ජාසිම් බින් දයියාන්
පළමුවන පාඩම
ලා ඉලාහ ඉල් අල්ලාහ්. මුහම්මද් රසූල් අල්ලාහ්
යන වාක්‍යයයෙහි තේරුම සහ
ලා ඉලාහ ඉල් අල්ලාහ් යන වාක්‍යයෙහි කොන්දේසිය
දේව විශ්වායස සාක්ෂි දැරීම තුලින්, දේවත්වයේ උසස් ලක්ෂණ හිමි අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසි දෙයට දේවත්වය නොමැති බව ප‍්‍රතික්ෂේප කිරීමය. අල්ලාහ් හැර අන් සියල්ල, මලාඉකාවරු, (දේව දූතයෝ) නබිවරු, හෝ අනෙක් මිණිසුන් පමණක් නොව, පිළිම හෝ රාජ්‍ය පාලන බලය යන මේ සියල්ලන්හී දේවත්වයක් නැති බවද, නැමදීමට නුසුදුසු බවද කියනු ලැබේ. මෙහිදී ප‍්‍රතික්ෂේප කිරීමෙන් අදහස් කරන්නේ, මෙම දෙවිවරුන්ගේ නමින් පිරිසක් ලොවේ පැවතීම ප‍්‍රතික්ෂේප කිරීම නොව, මෙම පිරිසට මිනිසා විසින් පිරිනමන ලද දේවත්වයේ ගුණාංගය ප‍්‍රතික්ෂේප කිරීමයි.
දේව විශ්වාසය සාක්ෂි දැරීමෙන්, දෙවියා එක්කෙනෙකු බවත්, ඔහු අල්ලාහ් බවත් ඔහුට පමණක් දේවත්වය තිබෙන බවත්, පිළිගැනීම සහ සනාථ කිරීමයි. එනම්, දාසයා වන මිනිසා, සැබෑ එකම දෙවියා අල්ලාහ් පමණක් බවට විශ්වාස කිරීම සහ ඉන් අනතුරුව, අල්ලාහ් හැර වෙන කුමන දේකටවත් නැමදුම් නොකිරීමය.
මුහම්මද් රසූලූල්ලාහ් යන වාක්‍යයෙහි තේරුම
“ඕ අල්ලාහ්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) ඔබේ පණිවුඩකරු බවට මම සාක්ෂි දරමි” යි සිතෙහි පිළිගැනීම හා මුවින් ප‍්‍රකාශ කිරීමෙහි තේරුම නම්, අල්ලාහ්ට පසුව පිළිපැදීමට සුදුසු අල්ලාහ්ගේ අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්) වරයා හැර වෙන කිසි කෙනෙකුට හිමිකම් නැත යන්නයි.
“තවද, රසූල්වරයා මුහම්මද් සල් වරයා) ඔබට කුමන දෙයක් දෙන්නේ ද එය පිළිගන්න. ඔහු වැලැක්වූ දෙයින් වලකින්න.” කුර්ආන් 59: වැක්‍ය 7.
අල්ලාහ්ගේ ග‍්‍රන්ථය වන අල් කූර්ආනයට සහ නබි (සල්) තුමාගේ සුන්නාහ් (නීති මාර්ග, අණ, වැඳුම් පිදුම් කි‍්‍රයා සහ දේශනා) සමග සෙසු මිනිසුන්ගේ කියමන සැසඳේ නම්, මේවාද පිළිගත හැක. නොසැසඳේ නම් මේවා ඉවත දැමිය යුතුයි.
ඥානය: සැබෑ එකම දෙවියා අල්ලාහ් පමණි. ඔහුට පමණක් නැමදීම් කළ යුතු බව පිළිගත යුතුයි. අල්ලාහ් හැර අන් සියලූ දෙවියන් ඇදහීම් ප‍්‍රතික්ෂේප කළ යුතු බවද, යහපතක් හෝ අයහපතක් කරන්නට ඒවාට ශක්තියක් නොමැති බවද දැන ගැනීමද මෙහි අඩංගුවේ.
අවසානව, අල්ලාහ් අණ කළ දේ කිරීමෙන් සහ ඔහු තහනම් කළ සියළු දෙයින් වැළකීමෙන්, ඔහුට කීකරුවිය යුතු බව අපි තරයේ සිතේ තබාගත යුතුයි.
අල්ලාහ්ට කීකරුවීම වනාහි, ඔහුට ආදරය කිරීමෙන්ද, ඔහුගේ දඞුවම්වලට බියවීමෙන්ද, ඔහුගේ තිළින ලබා ගැනීමේ බලාපොරෙත්තුවෙන්ද, ඔහුගේ සමාව ඉල්ලමින්ද, අවසාන පණිවුඩකරු, මුහම්මද් (සල්) වරයාගේ දේශනා පිළිගෙන, එතුමාගේ ෂරීආ නම් ආගමික නීතිරීති අනුව ජීවත්වීමෙන්ද, ලබාගත යුතුයි. මීට පෙර, පහලවූ සියලූ ෂාරීආවන්හී ආගමික පිළිවෙත් මෙයින් අහෝසි වන අතර එවායේ ඇති සෑම උසස් දෙයක්ම මෙහි ද අඩංගුවී ඇත.
ඉස්ලාම් හී කුලූනු පහ (අර්කානුල් ඉස්ලාම්)
දේව විශ්වාසයේ මූලික කරුණු (අර්කානුල් ඊමාන්)
පහත සඳහන් කරුණු විශ්වාස කිරීම
6. අල් කද්ර් - පෙර නියම කළ දේ කෙරෙහි (එනම් අල්ලාහ් අණ කළ සියලූ දේ ඒ අයුරින් සිදුවන බවද, එය දෛවය හා ඉරණම බවද විශ්වාස කිරීම. කිසිවෙක් තම ඉරණම කුමක්දැයි නොදනී. එනිසා, මුස්ලිම්වරයෙක් තම ඉලක්කය කරා අවංකව වෑයම් කළ යුතු අතර, එහි ප‍්‍රතිඵලය කුමක් වුවත් එය සතුටින් පිලිගත යුතුයි.)
ඉස්ලාම් හී ඒක දේව වාදය (තව්හීද්*
තව්හීද් යන ඉස්ලාමිය ඒක දේවවාදය, කරුණු තුනකින් සමන්විතයි.
පහත සඳහන් කරුණු විශ්වාස කිරීම මෙහි අඩංගුවේ:
· අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරයා සඳහන් කළ නාමයන් සහ ගුණාංගයන් හැර වෙන කිසිදු නාමයෙන් හෝ කුණාංගයන් ගෙන් ඔහුට හැඳින්වීම් නොකළ යුතුයි.
· අල්ලාහ්ට පමණක් හිමි නාමයන් සහ ගුණාංගයන් ගෙන් වෙන කිසි කෙනෙක් හැඳින්විය නොහැක. උදාහරණය - අල් කරීම් (අති දයාලූභාව).
· අල්ලාහ්ගේ ග‍්‍රන්ථය වන කුර්ආනයේ සහ ඔහුගේ වක්තෘවරයා මුහම්මද් (සල්) වරයා සඳහන් කළ ගුණාංගයන් සියල්ල ඒ ආකාරයෙන්ම සනාථ කළ යුතුයි. ඒවා වෙනස් කිරීම, සම්පූර්ණයෙන් නොසලකා හැරීම, වෙනත් තේරුමක් දීම හෝ ඔහුගේ මැවීම් සමඟ සමාන කිරීම යනදේ නොකළ යුතුයි. (උදා අල්ලාහ් ඔහුගේ රාජාසනය මත සිටී යයි කුර්ආන් පවසයි. 20:3
මුහම්මද් (සල්) වරයාගේ හදිස් වාර්තා අනුව, අති දයාබරවූ (අල්ලාහ්) හත්වැනි අහසට ඉහලින්, බලගතු රාජාසනය උඩින් ඉස්තවා (ඉහල නැගීය). තවද (ඉතා සමීප ඇති) පළවැනි අහසට ඉහලින් ඔහු පැමිණෙන්නේ අරෆා දිනයේ (දුල් හජ් 9 වන දින) සහ රාති‍්‍රයන්හී අවසාන තුන්වන කොටසෙහිය. නමුත් තම පෞද්ගලික භාවයෙන් නොව සම්පූර්ණ දැනුමෙන් ඔහු අප සමඟ නිතර පවති. (බිදාති හී)
ඔහු හා සමාන කිසිවක් නොමැති අතර, ඔහු සියල්ල අසන්නේය, දකින්නේය. කුර්ආන් 2:11. මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය අල්ලාහ්ගේ ඇසීමේ සහ දැකීමේ ගුණාංගයන් සනාථ කරන වුවද, එය වෙන කිසිවෙකු සමඟ සමාන නොකෙරේ.
එමෙන්ම, සර්ව බලධාරි වන ඔහු, “මාගේ දෑතින් නිර්මාණය කළ දැයට (මිනිසාට)“ කු. 38:75 කියා පවසා ඇත. තවද, “අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත මතය.“ කු.48:10 කියා ඔහු පැවසුවේය. මෙම වාක්‍යයෙන් අල්ලාහ්ට අත් දෙකක් තිබෙන බව සනාථ කරන නමුත්, මේවා කිසිවක් හා සමාන නොවේ. සැබෑ විශ්වාසීන් සියලූ දෙනාගේ විහ්වාසය මෙය වන අතර, නූහු නබි ගෙන් පටන් ඉබ්රාහීම්, මූසා, ඊසා ඇතුලූ අල්ලාහ්ගේ අවසාන වක්තෘවරයා වූ මුහම්මද් (සල්) දක්වා සියලූ දෙනාගේම විශ්වාසය මෙයදවේ. මේ අනුව අල්ලාහ් එහි පවතියි, මෙහි පවතියි හෝ අල්ලාහ් සෑම තැනම පවතියි යන සමහරුන්ගේ මතය වැරදියි. අහසේ තම රාජාසනයේ ඔහු සිටිනා බව අල්ලාහ් පවසයි.
තව්හීද් වන ඒකදේව වාදයේ මෙම සංකල්ප තුන “ලා ඉලාහ ඉල් අල්ලාහ්“ - නැමදුම සඳහා අල්ලාහ් හැර වෙන කිසිවෙකුට හිමිකම් නැත යන අර්ථයෙහි ඇතුලත්ය.
අල්ලාහ්ගේ පණිවුඩකරු, මුහම්මද් (සල්) වරයාව - වජූබ් අල් ඉජාබා අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර, එය තව්හීද් අල් උලූහියියා හී කොටසක්වේ.
මුහම්මද් (සල්) වරයා අල්ලාහ්ගේ පණිවුඩකරු බවට සාක්ෂි දරනවිට, ඉහත සඳහන් කරුණු සියල්ල එහි අඩංගුවන අතර, මෙයින් තේරුම් වන්නේ, අල්ලාහ්ගේ කුර්ආනයට පසුව පිළිපැදීමට අල්ලාහ්ගේ අවසාන රසූල්වරයා මුහම්මද් (සල්) වරයා හැර වෙන කිසි කෙනෙකුට හිමිකම් නැත යන්නයි. කුර්ආන් වැකි 59:7 හා 3:31 දෙස බලන්න.
ෂිර්ක් - නැමදුමෙහි අල්ලාහ් සමඟ වෙනත් අයද හවුල් කර ගැනීම
ෂිර්න් කි‍්‍රයාව වර්ග දෙකට බෙදිය හැක.
1. විශාල ෂිර්ක් (විවිධ දේව වන්දනා)
2. කුඩා ෂිර්ක්
මෙය නිසා කෙනෙකුගේ කි‍්‍රයා සියල්ල නිශ්ඵල වීමෙන්, සදා කල් අපාය ගින්නේ රැඳී සිටින්නට අවශ්‍ය වන බව කුර්ආනය පවසයි.
“එහෙත් ඔවුන් නැවදුමේදී අල්ලාහ් සමග වෙනත් අය හවුල් කර ගත්තේ නම්, ඔවුන් කළ හොඳ දෙය මැකී යන්නේය.“ කු. 6:88
අල්ලාහ් පවසයි. ‘මුෂ්රිකීන් වරුන්ට (බහුදේව වන්දනාකරු, පිළම වන්දනාකරු, අල්ලාහ්ගේ ඒකීයභාවයේ විශ්වාස නොමැති අය) දේව විශ්වාසයෙන් තොරව තමාට එරෙහිව තමන්ම සාක්ෂි දරණ කල්හී, අල්ලාහ්ගේ දේවස්ථාන පරිපාලන කළ නොහැක. (මස්ජිද්හී අල්ලාහ්ට නැමදුම් මෙහෙයුම් කිරීම, ගොඩ නැගිලි නඩත්තු කිරීම, පිරිසිදු කිරීම යනදේ) මෙම අයගේ කි‍්‍රයා සියල්ල අපතේ යන අතර ඔවුන් අපාය ගින්නේ සදා කල් රැඳී සිටී.“ අල් කුර්ආන්. 9:17
අල්ලාහ්ට තවත් කෙනෙකු හවුල් කරන ෂිර්ක් යන තත්ත්වයේ සිටියදී කෙනෙක් මරණයට පත්වුයේ නම්, ඔහුට අල්ලාහ්ගේ සමාව නොලැබෙන අතර, ස්වර්ගයටද ඇතුලත් කරනු නොලැබෙන බව පහත සඳහන් කුර්ආන් වැක්‍ය අවවාද කරයි.
“නැමදුමෙහි තමාට සහකරුවන් තනන්නාට අල්ලහ් සමාව නොදෙයි. එය හැර වෙනත් පාප කි‍්‍රයාවන්හට, ඔහු කැමති අයට සමාව දෙන්නේය.“ අල් කුර්ආන් 4:116
“ඇත්ත වශයෙන්ම නැවදුමෙහි අල්ලාහ්්ට සහකරුවන් කවුරු තනන්නේද, අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කර ඇත. නිරයේ ගින්න ඔහුට හිමි ස්ථානයවේ. තවද, විවිධ දේව වන්දනාකරුවන් හා වැරදිකරුවන්ට (දාලිමූන්) සහනකරු කිසිවෙක් නොමැත.“ අල් කුර්ආන් 5:72
මළවුන් ගෙන් පිළිසරන පැතීම, සහ සරන පතා පිළිම වන්දනාවේ යෙදීම, ඒවාට භාරවීම, සතුන් මරා භාරය ඔප්පු කිරීම යන කරුණු සියල්ල මෙවැනි ෂිර්ක් යටතේ අඩංගුයි.
මේවා කුර්ආන් වාක්‍ය තුලින් සහ නබිතුමාගේ සුන්නාහ් මගින් පෙන්වන ලදී. විශාල ෂිර්ක් වර්ගයට මේවා හිමි නොවන අතර, ලෝකයාට පෙන්වන්නට (මුනාෆික්වරු* කරන යහ කි‍්‍රයා, අල්ලාහ් මත නොව වෙනත් දේ මත දිවුරුම් කිරීම, අල්ලාහ් සමග වෙනත් අය කි‍්‍රයාවෙහි ආදේශ කිරීම යන සමහරක් වේ.
නබි (සල්* තුමාගේ පහත සඳහන් හදීස් වදන් දෙස බලන්න:
“කුඩා ෂිර්ක් පිළිබඳව ඔබ සඳහා භයවෙමි.“ යයි නබි (සල්) වරයා වරක් පැවසුහ. කුඩා ෂිර්ක් යනු කුමක් දැයි ඇසුවිට, එය සැඟවුනු ෂිර්ක් බව එතුමා පිළිතුරු දුන් බව, මහ්මූද් ඉබ්න් ලබීබ් අල් අන්සාරි (රලියල්ලාහු) දන්වා, ඉමාම් අහ්මද්, අල් තබ්රානි සහ බයිහකි යන හදීස් විද්වතුන් වාර්තා කරති.
“අල්ලාහ් හැර වෙන කිසිවෙක් මත දිවුරුම් කරන්නා, කාෆිර් හෝ මුෂ්රික් බවට පත්වේ.“ යනුවෙන් උමර් ඉබ්න් අල් කඃත්තාබ් (රලි) දන්වා අබු දාවුද් සහ තිර්මිදි වාර්තා කරති.
“අල්ලාහ් සහ අසවල් තැනැත්තා යමක් සිදු කරයි කියා නොකියන්න. ඒ වෙනුවට, “අල්ලාහ්ගේ අණ පරිදි අසවල් අය එය කරන්නේය.“ යි පවසන්න. (අල්ලාහ් ව ෂිඅත යනුවෙන් නොව මාෂා අල්ලාහ්, තුම්ම ෂිඅත) හුදෙයිෆි ඉබ්න් අල් යමන් (රලි) දන්වා, අබු දාවුද් වාර්තා කරයි.
මෙවැනි ෂිර්ක් කි‍්‍රයා හේතුවෙන් කෙනෙක් සදා කල් අපාය ගින්නේ පසු නොවන නමුත්, ඔහු තුල තව්හීද් නම් ඒක දේව විශ්වාසයේ අසම්පූර්ණ භාවය මෙයින් පෙන්වයි.
