මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී ()

 

|

 මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී 108 - 126

අෂ් ෂෙයික් තුවෙයිජිරි

—™

මාහිර් රම්ඩීන්

මුහම්මද් අසාද්

පිටුව 108 - 126

කියාමත් දිනයේ සිදු වන අර්බුද

·        කියාමත් දිනයේ සිදු වන අර්බුද වල දැඩිභාවය

කියාමත් දිනය අතිමහත් භයංකර දිනයකි. එහි සිදු වන අර්බුද ඉතාමත් දැඩිය. එදින ගැත්තන් බියෙන් හා වෙව්ලමින් සිටිනු ඇත. එදින අන්ධකාරයෙන් දෑස් පිරෙනු ඇත. දේව විශ්වාසවන්තයින්ට ලුහර් හා අසර් දක්වා  වූ කාලය මෙන් හැඟීමක් අල්ලාහ් එදින පත් කරයි. එමෙන්ම දේව ප්‍රතික්ෂේපකයින්ට අවුරුදු පනස් දහසක ප්‍රමාණයක් මෙන් හැඟෙන්නට සලස්වයි. අතිමහත් භයංකර දිනය වූ එම දිනයේ සිදු වන අර්බුද වල ස්වභාවය දෙසට යොමු වෙමු.

1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ ، وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً ، فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ ، وَانْشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ

හොරණෑවෙහි එක් පිඹුමක් පිඹනු ලබන විට මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක දැඩි ලෙස වරක් සුනු විසුනු කරනු ලබන විට එදින සිදුවීම (විවිධ භයානක සිදුවීම්) සිදු වනු ඇත. අහස පැළී යනු ඇත. එහෙයින් එදින එය බෙලහීන ව පවතී.                                                            (අල්-කුර්ආන් 69 : 13 - 16)

2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِذَا الشَّمْسُ كُوِّرَتْ ، وَإِذَا النُّجُومُ انْكَدَرَتْ ، وَإِذَا الْجِبَالُ سُيِّرَتْ ، وَإِذَا الْعِشَارُ عُطِّلَتْ ، وَإِذَا الْوُحُوشُ حُشِرَتْ ، وَإِذَا الْبِحَارُ سُجِّرَتْ .

හිරු අකුළනු ලැබූ විට, තරු විසිරී හැළුණු විට, කඳු ඉවත් කරනු ලැබූ විට, ගැබ් කාලය පූර්ණ වූ ඔටු දෙනුන් අත හැර දමනු ලැබූ විට, වන සතුන් එක් රැස් කරනු ලැබූ විට, මුහුදු ඇවිළනු ලැබූ විට, ආත්මයන් සම්බන්ධ කරනු ලැබූ විට.                                             (අල්-කුර්ආන් 81 : 1 - 6)

3. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِذَا السَّمَاءُ انْفَطَرَتْ ، وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ ، وَإِذَا الْبِحَارُ فُجِّرَتْ ،  وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ وَإِذا النُّفُوْسُ زُوِّجَتْ .

අහස පැළී ගිය විට, තරු හැළී විසිරුනු විට, මුහුදු පුපුරවනු ලැබූ විට, මිනිවළවල් උඩු යටිකුරු කර පෙරළා දමනු ලැබූ විට.                                             (අල්-කුර්ආන් 82 : 1 - 4)

4. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِذَا السَّمَاءُ انْشَقَّتْ ، وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ، وَإِذَا الْأَرْضُ مُدَّتْ ، وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ ، وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ، يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ .

අහස පැළී විවර වූ විට, තම පරමාධිපතිගේ අණට කීකරු ව එය එසේ විය යුතුමය. තවද මිහිතලය දිගු හරිනු ලැබූ විට, එතුළ ඇති දෑ එය පිටත දමා හිස් වූ විට, තම පරමාධිපතිගේ අණට කීකරු ව එය එසේ විය යුතුමය.  අහෝ මිනිස! සැබැවින්ම නුඹ නුඹගේ පරමාධිපති වෙත දැඩි වෙහෙසකින් වෙහෙසෙන්නෙකි. එබැවින් එය (එනම් තම වෙහෙසහි ඵලය) හමු වනු ඇත.                                                                     (අල්-කුර්ආන් 84 : 1 - 6)

5. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِذَا وَقَعَتِ الْوَاقِعَةُ ، لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ، خَافِضَةٌ رَافِعَةٌ ، إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا ، وَبُسَّتِ الْجِبَالُ بَسًّا ، فَكَانَتْ هَبَاءً مُنْبَثًّا ، وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً ، فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ ، وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ ، وَالسَّابِقُونَ السَّابِقُونَ ، أُولَئِكَ الْمُقَرَّبُونَ .

නියත සිදු වීම සිදුවන විට එය සිදුවීම අසත්‍යය කරන්නක් නොවේ. එය (පාපතරයින්) පහත් කරන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි. මිහිතලය (බිහිසුණු) සෙලවීමකින් සොලවනු ලැබූ විට, කඳු කැබලි බවට සුනු විසුනු කරනු ලැබූ විට, ඒවා විසිරී යන දූවිලි බවට පත් වනු ඇත. නුඹලා වර්ග තුනකට පත් වනු ඇත. (ප‍්‍රථම වර්ගය අස්හාබුල් මයිමනා නම්) දකුණු පස සගයින්. දකුණු පස සගයින් යනු කුමක් ද? (දෙවන වර්ගය අස්හාබුල් මෂ්අමා නම්) වම් පස සගයින්. වම් පස සගයින් යනු කුමක් ද?  (තුන්වන වර්ගය අස්-සාබිකූන් නම් දැහැමි ක‍්‍රියාවන්හි) ප‍්‍රමුඛයින්. (ස්වර්ගයට පිවිසීමේදී) ප‍්‍රමුඛයින්මය. ඔවුන්මය (අල්ලාහ්ට) සමීපතයින් වන්නේ.   (අල්-කුර්ආන් 56 : 1 - 11)

6. 

وَعَنْ ابْنِ عُمَرَ رَضِيَ اللهُ عنهُما قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "مَنْ سَرَّهُ أَنْ يَنْظُرَ إِلَى يَوْمِ الْقِيَامَةِ كَأَنَّهُ رَأْيُ عَيْنٍ فَلْيَقْرَأْ : " إِذَا الشَّمْسُ كُوِّرَتْ " وَ " وَإِذَا السَّمَاءُ انْفَطَرَتْ " وَ " وَإِذَا السَّمَاءُ انْشَقَّتْ " . أخرجه أحمد والترمذي.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. 

කියාමත් දිනය පියවි ඇසින් දකින්නෙකු මෙන් දකින්නට කවරෙකු සතුටු වන්නේ ද ඔහු ‘ඉදෂ්ෂමිසි කුව්විරත් (අල් කුර්ආන් 81) ඉදස් සමාඋන් ෆතරත් (අල් කුර්ආන් 82) හා ඉදස් සමාඋන් ෂක්කත් (අල් කුර්ආන් 84) යන සූරාහ්වන් පාරායනය කරත්වා !                      (මූලාශ්‍රය: අහ්මද්, තිර්මිදි)

·        කියාමත් දිනයේ අහස හා පොළොව පෙරළීම

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَوَاتُ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ ، وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ ، سَرَابِيلُهُمْ مِنْ قَطِرَانٍ وَتَغْشَى وُجُوهَهُمُ النَّارُ ، لِيَجْزِيَ اللَّهُ كُلَّ نَفْسٍ مَا كَسَبَتْ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ  .

මිහිතලය නොවන්නක් ලෙස මිහිතලය ද අහස් ද වෙනස් කරනු ලබන දින, ඒකීය බලපරාක‍්‍රම වූ අල්ලාහ් වෙතට ඔවුන් (මිනී වළෙන්) බැහැර ව පැමිණෙනු ඇත. එදින වරදකරුවන් විලංගු වල අමුණනු ලැබූවන් ලෙස නුඹ දකින්නෙහිය. ඔවුන්ගේ වස්ත‍්‍ර (නිර්මාණය වී ඇත්තේ) තාර වලිනි. තවද (නිරයේ) ගින්න ඔවුන්ගේ මුහුණු ආවරණය කරයි. (මෙය) සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ වෙනුවෙන් අල්ලාහ් ප‍්‍රතිඵල ලබා දෙනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ගණනය කිරීමෙහි ඉතා ශීඝ‍්‍රය.                                        (අල් කුර්ආන් 14 : 48 – 51)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ

ලිඛිත සන්නස් (ලියූ පත‍්‍රිකාවන්) ඔතනවාක් මෙන් අපි අහස ඔතන දින මුල් මැවීම අපි උත්පාදනය කළාක් මෙන් නැවත අපි එය ස්ථාපිත කරන්නෙමු. අප වෙත වූ පොරොන්දුවක් වශයෙනි. සැබැවින්ම අපි ක‍්‍රියා කරන්නන් වූයෙමු.                        (අල් කුර්ආන් 21 : 104)

·        මහපොළොව හා අහස් පෙරළන දින ජනයා සිටිනුයේ කොහේ ද?

عَنْ ثَوْبَان رضي الله عنه مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كُنْتُ قَائِمًا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ حِبْرٌ مِنْ أَحْبَارِ الْيَهُودِ ... – وفيه -  فقال اليهودي أَيْنَ يَكُونُ النَّاسُ { يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَوَاتُ } فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " هُمْ فِي الظُّلْمَةِ دُونَ الْجِسْرِ " وفي رواية : " عَلىَ الصِّراطِ " أخرجه مسلم

අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සේවකයකු වූ සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

අල්ලාහ්ගේ දූතයාණන් ඉදිරියේ මම සිටගෙන සිටිය දී යුදෙව් විද්වතුන්ගෙන් පිරිසක් පැමිණියහ (මෙය දීර්ඝ හදීසයකි එහි මෙසේ සඳහන් වේ) එවිට යුදෙව්වෙකු මහපොළොව නොවන්නක් ලෙස මහපොළොව ද අහස් ද පෙරළනු ලබන දින ජනයා සිටිනුයේ කොහේ දැ යි  විමසා සිටීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන් සිරාත් පාලමට පහළින් අන්ධකාරයෙහි පසුවෙති යැයි පවසා සිටියහ.

තවත් වාර්තාවක් අනුව සිරාත් පාලම මත සිටිතැ යි සඳහන් ව ඇත.  (මූලාශ්‍රය : මුස්ලිම්)

·        එම ස්ථානයේ දැඩි උෂ්ණත්වය හා එහි ඇති බියකරු ස්වභාවය

නැගිටුවනු ලබන මහ්ෂර් පිටියේ එකම තෝතැන්නකට ඔවුන් නැගිටුවනු ලැබීමෙන් පසුව අල්ලාහ් ඔවුන් ව එකතු කරනු ඇත. එය තීන්දු පැවසීම පිණිසය. එවිට ඔවුන් පාවහන් නොමැති ව නිර්වස්ත්‍රව ලිංග්‍රාග චර්ම ඡේදනය නොකළ තත්ත්වයෙහි පසු වෙති. එදින හිරු පහළට බසියි. දහඩිය බාහු හැත්තෑවක තරම් ගලා යනු ඇත. ජනයා ඔවුනොවුන්ගේ ක්‍රියාවන් අනුව එහි ගිලෙනු ඇත.

1-

عَنْ اَبِيْ هُرَيْرَةَ رضي الله عنه عن النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَال : " يَقْبِضُ اللَّهُ الْأَرْضَ وَيَطْوِي السَّمَوَاتِ بِيَمِينِهِ ثُمَّ يَقُولُ : " أَنَا الْمَلِكُ أَيْنَ مُلُوكُ الْأَرْضِ؟ " متفق عليه .

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

කියාමත් දිනයේ අල්ලාහ් මහපොළොව අතට ගෙන අහස තම දකුණතින් ඔතා පසුව මම ය අධිපති. මහපොළොවේ සිටි රජවරු කොහේ දැ? යි විමසා සිටියි.       (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

2-

وَعَنْ الْمِقْدَاد بْنُ الْأَسْوَدِ رضي الله عنه قَالَ : سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : " تُدْنَى الشَّمْسُ يَوْمَ الْقِيَامَةِ مِنْ الْخَلْقِ حَتَّى تَكُونَ مِنْهُمْ كَمِقْدَارِ مِيلٍ  فَيَكُونُ النَّاسُ عَلَى قَدْرِ أَعْمَالِهِمْ فِي الْعَرَقِ فَمِنْهُمْ مَنْ يَكُونُ إِلَى كَعْبَيْهِ وَمِنْهُمْ مَنْ يَكُونُ إِلَى رُكْبَتَيْهِ وَمِنْهُمْ مَنْ يَكُونُ إِلَى حَقْوَيْهِ وَمِنْهُمْ مَنْ يُلْجِمُهُ الْعَرَقُ إِلْجَامًا " قَالَ : وَأَشَارَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ إِلَى فِيهِ . أخرجه مسلم

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි අල් මික්දාද් ඉබ්නු අල්-අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

කියාමත් දිනයේ හිරු මැවීම් වෙත ළඟා වෙයි. එය සැතපුමක තරම් වන තරමට ඔවුනට සමීප වනු ඇත. ජනයා ඔවුනොවුන්ගේ ක්‍රියාවන් හි ප්‍රමාණයට අනුව ගිලී සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙකු තම වළලු කර දක්වා ගිලී සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙකු දණහිස් දක්වා ගිලී සිටිති ඔවුන්ගෙන් ඇතැමෙකු ඉඟටිය දක්වා ගිලී සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙකුට නාස් ලණුව යොදන්නාක් මෙන් නාස් පුඩුව දක්වා ගිලී සිටිති. 

තව දුරටත් වාර්තා කරමින් අල්ලාහ්ගේ දූතයාණන් එතුමාගේ කට දක්වා දෑත් ගෙනැවිත් සංඥා කර පෙන්වූහැයි පවසා සිටියි. (මූලාශ්‍රය : මුස්ලිම්)

·        එම ස්ථානයේ අල්ලාහ්ගේ සෙවණැල්ල ලබන භාග්‍යවතුන්

1-

عَنْ أَبِي هُرَيْرَةَ رَضِي اللهُ عنه عَن النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " سَبْعَةٌ يُظِلُّهُمْ اللَّهُ فِي ظِلِّهِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ : الْإِمَامُ الْعَادِلُ ، وَشَابٌّ نَشَأَ فِي عِبَادَةِ رَبِّهِ ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِي الْمَسَاجِدِ ، وَرَجُلَانِ تَحَابَّا فِي اللَّهِ اجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ ، وَرَجُلٌ طَلَبَتْهُ امْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ إِنِّي أَخَافُ اللَّهَ ، وَرَجُلٌ تَصَدَّقَ أَخْفَى حَتَّى لَا تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ ، وَرَجُلٌ ذَكَرَ اللَّهَ خَالِيًا فَفَاضَتْ عَيْنَاهُ " متفق عليه .

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ හෙවණැල්ල හැර කිසිදු හෙවණැල්ලක් නොමැති දිනයෙහි තම හෙවණැල්ලෙහි සිටීමට අල්ලාහ් සත් දෙනෙකුට හෙවණැල්ල සපයයි.

1. යුක්තිගරුක නායකයා, 2. තම පරමාධිපති නමදිමින් වැඩුණු තරුණයා 3. මස්ජිද් හා තම සිත් බැඳුණු මිනිසා 4. අල්ලාහ් විෂයෙහි හාදකම් පාන, ඔහු විෂයෙහි එකතු වන, ඔහු විෂයෙහි වෙන් වී යන මිනිසුන් දෙදෙනා 5. අලංකාරවත් ගෞරවයෙන් උසස් කාන්තාවක් නොමනා කටයුත්තක් සඳහා තමන් ව ඇරයුම් කරන විට මම අල්ලාහ්ට බිය වෙමි යැයි පවසන මිනිසා. 6. තම දකුණතින් වියදම් කරන දෑ වමතට නොදැනෙන පරිදි දානමාන කටයුතු කරන මිනිසා 7. තනි ව සිටිය දී අල්ලාහ් ව මෙනෙහි කොට තම දෑස් වලින් කඳුළු හළන මිනිසා.                       (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

2-

عَنْ عُقْبَةَ بْنَ عَامِرٍ رضي الله عنه قال : سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : " كُلُّ امْرِئٍ فِي ظِلِّ صَدَقَتِهِ حَتَّى يُفْصَلَ بَيْنَ النَّاسِ ". أخرجه أحمد وابن خزيمة.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.

