ආගමෙහි බල කිරීමක් නැත

ජාසිම් ඉබ්න් දඉයාන්

 ආගමෙහි බල කිරීමක් නැත

ජාසිම් ඉබ්න් දඉයාන්

අසීමිත කරුණාව හා අසීමිත දයාලු අල්ලාහ්ගේ නාමයෙන්.

ඉස්ලාමයේ සතුරන් චෝදනා නඟන  අයුරින් නොව ආරම්භක අවධියේ සිට ඉස්ලාමිය ඇරයුම බල කිරීමක් මත කිසි විටෙක ගොඩ නැගුනේ නැත. එම දහම මිනිසාව යහ මඟ කෙරෙහි ආරාධනා කරනු ලැබුවේ ඉතාමත් පහසු මාර්ග උපයෝගි කරමින්ය.

ඉස්ලාමයේ එදිරිවාදීන් සත්‍ය ගවේෂණය කළේ නම් හෝ යුක්ති සහගතව කල්පනා කළේ නම් අපි පවසන දේ නිවැරදි බව ඔවුන්ට දැන ගන්නට තිබුණි. පිළිම වන්දනාකරුවන් ආරම්භක මුස්ලිම් වරුන්ව වද හිංසාවට ලක් කළ ආකාරයෙන් නොව ඉස්ලාම් දහම බලහත්කාරය මගින් ව්‍යාප්ත කරන ලද ආගමක් යන චෝදනාව ව්‍යාජ එකක් බව ඔවුන් පහදා ගන්නට තිබුණි. ඉස්ලාමයේ නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් සමඟ එතුමාණන්ගේ අනුගාමිකයන්ද, කුරෙයිෂි පිළිම වන්දනාකරුවන් විසින් ඉතාමත් අකාරුණික සැලකිල්ලට ලක් කරනු ලැබුවෝය. මෙවැනි කටුක ජීවිතයෙන් මිදී ආරක්ෂාව පතා මක්කාවේ සිට ඉතියෝපියාවට සංක්‍රමණය කරන ලෙස ඔවුන්ගෙන් පිරිසකට අවසර දෙන ලදි.  එහි දී පවා මුස්ලිම් වරුන්ට හිරිහැර කරන අරමුණින් ඔවුන් පසු පසින් ලුහු බැඳු කුරෙයිෂි පිළිම වන්දනාකරු වන් නජාෂි රජ තුමාණන් මූණ ගැසී මුස්ලිම්වරුන් ආපසු මක්කාවට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියහ. මුස්ලිම්වරු තම පාරම්පරික ආගම ද, පිළිම වන්දනාව ද අත හැර ගිය නිසා, ඔවුන්ගෙන් කෙසේ හෝ පළි ගත යුතු යැයි යන චේතනාවෙන් මක්කාවේ පිළිම වන්දනා කරුවන් සිටියහ.

ඉස්ලාමය බලහත්කාරයෙන් ව්‍යාප්ත වූ ආගමක් යැයි චෝදනා නඟන පිරිස ඉස්ලාමිය ඇරයුමෙ හී මෙම පැහැදිලි ඉතිහාසය අමතක කළේ කුමන හේතුවක් නිසාද? කුරෙයිෂි පිළිම වන්දනා කරුවන්ගෙන් නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් සහ එතුමාගේ අනුගාමිකයන් ලක් වූ පීඩාවන් ගැන ඉස්ලාමිය ඉතිහාසය පෙන්වන තොරතුරු ඔවුන් දකින්නේ නැද්ද? නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් කඅබා අසල නැමදුම් කරමින් සිටින විට පිළිම වන්දනාකරුවන් එතුමාණන් මත වීසි කළ කුණු කසළ ඔවුන්ට අමතක වීද? බිලාල් හා යාසිර් (රලියල්ලාහු අන්හුම්) යන දෙදෙනාට වද දුන් ආකාරය සහ දහවල් ගිනි අව්වේ කාන්තාර වැල්ලේ විශාල කළු ගලක් ඔවුන්ගේ පපුව මත පටවා සතුටු වූ ආකාරය ඔවුන්ට අමතක වීද?  කුස ගින්න, පිපාසය හා  බලවත් හිංසාව දරා ගත නොහැකි අවස්ථාවෙ හි පවා යාසිර් (රලි) තුමාගේ පවුලේ සාමාජිකයන්ගේ මුවින් නිකුත් වූයේ “ලා ඉලාහ ඉල්ලල්ලාහ්“ නැමදුමට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැත යන වදන පමණක් බව ඉතිහාසය දන්නා කිසිවෙක් අමතක කළේ නැත. එම ස්ථානය පසු කර ගෙන ගිය නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් “යාසිර්ගේ පවුලේ සාමාජිකයිනි, ඔබේ නවාතැන ස්වර්ගයෙහිය“ යැයි පැවසුහ.

මුස්ලිම්වරුන්ට මෙම වද දීම සිදු වුයේ කුමන හේතුවකටද? ඒ සියලු දෙනා කළ වරද කුමක්ද? නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් අල්ලාහ්ගෙන් පහළ කරන ලද දහම ගෙනැවිත් සමාජයට අංග සම්පූර්ණ  නීති රීති ස්ථාපිත කර, මිනිස් ජීවිතය නිවැරදි කර, අන්ධකාර හා බොළඳ විශ්වාසයෙන් නිදහස් කර, දැනුම සහ දේව විශ්වාසය නම් ආලෝකයට එම සමාජය රැගෙන ආ එකම හේතුවෙන් ය.  එතුමාණන්, දේවත්වයේ ඒකීය භාවය ප්‍රකාශ කළහ. පිළිම වන්දනාව නිෂ්ප්‍රභ කළහ. නිදහස, සාධාරණත්වය  සහ ජනයා අතර සමානතාව අනුශාසනා කළහ. එතුමාණන් හඳුන්වා දුන් නවක සමාජයේ නෑකම හෝ මිතුරුකම පදනම කර ගත් පදවි නාමයක් නොමැත. දුප්පතාට ඉහළින් ධනවතාට අයුතු වාසියක් හෝ වෙනසක් නැත. එමෙන්ම අරාබි ජාතිකයෙකුට අරාබි නොවන කෙනෙකුට ඉහළින් සුදුසුකමක් නැත, අල්ලාහ් කෙරෙහි බියබැතිමත්කම හැර. “අල්ලාහ් ඉදිරියෙ හි ඔබ අතරින් ඉතාමත් වංශවත් තැනැත්තා, දේව භක්තියෙන් උසස් තැනැත්තා වේ.“ යැයි ඉස්ලාම් ප්‍රකාශ කරයි.