වෙස්වලා ගත් ෂිර්ක්
වෙස් වලා ගත් ෂිර්කය, ප‍්‍රධාන ෂිර්ක් සහ කුඩා ෂිර්ක් යන දෙවර්ගයටම අයත්වේ. එනම්, මුනාෆික්වරු (ආත්ම වංචනික අය) තම සිත් තුල ඒක දේව විශ්වාසය නොමැතිවුවත්, එය සඟවා තමා මුස්ලිම් බවට අනුන්ට පෙන්වන කල්හී, මෙම ක්‍රියාව ප‍්‍රධාන ෂිර්ක් බවට පත්වේ.
ලෝකයාට කැපී පෙනෙනු පිණිස, යහපත් ක්‍රියා කිරීම, ඒවා අලංකාර කිරීම වැනි රියා නමැති ක්‍රියාවන්හී කෙනෙක් යෙදෙනවිට, එම වෙස් වලාගත් ෂිර්කය, කුඩා ෂිර්ක් බවට සැලකේ යයි මහ්මූද් අල් අන්සාරි වාර්තා කළ පහත සඳහන් හදීස් පෙන්වයි.
වරක් නබි (සල්) වරයා, “අල් මසීහ් අද් දජ්ජාල් ට වඩා විශාල හානියක් ඔබලාට සිදුකළ හැකි බව මම බියවන කරුණක් ගැන පවසන්නද?“ යනුවෙන් විමසුහ. “ඔව්, අල්ලාහ්ගේ නබි තුමනිණී“ යයි සෙනඟ පිලිතුරු දුන්විට, “එය තමයි වෙස්වලා ගත් ෂිර්කය. අනුන් තමා දෙස බලන නිසා මිනිසෙක් සලාහ් කිරීමට නැගිට, එය අලංකාර කරන්නට උත්සාහ කිරීමය.“ යි එතුමා පිලිතුරු දුන්හ. අබු සඊද් අල් කුද්රි (රලි) සඳහන් කර, ඉමාම් අහමද්, මුස්නද් නම් ග‍්‍රන්ථයේ වාර්තා කරයි.
මෙවැනි අනතුරු සියල්ලෙන් මිදී, ජය ගන්නට අල්ලාහ් අපට අනුග‍්‍රහ කෙරේවා.
හයවන පාඩම
ලෙඩදුක් හෝ පීඩාවෙන් රැකවරණය පතා
මුද්දක් හෝ නූලක් පැළඳීම ෂිර්ක් ක්‍රියාවකි
සර්ව බලධාරි අල්ලාහ් මෙසේ කියයි. “පවසන්න. අල්ලාහ්ට අමතරව ඔබ අමතන දේ - අල්ලාහ් මට යම් හැනියක් සිදු කරන්නටවූ නම්, ඒවා ඉවත් කරන්නට හැකියාවක් ඇත්තෝද? පවසන්න, අල්ලාහ් පමණක් මට සෑහේ. විශ්වාස තබන්නෝ තම විශ්වාසය ඔහු කෙරෙහි පමණක් තබනු මැනවි.“ කු. 39:38
ඉම්රාන් බින් හුසෙයින් (රලි) මෙසේ වාර්තා කරයි. නබි (සල්) වරයා දවසක් පිත්තල මුද්දක් පැළඳගත් මිනිසෙක් දැක, එය කුමක්දැයි විමසුහ. එය මහළු වයසේ දුබලකමින් මිදෙන්නට බව ඔහු පිළිතුරු දුන්නේය. “එය ගලවා ඉවත දමන්න. එයින් සිදුවන්නේ ඔබේ දුබලකම තවත් වැඩිවීමයි. එය පැළඳ සිටියදී ඔබ මරණයට පත්වුවහොත්, කිසි දිනක ඔබ සාර්ථක වන්නේ නැතැ.“ යි නබි (සල්) වරයා ඔහුට කීහ. පිළිගත හැකි අයගේ මාර්ගයෙන් ඉමාම් අහමද් (ඉබ්න් හම්බල්) මෙම හදීසය වාර්තා කරයි.
තවද, අහමද් (ඉබ්න් හම්බල්) පහත සඳහන් (නබි සල් වරයා දක්වාම වාර්තා කරුවන් සොයා ගත හැකි) මර්ෆු හදීසයක් වාර්තා කරයි. මුහම්මද් (සල්) මෙසේ පැවසු බව උක්බා බින් ආමිර් (රලි) දන්වයි. “කවරෙක් සුරයක් හෝ එවැනි දෙයක් පැලඳ ගත්තේද, ඔහුගේ පැතුම් අල්ලාහ් සාර්ථක කිරීම, ඔහු කිසි දවසක දැක ගන්නේ නැත. කෙනෙක් මුහුදු බෙලි කට්ටක් එල්ල ගත්තේද, ඔහු කිසි දිනක සාමය හා සහනය ලබන්නේ නැත. තවත් වාර්තාවක් අනුව, කෙනෙක් සුරයක් පැළඳ ගත්තේද, ඔහු ෂිර්ක් නැමැති පාප ක්‍රියාව කරගත්තේය.“ යනුවෙන් නබි (සල්) වරයා පැවසුහ.
හුදෙයිෆා (රලි) දවසක් උණ ගැනීමෙන් වලකින්නට හෝ එයට ප‍්‍රතිකාර වශයෙන් නූලක් අතේ බැඳ සිටි කෙනෙක් දැක, එය කපා දමා, “ඔවුන්ගෙන් බොහෝ අය, අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන අතර, තවමත් ෂිර්ක් (බහු දේව වන්දනා) ක්‍රියාවද කරගෙන යති.“ යන අල් කුර්ආන් 12:106 වාක්‍ය කියෙවු බව ඉබ්න් අබි හාතිම් වාර්තා කරයි.
පාඩමෙහි වැදගත් කරුණු
· ආරක්ෂාව පතා මුදු, සුරය හෝ නූල් වැනි දේ පැළඳීම සම්පූණයෙන් තහනම්ය.
· සහාබාරුන් පවා මෙවන්නක් පැළඳ සිටියදී, මරණයට පත්වුවහොත්, මතු ජීවිතයේ සාර්ථක නොවන්නෝය. ප‍්‍රධාන ෂිර්කයට වඩා කුඩා ෂිර්ක් බරපතල බව සහාබාවරුන්ගේ වාර්තාව සනාථ කරයි.
· නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව සලකන්න.
· එවැනි දෙයක් පැළඳීමෙන් මෙලොව ජීවිතයට සෙතක් සිදු නොවෙයි. ඒ වෙනුවට තවතවත් හානි සිදුවෙන බව නබි (සල්) වරයා කීහ. ඬඬඑයින් ඔබේ දුබල ගතිය තවත් වැඩිවේ.ඬඬ
· මෙවැනි ක්‍රියා කරන්නන් තරයෙන් තහනම් කර, ඒවා ප‍්‍රතික්ෂේප කළ ආකාරය දෙස බලන්න.
· කෙනෙක් ආරක්ෂා පතා යමක් පැලඳ ගත්තේ නම්, එවැනි දෙය භාරව යටතේ ඔහු සම්පූර්ණයෙන් පත්වන බව කරන ලද ප‍්‍රකාශය.
· සුරයක් පැලඳ ගත් කෙනෙක් ෂිර්ක් යන පාප ක්‍රියාවක් කළ බව කරන ලද ප‍්‍රකාශය.
· සහාබාවරුන් ප‍්‍රධාන ෂිර්ක් පිළිබඳ කුර්ආන් වාක්‍ය කියවා, කුඩා ෂිර්ක් හෙලා දැක්වු බව හුදෙයිෆා (රලි) කියවු කුර්ආන් වාක්‍ය පැහැදිලිව පෙන්වයි. ඉබ්න් අබ්බාස් (රලි) ද, සූරා බකරාවෙන් 165 වන වාක්‍ය කියවා මෙම කරුණු පහදා දුන්නේය.
· උණ ගැනීමෙන් සුවයද, ඇස් වහ වැනි උවදුරෙන් සහනයද පතා සුරය, මන්ත‍්‍ර ජප නළ නූල් යනාදිය උපයෝගී කිරීම ෂිර්ක් ක්‍රියාවන්වේ.
· යමක් පතා සුරයක් වැනි දේ පැලඳ ගත් අයගේ පැතුම් අල්ලාහ් ඉෂ්ට නොකරන බවත්, මුහුදු බෙලි කට්ටක් එල්ල ගත් අයට සාමය හා සහනය නොලැබෙන බවත් කළ ශාපය. එනම්, අල්ලාහ් මෙම අය අතහැර දමා අවසන් බව කළ ප‍්‍රකාශය.
රුඛා (මතුරන ලද) සුරයක්, යන්ත‍්‍රයක් හෝ නූලක් පැළඳීම
බෂීර් අල් අන්සාරි (රලි) මෙසේ පවසයි. ‘අල්ලාහ්ගේ වක්තෘවරයා (සල්) සමග ගමනක් ගියෙමි. එවිට “ඔටුවන්ගේ බෙල්ල වටේ දුනු නූලෙන් හෝ වෙනත් කිසි දෙයකින් සෑදු මාල නොතිබිය යුතුයි. ඒවා කපා දමන්න.“ යි අණ කර, එතුමා පණිවුඩකරුවෙක් එවුහ.‘ අල් බුහාරි සහ මුස්ලිම් වාර්තා කරයි.
අර් රුඛා, අත් තිමායිම් සහ අත් තිවලාහ් යන සියළු ක්‍රියාවන්ම ෂිර්ක් නැමැති විවිධ දේව වන්දනා ක‍්‍රම බව අල්ලාහ්ගේ වක්තෘ (සල්) වරයා පැවසුවේය යි ඉබ්න් මසුඌද් (රලි) වාර්තා කළේය. (අහ්මද් සහ අබු දාවූද්)
අත් තිමාඉම් යන්නේ ඇස් වහ වැනි දේවලින් සිදුවන උවදුරින් ආරක්ෂා පතා දරුවන්ගේ කරේ දමන සුරය හෝ යන්ත‍්‍රයයි. කුර්ආන් වාක්‍ය හෝ අල්ලාහ්ගේ නාම සහ ගුණාංගයන් එහි තිබේ නම් සමහර අය ඒවා අනුමත කළ අතර, සමහරු ඒවා තහනම් කළහ. තහනම් කළ අය අතරින් ඉබ්න් මස්ඌද් (රලි) කෙනෙකි.
අත්තිවලා (වශී කිරීම හෝ මෝහන කිරීම) යන්නේ බිරිඳ හා සැමියා අතර ආදරය වැඩිකිරීමේ හැකියාව තමාට තිබේ යයි පවසා සමහර අය කරන ක්‍රියාවන්ය.
පහත සඳහන් මර්ෆූ හදීස් එකක් අබ්දුල්ලාහ් බින් උකෙයිම් වාර්තා කරයි. “යම් කෙනෙක් සුරයක් පාවිච්චි කළේ නම්, හෝ තම ශරීරයේ බැඳ ගත්තේ නම්, හෝ පැළඳ ගත්තේ නම්, එම සුරයෙහි භාරව යටතට ඔහු සම්පූර්ණයෙන් පත්විය.“ (මූලාශ‍්‍ර අහ්මද් සහ තිර්මිදි)
“ඕ රුවෙයිෆි, මට පසු දිගු කලක් ඔබ ජීවත්විය හැක. එනිසා, කෙනෙක් තම රැවුලේ ගැට දමා ගන්නේද, ආරක්ෂාව පතා නූලක් හෝ ලණුවක් බැඳ ගන්නේද, මළ මූත‍්‍රා කළායින් පසු වියලි ගොම හෝ සතුන්ගේ ඇටකටු යොදා පිරිසිදු කර ගන්නේද, ඔහුව මම අහිමි කරගත් බවට (ඔහු හා මා අතර කිසිදු සම්බන්ධකමක් නැත) මිනිසුන්ට දන්වන්න.“ යනුනේ අල්ලාහ්ගේ වක්තෘවරයා (සල්) පැවසු බව රුවෙයිෆි (රලි) වාර්තා කරයි. මූලාශ‍්‍ර අහ්මද්.
සඊද් බින් ජාබිර් මෙසේ වාර්තා කරයි. “යම් කෙනෙකු ගෙන් සුරයක් හෝ ආරක්ෂාව පතා බැඳගත් නූලක් කවුරු හෝ කපා දමන්නේ නම්, එම ක්‍රියාව වහල්ලෙක් නිදහස් කළා හා සමානයි.“
කුර්ආන් වාක්‍ය හෝ වෙනත් ඕනෑම දෙයක් ලියා පැළඳගත් සුරය සහ යන්ත‍්‍ර යන සියල්ල පිළිබඳ සිය අකැමැත්ත අබ්දුල්ලාහ් ඉබ්න් මස්ඌද් (රලි)ගේ මිත‍්‍රයෙක් වන වකී ඉබ්රාහිම් නඃහී වාර්තා කරයි.
මෙම පාඩමේ වැදගත් කරුණු:
ඉහත සඳහන් ක්‍රියාවන් සියල්ල කිසිදු සැකයෙන් තොරව ෂිර්ක් වේ. වැනි අනතුරුවලින් මිදෙන්නට අල්ලාහ්ගේ පිහිට අපට ලැබේවායි පතමු.
ගහක් හෝ ගලක් වැනි දේවලින් ආශීර්වාද පැතීම
අති උතුම් අල්ලාහ් පැවසුවේ මෙසේය. “අල් ලාත් සහ අල් උස්සා සහ මනාත් (අනුවණ අරාබිවරුන් නැමදුම් කළ සමහර පිළිම) ගැන ඔබ සලකා බැලූවේද?“ අල් කුර්ආන් 53:219 සහ 20
අබු වකීද් අල් ලයිත් මෙසේ පැවසුවේය. ඬඬකුෆ්ර් තත්ත්වයෙන් මිදී මුස්ලිම්වූ අළුත, හුනෙයින් සටන කරා ගියෙමු. එහි මුෂිරික්වරු (බහු දේව වන්දනා කරුවෝ* දාත් අන්වාත් නමින් මසන් ගසක ආශීර්වාද පතා, එම ගස පසුකර යනවිට, තම අවි ආයුධ ගහේ එල්ලා තබා, ඒ අසල නැවතී සිටිති. අපි එම ගස පසු කරගෙන යනවිට, ඬඅල්ලාහ්ගේ වක්තෘවරයාණෙනිණී මෙම දාත් අන්වාත් මෙන් අපටත් තවත් දාත් අන්වාත් එකක් සාදනු හැŸ දැ?ඬ යි ඇසුවෙමු. එයට, ඬඅල්ලාහු අක්බර්. මාගේ ප‍්‍රාණය කා අතේ තිබේද, ඔහුගේ (අල්ලාහ්ගේ* නාමයෙන් =වුරමි. ඇත්ත වශයෙන්ම ඔබට පෙරවු ජාතීන්ගේ මග මෙයයි. ඔබ කීවේ, ඉස්රායිල් ජාතීන් මූසා (අලෙ* ට, ඬඒ අයගේ දෙව්වරුන් මෙන් අපටත් දෙවියෙක් තනන්න,ඬ යි කී පරි=ය. ඔහු (මූසා*, ඬඇත්ත වශයෙන් ඔබ Ÿසිවක් නොදන්නා මිනිස්සුන්ය.ඬ යි කීහ. (කුර්ආන් 7:138* ඔබද ඇත්ත වශයෙන් ඔබට පෙරවූ ජනයා අනුගමනය කරන්නන්ය.ඬඬ යි නබි (සල්* වරයා පිළිතුරු දුන්හ.ඬඬ
මෙම පාඩමේ වැදගත් කරුණු:
· දාත් අන්වාත් හා සමාන ගහක් සහාබාවරුන් (රලි) ඉල්ලීම.
· මෙය අල්ලාහ්ට කැමති ක්‍රියාවක් බව වරදවා සිතා, මෙම ක්‍රියා මාර්ගයෙන් අල්ලාහ්ට සමීපවීමට ඔවුන් බලාපොරොත්තු වුහ.
· නබි (සල්) වරයා මෙය පතික්ෂේප කරනවිට, “අල්ලාහු අක්බර්. ඔබට පෙරවු ජාතීන්ගේ මග මේවාය“ යි පැවසුවේ, එහි බැරෑරුම් තත්ත්වය පෙන්වා දීම පිණිසයි.
· සමහර සහාබාවරුන් (රලි) පවා තමා කරන්නටවූ ක්‍රියාවෙහි ස්වාභාවය ගැන නොදන්නේ නම්, එයට බොහෝ කලකට පසුව පැමිණි (දුබල ඊමාන් සහිත) පරපුර මේ පිළිබඳව හරි විස්තර නොදන්නා තත්ත්වයට පත්වීම පුදුමයට කරුණක් නොවේ. මක්කා ජයග‍්‍රහණයෙන් මක්කා වැසියන් සියල්ල මුස්ලිම් බවට පත්වු පසු, හුනෙයින් සටන සිදුවු අතර, නවතම මුස්ලිම්වරු එයට සහභාගිවු බව මතක තබා ගත යුතුයි.
· වඳින්නට සුදුසු අල්ලාහ් හැර වෙන කිසිවෙක් නැත යන වැක්‍යය තුල, සැඟවී තිබෙන සියුම් තේරුමෙහි, මෙවැනි දේ ප‍්‍රතික්ෂේප කර ඇති බව ඔවුන්ට අවබෝධ නොවුනි.