ජනයා අතර තීන්දු දෙනු ලබන තෙක් සෑම කෙනෙකුම ඔවුනොවුන්ගේ සදකාවෙහි හෙවණෙහි පසුවෙයි. 

මූලාශ්‍රය : අහ්මද් හා ඉබ්නු හුසෙයිමා

·        තීන්දු ලබා දීම පිණිස අල්ලාහ්ගේ පැමිණීම

කියාමත් දිනයේ තීන්දු ලබා දීම පිණිස අති උත්තරීතර කීර්තිමත් අල්ලාහ් පැමිණෙයි. එවිට මහපොළොව ඔහුගේ ආලෝකයෙන් දීප්තිමත් වනු ඇත. ඔහු ගැන ඇති බිය ගෞරවය හා කීර්තිය හේතුවෙන් මැවීම් සියල්ල වෙව්ලති.

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا ، وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ، وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّى لَهُ الذِّكْرَى

එසේ නොව පොළොව කැබලි වලට සුනු විසුනු කරනු ලැබූ කල්හි නුඹගේ පරමාධිපති පැමිණෙයි. මලක්වරු ද පෙළින් පෙළට සිටිති. එදින නිරය (දර්ශනයට) ඇද ගෙන එනු ලබයි. මිනිසා (තමා කළ දෑ) එදින සිහිපත් කරයි. නමුත් එය සිහිපත් කිරීමෙන් ඔහුට කුම(න ඵල)ක් ද?                                                            (අල් කුර්ආන් 89 : 21)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ ، وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً ، فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ ، وَانْشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ ، وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ ، يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَى مِنْكُمْ خَافِيَةٌ

හොරණෑවෙහි එක් පිඹුමක් පිඹනු ලබන විට, මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක දැඩි ලෙස වරක් සුනු විසුනු කරනු ලබන විට එදින සිදුවීම සිදු වනු ඇත. අහස පැළී යනු ඇත. එහෙයින් එදින එය බෙලහීන ව පවතී. මලක්වරු එහි (අහසෙහි) පැති වල සිටිති. එදින නුඹගේ පරමාධිපතිගේ අර්ෂය (මලක්වරු) අට දෙනෙකු ඔවුන්ට ඉහළින් උසුලා ගෙන සිටිති. එදින නුඹලා (විනිශ්චය සඳහා) ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සැඟවුණු කිසිවක් (එදින) නුඹලා අතුරින් නොසැඟ වේ.                                                 (අල් කුර්ආන් 69 : 13 -18)

3-

عَنْ أَبِي هُريرةَ رَضِي الله عنه أنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " لَا تُخَيِّرُونِي عَلَى مُوسَى فَإِنَّ النَّاسَ يَصْعَقُونَ يَوْمَ الْقِيَامَةِ فَأَصْعَقُ مَعَهُمْ فَأَكُونُ أَوَّلَ مَنْ يُفِيقُ فَإِذَا مُوسَى بَاطِشٌ جَانِبَ الْعَرْشِ فَلَا أَدْرِي أَكَانَ فِيمَنْ صَعِقَ فَأَفَاقَ قَبْلِي أَوْ كَانَ مِمَّنْ اسْتَثْنَى اللَّهُ" متفق عليه .

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

නුඹලා මූසා නබි තුමාට වඩා මා උතුම් කොට නොසලකන්න. නියත වශයෙන්ම ජනයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිහිමුර්ජාවට පත් වෙති. ඔවුන් සමඟ මාද සිහිමුර්ජාවට පත් වෙමි. පසුව ඉන් අවදි වන්නන් අතුරින් පළමුවැන්නා මම වෙමි. එවිට අර්ෂ් අසල සිට එය අල්ලා ගෙන මූසා නබි තුමා සිටියි. එතුමා මට පෙර සිහිමුර්ජා වී අවදි වූවන් අතුරින් ද නැතිනම් එතුමා අල්ලාහ් (විශේෂ කොට) වෙන් කළවූවන් අතුරින් දැ යි මම නොදනිමි.  (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

තීන්දු පිරිනැමීම

කියාමත් දිනයේ ජනයා තම පරමාධිපති වෙත එක්රැස් කරනු ලැබ එදින සිදුවන දරුණු අර්බුද වලට මුහුණ දෙමින් කලබලකාරී තත්ත්වයන්ට පත් ව එම ස්ථානයේ සිදුවන දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දුන් විට තමන් විෂයෙහි තීන්දු පැතීම සඳහා ජනයා තම පරමාධිපති ව අපේක්ෂා කරති. පසුව අල්ලාහ් ඔවුන් අතර තීන්දු දී වෙන් කරයි.

ඔවුන් බොහෝ වේලාවක් ඔවුන්ගේ ස්ථානයේ රැඳී සිටින විට ඔවුන්ගේ වේදනාව ද අධික වෙයි. එවිට ඔවුන් නබිවරුන් වෙත ගොස් පරමාධිපති ඔවුන් අතර තීන්දු පිරිනමා ඔවුන් ව වෙන් කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් නිර්දේශ කරන මෙන් ඉල්ලා සිටිති. 

1.      උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

هَذَا يَوْمُ لَا يَنْطِقُونَ ، وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ، وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ، هَذَا يَوْمُ الْفَصْلِ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ ، فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ.

මෙය ඔවුනට කතා කළ නොහැකි දිනයකි. තවද නිදහසට කරුණු දැක්වීම සඳහා ඔවුනට අවසර දෙනු නොලැබේ.  එදින අසත්‍යය කරන්නන්ට ඛේදය අත්වේවා ! මෙය (අසත්‍යයෙන් සත්‍යය වෙන් කර) අවසන් තීරණය ලබා දෙන දිනයයි. නුඹලාව ද පෙර විසූවන් ද (එදින) අපි එක්රැස් කරන්නෙමු. නුඹලාට (එයින් මිදීමට) උපාය මාර්ගයක් තිබේ නම් නුඹලා මට එරෙහි ව (එම) උපාය මාර්ගය යොදවවු.    (අල් කුර්ආන් 77 : 35 - 39)

2.

وَعَنْ أبي هريرة رضِي الله عنه أنَّ رَسُولَ اللهِ صَلَّى الله عليه وسلم قال : " أَنَا سَيِّدُ النَّاسِ يَوْمَ الْقِيَامَةِ وَهَلْ تَدْرُونَ بِمَ ذَاكَ ؟ يَجْمَعُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ الْأَوَّلِينَ وَالْآخِرِينَ فِي صَعِيدٍ وَاحِدٍ فَيُسْمِعُهُمْ الدَّاعِي وَيَنْفُذُهُمْ الْبَصَرُ وَتَدْنُو الشَّمْسُ فَيَبْلُغُ النَّاسَ مِنْ الْغَمِّ وَالْكَرْبِ مَا لَا يُطِيقُونَ وَمَا لَا يَحْتَمِلُونَ فَيَقُولُ بَعْضُ النَّاسِ لِبَعْضٍ أَلَا تَرَوْنَ مَا أَنْتُمْ فِيهِ أَلَا تَرَوْنَ مَا قَدْ بَلَغَكُمْ أَلَا تَنْظُرُونَ مَنْ يَشْفَعُ لَكُمْ إِلَى رَبِّكُمْ فَيَقُولُ بَعْضُ النَّاسِ لِبَعْضٍ ائْتُوا آدَمَ فَيَأْتُونَ آدَمَ فَيَقُولُونَ يَا آدَمُ أَنْتَ أَبُو الْبَشَرِ خَلَقَكَ اللَّهُ بِيَدِهِ وَنَفَخَ فِيكَ مِنْ رُوحِهِ وَأَمَرَ الْمَلَائِكَةَ فَسَجَدُوا لَكَ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلَا تَرَى إِلَى مَا نَحْنُ فِيهِ أَلَا تَرَى إِلَى مَا قَدْ بَلَغَنَا

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ජනයාගේ නායකයා මම වෙමි. ඒ ඇයි දැයි නුඹලා දන්නෙහු ද? එකම තෝතැන්නක මුල සිටියවුන් ද අවසන් අය ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් එක්රැස් කරනු ඇත. නිවේදකයකු ඔවුනට සවන් දෙන්නට සලස්වයි. බැල්ම ඔවුන් ව ක්‍රියා කරවයි. හිරු සමීපයට පැමිණෙයි. ජනයාට දරා ගත නොහැකි එමෙන්ම ඉසිලිය නොහැකි දුක හා වේදනාවන් ඇති වෙයි. ජනයා අතුරින් සමහරෙක් සමහරෙකු දෙස බලා නුඹලා කවර විෂයක සිටින්නේ දැය නොදන්නෙහු ද? නුඹලාට ඇති වී ඇත්තේ කුමක්දැ යි නොදන්නෙහු ද? නුඹලාගේ පරමාධිපතිගෙන්  නුඹලා වෙනුවෙන් නිර්දේශ කරන කෙනෙකු සොයා ගත යුතු නොවේ ද? එවිට ජනයා අතුරින් සමහරෙක් සමහරෙකු දෙස බලා නුඹලා ආදම් වෙත යනු යැයි පවසති. එවිට ඔවුහු ආදම් වෙත පැමිණ අහෝ ! ආදම්, ඔබ මානවයාගේ පියාය. අල්ලාහ් තම දෑතින්ම ඔබ ව මවා ඇත. ඔහුගේ ප්‍රාණය නුඹ තුළ පිඹ, මලක් වරුන්ට (සුජූද් කරන මෙන්) නියෝග කළේය. ඔවුහු ද නුඹට සුජූද් කළහ. නුඹේ පරමාධිපති වෙත අප වෙනුවෙන් නිර්දේශ කරන්න. අප සිටින තත්ත්වය ඔබ දකිනවා නොවේ ද අපට ඇති වී ඇති දෑ නුඹ දකිනවා නොවේ ද?

فَيَقُولُ آدَمُ إِنَّ رَبِّي غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ وَإِنَّهُ نَهَانِي عَنْ الشَّجَرَةِ فَعَصَيْتُهُ نَفْسِي نَفْسِي اذْهَبُوا إِلَى غَيْرِي فَيَأْتُونَ نُوحًا فإبراهيم، فموسى ، فعيسى، فيعتذر كل واحد وكلهم يقولون : آدَمُ إِنَّ رَبِّي غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ... نفسي نفسي.

එවිට ආදම් සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිදාක කෝප නොවූ තරමට කෝප වී ඇත. මීට පසු පවා මෙලෙස කෝපයට පත් නොවන්නේමය. සැබැවින්ම ඔහු මට ගසක් තහනම් කළේය. නමුත් මාගේ ආත්මය මාගේ ආත්මය එයට පිටුපෑවේය. එබැවින් නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්නැ යි පවසයි. පසුව ඔවුහු නූහ් ඉබ්‍රාහීම් මූසා හා ඊසා වෙත ද පිය නගයි. ඔවුන් සෑම කෙනෙකුම නිදහසට කරුණු ඉදිරිපත් කරයි. ඔවුන් සියල්ලෝම මාගේ පරමාධිපති මීට පෙර කිසිදාක කෝප නොවූ තරමට කෝප වී ඇත. මීට පසු පවා මෙලෙස කෝපයට පත් නොවන්නේමය. අහෝ ! මාගේ ආත්මය මාගේ ආත්මය... යැයි පවසති.

ثُمَّ يَقُولُ لَهُمْ عِيسَى " اذْهَبُوا إِلَى غَيْرِي اذْهَبُوا إِلَى مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَأْتُونِّي فَيَقُولُونَ يَا مُحَمَّدُ أَنْتَ رَسُولُ اللَّهِ وَخَاتَمُ الْأَنْبِيَاءِ وَغَفَرَ اللَّهُ لَكَ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلَا تَرَى مَا نَحْنُ فِيهِ أَلَا تَرَى مَا قَدْ بَلَغَنَا فَأَنْطَلِقُ فَآتِي تَحْتَ الْعَرْشِ فَأَقَعُ سَاجِدًا لِرَبِّي ثُمَّ يَفْتَحُ اللَّهُ عَلَيَّ وَيُلْهِمُنِي مِنْ مَحَامِدِهِ وَحُسْنِ الثَّنَاءِ عَلَيْهِ شَيْئًا لَمْ يَفْتَحْهُ لِأَحَدٍ قَبْلِي ثُمَّ يُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ سَلْ تُعْطَهْ اشْفَعْ تُشَفَّعْ فَأَرْفَعُ رَأْسِي فَأَقُولُ يَا رَبِّ أُمَّتِي أُمَّتِي

පසුව ඊසා නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් වෙත යන්නැ යි පවසයි. එවිට ඔවුහු මා වෙත පැමිණ අහෝ මුහම්මද් ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්‍රාවය. නුඹ පෙර කළ හා පසු කළ පාපයන්ට අල්ලාහ් සමාව දී ඇත. නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් නිර්දේශ කරන්න. අප සිටින තත්ත්වය ඔබ දකිනවා නොවේ ද? අපට ඇති වී ඇති දෑ නුඹ දකිනවා නොවේ ද? යැයි පවසා සිටිති. එවිට මම පිය නගමි. අර්ෂයේ පහළට පැමිණෙමි. මාගේ පරමාධිපතිට සුජූද් කරමි. පසුව අල්ලාහ් මට පෙර කිසිවෙකුට විවෘත කර නොදුන් ඔහු වෙත පවතින අලංකාර ප්‍රශංසාවන් හා ඔහු වෙත ඇති පැසසුම් තුළින් මා හට විවෘත කර දෙයි. පසුව අහෝ ! මුහම්මද්, ඔබේ හිස ඔසවා ගනු. පතනු නුඹට එය දෙනු ලැබේ. නිර්දේශ කරනු. නුඹට නිර්දේශ කරනු ලැබේ. පසුව මම මාගේ හිස ඔසවා ගනිමි. එවිට මම මාගේ පරමාධිපතියාණනි, මාගේ සමූහය, මාගේ සමූහය යැයි අයැද සිටින්නෙමි.

 فَيُقَالُ يَا مُحَمَّدُ أَدْخِلْ الْجَنَّةَ مِنْ أُمَّتِكَ مَنْ لَا حِسَابَ عَلَيْهِ مِنْ الْبَابِ الْأَيْمَنِ مِنْ أَبْوَابِ الْجَنَّةِ وَهُمْ شُرَكَاءُ النَّاسِ فِيمَا سِوَى ذَلِكَ مِنْ الْأَبْوَابِ وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ إِنَّ مَا بَيْنَ الْمِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ لَكَمَا بَيْنَ مَكَّةَ وَهَجَرٍ أَوْ كَمَا بَيْنَ مَكَّةَ وَبُصْرَى

පසුව අහෝ ! මුහම්මද්, ඔබගේ සමූහයා අතුරින් කවරෙකුට විනිශ්චයක් නොමැත්තේ ද ඔවුන් ව ස්වර්ග දොරටු අතුරින් දකුණු දොරටුවෙන් ඇතුළත් කරන්න. මොවුන් මේ හැර අනෙකු දොරටු අතුරින් ඇතුළුවීමේදී  ජනයා සහභාගී වෙති. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සතු වන්නේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ග දොරටුවක කණු දෙක අතර පරතරය මක්කාව හා හජ්ර් අතර හෝ මක්කාහ්ව හා බුස්රා අතර ඇති ප්‍රමාණය වෙයි.                                                  (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

·  පසුව ජනයා අතර අල්ලාහ් වෙන් කරයි. ඔවුන්ගේ වාර්තා පොත් දෙනු ලබයි. මිණුම් දඬු තබනු ලබයි. ජනයා විභාග කරනු ලබයි. තම වාර්තා පොත දකුණතට ගත්තවුන් ස්වර්ගය වෙත ගමන් ගනිති. තම වාර්තා පොත වමතට ගත්තවුන් නිරය වෙතත් ගෙන යනු ඇත. 