මෙම දහම ඉතාමත් ශක්තිමත් පදනම මත ගොඩ නඟන ලද එකක් වශයෙන්, මුළු මහත් මිනිස් සමාජයම නිවැරදි ජීවිතයකට මඟ පෙන්වු අතර තණ්හාවෙන් සහ අවිචාරකව හැසිරෙන අඥාන හා අසාධාරණ ජනයාට එහි නිවහනක් නැත. මෙම ආගම අසාධාරණ ලෙස හිංසා කරන්නන්ට එරෙහිව හිංසාවට ලක් වූවන්ට සහන දීමට ඉදිරිපත් විය. අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන්ගේ බලය අහෝසි කර, අල්ලාහ්ගේ වදන සමාජයේ මුදුන් පත් කිරීමට මෙම දහම ඉදිරිපත් වෙයි.

කාෆිර්වරුන්ගේ බලය සුනු විසුනු කරන, ඔවුන්ගේ ව්‍යාජ තත්ත්වය පහත් කරන, ඔවුන් නමදින පිළිම වලට ගරුත්වයක් නොදක්වන හේතුන් නිසා කාෆිර්වරුන් මෙම ආගම පිළිගැනීමට  ප්‍රතික්ෂේප කළහ. නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් සහ එතුමාණන්ගේ ආධාරකරුවන් වන සහාබාවරුන්ට එරෙහිව ඔවුන් ආරවුල් ආරම්භ කළේ ඔවුන්ගේ බොරු ආටෝපය, දුෂ්ට පාලනය සහ අනුන්හට හිංසා කිරීමෙන් ඔවුන් ලැබු සතුට දිගින් දිගට සිදු කර ගෙන යන අරමුණ සඳහාය. නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන්ව ඝාතනය කිරීමට ඔවුන් කළ කුමන්ත්‍රණයෙන් ආරක්ෂා කළ අල්ලාහ්, එතුමාණන්ට යාත්රිබ් හෙවත් මදිනා නුවරට සංක්‍රමණය කිරීමට අණ කළේය. අබු බකර් අස් සිද්දීක් (රලි) තුමා සමඟ මදිනා නුවරට පැමිණි නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන්ව එයට පෙර සංක්‍රමණය කළ මක්කාවට හිමි මුහාජිර්වරු සහ මදීනාවාසීන් වන අන්සාර්වරු මහත් සාදරයෙන් පිළිගත්හ.

තම නවක වාසස්ථානයේ සාමයෙන්  ආගම අනුගමනය කරමින් ජිවත් වූ මුස්ලිම් වරුන්ට එලෙස සිටින්නට මක්කාවේ පිළිම වන්දනාකරුවන් ඉඩ දුන්නාද?  නැත. මෙම කාෆිර්වරුන් තම බහුතරය, නවීන ආයුධ සහ ධනය උපයෝගී කර මුස්ලිම් වරුන්ට එරෙහිව විවිධ අවස්ථාවන් හී යුද්ධ මෙහෙයූ අතර, මුස්ලිම් වරුන්ට එරෙහිව දිගින් දිගට සතුරුකම් කළහ. බද්ර්, උහුද්, කඃන්දක් සහ අනිකුත් ස්ථානයන් හී ඔවුන් කඩා වැදී සටන් ආරම්භ කළ අතර සෑම අවස්ථාවන් හීම මුස්ලිම්වරුන්ට තම දේව විශ්වාසය ආරක්ෂා කර ගනු පිණිස සටන් වලට සම්බන්ධ විමට සිදු විය. මෙවැනි සටන් කිසිවක් මුස්ලිම්වරු ආරම්භ නොකළා පමණක් නොව, අවසානයේ මුස්ලිම්වරු තමන්ව අසාධාරණ ලෙස පිටුවහල් කළ මක්කා නගරයට ප්‍රවිෂ්ට වී විශිෂ්ට ජයක් ලැබුහ. එම විජයග්‍රාහි අවස්ථාවේ “ඔබ සියලු දෙනාම නිදහස්ය“ යනුවෙන් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කළ විට ආගමෙහි බල කිරීමක් නැත යන ඉස්ලිම්ය සංකල්පය තහවුරු වුයේ නැද්ද? මෙවැන්නක් මෙයට පෙර මානව ඉතිහාසයේ සිදුවී තිබේද?

එහෙත් ආගමට එල්ල වූ අනතුරු තවමත් අවසන් වූයේ නැත. එවකට බලවත් අධිරාජ්‍ය දෙකක් ලොව පාලනය කළහ. ක්‍රිස්තියානු රෝම අධිරාජ්‍ය සහ මාජියන් ආගම අදහන පර්සියාව ඒ අධිරාජ්‍යයන් දෙකක් විය. අරාබි රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාම් දහම නිසා තම කීර්තියට හා ගෞරවයට හානියක් සිදු වනු ඇතැයි මෙම අධිරාජ්‍යයන් දෙකම බිය වුහ. එනිසා මේ නව ආගම ආරම්භක අවදියේම විනාශ කළ යුතු යැයි ඔවුන් තීරණය කළහ. මෙම අධිරාජ්‍යයන් දෙකට අමතරව. මදිනා නුවර ජීවත් වූ යුදෙව් ජාතීන් ද ඉස්ලාමයට එරෙහිව කුමන්ත්‍රණ කළහ.

