සත්ය දහම

دين الحق

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්

 හැඳින්වීම හා පෙරවදන

ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ්ටම සියළු ප්රශංසා, සලාත් හෙවත් ශාන්තියත් සලාම් හෙවත් සමාදානයත් අල්ලාහ්ගේ දූතවරුන් සියල්ලන්හට හිමිවේවා! අනතුරුව:

මෙය ජයග්රහණය වෙත වූ ඇරයුමයි. අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගිය තැනැත්තන්, මෙමගින් සතුටු කිරීමේ හා ඔහු මාහට කුසල් පිරිනැමීමේ යහපත් අපේක්ෂාවෙන් යුතුව පිරිමියකු හෝ වේවා කාන්තාවක හෝ වේවා ජීවත්ව සිටින බුද්ධිමත් සැමට මෙය පිළිගන්වමි. මෙය ප්රකාශනය කිරීමෙහි හවුල් වූ සියලු දෙනාටම අතිමහත් කුසල් හිමිවේවා. අල්ලාහ් පිහිට වන්නාය.

අහෝ මිනිසා! ඔබ ව මැවූ ඔබේ පරමාධිපති ව ඔබ හඳුනාගෙන, ඔහුව විශ්වාස කොට, ඔහුට පමණක් නැමදුම් කිරීමෙන්, ඔබේ පරමාධිපති ඔබ වෙත මෙන්ම සියලු මිනිසුන් වෙත එවූ ඔබේ වක්තෘවරයාණන් ව ද හඳුනාගෙන, ඔහුව අනුගමනය කිරීමෙන් හා ඔබේ පරමාධිපති ඔබට කවර කරුණක් නියෝග කර ඇත්තේ ද එම සත්යය හඳුනාගෙන, එය විශ්වාස කොට, ඒ අනුව කටයුතු කිරීමෙන් මිස ඔබට මෙලොව ජීවිතයේ මෙන්ම මරණින් මතු ජීවිතයේ ජයක් හෝ සතුටක් හෝ නැත.

තව දුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්ය වචන සහ ගැටළු මොනවාදැ?යි අල්ලාහ්ගේ ග්රන්ථය හා ඔහුගේ දූතයාණන්ගේ ප්රකාශයන් පදනම් කර ගනිමින් මම පාද සටහනේ සඳහන් කළෙමි. ඊට හේතුව ඒ දෙක හැර දහමක් ලෙස කිසිවකුගෙන් අල්ලාහ් පිළි නොගන්නා සත්යය දහම වෙත යොමු කරන එකම දේ එය වන බැවිණි.

බොහෝ මිනිසුන් නොමඟ යවන අන්ධ සම්ප්රදායන් අතහැර දැමුවෙමි. සත්යය යැයි කියා ගන්නා නොමඟ ගිය නිකායන් ගණනාවක් ගැන සඳහන් කිරීමෙන් පවා වැළකුණෙමි. එය සත්යයට වඩාත් දුරස් විය. එසේ සිදු කරනුයේ එයට අයත්, ඒ ගැන නොදන්නා අය හා වෙනත් අය එයින් ප්රවේසම් විය හැකි වනු පිණිසය. අල්ලාහ් මට ප්රමාණවත්ය. භාරකාරත්වයෙන් ඔහු යහපත්ය.

මෙය ප්රකාශ කොට ලියන ලද්දේ උත්තරීතර අල්ලාහ්ගෙන් සමාව ඇයද සිටින ඔහුගේ දිළිඳු ගැත්තෙකු වන

අබ්දුර් රහ්මාන් බින් හම්මාද් ආල් උමර් විසිනි

ආගමික විද්යා මහාචාර්ය

 පළමු කොටස - සර්වලධාරී මැවුම්කරු අල්ලාහ්(1) හඳුනා ගැනීම

අහෝ බුද්ධිමත් මිනිස! සැබවින්ම ඔබේ පරමාධිපති ඔබව කිසිවක් නැතිව ශුන්ය තත්ත්වයෙන් මැව්වේය. ආශිර්වාද තුළින් ඔබව සමෘද්ධිමත් කළේය. ඔහු ලෝකවාසීන්ගේ පරමාධිපති වන අල්ලාහ්ය. බුද්ධිමතුන් වනුයේ අල්ලාහු තආලා ([1]) ව තම දෑසින් නොදුටුවද, ඔහුගේ පැවැත්ම හා සියලු වස්තූන් මවා පාලනය කරන්නා ඔහු බව පෙන්වා දෙන සාධක දෑසින් දැක ඒවා වටහාගෙන ඔහුව විශ්වාස කරන්නෝ වෙති. එම සාධක අතුරින් කිහිපයක් මෙසේය.

පළමු සාධකය:

විශ්වය, මිනිසා හා ජීවය: මේවා බිහි වූ දෑය. ඒවාට ආරම්භයක් මෙන්ම අවසානයක් ද ඇත. වෙනත් දෑහි අවශ්යතාවන් ද ඒවාට පවතී. බිහි වුණු, වෙනත් අයගේ අවශ්යතා ඇති දෑ, සැබැවින්ම මවනු ලැබූ දෑම විය යුතුය. මැවීම් වනාහි ඒවාට මැවුම් කරුවකු අවශ්යය. එම සර්වබලධාරී මැවුම්කරුවාණන් අල්ලාහ්ය. සැබැවින්ම සියලු මැවීම් මවා පාලනය කරන්නා තමන් බව අල්ලාහ් තම පාරිශුද්ධත්වය පිළිබඳ තොරතුරු දන්වා ඇත. මෙම තොරතුරු අල්ලාහ් තම දූතවරුන්ට පහළ කළ ඔහුගේ දිව්ය පුස්තකවල ඔහු විසින් සඳහන් කොට පැමිණ ඇත.

අල්ලාහ්ගේ දූතවරු ඔහුගේ වචනය මිනිසුනට දැනුම් දුන්හ. ඔහු ව විශ්වාස කිරීමටත්, ඔහුට පමණක් නැමදුම් කිරීමටත් ඔවුහු ඔවුන්ට ඇරයුම් කළහ. උත්තරීතර අල්ලාහ් ඔහුගේ මහඟු අල් කුර්ආනයේ මෙසේ පවසයි. “නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසු ව ඔහු අර්ෂ්හි ස්ථාන ගත විය. ඔහු රාත්රියෙන් දහවල ආවරණය කරයි. එය එකිනෙක සීඝ්ර පිළිවෙළින් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වේ. දැන ගනු. මැවීම හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.” (අල් අඃරාෆ්: 54)

මෙම ශුද්ධ වූ පාඨයෙහි සමස්ත අර්ථය වනුයේ:

සැබැවින්ම ඔවුන් මැව්වේ තමන් බවත්, දින හයකින්([2]) අහස් හා මහපොළොව මැව්වේත් තමන් බවත් උත්තරීතර අල්ලාහ් සියලු මිනිසුන් හට දන්වා සිටියි. පසුව, තමන් ඔහුගේ රාජ්යයේ ස්ථානගත වූ([3]) බවත් ඔහු දන්වා සිටියි.

අර්ෂ් හෙවත් දිව්ය රාජ්යය අහස් හතට ඉහළින් පිහිටා ඇත. මැවීම් අතරින් වඩාත් උතුම් හා වඩාත් විශාලතම මැවීම එයයි. අල්ලාහ් අර්ෂයට ඉහළින් ස්ථානගතව සිටියි. ඒ සමගම ඔහු සියලු මැවීම් පිළිබඳ දැනුමෙන්, සවන්දීමෙන්, හා නිරීක්ෂණයෙන් සම්බන්ධ ව සිටියි. ඔවුන්ගේ කරුණු කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. සැබැවින්ම තමන් රාත්රිය එහි අඳුරින් දහවල ආවරණය කරන බවත්, එය ඉක්මණින්ම ඒ පසුපස හඹා යන බවත් දන්වා සිටියි. එමෙන්ම ඔහු හිරු, සඳු හා තාරකාවන් මැවූ බවත් ඔහුගේ නියෝගය අනුව ඒවා යටහත් පහත්ව අභ්යාවකාශය තුළ ගමන් ගන්නා බවත් දන්වා සිටියි. තවද මැවීම හා නියෝගය ඔහුට පමණක් සතු බවත් සදාතනික බොහෝ යහපත පිරිනමන ඔහුගේ පැවැත්ම හා ගුණාංගවල සම්පූර්ණ බලධාරියාණන් බවත් ලෝ වැසියන් මවා ආශිර්වාදයන් තුළින් ඔවුන් සමෘද්ධිමත් කළ ඔවුන්ගේ පරමාධිපති වන බවත් ඔහු දන්වා සිටියි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “රාත්රිය, දහවල, සූර්යයා සහ චන්ද්රයා යනාදිය අල්ලාහ්ගේ ඉමහත් සාධකවලින් කිහිපයකි. සැබැවින් ම ඔබලා අල්ලාහ්ට පමණක් නැමඳුම් කරන්නේ නම්, සූර්යයා සහ චන්ද්රයාට නැමඳුම් නොකර, ඒවා මැවූ අල්ලාහ්ට නැමදුම් කරන්න.” (ෆුස්සිලත්: 37)

මෙම ශුද්ධ වූ පාඨයෙහි සමස්ත අර්ථය:

අල්ලාහ්ගේ පැවැත්ම පෙන්වා දෙන ඔහුගේ සංඥා අතරින්, රාත්රිය, දහවල, හිරු හා සඳු පිහිටා ඇති බව දන්වයි. හිරු හා සඳු අනෙකුත් මැවීම් හා සමාන වන බැවින් ඒවාට නමස්කාර කිරීමෙන් වැළකිය යුතුයි. මැවීම් නැමදුමට ලක්වීම වැරදිය. සුජූද් නොහොත් හිස නැමීම නැමදුම් කිරීමේ එක් අංගයකි. සෙසු පාඨවල මෙන්ම මෙම පාඨයේ ද අල්ලාහ් මිනිසුනට නියෝග කර සිටිනුයේ ඔහුට පමණක් සුජූද් හෙවත් හිස නැමිය යුතු බවයි. ඊට හේතුව සියල්ල මවා සැළසුම් කරන, නැමදුමට සුදුසුකම් ලබන්නේ ඔහු පමණක් වන බැවිණි.

දෙවන සාධකය:

සැබැවින්ම ඔහු පිරිමි හා කාන්තාව මැව්වේය පිරිමින් හා කාන්තාවන්ගේ පැවැත්ම අල්ලාහ්ගේ පැවත්ම පෙන්වා දෙන සාධකයකි.

තුන්වන සාධකය:

භාෂා හා වර්ණ වෙනස්කම්: දෙදෙනෙකුගේ හඬ ඒකාකාරීව පැවතීමත් ඔවුන් දෙදෙනාගේ වර්ණය ඒකාකාරීව පැවතීමත් දැකිය නොහැක්කකි. ඒ දෙක අතර වෙනස්කම් තිබෙන්නේමය.

සිව්වැනි සාධකය:

ලැබීම්හි වෙනස්කම්: එකෙකු පොහොසතෙකි, තවකෙකු දුප්පතෙකි. එකෙකු නායකයකි. තවකෙකු නායකත්වය යටතේය. මෙම තත්ත්වය මත ඔවුන් සෑම කෙනෙකු අතරම බුද්ධිය, දර්ශණය හා ඥානය ඇත්තෙකු ද වෙයි. තමන් නොලැබූ පොහොසත්කම, ගෞරවය, අලංකාර බිරියන් වැනි දෑට ඔහු ආශා කරයි. නමුත් තමන්ට උරුම වූ දෑ හැර වෙනත් කිසිවක් ලබන්නට කිසිවකු සමත් වන්නේ නැත.

අල්ලාහ් එය ඔහුට නියම කළේය. එය ශුද්ධ වූ අල්ලාහ් අභිමත කළ අතිමහත් අභිමතාර්තයක් උදෙසාය. එනම්, ජනයා අතරින් ඇතැමෙකු ඇතැමෙකු විසින් පරීක්ෂාවට ලක් කිරීම හා ඔවුන් සියලු දෙනාගේ අවශ්යතා නැති නොවන පරිදි එකිනෙකාට සේවය සැලසීමයි.

මෙලොවෙහි ලැබීමක් අල්ලාහ් නියම නොකළ තැනත්තකු වනාහි, සැබැවින්ම ඔහු අල්ලාහ් වෙත විශ්වාසය මත මියැදෙන විට ස්වර්ගයේ ඔහුගේ ආශීර්වාදයට අමතරව ඔහුගේ කොටස අල්ලාහ් ඔහු වෙනුවෙන් රැස් කර තබා ඇති බව දන්වා සිටියි. තවද, බොහෝ ධනවතුන් අතර දැක ගන්නට නොමැති මානසික හා ශාරීරික සුවය, දිළිඳු ජනයාට අල්ලාහ් පිරිනමයි. මෙය අල්ලාහ්ගේ අභිමතාර්තයයි ඔහුගේ සාධාරණයයි.

පස්වන සාධකය:

නින්ද සහ සැබෑ සිහිනය මගින් ශුභාරංචියක් වශයෙන් හෝ අවවාදයක් වශයෙන් හෝ අදෘශ්යශමාන දැ නිදන්නා වෙත සුවිශුද්ධ වූ අල්ලාහ් පෙනෙන්නට සළස්වයි.

හයවන සාධකය:

රූහ් හෙවත් ප්රාණය: එහි යථාර්ථය අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොදනී.

හත්වන සාධකය:

මිනිසා: ඔහුගේ ශරීරයේ ඇති සංවේදනය, ස්නායු පද්ධතිය, මොළය, ආහාර ජීර්ණ පද්ධතිය යනාදිය.

අටවන සාධකය:

මියගිය භූමියට අල්ලාහ් වර්ෂාව පහළ කොට හැඩයෙන්, වර්ණයෙන්, ප්ර්යෝජනයෙන් හා රසයෙන් විවිධ වූ ගහකොළ හා පැලෑටි හට ගැන්වීය. මේවා අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් කර ඇති සියගණන් සාධක අතරින් ස්වල්පයක් පමණි. එමෙන්ම සුවිශුද්ධයාණන්ගේ පැවැත්ම හා සැබැවින්ම ඔහු මැවුම්කරු වන වගත්, සියලු නිර්මාණ සැළසුම් කරන්නා ඔහු යන වගත්, පෙන්වා දෙන සාධක කිහිපයකි.

නව වන සාධකය:

අල්ලාහ් මිනිසුන්ට දුන් සහජ බුද්ධිය. එය මවා සැලසුම් කළ අල්ලාහ්ගේ පැවැත්ම එය විශ්වාස කරයි. කවරෙකු එය ප්රුතික්ෂේප කරන්නේ ද සැබැවින්ම එය ඔහු ව කලබලයට හා කාලකණ්ණි බවට පත් කරයි. එබැවින්, උදාහරණයක් ලෙස කොමියුනිස්ට්වාදීයා ([4]) ඔහු මෙම ජීවිතයේ අවාසනාවන්ත ලෙස ජීවත් වෙයි. ඔහුගේ ඉරණම මරණයෙන් පසු නිරයටය. ශුන්ය තත්ත්වයෙන් ඔහුව මවා, ඔහුට ආශිර්වාදයෙන් වැඩවූ ඔහුගේ පරමාධිපතිව ප්රපතික්ෂේප කිරීමෙහි විපාකය ඔහුට ඇත. නමුත් ඔහු අල්ලාහ් වෙත පසුතැවිලි වී ඔහුවත්, ඔහුගේ ආගම සහ ඔහුගේ දූතයා කෙරෙහිත් විශ්වාස කරන්නේ නම් හැර.

දහවැනි සාධකය:

අල් බරකා හෙවත් සමෘද්ධිය: එනම් එළුවන් මෙන් ඇතැම් මැවීම් තුළ පවතින අධිකත්වයයි. අල් බරකා (සමෘද්ධියට) විරුද්ධ පදය අල් ෆෂ්ල් හෙවත් අසාර්ථකත්වය. එය බල්ලන් හා බළලුන් මෙන් පවතින්නකි.

***

උත්තරීතර අල්ලාහ්ගේ ගුණාංග අතරින් සැබැවින්ම ඔහු:

ආරම්භයක් නොමැති ප්රාථමයාය. සදා අමරණීයය. ඔහු මිය නොයන අතර අවසන් වන්නේ ද නැත. ඔහුගේ පැවැත්මෙන්ම ඔහු ස්වාධීනය. වෙනත් කිසිවකුගේ අවශ්ය්තාවක් ඔහුට නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්ර්කාශ කරයි. (නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. (1) අල්ලාහ් ස්වාධීනය. (2) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3) තවද ඔහුට සමාන කිසිවෙකු නොමැත. (4) (අල් ඉහ්ඃලාස්: 1-4)

පාඨවල තේරුම.

අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ දේව ප්රතික්ෂේපකයින් අවසන් දූතවරයාණන්ගෙන් විමසා සිටි කල්හි, අල්ලාහ් මෙම පරිච්ඡේදය පහළ කළේය. එහි ඇති කරුණු ඔවුනට මෙසේ පවසා සිටියි.

අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැත. සදා ජීවමාන මහා මොළකරු ය. විශ්වය, මිනිසා හා සෙසු සියලු දෑ මත පරමාධාපත්ය ඔහුට පමණක් සතුය. තම අවශ්යතාවන් ඉටු කර ගැනීමේදී මිනිසා යොමු විය යුත්තේ ඔහු වෙත පමණය.

ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. ඔහුට පුතෙකු හෝ දුවකු හෝ පියකු හෝ මවකු හෝ නොමැත. ඒ සියල්ල ඔහු දැඩි ලෙස ප්රතික්ෂේප කළේය. මෙම සූරාවෙහි මෙන්ම වෙනත් සූරාවල ද අනුක්රමය හා උපත මැවීම්වල ගුණාංග වේ යැයි සඳහන්ව ඇත. ‘මසීහ් අල්ලාහ්ගේ පුත්රයා’ යැයි පවසා සිටි කිතුණුවන්ටත්, ‘උසෙයිර් අල්ලාහ්ගේ පුත්රයා’ යැයි පවසා සිටි යුදෙව්වන්ටත්, ‘මලක්වරු (සුර දූතයින්) අල්ලාහ්ගේ ගැහැණු දරුවන්’ යැයි පවසා සිටි වෙනත් අයටත් අල්ලාහ් මෙමගින් ප්රතිචාර දැක්වීය. මෙම බොරු කියමන් ඔහු මත ඔවුන් විසින් ගොතනු ලැබීය.

සැබැවින්ම ඊසා (අලයිහිස් සලාම්) තුමාව පියකුගෙන් තොරව මවකගෙන් බිහිකළේ තම බලානුභාවයෙන්, යැයි අල්ලාහ් දන්වා සිටියි. එය මිනිස් පියාණන් ආදම් පසින් මැව්වාක් සේය. මිනිස් මව ආදම්ගේ ඉල ඇටයෙන් මැව්වාක් සේය. එවිට ඔහු අසල ඇයව දුටුවේය. පසුව ආදම්ගේ පරපුර පිරිමියා හා කාන්තාවගේ ජලයෙන් මැව්වේය. සැබැවින්ම ඔහු ආරම්භයේ සෑම වස්තුවක්ම ශුන්ය තත්ත්වයේ සිට ඔහු මැව්වේය. පසුව ඔහුගේ මැවීම් සඳහා න්යායක් හා පද්ධතියක් තැබුවේය. එය වෙනස් කිරීමට ඔහු හැර වෙනත් කිසිවකුට නොහැක. එම පද්ධතියෙන් කිසිවක් හෝ වෙනස් කිරීමට ශුද්ධ වූ අල්ලාහ් අභිමත කළේ නම්, ඔහුට රිසි පරිදි ඔහු එය වෙනස් කරනු ඇත.

එසේම ඊසා (අලයිහිස් සලාම්) තුමා පියකුගෙන් තොරව මවක් විසින් බිහි කරනු ලැබීය. ඔහු ළදරු වියේ කතා කළේය. එසේම මූසාගේ සැරයටිය සෙළවන සර්පයකු බවට ඔහු පත් කළේය. හෙතෙම එයින් මුහුදට පහර දුන් විට එමගින් මුහුද දෙබෑ වී ඔහු හා ඔහුගේ ජනයා තරණය කළ හැකි පරිදි මාර්ගයක් බවට එය පත් විය. එසේම අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උදෙසා සඳ දෙකඩ විය. එතුමා ගමන් කරන විට ගස්වැල් එතුමාට හිස නැමීය. මිනිසුනට සවන් දිය හැකි හඬකින් දූත මෙහෙවරය ගැන සත්වයින් ඔහුට සාක්ෂි දරමින්, "සැබැවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයාණන් බව මම සාක්ෂි දරමු" යැයි පැවසීය. බුරාක් මත නැග අල්-මස්ජිදුල් හරාම් හි සිට අල්-මස්ජිදුල් අක්සා දක්වා රාත්රි ගමන ගියේය. පසු ව අහසට ආරෝහණ විය. අහස ඉහළට ළඟා වන තෙක් ඔහු සමග සුර දූත ජිබ්රාඊල් ද විය. ඔහු උත්තරීතර අල්ලාහ් සමග කතා කළේය. අල්ලාහ් ඔහුට සලාතය අනිවාර්යය කළේය. පසුව මහපොළොවේ අල් මස්ජිදුල් හරාම් වෙත නැවත පැමිණියේය. ඔහුගේ ගමන අතරතුර සෑම අහසකම වැසියන් දුටුවේය. මේ සියල්ල හිරු උදාවීමට පෙර, එකම රාත්රියේ සිදු විය. රාත්රි ගමන හා අහස වෙත ආරෝහණය පිළිබඳ කතා වස්තුව අල් කුර්ආනයේ හා දූතයාණන්ගේ වදන්වල මෙන්ම ඉතිහාස ග්රවන්ථවල ද ප්රචලිතය.

***

අල්ලාහ් ඔහු ගැන හා ඔහුගේ දූතවරු ඔහු ගැන විස්තර කළ ගුණාංග අතරින් සමහරක්.

1- ශ්රවණ, දෘෂ්ටිය, ඥානය, බලය හා අභිමතාර්තයේ ශක්තිය. ඔහු සෑම දෙයකටම සවන් දෙයි. එමෙන්ම දකියි. ඔහුගේ ශ්ර්වණයට හෝ බැල්මට කිසිදු තිරයක් ආවරණය කරන්නේ නැත.

ගර්භාෂයේ ඇති දෑ, හදවත් තුළ සැඟවී ඇති දෑ, සිදු වූ හා සිදු වන්නට ඇති දෑ පිළිබඳ ඔහු මැනවින් දනී. ඔහු සර්ව බලය ඇත්තාය. ඔහු යමක් අභිමත කළ විට එයට වනු යැයි කියූ වහාම එය සිදුවනු ඇත.

2- ඔහු අභිමත වේලාවක අභිමත දෑ කතා කිරීම. සැබැවින්ම ඔහු මූසා (අලයිහිස් සලාම්) සමග කතා කළේය. දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග කතා කළේය. අල් කුර්ආනය අල්ලාහ්ගේ කතාවයි. ඔහුගේ අක්ෂරය ඔහුගේ අර්ථයයි. එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ කළේය. එය ඔහුගේ ගුණාංග අතරින් වූ ගුණාංගයකි. නොමග ගිය මුඃතසිලාවරුන්([5]) පවසනවාක් මෙන් එය මවනු ලැබූවක් නොවේ.

මුහුණ, දෙඅත්, ස්ථාපිතවීම, පහළ වීම([6]), තෘප්තිය, කෝපය: ඒ අනුව ඔහු තමන් අදහන ගැත්තන් ගැන තෘප්තිමත් වෙයි. තමන් ප්රතික්ෂේප කරන්නන් මත කෝප වෙයි. එමෙන්ම අනිවාර්ය කටයුතුවලදී වැරදි කරන්නන් මත ඔහුගේ කෝපය පවතී. ඔහුගේ තෘප්තියත් ඔහුගේ කෝපයත් ඔහුගේ අනෙකුත් ගුණාංග මෙනි. මැවීම්වල ගුණාංග එයට සමාන වන්නේ නැත. ඒවායෙහි අර්ථය එයට දිය නොහැක. ඒවායෙහි ක්රමය එයට කිව නොහැක.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන භූමියේ මෙන්ම ස්වර්ගයේදී සැබැවින්ම දේව විශ්වාසීන් ඔවුන්ගේ ඇස්වලින්ම උත්තරීතර අල්ලාහ්ව දකිනු ඇතැයි අල් කුර්ආනයේ හා සුන්නාවේ සඳහන්ව ඇත. උත්තරීතර අල්ලාහ්ගේ ගුණාංග ගැන මහඟු අල් කුර්ආනයේ මෙන්ම පරෝපකාරී මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ හදීස්වල සවිස්තරව පැහැදිලි කර ඇත. කරුණාකර ඒවා වෙත යොමුවන්න.

***

අල්ලාහ් මිනිස් වර්ගයා හා ජින් වර්ගයා මැවීමට හේතු වූ කාරණාව.

නැණවතුනි! සැබැවින්ම අල්ලාහ් ඔබව මැවූ ඔබේ පරමාධිපති බව ඔබ වටහා ගත් විට, සැබැවින්ම ඔහු ඔබව නිකරුණේ මවා නැති බවත් දැනගත යුතුයි. සැබැවින්ම ඔහු ඔබව මැව්වේ ඔහුට ගැතිකම් කිරීම සඳහාය. උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය එයට සාධකයකි. "ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (56) “ඔවුන්ගෙන් කිසිදු පෝෂණ සම්පතක් මම අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර ලබා දිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.” (57) "සැබැවින් ම අල්ලාහ් (සියල්ලන්ට ම) ආහාර සපයන්නා සහ මහා බලසම්පන්නයා වේ." (58) (අස්සාරියාත් 56-58)

මෙම පාඨවල සමස්ත අදහස:

සැබැවින්ම ජින්වර්ගයා([7]) හා මිනිස් වර්ගයා තමන්ට පමණක් ගැතිකම් කිරීමේ අරමුණින් තමන් මවා ඇති බව පළමු පාඨයේ උත්තරීතර අල්ලාහ් දන්වා සිටියි. දෙවන හා තුන්වැනි පාඨවල සැබැවින්ම ඔහු තම ගැත්තන්ගේ අවශ්යතාවයෙන් තොර බැවින් ඔවුන්ගෙන් කිසිදු පෝෂණ සම්පතක් හෝ ආහාරයක් අපේක්ෂා නොකරන බව දන්වා සිටියි. ඊට හේතුව සැබැවින්ම බලවත් පෝෂකයා ඔහු වන බැවිනි. මිනිසුනට හෝ අනෙක් මැවීම්වලට හෝ ඔහු අබියසින් මිස කිසිදු පෝෂණයක් නොමැත. වර්ෂාව පහළ කරනුයේ ඔහුය. ඔහු පොළොවෙන් ආහාර සම්පත් මතු කරයි.

මහපොළොවේ ඇති අනෙකුත් මැවීම් වනාහි, සැබැවින්ම අල්ලාහ් ඒවා මවා ඇත්තේ මිනිසා කරණකොට ගෙන බව ඔහු දන්වා සිටියි. ඔහුට අවනත වීම සඳහා මිනිසා එමගින් ප්රයෝජනය ලබනු පිණිසත් ඔහුගේ පිළිවෙතට අනුව ඒවා වියදම් කරනු පිණිසත් ය. සෑම මැවීමක්ම හා සෑම චලනයක්ම විශ්වයේ පවතී. සැබැවින්ම අල්ලාහ් ඒවා මවා ඇත්තේ යම් ප්රඥාවක් උදෙසාය. අල් කුර්ආනයේ එය පැහැදිලි කර ඇත. අල්ලාහ්ගේ පිළිවෙත අනුව විද්වතුන් තමන්ගේ දැනුමේ ප්රමාණයට එය වටහා ගනිති. වයස්, පෝෂණ සම්පත් සිදුවීම් හා අත්වන විපාක වෙනස් වන්නේය. ඒ සියල්ල ක්රියාත්මක වන්නේ අල්ලාහ්ගේ අනුමැතිය මතය. එය බුද්ධිමත් ඔහුගේ ගැත්තන් ඔහු පරීක්ෂණ කරනු පිණිසය. එහෙයින් කවරෙකු අල්ලාහ්ගේ නියමය පිළිගෙන එයට යටත් වී ඔහු තෘප්තිමත් වන ක්රිියාවන්හි වෙහෙස වන්නේ ද ඔහුට අල්ලාහ්ගෙන් වූ පිළිගැනීමත්, මෙලොව මෙන්ම මරණයෙන් පසු මතුලොවෙහි සතුටත් හිමි වන්නේය. අල්ලාහ්ගේ නියමකිරීම් කවරෙකු පිළිනොගෙන, ඊට යටත් නොවී ඔහුට අවනත නොවන්නේ ද අල්ලාහ්ගෙන් වූ කෝපය ඔහුට හිමි වන අතරම මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඔහුට අභාග්යමය හිමි වන්නේය.

අල්ලාහ්ගේ තෘප්තිය අපි අල්ලාහ්ගෙන් පතමු. ඔහුගේ කෝපයෙන් ආරක්ෂාව අපි ඔහුගෙන් පතමු.

***

මරණයෙන් පසු යළි අවදිවීම, ක්රියාවන් සඳහා විනිශ්චය හා ප්රතිඵල, ස්වර්ගය හා නිරය.

අහෝ ණැනවතුනි! සැබැවින්ම අල්ලාහ් ඔබව මවා ඇත්තේ ඔහුට ගැතිකම් කිරීම සඳහා යැයි ඔබ වටහා ගත් විට සැබැවින්ම මිය ගිය පසු ජීවමාන ලෙස ඔබව යළි මතු අවදි කරනු ඇතැයි ද, ඔබ මිය ගිය පසුව ප්රතිඵල පිරිනමන නිවහනේ ඔබේ ක්රියාවන් සඳහා මතු ප්රතිඵල පිරිනමනු ඇතැයි ද අල්ලාහ් තම දූතවරුන්හට පහළ කළ ඔහුගේ සියලු දිව්ය ග්රන්ථවල දන්වා ඇති බවත් වටහා ගත යුතුයි. ප්රතිඵලයේ නිවහන යනු මිනිසා මිය ගිය පසු විනාශ වන හා ක්රියාවේ නිවහනින් -මෙලොව ජීවිතයෙන්- ප්රතිඵල පිරිනමන සදා නිවහන වෙත මිනිසා විතැන් වීමයි. එය මරණින් පසු පවතින නිවහනයි. මිනිසාට මෙලොව ජීවත් වන්නට නියම කළ ආයු කාලය සම්පූර්ණ වූ විට අල්ලාහ් ‘මලකල් මව්ත්’ - මරණයේ දූතයා අමතා ඔහුගේ ශරීරයෙන් ආත්මය අත්පත් කර ගන්නා මෙන් නියෝග කරයි. ඔහුගේ ශරීරයෙන් ඔහුගේ ආත්මය බැහැර වීමට මත්තෙන් මරණයේ තිත්ත රස විඳ, පසුව ඔහු මිය යනු ඇත.

රූහ් නොහොත් ආත්මය / ප්රාණය වනාහි, එය අල්ලාහ්ව විශ්වාස කළ ඔහුට යටත් වූ ආත්මයක් වී නම්, සැපවත් නිවහනෙහි -ස්වර්ගයේ- අල්ලාහ් එය තැන්පත් කරනු ඇත. එය අල්ලාහ් ප්රතික්ෂේප කළ මරණින් පසු යළි නැගිටුවනු ලැබීම හා ප්රතිඵල පිරිනැමීම බොරු කළ ආත්මයක් වී නම් එය දඬුවමේ නිවහන - නිරය- තුළ අල්ලාහ් තැන්පත් කරනු ඇත. මෙලොව අවසානයේ ප්රතිඥාව පැමිණෙන තෙක්ම එසේ පවතී. පසුව අවසන් හෝරාව සිදු වනු ඇත. මැවීම් අතර ඉතිරිව ඇති සෑම කෙනෙකුම මරණයට පත් වේ. එවිට අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවෙකු ඉතිරි නොවෙයි. පසුව සියලු මැවීම් -සතුන් පවා- අල්ලාහ් යළි අවදි කරවයි. පළමු වරට මවනු ලැබුවාක් සේ ශරීරය සම්පූර්ණ ලෙස නැවත සැකසුණු පසුව, ඒ සෑම ශරීරයක් වෙත ආත්මයන් නැවත යොමු කරනු ඇත. එසේ වනුයේ මිනිසා කළ ක්රියාවන් විනිශ්චය කොට ඒවාට ප්රතිඵල පිරිනමනු පිණිසය. පිරිමියා හා කාන්තාව හෝ වේවා නායකයා හා සේවකයා හෝ වේවා පොහොසතා හා දුප්පතා හෝ වේවා කිසිවකුට අයුක්තියක් සිදු නොවනු ඇත. අපරාධ කරනු ලැබූවන්හට අපාරධකරුගෙන් සම ප්රතිචාර ගැනීමේ අයිතිය හිමිවේ. සතුන් පවා අපරාධ කරනු ලැබූ උන්ට අපරාධ කරන්නන්ගෙන් සමප්රතිචාර දැක්වීමේ අයිතිය හිමි වේ. උන් උන් සම ප්රතිචාර දැක්වූවායින් පසු ‘නුඹ පස් බවට පත් වනු’යි උන්ට පවසයි. ඊට හේතුව සැබැවින්ම උන් ස්වර්ගයට හෝ නිරයට හෝ නොපිවිසෙන බැවිණි.

මිනිස් වර්ගයා හා ජින් වර්ගයාහට ඔවුනොවුන් කළ ක්රියාවන්ට අනුව ප්රතිඵල පිරිනමනු ලැබේ. අල්ලාහ්ට අවනත වී ඔහුගේ දූතයාණන් අනුගමනය කර ඔහුව විශ්වාස කළවුන්, ඔවුන් ජනයා අතර ඉතා දිළිඳු වුවද ස්වර්ගයට පිවිසෙනු ඇත. නිරය බොරු යැයි පවසා දෙවියන් ප්රතික්ෂේප කළවුන්, ඔවුන් මෙලොවෙහි මිනිසුන් අතර වඩාත් පොහොසතුන් හා ප්රභූවරුන් වුව ද, නිරයට පිවිසෙනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “අල්ලාහ් අබියස ඔබ අතරින් වඩාත් ගෞරවණීය තැනැත්තා වනුයේ ඔබ අතර සිටින (දෙවියන් ගැන මතකයෙන් ජීවත් වන) භක්තිමත් තැනත්තාය. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානීය. අභිඥානවන්තය.” (අල් හුජුරාත්: 13)

අල්-ජන්නා, නොහොත් ස්වර්ගය යනු සැපතේ නිවහනයි. ඒ ගැන කිසිවකු විසින් විස්තර කළ නොහැකි විවිධ සැප පහසුකම් එහි ඇත. එහි මට්ටම් සියයක් ඇත. සෑම මට්ටමකම අල්ලාහ් පිළිබඳ වූ ඔවුන්ගේ විශ්වාසය හා ඔහුට ඔවුන් දැක්වූ අවනතභාවය, බලයේ ප්රමාණයට ජනපද ඇත. ස්වර්ගයේ ඇති අවම මට්ටම වනුයේ මෙලොවෙහි රජවරයකු පිරිනමන ප්රදානයන් මෙන් කිහිප ගුණයකින්ම ගුණ කර එම වැසියන්ට පිරිනමනු ලැබීමයි.

‘අන්-නාර්’ හෙවත් අපා ගින්න වනාහි, අල්ලාහ් අප එයින් ආරක්ෂා කරත්වා! එය මරණින් පසු මතුලොව ජීවිතයේ දඬුවමේ නිවහනයි. ඒ ගැන මෙනෙහි කරන විට හදවත් භීතියට පත් කරවන දෑස් අඬවන විවිධ වධහිංසා හා වේදනාවන් ඇත.

මතුලොව නිවහනෙහි මරණයක් ඇත්නම්, නිරා ගින්න දුටු වහාම නිරාවාසීන් මියයනු ඇත. නමුත් මරණයක් ඇත්තේ එක් වරක් පමණි. ඒ සමගම මිනිසා මෙලොව ජීවිතයේ සිට මතුලොව වෙත පියනගයි. මරණය ගැන, නැවත නැගටුවීම, විනිශ්චය හා ප්රතිඵල ගැන හා ස්වර්ගය මෙන්ම නිරය ගැන සම්පූර්ණ විස්තර මහඟු අල් කුර්ආනයේ පැමිණ ඇත. අපි මෙනෙහි කරන දෑහි ඒ වෙත යොමුවක් ඇත.