1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَتَرَى الْمَلَائِكَةَ حَافِّينَ مِنْ حَوْلِ الْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَقُضِيَ بَيْنَهُمْ بِالْحَقِّ وَقِيلَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

ඔවුන්ගේ පරමාධිපතිගේ පැසසුම තුළින් පිවිතුරු කර අර්ෂය වටා රොක් වන මලක්වරුන් නුඹ දකිනු ඇත. තවද ඔවුන් අතර යුක්ති ගරුක ව විනිශ්චය කරනු ලැබේ. ‘සියලූ පැසසුම් සමස්ත විශ්වයේ පරමාධිපති අල්ලාහ් සතුයැ’යි පවසනු ලැබේ.         (අල් කුර්ආන් 39 : 75)

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ قُلْنَا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ ؟ قَالَ هَلْ تُضَارُونَ فِي رُؤْيَةِ الشَّمْسِ وَالْقَمَرِ إِذَا كَانَتْ صَحْوًا قُلْنَا لَا قَالَ فَإِنَّكُمْ لَا تُضَارُونَ فِي رُؤْيَةِ رَبِّكُمْ يَوْمَئِذٍ إِلَّا كَمَا تُضَارُونَ فِي رُؤْيَتِهِمَا ثُمَّ قَالَ يُنَادِي مُنَادٍ لِيَذْهَبْ كُلُّ قَوْمٍ إِلَى مَا كَانُوا يَعْبُدُونَ فَيَذْهَبُ أَصْحَابُ الصَّلِيبِ مَعَ صَلِيبِهِمْ وَأَصْحَابُ الْأَوْثَانِ مَعَ أَوْثَانِهِمْ وَأَصْحَابُ كُلِّ آلِهَةٍ مَعَ آلِهَتِهِمْ حَتَّى يَبْقَى مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ أَوْ فَاجِرٍ وَغُبَّرَاتٌ مِنْ أَهْلِ الْكِتَابِ

අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

අල්ලාහ්ගේ දූතයාණනි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින අල්ලාහ් ව අප දකින්නෙමු ද? එවිට එතුමාණෝ අහස පැහැදිලි ව තිබිය දී හිරු හා සඳු දකින්නට නුඹලාට දුෂ්කර වන්නේ ද යැයි ඇසූහ. එවිට අපි නැතැයි පිළිතුරු දුනිමු. එතුමාණෝ නුඹලා ඒ දෙක දැකීමට දුෂ්කරතාවට පත්වන්නාක් මෙන් මිස එදින නුඹලාගේ පරමාධිපති ව දැකීමෙහි නුඹලා දුෂ්කරතාවට පත් නොවන්නෙහුය. පසුව සෑම සමාජයක්ම ඔවුනොවුන් නමදිමින් සිටි දෑ වෙතට යන මෙන් නිවේදකයෙකු නිවේදනය කරයි. එවිට කුරුස වන්දනා කරුවන් ඔවුන්ගේ කුරුසය සමඟ ද පිළිම වන්දනා කරුවන් ඔවුන්ගේ පිළිම සමඟ ද යනාකාරයෙන් එක් එක් දෙවියන්ට වන්දනාමාන් කළ සගයින් ඔවුනොවුන්ගේ දෙවියන් සමඟ වෙති. අවසානයේ දැහැමියන් වරදකරුවන් අතුරින් අල්ලාහ්ට නැමදුම් ඉටු කළ අය හා දහම් දෙනු ලැබූවන් පමණක් ඉතිරි වේ.

ثُمَّ يُؤْتَى بِجَهَنَّمَ تُعْرَضُ كَأَنَّهَا سَرَابٌ فَيُقَالُ لِلْيَهُودِ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ فَيُقَالُ كَذَبْتُمْ لَمْ يَكُنْ لِلَّهِ صَاحِبَةٌ وَلَا وَلَدٌ فَمَا تُرِيدُونَ قَالُوا نُرِيدُ أَنْ تَسْقِيَنَا فَيُقَالُ اشْرَبُوا فَيَتَسَاقَطُونَ فِي جَهَنَّمَ

පසුව නිරය ගෙන එනු ලැබේ. එය මිරිගුවක් සේ දිස් වේ. පසුව නුඹලා නමදිමින් සිටියේ කුමක්දැ යි යුදෙව්වන්ගෙන් විමසනු ලැබේ. අපි අල්ලාහ්ගේ පුත් උසෙයිර් ව නමදිමින් සිටියෙමු යැයි පවසති. පසුව නුඹලා බොරු පවසන්නෙහුය. අල්ලාහ්ට කිසිදු සහකාරියක් හෝ දරුවෙකු හෝ නොවීය. දැන් නුඹලා කුමක් අපේක්ෂා කරන්නෙහු දැ? යි විමසනු ලැබේ. ඔබ අපට ජලය සැපයීම අපි අපේක්ෂා කරන්නෙමු යැයි පවසති. නුඹලා පානය කරවු යැයි පවසනු ලැබේ. පසුව ඔවුහු එකිනෙකා නිරයට වැටෙනු ඇත.

ثُمَّ يُقَالُ لِلنَّصَارَى مَا كُنْتُمْ تَعْبُدُونَ فَيَقُولُونَ كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ فَيُقَالُ كَذَبْتُمْ لَمْ يَكُنْ لِلَّهِ صَاحِبَةٌ وَلَا وَلَدٌ فَمَا تُرِيدُونَ فَيَقُولُونَ نُرِيدُ أَنْ تَسْقِيَنَا فَيُقَالُ اشْرَبُوا فَيَتَسَاقَطُونَ فِي جَهَنَّمَ حَتَّى يَبْقَى مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ أَوْ فَاجِرٍ فَيُقَالُ لَهُمْ مَا يَحْبِسُكُمْ وَقَدْ ذَهَبَ النَّاسُ فَيَقُولُونَ فَارَقْنَاهُمْ وَنَحْنُ أَحْوَجُ مِنَّا إِلَيْهِ الْيَوْمَ وَإِنَّا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِيَلْحَقْ كُلُّ قَوْمٍ بِمَا كَانُوا يَعْبُدُونَ وَإِنَّمَا نَنْتَظِرُ رَبَّنَا.

පසුව නුඹලා නමදිමින් සිටියේ කුමක්දැ යි කිතුනුවන්ගෙන් විමසනු ලැබේ. එවිට ඔවුහු අල්ලාහ්ගේ පුත් ඊසා ව අපි නමදිමින් සිටියෙමු යැයි පවසති. පසුව නුඹලා බොරු පවසන්නෙහුය. අල්ලාහ්ට කිසිදු සහකාරියක් හෝ දරුවෙකු හෝ නොවීය. දැන් නුඹලා කුමක් අපේක්ෂා කරන්නෙහු දැ? යි විමසනු ලැබේ. ඔබ අපට ජලය සැපයීම අපි අපේක්ෂා කරන්නෙමු යැයි පවසති. නුඹලා පානය කරවු යැයි පවසනු ලැබේ. පසුව ඔවුහු එකිනෙකා නිරයට වැටෙනු ඇත. අවසානයේ දැහැමියන් හා වැරදිකරුවන් අතුරින් අල්ලාහ්ට නැමදුම් ඉටු කළ දැහැමියන් පමණක් ඉතිරි වේ.  පසුව ජනයා පිටව ගොස් ඇත. නුඹලා ව වැළකූයේ කුමක්දැ යි ඔවුන්ගෙන් විමසනු ලැබේ. එවිට අපි ඔවුන්ගෙන් වෙන් වූයෙමු. අද දින අප ඔහු(අල්ලාහ්) වෙත ඉතා අවශ්‍යතාවෙන් පසුවන්නෙමු. සෑම සමාජයක්ම ඔවුනොවුන් නමදිමින් සිටි අය සමඟ සේන්දු වෙන්නැයි නිවේදකයෙකු කළ ප්‍රකාශයට අපි සවන් දුන්නෙමු. අපි බලාපොරොත්තුවෙන් සිටින්නේ අපගේ පරමාධිපතියාණන්වය යැයි පවසති.

 قَالَ فَيَأْتِيهِمْ الْجَبَّارُ فِي صُورَةٍ غَيْرِ صُورَتِهِ الَّتِي رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَيَقُولُ أَنَا رَبُّكُمْ فَيَقُولُونَ أَنْتَ رَبُّنَا فَلَا يُكَلِّمُهُ إِلَّا الْأَنْبِيَاءُ فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ تَعْرِفُونَهُ فَيَقُولُونَ السَّاقُ فَيَكْشِفُ عَنْ سَاقِهِ فَيَسْجُدُ لَهُ كُلُّ مُؤْمِنٍ وَيَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ رِيَاءً وَسُمْعَةً فَيَذْهَبُ كَيْمَا يَسْجُدَ فَيَعُودُ ظَهْرُهُ طَبَقًا وَاحِدًا

තවදුරටත් වාර්තා කරු මෙසේ ප්‍රකාශ කරයි.

මුල් වරට ඔවුන් ඔහු ව දුටු හැඩරුවට වෙනස් ආකාරයේ හැඩරුවකින් මහා බලපරාක්‍රමයාණන් ඔවුන් වෙත පැමිණ නුඹලාගේ පරමාධිපතිමය යැයි පවසයි. ඔබ අපගේ පරමාධිපතිදැ යි ඔවුහු පවසති. නබිවරුන් හැර වෙන කිසිවෙකු ඔහු සමඟ කතා නොකරනු ඇත. එවිට ඔවුහු නුඹලා අතර හා ඔහු අතර හඳුනා ගත හැකි සලකුණක් තිබේ දැයි විමසයි. එවිට ඔවුහු කෙණ්ඩය යැයි පවසති. එවිට ඔහුගේ කෙණ්ඩය නිරාවරණය වෙයි. සෑම විශ්වාසවන්තයකුම ඔහුට සුජූද් කරයි. ප්‍රදර්ශනය කිරීම සඳහා හෝ මූණිච්චාවට අල්ලාහ්ට සුජූද් කළ අය පමණක් ඉතිරි වෙති. ඔහු (මෙලොව) සුජූද් කළ අයුරින්ම ගමන් ගනිති. ඔහුගේ පිට (නිවැරදිව සුජූද් කළ නොහැකිව) එකම තලයක් බවට පත්ව හැරෙති. 

ثُمَّ يُؤْتَى بِالْجَسْرِ فَيُجْعَلُ بَيْنَ ظَهْرَيْ جَهَنَّمَ قُلْنَا يَا رَسُولَ اللَّهِ وَمَا الْجَسْرُ قَالَ مَدْحَضَةٌ مَزِلَّةٌ عَلَيْهِ خَطَاطِيفُ وَكَلَالِيبُ وَحَسَكَةٌ مُفَلْطَحَةٌ لَهَا شَوْكَةٌ عُقَيْفَاءُ تَكُونُ بِنَجْدٍ يُقَالُ لَهَا السَّعْدَانُ الْمُؤْمِنُ عَلَيْهَا كَالطَّرْفِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَنَاجٍ مَخْدُوشٌ وَمَكْدُوسٌ فِي نَارِ جَهَنَّمَ حَتَّى يَمُرَّ آخِرُهُمْ يُسْحَبُ سَحْبًا فَمَا أَنْتُمْ بِأَشَدَّ لِي مُنَاشَدَةً فِي الْحَقِّ قَدْ تَبَيَّنَ لَكُمْ مِنْ الْمُؤْمِنِ يَوْمَئِذٍ لِلْجَبَّارِ

පසුව පාලම ගෙන එනු ලැබේ. එය නිරය මතුපිට දෙකෙළවරෙහි තබනු ලැබේ. අල්ලාහ්ගේ දූතයාණනි, එම පාලම කුමක්දැයි අපි විමසුවෙමු. එවිට එතුමා එය  ලිස්සන සුළු පල්ලම් සහිතය. කොකු අංකුශ හා කටු සහිත පුළුල්භාවයෙන් යුක්තය. නජ්ද් ප්‍රදේශයේ දක්නට ඇති අස්-සඃදාන් නමැති එකිනෙකට ඇමිණී ඇති කටු මෙන් වූ කටු ද ඇත. (එම පාලම) දේව විශ්වාසවන්තයාට ඇසි පිය ගසන මෙන්ද විදුලි කොටන මෙන්ද සුළඟ හමන මෙන්ද වේගයෙන් දිව යන අශ්වයකු පිට යන්නාක් මෙන් ද ඔටුවකු පිට යන්නාක් මෙන්ද පවතී. පිළිගනු ලබමින් ගමන් කරන්නන් ද වෙති. නිරයේ හූරා ගනු ලබමින් තුවාල කර ගනු ලබමින් ගමන් කරන්නන් ද  වෙති. එසේ ඔවුන්ගේ අවසානයා පැමිණෙන තෙක් ගමන් කරති. පසුව ඔහුව එහි ඇද දමනු ලැබේ. සත්‍යය පිළිබඳව නුඹලා අද මට දැඩි ව කතා නොකරනු ඇත. සැබැවින්ම එදින බලපරාක්‍රමයාණන් ව විශ්වාස කරන්නා කවරෙකු දැ යි නුඹලාට පැහැදිලි වී ඇත.

وَإِذَا رَأَوْا أَنَّهُمْ قَدْ نَجَوْا فِي إِخْوَانِهِمْ يَقُولُونَ رَبَّنَا إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا وَيَصُومُونَ مَعَنَا وَيَعْمَلُونَ مَعَنَا فَيَقُولُ اللَّهُ تَعَالَى اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِي قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ إِيمَانٍ فَأَخْرِجُوهُ وَيُحَرِّمُ اللَّهُ صُوَرَهُمْ عَلَى النَّارِ فَيَأْتُونَهُمْ وَبَعْضُهُمْ قَدْ غَابَ فِي النَّارِ إِلَى قَدَمِهِ وَإِلَى أَنْصَافِ سَاقَيْهِ فَيُخْرِجُونَ مَنْ عَرَفُوا ثُمَّ يَعُودُونَ فَيَقُولُ اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِي قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ فَأَخْرِجُوهُ فَيُخْرِجُونَ مَنْ عَرَفُوا ثُمَّ يَعُودُونَ فَيَقُولُ اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِي قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ إِيمَانٍ فَأَخْرِجُوهُ فَيُخْرِجُونَ مَنْ عَرَفُوا قَالَ أَبُو سَعِيدٍ فَإِنْ لَمْ تُصَدِّقُونِي فَاقْرَءُوا

{ إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا }

සැබැවින්ම ඔවුන් තම සහෝදරයන් විෂයයෙහි ආරක්ෂාව ලබා දිය හැකි යැයි දකින විට අපගේ පරමාධිපතියාණනි, අපගේ සහෝදරයින් අප සමඟ සලාතය ඉටු කළහ. අප සමඟ උපවාසයේ නිරත වූහ. අප සමඟම කටයුතු කළහ. එවිට අල්ලාහ් නුඹලා යනු. කවර හදවතක රන් කාසියක තරම් විශ්වාසය ඇත්තේ ද නුඹලා ඔහු ව පිටතට  ගනු. යැයි අල්ලාහ් පවසයි. ඔවුන්ගේ ස්වරූපය අල්ලාහ් නිරයට තහනම් කරයි. එවිට ඔවුහු මොවුන් වෙත පැමිණෙනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් නිරයේ තම පාද දක්වා වැසී පවතී. ඇතැමුන් තම කෙණ්ඩය දක්වා වැසී පවතී. තමන් හඳුනන අය ව ඔවුන්ට පිටතට ගෙන එති. නැවතත් ඔවුහු යති. එවිට අල්ලාන් නුඹලා යනු කවර හදවතක රන්කාසි භාගයක තරම් විශ්වාසය ඇත්තේ ද එවැනි අය පිටතට ගනු යැයි පවසයි. එවිට ඔවුහු හඳුනන අයව පිටතට ගනී. පසුව නැවතත් ඒ වෙතට යති. එවිට කවර හදවතක අනුවක තරම් දේව විශ්වාසය ඇති අය දකින්නේ ද ඔවුන් ව පිටතට ගන්නැ යි පවසයි. එවිට තමන් හඳුනන අය ව පිටතට ගනී.