 ඉස්ලාමය කෙරෙහි යුදෙව්වරුන්ගේ ආකල්පය

         ත්‍රිස්තියානු ආගමිකයන් වන රොමානු අධිරාජ්‍යයේ පීඩනයට ලක් වූ යුදෙව් ජාතිය අරාබි රටේ ආරක්ෂාව පැතුහ. ප්‍රාණය රැක ගනු පිණිස අරාබියට පැමිණි ඔවුන් අරාබි ජාතීන් හා සාමයෙන් ජීවත් වුහ. මක්කා කාෆිර් වරුන් ගෙන් සිදු වන පිඩනයෙන් ආරක්ෂාව පතා මුස්ලිම්වරු මදීනා නුවරට පැමිණෙන තුරු, යුදෙව් ජාතීන් බහුතර  පිරිසක් මදීනා නුවර විසුහ. මුස්ලිම්වරුන්ගේ පැමිණිමෙන් තම ආගමට තර්ජනයක් සිදු විය හැකි යැයි යුදෙව් ජාතින් බිය වුහ. එ සමඟ, ඔවුන්ගේම අල් අවුස් සහ අල් කඃස්රජ් ගෝත්‍රිකයන් මුස්ලිම් බවට පත් වූ විට ඔවුන්ගේ වෛරය තවත් අධික විය. යුදෙව් පූජකයන්ද නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ අරමුණ  පිළිබඳව බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන් වී තිබෙන වාක්‍යයන්ට ව්‍යාජ අර්ථ විග්‍රහ කර, ඉස්ලාම් සහ මුස්ලිම්වරුන්ට එරෙහිව ඔවුන්ගේ කෝපය හා ද්‍වේෂය අධික කළහ.

         ආරම්භක අවධියේ පටන් ඉස්ලාමය කෙරෙහි යුදෙව් වරුන්ගේ ආකල්පය සහ අරමුණ සමාජයේ ආරවුල් ඇති කිරීමය. අවස්ථාවක් ලැබෙන සෑම විටම ඔවුන් ඉස්ලාමයට එරෙහිව කුමන්ත්‍රණ කළෝය. නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන්ව ඝාතනය කිරීමට ඔවුන් කුමන්ත්‍රණය කළහ. මෙම ක්‍රියාවෙහි මුස්ලිම්වරුන්ට එරෙහිව කුරෙයිෂි කාෆිර් වරුන් හා යුදෙව්වරුන් සමගි වුහ. සතුරු ආක්‍රමණයක් පැමිණි විට මදීනා නුවර රැකගන්නා බව නබි සල්ලල්ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් සමඟ කර ගත් ගිවිසුම ඔවුන් කඩ කළහ. මුස්ලිම්වරුන් හා ගිවිසුම් කර ගත් ගෆ්තාන් ගෝත්‍රයට කඃයිබර් පළාතෙන් වසරකට ලැබෙන ඉඳි අස්වැන්න වන්දි වශයෙන් දෙන බව බොරු පොරොන්දු දී, මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් වදින ලෙස පොලඹවන්නට යුදෙව් වරු කටයුතු කළෝය.  මෙවැනි සතුරුකම් සියල්ල මැද නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් සහ  සහාබාවරු යුදෙව්වරුන්ට එරෙහිව සුදුසු පියවර ගත්තේ නම්, එය නිවැරදි ක්‍රියාවක් නොවේද? යුදෙව්වරුන්ට එරෙහිව නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ආක්‍රමණය ආරම්භ කළේද? එසේ නෝ‍රවේ නම් අලංකාර වදනින් සහ ඥානවන්ත අනුශාසනයෙන් යුක්තව සියලු ජනයාට ඇරයුම් කරන ලෙස අල්ලාහ් විසින් අණ කරන ලද ආගම රැක ගන්නට එතුමාණන් කටයුතු කළේද? යුදෙව් වරුන්ට ඉස්ලාමය පිළිගන්නා ලෙස නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් බලපෑමක් කළේද? කිසිවිටෙක එසේ කළේ නැත. ඒ වෙනුවට යුදෙව් වරුන්ට ඔවුන්ගේ දහම බාධාවෙන් තොරව පිළිපැදීමට එතුමාණන් පූර්ණ නිදහස දුන්හ.

 ඉස්ලාමය කෙරෙහි ක්‍රිස්තු බැතිමතුන්ගේ ආකල්පය

          නව ආගම කෙරෙහි ක්‍රිස්තු බැතිමතුන්ගේ ආකල්පය යුදෙව් ජාතීන් දැක් වූ ආක්‍රමණික ආකල්පයට කිසිසේත් අඩු වූ එකක් නොවේ. ඒ වෙනුවට ඉස්ලාමයේ ආරම්භක අවදියේම එය වනසා දැමීමේ අරමුණින් හිතුවක්කාරව හා දිගින් දිගටම හොඳින් හෝ නරකින් සෑම අයුරින් කටයුතු කළහ. මේවායින් ප්‍රථම පියවර ඉස්ලාමයට එරෙහිව යුද්ධ කිරීම වේ. මේ අතර අරාබි අර්ධ ද්වීපයේ ජීවත් වූ ක්‍රිස්තු බැතිමතුන් කිහිප දෙනෙකුට රෝමානු අධිරාජවාදින් ආරක්ෂා සලසා දුන්හ.

          “යුදෙව්වරුන්ද නසාරාවරුන්ද ඔවුන්ගේ ඇදහිල්ල ඔබ අනුගමනය කරන තුරු ඔබ හා කිසි කලෙකත් සෑහීමට පත් නොවෙති.“ යනුවෙන් සූරා බකරා 2 : 120 වාක්‍ය යෙහි අල්ලාහ් ප්‍රකාශ කරයි.

          අල්ලාහ්ගේ දහමින් මුස්ලිම්වරුන්ව ඉවත් කර ගන්නා තුරු සටන් කිරීම ඔවුන්ගේ අරමුණ යැයි සියලු කීර්ති හිමි අල්ලාහ් පවසයි.

          “පිළිම ඇදහීම ඝාතනයට වඩා ඉමහත් (වරදයක්) ය. ඔවුහු  ශක්තිමත් නම් තොපගේ මාර්ගයෙන් ඔවුහු ඔබ හරවන තෙක් ඔබ හා සටන් කිරීම ඔවුහ් නොනවත්වති.“ යැයි සූරා බකරා 2: 217 වාක්‍ය ප්‍රකාශ කරයි.

          ඉස්ලාමයට එරෙහි ඔවුන්ගේ මෙම ඉරියව්වට හේතු දෙකක් දැක්විය හැක. ප්‍රථම හේතුව ආගමික සම්බන්ධ වයි. ක්‍රිස්තු දහම ත්‍රිත්වය දේශනා කරන අතර, ඉස්ලාමයේ පදනම ඒක දේව විශ්වාසයයි. දෙවනුව සමාජීය හේතුව වේ. පූජකවරුන් සහ රාජ්‍ය නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී  බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා දකී.

          ජනතාව අතර ඉස්ලාම් තරාතිරම් වෙන් කර නොපෙන්වයි. බිය බැතිමත් සහිත මිනිසා වංශවත් කෙනෙක් බව ඉස්ලාම් ප්‍රකාශ කරයි.