මරණයෙන් පසු යළි අවදි කරනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල ගැන පෙන්වා දෙන සාධක බොහෝමයක් ඇත. උත්තරීතර අල්ලාහ් මහඟු අල් කුර්ආනයේ මෙසේ පවසයි. “අපි ඔබ මැව්වේ එයිනි. අපි ඔබ නැවත යොමු කරන්නේ ද ඒ තුළටය. අපි ඔබ නැවත වරක් බැහැර කරන්නේ ද එයිනි.” (තාහා: 55) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “ඔහු අපට උපමා ගෙන හැර පෑවේය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේය. ‘අස්ථි දිරාපත් ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවුදැ’යි ඔහු විමසයි.” (යාසීන්: 78,79)

උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නොලබන්නෝම යැයි ප්රයතික්ෂේප කළවුන් තරයේම සිතුවෝය. 'එසේ නොව, මාගේ පරමාධිපති මත දිවුරමින්, නියත වශයෙන්ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසු ව නුඹලා සිදු කළ දෑ පිළිබඳ ව නුඹලාට දන්වනු ලබනු ඇත’ යැයි (නබිවරය) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසුය. (අත්-තඝාබුන්: 7)

මෙම පාඨවල සමස්ත අදහස:

1- පළමු පාඨයේ සැබැවින්ම මිනිස් වර්ගයා මහපොළොවෙන් බිහි කළ බවත්, එය ඔවුන්ගේ ආදි පියා ආදම් (අලයිහිස් සලාම්) තුමාව පසින් මැවූ අවස්ථාවේ වූ බවත් දන්වා සිටියි. එමෙන්ම මරණයෙන් පසු ඔවුනට ගෞරව පිදුමක් වශයෙන් මිණීවළවල් තුළට ඔවුන් යොමු කරනු ලබන බවත් දන්වා සිටියි. අනතුරුව නැවත වාරයක් එයින් ඔවුන් බැහැර කරන බවත් ඒ අනුව ඔවුන්ගේ ආරම්භකයා සිට අවසානයා දක්වා වූ සියලු දෙනා ජීවය ලබා මිණීවළවල් තුළින් බැහැරට එන බවත් පසුව අල්ලාහ් ඔවුන්ගෙන් විනිශ්චය කොට ඔවුනට ප්රතිඵල පිරිනමන බවත් දන්වා සිටියි.

2- දෙවන පාඨයේ අස්ථි සහිත ජීවිතය විනාශ වී ගිය පසු යළි අවදි කරවීම පුදුමයෙන් බලන, එය බොරු යැයි පවසා ප්රතික්ෂේප කරන්නන්හට ප්රතිචාර දක්වා ඇත. එසේ ප්රතිචාර දක්වමින් කිසිවක් නොමැතිව පළමු වර ඔහු එය නිර්මාණය කළ බැවින් සැබැවින්ම ඔහු යළි ප්රාණය දෙන බව දන්වා සිටියි.

3- තුන්වන පාඨයේ මිය ගිය පසු යළි අවදිකිරීම සම්බන්ධයෙන් බොරු කළ ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ කලහකාරී විශ්වාසයට ප්රතිචාර දක්වා ඇත. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් ඔවුන් නැවත නැගිටුවනු ඇතැයි ද ඔවුන් සිදු කළ දෑ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇතැයි ද සැබැවින්ම එය අල්ලාහ්ට පහසු කාර්යයක් යැයි ද අල්ලාහ් මත තරයේ දිවුරා ඔවුනට පවසන මෙන් අල්ලාහ් තම දූතයාණන්ට නියෝග කර ඇත.

වෙනත් පාඨයක සැබැවින්ම යළි අවදි කරනු ලැබීම හා නිරා ගින්න බොරු යැයි පැවසූවන් යළි අවදි කළ විට අපා ගින්නේ ඔවුන් දඬුවමට ලක් කරනු ඇතැයි අල්ලාහ් දන්වා ඇත. ඔවුනට මෙසේ පවසනු ලැබේ. “ඔබ බොරු කරමින් සිටි අපාගින්නේ දඬුවම භුක්ති විඳිනු.” (අස්-සජදා:20)

මිනිසාගේ ක්රියාවන් හා ඔහුගේ ප්රකාශ සටහන් කරනු ලැබීම:

සෑම මිනිසෙකුම රහසිගතව හෝ ප්රසිද්ධියේ හෝ වේවා යහපතක් හෝ අයහපතක් හෝ වේවා! එසේ මතු පවසන දෑ මෙන්ම ක්රියා කරන දෑ ගැන සැබැවින්ම අල්ලාහ් දැන සිටින බව අල්ලාහ් දන්වා ඇත. එමෙන්ම සැබැවින්ම ඒවා අහස්, මහපොළොව, මිනිසා හා අනිකුත් මැවීම් මවන්නට පෙර ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ ලියා තබා ඇති බවත් ඔහු දන්වා ඇත. එමෙන්ම එය එසේ තිබියදී සෑම මිනිසෙකුහටම මලක්වරුන් දෙදෙනෙකු නියම කර ඇති බවත් එක් අයකු ඔහුගේ දකුණතින් සිට යහපත ලියන බවත් අනෙකා ඔහුගේ වමතින් සිට අයහපත ලියන බවත් ඔවුන් දෙදෙනාට ඉන් කිසිවක් අතපසු නොවන බවත් අල්ලාහ් දන්වා ඇත. තවදුරටත් ඔහුගේ වාර්තා ලේඛනයේ ඔහුගේ කවර ක්රියාවන් හා ප්රකාශයන් සටහන් කරනු ලැබ ඇත්තේ ද එය විනිශ්චය දිනයේ පිරිනමනු ලැබේ. එවිට ඔහු එය කියවයි. ඉන් කිසිවක් ප්රතික්ෂේප කළ නොහැකිවේ. කවරෙකු හෝ ඉන් කිසිවක් ප්රතික්ෂේප කරන්නට බලන්නේ නම් ඔහුගේ ශ්රවණය, බැල්ම, දෑත, දෙපා හා ඔහුගේ සම යන ඉන්ද්රියන්ට ඔහු කළ සියලු දෑ ගැන කතා කරවන්නට අල්ලාහ් සලස්වයි.

ඒ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් මහඟු අල්කුර්ආනයේ සඳහන්ව ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “මිනිසා, ඔහු අබියස (සටහන් කරමින් සිටින) නිරීක්ෂකයකු ඔහුට අනුයුක්ත වෙමින් මිස කිසිදු ප්රකාශයක් තෙපළන්නේ නැත.” (කාෆ්: 18) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “සැබැවින්ම ඔබ මත ආරක්ෂකයෝ වෙති. (10) ගෞරවයට පාත්ර වූ සටහන් කරුවන්ය. (11) ඔබ සිදු කරන දෑ ඔවුහු දනිති." (12) (අල් ඉන්ෆිතාර්: 10-12)

පාඨවල විග්රහය:

සැබැවින්ම අල්ලාහ් සෑම මිනිසෙකුටම මලක්වරුන් දෙදෙනෙකු නියම කර ඇති බවත් එක් අයකු ඔහුගේ දකුණතින් සිට ඔහුගේ යහපත සටහන් කරන රකීබ් වන බවත් අනෙකා ඔහුගේ වමතින් සිට ඔහුගේ පාපකම් ලියන අතීද් වන බවත් ඔහු දන්වා සිටීයි. අවසන් පාඨ දෙකෙහි එසේ මිනිසුන් වෙනුවෙන් ගෞරවනීය මලක්වරුන් පත්කර ඇති බවත්, ඔවුන්ගේ සියලු ක්රියාවන් සටහන් කරන බවත් දන්වා සිටියි. එමෙන්ම ඔවුන් මැවීමට පෙර ලව්හුල් මහ්ෆූල් හි ඔහු අබියස ඔවුන්ගේ ක්රියාවන් දැනගෙන ලිව්වාක් මෙන් ඔවුන්ගේ සියලු ක්රියාවන් පිළිබඳ දැනගැනීමේ බලය හා ලිවීමේ බලය ඔහු මලක්වරුන්ට පිරිනමා ඇති බවත් දන්වා ඇත.

සාක්ෂිය:

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් මම සාක්ෂි දරමි. සැබැන්ම ස්වර්ගය සත්ය ය බවත් නිරය සත්ය ය බවත් අවසන් හෝරාව පැමිණෙන බවත් එහි කිසිදු සැකයක් නොමැති බවත් සැබැවින්ම අල්ලාහ් විනිශ්චය හා ප්රතිඵල සඳහා මිනීවළවල් තුළ සිටින්නන් නැවත නැගිටුවන බවත් අල්ලාහ් ඔහුගේ ග්ර්න්ථයේ මෙන්ම ඔහුගේ දූතයාණන්ගේ ප්රකාශ මගින් දන්වා ඇති සියලු දෑ සත්යය බවත් මම සාක්ෂි දරමි.

ණැනවතුනි, මෙම සාක්ෂිය පදනම් කර ගනිමින් දේව විශ්වාසය වෙතටත් එය ප්ර්සිද්ධ කිරීමටත් එහි තේරුම අනුව කටයුතු කිරීමටත් මම ඔබ ආරාධනා කරමි. මෙය ජයග්ර්හණයේ මාර්ගයයි.

 දෙවන කොටස - දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිබඳ හඳුනා ගැනීම:

ණැනවතුනි, සැබැවින්ම අල්ලාහ් ඔබව මැවූ ඔබේ පරමාධිපති බවත් ඔබේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු ඔබව මතු යළි අවදි කරන බවත් ඔබ වටහා ගත් විට සැබැවින්ම අල්ලාහ් ඔබ වෙත හා සියලු මිනිසුන් වෙත දූතයකු එවා ඇති බවත් ඔහුට අවනත වීම හා ඔහුව අනුගමනය කිරීම ඔබේ රාජකාරිය බවත් ඔබ දැනගත යුතු ය. සැබැවින්ම දූතයාණන් අනුගමනය කිරීමෙන් හා අල්ලාහ් ඔහුව කවර පිළිවෙතක් සමග එවනු ලැබුවේ ද ඒ අනුව නැමදුම් කිරීමෙන් මිස සැබෑ නැමදුම පිළිබඳ හඳුනා ගැනීමට වෙනත් මඟක් නැති බව ඔහු දන්වා සිටියි.

මෙම දූතයාණන් වනාහි, සියලු මිනිසුන් එතුමාණන්ව විශ්වාස කිරීමත් එතුමාණන්ව අනුගමනය කිරීමත් අනිවාර්යය වන්නේය. ඔහු දහම් දූතවරුන් අතර මුද්රාව වේ. එසේ සියලු මිනිසුන් වෙත වූ අල්ලාහ්ගේ දූතයාණන් වනුයේ උම්මි නබි -කිසිවක් ලියන්නට හෝ කියවන්නට නොහැකි- මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. මූසා තුමා මෙන්ම ඊසා තුමා (අලයිහිමස් සලාම්) තව්රාතයේ මෙන්ම ඉන්ජීලයේ ස්ථාන හතළිහක මෙතුමාණන් ගැන සුභාරංචි දන්වා ඇත. යුදෙව්වන් හා කිතුනුවන් මෙම ග්ර්න්ථ දෙකේ වෙනස් කම් ඇති කිරීමට පෙර එය කියවමින් උන්හ. ([8])

මෙම ගෞරවනීය නබිවරයාණන් වනාහි, එතුමාණන්ගේ පැමිණීමෙන් දූතවරුන්ගේ පැමිණිමට අල්ලාහ් මුද්රා තැබීය. එතුමාණන්ව සියලු මිනිසුන් වෙත එවීය. එතුමාණන් කුරෙයිෂ් වංශයේ හාෂිමී පෙළපතේ අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් ය. මහපොළොව මත පැවති වඩාත් ගෞරවණීය ගෝත්රයක වඩාත් සත්යවාදී මෙන්ම වඩාත් ප්රශංසනීය අයෙකි. අල්ලාහ්ගේ නබිවරයාගේ පෙළපත අල්ලාහ්ගේ තවත් නබිවරයකු වන ඉබ්රාමහීම් තුමාගේ පුත් ඉස්මාඊල් තුමාණන් දක්වා සම්බන්ධ වේ. අවසන් දූතයාණන් වන මුහම්මද් තුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ ක්රිස්තු වර්ෂ 570 දී උපත ලැබූහ. එතුමාණන් උපත ලැබූ රාත්රි යේ තම මවගේ කුසෙන් පිටතට පැමිණීමට මොහොතකට පෙර විශ්වය දැවැන්ත ආලෝකයකින් බැබළුණේය. මිනිස්සු වික්ෂිප්තවී ගියහ. ඉතිහාස ග්රන්ථවල ඒ ගැන සඳහන් කරනු ලැබ ඇත. මක්කාවේ කඃබා අසළ කුරෙයිෂ්වරුන් වන්දනාමාන කළ පිළිම පෙරළෙන්නට විය. පර්සියානු කොස්රා බලකොටුව දෙදෙරන්නට විය. බැල්කනි දහයක් පමණ ඉන් ඇඳ වැටිණි. පර්සියානුවන් වන්දනාමාන කළ වසර දෙදෙහක් තිස්සේ නොනිවුණු ඔවුන්ගේ ගින්දර නිවී ගියේය.

අවසාන දූතයාණන්ගේ උපත පිළිබඳව පොළෝවාසීන්හට උත්තරීතර අල්ලාහ්ගෙන් ලැබුණු මේ සියලු නිවේදනයන් අල්ලාහ් හැර නැමදුම් ලබන පිළිම ඉදිරියේ විනාශ වී යන බවත්, රොමානුවන් හා පර්සියානුවන් අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමටත් ඔහුගේ සත්යය දහම තුළට පිවිසීමටත් ඔහු ඔවුන් ඇරයුම් කරන බවත් ඔවුන් එය ප්රමතික්ෂේප කළේ නම් ඔහු හා ඔහුව අනුගමනය කළවුන් ඔවුන් සමග අරගල කරන බවත් ඔවුනට එරෙහිව ඔහුට අල්ලාහ් ජය ලබා දී මහපොළොවේ ඔහු ආලෝකමත් කළ ඔහුගේ දහම පතුරුවා හරින බවත් පෙන්වා දුන්නේය. අල්ලාහ් ඔහුගේ දූතයාණන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවූ පසු මෙම ක්රියාදාමයන් සිදු විය.

මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට පෙර සිටි එතුමාගේ දූත සහෝදරවරුන් අතරින් අල්ලාහ් එතුමාව විශේෂාංගයන්ගෙන් වෙන් කොට දැක්වීය.

පළමු වැන්න: සැබැවින්ම හෙතෙම අවසන් දූතයා විය. එතුමාගෙන් පසුව කිසිදු දූතයකු හෝ වක්තෘවරයකු හෝ නොමැත.

දෙවැන්න: එතුමාගේ දූත පණිවිඩිය මුළු මිනිස් වර්ගයාටම පොදු වූවකි. මිනිසුන් සියලු දෙනාම මුහම්මද්ගේ උම්මාව නොහොත් සමූහයා වෙති. කවරෙකු එතුමාට අවනත වී එතුමාව අනුගමනය කළේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. කවරෙකු එතුමාට පිටුපෑවේද ඔහු නිරා ගින්නට පිවිසෙනු ඇත. යුදෙව්වන්ට හා කිතුනුවන්ට පවා නියම කරනු ලැබ ඇත්තේ එතුමාව පිළිපදින්නටය. කවරෙකු එතුමාණන්ව පිළි නොපැද විශ්වාස නොකරන්නේ ද ඔහු මූසා (මෝසස්) හා ඊසා (ජේසු) මෙන්ම සෙසු නබිවරුන් ප්රතික්ෂේප කළ අයකු වේ. මූසා (මොසස්), ඊසා (යේසුස්) හා සෙසු වක්තෘවරු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාව අනුගමනය නොකරන සියලු මිනිසුන්ගෙන් නිදහස් වූවෝ වෙති. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔවුනට නියම කළේ එතුමා ගැන ශුභාරංචි දන්වන මෙන් හා අල්ලාහ් එතුමාව එවූ විට එතුමාණන්ව අනුගමනය කරන මෙන් ඔවුන්ගේ සමූහයන්ට ඇරයුම් කිරීමටය. එමෙන්ම කවර පිළිවෙතක් සමග එතුමාණන්ව එවනු ලැබුවේ ද, එම පිළිවෙත සෙසු දූතවරුන් කවර කරුණක් සඳහා එවනු ලැබුවේ ද එයම වූ බැවිණි. දූතවරුන්ගෙන් අවසානයා වූ දේව දූතයාණන්ගේ සමයේ අල්ලාහ් එය සම්පූර්ණ කළේය. පහසු කළේය. මුහම්මද්ගේ පැමිණීමෙන් පසුව අල්ලාහ් තෝරා දුන් ඉස්ලාම් දහම හැර වෙනත් දහමක් පිළිපැදීම සුදුසු නොවීය. ඊට හේතුව අල්ලාහ් විසින් සියලු දහම් සංශෝධනය කරනු ලැබූ පූර්ණ දහමක් ලෙස මෙය පවතින බැවින් හා ආරක්ෂා කරන ලද සත්ය ය දහමක් ලෙස වැජඹෙන බැවිණි.

යුදෙව් හා කිතුනු වාදය අල්ලාහ් පහළ කළ අයුරින්ම නොපැවතුණු, විකෘති කරන ලද දහමක් විය. මුහම්මද්ව අනුගමනය කරන සෑම මුස්ලිම්වරයකුම මූසා ඊසා හා සෙසු සියලු නබිවරුන් අනුගමනය කළ අයකු සේ සැලකේ. ඉස්ලාමයෙන් බැහැර වන සියලු දනන් තමන් මූසාගේ හෝ ඊසාගේ අනුගාමිකයින් බව වාද කළ ද ඔහු මූසා ඊසා හා සෙසු නබිවරුන් ප්රාතික්ෂේප කළ අයකු සේ සැලකේ.

බුද්ධිමත් මෙන්ම සාධාරණනීය යුදෙව් ආගමික නායකයින් හා කිතුනු පූජකයින් පිරිසක් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව විශ්වාස කිරීමටත් ඔවුන් ඉස්ලාමය තුළට පිවිසීමටත් යුහුසුළු වී ඇත්තේ එබැවිණි.

***

දේව දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘මුඃජිසාත් ’([9]) හෙවත් ප්රාතතිහාර්යයන්:

දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ චරිතාපදානයේ එතුමාගේ දූත පණිවිඩය තහවුරු කරන එතුමාගේ ප්රාතිහාර්යයන් විශාරදයින් විසින් ගණන් කර ඇති අතර ඒ අනුව ප්රාතිහාර්යයන් දහසකට වඩා අධික සංඛ්යාවක් තිබේ.

1- එතුමාණන්ගේ උරහිස් දෙක අතර අල්ලාහ් මතු කළ දූතත්වයේ මුද්රාව එය ‘මුහම්මද් රසූලුල්ලාහ්’ යනුවෙන් ‘අස්-සආලීල්’([10]) හෙවත් ඉන්නන් ස්වරූපයකින් විය.

2- එතුමාණන් උණුසුම් ගිම්හාන අව්වේ ඇවිද යන විට එතුමාණන් වෙනුවෙන් වලාකුළු සෙවන සැලසීම.

3- එතුමාණන්ගේ අතැති ගල්කැට ප්රශංසා කිරීම හා එතුමාණන් වෙත ගස් නැවී පහත් වීම.

4- අවසන් කාලයේ සිදුවන අදෘශ්යරමාන දෑ පිළිබඳ එතුමාණන් දැනුම් දීම. එතුමාණන් දැනුම් දී ඇති දෑ එකිනෙක අදත් සිදුවමින් පවතී.

මෙම කරුණු අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අභාවයට පත්වූ පසු ව මෙලොව අවසානය දක්වා සිදුවෙමින් පවතින අදෘශ්යනමාන කරුණු වෙති. අල්ලාහ් ඒවා ඒතුමාණන්ට පෙන්වා දුන්නේය. දන්වා සිටියේය. මේවා ඉබ්නු කසීර් ගේ ‘අන්-නිහායා’ නම් කෘතියෙහි ද වෙනත් හදීස් ග්රන්ථවල ‘අල් අහ්බාර් අල් මෂාඅත් ෆී අෂ්රාති අස්සා අ’ හා ‘අබ්වාබ් අල් ෆිත්න් වල්මලාහිම්’ යන පාඩම්වල ද ඇතුළත්ව ඇත. මෙම ප්රාතිහාර්යයන් එතුමාණන්ට පෙර වූ වක්තෘවරුන්ගේ ප්රාතිහාර්යයන්ට සමානය.

එනමුත් මෙලොව අවසානය දක්වා, කාලය පුරාවටම ඉතිරිව පවතින, සෙසු නබිවරුන්ට අල්ලාහ් ප්රදානය නොකළ බුද්ධිමය ප්රාතිහාර්යයකින් අල්ලාහ් එතුමා විශේෂිත කළේය. එය අල්ලාහ් ආරක්ෂා කරන බවට භාරගෙන ඇති ඔහුගේ ප්රකාශය වන මහඟු අල් කුර්ආනයයි. එබැවින් විකෘති කරන අත්වලට එයට යමක් එකතු කිරීමට නොහැකිය. එහි එක් අකුරක් හෝ වෙනස් කිරීමට කිසිවකු උත්සාහ කළේ නම් එය හෙළිවනු ඇත. මුස්ලිම්වරුන්ගේ අත්වල මිලියන ගණන් අල් කුර්ආන් පිටපත් තිබේ. එකක් අනෙකට හෝ එක් අක්ෂරයකින් හෝ වෙනස් වී නැත.

තව්රාත් නොහොත් තෝරාවේ හා ඉන්ජීල් නොහොත් බයිබලයේ එකිනෙකට වෙනස් වූ පිටපත් ගණනාවක් ඇත. ඊට හේතුව යුදෙව් හා කිතුනුවන්ට ඒ දෙක ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් පවරා තිබුණ ද ඔවුන් ඒ දෙක හසුරුවා වෙනස් කළෝය. නමුත් අල් කුර්ආනය වනාහි එය ආරක්ෂා කිරීමේ වගකීම ඔහු කෙරෙහිම මිස වෙනත් කිසිවකුට භාර කළේ නැත. එය ආරක්ෂා කිරීමේ වගකීම උත්තරීතර අල්ලාහ්ම භාරගත්තේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රශකාශ කරයි: “නියත වශයෙන්ම මෙම උපදෙස පහළ කළේ අප ය. තවද නියත වශයෙන් අපි එහි ආරක්ෂකයෝ වෙමු.” (අල් හිජ්ර්: 9)

සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් බවත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවත් අල්ලාහ්ගේ වදනින්ම පෙන්වා දෙන බුද්ධිමය සාක්ෂි හා සාධක.

සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් බවත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවත් පෙන්වා දෙන බුද්ධිමය තාර්කික සාක්ෂි හා සාධක අතරින් එකක් වනුයේ: පෙර සමූහයන් අතර සිටි නබිවරුන් බොරුකළවුන් මෙන් ‘සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ ප්ර කාශයක් නොවන’ බවට පවසා කුරෙයිෂ් ප්රතික්ෂේපකයින් විසින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බොරු කළ අවස්ථාවේ අල්ලාහ් ඔවුනට අභියෝග කළේය. එවැන්නක් ගෙන එන මෙන් අල්ලාහ් ඔවුනට අභියෝග කළේය. සැබැවින්ම එය ඔවුන්ගේ භාෂාවෙන් තිබුණ ද තම ජනයා අතර ඔවුන් වඩාත් දක්ෂ කථිකයන් ද ශ්රේෂ්ඨ වාග්යලංකාරයන් සහ කවි පඬිවරුන් සිටිය ද ඔවුන්ට එය කළ නොහැකි විය. පසුව ඒ හා සමාන ගොතන ලද පරිච්ඡේද දහයක් ගෙන එන මෙන් අභියෝග කළේය. එයටත් ඔවුහු අසමත් වූහ. පසුව එක් පරිච්ඡේදයක් හෝ ගෙන එන මෙන් අභියෝග කළේය. එයටත් ඔවුහු අසමත් වූහ. පසුව ඔවුන්ගේ නොහැකියාවත්, එවැන්නක් ගෙන එන්නට සියලු මිනිසුන් මෙන්ම ජින්වරුන් එකිනෙකාට උදව්කරුවන් ලෙස සිටියත් එවැන්නක් ගෙන එන්නට නොහැකි බව ඔහු දන්වා සිටියේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “මෙම කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද, ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත.” (අල් ඉස්රා: 88)

අල් කුර්ආනය මුහම්මද්ගේ හෝ වෙනත් මිනිසුන්ගේ ප්ර්කාශයක් වී නම් එයට සුදුසුකම් ඇත්තන් ඒ හැර වෙනත් දෙයක් ගෙන එන්නට සමත් වනු ඇත.

එහි භාෂාවේ ප්රවීණයන් එවැන්නක් ගෙන එන්නට සමත් වෙති. එහෙත් එය උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශයයි. මිනිස් වර්ගයාට වඩා අල්ලාහ් ශ්රේෂ්ඨ වන්නා සේ මිනිස් වදනට වඩා අල්ලාහ්ගේ වදන ශ්රේ්ෂ්ඨය.

අල්ලාහ්ට කිසිදු සමානයක් නොමැති සේ ඔහුගේ වදනටත් කිසිදු සමානයක් නැත. මෙය අවධාරණය කරමින් සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන බවත්, සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් පහැදිලි වන්නේය. ඊට හේතුව අල්ලාහ්ගේ වදනක් ඔහු අබියසින් දූතයකු මිස වෙනත් කිසිවෙක් ගෙන එන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය.” (අල් අහ්සාබ් :40) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “තවද (නබිවරය!) සමස්ත ජනයාටම ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි ඔබ නොඑව්වෙමු. එනමුත් බහුතරයක් ජනයා ඒ ගැන වටහා නොගනු ඇත.” (සබඃ:28) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “අපි ඹබ ලෝවැසියනට දයාවක් ලෙස මිස නොඑව්වෙමු.” (අල් අන්බියා: 107)

මෙම පාඨවල සමස්ත අදහස:

1- සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සියලු මිනිසුන් වෙත වූ ඔහුගේ දූතයාණන් වන බවත්, ඇත්තෙන්ම එතුමා ඔහුගේ නබිවරුන්ගේ අවසානයා බවත්, එතුමාගෙන් පසු වෙනත් නබිවරයකු නොමැති බවත් පළමු පාඨයේ අල්ලාහ් දන්වා සිටියි. තවදුරටත් ඔහුගේ දූතමෙහෙවර දරන්නට එතුමාණන්ව තෝරා ගත් බවත්, එතුමාණන් ඔහුගේ දූතවරුන්ගේ මුද්රාදව ලෙස පත් වූ බවත් දන්වා සිටියි. ඒ සඳහා වඩා සුදුසුම මිනිසා එතුමාණන් බව ඔහු දන්නා බැවිණි.

2- සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සුදු, කළු, අරාබි හා අරාබි නොවන සියලු මිනිසුන් හට ඔහුගේ දූතයකු ලෙස ඔහු එවූ බව දෙවන පාඨයේ අල්ලාහ් දැනුම් දෙයි. එනමුත් බහුතරයක් මිනිසුන් එම සත්යය වටහා නොගන්නා බවත් ඒ හේතුවෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ව ඔවුන් අනුගමනය නොකිරීමෙන් ඔවුන් නොමග ගොස් ප්ර්තික්ෂේප කරන බවත් දන්වා සිටියි.

3- තුන්වැනි පාඨයේ අල්ලාහ් තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට කතා කොට සැබැවින්ම ඔහු මුළු විශ්වයටම ආශිර්වාදයක් ලෙස එවා ඇති බව දන්වා සිටියි. එතුමා අල්ලාහ්ගේ ආශිර්වාදයකි. එමගින් එතුමා මිනිසුන් සමග දයාවෙන් කටයුතු කළේය. එහෙයින් කවරෙකු එතුමාව විශ්වාස කොට අනුගමනය කළේ ද අල්ලාහ්ගේ කරුණාව ඔහු පිළිගෙන ඇත්තේය. ඔහුට ස්වර්ගය හිමිය. කවරෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන විශ්වාස නොකර එතුමාණන්ව අනුගමනය නොකළේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කළේය. නිරා ගින්න හා වේදනීය දඬුවම ඔහු උරුම කර ගත්තේය.

අල්ලාහ් හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කිරීමට කෙරෙන ආරාධනාව.

අහෝ ණැනවතුනි! එනිසා ඔබ අල්ලාහ් පරමාධිපති ලෙසත්, ඔහුගේ දූත මුහම්මද් දූතයාණන් ලෙසත් විශ්වාස කිරීමට අපි ඔබ ඇරයුම් කරමු. එමෙන්ම එතුමාණන්ව අනුගමනය කිරීමටත් අල්ලාහ් කවර පිළිවෙතක් සමග එතුමාණන්ව එව්වේ ද ඒ පිළිවෙත අනුව කටයුතු කිරීමටත් අපි ඔබ ඇරයුම් කරමු. එයයි ඉස්ලාම් දහම. එහි මූලාශ්රය අල්ලාහ්ගේ වදන් වන මහඟු අල් කුර්ආනය හා අවසන් දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන තහවුරු කරන ලද එතුමාණන්ගේ හදීස්ය. සැබැවින්ම අල්ලාහ් එතුමාණන්ව ආරක්ෂා කළේය. එහෙයින් එතුමා අල්ලාහ්ගේ නියෝග හැර අන් කිසිවක් විධානය නොකරයි. අල්ලාහ් කවර කරුණක් තහනම් කළේ ද ඒ හැර අන් කිසිවක් තහනම් නොකරයි. එහෙයින් ‘මාගේ පරමාධිපති හා මාගේ දෙවියන් අල්ලාහ් පමණක් බව මම විශ්වාස කළෙමි’ යැයි ඔබ අවංක හදවතින් පවසන්න. සැබැවින්ම මුහම්මද් තුමා අල්ලාහ්ගේ දූතයාණන් බව මම විශ්වාස කළමි යැයි පවසා ඔහු ව අනුගමනය කරන්න. ඔබට එයින් හැර වෙනත් ජයග්රහණයක් නැත.

අල්ලාහ් මටත් ඔබටත් සාර්ථකත්වය හා සතුට සඳහා ආශිර්වාද කරත්වා!... අප පිළිගනු මැනව!

***

 තුන්වන කොටස - සත්යස දහම ඉස්ලාමය ගැන අවබෝධය

අහෝ ණැනවතුනි! සැබැවින්ම, ඔබ මැවූ, ඔබට පෝෂණ සම්පත් පිරිනැමූ ඔබේ පරමාධිපති උත්තරීතර අල්ලාහ් බවත්, කිසිදු හවුල්කරුවකු නැති සත්යය එකම දෙවිඳුන් ඔහු බවත්, ඔහුට පමණක් නැමදුම් කිරීම අනිවාර්යය වන බවත් ඔබ වටහාගත් පසු, එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබ වෙත මෙන්ම සියලු මිනිසුන් වෙත එවනු ලැබු අල්ලාහ්ගේ දූතයාණන් බවත් වටහා ගත් පසු, සැබැවින්ම උත්තරීතර අල්ලාහ් හා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව එසේ විශ්වාස කිරීම ඉස්ලාම් දහම වටහා ගෙන ඒ ගැන විශ්වාසය තබා ඒ අනුව ක්රියා කිරීමෙන් මිස නිවැරදි වන්නේ නැත. ඊට හේතුව උත්තරීතර අල්ලාහ් පිළිගත් දහම එයයි. එමෙන්ම තම දූතවරුන්හට නියෝග කළ දහමත් ඔවුන් අතරින් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් සියලු මිනිසුන් හට එවනු ලැබූ පිළිවෙතත් ඔවුනට ඒ අනුව ක්රියා කිරීමට අනිවාර්යය කරනු ලැබුවේත් එම පිළිවෙතම වේ.

***

ඉස්ලාම් පිළිබඳ හැඳින්වීම

සියලු මිනිසුන් හට අල්ලාහ්ගේ දූතයාණන් මෙන්ම අවසන් දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්රකාශ කළහ. (ඉස්ලාමය යනු) “නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි දැරීමත්, සලාතය විධිමත්ව ඔබ ඉටු කිරීමත්, ඔබ සකාතය පිරිනැමීමත්, රමළාන් මාසයේ ඔබ උපවාසයේ නිරත වීමත්, හජ් සඳහා යෑමට මාර්ග පහසුකම් ඇත්තේ නම් දේව ගෘහය වෙත හජ් වන්දනාවේ යාමත් වේ.”([11])

ඉස්ලාමය යනු සියලු මිනිසුන් හට අල්ලාහ් නියෝග කළ විශ්වීය දහමයි. අල්ලාහ්ගේ දූතවරු එය විශ්වාස කළහ. අල්ලාහ් වෙනුවෙන් ඔවුන්ගේ ඉස්ලාමය ඔවුහු ප්රකාශනය කළහ. සැබැවින්ම එය සත්යය දහම බවත් එය හැර වෙනත් දහමක් කිසිවකුගෙන් ඔහු පිළිගන්නේ නැති බවත් අල්ලාහ් දන්වා සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “නියත වශයෙන්ම අල්ලාහ් අබියස දහම වනුයේ ඉස්ලාමයයි” (ආලු ඉම්රාන්: 19) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි.” (ආලු ඉම්රාන්: 85)

මෙම පාඨ දෙකෙහි සමස්ත අදහස:

1- තමන් අබියස පවතින එකම දහම ඉස්ලාමය පමණක් බව අල්ලාහ් දන්වා සිටියි.

2- දෙවන පාඨයේ ඉස්ලාම් නොවන වෙනත් දහමක් කිසිවකුගෙන් තමන් පිළිනොගන්නා බවත්, මිය ගිය පසුව භාග්යවන්තයෝ මුස්ලිම්වරු පමණක් බවත්, ඉස්ලාම් නොවන වෙනත් දහමක් මත මිය යන්නවුන් මතුලොව නිවහනෙහි පරාජයට පත්වන්නෝ බවත්, ඔවුන් නිරා ගින්නේ දඬුවම් ලබන බවත් උත්තරීතරයාණන් දන්වා සිටියි.

සියලුම නබිවරුන් අල්ලාහ් සතු ඔවුන්ගේ දහම ප්රකාශයට පත් කළේ එබැවිනි. ඉස්ලාම් නොවන්නන්ගෙන් ඔවුන් ඉවත් වන්නන් බවත් ඔවුහු ප්රකාශයට පත් කළෝය. එනිසාවෙන් යුදෙව්වන් හා කිතුනුවන් අතරින් කවරෙකු ජය හා සතුට පතන්නේ ද, ඔවුහු ඉස්ලාමය තුළට පිවිසෙත්වා. තමන් මූසා සහ ඊසා සැබෑ ලෙස අනුගමනය කරන තෙක්ම ඉස්ලාමයේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපදිත්වා. සැබැවින්ම මූසා, ඊසා, මුහම්මද් මෙන්ම අල්ලාහ්ගේ සියලු දූතවරු මුස්ලිම්වරු වෙති. ඔවුහු සියලු දෙනා ඉස්ලාමය වෙත කැඳවූහ. එය ඔවුන් කවර දහමක් සමග එවනු ලැබුවේ ද එය අල්ලාහ්ගේ දහම වූ බැවිණි. අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීමෙන් පසු මෙලොව අවසානය දක්වා හමුවන කිසිවකුට එය වලංගු වන්නේ නැත. තමන් අල්ලාහ් සතු මුස්ලිම්වරයකු යැයි පැවසීම වලංගු වන්නේ හෝ මෙම තර්කය ඔහුගෙන් පිළිගනු ලබන්නේ ඔහු මුහම්මද් යනු, අල්ලාහ් අබියසින් වූ දූතයකු බව විශ්වාස කොට එතුමාව අනුගමනය කොට අල්ලාහ් එතුමාට පහළ කළ අල් කුර්ආනය අනුව කටයුතු කළේ නම් පමණි. උත්තරීතර අල්ලාහ් මහඟු අල් කුර්ආනයේ මෙසේ පවසයි: (නබිවරය! ඔබ මෙසේ) පවසනු. ඔබ අල්ලාහ් ප්රිය කරන්නන් ලෙස සිටියෙහුනම් ඔබ මා අනුගමනය කරනු. අල්ලාහ් ඔබට ප්රිය කරාවි, ඔබේ පාපයන් සඳහා ඔහු ඔබට සමාව දෙනු ඇත. අල්ලාහ් මහාකාරුණික අති ක්ෂමාශීලීය.” (ආලු ඉම්රාන්: 31)

පාඨය සඳහා වූ සමස්ත අදහස:

අල්ලාහ්ට තමන් ප්රිය කරන බව කවරෙකු වාද කරන්නේ ද ඔහුට මෙසේ පවසන මෙන් අල්ලාහ් තම දූතයාණන්ට නියෝග කර සිටියි. “ඔබ සැබෑ ලෙස අල්ලාහ්ව ප්රිය කරන්නෙහු නම්, ඔබ මා අනුගමනය කරන්න. අල්ලාහ් ඔබව ප්රිය කරනු ඇත. ඔබ ඔහුගේ දූත මුහම්මද් ව විශ්වාස කොට ඔහුව අනුගමනය කරන තුරු ඔබව අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔබේ පාපකම්වලට ඔහු ඔබට සමාව දෙන්නේ නැත.”

අල්ලාහ් තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කළ මෙම ඉස්ලාම් දහම, එයයි පරිපූරණ, විස්තීරණ, කාරුණික ඉස්ලාමය වනුයේ. අල්ලාහ් එය පූර්ණවත් කොට පිළිගත්තේය. ඒ හැර වෙනත් කිසිදු දහමක් තම ගැත්තන්ගෙන් ඔහු පිළිගත්තේ නැත. දූතවරු ශුභාරංචි දන්වා විශ්වාස කළේ ද මෙයයි. උත්තරීතර අල්ලාහ් මහඟු අල් කුර්ආනයේ මෙසේ පවසයි. “අද දින ඔබට ඔබේ දහම මම පුර්ණවත් කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබට පරිපූර්ණ කළෙමි. ඔබට දහමක් ලෙස මම ඉස්ලාමය තෝරා ගතිමි.” (අල් මාඉදා: 3)

මෙම පාඨය සඳහා වූ සමස්ත අදහස:

අවසන් හජ් වන්දනාවේ අවසාන දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මුස්ලිම්වරුන් සමග මක්කාවේ අරෆා පිටියේ සිටගෙන අල්ලාහ් සමග සම්බන්ධතා පවත්වා ඔහුගෙන් යාච්ඥා කරමින් සිටිය දී මෙම මහඟු පාඨය පහළ විය. එය දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ජීවිතයේ අවසන් කාලයේ අල්ලාහ් එතුමාණන්ට ජය ලබා දී, ඉස්ලාමය පැතිර ගොස්, අල් කුර්ආනය පහළ වීම ද සම්පූර්ණ වීමෙන් පසුවය.