අබූ සඊද් තුමා මෙසේ පවසා සිටී නුඹලා මාව සත්‍යය නොකරන්නෙහු නම් මෙම කුර්ආන් වැකිය කියවන්න.

إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا

සැබැවින්ම අල්ලාහ් අණුවක තරම් වත් අපරාධයක් සිදු නොකරයි. එය යහපතක් වී නම් ඔහු එය ප්‍රගුණ කර දෙයි.

فَيَشْفَعُ النَّبِيُّونَ وَالْمَلَائِكَةُ وَالْمُؤْمِنُونَ فَيَقُولُ الْجَبَّارُ بَقِيَتْ شَفَاعَتِي فَيَقْبِضُ قَبْضَةً مِنْ النَّارِ فَيُخْرِجُ أَقْوَامًا قَدْ امْتُحِشُوا فَيُلْقَوْنَ فِي نَهَرٍ بِأَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ مَاءُ الْحَيَاةِ فَيَنْبُتُونَ فِي حَافَتَيْهِ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِي حَمِيلِ السَّيْلِ قَدْ رَأَيْتُمُوهَا إِلَى جَانِبِ الصَّخْرَةِ وَإِلَى جَانِبِ الشَّجَرَةِ فَمَا كَانَ إِلَى الشَّمْسِ مِنْهَا كَانَ أَخْضَرَ وَمَا كَانَ مِنْهَا إِلَى الظِّلِّ كَانَ أَبْيَضَ

නබිවරු මලක්වරු හා දේව විශ්වාසවන්තයෝ මැදිහත් වී කතා කරති. එවිට මහා බලවතාණන් මැදිහත් වීම තවදුරටත් ඉතිරිව ඇත. පසුව ඔහු නිරය අල්ලා පෙරනු ලැබූ කණ්ඩායම් කිහිපයක් පිට කරයි. ස්වර්ග මුඛයෙහි ඇති ගංගාවක ඔවුන් ව හෙළයි. එයට මාඋල් හයාත්-ජීවය ලබා දෙන ජලය- නමින් හැඳින් වේ. එහි දෙපැත්තෙහි ඔවුන් ව හිටවනු ලැබේ. එය ගලන ජලය දෙපස බීජ හට ගන්නාක් මෙනි. එය කළු ගල් පැත්තෙන් ද ගස් පැත්තෙන් ද දකිනු ඇත. ඒවායින් හිරු දෙසට පවතින දෑ කොළ පැහැති ව පවතී. එමෙන්ම හෙවණැලි දෙසට පවතනි දෑ සුදු පැහැයෙන් පවතී.  

فَيَخْرُجُونَ كَأَنَّهُمْ اللُّؤْلُؤُ فَيُجْعَلُ فِي رِقَابِهِمْ الْخَوَاتِيمُ فَيَدْخُلُونَ الْجَنَّةَ فَيَقُولُ أَهْلُ الْجَنَّةِ هَؤُلَاءِ عُتَقَاءُ الرَّحْمَنِ أَدْخَلَهُمْ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلَا خَيْرٍ قَدَّمُوهُ فَيُقَالُ لَهُمْ لَكُمْ مَا رَأَيْتُمْ وَمِثْلَهُ مَعَهُ

පසුව ඔවුන් මුතු මෙන් පිටතට එති. ඔවුන්ගේ ගෙලවල් වල මුදු පලන්දවනු ලැබ පසුව ස්වර්ගයට ඇතුළත් කරනු ලැබේ. මහා කාරුණිකයාණන් විසින් නිදහස කරනු ලැබූවෝ මොවුන් යැයි ස්වර්ග වැසියෝ පවසති. පසුව ඔවුන් කිසිදු ක්‍රියාවක් හෝ කිසිදු යහපතක් (මතු ලොව වෙනුවෙන්) ඉදිරිපත් නොකරම ඔහු ඔවුන් ව ස්වර්ගයට ඇතුළත් කරයි. පසුව නුඹලා දකින දෑ ද ඒ සමඟම ඒහා සමාන තවත් දෑ ද නුඹලාට ඇත. යැයි පවසනු ලැබේ. 

2වන කොටස නිමි

විනිශ්චය හා තුලනය

අල්-හිසාබ් යනු අල්ලාහ් තම ගැත්තන් ව තමන් ඉදිරියේ තබා ඔවුන් කළ ක්‍රියාවන් ඔවුනට පෙන්වා දී පසුව ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට ප්‍රතිඵල පිරි නැමීමයි. යහ ප්‍රතිඵලයක් නම් එය දස ගුණයක සිට හත්සීය දක්වා ද ඊට වැඩි ගුණයකින් ද ප්‍රගුණ කර දෙනු ඇත. එය නපුරු ප්‍රතිඵලයක් නම් ඒ හා සමාන ව පවතී.

·       ප්‍රගති වාර්තාව ගන්නා ක්‍රමය

මෙලොව කළ යහපත හා අයහපත සටහන් ව ඇති වාර්තාව එහි නැගිට සිටින සෑම කෙනෙකුටම දෙනු ලැබේ. ඒ අනුව ඇතැමුනට ඔවුන්ගේ වාර්තාව දකුණතට දෙනු ලැබේ. ඔවුහු භාග්‍ය වන්තයෝය. ඇතැමුන්ට තම පිට පසුපසින් තම වමතට දෙනු ලැබේ ඔවුහු අභාග්‍ය වන්තයෝය.

1-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ (6) فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ (7) فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا (8) وَيَنْقَلِبُ إِلَى أَهْلِهِ مَسْرُورًا (9) وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ (10) فَسَوْفَ يَدْعُو ثُبُورًا (11) وَيَصْلَى سَعِيرًا84: (12)

අහෝ මිනිස! සැබැවින්ම නුඹ නුඹගේ පරමාධිපති වෙත යෑමට (නුඹගේ ක්‍රියාවන්හි නුඹ) දැඩි ලෙස වෙහෙස දැරිය යුතුය. එවිට (නුඹගේ ක්‍රියාවන් සමඟ) නුඹ ඔහු ව හමු වනු ඇත. තම වාර්තාව තම දකුණතට දෙනු ලැබු අය වූ කලී ඔහු පහසු ගිණුම් බැලීමකින් විමසුමකට ලක් වනු ඇත. පසුව තම ජනයා වෙත ඔහු සතුටින් හැරී යයි. තම වාර්තාව තම පිටු පසින් (වමතෙහි) දෙනු ලැබූ අය වූ කලී   ඔහු විනාශය (මරණය) අයැදිනු ඇත. තවද ඇවිළෙන ගින්නෙහි පිවිස දැවෙනු ඇත.  (අල් කුර්ආන් 84 : 6 – 12)

1-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ (25) وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ (26) يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ (27)

තවද කවරෙකුගේ වමතෙහි තම කි‍්‍රයා ලේඛනය පිරිනමනු ලබන්නේ ද ඔහු වූ කලී ‘අහෝ ! මට මාගේ ලේඛනය පිරිනමනු නොලැබුවා නම්, මාගේ ගණනය කුමක් දැ යි මා නොදැන සිටියා නම්, අහෝ! එය(මරණය) මාගේ අවසන් තීන්දුව වූවා නම් යැයි පවසයි. (අල් කුර්ආන් 69 : 25 – 27)

·        මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාගෙන් විමසනු ලබනුයේ කුමක් ගැනද?

සෑම මිනිසෙකුම තමන් කළ ප්‍රකාශයන් ගැනත් තමන් කළ ක්‍රියාවන් ගැනත් තම ශරීර අවයවයන් ගැනත් තම ධනය ගැනත් තමන්ගේ සියලුම වාතාවරණයන් ගැනත් විමසනු ලබනු ඇත. පසුව ඒ අනුව ප්‍රතිඵල දෙනු ලැබේ.

1-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْئُولًا

නුඹට කවර දෙයක් පිළිබඳ දැනුම නැත්තේ ද එහි රැඳී නොසිටිනු. සැබැවින්ම සවන දෘෂ්ටිය හා හදවත යන මේ සියල්ල ඒ ගැන විමසනු ලබනු ඇත.     (අල් කුර්ආන් 17 : 36)

2-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ

ඔහු ඔවුන් ව කැඳවන දින නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි මා සමඟ ආදේශ කළ හවුල්කරුවන් කොහේදැ යි විමසයි.                    (අල් කුර්ආන් 28 : 62)

3-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ

ඔහු ඔවුන් ව කැඳවන දින නුඹලා ධර්ම දූතයින්ට කවර ආකාරයේ ප්‍රතිචාරයක් දුන්නේ දැ යි ඔහු විමසයි.  (අල් කුර්ආන් 28 : 65)

4-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ ، عَمَّا كَانُوا يَعْمَلُونَ

නුඹේ පරමාධිපතිගේ නාමයෙන්, සැබැවින්ම සියල්ලන්ගෙන්ම ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ප්‍රශ්න අසන්නෙමු.             (අල් කුර්ආන් 15 : 92, 93)

5-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَأَوْفُوا بِالْعَهْدِ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا

ප්‍රතිඥාව ඉටු කරනු. සැබැවින්ම (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින) එම ප්‍රතිඥාව විමසනු ලබන්නකි. (අල් කුර්ආන් 17 : 34)

6-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ

සැබැවින්ම ඔබ (ඔබගේ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත.   (අල් කුර්ආන් 102 : 8)

7-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ ، فَلَنَقُصَّنَّ عَلَيْهِمْ بِعِلْمٍ وَمَا كُنَّا غَائِبِينَ

ධර්ම දූතයින් කවර සමාජයකට එවනු ලැබූවේ ද එවන් අයගෙන් අපි ප්‍රශ්න කරන්නෙමු. තවද එම ධර්ම දූතයින්ගෙන් ද ප්‍රශ්න කරන්නෙමු. තවද සැබැවින්ම අපි ඔවුන් ගැන වූ පුවත පවසන්නෙමු. සැබැවින්ම අපි සැඟ වී සිටින්නන් නොවූයෙමු.          (අල් කුර්ආන් 7 : 6, 7)

8-

عَنْ أَبِي بَرْزَةَ الْأَسْلَمِيِّ رضي الله عنه قَالَ  : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا تَزُولُ قَدَمَا عَبْدٍ يَوْمَ الْقِيَامَةِ حَتَّى يُسْأَلَ عَنْ عُمُرِهِ فِيمَا أَفْنَاهُ وَعَنْ عِلْمِهِ فِيمَ فَعَلَ وَعَنْ مَالِهِ مِنْ أَيْنَ اكْتَسَبَهُ وَفِيمَ أَنْفَقَهُ وَعَنْ جِسْمِهِ فِيمَ أَبْلَاهُ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ බර්සා අල් අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

තම ආයුෂ කාලය කවර කරුණක ගත කළේ ද යන්නත් තම බුද්ධිය කවර කටයුත්තක ක්‍රියා කෙරෙව්වේද යන්නත් තම ධනය එය ඉපැයුවේ කොතැනින් ද එය වියදම් කළේ කවර කටයුත්තක ද යන්නත් තම ශරීරය කවර විෂයයක ක්ෂය කළේද යන්නත් විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු ගැත්තෙකුගේ දෙපා ඉවත් නොවෙයි. (නොසෙලවෙයි.)  (මූලාශ්‍රය : තිර්මිදි, දාරමී)

·       ප්‍රශ්න විමසන ක්‍රමය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්‍රශ්න විමසනු ලබන්නන් කණ්ඩායම් දෙකකි.

පළමුවැන්න : දේව විශ්වාසවන්තයෝය. මොවුන් ඉතා පහසු විමසීමකින් විමසනු ලබති. මෙය ඔවුන්ගේ වැරදි දරා ගැනීම හා පාප ක්ෂමව පිරිනැමීම සම්බන්ධයෙන් අල්ලාහ් ඔවුනට කළ භාග්‍යය  ඔවුන් මත ප්‍රදර්ශනය කිරීමකි.

1.

عن عَائِشَة رضي الله عنها أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: " لَيْسَ أَحَدٌ يُحَاسَبُ يَوْمَ الْقِيَامَةِ إِلَّا هَلَكَ " فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَلَيْسَ قَدْ قَالَ اللَّهُ تَعَالَ { فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا } فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " إِنَّمَا ذَلِكِ الْعَرْضُ وَلَيْسَ أَحَدٌ يُنَاقَشُ الْحِسَابَ يَوْمَ الْقِيَامَةِ إِلَّا عُذِّبَ " متفق عليه.

අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ප්‍රශ්න කරනු ලබන කිසිවකු විනාශ නොවී යන්නේ නැත. එවිට අල්ලාහ්ගේ දූතයාණනි! තම වාර්තාව තම දකුණතට දෙනු ලැබු අය වූ කලී ඔහු පහසු ගිණුම් බැලීමකින් විමසුමකට ලක් වනු ඇතැයි අල්ලාහ් පවසා තිබෙනවා නොවේ දැ? යි ඇය විමසා සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ එය ප්‍රදර්ශනය කිරීමකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විභාගයට ලක් වන කිසිවකු දඬුවම් කරනු ලබනු මිස නැත යැයි පවසා සිටියහ.  (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

2.

وَعَن ابن عمر رضي الله عنهما قال: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ " يُدْنَى الْمُؤْمِنُ يَوْمَ الْقِيَامَةِ مِنْ رَبِّهِ عَزَّ وَجَلَّ حَتَّى يَضَعَ عَلَيْهِ كَنَفَهُ فَيُقَرِّرُهُ بِذُنُوبِهِ فَيَقُولُ هَلْ تَعْرِفُ فَيَقُولُ أَيْ رَبِّ أَعْرِفُ قَالَ فَإِنِّي قَدْ سَتَرْتُهَا عَلَيْكَ فِي الدُّنْيَا وَإِنِّي أَغْفِرُهَا لَكَ الْيَوْمَ فَيُعْطَى صَحِيفَةَ حَسَنَاتِهِ وَأَمَّا الْكُفَّارُ وَالْمُنَافِقُونَ فَيُنَادَى بِهِمْ عَلَى رُءُوسِ الْخَلَائِقِ هَؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَى اللَّهِ" متفق عليه

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති දේව විශ්වාසවන්තයාට සමාව දෙන තෙක්  ඔහු ව ඔහු වෙත සමීප කරනු ලැබේ. පසුව ඔහුගේ පාපය ඉදිරිපත් කෙරෙයි. එවිට ඔහු ‘ඔබ මෙය දන්නෙහි දැ‘යි විමසයි. එසේය. මාගේ පරමාධිපතියාණනි, මම දනිමි යැයි පවසයි. මෙලොව දී එය මම සැඟවූයෙමි. අද දින මම එයට සමාව දෙමි යැයි පවසා ඔහුගේ යහපත ලියැවුණු පත්‍රිකාව දෙනු ලැබේ. දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් වූ කලී මැවීම් වලට ඉහළින් (ප්‍රසිද්ධියේ) මොවුන් අල්ලාහ් කෙරෙහි බොරු පවසමින් සිටි අය වෙති යැයි පවසා ඔවුන් ව කැඳවයි.         (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

දෙවැන්න, දේව ප්‍රතික්ෂේපකයෝය. ඉතා බැරෑරුම් ප්‍රශ්න වලින් විමසනු ලබති. ලොකු කුඩා සියලු දෑ පිළිබඳ විමසනු ලබති. ඔහු සත්‍යය පැවසුවේ නම් ඔහු පිළිගත් අයුරින් ප්‍රශ්න කරනු ලැබේ. බොරු කීමට හෝ සැඟවීමට හෝ උත්සාහ දැරුවේ නම් එවිට ඔහුගේ කටට මුද්‍රා තබයි. අල්ලාහ් පවසා ඇති අයුරින් ඔහුගේ ශරීර අවයව කතා කරන්නට පටන් ගනී.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

අද දින අපි ඔවුන්ගේ කටවල් වලට මුද්‍රා තබන්නෙමු. ඔවුන් උපයමින් සිටි දෑ පිළිබඳ ව ඔවුන්ගේ අත් කතා කරවන්නටත් ඔවුන්ගේ පාද සාක්ෂි පැවසීමටත් සලස්වන්නෙමු.                    (අල් කුර්ආන් 36 : 65)

·        ප්‍රජාවන් අතුරින් විභාගයට ලක්වන්නෝ

1-   නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙන් කර දැක් වූ අය හැර පොදුවේ සියලු ජනයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින විභාගයට ලක් වෙති. එසේ වෙන් කර දැක්වූවෝ මෙම ප්‍රජාවේ හැත්තෑ දහසක් වෙති. ඔවුන් කිසිදු ප්‍රශ්න කිරීමකින් හා දඬුවම් කිරීමකින් තොරව ස්වර්ගයට පිවිසෙති.