          “සැබැවින්ම අල්ලාහුගේ සන්නිධානයෙහි ඔබගෙන් ඉතා ගෞරව ඇති තැනැත්තා ඔබෙන් බියබැතියාය.“ යනුවෙන් අල් කුර්ආන් 49:13 වාක්‍ය මගින් ලොවට දන්වයි.

          ඉස්ලාම් සාධාරණය සහ කුසල් ක්‍රියාවන් අණ කළ අතර අසාධාරණකම, කැරැලි ගැසීම සහ ලැජ්ජා සහිත ක්‍රියාවන් තහනම් කරයි.

1.  ඔමාන් රටේ රජු ෆර්වාහ් බින් ඔමර් අල් කඃස්zනි මුස්ලිම් වූ හේතුවට රෝම අධිරාජ්‍යයේ බයිසzන්ටයින්වරු හිජ්රි හය වන වර්ෂයේ ඔහු කුරුසයේ ඇණ ගසා ඝාතනය කළහ.

2.  8වන හිජ්රි වර්ෂයේ (629 ක්‍රිස්තු වර්ෂයේ) ජෝර්දාන් රට වැසියන්ට ඉස්ලාම් දහම පහදා දෙනු පිණිස පහළෝස් දෙනෙක් අඩංගු සාම දූත පිරිසක් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් විසින් එවන ලදී. ජෝර්දාන් රට වැසියන් ඔවුන් සියලු දෙනා ඝාතන කළ අතර, එයින් එක් පුද්ගලයෙක්  මරණයෙන් බේරී පලා ගියේය.

3.  එම වසරේ අල් හාරිත් බින් අබි ශහර්  අල් ගස්සානි නම් නායකයාට ඉස්ලාමීය නිවේදනය නබි සල්ලල්ලාහු අලෛයිහි වසල්ලම් තුමාණන් යැවු නමුන් එම පාලකයා මුස්ලිම් දූත පිරිසට තර්ජන කර ඔවුන් පලවා හැරියේය.

4.  රෝම අධිරාජ්‍ය නායක හෙරාකියුලස් මහ රජ වෙතට ඉස්ලාමිය නිවේදනය සමඟ අල් හාරිත් බින් උමර් අල් අස්zදි (රලි) තුමාව නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් යැවුහ. එහෙත් ෂ්රාහ්බිල් නම් ක්‍රිස්තියානු නියොජිතයෙකු විසින් එම දූතයා ඝාතනය කරනු ලැබීය.

5.  හිජ්රි 9වන වසර හෙරාකියුලස් මහ රජ විශාල සේනාවක් රැස් කර, අරාබි දේශය ආක්‍රමණය කිරීමට සූදානම් විය. මුස්ලිම් වරුන්ගේ හමුදාවද තාබුක් නම් ස්ථානයක රැස් වූ නමුත්, රෝමානු සේනාව සිරියානු රට මායිම් තුළට හැරී ගිය විට, මුස්ලිම් සේනාව ඔවුන් ලුහු නොබැඳු හේතුවෙන් කිසිදු සටනක් එහි සිදු නොවීය.

     මේ සියලු කරුණු ගැන අවදානය යොමු කළ විට, මුස්ලිම්වරු කිසිදු යුද්ධයක් ස්වේඡාවෙන් ආරම්භ නොකළ බව අවබෝධ කර ගත හැකි වනු ඇත. ඇත්ත වශයෙන්ම ඉස්ලාමය පහදා දීම සහ ඇරයුම් කිරීම සඳහා මුස්ලිම්වරු නියෝජිතයන් යැවු අතර, තමන්ට එරෙහිව යුද්ධය මෙහෙය වූ අයගෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිචාරයක් දැක්වීම පිණිස සටන් කළ බව පැහැදිලි වනු ඇත.

     පර්සියානු අධිරජ්‍ය මහ රජ කොස්රොස් වෙතට නබි සල්ලල් ලාහු  අලෙයිහි වසල්ලම් තුමාණන් ඉස්ලාමය ගැන පහදා දී ඉස්ලාමයට ඇරයුම් කර යැවු ලිපිය ඉරා දැමූ කොස්රොස් මහ රජ, ඔහුගේ පාලනය යටතේ අවට ජීවත් වන අරාබි ජාතීන්ට ඉස්ලාම යට එරෙහිව රැස්වන ලෙස උසි ගැන්විය. එහෙත් කාලිද් ඉබ්න් අල් වලිද් ඔවුන්ව මෙල්ල කළේය. මෙයින් කුපිත වූ පර්සියානු මහ රජ දස්තකිර්, මුස්ලිම්වරුන්ට එරෙහිව ස්නාංකයක් යැවු නමුත්, එම සේනාවද පරාජයට පත් විය.

     පර්සියානු රජුගේ ආක්‍රමණ දිගින් දිගට සිදු වූ නමුත්, අවසානයේ මුස්ලිම්වරු ජයග්‍රාහි ලෙස පර්සියාවට ඇතුළු වූ නමුත්, පර්සියානු ජාතීන් කිසිවෙකුව මුස්ලිම් බවට පත් වන ලෙස බල කළේ නැත.

 දහම හැර ගියවුන් පිළිබඳ ආකල්පය

     ඉස්ලාමයට එරෙහිව චෝදනා එල්ල කරන්නන් නිතර සඳහන් කරනුයේ දහම හැර ගියවුන් පිළිබඳව ඉස්ලාම් දක්වන ආකල්පය ගැනයි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ අසිපත මගින් තර්ජන කර ජනතාව ඉස්ලාමයට බඳවා ගත් බව මුස්ලිම්වරුන්ට එරෙහිව චෝදනා නගන්නටයි.

     ඉස්ලාම් දහම අත හැර ගියවුන් සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා අපි ඉස්ලාමයේ ආරම්භක අවදියද, මුස්ලිම්වරු සහ දහම හැර ගියවුන් අතර සිදු වූ සටන ගැනද සත්‍ය කථාව කිව යුතුයි.