සැබැවින්ම මුස්ලිම්වරුන්හට තම දහම අල්ලාහ් සම්පූර්ණ කළ බවත්, දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවීමෙන් හා එතුමා වෙත මහඟු අල් කුර්ආනය පහළ කිරීමෙන් ඔහුගේ ආශිර්වාද ඔහු ඔවුනට සම්පූර්ණ කළ බවත් දන්වා සිටියි. තවදුරටත් සැබැවින්ම ඔවුන් වෙනුවෙන් ඉස්ලාමය දහම ලෙස ඔහු පිළිගත් බවත් එය කිසිවිටෙක ඔහුව කුපිත නොකරන බවත් ඒ හැර වෙනත් කිසිදු දහමක් කිසි විටෙක පිළි නොගන්නා බවත් දන්වා සිටියි.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර දහමක් සමග සමස්ත මිනිස් සංහතිය වෙත එවනු ලැබුවේ ද, එය සෑම කාලයටම ස්ථානයකටම හා සමූහයකටම යහපත් වන පරිදි පූර්ණ, විස්තීරණ දහමකි. එය ඥානය, පහසුව, සාධාරණත්ව හා යහපත සමග බැඳුණු දහමකි. ජීවිතයේ විවිධ ක්ෂේත්රයන් සඳහා ශක්තිමත්, පූර්ණ, පැහැදිලි විෂය මාලාවකි. එය ආගමක් මෙන්ම රාජ්යයකි. තීන්දු තීරණ වලට, දේශපාලනයට, සමාජ විද්යාවට හා ආර්ථිකයට මෙන්ම මිනිසාට තම මෙලොව ජීවිතයේ අවශ්ය සියල්ලටම අදාල විෂය මාළාවක් වේ. ඔවුන් මිය ගිය පසුව මතුලොව ජීවිතයේ ඔවුන්ගේ සතුට ද පිහිටා ඇත්තේ එහිය.

***

ඉස්ලාමයේ මූලිකාංග:

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල්ලාහ් පිරිනැමූ පරිපූර්ණ ඉස්ලාමය, මූලිකාංග පහක් මත ගොඩනැගී ඇත. මිනිසෙකු ඒවා විශ්වාස කොට ඒවා ඉටු කරන තෙක් සැබෑ මුස්ලිම්වරයකු බවට පත් වන්නේ නැත. ඒවානම්:

1- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත්, සැබැවින්ම මුහම්මද් (සල්) තුමා අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.

2- සලාතය ඉටු කිරීම.

3- සකාත් පිරිනැමීම.

4- රමළාන් මාසයේ උපවාසය රැකීම.

5- අල්ලාහ්ගේ ශුද්ධ වූ නිවහන වෙත යෑමට, ගමන් පහසුකම් හා හැකියාව ඇත්නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම.([12])

පළමු මූලිකාංගය:

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.

මෙම සාක්ෂි දැරීම වනාහි, එයට අර්ථයක් ඇත. එය වටහා ගැනීමත් ඒ අනුව ක්රියා කිරීමත් මුස්ලිම්වරයාට අනිවාර්යය වේ. යම් කෙනෙක් එහි අර්ථය නොදැන ඒ අනුව කටයුතු නොකර ඔහුගේ මුවින් පමණක් එය උච්චාරණය කරන්නේ නම් සැබැවින්ම එය ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත.

‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’- අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යන පදයේ අර්ථය: නැමදුම් ලබන්නට මහපොළොවේ හෝ අහසේ හෝ අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවෙකු නැත. සැබෑ දෙවියා ඔහුය. ඔහු හැර සෙසු සියලු දෙවිවරුන් ව්යාජය. ‘ඉලාහ්’-දෙවියා යන පදයේ අර්ථය: නැමදුම් ලබන්නා වේ.

අල්ලාහ් නොවන දෑට නැමදුම් කරන්නා අල්ලාහ්ව ප්රගතික්ෂේප කළ අයකු මෙන්ම ඔහුට සමානයන් තැබූ අයෙකි. නැමදුම් ලබන්නා නබිවරයකු හෝ ශාන්තවරයකු හෝ වේවා, අල්ලාහ් වෙත සමීප වීම හා ඔහු වෙත සම්බන්ධවීම පදනම් කර ගනිමින් හෝ වේවා (එසේ සිදු කළ නොහැක) සැබැවින්ම දූතයාණන් ආදේශ තබන්නන් සමග අරගල කළේය. ඔවුහු නබිවරුන් හා ශාන්තවරුන් නැමද සිටියේ මෙවන් අරමුණු පදනම් කර ගනිමිනි. නමුත් එය ව්යාජ මෙන්ම ප්රතික්ෂේප කරනු ලැබූ ක්රියාවකි. සැබැවින්ම අල්ලාහ් වෙත සමීප වීමත් ඔහු වෙත සම්බන්ධවීමත්, ඔහු හැර වෙනත් අයට නැමදුම් පිදීමෙන් සිදුවන්නක් නොවේ. සැබැවින්ම එය පිහිටනුයේ ඔහුගේ නාමයන්, ඔහුගේ ගුණාංගයන් හා ඔහු අණ කළ සලාතය, පුණ්යාධාර, දික්ර් හෙවත් මෙනෙහි කිරීම, උපවාසය, අරගලය, හජ් වන්දනාව, දෙමාපියන්ට උවටැන් කිරීම වැනි දැහැමි ක්රියාවන් තුළිනි. නමුත් ජීවමානව තමන් ඉදිරියේ සිටින සහෝදරයකුට ප්රාර්ථනා කර සිටින විට එය එම සහෝදරයාට හිමි වන්නේය.

නැමදුම් වර්ග බොහෝමයකි. ඒවායින්:

1- ‘දුආ’ හෙවත් ප්රාර්ථනාව.

එනම්, වර්ෂාව පහළ කිරීම, රෝගියාට සුවය, මැවීම් විසින් මුදවාලිය නොහැකි ව්යසනයන්ගෙන් මිදීම, ස්වර්ගය පැතීම නිරා ගින්නෙන් ආරක්ෂාව, දරුවන්, පෝෂණ සම්පත් හා සතුට වැනි දෑ පැතීම වැනි උත්තරීතර අල්ලාහ් විසින් හැර වෙනත් කිසිවකු විසින් ඒ සඳහා බලය නොදරන අවශ්යතාවන් පැතීමයි.

මේ සියල්ල අල්ලාහ් වෙතින් මිස (අන් කිසිවෙකුගෙන්) පැතිය නොයුතුය. එහෙයින් කවරෙකු මැවීම් අතර ජීවමානව සිටින හෝ අජීවීව පවතින වස්තුවකින් ඒවා පතන්නේ ද එවිට සැබැවින්ම ඔහු එයට වහල් වී නැමදුම් කර ඇත්තේය. උත්තරීතර අල්ලාහ් තමාගෙන් පමණක් පතන මෙන් තම ගැත්තන්හට නියෝග කරමින් හා සැබැවින්ම ප්රාර්ථනාව යනු නැමදුමක්, ගැතිකමක් යනුවෙන් දන්වමින්, කවරෙකු ඔහුගෙන් හැර වෙනත් අයකු වෙත හැරුණේ ද ඔහු නිරාවාසීන් අතරින් කෙනෙකු වන බව පවසා සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “ඔබ මගෙන් පතන්න. මම ඔබට පිළිතුරු දෙමි. සැබැවින්ම මට ගැතිකම් කිරීමට උඩඟු වන්නන් වනාහි, ඔවුන් අපකීර්තියට පත්වූවන් ලෙස නිරයට පිවිසෙනු ඇතැ’යි ඔබේ පරමාධිපති පැවසුවේය.” (ගාෆිර්:60) ඔහු හැර ඇරයුම් කරනු ලබන වෙනත් අය වනාහි, ඔවුන් නබිවරුන් හෝ වේවා ශාන්තුවරුන් හෝ වේවා, කිසිවෙකු වෙනුවෙන් සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට ඔවුන් හැකියාව නොදරනු ඇත. “ඔහු හැර නුඹලා විශ්වාස කළවුන් නුඹලා කැඳවන්න. හානිය ඉවත් කිරීමට හෝ නුඹලාගෙන් හැරවීමට හෝ ඔවුනට හැකියාවක් නැත.” (අල් ඉස්රා: 56 වැනි පාඨය හා ඉන්පසු ඇති පාඨ) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “සැබැවින්ම දේවස්ථාන අල්ලාහ් (ට නැමදුම් කිරීම) සඳහාය. එබැවින් අල්ලාහ් සමඟ වෙනත් කිසිවකු ඔබ නොඅයදිනු.” (අල් ජින්: 18)

2- සත්ව කැපය, භාරහාර සහ පූජා කිරීම.

කෙනෙක් සතුන් කැපකොට ලේ හැලීමෙන් හෝ පූජාවක් පිළිගැන්වීමෙන් හෝ භාර ඉටු කිරීමෙන් අල්ලාහ් ට සමීපවීම නිවැරදි නොවේ. කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හැර සොහොනක් හෝ ජින්නුවකු වැනි වෙනත් දෙයක් වෙනුවෙන් සත්ව කැපයක් කරන්නේ ද ඔහු අල්ලාහ් නොවන දෙයකට නැමදුම් කර ඇත. ඔහුට අල්ලාහ්ගේ ශාපය නියම විය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “සැබැවින්ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි.” (අල් අන්ආම්: 162,163)

දේව දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. “කවරෙකු අල්ලාහ් නොවන දැයක් වෙනුවෙන් සත්වයකු කැප කළේ ද අල්ලාහ් ඔහුට ශාප කර ඇත්තේය.”([13])

‘මට මෙය ලැබුණේ නම් මෙසේ මා දානයක් දෙන්නටත් මෙසේ මා ක්රියා කරන්නටත් පුද්ගලයකු වෙනුවෙන් මා භාර වෙමි.” යැයි මිනිසෙක් පැවසුවේ නම් එම භාරය අල්ලාහ්ට ආදේශ තැබූවක් වන්නේය. සැබැවින්ම ඔහු භාර වී ඇත්තේ මවන ලද දැයකටය. භාරය යනු නැමදුමකි. එය අල්ලාහ් වෙනුවෙන් මිස සිදු නොවිය යුතුය. භාරවීම ආගමානු ගත කරනු ලැබ ඇත. එනම්: මෙය මට ලැබුනේ නම්, මෙසේ මා දානයක් දීමටත්, අල්ලාහ්ට අවනත වන දැහැමි ක්රියාවක් කිරීමටත් අල්ලාහ් වෙනුවෙන් මා භාරවෙමි” යැයි පැවසීමයි.

3- පිහිට පැතීම, උදව් පැතීම හා ආරක්ෂාව පැතීම.

උපකාර පැතීම හෝ පිහිට පැතීම හෝ ආරක්ෂාව පැතීම හෝ අල්ලාහ්ගෙන් මිස නොවිය යුත්තකි. උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසා සිටියි: “අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු.” (අල්-ෆාතිහා: 5) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. (නබිවරය,) අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි යැයි පවසනු.” ([14]) “ඔහු මැවූ දෑහි හානියෙන්...” ([15]) (අල් ෆලක්: 1,2) දේව දූතයාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා!) මෙසේ පැවසූහ. “සැබැවින්ම උපකාර පැතීම මගෙන් නොවේ, උපකාර පැතිය යුත්තේ අල්ලාහ්ගෙනි.”  තවත් විටෙක නබි තුමාණෝ මෙසේද පැවැසූහ. “ඔබ ඉල්ලන්නේ නම් අල්ලාහ්ගෙන් ඉල්ලනු. ඔබ උදව් පතන්නේ නම් අල්ලාහ්ගෙන්ම උදව් පතනු.”

ජීවමානව ඉදිරියේ සිටින මිනිසකු වනාහි, ඔහුගෙන් පිහිට පැතීම හෝ තමන් විසින් පමණක් සිදු කිරීමට නොහැකි කරුණක දී උදව් පතනු ලැබීම නිවැරදිය. නමුත් ආරක්ෂාව පැතීම වනාහි, අල්ලාහ්ගෙන් පමණක් මිස ආරක්ෂාව පතනු නොලැබිය යුතුය. මිය ගිය තැනත්තාගෙන් හෝ අදෘශ්යමාන තැනැත්තාගෙන් උදව් පතනු ලැබීම හෝ පිහිට පතනු ලැබීම කිසිසේත් සිදු නොවිය යුත්තකි. ඊට හේතුව ඔහු නබිවරයකු හෝ ශාන්තුවරයකු හෝ සුර දූතයකු වුව ද ඔහුට කිසිවක් අයිති නොමැති බැවිණි.

ගුප්ත දෑ පිළිබඳ තොරතුරු උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. සැබැවින්ම තමන් ගුප්ත දෑ පිළිබඳ දන්නා බව කවරෙකු හෝ වාද කරන්නේද, ඔහු බොරු කාරයෙක් බවට පත් කළ යුතු දේව ප්ර්තික්ෂේපකයෙකි. යමකින් නිමිති බලනු ලැබුවේ නම් එය ද එයට අනුගත වන කරුණු අතරින් එකක් වේ. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ: “කවරෙකු පේන කියන,නිමිති කියන සාස්තර කාරයකු වෙත ගොස් ඔහු පවසන දෑ සම්බන්ධයෙන් ඔහු ව තහවුරු කර සිටින්නේ ද සැබැවින්ම ඔහු මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ ප්රතික්ෂේප කළේය.”([16])

‘අත්-තවක්කුල්’ හෙවත් පැවරීම ‘අර්-රජා’ හෙවත් යහපත් අපේක්ෂාව([17]) ‘අල්-කුෂූඃ” හෙවත් යටහත් භාවය: මිනිසා අල්ලාහ් මත මිස වෙනත් කිසිවක් මත කිසිවක් නොපැවරිය යුතුයි. අල්ලාහ්න් මිස යහපතක් බලාපොරොත්තු නොවිය යුතුයි. අල්ලාහ්ට පමණක් මිස යටත්/බිය නොවිය යුතුයි.

කණගාටුවට කරුණ වනුයේ ඉස්ලාමයට අනුබද්ධ බහුතරයක් දෙනා අල්ලාහ්ට ආදේශ කිරීමය. ඔහු හැර ගෞරවයෙන් ජීවත් වන්නන් හා සොහොන් තුළ සිටින්නන් වෙතින් ඔවුන් අයැද සිටිති. ඔවුන්ගේ සොහොන් වටා ඔවුහු වන්දනා යති. තම අවශ්යතාවන් (අල්ලාහ් නොවන) ඔවුන්ගෙන් ඉල්ලති. අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් සිදු කරන මෙම නැමදුම් මුස්ලිම්වරයකු සිදු නොකරයි. එවැන්නන් ඉස්ලාමය ගැන තර්ක කොට අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් පවසා, සලාතය ඉටු කර, උපවාසයේ නිරත වී, දේව නිවසට ගොස් හජ් වන්දනාව ඉටු කළද ඔහු මුස්ලිම්වරුන් නොවනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. (නබිවරය!) ඔබටත් ඔබට පෙර සිටි දේව දුතවරුන්ටත් වහී මඟින් දන්වනු ලැබුවේ ‘ඔබ ෂිර්ක් (අල්ලාහ්ට ආදේශ තැබීමේ) කටයුතුවල නියැලුණේ නම්, ඔබගේ යහ ක්රියා විනාශ වී ගොස්, ඔබ පරාජිතයන්ගෙන් කෙනෙකු බවට පත් වන බවය.” (අස්-සුමර්:65) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “කවරෙකු අල්ලාහ් කෙරෙහි ආදේශ තබන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කර ඇත. ඔහුගේ නවාතැන අපායය. අපාරාධකරුවන්ට පිහිට වන්නන් කිසිවෙකුත් නොමැත.” (අල් මාඉදා: 72)

උත්තරීතර අල්ලාහ් ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට, මිනිසුනට පවසන මෙන් දන්වා මෙසේ අණ කළේය: “මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්රි්යාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමේ දී තවකෙකුට ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු.” (අල් කහ්ෆ්: 110)

නොමග ගිය නපුරු විද්වතුන් විසින් මෙම අඥානයින් නොමග යවා ඇත. ඔවුන් ඇතැම් අනුකොටස් වටහා ගෙන තිබුණද දහමේ අත්තිවාරම වූ ‘තව්හීද්’ හෙවත් ඒකදේවත්වය පිළිබඳ නොදනිති. ඔවුන්ගේ අඥානකමින් ‘ෂෆාඅත්’ - මැදිහත්වීම, ‘වසීලා’ - මාධ්යයක් වීම යන නාමයෙන් දේව ආදේශය වෙත ජනයා ඇරයුම් කරන්නන් බවට පත්වූවෝය. නොමනා මෙම අර්ත දැක්වීම්වලදී ඔවුහු සාධක වශයෙන් ගෙන ඇත්තේ ඇතැම් මූලාශ්ර අල්ලාහ්ගේ දූතයාණන් මත එදා මෙන්ම අදත් ගොතනු ලැබූ හදීස්, තාර්කික කතා, ෂෙයිතාන් විසින් අමුණන සිහිනයන් හා ඒවාට සමාන ඔවුන්ගේ පොත්වල ඔවුහු එක්රැස් කළ නොමග ගිය කරුණුය. ඔවුන් මුල් කාලයන් හී ආදේශ තබන්නන්ගේ ස්ථාවරය මෙන් ෂෙයිතාන් හා ආශාවන් අනුගමනය කරමින්, තම පියවරුන් හා මුතුන් මිත්තන් අන්ධ ලෙස අනුකරණය කරමින් අල්ලාහ් නොවන දෑට නැමදුම් කිරීම සඳහා ඒවා මගින් තහවුරු කර ගනිති.

‘අල් වසීලා’ - මාධ්යයක් - සොයන ලෙස අල් මාඉදා 35 වන පාඨයේ ‘ඔහු වෙත (සමීපවීමේ) මාර්ගයක් සොයනු’ යන ප්රකාශයේ අල්ලාහ් අපට නියෝග කර ඇත. එනම් අල්ලාහ්ගේ ඒකීයත්වය පදනම් කර ගනිමින් දැහැමි ක්රියාවන් සිදු කිරීම, සලතාය, සදකාව, උපවාසය, හජ් වන්දනාව, ජිහාද් හෙවත් යුක්තිය වෙනුවෙන් අරගල, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම, ලේ ඥාතිත්වය රැකීම වැනි මාධ්යයන්ය. එහෙයින්, ව්යසනකාරී හා දුෂ්කර අවස්ථාවක මියගිය ඇත්තන්ගෙන් ප්රාර්ථනා කිරීම, ඔවුන්ගෙන් උදව් පැතීම, යන දේ අල්ලාහ්ට කරන නැමදුමක් නොව ඔවුනට කරන නැමදුමක් වන්නේය.

මැදිහත් වීම සඳහා අල්ලාහ් අවසරය දී ඇති නබිවරුන්, අව්ලියාවරුන් මෙන්ම මුස්ලිම්වරුන් අතරින් නියම කරනු ලැබූවන්ගේ ෂෆඅත් හෙවත් මැදිහත්වීම සත්යයකි. අපි එය විශ්වාස කරමු. නමුත් එය මියගිය ඇත්තන්ගෙන් පතනු ලබන්නක් නොවේ. ඊට හේතුව සැබැවින්ම එය අල්ලාහ් සතු වගකීමකි. ඔහුගේ අනුමැතියෙන් තොරව කිසිවකුට ඒ සඳහා අවසර ලැබෙන්නේ නැත. අල්ලාහ් පමණක් විශ්වාස කළ තැනැත්තා අල්ලාහ්ගෙන්, ‘දෙවිඳුනි! මා විෂයයෙහි ඔබේ දූතයාණන් ද ඔබේ දැහැමි ගැත්තන් ද මැදිහත් කරවනු මැනව.’ යැයි අයැද සිටිනු ඇත. ඒ හැර ‘අහෝ පුද්ගලය! ඔබ මා වෙනුවෙන් මැදිහත් වන්න’ යැයි පැවසීම සුදුසු නැත. හේතුව ඔහු මිය ගිය තැනැත්තෙකි. ඔහුගෙන් කිසිදා කිසිවක් පතනු නොලැබිය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “සියලු මැදිහත්වීම් අල්ලාහ් සතුය. අහස් හා මහපොළොවේ ආධිපත්යය ඔහු සතුය. පසුව ඔබලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය.” (අස්සුමර්: 44)

ඉස්ලාමයට පටහැනි, තහනම් කරන ලද නව ක්රියාදාමයන් හා සහීහ් හදීස්වල - එනම් බුහාරි හා මුස්ලිම් මෙන්ම සුනන් ග්රන්ථවල- සඳහන් වන පරිදි අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කළ දෑ අතරින් කිහිපයක් වනුයේ, (සොහොන්) කබ්ර් මත පහන් හා මස්ජිද් ඉදි කිරීම, ඒ මත ගොඩනැගිලි ඉදි කිරීම, ඒවාට හුණු ගෑම, ඒ මත ලිවීම, ඒ මත ආවරණ එලීම, සොහොන් බිම්වල සලාත් ඉටු කිරීම යනාදිය වේ. මේ සියල්ල ගෞරවනීය දූතයාණන් තහනම් කර ඇත. හේතුව මේවායින් බහුතරයක් ඒවාට අදාළ පුද්ගලයින් නැමදීමක් වන බැවිණි.

මේ හේතුව නිසා බොහෝ රටවල්වල ඇතැම් සොහොන් අබියස අඥානයින් සිදු කරන දෑ අල්ලාහ්ට කරන ආදේශයක් බව පැහැදිලි කර ඇත. උදාහරණ වශයෙන් මිසරයේ අල් බදවි හා සෙයිනබ් තුමියගේ සොහොන්, ඉරාකයේ ජීලානිගේ සොහොන, ඉරානයේ නජ්ෆ් හා කර්බලා නම් ස්ථානයන්හි නබි තුමාණන්ගේ පවුලේ ඥාතීන්ට අයත් සොහොන්, එමෙන්ම තවත් රටවල් බොහෝමයක එය වටා ගමන් කරන, එතුළ සිටින්නන්ගෙන් අවශ්යතා පතනු ලබන, ඔවුන් තුළිිින් ප්රෝයෝජන මෙන්ම හානිය ද ඇතැයි විශ්වාස කෙරෙන සොහොන් නැමදුම.

සැබැවින්ම ඔවුන් ඉස්ලාමයට උරුමකම් පවසා, සලාත් ඉටු කර, උපවාසයේ නිරත වී, හජ් වන්දනාව ඉටු කර, ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මද් රසූලුල්ලාහ්’ යැයි ප්රකාශ කර තිබුණ ද මෙම ක්රියා දාමයන් හේතුවෙන් ඔවුන් දෙවියන්ට ආදේශ තබන නොමග ගියවුන් බව පැහැදිලි වන්නේය. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මද් රසූලුල්ලාහ්’යැයි පවසන්නෙකු ඉහත විස්තර කළ පරිදි එහි අර්ථය වටහා ගෙන ඒ අනුව ක්රියා කරන තෙක් අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්නෙකු ලෙස නොසැළකේ. එම ප්රකාශය කරමින් අලුතෙන් ඉස්ලාමය තුළට පිවිසෙන්නෙක්, ඔහු තුළ පවතින ආදේශයන්ගෙන් ඉවත් වී ඇතැයි පැහැදිළිවන තෙක් ඔහු මුස්ලිම්වරයකු ලෙස නම් කරනු නොලැබේ. ඔවුන් ද අඥානයින් මෙන්ය. එසේ නැතහෙත් ඉස්ලාමය ඔහුට පැහැදිලි කිරීමෙන් පසුව එහි වගකීම ප්රතික්ෂේප කරන්නාක් මෙන්ය. එසේත් නැතහොත් ඉස්ලාම් දහමට පටහැනි වෙනත් දහමක් මත ඔහුගේ විශ්වාසය පිහිටුවා ඇත්තෙක් මෙන්ය.

නබිවරු හා අවුලියාවරු([18]) වනාහි, ඔවුන් අයදින්නන්ගෙන් හා ඔවුන්ගෙන් උදව් පතන්නන්ගෙන් නිදහස්වූවෝ වෙති. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඔහුගේ දූතවරුන් එව්වේ, ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහාත් ඔහු හැර සෙසු අයට, නබිවරයකු හෝ වේවා ශාන්තුවරයකු හෝ වේවා වෙනත් කෙනෙකු හෝ වේවා ඔවුනට නැමදුම් කිරීම අතහැරීම සඳහා ජනයාට ඇරයුම් කරනු පිණිසය.

දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ආදරය කිරීම. එතුමාණන්ව පිළිපදින අවුලියාවරු ඔවුන් වන්දනාවට නොගනිති. සැබැවින්ම ඔවුන්ව නැමදුම් කිරීම ඔවුනට කරන සතුරුකමකි. සැබැවින්ම ඔවුන් ඔවුනට ආදරය කරනුයේ ඔවුන්ව අනුගමනය කිරීමෙහි හා ඔවුන් ගිය මාර්ගයේ යමිනි. සැබෑ මුස්ලිම් වරුන් නබිවරුන්ට හා අවුලියාවරුන්ට ආදරය කරති. නමුත් ඔවුන්ව වන්දනාවට නොගනිති.

දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ට ආදරය කිරීම තම ප්රාණයට, පවුලට, දරුවන් මෙන්ම සියලු මිනිසුන්ට ඉහළින් අප වෙත අනිවාර්යය වූ කරුණක් බව අපි විශ්වාස කරමු.

***

ජයග්රාහී කණ්ඩායම

මුස්ලිම්වරු සංඛ්යාවෙන් අධික ව සිටිය ද, ඇත්ත වශයෙන් සිටිනුයේ ස්වල්ප දෙනෙකු පමණි. ඉස්ලාමය වෙත අනුබද්ධ වූ පිරිස් කණ්ඩායම් 73 දක්වා අධික ව පවතී. එහි තනි පුද්ගලයින්ගේ සංඛ්යාව මිලියන දහසකට අධිකය.([19]) නමුත් සැබෑ මුස්ලිම් පිරිස වනුයේ එක් කණ්ඩායමක් පමණි. ඔවුහු අල්ලාහ්ව ඒකීය කරණය කරති. ප්රතිපත්තීන් හා දැහැමි ක්රියාවන්හි ඔවුන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා එතුමාගේ අනුගාමිකයින්ගේ මාර්ගය මත ගමන් කරති. ඒ පිළිබඳ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ දන්වා සිටියහ. “යුදෙව්වන් කණ්ඩායම් 71කට බෙදී ගොස් ඇත. කිතුනුවන් කණ්ඩායම් 72කට බෙදී ගොස් ඇත. මෙම සමූහයා කණ්ඩායම් 73කට බෙදී යනු ඇත. එක් කණ්ඩායමක් හැර ඒ සියලු කණ්ඩායම් අපා ගින්නෙහිය.” ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒ කවුරුන්ද?’යි සහාබාවරු විමසා සිටියෝය. එයට එතුමා මෙසේ පැවසූහ: “අද දින මා හා මාගේ සහගාමීන් කවර කරුණක් මත සිටින්නේ ද එවැන්නක් මත සිටින්නෝ වෙති.” ([20])

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහ එතුමාගේ සහගාමීන් කවර කරුණක් මත පිහිටියේ ද එයයි ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් වේ’ යන පාඨයේ අදහසට අනුව පවතින ප්රතිපත්තිය. ඒ අනුව අල්ලාහ්ට පමණක් ප්රාර්ථනා කරමින් කටයුතු කිරීම, අල්ලාහ්ට පමණක් භාරහාර හා සත්ව කැපකිරීම් පිදීම, අල්ලාහ්ගෙන් පමණක් පිහිට පැතීම, උදව් පැතීම හා ආරක්ෂාව පැතීම. යහපත හා අයහපත ඔහු තුළ ඇති බව විශ්වාස කිරීම, සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ඉස්ලාමීය මූලිකාංග ඉටු කිරීම, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ ආගම්, ඔහුගේ දූතවරුන්, යළි අවදි කරනු ලැබීම, විනිශ්චය, ස්වර්ගය, නිරය, යහපත හා අයහපත ඔහුගේ නියමය පරිදි සිදු වීම යනාදී සියල්ල උත්තරීතර අල්ලාහ්ගෙන් යැයි විශ්වාස කිරීම. අල් කුර්ආනය හා සුන්නාව විවිධ ක්ෂේත්රයන්හි නීති පනවා ඇත. ඒ දෙකෙහි නීතිය පිළිගැනීම, අල්ලාහ්ගේ සමීපතයින් සමග සම්බන්ධකම් පැවැත්වීම, ඔහුගේ සතුරන්ට විරුද්ධව කටයුතු කිරීම, ඔහු වෙත ඇරයුම් කිරීම, ඔහුගේ මාර්ගය මත හිඳ අරගල කිරීම, ඒ සඳහා එක්රැස්වීම, කටයුතු භාර මුස්ලිම් නායකයින් විසින් යහපත නියෝග කළ විට ඔවුනට සවන්දීම, අවනත වීම, කොතැනක සිටියත් සත්යය ප්රකාශ කිරීම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරින්දෑවරුන්ට හා එතුමාගේ පවුලේ ඥාතීන්ටත් ඔවුනට අයත් අයටත් ආදරය කිරීම. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්ට ආදර කිරීම. ඔවුන්ගේ මහිමයේ ප්රමාණයට ඔවුනට ප්රමුඛත්වය දීම. ඔවුන් සියලු දෙනා පිළිගැනීම, ඔවුන් අතර පැවති මතභේදවලින් වැළකීම ([21]), ඇතැමුන් අතර කුහකයින් විසින් ඉදිරිපත් කළ චෝදනා විශ්වාස නොකිරීම, ඔවුන් එම චෝදනාවන් තුළින් බලාපොරොත්තු වන්නේ මුස්ලිම්වරුන් බෙදා වෙන්කිරීමටය. එමගින් ඔවුන් අතර සිටි විද්වතුන් හා ඉතිහාසඥයන් රැවටී ගියෝය. ඔවුන් යහපත් චේතනාවෙන් ඔවුන්ගේ පොත්වල තහවුරු කොට පවසා තිබුණ ද එය වැරදිය.

සැබැවින්ම තමන් නබි නිවැසියන්ගේ පරපුරෙන් පැවත එන්නන් බව වාද කරන්නන් හා තමන් නායකයින් බව නම් කර ගන්නන් වනාහි, ඔවුන්ගේ නිවැරදි පෙළපත තහවුරු කිරීම ඔවුන් කෙරෙහි අනිවාර්යය වන්නේය. ඊට හේතුව කවරෙකු තම පියා නොවන කෙනෙකුට පෙළපත සම්බන්ධ කරන්නේ ද ඔහුට අල්ලාහ් ශාප කර ඇති බැවිණි. ඔවුන්ගේ පෙළපත තහවුරු වූ විට අල්ලාහ්ට අවංක ලෙස ඒකීයත්වය පිදීම, පාපකම් අතහැර දැමීම, ඔවුනට මිනිසුන් දණින් වැටීම හා ඔවුන්ගේ දණහිස් හා පාද සිප ගැනීම පිළි නොගැනීම, යම් විශේෂ නිලයකින් තම මුස්ලිම් සහෝදරයන් අතර වෙන් නොකිරීම යනාදී කටයුතුවලදී දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ ඥාතීන්ව අනුගමනය කිරීම ඔවුන් මත පැවරෙනු ඇත. ඊට හේතුව මේ සියල්ල, දූතයාණන් කවර කරුණක් මත පිහිටියේ ද එයට විරුද්ධ ක්රියාවන් වන බැවිණි. එතුමා ඉන් මිදී සිටියහ. අල්ලාහ් අබියස වඩාත් භක්තිමත් හා ගෞරවයට පාත්ර කෙනෙකු වූහ.

අපගේ නබි මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය මෙන්ම හිතමිතුරනට අල්ලාහ් ශාන්තිය හා සමාදාන උදා කරත්වා.

***

නීතිගත කිරීමේ හා දහම්ගත කිරීමේ අයිතිය අල්ලාහ්ට පමණක් සතු වූවකි. ආගමික පිළිවෙත් ඒ අයුරින් වී නම් යුක්තිය, දයාව හා භාග්යය උදාවනු ඇත.

විශ්වාස කිරීමටත් ඒ අනුව ක්රියා කිරීමටත් අනිවාර්යය වන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යන පාඨයේ තවත් අර්ථ කිහිපයක් වනුයේ, සැබැවින්ම නීතිය හා ආගමානුගත කිරීම අල්ලාහ්ට පමණක් සතු අයිතියක් විය යුතුය. එහෙයින් කිසිදු කටයුත්තක අල්ලාහ්ගේ පිළිවෙතට විරුද්ධ ව යම් නීතියක් තැනීම කිසිදු මිනිසෙකුට යුතු වන්නේ නැත. අල්ලාහ් පහළ නොකළ දෑ ගෙන තීන්දු කිරීම මුස්ලිම්වරයකුට යුතු වන්නේ නැත. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතට විරුද්ධ නීතියක් පිළිගැනීමද ඔහුට යුතු නොවන්නේය. අල්ලාහ් තහනම් කළ දෙයක් අනුමත කිරීම හෝ ඔහු අනුමත කළ දෙයක් තහනම් කිරීම හෝ කිසිවකුට යුතු වන්නේ නැත. කවරෙකු හෝ උවමනාවෙන්ම එවන් විරෝධී ක්රියාවක් සිදු කරන්නේ නම් හෝ එය පිළිගන්නේ නම් හෝ ඔහු අල්ලාහ් ප්රතික්ෂේප කළ අයකු වන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්රතික්ෂේපකයෝ.” (අල් මාඉදා:44)

***

අල්ලාහ් එවූ දූතවරුන්ගේ කාර්යභාරය.

එයනම්, ඒකීයකරණයේ ප්රකාශය වන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ වෙත ඇරයුම් කිරීම හා හි අර්ථය අනුව ක්රියා කිරීම. එනම් අල්ලාහ්ට පමණක් නැමදීම, මැවීම් නැමදුමට ගැනීමෙන් ඉවත් වීමයි. නැමදුම්කරුට නැමදුම් කිරීමේ ඔහුගේ පිළිවෙත වෙතටත්, කිසිවකු හවුල් නොවූ ඔහුට පමණක් සතු ඔහුගේ පිළිවෙත වෙතටත් ඇරයුම් කිරීමයි.

මහඟු අල් කුර්ආනය පරිශීලනය කරමින් එය කියවා අන්ධානුකරණයෙන් දුරස් වන්නේ කවුරුන් ද, ඔහු සමස්තයක් වශයෙන් එය පැහැදිලි කරන දෑ සත්යය බව වටහා ගනු ඇත. සැබැවින්ම අල්ලාහ් සමග හා මැවීම් සමග ඔහු පනවා ඇති සීමාව වටහා ගනු ඇත. එවිට ඔහුව විශ්වාස කරන ඔහුගේ ගැත්තා ඔහු සමග පවත්වා ගන්නා සම්බන්ධතාව, සියලුම නැමදුම් වර්ග තුළින් ඔහුව නැමදීමට පත් කරයි. ඉන් කිසිවක් වෙනත් කෙනෙකු සඳහා යොමු නොකෙරේ. එමෙන්ම නබිවරුන් හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් සමග වූ ඔහුගේ සම්බන්ධතාවය අල්ලාහ්ට ආදරය කරමින් ඔවුනට ආදරය කිරීමටත් ඔවුන් අනුගමනය කිරීමටත් පත් කරයි. දේව ප්රතික්ෂේපිත සතුරන් සමග වන ඔහුගේ සම්බන්ධතාය ඔවුන් සමග උරණ වන තත්ත්වයට පත් කරයි. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔවුන් සමග උරණ වන බැවිණි. ඒ සමගම ඉස්ලාමය වෙත ඔහු ඔවුන් කැඳවයි. ඔවුන් යහමග ලබනු පිණිස ඔවුනට එය පැහැදිලි කරයි. ඔවුන් ඉස්ලාමය ප්රබතික්ෂේප කළ විට හා අල්ලාහ්ගේ නීතියට යටත් වීමට ප්රතික්ෂේප කළ විට කිසිදු ව්යසනයක් ඇති නොවන පරිදි සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තුරු ඔවුන් සමග මුස්ලිම්වරුන් අරගල කරති. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ නම් තව්හීද් ප්රකාශයේ අර්ථය මෙයයි. සැබෑ මුස්ලිම්වරයකු වනු පිණිස එය වටහා ගැනීම හා ඒ අනුව ක්රිීයා කිරීම මුස්ලිම්වරයා මත අනිවාර්යය වනු ඇත.

“අන්න මුහුම්මදන් රසුලුල්ලාහ්” - මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණෝ වෙති" යනුවෙන් සාක්ෂි දැරීමේ තේරුම.

"මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් වේ" යනුවෙන් සාක්ෂි දැරීමේ තේරුම, සැබැවින්ම මුහම්මද් මුලු මිනිස් සංහතිය වෙනුවෙන් වූ අල්ලාහ්ගේ දූතයාණන් වන බවත් ඔහු දේව ගැත්තෙකු මෙන්ම නැමදුමට ලක් නොවන, බොරු කළ නොහැකි දූතයකු වන අතරම ඔහු සෙස්සන් විසින් පිළිපදිනු ලබන, අවනත වනු ලබන දූතයකු බවත් වහටා ගෙන විශ්වාස කිරීමය. කවරෙකු ඔහුට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු ඔහුට පිටුපාන්නේ ද ඔහු නිරා ගින්නට පිවිසෙයි. එමෙන්ම අල්ලාහ් නියෝග කළ නැමදුම් චාරිත්රවල හෝ විවිධ ක්ෂේත්රයන්හි නීති හා රෙගුලාසි පිළියෙල කිරීමේ හෝ අනුමත කිරීම් හා තහනම් කිරීමේ හෝ වේවා ආගමික නීති සම්පාදනය කිරීමේ බලය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සතුව ඇති බවත් එය එතුමාගේ මාර්ගයෙන් මිස සිදු නොවිය යුත්තක් බවත් වටහා ගෙන එය විශ්වාස කොට සාක්ෂි දැරීමය. ඊට හේතුව සැබැවින්ම ඔහුගේ ආගමික පිළිවෙත් දැනුම් දෙනුයේ අල්ලාහ්ගේ දූතයාණන් වන බැවිණි. එහෙයින් දූතයාණන් පෙන්වා නොදුන් මාර්ගයක් ගෙනැවිත් ආගමික කටයුත්තක් යැයි පිළිගැනීම මුස්ලිම්වරයකුට සුදුසු නොවන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: (අල්ලාහ්ගේ) රසූල්වරයා ඔබට කුමක් පිරිනැමුවේ ද එය ගනු. එතුමාණන් නුඹලාට කුමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.” (අල් හෂ්ර්: 7) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “එසේ නොව ඔබේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී ඔවුන් ඔබගෙන් තීන්දු විමසා පසුව ඔබ දුන් තීන්දුවේ වරදක් ඔවුන් තුළ නොදැක ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස කරන්නන් නොවනු ඇත.” (අන් නිසා: 65)

මෙම පාඨ දෙකේ තේරුම:

1- පළමු පාඨයේ තම දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන්හට නියෝග කරන සියලුම කටයුතු වලදී එතුමාට අවනත වන මෙන් ද එතුමා ඔවුනට තහනම් කළ සියලු දැයින් වැළකී සිටින මෙන් ද අල්ලාහ් නියෝග කර සිටියි. සැබැවින්ම අල්ලාහ්ගේ අණ නියෝග කරනුයේත් ඔහු තහනම් කළ දෑ වළක්වාලනුයේත් එතුමා වන බැවිණි.

2- දෙවන පාඨයේ තම පිවිතුරු භාවය මත දිවුරමින්, සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ පවතින පුද්ගලයකුගේ විශ්වාසය ඔහු අතර හා වෙනත් අය අතර ඇතිවන ගැටලුවකදී([22]) දූතයාණන් තීන්දු ලබා දී එතුමාගේ තීන්දුව පිළිගෙන එතුමාට හෝ එයට යටත් වන තුරු වලංගු නොවන්නේය. දූතයාණෝ මෙසේ ප්රකාශ කළහ: “කවරෙකු අපගේ නියෝගයක් නොවන ක්රියාවක් සිදු කළේ ද, එය ප්රතික්ෂේප කරන ලද්දකි.”([23])

***

ඇරයුම

ණැනවතුනි! ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහ්” යන ප්රකාශයේ අර්ථය වටහා ගෙන සැබැවින්ම මෙම සාක්ෂියේ ප්රකාශය ඉස්ලාමයේ යතුර බවත් එය ගොඩ නැගී ඇති අත්තිවාරම බවත් වටහා ගත් විට, මෙලොව මෙන්ම මතුලොව සතුට ලබන්නටත් මියගිය පසු අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නටත් ඔබ අවංක හදවතින් “අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්” යනුවෙන් පවසන්න. මෙම සාක්ෂි ප්රකාශයේ තේරුම අනුව කටයුතු කරන්න.

“අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ්” යන සාක්ෂි ප්රකාශය ඉල්ලා සිටින කරුණු පිළිබඳ ඔබ දැන ගත යුතුයි. එය ඉස්ලාමයේ ඇති ඉතිරි මූලිකාංග ක්රියාවන් සමග බැඳේ. අල්ලාහ් මෙම මූලිකාංග මුස්ලිම්වරයාට අනිවාර්ය කර ඇත්තේ උත්තරීතර ඔහු වෙනුවෙන් අවංක සිතින් සත්යය ලෙස ඒවා ඉටු කරමින් ඔහුට නැමදීම සඳහාය. ආගමානුගත කරන ලද, නිදහසට කරුණක් නොමැතිව, කවරෙකු ඒවායින් එක් අංගයක් හෝ අතහරින්නේ ද ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ නම් ප්රතිපත්තිමය ප්රකාශයේ අර්ථය ඔහු බිද දමා ඇත. එමෙන්ම ඔහුගේ සාක්ෂි ප්රකාශය නිවැරදි යැයි නොසැලකේ.

***

ඉස්ලාමයේ මූලිකාංග අතරින් දෙවන මූලිකාංගය (සලාත්)

ණැනවතුනි! සැබැවින්ම ඉස්ලාමයේ මූලිකාංග අතරින් දෙවන මූලිකාංගය සලාතය බව දැන ගන්න. එය දහවල හා රාත්රියේ ඉටු කරනු ලබන සලාත් වාර පහකි. එය තමන් හා මුස්ලිම්වරයා අතර සම්බන්ධතාවක් ගොඩනැගීම සඳහා අල්ලාහ් ආගමානුගත කර ඇත. එහි මුස්ලිම්වරයා ඔහු සමග කතා කරයි ඔහුගෙන් අයැද සිටියි. එමෙන්ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්රියාවන්ගෙන් මුස්ලිම්වරයාව වළක්වන්නක් ද වේ. මෙලොව මෙන්ම මතුලොවෙහි සතුට වන මානසික හා ශාරීරික සුවය එමගින් ඔහු ලබනු ඇත.

සලාතය සඳහා ශරීරය, වස්ත්රය හා සලාත් ඉටු කරනු ලබන ස්ථානය පිරිසිදුව තබා ගැනීම අල්ලාහ් ආගමානුගත කොට ඇත. ඒ අනුව මුස්ලිම්වරයා පිරිසිදු ජලය භාවිත කරමින්, මළ මූත්රා වැනි කිලිටිවලින් පිරිසිදු වනු ඇත. එය භෞතික අපිරිසිදුකමෙන් ඔහුගේ ශරීරය පිරිසිදු කිරීමක් මෙන්ම ආධ්යාත්මික අපිරිසිදුකමෙන් ඔහුගේ හදවත් පවිත්ර කිරීමක් වනු ඇත.

සලාතය දහමේ එක් කුළුණකි. ප්රතිපත්තිමය ප්රකාශ දෙක සාක්ෂි දැරීමෙන් පසුව එහි මූලිකාංගයන්ගෙන් අති වැදගත් වන්නේ මෙයයි. වැඩිවියේ සිට මරණය දක්වා එය ආරක්ෂා කිරීම මුස්ලිම්වරයා මත අනිවාර්යය වේ. එය තම පවුලටත් හත්වන වියට පත් තම දරුවන්ටත් එය නොකඩවා කරගෙන යන මෙන් නියෝග කිරීමත් අනිවාර්යය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “සැබැවින්ම සලාතය, දේව විශ්වාස කරන්නන් කෙරෙහි නියමිිත වේලාවන්හි පනවනු ලැබූවකි.” (අන් නිසා: 103) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “පිවිතුරු දහම අල්ලාහ්ට පුදකරමින් ඔහුව නැමදීමටත්, සලාතය ස්ථාපිත කිරීමටත්, සකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි.” (අල් බය්යිනා: 5)

මෙම පාඨ දෙකෙහි සමස්ත අදහස:

1- සැබැවින්ම සලාතය දේව විශ්වාසීන් මත වූ අනිවාර්යය බැඳීමක් බවත්, නියම කරන ලද නියමිත වේලාවන්හි එය ඉටු කිරීම ඔවුනට පැවරෙන වගකීමක් බවත් අල්ලාහ් පළමුවන පාඨයේ දන්වා සිටියි.

2- දෙවන පාඨයේ අල්ලාහ් දන්වා සිටිනුයේ: සැබැවින්ම මිනිසුනට ඔහු අණ කර ඇති ඔවුන් මැවීමට හේතුව වී ඇති කාරණාව වනුයේ ඔහුට පමණක් නැමදුම් කිරීමටත්, ඔවුන්ගේ නැමදුම් ඔහුට අවංක ලෙස පිදීමටත් සලාතය විධිමත්ව ඉටු කිරීමටත්, සුදුස්සන්හට සකාත් පිරිනැමීමටත්ය.

බියකරු තත්ත්වයක වුව ද රෝගී තත්ත්වයක වුව ද ඕනෑම තත්ත්වයකදී සලාත් ඉටු කිරීම මුස්ලිම්වරයා මත අනිවාර්යය වේ. එවිට ඔහු තමන්ට හැකි අයුරින් සිටගෙන හෝ වාඩි වී හෝ හාන්සි වී හෝ ඉටු කරයි. ඔහුට දෑසින් හෝ තම සිතෙන් හෝ ඇඟවීම හැර වෙනත් කිසිවක් කළ නොහැකි නම් එවිට එසේ අඟවා සලාතය ඉටු කරයි. සැබැවින්ම සලාතය අතහරින්නා පිරිමියකු වුව ද කාන්තාවක් වුව ද මුස්ලිම්වරයකු නොවනු ඇත යැයි දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා ඇත්තාහ. එතුමා මෙසේ පවසා සිටියහ. “අප අතර හා ඔවුන් අතර පවතින ප්රතිඥාව වනුයේ සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හරින්නේද ඔහු දෙවියන් ප්රිතික්ෂේප කළේය.” ([24])

සලාත් වාර පහකි, ඒවා නම්:

ෆජ්ර් සලාතය, ලුහර් සලාතය, අස්ර් සලාතය, මග්රිබ් සලාතය සහ ඉෂා සලාතය වේ.

ෆජ්ර් සලාතයේ වේලාව: එය නැගෙනහිරෙන් අලුයම් ආලෝකය මතුවීමත් සමග ඇරඹෙන අතර හිරු මතුවන අවස්ථාවේ එය අවසන් වී යයි. එය එහි අවසන් කාලය දක්වාම ප්රමාද කිරීම සුදුසු නොවේ. ලුහර් සලාතයේ වේලාව: හිරු මුදුනින් අවරට යෑමෙන් ආරම්භ වී ඉන් ඇතිවන හෙවණැල්ලෙන් පසු වස්තුවක හෙවණැල්ල එහි උසින්ම පිහිටන දක්වා පවතී. අසර් සලාතයේ වේලාව: ලුහර් සලාතයේ වේලාව අවසන් වීමෙන් පසු ඇරඹෙන අතර හිරුගේ කහපැහැය පවතින තෙක් පවතී. එය ද එහි අවසන් වේලාව දක්වාම ප්රමාද කිරීම සුදුසු නොවන්නේය. හිරු පැහැදිලි වටකුරුභාවය පවතින කාලය තුළම ඉටු කරනු ලැබේ. මග්රිබ් සලාතයේ වේලාව: හිරු අවරට යෑමෙන් පසු ඇරඹෙන අතර ගොම්මන නැතහොත් රත්ත පැහැය බැස යාමෙන් අවසන් වේ. එය ද එහි අවසන් කාලය දක්වා ප්රමාද කරනු නොලැබේ. ඉෂා සලාතයේ වේලාව: මග්රිබ් සලාතයේ වේලාව අවසන් වීමෙන් පසු ඇරඹෙන අතර රාත්රි්යේ අවසානය දක්වාම පවතී. ඉන් පසු ප්රමාද කරනු නොලැබේ.

මුස්ලිම්වරයකු යම්කිසි සලාතයක් එහි නියමිත වේලාව ඉවත්ව යන තුරු ඉන් ඉවත්වීමට සිතා කිසිදු ආගමික තහනමක් නොමැතිව ප්රමාද කළේ නම්, අල්ලාහ් වෙත පශ්චාත්තාප වීමේ මහත් පාපයක් ඔහු විසින් සිදු කර ඇත්තේය. නැවතත් ඒ වෙත ඔහු යොමු නොවිිය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “එමෙන්ම සලාතය ඉටු කරන්නන් හට විනාශය අත් වේවා! (4) “ඔවුන් වනාහි තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ." (5) (අල් මාඌන්:4,5)

***

සලාතයේ නීති රීති

පළමුව: පිරිසිදුකම

මුස්ලිම්වරයා සලාතයට ප්රවේශ වීමට පෙර පිරිසිදුවීම අනිවාර්යය වේ. එහෙයින් ඔහු පළමුව මළ මූත්රා බැහැර කරන්නෙකු වී නම් එම කිලිටි බැහැර වන ස්ථාන හොදින් සෝදාගෙන පසුව වුළූ නම් අර්ධ ධෝවනය සිදු කරයි.

වුළූ හෙවත් අර්ධ ධෝවනය: පිරිසිදු වීමේ චේතනාව මුවින් පිට නොකර තමන්ගේ සිත තුළ අදිටන් කර ගනී. හේතුව ඒ ගැන අල්ලාහ් මැනවින් දන්නා බැවිණි. එමෙන්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ද එය මුවින් පැවසුවේ නැත. පසු ව "බිස්මිල්ලාය්" යැයි පවසා කට කළත්වා සොදා හරියි. පසුව ජලය ඔහුගේ නාසය තුළට ගලා යන්නට සළස්වා නාසය පිරිසිදු කර ගනී. පසුව ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම සෝදා ගනී. පසුව ඔහුගේ දෑත් දකුණින් අරඹා වැලමිට හා බාහුව සමගම සෝදා හරියි. පසුව ඔහුගේ හිස ඔහුගේ තෙත් දෑතින් පිරිමදියි. ඔහුගේ දෙකන් ද පිරිමදියි. පසුව ඔහුගේ දෙපා දකුණින් අරඹා වළලු කර සමග සෝදා හරියි.

මිනිසා එසේ පිරිසිදු වීමෙන් පසු මළ මූත්රා හෝ වාතය පිට වූ විටෙක, එසේ නැතහොත් නින්දෙන් හෝ ක්ළාන්තයෙන් සිහිය නැතිවී ගිය විටෙක ඔහු සලාත් ඉටු කිරීමට අපේක්ෂා කළ විට නැවතත් එසේ පිරිසිදු විය යුතුය. මුස්ලිම්වරයා පිරිමියකු හෝ වේවා කාන්තාවක හෝ වේවා කාමාශාවෙන් හෝ නින්දේදී හෝ ශුක්රාරණු පිටවී මහා කිලිටි තත්ත්වයට පත් වූයේ නම් එම මහා කිලිටෙන් තම ශරීරය සම්පූර්ණව සෝදා පිරිසිදු කර ගත යුතුව ඇත. කාන්තාව ද ඔසප් හෝ දරු ප්රසූතියෙන් පසු වහනය වන රුධිරය නතර වීමෙන් පිරිසිදු වූවා නම්, ඇය ද ඇයගේ මුළු ශරීරයම සෝදා පිරිසිදු කර ගත යුතුව ඇත. ඊට හේතුව සැබැවින් ඔසප් කාන්තාව හා දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාව යන දෙදෙදෙගේ සලාතය නිවැරදි නොවන බැවිණි. ඔවුන් දෙදෙනා පිරිසිදු වන තෙක් සලාතය ඉටු කිරීම ඔවුන් දෙදෙනා මත අනිවාර්යය වන්නේ ද නැත. එය ඔවුන් දෙදෙනාගෙන් අල්ලාහ් සැහැල්ලු කර ඇත. ඔසප් හෝ දරු ප්රුසූතියෙන් පසු රුධිර වහනය වන කාලය තුළ අතපසු වූ දෑ නැවත ඉටු කිරීම පවා ඔවුන් දෙදෙනාගෙන් ඉවත් කර ඇත. ඒ හැර වෙනත් අවස්ථාවල ඔවුන් දෙදෙනා අත්හළ දෑ, පිරිමියකු මෙන් "කළා" හෙවත් අතපසු වූ දේ නැවත ඉටු කිරීම අනිවාර්යය වේ.

ජලය නොමැති වූ විටෙක හෝ රෝගියාට මෙන් එය භාවිත කිරීම හානිදායක වූ විටෙක ඔහු ‘තයම්මුම්’ තුළින් පිරිසිදු කර ගනී. තයම්මුම් කිරීමේ ස්වරූපය: පිරිසිදු වීමේ චේතනාව ඔහුගේ සිත තුළ දරා "බිස්මිල්ලාහ්" යැයි පවසා පසුව තම දෙඅත් පස් මත එක්වරක් ගසා පසුව ඒ අත්දෙකින් ඔහුගේ මුහුණ පිරිමදී. පසුව දකුණු අත පිටත වම් අත්ලෙන් ද වම් අත පිටත දකුණු අත්ලෙන් ද පිරිමදියි. මෙමගින් ඔහු පිරිසිදු තත්ත්වයට පත් වේ. මෙම තයම්මුම් ක්රමය ඔසප් වූ කාන්තාවකට මෙන්ම දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවකට ද ඔවුන් දෙදෙනා පිරිසිදු වූ විට ඔවුන් දෙදෙනාට ද එම නීතිය අදාළ වේ. එමෙන්ම මහා කිල්ලට පත්වූ කෙනෙකුටත් ජලය නොමැති වූ අවස්ථාවක හෝ එය භාවිත කිරීමට බියක් ඇති අවස්ථාවක 'වුළූ' කරන්නට අපේක්ෂා කරන අයකුටත් එම නීතිය අදාළ වේ.

දෙවැන්න: සලාතයේ ක්රමය

1- ෆජ්ර් සලාතය:

‘රකඅත්’ - වන්දනා වාර- දෙකකි. මුස්ලිම්වරයා පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා කිබ්ලා දිශාවට මුහුණලයි. එය මක්කාවේ ‘මස්ජිදුල් හරාම්’ නම් දේවස්ථානයේ පිහිටි කඃබාවයි. ෆජ්ර් -සුබ්හු- සලාතය ඉටු කරන බවට ඔහුගේ සිත තුළ අදිටන් කර ගනියි. එම චේතනාව මුවින් නොපවසයි. පසුව ‘අල්ලාහු අක්බර්’ යැයි කියමින් තක්බීර් පවසයි. පසුව ‘දුආ අල්-ඉස්තිෆ්තාහ්’ හෙවත් ප්රාරම්භක ප්රාර්ථනාව කියවයි. ඒ අතරින් “සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක” (අහෝ අල්ලාහ්! ඔබේ ප්රශංසාව තුළින් ඔබ සුවිශුද්ධය. ඔබේ නාමය උත්කෘෂ්ඨය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවියකු නැත.) යනුවෙන් ප්රාර්ථනා කර ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්' යැයි පවසා අල් කුර්ආනයේ ෆාතිහා පරිච්ඡේදය කියවයි එනම්: ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ ([25]) -මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්- ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’  -ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා- ‘අර් රහ්මානිර් රහීම්’  - ඔහු මහා කාරුණික පරම දයාබරයාණන්ය.- ‘මාලිකි යව්මිද් දීන්’  -විනිශ්චය දිනයේ අධිපතිය.- ‘ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්’  -අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු.- ‘ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්’  -අප ඍජු මග යොමු කරනු මැනව! ‘සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්’  ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. ඔබේ කෝපයට භාජනය වූවන්ගේ හෝ මුළාවූවන්ගේ මාර්ගය නොව. (අල් ෆාතිහා 1-7) (සලාතයේ නිරත වූ විට) අල් කුර්ආනය හැකි අයුරින් අරාබි බසින්ම පාරායනය කළ යුතු වේ. පසුව ‘අල්ලාහු අක්බර්’යැයි පවසා රුකූඃ කළ යුතුයි. එනම් හිස හා කොන්ද නවා දෙඅත්ල දණහිස් දෙක මත තබා ‘සුබ්හාන රබ්බියල් අළීම්’ යැයි පවසයි. පසුව ‘සමිඅල්ලාහු ලිමන් හමිදා’ යනුවෙන් පවසා නැවත ඉහළට පැමිණෙයි. ඔහු ඍජුව සිටගත් විට ‘රබ්බනා වලකල් හම්දු’ යැයි පවසයි. පසුව අල්ලාහු අක්බර් යැයි පවසා ඔහුගේ දෙපා ඇඟිලි දෙ දණහිස් දෙඅත්, නළල හා නාසය මත පොළොවේ වැතිර සුජූද් කරයි. ඔහුගේ සුජූදයෙහි ‘සුබ්හාන රබ්බියල් අඃලා’ යැයි පවසයි. පසුව 'අල්ලාහු අක්බර්’ යැයි පවසා වාඩි වෙයි. වාඩි වූ අවස්ථාවේ ‘රබිබිග්ෆිර්ලී’ යැයි පවසයි. පසුව ‘අල්ලාහු අක්බර්'යැයි පවසා දෙවන වරටත් පොළොව මත සුජූද් කර එහි ‘සුබ්හාරන රබ්බියල් අඃලා’ යැයි පවසයි. පසුව ‘අල්ලාහු අක්බර්’ යැයි පවසා නැවත සිට ගනියි. පසුව ෆාතිහා පරිච්ඡේදය කියවයි. එනම් (අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් සිට) පළමු රකඅත් වාරයේ සඳහන් කළ පරිදි එහි අවසානය දක්වාම පාරායනය කරයි. පසුව තක්බීර් පවසා රුකූඃ කරයි. පසුව නැගිටියි. පසුව සුජූද් කරයි. පසුව වාඩි වෙයි. දෙවන වරට සුජූද් කරයි. පළමු වාරයේ පවසා සිටි දෑම මෙම ස්ථානවලද පැවසිය යුතු වේ.

පසුව වාඩි වී මෙසේ පවසයි: “අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද් අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්” තේරුම: සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය. අහෝ නබිවරය, ඔබට ශාන්තිය හිමි වේවා! එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. අප මතත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රා්හීම් හා ඉබ්රාඅහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිමත් කරත්වා!” යැයි පවසයි. පසු ව ‘අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්” යැයි පවසමින් ඔහුගේ දකුණු දෙසට හැරෙයි. පසුව අස්සලාමු අලයිකුම් වරහ්ම්මතුල්ලාහි’ යැයි නැවත පවසමින් වම් දෙසට හැරෙයි. මෙමගින් සුබ්හු සලාතය අවසන් වෙයි.

ලුහර්, අසර්, හා අවසන් සලාතය වන ඉෂා සලාතය වනාහි:

ඒවායින් සෑම සලාතයක්ම රකආත් -වන්දනා- වාර හතරකින් යුක්තය. පළමු රකආත් දෙක ෆජ්ර් රකආත් දෙක මෙන්ම ඉටු කරයි. නමුත් ඒ දෙකින් පසු තෂහ්හුද් සඳහා වාඩි වී සලාමයට පෙර ඔහු වාඩි වූ ඉරියව්වේ පැවසූ දෑම පවසා සිටියි නමුත් සලාම් නොපවසයි. නැවත නැගිට පළමු රකආත් දෙක මෙන් තවත් රකආත් වාර දෙකක් ඉටු කරයි. පසුව දෙවන වරට තෂහ්හුද් සඳහා වාඩි වී පළමු ඉඳුමෙහි පැවසූ දෑම මෙහි ද පවසයි. පසුව ෆජ්ර් සලාතයේදී මෙන්ම නබි මුහම්මද් තුමාණන් හට සලවාත් පවසා පසුව දකුණතට සලාම් ද වමතට සලාම් ද පවසයි.

මග්රිබ් සලාතය වනාහි:

එය රකආත් වාර තුනකි. ඉහත කී පරිදි රකආත් වාර දෙකක් ඉටු කරයි. පසු ව වාඩි වී අනෙකුත් සලාතයන් සඳහා වූ ඉඳුමෙහි පැවසූ දෑම ඔහු මෙහිද පවසයි. නමුත් සලාම් නොකියයි. පසුව නැගිට තුන්වැනි රකආත් වාරය ඉටු කරයි. එහි මීට පෙර රකආත්හි පැවසූ/සිදු කළ සෑම කරුණක්ම මෙහිද පවසයි. සිදු කරයි. පසුව එහි දෙවන සුජූදයෙන් පසු වාඩි වී සෑම සලාතයකම ඉඳුමෙහි පැවසූ දෑ එම ඉඳුමෙහි ද පවසා පසුව දකුණතට සලාම් ද වමතට සලාම්ද පවසයි. සලාත් ඉටු කරන්නා ඔහුගේ රුකූවෙහි හා සුජූද්හි පවසන දෑ නැවත නැවතත් පැවසීම වඩාත් උතුම්ය.

මෙම පස්වේල සලාතය මස්ජිදයේ ඉමාම් -මෙහයවන්නෙකු- පෙරමුණ තබා සාමුහිකව ඉටු කිරීම පිරිමි පාර්ශවයට අනිවාර්යය වේ. එසේ ඉමාම් ධූරයට පත් කරගන්නා, "අල් කුර්ආනය වඩාත් අලංකාරයෙන් පාරායනය කරන, සලාතය පිළිබඳ වඩාත් අවබෝධයක් ඇති" දහම් කරුණුවලදී වඩාත් නිවැරදිව ක්රියා කරන කෙනෙකු ඉදිරිපත් කළ යුතු වේ. ෆජ්ර් සලාතයේ රුකූවට පෙර ඔහු සිටගත් ඉරියව්වේ අල් කුර්ආනය හඬ නගා පාරායනය කරයි. එසේම මග්රිබ් හා ඉෂා සලාතයන්හි පළමු රකආත් වාර දෙකෙහි ද හඬ නගා පාරායනය කරයි. ඔහුට පසුපසින් සිටින්නන් එයට සවන් දිය යුතු වේ.

කාන්තාවෝ ආරක්ෂිත ව ආවරණය වී නිවෙස් තුළ එය ඉටු කරති. ඇගේ මුහුණ හැර ශරීරයේ සෙසු සියලු අංග ආවරණය කළ යුතු බැවින් ද පිරිමියා ඉදිරියේ එසේ ආවරණය කිරීමට අණ කර ඇති බැවින් ද දෑත් හා පාද ඇතුළුව ඇගේ සම්පූර්ණ ශරීරයම ආවාරණය කර ගනී. හේතුව එය නිරාවරණය වූ විට, ඇය හිංසාවට ලක්වන බැවිණි. මුස්ලිම් කාන්තාවක් මස්ජිදයේ සලාත් ඉටු කිරීමට කැමති වන්නේ නම් ඇය තමන් ආවරණය කොට සුවඳවිලවුන් නොගල්වා බැහැර වීමේ කෝන්දීසිය යටතේ එහි යෑම කිසිවකු විසින් වළක්වනු නොලැබේ. ඇය පිරිමින් පසුපසට වී සලාතය ඉටු කරයි. එය මොවුන් ගෙන් ඔවුනට අර්බුදයක් නොවනු පිණිසත්. ඔවුන් විසින් මොවුන් අර්බුදයට ලක් නොවනු පිණිසත්ය.

භක්තියාදරයෙන් බැගෑපත්බවින් ජීවමාන හදවතින් අල්ලාහ් වෙනුවෙන් සලාතය ඉටු කිරීම මුස්ලිම්වරයා මත පැවරේ. එමෙන්ම ඔහු ඔහුගේ කියාම් හෙවත් සිට ගැනීමේ ඉරියව්වෙහිද රුකූඃ, සුජූද් යන ඉරියව්වන්හි මදක් තැන්පත්ව ක්රියා කරයි. ඉක්මන් නොවෙයි. අවුල් නොකරයි. ඔහුගේ බැල්ම අහස දෙසට දිගු නොකරයි. අල් කුර්ආනය හා නියමිත ස්ථානවල([26]) කියවිය සලාතයේ සෑම අද්කාරයක්ම(මෙනෙහි කිරීම) හැර වෙනත් කිසිවක් කතා නොකරයි. ඊට හේතුව උත්තරීතර අල්ලාහ් සලාතය ඉටු කරන මෙන් නියෝග කර ඇත්තේ ඔහුව මෙනෙහි කිරීමටය.

ජුමුආ හෙවත් සිකුරාදා දිනයේ මුස්ලිම්වරුන් ජුමුආ සලාතය රකආත් වට දෙකක් ලෙස ඉටු කරති. ඒ දෙකෙහිම ෆජ්ර් සලාතයේ මෙන් ඉමාම්වරයා අල්කුර්ආනය හඬ නගා පාරායනය කරයි. ඊට පෙර ‘කුත්බා’ හෙවත් දේශනා දෙකක් පවත්වනු ලැබේ. එහිදී මුස්ලිම්වරුන්ට උපදෙස් දෙනු ලැබේ. ඔවුන්ගේ ආගමික කටයුතු ඔවුනට උගන්වනු ලැබේ. පිරිමින් ඉමාම් සමග සහභගි වීම අනිවාර්යය වන්නේය. එය ජුමුආ දිනයේ ලුහර් සලාතයයි.

***

ඉස්ලාමයේ මූලිකාංග අතරින් තෙවන මූලිකාංගය (සකාත්)

නිසාබ්([27]) ප්රාමාණය ලැබූ ධනයට හිමිකාරත්වය දරන සෑම මුස්ලිම්වරයකුම සෑම වසරක් පාසාම ඔහුගේ ධනයට සකාත් නිකුත් කිරීමට අල්ලාහ් ඔහුට නියෝග කර ඇත. ඔහු එය සුදුසුකම් ලබී දිළිඳුන් හා අල් කුර්ආනයේ පැහැදිලි කර ඇති සේ එය ලබා දීමට අනුමත කළ සෙසු අයටත් පිරිනමයි.

රත්රන්වල නිසාබ් (සකාත් අනිවාර්යය වීමට තිබිය යුතු) ප්ර්මාණය මිස්කාල් විස්සකි. (ග්රෑම් 85කි.) රිදීවල නිසාබ් ප්රමාණය දිර්හම් දෙසීයකි. (ග්රෑම් 595කි.) ඊට සමාන වන මුදල් හා ව්යාපාරික භාණ්ඩ එනම් සියලුම වර්ගවල භාණ්ඩ ඒවායෙහි වටිනාකම, ඉහත නිසාබ් ප්රුමාණය ලබා වසරක් ගත වූ විට එයට නියමිත සකාත් එහි අයිතිකරු විසින් ගෙවීම් කිරීම අනිවාර්යය වේ. ධාන්ය හා පළතුරුවල නිසාබ් ප්රමාණය සාඃ 300කි (කි.ග්රෑම්. 612කි.) වෙළදාම සඳහා සූදානම් කර ඇති දේපල එහි වටිනාකමට සකාත් නිකුත් කරනු ලැබේ. කුලී සඳහා පමණක් සූදානම් කර ඇති දෑ එහි කුලියට පමණක් සකාත් නිකුත් කරනු ලැබේ. රන්, රිදී හා ව්යාපාරික භාණ්ඩවල වසරක් පාසා සකාත් නිකුත් කළ යුතු ප්රමාණය දහයෙන් හතරෙන් පංගුවකි. 2.5%, ධාන්ය හා පළතුරුවල 10%කි. එම ප්රුමාණය අනිවාර්ය වනුයේ ඇළදොළ, ගංගා හෝ ගලා යන උල්පත් හෝ වර්ෂා ජලයෙන් ජලය සම්පාදනය කරනු ලබන්නාක් මෙන් කිසිදු දුෂ්කරතාවයකින් තොරව ජලය සම්පාදනය කරන ලද දෑහිය. ලීවර (යන්ත්ර) මගින් ජලය සපයනු ලබන්නාක් මෙන් දුෂ්කරතාවෙන් යුතුව ජලය සපයා ඇත්නම් එවිට දහයෙන් එකෙන් අඩකි 5%කි.

ධාන්ය හා පළතුරුවල සකාත් නිකුත් කිරීමේ වේලාව ඒවායෙහි අස්වැනු නෙලා ගන්නා මෙහොතේදීමය. වසරකට දෙවරක් හෝ තුන් වරක් හෝ එසේ අස්වැනු නෙලා ගනු ලැබුවේ නම් ඒ සෑම වාරයක් පාසාම ඒ සඳහා සකාත් නිකුත් කිරීම අනිවාර්ය වේ. ඔටු, ගව හා එළුවන් යන සත්වයින්ගේ සකාත් ප්රමාණයන් පිළිබඳ ඉස්ලාමීය නීති පොත්වල සඳහන් වේ. එහෙයින් ඒවා බලා දැනගන්න. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “අල්ලාහ්ට පමණක් දහම සතු කරමින් පිවිතුරු ව ඔහුට පමණක් අවංක ව නැමදුම් කිරීමට ද සලාතය ස්ථාපිත කිරීමට ද මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය.” (අල් බය්යිනා: 5) සකාත් නිකුත් කිරීමේදී දුගී දුප්පතුන්ගේ සිත් සනසනු ඇත. ඔවුන්ගේ අවශ්යතා සම්පූර්ණ කරනු ඇත. ඔවුන් අතර හා පොහොසතුන් අතර පවතින ආදරයේ බැඳීම ශක්තිමත් වනු ඇත.

මුස්ලිම්වරුන් අතර සමාජ වගකීම් හා මූල්යමය උපකාර යන ගැටලුවෙහි සකාත් සීමාව තුළ පමණක් ඉස්ලාම් රුඳී සිටියේ නැත. සාගිනි තත්ත්වයකදී දිළිඳුන්ට උපකාර කරන මෙන් ධනවතුන්හට අල්ලාහ් අනිවාර්යය කොට ඇත. තම අසල්වැසියා කුසගින්නෙන් පෙළෙන තත්තවයේ තම බඩකට පුරවා ගැනීම මුස්ලිම්වරයා මත තහනම් කොට ඇත. එමෙන්ම ‘ඊද් අල් ෆිත්ර්’ උත්සව දිනය වෙනුවෙන් නිකුත් කරන සකාතුල් ෆිත්රා ද මුස්ලිම්වරයා මත අනිවාර්යය කර ඇත. එය බිළිඳන්, සේවකයින් ඇතුළුව නිවසේ සෑම සාමාජිකයකු වෙනුවෙන්ම රටේ ප්රධාන ආහාර වේලෙන් සාඃ එකක ප්රමාණයක් (කි. 2 ග්රෑම් 400 පමණ) ගෘහ මූලිකයා විසින් නිකුත් කිරීමයි. එමෙන්ම යමක් සිදු කරන බව දිවුරා, පසුව එය සිදු නොකළ විට එම දිවුරුම් කඩ කිරීම සඳහා පිරිනැමිය යුතු ‘කෆ්ෆාරා’([28]) හෙවත් ප්රතිකර්මය ක්රියාවලියද අනිවාර්යය කොට ඇත. තවද ආගමානුගත කරන ලද භාරයන් ඉටු කිරීමත් මුස්ලිම්වරයා මත අල්ලාහ් අනිවාර්යය කොට ඇත. ‘සදකා අත් තතව්වඃ’ හෙවත් අමතර පරිත්යාගයන් කෙරෙහි ද අල්ලාහ් මුස්ලිම්වරයා දිරි ගන්වා ඇත. යහපත් ක්රමවේදයන් තුළ අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන් හට විශිෂ්ඨ ප්රතිඵල ඇති බවට පොරොන්දු දී ඇත. ඔවුනට එසේ දුන් පොරොන්දුව වනුයේ ඔවුනට හිමි ප්රතිඵල දෙගුණ, බහු ගුණ වශයෙන් වැඩි කර දීමය. යහපත ඒ හා කරුණු දහයකට සමානය. එය හත්සීය ගුණ දක්වා ද එයද බහු ගුණ දක්වා ද වැඩි කෙරේ.

***

ඉස්ලාමයේ මූලිකාංග අතරින් සිව්වැනි මූලිකාංගය (අස් සියාම්)

රමළාන් මාසයේ උපවාස ශීලය රැකීම. එය හිජ්රි වර්ෂයේ මාස අතරින් නව වැනි මාසයයි.

උපවාසය රැකීමේ ක්රමය:

අලුයම පැහැදලි වීමට පෙර මුස්ලිම්වරයා උපවාසය සඳහා නිය්යත් හෙවත් අධිෂ්ඨානය තහවුරු කරයි. පසුව හිරු අවරට යන තුරුම ආහාර පාන ගැනීමෙන් හා සංසර්ගයෙන් -ලිංගික බැඳීමෙන්- වැළකී සිටියි. පසුව උපවාසයෙන් මිදෙයි. මෙසේ රමළාන් මාසයේ දින ගණන්වලදී කටයුතු කරයි. මෙමගින් අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුට ගැතිකම් කිරීම අපේක්ෂා කෙරේ.

ගණනය කළ නොහැකි ප්රයෝජන රැසක් උපවාස ශීලය තුළ ඇත. එම ප්රයෝජන අතරින් වඩාත් වැදගත් වනුයේ:

එය අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමකි. ඔහුගේ නියෝග පිළිපැදීමකි. ගැත්තා තම ආශාවන් හා තම ආහාර පාන අල්ලාහ් වෙනුවෙන් අතහැර දමයි. එය උත්තරීතර අල්ලාහ් කෙරෙහි වූ භක්තිමත් භාවයේ සාධක අතරින් වඩාත් ප්රබලම සාධකය වේ.