2-   දේව ප්‍රතික්ෂේපකයෝ ප්‍රශ්න කරනු ලබති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට ඉතා නපුරු අයුරින් ගෙන හැර පානු ඇත. දඬුවම ගැන ඔවුන් කලබල වෙති. එබැවින් අඩුවෙන් නපුරුකම් කළවුනට දෙන දඬුවමට වඩා වැඩියෙන් නපුරුකම් කළවුනට දෙන දඬුවම අතිමහත් වනු ඇත. ඔහු යහපත් වැඩ කර ඇත්නම් මෙලොවේ දීම සුවය, ධනය, සුබ සාධන පිරිනමනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නිරයට පිවිසෙනු ඇත.

3-   මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ප්‍රජාවන් අතුරින් ප්‍රථමයෙන්ම විභාගයට ගනු ලබන්නේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්‍රජාවයි. එදින මුස්ලිම්වරයකු ප්‍රථමයෙන්ම විමසනු ලබන්නේ ඔහුගේ සලාතය පිළිබඳවයි. එය නිසියාකාර ව ඉටු කර ඇත්නම් ඔහුගේ සෙසු ක්‍රියාවන් ද නිසියාකාරව හැඩ ගැසෙනු ඇත. එය අයහපත් වී නම් ඔහුගේ සෙසු ක්‍රියාවන් ද අයහපත් වනු ඇත. ජනයා අතර ප්‍රථමයෙන්ම දෙනු ලබන තීන්දුව වනුයේ ප්‍රාණ ඝාතනය සම්බන්ධයෙනි.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " إِنَّ اللَّهَ لَا يَظْلِمُ مُؤْمِنًا حَسَنَةً يُعْطَى بِهَا فِي الدُّنْيَا وَيُجْزَى بِهَا فِي الْآخِرَةِ وَأَمَّا الْكَافِرُ فَيُطْعَمُ بِحَسَنَاتِ مَا عَمِلَ بِهَا لِلَّهِ فِي الدُّنْيَا حَتَّى إِذَا أَفْضَى إِلَى الْآخِرَةِ لَمْ تَكُنْ لَهُ حَسَنَةٌ يُجْزَى بِهَا " أخرجه مسلم.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

දේව විශ්වාසවන්තයකුට ඔහු කළ යහපතට අල්ලාහ් අයුක්තියක් සිදු නොකරයි. ඒ වෙනුවෙන් ඔහුට මෙලොව ද යහපත පිරිනමනු ලබයි. පරලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල දෙනු ලබයි. නමුත් දේව ප්‍රතික්ෂේපකයකු වූ කලී අල්ලාහ් වෙනුවෙන් යැයි කළ යහපත් ක්‍රියාවන් වෙනුවෙන් මතු ලොවෙහි ඒ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නට කිසිදු යහපතක් ඉතිරි ව නොපවතින තරමට මෙලොවෙහි දීම භුක්ති විඳින්නට සලස්වයි.  (මූලාශ්‍රය : මුස්ලිම්)

·       තුලාව පිහිටුවනු ලැබීම

මැවීම්වලින් විභාග කරනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තුලාවන් තබනු ලැබේ. විනිශ්චය සඳහා ජනයාගෙන් එක් එක් අය ඉදිරිපත් කරනු ලැබේ. පසුව පරමාධිපති ඔවුන්ගෙන් විමසයි. ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳ විමසයි.

විනිශ්චය අවසන් වූ පසු එම ක්‍රියාවන් තුලාවෙහි තබා කිරනු ඇත. එය සැබෑ තුලාවකි. එයට පැති දෙකක් ඇත.

1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَاسِبِينَ (21:17)

(මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන දින සඳහා සාධාරණීය තුලාවන් හි තබන්නෙමු. එබැවින් කිසිදු ආත්මයක් කිසිවකින් අපරාධ කරනු නොලැබේ. එය අබ ඇටයක තරම් වුව ද එය අපි ගෙන එන්නෙමු. ඒ ගැන ගණන් ගන්නන් වශයෙන් අප ප‍්‍රමාණවත්ය. (අල් කුර්ආන් 21 : 47)

2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (8) وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ بِمَا كَانُوا بِآَيَاتِنَا يَظْلِمُونَ

එදින (ක‍්‍රියාවන්හි) මිනුම සත්‍යයකි. කවරෙකුගේ තරාදිය බරින් වැඩි වන්නේ ද ඔවුන්මය ජයග‍්‍රාහකයින් වන්නේ.

කවරෙකුගේ තරාදිය බරින් අඩු වන්නේ ද ඔවුන්මය අපගේ වදන් සම්බන්ධ ව අසාධාරණකම් කරමින් සිටි හේතුවෙන් තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් වන්නේ. (අල් කුර්ආන් 7: 8,9)

3. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ (6) فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ (7) وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ (8) فَأُمُّهُ هَاوِيَةٌ (9) وَمَا أَدْرَاكَ مَا هِيَهْ (10) نَارٌ حَامِيَةٌ (11)

එබැවින් (යහ ක‍්‍රියාවන්ගෙන්) තම තුලාවන් බරින් වැඩි වූ අය පිළිබඳ ව (සඳහන් කරන්නේ) නම් ඔහු තෘප්තිමත් ජීවිතයෙහිය. තවද තම තුලාවන් බරින් සැහැල්ලූ වූ අය පිළිබඳ ව (සඳහන් කරන්නේ) නම් ඔහුගේ වාසස්ථානය හාවියා ය. එය කුමක් දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක් ද? එය දැඩි උෂ්ණත්වයකින් දැල්වෙන ගින්නකි. (අල් කුර්ආන් 101 : 6-11)

·       තුලනය කරන ක්‍රමය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන්ගේ යහපත් අයහපත් ක්‍රියාවන් කිරනු ලැබේ. කවරෙකුගේ යහපත් දෑ බරින් වැඩි වන්නේ ද ඔහු ජයග්‍රහණය ලබනු ඇත. කවරෙකුගේ අයහපත් දෑ බරින් වැඩි වන්නේ ද ඔහු විනාශ වනු ඇත. අල්ලාහ්ගේ සියලු ගැත්තන් ඉදිරියේ ඔහු යුක්තිය පෙන්වමින් එම ක්‍රියාවන් කළ පුද්ගලයාව ද ඔහුගේ ක්‍රියාවද එම ක්‍රියාවෙහි වාර්තාව ද කිරනු ලැබේ. කියාමත් දිනයේ ගැත්තකුගේ තුලාවෙහි තබනු ලබන දැයින් ඉතා බර ව පවතිනුයේ ඔහුගේ යහ ගතිගුණය.

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (8) وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ بِمَا كَانُوا بِآَيَاتِنَا يَظْلِمُونَ

එදින (ක‍්‍රියාවන්හි) මිනුම සත්‍යයකි. කවරෙකුගේ තරාදිය බරින් වැඩි වන්නේ ද ඔවුන්මය ජයග‍්‍රාහකයින් වන්නේ.

කවරෙකුගේ තරාදිය බරින් අඩු වන්නේ ද ඔවුන්මය අපගේ වදන් සම්බන්ධ ව අසාධාරණකම් කරමින් සිටි හේතුවෙන් තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් වන්නේ. (අල් කුර්ආන් 7 : 8,9)

2-

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِنَّهُ لَيَأْتِي الرَّجُلُ الْعَظِيمُ السَّمِينُ يَوْمَ الْقِيَامَةِ لَا يَزِنُ عِنْدَ اللَّهِ جَنَاحَ بَعُوضَةٍ" وَقَالَ : "اقْرَءُوا ان شئتم { فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا } متفق عليه.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අති බලවත් තරබාරු මිනිසෙකු පැමිණෙයි. අල්ලාහ් අබියස ඔහුගේ බර කෝදුරුවකුගේ පිහාටුවක තරමින් වත් නොපවතී. තවදුරටත් එතුමාණන් මෙසේ පවසයි. නුඹලා කැමැත්තෙහු නම් මෙය පාරයනය කරනු.

فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا

(මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන දින (ඔවුන්ගේ ක‍්‍රියාවන් සඳහා) කිසිදු බරක් (වටිනාකමක්) අපි ඔවුනට ඇති නොකරන්නෙමු. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

·        මතු ලොවෙහි දේව ප්‍රතික්ෂේපකයින්ගේ ක්‍රියාවන්හි තීන්දුව

දේව ප්‍රතික්ෂේපකයින්ගේ හා කුහකයින්ගේ කැපකිරීම් හෝ ඔවුන්ගේ අවනතවීම් එදින පිළි ගනු නොලබනු ඇත. හේතුව එහි කොන්දේසිය වූ දේව විශ්වාසය ඔවුන් තුළ නොමැති වූ හෙයිනි. ඔවුන්ගේ ක්‍රියාවන් දැඩි සුළඟට හසු වූ අළු මෙනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් වලට ඉහළින් ඔවුන් අමතා ‘තමන්ගේ පරමාධිපති ගැන අසත්‍යය ප්‍රකාශ කළේ මොවුන් යැයි ප්‍රසිද්ධියේ නිවේදනය කරනු ලැබේ.

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أُولَئِكَ يُعْرَضُونَ عَلَى رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَى رَبِّهِمْ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ (11:18)

අල්ලාහ් ගැන බොරු ගෙතූ අයට වඩා අපරාධකරුවා කවරෙකු ද? ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නෝය. තම පරමාධිපති ගැන අසත්‍යය ප්‍රකාශ කළවුන් මොවුන්මය යැයි සාක්ෂිකරුවන් පවසන්නෝය. දැන ගනිවු. අපරාධකරුවන්ට අල්ලාහ්ගේ ශාපය ඇත.       (අල්-කුර්ආන් 11 : 18)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

مَثَلُ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ لَا يَقْدِرُونَ مِمَّا كَسَبُوا عَلَى شَيْءٍ ذَلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ

තම පරමාධිපති ව ප‍්‍රතික්ෂේප කළවුන්ගේ උපමාව නම් ඔවුන්ගේ ක‍්‍රියාවන් සැඩ සුළඟ හමන දිනයෙහි සුළඟට ගසා යන අළු බඳුය. ඔවුන් ඉපැයූ කිසිවක් කෙරෙහි ඔවුන් ශක්තිය නොලබති. එය ය අන්ත මුළාව වන්නේ. (අල්-කුර්ආන් 14 : 18)

3- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَى يَوْمَئِذٍ لِلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَحْجُورًا (22) وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا (23) 25:

මලක්වරුන් ව ඔවුන් දකින දින වැරදිකරුවන්ට එදින කිසිදු ශූභාශිංසනයක් නැත. තවද (සියලුම සැප පහසුකම්) මුළුමණින්ම වළක්වනු ලැබීය යැයි ඔවුහු පවසති. 

යම් ක‍්‍රියාවක් කර ඇත්නම් ඒ වෙත අපි යොමු වන්නෙමු. පසුව එය පැතිරී යන දූවිලි බවට පත් කරන්නෙමු. (අල්-කුර්ආන් 25 : 22,23)

·       ක්‍රියාවන් ප්‍රදර්ශනය කිරීම

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ගැත්තන්ගේ ක්‍රියාවන් ඔවුනට ප්‍රදර්ශනය කරනු ලැබේ. පුද්ගලයකු තමන් කළ ක්‍රියාවන් කුඩා වුව ද විශාල වුව ද යහපත් වුව ද අයහපත් වුව ද ඍජුවම දැක ගනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ (6) فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ (7) وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ (8) 99:

එදින ඔවුන්ගේ ක‍්‍රියාවන්(හි ප‍්‍රතිඵල) පෙන්වනු ලබනු පිණිස කණ්ඩායම් වශයෙන් මිනිසුන් නික්ම යති. එබැවින් කවරෙකු අණු ප‍්‍රමාණයක තරම් යහපතක් සිදු කරන්නේ ද ඔහු එය දැක ගනී. තවද කවරෙකු අණු ප‍්‍රමාණයක තරම් අයහපතක් සිදු කරන්නේ ද ඔහු එය ද දැක ගනී.                   (අල්-කුර්ආන් 99 : 6-8)

·       මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින කුඩා දරුවන්ට දෙන තීන්දුව

වැඩිහිටියන් ස්වර්ගයට ඇතුළත් වන අයුරින්ම දේව විශ්වාස වන්තයින්ගේ කුඩා දරුවන් ද ඔවුන්ගේ ආදි පියා ආදම්ගේ ස්වරූපයෙන්ම ස්වර්ගයට ඇතුළත් වෙති. දේව ප්‍රතික්ෂේපක යින්ගේ කුඩා දරුවන් ද එලෙසමය. වැඩිහිටියන් විවාහ වනවාක් මෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් හා භාග්‍යයෙන් ඔවුන් ද විවාහ වෙති.

කවරෙකු විවාහ නොවී මරණයට පත්වන්නේ ද ඔහු හෝ ඇය පිරිමියෙකු හෝ ස්ත්‍රියකු හෝ වේවා මතු ලොවෙහි විවාහ වනු ඇත. ස්වර්ගයේ කිසිවකු අවිවාහක නොවෙති.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ (55) هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ (56)   36:

සැබැවින්ම එදින ස්වර්ගවාසීහු (තම) කාර්යයන්හි සතුටු වන්නන් වෙති. ඔවුන් හා ඔවුන්ගේ භාර්යාවන් සෙවණෙහි ඇඳන් මත හාන්සිවන්නන් ව සිටිති.  (අල් කුර්ආන් 36 : 55,56)

අෂ්-ෂෆාඅත්

කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම

·       අෂ් ෂෆාඅත් යනු වෙනත් කෙනෙකු වෙනුවෙන් යහපත හා උදව් පැතීම

·       ෂෆාඅත් හි වර්ග

ෂෆාඅත් කොටස් දෙකකි.

පළමුවැන්න : නබි තුමාණන්ගේ විශේෂිත  ෂෆාඅතය. එහි වර්ග ඇත.

1-   තමන් අතර තීන්දු දෙනු ලබනු පිණිස නතර වී සිටින උදවිය වෙනුවෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆආතය හෙවත් පෙනී සිටීම. එවිට නබි තුමාණෝ ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙති. අල්ලාහ් ඔවුන් අතර තීන්දු පිරිනමයි. එය ඔහු සතු අල්-මකාම් අල්-මහ්මූද් නම් ස්ථානයෙහිය.

2-   එතුමාණන්ගේ ප්‍රජාවට අයත් ජන සමූහයන් වෙනුවෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆආතය හෙවත් පෙනී සිටීම. ඔවුහු කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ස්වර්ගයට පිවිසෙති. ඔවුහු හැත්තෑ දහසක් දෙනා වෙති. ඉහත සඳහන් පරිදි අල්ලාහ් එතුමාණන්ට ඔබ ඔබේ ප්‍රජාවෙන් කිසිදු විනිශ්චයක් නොමැත්තන් ව දකුණු දොරටුවෙන් ඇතුළත් කරනු යැයි පවසයි. 

3-   තමන්ගේ යහපත හා අයහපත සමාන්තර ව පිහිටුනු උදවිය වෙනුවෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆාඅතය හෙවත් පෙනී සිටීම. ඔවුන් ස්වර්ගයට ඇතුළත් කරනු පිණිස ඔවුන් වෙනුවෙන් එතුමාණෝ මැදිහත් වෙති.

4-   ස්වර්ගයට පිවිසෙන්නන්ගේ තරාතිරම් උසස් කරවා ගැනීමෙහි ඔවුන් වෙනුවෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆආතය හෙවත් පෙනී සිටීම. ඔවුන්ගේ ක්‍රියාවන් වෙනුවෙන් තීන්දු කරන ලද කුසල් වලට වඩා වැඩියෙන් ලබා දෙන මෙන් එතුමාණෝ ඉල්ලා සිටිති.