     තමාද නබි වරුන් යැයි පැවසු මෙම ව්‍යාජ පිරිසගේ ව්‍යාපාරය අරාබි දේශයේ ආරම්භ වූයේ නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ අභාවයෙන් පසුවයි. නායකයාගේ අභාවයෙන් කම්පනයට පත් ව සිටි මුස්ලිම් ජනතාව අතරට පැමිණි අබු බකර් අල් සිද්දීක් (රලි) තුමා පහත සඳහන් අල් කුර්ආන් වාක්‍යය පාරායනය කළේය.

“මුහම්මද් රසූල්වරයා මිස නැත. ඔහුට පෙර නොයෙක්  රසූල් වරු ඉකුත් වුහ. එහෙයින් ඔහු මළේ නම් හෝ කපා දමනු ලැබුවේ නම් හෝ ඔබ  ඔබගේ විළුඹු මත හැරී යන්නේද?“ සූරා 3: 144.

ඉන් අනතුරුව අබු බකර් සිද්දීක් (රලි) තුමා ශබ්ද නගා, “කවරෙකු හෝ මුහම්මද්ට නැමදුම් කළේ නම්  මුහම්මද් ඉවත් ව ගියේය. කවරෙකු හෝ අල්ලාහ්ට නැමදුම් කළේ නම් අල්ලාහ් සදා ජීවමානය“ යනුවෙන් ප්‍රකාශ කළේය.

     මෙම ඥානවන්ත ප්‍රකාශයෙන් පසුව කම්පනයට පත් වූ හදවත් හා ආත්ම නිසංසල විය. එහෙත් තිගැස්වීමට ලක් වූ  ඇතැම් පිරිස්ද සමාජයේ ඉතිරි වුහ. මේ පිරිස වර්ග දෙකකට වෙන් වූහ. මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ අභාවයෙන්, එතුමාණන්ගේ දූත මෙහෙයුමේ අරමුණ අවසන් වූ බව එක් පිරිසක් පාපිෂ්ටව සිතුහ. අනිත් පිරිස මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් යටතේ ගෙවන ලද  zසකාත් නම් ධන බද්ද අහෝසි කර දමන්නට අපේක්ෂා කළහ. එතුමාණන්ගේ අභාවයෙන් පසුව, එම බද්ද අය කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන බව ඔවුන් සිතුහ. මෙවැනි මත දරන අයට යුක්ති සහගතව අවබෝධ කර දෙනු පිණිස අබු බකර් සිද්දීක් (රලි) නොයෙක් අයුරින් කටයුතු කළේය. මෙම පිරිස් අතරින් අබ්ස්, තුබ්යාන්, බනී අසද් සහ කිනානා වැනි ගෝත්‍රයන් zසකාත් නම් බද්ද නොගෙවන බව පවසා, රටේ නායකයාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළෝය. මේ බව දැන ගත් අබු බකර් (රලි) ඔවුන්ට එරෙහිව සටන් වදින බව ප්‍රකාශ කළේය.  මෙම සතුරු සේනාව මදිනාට පහර දීමට  රාත්‍රි අන්ධකාරයේ ළං වූ නමුත් මුස්ලිම්වරු ඔවුන් ව අන්ත පරාජයට පත් කළහ.

     අබූ බකර් (රලි) තුමාට එරෙහිව ආරම්භ කළ මෙම යුද්ධයද මෙයට පෙර වූ සියලු යුද්ධ මෙන් මුස්ලිම් වරුන් මත පටවන ලද එකකි. පාලකයාට එරෙහිව කැරලි කර, රජය බිඳ දමා එම විනාශය මත ඉස්ලාමයට පෙර වූ අසාධාරණ සහ අන්ධකාර සමාජයක් යළි ගොඩ නඟන්නට ඇතැම් අය වෙහෙසෙන විට රටේ නායකයෙක් ගත යුතු පියවර කුමක් ද?

     රටේ තවත් පිරිසත් මෙවැනි අරාජික ක්‍රියාවට ගොදුරු වන්නට පෙර කැරලි කරුවන්ට එරෙහිව ආයුධ අතට ගන්නටද, මුස්ලිම් සමාජයේ එක්සත් භාවය ඔවුන්ට පෙන්වන්නටද, කැරලි කරුවන්ට නිසි දඬුවම් පනවන්නටද, මුස්ලිම් වරුන්ට රැකවරණය සපයනු පිණිස ද රාජ්‍ය නායකයා ට කටයුතු කිරීමට සිදු විය.

     අබු බකර් පමණක් නොව, රටට හා ජාතියට ආදරය දක්වන ඕනෑම නායකයෙක් මෙම පියවර ගන්නා බව නිසැකයි.

     සටන් අවසන් වීමෙන් පසු, මේ සියලු කැරලි කරුවන්ට මරණ දණ්ඩනය පනවන්නට අබු බකර් සිද්දීක් (රලි) තුමාට සම්පූර්ණ අයිතිය තිබුණි. ඉස්ලාමය පිළි ගැනීමෙන් පසුව නොමඟ ගිය හේතුවෙන් පමණක් නොව, ඉස්ලාමීය රජයට පමණක් නොව, සියලු මුස්ලිම්වරු පිළි ගත් නීතියට එරෙහිව කැරලි කළ ඔවුන්ට එවැනි දඬුවමක් දීම ඉතාමත් සුදුසු එකකි. ලෝවේ ඕනෑම රාජ්‍ය නායකයෙක් කටයුතු කරන්නේ  එලසෙමයි. “අරාබි වරුන්ගේ ඉතිහාස පොත“ නම් ග්‍රන්ථයේ නිකල්සන් නම් විද්වතෙක් මෙසේ පවසයි.

     “දහම අත හැර ගියවුන් ඉස්ලාමීය රජයට එරෙහිව ඔත්තු සෙවීමේ කටයුතු වල නිරත වී, සමාජයේ සාමයට බාධා කරන්නටද, රජයේ සැලැසුම් වලට තර්ජනයක් බවට පත්වන්නටද, අවස්ථා තිබුණු එම තත්ත්වය අබු බකර් (රලි) මුහුණ දීමට සිදු වූ බලවත් අසීරු කරුණු විය. මුස්ලිම් වරුන්ට ආගම සහ දේශපාලනය වෙන් කළ නොහැකි දෙයක් වන හෙයින් මෙහි පුදුම වන්නට හේතුවක් නැත.“

