධ්‍යම කොටසින් අනුභව නොකරන්න.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රළි)
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 1805/සුනනු අබී දාවූද් වැකි අංක 3772/සුනුනු ඉබ්නු මාජාහ් වැකි අංක 3277.ඉමාම් අල්බානි (රහ්) තුමාණන් සහීහ් ඝනයට අයත් නබි වදනක් යැයි පවසා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 6 වන හදීසයේ සඳහන් වේ.
v ආහාර අනුභව කිරීමේදි කෙනෙකු ඔහුට සමීපව තිබෙන දෑ අනුබව කළ යුතුය.තම සඟයින් සතුව තිබෙන දෑ සඳහා හෝ මධ්‍යම පෙදෙසෙහි තිබෙන දෑ සඳහා තම දෑත් දිගු කිරීම යනු අයුතු ක්‍රියාවක් යැයි මෙම නබි වදන හඟවයි.කෙසේවූවද එම ආහාර තැටියෙහි ආහාර වර්ග රාශියක් තිබී එයින් යමක් මධ්‍යම පෙදෙසෙහි තිබී එය අනුභව කිරීමට කැමති නම් මධ්‍යම පෙදෙසෙන් අනුභව කිරීමෙන් වරදක් නැත.
v මෙම නබිවදනේ බරකත් යන වචනයෙහි අර්ථය නම් අභිවෘර්ධිය හා දේවපිළිසරණයි. අභිවෘධියේ සළකුණු නම්:ආරෝග්‍යමත් බාවය,සතුට,යහපැවැත්ම,සෑහිමට පත් වීම, ආරක්ෂාව සහ සුරක්ෂිත හැඟීම, බිය සැක දුරුවීම් වේ.අභිවෘධිය අවම වීමෙන් ලැබෙන අවාසි:කෑදරකම, තණ්හාව, ආත්මාර්ථකාමිත්වය, හා වෛරය, ඊර්ෂ්යාව, සහ අසහනය.
15- عَنْ حُمْرَانَ رحمه الله، مَوْلَى عُثمَانَ بْنِ عَفَّانَ أَنَّهُ رَأَى عُثمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ دَعَا بِوَضُوْءٍ؛ فَأَفْرَغَ عَلَى يَدَيْهِ مِنْ إِنَائِهِ؛ فَغَسَلَهُمَا ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ أَدْخَلَ يَمِيْنَهُ فِي الْوَضُوْءِ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ وَاسْتَنْثَرَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا، وَيَدَيْهِ إِلَى المِرْفَقَيْنِ ثَلاَثًا، ثُمَّ مَسَحَ بِرَأْسِهِ، ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ ثَلاَثًا، ثُمَّ قَالَ: رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ نَحْوَ وُضُوْئِيْ هَذَا، وَقَالَ: "مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوْئِيْ هَذَا، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لاَ يُحَدِّثُ فِيْهِمَا نَفْسَهُ، غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ".
(صحيح البخاري، رقم الحديث 164، واللفظ له، وصحيح مسلم، رقم الحديث 3 - (226)،).
උස්මාන් (රළි) තුමාණන්ගේ සේවයකු වන හුම්රාන්(රහ්) තුමාණන් මෙසේ සඳහන් කරයි: වරක් උස්මාන් (රළි) තුමාණන් මා හට අර්ධ දෝවනය සඳහා භාවිතා කරන ජල භාජනය ගෙන එනු මෙන් පැවසූහ.ඉන් පසු භාජනයේ ඇති ජලයෙන් තම දෙඅත්ල සෝදා ගත්හ.ඉන් පසු භාජනය තුලට තම දකුණත දමා ජලය රැගෙන නාසය හා මුව පිරිසිදු කලහ.ඉන්පසු සිය මුහුණ හා දෑත් වැලමිට දක්වා තුන්වරක් සෝදාගත් පසු තම හිස ජලයෙන් පිස දමා දෙපා තුන් වරක් සොදා ගත්හ.ඉන්පසු මා කළ ආකාරයට නබි (සල්) තුමාණන් අර්ධ දෝවනය කිරීම මා දුටුවෙමි යනුවෙන් පවසා තවද මා අර්ධ දෝවනය කළා සේ කවරෙකු හෝ අර්ධ දොවනය කර අන් කිසිවක් පිළිබඳ සිත යොමු නොකර සලාතය ඉටු කළේ නම් ඔහුගේ පෙර අකුසල් සියල්ල සමා කරනු ලැබේ යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසූහ.
:Êවාර්තාකරු පිළිබඳ විස්තර
හුම්රාන් බින් අබාන් අල් ෆාරිසි.මෙතුමා නීතිවේදියෙක් වන අතර මදීනාවේ සිටපු උගත් විදවතෙකි.උස්මාන් (රළි) තුමාගේ සේවකයෙකු ලෙස කටයුතු කළහ. හිජ්රි වර්ෂ 75 දී මෙතුමාණන් මිය ගියහ.උස්මාන් (රළි) තුමා පිළිබඳ හදීස් අංක 12 දී සඳහන් වුණි.
v මෙම නබි වදන ඉස්ලාම් දහම තුල ධර්මානුගත කර තිබෙන අර්ධ දෝවනය සඳහා ඉමහත් මූලාධාරයකි.එහෙයින් මුස්ලිමවරුන් සියල්ලන්ගේ වගකීම යනු ඉහත සදහන් නබි වදනේ ප්‍රකාශ වී ඇති ආකාරයට අර්ධ දෝවනය ඉටු කිරීමයි.දෙකන් හිසෙන් කොටසක් නිසා ඒවාද වතාවක් ජලයෙන් පිසදා ගත යුතුයි.
v අර්ධ දෝවනය හා සලාතය යන කර්තව්‍යයන් වනාහි පවුසමා කර ස්වර්ගයට පිවීසීම සඳහා මග පාදන සාදක වේ.තවද අර්ධ දෝවනය අවසන් කළ පසු රක්අත් දෙකකින් සමන්විත අමතර සලාතයක් ඉටු කිරීමද අගය කළ යුතු ක්‍රියාවකි.
v අර්ධ දෝවනය අවසන් කළ පසු පහත සඳහන් වචන මාලාව තෙපලීමද සුන්නත් වේ.
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ
අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු අන්න මුහම්මද් අබ්දුල්ලාහි වරසූලුහු.
අර්ථය:( නැමදුමට සුදුස්සා අල්ලාහ් දෙවිඳු හැර අන් කිසිවෙක් නොමැති බව හා මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් දෙවිඳුගේ ගැත්තෙකු හා ඔහුගේ අවසාන ධර්ම දූතයා යනුවෙන් මා සාක්ෂි දරමි.)
මෙසේ තෙපලීමෙන් ස්වර්ගයේ දොරටුවන් අටම විවෘත වන අතර තමන් කැමති දොරටුවකින් පිවිසිය හැක යන්න පිළිගත හැකි නබි වදන් තුලින් ස්නාථ වී ඇත.
16- عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا، قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ: "خُلِقَتِ المَلاَئِكَةُ مِنْ نُوْرٍ، وَخُلِقَ الجَانُّ مِنْ مَارِجٍ مِنْ نَارٍ، وَخُلِقَ آدَمُ مِمَّا وُصِفَ لَكُمْ".
(صحيح مسلم، رقم الحديث 60 - (2996)، ).
මලාඉකාවරුන් හෙවත් සුරදූතයින් මවන ලද්දේ ආලෝකයෙනි.ජින් වරුන් මවන ලද්දේ ගින්නෙනි.ආදම් මැවීමට ලක් වූයේ ඔබලා හට වර්ණනා කෙරුනු ආකාරයටයි යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: ආඉෂා (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 60-2996.
:Êවාර්තාකරු පිළිබඳ විස්තර
අබූ බක්ර් (රළි) තුමාගේ දියණිය ආඉෂා (රළි) තුමිය.උම්මුල් මූමිනීන් මූමීන් වරුන්ගේ මෑණියන් යැයි කැඳවනු ලබයි.අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් මෙතුමියව හිජ්රතයට පෙරම විවාහ කර ගත් අතර ඇය සමඟ පවුල් ජීවිතය ආරම්භ කළේ මදිනාවේදී ඇයට වයස අවුරුදු 9 ක් සම්පූර්ණ වූ පසුවයි.එතුමියගේ වයස අවුරුදු 18 දී අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් මිය ගියේය.ඇය සහාබාවරුන්ගෙන් ඉතා දැනුම් තේරුම් ඇති ස්ත්‍රියක් හා උදාරත්වයෙන් අන් අයට නිදසුනක් සේ ජීවත් විය. මෙතුමියගේ වාර්තාවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් විසින් හදීස් 2210 ක් වාර්තා කර ඇති අතර හිජ්රි වර්ෂ 57 හෝ 58 හි ෂව්වාල් මස හෝ රමළාන් මස 17 වෙනි දින අඟහරුවාදා දවසක මදීනාවේදී මිය ගියහ. මෙතුමියගේ ජනාසා සලාතය අබූ හුරයිරා (රළි) තුමාණන් මෙහෙය වු අතර බකී නැමැති සුසාන භූමියෙහි මෙතුමියගේ දේහය මිහිදන් කරනු ලැබිණි.
v මෙම නබි වදන තුලින් මලක් වරුන් අතර හා ජින්වරුන් අතර පවතින වෙනස පැහැදිලි කර ඇත.
v ජින් වරුන් හා ෂයිතාන් වරුන් සිටින බව හා ඔවුහු අල්ලාහ්ගේ එක් නිර්මාණයක් බව හා මිනිසා හට මරණයක් තිබෙනවාක් මෙන් ඔවුන්ටද මරණයක් තිබෙන බව මුස්ලිම් වරයෙකු විසින් විශ්වාස කළ යුතුයි.
v මුස්ලිම් වරයෙකු විසින් විශ්වාස කළ යුතු කරුණු හයක් ඇත.එයින් මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීම යනු එක් අංගයකි.මලාඉකාවරුන් යනු ආලෝකයෙන් නිර්මාණය කෙරුණු උතුම් වූ දේව මැවිමකි.තවද ප්‍රථම මිනිසා වන ආදම් (අලෛ) තුමා මැටි වලින් මැවීමට ලක් වී ඇති අතර ඔහු විචාරක බුද්ධියකින් සමන්විත ජීවියෙක් යන්න ඉස්ලාමීය විශ්වාසයයි.
17- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: كَانَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِي مَسْجِدَ قُبَاءٍ رَاكِبًا وَمَاشِيًا؛ فَيُصَلِّيْ فِيْهِ رَكْعَتَيْنِ.
(صحيح مسلم، رقم الحديث 516- (1399)، واللفظ له وصحيح البخاري، رقم الحديث 1194).
නබි (සල්) තුමාණන් කුබා දේවස්ථානය වෙත පාගමනින් හා වාහනයක් මඟින් පැමිණ සලාතය කරනු ඇත.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් උමර් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 516-1399/ සහිහුල් බුහාරි වැකි අංක 1194
Êවාර්තාකරු පිළිබඳ විස්තර 11 වන හදීසයේ සඳහන් වේ.
v කුබා දේවස්ථානය වෙත පාගමනින් හෝ වාහනයක් මඟින් පැමිණීම යනු ධර්මානුගත කල විශයකි යනුවෙන් මෙම නබි වදනෙන් තහවුරු වේ.සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට නබි (සල්) තුමාණන් සෑම සෙනසුරාදාවකම එහි පැමිණ යමින් උන්නහ.
v කුබා දේවස්ථාවනය කරා පැමිණ එහි සලාතය කිරීමේ මහිම පිළිබඳ අනෙකුත් නබි වදන් සමහරක්.
පළවෙනි නබි වදන: කුබා දේවස්ථාවනය තුල සලාතය කිරීම වනාහි උම්රා කර්තව්‍යක් ඉටු කිරීම වැනිය.(ජාමිඋත් තිර්මිදි වැකි අංක 324)
දෙවන නබි වදන: කවරෙකු තම නිවසෙහි පිරිසිදු වී කුබා දේවස්ථාවනය කරා පැමිණ එහි සලාතයක් ඉටු කරයිද උම්රා කිරීමෙන් ලැබෙන කුලිය ඔහුට ලැබෙනු ඇත.(සුනනු ඉබ්නු මාජාහ් වැකි අංක 1412) .
18- عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ رحمه الله قَالَ: رَأَى سَعْدٌ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ لَهُ فَضْلاً عَلَى مَنْ دُونَهُ؛ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "هَلْ تُنْصَرُوْنَ وَتُرْزَقُوْنَ إِلاَّ بِضُعَفَائِكُمْ".
(صحيح البخاري، رقم الحديث 2896).
සඅද් (රලි) තුමාණන් (ආගමික වශයෙන්) අනෙකුත් පුද්ගලයින්ට හිමිවන විශේෂත්වට වඩා තමන් හට විශේෂත්වයක් හිමි වනු ඇත යන චේතනාවෙන් පසුවෙමින් සිටිහය.එවිට නබි (සල්) තුමාණන් ඔබලාට ජීවනෝපාය සලස්වා දෙනු ලබන්නේ තවද උදව් උපකාර කෙරෙනු ලබන්නේ මෙවැනි අසරණයින් නිසා නොවේද? යනුවෙන් විමසීය.
වාර්තාකරු : මුස්අබ් බින් සඅද් (රහ්)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 2896
:Êවාර්තාකරු පිළිබඳ විස්තර
මුස්අබ් බින් සඅද් (රහ්) තුමාණන් තාබිඊන් හෙවත් සහාබාවරුන්ට පසු කාලීන පරම්පරාවට අයත් කෙනෙකි.කූෆාවට පැමිණ ජීවත් වී හිජ්රි වර්ෂ 103 හිදී මරනයට පත් වූහ.
සඅද් (රළි) තුමාණන් පිළිබඳ 5 වන නබි වදනෙහි සඳහන් වුණි.
v සියල්ලන් අතර සංහිඳියාව හා සාමය හා ස්ථාපිත විය යුතුයි යන්න ඉස්ලාම් දහමේ දිරි ගැන්වීමයි.
v දුගී දුප්පතුන් පිළිබද සැලකිලිමත් වී ඔවුන්ට අනුකම්පා කරනු මෙන් ඉස්ලාම් දහම මග පෙන්වයි.
v සටන්කාමී අවස්ථාවකදී සතුරන්ගෙන් ජය ගැනීම ,ධනවතුන් සඳහා ජීවනෝපාය විස්තීර වීම යන කරුනු දුගී දුප්පතුන්ගේ අභිවෘර්ධිය මාර්ගයෙන් ලැබෙන බව මෙම නබි වදන හඟවයි.එහෙයින් ඔවුන් සමඟ අමනාප නොවී උඬඟුකම් නොපා ගෞරවයෙන් හා ආදරයෙන් හැසිරිය යුතුයි.
19- عَنْ مِقْدَامِ بْنِ مَعْدِيْكَرِبَ رَضِيَ اللهُ عَنْهُ، عَنِ النَّبيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "إِذَا أحَبَّ الرَّجُلُ أَخَاهُ فَلْيُخْبِرْهُ أنَّهُ يُحِبُّهُ".
(سنن أبي داود، رقم الحديث 5124، واللفظ له، وجامع الترمذي، رقم الحديث 2391 وصححه الألباني).
ඔබලාගෙන් කෙනෙකු තම සහෝදරයෙකුට කැමති නම් එම කැමත්ත ඔහුට දන්වන්නැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: මික්දාම් බින් මඅදීකරිබ් (රළි)
මූලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 5124/ ජාමිඋත්තිර්මිදි වැකි අංක 2391/ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම හදීසය සහීහ් යැයි පවසා ඇත.
:Êවාර්තාකරු පිළිබඳ විස්තර
අබූ කරීමාහ් අල් මික්දාම් බින් මඅදීකරිබ් බින් අම්ර් අල් කන්දී.මෙතුමාණන් ගෞරවනීය සහාබිවරයෙකි.හිම්ස් නගරයේ වාසය කළහ.ඉරාක්/ශාම් හා යර්මූක්/කාදිසියියාහ් වල සිදු වූ සටන් වල සහභාගි වූහ.මුස්ලිම් වරුන්ගේ සතුරන්ට එරෙහිව යුධ කිරිමේ විශයෙහි කිසිදා පසුබට නොවුහ.මෙතුමාණන් විසින් හදීස් 42 ක් මූලාශ්‍ර වල වාර්තා වී ඇත.හිජ්රි වර්ෂ 87 වයස අවුරුදු 91 දී මෙතුමාණන් මිය ගියහ.
v අල්ලාහ් විසින් අණ කළ අණපනත් ක්‍රියාවට නංවා ඔහු තහනම් කළ දැයින් දුරස් වී ඔහුගේ තෘප්තිය පමණක් සීමා කරන යහගති ගුණාංග පිරි පුද්ගලයෙකු සමඟ අල්ලාහ් වෙනුවෙන් ආදරයක් හා සෙනෙහසක් ඇති කර ගත යුතුයි.
v ඉහත සඳහන් ගතිලක්ෂණ තිබෙන කෙනෙකු හට සෙනෙහස හා ඇල්මක් ඇති වූ කල්හි එය ප්‍රකාශයට පත් කළ යුතුයි .
v එම ආදරය හා සෙනෙහස විය යුත්තේ හුදෙක් ලෞකික අරමුණක් වෙනුවෙන් නොව අල්ලාහ් වෙනුවෙන් පමණයි.මෙතුලින් අල්ලාහ් දෙවිඳුන් වෙනුවෙන් ප්‍රියමනාප තැබූවන්ගේ උසස් ගෞරවයන්ද හිමි කළ හැක.
20- عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "نِعْمَتَانِ مَغْبُوْنٌ فِيْهِمَا كَثِيْرٌ مِنَ النَّاسِ: الصِّحَّةُ وَالْفَرَاغُ".
(صحيح البخاري، رقم الحديث 6412).
මිනිසාගෙන් බොහෝමයින් අසාර්ථක වන ආශිර්වාද දෙකක් තිබේ: ඒවා නම් සෞඛ්‍යය හා විවේකය වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රළි).
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 6412.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 6 වන හදීසයේ සඳහන් වේ.
v මුස්ලිම්වරයෙකු තම ආරෝගිමත් සෞඛ්‍ය සම්පන්න කාලය හා විවේක කාලය ඉස්ලාමීය ඉගැන්වීම් වලට අනුව යහපත් දෑ සඳහා වැය කල යුතුයි.
v මුස්ලිම් වරයෙකු කෙරෙහි අනිවාර්ය වන කරුණක් නම් අල්ලාහ් ඔහු කෙරෙහි ප්‍රධානය කළ මෙවන් ප්‍රතිලාභයන් සියල්ලන් සඳහා ඔහු හට කෘතඥත්වය ප්‍රකාශ කිරීමයි.
v මෙම හදීසයේ සඳහන් වූ මග්බූන් නැමැති අරාබි පදයේ සිංහල අර්ථය නම් අසාර්ථක වන්නා,අලාභ ලබන්නා,හාණි සිදුකරන්නා ය.කවරෙකු හට අල්ලාහ් මෙවන් ප්‍රතිලාභ ලබා දී එමගින් නිසි ප්‍රයෝජනයක් ඔහු නොගෙන ඒවා සඳහා කෘතඥත්වය ඔහු ප්‍රකාශ නොකලේ නම් ඔහු වැනි අසාර්ථක වන්තයෙකු නොසිටිනු ඇත යන්න මෙම හදීසයේ අර්ථයයි.
21- عَنْ مَعْقِلَ بْنَ يَسَارٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُوْلُ: "مَا مِنْ عَبْدٍ اسْتَرْعَاهُ اللَّهُ رَعِيَّةً؛ فَلَمْ يَحُطْهَا بِنَصِيحَةٍ إِلاَّ لَمْ يَجِدْ رَائِحَةَ الْجَنَّةِ".
(صحيح البخاري، رقم الحديث7150، واللفظ له، وصحيح مسلم، رقم الحديث 227 - (142)،
කවරෙකුහෝ අල්ලාහ් විසින් කුමනහෝ සමූහයක් කෙරෙහි වගකීව යුත්තෙකු ලෙස පත් කළ පසු එය නිසියාකාරව පරිහරණය නොකළේ නම් ස්වර්ගයෙහි සුවඳ ඔහු විසින් ආශ්වාස කළ නොහැකිය යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් කල ප්‍රකාශය මා ශ්‍රවණය කළෙමි.
වාර්තා කරු : මඃකල් බින් යසාර් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 7150/සහීහ් මුස්ලිමි වැකි අංක 227-142.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
මඃකල් බින් යසාර් අල් මුසනී අල් බසරී (රළි).මෙතුමාණන් ශාම් ප්‍රදේශයේ සිට නබි තුමාණන් වෙත පැමිණි සහාබිවරයෙකි.හුදයිබියියා ගිවිසුමට පසු ඉස්ලාම් දහම වැළඳගත්හ.මෙතුමාණන් විසින් නබි වදන් 34 ක් මූලාශ්‍ර වල වාර්තා වී ඇත.නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු අබූ බක්ර් (රළි) තුමාණන්ගේ කාලවකවානුව තුල සිදු වූ යුදමය අවස්ථාවන් සඳහා මෙතුමාණන් සහභාගී වුණි.පර්සියානු රාජ්‍යයන් අත් පත් කර ගැනීම සඳහාද මෙතුමාණන්ගේ සහබාගිත්වය තිබුණි. බසරාව පාලනය කිරීම සඳහා උමර් (රළි) තුමාණන් විසින් මෙතුමාණන් නියම කරන ලදී.එහිදී නිවසක් තනා ගත්හ.හිජ්රි වර්ෂ 65දී නැතහොත් 60 දී මිය ගියහ.හෙතුමාණන් මිය ගිය දිනය පිළිබඳ වෙනත් අදහස්ද තිබේ.
v පාලකයින් හෝ වගකිව යුත්තන් විසින් පොදු ජනතාවගේ දේපොළ වැනි දෑ බොරු වංචා කිරීමෙන් තමන් සතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි.එම වගකිව යුත්තන් දේශිය කටයුතු පිළිබඳ බාරව සිටියද නැතහොත් කුමනහෝ පෞද්ගලික හා පොදු විශයක් බාරව සිටියද මෙය සියල්ලන්ට පොදූ වූ අවවාදයකි.කවරෙකු හෝ විසින් මෙවැනි පාපකර සිදුවීම සිදු කළේ නම් ඔහු සඳහා ස්වර්ගය අහිමි වී කුරිරු අපාය හිම වනු ඇත.
v මෙම හදීසය වනාහි අවවාද ඝණයට අයත් හදීසයකි.මෙම අවවාදයෙන් බොහෝ විට එම පාපය සිදු කරන්නා කෙරෙහි කියාමා දිනයේදී ගැලවීමක් තිබිය හැකි අතර තවක් විටෙක මෙයින් ගැලවීමක් නොලැබිය හැකි අවස්ථාද ඇත.එයට හේතුව නම් ශිර්ක් හෙවත් සමාණයන් කල්පනය කිරීම හැර අල්ලාහ් දෙවිඳු අනෙකුත් සියළු පාපයන් සමා කිරීමට පුළුවණි.
v ඉස්ලාම් යනු පුද්ගලික හෝ පොදු සමාජයක් කෙරෙහි පවතින අයිතිවාසිකම් නිසිආකාරව ලබා දෙන දහමකි යන්නට මෙම හදීසය එක් සාදකයකි.
22- عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا، أَنَّ رَجُلاً قَالَ: ياَ رَسُوْلَ اللهِ! إن لِيْ مَالاً وَوَلَداً، وَإِنَّ أَبِيْ يُرِيْدُ أَنْ يَجْتَاحَ مَالِي؛ فَقَالَ: "أَنْتَ وَمَالُكَ لِأَبِيْكَ".
(سنن ابن ماجه، رقم الحديث 2291، وصححه الألباني).
කෙනෙකු පැමිණ අහෝ අල්ලාහ්ගේ දූතයාණෙනි!!! මා සතුව මිල මුදල් හා දරුවෙකු ඇත.එනමුත් මාගේ පියාණන් විසින් මා සතු මිල මුදල් රැගෙන යනු ඇත යනුවෙන් පැවසීය. එවිට නබි තුමාණන් නුඹ හා නුඹගේ දේපොළ කෙරෙහි අයිතිය නුඹගේ පියාණන් කෙරෙහි තිබෙනු ඇත යනුවෙන් පැවසීය.
වාර්තාකරු: ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළි)
මූලාශ්‍රය : සුන්න් ඉබ්නු මාජාහ් වැකි අංක 2291/ ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම නබි වදන සහීහ් යැයි පවසා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
ජාබිර් බින් අබ්දුල්ලාහ් අල් අන්සාරි.ගෞරවණිය සහාබිවරයෙකි.අකබා රාත්‍රියෙහි තම පියාණන් සමඟ නබි (සල්) තුමාණන් ඉදිරියේ ගිවිස ගත්හ.රිද්වාන් ගිවිසුමෙහිද මෙතුමාණන් ගිවිස ගත්හ.මෙතුමාණන් නබි වදන් අධික ලෙස වාර්තා කළ සහාබිවරයෙකි.මෙතුමාණන් විසින් හදීස් 1540ක් වාර්තා වී ඇත.හිජ්ර් 73 හිදී මිය ගියහ.
v දෙමාපියන් තම දරුවන්ගේ දේපළ පරිහරණය කළ හැකි නමුත් දරුවන්ගේ දේපළ සඳහා දෙමාපියන් හිමිකම් කිව නොහැක.දෙමැපියන් දරුවන්ගේ දේපළ සඳහා උරුමකම් කිව හැක්කේ එම දරුවන්ගේ මරණයෙන් පසුවයි.එසේනම් මෙම නබි වදනෙන් අදහස් වන්නේ එම දෙමාපියන් කිසිවක් ඉපයීමේ හැකියාව නොමැති අවස්ථාවකදී ඔවුනට අවශ්‍ය දෑ එම දරුවන් ලබා නෙදෙන්නේ නම් පමණක් මේ ආකාරයෙන් ගත හැක යන්න පමණි.
v තම දරුවන් මුදල් වෙත අවශ්‍ය වන අවස්ථාවකදී නැතහොත් මෙසේ රැගෙන යෑමෙන් ඔවුන් යම්කිසි අසීරුතාවයකට පත් වේ නම් මෙවැනි අවස්ථා වලදී පියෙකු විසින් මෙ ආකාරයෙක් ඔවුන්ගේ මිල මුදල් රැගෙන යා නොහැක.තවද කිසියම් හේතුවක් නොමැතිව අනෙකුත් දරුවෙකු සඳහා මෙසේ මුදල් ගැනීමටද නොහැක.
v මෙම හදීසයේ සඳහන් (තම පියාණන් සතුව අයිතිය ඇත) යන පදයෙන් අදහස් වන්නේ පූර්ණ අයිතිය නොව අවශ්‍ය විටකදී පමණක් පරිහරණය කිරීමේ නිදහස තිබෙනු ඇත යන්නයි.
23- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: "نَهَى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُصَلِّيَ الرَّجُلُ مُخْتَصِرًا".
(صحيح البخاري، رقم الحديث 1220، واللفظ له، وصحيح مسلم، رقم الحديث 46 - (545)،).
නබි (සල්) තුමාණන් විසින් කෙනෙකු දෑත් ඉණ මත තබමින් සලාතය ඉටු කිරීම තහනම් කර ඇත.