· ශිර්ක් ක්‍රියාව ප‍්‍රධාන හා කුඩා යන දෙවර්ගයට අයත්වන හෙයින්, සහාබාවරු මෙම ඉල්ලීම කළ පමණින් ඉස්ලාම් ධර්මය හැර ගිය පාපයට ලක්වුයේ නැත.
· ශිර්ක් යන විවිධ දේව නැමදුම කරා යන සියළු මාර්ග සම්පූර්ණයෙන් වසා දැමීම අත්‍යාවශ්‍ය වන අතර, දේව විශ්වාසය නොමැති අඥාන ජාතීන් ලෙස පෙනී සිටීම තහනම් කළ යුතුය.
· මුහම්මද් නබි (සල්) තුමා, මාර්ග මේවා යයි පවසමින් පොදුවේ මිනිස් ස්වභාවය ගැන සඳහන් කළහ.
· යුදෙව් සහ ක්‍රිස්තු බැතිමතුන්ගේ වැරදි ක්‍රියාවන් හෙලා දකින සෑම අවස්ථාවකම, එවැනි ක්‍රියා මාර්ගයෙන් වැලකෙන ලෙස, කුර්ආන්හී අල්ලාහ් අපට අවවාද කරයි.
· කෙනෙක් අසත්‍ය දෙයින් ඉවත්වී (මුස්ලිම් බවට පත්වී) සමහර ඉස්ලාමිය විශ්වාස හා ක්‍රියාවන්හට පුරුදුවුවත්, පැරණි මත හා පුරුදු ඔහු තුළ රැඳී තිබීම වැලකිය නොහැකි බව සහාබාවරුන්ගේ “අපි අළුතින් කුෆ්ර් තත්ත්වයෙන් මිදී“ යන වාක්‍ය පෙන්වයි.
අල්ලාහ් හැර වෙනත් අය වෙනුවෙන් කුර්බාන් කිරීම (ආහාර සඳහා සතුන් මැරීම)
අති උතුම් අල්ලාහ් මෙසේ පවසයි. “පවසන්න. ඇත්ත වශයෙන්ම මගේ නැමදුම. මගේ පරිත්‍යාගය. මගේ ජීවිතය, මගේ මරණය, සර්ව ලෝක අධිපති අල්ලාහ් වෙනුවෙන්වේ. ඔහුට සමාන කිසිවෙකු නැත. මම අණ ලැබුවේ මෙලෙසය. තවද, මුස්ලිම්වරුන් ගෙන් මම පළමුවැන්නා වෙමි.“ අල් කුර්ආන් 6: 162 සහ 163.
“එනිසා, නැමදුමෙහි ඔබ ස්වාමියා වෙත හැරී, (ඔහුගේ නාමයෙන් පමණක්) පරිත්‍යාග (කුර්බාන්) කරනු මැනවි.“ අල් කුර්ආන් 108: 2
“අල්ලාහ්ගේ වක්තෘ (සල්) වරයා, අල්ලාහ්ගේ විනිශ්චය හතරක් ගැන මට දැන්වුහ.“ යනුවෙන් අලි ඉබ්න් අබි තාලිබ් (රලි) වාර්තා කළේය.
“කෙනෙක් මැස්සෙක් නිසා ස්වර්ගයටද, තවත් මිනිසෙක් මැස්සෙක් නිසා නිරයටද ඇතුලත්වුහ“ යයි, අල්ලායහ්ගේ රසූල්වරයා (සල්) වරක් පැවසු බව තාරික් බින් ෂිහාබ් වාර්තා කළේය. “එය සිදුවුනේ සේදැ?“ යි සමාබාවරු විමසුහ. පිළිමයකට යමක් පුද කරන තුරු එතැන පසුකර යන්නට ඉඩ නොදැන මිනිසුන් පිරිසක් ළඟින් දෙදෙනෙක් ගියහ. එම පිළිමයට යමක් පුදන ලෙස පැවසු විට, තමා අත කිසිදෙයක් නැති බව කෙනෙක් කීවේය. මැස්සෙක්වුවත් කමක් නෑ, පුද කරන්නයි ඔවුන් කී විට, එයින් එක්කෙනෙක් මැස්සෙක් පුද කළායින්, ඔහුට යන්නට ඉඩ ලැබුනි. ඒ හේතුවෙන් ඔහු නිරයට ඇතුල්විය. දෙවැනි මිණිසා, “සකල කර්ති හිමි අල්ලාහ් හැර වෙන කිසිවෙකුට කිසිදෙයක් පුද නොකරමි“ යි පැවසුවිට, එම සෙනඟ ඔහු මරා දෙමුහ. ඒ හේතුවෙන් ඔහු ස්වර්ගයට ඇතුල්විය. මූලාශ‍්‍ර ඉමාම් අහ්මද්.
පාඩමෙහි මැදගත් කරුණු
· අල්ලාහ් හැර වෙන කිසිවෙකුට පුද කරන්නන් කෙරෙහි ශාපය.
· දෙමාපියන්ට ශාපකරන්නාට ලැබෙන ශාපය. (අනුන්ගේ දෙමාපියන්ට කෙනෙක් ශාප කළවිට, ඒ අය හැරී මොහුගේ දෙමායන්ට ශාප කරති.)
· ඉස්ලාම් ධර්මයේ නැති දෙයක් අළුතින් ඇතුලත් කරන්නෙකුට (මුහ්දිත්) උපකාර හා ආරක්ෂා සපයන්නාට අල්ලාහ්ගේ ශාපය. එනම්, ආගමෙහි වෙනසක් කිරීම අල්ලාහ්ට පමණක් හිමි ක්‍රියාවක් වන අතර, එසේ කරන කෙනෙකුට උපකාර හා ආරක්ෂා කරන්නාට අල්ලාහ්ගේ ශාපය හිමිවේ.
· ඉඩම් මායිම් වෙනස් කරන්නෙකුට අල්ලාහ්ගේ ශාපය හිමිවේ.
· මැස්සෙකුගේ ඉතා සාමාන්‍ය නමුත්, වැදගත් කථාව.
· මැස්සෙක් පුද කළ මිණිසා, පෙර ඡේතනාවෙන් තොරව එය කළත්, තම ජීවිතය බේරා ගැනීමට කළ ක්‍රියාවේ හේතුවෙන් අපායට ඇතුල්විය.
· විශ්වාසීන්ට ෂිර්ක් ක්‍රියාව පිලිකුල් සහිත දෙයක් බව පෙන්වීම. බාහිර ක්‍රියාවකින් වුවත්, තම ඊමානයේ පවිත‍්‍ර භාවය රැක ගැනීම පිණිස දෙවන මිනිසා ඉවසීමෙන් මරණයට මුහුණ දුන් ආකාරය.
· මැස්සෙක් නිසා අපායට ගිය මිනිසා මුස්ලිම් කෙනෙකි. ඔහු කාෆිර් නම්, නබි (සල්) වරයා මැස්සෙක් නිසා අපායට ගිය බව පවසන්නේ නැත.
· “ස්වර්ගය, ඔබ සපත්තු බඳින ලනුවට වඩා සමීපව ඇත. අපායද ඒ ලෙසමයි.“ යන නබි වදන මෙම උදාහරණය සනාථ කරයි.
· කාෆිර්වරුන්ගේ අරමුණවන්නේ මුස්ලිම්වරුන්ගේ සිතුම් පැතුම් වෙනස් කිරීම වනාහිය.
අල්ලාහ් හැර අන් කිසිවෙකුට භාරවීම ෂිර්ක් වේ
අති උතුම් අල්ලාහ් මෙසේ පැවසුවේය. “ඔවුන් තම භාරය ඉටු කරති. තවද, සෑම තැනම අපරාධ පැතිරෙන දිනය කෙරෙහි ඔවුන් භයවෙති.“ 76:7
“අල්ලාහ්ගේ මාර්ගයේ දන් දීම උදෙසා කුමන වියදමක් කරන්නේද, ඔබ කුමක් භාර වන්නේද, ඒ සියළුදේ ගැන අල්ලාහ් දන්නා බව දැනගන්න.“ 2:270
අල්ලාහ්ගේ නබි (සල්) වරයා, මෙසේ පැවසු බව අයිෂා (රලි) තුමිය වාර්තා කළාය. ‘ඔබ අතරින් අල්ලාහ්ට කීකරු වන බව කෙනෙක් භාරවුනේද, ඔහු අල්ලාහ්ට කීකරු විය යුතුයි. අල්ලාහ්ට කීකරු නොවන බව කෙනෙක් භාරවුනේද, ඔහු අල්ලාහ්ට අකීකරු නොවිය යුතුයි.‘ - මුලාශ‍්‍රිතය අල් බුහාරි.
පාඩමෙහි වැදගත් කරුණු
· කෙනෙක් භාරයක් කළහොත් එය ඉටු කිරීම අනිවාර්ය කරුණකි. භැරවීම යන්නේ, නැමදුම හා සමාන ක්‍රියාවක් වන හෙයින්, අල්ලාහ් හැර අන් කිසි කෙනෙකුට භාරවීම හා භාරය ඉටු කිරීම ෂිර්ක් ක්‍රියාවක් බව සළකන්න.
· අති උතුම් අල්ලාහ්ගේ අණට එරෙහිව යමක් කරන්නට කෙනෙක් භාර වුවහොත්, එය ඉටු කිරීමට ඔහුට අනුමත නැත.
අල්ලාහ් හැර අන් Ÿසිවෙකුගෙන් ආරක්ෂා පැතීම ෂිර්ක්වේ.
අති උතුම් අල්ලාහ් මෙසේ පැවසයි. “ඇත්ත වශයෙන්, මිණිසුන් ගෙන් සමහරු, පිරිමි ජින්වරුන්ගෙන් රැකවරණය සෙව්වෝය. එහෙත් ඔවුන් (ජින්වරුන්) මේ අයගේ (මිණිසුන්ගේ) පාපය සහ දේව විශ්වාස නොමැතිකම වැඩි කළහ.“ 72:6
හව්ලා බින්ත් හකීම් (රලි) තුමිය මෙසේ වාර්ථා කළාය. ‘යම් කෙනෙක් තැනකට ඇතුල්වන විට, “අල්ලාහ් මැවු (මැවීම්වල) උවදුරු සිට, ඔහුගේ සම්පූර්ණ වචන තුලින් ආරක්ෂා පතමි.“ යි කිවහොත්, ඔහු එතැනින් ඉවත්වන තුරු ඔහුට කිසිදු හානියක් සිදු කොකෙරේ.“ යයි අල්ලාහ්ගේ නබි (සල්) වරයා පැවසුහ. (මුස්ලිම්)
පාඩමෙහි වැදගත් කරුණු
· අල්ලාහ් හැර අන් කිසිවෙකුගෙන් ආරක්ෂා පැතීම ෂිර්ක් හී කොටසක්වේ.
· මෙලොවේ යම් වාසියක් ලබාගන්නට හෝ යම් උවදුරකින් හෝ අවාසියකින් හෝ මිදෙන්නට සමහරවිට හැකිවන නමුත් මෙවැනි පැතුම් (දුආ) ෂිර්ක් නොවන බව නොසිතන්න.
· අල්ලාහ්ගේ වචන ඔහුගේ මැවීම් නොවන අතර, අල්ලාහ් මැවු දේවලින් ආරක්ෂා පැතීම ෂිර්ක් බව විද්වතුන් මෙම හදීසය පෙන්වා දෙයි.
· අල්ලාහ්ගේ වචන තුලින් ආරක්ෂා පතන මෙම යාචිඤාව කෙටි නමුත් ඉතා උසස්ය.
අල්ලාහ් හැර අන් කිසිවෙකුගෙන් සහන පැතීම (ඉස්තිගාතා)
හෝ යාච්ඤා කිරීම ෂිර්ක් ක්‍රියාවකි.
අති උතුම් අල්ලාහ් මෙසේ පැවසුවේය. “අල්ලාහ් හැර ඔබට යහපතක් හෝ විපතක් කරන්නට නොහැකි කිසිවෙකුට යාචිඤා නොකරනු. එසේ කළහොත් ඇත්ත වශයෙන්ම ඔබ දාලිමූන් (විවිධ දේව වන්දනාකරු සහ වැරදිකරුවන්) ගෙන් කෙනෙකු වන්නේය. තවද, අල්ලාහ් ඔබට වේදනාවක් දුන්නහොත්, ඔහු හැර වෙන කිසිවෙකුට එය පහසු කළ නොහැක. එමෙන්ම ඔහු (අල්ලාහ්) යහපතක් සිතුවහොත්, ඔහුගේ වහළුන් අතරින් ඕනෑ කෙනෙකුට ඔහුගේ වරප‍්‍රසාද ලැබීම කිසිවෙකුට වලක් වන්නටද නොහැක. තවද, ඔහු සමාව දෙන හා සියළුදේ දන්නා. අති කාරුණිකය“ යි. ශු.කුර්ආනය 10: 106 සහ 107.
“අල්ලාහ්ට අමතරව ඔබ නැමදුම කරන පිළිමවල් ඔබ විසින් මැවු බොරුය. ඇත්තෙන්ම, අල්ලාහ්ට අමතරව ඔබ නැමදුම කරන දැයට, ඔබට ආහාර සපයන්නට කිසිදු ශක්තියක් නොමැත. එහෙයින් අල්ලාහ්ට පමණක් නැමදුම කර ඔහුගෙන් පමණක් ඔබේ ආහාර (අවශ්‍යතාවය) සොයා ඔහුට පමණක් කෘතඥ වන්න. ඔබ (අවසානව) ගෙන එනු ලබන්නේ ඔහු වෙතටය“. ශු. කුර්ආනය 29:17
“අල්ලාහ්ට අමතරව වෙනත් දේවලට යාචිඤා කරන්නාට වඩා නොමඟ ගිය කෙනෙක් සිටීද?“ ඒවා අවසාන දිනය පැමිණෙන තෙක් ඔහුට පිළිතුරු නොදෙන අතර, තමාට යාචිඤා කළ බව පවා නොදනිති. තවද, යලි නැගිටින දිනයෙහි ඔවුහු (ව්‍යාජ දෙවිවරුන්) මේ අයගේ සතුරන් බවට පත්වනු ලබන අතර, තමාට කිසි කෙනෙක් නැමදුම් කළ දෙයද ප‍්‍රතික්ෂේප කරති.“ අල් කුර්ආන් 46:5 සහ 6
“උවදුරක අසුවු කෙනෙක් (සහන පතා) අඞගානා කල්හී, ඔහුට පිළිතුරුදී (එයින් මුදවා හරින්නේ) සහ මෙම ලොවට හිමිකරු ලෙස ඔබව පත් කරන්නේ කවුද? අල්ලාහ් සමග වෙන දෙවි කෙනෙක් තිබේද? මේ ගැන ඔබ සිහිකරන්නේ ඉතා ස්වල්ප වශයෙනුයි.“ අල් කුර්ආනය 27:62
රසූල් (සල්) තුමාගේ කාලයේ මුස්ලිම්වරුන්ට නිතර හිරිහැර කළ මුනාෆික් කෙනෙක් සිටියේය. සමහර මුස්ලිම්වරු, මෙම මුනාෆික්ට විරුද්ධව අල්ලාහ්ගේ වක්තෘවරයා ගෙන් සහන පතමු යි කියා, එතුමා වෙතට ගියහ. එයට නබි (සල්) වරයා, “කිසිවෙක් මගෙන් සහන පැතිය නොයුතුයි. ඇත්ත වශයෙන්ම සහන හා සහාය පැතිය යුත්තේ අල්ලාහ් ගෙන් පමණය.“යි පිළතුරු දුන්නේය.‘ යි අත් තබරානි වාර්තා කළේය.
පාඩමෙහි වැදගත් කරුණු
· අල්ලාහ්ට අමතරව වෙනත් දෙයŸන් සහන පතා යාචිඤ Ÿරීම විශාල ෂිර්ක් වේ.
· උසස් භක්තිවන්තයෙක් පවා තවත් කෙනෙකුගේ අවශ්‍ය තාවය උදෙසා, අල්ලාහ් හැර වෙනත් දෙයකින් සහන පතා යාචිඤ කළහොත් ඔහු දාලිමූන් බවට පත්වේ.
· අල්ලාහ්ට අමතරව වෙනත් දෙයකින් සහන පතා යාචිඤා කිරීමෙන් මෙලොව කිසි යහපතක් සිදුනොවන අතර, එය දේව විශ්වාස නොමැති කුෆ්ර් කරා ගෙන යයි.
· අල්ලාහ් හැර වෙන කිසිවෙකුගෙන් ස්වර්ගය පැතීම කළ නොහැක. එමෙන්ම, ආහාර සහ වෙනත් දේ පතා අන් කිසිවෙකුට යාචිඤා කළ නොහැක.
· අල්ලාහ්ට අමතරව වෙනත් දෙයට යාචිඤා කරන්නාගේ යාචිඤාව පමණක් නොව, ඔවුන් කිසිම දැයක්ද නොදනී.
· අල්ලාහ්ට අමතරව වෙනත් දෙයකින් යමක් පැතීම, එයට කරන නැමදුමවේ.