උපවාසයේ ප්රයෝජන වූ කලී, සෞඛ්යමය, ආර්ථිකමය හා සමාජමය වශයෙන් ඉතා වැදගත් ප්රයෝජන රැසක් ඇත. විශ්වාසයෙන් හා ප්රතිපත්තිමය වශයෙන් උපවාසයේ නිරත වන්නන් හැර වෙනත් අය එය ලබා නොගනිති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “අහෝ විශ්වාස කළවුනි ! නුඹලා බැතිමත් විය හැකිවනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.” (183) (එය) ගණන් කරනු ලබන දින ගණනකි. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ ගමනක නිරතව සිටියේ නම් හෝ එවිට ඔහු වෙනත් දින ගණන් ගණනය කර(උපවාසයේ නියැළෙ)ත්වා! එයට වන්දිය වනුයේ හැකියාව ඇති උදවිය දුගියෙකුට ආහාර සැපයීමය. තවද කවරෙකු යම් යහපතක් අමතරව ඉටු කළේ ද එය ඔහුට උතුම් වෙයි. නමුත් නුඹලා දැන සිටියෙහු නම් උපවාසයේ නිරතවීම නුඹලාට ශ්රේෂ්ඨය.” (184) “රමළාන් මාසය, එහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් අල්-කුර්ආනය පහළ කරනු ලැබීය. එබැවින් කවරෙකු එම මාසයට සම්මුඛ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා! තවද කවරෙකු රෝගියෙකුව හෝ ගමනක නිරතව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා! අල්ලාහ් නුඹලාට පහසුව ප්රිය කරයි. අපහසුතාව ඔහු ප්රිය නොකරයි. (මෙම සහනය) නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මඟ පෙන්වූ දෑ සඳහා ඔහුව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකිවනු පිණිස ද වේ.” (185) (අල් බකරා: 183-185)

***

උත්තරීතර අල්ලාහ් අල් කුර්ආනයේ හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හදීස්වල පැහැදිලි කළ උපවාසයේ නීති අතරින්:

1- රෝගියා හා මගියා යන දෙදෙනා උපවාසය අත්හරිති. ඔවුන් එසේ උපවාසයෙන් අත්හළ විට එම දින ගණන් බලා රමළාන් මාසයෙන් පසු වෙනත් දිනවල නැවත ඉටු කළ යුතු වේ. එසේම ඔසප් කාන්තාව හා දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාව යන දෙදෙනාගේ උපවාසයද වලංගු වන්නේ නැත. ඔවුන් දෙදෙනා ඔසප් හා දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වන දිනයන්හි උපවාසයෙන් මිදිය යුතු අතර ඔවුන් විසින් උපවාසය අත්හළ දින ගණන් බලා නැවත ඉටු කළ යුතු වේ.

2- එමෙන්ම ගර්භනී මව හා කිරි දෙන මව ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතවලට හෝ ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතවලට බලපෑමක් ඇතිවේවි යැයි බියක් හට ගැණුනු විට ඔවුන් උපවාසයෙන් මිදී පසුව ඒවා නැවත ඉටු කරති.

3- උපවාසයේ නිරත වන්නෙකු අමතක වීමෙන් ආහාර අනුභව කර හෝ පානය කර, පසුව ඔහුට මතක් වූයේ නම් ඔහුගේ උපවාසය වලංගු වන්නේය. සැබැවින්ම අමතක වීම්, අත්වැරදි හා බලකිරීම් යනාදියෙන් අල්ලාහ් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමාජය වෙනුවෙන් නොසලකා හැර ඇත. නමුත් ඔහුගේ කටේ තිබෙන දෑ ඉවත් කිරීම අනිවාර්යය වේ.

***

ඉස්ලාමයේ මූලිකාංග අතරින් පස්වන මූලිකාංගය (අල් හජ්)

එනම් ආයු කාලය තුළ එක් වරක් ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවසට වන්දනාවේ යෑම. අමතර යමක් කරන්නේ නම් එය අතිරේකයකි. හජ් වන්දනාවේද ගණන් කළ නොහැකි තරමට ප්රේයෝජන රැසක් ඇත.

ඒවායින් පළමුවැන්න: සැබැවින්ම එය ආත්මීය, ශාරීරික හා මූල්යමය වශයෙන් අල්ලාහ් වෙනුවෙන් සිදු කරන නැමදුමකි.

දෙවැන්න: සැබැවින්ම සෑම ස්ථානයකින්ම පැමිණෙන මුස්ලිම්වරුන් එහි එක්රැස්වෙති. එකම ස්ථානයේ එකට හමුවෙති. එකම නිල ඇඳුමක් අදිති. එකම වේලාවේ එකම පරමාධිපතියාණන් නමදිති. ප්රාධානියා හා සේවකයා අතර, පොහොසතා හා දුප්පතා අතර මෙන්ම සුදු හා කළු ජාතිකයින් අතර කිසිදු වෙනසක් නැත. සියලු දෙනා අල්ලාහ්ගේ මැවීම්ය. ඔහුගේ ගැත්තන්ය. මුස්ලිම්වරු එකිනෙකා හඳුනා ගැනීමත් එකිනෙකාට උපකාර කිරීමත් එහි සිදු වන්නේය. සියල්ල අවදි කරවා විනිශ්චය සඳහා එකම තැනක රැස් කරනු ලබන දිනය එහිදී මතක් කරනු ලැබේ. එවිට උත්තරීතර අල්ලාහ්ට අවනත වෙමින් මරණයෙන් පසු ඇති දෑ සඳහා සූදානම් වෙති.

තවාෆ් හෙවත් වට වන්දනාව සඳහා අරමුණු කරනුයේ කඃබාටය. එය මුස්ලිම්වරුන් කොතැනක සිටියද සෑම සලාතයකදීම මුහුණලෑම සඳහා අල්ලාහ් ඔවුනට නියෝග කළ ඔවුන්ගේ කිබ්ලා දිශාවයි. රැඳී සිටීමෙන් අපේක්ෂා කරනුයේ මක්කාවේ වෙනත් ස්ථානවල ඒවාට නියම කරන ලද කාලය තුළ රැඳී සිටීමයි. එම ස්ථාන නම්, ‘අරෆාත්, මුස්දලිෆා මෙන්ම මිනාවෙහි ගත කිරීමය. මේවායින් බලාපොරොත්තු වනුයේ අල්ලාහ් නියෝග කළ ආකාරයට ඒ ශුද්ධ ස්ථානවල ඔහුට නැමදුම් කිරීමය.

කඃබාව හා සෙසු ස්ථාන මෙන්ම අනෙකුත් සියලු මැවීම් වූ කලී, ඒවා නැමදුමට ලක් නොවන දෑය. ඒවා කිසිදු සෙතක් හෝ හානියක් හෝ ගෙන දෙන්නේ ද නැත. සැබැවින්ම නැමදුම විය යුත්තේ අල්ලාහ් වෙනුවෙන් පමණය. සෙත මෙන්ම හානිය ඇති කරන්නා අල්ලාහ් පමණය. දේව නිවසෙහි හජ් වන්දනාව ඉටු කිරීම සඳහා අල්ලාහ් නියෝග නොකළේ නම් මුස්ලිම්වරයා හජ් ඉටු කිරීම වලංගු වන්නේ නැත. ඊට හේතුව මතය හා ආශාව මත සැබැවින්ම නැමදුම පදනම් නොවන බැවිණි. එය අනිවාර්යය වනුයේ අල්ලාහ් තම ග්රන්ථයේ මෙන්ම ඔහුගේ දූතයාණන්ගේ සුන්නාවේ කර ඇති ඔහුගේ නියෝගයට අනුවය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “...තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. කවරෙකු එය ප්රතික්ෂේප කළේද සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තා (බව දැනගත යුතු)ය.” (ආලු ඉම්රාන්: 97) ([29])

තම ආයු කාලය තුළ හජ් සමග හෝ වෙනත් කවර වේලාවක හෝ එක් වරක් උම්රා වන්දනාව ඉටු කිරීම මුස්ලිම්වරයා මත අනිවාර්යය වන්නේය. හජ් සමග හෝ වෙනත් කවර වේලාවක හෝ මදීනාවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දේවස්ථානය නැරඹීම අනිවාර්යය වන්නේ නැත. එය ඉටු කරන්නා හට කුසල් ලබා දෙන සතුටු දායක කරුණක් පමණි. එය අතහරින්නා දඬුවම් නොලබනු ඇත. “කවරෙකු හජ් ඉටු කර මා හමුවට නොපැමිණියේ නම් සැබැවින්ම ඔහු මා වේළෙන්නට ඉඩ හැරියේය.” යන හදීසය වනාහි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මත ගොතන ලද බොරුවක් මිස සහීහ් හදීසයක් නොවේ. ([30])

‘සියාරත් කිරීම’ (බැහැදැකීම) අරමුණු කර ගනිමින් මස්ජිදය වෙත යන වන්දනා ගමන ආගමානුගත කර ඇත. එසේ බැහැදකින්නෙකු එතුළට පිවිසුණේ නම් එහි පිළිගැනීමක් වශයෙන් සලාත් ඉටු කරයි. එම අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිණීවල බැහැ දැකීමත් එතුමාණන්ට “අස්සලාමු අලයික යා රසූලුල්ලාහ්” යැයි පහත් හඬින් විනයානුකූලව පවසමින් සලාම් පැවසීමත් ආගමානු ගත කොට ඇත. ඉන් කිසිවක් නොපතන අතර සලාම් පවසා ඉන් හැරී යා යුතු වේ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තම ජනයාට නියෝග කර තිබුණේ එලෙසය. එමෙන්ම සහාභාවරුන්ගේ (අල්ලාහ් ඔවුන් පිළිගනිත්වා!) ක්රි්යා කලාපයද එයම විය.

සලාතයේ ඔවුන් සිටගන්නා අයුරින් බැගෑපත්ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිණී වල අබියස සිට ගෙන, ඔවුන්ගේ අවශ්යනතා ඉන් ඉල්ලා සිටීම හෝ ඉන් උදව් පැතීම හෝ ඉන් අල්ලාහ් අභියස මැදිහත්වීමක් හෝ බලාපොරොත්තු වන්නන් වනාහි, අල්ලාහ්ව ප්ර්තික්ෂේප කළෝ ඔවුහුමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉන් නිදොස් වන්නේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග හෝ වෙනත් අය සමග හෝ එසේ කටයුතු කිරීමෙන් සෑම මුස්ලිම්වරයකු ප්ර්වේශම් විය යුතුය. අනතුරව ඔහුගේ මිතුරන් දෙදෙනා වන අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා යන අයගේ මිනී වළ දෙක බැහැ දකියි. පසුව බකිඃ කනත්ත සහ දිවි පිදූවන් බැහැ දකියි. මුස්ලිම්වරුන්ගේ මිනීවලවල් සතු ජනයා බැහැදැකීම ආගමානුගත කර ඇත. එය, එසේ බැහැදකින්නා මිය ගියවුනට සලාම් පැවසීමටත් ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සීටීමටත් මරණය සිහි කිරීමටත්ය. පසුව ඔහු හැරී යයි.

මෙය හජ් හා උම්රාවෙහි ස්වරූපයයි.

හජ් ඉටු කරන්නා පළමු ව හලාල් - අනුමත මෙන්ම යහපත් පිරිසිදු නඩත්තු මුදල් සොයා ගනී. මුස්ලිම්වරයා තහනම් කරන ලද ඉපැයීම්වලින් වැළකී සිටියි. සැබැවින්ම තහනම් කරන ලද වියදම් අදාළ පුද්ගලයාගේ හජ් හා ඔහුගේ ප්රාර්ථනා ප්ර්තික්ෂේප වීමට හේතුවක් වන්නේය. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයක මෙසේ සඳහන් වී ඇත. “අපිරිසිදුකමෙන් වැඩෙන සෑම මාංශයක්ම, එයට නිරා ගින්න වඩාත් උචිත වන්නේය.” ඔහු ඒක දේවවාදයේ හා දේව විශ්වාසයේ ජනයාගේ ධර්මිෂ්ඨ මිතුරන් තෝරා ගනී.

***

සීමා මාඉම්

හජ් ඉටු කරන්නා මෝටර් රථයක් හෝ එවැනි යම් වාහනයක සිටින්නේ නම් සීමා මාඉම් වෙත ළඟා වූ විට එහිදී ඉහ්රාම් බැඳ ගනියි. ගුවන් යානයක සිටින්නේ නම් එම ස්ථානය පසුකර යෑමට පෙර එයට සමීප වූ වහාම ඉහ්රාම් බැඳ ගනියි. එසේ ජනයා ඉහ්රාම් බැඳ ගැනීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කළ සීමා මාඉම් පහක් ඇත. ඒවා නම්:

1- මදීනා වාසීන් සඳහා ‘දුල් හුලෙයිෆා’ (අබ්යාර් අලී).

2- සිරියානු, මිසර සහ බටහිර ජනයා සඳහා ‘අල් ජුහ්ෆා’ (කර්බ් රාබිග්)

3- නජ්ද්, තාඉෆ් හා ඒ අවට රට වැසියන් සඳහා ‘කර්න් අල් මනාසිල්’ (අස්සෙයිල් හෝ වාදී මුහ්රම්)

4- ඉරාක වැසියන් සඳහා ‘සාතු ඉරාක්.’

5- යමන් වාසීන් සඳහා ‘යලම්ලම්’

මොවුන් නොවන වෙනත් කවරෙකු හෝ මෙම සීමා මාඉම් ඔස්සේ පැමිණෙන්නේ නම් එය ඉහ්රාම් බැදගත යුතු ඔහුගේ සීමා මාඉම වේ. මක්කා වාසීන් හා මෙම සීමාවන් තුළ සිටින පදිංචිකරුවන් ඔවුන්ගේ පදිංචි ස්ථානවල සිටම ඉහ්රාම් බැඳ ගනිති.

***

ඉහ්රාම් බැඳ ගැනීමේ ක්රමය.

ඉහ්රාම් බැඳ ගැනීමට පෙර පවිත්ර කර පිරිසිදු වීම හා සුවඳ විළවුන් ගැල්වීම සතුටු දායකය. පසුව නියමිත සීමා මාඉමෙහි ඉහ්රාම් වස්ත්රය ඇඟලා ගනියි. ගුවන් ගමනින් එන තැනැත්තා තම රටෙහිම ඒ සඳහා සූදානම් වෙයි. පසුව චේතනාව අදිටන් කර ගෙන සීමා මාඉම වෙත ළඟා වූ විට හෝ එයට සමාන්තරව පිහිටන විට තල්බියා පවසයි.([31]) පිරිමියකුගේ ඉහ්රාම් ඇඳුම වනාහි නොමැසූ (සුදු) වේට්ටියක් හා සාළුවකි. ඔහු එමගින් තම ශරීරය ඔතා ගනියි. නමුත් ඔහුගේ හිස ආවරණය නොකරයි. කාන්තාව වනාහි, ඇයගේ ඉහ්රාම් ඇඳුමට නියමිත වස්ත්රයක් නොමැත. ඇයට කවදත් අනිවාර්යය වනුයේ කවර අවස්ථාවක හෝ ජනයා ඇය දෙස බැලූ විට අර්බුධයක් (ෆිත්නාවක්) ඇති නොවන පරිදි සම්පූර්ණ ශරීරයම ආවරණය වන සේ පුළුල් ඇඳුමක් ඇඳ ගැනීමයි. ඇය ඉහ්රාම් පැළඳගත් විට බුර්කාවක්, අත්වැසුමක් වැනි දෙයකින් ඇගේ මුහුණ හෝ ඇගේ දෙඅත් ආවරණය නොකරයි. නමුත් ඇගේ හිසට දමා ඇති මොට්ටැක්කිලිය දෙසින් පිරිමින්ව ඇය දුටු විට ඇගේ මුහුණ ඇය වසා ගනී. දේව විශ්වාසීන්ගේ මව්වරුන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්ගේ බිරින්දෑවරුන් කටයුතු කර ඇත්තේ මෙලෙසය.

හජ් වන්දනාකරු ඉහ්රාම් ඇඳගත් පසු ඔහුගේ සිත තුළ ‘උම්රා’ වන්දනාව අදිටන් කර ගනී. පසුව “අල්ලාහුම්ම ලබ්බයික් උම්රතන්” යනුවෙන් පවසා තල්බියා පවසයි. හජ් දක්වා තමත්තුඃ([32]) පිළිවෙත භුක්ති විඳිමින් අනුගමනය කරයි. වඩාත් උතුම් වන්නේ තමත්තුඃ පිළිවෙතයි. ඊට හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන්හට නියෝග කළේත් ඔවුනට අනිවාර්යය කළේත් එයයි. ‘හද්යු’ හෙවත් ප්රතිකර්මයක් ලෙස සත්ව කැපයක් තමන් සතු අයකු හැර ඔහුගේ නියෝගය ක්රියාත්මක කිරීමට පසුබට වූවන් කෙරෙහි ඔහු කෝප වූහ. සත්ව කැපැයක්([33]) ඇති එවැන්නෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිදු කළාක් මෙන් කාරින් (හජ් හා උම්රා දෙකම එකට සිදු කිරීමේ) පිළිවෙතට අනුව නවතී සිටියි. අල් කාරින් යනු: ඔහුගේ තල්බියාවෙහි “අල්ලාහුම්ම ලබ්බයික් උම්රතන් වහජ්ජන්” යැයි පැවසීමය. ඔහු සත්ව කැපය දෙන උත්සව දිනයේ සත්ව කැපය දෙන තුරු ඔහුගේ ඉහ්රාමයෙන් ඉවත් නොවෙයි.

අල් මුෆ්රිද් යනු: හජ් වන්දනාවට පමණක් අදිටන් කරන්නාය. ඔහු ‘අල්ලාහුම්ම ලබ්බයික් හජ්ජන්’ යනුවෙන් පවසයි.

***

ඉහ්රාම් බැඳගත් අයකුට තහනම් වන කරුණු

මුස්ලිම්වරයකු ඉහ්රාමය ඇඳ ගැනීමේ චේතනාව ගිවිස ගත් විට ඔහුට (පහත සඳහන් කරණු) තහනම් වේ.

1- සංසර්ගය, ඒ සඳහා ඇරයුම් කරන කාමුක ලෙස සිප ගැනීම හා ස්පර්ශ කිරීම, ඒ ගැන කතා කිරීම, කාන්තාවකට විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීම, විවාහය ගිවිස ගැනීම, ඉහ්රාමයේ සිටින්නා විවාහයක් සිදු කර නොගන්නා අතර විවාහයක් සිදු කර දෙන්නේ ද නැත.

2- හිසකෙස් බෑම හෝ ඉන් කිසිවක් ඉවත් කිරීම.

3- නියපොතු කැපීම.

4- පිරිමියෙකු ඔහුගේ හිසට තදකොට හිස් ආවරණයකින් හිස වසා ගැනීම. කුඩයකින් හෝ කූඩාරමකින් හෝ වාහනයකින් සෙවන ලබා ගැනීමේ තහනමක් නැත.

5- සුවඳ විලවුන් ගැල්වීම හෝ ආලේප කිරීම.

6- ගොඩබිම සතුන් දඬයම් කිරීම. එවන් සතුන් දඬයම් නොකළ යුතු අතර දඬයම් කිරීම සඳහා පෙන්වා නොදිය යුතුය.

7- පිරිමියා මසා නිමකළ දෑ ඇඳ පැළඳ ගැනීම. කාන්තාව ද මසා නිම කළ දැයින් ඇගේ මුහුණ හා ඇගේ දෑත් මත ඇඳ පැළඳ ගැනීම.

තහනම් කරන ලද මෙම කරුණුවලින් යමක් නොදැනුවත්ව හෝ අමතක වීමකින් හෝ සිදු කළේ නම්, එය ඉවත් කර ගත යුතු අතර එයට කිසිදු ප්රතිකර්මයක් නොමැත.

ඉහ්රාම් පැළඳගත් තැනැත්තා කඃබාව වෙත ළඟා වූ විට, වට හතක් තවාෆුල් කුදූම් නම් තවාෆ් (කඃබාව වටා ගමන්) කරයි. එය හජරුල් අස්වද් නම් කළු ගලට සමාන්තරව හිඳ ආරම්භ කරයි. එය ඔහුගේ උම්රාව සඳහා වූ තවාෆයයි. තවාෆ් සඳහා විශේෂ ප්රාර්ථනාවක් නොමැති නමුත් අල්ලාහ්ව මෙනෙහි කරමින් පහසු ප්රාර්ථනාවන් අයැද සිටියි. (තවාෆ් කළ) පසුව, පහසුකම් ඇත්නම් ‘මකාම්’ නම් ස්ථානයෙහි පසුපසට වී රකආත් වාර දෙකක් සලාතය ඉටු කරයි. එසේ නොමැති නම් හරම් හි කවර ස්ථානයක වුව ද ඉටු කළ හැකිය. පසුව ‘මස්ආ’ (සඃයු කරන ස්ථානය) වෙත පිටත්ව යයි. එම කටයුත්ත සෆා කන්දෙන් ආරම්භ කරයි. එහි ඉහළට නැග කිබ්ලා දෙසට හැරී ‘අල්ලාහු අක්බර්’ යැයි තක්බීර් පවසා, ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි තහ්ලීල් පවසා ප්රාර්ථනා කරයි. පසුව මර්වා වෙත මද වේගයෙන් ගමන් කරයි. ඒ මත ද නැග, කිබ්ලා දෙසට හැරී තක්බීර් පවසා අල්ලාහ්ව මෙනෙහි කොට ප්රාෙර්ථනා කරයි. පසුව සෆා දෙසට නැවත හැරී යමින් මෙසේ වාර හතක් සම්පූර්ණ කරයි. ඒ(මර්වා) වෙත යෑම එක් වාරයකි. නැවත (සෆා වෙත) පැමිණීම තවත් වාරයකි. (සඃයූ කළ) පසුව ඔහුගේ හිසකෙස් කපා හරියි. කාන්තාව ඇයගේ හිසකෙස් ඇගිලි කෙළවරක ප්රමාණයක් ඉවත් කරයි. මෙමගින් මුතමත්තිඃ ඔහුගේ උම්රාව අවසන් කර ගනිමින් ඔහුගේ ඉහ්රාමය ගලවා (එයින් මිදෙ)යි. ඉන්පසු ඉහ්රාම් තත්ත්වයේ ඔහුට තහනම් වූ සියලු දෑ ඔහුට අනුමත වනු ඇත.

ඉහ්රාමයට පෙර හෝ ඉන් පසු හෝ කාන්තාවක් ඔසප් තත්ත්වයට පත් වූ විට හෝ දරවකු ප්රසූත කළ විට ඇය ‘කාරින්’ ක්රමයට වන්දනාව ඉටු කරයි. සෙසු හජ් වන්දනා කරුවන් මෙන් ඉහ්රාම් බැදගත් පසු උම්රා හා හජ් යන දෙකම එකට එකතු කර තල්බියා පවසයි. ඊට හේතුව ඔසප් තත්ත්වය හෝ දරු ප්රසූතියෙන් පසු රුධිර වහනය ඉහ්රාමය හෝ මෂාඉර් හෙවත් හජ්හි සංඛේතවත් ස්ථානවල රැඳී සිටීම හෝ තහනම් නොකරන බැවිණි. සැබැවින්ම ඒ දෙක තහනම් කරනුයේ කඅබා නිවස වටා තවාෆ් කිරීම පමණය. ඇය තවාෆය හැර හජ් වන්දනාකරුවන් කරන සෙසු සියලු ක්රියා ඉටු කරයි. ඇය පිරිසිදු තත්තවය ලබන තෙක් එය ප්රමාද කරයි. ජනයා හජ් සඳහා ඉහ්රාම් ඇඳ මිනා වෙත පිටත් වීමට පෙර ඇය පිරිසිදු වූවා නම්, එවිට ඇය ස්නානය කර තවාෆ් ඉටු කරයි. සඃයු ද ඉටු කරයි. ඇයගේ හිසකෙස් ස්වල්පයක් කපා ඇය උම්රාවේ ඉහ්රාමයෙන් ඉවත් වෙයි. පසුව අටවැනි දිනයේ ජනයා ඉහ්රාම් බැදගත් විට ඔවුන් සමගම හජ් සඳහා ඉහ්රාම් බැඳ ගනියි. ඇය පිරිසිදු වීමට පෙර හජ් සඳහා ජනයා ඉහ්රාම් ඇද ගත්තේ නම් එවිට ඇය ‘කාරින්’ පිළිවෙත අනුව කටයුතු කරයි. ඇයගේ ඉහ්රාම් තත්ත්වයේ සිටම ඔවුන් සමගම තල්බියා පවසයි. මිනා වෙත පිටත්ව යෑම, අරාෆා, මුස්දලිෆා නම් ස්ථානවල රැඳී සිටීම, ගල් ගැසීම, සත්ව කැපය, අවුරුදු දින ඇයගේ හිසකෙස් කොටසක් කපා හැරීම වැනි හජ් වන්දනාකරුවන් සිදු කරන සියලු දෑ ඇය ද සිදු කරයි. පසුව ඇය පිරිසිදු වූවානම් ඇය ස්නානය කර, හජ් සඳහා වූ තවාෆය හා සඃයු ඉටු කරයි.

එම ‘තවාෆ්’ හා ‘සඃයි’ ඇයගේ හජ් හා උම්රාවට ප්රමාණවත් වන්නේය. මෙය දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට සිදු වූවක් මෙනි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඇයට, ‘ඇය පිරිසිදු වූවායින් පසු ඇය ජනයා සමගම තවාෆුල් ඉෆාළා කර සඃයි කළ ද ඇගේ හජ් හා උම්රාව වෙනුවෙන් වූ ඇගේ තවාෆය හා සඃයි කිරීම ප්රාමාණවත් වන්නේය. ඊට හේතුව උම්රා හා හජ් අතර එක් කරන ‘කාරින්’ හජ් පමණක් ඉටු කරන ‘මුෆ්රිද්’ හා සමානය. එවැන්නෙකුට එක් තවාෆයක්([34]) හා එක් සඃයි කිරීමක් හැර වෙනත් නැත. ඊට හේතුව දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇයට පැහැදිලිව කළ ප්රකාශය හා එසේ කටයුතු සිදුව ඇති බැවිණි. තවත් හදීසයක සඳහන් වී ඇති පරිදි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කළ ප්රකාශයක මෙසේ සඳහන් වී ඇත. ‘මළවුන් කෙරෙන් නැගිටවනු ලබන කල්තාක් හජ් වන්දනාව තුළට උම්රා වන්දනාව පිවිස ඇත.” මැනවින් දන්නා අල්ලාහ්ය.

දුල් හිජ්ජා මාසයේ අටවැනි දින උදා වූ විට සීමා මාඉම්වල සිට හජ් වන්දනාකරුවන් පිරිසිදු වී ඉහ්රාම් ඇඳ ගන්නාක් මෙන්ම මක්කාවේ හජ් වන්දනාකරුවන් ඔවුන්ගේ නවාතැන්වල සිටම හජ් සඳහා ඉහ්රාම් බදිති. හජ් වන්දනාකරු පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා හජ් සඳහා අදිටන් කර; පසුව ‘අල්ලාහුම්ම ලබ්බයික් හජ්ජන්’ යනුවෙන් පවසමින් තල්බියා කියයි. මුස්දලිෆා සිට ‘නහ්ර්’ දින([35]) මිනා දක්වා යන තෙක් පෙර සඳහන් පරිදි ඉහ්රාම් ඇඳගත් පසු තහනම් වන දැයින් වැළකී සිටියි. ‘ජම්රතුල් අකබා’ නම් (ෂාතාන්ට ගල් ගසන ස්ථානයේ) ගල් ගසයි. පිරිමියා තම හිස මුඩු කරන අතර කාන්තාව කෙස් කොට කර ගනියි.

අට වැනි දින හජ් වන්දනාකරු ඉහ්රාම් බැඳ ගත් පසු සෙසු හජ් වන්දනාකරුවන් සමග මිනා දෙසට පිටත්ව යයි. එහි සියලුම සලාතයන් ‘ජම්උ’ (හෙවත් සලාත් දෙකක් එකට) එකතු කිරීමෙන් තොරව ‘කස්ර්’ (හෙවත් රකආත් වාර දෙක බැගින් කෙටි) කර ඒවායෙහි නියමිත වේලාවන්හි ඉටු කරයි. අරෆා දින හිරු උදාවූ විට ඔහු හජ් වන්දනාකරුවන් සමග නමිරා වෙතට ගමන් කරයි. ලුහර් හා අසර් සලාතයන් දෙක එකට එක් කරමින් හා කෙටි කරමින් ඉමාම් සමග සාමුහිකව ඉටු කරන තෙක් එම ස්ථානයේ හෝ ඔහු ඉන්නා ස්ථානයේම හෝ වාඩි වී සිටියි. අනතුරුව හිරු මුදුනින් අවරට යෑමෙන් පසුව අරෆා දෙසට ගමන් කරයි. එසේම මිනාවේ සිට කෙළින්ම අරෆා වෙත ගොස් එහි වාඩි වුවද එය අනුමත වන්නේය. මුළු අරෆා ප්රදේශයම රැඳී සිටින ස්ථානය වේ.

හජ් වන්දනාකරු අරෆාවෙහි සිට අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරයි. ප්රාර්ථනාවන්හි හා පාපක්ෂමාවන්හි නිරත වෙයි. එවිට මුහුණලනුයේ එහි ඇති කන්ද දෙසට නොව කිබ්ලා දෙසටය. ඊට හේතුව එම කන්ද අරෆාවෙහිම කොටසකි. ආගමික කටයුත්තක් ලෙස එහි නැගීම සුදුසු නොවේ. එමෙන්ම එහි ඇති ගල් ස්පර්ශ කිරීමද සුදුසු නොවේ. එය තහනම් කරන ලද, නව බිහි වූ චාරිත්රයකි.

හිරු අවරට යන තෙක් හජ් වන්දනාකරු අරෆාවෙන් හැරී නොයයි. හිරු අවරට ගිය පසුව හජ් වන්දනාකරුවන් මුස්දලිෆා වෙත යති. ඒ වෙත ඔවුන් ගිය විට මග්රිබ් හා ඉෂා සලාත් ‘ජම්උ තඃහීර්’ (මග්රිබ් සලාතය ප්රෝමාද කොට ඉෂා වේලාවෙහි ඒ දෙක එකට) ඉටු කරති. ඉෂා සලාතය කෙටි කරති. එහි රාත්රිය ගත කරති. ෆජ්ර් උදා වූ විට ෆජ්ර සලාතය ඉටු කර, අල්ලාහ්ව මෙනෙහි කරති. හිරු උදාවීමට පෙර මිනා දෙසට යොමු වෙති. මිනා වෙත ළඟා වූ විට හිරු උදාවෙන් පසු විශාල නොවූ ද කුඩා නොවූ ද කඩල ඇටවල ප්රමාණයට සමාන ගල් කැට හතක් ‘ජම්රතුල් අකබා’ නම් ස්ථානයට විසි කරති. - එහිදී සෙරෙප්පු වැනි දෑ විසි කිරීම සුදුසු නොවේ. එය ෂෙයිතාන් විසින් අලංකාරවත් කර පෙන්වන ලද වංචනික ක්රියාවකි.- එසේ විසි කරනුයේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නියෝග හා එතුමාගේ මග පෙන්වීම් අනුගමනය කිරීමෙහි හා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ අත හැර දැමීම යන්නෙහි ෂෙයිතාන්ට කරන බල පෑමකි.([36])

එසේ ගල් විසි කළ පසු ව හජ් වන්දනාකරු ඔහුගේ සත්ව කැපය කපා හැර පුදයි. පසුව ඔහුගේ හිස කෙස් කපා හරියි. කාන්තාව එය කොට කර ගනියි. පිරිමියා එසේ කෙස් කොට කිරීම වලංගු වුවද මුඩු කිරීම වාර තුනකට වඩා උතුම්ය. පසුව ඔහුගේ සාමාන්ය ඇඳුම් ඇඳ ගනියි. බිරිය සමග වූ ඇසුර හැර ඉහ්රාම් තත්ත්වයේ ඔහු මත තහනම් වූ සියලු දෑ අනුමත වන්නේය. පසුව මක්කා වෙත ජන ගඟ සමග ගලා යයි. හජ් හි ‘තවාෆ’ය ඉටු කර ‘සඃයි’ද ඉටු කරයි. එයත් සමගම තම බිරිය ඇතුළුව සියලු දෑ වලංගු වන්නේය. පසුව නැවතත් මිනාව වෙත යයි. එහි ඉතිරි අවුරුදු දිනයත් ඉන් පසු දහවල් දෙකක් හා රාත්රි දෙකක් ගත කරයි. මිනාවෙහි රාත්රිිය ගත කිරීම අනිවාර්යය වේ. එකොළොස් වන දිනයේදී ද දොළොස් වැනි දිනයේදී ද හිරු මුදුනින් අවරට යෑමෙන් පසු ගල් ගසන ස්ථාන තුනටම ගල් ගසයි. මිනාව අසළ තිබෙන ‘ජම්රතුස් සුග්රා’ නම් ස්ථානයෙන් ආරම්භ කර පසුව ‘ජම්රතුල් වුස්තා’වටත් පසුව අවුරුදු දින ගල් ගැසූ ‘ජම්රතුල් අකබා’වටත් ගල් ගසයි. එසේ සෑම දිනකම ගල් කැට හත බැගින් සෑම තැනකටම ගල් ගසයි. ගල් ගසන ඒ සෑම අවස්ථාවකම ඒ සමග තක්බීර් පවසයි. විසි කිරීම සඳහා වූ ගල් මිනාහි නවාතැන් ගන්නා ස්ථානයෙන්([37]) අහුළා ගනියි. මිනා හි නවාතැන් ස්ථානයක් සොයාගත නොහැකි කවුරුත් කූඩාරම් අවසන් වන ස්ථානයේ රැඳෙයි.

දොළොස් වැනි දින ගල් ගැසූවායින් පසු මිනාවෙන් හැරී යන්නට සිතූවේ නම්, ඒ සඳහා ඔහුට අවසර ඇත. නමුත් දහ තුන් වැනි දින හිරු මුදුනින් අවරට යෑමෙන් පසු ගල් ගසන තෙක් ප්රමාද කිරීම වඩාත් උතුම්ය. ගමන අවසන් කරන්නට අපේක්ෂා කළ විට දේව නිවසට ගොස් සමුගැනීමේ තවාෆය ඉටු කරයි. ඉන්පසු වහාම තම ගමන අරඹයි. ඔසප් කාන්තාව හා දරු ප්රගසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාව හජ් සඳහා වූ තවාෆය හා සඃයි ඉටු කර ඇත්නම් නැවතත් සමුගැනීමේ තවාෆය ඉටු කිරීම ඇයට අවශ්යහ වන්නේ නැත.

හජ් වන්දනාකරු සත්ව කැපය එකොළොස්වන දින දක්වා හෝ දොළොස්වන දින දක්වා හෝ දහතුන්වන දින දක්වා ප්ර්මාද කළේ නම්, ඒ සඳහා ඔහුට අවසරය ඇත. එමෙන්ම හජ්හි තවාෆය හා සඃයු ඉටු කිරීම මිනාවෙන් පිටත් වන තෙක් ප්රාමාද කළේ නම් එයට ද අවසරය ඇත. නමුත් වඩාත් උතුම් වන්නේ ඉහත විස්තර කළ දෑ අනුව කටයුතු කිරීමය.

වඩාත් මැනවින් දන්නා අල්ලාහ්ය. අපගේ නබි මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවියට අල්ලාහ් ශාන්තිය හා සමාදාන උදා කරත්වා!

***

අල් ඊමාන් නොහොත් විශ්වාසය.

උත්තරීතර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම හා ඉස්ලාමයේ මූලිකාංගයන් විශ්වාස කිරීමට අමතරව, ඔහුගේ මලක්වරුන්([38]) හා ඔහුගේ දූතවරු වෙත පහළ කළ ඔහුගේ ග්ර්න්ථ ද([39]) විශ්වාස කිරීම ඔහු මුස්ලිම්වරයාට අනිවාර්යය කර ඇත. ඒවායේ අවසානය අල් කුර්ආනයයි. එමගින් ඒ සියල්ල වෙනස් කරනු ලැබීය. ඒවා මත ආධිපත්යය දරන්නක් බවට අල්ලාහ් එය නියම කළේය. එමෙන්ම දේව දූතවරුන්, එනම් ඔවුන් අතර මුල් තැනැත්තා සිට ඔවුන්ගේ අවසාන දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා වූ සියලු දූතවරුන් විශ්වාස කිරීම අනිවාර්යය වේ. සැබැවින්ම ඔවුන්ගේ දූත පණිවිඩය එකම විය. ඔවුන්ගේ දහමද එකම විය. එය අවනත වීමේ ඉස්ලාම් දහමයි. ඔවුන් එව්වේ එකම දෙවියාය. ඔහු ලෝකයන්හි පරමාධිපතිය. ඒ අනුව මුස්ලිම්වරයා අල් කුර්ආනයේ සඳහන් පරිදි ඔවුනොවුන්ගේ සමාජ වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් විශ්වාස කළ යුතුවේ. එමෙන්ම ඔවුන්ගේ අවසානයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා බවත් එතුමා අල්ලාහ්ගේ දූතයාණන් වන බවත් එතුමා මුළු මිනිස් සංහතියට එවනු ලැබු බවත් එතුමාගේ පැමිණීමෙන් පසුව යුදෙව්වන්, කිතුනුවන් හා වෙනත් ආගම් අදහන ජනයා ඇතුළුව සියලු ජනයා ඔහුගේ සමාජයටම අයත් බවත් විශ්වාස කිරීම අල්ලාහ් අනිවාර්යය කොට ඇත. ඊට හේතුව මහපොළොවේ වෙසෙන සියලු දෙනා මුහම්මද් සතු සමාජයයි. එතුමාණන් අනුගමනය කිරීම අල්ලාහ් අබියස ඔවුනට නියම කරනු ලැබ ඇත.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව අනුගමනය නොකරන, ඉස්ලාමය තුළට නොපිවිසෙන තැනැත්තන්ගෙන් මූසා, ඊසා හා සෙසු දූතවරු නිදොස් වූහ. ඊට හේතුව සැබැවින්ම මුස්ලිම්වරයකු සියලු දූතවරුන් විශ්වාස කරන්නෙකු හා ඔවුන්ව අනුගමනය කරන්නෙකු වන බැවිණි. කවරෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව විශ්වාස නොකරන්නේ ද එතුමාණන්ව අනුගමනය නොකරන්නේ ද ඉස්ලාම් දහම තුළට නොපිවිසෙන්නේ ද ඔහු ඔවුන්ගෙන් කෙනෙකු අනුගමනය කරන්නෙක් බව අභියෝග කළද ඔහු සියලුම දූතවරුන් ප්රිතික්ෂේප කළ අයෙකි. ඔවුන් බොරු කළ අයවේ. ඒ ගැන සාධක දෙවන පාඩමේ අල්ලාගේ වදන් තුළින් ඉදිරිපත් කරන ලදී.