වාර්තාකරු: අබූ හුරෛයිරා (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 1220/ සහීහ් මුස්ලිම් වැකි අංක 46-545.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v මෙම හදීසයේ සඳහන් මුක්තසිරන් යන්නෙහි අර්ථය නම් : කෙනෙකු තම දෑත් හෝ එයින් එකක් තම ඉණ මත තබා ගැනීමයි.
v මුස්ලිම් වරයෙකු සලාතය ඉටු කිරීම සඳහා සූඳානම් වන කල්හි අලංකාර ස්වරූපයකින් සිටිය යුතුයි.
v සලාතය ඉටු කිරීමේදී තම දෑත් ඉණ මත තැබීම තහනම් බව මෙම හදීසය තහවුරු කරයි.
24- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: كُنَّا نَأْكُلُ عَلَى عَهْدِ رَسُوْلِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ نَمْشِي، وَنَشْرَبُ وَنَحْنُ قِيَامٌ.
(جامع الترمذي، رقم الحديث 1880، واللفظ له، وسنن ابن ماجه، رقم الحديث 3301، وقال الإمام الترمذي عن هذا الحديث بأنه: حسن صحيح غريب، وصححه الألباني).
අප සැම නබි (සල්) තුමාණන් විසූ කාලවකවානුව තුල ගමන් කරමින් ආහාර අනුභව කළ අතර සිට ගෙන ජලය පානය කළෙමු.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් උමර් (රළි)
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 1880/සුනන් ඉබ්නු මාජා වැකි අංක 3301
Êවාර්තාකරු පිළිබඳ විස්තර 11 වන හදීසයේ සඳහන් වේ.
v මෙම හදීසය මඟින් තහවුරු වන විශය නම් කෙනෙකු කෙළින් සිට ගෙන ආහාර පාන ගැනිම යනු වරදක් නොවන බවයි.මෙය ස්ථීර කිරීමක් වශයෙන් තිර්මිදි ග්‍රන්ථයේ සඳහන් වන අනෙකුත් නබි වදනක් සඳහන් කළ හැක.එනම් නබි (සල්) තුමාණන් සිට ගෙන හා හිඳ ගෙන ජලය පානය කළහ.යන නබි වදනයි.
v සිට ගෙන පානය නොකළ යුතුයි යැයි වෙනත් හදීසයක සඳහන් වී ඇති නමුත් එයින් අදහස් වන්නේ සුන්නත් වූ ආකාරය නම් අසුන් ගෙන ආහාර පාන ගැනීම නමුත් සිට ගෙනද ආහාරපාන ගැනීමට අනුමැතිය ඇත යන්නයි.
25- عَنْ أَبِيْ الدَّرْدَاءِ رَضِيَ اللهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "أَيَعْجِزُ أَحَدُكُمْ أَنْ يَقْرَأَ فِيْ لَيْلَةٍ ثُلُثَ الْقُرْآنِ؟ قَالُوْا: وَكَيْفَ يَقْرَأْ ثُلُثَ الْقُرْآنِ؟ قَالَ: "(قُلْ هُوَ اللَّهُ أَحَدٌ) تَعْدِلُ ثُلُثَ الْقُرْآنِ".
(صحيح مسلم، رقم الحديث 259- (811)، ).
ඔබලාගෙන් කවරෙකුට හෝ එක් රාත්‍රියේදී අල්කුර්ආනයේ තුනෙන් එක් කොටසක් සජ්ඣායනා කළ හැකිදැයි නබි (සල්) තුමාණන් විමසුවේය.එයට දූත සඟයින් එසේ අල්කුර්ආනයේ තුනෙන් එක් කොටසක් සජ්ඣායනා කළ හැක්කේ කෙසේද යනුවෙන් අසා සිවියහ.එවිට නබි (සල්) තුමාණන් (කුල් හුවල්ලාහු අහද්) යන පරිච්ඡේදය අල්කුර්ආනයේ තුනෙන් එක් කොටසකට සමාන වේ යනුවෙන් පැවසීය.
වාර්තාකරු : අබුද්දර්දා (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 259-811.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබුද් දර්දා උවයිමිර් බින් සයිද් බින් කයිස් අල් අන්සාරී අල් හස්රජී.බද්ර් සටන හටගත් දිනයෙහි ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මෙතුමා හකීම් නැමැති කීර්තිමත් නමින් සුප්‍රසිද්ධය.එකල්හි කාරී වරුන්ගේ (අල් කුර්ආනය හරි ලෙස පාරායනය කරන්නා) ප්‍රධානයා හා ඩැමස්කස් හි විනිශ්චයකරුද මොහු වේ.අල්කුර්ආනය ගොනු කිරීමේ හා මනනය කිරීමේ භාග්‍යද මෙතුමාණන්ට හිමි වුණි.මෙතුමාගේ වාර්තාවෙන් හදීස් 179 ක් වාර්තා වී ඇත. වයස අවුරුදු 72 හිජ්රි වර්ෂ 21 හෝ 22 හි උස්මාන් (රළි) තුමාණන්ගේ ඝාතනයට අවුරුදු තුනකට පෙර මෙතුමාණන් මිය ගියහ.
v මෙම නබි වදන එම සූරාවෙහි අන්තර්ගත වී ඇති මහිමය එලිදරව් කර ඇත.සූරතුල් ඉඃහ්ලාස් නැමැති මෙම පරිච්ඡේදය සජ්ඣායනය කිරීමෙන් අල්කුර්අනයෙන් තුනෙන් එක් කොටසක් සජ්ඣායනය කිරීමේ ආනිසංස ලබා ගත හැකි යන්න මෙයින් අදහස් වේ.
v මුස්ලිම් වරයෙකු විසින් අල්කුර්ආනය සම්පූර්ණයෙන් පාරායනා කීරීම කෙරෙහි සැළකිලිමත් විය යුතුයි.එය පාරායනා කිරීමෙන් දෙලොවෙහි ජයග්‍රහණය උදෙසා එහි අන්තර්ගත වි ඇති දිව්‍යමය ඉගෙන්වීම් තමන් විසින් අවබෝධය කර ගැනීමට වෙර දැරිය යුතියි.
26- عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ: لَنَا رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "يَا مَعْشَرَ الشَّبَابِ! مَنِ اسْتَطَاعَ منكُم الْبَاءَةَ؛ فَلْيَتَزَوَّجْ؛ فَإِنَّهُ أَغَضُ لِلْبَصَرِ، وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ؛ فَعَلَيْهِ بِالصَّوَمِ؛ فَإِنَّهُ لَهُ وِجَاءٌ".
(صحيح مسلم، رقم الحديث 3 - (1400)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 5066).
අහෝ තරුණයිනි !!! විවාහ වීම සඳහා ඔබලාට (අවශ්‍ය වන වියදම ) ශක්තිය ඇත්නම් විවාහ වනු.එසේ විවාහ වීම යනු තම බැල්ම පහත දැමීම කෙරෙහිත් තම රහස් ප්‍රදේශය කෙරෙහිත් ආරක්ෂාවකි.කවරෙකු හට විවාහ වීමට ශක්තිය නොමැතිද ඔවුන් උපවාසයේ නිරත වනු.ඇයිදයත් එම උපවාසය (අනවශ්‍ය සිතුවිලි වලින්) ආරක්ෂාවකි යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 3-1400/ සහීහුල් බුහාරි වැකි අංක 5066.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 2 වන හදීසයේ සඳහන් වේ
v මෙම නබි වදනේ සඳහන් බාඅහ් යන අරාබි යෙදූමේ සිංහල අර්ථය නම් විවාහය සඳහා අවශ්‍ය වන වියදම වේ.ඊට අනුව මෙහි අර්ථය (කවරෙකු හට විවාහය සඳහා වැය වන වියදම දරා ගත හැකි ද ඔහු විවාහ විය යුතුයි ) යන්නයි. පවුල් ජීවිතයක් කෙරෙහි ආශාවක් කවරෙකු සතුව නොමැතිද මෙවන් අවස්ථාවේදී ඔහු උපවාසයේ නියලීම කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත.
v යෞවණ වියෙහි පසුවන තරුණයින් තමන් සතුව පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වියදම දරා ගත හැකි නම් ඔවුන් පසුබට නොවී සීඝ්‍රෙයන් විවාහ විය යුතුයි.
v අනවශ්‍ය දෑ බැලීමෙන් තම බැල්ම පහත හෙළිම ,රහස් ප්‍රදේශය පවෙන් ඇත් කර ආරක්ෂා කර තැබීම් වැනි ආධ්‍යාත්මික විශයන් බොහෝමයක් විවාහය වීම තුල අන්තර්ගතව ඇත යන්න නිසැකයි.
27-عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "أُعْطِيْتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ مِنَ الْأَنْبِيَاءِ قَبْلِيْ: نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ، وَجُعِلَتْ لِيَ الْأَرْضُ مَسْجِدًا وَطَهُوْرًا، وَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلَاةُ؛ فَلْيُصَلِّ، وَأُحِلَّتْ لِيَ الْغَنَائِمُ، وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً، وَبُعِثتُ إِلَى النَّاسِ كَافَّةً، وَأُعْطِيْتُ الشَّفَاعَةَ".
(صحيح البخاري، رقم الحديث 438، واللفظ له، وصحيح مسلم، رقم الحديث 3 - (521)،).
පෙර පැමිණි නබි වරුන් හට හිමි නොවූ විශේෂ කරුණු පහක් මා කෙරෙහි ලැබී ඇත.ඒවා නම් සතුරන් මසක දූරක් සිටියද ඔවුනට භියක් ඇති වීම තුලින් මා උදව් කිරීමට ලක් වී ඇත.පොළොවේ සියළු ස්ථාන සුජූද් කළ හැකි ස්ථාන ලෙසත් ඉතා පිරිසිදු ස්ථාන ලෙසත් මා කෙරෙහි පත් කර ඇත.එබෙවින් නැමදුමෙහි වේලාව පැමිණි කළ නැමදුම ඉටු කළ යුතුයි.යුද්ධයෙන් හිමිකර ගත් දෑ ලබා ගැනීම සඳහා මා හට අනුමැතිය ලැබී ඇත .ධර්ම දූතයින් විශේෂයෙන් තම සමූහය කෙරෙහි පමණක් එවනු ලැබූ අතර මා ලෝ වාසී සියල්ලන් සඳහා එවනූ ලැබූවෙමි.ෂෆාඅත් හෙවත් මැදිහත්වීම මා හට පැවරී ඇත යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තා කරු : ජාබිර් බින් අබ්දුල්ලාහ් (රලි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 438/සහීහ් මුස්ලිම් වැකි අංක 3-521
Êවාර්තාකරු පිළිබඳ විස්තර 22 වන හදීසයේ සඳහන් වේ.
v නබි (සල්) තුමාණන් කෙරෙහි පමණක් ප්‍රධානය වූ විශේෂ ආශ්චර්ය කිහිපයක් මෙම හදීසයේ සඳහන් වී ඇත.ඒවා පහත දැක්වෙන අයුරුයි:
අ- බිය: මුහම්මද් (සල්) තුමාණන් වටා සිටි සතුරන් ඔවුන් මාසයක ප්‍රමාණයක් දුර සිටියද ඔවුන්ගේ සිත් තුල එක්තරා භීතියක් අල්ලාහ් දෙවියන් විසින් ඇති කර තිබුණි.මෙම භීතිය ඔහුගේ අභාවයට පසුව ඔහුගේ සමූහය කෙරෙහිද තිබුණි.
ආ- භූමියේ සියළුම ස්ථාන පිරිසිදු ස්ථාන ලෙස පත් වීම්.එනම් කවරෙකුහෝ මුස්ලිම් වරයෙකු ලොවේ කොතැනක සිටියද සලාතයේ නිසි වේලාව පැමිණියේ නම් එම ස්ථානයෙහි ජලය හා මස්ජිදයක් නොමැති විට පිරිසිදු වැලි උපයෝගී කර පිරිසුදු විමෙන් අනතුරුව එම ස්ථානයේදීම සලාතයේ නියලිය හැක.
එනමුත් සලාතය කරන ස්ථානය අපිරිසිදු ස්ථානයක් නොවිය යුතු අතර නබි වදන් තුලින් තහනම් වූ ස්ථාන වන සොහොන් බිම්,කැලි කසල දමන ස්ථාන,මගතොට,සතුන් ඝාතනය කරන ස්ථාන වැනි ස්ථානවලද සලාතය නොකළ යුතුයි.කෙසේ නමුත් සලාතය වනාහි මස්ජිදය තුල සාමුහිකව සිදු විය යුතු අතර කෙනෙකු මගියෙකු හෝ රෝගියෙකු වී මස්ජිදය කරා යෑමට අපහසු වේ නම් තමන් සිටින ස්ථානයේදීම සලාතය කළ හැක.
ඇ- ඉස්ලාමීය සාරධර්මයට අනුව සිදුවන සටනකදී ලැබෙන දෑ අත්පත් කර ගැනීමට ඉස්ලාමීය සමූහය කෙරෙහි අනුමැතිය අල්ලාහ් ලබා දී ඇත.
ඈ-අල්ලාහ් විසින් මුහම්මද් (සල්) තුමාණන් මුළු මහත් විශ්වය සඳහා පොදු ධර්ම දූතයෙකු ලෙස පහළ කර ඇත.එසේනම් ඉස්ලාමීය පණිවුඩය යනු එය සෑම යුගයක් සඳහාත් සෑම ජන කොට්ඨාසය සඳහාත් ජාත්‍යාන්තර පණිවුඩයෙකි.
ඉ-නබි (සල්)තුමාණන් විසින් අවසන් දිනයේ මිනිසුන් හට ඇති වන භයානක තත්වයෙන් මුදවා හැරීම සඳහා (ෂෆාඅතුල් උල්මා) හෙවත් ඉමහත් මැදිහත් වීමක් සිදු කෙරෙණු ඇත.මෙය ඔහු සඳහා විශේසයෙන් හිමි වූ එක් ආශ්චර්යකි.
v මුහම්මද් (සල්) තුමාණන් හා ඔහුගේ සමූහය වෙත ප්‍රධානය කළ මෙම ආශ්චර්ය සඳහා අල්ලාහ්ට කෘතඥත්වය දැක් විය යුතුයි.
28- عَنْ أَبيْ مُوْسَى الْأَشْعَرِيِّ عَبْدِ اللهِ بْنِ قَيْسٍ رَضِيَ اللهُ عَنْهُ، أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "إِنَّ فِي الْجَنَّةِ خَيْمَةً مِنْ لُؤْلُؤَةٍ مُجَوَّفَةٍ، عَرْضُهَا سِتُّونَ مِيْلاً، فِيْ كُلِّ زَاوِيَةٍ مِنْهَا أَهْلٌ، مَا يَرَوْنَ الْآخَرِيْنَ، يَطُوْفُ عَلَيْهِمُ الْمُؤْمِنُ".
(صحيح مسلم، رقم الحديث 24 - (2838)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 4879).
ස්වර්ගයෙහි කූඩාරමක් ඇත.එය මැද කුහරියකින් යුතු මුතුවලින් සමන්විතයි.එහි පළල සැතපුම් හැටකි.සෑම අගභාගයකම එක් එක් බිර්න්දෑවරුන් සිටිනු ඇති අතර ඔවුන් එකිනෙකා දැකගන්නේ නැත.(දේව විශ්වාසවන්තයා) ඔවුන් වෙත පැමිණ යනු ඇත යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තා කරු: අබූ මූසා අල්අශ්අරී (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 24-2838/සහීහුල් බුහාරි: වැකි අංක 4879.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබූ මූසා අබ්දුල්ලාහ් බින් කයිස් බින් සලීම් අල්අශ්අරී අල් යමානී.මක්කාවට පැමිණ ඉස්ලාම් දහම වැළඳ ගත් සහාබිවරයෙකි.ඉන්පසු ඉතායෝපියාවට සංක්‍රමණය වූ අතර හඃයිබර් සටනෙහි ජය ලැබීමෙන් පසු මදීනාවයට පැමිණියහ.ඉන්පසු සිදුවූ සටන් වලට සහභාගී වුණි.අල් කුර්ආන් පාරායනය කිරීමෙදී අලංකාරමත් කටහඬකින් පාරයනා කරන එක් සහාබිවරයෙකි.වන්දනාමානය, ශිල්පය වැනි විශයෙහි වඩාත් උනන්දුවක් ලබා දුන්හ.මදීනාවෙහි නැතහොත් කූෆාවෙහි හිජ්රි වර්ෂ 44 දී මිය ගියහ.මෙතුමාණන්ගේ විපට සිදු වූ දිනය පිළිබඳ වෙනත් අදහස්ද ඇත.
v මුස්ලිම් වරයෙකු විසින් ස්වර්ගයක් තිබෙනු ඇතැයි විශ්වාස කළ යුතුයි .
v සැබැවින්ම ස්වර්ගය යනු එලෝ දිනයේ හිමි වනු ඇත. තවද එය සදා සුවයක් ඇති නිවහනකි.අල්ලාහ් දෙවිඳුන් ඔහුගේ අවංක ගැත්තන් සඳහා එය සූදානම් කර ඇත.එලෝ ජීවිතයේ ඔවුනට සැබෑ සන්සුන්භාවයක් හිමි වනු ඇත.එහි ගංගාවන් ගලා බසිනු ඇත.පළතුරු වර්ග හා ශාක වර්ග රාශියක් එහි ඇත.එපමණක් නොව ඔවුන් ප්‍රිය කරන සියල්ලක්ම එහි හිමි වනු ඇත.සෑම සතුටක්ම එහි තිබෙනු ඇති අතර අසහනයක් , රෝගයක් හෝ සිත් කනස්සල වැනි දෑ එහි නොතිබේ.
v සත්‍ය ඉස්ලාමියය ඉගෙන්වීම්වලට අනුව යහපත් ක්‍රියාවන් හා දේව විශ්වාසය ස්වර්ගස්ත්‍ර වීමේ හේතුවලින් ප්‍රධාන හේතූන් වේ.ඒ අනුව මුස්ලිම් වරයෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වී ඔහුගේ තෘප්තිය ලබා ස්වර්ගයට පිවිසීමට උත්සහ කළ යුතුයි.
29- عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "الْبَقَرَةُ عَنْ سَبْعَةٍ، وَالْجَزُوْرُ عَنْ سَبْعَةٍ".
(سنن أبي داود، رقم الحديث 2808، وصححه الألباني).
(උල්හියියා සඳහා කැප කරනු ලබන) ගවයෙකු සත් දෙනෙකු වෙනුවෙන් වලංගු වේ. ඔටුවෙකුද සත් දෙනෙකු වෙනුවෙන් වලංගු වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තා කරු: ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළි)
මූලාශ්‍රය : සුනන් අබූ දාවූද් වැකි අංක 2808.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 22 වන හදීසයේ සඳහන් වේ.
v ඉස්ලාමීය නීති විශාරදයින් අතර එක් ඔටුවෙකු මාංශදානය කිරීමේදී සත් දෙනෙකු කොටස්කරුවන් වී කිරීම වලංගු වේද නැද්ද යන්න පිළිබඳ මතභේද ඇත.එනමුත් බහුල විශාරදයින්ගේ මතය නම් ඔටුවෙකු සත් දෙනෙකු වෙනුවෙන් වලංගු වන බවයි.ඇතැම් විශාරදයින්ගේ මතය වන්නේ සත් දෙනෙකු නොව දහ දෙනෙකු සඳහා ඔටුවෙකු වලංගු වන බවයි.
v උල්හියියාවේදී කැප කරන සත්වයා ගවයෙකු නම් ඒ සඳහා වලංගු වන කොටස් කරවන්ගේ සංඛ්‍යාව හතකි.
v මෙසේ කොටස් කරුවෙකු විය හැක්කේ කැප කරන එම සතා ඔටුවෙකු හෝ නැතහොත් ගවයෙකු නම් පමණී.කැප කරන එම සතා එළුවෙකු නම් මෙහිදි කොටස් කරුවන් බෙදිය නොහැක.එම සතා වලංගු වන්නේ එක්කෙනෙකුට පමණී.එක් ගවයෙකු හෝ ඔටුවෙකු වෙනුවෙන් සත් දෙනෙකු කොටස් කරුවන් විය හැකි නම් හතට වඩා අඩු ප්‍රමාණයක් කොටස් කරුවන් සිටියද වලංගු වන බව මනා පැහැදිලි වනු ඇත.
30- عَنْ سَمُرَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّهُ سَمِعَ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "إِنَّ مِنْهُمْ مَنْ تَأْخُذُهُ النَّارُ إِلَى كَعْبَيْهِ، وَمِنْهُمْ مَنْ تَأْخُذُهُ إِلَى حُجْزَتِهِ، وَمِنْهُمْ مَنْ تَأْخُذُهُ إِلَى عُنُقِهِ".
(صحيح مسلم، رقم الحديث 32 - (2845)، ).
නරාකාදියේ සමහරුන් සිටිති.ඔවුන්ගේ විලුඹ දක්වා අපා ගින්නෙන් දවනු ලැබේ.තවත් සමහරුන් ඔවුන්ගේ ඉන දක්වා අපා ගින්නෙන් දවනු ලැබේ.අනෙකුත් සමහරුන් ඔවුන්ගේ ගෙළ දක්වා අපා ගින්නෙන් දවනු ලැබේ යනුවෙන් නබි (සල්) තුමාණන් පවසා සිටීම මා ශ්‍රවණය කළෙමි.
වාර්තා කරු: සමුරහ් (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 32- 2845.
Êවාර්තාකරු පිළිබඳ විස්තර:
සමුරහ් බින් ජුන්දුබ් අල් ෆසාරී (රළි).ජාහිලියියා හෙවත් අඥාන යුගය සමතයට පත් වූ පසු ඉපදුනු සහාබිවරයෙකු.කුඩා දරුවෙකුව සිටියෙදී නබි (සල්) තුමාණන්ව මුණ ගැසීය.ඔහුගේ පියාණන්ගේ විපතට පසු අනාථයෙකු ලෙස තම මෑණියන් ළඟ හැදී වැඩුණි.මෙතුමාණන් විසින් හදීස් 100 ක් මූලාශ්‍රය වල වාර්තා වී ඇත.පසු කාලීනව මෙතුමාණන් බසරාවෙහි ජීවත් වූණි.කූෆාව හා බසරාවේ පාලකයෙකු ලෙස සිටි සියාද් එහි නොසිටින අවස්ථාවෙදී මෙතුමාණන්ව එම ප්‍රදේශ සඳහා පාලකයෙකු ලෙස පත් කරයි.මෙතුමාණන් මුස්ලිම් වරුන් කාෆිර් යැයි කියන හවාරිජ් වරුන් සමඟ දැඩි කෝපයෙන් පසු වුණි.හිජ්රි වර්ෂ 58 දී උණු වතුර තිබූ භාජනයට වැටුණු හේතුවෙන් අභාවයට පත් වුණි.
v නරකාදියේ වේදනාවෙහි තරාතිරම හා අපාය වාසීන් වන කාෆිර්වරුන්ගේ හා මුස්ලිම් වරුන් අතුරින් පාපයන් සිදු කළවුන්ගේ තත්වය කෙසේද යන්න මෙම නබි වදන පවසයි.මහා පාපයන් සිදු කළවුන්ගේ දඬුවම සුළු පාපයන් කරන්නන්ගේ දඬුවමට වඩා වෙනස්ය. පාප කර්ම වල තරාතිරම කෙසේද එසේම එහි දඬුවමෙහි තරාතිරමද ඒ අනුව වෙනස් වනු ඇත.
v නරකාදියට සුදුස්සන් ලෙස පත් කරන කරුණු කාරනා වල නියැලීමෙන් වැළකී සිටිනු මෙන් මෙම නබි වදන අනතුරු හඟවයි.එම කරුණු කාරනා දෙආකාරයකින් බෙදා වෙන් කර ගත හැක. එයින් එකක් නම් : ඊමාන් හෙවත් දේව විශ්වාසයෙන් බැහැර කර කුෆ්ර් හෙවත් දේව ප්‍රතික්ෂේපය වෙත හබා යන ශිර්ක් හෙවත් ආදේශ කිරිම වැනි පාප ක්‍රියාවන් වේ.මෙමගින් නරකාදියේ සදා රැඳී සිටීමට සිදු වනු ඇත.අනෙකුත් කරුණ නම් මිනිසා සල්ලාලත්වය වෙත ගෙන යන සොරකම් කිරීම, අනාචරයේ හැසිරීම යන පාප ක්‍රියාවනි.මෙමගින් නරකාදියට පිවිසීමට සිදු වූවත් සදා රැඳී සිටීමට සිදු වන්නේ නැත.කවදාහෝ දිනක මුස්ලිම්වරයෙකු එයින් නිදහස් වනු ඇත.
31- عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ: "يَوْمُ عَرَفَةَ، وَيَوْمُ النَّحْرِ، وَأَيَّامُ التَّشْرِيْقِ، عِيْدُنَا أَهْلَ الإِسْلاَمِ، وَهِيَ أَيَّامُ أَكْلٍ وَشُرْبٍ".
(سنن أبي داود، رقم الحديث 2419، وجامع الترمذي، رقم الحديث 773، واللفظ لهما، وسنن النسائي، رقم الحديث 3004، وصححه الألباني).
අරෆා දිනය,(දුල් හජ් මසෙහි නම වන දිනය වන) නහ්ර් දිනය හා අයියාමුල් තෂ්රීක් දිනයන් වනාහි මුස්ලිම් වරුන් වන අපගේ අවුරුදු දින වේ.තවද ඒවා ආහාර පාන ගත යුතු දින වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : උක්බත් බින් ආමිර් (රළි)
මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 2419/ජාමිඋත් තිර්මිදි වැකි අංක 773/ සුනන් අන් නසාඊ වැකි අංක 3004.ඉමාම් අල්බානි (රහි) තුමාණන් මෙම නබි වදන සහීහ් යනුවෙන් පවසා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර:
උක්බත් බින් ආමිර් බින් අබස් අල් ජුහනී (රළි).නීතිවේදියෙක් හා කාරීවරයෙකි.දේපළ උරුමකම් පිළිබඳ නීතිරීතීන් දැනගත් සහාබිවරයෙකි.තවද චතුර ලෙස කවි කියන එක් කවියෙකි.යුධමය අවස්ථාවන්හිදී අණ දෙන නිලධාරි වරුන්ගෙන් කෙනෙකි.මොහුගේ අල් කුර්ආනය පාරායනය කිරීමේ කටහඬෙහි ඇති අලංකාරත්වය හේතුවෙන් එක්ල්හි වැජබූ සහාබි වරුන් අල්ලාහ්ගේ බියෙන් හඬා වැළපෙනු ඇත.උහද් හා ඉන්පසු සිදු වූ සෑම සටනක් සඳහාම නබි (සල්) තුමාණන් සමඟ සහභාගී වුණි.මිස්රය (ඊජුප්තුව) අත්පත් කර ගැනීමේදී එක් සේනාවක් සඳහා සේනාධිපත්යෙකු ලෙස සිටියහ.ඒ සඳහා ත්‍යාග්‍යක් ලෙස මුආවියා (රළි) තුමාණන් එම ප්‍රදේශයට පාලකයෙකු ලෙස අවුරුදු තුනක කාළයක් සඳහා පත් කළහ.මෙතුමාගේ වාර්තාවෙන් හදීස් 55 ක් වාර්තා වී ඇත.හිජ්රි වරෂ 58 හිදී මෙතුමා විපතට පත් වූ අතර කයිරෝවෙහි මිහිදන් කෙරෙණූ ලැබිණි.
v අරෆා දිනය හා දුල් හජ් මස 10 වෙනි දින හා ඉන් පසු පැමිණෙන අයියාමුත් තෂ්රීක් හෙවත් දවස් තුන ඉස්ලාම් දහමෙහි අවුරුදු දිනයක් මෙන් සැලකිය යුතුයි යන්න මෙම හදීසය පෙන්නුම් කරයි.එනමුත් උල්හියියා වැනි කර්තව්‍යයන් ආරම්භ කළ යුත්තේ එම මස දහවෙනි දිනෙන් පසුව සිට අයියාමුත් තෂ්රීක් දවස් තුන අවසන් වන තෙක්ය.
v හජ් උත්සවය දවස් පහකි.දුල් හජ් මස නව වෙනි දින සිට දහතුන් වන දිනය දක්වා කල් ඇත.ඒවා සියල්ල විශේෂයෙන් ආහාර පාන අනුභව කළ යුතු දවස් වේ.
v ඉස්ලාම් දහමෙහි අවුරුදු උත්සව යනු දේව වන්දනාව කෙරෙහි භාග්‍ය ලබා දුන් අල්ලාහ්ට කෘතවේදය පල කරන කාළයකි.
v අවුරුද්දක ඉතා විශිෂ්ඨ දිනය වන්නේ දුල් හජ් මස දහවෙනි දිනයයි.රමසාන් උත්සවයට වඩා මෙම උත්සවය ශ්‍රේෂ්ඨ වීමට හේතුවද මෙයයි.
32- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "الصَّوْمُ يَوْمَ تَصُوْمُوْنَ، وَالفِطْرُ يَوْمَ تُفْطِرُوْنَ، وَالْأَضْحَى يَوْمَ تُضَحُّونَ".
(جامع الترمذي، رقم الحديث 697، واللفظ له، وسنن أبي داود، رقم الحديث 2324 وسنن ابن ماجه، رقم الحديث 1660، وصححه الألباني).
උපවාසයේ නිරත විය යුතු දිනය ඔබ සියල්ල උපවාසය රකින දිනය වේ.උපවාසය අත්හරින දිනය ඔබ සියල්ල උපවාසය අත්හරින දිනය වේ.උළ්හියියා දිය යුතු දිනයද ඔබ සියල්ල උළ්හියියා දෙන දිනය වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි).
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 697/ සුනන් අබූ දාවූද් වැකි අංක 2324/ සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 1660/ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම නබි වදන සහීහ් යනුවෙන් පවසා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v මුස්ලිම් වරයෙකු සිය ගමෙහි වාසය කරන මුස්ලිම් වරුන් සමඟම උපවාසයේ නිරත විය අතර ඔවුන් සමඟම උපවාසය අත්හැරිය යුතුයි.එසේම අවුරුදු උත්සවයට අදාල සලාතය හා උල්හියියා දිය යුත්තේද ඔවුන් සමඟිනි.මේවා වෙන් වී තනිවම කළ නොහැක.මෙසේ එක්රැස් වී සාමූහික ලෙස ඉටු කිරීමට හේතුව මුස්ලිම්වරුන්ගේ එකමුතු කම පෙන්නුම් කිරීම සඳහාත් ඔවුනතර මතභේද නොවී සිටීම සඳහාත්ය.
v ඉස්ලාමීය ඉගෙන්විම්වල විෂේශයෙන් සලාතය හා උපවාසය වැනි සාමූහික වත්පිළිවෙත් හි අරමුණ මිනිසුන් එක්රැස් කර එකමුතු කිරීම වන අතර සමාජය බෙදා වෙන් කරන පෞද්ගලික මත වලින් දුරස් කිරීමයි.
33- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ: "ثَلاَثَةٌ لاَ يَنْظُرُ اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ: الْعَاقُّ لِوَالِدَيْهِ، وَالْمَرْأَةُ الْمُتَرَجِّلَةُ، وَالدَّيُّوْثُ، وَثَلاَثَةٌ لاَ يَدْخُلُوْنَ الْجَنَّةَ: الْعَاقُّ لِوَالِدَيْهِ، وَالْمُدْمِنُ عَلَى الْخَمْرِ، وَالْمَنَّانُ بِمَا أَعْطَى".
(سنن النسائي، رقم الحديث 2562، حسنه الألباني وصححه).
අවසන් දිනයෙහි අල්ලාහ් දෙවිඳුන් තිදෙනෙකු වෙත කරුණාවන්ත බැල්මෙන් බලන්නේ නැත.ඔවුන් නම් : දෙමාපියන්ට හිංසා කරන්නා, පිරිමියෙකු මෙන් කටයුතු කරන කාන්තාව හා (කාන්තාවන් අනාචාරයේ යෙදීම දැක එය නොළවක්වා සිටින) අධමයා. තවත් තිදෙනෙකු ස්වර්ගයට නොපිවිසේ.ඔවුන් නම් : දෙමාපියන් හට හිංසා කරන්නා, මත්පැන් වලට ඇබ්බැහි වූ මිනිසා හා පරිත්‍යාග කළ දෑ ප්‍රසිද්ධියේ කියා පෙන්වන්නා යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් උමර් (රළි).
මූලාශ්‍රය : සුනන් අන්නසාඊ , වැකි අංක 2562.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 11 වන හදීසයේ සඳහන් වේ.
v අල්කුර්ආන් හා අල් හදීස් වල අල්ලාහ් සතුව තිබෙන බව පැමිණ ඇති අලංකාරමත් නාමයන් හා ගුණාංගයන් ප්‍රතික්ෂේප නොකර ඒවා සඳහා වැරදි ආකල්පයක් නොදී ඒවා ආදේශ නොකර විශ්වාස කිරීම අනිවාර්ය වේ.එවන් ගුණාංග වලින් බැලීමද එක් ගුණාංගයකි.අල්ලාහ් ඔහුට අවශ්‍ය වේලාවට ඔහුගේ අභිමතයට අනුව බලනු ඇත.මෙම ගුණාංගය ආදේශාත්මක ආකාරයෙන් නොසැළකිය යුතුයි.
v දෙමාපියන්ට හිංසා කිරීම යනු ඉස්ලාම් දහමෙහි මහා පාපයක් මෙන් සලකණු ලැබේ.
v කවරෙකු ඉහත නබි වදනෙහි සඳහන් මහා පාපයන් සිදු කරන්නේද මරණයට පෙර ඔහු විසින් අනිවාර්ය ලෙස අල්ලාහ් ඉදිරියේ පාපක්ෂමාව අයදිය යුතුයි.
34- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: نَهَى النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ النَّجْشِ.
(صحيح البخاري، رقم الحديث 2142، واللفظ له، وصحيح مسلم، رقم الحديث 13 - (1516)،).
අනවශ්‍ය ලෙස මිල වැඩි කිරීම නබි (සල්) තුමාණන් තහනම් කළහ.
වාර්තාකරු: අබ්දුල්ලාහ් බින් උමර් (රළි)
මූලාශ්‍රය: සහීහුල් බුහාරි වැකි අංක 2142/ සහීහ් මුස්ලිම් වැකි අංක 13-1516.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 11 වන හදීසයේ සඳහන් වේ.
v අනවශ්‍ය ලෙස අනෙකා අපහසුතාවයකට පත් කිරීම සඳහා බඩුභාණ්ඩ වල මිල වැඩිකිරීම තහනම් වේ.
v සැමට යහපත ගෙන දෙන ව්‍යාපාර හා ගණු දෙනු සියල්ලම ඉස්ලාම් දහම විසින් අනුමත කර ඇත.මිනිසුන් අතර වෛරය ,ක්‍රෝදය ඇති කරවන හා ව්‍යාපාරිකයින් හට අපරාධයක් සිදු කරන වංචනික ගණු දෙණු ඉස්ලාම් දහම විසින් තහනම් කර ඇත.
v අනවශ්‍ය ලෙස මිල වැඩි කරන්නා පාපිෂ්ඨ පුද්ගලයෙකි. එසේනම් එහි පාපය හිමි වන්නේ එම පුද්ගලයාට පමණී. එනමුත් එම ගණුදෙනුව වලංගු වේ.
35- كَتَبَ الْمُغِيْرَةُ بْنُ شُعْبَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا فَرَغَ مِنَ الصَّلاَةِ وَسَلَّمَ، قَالَ: "لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ، اَللَّهُمَّ! لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ".
(صحيح مسلم، رقم الحديث 137- (593)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 844).
නබි (සල්) තුමාණන් සලාතයෙන් අවසන් වූ පසු :
لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ، اَللَّهُمَّ! لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدّ
යන ප්‍රාර්ථනාව කී බව මුගයිරහ් බින් ශූඃබා (රළි) තුමාණන් ලියා යැව්වේය.
වාර්තාකරු: මුගයිරා බින් ශූඃබා (රළි)
මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 137-593/ සහීහුල් බුහාරි වැකි අංක 844.
තේරුම : “අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයෙකි. ඔහුට සමාන කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහුට හිමිය. සියලු ප්‍රශංසා ද ඔහුට හිමිය. ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නය. යා අල්ලාහ්, ඔබ විසින් දෙන දෙයක් වළකා ලීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. ඔබ වැළකූ දේ දීමටද කිසිවෙකුටත් හැකියාවක් නැත. ඔබ තීරණයක් ගත්තේ නම් කිසිවෙකුට එය වෙනස් කළද නොහැක. ඔබ ලබාදෙන දඬුවම්වලින් මිදීමට පොහොසතුන්ගේ ධනය ප්‍රයෝජනවත් නොවන්නේය.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
මුගයරහ් බින් ශුඃබා අස්සකෆී.එතුමාණන්ගේ නම අබූ අබ්දුල්ලාහ් වේ.තාඉෆ් හි ඉපදී එහිදි හැදී වැඩීය.කයිබර් සටන සිදු වන කාලවකවානුව තුල ඉස්ලාම් දහම වැළඳ ගත්හ.හුදයිබියියා ගිවුසුම සඳහාද සහභාගී වූය.අබූ බක්ර් හා උමර් (රළි) තුමාණන්ගේ පාලන කාලයේ පර්සියානු රාජ්‍යයට එරෙහිව සිදු වූ සටන් සඳහා මෙතුමාණන් එකතු වුණි.උමර් (රළි) තුමාණන් විසින් කූෆාවට පාලකයෙකු ලෙස පත් කෙරිණි.මිය යන තෙක් එසේම සිටියහ.මෙතුමාණන් විසින් හදීස් 136 ක් වාර්තා වී ඇත. හිජ්රි වර්ෂ 50දී ඔහුට වයස අවුරුදු 70ක්ව තිබියදී කූෆාවෙහි මිය ගියහ.
v නබි (සල්) තුමාණන් සලාතයට පසු මෙම ප්‍රාර්ථනාව කී බව මෙම නබි වදන පෙන්නුම් කරයි.
v සැබෑ ඒක දේවත්වයේ අඩංගු විය යුතු කරුණක් වන අල්ලාහ්ට හිමි ගුණාංග, නම් හා ක්‍රියාවෙන් ඔහු ඒකීය යන සංකල්පය හා වන්දනාමාන සියල්ලක් සඳහා සුදුස්සා හුදෙක් ඔහු පමණි යන බව හා ඔහුගේ මැවීම් පරිපාලනය කරන්නේ ඔහු විසින් පමණී යන ගැඹුරු අර්ථය මෙම මහඟු වචනමාලාවේ සඳහන් වේ.
v මෙම ප්‍රාර්ථනාවේ අර්ථ විවරණයෙහි සඳහන් ධනවතෙකු විසින් ඔබට කිසිදු ප්‍රයෝජනයක් නොමැත යන වාක්‍යයේ අර්ථය වන්නේ අහෝ දෙවිඳුනි ! නුඹ ඉදිරියේ ධනවතෙකු ඔහුගේ ධනයෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබා ගන්නට නොහැක.ප්‍රයෝජනවත් වන්නේ යහක්‍රියාවන් පමණී යන්නයි. මිනිසා ඔහු සතුව කෙතරම් සැප සම්පත් හා උසස් පදවීන් තිබුණද ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති අතර සැමදා ඔහු අල්ලාහ් වෙතම අවශ්‍ය වන්නෙකි.
36- عَنْ عَبْدِ اللهِ رَضِيَ اللهُ عَنْهُ، قَالَ كان رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَمْسَى قَالَ: "أَمْسَيْـنَا وَأَمْسَـى الْمُـلْكُ لِلَّهِ، وَالحَمْدُ لِلَّهِ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ، لاَ شَرِيْكَ لَهُ، اَللَّهُمَّ! إِنِّيْ أَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ اللَّيْلَةِ وخَـيْرِ مَا فِيْهَا، وَأَعـوْذُ بِكَ مِنْ شَـرِّها وَشَرِّ مَا فِيْهَـا، اَللَّهُمَّ! إِنِّيْ أَعُوْذُ بِكَ مِنَ الْكَسَلِ، وَالْهَرَمِ، وَسُوْءِ الْكِبَرِ، وَفِتْنَةِ الدُّنْيَا، وَعَذَابِ الْقَبْرِ".
(صحيح مسلم، رقم الحديث 76 - (2723)، ).
සවස් වරුවේදී නබි (සල්) තුමාණන් :
أَمْسَيْـنَا وَأَمْسَـى الْمُـلْكُ لِلَّهِ، وَالحَمْدُ لِلَّهِ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ، لاَ شَرِيْكَ لَهُ، اَللَّهُمَّ! إِنِّيْ أَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ اللَّيْلَةِ وخَـيْرِ مَا فِيْهَا، وَأَعـوْذُ بِكَ مِنْ شَـرِّها وَشَرِّ مَا فِيْهَـا، اَللَّهُمَّ! إِنِّيْ أَعُوْذُ بِكَ مِنَ الْكَسَلِ، وَالْهَرَمِ، وَسُوْءِ الْكِبَرِ، وَفِتْنَةِ الدُّنْيَا، وَعَذَابِ الْقَبْرِ
යන ප්‍රාර්ථනාව පවසයි.
වාර්තා කරු: අබ්දුල්ලාහ් (රළි).
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් : වැකි අංක 76- 2723.
තේරුම: අපි උදේ කාලයට උදාවුනෙමු. පාලනය කිරීමේ ශක්තිය අල්ලාහ්ටම හිමි විය. සියලූ ප්‍රශංසා අල්ලාහ් සතුය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අනි කිසිවෙක් නැත. ඔහු එක් අයකි. ඔහු අසමසමය. මගේ පරමාධිපතියාණනි. අද දවසේ හා අදින් පසු සිදුවිය හැකි යහපත මට ලබා දෙනු මැනවි. තවද අද දවසේ හා අදින් පසුවද සිදුවිය හැකි හානියෙන් මාව ආරක්ෂා කරනු මැන. මගේ ආරක්ෂිතයාණෙනි, උදාසීනත්වයෙන්, මහළු වයෝවෘද්ධ භාවයෙන්,ලෝකයේ උවදුරු වලින් හා මිනීවලේ (කබ්රයේ) වේදනාවන්ගෙන්ද ආරක්ෂාව පතමි.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 2 වන හදීසයේ සඳහන් වේ.
v මුස්ලිම් වරයෙකුගේ උදේ වරුව හා සවස් වරුව ආරම්භ වී අවසන් විය යුත්තේ සැබෑ ආරෝග්‍ය , සෞබාග්‍ය හා සතුට අන්තර් ගත වී ඇති සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ මෙනෙහි කිරීමෙනි.තවද මෙවැනි ප්‍රාර්ථනා උදේ හා සවස් වරුවේදී නොකඩවා තෙපලීමට සැලකිලිමත් විය යුතුයි.
v උදේ වරුවට පමණක් ආවේනික වූ ප්‍රාර්ථනාවන් උදේ වරුව යනුවෙන් සලකනු ලබන වේලාවේදී පමණක් තෙපලිය යුතු අතර සවස් වරුවට ආවේණික වූ ප්‍රාර්ථනාවන් සවස් වරුව යනුවෙන් සලකනු ලබන වේලාවේදී පමණක් තෙපලිය යුතුයි.
v සවස් වරුවේ කුමන වේලාවේදී මෙම ප්‍රාර්ථනාවන් උසුලිය යුතුද යන්න පිළිබඳ විද්වතුන්ගේ බොහෝ මත තිබුණද එහි නිවැරදි මතය හිරු බැස යෑමෙන් පසු යන්නයි.
37-عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو رَضِيَ اللهُ عَنْهُمَا، قَالَ: قِيْلَ لِرَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ النَّاسِ أَفْضَلُ؟ قَالَ: "كُلُّ مَخْمُوْمِ الْقَلْبِ صَدُوْقِ اللِّسَانِ"، قَالُوْا: صَدُوْقُ اللِّسَانِ نَعْرِفُهُ، فَمَا مَخْمُوْمُ الْقَلْبِ؟ قَالَ: " هُوَ التَّقِيُّ النَّقِيُّ، لاَ إِثمَ فِيْهِ، وَلاَ بَغْيَ، وَلاَ غِلَّ، وَلاَ حَسَدَ".
(سنن ابن ماجه، رقم الحديث 4216، وصححه الألباني).
මිනිසුන් අතුරින් ශ්‍රෙෂ්ඨ මිනිසා කවරෙකුද යන්න නබි (සල්) තුමාණන්ගෙන් අසනු ලැබීය.එවිට නබි (සල්) තුමාණන් පිවිතුරු හදවතක් හා සත්‍ය කතා කරන මුවක් තිබෙන මිනිසා වේ යනුවෙන් පැවසීය.එවිට එහි රැදී සිටි සහාබිවරුන් සත්‍ය කතා කරන මුවක් තිබෙන මිනිසා අපි දනිමු එනමුත් පිවිතුරු හදවතක් ඇති මනිසා කවරෙකුදැයි වීමසීය.එවිට ඊර්ෂියාව, වෛරය,අයහපත් සිතුවිලි හා අකුසල් නොමැති පිවිතුරු හදවතකින් යුතු භක්තිමත් මිනිසා යනුවෙන් පිළිතුරු දුන්හ.
වාර්තාකරු :අබ්දුල්ලාහ් බින් අම්ර් (රළි).
මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජා වැකි අංක 4216.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබ්දුල්ලාහ් බින් අම්ර් බින් අල් ආස් අල් කුරෂී අස් සහ්මී.ප්‍රස්දිධ සහාබිවරයෙකි.තම පියාණන්ට පෙරාතුවම ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මෙතුමාණන් විසින් හදීස් 700 ක් වාර්තා වී ඇත.මුආවියා (රළි) තුමාණන් කූෆාව සඳහා මෙතුමාණන්ව පාලකයෙකු ලෙස නියම කළහ.මිස්ර් හි ෆෙස්තාත් නැමැති මස්ජිදයේ ආගමික තීත්දු හා නබි තුමාණන්ගේ කියමන් දන්වමින් සිටියහ.මෙතුමාණන්ගෙන් බොහෝමයින් ශිල්පය හැදෑරූහ.හිජ්ර් වර්ෂ 65 දී මිස්ර් හි මෙතුමාණන් මිය ගියහ.මෙතුමාණන් මිය ගියේ මක්කා නැතහොත් ශාම් යැයි වෙනත් අදහස්ද තිබේ.
v සිත පිවිතුරු කරන සාදකයන් කුමක්ද යන්න මෙම නබි වදනෙහි කෙටියෙන් සඳහන් වී ඇත.ඒවා නම් දේව භක්තිය, අඛණ්ඩව සත්‍ය පැවසීම,පාපයන් අත් හැරීම,අපරාධයන් හා සීමාව ඉක්මවා යෑමෙන් වැළකීම හා වෛරය ක්‍රෝධය වැනි විශයන් ගෙන් ඈත් වීම වේ.
v දේව භිය භක්තිය යනු අල්ලාහ් දෙවිඳුන්ගේ අණ පණත් කෙරෙහි අවනත වී ඔහු විසින් තහනම් කළ දෑ ක්‍රියාවට නංවා ඔහුට ද්‍රෝහි වීමෙන් වැළකී සිටීමයි.
v සැබෑ විශ්වාසය යනු: යහපත් ක්‍රියාවන් , ගුණාංග හා වචන වෙත මිනිසා යොමු කර ශ්‍රේෂ්ඨමත් පුද්ගලයෙතු සේ පරිවර්තනය කරන බලවත් සාදකයකි.
38- عَنْ أَبِيْ أُمَامَةَ رَضِيَ اللهُ عَنْهُ، أَنَّ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "مَنِ اقْتَطَعَ حَقَّ امْرِئٍ مُسْلِمٍ بِيَمِيْنِهِ؛ فَقَدْ أَوْجَبَ اللَّهُ لَهُ النَّارَ، وَحَرَّمَ عَلَيْهِ الْجَنَّةَ" ؛ فَقَالَ لَهُ رَجُلٌ: وَإِنْ كَانَ شَيْئًا يَسِيْرًا يَا رَسُوْلَ اللَّهِ؟ قَالَ: "وَإِنْ قَضِيْبًا مِنْ أَرَاكٍ".
(صحيح مسلم، رقم الحديث 218 - (137)، ).
කවරෙකු අසත්‍ය ලෙස දිවුරුම් දී කෙනෙකුගේ අයිතිවාසිකම් සොරා කන්නේද ඔහු කෙරෙහි නරකාදිය අල්ලාහ් දෙවිඳුන් අනිවාර්ය කර ස්වර්ගය තහනම් කරනු ඇත.එවිට එහි සිටි පුද්ගලයෙකු අහෝ නබි තුමණි! ඔහු සොරාකන දෑ ස්වල්පයක් වූවද යැයි විමසීය.අරාක් නැමැති ගසින් කෝටු කැබල්ලක තරම් ස්වල්ප වූවද එම විපාක විඳින්න ඔහුට සිදු වන ඇත යනුවෙන් නබි(සල්) තුමාණන් පැවසීය.
වාර්තාකරු: අබූ උමාමාහ් (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 218-137.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබූ උමාමාහ් සුදයි බින් අජ්ලාන් බින් වහබ් අල් බාහිලී.ගෞරවණීය සහාබිවරයෙකි.අල්ලාහ් දෙවිඳුන්ගේ මාර්ගයෙහි කැපවීමට වඩාත් ප්‍රිය කරයි.සෑම යුධමය අවස්ථාවකදීම නබි (සල්) තුමාණන් සමඟම සිටියහ.එනමුත් සිය මෑණියන්ට සේවය කළ යුතු හේතුවෙන් බද්ර් සටනට සහභාගී විය නොහැකි වුණි.මෙතුමාණන් විසින් හදීස් 250 ක් වාර්තා වී ඇත.ශාම් ප්‍රදේශයේ වැසුනු මෙතුමාණන් හිජ්ර් වර්ෂ 81 දී මිය ගියහ.
v අයහපත් හා අශිලාචාරයෙහි ප්‍රභවය හා යහපතෙන් මංමුලා වී යෑමෑ උල්පත : අපරාධයක් හා අසාධාරණයක් සිදු කිරීම වේ.එක් සමාජයක අසාධාරණය ප්‍රසිද්ධව සිදු වේ නම් එම සමාජය විනාශ වී යනු ඇත යන්න නිසැකයි.ඒ හේතුව නිසාවෙන් ඉස්ලාම් දහම අනෙකාගේ අයිතිවාසිකම් පැහැර හැරීම තහනම් කර ඇත.
v උරුමයෙන් තොරව අනෙකාගේ අයිතිවාසිකම් සොරා කෑමෙන් හා ඔවුනට අපරාධ කිරීම ඉස්ලාම් දහම මිනිසා කෙරෙහි තහනම් කර ඇත. විත්ති කරුගේ සාදක ඇතැම් අවස්ථාවන් වලදී දුර්වල වූවද සත්‍ය දන්නේ අල්ලාහ් දෙවිඳුන් පමණී.කෙනෙකුගේ දහම හා කුලය කුමක් වූවද ඔහුගේ අයිතිවාසිකම් සඳහා රැකවරණයක් ලබා දිය යුතුයි යන්න මෙම නබි වදන අවවාද කරයි.
v “අරාක්” යනු ශාකයකි. එහි මුල්වලින් දැහැටි කූරු ලබාගනු ඇත .
39- عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا، زَوْجِ النَّبيِّ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ: "مَا مِنْ مُصِيْبَةٍ تُصِيْبُ الْمُسْلِمَ إِلاَّ كَفَّرَ اللَّهُ عَنْهُ بِهَا حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا".
صحيح البخاري، رقم الحديث 5640، واللفظ له، وصحيح مسلم، رقم الحديث 50 - (2572)،).
මුස්ලිම් වරයෙකු සඳහා එක්තරා විපත්තියක් සිදු වේ නම් (එය ඔහුගේ පාදයේ ඇණෙන එක් උලක් වූවද) එමඟින් වන්දියක් ලෙස ඔහුගේ අකුසල් අල්ලාහ් කමා කරනු ඇත යනුවෙන් නබි (සල්) තුමාණන් වදාලහ.
වාර්තා කරු : ආඉෂා (රළි)
මූලාශ්‍රය: බුහාරි වැකි අංක 5640/ සහීහු මුස්ලම් වැකි අංක 50-2572.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 16 වන හදීසයේ සඳහන් වේ.
v ලෞකික ජීවිතයේ කෙතරම් තාඩන පීඩන පැමිණියද මුස්ලිම් වරයකු නොසැලී ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.
v ලෝකයේ මුස්ලිම් වරයෙකු සඳහා සිදුවන විපත්ති ඇතැම් විට ඔහුගෙන් සිදු වූ අකුසල් සඳහා වන්දියක් ලෙස එය සිදු වන්නට පුළුවණි.එසේත් නොමැති නම් ඔහු කෙරෙහි අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ උසස් පදවීන් හිමි කර දීම සඳහා විය හැක.එබැවින් අල්ලාහ් දෙවිඳුන් විසින් නිර්නය කළ විපත්ති සියල්ල ඔහු විසින් භාර ගත යුතු අතර ඒවා සියල්ල තම ලෞකික හා මරණින් මතු ජීවිතය සඳහා යහපතකි යනුවෙන් ඔහු සිතා ගත යුතුයි.
(جامع الترمذي، رقم الحديث 877، قال الإمام الترمذي عن هذا الحديث بأنه: حسن صحيح، وصححه الألباني).
හජරුල් අස්වද් නැමැති කළු ගල කිරි මෙන් සුදු වර්ණයෙන් යුතුව ස්වර්ගයෙන් පහළ වුණි.එනමුත් ආදම් ගේ පුතුන්ගේ අකුසල් එය කළු වර්ණයට පරිවර්තනය කළ බව නබි (සල්) තුමාණන් වදාලහ.
වාර්තාකරු: අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රළි)
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 877.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 6 වන හදීසයේ සඳහන් වේ.
v මිනිසාගේ අකුසල් ගණාත්මක ගලක් පවා බලපෑමක් ඇති කරනවා නම් මිනිසාගේ සිතට එම අකුසල් වලින් සිදු වන බලපෑම ඉතා කුරිරුයි යන්න පැහැදිලියි.
v හජරුල් අස්වද් යනු කඃබතුල්ලාහ් නැමැති දේව මැදුරෙහි බාහිර අග්නිදිග කෙළවරේ රිදී ආවරණයක් තුල තැන්පත් කර ඇති ගලයි.එම ස්ථානය සිට තවාෆ් හෙවත් සක්මන් කිරීම ඇරඹේ.
v හජරුල් අස්වද් නැමැති ගල සතුව කිසිදු ප්‍රයෝජනයක් හෝ හානියක් සිදු කිරීමේ ශක්තිය හා බලය නොමැති බව මුස්ලිම් වරයෙකු විශ්වාස කළ යුතුයි.එසේනම් එය සිප ගත යුත්තේ වන්දනාවක් මෙන් නොව නබි (සල්) තුමාණන්ගේ චාරිත්‍රයක් මෙන්ය.තවද එය සිප ගත යුත්තේ එහි රැඳී සිටින පිරිස අවහිර නොකරමින් සිප ගන්නට හැකි නම් පමණි.