· මෙම පැතුම් ලත් වෙන අය, තමා වෙත කරන ලද නැමදුම විනිශ්චය දිනයේ ප‍්‍රතික්ෂේප කරන්නෝය.
· මෙම හේතු නිසා, මෙවැනි පැතුම් කරන්නා මිනිසුන් අතරින් නොමඟ ගිය කෙනෙක් බවට පත්වේ.
ඉහත සඳහන් කුර්ආන් වාක්‍යයෙහි, වේදනාවට පත්වූ කෙනෙකුට සහන සලසන්න අල්ලාහ් හැර වෙන ක්සිවක් නැති බව මිත්‍යා දෘටිකයින් පවා පිළිගන්නා බව සඳහන් කරයි. එනිසා, ඔවුන් (මිත්‍යා දෘෂ්ටිකයින්) පවා, දරාගත නොහැකි බරපතල කරදරයක් මුහුණ පානවිට, එකම දෙවියා අල්ලාහ් ගෙන් සම්පූර්ණ භක්තියෙන් යාචිඤ කරති.
යහපත් පුද්ගලයෙකුගේ සොහොනක අල්ලාහ්ට නැමදුම හෙලා දැකීම. එම ක්‍රියාව මිණිසාට කරන නැමදුම හා සමාන ක්‍රියාවක්වීම
උම් සලාමා (රලි) අබිසීනියා රටේ දේවස්ථානයක, පිළිම හා පිංතූරු පිරී තිබුනු තමා දුටු බව අල්ලාහ්ගේ රසූල් (සල්) වරයාට පැවසුවාය. එවිට එතුමා, ‘ඔවුන් අතර යහපත් මිණිසෙක් හෝ බැතිමතෙක් මියගියේ නම්, ඔහුගේ සොහොන මත පූජා ස්ථානයක් තනා, එය නොයෙක් පිළිම හා පිංතූරුවලින් සරසති. අල්ලාහ් ඉදිරියෙහි ඔවුන් ඉතා අයහපත් අයවෙති. ඔවුන් අයහපත් ක්‍රියා දෙකක් කරති. ඒවා නම්, සොහොන්වල නැමදුම සහ පිළිම තැනීමය.‘ යි පිළිතුරු දුන් බව අයිෂා (රලි) වාර්තා කළාය. මූලාශ‍්‍රිත බුහාරි සහ මුස්ලිම්
“ඔබ අතරින් කිසිවෙකු හඃලීල් (ආසන්නතම මිත‍්‍රයෙක්) බවට තබා ගැනීමෙන් අල්ලාහ් වෙත මම පැහැදිලිව නිදහස්වෙමි. ඇත්ත වශයෙන්ම ඉබ්රාහිම් (අලෙ)ව තම හඃලීල් ලෙස ගත්තා මෙන්, මාවද අල්ලාහ් තම හඃලීල් ලෙස ගෙන ඇත. මමද, අබු බක්කර් (රලි)ව මගේ හඃලීල් ලෙස (හැකිනම්) තෝරා ගන්නට තිබුණි. ඔබට පෙර ජීවත්වු අය ගැන ප‍්‍රවේසම් වෙන්න. ඒ අය තම නබිවරුන්ගේ සොහොන පූජා ස්ථාන බවට පත්කර ගත්තෝය. එය නොකරන ලෙස මම ඔබට තහනම් කරමි.“ යි නබි (සල්) වරයා තම මරණයට දින පහට පෙර කියනු ඇසු බව ජුන්දුබ් බින් අබ්දුල්ලාහ් (රලි) දැන්විය. මූලාශ‍්‍රිත සහීහ් මුස්ලිම් .
නබි (සල්) වරයා තම ජීවිත අවසාන කාලයේ මෙම ක්‍රියාව තහනම් කළහ. සොහොන නැමදුම් කරන ස්ථානයක් බවට පත්කිරීම තහනම් කළායින් පසු එවැනි ක්‍රියාවන්හී යෙදෙන්නන්ට ශාප තළහ. සොහොන මත මස්ජිදයක් නොතිබුනත්, ඒ අසල නැමදීම එවැනි ක්‍රියාවක්වේ. තම සොහොන මස්ජිදයක් බවට පත්වේ යයි එතුමා බියවුනි, යනු එතුමා (සල්)ගේ වචනයන්හී අර්ථය වේ. නබි (සල්) වරයාගේ සොහොන අවට කිසිදු ජූජාස්ථානයක් සහාබාවරු තැනුවේ නැත.
යම් ස්ථානයක නැමදුම් කළහොත් හා නැමදුම් කරන්නට සිතුවහොත් එම ස්ථානය, මස්ජිදයක් වශයෙන් පිළිගත් බවයි. “මුළු මහ පොලොවම මාහට මස්ජිදයක් බවට පිරිසිදු හා පවිත‍්‍ර කර දෙනු ලැබුනි.“ යන නබි (සල්) වරයාගේ වදන මෙහි අදාලවේ.
ඉබ්න් මස්ඌද් (රලි) වාර්තා කළ මර්ෆු හදීස් එකක, “ජීවත්ව සිටියදී අවසාන දිනයේ සළකුණු ඔවුන් අතර පහළවන මිණිසුන් සහ මලවුන්ගේ සොහොන, තම නැමදුම් කරන ස්ථානයක් බවට පත්කර ගන්නන් ඉතා අයහපත් වන්නෝය.“ යි නබි (සල්) වරයා පැවසුහ. මූලාශ‍්‍රිත අහ්මද්. (අබු හාතිම් ද මෙය වාර්තා කළේය.)
පාඩමෙහි වැදගත් කරුණු
· අල්ලාහ්ට නැමදුම් කිරීමේ උසස් ජේතනාවෙන් යුතුව යහපත් අයගේ සොහොන අසල මස්ජිදයක් තණන්නන්හටද වක්තෘවරයා (සල්) අවවාද කළේය.
· පිළිම සහ එවැනිදේ සම්බන්ධ බරපතලකම පෙන්වා අවවාද කළේය. මේ සම්බන්ධව නබි (සල්) වරයා තරයෙන් කරුණු පෙන්වු ආකාරය. පළමුව අදාල කරුණු සුවිනීතව පැහැදිලි කළහ. තම මරණයට දින පහකට පෙර, කලින් කියාදුන් දේ නැවත වරක් තරයෙන් කීහ. ඉන් අනතුරුව තමා කලින් පැවසු කරුණු අප‍්‍රමාණ බව තම මරණාසන්නව එතුමාට අවබෝධවුනි.
· තම සොහොනය තණන්නට පෙර, නබි (සල්) වරයා එම ස්ථානය නැමදුම් කරන ස්ථානයක් බවට පත් කිරීම ගැන විරෝධය දැන්වුහ.
· යුදෙව් ජාතින් සහ ක්‍රිස්තු බැතිමතුන් තම දිවැසිවරුන් මරණයට පත්වු විටගි ඒ අයගේ සොහොන පූජනීය ස්ථානයක් බවට පත් කර ගත්තෝය.
· යුදෙව් ජාතින් සහ ක්‍රිස්තු බැතිමතුන්ගේ මෙම ක්‍රියාව ගැන නබි (සල්) වරයා ශාප කළහ.
· එසේ කිරීමෙන්, තම සොහොන ගැනද එතුමා අපහට අවවාද කළහ.
· මේ හේතුවෙන් නබි (සල්) වරයාගේ සොහොන පොලොව මට්ටමෙන් ඉහලට තැනුනේ නැත.
· සොහොන පූජනීය ස්ථානයක් බවට පත්කර ගැනීම යන්නෙහි අර්ථය පැහැදිලිවේ.
· ජීවත්ව සිටියදී අවසාන ද්නයේ සළකුණු පහළ වන මිනිසුන් සමඟ මළවුන්ගේ සොහොනෙහි නැමදුම් කරන අය සමාන කර, නබි (සල්) වරයා පෙන්වූ ආකාරය ෂිර්ක් ක්‍රියාවන් සිදුවෙන්නට පෙර, එය කරා යන මාර්ග සහ එහි ඵලවිපාකය නබි (සල්) වරයා පෙන්වුහ.
· නබි (සල්) වරයා, තම මරණයට දින පහකට පෙර ඉහත සඳහන් අයහපත් පිරිස් දෙක නම්කර හෙලා දුුටුවේය. සමහර විද්වතුන් මෙම පිරිස් දෙක (දැනටමත් ඉස්ලාමයට පිටුපා ඇති බැවින්) නොමඟ යන පිරිස් හැත්තෑ දෙකට ඇතුලත් කර නැත. ඒ පිරිස් දෙක රාෆිදා සහ ජහ්මියා යනුවේ. ෂිර්ක් සහ සොහොනෙහි නැමදුම් කිරීම ආරම්භවීමට රාෆිදා පිරිස හේතවුනේය. සොහොන මත මස්ජිදය ගොඩනැගු පළමු පිරිස ඔවුන් ය.
· මුහම්මද් (සල්) වරයා පවා මරණයට පෙර සකරාත් නම් වේදනාවට පත්වුහ.
· අල්ලාහ් එතුමාව තම හඃලීල් බවට තෝරා ගැනීමෙන් දුන් කුසලතාවය. ආසන්න මිත‍්‍රකම, ආදරයට වඩා වටිනා බව මේ මගින් දැන්වේ.
· අබු බකර් අස් සිද්දීක් (රලි) සහාබාවරුන් අතරින් තමාට පසුව නායකත්වය දරන බව නබි (සල්) වරයා පැහැදිලි කළහ.
යහපත් පුද්ගලයෙකුගේ සොහොනෙහි කරන විශේෂ නැමදුම, අල්ලාහ්ට අමතරව වැදුම්පිදුම් ලබන පිලිමයක් බවට ඔහුව පත්කරයි.
මුහම්මද් නබි (සල්) වරයා, “ඕ අල්ලාහ්, මගේ සොහොන පූජා ස්ථානයක් බවට පත් නොකරනු මැනවි. තම නබිවරුන්ගේ සොහොන පූජා ස්ථානයක් බවට යොදාගත් අය කෙරෙහි අල්ලාහ්ගේ කෝපය උග‍්‍රවිය.“ යි පැවසු බව ඉමාම් මාලික් වාර්තා කරයි.
“අල් - ලාත් සහ අල් උස්සා ගැන ඔබ සලකා බැලූවේද?“ අල් කුර්ආනය 53:19 සහ 20, යන වාක්‍ය පිළිබඳව මුජාහිද් ගෙන් මන්සූර්ද, ඔහුගෙන් සුෆියාන්ද, ඔහුගෙන් ඉබ්න් ජරීර් (අත් තබ්බාරි) ද මෙසේ වාර්තා කළහ.
‘ලාත් නමැති මිනිසා මක්කමට පැමිණෙන වන්දනාකරුවන්ට (බාර්ලි පිටි, ජලය සහ ගිතෙල් දමා පිළයෙල කළ) සවීක් නමැති ආහාර නොමිලයේ සැපයුවේය. ඔහුගේ මරණයෙන් පසුව, ඔහුගේ සොහොනෙහි, ඔහුගෙන් සරණ පතා මිණිස්සු රැස්වෙන්නට පටන් ගත්තෝය.‘
ඉබ්න් අබ්බාස් (රලි) ගෙන් අබුල් ජව්සා (රලි) මේ ලෙසම වාර්තා කරයි.
ඉබ්න් අබ්බාස් (රලි)ගේ වාර්තාවක් අනුව, අල්ලාහ්ගේ වක්තෘවරයා සොහොන් කරා යන ස්තී‍්‍රන් හට ශාප කළහ. තවද, සොහොන මත මස්ජිදය තනන්නාට සහ සොහොන ආලෝක කරන්නාටද ශාප කළහ. මෙම හදීසය, අබු දාවුද්, අත් තිර්මිදි, ඉබ්න් මාජා සහ අන් නසායි යන අය වාර්තා කර ඇත.
පාඩමෙහි වැදගත් කරුණු
· පිළිමයක් යන්නේ කුමක්දැයි පැහැදිලි කර ඇත.
· නැමදුම යන්නේ කුමක්දැයි පැහැදිලි කර ඇත.
· සිදුවිය හැකි අනතුරයයි බියවුදේ හැර, වෙනත් දේවලට නබි (සල්) වරයා අල්ලාහ් ගෙන් ආරක්ෂාව නොපැතුහ.
· “ඕ අල්ලාහ්, මගේ සොහොන පූජාස්ථානයක් බවට පත් නොකරනු මැනවිය“ යි තම ප‍්‍රාර්ථනා සමග, නබිවරුන්ගේ සොහොන පූජා ස්ථායක් කරගත් අය ගැන සඳහන් කළහ.
· මෙවැනි ක්‍රියාවන්හී යෙදෙන්නන් කෙරෙහි අල්ලාහ්ගේ දැඩි කෝපය ගැනද එතුමා සඳහන් කළහ.
· ලාත් නමැති පුද්ගලයා වෙත නැමදුම් කිරීමට පටන් ගත් ආකාරය පැහැදිලි කර ඇත.
· සොහොන කරා යන ස්තී‍්‍රන්හට සහ සොහොන ආලොක කරන්නන්ට නබි (සල්) වරයා ශාප කළහ.
දේව ඒකීයභාවයේ ප‍්‍රතිපත්තිය රැුකගනු පිණිස, ෂිර්ක් නම් පාපය කරා යන සියළුම මාර්ග මුහම්මද් (සල්) වරයා අවහිර කළහ.
සර්ව බලධාරි අල්ලාහ් මෙසේ පවසයි. “සැබැවින්ම, ඔබ අතරින්ම ඔබ වෙතට පණිවුඩකරුවෙක් (මුහම්මද් සල්) පැමිණ ඇත. ඔබ දුක්විඳීම ඔහුට බරපතල දැයකි. ඔබ ගැන ඔහු සෙවිල්ලේ සිටියි. විශ්වාස කරන්නවුන්ට ඔහු දයාළුය. ඔව්හු (විශ්වාස කිරීමෙන්) වැළකුණේ නම්, අල්ලාහ් මට ප‍්‍රමාණය“ යි කියනු. ඔහු හැර දෙවියෙක් නැත. ඔහු කෙරෙහි විශ්වාසය තැබුවෙමි. ඔහු මහත්වූ අර්ෂහි අධිපතියාය.“ අල් කුර්ආනය 9:128, 129
මුහම්මද් (සල්) වරයා මෙසේ පැවසු බව අබු හුරෙයිරා (රලි) තුමා වාර්තා කර ඇත. “ඔබේ නිවස සොහොනක් නොකර ගන්න. මගේ සොහොන උත්සව පවත්වන ස්ථායක් නොකරන්න. මා වෙත ඔබේ සලාම් (ආශීර්වාදය හා සාමය) පිරිනමන්න. ඔබ කොතැනක සිටියත් ඔබගේ සලාහ් මා වෙතට පැමිණෙන්නේය.‘ මූලාශ‍්‍රිතය අබු දාවූද්.
අලි බින් හුසෙයින්ගේ වාර්තාවක් අනුව, නබි (සල්) වරයාගේ හදීසයක් මෙසේ පවසයි. ‘වක්තෘවරයා ගෙන් මගේ සීයා (අලි රලි) ඇසු, මගේ සීයා ගෙන්, මගේ පියාද, එතුමාගෙන් මමද සවන් දුන් හදීස් එකක් පවසන්නද? එය නම්, ‘මගේ සොහොන නැමදුම් කරන ස්ථානයක් කර නොගන්න. එමෙන්ම ඔබේ නිවස සොහොනක් කර නොගන්න. මා වෙත සලාම් කරන්න. ඔබගේ සලාම් (මගේ ආරක්ෂාව සඳහා) ඔබ කොතැනක සිටියත් මා වෙත ලැබෙන්නේය.‘ යනුවෙන් නබි (සල්) පවසා ඇත. ඉමාම් අල් මක්දසි ගේ අල් මුක්තරා යන ග‍්‍රන්ථයෙන්.
පාඩමෙහි වැදගත් කරුණු
· තම අනුගාමිකයන් ෂිර්ක් නැමැති පාප ක්‍රියාවන් ගෙන් ඈත් කර තැබීමට මුහම්මද් (සල්) වරයා සෑම අතින්ම ක්‍රියා කළහ.
· අපගේ ශුභ සිද්ධිය හා උන්නතිය උදෙසා නබි (සල්) වරයා දැක්වූ අනුකම්පාව හා දයාව.
· සොහොන් බැලීමට යාම හොඳ ක්‍රියාවක්වුවත්, තමාගේ සොහොන බැලීමට යාම නබි (සල්) වරයා එක්තරා ආකාරයට තහනම් කළහ.
· සොහොන බැලීමට වැඩියෙන් යෑම නබි (සල්) වරයා තහනම් කළහ.
· අනිවාර්ය සලාහ්වලට අමතරව කරන (නෆිල්) සලාහ් නිවෙසේදී කිරීමට නබි (සල්) වරයා උනන්දු කළහ.
· සොහොන් බිම්වල සලාහ් කිරීම තහනම් බව සහාබාවරුන් අතරත් පනවා තිබුනි.