අල්ලාහ්ගේ දූත මුහම්මද් තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා සිටියහ. “මුහම්මද්ගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මෙම සමාජයේ කිසිවෙකු, ඔහු යුදෙව්වෙකු හෝ කිතුනුවකු හෝ වේවා මට සවන් නොදී පසුව මා එවනු ලැබු පණිවිඩය විශ්වාස නොකර මිය යන්නේ ද ඔහු අපා වාසීන් අතරින් කෙනෙකු මිස නැත.”([40])

මරණයෙන් පසු යළි අවදි කරනු ලැබීම, විනිශ්චය, ප්රතිවිපාක, ස්වර්ගය, නිරය යනාදිය විශ්වාස කිරීමත් මුස්ලිම්වරයා මත අනිවාර්යය වේ. එමෙන්ම උත්තරීතර අල්ලාහ්ගේ පෙර නියමය විශ්වාස කිරීමත් අනිවාර්යය වේ.

කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසය යන්නෙහි තේරුම:

ඇත්තෙන්ම උත්තරීතර අල්ලාහ් සියලු දෑ දනී. අහස් හා මහපොළොව මැවීමට පෙර ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ දනී. එම දැනුම ඔහු අභියස ඇති ‘අල් ලව්හුල් මහ්ෆූල්’ නම් සටහන් පුවරුවේ ඔහු ලියා ඇත යන වග මුස්ලිම්වරයකු විශ්වාසය කිරීමයි. එමෙන්ම අල්ලාහ් අභිමත කළ දේ සිදු වී ඇත. ඔහු අභිමත නොකළ කිසිවක් සිදු වී නැත. සැබැවින්ම අල්ලාහ් ගැත්තන් මවා ඇත්තේ ඔහුට අවනත වීමටය. ඒ ගැන ඔහු පැහැදිලි කර ඇති අතරම ඒ ගැන නියෝග කරද ඇත. ඔහුට පිටුපෑමෙන් ඔහු ඔවුන් වැළැක්වීය. ඒ ගැන ඔවුනට පැහැදිලි කළේය. අල්ලාහ්ගේ නියෝග ක්රියාවට නැංවීම තුළින් නැමදුම් කිරීමට හැකිවන පරිදි අභිමතය හා හැකියාව ඔහු ඔවුනට පිරිනැමීය. ඒ අනුව ඔවුනට කුසල් ලැබෙනු ඇත. කවරෙකු අල්ලාහ්ට පිටුපාන ක්රියාවන් සිදු කළේද ඔහුට දඬුවම නියම වනු ඇත යන වගත් විශ්වාස කිරීම.

ගැත්තාගේ අභිමතය උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය යටතේ පවතී. නමුත් පෙර නියමයන් වනාහි, අල්ලාහ් ඒවායෙහි තම ගැත්තාහට අභිමතයක් හෝ කැමැත්තක් හෝ පිරිනමා නැත. සැබැවින්ම එය ඔවුන් මත ක්රියාත්මක වනුයේ ඔවුන්ගේ කැමැත්ත තිබියදීමය. අත් වැරදීම්, අමතක වීම් උදාහරණ ලෙස පෙන්වා දිය හැක. එමෙන්ම ඔවුනට පිළිකුලක් තිබියදීමය. ‘දිළිඳුකම, රෝගීභාවය, දුක් කරදර හා එවැනි දෑ ඊට උදාහරණ ලෙස දැක්විය හැක. එවිට සැබැවින්ම අල්ලාහ් ඒ හේතුවෙන් ඔහුව ග්රහණය කරන්නේ නැත. මිනිසා ඒ සඳහා දඬුවම් නොලබනු ඇත. නමුත් ඔහු දුෂ්කරතා, දිළිඳුකම හා රෝගීභාවය වැනි දෑ ඉවසා දරා අල්ලාහ්ගේ පෙර නියමය ගැන තෘප්තිමත් වූයේ නම් ඒ සඳහා අල්ලාහ් ඔහුට මහඟු කුසල් පිරිනමනු ඇත.

පෙර සඳහන් කරනු ලැබූ සියලු දෑ විශ්වාස කිරීම මුස්ලිම්වරයකුට අනිවාර්යය වේ.

මුස්ලිම්වරුන් අතරින් අල්ලාහ් විශ්වාස කිරීමෙන් වඩාත් ශ්රේෂ්ඨය. ඔවුන් අතරින් ඔහුට වඩාත් සමීප, ස්වර්ගයේ නිලයෙන් වඩාත් උසස් වන්නෝ ‘අල් මුහ්සිනූන්’ වෙති. ඔවුහු අල්ලාහ්ට නැමදුම් කරති. ඔවුහු ඔහුට ගරු බුහුමන් දක්වති. ඔවුන් ඔහුව දකින සේ ඔවුහු ඔහුට බිය වෙති. ඔවුන් රහසින් හෝ ප්රසිද්ධියේ හෝ ඔහුට පිටුනොපාති. ඔවුන් කවර ස්ථානයක සිටිය ද සැබැවින්ම ඔහු ඔවුන් දෙස බලා සිටින බවත් ඔවුන්ගේ ක්රියාවන්, ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ චේතනාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැති බවත් විශ්වාස කරමින් ඔහුගේ නියෝගයට අවනත වෙති. ඔහුට පිටුපෑම අතහැර දමති. ඔවුන් අතරින් කිසිවකුට හෝ -අල්ලාහ්ගේ නියෝගයට- විරුද්ධව යම් වරදක් සිදු වූ විට ඒ සම්බන්ධයෙන් ඔහු ක්ෂණිකව සැබෑ ලෙස පාපක්ෂමාවෙහි නිරත වෙති. තම වරද සම්බන්ධයෙන් පසු තැවෙයි. අල්ලාහ්ගෙන් සමාව අයදියි. නැවත ඒ වෙත යොමු නොවෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත: “නියත වශයෙන්ම අල්ලාහ්, බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් හා දැහැමි කටයුතු කළවුන් වන ඔවුන් සමඟය” (අන්-නහ්ල්: 128)

***

ඉස්ලාම් දහමේ පූර්ණත්වය

උත්තරීතර අල්ලාහ් උතුම් අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත: “අද දින මම ඔබට ඔබේ දහම පුර්ණවත් කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබට පරිපූර්ණ කළෙමි. ඔබට දහමක් ලෙස මම ඉස්ලාමය පිළි ගතිමි.” (අල් මාඉදා: 3) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසීන්හට, සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි.” (අල් ඉස්රාඃ: 9) අල් කුර්ආනය පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත. “තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මගපෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද දේව ග්රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.” (අන් නහ්ල්: 89)

පූර්ව සාධක සහීහ් හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්රකාශ කර ඇත්තාහ. “රාත්රිය දිවා කාලය මෙන් වන දීප්තිය මත මම ඔබ අතහැර යමි. මගෙන් පසු විනාශ වී යන්නෙකු මිස වෙනත් කිසිවකු එයින් බැහැර නොවනු ඇත.” ([41]) තවත් විටෙක නබි තුමාණෝ මෙසේද පැවැසූහ. “ඔබ අතර කරුණු දෙකක් අතහැර මම පිටත්ව යමි. ඒ දෙක ඔබ පිළිපදින කල්තාක් ඔබ කිසිවිටෙක නොමඟ නොයන්නේමය. එනම්: අල්ලාහ්ගේ ග්රන්ථය හා ඔහුගේ නබිවරයාගේ පිළිවෙතයි.”([42])

පෙර සඳහන් කළ පාඨයේ:

උත්තරීතර අල්ලාහ් පළමු පාඨයේ සැබැවින්ම මුස්ලිම්වරුන්හට ඔවුන්ගේ ඉස්ලාම් දහම සම්පූර්ණ කර ඇති බවත්, එහි කිසිවිටෙක කිසිදු අඩුවක් නොමැති බවත්, ඊට අමතර කිසිවක් අවශ්ය නොවන බවත්, එය සෑම කාලයකටම, ස්ථානයකටම සමාජයකටම ගැළපෙන බවත් දන්වා සිටියි. එමෙන්ම සැබැවින්ම මුස්ලිම්වරුන්හට මෙම කාරුණික පරිපූර්ණ මහඟු දහම ප්රදානය කිරීමෙන්, දූතවරුන්ගේ අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට දේව පණිවිඩය එවීමෙන්, ඉස්ලාමය ව්යාප්ත කිරීමෙන් හා එහි අනුගාමිකයන්ට ඔවුන්ගේ සතුරන්ට එරෙහිව උදව් කිරීමෙන් අල්ලාහ් තම ආශිර්වාදයන් සම්පූර්ණ කර ඇති බවත් දන්වා සිටියි. එමෙන්ම ජනයා සතු දහම ඉස්ලාමය වන බව ඔහු පිළි ගෙන ඇත්තේය. එහෙයින් කිසිවිටෙක ඔහු කෝප වන්නේ නැත. එය හැර වෙනත් දහමක් කිසිවිටෙක කිසිවකුගෙන් පිළි ගන්නේ ද නැත.

සැබැවින්ම, උතුම් වූ අල් කුර්ආනය ආගමික හා ලෞකික කටයුතු සඳහා වූ පිවිතුරු සත්ය ය පැහැදිලි කිරීම් සහිත සම්පූර්ණ විෂය මාලාවක් බව දෙවන පාඨයේ අල්ලාහ් දන්වා සිටියි. එහෙයින් ඔහු පෙන්වා දුන් දෑ හැර වෙනත් යහපතක් නැත. ඔහු වැළැක්වූ දෑ හැර වෙනත් නපුරක් නැත. අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ සෑම ගැටලුවක්, සෑම ප්රශ්නයක් සඳහාම සාධාරණනීය නිවැරදි විසඳුම ඇත්තේ අල් කුර්ආනයේය. අල් කුර්ආනයේ විසඳුමට එරෙහිව පවතින සෑම විසඳුමක්ම අඥානය. අසාධාරණය.

දැනුම, ප්රතිපත්තිය, දේශපාලනය, නීති රාමුව, තීන්දු ක්රම, පුද්ගල හා සමාජ විද්යාව, ආර්ථිකය, දඬුවම් ක්රිම මෙන්ම මේ හැර මිනිසුනට අවශ්ය වන අනෙකුත් සියලු දෑ පිළිබඳ පරිපූර්ණ පැහැදිලි කිරීම් අල්ලාහ් අල් කුර්ආනයෙන් හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ වදනින් පැහැදිලි කර ඇත. ඉහත සඳහන් කරන ලද පාඨයේ අල්ලාහ් ඒ බව පවසා සිටියේ මේසේය. “සෑම කරුණක්ම පැහැදිලි කරන්නක් ලෙස අපි අල් කුර්ආනය ඔබ වෙත පහළ කළෙමු.” (අන් නහ්ල්: 89)

ඊළඟ පාඩමෙන් ඉස්ලාම් දහමේ පරිපූර්ණත්වය හා එහි ඇති සම්පූර්ණ, ශක්තිමත්, විස්තීරණ කථිකාසනය ගැන කෙටි විස්තරයක් පැහැදිලි කර ඇත.

***

 සිව්වැනි කොටස - ඉස්ලාමයේ කථිකාසනය

පළමුව: දැනුම සම්බන්ධයෙන්:

අල්ලාහ් මිනිසාට නියෝග කළ පළමු අනිවාර්යය කටයුත්ත, ඔහු දැනුම හැදෑරීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “එබැවින් (නබිවරය) සැබැවින්ම අල්ලාහ් හැර නැමදුමට වෙනත් දෙවියෙකු නොමැති බව දැනගනු. තවද නුඹගේ ද දෙවියන් කෙරෙහි විශ්වාය තැබූ පිරිමින් හා විශ්වාසය තැබූ කාන්තාවන්ගේ ද පාපකම් සඳහා ඔබ සමාව අයැද සිටිනු. නුඹලා පෙරළා යන ස්ථානය හා නුඹලා ලැඟුම් ගන්නා ස්ථානය අල්ලාහ් දනියි.” (මුහම්මද්:19) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. "... නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය." (අල් මුජාදලා: 11) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කර දෙනු මැනව!” (තාහා: 114) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “ඔබ (යමක්) නොදන්නෙහු නම් දැනුම ඇත්තන්ගෙන් විමසා දැනගනු.” (අල් අන්බියා: 7) දූතවරුන්ගේ අවසාන දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහීහ් හදීසයක මෙසේ පවසා ඇත්තාහ. “දැනුම සෙවීම සෑම මුස්ලිම්වරයකුටම අනිවාර්යය වේ.”([43]) තවත් විටෙක නබි තුමාණෝ මෙසේද පැවැසූහ. “නමදින්නාට වඩා උගතකුගේ මහිමය පසළොස්වක දින රාත්රියේ සෙසු තාරකාවන් අතර පවතින සඳ මෙනි.”([44])

ඉස්ලාමයේ දැනුම එහි අවශ්යතාවයට අනුව කොටස් කිහිපයකට බෙදී යයි.

පළමු කොටස: පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා සෑම මිනිසෙකුටම අනිවාර්යය වන්නකි. ඒ ගැන නොදැනුවත්වීම සම්බන්ධයෙන් කිසිවකුට නිදහසට කරුණු කිව නොහැක. එනම් අල්ලාහ් පිළිබඳ දැනුම, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ දැනුම හා ඉස්ලාම් දහමෙහි අත්යවශ්ය කරුණු පිළිබඳ දැනුමයි.

දෙවන කොටස: ‘ෆර්ලු කිෆායා’ හෙවත් සමාජයේ ප්රමාණවත් පිරිසක් එය ඉටු කළ විට ඉතිරි පිරිසගෙන් (එය ඉටුනොකිරීමේ) එම පාපය ඉවත් වී ඔවුන්ගේ වගකීම තුළ අනිවාර්යය කරුණක් ලෙස නොව සතුටු දායක කරණක් බවට එය පත්වීමය. ඉගැන්වීම, තීරණ ගැනීම, ආගමික විසදුම් ලබා දීම වැනි ක්ෂේත්ර සඳහා සුදුස්සන් බවට පත් කරන ඉස්ලාමීය ෂරීආහි නීති පිළිබඳ දැනුම. මුස්ලිම්වරුනට ඔවුන්ගේ ජීවන කටයුතු සඳහා අවශ්ය වන වෘත්තිය හා කර්මාන්ත පිළිබඳ දැනම ද එලෙසමය. ඒ සඳහා ප්රමාණවත් පිරිසක් නොලැබුණු විටෙක මුස්ලිම්වරුන්ගේ ජීවිතයට අත්යවශ්යම වන ක්ෂේත්රයන්හි ඒ පිළිබඳ නිපුණත්වය ලැබූ ප්රමාණවත් විද්වතුන් පිරිසක් බිහි කිරීම මුස්ලිම්වරුන්ගේ කටයුතු භාර නායකයින්හට අනිවාර්යය වන්නේය.

දෙවනුව: ‘අකීදා’ නොහොත් දේව විශ්වාසය හා ප්රතිපත්තීන් පිළිබඳ දැනුම.

මිනිසුන් සියල්ලෝම අල්ලාහ්ට පමණක් ගැතිකම් කළ යුතු බව ඔවුනට දන්වන මෙන් අල්ලාහ් ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට නියෝග කළේය. ඒ අනුව ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම ඔවුන් මත පැවරෙන අනිවාර්යය වගකීමකි. එමෙන්ම ඔවුන් අල්ලාහ් නැමදීමෙහි දී කිසිදු තැරැව්කාර මාධ්යයකින් තොරව ඍජුව ඔහු සමග සම්බන්ධකම් ඇති කර ගන්නා මෙන් ඔහු නියෝග කළේය. එය “ලා ඉලාහ ඉල්ලල්ලාහු” පදය අර්ථ දැක්වීමේදී පෙර විස්තර කළ පරිදි පිහිටිය යුතුය. එමෙන්ම අල්ලාහ් වෙත පමණක් සියල්ල භාර කරන මෙන් ද, ඔහු හැර වෙනත් කිසිවකුට බිය නොවන මෙන් ද ඔහු හැර වෙනත් කිසිවකු මත බලාපොරොත්තු නොතබන මෙන් ද([45]) නියෝග කළේය. ඊට හේතුව සෙත සළසන්නා හා හානිය ඇතිකරන්නා ඔහු වන බැවිණි. එමෙන්ම පෙර විස්තර කළ පරිදි අල්ලාහ් තමන් ගැන වර්ණනා කළ ඔහුගේ දූතයාණන් ඔහු ගැන වර්ණනා කළ ඔහුගේ පුර්ණ ගුණාංග තුළින් ඔහු වර්ණනා කරන මෙන් ද නියෝග කළේය.

තුන්වැන්න: මිනිසුන් අතර බැඳීම් හා සම්බන්ධ දැනුම.

දැහැමි මිනිසකු වන මෙන් ද දේව ප්රතික්ෂේපයේ අන්ධකාරයෙන් මිනිස් සමාජය මුදවා ඉස්ලාමයේ ආලෝකය වෙත යොමු කිරීමට කැප වන මෙන් ද අල්ලාහ් මුස්ලිම්වරයාට නියෝග කර ඇත. යම් රාජකාරියක් ඉටු කරමින් මෙම පොත මා ලියන්නටත් එය ප්රකාශයට පත් කිරීමටත් මා ඉදිරිපත් වූයේ මේ නිසාවෙනි.

මුස්ලිම්වරයකු තවත් අයකු සමග වන බැඳීම් පිහිටනුයේ අල්ලාහ්ව විශ්වාස කිරීමේ බැඳීම මතය. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන දැහැමි ගැත්තන්හට, ජනයා අතරින් ඔවුන් දුරස්ව සිටිය ද ඔහු ඔවුනට ප්රිය කරයි. අල්ලාහ්ව ප්ර්තික්ෂේප කරන, අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නන්, ඔවුන් ජනයා අතරින් වඩාත් සමීපව සිටිය ද ඔහු ඔවුන් කෙරෙහි කෝප වෙයි. මෙය වෙන් වූ පිරිස් දෙකක් අතර එකතු කරන බැඳීමයි. මෙය පරම්පරාව, නිජබිම, ලෞකික අවශ්යතා අතර වන සම්බන්ධතාවය මෙන් නොව පුද්ගලයින් අතර පවතින සංයුක්තියයි. ඒවා ඉතා ඉක්මණින් කැඩීයන බැඳීම්ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන ජනයා අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වන්නන් සමග ඔවුන් තමන්ගේ දෙමව්පියන් වුව ද තමන්ගේ දරුවන් වුව ද තමන්ගේ සහෝදරයන් වුව ද තමන්ගේ පවුලේ අය වුව ද මිතුරුකම් පාන්නන් ලෙස ඔබ නොදකිනු ඇත. (අල් මුජාදලා: 22) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඔබ අතර වඩාත් ගෞරවනීය පුද්ගලයා වනුයේ, ඔබ අතුරින් වඩාත් බියබැතිමත් වූවන්ය. .” (අල් හුජුරාත්: 13)

පළමු පාඨයේ අල්ලාහ් දන්වා සිටිනුයේ: සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කරන්නා, අල්ලාහ්ගේ සතුරන්ට -ඔවුන් ජනයා අතර ඔහුට වඩාත් සමීපව සිටිය ද- ප්රිය නොකරන බවයි.

දෙවන පාඨයේ ඔහු දන්වා සිටිනුයේ: ඔහු අබියස ඔහුගේ ආදරයට පාත්ර වූ වඩාත් ගෞරවනීය තැනැත්තා ඔහු කවර ජාතියකට, කවර වර්ණයකට, අයත් වුව ද ඔහුට අවනත වන තැනැත්තාය යන්නයි.

මිතුරා මෙන්ම සතුරා සමග සාධාරණනීය ලෙස කටයුතු කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇති අතරම තමන්ටම අපරාධ කර ගැනීම තහනම් කළේය. එය ඔහුගේ ගැත්තන් අතර තහනම් බවට පත් කර ඇත. තවද වගකීම් හා ප්රතිඥාවන් ආරක්ෂා කරන මෙන් නියෝග කළ අතර වංචාව තහනම් කළේය. දෙමව්පියන්ට කාරුණිකව සැලකීම, ඥාතීන් සමග යහසම්බන්ධතා පැවැත්වීම, දිළිඳුන්ට උපකාර කිරීම යහපත් කටයුතු වලදී හවුල් වීම යනාදිය ද නියෝග කළේය. සතුන් ඇතුළු සෑම දෙයකටම යහපත කරන මෙන් නියෝග කළේය. සතුන්ට හිංසා කිරීම තහනම් කළේය. උන් සමග ද යහපත් ලෙස කටයුතු කරන මෙන් නියෝග කළේය.([46]) කැලෑ බල්ලා,([47]) විෂකුරු සර්පයා, ගෝනුස්සා, මීයා, උකුස්සා හා හූනා වැනි හානිදායක සතුන් වනාහි, උන්ගෙන් ඇතිවන හානිය හා හිංසාව වළක්වා ගැනීම උදෙසා උන් මරා දමනු ලැබේ.

සිව්වැන්න: දේව විශ්වාසී මිනිසාට හදවතින්ම උපදෙස් දෙන්නා හා නිරීක්ෂා කරන්නා සම්බන්ධයෙන් වූ දැනුම.

මිනිසුන් කොතැනක සිටියත් සැබැවින්ම අල්ලාහ් ඔවුන් බලා සිටින බවත්, ඔවුන්ගේ සියලු ක්රියාවන් ඔහු දන්නා බවත්, ඔවුන්ගේ චේතානවන් ඔහු දන්නා බවත්, ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ප්රකාශ සටහන් කර ගන්නා බවත්, රහසිගත හා ප්ර්සිද්ධියේ ඔවුන් තුළින් මතුවන සෑම දෙයක්ම සටහන් කරන මලක්වරුන් ඔවුන් සඳහා නියම කර ඇති බවත්. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන කියන සෑම දෙයක් ගැනම ඔවුන්ගෙන් ප්රශ්න කරන බවත්, මෙලොව ජීවිතයේ ඔවුන් ඔහුට පිටුපෑවේ නම් ඔහුගේ නියෝගයට විරුද්ධව කටයුතු කළේ නම් ඔහුගේ වේදනීය දඬුවම ගැන ඔවුන් ප්රවේසම් විය යුතු බවත් අල්ලාහ්ව විශ්වාස කරන්නන් පාපයට වැටීමෙන් ඔවුන් වළක්වාලන බාධකය එය බවත් එවිට උත්තරීතර අල්ලාහ්ට බියෙන් වැරදි හා විරුද්ධවාදීකම් ඔවුන් අතහරින බවත් ජනයාට පැහැදිලි කරමින් අල් කුර්ආනයේ පාඨ පැමිණ ඇත.

අල්ලාහ්ට බිය නොවී පාපකම් සිදු කිරීමට හැකියාවක් ලැබූ විට එසේ පාපකම් කරන්නා වනාහි, මෙලොව ජීවිතයේ ඔහු ඉන් හැරෙන්නට ඔහු වෙනුවෙන් නියමයක් නියම කර ඇත. එනම් යහපත විධානය කොට අයහපතින් වළක්වාලන මෙන් මුස්ලිම්වරුන්ට කර ඇති අල්ලාහ්ගේ නියෝගයයි. එවිට සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ් ඉදිරියේ වැරදි කරන්නන්ගේ වැරදි දෙස බලා එම ක්රියාව තම වචනයෙන් වළක්වන තෙක්, එසේ නොහැකි නම් තම අතින් වළක්වන තෙක් ඔහු වගකිව යුත්තකු බව වටහා ගනු ඇත. එමෙන්ම විරුද්ධවාදීන් මත අල්ලාහ්ගේ දඬුවම් ක්රියාත්මක කරන මෙන් මුස්ලිම්වරුන්ගේ කටයුතු භාරකරුවන්හට([48]) නියෝග කර ඇත. එනම් අදාළ පුද්ගලයාගේ වරදේ ප්රමාණයට වූ දඬුවම් වෙති. අල්ලාහ් ඒවා අල් කුර්ආනයේ පැහැදිලි කර ඇති අතරම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම හදීස්වලද එය පැහැදිලි කර ඇත්තාහ. ඒවා වැරදිකරුවන් මත ක්රියාත්මක කරන මෙන් නියෝග කළේය. එමගින් යුක්තිය, ආරක්ෂාව හා සමෘද්ධිය පැතිර යනු ඇත.

පස්වැන්න: සමාජ සුබසාධන හා සහයෝගිතාව පිළිබඳ දැනුම.

භෞතික වශයෙන් මෙන්ම ආත්මීය වශයෙන් මුස්ලිම්වරු තමන් අතර එකිනෙකා ත්යාගශීලීව කටයුතු කළ යුතු යැයි අල්ලාහ් ඔවුනට නියෝග කරයි. සකාත් හා සදකා යන පාඩම්වලදී ඒ ගැන විස්තර කරන ලදී. එමෙන්ම හානි පමුණුවන කවර වර්ගයක කියාවකින් වුව ද එවන් හිංසාවක් මිනිසුනට සිදු කිරීම අල්ලාහ් මුස්ලිම්වරයාට තහනම් කළේය. එය මාර්ගයට දමන හානිදායක දෙයක් වුව ද එසේ කිරීම තහනම් කළේය. වෙනත් කෙනෙකු එය තැබුව ද එය දුටු විට ඉවත් කරන මෙන් ඔහු මුස්ලිම්වරුනට නියෝග කළේය. හිංසා කරන්නාට දඬුවම ප්රතිඥා දී ඇත්තාක් මෙන්ම එය ඉවත් කිරීම සඳහා ද කුසල් ඇති බව ඔහු ඔහුට ප්රතිඥා දී ඇත.

දේව විශ්වාසියා තමන් වෙනුවෙන් යමක් ප්රිය කරන්නා සේම තම සහෝදරයා වෙනුවෙන් ද ප්රිය කිරීමත්, යමක් තමන් වෙනුවෙන් පිළිකුල් කරන්නා සේම ඔහු වෙනුවෙන් ද එය පිළිකුල් කිරීමත් අල්ලාහ් ඔහුට අනිවාර්යය කර ඇත. “තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගන්න. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරන්න. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වන්න. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.” (අල් මාඉදා: 2) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “දෙවියන් විශ්වාස කරන සියල්ලෝ සහෝදරයෝ වෙති. එබැවින් ඔබ ඔබේ සහෝදරයින් දෙදෙනකු ඇතර සමාදානය ඇති කරන්න.” (අල් හුජ්රාත්: 10) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “කෙනෙකු දානයක් හෝ යහපතක් හෝ ජනයා අතර සමතයට පත් කරන කරුණක් ගැන නියෝග කරන්නකු මිස ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්රතිඵල පිරිනමන්නෙමු.” (අන්-නිසා 114) අල්ලාහ්ගේ දූත මුහම්මද් තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා සිටියහ. “තමන් කැමති දෑ තම සහෝදරයාට ද කැමැති වන තෙක් ඔබ අතරින් කිසිවකු දේව විශ්වාස කරන්නෙකු නොවන්නේය.”([49]) සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අවසන් කාලයේ ‘හජ්ජතුල් වදා’ නම් සමුගැනීමේ හජ් වන්දනාවේ දී මීට පෙර අණ නොකළ පරිදි තරයේ පවසමින් එතුමා විසින් ඉදිරිපත් කළ මහඟු දේශනයේ([50]) එතුමා මෙසේ පවසා සිටියහ. ඉමාම් අහ්මද් වාර්තා කර ඇත. "ආහෝ ජනයිනි! දැනගන්න. සැබැවින්ම ඔබේ පරමාධිපති එක්කෙනකි. ඔබේ පියාණන් ද එක්කෙනෙකි. දැනගන්න. අරාබි නොවන්නාට වඩා අරාබි ජාතිකයා උතුම් වන්නේ නැත. අරාබි ජාතිකයාට වඩා අරාබි නොවන්නා උතුම් වන්නේ ද නැත. කළු ජාතිකයා රතු ජාතිකයාට වඩා උතුම් වන්නේ නැත. එමෙන්ම රතු ජාතිකයා කළු ජාතිකයාට වඩා උතුම් වන්නේ නැත. එසේ උතුම් වන්නේ නම් තක්වා හෙවත් බියබැතිමත්කම හේතුවෙන් මිස නොවන්නේය. මා දැනුම් දී ඇත්තේ ද?" ඔවුහු (ජනතාව), "අල්ලාහ්ගේ දූතයාණන් දැනුම් දී ඇත්තේය.” යැයි පැවසූහ.([51]) සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තවදුරටත් මෙසේ පැවසූහ. "ඔබේ මේ දිනයේ, ඔබේ මේ දේශයේ, ඔබේ මේ මාසයේ උතුම්භාවය මෙන්ම සැබැවින්ම ඔබේ රුධිරයත්, ඔබේ වස්තුවත්, ඔබේ මාන්යයත් ඔබ ඔබේ පරමාධිපති හමුවන තෙක්ම ඔබට උතුම් වන්නේය. මම ඒ වග දන්වා නොසිටියෙම් ද?" ඔවුහු: "ඔව්" යැයි පැවසූහ. පසුව එතුමා එතුමාගේ ඇගිල්ල අහස දෙසට ඔසවා. "අහෝ දෙවියනි, සාක්ෂි දරනු මැනව!" යැයි පැවසුුහ.([52])

සයවැන්න: අභ්යන්තරික දේශපාලනය පිළිබඳ දැනුම

පාලනය සඳහා තම පක්ෂපාතිත්වය ප්රීතිඥා දෙමින් මුස්ලිම්වරුන් තමන් වෙත ‘ඉමාම්වරයකු’ (නායකයකු) පත් කර ගන්නා මෙන් අල්ලාහ් ඔවුනට නියෝග කළේය. එමෙන්ම ඔවුන් වෙන්ව නොයා එකම සමූහයක් ලෙසින් එකතු වන මෙන් ද ඔහු ඔවුනට නියෝග කළේය. ඔවුන්ගේ නායකයින් හා ඔවුන්ගේ ප්රධානීන් අල්ලාහ්ට විරුද්ධ ක්රි්යාවක් නියෝග කරන්නේ නම් මිස අනෙකුත් කටයුතුවලදී ඔවුනට අවනත වන මෙන් ද ඔහු ඔවුනට නියෝග කළේය. ඊට හේතුව මැවුම්කරුට විරුද්ධවීමෙහි මැවීමකට අවනත නොවිය යුතු බැවිණි.

ඉස්ලාමීය පිළිවෙත් ඉටු කිරීමට හෝ ඒ වෙත ඇරයුම් කිරීමට හෝ නොහැකි දේශයක මුස්ලිම්වරයකු වී නම්([53]) ඉන් නික්මවී ඉස්ලාමීය පිළිවෙත් අනුව කටයුතු තීන්දු කරනු ලබන, අල්ලාහ් පහළ කළ දෑ අනුව මුස්ලිම් පාලකයකු විසින් පාලනය කරනු ලබන ඉස්ලාමීය දේශයක් වෙත හිජ්රත් කරන මෙන් ද නියෝග කර ඇත.

දේශ සීමාවන් පැනවීම, වර්ග හෝ ගෝත්රවාදය ඉස්ලාමය පිළිගන්නේ නැත. සැබැවින්ම මුස්ලිම්වරයාගේ වර්ගය ඉස්ලාමයයි. ගැත්තන් අල්ලාහ්ගේ ගැත්තන්ය. භූමිය අල්ලාහ්ගේ භූමියයි. මුස්ලිම්වරයා අල්ලාහ්ගේ පිළිවෙත නිසි ලෙස පිළිපදිනවානම් කිසිදු බාාවකින් තොරව එහි ඔහු සංචරනය කරනු ඇත. නමුත් යම් කරුණක දී ඔහු එයට පිටුපාන්නේ නම් ඔහු මත දේව නීතිය ක්රියාත්මක වේ. අල්ලාහ්ගේ පිළිවෙත අනුව ක්රියා කිරීමෙහි හා ඔහුගේ දණ්ඩ නීති ක්රියාත්මක කිරීමෙහි([54]) ආරක්ෂාව මෙන්ම ජනතා ස්ථාවරත්වය තහවුරු වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වන අතරම ඔවුන්ගේ මාන්යයට ද ඔවුන්ගේ වස්තුවටද ආරක්ෂාව සැලසේ. සියල්ල යහපත් වනු ඇත. එමෙන්ම, ඉන් හැරීමෙන් සියල්ල අයහපත් වනු ඇත.

උත්තරීතර අල්ලාහ් සහජ බුද්ධිය ආරක්ෂා කළේය. එය මත්පැන්, මත් ද්රව්ය හා ශරීරය හීන කරන වස්තූන් පරිහරනය කිරීම තහනම් කරමිනි. මත්පැන් පානය කරන්නාට ඔහු දඬුවම් නියම කර ඇත. එය සිදු කරන සෑම අවස්ථාවකම කස පහරවල් 40-80 දක්වා වේ. එය ඔහු ඉන් වළක්වා ගැනීමට, ඔහුගේ බුද්ධිය ආරක්ෂා කිරීමට සහ ඔහුගේ නපුරෙන් මිනිසුන් ආරක්ෂා කිරීමටය.

උත්තරීතර අල්ලාහ් මුස්ලිම්වරුන්ගේ ජීවිත ආරක්ෂා කළේය. එය යුක්තියකින් තොරව ඉක්මවා කටයුතු කරන වැරදිකරුට සමප්රතිචාර දැක්වීමෙනි. ඒ අනුව ඝාතකයා ඝාතනය කරනු ලැබේ. තුවාල සිදු කිරීම්වල ද සමප්රතතිචාර දැක්වීම ආගමානුගත කර ඇත. එමෙන්ම තම ජීවිතය, මාන්යය හා දේපළ ආරක්ෂා කිරීම සඳහා ආත්මාරක්ෂක විධි විධාන සලසා ගැනීමත් ආගමානුගත කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “සමප්රතිචාර දැක්වීමෙහි නුඹලාට (යහ) ජීවිතයක් ඇත. අහෝ බුද්ධිමතුනි! (එමගින්) නුඹලා බියබැතිමතුන් විය හැකිය.” (අල් බකරා: 179) අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත්තාහ. “තම ආගම ආරක්ෂා කිරීම සඳහා මරා දමනු ලැබූ තැනැත්තා ප්රාණ පරිත්යාගිකයෙකි, ආත්මාරක්ෂාව සඳහා මරා දමනු ලැබූ තැනැත්තා ප්රාණ පරිත්යාගිකයෙකි, තම දේපළ ආරක්ෂා කිරීම සඳහා මරා දමනු ලැබූ තැනැත්තා ප්රාණ පරිත්යාගිකයෙකි, තම පවුල ආරක්ෂා කිරීම සඳහා මරා දමනු ලැබූ තැනැත්තා ප්රාණ පරිත්යාගිකයෙකි.”([55])

මුස්ලිම්වරුන්ගේ මාන්යය අල්ලාහ් ආරක්ෂා කළේය. එය සාධාරණ හේතුවක් මත මිස පිළිකුල් සහගත ලෙස කතා කරමින් මුස්ලිම්වරයා පිළිබඳ දොස් කීම තහනම් කරමින් ආගමානුගත කිරීම තුළිනි. එමෙන්ම නීතිමය සාක්ෂි නොමැතිව අනාචාරය හා සමලිංගිකත්වය වැනි කරුණකින් චරිත ඝාතනය කිරීමේ වරදක් පවසා අවලාද නගන්නාට දණ්ඩ නීතිය ආගමානුගත කිරීමෙනි.

නීති විරෝධී ලෙස මිශ්රවීමෙන් පරම්පරාවන් බිහිවීම([56]) අල්ලාහ් ආරක්ෂා කළේය. පරදාර සේවනය දැඩි තහනමක් සහිතව තහනම් කිරීමෙන් සදාචාරාත්මක අපරාධ සිදුවීමෙන් පිරිසිදු කොට, මාන්යය ආරක්ෂා කළේය. පරදාර සේවනය මහා පාපයන්ගෙන් එකක් බව සලකනු ලැබීය. එය තහවුරු කරන කොන්දේසි සපුරා ඇති විටෙක එසේ ක්රියා කරන්නා මත කාමයේ වරදවා හැසිරීම සඳහා වු දණ්ඩ නීතිය ක්රියාත්මක කරවන්නට අවමන් සහගත දඬුවමක් ඔහු නියම කළේය.

සොරකම, වංචාව, සූදුව, අල්ලස හා ඒ හැර වෙනත් තහනම් ඉපැයීම් තහනම් කරමින් අල්ලාහ් වස්තුව ආරක්ෂා කළේය. එය සොරාට, මංකොල්ලකරුට නින්දනීය දඬුවමක් ආගමානු ගත කිරීම තුළිනි. එනම් ඒ සඳහා වූ කොන්දේසි සම්පූර්ණ වූ විට අත කැපීම හෝ සොරකම ස්ථීර වුව ද කොන්දේසි සම්පූර්ණ නොවූ විටෙක ඔහු ඉන් වළක්වන අයුරින් ඔහුට දඬුවම් කිරීම.