5-   එතුමාණන්ගේ මහප්පා වූ අබූතාලිබ්ට ඔහුගේ දඬුවම ඔහුට ලිහිල් කර දෙන මෙන් ඉල්ලා ඔහු වෙනුවෙන් කරන ලද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆාඅතය - පෙනී සිටීම.

6-   සියලු දේව විශ්වාසවන්තයින් ස්වර්ගයට ඇතුළත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ඔවුන් වෙනුවෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆාඅතය - පෙනී සිටීම.

දෙවැන්න : පොදුවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් පමණක් නොව සෙසු නබිවරුන් මලක්වරුන් හා දේව විශ්වාසවන්තයින් විසින් සිදු කරන ෂෆාඅතය.

එය මුස්ලිම්වරුන් අතුරින් නිරයට සුදුසුකම් ලැබූවන් එයට ඇතුළත් නොකරන මෙන් ද එහි ඇතුළු වූවන් එයින් බැහැර කරන මෙන් ද ඉල්ලා ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමයි.

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَى (53:26) 

අහස්හි කෙතරම් මලක්වරුන් වෙත් ද? ඔවුන්ගේ පෙනී සිටීම අල්ලාහ් අභිමත කළ අයට හා ඔහු පිළිගත් අයට අනුමැතිය දීමෙන් පසුව මිස කිසිවකුට ප‍්‍රයෝජනවත් නොවනු ඇත.     (අල් කුර්ආන් : 53 : 26)

2-

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أن رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ فَتَعَجَّلَ كُلُّ نَبِيٍّ دَعْوَتَهُ وَإِنِّي اخْتَبَأْتُ دَعْوَتِي شَفَاعَةً لِأُمَّتِي يَوْمَ الْقِيَامَةِ فَهِيَ نَائِلَةٌ إِنْ شَاءَ اللَّهُ مَنْ مَاتَ مِنْ أُمَّتِي لَا يُشْرِكُ بِاللَّهِ شَيْئًا " متفق عليه

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

සෑම නබිවරයකුටම පිළිගන්නා ලද පැතුම් තිබිණ. සෑම නබිවරයකුම ඔවුනොවුන්ගේ පැතුම් කළින්ම ඉල්ලා හමාරය. සැබැවින්ම මම මාගේ පැතුම ප්‍රමාද කළෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ ජන සමාජය වෙනුවෙන් මැදිහත්වීමටය. අල්ලාහ්ගේ අභිමතය පරිදි මාගේ ජන සමූහයා අතුරින් කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර මිය ගියේ ද ඔවුනට එහි නැඹුරු ව ඇත.            (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

3-

وَعَنْ أَبِيْ الدَّرْدَاءَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "يُشَفَّعُ الشَّهِيدُ فِي سَبْعِينَ مِنْ أَهْلِ بَيْتِهِ" أخرجه أبو داود .

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ ෂහීද්වරයා ඔහුගේ පවුලේ හැත්තෑ දෙනකු වෙනුවෙන් පෙනී සිටින්නට සලස්වනු ලැබේ. (එනම් ඔහුගේ පෙනී සිටීම පිළිගනු ඇත.) මූලාශ්‍රය : අබූ දාවූද්

මෙම මැදිහත් වීමට කොන්දේසි දෙකක් අදාළ ය.

1.      පෙනී සිටීම සඳහා අල්ලාහ්ගේ අනුමැතිය

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ (2:225) 

ඔහුගේ අනුමැතියෙන් තොරව ඔහු අබියස මැදිහත් වන්නා කවරෙකු ද?                 (අල් කුර්ආන් 2 : 255)

2.     පෙනී සිටින්නා හා ඔහු කවරෙකු වෙනුවෙන් පෙනී සිටින්නේ ද ඔහු අල්ලාහ්ගේ තෘප්තියට භාජනය වීම

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَى (53:26) 

අහස්හි කෙතරම් මලක්වරුන් වෙත් ද? ඔවුන්ගේ පෙනී සිටීම අල්ලාහ් අභිමත කළ අයට හා ඔහු පිළිගත් අයට අනුමැතිය දීමෙන් පසුව මිස කිසිවකුට ප‍්‍රයෝජනවත් නොවනු ඇත. (අල් කුර්ආන් : 53 : 26)

·       දේව ප්‍රතික්ෂේපකයා වෙනුවෙන් පෙනී සිටීම

දේව ප්‍රතික්ෂේපකයෙකු වෙනුවෙන් කෙරෙන කිසිදු පෙනී සිටීමක් ප්‍රයෝජනවත් නොවනු ඇත. ඔහු නිරයටම සදාතනික වෙයි. ස්වර්ගයට ඇතුළු නොවෙයි. යම් කිසි කෙනෙකුට ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට නියම වුව ද එම පෙනී සිටීම ඔහුට ප්‍රයෝජනවත් නොවනු ඇත.

අපරාධකරුවන් පිළිබඳ ව අති පාරිශුද්ධ අල්ලාහ් මෙසේ පවසා සිටියි.

فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ (74:48)

පෙනී සිටින්නන්ගේ පෙනී සිටීම ඔවුනට ප්‍රයෝජනවත් නොවනු ඇත.   (අල් කුර්ආන් 74 : 48)

·       නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ෂෆාඅතය අයැද සිටීම

කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ෂෆාඅතය අපේක්ෂා කරන්නේ ද ඔහු යා අල්ලාහ්! ඔබගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆාඅතය මට ලබා දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කරමින් අල්ලාහ්ගෙන් අයැද සිටිය යුතුය. ඒ සමඟම ඒකීය අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් ඉටු කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට සලවාත් පවසමින් හා එතුමාණන් වෙනුවෙන් වසීලා පතමින් එයට බැඳුණු දැහැමි ක්‍රියාවන් කළ යුතු වේ.

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أن رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ خَالِصًا مِنْ قَلْبِهِ أَوْ نَفْسِهِ " أخرجه البخاري.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ පෙනී සිටීමෙන් ජනයා අතර වඩාත් සතුට ට පත්වනුයේ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති ව තම හදවතින් හෝ සිතින් අවංක ව ප්‍රකාශ කළ තැනැත්තාය.

මූලාශ්‍රය : බුහාරි.

විනිශ්චය හා තුලනය

අල්- හව්ල් (තටාකය හෝ සම්පත්)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හව්ල් හෙවත් තටාකයේ ස්වභාවය.

1.      උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ (1) فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ (2) إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ (3)

            සැබැවින්ම අපි ‘කව්සර’ය නුඹට පිරිනැමුවෙමු.  එබැවින් නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කරවු. තවද (සතුන්) කැප කරවු. සැබැවින්ම නුඹගේ සතුරා වන ඔහුය (සියලු යහපත් දැයින්) කපා හරිනු ලැබූ අය වනුයේ.

                                                (අල් කුර්ආන් : 108)

وَعَنْ عَبْدِ اللَّهِ بْنُ عَمْرٍو رضي الله عنهما قال : قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "حَوْضِي مَسِيرَةُ شَهْرٍ مَاؤُهُ أَبْيَضُ مِنْ اللَّبَنِ وَرِيحُهُ أَطْيَبُ مِنْ الْمِسْكِ وَكِيزَانُهُ كَنُجُومِ السَّمَاءِ مَنْ شَرِبَ مِنْهَا فَلَا يَظْمَأُ أَبَدًا" متفق عليه.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මාගේ තටාකය මසක ගමන් කරන දුර ප්‍රමාණයකින් පවතී. එහි ජලය කිරි වලට වඩා සුදු පැහැතිය. එහි සුවඳ කස්තූරි වලට වඩා සුවදැතිය. එහි ඇති ජෝගු අහසේ තරු මෙන් පවතී. කවරෙකු එයින් පානය කළේ ද කිසිවිටක ඔහුට පිපාසය ඇති නොවේ.

මූලාශ්‍රය : බුහාරි මුස්ලිම්

තවත් ප්‍රකාශයක

عَرْضُهُ مِثْلُ طُولِهِ مَا بَيْنَ عَمَّانَ إِلَى أَيْلَةَ مَاؤُهُ أَشَدُّ بَيَاضًا مِنْ اللَّبَنِ وَأَحْلَى مِنْ الْعَسَلِ

එහි පළල ද එහි දිග හා සමානය. එය අම්මාන් හා අයිලා අතර පවතින්නක් මෙනි. එහි ජලය කිරි වලට වඩා සුදු පැහැතිය. මී පැණි වලට වඩා රසවත්ය                                                                       (මූලාශ්‍රය : මුස්ලිම්)

ඇත්තෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මාගේ හව්ල් හෙවත් තටාකයේ ප්‍රමාණය අයිලා හා යමන් හි සන්ආ යන ප්‍රදේශ අතර ප්‍රමාණය මෙන් පවතී. එහි අහස්හි තරු වල ප්‍රමාණය මෙන්  ජෝගු තිබේ.

(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

හවුල් හෙවත් තටාකයෙන් පලවා හරිනු ලබන්නන් කවරහු ද?

عَن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال : "يَرِدُ عَلَيَّ يَوْمَ الْقِيَامَةِ رَهْطٌ مِنْ أَصْحَابِي فَيُحَلَّئُونَ عَنْ الْحَوْضِ فَأَقُولُ يَا رَبِّ أَصْحَابِي فَيَقُولُ إِنَّكَ لَا عِلْمَ لَكَ بِمَا أَحْدَثُوا بَعْدَكَ إِنَّهُمْ ارْتَدُّوا عَلَى أَدْبَارِهِمْ الْقَهْقَرَى. (أخرجه البخاري)

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මාගේ සගයින් අතුරින් (රහත් හෙවත් 3-10 සමන්විත) පිරිසක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින මා වෙත පැමිණෙති. එවිට මගේ තටාකයෙන්  ඔවුන් ව ඉවත් කරනු ලැබේ. එවිට අහෝ ! මාගේ පරමාධිපතියාණනි, මොවුන් මගේ සගයින් වෙති යැයි පවසමි. එවිට ඔහු ඔබ පිටුපසින් සිට ඔවුන් කතා කළ දෑ ගැන ඔබට දැනුමක් නැත. සැබැවින්ම ඔවුහු පසුබාමින් පසුපස ලා  හැරී ගියෝය.                        (මූලාශ්‍රය : බුහාරි)

අස්-සිරාත්

·        අස් සිරාත් - එය නිරය මතු පිටින් සිටවා තබන ලද පාලමකි. මුස්ලිම්වරුන් ඒ හරහා ස්වර්ගය වෙත තරණය කරති.

·        සිරාත් මත ගමන් කරන්නෝ කවුරහු ද?

සිරාත් මත ගමන් කරන්නෝ මුස්ලිම්වරුය.

දේව ප්‍රතික්ෂේපකයින් හා දේව ආදේශයකින් යන අය ගැන සලකා බලන්නේ නම් ඔවුන් සෑම පිරිසක්ම මෙලොවෙහි ඔවුනොවන් නැමදුම් කළ පිළිරූ නපුරු බලවේග වැනි මිථ්‍යා ඇදහිලි අනුගමනය කරමින් යති. පසුව ප්‍රථමයෙන්ම ඔවුන් නමදිමින් සිටි අය සමගම නිරයට හෙළනු ලබති. සිරාත් තරණය කිරීමට ඔවුනට හැකියාව නොලැබෙනු ඇත.

පසුව කුහකයින් සුජූද් කිරීමට නොහැකිකම හේතු කොට ගෙන ඔවුන් ව එමගින් හඳුනා පසුව දේව විශ්වාසවන්තයින්ගෙන් වෙන් කරනු ලැබේ. දේව විශ්වාසවන්තයින් කෙරෙහි පමණක් ආලෝකය දසතින් පැතිර පවතී. පසුව කුහකයෝ පිටුපසින් නිරය වෙත හැරී යති. දේව විශ්වාසවන්තයෝ සිරාතය තරණය කරමින් ස්වර්ගයට පිවිසෙති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَى نُورُهُمْ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ (12) يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آَمَنُوا انْظُرُونَا نَقْتَبِسْ مِنْ نُورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابُ (13) يُنَادُونَهُمْ أَلَمْ نَكُنْ مَعَكُمْ قَالُوا بَلَى وَلَكِنَّكُمْ فَتَنْتُمْ أَنْفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الْأَمَانِيُّ حَتَّى جَاءَ أَمْرُ اللَّهِ وَغَرَّكُمْ بِاللَّهِ الْغَرُورُ (14) فَالْيَوْمَ لَا يُؤْخَذُ مِنْكُمْ فِدْيَةٌ وَلَا مِنَ الَّذِينَ كَفَرُوا مَأْوَاكُمُ النَّارُ هِيَ مَوْلَاكُمْ وَبِئْسَ الْمَصِيرُ (15)

(නබිවරය) නුඹ විශ්වාසවන්තයින් ව හා විශ්වාසවන්තියන් ව දකින (එම විනිශ්චය) දින ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපිට ද ඔවුන්ගේ (කි‍්‍රයා ලේඛන මගින්) දකුණු අත් වලට ශීඝ‍්‍රයෙන් ගමන් කරයි. ‘අද දින නුඹලාගේ ශුභාරංචිය වන්නේ (ස්වර්ග) උයන්ය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එයමය ඉමහත් ජයග‍්‍රහණය වන්නේ’(යැයි ඔවුන්ට පවසනු ලැබේ.) (12) ආත්ම වංචනික පුරුෂයින් හා ආත්ම වංචනික ස්ත‍්‍රීන් ‘අප වෙනුවෙන් නුඹලා බලා සිටිවු, (මන්ද යත්) නුඹලාගේ ආලෝකයෙන් ස්වල්පයක් අපටද ලබා ගත හැක ’ යැයි විශ්වාස කළවුන්ට පවසන දින, ‘නුඹලාගේ පසුපසට හැරී ගොස් ආලෝකය සොයවු’යැයි (ඔවුනට) පවසනු ලැබේ. එවිට ඔවුන් අතර දොරක් ඇති බිත්තියක් පිහිටුවනු ලැබේ. (විශ්වාසවන්තයින් සිටින) එහි ඇතුලාන්තය කරුණාවය. එහි බාහිර දෙසින් දඬුවමය. (13) ඔවුහු(ආත්ම වංචනිකයින්) ‘අපි නුඹලා සමඟ නොසිටියෙමු දැ’යි ඔවුන් ව(විශ්වාසවන්තයින් ව) අමතති. ‘එසේය, එනමුත් නුඹලා නුඹලාවම (පාප කි‍්‍රයා මගින්) දුෂ්ට මගකට යොමු කර ගත්තෝය. තවද (විශ්වාසවන්තයින්ට අයහපතක් සිදු වනු ඇතැයි) නුඹලා බලාපොරොත්තුවෙන් සිටියෙහුය. තවද (ඉස්ලාමය පිළිබඳ ව) සැකයෙන් පසු වූවෝය. තවද අල්ලාහ්ගේ නියෝගය(මරණය) පැමිණෙන තෙක් ආත්මාශාවන් නුඹලා ව රවටා දැමුවේය. තවද රවටන්නා (වූ ෂෙයිතාන්) නුඹලා ව අල්ලාහ් පිළිබඳ ව රවටා දැමුවේය.’ යැයි ඔවුන්(විශ්වාසවන්තයින්) පවසති. (14) එබැවින් අද දින නුඹලාගෙන් ද ප‍්‍රතික්ෂේප කළවුන්ගෙන් ද වන්දියක් (පිළි)ගනු නොලැබේ. නුඹලාගේ ලැඟුම් ගන්නා ස්ථානය නිරා ගින්නය. එයමය නුඹලාට සුදුසු ස්ථානය වන්නේ. තවද (නුඹලා) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද? (15)                                           (අල් කුර්ආන් 57 : 12-15)

විනිශ්චය කොට ක්‍රියාවන් ද තුලනය කොට එය අවසන් වූ පසුව සිරාත් මත ගමන් කිරීම සිදු වේ.