     මෙම අවස්ථාවේ ඔගස්ටින් නම් පාප් වහන්සේ බොනිෆස් නම් ප්‍රභුවරයෙකුට යැවු ලිපියේ සඳහන් වාක්‍ය ගැන ඉතිහාසය අපට දන්වයි. එම ලිපියේ ඔගස්ටින් පාප් වහන්සේ ක්‍රිස්තියානු බැතිමතුන් අතර පැතිරී ගෙන යන අලුත් ක්‍රිස්තියානු මතය පිළිබඳව සඳහන් කර, ඔවුන් සියලු දෙනා පැරණි විශ්වාසයට ගෙන එන ලෙස අණ කරමින් මෙසේ ලියයි. “විශ්වාස නොකරන්නන්ට එරෙහිව ක්‍රිස්තියානු දේව ස්ථානය අනුගමනය කරන්නේ සාධාරණ හිංසාව යි. එහෙත්, ක්‍රිස්තියානු දේව ස්ථානයට එරෙහිව විශ්වාස නොකරන්නන් ගෙන යන ක්‍රියා මාර්ගය අසාධාරණ හිංසාව වේ.“ ඔගස්ටින් පාප් වහන්සේ තව දුරටත් මෙලෙස පවසයි. “පීඩනය ගැන පැමිණිලි කරන ඇතැම් අය, ක්‍රිස්තුස් වහන්සේ බල කිරීමක් නොකළ හේතුවෙන් ඕනෑම කෙනෙකුට තම විශ්වාසය පිළිබඳව නිදහස් ව කටයුතු කළ හැකි බව පවසති.  ඔවුන්ට අපි  මෙලෙස මතක් කරමු. ක්‍රිස්තියානු ආගම පිළිගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් බල කරනු ලැබු අපොස්තලවරයෙකු වන පීටර්ට උන් වහන්සේ පහර දී පසුව ඔහුව සනසා ආගම ඉගැන්වුහ.“

 මුස්ලිම්වරු සටන් කරන්නේ කුමන අවස්ථාවකද?

     සාමයේ දහම වන ඉස්ලාම්, කිසිවෙකු මත බලෙන් පටවනු නොලැබෙන අතර එයට පිවිසෙන ලෙස කිසිදු බලපෑමක් සිදු කරන්නේ ද නැති බව අල් කුර්ආන් වාක්‍ය පහදා දෙයි.

     “(නබිවරය පවසවු) අහෝ ප්‍රතික්ෂේප කළ අයවලුනි!

     ඔබ නමදින දෙයට මම නොනමදිමි.

     එසේම, මා නමදින දේට ඔබ නොනමදින්නහිය.

     ඔබ නමදින දෙයට මම නොනමදිමි.

     තවද මා නමදින දෙයට ඔබ නොනමදින්නහිය.

ඔබගේ මාර්ගය ඔබටය. මාගේ මාර්ගය මටය.“ 109 : 1 සිට 6

     අල්ලාහ්ගේ ඒකිය භාවය මුස්ලිම්වරු විශ්වාස කරන අතර, මුස්ලිම් නොවන්නන් එය ප්‍රතික්ෂේප කරති. මෙය අපේ ආගම වන අතර එය ඔවුන්ගේ ආගම වේ. සෑම කෙනෙකුටම තමන් කැමති ආගම අනුගමනය කිරීමට අනුමත සහ නිදහස ඇත. වැරදි විශ්වාස තැබුවන්ගෙන් අල්ලාහ්ට කිසිදු හානියක් සිදු නොවන අතර, අල්ලාහ් සිතුවේ නම් ලොවෙහි සියලු ජනයා ඔහු මත විශ්වාස තබනු ඇත.

     තමන්ට පහර දෙනු ලබන තුරු සටන් නොකරන ලෙස මුස්ලිම් වරුන්ට අල්ලාහ් තහනමක් පනවා තිබුණි. මෙය පුද්ගලික අදහසක් නොව අල් කුර්ආනය පවසන අණකි.

     “සැබැවින්ම සටන් කරනු ලැබුවන් හට, ඔවුන් අපරාධ කරනු ලැබු හේතුවෙන් (සටන් වැදීමට) අනුමැතිය දෙන ලද්දේය. තවද සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට උදව් කිරීමට ශක්තිය ඇත්තාය. කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර කරනු ලද්දේ, ‘අපගේ පරමාධිපති අල්ලාහ්‘ යැයි ඔවුන් පැවසීම හේතුවෙන්මය (පමණි).“ සූරා 22: 39, 40 වැකි)

     මුස්ලිම් වරුන්ව දේව විශ්වාසයෙන් සම්පූර්ණව බැහැර කිරීමට දේව විශ්වාසය ප්‍රතික්ෂේප කළවුන් සෑම අයුරින්ම කටයුතු කරන බව සර්ව ඥානය සහිත සහ සියළු කරුණු දත් අල්ලාහ් අපහට දන්වා ඇත.

     “ඔබගේ මාර්ගයෙන් ඔවුන් ඔබව හරවන තුරු ඔබ හා සටන් කිරීම ඔවුන් නතර කරන්නේ නැත.“ සූරා 2: 217.

     අල්ලාහ් මෙසේද පවසා ඇත.

     “අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ හා සටන් කළවුන් සමඟ ඔබද සටන් කරවු. සීමාව නො ඉක්වවු. සැබැවින්ම අල්ලාහ් සිමා ඉක්මවන්නවුන් ප්‍රිය නොකරන්නේය.“ සූරා 2:වාක්‍ය 190.

     මෙම අල් කුර්ආන් වාක්‍ය පෙන්වන අයුරින් මුස්ලිම් වරුන්ට එරෙහිව  සටන් කර, ඔවුන්ට හිරිහැර කර, නීතිය උල්ලංඝනය කරන දුෂ්ට පාලකයන්ට එරෙහිව මිස, අන් කිසිම හේතුවකට ඉස්ලාම් දහමෙහි බල කිරීමක් හෝ ආක්‍රමණය කිරීමක් හෝ නැත.

     සත්‍ය එලෙසම හඳුන්වා දෙමින් ඉස්ලාම් දහම පැසසුම් කළ ඇතැම් බටහිර ලේඛකයින්ගේ අදහස් පහත දක්වමු.