· නබි (සල්) වරයාට කෙනෙක් කොතැනක සිට සලාම් කීවත්, එය තමාට ලැබෙන බව එතුමා පවසා ඇති හෙයින්, නබි (සල්) වරයාගේ සොහොනට ලඟාවී සලාම් කිව යුතුයි යන සමහරුන්ගේ මතය වැරදි බව පැහැදිලිවේ. නබි (සල්) වරයා බර්ස:හ් යන තත්ත්වයේ සිටින අතරථ අනුගාමිකයන්ගේ සලාත් සහ සලාම් උන්වහන්සේ වෙතට පැමිණෙනු ඇත.
ජලයේ වර්ග සහ ජලය අපිරිසිදුවීම
ජලය කාණ්ඩ දෙකකට බෙදිය හැක.
පිරිසිදු ජලය : (තාහූර් ජලය)
ස්වාභවික ජලය - වැහි වතුර, මුහුදු ජලය සහ වැව්, පොකුණු ආදී තැන්වල කාලයකින් එකතුවූ ජලය. මේවායේ පාසි, ගස් කොල යනාදිය එකතුවී මෙම ජලයේ ප‍්‍රකෘතිය වෙනස්වී ඇති අතර, මෙම වෙනස ඉවත් කළ නොහැක.
සබන්, පිටි හා ලූණු වැනි පිරිසිදු දේ මිශ‍්‍රවු නමුත්, තවමත් පිරිසදු බව සැලකිය හැකි ජලය.
කුල්ලා 2ට හෝ ඊට වැඩි ප‍්‍රමාණයක ජලය. මෙම ජල ප‍්‍රමාණයට යම් අපිරිසිදු ද්‍රව්‍යය මිශ‍්‍රවුවත්, ජලයෙහි රසය, පැහැය හෝ ගඳ වෙනස් නොවුයේ නම් එම ජලය පිරිසිදු ලෙස සැලකේ.
අපිරිසිදු ජලය : නජස් ජලය
· කුල්ලා 2ට අඩු ප‍්‍රමාණ ජලයට, සුළු ප‍්‍රමාණයක අශූද්ධ ද්‍රව්‍යය මිශ‍්‍රවී ඇති විට, ජලයෙහි රසය, පැහැය හා ගඳ වෙනස් නොවුවත්, එම ජලය අපිරිසිදු බව සැලකේ.
කුල්ලා 2ට හෝ ඊට වැඩි ප‍්‍රමාණ ජලයට යම් අපිරිසිදු ද්‍රව්‍යය මිශ‍්‍රවු හේතුවෙන්, ජලයෙහි රසය, පැහැය හා ගඳ වෙනස්වී ඇත්නම්, එම ජලයද අපිරිසිදු බව සැලකේ.
එක් කුල්ලා යන්නේ ලීටර් 95.62 හා සමානවේ.
අශුද්ධ ද්‍රව්‍යය
1 මිනිස් අශුචි (මළ හා මූත‍්‍රා),
2 ලේ - (රුධිරය) කුමන ආකාරයකින් හෝ සලන ලද ලේ,
3 බල්ලෙකුගේ කෙල,
4 කෑමට තහනම් කළ සතුන්ගේ මළ හා මූත‍්‍රා,
5 ඌරන්,
6 මළ සතුන්, පහත සඳහන් වර්ග හැර
මුහුදු ජීවීන්, මත්සයන් සහ පලා ගිරවන් (පැලඟටි වර්ග)
රුධිර සංසරනයක් නැති මැස්සන් වැනි සතුන්
ආහාරයට ගැනීමට අනුමත කළ සතුන්ට අයත් කෙස්,ලොම්, පිහාටු, ඇට කටු, අං සහ කුරය ආදී කොටස්.
වුදු කිරීම සහ පා උරය (හම්වලින් සාදන ලද කුෆ් නම් මේස් කට්ටලය) මත පිසදා ගැනීම කරන්නේ කෙසේද?
නබි (සල්) තුමා වුදු තළ අයුරු, අත්‍යාවශ්‍ය හා වෛකල්පිත ක්‍රියා ඒකාබද්ධ කොට පහත දන්වා ඇත.
1. ප‍්‍රථමයෙන් අල්ලාහ් සතුටු කිරීම උදෙසා නමස්කාරය කරන්නට වුදු කරමි යයි අධිෂ්ඨානය (නිය්යත්) ඇති කර ගත යුතුයි. මෙම අධිශ්ඨානය වාචිකව කිවනොයුතු අතර වුදු කරනවිට, සිතේ තබා ගත යුතුයි.
2. “බිස්මිල්ලාහ් - අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි“ යි කියමින් වුදු ක්‍රියාව ආරම්භ කිරීම.
3. අතේ ඇඟලි හොඳට තෙමෙනසේ අතුල්ලමින්, මැණික් කටුව දක්වා අත්දෙක තෙවරක් සේදීම.
4. මුඛය තුන් වරක් සේදීම. මිෂ්වාක් (දත් මදින කෝටුවක්) පාවිච්චි කිරීම වඩා හොඳයි. දත් බුරුසුවකින් හෝ ඇඟිලිවලින් දත් හා විදුරුමස් මැද. කට සේදීම. මිෂ්වාක් භාවිතා පිළිබඳව, නබි (සල්) තුමා මෙසේ පවසා ඇත. “මගේ අනුගාමික යන්ට එය විශාල බරක් නොවන්නේ නම්, වුදු කරන සෑම අවස්ථාවකම මිෂ්වාක් කිරීමට මම නියම කරන්නෙමි.“ මූලාශි‍්‍රතය ඉමාම්, බුහාරි.
5. නාස්පුඩුව තුලට ජලය යවමින්, නාසය තුන් වරක් පිරිසිදු කිරීම.
6. දෑතින් මුහුණ තෙවරක් සේදීම. නළලේ සිට, නිකට දක්වාද, දෙකන් දක්වාද සේදිය යුතුයි.
7. අත් දෙක තුන් වරක් වැලමිට දක්වා සේදීම. දකුණු අත පළමුවෙන්ද, වමත දෙවනුවෙන්ද හොඳීන් අතුල්ලා සේදිය යුතුයි.
8. අත් දෙක තෙත්කර, එක් වරක් හිස තෙමීම. නළලේ සිට හිස පිටුපස බෙල්ල දක්වා එක් වරක් තෙත් අත ගෙන ගොස්, නැවත නළල දක්වා ගෙන ඒම.
9. අත් නැවත තෙත් නොකර, එම තෙත් දෙඅතින්ම කණ් පිස දැමීම. කන ඇතුලට දබර ඇඟිල්ල දමා, පිස දමන අතර, මහපට ඇඟිල්ලෙන් කන් පෙත්ත පිටුපස පිස දැමීම.
10. දකුණු කකුලෙන් පටන් ගෙන, කකුල් දෙක වළල කර දක්වා තෙවරක් සේදීම. පාදෙක හොඳට අතුල්ලා සේදිය යුතු අතර, ඇඟිලි අතරින් ජලය යවා පිරිසිදු කළ යුතුය.
පා උර (හමින් සාදන ලද කුෆ් නම් මේස් කට්ටලය) මතුපිට පිසදැමීම.
යමෙක් වුදු නිශ්ඵලවු විට, නැවත වුදු කිරීමේදී පාදෙක නොසෝදා, ඒ වෙනුවෙන් තෙත් අතින් පා උරය මතු පිට පිස දැමීමට අවසර ඇත.
පළමුවෙන් වුදු කර පාදෙක සෝදා, කුෆ් කට්ටලය දමා ගත යුතු අතර, තම වුදු නිශ්ඵලවූ විට, නැවත වුදු කිරීම දක්වා වූ මේ කාලය තුල තම කුෆ් කට්ටලය ඔහු ගලවා තිබුනා නම් මෙම සහනය අවලංගුවේ.
ගමනක් යන්නෙකුට, මෙම සහනය දින 3කට (පැය 72ක්) වලංගු වන අතර, තම පලාතෙහි රැඳී සිටින කෙනෙකුට එක් දිනකට (පැය 24ක්) පමණක් වලංගුවේ.
පා උරය මතුපිට පිස දමන්නේ කෙසේද?
නබි (සල්) තුමා කළ ආකාරයට පා උර කට්ටලයේ මතු පිට පිස දැමිය යුතුය.
· පාවහන් ගලවා තෙත් අත්වලින්, පා උර කට්ටලයේ මතුපිට පිස දැමිය යුතුය. යටි පතුල පිස දැමිය යුතු නොවේ.
පා උරය මතුපිට පිස දැමීම නිශ්ප‍්‍රාන වීම.
මෙම සහනය පහත සඳහන් කරුණුවලින් එකක් හෝ සිදුවීමෙන් නිශ්ප‍්‍රානවේ.
1. උපරිම සහන කාල සීමාව ඉක්මවීම
2. පා උරය (මේස් කට්ටලය) ගැලවීම
3. ගුසුල් - (සම්පූර්ණයෙන් නෑම) අවශ්‍යවන යම් කරුණක් සිදුවීම.
වුදු කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි
නිතර මෙන් මූත‍්‍රා බින්දු පහවීම,වාත පිටවීම හෝ නොනැවතී ඔසප් (ලේ යෑම්) සිදුවීම වැනි ආබාධයන් ගෙන් සමහර අය පසුවන්නේ නම්, ඒ අය සලාහ් වෙලාව පැමිණි විගස වුදු කර, සලාහ් ක්‍රියාව පටන් ගෙන අවසාන කළ යුතුය. මේ අය තම සලාවෙහියෙදී සිටිනවිට, ඉහත සඳහන් ආබාධ යමක් සිදුවුවත්, ඒ අයගේ වුදු නොබිඳෙන බව සලකන්න.
වුදු ක්‍රියාවෙහි අත්‍යාවශ්‍ය කරුණු
1. මුහුණ සම්පූර්ණයෙන් එක් වරක් සේදීම (මුඛය සේදීම සහ නාසය සුද්ද කිරීම)
2. අත් දෙක වැලමිට දක්වා එක් වරක් සේදීම.
3. හිස එක් වරක් තෙත් අතින් පිසීම.
4. කකුල් දෙක වළල තර දක්වා හොඳට සේදීම.
5. මෙම ක්‍රියා ඉහත සඳහන් සීරුවෙන් ඉටු කිරීම.
6. මෙම වුදු ක්‍රියා එක දිගට නොකඩවා අවසානය දක්වා ඉටු කිරීම.
වුදු නිශ්ඵල වත කරුණු
පහත සඳහන් කරුණුවලින් කිසිවක් කෙරෙන තුරු කෙනෙක් තම වුදු තත්ත්වයේ පසුවෙයි.
මලපහ කිරීම,මූත‍්‍රා කිරීම හෝ වාතය පිටවීම. යමෙකු මලපහ කිරීම්, මූත‍්‍රා කිරීම් ආදී ක්‍රියාවෙන් පසු, සම්පූර්ණයෙන් පිරිසිදුවීම, වුදු කිරීමට පෙර අනිවාරර්ය ක්‍රියාවකි. මේ සඳහා සිරිසිදු ජලය පාවිච්චි කළ යුතුයි. ගල්කැට වියලි ලී කැබලි හෝ කඩදාසි වැනි වියලි ද්‍රව්‍යයක් මෙම අවශ්‍යතාවය සඳහා භාවිතා කාරීමටද ඉඩ ඇත. මෙය ඉස්තිජ්මාර් ලෙස හැඳින්වේ. මේ සඳහා භාවිතා කිරීමට ගන්නා වියලි ද්‍රව්‍යන් 3ක් හෝ 5ක් වැනි ඔත්තේ සංඛ්‍යාවෙන් විය යුතුයි.
තයම්මුම් ක්‍රියාවෙහි දී පස් (වැලි) පාවිච්චි කිරීම
මෙය පිරිසිදු පස්. වැලි හෝ ගල් වැනි, අතින් ගැසුවිට දුවිලි එන යම් දෙයක් විය හැක.
තයම්මුම් කරන ක‍්‍රමය.
· තමා තයම්මුම් කිරීමේ අධිෂ්ඨානය ප‍්‍රථමයෙන් සිතෙහි තබා ගත යුතුයි.
· දෙඅත්ල පස මතුපිට එක් වරක් ගැසීම.
· දෑතින්ම එක් වරක් මුහුණ පිස දැමීම.
· ඉන් පසුව, පළමුවෙන් වම් අතින් දකුණු අතෙන් පිට අත්ල වරක්ද, දෙවනුව දකුණු අතින් වම් අතේ පිට අත්ල වරක්ද මැණික් කටුව දක්වා පිස දැමීම.
අනිවාර්ය නෑම (ගුසුල්) සිදුකළ යුතු අවස්ථා
ධාතු පිටවීම - පෙළඹවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අවදිවී සිටිනවිට හෝ නින්දේදී (සිහිනයෙන්) ධාතු පිටවීම. මෙම අපිරිසිදු තත්ත්වය අරාබි භාෂාවෙ ජුනූබ් ලෙස හැඳින්වේ. ඇඳුම්වල සළකුණක් සොයා ගැනීමට නොමැතිනම්, නෑම අනිවාර්ය නොවන අතර, එසේ යමක් තිබුනහොත් ධාතු පිටවු බවට මතක තිබුනත් නැතත්, නෑම අනිවාර්යවේ.
1. ලිංගික සංසර්ගයකින් පසුව, (ස්තී‍්‍රයක් හා පුරුෂයෙක් ලිංගිකව එක්වු පසු, ධාතු පිට නොවුවත්) නෑම අනිවාර්යවේ.
2. ස්තී‍්‍රයකට ඔසප් සිදුවීමෙන් පසුව.
3. ස්තී‍්‍රයක් දරු ප‍්‍රසුතියෙන් දින 40කට පසුව අනිවර්යන් නෑම කළයුතුයි.
4. අන්‍ය ආගමිකයෙක් ඉස්ලාම් ධර්මය වැළඳ ගත්විට, ඔහු අනිවාර්යන් නෑම කළ යුතුයි.
අනිවාර්ය නෑම (ගුසුල්* කළ යත්තේ කෙසේද?
මුහම්මද් (සල්) තුමා අනිවාර්ය නෑම කළ ආකාරය විස්තර කිරීම පිණිස, එහි අනිවාර්ය හා ස්වේච්ඡා අංග ඒකාබද්ධ කර පහත දැක්වේ.
1. අනිවාර්ය නෑම කිරීමට යන බවට නිය්යත් තබා ගෙන, බිස්මිල්ලාහ් කියමින් පටන් ගැනීම.
2. මැණික් කටුව දක්වා දෑතම තුන් වරක් සේදීම.
3. ලිංගික අවයවන් සේදීම.
4. ඉහත විස්තර කර ඇති ආකාරයට වුදු කිරීම. මෙහිදී දෙපා සේදීම ශරීරය තෙමා අවසන් කරන තුරු ප‍්‍රමාද කළ යුතුය.
5. තුන් වරක් හිසට ජලය දමා, හිස කෙස් මුල හොඳින් තෙමෙනසේ හිස මසාජ් කිරීම.
6. මුළු සිරුරටම ජලය දමා ගැනීම. පළමුව දකුණු පැත්තෙන් පටන් ගෙන, ඊට පසුව වම් පැත්තට ජලය දැමිය යුතුය. ශරීරයේ සෑම තැනම තෙමෙනසේ වග බලා ගත යුතුයි. කිහිලි, කන් ඇතුල් පැත්ත, පෙකිනිය, ඇඟිලි අතර ආදී ස්ථානයන් හොඳින් තෙමිය යුතුය.
වෙනත් අදාල කරුණු
1. පිරිමියෙකුට නෑමට අදාල කරුණු සියල්ලම ස්ති‍්‍රයකටද බලපානවා ඇත. එහෙත් ඇය හිස කෙස් ගොතා සිටියේ නම්, එය ගලවා දැමීම අවශ්‍ය වන්නේ නැත. ඇය කළ යුත්තේ, කෙසට උඩින් තුන් වරක් ජලය දමා ගැනීම පමණයි.
2. නෑම අවසාන කළායින් පසුව, නාන කාමරයෙන් පිටතට ඇවිත්, නෑම අවසාන කිරීමේ ප‍්‍රර්ථනාව කිව හැක. එය, වුදු අවසාන කිරීමේ ප‍්‍රාර්ථනාව හා සමානවේ.
3. සමහරවිට ජලය ඇතත්, ඒ අසල ගැවසෙන සතුන් ගෙන් හෝ මිනිසුන් ගෙන් හෝ තම ජ්විතයට, තම පවුලේ අයට හෝ ධනයට කරදර හෝ හානි සිදුවිය හැක යන බිය නිසා, ජලයට ළඟාවිය නොහැකි නම්, ඒ තැනෙත්තා තයම්මුම් කළ හැක.
4. තමා ළඟ තිබෙන ජලය බීමට සහ ආහාර පිලියෙල කිරීම සඳහා පමණක් ප‍්‍රමාණවත්වන්නේ නම්, එම ජලය ඉතිරි කිරීම පිණිස තයම්මුම් කළ හැක.
සලාතයේ අනිවාර්ය කුළුනු - (අර්කාන් අස් සලාහ්)
සලාහ් වලංගුවීම සඳහා සම්පූර්ණ කළ යුතු අනිවාර්ය කරුණු කිහිපයක් ඇත. ඒවා පහත පරිදි වේ.