උත්තරීතර අල්ලාහ් පවසා සිටින්නාක් මෙන් සිරාත් මත ගමන් කිරීමට මිනිසාට බල කරනු ලැබේ.

وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَقْضِيًّا (71) ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا (72) 

නුඹලා කිසිවෙකු එය තරණය කරන්නෙකු මිස නැත. මෙය නුඹගේ පරමාධිපති මත වූ ස්ථීර තීන්දුවක් විය. (71) පසුව අපි බිය භක්තිකයින් ව මුදවා ගන්නෙමු. තවද අපි අපරාධකරුවන් ව එහි දණින් සිටින්නන් ලෙස අත හැර දමන්නෙමු.                 (අල්-කුර්ආන් 19: 71,72)

·        සිරාත්හි ස්වභාවය හා එය තරණය කිරීම

عن أبي سعيد الخدري رضي الله عنه- في حديث الرؤية وصفة الصراط – وفيه- : قيل  يَا رَسُولَ اللَّهِ وَمَا الْجَسْرُ قَالَ مَدْحَضَةٌ مَزِلَّةٌ عَلَيْهِ خَطَاطِيفُ وَكَلَالِيبُ وَحَسَكَةٌ مُفَلْطَحَةٌ لَهَا شَوْكَةٌ عُقَيْفَاءُ تَكُونُ بِنَجْدٍ يُقَالُ لَهَا السَّعْدَانُ الْمُؤْمِنُ عَلَيْهَا كَالطَّرْفِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَنَاجٍ مَخْدُوشٌ وَمَكْدُوسٌ فِي نَارِ جَهَنَّمَ

සිරාත්හි ස්වරූපය හා එහි දැක්ම පිළිබඳ අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද දීර්ඝ හදීසයක මෙසේ සඳහන්වී ඇත.

අල්ලාහ්ගේ දූතයාණනි, එම පාලම කුමක්දැ යි අපි විමසුවෙමු. එවිට එතුමා එය  ලිස්සන සුළු පල්ලම් සහිතය. කොකු අංකුශ හා කටු සහිත පුළුල්භාවයෙන් යුක්තය. නජ්ද් ප්‍රදේශයේ දක්නට ඇති අස්-සඃදාන් නමැති එකිනෙකට ඇමිණී ඇති කටු මෙන් වූ කටු ද ඇත. (එම පාලම තරණය කිරීම) දේව විශ්වාසවන්තයකුට ඇසි පිය ගසන මෙන් ද විදුලි කොටන මෙන් ද සුළඟ හමන මෙන්ද වේගයෙන් දිව යන අශ්වයකු පිට යන්නාක් මෙන් ද ඔටුවකු පිට යන්නාක් මෙන්ද පවතී. පිළිගනු ලබමින් ගමන් කරන්නන් ද වෙති. හූරා ගෙන තුවාල කර ගෙන නිරය වෙත ගමන් කරන්නන් ද  වෙති. (බුහාරි හා මුස්ලිම්)

·        සිරාත් තරණය කරන ප්‍රථම උදවිය

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා එතුමාගේ ප්‍රජාව මුළින්ම සිරාතය තරණය කරති. දේව විශ්වාසවන්තයෝ හැර වෙන කිසිවකු එය තරණය නොකරනු ඇත. ඔවුනොවුන්ගේ විශ්වාසය හා ක්‍රියාවන්ට අනුව ඔවුනට ආලෝකය පිරිනමනු ලැබේ. පසුව ඒ අනුව සිරාත් පාලම මත ඔවුන් ගමන් කරති.

වගකීම් හා ඥාතීත්වය පාලම දෙපස දකුණු දෙසින් හා වමින් දෙසින් පිහිටයි. එදින රසූල්වරු යා ! අල්ලාහ්, ඔබට සලාම්, සලාම් යැයි ප්‍රාර්ථනා කරති.

عَن أبي هريرة رضي الله عنه ان رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال في حديث الرؤية : "وَيُضْرَبُ الصِّرَاطُ بَيْنَ ظَهْرَيْ جَهَنَّمَ فَأَكُونُ أَنَا وَأُمَّتِي أَوَّلَ مَنْ يُجِيزُ وَلَا يَتَكَلَّمُ يَوْمَئِذٍ إِلَّا الرُّسُلُ وَدَعْوَى الرُّسُلِ يَوْمَئِذٍ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ" متفق عليه.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

නිරයේ මතු පිට දෙකෙළවරයන් හි සිරාත් පිහිට වනු ලැබේ. පසුව මා හා මාගේ ජනයා එය තරණය කරන්නන් අතුරින් ප්‍රමුඛයෝ වෙමු. රසූල්වරුන් හෙවත් ධර්ම දූතයින් හැර වෙන කිසිවකු කතා නොකරනු ඇත. එදින රසූල්වරුන්ගේ පැතුම යා ! අල්ලාහ්, සලාම් සලාම් යන්නයි.                        මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්

·        සිරාත් තරණය කිරීමෙන් පසු දේව විශ්වාසවන්තයින්ට සිදුවනුයේ කුමක් ද ?

عَن أبي سَعِيدٍ الْخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "يَخْلُصُ الْمُؤْمِنُونَ مِنْ النَّارِ فَيُحْبَسُونَ عَلَى قَنْطَرَةٍ بَيْنَ الْجَنَّةِ وَالنَّارِ فَيُقَصُّ لِبَعْضِهِمْ مِنْ بَعْضٍ مَظَالِمُ كَانَتْ بَيْنَهُمْ فِي الدُّنْيَا حَتَّى إِذَا هُذِّبُوا وَنُقُّوا أُذِنَ لَهُمْ فِي دُخُولِ الْجَنَّةِ فَوَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَأَحَدُهُمْ أَهْدَى بِمَنْزِلِهِ فِي الْجَنَّةِ مِنْهُ بِمَنْزِلِهِ كَانَ فِي الدُّنْيَا" أخرجه البخاري.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

දේව විශ්වාසවන්තයින් නිරයෙන් මිදී ස්වර්ගය හා නිරය අතර ඇති ආරුක්කුවෙහි රඳවා ගනු ලබති.  ඔවුන්ගෙන් ඇතැමෙකු ගැන ඇතැමුනට ඔවුන් වෙන් කර දක්වා  පාරිශුද්ධත්වයට පත් කරවනු ලබන තුරු මෙලොවෙහි ඔවුන් අතර සිදු වූ අපරාධයන් ගැන පවසනු ලැබේ. පසුව ස්වර්ගයට ඇතුළු වීමට ඔවුනට අනුමැතිය දෙනු ලැබේ. මුහම්මද්ගේ ආත්මය කවුරුන් අතෙහි පවතින්නේ ද ඔහු මත දිවුරා පවසමි. ඔවුන් අතුරින් වූ කිසිවකුට ස්වර්ගයේ තම තරාතිරමින් වඩා යහපත් වනුයේ මෙලොවෙහි තම තරාතිරමින් යහපත් ව සිටි අය වේ.  (මූලාශ්‍රය : බුහාරි)

සදාතනික නිවහන

මිනිස් ජීවිතයේ අදියර

මිනිසා අදියරයකින් පසු තවත් අදියරයකට යොමු වෙයි. ස්ථානයකින් තවත් ස්ථානයකට ස්ථාන මාරු වෙයි. ආරම්භයේ අල්ලාහ් මිනිසා ව පසින් මැව්වේය. පසුව පස් යන මූලයේ සිට ශුක්‍රාණුව යන මූලයට පරිවර්තනය කළේය. පසුව එය කූඩැල්ලෙකු මෙන් එල්ලෙන සුළු කැටියක් බවටත් මස් ගොබක් බවටත් ඇටකටු බවටත් වෙනස් කොට පසුව එම ඇටකටු මසින් ඇන්ඳෙව්වේය. ඔහු වෙනත් මැවීමක් බවට එය නිර්මාණය කළේය. අනතුරු ව මෙලොවට බැහැර කළේය. අනතුරු ව මිනිසා මරණයට පත් ව කබ්රය වෙත පිය නගයි. පසුව අල්ලාහ් ඔහුට ජීවය ලබා දී මහ්ෂර් නම් ජනයා එක් රැස් කරන ස්ථානය වෙතටත් එතැනින් ස්වර්ගය හෝ නිරය යන සදාතනික නිවහන වෙතටත් ගෙන යනු ලැබේ.

1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ (12) ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ (13) ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آَخَرَ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ (14) ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ (15) ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ (16)

සැබැවින්ම අපි මැටියෙන් වූ මූල ද්‍රව්‍යයකින් මිනිසා ව මැව්වෙමු. 12. පසුව අපි එය ආරක්ෂක ස්ථානයක ශුක‍්‍රාණුවක් ලෙස පත් කළෙමු. 13. පසුව ශුක‍්‍රාණුව ලේ කැටියක් බවට මවා ලේ කැටිය මස් කැබැල්ලක් බවට මවා මස් කැබැල්ලට අස්ථි මවා අපි එම අස්ථි හමින් පැලඳුවෙමු. පසුව වෙනත් මැවීමක් බවට අපි එය නිර්මාණය කළෙමු. නිර්මාපකයින් අතුරින් ඉතා අලංකාර අල්ලාහ් භාග්‍ය සම්පන්න විය. 14. පසුව සැබැවින්ම නුඹලා මින් පසු මරණයට පත් වන්නෝ වෙති. 15. පසුව සැබැවින්ම නුඹලා (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන දින අවදි කරවනු ලබන්නෝය. 16.      (අල් කුර්ආන් 23 : 12-16)

2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ (19)

සැබැවින්ම නුඹලා (මෙලොවෙහි ද මතු ලොවෙහි ද) පියවරින් පියවර නැග යන්නෙහුය.  (අල් කුර්ආන් 84 : 19)

දාරුල් කරාර් හෙවත් සදාතනික නිවහන

මෙලොව ක්‍රියා කිරීමේ නිවහනයි. පරලොව ඒ සඳහා වූ ප්‍රතිඵල දෙනු ලබන නිවහනයි. ක්‍රියාවන් ද ඒ පිළබඳ ප්‍රශ්න කිරීම් ද ස්වර්ගය හෝ නිරය යන සදාතනික නිවහනට පිවිසීමෙන් පසුව මිස ඉවත් ව නොයනු ඇත. එය බර්සක් ජීවිතයේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන එළිමහනේ ද ඉවත් ව නොයනු ඇත. කබ්ර් හි මලක්වරු දෙදෙනකු මිය ගිය ඇත්තන්ගෙන් ප්‍රශ්න කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින අල්ලාහ්ට සුජූද් කරන මෙන් මැවීම් වලට ආරාධනා කරනු ලබනු ඇත. සිහිවිකල්ව සිටින්නවුන් හා ෆිත්රත් හෙවත් ස්වභා දහමෙහි මිය ගියවුන් පරීක්ෂණයට භාජනය කරනු ඇත. පසුව අල්ලාහ් ඔවුන්ගේ ගැත්තන්ට ඔවුන්ගේ විශ්වාසය හා ක්‍රියාවන් අනුව තීන්දු පිරිනමයි. පසුව සදාතනික නිවහන වෙතට ගෙන යයි. පිරිසක් ස්වර්ගයේ වෙසෙන අතර තවත් පිරිසක් දළු ලා ඇවිළෙන ගින්නෙහි වෙසෙති.

1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآَنًا عَرَبِيًّا لِتُنْذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ (7)

(මක්කාහ්ව වන) මව් නගරයට ද ඒ අවට සිටින්නවුනට ද නුඹ අවවාද කරනු පිණිසත්  කිසිදු සැකයක් නොමැති රැස්කිරීමේ දිනය පිළිබඳ ව නුඹ අවවාද කරනු පිණිසත් අපි නුඹට මෙලෙස අරාබි බසින් වූ කුර්ආනය දන්වා සිටියෙමු. පිරිසක් ස්වර්ගයෙහිය. තවත් පිරිසක් නිරයෙහිය.                          (අල් කුර්ආන් 42 : 7)

2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

الْمُلْكُ يَوْمَئِذٍ لِلَّهِ يَحْكُمُ بَيْنَهُمْ فَالَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ (56) وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآَيَاتِنَا فَأُولَئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ (57)

එදින ආධිපත්‍යය අල්ලාහ්ටමය. ඔහු ඔවුන් අතර විනිශ්චය කරන්නේය. එබැවින් විශ්වාස කොට යහකම් කළවුන් පූර්ණ සොම්නසින් යුත් ස්වර්ගයන්හි ය. කවරෙකු ප‍්‍රතික්ෂේප කොට අපගේ වදන් අසත්‍යය කළේ ද තමන්ට නින්දනීය දඬුවම ඇත්තවුන් වන්නේ ඔවුන්මය.                                                        (අල් කුර්ආන් 22 : 56,57)

3. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ (14) فَأَمَّا الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ (15) وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآَيَاتِنَا وَلِقَاءِ الْآَخِرَةِ فَأُولَئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ (16)

එම (අවසන්) හෝරාව උදා වන දින. එදින ඔවුහු වෙන් වන්නෝය. විශ්වාස කර යහකම් කළවුන් නම් ඔවුහුමය (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබන්නෝ.  ප‍්‍රතික්ෂේප කර අපගේ වදන් හා පරමාන්ත දිනයේ හමුවීම අසත්‍ය කළවුන් නම්, ඔවුහුමය දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝ.             (අල් කුර්ආන් 30 : 14-16)

1-     ස්වර්ගයේ ස්වභාවය

·        අල් ජන්නා හෙවත් ස්වර්ග උයන: එය මතු ලොවෙහි දේව විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තනියන්ට අල්ලාහ් සූදානම් කර ඇති ශාන්තියේ නිවහනයි.

ඉන්ෂා අල්ලාහ් ! ස්වර්ගය පිළිබඳ විස්තර එය මවා එහි සුවය හා සැපය මවා එයට අදාළ වැසියන් මැවූ මහා මැව්ම්කරුගේ පුස්තකයෙන් ඉදිරිපත් කෙරේ. ඒ මහා මැවුම්කරුවාණන් කීර්තිමත් සර්ව බලධාරී අල්ලාහ්ය. එමෙන්ම එයට පිවිසෙන එහි භූමියේ මුලින්ම තම පාදය තබන අයගේ රැවන් වැකි තුළින් ද ඉදිරිපත් කෙරේ. ඒ උත්තමයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය.

පාරිශුද්ධ අල් කුර්ආනය හා හදීස් පසුබිම් කොට ගෙන ස්වර්ගය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔබ හමුවෙහි දැන් තබන්නෙමු.

·        ස්වර්ගය සඳහා වූ ප්‍රසිද්ධ නාමයන්

ස්වර්ගය පිහිටීමෙන් එකක් වුව ද එහි ඇති ස්වභාවයන් වෙනස්ය. එයට අදාළ වූ ප්‍රසිද්ධ නාමයන්

1. අල් ජන්නා හෙවත් උයන :

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

تِلْكَ حُدُودُ اللَّهِ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ (13)

මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුන් ව (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එය මහත් වූ ජයග‍්‍රහණයයි.                         (අල් කුර්ආන් 4 : 13)

2. ජන්නාත් අල් ෆිර්දවුස් හෙවත් ෆිර්දවුස් නම් උයන :

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا

සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් නම් ඔවුනට සංග‍්‍රහයක් වශයෙන් ෆිර්දවුස් නමැති (ස්වර්ග) උයන් වෙති.                                       (අල් කුර්ආන් 18 : 107)

3. ජන්නාත් අද්න් හෙවත් සදාතනික උයන :

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآَبٍ ، جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ .

මෙය මෙනෙහි කිරීමකි. සැබැවින්ම බිය භක්තිකයින් හට අලංකාර නවාතැනක් ඇත්තේය. (එය) ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ ජන්නාත් අද්න් (හෙවත් (සදාතනික  උයන්)ය.                  (අල් කුර්ආන් 38 : 49,50)

4. ජන්නතුල් හුල්ද් හෙවත් සදාතනික උයන :

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

قُلْ أَذَلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ كَانَتْ لَهُمْ جَزَاءً وَمَصِيرًا

(නබිවරයාණනි,) යහපත් වන්නේ මෙය ද? එසේත් නැතිනම් බිය භක්තිකයිනට පොරොන්දු දෙනු ලැබූ ජන්නතුල් කුල්ද් (හෙවත් සදාතනික ස්වර්ගය) දැ? යි (ඔවුන්ගෙන්) විමසවු. එය (ස්වර්ගය බිය භක්තිකයින් වන) ඔවුනට ප‍්‍රතිඵලයක් වශයෙන් ද නවාතැනක් වශයෙන් ද විය.            (අල් කුර්ආන් 25:15)

5. ජන්නාත් අන්-නඊම් හොවත් සුව පහසුකම් ඇති උයන්:

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ

සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ජන්නාතුන් නඊම් (හෙවත් සුව පහසුකම් ඇති උයන්) ඇත.                            (අල් කුර්ආන් 31:8)

6. ජන්නාතුල් මඃවා හෙවත් ලැඟුම් ගන්නා උයන් :

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

أَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا لَا يَسْتَوُونَ (18) أَمَّا الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ (19)

විශ්වාස වන්තයෙකු ව සිටින්නා පාපියෙකු මෙන් වන්නේ ද ඔවුන් එක සමාන නොවෙති. විශ්වාස කර යහකම් කළවුන් නම් ඔවුනට ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් සංග‍්‍රහයක් වශයෙන් ජන්නාතුල් මඃවා (හෙවත් ලැඟුම් ගන්නා ස්වර්ග උයන්) ඇත්තේය.      (අල් කුර්ආන් 32: 18,19)

7. දාරුස් සලාම් හෙවත් ශාන්තියේ නිවහන :

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

لَهُمْ دَارُ السَّلَامِ عِنْدَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ

ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස දාරුස් සලාම් (හෙවත් ශාන්තියේ නිවහන) ඇත. ඔහු(අල්ලාහ්) ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරුවන්නේය.  

(අල් කුර්ආන් 6:127)

·        ස්වර්ගයේ ස්ථානය

1.  උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

නුඹලාගේ සම්පත් ද නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ ද අහසෙහි ඇත.                             (අල් කුර්ආන් 51:22)

2.  උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَلَقَدْ رَآَهُ نَزْلَةً أُخْرَى (13) عِنْدَ سِدْرَةِ الْمُنْتَهَى (14) عِنْدَهَا جَنَّةُ الْمَأْوَى (15)

සිද්රතුල් මුන්තහා නම් ස්ථානයේ ඔහු ව (ජිබ්රීල් ව) තවත් වාරයක් (සැබෑ ස්වරූපයෙන්ම) ඔහු (මුහම්මද්) දුටුවේය. එහි ජන්නතුල් මඃවා තිබිණ. (අල් කුර්ආන් 53:13-15)

3.

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "مَنْ آمَنَ بِاللَّهِ وَرَسُولِهِ وَأَقَامَ الصَّلَاةَ وَصَامَ رَمَضَانَ كَانَ حَقًّا عَلَى اللَّهِ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ هَاجَرَ فِي سَبِيلِ اللَّهِ أَوْ جَلَسَ فِي أَرْضِهِ الَّتِي وُلِدَ فِيهَا قَالُوا يَا رَسُولَ اللَّهِ أَفَلَا نُنَبِّئُ النَّاسَ بِذَلِكَ قَالَ إِنَّ فِي الْجَنَّةِ مِائَةَ دَرَجَةٍ أَعَدَّهَا اللَّهُ لِلْمُجَاهِدِينَ فِي سَبِيلِهِ كُلُّ دَرَجَتَيْنِ مَا بَيْنَهُمَا كَمَا بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ فَإِذَا سَأَلْتُمُ اللَّهَ فَسَلُوهُ الْفِرْدَوْسَ فَإِنَّهُ أَوْسَطُ الْجَنَّةِ وَأَعْلَى الْجَنَّةِ وَفَوْقَهُ عَرْشُ الرَّحْمَنِ وَمِنْهُ تَفَجَّرُ أَنْهَارُ الْجَنَّةِ" أخرجه البخاري

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

කවරෙකු අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් පිළිබඳ විශ්වාස කර සලාතය ද විධිමත් ලෙස ඉටු කර රමළාන් උපවාසය ද ඉටු කළේ නම් ඔහුව ස්වර්ගයට ඇතුළත් කිරීම අල්ලාහ්ට වගකීමක් වෙයි. ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ ද එසේ නොමැති ව තමන් ඉපදුනු භූමියේම වාඩි වී සිටිය ද කම් නැත. එවිට සහාබාවරු: අල්ලාහ්ගේ දූතයාණනි, මෙය ජනයාට අප දැනුම් දෙන්නදැ යි පවසා සිටියහ. එවිට එතුමා ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. ඒවා තම මාර්ගයේ කැප වෙන්නන් වෙනුවෙන් අල්ලාහ් පිළියෙල කර ඇත. සෑම තරාතිරම් දෙකක් අතර පරතරය අහස හා පොලොව අතර මෙන් පවතී.

එබැවින් නුඹලා අල්ලාහ්ගෙන් ඉල්ලන විට ඔහුගෙන් ෆිර්දවුස් නම් ස්වර්ගයම ඉල්ලා සිටින්න. එය ස්වර්ගයේ මධ්‍යයයි. ඉතා උසස් ස්වර්ගයයි. ඊට ඉහළින් කරුණාභරිතයාණන්ගේ අධිරාජ්‍යය ඇත. එහි සිට ස්වර්ගයේ ගංගාවන් ගලා බසියි.              මූලාශ්‍රය : බුහාරි

4-

عن أبي هريرة إن رسول الله صلى الله عليه وسلم قال : "إنَّ المؤْمِنَ إذَا حَضَرَه المَوتُ حَضَرَته مَلائِكَةُ الرحمَةَ ، فإذا قُبَضَتْ نَفْسُهُ جُعِلَتْ في حريرة بيْضاء ، فَيُنطَلقُ بِها إلى بابِ السَّماءِ ، فيقولون : مَا وَجَدْنَا رِيحًا أَطْيَبُ مِنْ هَذِهِ..." أخرجه الحاكم وابن حبان

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

සැබැවින්ම දේව විශ්වාසවන්තයකු වෙතට මරණය පැමිණි විට ඔහු වෙතට කරුණාවේ මළක්වරුද පැමිණෙති. ඔහුගේ ආත්මය අත්පත් කරනු ලැබූ විටක හරීරතු බයිළා නම් සුදුවන් සේද රෙද්දක තැන්පත් කරනු ලබයි. පසුව එය රැගෙන අහස්හි දොරටු වෙත ගෙන යනු ලැබේ. එවිට ඔවුහු මීට වඩා සුවදැති පුසුඹක් අපි දැක නැතැයි පවසති.

මූලාශ්‍රය : අල් හාකිම් ඉබ්නු හිබ්බාන්.

·        ස්වර්ගයේ දොරටුවල නාමයන්

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ  أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِي سَبِيلِ اللَّهِ نُودِيَ مِنْ أَبْوَابِ الْجَنَّةِ يَا عَبْدَ اللَّهِ هَذَا خَيْرٌ فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلَاةِ دُعِيَ مِنْ بَابِ الصَّلَاةِ وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِيَ مِنْ بَابِ الْجِهَادِ وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِيَ مِنْ بَابِ الرَّيَّانِ وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ دُعِيَ مِنْ بَابِ الصَّدَقَةِ فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللَّهِ مَا عَلَى مَنْ دُعِيَ مِنْ تِلْكَ الْأَبْوَابِ مِنْ ضَرُورَةٍ فَهَلْ يُدْعَى أَحَدٌ مِنْ تِلْكَ الْأَبْوَابِ كُلِّهَا قَالَ : "نَعَمْ. وَأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ" (متفق عليه)

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ දෙබැගින් වියදම් කරන්නේ ද ඔහු ස්වර්ගයේ දොරටු අතුරින් කැඳවනු ලබනු ඇත. අහෝ! අල්ලාහ්ගේ ගැත්තනි මෙය යහපතකි. එසේම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතුරින් කෙනෙකු වූයේ ද ඔහු සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. ඔහු ජිහාද් හි නිරත වන්නන් අතුරින් වූයේ ද ජිහාද් හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. ඔහු උපවාසයේ නිරත වූ වන් අතුරින් වූයේ ද ඔහු රය්යාන් නම් දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. ඔහු සදකා ලබා දුන් අය අතුරින් වූයේ ද සදකාවේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ.

එවිට අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා අහෝ ! අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ මව හා පියාණන් ඔබට කැප කරමි. මේ දොරටු වලින් ඇරයුම් කරනු ලබන්නන් ඊට හේතු වූ සාධක අනුවය. කෙනෙකු මේ සියලු දොරටු වලින් ඇරයුම් කරනු ලැබේ දැ යි විමසා සිටියහ. එවිට නබි තුමාණෝ එසේය. ඔබත් ඔවුන් අතුරින් කෙනෙකු වන්නට මම අපේක්ෂා කරමි.                                                 (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

·        ස්වර්ග දොරටුහි විශාලත්වය.

1.

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ  "أُتِيَ بِلَحْمٍ... – وفي آخره قال – : "وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ إِنَّ مَا بَيْنَ الْمِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ لَكَمَا بَيْنَ مَكَّةَ وَهَجَرٍ أَوْ كَمَا بَيْنَ مَكَّةَ وَبُصْرَى" (متفق عليه)

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත දිනක් මස් ගෙනැවිත් පිරිනමනු ලැබීය. එම හදීසය අවසානයේ

මුහම්මද්ගේ ආත්මය කවුරුන් සතු වන්නේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ග දොරටු අතුරින් දොරටු දෙකක පරතරය මක්කාව හා හජර් අතර පවතින පරතරය හෝ මක්කාව හා බුස්රා අතර පවතින පරතරය මෙනි. මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්

2.

وَعَنْ عُتْبَةُ بْنُ غَزْوَانَ رضي الله عنه قال: ذُكِرَ لَنَا أَنَّ مَا بَيْنَ مِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ مَسِيرَةُ أَرْبَعِينَ سَنَةً وَلَيَأْتِيَنَّ عَلَيْهَا يَوْمٌ وَهُوَ كَظِيظٌ مِنْ الزِّحَامِ" أخرجه مسلم

උත්බා ඉබ්නු අස්වාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ස්වර්ග දොරටු අතුරින් දොරට දෙකක පරතරය වසර 40ක් ගමන් කරන දුර ප්‍රමාණය මෙනි. එහි දිනයක් පැමිණෙයි. එය තදබල සෙනඟින් පිරුණු දුෂ්කර දිනයකි යැයි අපට සිහි ගන්වනු ලැබීය.

·        ස්වර්ග දොරටු වල ගණන

1-     උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ (49) جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ (50)

මෙය මෙනෙහි කිරීමකි. සැබැවින්ම බියබැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත. (එය) ඔවුන් වෙනුවෙන් විවෘත කරනු ලැබූ දොරවල් සහිත සදාතනික උයන්ය.

(අල් කුර්ආන් 38 : 49,50)

2-     උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ

තම පරමාධිපතිට බිය හැඟීමෙන් යුක්ත වූවන් කණ්ඩායම් වශයෙන් ස්වර්ගය වෙත ගෙන එනු ලබති. එහි දොරටු විවෘත කරනු ලැබ තිබිය දී ඔවුන් එය වෙත පැමිණෙති. එහි දොරටු පාලකයෝ නුඹලාට ශාන්තිය අත් වේවා ! නුබලා පිවිතුරු වූහ. එබැවින් සදාතනිකයින් ලෙස එයට පිවිසෙනු යැයි ඔවුනට පවසති.  (අල් කුර්ආන් 39 : 73)

عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: " فِي الْجَنَّةِ ثَمَانِيَةُ أَبْوَابٍ فِيهَا بَابٌ يُسَمَّى الرَّيَّانَ لَا يَدْخُلُهُ إِلَّا الصَّائِمُونَ" متفق عليه

සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ස්වර්ගයේ දොරටු අටක් ඇත. එහි රය්යාන් නමින් වූ දොරටුවක් ද ඇත. උපවාසය රැකිය අය හැර වෙනත් කිසිවෙකු එහි ඇතුළු නොවෙති. 

(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

·        මෙලොව සිටියදී ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලබන වේලාවන්

 1.

عَنْ أَبِي هُرَيْرَةَ  رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " تُفْتَحُ أَبْوَابُ الْجَنَّةِ يَوْمَ الِاثْنَيْنِ وَيَوْمَ الْخَمِيسِ فَيُغْفَرُ لِكُلِّ عَبْدٍ لَا يُشْرِكُ بِاللَّهِ شَيْئًا إِلَّا رَجُلًا كَانَتْ بَيْنَهُ وَبَيْنَ أَخِيهِ شَحْنَاءُ فَيُقَالُ أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحَا أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحَا أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحَا" أخرجه مسلم.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

සඳුදා හා බ්‍රහස්පතින්දා ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අල්ලාහ්ට කිසිවකින් ආදේශ නොතැබූ සෑම ගැත්තෙකුටම සමාව දෙනු ලැබේ. නමුත් තමන් හා තම සහෝදරයා අතර සතුරුකමක් පවතින එක් මිනිසෙකුට හැරය. එවිට මේ දෙදෙනා සමතයට පත් වන තෙක් බලා සිටිනු. මේ දෙදෙනා සමතයට පත් වන තෙක් බලා සිටිනු. මේ දෙදෙනා සමතයට පත් වන තෙක් බලා සිටිනු යැයි තුන් වරක් කියනු ලැබේ. (මූලාශ්‍රය : මුස්ලිම්)

2.

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِذَا جَاءَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ وَصُفِّدَتْ الشَّيَاطِينُ" متفق عليه.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

රමළාන් මාසය පිවිසුනු විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ. 

මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්

3.

عَنْ عمر بن الخطاب رضي الله عنه قال : قال رسول الله صلى الله عليه وسلم: "قَالَ مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ فَيُبْلِغُ أَوْ فَيُسْبِغُ الْوَضُوءَ ثُمَّ يَقُولُ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ إِلَّا فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ" أخرجه مسلم

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

නුඹලා අතුරින් කිසිවකු විධිමත් ව වුළු කර පසුව අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුල්ලාහි වරසූලුහු - නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවටත් මම සාක්ෂි දරමි - යැයි පවසන්නේ නම්  ඔහු වෙනුවෙන් ස්වර්ග දොරටු විවෘත කරනු ලැබේ. ඔහු කැමති එකකින් පිවිසෙනු ඇත.  මූලාශ්‍රය : මුස්ලිම්

·        ස්වර්ගයට පිවිසෙන ප්‍රථමයා

عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " آتِي بَابَ الْجَنَّةِ يَوْمَ الْقِيَامَةِ فَأَسْتَفْتِحُ فَيَقُولُ الْخَازِنُ مَنْ أَنْتَ فَأَقُولُ مُحَمَّدٌ فَيَقُولُ بِكَ أُمِرْتُ لَا أَفْتَحُ لِأَحَدٍ قَبْلَكَ "  أخرجه مسلم

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින මම ස්වර්ග දොරටු අසලට පැමිණෙමි. පසුව එය විවෘත කරමි. පසුව දොරටු පාලකයා ඔබ කව්දැ යි විමසයි. එවිට මම මුහම්මද් යැයි පවසමි එවිට ඔහු ඔබට පෙර කිසිවෙකුටත් (මෙය) විවෘත කර නොදෙන මෙන් මට ඔබ ගැන නියෝග කරනු ලැබ ඇත යැයි පවසයි.

මූලාශ්‍රය : මුස්ලිම්

·        ස්වර්ගයට පිවිසෙන මුල්ම ජන සමූහයා

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " نَحْنُ الْآخِرُونَ الْأَوَّلُونَ يَوْمَ الْقِيَامَةِ وَنَحْنُ أَوَّلُ مَنْ يَدْخُلُ الْجَنَّةَ " متفق عليه.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

අප අවසාන ජන සමූහයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ප්‍රථම ජන සමූහයයි.  ස්වර්ගයට පිවිසෙන්නන් අතුරින් මුල්ම උදවිය අපි වෙමු.