·        “ඉස්ලාම්: සංකල්ප හා අර්ථ කථනය“ යන ග්‍රන්ථයෙහි හෙන්රි ද කෙස්ට්‍රි ප්‍රභු වරයා මෙසේ පවසයි: ‘තමන් හා එකඟ නොවන ජනතාව හා කටයුතු කිරීමේදී සාමකාමි භාවය හා ස්වාධිනත්වය අනුමත කිරීම පිළිබඳව මුස්ලිම්වරු විශිෂ්ට පිරිසක් වුහ.‘

·        රොබින්සන් නම් විද්වතෙක් මෙසේ පවසයි: “ඔවුන්ගේ ආගමේ ජයග්‍රහණයට තිබෙන ආදරය සමඟ යහපත් සැලකිලි දැක්වීම මිශ්‍රණය කළ එකම ජනතාව  මුහම්මද් තුමාණන්ගේ අනුගාමික යින් පමණි.මෙම ආදරය නිසා විජයග්‍රහණය කරා ගමන් කිරීමට දිරි ගන්වනු ලැබුවෝය. මේ ආකාරයෙන් විජයග්‍රාහී සේනාංක පිටුපසින් සෑම විටම ආවරණය සැලසුවේ කුර්ආනයයි. ඔවුන්ගේ යුද ගමනේ, සෑම  යුද්ධමය අවස්ථාවක අත්‍යවශ්‍ය යෙන් සිදු වන අවම හානිය හැර දුෂ්ට පාලනයේ කිසිදු සලකුණු පවා දක්නට නොතිබුණි. ඉස්ලාමය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ වහල් සේවිකාවක් පවා ඝාතනයට ලක් නො කළෝය.“

·        “අරාබි ශිෂ්ටාචාරය“ නම් ග්‍රන්ථයේ කර්තෘවරයා වන ගුස්ටොෆ් ලෙ බොන් පවසන්නේ මෙසේය. “අල් කුර්ආනය පැතිරීමට  බලහත්කාරකම සාධකයක් නොවිය. තමන් ජය ගත් පළාතේ ජනතාවට ඔවුන් කැමති ආගමක් ඇදහීමට අරාබි වරු නිදහස දුන්හ. ඇතැම් ක්‍රිස්තියානුවන් ඉස්ලාම් දහමට පිවිසී අරාබි භාෂාවද ඉගෙන ගත්තේ නම්, එයට හේතු වුයේ විජයග්‍රාහි සේනාව දැක් වු යුක්ති සහගත හැසිරීමයි. මේ ජනතාව මෙයට පෙර මෙවැනි හැසිරීමක් තම සමාජයේ කිසි දිනක දැක තිබුණේ නැත. අන් ආගම් හී දක්නට නොමැති පහසුතාව ඉස්ලාමයේ තිබුණි.“

සිරියාව, ඊජිප්තුව, ස්පාඤ්ඤය වැනි ඔවුන් ජය ගත් සෑම රටකම පුරවැසියන්ට කාරුණිකව සැලකූ අතර, ඔවුනොවුන්ගේ නීතිය, පාලන ක්‍රමය සහ ආගම දිගටම අනුගමනය කිරීමට රට වැසියන් වෙතට ඔවුන් අනුබල දුන්හ. එහෙත් එම රට වැසියන් ආරක්ෂා කිරීමට වැය වන වියදම සඳහා ඉතා සුළු ප්‍රමාණයක බද්දක් අය කළහ. මුස්ලිම් නොවන ජනතාව zසකාත් නොගෙවති. යුද්ධයේ ජය ලැබු අරාබිවරුන් මෙන් රට වැසියන්ට ඉතාමත් කාරුණික හා සාධාරණ සැලකිලි දැක් වූ තවත් සේනාවක් හෝ පාලක පිරිසක් අන් කිසිදු ජාතියක් දුටුවේ නැති බව අනිවාර්යයෙන් පිළිගත යුතු සත්‍යයකි.

     මෙවැනි සාධාරණ හා ශිෂ්ට සම්පන්න පාලනය සඳහා  කීර්තිය හිමි අරාබිවරුන් සමඟ ස්පාඤ්ඤ රජු ෆර්ඩිනන්ඩ් සහ ‘විභාග කිරීම‘ යන නමින් ඔහු අරාබි වරුන්ට සිදු කළ සමූහ අපරාධය සමාන කළ හැකිද?  ක්‍රිස්තියානු ආගමට පිවිසෙන ලෙස බල කළ ෆර්ඩිනන්ඩ් රජු, මිලියන් තුනකට අධික අරාබි ජාතීන්ට වද හිංසා කර. ඔවුන්ව ඝාතනය කෙළේය.

     මෙම අවස්ථාවෙ හි සාධාරණව කල්පනා කරන ජනතාව අමතක කළ නොයුතු ප්‍රශ්නයක් තිබේ. එනම් ඉතියෝපියා වැනි ක්‍රිස්තියානු රාජ්‍යයට එරෙහිව මුස්ලිම්වරු යුද්ධය ප්‍රකාශ නොකිරීමට හේතුව කුමක්ද? එයට එකම හේතුව, ඉතියෝපියාව මුස්ලිම් වරුන්ට කිසි විටෙක සතුරුකම් නොකිරීමයි. එ පමණක් නොව මක්කාවේ පිළිම වන්දනා කරුවන්ගෙන් ප්‍රාණය රැක ගනු පිණිස සරණ පතා පැමිණි ආරම්භක මුස්ලිම් වරුන්ට ඉතියෝපියාව රැකවරණය දුන්නේය.

     අසිපත බලයෙන් ඉස්ලාමය පතුරු වන්නට මුස්ලිම්වරු අදහස් කළේ නම්, අරාබි දේශයට ඉතාමත් සමීපව පිහිටි  එතියෝපියාවට ඇතුළු වන්නට හෝ එහි ජනතාවට ඉස්ලාමයට පිවිසෙන ලෙස ඇරයුම් කිරීමට හෝ ඔවුන් පසුබට නොවන්නට තිබුණි.

     අවසාන වශයෙන්, ඉස්ලාමයට එරෙහිව අවිචාරක හැඟීම් දක්වන සෑම කෙනෙකුටම මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරමු.

     ශත වර්ෂ දහ හතරකට පෙර මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් අපවත් වුහ. ඉන් පසුව අප්‍රිකාව, යුරෝපය, ආසියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැන පලාත් හී ජනතාව මිලියන් කිහිපයක් ඉස්ලාමයට පිවිසීම පිළිබඳව ඔබ දක්වන අදහස කුමක්ද? දේව විශ්වාසයෙන් තොර ව, නවින යුගයේ ජිවත් වූ මෙම විශාල සංඛ්‍යාව බලපෑම් නිසා මෙසේ වෙනස් වීමට තීරණය කළ බව කිව හැකිද?