41-عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: كُنَّا نُسَافِرُ مَعَ النَّبيِّ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ ؛ فَلَمْ يَعِبِ الصَّائِمُ عَلَى الْمُفْطِرِ، وَلاَ الْمُفْطِرُ عَلَى الصَّائِمِ.
(صحيح البخاري، رقم الحديث 1947، واللفظ له، وصحيح مسلم، رقم الحديث 98 - (1118)،).
අප සැම නබි (සල්) තුමාණන් සමඟ ගමනක යෙදී සිටියෙමු.එහිදී උපවාසය රකින්නා උපවාසය අත් හැරූ පුද්ගලයා හට කිසිදු දෝෂා රෝපණයක් එල්ල නොකළ අතර උපවාසය අත් හැරූ පුද්ගලයා උපවාසය රකින්නා හටද කිසිදු දෝෂා රෝපණයක් එල්ල නොකළහ.
වාර්තාකරු : අනස් බින් මාලික් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 1947/ සහීහ් මුස්ලිම් වැකි අංක 98-1118.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 3 වන හදීසයේ සඳහන් වේ.
v කවරෙකු උපවාසය රකිමින් දුර ගමනක යෙදෙන්නේද ඔහු සඳහා උපවාසය අත්හැරීමේ අනුමැතිය තිබේ.
v ඉස්ලාම් දහම කෙතරම් ලිහිල් හා ලෙහෙසි දහමක් යන්න මෙම හදීසය කදිම උදාහරණයකි.ගමනක යෙදෙන්නා ඔහුට කැමැති නම් උපවාසය රැකිය හැකි අතර ඔහුට අකැමැති නම් උපවාසය අත්හැර රමළාන් නොවන අනෙකුත් කාලයේදී නැවත වරක් එම උපවාසය රැකිය හැක.
42- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "لاَ يَنْظُرُ اللَّهُ إِلَى رَجُلٍ جَامَعَ امْرَأَتَهُ فِي دُبُرِهَا".
කවරෙකු (සිය භාර්යාව සමඟ) ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදෙන්නේද අල්ලාහ් ඔහු දෙස කරුණාවන්ත දෑසින් නොබලන බව නබි (සල්) වදාලහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රලි).
මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 1923.ඉමාම් අල්බානි (රහ්) තුමා මෙම නබි වදන සහීහ් යැයි පවසා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v ගුද සංසර්ගය ඉස්ලාම් දහමේ තහනම් වූ වකි.ඇයිදයත් අල්ලාහ් ඇති කළ සහජ සදාචාරාත්මක විඥානයට එය විරුද්ධ ක්‍රියාවකි.එපමණක් නොව එමඟින් නොයෙකුත් ලෙඩ රෝග ඇති වනු ඇති අතර අල්ලාහ්ගේ කෝපයද එමඟින් හිමි වනු ඇත.
v කවරෙකු සිය බිරඳ සමඟ ගුද සංසර්ගයේ යෙදෙන්නේද ඔහු විසින් මහා පාපයක් සිදු වනු ඇති බව හා තමා විසින්ම සිය ආත්මය අල්ලාහ්ගේ කෝපයට බාජනය කරනු ඇත යන්න මෙම නබි වදන පැහැදිලි කරයි.
v එනමුත් ඉස්ලාම් දහම අනුමැතිය ලබා දුන් ආකාරයෙන් යෝනි මාර්ගයෙන් සංසර්ගයේ යෙදිය හැක.සංසර්ගයට සුදුසු ස්ථානයද එය වේ.
43- عَنْ أَبِيْ سَعِيْدٍ اَلْخُدْرِيِّ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: خَرَجَ رَجُلاَنِ فِيْ سَفَرٍ؛ فَحَضَرَتِ الصَّلاَةُ وَلَيْسَ مَعهُمَا مَاءٌ؛ فَتَيَمَّمَا صَعِيْداً طَيِّباً؛ فَصَلَّيَا، ثُمَّ وَجَدَا الْماءَ فِي الْوقْتِ؛ فَأَعَادَ أحَدُهُمَا الصَّلاَةَ وَالوُضُوْءَ، وَلَمْ يُعِدِ الآخَرُ، ثُمَّ أتَيَا رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؛ فَذَكَرَا ذَلِكَ لَـهُ؛ فَقَالَ لِلَّذِيْ لَمْ يُعِدْ: "أصَبْتَ السُّنَّةَ وَأَجْزأَتْكَ صَلاَتُكَ"، وقَالَ لِلآخَرِ: "لَكَ الأجْرُ مَرَّتَيْنِ".
(سنن أبي داود، رقم الحديث 338، واللفظ له، وسنن النسائي، رقم الحديث 433، وصححه الألباني).
දෙදෙනෙකු ගමනක නියලුණි.සලාතයේ වේලාව පැමිණි අවස්ථාවේදි ඔවුන් සතුව ජලය නොතිබිණි.අනතුරුව ඔවුන් තයම්මුම් කර සලාතය ඉටු කළහ.එනමුත් එම වේලාවේදීම ජලය ඔවුනට ලැබිණි.ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු අර්ධ දෝවනය කර සලාතය නැවත වරක් ඉටු කළ අතර අනෙකා සලාතය නැවත වරක් ඉටු කළේ නැත.ඉන්පසු නබි (සල්) තුමාණන් වෙත පැමිණ සිදු වූ දෑ ඔවුහු විස්තර කළහ.සලාතය නැවත වරක් ඉටු නොකළ පුද්ගලයා දෙස බලා ඔබ සුන්නාහ්ව කළ අතර ඔබගේ සලාතය නිවැරදි යනුවෙන් පැවසූ නබි (සල්) තුමාණන් අනෙකා දෙස බලා ඔබට කුසල් දෙවරක් හිමි වනු ඇතැයි වදාලහ.
වාර්තාකරු: අබූ සඊද් අල් කුද්රී (රළි).
මූලාශ්‍රය : සුනන් අබී දාවූද් වැකි අංක 338/සුනන් අන්නසාඊ වැකි අංක 433.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබූ සඊද් අල් කුද්රි සඅද් බින් මාලික් බින් සනාන් අල් අන්සාරී අල් හඃස්ර්ජී .ප්‍රසිද්ධ හා විද්වත් සහාබිවරයෙකි.මෙතුමාණන්ගේ ප්‍රථම සටන වූයේ හඃන්දක් සටනයි.නබි (සල්) තුමාණන් සමඟ සටන් 12 ක සහභාගී වී ඇත.හදීස් ග්‍රන්ථ වල මෙතුමාණන් විසින් වාර්තා ඇති හදීස් ගණන 1170 කි.මෙතුමාණන් හිජ්රි වර්ෂ 74 හිදී මදිනාවේ මිය ගියහ.එවිට මෙතුමාණන්ගේ වයස 86කි.අල් බකීඃ නැමැති ස්ථානයේ මිහිදන් කරනු ලැබීය.
v ඉස්ලාම් දහම යනු පහසු හා සෞභාග්‍යමත් දහමකි.එහි කිසිදු අපහසුතාවයක් නොමැත.යම්කිසි අත්‍යාවශ්‍යතාවයක් ඇති වූ කල්හි වන්දනාමාන සඳහා විකල්ප මාර්ග අල්ලාහ් විසින් ධර්මානුගත කර ඇත.මෙසේ කිරීම තුලින් මිනිසා තෘප්තියට පත් වූ සිතෙන් එම වන්දනාව කරනු ඇත.
v සලාතයට පිරිසුදු වීම සඳහා සලාතයේ ප්‍රථම වේලාවේදී කෙනෙකුට ජලය නොලැබුන කල්හි තයම්මුම් කර ඔහුට සලාතය ඉටු කළ හැක.නැවත වාරයක් එම සලාතය ඔහු ඉටු කළ යුතු නොවේ.එනමුත් සලාතය ඉටු කරමින් සිටින අවස්ථාවේදී ජලය ලැබුණේ නම් සලාතය අත්හැර දමා ජලයෙන් පිරිසිදු වී නැවත වරක් සලාතය ඉටු කළ යුතුයි.
v තයම්මුම් යනු ජලය නැති අවස්ථාවේදී විකල්පයක් ලෙස පිරිසිදු වැලි භාවිතා කිරීමයි.වැලි භාවිතා කිරීමමේදි අර්ධ දෝවනය කරනවාක් මෙන් චේතනාව තබමින් පිරිසිදු වැලි මත අත තබා ඉන්පසු එම වැලි තැවැරුණූ අතින් මුහුණ හා දෙඅත්ලෙහි බාහිර පෙදෙස පිසදා ගැනීමයි.
44-عَنْ أَنَسٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ: "مَنْ عَالَ جَارِيَتَيْنِ دَخَلْتُ أَنَا وَهُوَ الْجَنَّةَ كَهَاتَيْنِ وَأَشَارَ بِإِصْبَعَيْهِ".
(جامع الترمذي، رقم الحديث 1914، واللفظ له، وصحيح مسلم، رقم الحديث 149 -(2631)، وصححه الألباني).
කවරෙකු විසින් දියණියන් රැක බලා ගනු ලබන්නේද ඔහු හා මා (නබි (සල්) ඇඟිලි දෙක එකට එකතු කොට පෙන්වා) සුවර්ගයට මේ ආකාරයෙන් පිවිසෙමු යනුවෙන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අනස් (රළි).
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 1914/ සහීහ් මුස්ලිම් වැනි අංක 149-2631.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 3 වන හදීසයේ සඳහන් වේ.
v මෙලොවෙහි කෙනෙකුට ගැහැණු දරුවන් සිටීම යනු ඉමහත් භාග්‍යයකි.තවද ඔවුන් හදා වඩා ගැනීමද ඉතා පහසුය.එපමණක් නොව පුණ්‍ය චේතනාවෙන් යුතුව ඔවුනට යහකම් කිරීම තුලින් ස්වර්ගයට පිවිසිය හැක යන්න මෙම නබි වදනෙන් පැහැදිලි වේ.
v ගැහැණු දරුවන් රැක බැලීම මඟින් අල්ලාහ්ගේ සමීපත්වය ලබා ගත හැක.
45- عَنْ أَبِيْ حُمَيْدٍ رَضِيَ اللهُ عَنْهُ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "إِذَا دَخَلَ أحَدُكُمُ المَسْجِدَ؛ فَلْيَقُلْ: اَللَّهُمَّ! افْتَحْ لِيْ أبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ، فَلْيَقُلْ: اَللَّهمَّ! إِنِّيْ أسْألُكَ مِنْ فَضْلِكَ".
(صحيح مسلم، رقم الحديث 68 - (713)، ).
නුඹලාගෙන් කෙනෙකු මස්ජිදයට තුලට ඇතුල් වීමේදී අල්ලාහුම්ම ඉෆ්තහ් ලී අබ්වාබ රහ්මතික යනුවෙන් පවසනු,මස්ජිදයෙන් පිටවී යාමේදී අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆල්ලික යනුවෙන් පවසනු යැයි නබි (සල්) තුමාණන් පැවසූහ.
වාර්තාකරු : අබූ හුමයිද් (රලි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 68-713.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
අබූ හුමයිද් අස් සාඉදී අල් අන්සාරී .මෙතුමාණන් එතුමාණන්ගේ උප නාමයෙන් ප්‍රසිද්ධයි.ඔහුගේ නම කුමක්ද යන්න පිළිබඳ විද්වතුන් සතුව මතභේත ඇත.සහාබිරුන්ගෙන් නීතිවේදී සහාබිවරයෙකි.හිජ්රි වර්ශ 60 හිදී මදීනාවෙහි අභාවයට පත් වුණි.
v මස්ජිදයට ඇතුල් වීමේදී හා පිට වීමේදී කිව යුතු ප්‍රාර්ථනාවන් රාශියක් නොයෙකුත් නබි වදන් තුල සඳහන් වී ඇත.මෙම නබි වදනේ සඳහන් වූයේ එයින් එකකි.ඉතා උචිත ආකාරය වන්නේ මස්ජිදයට ඇතුල් වීමේදී හා පිට වීමේදී නබි (සල්) තුමාණන් හට සලවාත් හා සලාම් පවසා මෙම ප්‍රාර්ථනාව පාරායනය කිරීමයි.
v මස්ජිදයට ඇතුල් වීමේදී විශේෂයෙන් අල්ලාහ්ගේ කරුණාව හා එයින් පිට වීමේදී ඔහුගේ දයාව අසා ප්‍රාර්ථනා කිරීමේ හේතුව නම් කවරෙකු මස්ජිදයට ඇතුල් වූ වේද අල්ලාහ් හා ඔහුගේ ස්වර්ගයට සමීප කරවන වත්පිළිවෙත්හි නියෙලෙනු ඇත.එනම් මෙය අල්ලාහ් දෙවිඳුන්ගේ කරුණාව ලබා ගැනීමට ඉතා සුදුසු අවස්ථාවකි.එසේම මස්ජිදයෙන් පිට වුණු කල්හි ඔහුගේ දයාව ප්‍රාර්ථනා කීරීමට හේතුව නම් මස්ජිදයෙන් කෙනෙකු පිට වූ කල්හි ඇතැම් අවස්ථාවන් හිදී හලාල් වූ ජීවණෝපාය සොයා යනු ඇත.ඒ සඳහා අල්ලාහ් දෙවිඳුන්ගේ දයාව අවශ්‍ය වේ.එබෙවින් ඔහුගේ දයාව ප්‍රාර්ථනා කිරීමට ඉතා උචිත අවස්ථාව මෙය වේ.
v ඉහත නබි වදනෙහි සඳහන් ප්‍රථම වචන මාලාවෙහි අර්ථය නම් අහෝ දෙවිඳුනි !!! ඔබගේ කරුණාවේ දොරටුව මා සඳහා විවෘත කර දෙනු මැනවු!
v දෙවන වචන මාලාවෙහි අර්ථය නම් අහෝ දෙවිඳුනි !!ඔබගේ දයාව මා ආයාචනා කරමි යන්නයි.
46- عَنْ فَاطِمَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: كَانَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ المَسْجِدَ صَلَّى عَلَى مُحَمَّدٍ وَسَلَّمَ، وَقَالَ: "رَبِّ اغْفِرْ لِيْ ذُنُوبِيْ، وَافْتَحْ لِيْ أَبْوَابَ رَحْمَتِكَ"، وَإِذَا خَرَجَ صَلَّى عَلَى مُحَمَّدٍ وَسَلَّمَ، وَقَالَ: "رَبِّ اغْفِرْ لِيْ ذُنُوبِيْ، وَافْتَحْ لِيْ أَبْوَابَ فَضْلِكَ".
(جامع الترمذي، رقم الحديث 314، واللفظ له، وسنن ابن ماجه، رقم الحديث 771 ، وصححه الألباني).
නබි (සල්) තුමාණන් මස්ජිදයට පිවිසීමේදී සලාතය හා
සලාමය පවසමින්
යනුවෙන් පවසයි."رَبِّ اغْفِرْ لِيْ ذُنُوبِيْ، وَافْتَحْ لِيْ أَبْوَابَ رَحْمَتِكَ"
තවද මස්ජිදයෙන් පිට වීමේදී සලාතය හා සලාමය පවසමින්
යනුවෙන් පවසයි. رَبِّ اغْفِرْ لِيْ ذُنُوبِيْ، وَافْتَحْ لِيْ أَبْوَابَ فَضْلِكَ
වාර්තාකරු: ෆාතිමා (රළි)
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 314/ සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 771.ඉමාම් අල්බානි (රහ්) තුමාණන මෙම නබි වදන සහීහ් යනුවෙන් පසවා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
නබි (සල්) තුමාණන්ගේ දියණිය වන ෆාතිමා (රළි) තුමිය.මෙතුමියගේ මෑණියන් කදීජා (රළි) තුමියයි.දේව දූත මෙහෙවර නබි (සල්) තුමාණන් හට අල්ලාහ් දෙවිඳුන් පහළ කිරීමට පෙර මෙතුමිය ඉපදුනි.මෙතුමිය නබි (සල්) තුමාණන්ගේ බාලම දියණියයි.ඉතා යහපත් ගති පැවතුම් ඇති ධර්මිෂ්ඨ නිවහනක මෙතුමිය හැදී වැඩීය.මෙතුමියගේ පියාණන් වන නබි (සල්) තුමාණන්ව මෙතුමිය තම ජීවිතයේ ආදර්ශයක් ලෙස ගත්හ.මෙතුමියට ආවේණික වූ විශේෂාංගයන් රැසක් තිබේ. එයින් එකක් නම් ස්වර්ගයේ සෑම කාන්තාවක් සඳහාම නියිකාව මෙතුමිය වේ.නබි (සල්) තුමාණන් මෙතුමියව අලි (රළි) තුමාණන් සමඟ විවාර කර දුන්හ.විවාහ වීමේදී මෙතුමියගේ වයස අවුරුදු 15කි.නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් මාස හයකට පසු හිජ්රි වර්ෂ 11 දී රමළාන් මස අල් බකීඃ නැමැති ස්ථානය මිය ගියහ.අල්ලාහ්ගේ තෘප්තිය ඇයට ලැබේවා.
v මස්ජිදය තුලට ඇතුල් වීමේදි හා එයින් පිට වීමේදී කිව යුතු ප්‍රාර්ථනාවේ වෙනත් ක්‍රමයක් මෙම හදීසයේ සඳහන් වේ.එනම් පසුගිය නබි වදනෙහි සඳහන් වූ වචන මාලාවට පෙර සලවාත් හා සලාමය පැවසීමයි. සලාතය පැවසිය යුතු ක්‍රමයෙන් ඉතා සුදුසු ක්‍රමයන් පහත දැක්වේ:
*ප්‍රථම ආකාරය:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيْمَ، وَعَلَى آلِ إِبْرَاهِيْمَ، إِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ، اَللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيْمَ، وَعَلَى آلِ إِبْرَاهِيْمَ، إِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ ".
සහීහුල් බුහාරි වැකි අංක 3370/ සහීහ් මුස්ලිම් වැකි අංක 66-406.
*දෙවන ආකාරය:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَرَسُوْلِكَ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيْمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ، وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيْمَ وَآلِ إِبْرَاهِيْمَ "،
සහීහුල් බුහාරි වැකි අංක 6358.
*තෙවන ආකාරය:
اَلَّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَتِهِ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيْمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَتِهِ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيْمَ؛ إِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ".
සහීහුල් බුහාරි වැකි අංක 3369/ සහීහ් මුස්ලිම් වැකි අංක 69-407.
*සතරවන ආකාරය:
اَلَّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ".
සුනන් අන්නසාඊ වැකි අංක 1292.
v නබි (සල්) තුමාණන් හට සලාතය පැවසීම යන්නෙහි අර්ථය වන්නේ එතුමාණන් කෙරෙහි අල්ලාහ්ගේ ගෞරවය හා පැසසුම හිමි වේවා යැයි ප්‍රාර්ථනා කිරීමයි.එසේනම් ඉහත සඳහන් ප්‍රාර්ථනාවෙහි අර්ථය වන්නේ අහෝ දෙවිඳුනි!!! මුහම්මද් (සල්) තුමාණන් හට මෙලොවෙහි හා පරලොවෙහි නුඹගේ ගෞරවය හිමි කර දෙත්වා යන්න වේ.
v නබි (සල්) තුමාණන් හට සලාම් පැවසීමේ ආකාරයන් පහත දැක් වේ:
*ප්‍රථම ආකාරය:
السلام عليك أيها النبي ورحمة الله وبركاته،
*දෙවන ආකාරය:
اَلسَّلاَمُ عَلَيْكَ يَا رَسُوْلَ اللهِ،
*තුන්වන ආකාරය:
اَلسَّلاَمُ عَلَيْكَ يَا نبي الله،
* සතරවන ආකාරය:
اَلسَّلاَمُ عَلَى النَّبِيِّ،
v සලාතය හා සලාමය ලොවේ කොතැනක සිට පැවසියද මලාඉකාවරුන් හෙවත් සුර දූතයින් මාර්ගයෙන් නබි තුමාණන් වෙත එය දන්වනු ලැබේ.
47-عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللهُ عَنْهُمَا عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "مَنْ أَكَلَ الْبَصَلَ وَالثُّوْمَ وَالْكُرَّاثَ؛ فَلاَ يَقْرَبَنَّ مَسْجِدَنَا؛ فَإِنَّ الْمَلائِكَةَ تَتَأَذَّى مِمَّا يَتَأَذَّى مِنْهُ بَنُو آدَمَ".
(صحيح مسلم، رقم الحديث 74 - (564)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 854 ،).
කවරෙකු ළූණු , සුදු ළූණු හා ලීක්ස් වැනි ආහාර අනුභව කළේ නම් (එහි දුගඳ නැති වෙන තාක්කල්) අපගේ මස්ජිදයට සමීප නොවන්න.ඇයිදයත් ආදම්ගේ පුතුන්ට හිරිහැරයක් වන සෑම කරුණක් මඟින්ම මලාඉකාවරුන්ටද හිරිහැරයක් වනු ඇත යනුවෙන් (නබි) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : ජාබිර් බින් අබ්දුල්ලාහ් (රලි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 74- 564/ සහීහුල් බුහාරි වැකි අංක 854.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 22 වන හදීසයේ සඳහන් වේ.
v කවරෙකු හෝ විසින් ළූණු හා සුදු ළූණු වැනි දුගදැති දෑ අනුභව කරනු ලබන්නේද මස්ජිදයෙන් දුරස් වී සිටීම ඔහුට ඉතා සුදුසුය.ඇයිදයත් එම දුඟදය හේතුවෙන් එහි සලාතය ඉටු කරන්නන් හා මලාඉකාවරුන් සඳහා කරදරයක් ඇති වනු ඇත.
v එපමණක් නොව සිගරට් පාවිච්චි කිරීමෙන්, ශරීරයෙන් පිට වන දහඩියෙන් පිට වීමෙන්, වස්ත්‍රයන් කිලිටු වීමෙන් හා පා මේස් වලින් හට ගත් දුඟඳ වැනි සලාතය ඉටු කරන්නන් හට කරදරයක් ඇති කරන දුඟඳින් යුතුව මස්ජිදය තුලට ඇතුල් නොවිය යුතුයි.
v මුස්ලිම් වරයෙකු මස්ජිදයට පිවිසීමට පෙරාතුවම කය හා වස්ත්‍රය පිරිසිදු කර පෙර සූදානමකින් සිටිය යුතු බව මෙම නබි වදන පෙන්නුම් කරයි.
48- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، يَقُوْلُ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ سَمِعَ رَجُلاً يَنْشُدُ ضَالَّةً فِي الْمَسْجِدِ؛ فَلْيَقُلْ: لاَ رَدَّهَا اللَّهُ عَلَيْكَ؛ فَإِنَّ الْمَسَاجِدَ لَمْ تُبْنَ لِهَذَا".
(صحيح مسلم، رقم الحديث 79 -(568)، ).
කවරෙකුහෝ මස්ජිදය තුල නැති වුණු භාණ්ඩයක් සොයමින් සිටිනු ඇසුනු විට (අල්ලාහ් දෙවිදුන් එම භාණ්ඩය නැවත ලබා නොදෙත්වා) යනුවෙන් පවසන්න.ඇයිදයත් මස්ජිදයන් ඒ සඳහා අටවනු ලැබුවේ නැත යනුවෙන් නබි (සල්) තුමාණන් වදාලහ.
වාර්තාකරු: අබූ හුරයිරා (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 79-568.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v මස්ජිදයක් යනු ලොවේ විශිෂ්ඨතම ස්ථානයක් වන අතර අල්ලාහ්ට ඉතා ප්‍රියතම ස්ථානයද එය වේ. මස්ජිදය සඳහා උසස් ගෞරවයක් ඉස්ලාම් දහම තුල දෙනු ලබයි.එම ගෞරවය ආරක්ෂා කිරීම මුස්ලිම් වරුන්ගේ යුතුකමකි.
v මස්ජිදය තුල නැති වුණු භාණ්ඩයක් සොයා හඬ නැගීම හෝ සෙවීම සුදුසු නැත.ඇයිදයත් මස්ජිදයන් අටවනු ලැබුවේ අල්ලාහ් දෙවිඳුන් මෙනෙහි කර ඔහුට යටහත් පහත් වී වන්දනාමාන කිරීම සඳහායි.එනමුත් කඩදාසියක නැති වුණු භාණ්ඩය පිළිබඳ විස්තර ලියා මස්ජිදයේ බාහිර බිත්තියේ හෝ දොරෙහි එල්ලා තැබීම වරදක් නොවේ.
v මස්ජිදය යනු දෙවියන් අල්ලාහ් වන්දනාමාන කරන නිවහනකි.එහිදි ඔහු හැර අන් කිසිවෙක් කැඳවනු නොලැබේ.කවරෙකු මස්ජිදය තුලට ඇතුල් වී යහකම් කරන්නේද එම ක්‍රියාව අවංකභාවයෙන් සිදු කළ යුතුයි.එම නිසා එහි නැති වුණු භාණ්ඩයක් සෙවීම සුදුසු නැත.කවරෙකුහෝ එසේ සිදු කිරීම දුටු කල්හි දඬුවමක් ලෙස ඔහුට එරෙහිව ප්‍රාර්ථනා කළ යුත්තේද මේ හේතුවෙණි.
49- عَنِ الْحَسَنِ بْنِ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُمَا، قَالَ: عَلَّمَنِيْ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَلِمَاتٍ أَقُوْلُهُنَّ فِيْ قُنُوْتِ الْوِتْرِ: "اَللَّهُمَّ اهْدِنِيْ فِيْمَنْ هَدَيْتَ، وَعَافِنِيْ فِيْمَنْ عَافَيْتَ، وَتَوَلَّنِيْ فِيْمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِيْ فِيْمَا أَعْطَيْتَ، وَقِنِيْ شَرَّمَا قْضَيْتَ؛ إِنَّكَ تَقْضِىْ وَلاَ يُقْضَى عَلَيْكَ، وَإنَّهُ لاَ يَذِلُّ مَنْ وَّالَيْتَ، وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ، تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ".
(سنن أبي داود، رقم الحديث 1425، واللفظ له، وجامع الترمذي، رقم الحديث 464، وسنن النسائي، رقم الحديث 1745، وسنن ابن ماجه، رقم الحديث 1178، وصححه الألباني).
නබි (සල්) තුමාණන් විත්ර් සලාතයේ කුනූත් ප්‍රාර්ථනාවේ පැවසීම සඳහා එක්තරා වචනමාලාවක් කියා දුන්හ. එය නම්:
اَللَّهُمَّ اهْدِنِيْ فِيْمَنْ هَدَيْتَ، وَعَافِنِيْ فِيْمَنْ عَافَيْتَ، وَتَوَلَّنِيْ فِيْمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِيْ فِيْمَا أَعْطَيْتَ، وَقِنِيْ شَرَّمَا قْضَيْتَ؛ إِنَّكَ تَقْضِىْ وَلاَ يُقْضَى عَلَيْكَ، وَإنَّهُ لاَ يَذِلُّ مَنْ وَّالَيْتَ، وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ، تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ.
වාර්තාකරු: හසන් බින් අලි (රළි).