මෙම දණ්ඩ නීතී දහම් ගත කළේ මහා ප්රතඥාවන්ත සර්වඥානී අල්ලාහ්ය. තම මැවීම්වල තත්ත්වයන්ට ගැලපෙන යහපත් දෑ මොනවාදැයි මැනවින් දන්නේ ඔහුය. ඔහු ඔවුනට මහා කාරුණිකය. මුස්ලිම්වරුන්ගෙන් වැරදි කරන්නන්ගේ පාපකම්වල ප්රතිකර්මයක් ලෙසත්, ඔවුන්ගේ හානියෙන් හා වෙනත් අයගේ හානියෙන් ආරක්ෂා කරන්නක් ලෙසත් මෙම දණ්ඩනීති ඔහු නියම කළේය. ඝාතකයාට මරණ දඬුවම දීම, සොරාගේ අත කැපීම ඉස්ලාම් විරෝධී හා එයට අභියෝග කරන්නන් අතර දොස් නගන්නන් වනාහි, එසේ ඔවුන් දොස් නගනුයේ රෝගියකුගේ කුණු වී ගිය අවයවයක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙනි. එය කපා නොහැරියේ නම් ඔහුගේ දූෂණය සමාජය පුරාම පැතිර යනු ඇත ([57]). ඒ සමඟම, ඔවුන්ගේ අසාධාරණ අරමුණු වෙනුවෙන් නිරපරාදේ අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට ඔවුන් කැමති වෙති.

සයවැන්න: පිටස්තර පාලන ප්රතිපත්ති පිළිබඳ දැනුම.

මුස්ලිම් නොවන්නන් දේව ප්ර්තික්ෂේපයේ අන්ධකාරයේ සිට දේව විශ්වාසයේ ආලෝකය දක්වාත්, මේ ලෞකික ජීවිතයේ ද්රව්යමය දේවල ගිලී යාමේ දුක්ඛිත තත්වයෙන් හා මුස්ලිම්වරුන් සැබවින්ම භුක්ති විඳින ආධ්යාත්මික සතුට අහිමි වීමෙන් ඔවුන්ව ගලවා ගැනීම සඳහාත් ඔවුන්ට ඇරයුම් කරන මෙන් මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ කටයුතු භාර තැනැත්තන්හට අල්ලාහ් නියෝග කළේය. ඒ අනුව මුස්ලිම්වරයාට අල්ලාහ් අණ කර ඇත්තේ, මිනිස් පුතුන් සියලු දෙනාටම තම දැහැමි භාවයෙන් ප්රයෝජනය ලබන දැහැමි මිනිසෙකු වන මෙන් හා මානව ක්රමවලට පටහැනිව සියලු මිනිසුන් ආරක්ෂා කිරීමට යුහුසුළු වන මෙන්ය. සැබැවින්ම එය මිනිසාගෙන් අපේක්ෂා කරනුයේ හොඳ පුරවැසියෙකු වීම පමණක් වන අතර, එය එහි දූෂණය හා හීනතාවයට හා ඉස්ලාමයේ යහපත්කම හා පරිපූර්ණත්වයට සාක්ෂියකි.

ඉස්ලාමය හා මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීම උදෙසා මෙන්ම අල්ලාහ්ගේ සතුරන් හා ඔවුන්ගේ සතුරන් බිය වැද්දීම උදෙසා තමන්ට හැකි බලය යොදවමින් අල්ලාහ්ගේ සතුරන්ට එරෙහිව කටයුතු කරන්නට සූදානම් ව සිටින මෙන් අල්ලාහ් මුස්ලිම්වරුන්හට නියෝග කළේය. එමෙන්ම ඉස්ලාමීය නීති රාමුව තුළ කටයුතුවලට අවධානය යොමු වන්නේ නම් මුස්ලිම් නොවන්නන් සමග ගිවිසුම්වලට එළැඹීම මුස්ලිම්වරුන්ට අල්ලාහ් අනුමත කර ඇත. සතුරන් ගිවිසුම කඩ කිරීමට සැරසුණේ නම් හෝ සැබැවින්ම ඔවුන් ගිවිසුම කඩන්නට යමක් කිරීමෙන් ගිවිසුමෙන් ඉවත්වීම අත්යාවශ්ය වන විට පමණක් මිස ඔවුන් සමග වූ ගිවිසුමෙන් ඉවත්වි එය කඩ කිරීම මුස්ලිම්වරුන්ට තහනම් කළේය.

මුස්ලිම් නොවන විරුද්ධවාදීන් සමග සටන් කිරීමට පෙර, පළමුව එම විරුද්ධවාදීන් සාමය වෙත පිවිසීමට ඇරයුම් කළ යුතු බව අල්ලාහ් මුස්ලිම්වරුන්ට නියෝග කළේය. ඔවුන් එය පිටුපෑවේ නම් ඔවුන්ගේ ජිස්යා බදු අය කර ගන්නා මෙන් හා අල්ලාහ්ගේ නීතියට([58]) යටත් වන මෙන් ඉල්ලා සිටිය යුතුය. එයද ඔවුන් පිටුපෑවේ නම් හිංසා පීඩා අවසන් වන තෙක්([59]) සහ සියලු පිළිවෙත් අල්ලාහ්ට පමණක් සතු වන තෙක් සටන් කිරීම සිදු වනු ඇත.

යුදමය අවස්ථාවකදී දරුවන්, කාන්තාවන්, වයෝවෘද්ධයන්, ආරාමවල සිටින ආගමික පූජකයින් ඒ සඳහා යම් අදහස් ප්රකාශ කිරීමකින් හෝ යම් ක්රියාවකින් සතුරු හමුදාව සමග හවුල් වූයේ නම් මිස ඔවුන් මරා දැමීම අල්ලාහ් මුස්ලිම්වරුනට තහනම් කළේය. එමෙන්ම සිරකරුවන් සමග යහපත් අයුරින් කටයුතු කරන මෙන් ද ඔහු ඔවුනට නියෝග කළේය. ඉස්ලාමය තුළින් යුද්ධය යනු ආධිපත්යනය දරා, ගසා කෑමක් හෝ ආක්රමණය කිරීමක් හෝ අපේක්ෂා නොකරන බව අපට වැටහේ. එසේ නම්, ඉන් අපේක්ෂා කරනුයේ සත්යය පතුරුවාලීම සහ මැවීම් කෙරෙහි වූ කරුණාව ව්යාප්ත කිරීමත් ජනයා මැවීම්වලට නැමදීමෙන් බැහැර කොට මැවුම්කරු අල්ලාහ්ට පමණක් නැමදීමට යොමු කිරීමත්ය.

අටවැන්න: නිදහස පිළිබඳ දැනුම.

(අ) ප්රතිපත්ති දැරීමේ නිදහස:

ඉස්ලාම් නීතිය යටතට පිවිසෙන මුස්ලිම් නොවන්නන්හට ඉස්ලාමය පූර්ණ ලෙස විස්තර කිරීමෙන් පසුව ඒ වෙත ඇරයුම් කිරීමෙන් පසුව ඉස්ලාම් දහම තුළ තමන් කැමති ප්රතිපත්තියක් දරන්නට අල්ලාහ් නිදහස පිරිනමා ඇත. කෙසේ වෙතත් ඔහු ඉස්ලාමය තෝරා ගත්තේ නම් ඔහුට එහි සතුට හා සාර්ථකත්වය පවතිනු ඇත. ඔහු ඔහුගේ පැරණි දහමම තෝරා ගත්තේ නම් ඔහු වෙනුවෙන් ප්රතික්ෂේපයේ අභාග්යය මෙන්ම නිරා ගින්නේ දඬුවම ද තෝරා ගත්තේය. මෙය ඔහුට එරෙහිව සාධකයක් වනු ඇත. අල්ලාහ් ඉදිරියේ පවසන්නට තරම් නිදහසට කරුණක් නොවනු ඇත. එසේම ඔහු යටත් විජිතයෙකු ලෙස ජිස්යා ගෙවීමේ හා ඉස්ලාමීය නීතියට යටත් වීමේ මෙන්ම මුස්ලිම්වරුන් ඉදිරියේ තමන්ගේ ප්රතික්ෂේපය හෙළි නොකිරීමේ කොන්දේසිය මත ඔහුගේ ප්රතිපත්තිය දරන්නට ඔහු අතහැර දැමිය යුතුයි.

මුස්ලිම්වරයා වනාහි, ඉස්ලාමය තුළට පිවිසීමෙන් පසු ඔහු ඉන් ඉවත්වී එයට ද්රෝහීවීම පිළිගනු නොලබනු ඇත. එසේ ඔහු ඉන් බැහැර වී ද්රෝහීවන්නේ නම් එවිට ඔහුට ලැබෙන ප්රතිවිපාකය මරණ දඬුවම වේ. ඊට හේතුව ඔහු එය වටහා ගත් පසු තම ආගම අතහැර යාමෙන් දැහැමි නොවන ද්රෝහියෙකු බවට පත්ව ඇති බැවිණි. නමුත් ඔහු අල්ලාහ් වෙත පශ්චාත්තාප වී නැවත ඉස්ලාමය වෙත යොමු වූයේ නම් එම දඬුවම ක්රියාත්මක නොවන්නේය.([60])

ඔහු එසේ දහම අතහැරීම, ඉස්ලාමය ආහෝසි කරන කටයුතු අතරින් යම් කටයුත්තක් සිදු කිරීම තුළින් වී නම්, එය අතහැර දමා, ඒ ගැන දොම්නසට පත්වී, අහෝසි කරන කටයුතු සඳහා පශ්චාත්තාප විය යුතු අතර ඒ සඳහා අල්ලාහ්ගෙන් සමාව ඇයැද සිටිය යුතු වේ.

(කෙනෙක් තුළ) ඉස්ලාමය අහෝසි කරන ක්රියාවන් බොහෝමයක් ඇත. ඒ අතරින් වඩාත් ප්රචලිත වන්නේ:

අල්ලාහ්ට ආදේශ කිරීම. එනම් ගැත්තකු අල්ලාහ් සමග තවත් දෙවියකු හවුල් කිරීමයි. එය අල්ලාහ්ට ප්රාර්ථනා කර ඔහුට සමීප කරවන මැදිහත් කරුවකු ඔහු අතර හා අල්ලාහ් අතර පත් කරගත්ත ද - එය නාමිකව ඔහුගේ දේවත්වය පිළිගෙන එනම් ඔහු දෙවියකු හා නැමදුම් ලැබීම යන අර්ථයෙන් ඔහුව පිළිගත්ත ද -ඔවුන් අඥාන යුගයේ දේව ආදේශකයින් මෙනි. ඔවුන් පිළිමවලට වන්දනාමාන කර ඔවුන් වෙනුවෙන් මැදිහත්වීමට දැහැමි මිනිසුන් සංඛේතවත් කර ගත්හ.- එසේ නැතහොත් අල්ලාහ් සමග වූ දෙවියෙකු ලෙස හා ඔහුට ගැතිකම් කිරීම ඔහුට කරන නැමදුමක් ලෙස පිළි නොගත්ත ද එක සමානය. -ඔවුන් ඉස්ලාමයට අනුබද්ධ වූ දේව ආදේශකයින් මෙනි. ඔවුන් පිළිම වලට වන්දනාමාන කිරීම හෝ අල්ලාහ් නොවන දෙයකට ‘මේ මාගේ දෙවියා’ යැයි පැවසීම පමණක් ෂිර්ක් යැයි සිතමින් ඒක දේවවාදය වෙත ඔවුන්ව ඇරයුම් කරන්නන් පිළි නොගනිති.

එය මත්පැනට වෙනත් නාමයක් භාවිත කරමින් එය පානය කරන්නෙක් මෙනි. ඔවුන්ගේ තත්ත්වය පෙර සඳහන් කෙරෙනි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “එබැවින්, ඔබ ආගමික වතාවත්වල දී (ෂිර්ක්වලින් තොර) පිවිතුරු චේතනාවෙන් යුතු ව අල්ලාහ්ට පමණක් නැමඳුම් කරනු.” “දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට ගැතිකම් නොකළෙමු (යැයි පවසති)'. ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි.” (අස්-සුමර්: 2-3) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “... එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. ඔහු හැර නුඹලා ඇරයුම් කරන සෙසු අය වනාහි, ඔවුනට ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතු කර කර ගත නොහැක.” “නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්රකතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්යය) දන්වා නොසිටියි.” (ෆාතිර් 13,14)

1- දේව ප්රෙතික්ෂේපකයින් අතර සිටින, දෙවියන්ට ආදේශ කරන්නන් හා වෙනත් යුදෙව්වන්, කිතුනුවන්, භෞතිකවාදීන්, ගිනිපුදන්නන්, අල්ලාහ් පහළ නොකළ දෑ අනුව තීන්දු දෙන නපුරු බලවේග වැනි දෑ ප්රතික්ෂේප නොකිරීම. ඔවුහු අල්ලාහ්ගේ නීතිය පිළිනොගනිති. ඔවුන් අල්ලාහ් ප්රතික්ෂේප කරන බව දැනගත් පසු යමෙකු ඔවුන් හෙළා නොදුටුවේ නම් ඔහු ද ප්රතික්ෂේප කළ අයකු වේ.

2- මහා ෂිර්කය බලාත්මක කරන ඉන්ද්රජාල (හූනියම්). එසේ සිදු කරන්නා දේව ප්රතික්ෂේපකයකු බවට පත්වන බව දැනගත් පසු කවරෙකු එවැන්නක් සිදු කරන්නේ නම් හෝ එය පිළිගන්නේ නම් හෝ ඔහු ද දෙවියන් ප්රුතික්ෂේප කළ අයකු වේ.

3- සැබැවින්ම ඉස්ලාම් නොවන නීතියක් හා පිළිවෙතක් ඉස්ලාමීය පිළිවෙතට වඩා යහපත් බව හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට සතු නොවන නීතියක් එතුමාගේ නීතියට වඩා යහපත් බව හෝ සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නීතිය නොවන වෙනත් නීතියක් අනුමත කර ඇති බව හෝ විශ්වාස කිරීම.

4- දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හෝ එතුමාගේ පිළිවෙතක් බව දැනගත් යමක් පිළිකුල් කිරීම.

5- ඉස්ලාම් දහමින් වූවක් බව දැනගත් යමක් හෑල්ලුවට ලක් කිරීම.([61])

6- ඉස්ලාමයේ ජයග්රහහණය ගැන වෛර කිරීම හෝ එහි පරිහානිය ගැන සතුටු වීම.

7- දේව ප්රතික්ෂේපකයින්, ඔවුන්ගේ භාරකරුවන් ඔවුන් අතරින්ම වූවන් බව දැනගෙනම ඔවුන් සමග සෙනෙහස පාමින් හෝ ඔවුනට උපකාර කරමින් ඔවුන් තම භාරකාර මිතුරන් ලෙස ගැනීම.

8- ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් කිසිවෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතින් බැහැරවීම සුදුසු නොවන බව දැන දැනම, එතුමාණන්ගේ පිළිවෙතින් බැහැර වීමට තමාට අවසර ඇති බව විශ්වාස කිරීම.

9- අල්ලාහ්ගේ දහම පිටුදැකීම. කවරෙකුට ඉස්ලාමය ගැන පැහැදිලි කර දීමෙන් පසු ඔහු ඒ ගැන ඉගෙන නොගෙන, ඒ අනුව කටයුතු නොකරන්නේ ද ඔහු ද දේව ප්රතික්ෂේපකයකු වේ.

10- ඉස්ලාමයේ ඒකමතික තීන්දු වලින් එකක් ප්රතික්ෂේප කිරීම සහ එවැනි දෑ ගැන නොදැන සිටීම. ඉස්ලාමය අහෝසි කරවන කරුණු පිළිබඳ සාධක බොහෝමයක් අල් කුර්ආනයේ මෙන්ම සුන්නා නොහොත් නබි වදන්වල අන්තර්ගතව ඇත.

(ආ) චින්තන නිදහස:

ඉස්ලාමයේ ඉගැන්වීම්වලට පටහැනි නොවන සේ අදහස් ප්රකාශ කිරීමේ නිදහස අල්ලාහ් ඉස්ලාමය තුළ පිරිනමා ඇත. අල්ලාහ්ට දොස් නොකියන, සෑම කෙනෙකුගේ ඉදිරියේ සත්යය කතා කරන මෙන් ඔහු මුස්ලිම්වරුන්ට නියෝග කළේය. එය ජිහාද් අතරින් අති උතුම් ජිහාදය බවට පත් කළේය. මුස්ලිම්වරුන්ගේ කටයුතු භාර තැනැත්තන්හට උපදෙස් දී, වැරදි කටයුතුවලින් ඔවුන් වළකිින මෙන් ද ඔහු නියෝග කළේය. අසත්ය ය වෙත ඇරයුම් කරන්නන්හට එරෙහිව ප්තිචාර දක්වා ඔවුන්ව ඒවායින් වළක්වන මෙන් ද ඔහු නියෝග කළේය. චින්තන නිදහසට ගෞරවය දැක්වීමට මෙය වඩාත් මහඟු, වඩාත් අලංකාර සැකසුමකි. අල්ලාහ්ගේ පිළිවෙතට විරුද්ධ චින්තනයන් වනාහි, ඒවා හෙළි කිරීමට අදාළ පුද්ගලයාට අවසරයක් නැත. ඊට හේතුව සැබැවින්ම එය විනාශයකි, අර්බුදයකි, සත්යයට එරෙහිව කරන සටනකි.

(ඇ) පුද්ගල නිදහස

පිවිතුරු ඉස්ලාමීය ෂරීආ පිළිවෙතෙහි සීමාවන් තුළ පුද්ගල නිදහස ඉස්ලාමයේ අල්ලාහ් පිරිනමා ඇත. මිනිසා පිරිමියෙකු හෝ වේවා කාන්තාවක් හෝ වේවා විකිණීම, මිලදී ගැනීම, පරිත්යාග කිරීම, නතර කිරීම, නොසළකා හැරීම වැනි ඔහු අතර හා සෙස්සන් අතර ගනුදෙනු කිරීමේ නිදහස පිරිනමා ඇත. එමෙන්ම පිරිමියා හා කාන්තාව යන සෑම කෙනෙකුටම තම සහකාරිය හා සහකරු තෝරා ගැනීමේ නිදහස ද පිරිනමා ඇත. එවිට ඔවුන් දෙදෙනාම තෘප්තියට පත් නොවූ අය සම්බන්ධයෙන් බල කිරීමට ලක් නොවනු ඇත. කාන්තාවක් පිරිමියෙකු තෝරා ගැනීමේදී දහමෙහි ඇයට නොගැළපෙන පිරිමියකු තෝරා ගැනීම සුදුසු නැත. ඒ සඳහා ඇයට අවසරය ද නැත. එය ඇයගේ ආගමික විශ්වාසය හා ඇගේ ගෞරවය ආරක්ෂා කිරීම සැළකිල්ලට ගනිමින්ය. ඇයටත් ඇගේ පවුලටත් එය තහනම් කර ඇත.

කාන්තාවකගේ භාරකරු -පෙළපතින් ඇයට වඩාත් සමීප පිරිමියා හෝ ඔහුගේ නියෝජිතයා- ඇයගේ විවාහ ගිවිසුමේ භාරකාරත්වය දරනු ඇත. කාන්තාවක් ඇය විසින්ම විවාහයක් කර නොගනී. ඊට හේතුව එහි දී දුරාචාරයට සමාන කරුණක් පවතින බැවිණි. එහිදී ඔහු (භාරකරු) මනමාලයාට, ‘මැයව මම ඔබට විවාහ කර දුනිමි’ යැයි පවසයි. මනමාලයා ඔහුට පිළිතුරු දෙමින් ‘මෙම විවාහය ම පිළිගතිමි’ යැයි පවසයි. ගිවිසුමට සාක්ෂිකරුවන් දෙදෙනෙකු පෙනී සිටියි.

සැබැවින්ම තමන් හා තමන් සතු සියලු දෑ අල්ලාහ් සතු බැවින් මුස්ලිම්වරයාට අල්ලාහ් ආගමානුගත කළ සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට ඉස්ලාමය ඔහුට අවසර දෙන්නේ නැත. අල්ලාහ් තම ගැත්තන්හට ආශිර්වාදයක් ලෙස පිරිනැමූ ඔහුගේ ෂරීආ සීමාවන් තුළ කටයුතු කිරීම ඔහුට අනිවාර්යය වේ. කවරෙකු එය පිළිපදින්නේද ඔහු යහමග ලබයි. සතුට හා සොම්නස ලබයි. කවරෙකු එයට විරුද්ධව කටයුතු කරන්නේ ද ඔහු දුර්භාග්යයකු වෙයි. විනාශයට පත් වෙයි. එහෙයින් දුරාචාරය තහනම් කර ඇත්තාක් මෙන්ම සමලිංගිකත්වය දැඩි සේ තහනම් කර ඇත. එමෙන්ම සියදිවි හානි කර ගැනීම හා අල්ලාහ් ඔහු මවා ඇති ස්වරූපයේ කිසියම් වෙනසක් සිදු කිරීම ද තහනම් කර ඇත.

උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, රහස්ය පෙදෙස්හි රෝම බෑම, කිහිලි රෝම ඉවත් කිරීම හා චර්මඡේදනය වැනි දෑ වනාහි, එසේ කිරීමට අල්ලාහ් ඒවා නියෝග කර ඇත.

අල්ලාහ්ගේ සතුරන්ට සමානව ඔවුන්ගේ සුවිශේෂී කටයුතුවල දී කටයුතු කිරීම මුස්ලිම්වරයාට ඔහු තහනම් කර ඇත්තේය. සැබැවින්ම ඔවුනට සමානකම් පෑම හා බාහිර කටයුතුවලදී ඔවුනට කැමත්ත පළ කිරීම ඔවුන් අනුකරණය කරමින් ඔවුනට සමාන ලෙස කටයුතු කිරීමට හා හදවතෙහි ඔවුන් කෙරෙහි ප්රේම කිරීමට හේතුවන බැවිණි.

අල්ලාහ් මුස්ලිම්වරයකුගෙන් බලාපොරොත්තු වනුයේ, ඔහු නිවැරදි ඉස්ලාමීය චින්තනයේ ප්ර්භවයක් වීම මිස මිනිස් සිතුවිලි හා ඔවුන්ගේ අදහස් ආනයනය කරන්නෙකු වීම නොවේ. එමෙන්ම මුස්ලිම්වරයා යහපත් ආදර්ශමත් පුද්ගලයකු වීම ඉස්ලාම් බලාපොරොත්තු වන අතරම ඔහු අනුකරණය කරන්නෙකු වීම බලාපොරොත්තු නොවෙයි.

නිසි කර්මාන්ත හා තාක්ෂණික විශේෂඥතාව සම්බන්ධයෙන් ගත් කල, ඒවා ඉගෙන ගෙනීමට හා ඒවා අනුගමනය කිරීමට ඉස්ලාමය අණ කරයි. දෙවියන් වහන්සේ මිනිසාගේ ගුරුවරයා බැවින් එහි පුරෝගාමියා මුස්ලිම් නොවන කෙනෙකු වුව ද (ඔහුගෙන් උගත ගත යුතු වේ.) සර්වබලධාරි දෙවියන් මෙසේ පැවසීය. “ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.” (අල් අලක්: 5)

පුද්ගලයෙකුගේ නිදහසෙන් ප්ර්යෝජන ගැනීම, ඔහුගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ තමාගේ නපුරෙන් සහ අන් අයගේ නපුරෙන් එය ආරක්ෂා කර ගැනීම සඳහා පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම උපදෙස් හා ප්ර්තිසංස්කරණ මෙයයි.

(ඈ) නවාතැන් ගැනීමේ (පදිංචි වීමේ) නිදහස:

පදිංචි වීමේ නිදහස අල්ලාහ් මුස්ලිම්වරයාට පිරිනමා ඇත. එහෙයින් යම් කෙනෙකු වෙත ඔහුගේ අවසරයෙන් තොරව ඇතුළු වීම සුදුසු නොවන අතරම ඔහු නවාතැන් ගන්නා ස්ථානයේ ඔහුගේ අනුමැතියෙන් තොරව ඒ වෙත බැලීමද සුදුසු නොවන්නේය.

(ඉ) ඉපැයීමේ නිදහස:

අල්ලාහ් මුස්ලිම්වරයාට ආගමානුගත කර ඇති සීමාවන් තුළ ඉපැයීමේ හා වියදම් කිරීමේ නිදහස ඔහුට පිරිනමා ඇත. තමන්ට හා තම පවුලට ප්රමාණවත් වන පරිදි එමෙන්ම යහපත් හා දැහැමි කටයුතුවලදී වියදම් කළ හැකි පරිදි සේවය කර ඉපැයීමට අල්ලාහ් ඔහුට නියෝග කර ඇත. එකල්හිම පොළිය, සූදුව, අල්ලස, සොරකම සහ හූනියම, පේනකීම, දුරාචාරය හා සමලිංගිකත්වයෙන් ලබන කුලිය වැනි තහනම් කරන ලද ඉපැයීම් ද ඔහුට තහනම් කර ඇත. තවද ජීවය ඇති දෑ රූපගත කිරීම,([62]) මත් ද්රව්ය, ඌරු මස්, තහනම් කරන ලද කෙළිභාණ්ඩ, ගීත ගැයීම හා නර්තන සඳහා ගන්නා කුලිය වැනි තහනම් කරන ලද දෑහි ලාභයද තහනම් කර ඇත. මෙවන් මූලාශ්රවලින් ඉපැයීම තහනම් මෙන්ම ඒ සඳහා වියදම් කිරීමද තහනම් වේ. ආගමානුගත කරන ලද ක්රමයකින් හැර කිසිවක් වියදම් කිරීමට මුස්ලිම්වරයාට සුදුසු නොවන්නේය. හලාල් - නිත්යානුකූල ඉපැයීම් වලින් පොහොසත් ලෙස ජීවත් වීමට හා සතුටින් සිටීමට හැකිවන පරිදි මිනිසා ඉපැයීමේදී හා වියදම් කිරීමේදී ඔහුට ලබා දෙන ඉහළම උපදෙස්, මග පෙන්වීම සහ ප්රතිසංස්කරණය මෙයයි.

නව වැන්න: පවුල පිළිබඳ දැනුම:

උත්තරීතර අල්ලාහ් කුඩුම්බය හෙවත් පවුල ඉස්ලාමීය ෂරියා හි වඩාත් විධිමත් ක්රමවේදයක් ලෙස සංවිධානය කර ඇති අතර, ඒ අනුව කටයුතු කරන්නාට සන්තෝෂයට හේතුසාධක සාක්ෂාත් කර ගත හැකිය. ඔහු තම දෙමව්පියන්ට -මවට සහ පියාට- ප්රිය වචනයෙන් කතා කිරීම, ඔහු ඔවුන්ගෙන් ඈත්ව සිටියත් නිතර බැහැදැකීම, ඔවුන්ට ඇප උපස්ථාන කිරීම, ඔවුන්ගේ අවශ්යතා සපුරාලීම, ඔවුන් වෙනුවෙන් වියදම් කිරීම සහ ඔවුන් දෙදෙනා හෝ ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දුප්පත් නම් ඔවුන්ට නවාතැන් ලබා දීම යනා දී කටයුතු තුළින් ඔවුනට උපකාර කරන මෙන් ද අල්ලාහ් නියම කර ඇත. තම දෙමව්පියන් නොසලකා හරින තැනැත්තන්හට ඔහු දඬුවම් දෙන බවට පොරොන්දු වී ඇති අතර ඔවුන් දෙදෙනාට උපකාරශීලීව කටයුතු කරන්නාහට සතුට, ප්රීතිය ඇති බවත් ප්රතිඥා දී ඇත. එමෙන්ම විවාහය ද ඔහු ආගමානුගත කර ඇති අතර එය ආගාමානුගත කිරීමෙහි ප්රඥාව ද, තම ග්රන්ථයේ හා ඔහුගේ දූතයාණන් වචනයෙන් ඔහු පැහැදිලි කර ඇත.

***

විවාහය ආගමික වශයෙන් නිත්යානුගත කිරීමෙහි ප්රඥාව:

1- විවාහය තුළින් නිර්මලකම, තහනම් දැයින් -වේශ්යාකමින්- තම ලිංගේන්ද්රි ය ආරක්ෂා කිරීම සහ තහනම් දෑ දෙස බැලීමෙන් දෑස් ආරක්ෂා කිරීම වැනි නිර්මලකමට ඉමහත් සාධක සම්පූර්ණ වනු ඇත.

2- විවාහය තුළින් සෑම සහකරුවෙකු අතරම සෙනෙහස හා දයාව අල්ලාහ් නියම කර ඇති බැවින් තම සහකරු සමඟ සැනසුම සහ සන්සුන්කම ලබා ගත හැකිය.

3- විවාහය තුළින් මුස්ලිම්වරුන්ගේ සංඛ්යාව තෛික වශයෙන් වැඩි වන අතර, එහි පාරිශුද්ධභාවය හා ධර්මිෂ්ඨකම පවතී.

4- සර්වබලධාරි අල්ලාහ් විසින් නිර්මාණය කර ඇති පරිදි, එක් එක් කලත්රයා තම ස්වභාවයට ගැලපෙන අයුරින් තම යුතුකම් ඉටු කරන විට, ඒ එක් එක් කලත්රැයා තම සහකාරයාට සේවය කරයි.

පිරිමියා, තම බිරිය හා තම දරුවන් නඩත්තු කිරීම සඳහා නිවසින් බැහැරට ගොස් මුදල් උපයයි. බිරිය, නිවස තුළ සේවය කරයි. ඇය දරු සම්පත උසුලයි. කිරි දී ඔවුන් වඩවයි. ඇගේ සැමියා වෙනුවෙන් ආහාර පාන මෙන්ම නිවස හා නිදිහයන පිළියෙල කරයි. ඔහු වෙහෙසට හා දුෂ්කරතාවට පත්ව නිවසට පිවිසුණු විට තෙහෙට්ටුව සහ දුෂ්කරතාව පහව යයි. සෑම කෙනෙකුම සැනසිල්ලෙන් හා සතුටින් ජීවත් වෙයි. -ස්වාමිපුරුෂයා, බිරිය යන දෙදෙනා එකඟ වන්නේ නම්- බිරිය ඇය වෙනුවෙන් උපයන ඇතැම් සේවාවන්වල නිරත වීම හෝ තම ස්වාමිපුරුෂයාට උපයා ගැනීමට උදව් කිරීම හෝ ඇයට කිසිදු විරුද්ධත්වයක් ස්වාමිපුරුෂයාගේ පැත්තෙන් නැත. නමුත් ඇය කරන එම සේවය පිටස්තර පිරිමින් සමග මිශ්ර නොවන, ඔවුන්ගෙන් දුරස්ත වූ පරිසරයක විය යුතුය. එනම් ඇගේ නිවසේ, ගොවිපොළේ හෝ ඇගේ සැමියාගේ හෝ ඇගේ පවුලේ අයගේ ගොවිපොළේ සේවය කිරීම වැනිය. නමුත් කර්මාන්ත ශාලාවක, කාර්යාලයක, සාප්පුවක හෝ වෙනත් තැනක පිටස්තර පිරිමින් සමඟ මිශ්ර වීමෙන් ඇය නිරාවරණය වන සේවා කටයුතු සම්බන්ධයෙන් නම්, ඒ සඳහා ඇයට අවසරය නැත. ඇය ඒ සඳහා තම කැමැත්තක් පළ කර සිටිය ද, ඇගේ ස්වාමිපුරුෂයාට හෝ ඇගේ දෙමව්පියන්ට හෝ ඇගේ නෑදෑයින්ට හෝ ඒ සඳහා ඇයට ඉඩදීම සුදුසු නොවන්නේය. මන්ද එය ඇයව නිරාවරණය කරන අතර සමාජය ද දූෂණයට නිරාවරණය කිරීමකි. කාන්තාව පිරිමින්ට නිරාවරණය නොවී, තම නිවස සුරක්ෂිතව තබා ඇති තාක් කල් පව්කාර දෑත් ඇය වෙතට දිගු නොවන අතර, වැරදි අදහස් සහිත දෑස් ද ඇය දෙස යොමු නොවනු ඇත. නමුත් ඇය මිනිසුන් අතරට ගියහොත්, එවිට ඇය වෘකයන් අතර සිටින බැටළුවෙකු මෙන් අතරමං වී, විනාශ වී යා හැක. ඇතැම් විට එම දුෂ්ටයන් ඇගේ ගෞරවය හා මාන්යය විනාශ කර දමන්නට කෙටි වේලාවක් හෝ ගත නොවනු ඇත.

ස්වාමිපුරුෂයා එක් භාර්යාවක් ගැන සෑහීමට පත් නොවන්නේ නම්, අල්ලාහ් ඔහුට බහු විවාහය සඳහා අවසර දී ඇත. එසේ අවසරය ලැබෙනුයේ නිවාස, නඩත්තුව සහ නවාතැන් පහසුකම් වැනි තමන් සතු දෑහි ඔවුන් අතර සාධාරණව කටයුතු කිරීමේ කොන්දේසිය මත සිව් දෙනෙකු දක්වා පමණි. නමුත් හදවතේ පවතින ආදරය වනාහි, එහි සාධාරණත්වය කොන්දේසියක් වශයෙන් පැනවෙන්නේ නැත. මක්නිසාද යත්, එය පුද්ගලයෙකු සතු කරුණක් නොවන අතරම ඒ සඳහා ඔහුට දොස් පැවරිය නොහැක්කකි. දෙවියන් වහන්සේ ඔහුගේ හැකියාව ප්රතික්ෂේප කළ යුක්තිය මෙසේය. "ඔහුට කීර්තිය හිමිවේවා". “තවද නුඹලා ආශා කළ ද, බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය.” (අන් නිසා: 129) මෙය, ආදරය හා එයට බැඳී ඇති දෙයයි. එය තහවුරු නොකිරීම බහු විවාහයට බාධාවක් බවට සර්වබලධාරි අල්ලාහ් නියම නොකළ යුක්තිය මෙයයි. ඊට හේතුව එයට හැකියාවක් නැති නිසාය. අල්ලාහ් තම දූතයාණන් සහ සාධාරණත්වය ඉටු කළ හැකි අයට බහු විවාහය ආගමානුගත කර ඇත්තේ, ඔහු ඔවුන්ට යහපත් දෑ කුමක්දැ යි හොඳින්ම දන්නා බැවිනි. එය පුරුෂයින්ට හා කාන්තාවන්ට වඩා හොඳය. මෙයට හේතුව නිරෝගී පුරුෂයෙකුට ලිංගික නැඹුරුතාවයක් ඇති හෙයින් ඔහුට කාන්තාවන් හතර දෙනෙකුගේ ලිංගික අවශ්යයතා සපුරාලිය හැකි අතර ඔවුන්ට සැලකීමට ද හැකිය. එය එක් ස්ත්රිියකට පමණක් සීමා වී ඇත්නම්, කිතුනුවන්([63]) සහ වෙනත් අය මෙන්, සහ ඉස්ලාමයේ හිමිකම් කියන අය ඒ සඳහා ඉල්ලා සිටින පරිදි, එය එක් කාන්තාවකට පමණක් සීමා වුවහොත් පහත සඳහන් නපුරුකම් සිදුවනු ඇත:

පළමුවැන්න: ස්වාමිපුරුෂයා දෙවියන්ට කීකරු දේව විශ්වාසියෙකු නම්, ඔහු අල්ලාහ්ට බිය වනු ඇත. එහෙයින් සැබැවින්ම ඔහු තහනම් කරනු ලැබූ දෑ ගැන හඟමින් තම ජීවිතය ගත කරනු ඇත. අනුමත ස්වයං අවශ්ය්තා යටපත් කර ගනු ඇත. ඊට හේතුව තම බිරිය ගැබ්ගෙන අවසන් කිරීම දක්වා කාලය පසු වීම, ඔසප් තත්ත්වයට වීම, දරු ප්රසූතියෙන් පසු රුධිර වහනය ඇති වීම සහ රෝගාබාධයට ලක්වීම යන කරුණු ඇය සමග පහස විදීම ඔහුව වළක්වන හෙයිනි. ඔහු තම ජීවිතයේ කොටසක් ගත කරනුයේ බිරිඳක් නොමැති මෙනි. ඇය ඔහුට සිත් ඇදගන්නා සුළු තැනැත්තියක් වී ඇය ඔහුට ආදරය කර, ඔහු ද ඇයට ආදරය කළ ද එසේමය. නමුත් ඇය ඔහුට සිත් ඇදගන්නා සුළු නොවී නම්, කාරණය ඊට වඩා හානිකර ය.

දෙවැන්න: ස්වාමිපුරුෂයා දෙවියන්ට අකීකරු ද්රෝහියෙකු නම්, ඔහු තම බිරිඳ අතහැර දමා, කාමයේ වරදවා හැසිරෙන්නට බලයි. බහු විවාහය නොකරන බොහෝ දෙනෙක් කාමමිථ්යාචාරයේ යෙදෙන අතරම, අසීමිත බහු විවාහයන් තුළ වංචාවන් සිදු කරනු ඇත. ඊට වඩා බරපතල වන්නේ ඔහු නීත්යානුකූල බහු විවාහයට එරෙහිව සටන් කරන්නේ නම්, ඔහු දෙවියන් ප්රතික්ෂේප කළ අයකු ලෙස විනිශ්චය කරනු ලැබීම සහ අල්ලාහ් එයට අවසර දී ඇති බව දැන දැනම එය නින්දා කිරීමයි.

තුන්වැන්න: බහු විවාහය තහනම් කර ඇත්නම් බොහෝ කාන්තාවන්ට විවාහය හා දරුවන් අහිමි වී යයි. ඒ අනුව ඔවුන් අතර සිටින ධර්මිෂ්ඨ හා නිර්මල කාන්තාවන් දුප්පත් වුවද යහතින් ජීවත් වන අතර අනෙකා අපරාධකරුවන් පහස විඳින දුෂ්ඨ ගණිකාවන් ලෙස ජීවත් වනු ඇත.