“ඉස්ලාම් අපේ අභිමතය“ නම් ග්‍රන්ථයේ තම ජිවිත කථා සඳහන් කළ සියලු දෙනාටම බලපෑමක් තිබුණේද? බ්‍රිතාන්‍ය යේ හීඩ්ලී අල් ෆ්රූක් ස්වාමි, ඉස්ලාමය හරස් මාවතේ, මක්කාවට යන මාවත නම් ග්‍රන්ථයෙ හී කතෘ වන ඔස්ට්‍රියානු ජාතික මුහම්මද් අසාද්, අබ්දුල්ලාහ් අර්චිබෝල්ඩ් සිටුවරයා, ඇමරිකානු දේශපාලක  මුහම්මද් ඇලෙක්සාන්ඩර් වෙබ්, බ්‍රිතාන්‍ය රජයේ තානාපති ශ්‍රීමත් ජලාලුද්දින් බ්‍රොන්ටන් ස්වාමි, ජර්මනියේ ක්‍රිස්තු දහම පතුරු වන මිෂනරිවරයා වන මුහම්මද් අමාන් හූම්, හංගේරියාවේ ප්‍රවීන ශාස්ත්‍රඥයා වන ආචාර්‍ය අබ්දුල් රහ්මාන් ජර්මානොස්, ඇමරිකාවේ හමුදා නිලධාරි ඩොනල්ඩ් R කීල්, ඕලන්දයේ මානව විද්‍යාඤයකු වන R.L. මිලීමා  සහ ඔවුන් මෙන් තවත් විශාල පිරිසක් මෙම ග්‍රන්ථයේ තමන් ඉස්ලාමයට පිවිසීමට හේතු වූ සාධක පිළිබඳව ප්‍රකාශ කර ඇත.

     ඉස්ලාම් දහම සම්පූර්ණයෙන් අධ්‍යයනය කර, එහි ප්‍රතිපත්ති ගැන සොයා බලා අවසානයේ එයට පිවිසීමට තීරණ කිරීමට හේතු සාධක ඔවුන් විසින් සඳහන් කර ඇත. ඉස්ලාම් දහම සෑම කෙනෙකුගේ හදවතටම ස්වාධීනව අමතන හේතුවෙන්, ඔවුන් එය වටහා ගෙන ඉස්ලාමය තුළට පිවිසෙති. මේ සියලු දෙනාම, සහ ඔවුන් මෙන් අනිකුත් අයද අල්ලාහ්ගේ දහම වන ඉස්ලාමයට පිවිසීමට හේතුව මෙම ඇමතීම වේ. අයිරිෂ් ජාතික බර්නාට් ෂෝ නම් ප්‍රසිද්ධ දර්ශනවාදියා  පවසන්නේ මෙසේය.

     “මම මුහම්මද් තුමාණන්ගේ ආගම වෙතට නෙත් යොමු කළේ ගෞරවයෙන් සහ එය අගය කරමින්ය. එයට හේතුව එහි දක්නට තිබෙන අලංකාරවත් සහ ඉතා ප්‍රබල ජීවනාත්මක භාවයයි. සෑම කලකටම, සහ සෑම ස්ථානයකටම ගැලපෙන අයුරින් සියල්ල එකමුතු කිරීමට හැකියාව තිබෙන, සෑම යුගයටම අයත් සිත් දිනාගන්නට හැකි හා එකඟතාවට පත් කළ හැකි එකම ආගම ඉස්ලාම් පමණී. මුහම්මද් තුමාණන් ගේ ජීවිත කථාව මම කියවා බැලුවෙමි. මම ත්‍රිස්තුස් වහන්සේට එරෙහි කෙනෙක් නොවෙමි. එහෙත් මෙම මහා සත්පුරුෂයා මිනිස් සංහතියේ ගැලවුම්කාරයා බව සඳහන් කළ හැකි කෙනෙක් යැයි මම දකිමි. අද දින මනුෂ්‍ය වර්ගයාව යහ මඟට ගෙන ගොස් අනාගත ඉරණම  සකස් කිරීමට මුහම්මද් මෙන් සත් පුරුෂයෙක් සිටියේ නම්, ලොවේ ප්‍රශ්න සියල්ල විසඳා මිනිසාව සාමය සහ සතුට කරා ඔහු ගෙන යනු ඇතැයි මම විශ්වාස කරමි.  යුරෝපයේ ඉදිරි අනාගත ආගම ඉස්ලාම් බව මම අනාවැකි පවසමි.

     බර්නාඩ් ෂෝ ඉස්ලාම් පිළිබඳව අනාවැකි පැවසු  ආකාර යෙන් ක්‍රිස්තු දහම ප්‍රචාරය කරන ඇමරිකාවේ පූජක ග්‍රැහෑම් බෙල් නැමැත්තා, ක්‍රිස්තියානු ආගමික ධර්ම ප්‍රචාර කිරීමට ගොස් පරාජයට පත් වී ආපසු පැමිණ පැවසුවේ, “ක්‍රිස්තියානු ආගම අප්‍රිකාවේ ඉස්ලාමයට පරාජයට පත් විය. විසි වන ශත වර්ෂයේ අවසානයට පෙර අප්‍රිකාව සම්පූර්ණයෙන් මුස්ලිම් ද්වීපයක් බවට පත් වනු ඇතැ“ යි ඔහු අනාවැකි කීය.

     මෙවැනි සියලු අවස්ථාවන් හී බල කිරීම් තිබෙන්නේ කුමන තැනකද? ගෙලට ඉහළින් අසිපත දිස්නය වන්නේ කොහේද? කවදත් එහි දක්නට තිබෙන්නේ ආලෝකයයි - ඉස්ලාමයේ ආලෝක යයි. එහි දිස්නය අද පවතින්නේ මිනිසුන්ගේ හදවත්හීය. එවිට මිනිසුන්හට අවබෝධය ලබා දී ඔවුන්ගේ  සිත් තුළ ආලෝකය පතුරයි. කුර්ආනය මෙසේ සඳහන් කරයි.

“අල්ලාහ් කැමැති කෙනෙකුට සන්මාර්ගය පෙන්වයි.“ 2: 213

ප්‍රශංසා සියල්ල අල්ලාහ්ට හිමිය.