මූලාශ්‍රය : සුනන් අබී දාවූද් වැකි අංක 1425/ ජාමිඋත් තිර්මිදි වැකි අංක 464. සුනන් අන්නසාඊ වැකි අංක 1745/ සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 1178.ඉමාම් අල්බානි (රහ්) තුමා මෙම නබි වදන සහීහ් යනුවෙන් පවසා ඇත.
Êවාර්තාකරු පිළිබඳ විස්තර :
හසන් බින් අලි (රළි) තුමාණන් නබි (සල්) තුමාණන්ගේ මුණුබුරෙකි.එනම් ෆතිමා (රළි) තුමායගේ ප්‍රත්‍රයාය.හිජ්රි 3 වන වර්ෂයේ රමදාන් මස අග භාගයේදී මෙතුමාණන් උපත ලැබීය. මෙතුමාණන් සඳහා හසන් යනුවෙන් නම් තැබුවේ නබි (සල්) තුමාණන්ය .මෙතුමාණන් විසින් හදීස් 13 ක් වාර්තා වී ඇත.මෙතුමාණන් ඉතා බුද්ධිමත් හා ඉවසිලිවන්තයෙකි.තවද මුස්ලිම් වරුන් ආරක්ෂා කිරීම කෙරෙහි වඩාත් ආශාවෙන් පසුවූ එක් සහාබිවරයෙකි.එයට කදීම උදාහරණයක් නම් මුආවියා (රළි) තුමාණන් සඳහා තම පාලනය අත් හැර දීමයි.මෙම එකල්හි වැජබූ මුස්ලිම් වරුන් සඳහා ශුභදායී ක්‍රියාවක් වුණි.එම අවුරුද්ද සඳහා ආමුල් ජමාඅහ් යැයි නම් කෙරිණි.මෙතුමාණන් සඳහා ආවේණික වූ විශේෂාංගයන් රැසක් තිබේ.එයින් එකක් නම් ස්වර්ගයේ සෑම තරුණයින් සඳහා නායකයා මෙතුමාණන් වේ.හිජ්රි වර්ෂ 49 නැතහොත් 50 දී මෙතුමාණන්ගේ වයස අවුරුදු 47 ක්ව තිබියදී මෙතුමාණන් මිය ගියහ.තම මෑණියන් වන ෆාතිමා (රළි) තුමිය මිහිදන් කළ ස්ථානයට සමීපව මෙතුමාණන්වද මිහිදන් කෙරුණි.
v කුනූත් යනු සලාතයේ නියමිත අවස්ථාවක කිව යුතු ප්‍රාර්ථනා මාලාවයි.විත්ර් සලාතයේදී කෙබඳු ආකාරයෙන් එය සිදු කළ යුතුද යන්න විශ්වාස කළ හැකි ආකාරයෙන් මූලාශ්‍ර වල කිසිදු පුවතක් සටහන් වී නැත.එනමුත් එහිදි කිව යුතු දුආව නබි (සල්) තුමාණන් හසන් (රලි) තුමාණන්ට උගන්වා දුන්හ.නොකඩවා නොව විටින් විටක විත්ර් සලාතයේ කුනූත් පාරායනා කිරීම සුදුසුයි.
v විත්ර් සලාතයේ අවසාන වටයේ තිබෙන රුකූ ඉරියෙව්වෙන් පසුව හෝ පෙරාතුව මෙම කුනූතය පාරායනා කළ හැක.
v එම වචන මාලාවේ අර්ථ විවරණය :
අහෝ ! අල්ලාහ් , ඔබ කවරෙකු ට මඟ පෙන්වූයෙහි ද ඔවුන් අතර මට ද මඟ පෙන්වනු මැනව ! ඔබ කවරෙකු ට සුවය පිරිනැමුවෙහි ද ඔවුන් අතර මට ද සුවය ලබා දෙනු මැනව ! ඔබ කවරෙකු භාර ගත්තෙහි ද ඔවුන් අතර මා ද භාර ගනු මැනව ! ඔබ පිරිනමා ඇති දෑ හි අභිවෘද්ධිය ලබා දෙනු මැනව ! ඔබ තීන්දු කළ දෑ හි හානියෙන් මා ආරක්ෂා කරනු මැනව ! සැබැවින් ම ඔහු තීන්දු කරන්නෙහි ය. නමුත් ඔබ මත තීන්දු කරනු ලැබීමක් නොමැත. සැබැවින් ම ඔබ භාර ගත් අය ලිස්සී නොවැටෙන්නේ ය. අපගේ පරමාධිපතියාණනි, ඔබ අති උත්කෘෂ්ට විය. අති උත්තරීතර විය.
50- عَنْ أَبِيْ سَعِيْدٍ اَلْخُدْرِيِّ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ: "مَنْ نَامَ عَنِ الْوِتْرِ أَوْ نَسِيَهُ؛ فَلْيُصَلِّ إِذَا ذَكَرَ وَإِذاَ اسْتَيْقَظَ".
(جامع الترمذي، رقم الحديث 465، واللفظ له، وسنن أبي داود، رقم الحديث 1431، وسنن ابن ماجه، رقم الحديث 1188، وصححه الألباني).
කවරෙකු විත්ර් සලාතය අමතක වීමෙන් හෝ නින්ද යෑමෙන් අතපසු වන්නේද ඔහුට මතක් වූ විගස හෝ ඔහු නින්දෙන් අවදි වූ විගස එම සලාතය ඉටු කරන්න යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ සඊද් අල් කුද්රී (රලි)
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 465/ සුනන් අබූ දාවූද් වැකි අංක1431/ සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 1188.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 43 වන හදීසයේ සඳහන් වේ.
v මෙම නබි වදනෙහි බාහිර අර්ථය පෙන්වා දෙන්නේ නින්ද යෑමෙන් හෝ අමතක වීමෙන් කවරෙකු හට විත්ර් සලාතය අතපසු වන්නේද ඔහුට මතක් වූ විගස හෝ නින්දෙන් අවදී වූ පසු එම සලාතය රාත්‍රි හෝ උදේ කුමන වේලාවකදී හෝ ඉටු කළ හැකි යන්නයි.
v ඇතැම් විද්වතුන් මෙසේ පවසා ඇත.එනම් : කවරෙකු විත්ර් සලාතය ඉටු නොකර නිදාගත් පසු එම නින්ද ඔහු අභිබවා ගියේ නම් ළුහා සලාතයේ වේලාවෙහිදි එම විත්ර් සලාතය ඉටු කළ හැකි යන්නයි.ඒ සඳහා ආඉෂා (රලි) තුමායගේ වදනක් සාදකයක් ලෙස ගත හැක එම වදන නම්: නබි (සල්) තුමාණන් එක් සලාතයක් ඉටු කළේ නම් එම සලාතය නොකඩවා ඉටු කිරීමට ප්‍රිය කරයි.නින්දෙන් හෝ වේදනාවකින් රාත්‍රී සලාතය අතපසු වූයේ නම් එදින දහවල් කාලයේදී රක්අත් 12 ක් ඉටු කරනු ඇත. (මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් : වැකි අංක 139-746
v ඉහත පල වූ මතයන් දෙකෙන් කුමන හෝ මතයක් ගෙන ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමට මුස්ලිම් වරයෙකුට නිදහස ඇති නමුත් පළවෙනි මතය ඉතා නිවැරදීයි. (අල්ලාහ් තආලා ඉතා ඥාණවන්තයි.)
51- عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ خَافَ أَنْ لاَ يَقُوْمَ مِنْ آخِرِ اللَّيْلِ؛ فَلْيُوْتِرْ أَوَّلَهُ، وَمَنْ طَمِعَ أَنْ يَقُوْمَ آخِرَهُ؛ فَلْيُوْتِرْ آخِرَ اللَّيْلِ؛ فَإِنَّ صَلاَةَ آخِرِ اللَّيْلِ مَشْهُوْدَةٌ، وَذَلِكَ أَفْضَلُ".
(صحيح مسلم، رقم الحديث 162 -(755)، ).
රාත්‍රීයේ අවසන් වේලාවෙහිදී අවදි වීමට නොහැකි බවට කවරෙකු හෝ බිය වන්නේද රාත්‍රියේ ආර්ම්භ වේලාවෙහිදීම ඔහු විත්ර් සලාතය ඉටු කරන්න.කවරෙකු රාත්‍රීයේ අවසන් වේලාවෙහිදී අවදි වීමට හැකි යැයි සිතන්නේද ඔහු රාත්‍රියේ අවසන් වේලාවෙහිදීම විත්ර් සලාතය ඉටු කරන්න.කුමක්නිසාදයත් අවසන් රාත්‍රියේ ඉටු කෙරෙන සලාතය සාක්ෂි දරන ලද්දකි.එය ඉතා උතුම් වේ යනුවෙන් නබි (සල්) තුමාණන් වදාලහ.
වාර්තාකරු: ජාබිර් (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 162- 755
Êවාර්තාකරු පිළිබඳ විස්තර 22 වන හදීසයේ සඳහන් වේ.
v කවරෙකු හට තමන් විසින් රාත්‍රියේ අවසන් වේලාවෙහිදී නින්දෙන් අවදි වීමේ විශ්වාසයක් තිබේද ඔහු රාත්‍රියේ අවසන් වේලාව තෙක් විත්ර් සලාතය ප්‍රමාද කිරීම ඉතා උසස් බව හා එසේ විශ්වාසයක් නොමැති විට නින්දට පෙර එම සලාතය ඉටු කිරීම උසස් බව මෙම හදීසය පැහැදිලි කරයි.
v රාත්‍රියේ ප්‍රථම වේලාවේදීම විත්ර් සලාතය ඉටු කළ තැනැත්තෙකු රාත්‍රියේ අවසන් වේලාවෙහිදි අමතරව සලාතය ඉටු කිරීමට පැතුවේ නම් රක්අත් දෙක බැගින් සාමාන්‍ය ලෙස සලාතය කළ යුතු අතර ඔත්තේ සංඛ්‍යාවෙන් විත්ර් සලාතය නැවත වරක් ඉටු කිරීමට අවශ්‍ය නැත.
v විත්ර් සලාතයේ නියමිත වේලාව ආරම්භ වන්නේ ඉෂා සලාතය ඉටු කළ පසුවයි.එතෙන් සිට අළුයම වේලාව ආරම්භ වෙන තෙක් එහි වේලාව පවතී.එයට සාදකයක් නම් නබි (සල්) තුමාණන් අළුයමට පෙර නුඹලා විත්ර් සලාතය ඉටු කරන්න යනුවෙන් පවසා ඇත. මූලාශ්‍රය සහීහ් මුස්ලිම් වැකි අංක 160-754.
52- عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، يَقُوْلُ: سَمِعْتُ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُوْلُ: "كُلُّ أُمَّتِي مُعَافًى إِلاَّ الْمُجَاهِرِينَ، وَإِنَّ مِنَ الْمُجَاهَرَةِ أَنْ يَعْمَلَ الرَّجُلُ بِاللَّيْلِ عَمَلاً، ثُمَّ يُصْبِحُ وَقَدْ سَتَرَهُ اللَّهُ؛ فَيَقُوْلُ: يَا فُلاَنُ، عَمِلْتُ الْبَارِحَةَ كَذَا وَكَذَا، وَقَدْ بَاتَ يَسْتُرُهُ رَبُّهُ، وَيُصْبِحُ يَكْشِفُ سِتْرَ اللَّهِ عَنْهُ ".
(صحيح البخاري، رقم الحديث 6069، واللفظ له، وصحيح مسلم، رقم الحديث 52 - (2990)،).
අකුසල ප්‍රසිද්ධ කරන්නා හැර මාගේ සමූහයෙන් සියල්ලන් කෙරෙහි සමාව හිමි වනු ඇත.කවරෙකුහෝ රාත්‍රියේ යම්කිසි අකුසලක් කර එය අල්ලාහ් සඟවා තබා තිබියදීත් උදෑසන අහෝ මා රාත්‍රියේ මෙවන් ආකාරයේ ක්‍රියාවක් කළෙමි යනුවෙන් පැවසීමද අකුසල ප්‍රසිද්ධ කිරීමේ ඝනයට අයත් වේ.රාත්‍රියේදී ඔහුගේ පරමාධිපති එය වසන් කරමින් සිටියද උදෑසන එම ආවරණය ඔහු විසින් ඉවත දමන ලදී යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කිරීම මා ශ්‍රවනය කළෙමි.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 6069/ සහීහ් මුස්ලිම් වැකි අංක 52- 2990.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v මිනිසා විසින් යම් අකුසලක් සිදු වූයේ නම් අල්ලාහ් දෙවිඳුන්ගේ පැතීමට අනුව එම අකුසල සමාජ ගත වීමට පෙරාතුව මිනිසා එම අකුසල සමාජය අතර ප්‍රසිද්ධ නොකළ යුතු අතර ඔහු විසින් එම අකුසල සඳහා පාපොච්චාරණය කළ යුතුයි.එසේ පාපොච්චාරණය කළේ නම් මෙලොවෙහි හා පරලොවෙහි අල්ලාහ් දෙවිඳුන් ඔහුගේ කරුණාව හේතුවෙන් එම අකුසල කමා කර සඟවා තබනු ඇත.
v කෙනෙකු විසින් යම්කිසි අකුසලක් සිදු වූ කළ අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ පාපොච්චාරණය කිරීමේ ස්ථීර චේතනාව හා එම අකුසල නැවත වරක් නොකරන බව ස්ථීර ස්ථාවරයක ඔහු සිටියේ නම් එම පාපයට වන්දියක් ලෙස පාලකයින් වෙත ගොස් වරද පිලිගැනීම අවශ්‍ය නොවේ.ඇයිදයත් පාලකයින් වෙත ගොස් වරද පිලි ගෙන ඒ සඳහා හිමි වන දඬුවමට වඩා අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ පාපොච්චාරණයේ නියලීම ඉතා උසස්ය.මෙසේ අවංකයෙන් හා සත්‍ය ලෙස කරනු ලබන පාපොච්චාරණය අල්ලාහ් දෙවිඳුන් පිලි ගනු ඇත.
53-عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: جَاءَ رَجُلٌ إِلَى رَسُوْلِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؛ فَقَالَ: يَا رَسُوْلَ اللَّهِ! مَنْ أحَقُّ النَّاسِ بِحُسْنِ صَحَابَتِي؟ قَالَ: "أُمُّكَ" قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: "ثُمَّ أُمُّكَ"، قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: "ثُمَّ أُمُّكَ"، قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: "ثُمَّ أَبُوْكَ".
(صحيح البخاري، رقم الحديث 5971، وأيضاً صحيح مسلم، رقم الحديث 1 - (2548)،).
නබි (සල්) තුමාණන් වෙත කෙනෙකු පැමිණ අහෝ අල්ලාහ්ගේ දූතයාණනි ! මිනිසුන් අතුරින් අලංකාර ලෙස ඇසුරු කිරීමට ඉතා සුදුසු තැනැත්තා කවරෙකුදැයි ඇසීය.එයට නබි තුමාණන් නුඹගේ මැණියන් වේ යනුවෙන් පිළිතුරු දුන්හ. ඉන් පසු කවරෙකුදැයි ඔහු විමසීය ඉන්පසුවද නුඹගේ මෑණියන් වේ යනුවෙන් පිළිතුරු දුන්හ. නැවතත් ඉන් පසු කවරෙකුදැයි ඔහු විමසීය ඉන්පසුවද නුඹගේ මෑණියන් වේ යනුවෙන් පිළිතුරු දුන්හ.ඉන් පසු කවරෙකුදැයි ඔහු විමසූ විට නුඹගේ පියා බව නබි (සල්) තුමාණන් පිළිතුර දුන්හ.
වාර්තාකරු: අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 5971/සහීහ් මුස්ලිම් වැකි අංක 1-2548.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v මෙම නබි වදනේ පියාට වඩා මවට ප්‍රමුඛත්වය දීමේ හේතුව දරුවන් සඳහා ඇය විඳින දුෂ්කරතා හා ඔවුන් සඳහා ඇය ඉටු කරන සේවය වේ.එපමණක් නොව ඇය ගැබ්වූ වූ දා සිට ඔවුන්ව ඇති දැඩි කර උස්මහත් කිරීම තෙක් ඇය විසින් දැඩි ලෙස වෙර දරනු ඇත.තවද ඔවුනට අසනීපයක් ඇති වූවහොත් නිසිආකාරයෙන් ඒ සඳහා කටයුතු කිරීම වැනි මහඟු සේවයන් රාශියක් ඇය විසින් ඉටු කරන ලබයි.
v එබෙවින් ඇයට උදව් උපකාර කරමින් , සැහැල්ලු හා ආදරණීය වචන උපයෝගී කරමින්,ඇය ප්‍රිය කරන හා ඇයට අවශ්‍ය බඩුභාණ්ඩ පරිත්‍රයාග කරමින් , ඇය අසනීප වූ කල්හි ඇයව රැකබලා ගනිමින් ඇය සඳහා ප්‍රාර්ථනා කරමින් පසුවීම කෙනෙකුගේ යුතුකමයි.ඉහත සඳහන් කර්තව්‍යයන් ඇයට කිරීම සඳහා ඇය මුස්ලිම් වරයෙකු විය යුතුයි යන්න කොන්දේසියක් නොවේ.
54- عَنْ عَبْدِ اللَّهِ بنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُما، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قالَ: "رِضَا الرَّبِّ فِيْ رِضَا الْوَالِدِ، وَسَخَطُ الرَّبِّ فِيْ سَخَطِ الْوَالِدِ".
(جامع الترمذي، رقم الحديث 1899، صححه الألباني).
අල්ලාහ්ගේ තෘප්තිය පියාගේ තෘප්තියෙහි රැඳී ඇත.අල්ලාහ්ගේ කෝපය පියාගේ කෝපයෙහි රැඳී ඇත යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වර්තාකරු : අබ්දුල්ලාහ් බින් අමර් (රළි)
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 1899 .
Êවාර්තාකරු පිළිබඳ විස්තර 37 වන හදීසයේ සඳහන් වේ.
v පියවරුන් ගෞරවය කර ඔවුනට අවනත වීය යුතු බව මෙම නබි වදන හඟවයි.තවද කවරෙකු පියවරුන්ට අවනත වන්නේද ඔවුන් නියත වශයෙන් අල්ලාහ්ට අවනත වනු ඇත.එසේම කවරෙකු පියවරුන්ව කෝපයට පත් කරන්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ්ව කෝපයට පත් කරනු ඇත.මෙම නීතිය පියවරුන් හට පමණක් නොව මව්වරුන් සඳහාද පොදු වූ සංකල්පයකි.
v පියවරුන්ට නින්දා කිරීම මහා පාපයක් බව මෙම නබි වදන දන්වයි.
55- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، يَقُوْلُ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "لأَنْ يَحْتَزِمَ أَحَدُكُمْ حُزْمَةً مِنْ حَطَبٍ؛ فَيَحْمِلَهَا عَلَى ظَهْرِهِ؛ فَيَبِيْعَهَا؛ خَيْرٌ لَهُ مِنْ أَنْ يَسْأَلَ رَجُلاً يُعْطِيْهِ أَوْ يَمْنَعُهُ".
(صحيح مسلم، رقم الحديث 107 - (1042)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 2074).
නුඹලාගෙන් කෙනෙතු දැව එක්රැස් කර එය සිය කර මත ඔසවා ගෙන ගොස් විකිණීම යනු (අසනු ලබන දෑ ලබා දෙන හෝ නොලබා දෙන) කෙනෙකුගෙන් යැපෙන්නට ඉල්ලිමට වඩා උසස් යනුවෙන් නබි (සල්) තුමාණන් වදාලහ.
වාර්තාකරු: අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් වැකි අංක 107-1042/ සහීහුල් බුහාරි වැකි අංක 2074.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v ඉස්ලාම් දහම යනු යහපත් ක්‍රියාවෙන් හා නිවැරදි මාර්ගයෙන් ධනය උපයා ගැනීම් වැනි යහපත් ක්‍රමවේද ඔස්සේ සෞභාග්‍යමත් ජීවිතයක් ගොඩ නැගීම සඳහා මගපාදන දහමකි.යාචකයෙකු මෙන් මනිසුන් අතර අසායෑමෙන් වැළක්වීමට හේතුවද එය වේ.
v කවරෙකු නිසි ආකාරයෙන් හලාල් වූ ධන සම්පත් උපයෝගී කිරීමට කටයුතු කරන්නේද ඉස්ලාම් දහමෙහි ඔහුට කියා ආවේනික වූ ගෞරවයක් හිමි වනු ඇත යන්න මෙම නබි වදනෙන් පැහැදිලි වේ.එපමණක් නොව ඉස්ලාම් දහම විසින් තහනමට ලක් නොවූ සෑම ඉපයීමක් සඳහාම එම ඉපයීම ඉස්ලාම් දහමට අනුකූලව තිබේ නම් අල්ලාහ් ඉදිරියේ එක් උසස් ස්ථානයක් ඒ සඳහා ලැබෙනු ඇත යන්නද මෙම නබි වදනෙන් අදහස් වේ.
v මුස්ලිම් වරයෙකු පෞද්ගලික හා සිය පවුලේ වියදම් සඳහා අනුමැතිය ලත් ව්‍යාපාරයක් හෝ වෙළඳාමක් කළ යුතුයි.ගෞරවයෙන් හා රැකවරයෙන් යුතුව ජීවත් වීමේ භූමිකාවන් ඔහු විසින් සලස්වා ගත යුතුයි.රැකියා විරහිතව හෝ කම්මැලිකමෙන් පසු වීම ඉස්ලාම් දහම තුල අප්‍රසන්න ක්‍රියාවක් ලෙස සළකණු ලබයි.
56- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، عَنِ النَّبيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "أَحْفُوْا الشَّوَارِبَ وَأَعْفُوْا اللِّحَى".
(صحيح مسلم، رقم الحديث 52- (259)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 5893،).
උඩු රැවුල කොට කර යටි රැවුල වැවීමට හරිනු මෙන් නබි (සල්) තුමාණන් පැවසූහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් උමර් (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 52- 259
Êවාර්තාකරු පිළිබඳ විස්තර 11වන හදීසයේ සඳහන් වේ.
v යටි රැවුලෙහි වැදගත්කම හා එය වැවීම අනිවාර්ය වන බව හා මුස්ලිම් වරයෙකු සම්පූර්ණ වශයෙන් රුවුල බෑම හෝ කපා දැමීම තහනම් වනු ඇත යන්න මෙම නබි වදනෙන් අදහස් වේ.
v යටිතොලෙන් පහලට වැවෙන සියල්ලක්ම යටි රැවුල මෙන් සළකණු ලැබේ.
v මුස්ලිම් වරයෙකු තම උඩු රැවුල කපා අඩු කළ යුතු බව මෙම නබි වදන පෙන්වා දේ.එබැවින් තම උඩු රැවුල කපා අඩු නොකර දිගට වැවීම හෝ මැද පමණක් අඩු කර අග දෙක අඩු නොකරීමද තහනම්ය.එසේනම් ඔහු කළ යුත්තේ උඩු රුවුල සම්පූර්ණ ලෙස කපා අඩු කර ගැනීමයි.
57- عَنْ سَعْدِ بْنِ أَبِيْ وَقَّاصٍ رَضِيَ اللَّهُ عَنْهُ، أَنَّ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "إِنَّكَ لَنْ تُنْفِقَ نَفَقَةً تَبْتَغِيْ بِهَا وَجْهَ اللَّهِ إِلاَّ أُجِرْتَ عَلَيْهَا، حَتَّى مَا تَجْعَلُ فِيْ فَمِ امْرَأَتِكَ".
(صحيح البخاري، رقم الحديث 56، واللفظ له، وصحيح مسلم، جزء من رقم الحديث 5 - (1628)،).
ඔබ බිරිඳගේ මුවට කවන ලද එක් ආහාර පිඩක් ඇතුළුව අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඔබ කරන වියදමටද කුසල් නොවරදාම ලැබෙන්නේය යනුවෙන් නබි (සල්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු : සඅද් බින් අබී වක්කාස් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 56 / සහීහ් මුස්ලිම් වැකි අංක 5-1628.
Êවාර්තාකරු පිළිබඳ විස්තර 5වන හදීසයේ සඳහන් වේ.
v කවරෙකු හෝ යම්කිසි යහපතක් සිදු කරනවා නම් ඒ සඳහා කුලිය ලබා ගත හැකි වන්නේ පිවිතිරු චේතනාව තිබුණොත් පමණී බව මෙම නබි වදන පෙන්නුම් කරයි.
v ඉබාදත් හෙවත් වන්දනාව යන සංකල්පය ඉස්ලාම් දහම තුල ඉතා පුළුල් සංකල්පයකි. මිනිසා සාමාන්‍ය ලෙස කරන සෑම යහ ක්‍රියාවක් සඳහාම එම ක්‍රියාව අල්ලාහ්ගේ තෘප්තිය තකා සිදු කළේ නම් ඒ සඳහා කුලියක් ලැබෙණු ඇත යන්න මෙම නබි වදන තුලින් වටහා ගත හැක.
v තම මානසික ආශාවන් සම්පූර්ණ කිරීම සඳහා සිය බිරිඳ සමඟ සතුටෙන් කල් ගෙවීම යන ක්‍රියාවද දේව තෘප්තිය තකා සිදු වූවහොත් එයද කුසල් රාශියක් ලබා දෙන යහකමක් බවට පත් වනු ඇත.
58- عَنْ أُمِّ عَطِيَّةَ رَضِيَ اللهُ عَنْهَا، قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "لاَ يَحِلُّ لِامْرَأَةٍ تُؤْمِنُ بِاللَّهِ وَاليَوْمِ الآخِرِ، أَنْ تُحِدَّ فَوْقَ ثَلاَثٍ إِلاَّ عَلَى زَوْجٍ؛ فَإِنَّهَا لاَ تَكْتَحِلُ وَلاَ تَلْبَسُ ثَوْبًا مَصْبُوغًا، إِلاَّ ثَوْبَ عَصْبٍ".
(صحيح البخاري، رقم الحديث 5342).
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන කාන්තාවක් සඳහා සිය සැමියා හැර අන් කිසිවෙකුගේ මරණය වෙනුවෙන් දින තුනකට වඩා අධිකව ශෝකය දැක් වීමට අනුමැතිය නැත.තවද එම කාන්තාව දෙනෙත් සඳහා අඳුන් ආලේප නොකළ යුතු අතර අස්බ් හෙවත් වස්ත්‍රය හැර සායම් දැමූ වස්ත්‍ර කිසිවක් නොපැලඳිය යුතු බව නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : උම්මු අතියියාහ් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 5342.