1 අල් කියාම්. පුද්ගලයෙක් මනා ශාරීරික තත්ත්වයේ පසුවේ නම්, සිට ගෙන සිටින ඉරියව්වෙන් සලාහ් ඉටු කළ යුතුය.
2 තක්බීර් අල් ඉහ්රාම්. එය වන්නේ, “අල්ලාහු අක්බර්“ කියමින් සලාහ් ක්‍රියාව ආරම්භ කිරීම.
3 අල් ෆාතිහා. ශූද්ධවූ අල් කුර්ආනයේ ආරම්භක පරිච්ඡේදය සෑම රකඅතයෙහිම කියවීම.
4 රුකුඋ. මෙය ඉදිරියට නැමී සිටීමේ ඉරියව්වයි. මෙහිදී හිස හා පිටකොන්ද එක කෙලින් තිබිය යුතුයි. දෑතේ ඇඟිලි විහිදුවා, දණ හිස මත පිහිටිය යුතුයි.
5 රුකුඋ අවස්ථාවෙන් නැගිට සිටීම.
6 රුකුඋ අවස්ථාවෙන් නැගිට සිටීමේදී, තමාගේ පිට කොන්ද කෙලින් තිබෙනසේ නැගිට සිටීම අත්‍යාවශ්‍යවේ.
7 සුජූද්. තම ශරීරයේ අවයවන් හතක් පොලොවෙහි ගෑවෙනසේ පසඟ පිහිටුවා නමස්කාර කිරීම. ඒවා නම්, නළල සමග නාස් පුඩුව,දෙඅත්ල, දෙදණ සහ දෙකකුලේ ඇඟිලි යට පැත්ත පොළොවට වදිනසේ හිඳීම.
8 සුජූද් අවස්ථාවෙන් හිස එසවීම.
9 පසඟව පිහිටුවා කරන සුජූද් දෙක අතර හිඳ ගැනීම.
10 අල් තෂ්හද් කියවීම සඳහා වාඩිවීම.
11 අල් තෂ්හද් කියවීම. සාක්ෂි දැරීමේ වගන්ති කියවීම.
11 මුහම්මද් (සල්) තුමා සඳහා දුආ ප‍්‍රාර්ථනා කිරීම.
12 සාමයේ වගන්තිය වන තස්ලීම් කියමින් සලාහ් ක්‍රියාව නිම කිරීම. එනම්, අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන් දකුණු පැත්තට වරක්ද, වම් පැත්තට වරක්ද, මුහුණ හරවා සලාම් කීම.
13 ඉහත කරුණු සම්පූර්ණ කරමින් සලාහ් කරන පුද්ගලයා, ඉතා ශාන්ත තත්ත්වයට පත්ව සිටිය යුතුය.
ඉහත සඳහන් කරුණුවලින් එකක් හෝ මඟ හැරී ගියා නම්, ඒ කරුණ මඟ හැරී ගිය රකඅතය නැවත ඉටු කළ යුතුය.
නමුත් තක් බීර් අල් ඉහ්රාම් (ආරම්භක තක්බීරය) මඟ හැරී ගියේ නම්, එම සලාහ්තය සම්පූර්ණයෙන් මුල සිට ඉටු කළ යුතුයි.
සලාතයේ කොන්දේසි
1 ඉස්ලාම් ධර්මය පිළිගත් කෙනෙක් විය යුතුයි. සියළු තීර්ති හිමි අල්ලාහ් ගැන විශ්වාස කර, අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙන දෙව් කෙනෙක් නැති බවටහා මුහම්මද් (සල්) අල්ලාහ්ගේ වක්තෘවරයා බවට විශ්වාස කර සාක්ෂි දරණ තුර කෙනෙකු ගෙන් සලාහ් අපේක්ෂා නොකෙරේ.
2 අන් නිය්යාහ්. අරාබි භාෂාවෙන් මෙය අදහස් වන්නේ තමා ඉටු කිරීමට යන සලාහ් ගැන සිතෙහි අධිෂ්ඨානය කර ගැනීමයි.
3 පිරිසිදු භාවය. මෙහිදී ශාරීරික පිරිසිදුව, ආඳුම් සහ සලාහ් කරන ස්ථානයේ පිරිසිදු භාවය යන සියල්ල ඇතුලත්වේ.
4 තම ශරීරයේ වැසිය යුතු පෙදෙස් (අව්රා) නිසි ලෙස ආවරණය කිරීම. පිරිමින්ට මෙය සඳහා අවම වශයෙන් පෙකිනිය සිට දණහිස දක්වා වැසෙන ආඳුමක් අවශ්‍යවේ. ස්තී‍්‍රන් දෙඅත්ල හා මුහුණ පමණක් හැර සම්පූර්ණයෙන් ආවරණය වන ඇඳුමක් ඇඳීම අවශ්‍යවන අතර, අසලක පිරිමින් සිටී නම් ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කරගත යුතුයි.
5 කිබ්ලාව දෙසට මුහුණ හැරවීම. යමෙක් සලාහ් ඉටු කරනවිට මක්කාවෙහි ශුද්ධවු මස්ජිදය (පල්ලිය) දෙස මුහුණ ලා සලාහ් ඉටුකළ යුතුය. කිබ්ලාව පිහිටි දිසාව සොයා ගැනීමට අපහසු හෝ අළුත් ස්ථානයක සලාහ් ඉටු කිරීමේදී, හැකි පමණ දුරට කිබ්ලාවේ නිවැරදි දිසාව අනුමාන කළ යුතුය.
6 නියමිත වේලාවට සලාහ් ඉටු කළ යුතුය.
සලාතයෙහි අවශ්‍ය අංග (වාජිබ් අස් සලාහ් හා තෂ්හද් කීම)
ඉහත 24 පාඩමේ විස්තර කරන ලද සලාහ් ඉටු කිරීමේදී සම්පූර්ණවිය යුතු කුළුන 14ට අමතරව, ඉටුවිය යුතු අංගයන් කිහිපයක්ද ඇත. ඒවා පහත පරිදිවේ.
1 තක්බීර් අල් ඉහ්රාම්ට අමතරව අනිත් සියළුම තක්බීරය.
2 රුකුඋ අවස්ථාවේදී සුබ්හාන රබ්බියල් අලීම් එක්වරක් කීම.
3 රුකුඋ අවස්තාවේ සිට නැගිටීමේදී සමි අල්ලාහු ලිමන් හමිදා (එක් වරක්) කීම. සලාහ් මෙහෙයවන ඉමාම් සහ තනියම සලාහ් ඉටු කරන කෙනෙක් මෙය කිව යුතුය.
4 රුකුඋ අවස්ථාවේ සිට නැගිට පසු, රබ්බනා ව ලකල් හම්ද් (එක් වරක්) කිව යුතුයි. මෙය ඉමාම්, සලාහ් ඉටු කරන සමූහය සහ තනිවම සලාහ් ඉටු කරන අය, යන සියළුම අය කිව යුතු දෙයකි.
5 සුජුද් හී සිටින අවස්තාවෙහිදී සුබ්හාන රබ්බියල් අහ්ඃලා (එක් වරක්) කීම.
6 සුජුද් දෙක අතර වාඩිවී සිටින සෑම අවස්ථාවේදීම රබ්බිහ්ඃ ෆිර්ලී (එක් වරක්) කීම.
7 පළමු රකඅ යුගල අවසානයේ දී, තෂාහුද් කීම සඳහා හිඳගැනීම. ලූහර්, අසර්, මගිරිබ් සහ ඉෂා යන සලාහ් යන්හීදී.
8 පළමු රකඅ යුගල අවසානයේ දී, තෂාහුද් යන සාක්ෂි දැරීම කියවීම. ලූහර්, අසර්, මගිරිබ් සහ ඉෂා යන සලාහ් යන්හීදී.
ඉහත සඳහන් ක්‍රියා අට (8) සලාතයත අවශ්‍ය අංග වන අතර, ඉන් එකක් හෝ අමතකවීමෙන් මඟ හැරියා නම්, එය නිවැරදි කිරීම පිණස, සලාහ් අවසානයේදී අමතර සජදා දෙකක් - අමතකවීම සඳහා වන සජදා සහු ඉටු කළ යුතුයි. නමුත් කෙනෙක් හිතාමතාව මෙයින් යම් ක්‍රියාවක් මඟහැරියේ නම්, ඔහුගේ සලාහ් වලංගු නොවන අතර, නැවත වරක් සම්පූර්ණ සලාහ්ව ඉටුකළ යුතුයි.
පළමු රකඅ යුගල අවසානයේ තෂ්හුද් කියන අකාරය:
අත්තහිය්යාතු ලිල්ලාහි වස් සලවාතු, ව තෛයිබාතු, අස්සලාමු අලෙක අයියුහන් නබිය්යු, වරහ්මත් තුල්ලාහි ව බරකාතුහු. අස්සලාමු අලෙනා ව අලා ඉබාදිල්ලා හිස් සාලිහීන්. අෂ්හදු අන් ලා ඉලාහ ඉල් අල්ලාහු, ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලූහු. අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මද්.
අවසාන තෂ්හුද් කියනවිට මෙම කොටසද එකතු කළ යුතුයි.
ව අලා ආලි මුහම්මද් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ව අලා ආලි ඉබ්රාහීම්, ඉන්නක හමීදුන් මජීද්. වා බාරික් අලා මුහම්මද් ව අලා ආලි මුහම්මද් කමා බාරක්ත අලා ඉබ්රාහීම ව අලා ආලි ඉබ්රාහීම් ඉන්නක හමීදුන් මජීද්.
එහි තේරුම
ශුභාසිරි, නමස්කාරය හා ජීවිතයේ හොඳදේ සියල්ලම හිමි අල්ලාහ්ටය. නබි වරයාණනි, අල්ලාහ්ගේ සාමය, අනුකම්පා සහ ආශීර්වාදය ඔබ වෙත යොමුවේවා. අල්ලාහ්ගේ භක්තිමත් මෙහෙකරුවන් හා අප කෙරෙහි ද සාමය උදාවේවා. නැමදුමට අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නැති බවටත් මුහම්මද් (සල්) වරයා ඔහුගේ වහලෙකු හා වක්තෘවරයෙතු බවටත් මම සාක්ෂි දරමි.
ඕ අල්ලාහ්, ඔබ ඉබ්රාහිම් හා එතුමාගේ පවුලේ අය කෙරෙහි සාමය හා ශූභාසිරි යොමු කළ අයුරින්, මුහම්මද් (සල්) තුමා හා එතුමාගේ පවුලේ අය කෙරෙහිත් ඔබගේ සාමය හා ශූභාසිරි පිරිනමනු මැනවි. ඔබ ඉබ්රාහිම් හා එතුමාගේ පවුලේ අය කෙරෙහි ආශූර්වාදය යොමු කළ අයුරින්, මුහම්මද් (සල්) තුමා හා එතුමාගේ පවුලේ අය කෙරෙහිත් ඔබගේ ආශීර්වාදය පිරිනමනු මැනවි. ස්තූති කළ යුත්තේ ඔබටමයි. මහානුභාව හිමිවන්නේ ඔබ වෙතටයි.
සලා හී සැලකිය යුතු අංග. (සුන්නාහ් අස් සලාහ්)
1. ආරම්භක ආයාචනය කීම. (දුආ අල් ඉස්තිෆ්තා) “සුබ්හානක අල්ලා හුම්ම ව බිහම්දික, වතබාරක ඉස්මුක, වතආලා ජද්දුක, ව ලා ඉලාහ ගෙරුක.“ මෙහි අදහස වනුයේ ප‍්‍රශංසා හා කීර්ති සියල්ලම අල්ලාහ්ට හිමිය. ඔබේ නාමය භාග්‍යවන්ත වේවා. ඔබේ කීර්තිය හා සර්ව බලධාරි ඉහත නැගේවා. ඔබ හැර නැමදුමට සුදුසු වෙන දෙවි කෙනෙක් නොමැත.
මෙවැනි ආරම්භක ආයාචනා කිහිපයක් තිබෙන අතර ඒවායින් ඕනෑම එකක් කිව හැක.
2. සිටගෙන සිටිනවිට, තමාගේ වමත මත දකුණු අත තබා අත් දෙක පපුව මත තබා ගැනීම.
3. පහත සඳහන් අවස්ථවන්හී තම දෑත් දෙවුරහිස් මට්ටමට හෝ කන් පෙති මට්ටමට ඔසවීම.
· තක්බීර් අල් ඉහ්රාම් කීමේදී.
· රුකුඋ අවස්ථාවට පහත් වීමේදී.
· රුකුඋ අවස්ථාවෙන් නැගිට සිටීමේ දී.
· ප‍්‍රථම තෂාහුද් කියා තුන්වන රකඅ සඳහා නැගිටීමේදී.
4. අල් ෆාතිහා සූරාව කියන්නට පෙර “අඌදු බිල්ලාහි මිනස් ෂෙතාන් නිර්රජීම්, බිස්මිල්ලාහ් හිර්රහ්මාන් නිර්රහීම්“ කීම.
5. අල් ෆාතිහා සූරාව කියවා අවසානයේ ආමීන් කීම.
6. රුකුඋ සඳහා නැමී සිටීමේ ඉරියව්වේදී හිස සහ පිට කොන්ද එක සමාන තලයක පිහිටුවා ගැනීම.
7. රුකුඋ අවස්ථාවේදී “සුබ්හාන රබ්බියල් අසීම්“ යන්න කීප වාරයක් කීම.
8. සජදා අවස්ථා දෙක අතර හිඳ ගැනීමේදී, “රබ්බිඃෆිර්ලී“ යන්න කීප වාරයක් කීම.
9. සජදා කරන අවස්ථාවෙහි, අත් දෙක වැලමිට ඇඟටද, උදරය (බඩ) කලවයටද (උකුලටද) හෝ කලවය කකුල් කෙන්ඩයටද තදකර ගැනීම යනදේ කිරීමෙන් වැලකිය යුතුය.
10. සජදා කරනවිට, වැලමිට පොළොවෙන් ඉහළට එසවිය යුතුයි. ‘ඔබේ අත් දෙක බල්ලන් මෙන් පොළොවෙහි විසුරුවා නොතබන්න.‘ යි මුහම්මද් (සල්) වරයා පැවසුහ.
11. පහත සඳහන් අවස්ථාවන් හී, තම වම් පය පෙරලා පොළොවෙහි තබා එය මත වැඩිවී දකුණු පයෙහි ඇඟිලි පොළොවෙහ වදිනසේ කෙළින් අතට තිබීම.
12. අත් තවර්රුක්. මෙය වම් පාදය එළියට පෙනෙනසේ දකුණු පාදයට යටින් තබා, වම් තට්ටම පොළොව මත තබා වාඩිවී සිටීමවේ. ලූහර්, අසර්, මග්රිබ් සහ ඉෂා යන සලාහ්වන්හී, අවසාන තෂාහුද් කියන අවස්ථාවන් හී මෙසේ වාඩිවීම උසස් ලෙස සැලෙකේ.
සලාහ්තය නිශ්ප‍්‍රාණ කරන කරුණු
1. හිතාමතාම කථා කිරීම - සලාහ් කරනවිට කථා කළේ නම්, තම සලාහ් අවලංගු වන බව දැන දැනම කථා කිරීම.
2. සිනහවීම
3. ආහාර ගැනීම
4. යම් දෙයක් පානය කිරීම
5. තම අව්රා පෙදෙස හෙලි කිරීම. 25වන පාඩම බලන්න
6. ශුද්ධවූ කඅබා දෙසින් වෙනත් දිසාවට මුහුණ හැරවීම
7. සලාහ්වට අදාල ක්‍රියාවන්ට අමතරව අනවශ්‍ය ක්‍රියාවන්හී සහ වෙනසක් පෙනීමට හැකි ක්‍රියාවක් කිරීම.
8. වුදු නිශ්ප‍්‍රාන කරන ක්‍රියාවක් සිදුකිරීම
9. සලාහ් කිරීමේදී අත්‍යාවශ්‍ය කුළුනු අතහැරීම. එනම්, මනා ශරීර තත්ත්වයකින් සිටියදී, සිට ගෙන නොසිටීම, සූරා අල් ෆාතිහා කියවීමෙන් වැළකීම යනදේ.
සජදා සහු - අමතකවීම වෙනුවෙන් කරන සජදා
මනුෂ්‍යයන් වන අපි, නොයෙකුත් වැරදීම් හා අතපසුවීම්වලට භාජනවීම ස්වාභායŸ. කලින් සඳහන් කළ පරි= කෙනෙකු විසින් සලාහ් Ÿරීමේදී සලාවෙහි කුන්‍දානක් හෝ අත්‍යාවශ්‍ය අංගවලින් Ÿසිවක් Ÿරීමට අපොහොසත්වුව හොත්, ඒ වෙනුවෙන් එය නිවැර= Ÿරීමට සුජූද් අස් සහු වන අමතර සජදා දෙකක් සලාහ් අවසානයේදී ඉටුකළ යුතුය. එහෙත් සලාවෙහි කුන්‍දානයක් හෝ කුන්‍දානු Ÿහිපයක් මගහැරියොත්, එම කුන්‍දාන ඉටු කර අවසන් කළ යුතුයි.