: Êවාර්තාකරු පිළිබඳ විස්තර
නුසයිබා බින්ත් අල් හාරිස් අල් අන්සාරියියාහ් (රළි) තුමිය.එතුමියගේ උප නාමය උම්මු අතියියහ් වේ.අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී මට ප්‍රිය කරන සහාබි කාන්තාවකි.සත් වතාවක් නබි (සල්) සමඟ සටනට සහභාගී වූහ.එහිදී තුවාල වූ සහාබිවරුන් සඳහා බෙහෙත් කරමින් හා තුවාල වූවන් මදීනාවට යවමින් උන්නේය.සයිනබ් (රළි ) තුමිය මිය ගිය අවස්ථාවේදි ඇයව පිරිසිදු කිරීමේ කර්තව්‍ය බාර ගනු ලැබුවේ මෙතුමිය විසිනි.නබි (සල්) තුමාණන්ගේ අභාවයට පසු මෙතුමිය බසරාවට සංක්‍රමනය කර එහි ජීවත් වුණි.එහි වාසය කළ මිනිසුන් මෙතුමියගෙන් කරුණු රාශියක් ඉගෙන ගත්හ.බසරාවෙහි ජීවත් වූ සහාබිවරුන් පිරිසක් හා තාබිඊන් වරුන් මෙතුමියගෙන් මිය ගිය තැනැත්තන් පිළිබඳ නීතිරීතීන් විශේෂයෙන් ඉගෙන ගත්හ.මෙතුමිය විසින් මූලාශ්‍ර වල හදීස් 40 ක් වාර්තා වී ඇත.වයස අවුරුදු 70 දක්වා මෙතුමිය ජීවත් වුණි.අල්ලාහ්ගේ තෘප්තිය ඇය සඳහා හිමි වේවා.
v ශෝකය පල කිරීමෙන් අදහස් වන්නේ සිය ස්වාමිපුර්ෂයාගේ මරණය හේතුවෙන් හෝ දික්කසාදය හේතුවෙන් ඉද්දාවෙහි සිටින එක් කාන්තාවක් තම ශාරීරක මට්ටමෙන් හා ඇදුම් පිදුම් හි අලංකාරත්වය පෙන්නුම් කරන සියල්ලෙන් දුරස් වී සිටීමයි.එපමණත් නොව පොදුවේ සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ අලංකාරයෙන් සිටීම සඳහා භාවිතා කරන අඳුන් හා නොයෙකුත් වර්ණ හා සුවඳ විලවුන් වැනි දැයින් ඉවත් වී සිටීමත් සමඟම ආඩම්බර වස්ත්‍රයන් හා ස්වර්ණාභරණ පැලඳීමෙන් ඉවත් වී සිටීමයි.ශෝකය පල කිරීම සඳහා පමණක් ආවේණික වූ විශේෂ ඇඳුම් ඇඳිමේ ක්‍රමයක් ඉස්ලාම් දහම තුල නොමැත.
v සිය ස්වාමිපුරුෂයාගේ මරණය හේතුවෙන් කාන්තාවක් මාස හතරක් හා දින දහයක කාල ප්‍රමාණයක් ශෝකය පල කිරීම අනිවාර්ය වේ.එනමුත් එම කාන්තාව ගර්බණී කාන්තාවක් නම් ඇය සිය ස්වාමිපුරුෂයාගේ මරණය හේතුවෙන් හෝ දික්කසාදය හේතුවෙන් වූවද දරු ප්‍රසූතිය තෙක් ඇය ශෝකය පල කළ යුතුයි.
v විවාහ ගිවිසුමට පසු සංසර්ගයේ යෙදුනද නොයෙදුනද සිය ස්වාමිපුරුෂයාගේ මරණය හේතුවෙන් එම කාන්තාව මාස හතරක් හා දින දහයක කාල ප්‍රමාණයක් ශෝකය පල කිරීම අනිවාර්යයි.
v කාන්තාවක් සිය ස්වාමිපුරුෂයා හැර වෙනත් පිරිමියෙක් සඳහා ශෝකය පල කිරීමට අනුමැතිව තිබෙණ නමුත් එසේ සිටිය හැක්කේ දින තුනක කාලයක් පමණී.සිය දූ දරුවන්ගෙන් කෙනෙකු මිය ගිය විට කාන්තාවක් දින තුනක කාලයක් ශෝකය පල කළ හැකි නමුත් ස්වාමි පුර්ෂයා වෙනුවෙන් ශෝකය පල කිරීමේදී තිබෙන නීතිරීති මෙයට සම්බන්ඳ නොවේ.
v මෙසේ ශෝකය පල කිරීම යනු කාන්තාවන් සඳහා පමණක් විශේෂිත වූ විශයකි.පිරිමීන් කිසිදා මෙසේ ශෝකය පල කළ නොහැක.
59- عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ رَسُوْلَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "عُذِّبَتِ امْرَأَةٌ فِيْ هِرَّةٍ رَبَطَتْهَا، حَتَّى مَاتَتْ؛ فَدَخَلَتْ فِيهَا النَّارَ، لاَ هِيَ أطعمَتْها وَسَقَتْها؛ إذْ حَبَسَتْها، وَلاَ هِيَ تَرَكَتْها؛ تَأْكُلُ مِنْ خَشَاشِ الأرْضِ".
(صحيح البخاري، رقم الحديث 3482، واللفظ له، وصحيح مسلم، جزء من رقم الحديث 151 - (2242)،)
මිය යනතුරු හිරකර තැබූ බළලෙකු සම්බන්ධයෙන් ගැහැණියක් වේදනා විඳින්නීය. මේ හේතුවෙන් ඇය අපායටද යන්නීය. ඌ හිරකර තැබූ කාලය තුළ කෑමට ආහාර හෝ බීමට ජලය නොදුන් අතර පොළොවේ ඇති (පණුවන් මැසි මදුරුවන් වැනි) කෘමීන් කිසිවක් කෑමට හෝ ඉඩ නොදුන්නායැ”යි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් උමර් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 3482/ සහීහ් මුස්ලිම් වැකි අංක 151-2242
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 11වන හදීසයේ සඳහන් වේ.
v යම්කිසි හේතුවක් නොමැතිව සත්වයින් සිරකර තබා එම සතුන් සඳහා ආහාර පාන සපයා නොදී සිටීම යනු මිනිසාගේ කුරිරුකම කම හා ඔහුගේ අධම ස්වභාවය කෙසේද යන්න පැහැදිලි කර දෙන අතර ඔහුගේ අශීලාචාරය හා අකාරුණික බව මනාව පැහැදිලි වනු ඇත.
v හේතුවක් නොමැතිව සත්ව හින්සනය කරන්නන් සඳහා ලැබෙන අකුසලෙහි විශාලත්වය කෙසේද යන්න මෙම නබි වදන පැහැදිලි කරයි.
v බළලුන් හා කුරුල්ලන් වැනි සත්වයින් සඳහා නිසි ආහාර පාන හා ඔවුනට අත්‍යාවශ්‍ය දෑ සපුරා දීමට කෙනෙකුට හැකි නම් ඔවුන් හදාවඩා ගැනීමට ඉස්ලාම් දහමේ අනුමැතිය ඇත.
v කිසියම් ධාර්මික හේතුවක් නොමැතිව සත්වයෙක් ඝාතනය කිරීම හෝ ඔවුනට හිංසා කිරීම යනු අවසන් දිනයෙහි කුරිරු දඬවම් ලැබෙන පාප කර්මයකි.
60- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَا مِنْ دَعْوَةٍ يَدْعُو بِهَا الْعَبْدُ أَفْضَلَ مِنْ، اَللَّهُمَّ إِنِّيْ أَسْأَلُكَ الْمُعَافَاةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ".
(سنن ابن ماجه، رقم الحديث 3851، وصححه الألباني).
දාසයෙකු විසින් ආයාචනා කරනු ලබන ප්‍රාර්ථනාවන් අතුරින් අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් මුආෆාත ෆිද්දුන්යා වල් ආහිරා යන ප්‍රාර්ථනාවට වඩා විශිෂ්ඨ ප්‍රාර්ථනාවක් නොමැති බව නබි (සල්) තුමාණන් වදාලහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 3851.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 1වන හදීසයේ සඳහන් වේ.
v මුස්ලිම් වරයෙකු අවංක හා භියසුලු සිතැතිව අධික ලෙස මෙම ප්‍රාර්ථනාව කළ යුතුයි.ඇයිදයත් අල්ලාහ් දෙවියන් මත තබණු ලබන කිසිඳු විශ්වාසයක් අපතේ නොයනු ඇත.එතුලින් මිනිසෙකුගේ ජීවිතයෙහි ශාන්තබාවය හා රැකවරණය හා සතුටු පිරි සෞභාග්‍යමත් අවස්ථාවන් උදා වනු ඇත.
v මිනිසාගේ ලෞකික හා ආධ්‍යාත්මික ජීවිතය පීඩා කරන සියළු කරුණු කෙරෙහි අල්ලාහ්ගේ රැකවරණය හා ආරක්ෂාව ලැබීම සඳහා මෙම මහඟු ප්‍රාර්ථනාව කළ යුතු බව මෙම නබි වදන උද්‍යෝගිමත් කරනු ඇත.
v මෙම ප්‍රාර්ථවෙහි අර්ථය නම් අහෝ දෙවිඳුනි ! මෙලොවෙහි හා පරලොවෙහි නුඹගේ ආරක්ෂාව මා අයැදිමි යන්න වේ.
61-عَنْ سَعِيْدِ بْنِ زَيْدٍ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "مَنْ قُتِلَ دُوْنَ مَالِهِ؛ فَهُوَ شَهِيْدٌ، وَمَنْ قُتِلَ دُوْنَ أَهْلِهِ، أو دُوْنَ دَمِهِ، أو دُوْنَ دِيْنِهِ؛ فَهُوَ شَهِيْدٌ".
(سنن أبي داود، رقم الحديث 4772، واللفظ له، وجامع الترمذي، رقم الحديث 1421، وسنن النسائي، رقم الحديث 4095، وسنن ابن ماجه، رقم الحديث 2580، وصححه الألباني).
කවරෙකු තම ධන සම්පත් (ආරක්ෂා කිරීම ) පිණිස ඝාතනය කරනු ලබයිද ඔහු ශහීද් හෙවත් ජීවිත පරිත්‍යාග කළ පුද්ගලයෙකු වේ. තවද සිය පවුල, ආත්මය, හා තම ආගම යනාදී විශයන් (ආරක්ෂා කිරීම) පිණිස කවරෙකු ඝාතනය කරනු ලබයිද ඔහුද ශහීද් හෙවත් ජීවිත පරිත්‍යාග කළ පුද්ගලයෙකු වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : සඊද් බින් සයිද් (රළි) තුමා.
මූලාශ්‍රය : සුනන් අබී දාවූද් වැකි අංක 4772 / ජාමිඋත් තිර්මිදි වැකි අංක 1421/ සුනනුන් නසාඊ වැකි අංක 4095/ සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 2580.ඉමාම් අල්බානි (රහ්) තුමා මෙම නබි වදන සහීහ් යනුවෙන් පවසා ඇත.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර
අබූ අඃවර් සඊද් බින් සයිද් අල් අද්වී අල් කුරෂී (රළි). යහපත් සහාබිවරයෙකි.හිජ්රතයට පෙර 22 වන වර්ෂයෙහි මක්කාවෙහි ඉපදුනේය.මෙතුමාණන් හා මෙතුමාණන්ගේ සිය භාර්යාව ප්‍රථම අවදියේම ඉස්ලාම් දහම වැළඳ ගත්හ.ඉන් අනතුරුව මදීනාවට සංක්‍රමණය වුණි.බද්ර් සටන හැර අනෙකුත් සියළු සටන්වලට සහභාගී විය.මෙතුමාණන් ස්වරගය කෙරෙහි ශුභාරංචි ලත් සහාබිවරුන්ගෙන් කෙනෙකි.මෙතුමාණන් විසින් හදීස් 48 ක් මූලාශ්‍ර වල සඳහන් වී ඇත.හිජ්රි වර්ෂ 51 දී අල් අකීක් නැමැති ස්ථානයේ මෙතුමාණන් අභාවයට පත් වුණි.
v සිය භාර්යාව, සහෝදරිය, දියණිය හා මව යනාදී පවුලේ ඥාතීන්ගේ ආරක්ෂාවට හා තම ආත්ම ආරක්ෂාවට කවරෙකු බාධාවක් ලෙස ක්‍රියා කරන්නේද ඒ සඳහා අවශ්‍යතාවයට අනුව කැපවී පෙනී සිටීම මුස්ලිම් වරයෙකුගේ යුතුකම වේ. ප්‍රතිවිරෝධියාගෙන් ආරක්ෂා විය හැක්කේ ඔහු ඝාතනය කිරීමෙන් පමණක් නම් එවිට ඔහුව ඝාතනය කිරීමටද ඉස්ලාම් දහමෙහි අනුමැතිය ඇත. මෙසේ ඝාතනය කළ තැනැත්තාට කිසිදු දඬුවමක් හිමි නොවේ. ප්‍රතිවිරෝධියා විසින් සිය ආත්ම ආරක්ෂාව උදෙසා සටන් කරන්නා ඝාතනය කරනු ලැබුවේ ඔහු ශහීද් හෙවත් ජීවිත පරිත්‍යාග කළ තැනැත්තෙකු වන අතර ප්‍රතිවිරෝධී ඝාතකයා නරකාදියට සුදුස්සෙකු බවට පත්වේ.
v මුස්ලිම් වරයෙකුගේ ආත්මය පමණක් නොව , ඔහුගේ පවුල ,ඔහුගේ ධන සම්පත් හා ඔහුගේ ආගම පවා කොයිතරම් ගෞරවණීයද යන්න මෙම නබි වදනෙන් තේරුම් ගත හැක.
v මෙම නබි වදනෙහි සඳහන් ශහීද් යන්නෙහි අර්ථය එලෝ දිනයෙහි කුලිය ලබා දීමේදී ශහීද් වූ පුද්ගලයෙකු ලෙස සැළකීමයි.මෙලොවෙහිදී සාමාන්‍ය මුස්ලිම වරයෙකු මිය ගිය විට කළ යුතු චාරිත්‍ර සියල්ල මොහු සඳහාද සම්පූර්ණ කළ පසු ඔහුව භූමිදානය කළ යුතුයි.
62- عَنْ سَعِيْدِ بْنِ زَيْدٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ سَمِعْتُ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُوْلُ: "مَنْ ظَلَمَ مِنَ الْأَرْضِ شَيْئًا طُوِّقَهُ مِنْ سَبْعِ أَرَضِينَ".
(صحيح البخاري، رقم الحديث 2452، واللفظ له، وصحيح مسلم، رقم الحديث 137 - (1610)،).
කවරෙකු හිමි නොමැති (අනෙකාගේ) ඉඩමෙන් අසාධාරන ලෙස ස්වල්පය ප්‍රමාණයක් හෝ තමන් සතු කර ගන්නේද පොලෝ හතෙහි ගැඹුරෙන් එම ස්වල්ප ප්‍රමාණය ගෙන ඔහුට මාලයක් ලෙස පළඳිනු ලැබේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළේය.
වාර්තාකරු : සඊද් බින් සයිද් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 2452/ සහීහ් මුස්ලිම් වැකි අංක 137-1610.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර61 වන හදීසයේ සඳහන් වේ.
v සිය අයිතිවාසිකම් හා දේපල ආරක්ෂා කළ යුතු බව ඉස්ලාම් දහම තහවුරු කරන අතර දේපල හා ඉඩම් සුරාකෑම හා පැහැර ගැනීම දරුණු ලෙස තහනම් කරයි.
v කවරෙකු යම් කිසි ඉඩමකට හිමිකාරත්වයක් දරන්නේද එම ඉඩමේ ඇති ඉඳිකිරීම් හා ලෝහ වර්ග වැනි සියල්ලක්ම හිමි වන්නේ එම හිමිකරුටයි.අසල්වැසියන්ට කරදරයක් නොවෙන ආකාරයෙන් සියළු දේ කළ හැකි අයිතියද ඔහුට තිබේ.
v අල්ලාහ් විසින් පහළ කළ ඉස්ලාම් දහමෙහි ඉගෙන්වීම් සමඟ මුස්ලිම් වරයෙකු ඇල්මෙන් සිටිය යුතුයි. ඒ අනුව අනෙකාගේ ධන සම්පත් සොරාකෑම්, පැහැරගැනීම,රැවටීම්,අල්ලස් දීම් වැනි අනිසි ආකාරයෙන් ධන සම්පත් තමන් සතු කිරීම නොසුදුසුය.
v මෙම නබි වදනෙහි සැබෑ අර්ථය පිළිබඳ විද්වතුන් බොහෝ අදහස් ඉදිරිපත් කර ඇත .එයින් එකක් නම් ඔහු විසින් පැහැර ගත් එම ඉඩම නැවත ගෙන එනු මෙන් එලෝ දිනයෙහි අණ කරනු ලැබේ.එවිට එම ඉඩම ඔහුගේ ගෙලෙහි මාලයක් මෙන් දමා රැගෙන එනු ලැබේ යන්නයි.අනෙකුත් අදහස නම් එම ඉඩම මාලයක් ලෙස සකස් කරනු මෙන් ඔහුට අණ කරනු ලැබේ.එසේ කිරීමට නොහැකි වූ විට ඒ සඳහා දඬුවම් දෙනු ලැබේ යන්නයි. වෙනත් අර්ථයක් නම් ඔහුගේ ගෙලෙහි දමනු ලබන්නේ එම ඉඩම නොව එම ඉඩම පැහැර ගැනීම හේතුවෙන් ලැබුනු අකුසල් යන්නයි.
(صحيح البخاري، رقم الحديث 6421، واللفظ له، وصحيح مسلم، رقم الحديث 115 - (1047)،).
ආදම් ගේ පුතු වැඩෙන විට ඔහු සමඟ විෂයන් දෙකක් වැඩෙනු ඇත.ඒ වා නම් මිල මුදල් කෙරෙහි සහ දීර්ඝ ආයුෂය කෙරෙහි ආශාව වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තා කරු : අනස් බින් මාලික් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 6421/ සහීහ් මුස්ලිම් වැකි අංක 155-1047
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 3 වන හදීසයේ සඳහන් වේ.
v පිවිතුරු ධනසම්පත් සඳහා ඉස්ලාම් දහම විසින් මහඟු වටිනාකමක් ලබා දී ඇත.එම මිල මුදල් කේන්ද්‍ර කරමින් අනිවාර්ය බද්ධ , හජ් ඉටු කිරීම වැනි කර්තෘවයන් බොහෝමයක් ධර්මානු ගත කර ඇත.එපමණක් නොව මිනිසාගේ ජීවනෝපාය හා ඔහුගේ අත්‍යාවශ්‍යතානවයන් මුලිනුපුටා දැමිය හැක්කේ එතුලින්ය. එබෙවින් ඉස්ලාම් දහම කිසි විටක මිල මුදල් රහිතව සිටුනු මෙන් අණ කළේ නැත.එසේනම් ඉස්ලාම් දහම අවවාද කළේ අල්ලාහ්ට අවනත වීමෙන් වළක්වන අන්දමින් මිල මුදල් සමඟ කටයුතු කිරීම වේ.තවද මිල මුදල් අධික ලෙස එක්කාසු කිරීමේ අධික ආශාවද ඉස්ලාම් දහම අපකීර්තියට පත් කර ඇත.
v අල්ලාහ්ට වන්දනාමාන කිරීමෙහිලා මිනිසාගේ ආයුකාලය දීර්ඝ වූයේ නම් එහි ප්‍රතිඵලය වන්නේ ඔහු අල්ලාහ්ට ඉතා සමීප වීමයි.එපමණක් නොව එමඟින් එලෝ දිනයෙහි උසස් පදවීන් අධික ලෙස ඔහුට හිමි වනු ඇත.
v හුදෙක් මිනිසාගේ සිය ආයුෂ කාලය දීර්ඝ වීම පමණක් යහපත් නොවේ.එසේ යහපත් වීමට නම් ඔහු කළ යුත්තේ ඉස්ලාමීය මාර්ගෝපදේෂයන්ට අනුව තම ක්‍රියාවන් සකස් කර ගැනීමයි.අල්ලාහ්ගේ මාර්ගය මග හැර දමා හුදෙක් ලොවෙහි දීර්ඝ කාලයක් ජීවත් වීමේ ආශාව ඉස්ලාම් දහම අපකීර්තියට පත් කිරීමේ හේතුවද මෙය වේ.
64- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، قَالَتْ: كَانَ النَّبِيُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَلَّمَ، لَمْ يَقْعُدْ، إِلاَّ مِقْدَارَ مَا يَقُوْلُ: "اَللَّهُمَّ أَنْتَ السَّلاَمُ وَمِنْكَ السَّلامُ، تَبَارَكْتَ يَا ذَا الْجَلالِ وَالاِكْرَامِ".
(صحيح مسلم، رقم الحديث 136 - (592)، ).
නබි (සල්) තුමාණන් සලාතය අවසන් කිරීම සඳහා සලාම් දුන් පසු (අල්ලාහුම්ම අන්තස් සලාම් වමින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්) යනුවෙන් පැවිසිමට ගත වන කාල ප්‍රමාණයට වඩා ඉඳ ගන්නේ නැත.
වාර්තාකරු: ආඉෂා (රළි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 136-592.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 16 වන හදීසයේ සඳහන් වේ.
v සලාතය මෙහෙය වන්නා සලාතය අවසන් කළ පසු එම ස්ථානයෙන් නැගිට යා යුතු බව විද්වතුන් සමහරක් පවසති.ඉහත නබි වදනේ සඳහන් වූ වචන මාලාව පැවසීම සඳහා ගත වන කාල ප්‍රමාණයක් නබි (සල්) තුමාණන් අසුන් ගැනීම මොවුන් විසින් ඉදිරිපත් කරන ලද සාදකයකි.තවත් සමහර විද්වතුන්ගේ අදහස වන්නේ සලාතයේ අවසානයේදී සලාම් දුන් පසු ඉදිරි කිබ්ලා දෙසට හැරී සිට මෙම වචන මාලාව පවසා ඇත යන්නයි. එනමුත් සලාතයට පසු කිව යුතු ප්‍රාර්ථනාවන් නබි (සල්) තුමාණන් විසින්ම අප සමාජයට ඉදිරිපත් කර එතුමාණන් සලාතයෙන් පසු එම ප්‍රාර්ථනාවන් නොකියා නැගිට යාම අනුමාන කළ නොහැකි විශයකි යන්න පැහැදිලියි.
v සලාතයෙන් පසු කිව යුතු නොයෙකුත් ප්‍රාර්ථනාවන් සහීහ් වූ නබි වදන් වල සඳහන් වී ඇත.ඉහත නබි වදනේ සඳහන් වූයේ එයින් එක් ප්‍රාර්ථනාවකි.මෙම නබි වදනෙහි සඳහන් වී ඇති වචන මාලාව මූලාශ්‍රයක් වන මුස්ලිම් ග්‍රන්ථයේ අංක 591 හි සඳහන් වන්නේ අස්තග්ෆිරුල්ලාහ් යැයි තුන් වරක් පැවසූ පසුවයි.
v අල්ලාහුම්ම අන්තස් සලාම් යන වාක්‍යයෙහි සඳහන් සලාම් යන පදය අල්ලාහ්ගේ උසස් නාමයන්ගෙන් එකකි.එහි අර්ථය නම් : අහෝ දෙවිඳුනි ! සුදුසු නොමැති සියළුම අඩුපාඩුවලින් නුඹ ඉතා පාරිශුද්ධ වේ යන්නයි.
65- عَنْ سَمُرَةَ بْنِ جُنْدَبٍ قَالَ: كَانَ النَّبِيُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى صَلاَةً أَقْبَل عَلَيْنَا بِوَجْهِهِ.
(صحيح البخاري، رقم الحديث 845، واللفظ له، وصحيح مسلم، جزء من رقم الحديث 23 - (2275)،).
නබි (සල්) තුමාණන් සලාතයක් අවසන් කළ පසු අප වෙත ඔහුගේ මුහුණ අප දෙස හරවා ගනු ඇත.
වාර්තාකරු : සමුරාහ් බින් ජුන්දුබ් (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 845/ සහීහ් මුස්ලිම් වැකි අංක 23-2275 හි කොටසකි.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 30 වන හදීසයේ සඳහන් වේ.
v ඉමාම් වරයා සලාතය නිම කළ පසු අස්තග්ෆිරුල්ලාහ් යැයි තුන් වතාවක් කී අනතුරුව (මාමූම්) අනුගාමිකයින් දෙසට හැරී අසුන් ගැනීම ප්‍රියජනක ක්‍රියාවකි.ඉන්පසු ඉහත සඳහන් නබි වදනේ සඳහන් වූ වචන මාලාව කිව යුතුයි.
v එනමුත් ඇතැම් විද්වතුන් මෙසේ ප්‍රකාශ කරයි: ඉමාම් වරයා විසින් සලාතය නිම කළ පසු එම සලාතය ස්ථාපිත කළ ස්ථානයේ සලාතය ඉටු කළ ඉරියව්වෙන් රැඳී සිටීම ප්‍රියජනක නොවෙන අතර ඉමාම් වරයා සලාතය ඉටු කළ ඉරියව්ව වෙනස් කර අනුගාමිකයින් දෙසට හැරී සිටිය යුතුයි යන්නයි.
v ඉමාම් වරයා විසින් සලාතය නිම කළ පසු ලෞකික , ධාර්මික හා ආද්‍යාත්මික් විශයන් අනුගාමිකයින් හැදෑරීම සඳහා ඔවුන් දෙසට හැරී සිට අසුන් ගත යුතුයි.
66- عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، أَنَّ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "لاَ تَمْنَعُوا إِمَاءَ اللَّهِ مَسَاجِدَ اللَّهِ".
(صحيح مسلم، رقم الحديث 136 - (442)، واللفظ له، وصحيح البخاري، رقم الحديث 900).
කාන්තාවන් අල්ලාහ්ගේ දේවස්ථාන වලට ඇතුල් වීමෙන් නොවළක්වන ලෙස නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: අබ්දුල්ලාහ් බින් උමර් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 136-442/ සහීහුල් බුහාරි වැකි අංක 900.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 11 වන හදීසයේ සඳහන් වේ.
v කාන්තාවන් සිය නිවසෙහි සලාතය ඉටු කිරීම වඩාත් උචිත වූවද සාමුහික ලෙස පැවෙත්වන සලාතයට සහබාගී වීම සඳහා මස්ජිදය වෙත යා හැක යන්න මෙම නබි වදන තහවුරු කරයි.
v කුමනහෝ ආකාරයෙන් ගැටළුවක් සිදු නොවෙනු ඇතැයි විශ්වාසයක් තිබියදී කාන්තාවක් මස්ජිදය කරා යෑමට අනුමැතිය සිය ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවේදී ඇයට ඔහු අනුමැතිය දිය යුතු බව මෙම නබි වදන මඟපෙන්වයි.
v කෙසේ හෝ ඇය මස්ජිදය වෙත යෑමේදී සුවඳ විලවුන් උපයෝගී කරමින් හෝ තම අලංකාරත්වය පෙන්නුම් කරන ආකාරයෙන් ඇඳුම් ඇඳීමෙන් ඇය වැළකී සිටිය යුතුයි.ඒ පිළිබඳව නබි වදනක් සහීහ් මුස්ලිම් හි මෙසේ සඳහන් වේ: ඔබලා මස්ජිදය වෙත පැමිණියේ නම් කිසිඳු සුවඳ විලවුම් වර්ගයක් භාවිතා නොකරන්න. (වැකි අංක 142-443).
عَنِ المُغِيْرَةِ بْنِ شُعْبَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيْ سَفَرٍ؛ فَأَهْوَيْتُ لِأَنْزِعَ خُفَّيْهِ؛ فَقَالَ: "دَعْهُمَا؛ فَإِنِّيْ أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ"؛ فمَسَحَ عَلَيْهِمَا.
(صحيح البخاري، رقم الحديث 206، واللفظ له، وصحيح مسلم، رقم الحديث 80 - (274)،).
මා නබි (සල්) තුමාණන් සමඟ ගමනක යෙදී සිටියෙමි. එවිට මා ඔහුගේ පා උර දෙක ඉවත් කිරීමට තැත් කළෙමි.එවිට එය අත්හරින්න, මා එය පැළදුවේ ඒවා පිරිසිදුව තිබියදී යැයි පවසා ඒ මත පිසදා ගත්හ.