අමතකවීම හේතුවෙන් වැර= සිදුවිය හැŸ ප‍්‍රධාන අවස්ථා හතරක් මෙහි දැක්වේ.
1. සලාහ් Ÿරීමේදී අමතරව යම් Ÿ්‍රයාවක් එකතු කළවිට. උදාහරණයකට, ඉෂා සලාහ් Ÿරීමේදී, රකඅත් හතර වෙනුවට පහක් Ÿරීම. මෙහිදී සලාම් කීමෙන් අනතුරුව, අමතර සජදා සහු දෙකක් ඉටු Ÿරීමෙන් එය නිවැර= කළ හැක.
2. නියමිත සංඛ්‍යාවට වඩා අඩු රකඅත් ගණනක් ඉටුකර සලාහ් අවසන් Ÿරීම. උදාහරණයට ඉෂා සලාහ් Ÿරීමේදී රකඅත් හතර වෙනුවට. තුනක් Ÿරීම. මෙහිදී නැවත එක් රකඅතයක් සලාහ් කර, එහිදී සලාම් කීමට පෙර, අමතර සජදා සහු දෙකක් ඉටු Ÿරීමෙන් එය නිවැර=වේ.
3. සලාහ් Ÿරීමේදී අමතරව යම් Ÿ්‍රයාවක් එකතු Ÿරීම හෝ අඩු Ÿරීම යන වැර= දෙකම සිදුවුවිට, සලාම් කීමට පෙර අමතර සජදා දෙකක් ඉටු Ÿරීමෙන් එය නිවැර= කෙරේ.
4. සලාහ් කිරීමේදී අමතරව යම් ක්‍රියාවක් එකතු කිරීම හෝ අඩු කිරීම යන වැරදි දෙකම සිදුවු බවට සැකයක් ඇතිවූ විට අඩුකිරීමේ වැරැද්දක් සිදුවු බව සලකා, සලාම් කීමට පෙර අමතර සජදා සහු දෙකක් ඉටුකළ යුතුයි.
සජදා අස් සහූ කළ යුතු සමහර අවස්ථාවන්.
අ. සලාතයේ අනවාර්‍ය කුළුනක් අතපසු වීම ( මඟ හැරීම)
· සූරා අල් ෆාතිහා කියවන්නට අමතකවූ බව රුකුඋ යන්නට පෙර හෝ රුකුඋ සඳහා යනවිට කෙනෙකුට මහත්වුවහොත්, රුකුඋ ස්ථානයෙන් වහාම නැගිට, සූරා අල් ෆාතිහා කියවා, ඉතිරි සලාතය ඉටු කර නිමකළ හැක. එහෙත්, පළමු වන රකඅතයේ සූරා අල් ෆාතිහා කියවන්නට අමතකවූ බව දෙවන රකඅතයේ සිටින විට මතක්වූ කෙනෙක්, වැරදි සිදුවූ පළමුවන රකඅතය ගණන් නොගෙන, දෙවන රකතයේ සිට තම සලාතය පටත් ගත් බව සලකා, වැරදි සිදුවු පළවැනි රකඅ වෙනුවෙන් අමතර රකඅතයක් කළ යුතුයි. සලාතය අවසානයේ සලාම් දී, අතපසුවු රකඅතය සඳහා සජදා සහු දෙකක් කර, නැවත සලාම් කිවයුතුයි.
· අවසාන තෂ්හද් කියනවිට එම රකඅතයේ සජදා එකක් පමණක් කළ බව මතක්වූ කෙනෙක් වහාම එම සජදාව ඉටුකර, නැවත වරක් තෂ්හද් කියවා, අවසානයේ සලාම් දී, අතපසුවූ රකඅතය සඳහා සජදා දෙකක් ඉටුකර, නැවත සලාම් ක්ව යුතුයි.
ඉහත සඳහන් උදාහරණ දෙක සලාතයේ අනිවාර්යවූ කුළුනක් අතපසුවීමේ අවස්ථාවන්හීය. මෙහිදී, කෙනෙක් අතපසුවූ ක්‍රියාව නැවත ඉටුකර, සජදා අස් සහූ දෙකක් ඉටුකළ යුතුයි.
ආ. සලාතයේ අත්‍යාවශ්‍ය ක්‍රියාවක් අතපසුවීම (මඟහැරීම)
කෙසේ හෝ සලාතයේ අත්‍යාවශ්‍ය අංගයන් (වාජිබ් ක්‍රියාවන්) කිහිපයක් අතපසුවූ කෙනෙක්, අමතර සජදා සහූ දෙකක් ඉටු කිරීම සෑහේ. අතපසුවූ ක්‍රියාව නැවත කිරීම හෝ සම්පූර්ණ රකඅතය නැවත කිරීම අවශ්‍ය නොවේ. සලාතයෙහි වෙනත් ස්ථානයක සිටියදී, කෙනෙකුට තම සලාතයේ අත්‍යාවශ්‍ය අංගයක් (වාජිබ් ක්‍රියාවක්) අතපසුවූ බව සිහිවුවහොත්, එම අතපසුවූ ක්‍රියාව නැවත කිරීමට අවශ්‍ය නොවන අතර, තම සලාතය දිගටම කරගෙන ගොස්, සලාතයේ අවසානයේ දී සලාම් කීමට පෙර අතපසුවූ කරුණු වෙනුවන් සජදා සහූ දෙකක් කර, සලාම් කියා සලාතය අවසන් කළ යුතුයි.
ඇ. පිළිගත් අංගයක් අතපසුවූ විට
සුන්නාහ් වශයෙන් පිළිගත් කරුණක් හෝ අංගයක් අතපසුවූ විට, ඒ වෙනුවෙන් එම අංගය නැවත කිරීම හෝ සජදා අස් සහූ කිරීම අවශ්‍ය නොවේ.
සකාත් නම් ධන බද්ද
ඉස්ලාම්හී සකාත් ඉතා වැදගත් කුළුනක් වන අතර, එහි බොහෝ යහපත් ඇතුලත්ය. ඒවායින් සමහරක් පහත දැක්වේ.
· එයින් සමාජයේ දිලිඳුන්ගේ අවශ්‍යතා පිරිමැසේ.
· තමාට යහපතක් කරන අය කෙරෙහි නැඹුරුවීමක් ඇතිවන බැවින්, මෙයින් සමාජයේ දුප්පත් හා පොහොසත් අය අතර මනා සම්බන්ධයක් ගොඩ නැගේ.
· මෙයින් යමෙකු පාපයෙන් මුදවා පිරිසුදු කරන අතර, සවාභාවිකව මිනිසා තුල තිබෙන මසුරුකම හා ලෝභය තුරන් කර, පාරිශුද්ධ භාවයට පත් කරයි.
· එයින් මුස්ලිම්වරුන්ගේ ත්‍යාගහීලි භාවය වැඩි =යුණු කර අසරනයන් කෙරෙහි ඇති අනුකම්පා වැඩි කෙරේ.
· මෙයින් අල්ලාහ්ගේ ආශීර්වාදය ලැබෙන අතර, එමගින් ඔවුන් ධනයෙන් ආඩ්‍යවීම ඇතිවේ.
පහත දක්වා ඇති ධනය හා සම්පත් වර්ග හතරෙන් ගෙවීම අනිවාර්යවේ.
1 පොලොවෙන් නිශ්පා=ත ද්‍රව්‍ය - පළතුරු, ධාන්‍ය ආදිය.
2 සත්ව පාලනය
3 රන්, රිදි හා මුදල්
4 වානිජ භාණ්ඩ
ඉහත සඳහන් සෑම දේවලින් සකාත් ගෙවීම සඳහා නියමිත අවම ප‍්‍රමාණය හිසාබ් නමින් හැඳින්වන අතර, එම අවම ප‍්‍රමාණයට අඩු ධනයෙන් හෝ දේවලින් සකාත් ගෙවීම අවශ්‍ය නොවේ.
1. පොලොවෙන් ලැබෙන නිෂ්පාදනය
පොලොවෙන් නිෂ්පාදිත ද්‍රව්‍ය. උදාහරණය: ධාන්‍ය, තිරිඟු, හාල්, බාර්ලි, පළතුරු, රට ඉඳි, මිදි ආදිය සඳහා අවම අස්වැන්න ප‍්‍රමාණය වනුයේ, වසක් 5ක් නොහොත් කිලෝ ග‍්‍රෑම් 675ක් වේ.
වගාව සඳහා යොදාගත් ජලය ගොවියාගේ ශ‍්‍රමයෙන් තොරව, වැහි ජලය, ඇල හෝ උල්පත් යන මාර්ගවලින් ලබා ගත්තේ නම්, මුළු නිෂ්පාදනයෙන් 10% සකාත් වශයෙන් ගෙවිය යුතුය.
වගාව සඳහා යොදා ගත් ජලය ගොවියාගේ ශ‍්‍රමය යොදා ලබා ගත්තේ නම්, උදාහරණයට ජල චක‍්‍රය හෝ වෙනත් උපාය මාර්ගයෙන් නම්, මුළු නිෂ්පාදනයෙන් සීයයට පහක් (5%) සකාත් වශයෙන් ගෙවිය යුතුය.
2. සත්ව පාලනය
මෙම පොත් පිංචයෙහි සකාත් විෂය පිළිබඳ සංෂිප්තව පමණක් සඳහන් කරන බැවින්, සත්ව නිෂ්පාදන මත නියමිත සකාත් පිළිබඳව, නබි (සල්) වරයාගේ හදීස් පිළිබඳ විධිමත් අධ්‍යයනය මගින් හෝ හදීස් පිළිබඳ විද්වතුන් ගෙන් අව්‍යශ විස්තර ලබාගත යුතුය.
3. රන්, රිදි හා මුදල්
රිදි සඳහා නිසාබ් වනුයේ මිත්කාල් 140ක් නොහොත් දල වශයෙන් ග‍්‍රෑම් 595ට සමාන ප‍්‍රමාණයක් වේ.
රත්රන් සඳහා නිසාබ් වනුයේ මිත්කාල් 20ක් නොහොත් දල වශයෙන් ග‍්‍රෑම් 92ට සමාන ප‍්‍රමාණයක් වේ. (එනම් රන් පවුම් 11.5 වේ)
මුළු වර්ෂයක් පසුවන තුරු, ඉහත සඳහන් නිසාබ් ප‍්‍රමාණයේ රිදි, රත්රන් හෝ ධනය සඳහා නියමිත නිසාබ් ප‍්‍රමාණය යමෙකු සතුව පැවතුනේ නම්, එයින් හතලිහෙන් කොටසක් (2.5%* බැගින් සකාත් ලෙස ගෙවිය යුතුයි.
ඩොලරය, දීනාරය, දිර්හම්, රුපියල් හෝ ඕනෑම වර්ගයේ මුදල් සඳහා රත්රන් සඳහා නියමිත නිසාබ් ප‍්‍රමාණය අදාලවේ. යමෙකු සතුව තිබෙන මුදල්, එදින වෙළඳ පොලේ පවතින (වර්තමාන) රන් මිල අනුව නිසාබ් ප‍්‍රමාණය හා සමානවී, එය එක් වර්ෂයක් පසුවුවා නම්, ඔහු එම මුදලින් (2.5%) බැගින් සකාත් ගෙවිය යුතුයි.
එහෙත් වෙළඳ ව්‍යාපාරයේ ලබන ලාභය සඳහා නිසාබ් ප‍්‍රමාණය, එක් වසරක් පසුවිය යුතු නොවේ. වෙළඳ ව්‍යාපාරය සඳහා යොදන මූලධන මුදල නිසාබ් ප‍්‍රමාණය හා සමාන වී ඒ සඳහා සකාත් ගණන් බලන විට, ලැබුනු ලාභයද එකතුකර මුන්‍දා මුදල නිසාබ් ප‍්‍රමාණය හා සමානවේ නම්, සකාත් ගෙවිය යුතුය. එමෙන්ම යමෙකු ඇති කරන සතුන් පැටව් දැමුවිට, මුලින් වූ සතුන්ගේ සංක්‍යාව නිසාබ් ප‍්‍රමාණය හා සමානවී එක් වසරක් පසුවුවා නම්, ඒ සඳහා සකාත් ගණන් බලන කල්හී, අළුත් පැටවුන්ද මුල් සංඛ්‍යාවට එකතු කර, සකාත් ගෙවිය යුතුය. මෙහිදී අළුත් පැටවුන් උපත ලැබු කාලය අදාල නොවේ.
එමෙන්ම තම පෞද්ගලික ප‍්‍රයෝජනයට හෝ ණයට දීමට කෙනෙකු සතුව නිසාබ් ප‍්‍රමාණය හා සමානවූ නොහොත් ඉක්මවූ (කාන්තාවන්ගේ) රන් හා රිදි ආභරණ තිබී එක් වසරක් පසුවුවා නම්, ඒවාටද ඉහත සධහන් කරුණු අදාල වන බව පහත සඳහන් හදීසය පදනම් කොට හදීස් විද්වතුන් සමහරු සලකති.
ඬඬරන් හා රිදි හිමිකරුවන් ඒවාට නියමිත සකාත් නොගෙව්වා නම්, විනිශ්චය දිනයේ ඒවා ගිනි තහඩු බවට ඔහු වෙනුවෙන් තලා තබනු ඇත. ඒවා නිරයේ ගින්නේ රත්කර, ඔහුගේ දෙපැත්, නළල හා පිට කොන්දේ පුලූස්සනු ඇත. ඒවා සිසිල්වන විට, නැවත නැවත රත් කරන ලදී. එක් දිනයක් වසර පනස් දාහට සමාන දින පතාම, සියන්‍දා අයට විනිශ්චය දෙනතුරු එම ක්‍රියාවලිය සිදුකෙරෙන අතර, ඉන් අනතුරුව තමාට නියමිත මාර්ගය ස්වර්ගයද නැත්නම් අපායද කියා ඔහු දැකගන්නේය.ඬඬ
නබි (සල්) වරයා වරක් රන් වළලූ දෙකක් පැළඳ සිටින දරුවෙක් දැක, ඇගේ මවගෙන්, ඒවාට අදාල සකාත් ඇය ගෙව්වාදැයි විමසුවිට, ඇය නැතැයි පිළිතුරු දුන්නාය. එවිට එතුමා (සල්) “ඒවා වෙනුවෙන් අල්ලාහ් විසින් ඔබ දෑතේ ගිණි වළලූ දෙකක් දමන්නේ නම් ඔබ කැමති දැ“ යි විමසුවිට, ඇය වළලූ දෙක ගලවා දැමු බව අම්ර් බින් ෂඅයිබ් (රලි) පවසයි. මූලාශ‍්‍ර බුහාරි සහ මුස්ලිම්.
උම් සලාමා (රලි) ගේ වාර්ථාවක අනුව, එතුමිය කකුලේ සලඹයක් පැලඳ සිටියදී, “අල්ලාහ්ගේ නබිතුමණී මෙය කාන්ස් (සඟවා තැබු ධනය) දැ? “ යි නබි වරයාගෙන් විමසුවාය. එයට රසූල් (සල්) වරයා, “ඒවා (ට නියමිත සකාත් ගෙවා) පිරිසිදු කර ඇත්නම්, ඒවා කාන්ස් (සඟවා තැබු ධනය) නොවන්නේය.“ යි පැවසුහ.
මෙම විධානය තවත් හදීස් කිහිපයක් සනාථ කර ඇත.
සමහර හදීස් විද්වතුන් පුද්ගලික ප‍්‍රයෝජනයට හා ණයට දීමට කෙනෙකු සතුව තිබෙන රන් හා රිදි ආභරණ පිළිබඳව සකාත් ගෙවීම අදාල නොවන බව මතයක් දරණ අතර, එයට පහත සඳහන් කරුණු සාක්ෂි ලෙස ඉදිරිපත් කරති.
· ස්ත‍්‍රීන්ගේ ආභරණ මත සකාත් ගෙවීමක් නැත කියන හදීස් එකක් මේ පිරිස සඳහන් කරන නමුත්, එම හදීස් වාර්තාකරුවන් ගෙන් එක්කෙනෙක් දුබල බව පෙනේ.
· අනස්, ජාබිර්, ඉබ්න් උමර්, අයිෂා සහ අස්මා (රලි) යන අය, ස්ත‍්‍රීන්ගේ පෞද්ගලික ප‍්‍රයෝජනයට ගන්නා ආභරණ සඳහා සකාත් නැති බව සඳහන් කර ඇත.
· මුස්ලිම් පිරිමියෙකුට හිමි වහල් සේවකයා හා අශ්වයා සඳහා සකාත් ගෙවිය නොයුතු බව අබු හුරෙයිරා (රලි) පවසා ඇති බව බුහාරි වාර්තා කරයි. මෙම හදීසය ආධාර කොට, පිරිමියෙකුට වහන්‍දා සේවකයා හා අශ්වයා මෙන් ස්ත‍්‍රියකට පෞද්ගලික ආභරණ සමාන බවත්, එනිසා එම තීරණයේ පදනම ස්ත‍්‍රීන්ටද බලපාන බවත් මේ අය නිගමනය කර ඇත.
ඉහත දැක්වූ කරුණු සලකා බලා, කුර්ආනය හා සුන්නාහ්වට අනුකූලව, ස්ත‍්‍රීන්ගේ පෞද්ගලික ප‍්‍රයෝජනයට ගන්නා ආභරණ සඳහා සකාත් ගෙවිය යුතු බව අපි අදහස් කරමු.