වාර්තාකරු : මුගයිරහ් බින් ශුඋබා (රළි)
මුලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 206/ සහීහ් මුස්ලිම් වැකි අංක 80- 274
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 35 වන හදීසයේ සඳහන් වේ.
v කුෆ් යනු හම්වලින් සාදන ලද මේස් කට්ටලයකි.
v යමෙක් වුදු නිශ්ඵලවු විට, නැවත වුදු කිරීමේදී පාදෙක නොසෝදා, ඒ වෙනුවෙන් තෙත් අතින් පා උරය මතු පිට පිස දැමීමට අවසර ඇත.
v පළමුවෙන් වුදු කර පාදෙක සෝදා, කුෆ් කට්ටලය දමා ගත යුතු අතර, තම වුදු නිශ්ඵලවූ විට, නැවත වුදු කිරීම දක්වා වූ මේ කාලය තුල තම කුෆ් කට්ටලය ඔහු ගලවා තිබුනා නම් මෙම සහනය අවලංගුවේ.
v ගමනක් යන්නෙකුට, මෙම සහනය දින 3කට (පැය 72ක්) වලංගු වන අතර, තම පලාතෙහි රැඳී සිටින කෙනෙකුට එක් දිනකට (පැය 24ක්) පමණක් වලංගුවේ.
68- عَنِ المُغِيْرَةِ بْنِ شُعْبَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: تَوَضَّأَ النَّبِيُّ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ وَمَسَحَ عَلَى الجَوْرَبَيْنِ والنَّعلينِ.
(جامع الترمذي، رقم الحديث 99، واللفظ له، وسنن أبي داود، رقم الحديث 159، وسنن النسائي، رقم الحديث 125( م)، وسنن ابن ماجه، رقم الحديث 559، ، وصححه الألباني).
නබි (සල්) තුමාණන් වූළු දෝවනය කර මේස් කට්ටලය මත හා පාවහන් මත පිසදා ගත්හ.
වාර්තාකරු: මුගයිරා බින් ශුඋබා (රළි).
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 99/සුනන් අබූ දාවූද් වැකි අංක 159/සුනන් අන් නසාඊ වැකි අංක 125/සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 559.ඉමාම් අල්බානි (රහ්)තුමාණන් මෙම නබි වදන සහීහ් යනුවෙන් පවසා ඇත.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 35 වන හදීසයේ සඳහන් වේ.
v මෙම නබි වදනෙහි සඳහන් ජව්රබ් යන්නෙහි සිංහල යෙදුම කපු රෙදි වලින් මසන ලද මේස් කට්ටලයයි.
v පුද්ගලයෙකු ගමෙහි හෝ ගමනෙහි සිටියද කපු රෙදි වලින් හෝ එවැනි වෙනත් රෙදි වලින් මසන ලද මේස් කට්ටලය මත වුදූ කිරීමේදී දෙපා නොසාදා ඒ මත පිසදා ගත හැකි බව මෙම නබි වදන තහවුරු කරයි.එනමුත් පාදයේ අභ්‍යන්තර පෙදෙස ආවරණය කරන්නක් ලෙසට හා ඝනකමින් යුතුව වියන ලද්දක් ලෙස එම මේස් කට්ටලය විය යුතුය.කුෆ් හා මේස් කට්ටල අතර සාමාන්‍ය වෙනසක් හැර බලපැමක් ඇති කරන ආකාරයෙන් කිසිදු වෙනසක් එහි නොමැත.ඇයිදයත් එම දෙකෙහිම නීතිය එක හා සමානය.එපමණක් නොව මෙය පැළඳීමට පෙර සම්පූර්ණ ලෙස පිරිසිදු විය යුතුයි.මෙය බහුතර විද්වතුන්ගේ අදහසයි.
v ගමනක් යන්නෙකුට, මෙම සහනය දින 3කට වලංගු වන අතර, තම පලාතෙහි රැඳී සිටින කෙනෙකුට එක් දිනකට පමණක් වලංගුවේ.
69- عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عُثْمَانَ التَّيْمِيِّ رَضِيَ اللهُ عَنْهُ، أَنَّ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْ لُقَطَةِ الْحَاجِّ.
(صحيح مسلم، رقم الحديث 11 - (1724)، ).
හජ් කර්තව්‍ය ඉටුකරන්නා (මක්කාවෙහි) නැති වූ වස්තුවක් අහුලා ගැනීම නබි (සල්) තුමාණන් තහනම් කර ඇත.
වාර්තාකරු : අබ්දුර් රහ්මාන් බින් උස්මාන් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 11-724
:Ê වාර්තාකරු පිළිබඳ විස්තර
අබ්දුර් රහ්මාන් බින් උස්මාන් අල කුරෂි අත් තයිමී.මෙතුමාණන් එක් සහාබිවරයෙකි.හුදයිබියියා දිනයෙහි ඉස්ලාම් දහම වැළඳ ගත් අතර නබි (සල්) තුමාණන් සමඟ ගිවිසුම් කළහ.යර්මූක් සටනට මෙතුමාණන් සහභගී වුණි.හිජ්රි වර්ෂ 73 හිදී මක්කාවෙහිදී ඝාතනය කරනු ලැබීය.
v ඉස්ලාමිය ව්‍යවහාරයට අනුව අහුලා ගනු ලැබූ භාණ්ඩයක් යනු මගතොටහි හෝ වෙනත් ස්ථානයක නැති වු හිමි කරු නාදුනන ආකාරයකින් සොයාගන්නා ලද වටිනා වස්තුවකි.
v ශුද්ධ භූමිය හැර ලොවෙහි අනෙකුත් සැම ස්ථානයකදී අහුලා ගන්නා ලද වටිනා භාණ්ඩයක නීතිය යනු අවුරුද්දක කාලයක් එම භාණ්ඩය මිනිසුන් අධික ගැවසෙන පොදු ස්ථානයන්හි ප්‍රසිද්ධව දන්වා සිටීමයි. ඉන් අනතුරුව ඔහුට එම භාණ්ඩය පුද්ගලික ප්‍රයෝජනයට ගත හැක.එනමුත් එම භාණ්ඩය නොවටින සුළු ප්‍රමාණයක භාණ්ඩයක් නම් එවිට ප්‍රස්ද්ධියේ අවුරුද්දක් පුරාවට දන්වා සිටීම අවශ්‍ය නැත.
v ශුද්ධ භූමියෙහි එනම් මක්කාවෙහි නැති වී තිබෙන භාණ්ඩයක් අහුලා ගැනීම තහනම් වේ.එනමුත් එම භාණ්ඩය විනාශ වී නැතිනම් අපතේ යා හැකි යැයි බියක් ඇතු වූ කල්හි ඔහු විසින් එම භාණ්ඩය අහුලා ගත හැකි නමුත් ඔහු මක්කාවෙහි සිටින තාක්කල් එම භාණ්ඩය පිළිබඳ පොදු ස්ථාන වල දැන්විය යුතුයි.ඔහු මක්කාවෙන් පිටවී යාමට සිතු වේ නම් එම භාණ්ඩය නිසි පාර්ශවකරුවන් වෙත හෝ නිසි කාර්යාලයන් වෙත බාර දිය යුතුයි.එම භාණ්ඩය මක්කාවෙන් පිටතට රැගෙන යාමට නොහැකිය.
70- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "ضِرْسُ الْكَافِرِ أَوْ نَابُ الْكَافِرِ مِثْلُ أُحُدٍ، وَغِلَظُ جِلْدِهِ مَسِيرَةُ ثَلاَثٍ".
(صحيح مسلم، رقم الحديث 44 - (2851)، ).
කාෆිර් හෙවත් දේව ප්‍රතික්ෂේපවරයෙකුගේ චාර්වක දත් හෝ උල් දත් උහද් කන්ද මෙන්ය.ඔහුගේ සමෙහි තරබාරුකම තුන් දිනක ගමනක යෙදීමේ දුරක් සහිතවේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රලි).
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 44-2851.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v අයහපත සහමුලින්ම අපාගත කරවන විශයන් ලෙස අල්ලාහ් පත් කර ඇත .අපාය යනු මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයෙහි දේව ප්‍රතික්ෂේක කරුවන්, කුහකයින් හා අකීකරු පුද්ගලයින් සඳහා නියම කරනු ලබන නිවහනකි.අල්ලාහ් අප සැම එයින් ආරක්ෂා කරත්වා.
v නරකාදියෙහි පසුවන්නන් මෙලොවෙහි ඔවුනට තිබෙන සාමාන්‍ය තත්වයකින් නොව ඉතා වෙනස් ස්වරූපකයින් සිටිනු ඇත.ඔවුන්ගේ ශරීරය මහත් වනු ඇති අතර ඔවුන්ගේ ශරීර උස හා පළල වැඩි වනු ඇත.එම නරකාදියෙහි පසුවන එක් අයෙකුගේ ශරීරය පමණක් වඩා උස කන්දක් තරම්ය.එපමණක් නොව ඔවුන්ගේ දත් , හිස හා සම වැනි ශරීරයේ සියළු අංගයක්ම විශාල වනු ඇත.මෙසේ සිදු වන්නේ කුරිරු වේදනාව හා දඬුවම සඳහායි.
v දේව ප්‍රතික්ෂේප කරන්නන්ගේ වේදනාව හා දඬුවම ලිහිල් නොවෙනු ඇති අතර එම දඬුවම සදාකාලිකයි.අල්ලාහ් දෙවිඳුන් විසින් ඔවුනට නොයෙකුත් ආකාරයේ දඬුවම් දෙනු ලැබේ. ඔවුන් සඳහා කිසිදා නැවත මරණයක් පැමිණෙන්නේද නැත.
71- عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "يُؤْتَى بِجَهَنَّمَ يَوْمَئِذٍ لَهَا سَبْعُوْنَ أَلْفَ زِمَامٍ، مَعَ كُلِّ زِمَامٍ سَبْعُوْنَ أَلْفَ مَلَكٍ يَجُرُّوْنَهَا".
(صحيح مسلم، رقم الحديث 29 - (2842)، ).
එලෝ දිනයෙහි නරකාදිය කඹ හැත්තෑ දහසක් උපයෝගී කරමින් ගෙන එනු ලබයි.සෑම කඹයක් සමඟම (එය රැගෙන ඒම සඳහා) සුර දූතයින් හැත්තෑ දහසක් සිටිනු ඇතැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් (රළි)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් වැකි අංක 29- 2842
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 2 වන හදීසයේ සඳහන් වේ.
v නරකාදියේ විශාලත්වය හා භයානකත්වය කොපමණදැයි මෙම නබි වදන ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.
v අල්ලාහ් දෙවිඳුන් විසින් නරකාදිය නිර්මානය කර ඇති අතර එය දේව ප්‍රතික්ෂේප කරුවන් හා ඔහුගේ පරිපූර්ණ මඟපෙන්වීම වන දහම උල්ලංඝනය කරන අයලුන් සඳහා නොයෙකුත් වෙදනාවන් හා දඬුවම් සහිත නිවහනක් ලෙස පත් කර ඇත.
v ස්වර්ගයට ඇතුල් කරවන සාදකයන් සිය ජීවිතයේ ළගා කර නරකාදියට ඇතුල් කරවන සාදකයන් වලින් දුරස් වී සිටිය යුතු බව මෙම නබි වදන තුලින් අවවාද කරනු ලැබේ.
72- عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُوْلُ: "يُبْعَثُ كُلُّ عَبْدٍ عَلَى مَا مَاتَ عَلَيْهِ".
(صحيح مسلم، رقم الحديث 83 - (2878)، ).
සියළුම ගැත්තන් නැගිටවනු ලබන්නේ ඔවුන් කුමන ආකාරයෙන් මිය ගියේද එම ආකාරයෙන් බව නබි (සල්) තුමාණන් පැවසීම මා අසා සිටියෙමි.
වාර්තාකරු: ජාබිර් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 83- 2878.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 22 වන හදීසයේ සඳහන් වේ.
v මෙලොවෙහි මිනිසා විසින් කරනු ලබන යහපත් හා අයහපත් ක්‍රියාවන් සියල්ලක් සඳහාම විපාකයක් ඇත යන්න මුස්ලිම් වරයෙකු විශ්වාස කළ යුතුයි.
v අකුසල් ක්‍රියාවන් තුලින් මෙලෝ හා එලෝ දිනයෙහි හානි සිදු වන හේතුවෙන් සෑම මුස්ලිම්වරයෙක් විසින්ම එවන් ක්‍රියාවන් පිළබඳ බියක් සිත තුල ඇති කර ගත යුතුයි.
v එලෝ දිනයෙහි නැගිටවනු ලබන්නේ මෙලෝ දිනයෙහි මිනිසාගේ ක්‍රියාවන් කෙසේ තිබුණේද ඒ අනුව වේ.
73- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ: "لاَ يَجُوْعُ أَهْلُ بَيْتٍ عِنْدَهُمُ التَّمْرُ".
(صحيح مسلم، رقم الحديث 152 - (2046)، ).
කුමන නිවැසියන් සඳහා රටඉඳි තිබේද ඔවුන් කුසගින්නෙන් පසු නොවෙනු ඇතැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: ආඉෂා (රළි) .
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 153- 2046.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 16 වන හදීසයේ සඳහන් වේ.
v තමන් හා තම පවුල අනුභව කර කුසගින්න නිවා ගැනීම සඳහා නිවෙස්හි රටඉඳි තබා ගත යුතු බව මෙම නබි දන්වයි.
v කවුරුන් රටඉඳි අනුභව කරන්නේද ඔවුන්ගේ කුසගින්න නිවෙනු ඇතැයි මෙම නබි වදන තහවුරු කරයි.
v මෙම නබි වදන මදීනා වැසියන් සේ රටඉඳි ප්‍රධාන ආහාරයක් ලෙස උපයෝගී කරන්නන් සඳහා පමණක් බව ඇතැම් විද්වතුන් පවසති.කෙසේ නමුත් රටඉඳි ප්‍රධාන ආහාරයක් ලෙස උපයෝගී නොකළද එය අනුභව කිරීමෙන් විස්මිත ප්‍රයෝජන රාශියක් ඇත.
74- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ تَابَ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا، تَابَ اللَّهُ عَلَيْه".
(صحيح مسلم، رقم الحديث 43 - (2703)، ).
බස්නාහිරෙන් හිරු උදාවීමට පෙරාතුව කවරෙකු පාපොච්චාරනයෙහි නියලෙන්නේද ඔහු කෙරෙහි අල්ලාහ් සමාව දෙනු ඇතැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 43- 2703
Ê වාර්තාකරු පිළිබඳ විස්තර1 වන හදීසයේ සඳහන් වේ.
v ඉස්ලාමීය ව්‍යවහාරයේ පාපොච්චාරණය කිරීම යනු ඉස්ලාමීය ඉගෙන්වීම් වලට අනුව පවෙන් මිදී අල්ලාහ්ට අවනත විම වෙත පිවිසීමයි. කෙනෙකු සීඝ්‍රයෙන් පාපොච්චාරණයේ නියලිය යුතු බව මෙම නබි වදන හඟවයි.එනමුත් ඔහු විසින් සිදු කරන එම පාපොච්චාරණ අල්ලාහ් දෙවිඳුන් පිළිගැනීමට නම් පහත සඳහන් කොන්දේසි එහි සමන්විය යුතුයි.
v හුදෙක් අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය තකා පමණක් එය සිදු වීම.
v නියමිත අකුසලෙන් මුළුමනින්ම බැහැර වීම.
v නියමිත අකුසල පිළබඳ පසුතැවිලි වීම.
v එම අකුසල මතුවට නොකරන බව අදිටන් කිරීම.
v එම නියමිත අකුසල අනෙකාගේ උරුම හා යුතුකම් සමඟ සම්බන්ඳ වේ නම් ඒවා හිමිකරු වෙත නැවත භාර දීම.
v හිරු බස්නාහිර උදා වීමට පෙර පාපොච්චාරණ සිදු කිරීම.
v මරණයේ අවසාන අදියරයට පෙර පාපොච්චාරණ සිදු කිරීම.
v අකුසලක් සිදු කරන්නා එම අකුසල කොපමණ වාරයක් සිදු කළද ඒ සඳහා අල්ලාහ් ඉදිරියේ පාපොච්චාරණය කළ යුතුයි. එම පාපොච්චාරණය නිවැරදි ආකාරයෙන් සිදු විය යුතු අතර එවිට අල්ලාහ් සමාව දෙනු ඇත.
v බස්නාහිරෙන් හිරු උදා වීම යනු අල්ලාහ්ගේ ඉමහත් ශක්තිය හඟවන ඔහුගේ ප්‍රාතිහාර්යකින් එක් ප්‍රාතිහාර්යයක් වන අතර අවසාන දිනයෙහි සළකුණු අතුරින් එක් විශාල සළකුණකි.ඇතැම් පුද්ගලයින් මෙය පෘතුවියේ භ්‍රමණයෙහි සිදු වන දෝෂයක් හේතුවෙන් වේ යනුවෙන් අදහස් දරති.එය වැරදි අදහසකි.
75- عَنْ أَبِيْ قَتَادَةَ الْأَنْصَارِيِّ رَضِيَ اللهُ عَنْهُ، أَنَّهُ سَمِعَ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَقُوْلُ: "إِيَّاكُمْ وَكَثرَةَ الْحَلِفِ فِي الْبَيْعِ؛ فَإِنَّهُ يُنَفِّقُ ثُمَّ يَمْحَقُ".
(صحيح مسلم، رقم الحديث 132 - (1607)، ).
ව්‍යාපාර කටයුතු වලදී අධික ලෙස දිවුරීමෙන් වැළකී සිටින්න. එමඟින් මිල මුදල් උපයාගැනීමට හැකි වූවත් එය කවදා හෝ නැති වී යනු ඇතැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: අබූ කතාදා (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 132- 1607
Ê වාර්තාකරු පිළිබඳ විස්තර8 වන හදීසයේ සඳහන් වේ.
v ගණූදෙනුවකදී අවශ්‍යතාවයක් නොමැතිව නිකරුණේ දිවුරීමෙන් වැළකී සිටිය යුතු බව මෙම නබි වදනෙන් පැහැදිලි වේ.
v මුස්ලිම් වරයෙකු අනුමැතිය ලත් ආකාරයෙන් හලාල් වූ ඉපෙයීමෙන් තම ජීවිතය සකස් කිරීමට මනාප විය යුතු අතර තමන් කෙරෙහි අල්ලාහ්ව බිය වී අධික ලෙස දිවුරුම් දීමෙන් වැළකී සිටිය යුතුයි.
76- عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "لاَ تَحْلِفُوْا بِالطَّوَاغِيْ، وَلاَ بِآبَائِكُمْ".
(صحيح مسلم، رقم الحديث 6 - (1648)، ).
අල්ලාහ් හැර නැමදුමට ලක් වන දේවල් මත හෝ දෙමාපියන් මත හෝ දිවුරීම් නොකරන ලෙස නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: අබ්දුර්රහ්මාන් බින් සමුරහ් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 6-1648.
: Ê වාර්තාකරු පිළිබඳ විස්තර
අබූ සඊද් අබ්දුර්රහ්මාන් බින් සමුරහ් අල් කුරෂී .මෙතුමාණන් ඉතා ජ්‍යෙෂ්ඨ සහාබිවරයෙකි.ෆත්හ් මක්කා දිනයෙහි ඉස්ලාම් දහම වැළඳ ගත්හ.සජස්තාක් කාබල් වැනි රාජ්‍යයන් අත්පත් කෙරුණේ මෙතුමාණන් විසිනි.ඉන් අනතුරුව සජස්තානය පාලකයෙකු ලෙස පත් කෙරිණි.තවද කුරාසානයට එරෙහිව සටන් කර එයද ජය ගත්හ.ඉන් පසු බසරා වට නැවත පැමිණියහ.මූලාශ්‍රවල මෙතුමාණන් විසින් නබි වදන් 14 ක් වාර්තා වී ඇත.බසරාවෙහි හිජ්රි වර්ශ 50 දී අභාවයට පත් වුණි.
v නිර්මාපකයා වන අල්ලාහ් දෙවිඳුන් හැර ඔහුගේ මැවීම් අතුරින් කිසිවක් මත හෝ දිව්රීම තහනම් බව මෙම නබා වදන පෙන්නුම් කරයි.
v මෙම නබි වදනෙහි සඳහන් තාඝියා යන පදයෙන් අදහස් වන්නේ අල්ලාහ් දෙවිඳුන් හැර නැමදුමට ලක් වන අභිශූන්‍යමත් පිළිම වැනි සියල්ල වේ.
77- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ: "السِّوَاكُ مَطْهَرَةٌ لِلْفَمِ، مَرْضَاةٌ لِلرَّبِّ".
(سنن النسائي، رقم الحديث 5، وصححه الألباني).
මිස්වාක් කිරීම යනු මුඛය පවිත්‍ර කරන සාදකයක් හා පරමාධිපතිගේ තෘප්තිය ලබා දෙන සාදකයකි යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : ආඉෂා (රළි).
මූලාශ්‍රය : සුනන් අන් නසාඊ වැකි අංක 5.ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම නබි වදන සහීහ් යනුවෙන් පසවා ඇත.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 16 වන හදීසයේ සඳහන් වේ.
v දැහැටි කූරු භාවිතා කර දත් මැදීමෙන් දත්වල ඇති දුඟඳ නැති වී ඒවා පිරිසිදු වනු ඇත.මෙය අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය ලබා දෙන එක් සාදකයකි.ඇයිදයත් අල්ලාහ් දෙවිඳුන් ඉතා අලංකාරයි.අලංකාර දෑ ඔහු ඉතා ප්‍රිය කරයි .
v දැහැටි කූරු ඝනයට නවීන කාලයේ දත් පිරිසුදු කිරීම සඳහා ප්‍රසිද්ධව ඇති දත් බුරුසුද එක් වේ.එනමුත් හුදෙක් ඇඟිලි පමණක් භාවිතා කිරීම මඟින් දත් පිරිසුදු කිරීම උචිත නොවෙන අතර එමඟින් දත් පිරිසුදු නොවෙනු ඇත.
v දත් මැදීමේදී සැළකිය යුතු කරුණු ස්වල්පයක් පහත දැක්වේ.
v මිනිසුන් එක්රැස් වී සිටින පොදු ස්ථානයන්හි දත් මැදීමෙන් වැළකී සිටීම.
v දත් මැද අවසන් කළ පසු දත් බුරුසුව හා දැහැටි කූරුව හොඳින් පිරිසිදු කර ගැනීම.
v දත් මැදීමට භාවිතා කරන උපකරණ අපිරිසිදු ස්ථාන වලින් දුරස්ව තබා ගත යුතුයි.
78- عَنْ عَبْدِ اللَّهِ بْنِ زَمْعَةَ رَضِيَ اللهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "لا يَجْلِدُ أَحَدُكُمْ امْرَأَتَهُ جَلْدَ الْعَبْدِ ثُمَّ يُجَامِعُهَا فِيْ آخِرِ الْيَوْمِ".
(صحيح البخاري، رقم الحديث 5204، واللفظ له، وصحيح مسلم، رقم الحديث 49 - (2855)،).
ඔබලාගෙන් කවරෙකුහෝ තම භාර්යාවට ගැත්තෙකුට පහර දෙනවාක් මෙන් පහර දී රාත්‍රීයේදී ඇයත් සමඟ ලිංගක සේවනයේ නොයෙදෙනු මෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබ්දුල්ලාහ් බින් zසම්ආහ් (රළි)
මූලාශ්‍රය: සහීහුල් බුහාරි වැකි අංක 5203 /සහීහ් මුස්ලිම් වැකි අංක 49- 2855.
: Ê වාර්තාකරු පිළිබඳ විස්තර
අබ්දුල්ලාහ් බින් zසම්ආහ් අල් කුරෂී අල් අසදී .මෙතුමාණන් එක් සහාබිවරයෙකි.හිජ්රි වර්ෂ 35 දී යවුමුද් දාර් හෙවත් උස්මාන් (රළි) තුමාණන් ඝාතනය කිරීමට තුඩු දුන් අවස්ථාවේදී මෙතුමාණන් ඝාතනය කෙරිණි.අල්ලාහු අඃලම්.
v කාන්තාවන් සමඟ ලිහිල්ව කටයුතු කිරීම , ඔවුන්ට යහපත් විශයන් කිරීම, ඔහුන් විශයෙහි ඉවසීමෙන් කටයුතු කිරීම වැනි උදාර විශයන් කෙරෙහි ඉස්ලාම් දහම විසින් මිනිසා දිරිමත් කරනු ඇත.
v ඉස්ලාම් දහම සැමදා ආදරය සෙනෙහස හා යහපත් ආකාරයෙන් කටයුතු කිරීම වැනි ශිෂ්ඨසම්පන්න විශයන් කෙරෙහි මිනිසා උද්යෝගිමත් කරයි.ඉස්ලාම් දහම කාන්තාවට පහර දීම හා ඇයගේ ශරීරයට වේදනාවක් ගෙන දෙන සෑම හිංසාවක්ම තහනම් කිරීමට හේතුවද මෙයයි.
v අඹුසැමි යුවල අතර ගැඹුරු ආදරයක් හා සෙනෙහසක් ඇති වීමේදී ලිංගක ජීවිතය සුන්දර වනු ඇත.පහර දීම් හා හිංසා කිරීම වැනි ක්‍රියාවන් එයට පටහැනිය .හිංසාකාරී එවෙනි ක්‍රියාවන් ඉස්ලාම් දහමෙහි තහනම් වීමට හේතුවද මෙයයි.
79- عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "خَيْرُ الْأَصْحَابِ عِنْدَ اللَّهِ خَيْرُهُمْ لِصَاحِبِهِ، وَخَيْرُ الْجِيرْانِ عِنْدَ اللَّهِ خَيْرُهُمْ لِجَارِهِ".
(جامع الترمذي، رقم الحديث 1944، قال الإمام الترمذي عن هذا الحديث بأنه: حسن غريب، وصححه الألباني).
තම මිතුරා ඉදිරියේ ශ්‍රෙෂ්ඨත්වයා අල්ලාහ් ඉදිරියේ මිතුරන්ගෙන් ශ්‍රේෂ්ඨත්වා වේ.අසල්වැසියන්ගෙන් ශේෂ්ඨත්වයා තම අසල්වැසියා ඉදිරියේ ශ්‍රේෂ්ඨත්වයා වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: අබ්දුල්ලාහ් බින් අම්ර් (රළි)
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 1944.ඉමාම් අල්බානි (රහ්) තුමා මෙම නබි වදන සහීහ් යනුවෙන් පවසා ඇත.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 37 වන හදීසයේ සඳහන් වේ.
v සිය මිතුරාට හා අසල්වැසියාට සියළුම ආකාරයෙන් අධික ලෙස ප්‍රයෝජනයක් ලබා දෙන යහපත් පුද්ගලයා අල්ලාහ් ඉදිරියේ උසස්වීම් හා කුසල් ලබා ගන්නා එක් ශ්‍රේෂ්ඨවන්තයෙකි.
v මුස්ලිම්වරයෙකු විසින් තමන් සඳහා මිතුරන් තෝරා ගැනීමේදී ඉස්ලාම් දහම නියමාකාරව දැන ගැනීම පිණිස හා ඒවා ක්‍රියාවට නැංවීමට සහයෝගය දක් වන යහපත් මිතුරන් තෝරා ගත යුතුයි.අයහපත් හා අශීලාචාර මිතුරුන්ගෙන් ඈත් වී සිටිය යුතුයි.විශේෂයෙන් බිද්අත් වාදීන් හෙවත් ඉස්ලාම් දහමේ නොතිබුණු විශයන් අලුතින් බිහි කර ක්‍රියාවට නංවන්නන් හා අල් කුර්ආන් හදීස් නාමයෙන් ජනයා නොමඟ යවන සංවිධානවල ගොදුරට හසු නොවී ප්‍රවේශම් විය යුතුයි.
80- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِنَّ الرَّجُلَ لَتُرْفَعُ دَرَجَتُهُ فِي الْجَنَّةِ؛ فَيَقُوْلُ: أَنَّى لِيْ هَذَا؟ فَيُقَالُ: بِاسْتِغْفَارِ وَلَدِكَ لَكَ".
(سنن ابن ماجه، رقم الحديث 3660، وحسنه الألباني)
ස්වර්ගයේදී කෙනෙකුගේ නිලයන් උසස් කෙරෙනු ඇත.එවිට මා සඳහා මෙම නිලයන් කොහි සිටිද යනුවෙන් ඔහු අසනු ඇත.එවිට නුඹ කෙරෙහි නුඹගේ දරුවා කරන පාපොච්චාරණය මගින් මෙය සිදු වේ යනුවෙන් කියනු ඇත යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 3660.ඉමාම් අල්බානි (රහ්) තුමා මෙම නබි වදන හසන් යනුවෙන් පවසා ඇත.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v ඉස්ලාමීය ඉගෙන්වීම් වලට අනුව දූ දරුවන් හදා වඩා ගැනීමේ වැදගත්කම මෙම නබි වදන පැහැදිලි කරයි.ඇයිදයත් ඉහත නබි වදනෙහි සඳහන් වූ ආකාරයට දරුවෙකු සිය දෙමාපියන් සඳහා ප්‍රාර්ථනා කිරීමට හෝ ඔවුන් සඳහා පාපොච්චාරණය කිරීම පිළිබඳ දැනුවත් වන්නේ ඉස්ලාමීය අවබෝධයක් ඔවුන් සතුව ඇති විට පමණි.එසේ නොමැතිව ඉස්ලාමීය අවබෝධයක් නොමැති අශිලාචාර හා අයහපත් ආකාරයෙන් ඇති දැඩි කළ දරුවන් සිය දෙමාපියන් සඳහා පාපොච්චාරණයේ නියලෙන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.
v ඉස්ලාමීය දූ දරුවන්ගේ වගකීම වනාහි අපවත් වූ තම දෙමාපියන් සඳහා ධානමාන දී ඔවුන් සඳහා අල්ලාහ් ඉදිරියේ පාපොච්චාරණයේ නියලීමයි.
v දරුවන්ගේ දුආ ප්‍රාර්ථනාවන් දෙමාපියන් සඳහා උසස් පදවීන් ගෙන දෙන එක් සාදකයකි.
81- عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا، قَالَتْ: كَانَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ جُنُبًا؛ فَأَرَادَ أَنْ يَأْكُلَ أَوْ يَنَامَ؛ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ.
(صحيح مسلم، رقم الحديث 22 -(305)، ).
නබි (සල්) තුමාණන් මහා කිල්ලෙන් පසු වන අවස්ථාවේදී ආහාර අනුභව කිරීමට හෝ නිදා ගැනීමට අපේක්ෂා කළේ නම් සලාතය සඳහා වුළු කරන ආකාරයෙන් වුළු කරනු ඇත.
වාර්තාකරු : ආඉෂා (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 22-305
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 16 වන හදීසයේ සඳහන් වේ.
v මහා කිල්ල යනු ලිංගික සේවනයේ යෙදී ශුක්‍රානු පිට වීම නැතහොත් ලිංගික සේවනයේ නොයෙදී කිසියම් හෝ ආකාරයකින් ශුක්‍රානු පිට වීම වේ. කාන්තාන් හා පිරිමීන් අතර මෙහි නීතිය එක හා සමාන වේ.මහා කිල්ල සඳහා ආවේනික වූ ස්නානය කිරීමට පෙර ආහාර අනුභව කිරීම ,නිදා ගැනීම හා නැවත වාරයක් ලිංගික සේවනයේ යෙදීම යනාදී පොදු විශයන් සිදු කළ හැක.
v කාන්තාවක් මහා කිල්ලෙන් පසු වන්නේ නම් ඇයද තම නිවසේ ආහාර පිසීම , දරුවන් රැක බලා ගැනීම වැනි එදිනෙදා කටයුතු සිදු කිරීමෙන් කිසිඳු වරදක් නැත.
v එනමුත් මහා කිල්ලෙන් පසුවන්නා නිදා ගැනීම් , ආහාර පාන අනුභව කිරීම , නැවත වරක් ලිංගික සේවනයේ යෙදීම යනාදී කටයුතු වලට පෙර අර්ධ දෝවනය එනම් වුළු කර ගැනීම ප්‍රියජනකයි.ඇයිදයත් ශුක්‍රානු පිට වීමෙන් අහිමි වුණු ශාරීරික ක්‍රියාශීලත්වය එමඟින් ලබා ගත හැකි වනු ඇත.
82- عَنْ جَابِرِ بْنِ عَبْدِاللهِ رَضِيَ اللهُ عَنْهُمَا أَنّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُوْلُ: "إِذَا دَخَلَ الرّجُلُ بَيْتَهُ؛ فَذَكَرَ اللهَ عِنْدَ دُخُوْلِهِ، وَعِنْدَ طَعَامِهِ؛ قَالَ الشّيْطَانُ: لاَ مَبِيْتَ لَكُمْ وَلاَ عَشَاءَ، وَإِذَا دَخَلَ؛ فَلَمْ يَذْكُرِ اللهَ عِنْدَ دُخُولِهِ؛ قَالَ الشّيْطَانُ: أَدْرَكْتُمُ المَبِيْتَ، وَإِذَا لَمْ يَذْكُرِ اللهَ عِنْدَ طَعَامِهِ، قَالَ: أَدْرَكْتُمُ المَبِيتَ وَالعَشَاءَ".
(صحيح مسلم، رقم الحديث 103 - (2018)، ).
පුද්ගලයෙකු නිවසට ඇතුල් වීමේදී හා ආහාර අනුභව කිරීමේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම් ෂයිතාන් තම සඟයින් දෙස බලා නුඹලාට අද (රාත්‍රි )ආහාරය හා නවාතැන හිමි නොවන බව පසවයි. පුද්ගලයෙකු නිවසට ඇතුල් වීමේදී හා ආහාර අනුභව කිරීමේදී අල්ලාහ් මෙනෙහි නොකළේ නම් ෂයිතාන් ඔහුගේ සඟයින් දෙස බලා නුඹලාට අද දින (රාත්‍රී) ආහාරය හා නවාතැනක් ලැබුණු බව පසවනු ඇතැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කිරීම මා අසා ඇත.
වාර්තාකරු: ජාබිර් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 103-2018
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 22 වන හදීසයේ සඳහන් වේ.
v නිවසට ඇතුල් වීමේදී හා ආහාරපාන අනුභව කිරීමේදී අල්ලාහ් තආලා මෙනෙහි කළ යුතුයි.
v අල්ලාහ් මෙනෙහි නොකෙරෙන නිවෙස්හි ෂයිතාන් හා ඔහුගේ සඟයින් ඇතුල් වී නිවැසියන් සමඟ ආහාර අනුභව කර ඔවුන් සමඟ රාත්‍රිය ගත කරනු ඇත.
v අල්ලාහ් තආලා මෙනෙහි කිරීමෙන් ෂයිතාන් හා ඔහුගේ සඟයින් පලා යයි. මෙනෙහි කිරීමෙන් අල්ලාහ්ගේ තෘප්තිය ලැබෙනු ඇති අතර දුක් කරදර මිනිසාගේ ජීවිතයෙන් දුරස් වී සතුටු පිරි සෞභාග්‍යමත් ජීවිතයක් ලබා ගැනීමට හැකි වේ.
83- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "أَقْرَبُ مَا يَكُوْنُ الْعَبْدُ مِن رِّبِّهِ وَهُوَ سَاجِدٌ؛ فَأَكْثِرُوْا الدُّعَاءَ".
(صحيح مسلم، رقم الحديث 215 -(482)، ).
ගැත්තෙකු තම පරමාධිපතිට ඉතා සමීපව සිටින්නේ ඔහු (නළල පොලෝ මත තබා) සුජූද් කිරීමේදීය.එබෙවින් එහිදී අධික ලෙස ප්‍රාර්ථනාවේ නියලෙන්න යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 215- 482
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 1 වන හදීසයේ සඳහන් වේ.
v මෙම නබි වදනෙන් පැහැදිලි වන්නේ සුජූද් කිරීම යනු අල්ලාහ් වෙත මිනිසා සමීප කරවන මහඟු කර්තව්‍යකි යන්නයි.
v සලාතය කිරීමේදී එම සලාතය ෆර්ල් වූ අනිවාර්ය සලාතයක් වූවද නැතහොත් සුන්නත් හෙවත් අතිරේක සලාතයක් වූවද සෑම සලාතයකම සුජූද්හි සිය ප්‍රාර්ථනාවන් අල්ලාහ්ගෙන් ආයාචනා කළ හැක.සලාතයේ ඉතා මහඟු ඉරියව්ව නම් සුජූද් වේ.
v අල් කුර්ආනයේ හා අල් හදීස් වැකි වල සඳහන් ප්‍රාර්ථනාවන් පාඩම් කර ඒ පිළිබඳ උනන්දුව දැක්වීම ඉතා උචිතයි.ඇයිදයත් තමන් සඳහාත්, තම පවුල සඳහාත් එසේම තම දෙලොවෙහි විමුක්තිය සඳහාත් ඉතා ප්‍රයෝජනවත් වන්නේ එම ප්‍රාර්ථනාවන් පමණී.
84- عَنْ جَابِرٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: نَهَى رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُجَصَّصَ الْقَبْرُ، وَأَنْ يُقْعَدَ عَلَيْهِ، وَأَنْ يُبْنَى عَلَيْهِ.
(صحيح مسلم، رقم الحديث 94 -(970)، ).
سبق ذكر الراوي في الحديث برقم22:
සොහොන් වල (හුණු) වැනි යම්හෙයකින් ආලේපනය කිරීම හා ඒ මත අසුන් ගැනීම හා ඒ මත ඉඳි කිරීම නබි (සල්) තුමාණන් තහනම් කළහ.
වාර්තාකරු : ජාබිර් (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 94-970
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 22 වන හදීසයේ සඳහන් වේ.
v සොහොන් වලට හුණු ආලේප කිරීම හෝ ඒ මත මස්ජිදයක් වැනි යම් ඉඳිකිරීමක් ඉඳිකිරීම සපුරා තහනමි.එසේ තැනීම මඟින් මිය ගිය තැනැත්තාට කිසිඳු ප්‍රයෝජනයක් නොලැබෙනු ඇත.
v සොහොන් වල හුණු වැනි යම්හෙයකින් ආලේපනය කිරීම තහනම් විමට හේතුව නම් එසේ කිරීමෙන් යම් ආකර්ශනයක් එම සොහොනට හිමි වේ.එය දකින සාමාන්‍ය මිනිසුන් එම සොහොනට සුවිශේෂත්වයක් තිබෙණු ඇතැයි විශ්වාස කර ඉස්ලාම් දහම විසින් තහනමට ලක් වූ නුතන වත්පිළිවෙත් එහි සිදු කිරීමට තැත් කළ හැක.අල්ලාහ් දෙවියන්ගේ දහම වන ඉස්ලාම් දහම තුල ඔහු විසින් ධර්මානුගත නොකළ කිසිවක් සිදු කිරීමට අනුමැතියක් නොමැත.
v සොහොන වලෙහි තැන්පත් කර ඇති තැනැත්තාගේ ගෞරවයට හානි සිදු වන හේතුවෙන් ඒ මත අසුන් ගැනීම හෝ ඒ මත හාන්සි වීම ඉස්ලාම් දහම විසින් තහනම් කර ඇත.
85- عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ وَجَدْتُمُوْهُ يَعْمَلُ عَمَلَ قَوْمِ لُوطٍ؛ فَاقْتُلُوا الْفَاعِلَ وَالْمَفْعُوْلَ بِهِ".
(سنن أبي داود، رقم الحديث 4462، وجامع الترمذي، رقم الحديث 1456، واللفظ لهما، وسنن ابن ماجه، رقم الحديث 2561، وقد حسن وصحح الألباني هذا الحديث).
ඔබලා සමලිංගික ඇසුරෙහි යෙදෙන්නන් දකින කල්හි එම ඇසුරෙහි යෙදෙන දෙපාර්ශයම ඝාතනය කරන්න යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු: අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රළි)
මූලාශ්‍රය : සුනන් අබී දාවූද් වැකි අංක 4462/ ජාමිඋත් තිර්මිදි වැකි අංක 1456.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 6 වන හදීසයේ සඳහන් වේ.
v සමලිංගික සේවනය යනු මහා පාපයකි.එම ඇසුරෙහි යෙදෙන්නේ මානසික ආතතියෙන් පසුවෙන ආගමට ලැදිකමන් ලබා නොදෙන පුද්ගලයින් වේ. සෞඛ්‍ය හා සදාචාර හා සමාජ හානි මෙමගින් සිදු වනු ඇති අතර එම ඇසුරුම මානව ස්වභාවයට පටහැනි ක්‍රියාවකි.අල්ලාහ් දෙවිඳුන් එම ඇසුරෙහි යෙදුනු ලූත් නබි තුමාණන්ගේ සමාජයට දඬුවම පහළ කළ බව අල් කුර්ආනයේ සඳහන් කරයි.
v සමලිංගික ඇසුරෙහි යෙදුනු දෙපාර්ශවය සඳහා එකහා සමාන දඬුවම හිමි වනු ඇත.නබි (සල්) තුමාණන්ගේ මිත්‍රයින් වන සහාබි වරුන්ගේ ඒකමතික මතයද මෙය වේ. රටෙහි පාලකයා හෝ නියෝජ්‍ය පාලකයා විසින් තීරණය කෙරෙන ආකාරයට ගල් ගසා හෝ ගෙල කපා දැමීමෙන් හෝ වෙනත් ආකාරයකින් ඔවුන් ඝාතනය කළ හැක.එනමුත් බලහත්කාරයෙන් හෝ බිය ගැන් වීමෙන් කෙනෙකු සමලිංගික ඇසුරෙහි යෙදීමට ලක් වූයේ නම් එසේ ගොදුරු වූ පුද්ගලයා සඳහා කිසිදු දඬුවමක් හිමි වන්නේ නැත. වැඩිහිටියට පත් නොවු ලා බාල ළමයෙකු හෝ මන්ද බුද්ධිකයෙකු මෙසේ සමලිංගික ඇසුරෙහි යෙදුනේ නම් ඔවුන් ඝාතනය කරනු නොලැබෙන අතර ඔවුනට සදාචාර සම්පන්නව හැසිරීම කෙරෙහි දැඩි අවවාද කළ යුතුයි.
v සමලිංගික ඇසුරෙහි යෙදුන පුද්ගලයෙකු සමාජය ඉදිරියට පැමිණ තමන් විසින් සිදු වූ පාපය ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නැත. ඔහු කළ යුත්තේ අල්ලාහ් ඉදිරියේ තමන් විසින් සිදු වූ පාපය සඳහා නිසි ලෙස පාපොච්චාරණය කර සමාව අයැද සිටීමයි. අල්ලාහ් ඔහුට සමාන දෙනු ඇත.
86- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، أَنَّ رَسُوْلَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "إِذَا مَاتَ الْإِنْسَانُ انْقَطَعَ عَنْهُ عَمَلُهُ إِلاَّ مِنْ ثَلاثَةٍ: إِلاَّ مِنْ صَدَقَةٍ جَارِيَةٍ، أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ، أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُوْ لَهُ".
(صحيح مسلم، رقم الحديث 14 -(1631)، ).
මිනිසෙකු මිය යන විට විශයන් තුනක් හැර අනෙකුත් සියල්ල ඔහුගෙන් වෙන් වනු ඇත.ඒවා නම් සදාකාලීන ධානමානය, ප්‍රයෝජනවත් ශිල්පය හා තමන් සඳහා ප්‍රාර්ථනා කරන දරුවන් වේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 14-1631
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 1වන හදීසයේ සඳහන් වේ.
v මිනිසාගේ සෑම ක්‍රියාවක්ම ඔහු මිය යෑමෙන් අවසන් වේ. මෙම නබි වදනෙහි සඳහන් වූ විශයන් තුන හැර කිසිවක් ඔහු කෙරෙහි මරණින් මතු කුසලක් ලබා නොදෙනු ඇත.ඇයිදයත් එම විශයන් සිදු වීමට හේතු කාරණා වූයේ ඔහුය.
v මිය ගිය තැනැත්තෙකු සඳහා අල් කුර්ආනය පාරායනා කර එහි පිං අනුමෝදං කළ නොහැකි බව මෙම නබි වදන පෙන්වා දේ. ඒ ආකාරයෙන් අල් කුර්ආනය පාරායන කර එහි පිං මිය ගිය ඇත්තන් සඳහා ප්‍රධානය කළ හැකි නම් නබි (සල්) තුමාණන් සිය ඥාතී හා අසල්වැසි කවරෙකු හෝ මිය ගිය අවස්ථාවේදී එසේ කරන්නට තිබුණි. එනමුත් මෙම කර්තව්‍යයෙහි නබි (සල්) තුමාණන් නියෙලුනු බව හඟවන කිසිදු සාදකයක් නොතිබේ.තවද එවැනි කර්තව්‍යයක් තිබුණේ නම් නබි (සල්) තුමාණන් ඔහුගේ සමාජයට එය දැනුම් දෙනු ඇත.කිසිවිටක එවැන්නක් එතුමාණන් දැනුම් දී නොමැත.එතුමාණන් පමණක් නොව එතුමාණන්ගේ අනුගාමිකයින් වන සහාබිවරුන් හා නියෝජිතයන් අතුරුන් කවරෙකුහෝ මෙසේ අල්කුර්ආනය පාරායන කර එහි පිං මිය ගිය ඇත්තන් සඳහා අනුමෝදං කළ බව කිසුඳු සාදකයක් මූලාශ්‍රය වල සටහන් වී නැත.
v මෙම නබි වදනෙහි යහපත් දූ දරුවන් හදා වඩා ගැනීම පිණිස විවාහ වීම වෙත වක්‍රාකාරයෙන් උද්යෝගිමත් කෙරෙනු ඇත.
87- عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ فَطَّرَ صَائِمًا كَانَ لَهُ مِثْلُ أَجْرِهِ غَيْرَ أَنَّهُ لاَ يَنْقُصُ مِنْ أَجْرِ الصَّائِمِ شَيْئًا".
(جامع الترمذي، رقم الحديث 807، واللفظ له، وسنن ابن ماجه، رقم الحديث 1746، وصححه الألباني).
කවරෙකු උපවාස ශීලයේ පසුවන පුද්ගලයින් සඳහා උපවාසයෙන් මිදීමට සලස්වන්නේද එමඟින් උපවසාය ශිලයේ පසුවන්නා ලබා ගන්නා කුසල් මෙන් ඔහුටද හිමි වේ.මේ හේතුවෙන් උපවාස ශීලයේ නිරත වන පුද්ගලයාගේ කුසලින් කිසිවක් අඩු නොවේ යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : සයිද් බින් කාලිද් අල් ජුහනී (රලි) තුමාණන්.
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 807 / සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 1746.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර:
අබූ අබ්දුර් රහ්මාන් සයිද් බින් කාලිද් අල් ජුහනී (රළි) තුමාණන්.හුදයබියියා ගිවිසුම සඳහා නබි (සල්) තුමාණන් සමඟ සහභාගී වුණි.මෙතුමාණන් විසින් මූලාශ්‍ර වල හදීස් 81 ක් වාර්තා වී ඇත.මෙතුමාණන් මදීනාවෙදී වයස අවුරුදු 85 පසුවන විට හිජ්රි වර්ෂ 78 දී අභාවයට පත් වුණි.මෙතුමාණ්ගේ විපත සිදු වූ ස්ථනය හා දිනය පිළිබඳ වෙනත් අදහස්ද තිබේ.අල්ලාහ් අඃලම්.
v උපවාස ශීලයේ පසුවන පුද්ගලයින් සඳහා උපවාසයෙන් මිදීමට සලස්වීම මහඟු කටයුත්තකි.එමඟින් මහඟු සේවයක් සමාජය සඳහා ඉටු වනු ඇත.එයින් එකක් නම් : මුස්ලිම් සමාජය අතර සාමය හා සමගිය ඇති වීමයි. උපවාස ශීලයේ පසුවන පුද්ගලයින් සඳහා උපවාසයෙන් මිදීමට සලස්වන්නා සඳහා මෙවන් කුසලක් ලැබීමට හේතුව මෙය වේ.
v අසල්වැසියන් හා ඥාතීන් අතුරින් උපවාස ශීලයේ පසුවන පුද්ගලයින් සඳහා උපවාසයෙන් මිදීමට සැලස්වීමෙන් කුසල් රාශියක් ලබා ගත හැක.මන්දයත් එමඟින් අසල්වැසි හා ඥාතී සම්බන්ධතාවයද ස්ථීර වන හෙයිනි.එනමුත් එසේ ඥාතී හා අසල්වැසි නොවන්නා දැඩි අවශ්‍යතාවයකින් පසුවන්නේ නම් ඔවුන් උපවාසයෙන් මිදීමට සැලස් වීම් ඉතා උචිතය.
v මුස්ලිම්වරයෙකු උපවාස ශීලයේ පසුවන පුද්ගලයින් සඳහා එයින් මිදීමට සැලස්වීමේ කර්තව්‍ය සඳහා වඩාත් උනන්දු විය යුතුයි.විශේෂයෙන් දුගී දුප්පත් උපවාස ශීලයේ පසුවන පුද්ගලයින් පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.
88- عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ دَخَلَ رَمَضَانُ؛ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِنَّ هَذَا الشَّهْرَ قَدْ حَضَرَكُمْ، وَفِيْهِ لَيْلَةٌ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ، مَنْ حُرِمَهَا؛ فَقَدْ حُرِمَ الْخَيْرَ كُلَّهُ، وَلاَ يُحْرَمُ خَيْرَهَا إِلاَّ مَحْرُوْمٌ".
(سنن ابن ماجه، رقم الحديث 1644، وحسنه الألباني وصححه).
නියත වශයෙන්ම මෙම (රමළාන්) මස ඔබලා වෙත පැමිණ ඇත.එහි එක් රාත්‍රියක් ඇත.එම රාත්‍රිය මාස දහසකටත් වඩා උතුම්ය.කවරෙකු සඳහා එම රාත්‍රිය අහිමි වන්නේද සෑම යහපතක්ම ඔහුට අහිමි වනු ඇත.එහි යහපත අහිමි වනුයේ අභාග්‍යවන්තයෙකු සඳහා පමණී යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අනස් බින් මාලික් (රළි)
මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 1644.
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 3වන හදීසයේ සඳහන් වේ.
v රමළාන් මස යනු උපවාසය හා ඉවසීම හා වන්දනාමාන වැනි යහපත් කර්මයන් කිරීමේ මාසයකි.එම මසෙහි ලයිලතුල් කද්ර් හෙවත් බලගතු රාත්‍රියක් තිබේ.එම රාත්‍රියේ යහකම් කිරීම මාස දහසකට යහකම් කිරීමට වඩා උතුම් ලෙස අල්ලාහ් දෙවිඳුන් එය පත් කර ඇත.
v මුස්ලිම් වරයෙකු රමළාන් මසෙහි ඉතා ක්‍රියාශිලත්වයෙන් අල්ලාහ් දෙවිඳුන් වැඳ පුදා ඔහුගේ තෘප්තිය ලබා ගත යුතුයි.
89- عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: "آيَةُ الْمُنَافِقِ ثَلاَثٌ: إِذَا حَدَّثَ كَذَبَ، وَإِذَا وَعَدَ أَخْلَفَ، وَإِذَا اؤْتُمِنَ خَانَ".
(صحيح البخاري، رقم الحديث 33، واللفظ له، وصحيح مسلم، رقم الحديث 107 - (59)،).
වංචනිකයින්ගේ සළකුණු තුනකි. කතාකරන විට බොරු කීම , පොරොන්දුවක් දුන් පසු එය කඩ කිරීම , ගිවිසුමකට එළඹී පසු එයට ද්‍රෝහී වීම යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ හුරයිරා (රළි)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 33/සහීහ් මුස්ලිම් වැකි අංක 107-59
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 1 හදීසයේ සඳහන් වේ.
v මුස්ලිම් වරයෙකු කතාකරන විට බොරු කීම හා පොරොන්දුවක් දුන් පසු එය කඩකිරීම හා ගිවිසුමකට එළඹී පසු එයට ද්‍රෝහී වීම යන කුහකයින්ගේ ගති ලක්ෂණ වලින් වැළකී සිටිය යුතුයි.
v කුහකයින් යනු අයහපත වසන් කර යහපත එළිදරව් කරන්නා වේ.එසේනම් කුෆ්ර් හෙවත් දේව ප්‍රතික්ෂේපය තම සිත තුල වසන් කර බාහිරවය ඉස්ලාමය අනුගමනය කරනු ඇතැයි පෙන්නුම් කිරීමයි.මෙය මහා පාපයකි.
90- عَنْ أَبِيْ مُوْسَى الْأَشْعَرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِنَّ مِنْ إِجْلَالِ اللَّهِ: إِكْرَامَ ذِي الشَّيْبَةِ الْمُسْلِمِ، وَحَامِلَ الْقُرْآنِ غَيْرَ الْغَالِيْ فِيْهِ وَالْجَافِيْ عَنْهُ، وَإِكْرَامَ ذِي السُّلْطَانِ الْمُقْسِطِ".
(سنن أبي داود، رقم الحديث 4843، وحسنه الألباني).
මහළු වියට පත්වූ මුස්ලිම් වරයෙකු හා අල්කුර්ආනය උසුලා එය අභිබවා නොයමින් , එය අප්‍රිය නොකරන්නා හා යුක්තිසහගත පාලකයෙකු යනාදී උදවීන්ට ගෞරවය කිරීම යනු අල්ලාහ් දෙවිඳුන්ට ගෞරවය කිරීම අතුරින් එකකි යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.
වාර්තාකරු : අබූ මූසා අල් අෂ්අරී (රළි)
මූලාශ්‍රය : සුනන් අබී දාවූද් වැකි අංක 4843
Ê වාර්තාකරු පිළිබඳ විස්තර 28හදීසයේ සඳහන් වේ.
v මහළු වියට පත් වූ වැඩිහිටියන් කෙරෙහි ආචාරය කර ඔවුන්ව සභාවන්හිදී ගෞරවය කර ඔවුන් සමඟ ලිහිල් ව හා ආදරයෙන් කටයුතු කළ යුතුයි.
v අල් කුර්ආනය උසුලන්නන් හා එය මනනය කරන එහි ඇති කරුණු කාරණා ක්‍රියාවට නංවන්නන් සඳහා අල්ලාහ් දෙවිඳුන්ගේ විශේෂ ගෞරවයක් හිමි වනු ඇත යන්න මෙම නබි වදනෙන් පැහැදිලි වනු ඇත.