වාණිජ ද්‍රව්‍ය හා ඉඩම්
වෙළඳ ද්‍රව්‍ය හෝ භාණ්ඩවලට නියමිත සකාත් ගැන සැලකීමේදී, එහි අයිතිකරු විසින්, සෑම වෂයකම එහි වටිනාකම ගණනය කර එහි වර්තමාන වටිනාකමින් 2.5% බැගින් සකාත් ගෙවිය යුතුය. මෙහිදී, එහි වර්තමාන වටිනාකම මිළ දී ගත් වටිනාකාමට සමාන වුවත්, එයට වඩා අඩු වැඩි වුවත් සැලකීමක් නොවේ.
සමුරා (රලි) ගේ හදීස් වාර්තාවකට අනුව, “අප විසින් විකිණීම සඳහා පිළියෙල කරන ලද සෑම දෙයක් වෙනුවෙන් සකාත් ගෙවන ලෙස අල්ලාහ්ගේ රසූල් (සල්) වරයා අපට අණ කළහ.“ මූලාශ‍්‍ර අබු දාවුද්.
නැවත විකිණීම සඳහා වූ ඉඩම්, ගොඩ නැගිලි, වාහන, ජලය ලබා ගැනීමට භාවිතා කරන යන්ත‍්‍ර සූත‍්‍ර හා නැවත විකිණීමට තිබෙන වෙනත් ඕනෑම භාණ්ඩයක් මෙයට අඩංගු වේ.
විකිණීම පිණිස නොව, කුලියට දීම සඳහා තනන ලද ගොඩ නැගිලිවලින් ලබන කුලිය මත වසරක් පසුවූවිට සකාත් ගෙවිය යුතුවේ. නමුත් ගොඩනැගිල්ල නැවත විකිණීම සඳහා නොවන බැවින්, එම ගොඩනැගිල්ලේ වටිනාකම මත සකාත් ගෙවීමක් නැත. මෙලෙසම විකිණීම සඳහා නොව, පුද්ගලික භාවිතයට හෝ කුලියට දීම සඳහා මිල දී ගන්නා ලද වාහන සඳහාද සකාත් ගෙවීම් අවශ්‍ය නොවේ. එහෙත් කුලි වාහන හිමියා විසින් අයකරන ලද කුලි මුදල, කාලයක් තිස්සේ එකතුවී සකාත් සඳහාවූ නිසාබ් ප‍්‍රමාණායට සමානවුවා නම්, ඒවා තබාගෙන තිබෙන්නේ පුද්ගලික වියදම්, විවාහ වියදම්, ණය තුරුස් නිදහස් කිරීම, වතුපිටි මිළ දී ගැනීම හෝ වෙන යම් කටයුත්තක් සඳහා වුවද, සකාත් ගෙවිය යුතුය. මෙය අනිවාර්ය සකාත් පිළිබඳ ඉස්ලාමීය ෂරීආ නීතියට එකඟවන බවයි. ආගමික විද්වතුන්ගේ පිළිගත් නිගමනය අනුව, ණය තුරුස් තිබීම සකාත් නොගෙවීමට සුදුසු හේතුවක් නොවන බවක්ය.
අනාථයින්ගේ සහ මානසික ආබාධිතයන්ගේ දේපල හා මුදල්වලට ද මෙය බල පානවා ඇත. එවැනි දේපල හෝ මුදල්, නිසාබ් ප‍්‍රමාණය හා සමානවී, එක් වසරක් රැඳී තිබේ නම්, ඒ අයගේ භාරකරුවන් විසින් සකාත් ප‍්‍රමාණය ගණන් බලා ඔවුන් වෙනුවෙන් ගෙවිය යුතුයි.
සකාත් හිමිවිය යුත්තන් කවුරුන්දැයි අල්ලාහ් ඔහුගේ ශුද්ධවූ අල් කුර්ආනයේ පහත සඳහන් වාක්‍යයෙහි වර්ග කර ඇත.
“අස් සදඛා (සකාත්) අසරණයින්ට, දිලින්දන්ට, සකාත් අරමුදල එකතු කරන්නන්ට, ඉස්ලාම් කෙරෙහි නැඹුරුවන්නන්ගේ සිත දිනා ගැනීමට, වහන්‍දාන් නිදහස් කිරීමට, ණය බරින් නිදහස් කිරීමට, අල්ලාහ්ගේ මාර්ගයේ (ජිහාදයේ නිරතවන මුජාහිදීන්වරුන්ට) සහ (කිසිවක් ලබාගැනීමට නොහැකිව අතරමංවූ) මගීන්ට පමණක් හිමිවිය යුතුය. මෙය අල්ලාහ් විසින් නියම කර ඇති යුතුකමක් වේ. අල්ලාහ් සෑම දෙයක්ම දත්, සර්ව ඥානාන්විතය.“ 9:60
ධනයේ වර්ගය | නිසාබ් ප‍්‍රමාණය | අනුපාතික | අදාල කරුණු |
රත්රන් | ග‍්‍රෑම් 92 | 2.5% | පෞද්ගලික ප‍්‍රයෝජන සඳහා |
රිදි | ග‍්‍රෑම් 595 | 2.5% | පෞද්ගලික ප‍්‍රයෝජන සඳහා |
මුදල්, කාසි, නෝට්ටු | සමානුපාත රන් වටිනාකම | 2.5% | වර්තමාන වටිනාකම |
වෙළඳ භාණ්ඩ | සමානුපාත රන් වටිනාකම | 2.5% | වර්තමාන වටිනාකම |
පොලොවෙන් නිෂ්පාදිත | කි.ග‍්‍රෑ675 | 5 % | ශ්‍රමයෙන් වාරී කරන ලදී |
පොලොවෙන් නිෂ්පාදිත | කි.ග‍්‍රෑ675 | 10 % | වැහි ජල, එල මගින් වාරි කරන ලදි |
මෙම කොටස් අට වෙනස් කිරීමට හෝ ඒවායින් යමෙක් ඉවත් කිරීමට හෝ කිසි කෙනෙකුට බලයක් නැත. අල්ලාහ් සෑම දෙයක්ම දන්නේය. සර්ව ඥානාන්විතය.
මියගිය මුස්ලිම් තැනැත්තෙකු සේදිය යුත්තේ කෙසේද?
මෘත ශරීරය පහත සඳහන් අයුරින් සැකසිය යුතුය.
1. මිය ගිය බව ස්ථීරවූ විට, මිය ගිය තැනැත්තාගේ ඇස් දෙක වසා, හක්ක ද වසා ගැට ගැසිය යුතුය.
2 මෘත ශරීරය සේදීමේදී අව්රා පෙදෙස ආවරණ කළ යුතුය. මිනියේ උඩ කොටස ස්වල්ප වශයෙන් ඔසවා, උදරය තෙරපා එහි අසූචිය පිට කළ යුතුය. මිනිය සෝදන්නා තම අත රෙදි කෑල්ලකින් ඔතා, මිනියෙන් පිටවු අසූචිය සෝදා පිරිසිදු කළ යුතුය. ඉන් පසුව සෝදන්නා විසින් මෘත ශරීරය අනිවාර්ය සලාහ් සඳහා වුදු කරන්නාක් මෙන් සේදිය යුතුය. හිස සහ රැවුල වතුර හා සිදර (මසං ගසේ) කොල හෝ සබන් යොදා සේදිය යුතුය. මෘත ශරීරය සෝදනවිට දකුණු පැත්ත පළමුවෙන්ද, වම් පැත්ත දෙවනුවෙන්ද සේදිය යුතුය. මෘත ශරීරය තෙවරක් සේදිය යුතු අතර, අවසාන වතාවේ පිරිසිදු ජලය පාවිච්චි කළ යුතුය. සැම වාරයක්ම සෝදනවිට බඩ තෙරපිය යුතු අතර, මළ මූත‍්‍රා පිටවු නම් සෝදා ඉවත් කර, ගුද මාර්ගය පුළුන් හෝ එවැනි දෙයකින් වැසිය යුතුය. ඉන් පලක් නොවන්නේ නම්, පස් හෝ ප්ලාස්තර වැනි වෛද්‍ය උපක‍්‍රමයක් යොදා වසා දමා, වුදු කිරීමේදී මෙන් සේදිය යුතුය. මෘත ශරීරය තෙවරක් සේදීමෙන් පසුවත් එය මදි බව සෝදන්නාට හැඟී ගයොත්, පස් වරක් හෝ හත් වරක් සේදිය යුතුය. පිරිසිදු රෙදි කෑල්ලකින් මෘත ශරීරයේ තෙත ඉවත්කර, සැඟවුනු පෙදෙස් සහ සජදා කරනවිට පොලොවෙහි වදින අංගයන් වෙත සුවඳ ගැවිය යුතුය. මෘත ශරීරයට සහ පෙට්ටියට සඳුන් වැනි ගස්වලින් ලබා ගන්නා සුවඳ ගාන්නේ නම් ඉතා හොඳයි. මිනිය සෝදන්නා විසින් මෘත ශරීරයේ නියපොතු කපා රැවුලද කොට කළ හැකි අතර, හිස නොපීරිය යුතුය. මෘතු ශරීරයි ස්ත‍්‍රීයකු ගේ නම්, ඇගේ කොණ්ඩය කරල් තුනට ගොතා හිස පිටුපසට තැබිය යුතුය.
3 මෘත ශරීරයට ඇඳුම් අන්දන අයුරු (කෆන් කිරීම)
පිරිමි මෘත ශරීරයට කමිසයක් හෝ තුර්බානයක් නැතුව සුදු රෙදි කැබැලි තුනකින් එතීම මනාය. සුදු රෙදි කැබැලි තුනෙන්ම මෘත ශරීරය එතිය යුතුය. කමිසයක් හා ඉනට රෙද්දක් අන්දවා, තව කෑල්ලකින් එතීමෙන්ද වරදක් නැත.
ස්ති‍්‍රයක් නම්, කෑලි පහකින් සැරසිය යුතුය. බුරුල් රෙදි කඩක්, (දිර්) වේල් එකක්, ඉනට ඇඳනයක් හා එතීමට කෑලි දෙකක්. මෘත ශරීරය එකේ සිට තුන දක්වා වූ ප‍්‍රමාණ කෑලිවලින්ද එතිය හැක. තරුණ ස්ති‍්‍රයකගේ මළ සිරුර කමිසයකින් හා රෙදි කෑලි දෙකකින් එතිය යුතුය.
4. මියගිය පිමියෙකුගේ මළ සිරුර සේදීම, ඔහු වෙනුවෙන් යාච්ඥා කිරීම හා මිනිය භූමිදාන කිරීම යනාදියට හිමිකරු, ඔහුගේ පිරිමි භාරකරුවන් වන පියා, සහ වෙනත් ලඟම නෑදෑයන්ය. එමෙන්ම, මිය ගිය ස්ති‍්‍රයකුගේ මළ සිරුර සේදීම සඳහා සත‍්‍රී පක්ෂයේ භාරකරුවන් වන අම්මා, ආච්චි හා වෙනත් ලඟම ස්ත‍්‍රී නෑයන්ට හිමිවන්නේය.
පුරුෂයා හෝ භාර්‍යාව විසින් තම සහකාරිය හෝ සහකරුවාගේ මෘත ශරීරය සේදිය හැක. අබු බක්කර් (රලි) ගේ දේහය, ඔහුගේ බිරිඳ විසින්ද, අලි (රලි) විසින් ඔහුගේ බිරිඳ ෆාතිමාගේ මෘත ශරීරයද සෝදන ලදී.
මියගිය මුස්ලිම් කෙතෙක් වෙනුවෙන් සලාහ් ඉටුකරන්නේ කෙසේද?
මෙම සලාතයෙහි තක්බීර් හතරක් කිව යුතුය. රුකුඋ හෝ සජදා කිසිවක් නැත.
1. මිය ගිය තැනැත්තා/තැනැත්ති වෙනුවෙන් සලාහ් ඉටු කරන බව නිය්යත් තබා ගත යුතුය. පළවෙනි තක්බීරයෙන් පසුව සූරා ෆාතිහා කිව යුතුය. එයට අමතරව ශුද්ධවූ අල් කුර්ආනයේ සූරාවක් හෝ පාඨයක් හෝ දෙකක් කීමට අනුමත ඇති බවට එක් හදීසයක් අනුව ඉබ්න් අබ්බාස් (රලි) වාර්තා කරයි.
2. දෙවන තක්බීරයෙන් පසුව, නබි (සල්) වරයාට තෂාහද් කියමින්, ආචාර කළ යුතුයි. (අත්තහියියාත්හී දෙවන කොටස)
3. තුන්වන තක්බීරයෙන් පසුව, අල්ලාහ්ගෙන් සමාව අයැදීම. උදාහරණය, “යා අල්ලාහ්, අපේ ජීවත් වන, අපේ මියගිය,අපේ පැමිණ සිටින හෝ නොපැමිණ සිටින, අපේ තරුණ හා මහළු, අපේ පුරුෂ හා අපේ ස්ත‍්‍රීන්ට සමාවනු මැනවි. යා අල්ලාහ්, අප අතරින් ඔබ ජීවත්කරවන්නේ කවරෙක්ද, ඔහුව ඉස්ලාමයේ ජීවත්කරවනු මැනවි. අප අතරින් මිය යැමට ඔබ සැකසුවේ කාහටද, ඔහුව දේව විශ්වාසය සහිතව මිය යාමට සලස්වනු මැනවි. යා අල්ලාහ්, ඔහුට සමාව දෙනු මැනවි. ඔහුට අනුකම්පා කරනු මැනවි. ඔහුට ත්‍යාගශීලි වනු මැනවි. ඔහුගේ පිවිසීමට මාර්ගය පුළුල් කරනු මැනවි. ඔහු ඉතා පිරිසිදු ජලයෙන් නාවනු මැනවි. සුදු ඇඳුමක් සෝදා පිරිසිදු කරන්නාක් මෙන් ඔහුගේ පව් සෝදා පිරිසිදු කරනු මැනවි. ඔහුට මෙලොවේ නිවසට වඩා උසස් නිවසක් ද, ඔහුගේ මෙලොවේ පවුලට වඩා උසස් පවුලක්ද දෙනු මැනවි. ඔහුව ස්වර්ගයට ඇතුලත් කරනු මැනවි. ඔහුව සොහොනයේ විනිශ්චයෙන් සහ අපාය ගින්නේ වධයෙන් බේරා ගනු මැනවි. ඔහුගේ සොහොන පුළුල් කර, ඔහු වෙනුවෙන් එය ආලොකමත් කරනු මැනවි.“
4. හතර වන තක්බීරයෙන් පසුව සලාම් කිව යුතුයි.
නැමදුම මෙහෙයවන ඉමාම්වරයා කිබ්ලාව දෙසට මුහුණලා, මෘත ශරීරය පිරිමියෙකුගේ නම් හිස ලඟින්ද, කාන්තාවකුගේ නම් ඉන ලඟින්ද සිට ගැනීම මුහම්මද් (සල්) වරයාගේ සුන්නාහ්වක්වේ.
මෘත ශරීර එකකට වඩා තිබේ නම්, පිරිමි මෘත ශරීරය ඉමාම් ළඟින්ම ඉදිරියේ තැබිය යුතු අතර, ස්ත‍්‍රීන්ගේ මෘත ශරීරය ඉන් පසුව තැබිය යුතුයි. ළමා මෘත ශරීර තිබේ නම්, පිරිමි මෘත ශරීරය ළඟින්ම පිරිමි ළමයාගේ මෘත ශරීරය තැබිය යුතුයි. ගැහැණු ළමයෙකුගේ මෘත ශරීරය ඇත්නම් වැඩිමහල් ස්ත‍්‍රීයගේ මෘත ශරීරයට පසුව තැබිය යුතුයි.
වැඩිමහල් පිරිමි මෘත ශරීරය් හිසට කෙලින් පිරිමි ළමයාගේ මෘත ශරීරයේ හිස තිබිය යුතුයි. ස්තී‍්‍රයගේ මෘත ශරීරයේ ඉන පිරිමි මෘත දේහයේ හිස හා කෙලින් පිහිටන පරිදි එක පෙළට තැබිය යුතුයි.
මේ අයුරින්. සියළු පිරිමි මළ සිරුරුවල හිස හා සියන්‍දා ස්ත‍්‍රී මළ සිරුරුවල ඉන ඉමාම් සිට ගන්නාවිට ඔහු ඉදිරියේ කෙලින් සකස් කොට තිබේ.
අවමංගල සලාහ්තයට සහභාගිවන පිරිසි, ඉමාම් පිටු පසින් සිටගත යුතු අතර, යමෙකුට පිටු පස ඉඩ නොබුනේ නම්, ඉමාම්ගේ දකුණු පසින් සිට ගත යුතුයි.
සියළු ප‍්‍රශංහා හා ස්තූතීන්, සර්ව පලධාරි අල්ලාහ්ට හිමිවේවා. සාමය
හා ශුභාසිරි නබි (සල්) වරයාටද, එතුමාගේ පවුලේ අවටද, සියළු
අනුගාමිකයන්ටද හිමිවේවා. ආමීන්.