යුද්ධයට සහභාගී වීම, අනතුරු දායක රැකියාවන් හි නිරත වීම වැනි හේතූන් නිසා පිරිමින් මියයාමට වැඩි අවස්ථාවක් ඇති බැවින් කාන්තා සංඛ්යාව පිරිමින්ට වඩා වැඩි බව දන්නා කරුණකි. එමෙන්ම වැඩිවියට පත් වූ මොහොතේ සිට කාන්තාවන් විවාහයට සූදානම් බව ද දන්නා කරුණකි. නමුත් සියලු පිරිමින් ඒ සඳහා සූදානම් නැත. ඊට හේතුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විවාහය සඳහා බිරියට ගෙවිය යුතු මහර් නම් ත්යාග මුදල් තමන් සතුව නොමැති වීම, විවාහ ජීවිතයේ නඩත්තු වියදම් දැරීමට නොහැකි වීම යනාදිය නිසා විවාහ වීමට නොහැකි වීම බැවිණි. මේ අනුව ඉස්ලාමය කාන්තාවට වඩාත් සාධාරණ වී ඇති බවත් ඇයට කාරුණික වී ඇති බවත් හඳුනාගත හැක. නීත්යානුකූල බහු විවාහයට එරෙහිව සටන් කරන්නන් වනාහි, ඔවුහු කාන්තාවට, ගුණවත්භාවයට හා දේව දූතවරුන්ට (අලයිහිමුස් සලාම්) සතුරු වූවෝ වෙති. බහු විවාහය අල්ලාහ්ගේ දූතවරුන්ගේ සිරිතකි. සැබැවින්ම ඔවුන් ස්ත්රීන් විවාහ කර, අල්ලාහ් ඔවුන්ට නියම කර ඇති සීමාවන් තුළ ඔවුන් එකට තබා ගත්හ.

තම ස්වාමිපුරුෂයා තවත් ස්ත්රිීයක් විවාහ කර ගන්නා විට බිරිඳට දැනෙන දුක හා ඊර්ෂ්යාව ගත් කල, එය චිත්තවේගීය කාරණයකි. එසේ චිත්තාවේගී තත්ත්වයට පත් කාන්තාව ඒ සම්බන්ධ ඕනෑම කාරණයක දී ඉස්ලාමීය පිළිවෙතට වඩා වෙනත් පිළිවෙතකට ප්රමුඛතාව ලබා දීම සුදුසු නොවේ. විවාහ ගිවිසුමට පෙර ස්ත්රියකට තම ස්වාමිපුරුෂයා තවත් කෙනෙකු විවාහ කර නොගත යුතු බවට කොන්දේසි පැනවිය හැක. එය ඔහු පිළිගත්තේ නම් එම කොන්දේසිය ඔහුට නියම වනු ඇත. ඔහු ඇයට එරෙහිව තවත් විවාහයක් කරගත්තේ නම්, එවිට විවාහය තුළ රැඳී සිටීමට හෝ ෆස්හඃ කිරීමට - වෙන්වීමට හෝ ඇයට අවසර ඇත. නමුත් ඇයට දුන් දීමනාවෙන් කිසිවක් ගනු නොලැබේ.

දික්කසාදය අල්ලාහ් දහම් ගත කර ඇත. අඹු සැමියන් අතර ගැටළු හා ප්රශ්න ඇති වන විටත්, ඔවුන්ගෙන් එක් අයකු අනෙකා මත දක්වන ආදරය හීන වී ගිය විටත් එය විශේෂ මුහුණුවරක් ගනී. එය (එසේ ආගමානුගත කර ඇත්තේ) ඔවුන් දෙදෙනා ගැටළු හා ප්රශ්ණ සමග ජීවත් නොවනු පිණිසය. එමෙන්ම ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම තමන්ට තෘප්තිමත් ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කළ හැකි, මිය ගිය පසු ද මතුලොව ජීවිතය සතුටින් ගත කළ හැකි([64]) අඹුවකු ලබනු පිණිසය.

දසවැන්න: සෞඛ්යය පිළිබඳ දැනුම:

ඉස්ලාමීය ෂරීආ නම් නීති පිළිවෙත වෛද්ය විද්යාවේ සියලු මූලධර්ම සමඟ පැමිණියේය. මහඟු අල් කුර්ආනයෙහි සහ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හදීස්වල බොහෝ මානසික හා ශාරීරික රෝග පිළිබඳ විස්තර සහ ඒවා සඳහා වූ ශාරීරික හා අධ්යාත්මික ප්රතිකාර පිළිබඳ පැහැදිලි කිරීම් සඳහන්ව ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: “දේව විශ්වාසීන්ට දයාව හා සුවය ඇති දෑ අපි අල් කුර්ආනයෙන් පහළ කරන්නෙමු.” (අල් ඉස්රා: 82) අල්ලාහ්ගේ දූත මුහම්මද් තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා සිටියහ. “කිසියම් රෝගයක් අල්ලාහ් පහළ කර ඇත්නම් ඒ සඳහා වූ ප්රතිකාරය ද අල්ලාහ් පහළ කර මිස නැත. එය දන්නා අය එය ගැන දැන සිටියි. එය ගැන නොදන්නා අය එය ගැන නොදැන සිටියි.”

තවත් විටෙක නබි තුමාණෝ මෙසේද පැවැසූහ. “ඔබ ප්රතිකාර කරන්න. තහනම් දෙයකින් ප්රතිකාර නොකරන්න.”([65]) අල්ලාමා ඉමාම් ඉබ්නුල් කය්යූම් තුමාගේ ‘සාදුල් මආද් ෆී හද්යි හඃයිරිල් ඉබාද්’ නම් කෘතියෙහි මේ ගැන පැහැදිලි කිරීම් පැමිණ ඇත. එම පොත බලන්න. එය ඉස්ලාමීය ග්රන්ථ අතරින් වඩාත් පළදායී මෙන්ම වඩාත් නිවැරදි, ඉස්ලාමය හා අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳ වඩාත් පුළුල් ලෙස ආවරණය කර ඇති පොතකි.

එකොළොස් වැන්න: ආර්ථිකය, වාණිජය, කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම: මිනිසුනට අවශ්ය වන ජලය, ආහාර, මහජන උපයෝගිතා, ඔවුන්ගේ නගර සහ ගම් ඔවුනට ආරක්ෂාව තහවුරු කරන පරිදි නඩත්තු කිරීම, ඒවායෙහි පිරිසිදුකම, ඒවායේ ගමනාගමන නියාමනය කිරීම, වංචාව, බොරුව හා එවැනි වෙනත් දෑට එරෙහිව නැගී සිටීම යනාදිය මේ සියල්ලම ඉස්ලාමයේ පැහැදිලිව විස්තර කර ඇත.

දොළොස් වැන්න: සැඟවුණු සතුරන් සහ ඔවුන්ගෙන් මිදීමට ඇති මාර්ග පැහැදිලි කිරීම.මෙහිදී, සර්වබලධාරි අල්ලාහ් තමන්ට අවනත වූ ගැත්තාට උතුම් අල් කුර්ආනයෙහි පැහැදිලි කර දුන්නේ, සැබැවින්ම ඔහුට සතුරන් සිටින බවත්, ඔවුනට යටත් වී අනුගමනය කළ විට ඔවුන් මෙලොව හා පරලොව විනාශයට ඔහු ඇද දමනු ඇති බවත් දන්වා සිටින අතරම ඔහු ඒ ගැන ඔහුට අනතුරු අඟවා ඉන් මිදීමට මාර්ගයද පැහැදිලි කළේය. මෙම සතුරන් වනාහි:

ඔවුන්ගෙන් පළමුවැන්නා: ශාප ලත් ෂෙයිතාන්ය: සෙසු සතුරන් උසි ගන්වා මිනිසාට එරෙහිව ඔවුන් ක්රියා කරවයි. ඔහු අපේ පියා වන ආදම්ගේ සහ අපේ මව වන හව්වාගේ සතුරා වන අතර ඔවුන් දෙදෙනා ස්වර්ගයෙන් නෙරපා දැමීය. ඔහු ලෝක අවසානය දක්වා ආදම්ගේ දරුවන්ගේ සදා සතුරා ය. අපා ගින්නේ ඔහු සමග ඔවුන් සදාකල් වෙසෙන්නට අල්ලාහ් නියම කරන තෙක් (අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා!) අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමේ හෙළන්නට ඔහු කැපවීමෙන් කටයුතු කරයි. ඔහු දේව ප්රතික්ෂේපය තුළ හෙළන්නට නොහැකි වූවන් අල්ලාහ්ගේ කෝපයට හා ඔහුගේ දඬවමට ලක් කරන පාපකම්හි හෙළන්නට ක්රියා කරයි.

ෂෙයිතාන් මිනිසාගේ රුධිරය ගමන් කරන මාර්ගයන්හි ගමන් කරන ජීවයකි. මිනිසාගේ හදවත් තුළ කුකුස් ඇති කරයි. ඔහුට අවනත වූ විට නපුරෙහි වැටෙන තෙක් ඔහු එම නපුර අලංකාරවත් කර පෙන්වයි. ඔහුගෙන් මිදීමට අල්ලාහ් පැහැදිලි කළ මග මෙසේය. එනම් කෝප වූ විට හෝ පාපයක් සිදු කිරීමට සිතූ විට මුස්ලිම්වරයා “අඋදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්” (නෙරපා හරින ලද ෂෙයිතාන්ගේ උවදුරෙන් මම අල්ලාගෙන් ආරක්ෂා පතමි) යැයි පැවසීමයි. එවිට ඔහුගේ කෝපය ක්රියා කරන්නේ නැත. ඔහු පාපය සඳහා ඉදිරිපත් වන්නේ නැත. තම සිත තුළ නපුරක් බව අඟවන නපුරු චේතනාවන් ඔහු විනාශ මුඛයට හෙළීම සඳහා ක්රියා කරන ෂෙයිතාන්ගෙන් වූවක් බව වටහා ගෙන අනතුරුව ඔහු ඉන් මිදීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “නියත වශයෙන්ම ෂෙයිතාන් නුඹලාට සතුරාය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින්ම ගනු. නියත වශයෙන්ම ඔහු ඔහුගේ කණ්ඩායමට ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමටය.” (ෆාතිර්: 6)

දෙවන සතුරා: තණ්හා/ආශාව: පුද්ගලයෙකුට දැනෙන සත්ය ය ප්රතික්ෂේප කිරීමට සහ වෙනත් අයෙකු එය ගෙන එන්නේ නම් එය ප්රතික්ෂේප කිරීමට ඇති කැමැත්ත සහ සර්වබලධාරි අල්ලාහ්ගේ නීතිය ප්රතික්ෂේප කර, එයට විරුද්ධව ප්රතිචාර දැක්වීමේ කැමැත්ත යනාදිය එයට ඇතුළත් ය. මන්ද එය ඔහුට අවශ්ය දේට විරුද්ධව පිහිටන බැවිණි. ආශාවන් අතරින් තවත් කරුණක් වනුයේ සත්යයට හා යුක්තියට වඩා කැමැත්තට ප්රමුඛතාවය දීමයි. මේ සතුරාගෙන් ගැළවීමේ මාර්ගය නම්, ගැත්තා තම ආශාවන් අනුගමනය කිරීමෙන් සර්වබලධාරි අල්ලාහ් වෙත රැකවරණය පැතීම, ආශාවේ ආවේගයට ප්රතිචාර දක්වා එය අනුගමනය නොකිරීම ය. ඒ වෙනුවට, ඔහු සත්යය පැවසීම, එය කටුක වූවත් පිළිගෙන; සාතන්ගෙන් ආරක්ෂාව අල්ලාහ් වෙත පැතීම ය.

තුන්වන සතුරා: නපුරට අණ කරන ආත්මය: එසේ නපුරට අණ කරන කරුණු අතරට අල්ලාහ් තහනම් කළ වෛශ්යාකම, මත්පැන් පානය සහ නීත්යානුකූල නිදහසට කරුණක් නොමැතිව රමදාන් උපවාසය කඩ කිරීම වැනි දෑ මෙන් තහනම් කරන ලද ආශාවන් ක්රියාත්මක කිරීමෙහි පුද්ගලයෙකුට තමා තුළම හැඟෙන කැමැත්තද ඇතුළත් වේ. මෙම සතුරාගෙන් ගැළවීමේ මාර්ගය නම්, තමාගේ සහ සාතාන්ගේ නපුරෙන් සර්වබලධාරි අල්ලාහ් වෙත ආරක්ෂාව පතා මෙම තහනම් ආශාවන් ඉටු කිරීමෙන් ඉවත්වී, ඉවසිලිවන්තව කටයුතු කිරීම සහ අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ඉන් වැළකී සිටීමය. එය ඔහු ආහාර පානයකට ආශා කරන නමුත් එය කෑමෙන් හෝ බීමෙන් ඔහුට හානිය ඇති කරන්නේ නම් එයින් වැළකී සිටින්නාක් සේය. සැබැවින්ම තහනම් කරන ලද එම ආශාවන් ඉතා ඉක්මණින්ම ඉවත්ව යන බවත් ඊට පරව දුක හා දිගු පසුතැවිල්ලක් පවතින බවත් සිහිපත් කිරීම.

සිව්වන සතුරා: මනුෂ්ය වර්ගයා අතර සිටින යක්ෂයන්: ඔවුන් ෂෙයිතාන්ගේ පෙළඹවීමට හසු වූ ආදම්ගේ අකීකරු දරුවන් වෙති. ඔවුහු පිළිකුල් සහගත දෑ සිදු කරන, ඔවුන් සමඟ සිටින අයට එය අලංකාර කර පෙන්වන පිරිසක් වූහ. මෙම සතුරාගෙන් ගැළවීමේ මාර්ගය වනුයේ, ඔහුගෙන් පරෙස්සම් වීම, ඔහුගෙන් දුරස් වීම සහ ඔහු සමඟ එක්ව වාඩි නොවීම.

දහතුන් වැන්න: උත්කෘෂ්ට ඉලක්කය හා ප්රීතිමත් ජීවිතය පිළිබඳ දැනුම: සර්ව බලධාරි අල්ලාහ් තම මුස්ලිම් ගැත්තන්හට යොමු කළ උතුම් ඉලක්කය මේ ලෞකික ජීවිතය හා එහි අඩංගු ආකර්ෂණීය අස්ථිර දෑ නොව, සැබැවින්ම එය සැබෑ හා සදාකාලික අනාගතය සඳහා සූදානම් වීමකි. එනම්, මරණින් පසු ජීවිතයයි. ඒ අනුව අවංක මුස්ලිම්වරයා මේ ජීවිතයේ කටයුතු කරනුයේ සැබැවින්ම මෙය (මෙලොව ජීවිතය), මරණින් මතු ජීවිතයට මාර්ගයක් ලෙස හා ඒ සඳහා වූ ගොවිපලක් ලෙස සලකමින් එහි අවසානයක් නොවන බව විශ්වාස කරමිනි.

එය උත්තරීතර අල්ලාහ්ගේ වචනය සිහිපත් කරයි: “ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමදීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි.” (අද් දාරියාත්: 56) තවද උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සෑම ආත්මයක්ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැ යි බලත්වා! තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය." (18) “තවද නුඹලා අල්ලාහ් ව අමතක කළවුන් මෙන් නොවනු. ඔහු ඔවුන් ගැන ඔවුනටම අමතක කෙරෙව්වේය. ඔවුහුමය (අකීකරු) පාපතරයින් වන්නෝ." (19)(නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නොවෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහුමය ජයග්රහකයෝ." (20) (අල් හෂ්ර්: 18-20) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් යහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.” (7) “කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.” (8) (අස් සිල්සාල්: 7,8)

සර්වබලධාරි අල්ලාහ්ගේ මෙම මහඟු පාඨ සහ ඒ හා සමාන වචන අවංක මුස්ලිම්වරයා සිහිපත් කරයි. එමගින් ඔහු තම ගැත්තන් මැවූයේ කුමන අරමුණක් සඳහාද, කිසිදු සැකයකින් තොරව ඔවුන් අනාගතය දෙස බලා සිටින වග පෙන්වා දෙයි. එබැවින් ඔහු එම සැබෑ හා අමරණීය අනාගතය සඳහා සූදානම් වන්නේ අල්ලාහ්ට පමණක් අවංකව නමස්කාර කිරීම, අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ඔහු කැමති දේ ඉටු කිරීම, මේ ජීවිතයේ දී ඔහුට අවනත වීමෙන් ඔහුට ගෞරව කිරීම සහ මරණින් පසු ඔහුගේ ගෞරවනීය වාසස්ථානයට ඇතුළු වීමෙන් ය. එමෙන්ම අල්ලාහ් මෙලොව පැවැත්මේ ඔහුට යහපත් ජීවිතයක් ලබා දීමෙන් ඔහුට ගෞරව කරනු ඇත. ඔහු අල්ලාහ්ගේ භාරකාරත්වය හා රැකවරණය යටතේ ජීවත් වේ. අල්ලාහ්ගේ ආලෝකය දෙස බලයි. අල්ලාහ් ඔහුට නියම කළ ආගමික පිළිවෙත් සිදු කරයි. ඔහු සර්වබලධාරි අල්ලාහ් සමඟ කථා කිරීමෙන් සතුටක් ලබයි. ඔහුගේ හදවතේ සහ දිවෙහි අල්ලාහ්ව සිහිපත් කරමින් ඔහුගේ සිත සනසාලයි.

ඔහු තම වචනයෙන් හා ක්රියාවෙන් මිනිසුන්ට කාරුණිකව සලකයි. එබැවින් ඔවුන් අතර සිටින ගෞරවනීය අය ඔහුගේ කරුණාව පිළිගැනීමත් ඔහු සතුටු වන, ඔහුගේ හදවත විවෘත කරන දෑ ඔහු වෙනුවෙන් අයැද සිටීමත් ඔහුට සවන් වැකෙයි. ඔහුගේ අලංකාරය ප්රතික්ෂේප කර, දොස් නගන ඊර්ෂ්යාකරුවන් ද ඔහු දකී. නමුත් ඔවුනට උපකාර කිරීම එය බාධාවක් කර නොගනී. ඊට හේතුව සැබැවින්ම ඔහු ඉන් අපේක්ෂා කරනුයේ අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුගේ කුසල් වන බැවිණි. ඔහු අල්ලාහ්ගේ දූතයින් සිහිගන්වන ආගමට හා එහි ජනයාට අපහාස කරමින් හා හානි කරමින් ඒවාට ද්රෝහිකම් කරන නපුරන් ද දකී. ඔවුන් ගැන අසයි. ඒ අනුව සැබැවින්ම මෙය අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමක් යැයි වටහා ගනී. එබැවින් ඔහු ඉස්ලාමයට ඇති ආදරය සහ ඒ කෙරෙහි ඔහු තුළ ඇති ස්ථීරභාවය වැඩි වෙයි. ඔහු කාර්යාලයක, ගොවිපලක, සාප්පුවක හෝ කර්මාන්ත ශාලාවක තම දෑතින්ම සේවය කරයි. ඊට හේතුව එය නිෂ්පාදනය කිරීමෙන් ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට ප්රතිලාභ සැලසීම උදෙසාත්, ඔහුගේ අවංකකම සහ යහපත් චේතනාව මත අල්ලාහ් ඔහුව පිළිගන්නා දිනයේ දී ඔහුගෙන් ඔහු ප්රතිඵල ලබනු පිණිසත්, ඔහු තමන් සහ තම පවුලේ අය වෙනුවෙන් වියදම් කිරීමට හොඳ ආදායමක් ලබා එයින් පුණ්යම කටයුතු කරනු පිණිසත්ය. ඒ අනුව ඔහු හදවතින්ම සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්රතිඵල බලාපොරොත්තුවෙන් ගෞරවනීය හා තෘප්තිමත් ජීවිතයක් ගෙවයි. මන්ද, ශක්තිමත්, සද්ධාවන්ත, දේව විශ්වාසියාට අල්ලාහ් ආදරය කරන බැවිණි. අල්ලාහ්ට අවනතවීම සඳහා ශක්තිමත් තැනැත්තකු වනු පිණිස ඔහු ප්රමාණය නොඉක්මවා ආහාර ගනියි, පානය කරයි, නිදා ගනියි. අල්ලාහ් තහනම් කර ඇති දැයින් වැළකී තමන්ගේ පවිත්රතාවය මෙන්ම තම බිරියගේ පතිවත රකින පරිදි ඔහු ඇය සමග යහපත් පවුල් ජීවිතයක් ගෙවයි. එමෙන්ම අල්ලාහ්ට ගැතිකම් කරන දරුවන් බිහි කිරීමත්, ඔහු ජීවත්ව සිටියත් මිය ගියත් ඔහු වෙනුවෙන් ඔවුන් ප්රාර්ථනා කිරීමත්, එමගින් ඔහුගේ දැහැමි කටයුතු අඛණ්ඩව සිදු වීමත්, ඔවුන් විසින් මුස්ලිම්වරුන්ගේ සංඛ්යාව වැඩි වී ඒ හේතුවෙන් අල්ලාහ්ගෙන් ඔහුට යහප්රතිඵල ලැබීමත් එමගින් ඔහු අපේක්ෂා කරයි. එමෙන්ම ඔහුට කීකරු වී ආශිර්වාද පැතීමෙන් සහ ඒවා අල්ලාහ්ගෙන් පමණක් වූවක් බව පිළිගනිමින් ඔහුට ලැබෙන සෑම ආශීර්වාදයක් සඳහාම සර්වබලධාරි අල්ලාහ්ට ස්තූතිවන්ත වන අතරම ඒ සඳහා ඔහු අල්ලාහ්ගෙන් ප්රතිඵල හිමි කර ගනී. සමහර විට කුසගින්න, බිය, රෝග සහ විපත් වලින් තමාට සිදුවිය හැකි දේ අල්ලාහ් දැකීමට ඔහු විසින් කරන ලද පරීක්ෂණයක් බව ඔහු දනී. අල්ලාහ්ගේ නියමය අනුව ඔහුගේ ඉවසීමේ සහ තෘප්තියේ තරම කෙතරම් දැයි ඔහු හොඳින්ම දනී.([66]) එබැවින් ඔහු ඉවසිලිවන්තව, තෘප්තිමත්ව ඉවසිලිවන්තයින්ට සූදානම් කර ඇති කුසල් බලාපොරොත්තුවෙන් සෑම අවස්ථාවකම අල්ලාහ්ට ප්රශංසා කරයි. රෝගියකු සුවවීමේ අපේක්ෂාවෙන් ප්රතිකාරවල තිත්තකම පිළිගන්නාක් සේ ඔහු ද ඇති වන විපත් සැහැල්ලුවෙන් සලකා එය පිළිගනී.

අල්ලාහ් මෙම උතුම් ජීවතයෙන් අණ කළ පරිදි මුස්ලිම්වරයා මේ ජීවිතයේ ජීවත් වන්නේ නම්, ඔහු සැබෑ හා අමරණීය අනාගතය වෙනුවෙන් ක්රි්යා කරනු ඇත. මේ ජීවිතයේ කරදරවලින් පීඩා විඳින්නේ නැති, මරණයට බාධා නොවන, සදාකාලික සතුටුමත් ජීවිතයක් භුක්ති විඳිනු ඇත. ඔහු නිසැකවම මේ ලෝක ජීවිතයේ සතුටු වන අතරම මරණින් පසු ජීවිතයේදී ද සතුටට පත් වනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: “ඒ මතු ලොව නිවහන, මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්රිය නොකරන්නන් හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන් හටය.” (අල් කසස්: 83) අල්ලාහ් මෙසේ පවසමින් තහවුරු කළේය. “යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසියකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේද, එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල වලට අපි ඔවුනට යහපත පිරිනමන්නෙමු.” (අන් නහ්ල්: 97)

පෙර සඳහන් කරන ලද උතුම් පාඨයේ හා ඒ හා සමාන පාඨවල උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර සිටියි. අල්ලාහ්ට කීකරු වීමෙන් හා ඔහුගේ තෘප්තිය සොයමින් මේ ජීවිතයේ ක්රියා කරන ධර්මිෂ්ඨ පුරුෂයාට සහ ධර්මිඨ කාන්තාවට මේ ජීවිතයේ දී ක්ෂණික ප්රතිඵල ද, - එනම් ඉහත සඳහන් යහපත් හා ප්රීතිමත් මෙලොව ජීවිතය- මරණයෙන් පසු ප්රමාද වූ ප්රතිඵල ද -එනම් ස්වර්ගයේ සදාකාලින ප්රීතිය.- පිරිනමනු ඇත. මේ සම්බන්ධයෙන්, දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කර ඇත්තාහ. “දේව විශ්වාසියාගේ කටයුතු පුදුම සහගතය. ඔහුගේ සියලු කටයුතු ඔහුට යහපත් වේ. එය දේව විශ්වාසියාට මිස වෙනත් කිසිවකුට හිමි වන්නේ නැත. ඔහුට සතුට, ප්රීතිය අත් වූයේ නම් ඔහු කෘතඥ වෙයි. ඔහුට දුකක්, කරදරයක් අත් වූයේ නම් ඉවසා දරා ගනියි. එයද ඔහුට යහපත් වනු ඇත.”([67])

මේ අනුව ආරෝග්යමත් චින්තන, හොඳ සහ නරක පිළිබඳ නිවැරදි මිනුම් දණ්ඩ සහ සම්පූර්ණ හා සාධාරණ ක්රමවේද ඉස්ලාමයේ පමණක් ඇති බවත්, මනෝ විද්යාව, සමාජය, අධ්යාපනය, දේශපාලනය සහ ආර්ථික විද්යාව සහ සියලු මානව පද්ධතිවල සියලු මත හා නියායයන් එහි අන්තර්ගතව ඇති බවත් පැහැදිලි වේ. ඒවා ඉස්ලාමයේ ආලෝකයෙන් නිවැරදි කළ යුතු අතර එයින් උපුටා ගනු ලැබිය යුතුය. එසේ නොවුවහොත් එයට විරුද්ධ වන දේ සාර්ථක විය නොහැක. ඒ වෙනුවට එය පිළිගන්නා අයට මෙලොවෙහි හා පරලොවෙහි අවාසනාවට මූලික හේතුවක් වනු ඇත.

***

 පස්වන කොටස - සමහර සැකයන් හෙළිදරව් කිරීම

පළමුවැන්න: ඉස්ලාමයට එරෙහිව නරක කරන අය: ඉස්ලාමයට නරක කරන අය වර්ග දෙකකට අයත්වේ.

පළමු වර්ගය: ඉස්ලාමය වෙත අනුබද්ධ වු තමන් මුස්ලිම් යැයි කියාගන්නා නමුත් ඔවුන්ගේ වචනයෙන් හා ඔවුන්ගේ ක්රියාවෙන් ඉස්ලාමයට එරෙහිව කටයුතු කරන මිනිස්සු වෙති. ඒ අනුව ඔවුහු වැරදි ක්රියාවන්හි නිරත වෙති. ඉස්ලාමය ඉන් නිදොස්ය. එහෙයින් ඔවුන් ඉස්ලාමය නොපිළිපදින අතර ඔවුන්ගේ ක්රියාවන් ඉස්ලාමයට ආරෝපණය කිරීම ද සුදුසු නොවේ. ඔවුන් නම්:

(අ) තම විශ්වාසයේ නොමඟ යන්නෝ. උදාහරණ ලෙස මළවුන්ගේ සොහොන් වටා කැරකෙමින් තම අවශ්යතා එහි ඇත්තන්ගෙන් සොයන, ඔවුන් තුළ යහපත සහ අයහපත ඇති බව විශ්වාස කරන තැනැත්තන්... ([68])

(ආ) ඔවුන්ගේ සදාචාරය හා ආගම පිරිහුණු අය:

අල්ලාහ් අනිවාර්යය කළ දෑ ඔවුහු පැහැර හරිති. ඔහු තහනම් කළ දුරාචාරය, මත්පානය වැනි වැරදි කටයුතු සිදු කරති. අල්ලාහ්ගේ සතුරන්ව ප්රිය කරති. ඔවුන් ගේ ක්යාවන් අනුකරණය කරති.

(ඇ) ඉස්ලාමයට හානි කරන තැනැත්තන් අතර තවත් මුස්ලිම් පිරිසක් වෙති. ඔවුන් මුස්ලිම්වරුන් වුවද අල්ලාහ් පිළිබඳ වූ ඔවුන්ගේ දේව විශ්වාසය දුර්වලය. ඉස්ලාමය හැදෑරීමට ඔවුන් යොමුවනුයේ ඉතා අඩු වශයෙනි. ඇතැම් අනිවාර්යය කටයුතු ඔවුන් ඒවා අත් නොහැරිය ද ඒවායෙහි අඩුපාඩු සිදු කරන්නෝ වෙති. අෂ්-ෂිර්කුල් අක්බර් හෙවත් දැවැන්ත ආදේශ තැබීමේ තත්ත්වයට හෝ දේව ප්රතික්ෂේප වර්ග අතරට නොගිය, තහනම් කරන ලද ඇතැම් වැරදි සිදු කරති. ඔවුන් තහනම් කරන ලද නරක පුරුදු වලට හුරුවී සිටිති. ඉස්ලාමය එයින් නිදොස්ය. බොරු කීම, වංචාව, පොරොන්දු කඩ කිරීම සහ ඊර්ෂ්යාව වැනි එවන් නරක පුරුදු ප්රධාන පාපයන් ලෙස සලකනු ලැබේ. මෙවැන්නෝ ඉස්ලාමයට හානි කරන්නෝ වෙති. ඉස්ලාම් දහම පිළිබඳ අවබෝධයක් නැති මුස්ලිම් නොවන ජනයා එවැනි කටයුතු සඳහා ඉස්ලාමය ඔවුන්ට ඉඩ දෙන බව සිතති.

ඉස්ලාමයට අයහපතක් කරන දෙවන වර්ගය වනාහි, ඉස්ලාමයේ සතුරන් අතර සිටින මිනිසුන්ය. ඔවුන් එයට වෛර කරති. (ඔ්රියන්ටලිස්ට්)පෙරදිගවාදීන්, යුදෙව්වන්, ක්රිස්තියානි මිෂනාරිවරුන් සහ ඉස්ලාමයට වෛර කරන්නන් අතරින් ඔවුන්ට සමානව ඔවුන් අනුගමනය කරන්නන් එවැන්නන් අතරට ඇතුළත් වෙති. ඔවුන් ඉස්ලාමයේ පරිපූර්ණත්වය, ඉවසීම සහ වේගවත් පැතිරීම යන හේතු නිසා කෝපයට පත්වු වන්ය. මන්ද, එය සහජ බුද්ධියේ දහම([69]) වන අතර එය ඉදිරිපත් කළ විගස සහජ බුද්ධිය සහිත අය විසින් එය පිළිගනු ලබන බැවිණි. සෑම මුස්ලිම් නොවන පුද්ගලයෙක්ම කනස්සල්ලෙන් ජීවත් වන අතර, ඔහු වැළද ගෙන සිටින ඔහුගේ ආගම ගැන හෝ ඔහුගේ ධර්මය ගැන අතෘප්තියේ හැඟීමක ජීවත් වෙයි. මක්නිසාද යත්, අල්ලාහ්ගේ සහජ දහමට සැබෑ මුස්ලිම්වරයකු හැර සෙස්සන්ගේ සහජ බුද්ධිය පටහැනි වන බැවිණි. ඒ අනුව මුස්ලිම්වරයා තම ආගම ගැන සතුටින් හා තෘප්තියෙන් ජීවත් වන එකම තැනැත්තා වනු ඇත. අල්ලාහ් විසින් නීති සම්පාදනය කර ඇති සැබෑ ආගම එය වන අතර, අල්ලාහ් මැවූ මිනිසාගේ සහජ බුද්ධියට එකඟ වන්නේ ද ඔහුගේ එම නීතියමය. එබැවින් සෑම කිතුනුවකුටම, සෑම යුදෙව්වෙකුටම සහ ඉස්ලාමයෙන් පිටත සිටින සෑම කෙනෙකුටම අප පවසා සිටින්නේ, සැබැවින්ම ඔබේ දරුවන් ඉපදී ඇත්තේ ඉස්ලාමයේ සහජ ස්වභාවය මතය. නමුත් ඔබ සහ ඔවුන්ගේ මව දේව ප්රාතික්ෂේපය මත දූෂිත ලෙස ඔවුන් හදා වඩා ගැනීමෙන් ඔවුන් ඉස්ලාමයෙන් බැහැර කොට ඇත. ඔවුන් ඉස්ලාමයට පරස්පර විරෝධී ආගම් හා නිකායන් පිළිපදින්නන් බවට පත්ව ඇත.

සැබැවින්ම එම ද්වේෂසහගත පෙරදිගවාදීන් සහ මිෂනරිවරුන් හිතාමතාම ඉස්ලාමයට හා අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අපහාස කළෝය.

1- විටෙක එතුමාගේ දූත පණිවිඩය බොරු කිරීමෙන්.

2- තවත් විටෙක එතුමාට දොස් නැගීමෙන්.-ඔවුන්ගේ ඉව නොතකා!- එතුමා අල්ලාහ්ගෙන් නිදොස් වූ සියලු අඩුපාඩුවලින් පම්පූර්ණ වූ අයෙකි.

3- සර්වඥ මහාප්රඥාවන්ත අල්ලාහ් දහම්ගත කළ ඉස්ලාමයේ සාධාරණනීය විනිශ්චයන් සමහරක් විකෘති කිරීමෙන්. ජනයා ඉන් ඉවත් කරන්නට ඔවුන් බලති.

නමුත් සියලු කීර්ති හිමි අල්ලාහ් ඔවුන්ගේ කුමන්ත්රණ නිෂ්ඵල කරයි. එය ඔවුන් සත්යයට එරෙහිව සටන් කරන බැවිණි. සත්යය උසස් වී යන අතර එයට ඉහළින් වෙනත් කිසිවක් උසස් වන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය: “අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද ප්රතික්ෂේප කළවුන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර්ණවත් කරන්නාය.” (8) “දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහුය.” (9) (අස් සෆ්: 8,9)

දෙවනුව: ඉස්ලාමයේ ප්ර්භවයන්:

අහෝ බුද්ධිමත් මිනිස! ඔබ ඉස්ලාමයේ සැබෑ ස්වරූපය දැන ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, මහඟු අල් කුර්ආනය කියවන්න. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අව්යාජ හදීස් කියවන්න. ඒවා සහීහ් අල්-බුහාරි, සහීහ් මුස්ලිම්, ඉමාම් මලික්ගේ මුවත්ත, ඉමාම් අහමද් බින් හන්බල්ගේ මුස්නද්, සුනන් අබි දාවුද්, සුනන් අන්-නාසායි, සුනන් අල්-තිර්මිදි, සුනන් ඉබ්න් මාජා සහ සුනන් අද්-දාරිමී යන ග්රන්ථවල ලියවී ඇත. තවදුරටත් ඉබ්නු හිෂාම්ගේ ‘අස්-සීරා අන් නබවිය්යා’ -නබිතුමාගේ චරිතාපදානය, ශ්රේෂ්ඨ විශාරද ඉස්මාඊල් බින් කසීර්ගේ ‘තෆ්සීර් අල් කුර්ආනිල් අලීම්’, විශිෂ්ඨ අල් කුර්ආනයේ අර්ථ නිරූපණය සහ විශාරද මුහම්මද් ඉබ්න් අල් කය්යුම්ගේ ‘සාදුල් මආද් ෆී හද්යි හඃයිරිල් ඉබාද්’ නම් පොත් ද කියවන්න. එමෙන්ම එයට සමගාමීව ෂෙයිකුල් ඉස්ලාම් අහ්මද් ඉබ්නු තයිමියා, ප්රතිසංස්කරණවාදී නායකයකු වූ මුහම්මද් ඉබ්න් අබ්දුල් වහ්හාබ් වැනි පැහැදිලි සාධක මත පදනම්ව අල්ලාහ්ගේ දහම වෙත ඇරයුම් කළ ඒකීයවාදී ඉස්ලාමීය නායකයින්ගේ පොත්පත් ද කියවන්න. මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් සහ ඒකීයවාදී නායක මුහම්මද් ඉබ්නු සුඌද් විසින් අරාබි අර්ධද්වීපයේ හා බහු දේවවාදය පැතිරීමෙන් පසු අද දක්වාම හිජ්රි දොළොස්වන සියවසේ සිට පවතින ඇතැම් ස්ථානවල ඉස්ලාම් දහම සහ ඒකදේවවාදී ප්රතිපත්තිය අල්ලාහ් ගෞරවයට පත් කළේය.

පෙරදිගවාදීන්ගේ හා ඉස්ලාමය ආරෝපණය කරගත් නිකායවාදීන්ගේ පොත්පත් වනාහි, ඉස්ලාමයට පටහැනි කාරණා සම්බන්ධයෙන් ඉස්ලාමය ඇරයුම් කරන දෙයට විරුද්ධව පවතී. ඒවායින් බොහොමයක් ගැන කලින් සඳහන් කෙරිනි. එසේ නැතහොත් ඒවා දූතයාණන්ගේ මිතුරන්හට පහර දෙන්නක් ලෙස පිහිටා තිබේ. එසේත් නැතහොත් ඉබ්නු තයිමිය්යා, ඉබ්නුල් කය්යුම් සහ මුහම්මද් ඉබ්නු අබ්දිල් වහ්හාබ් වැනි උත්තරීතර අල්ලාහ්ගේ ඒකීයභාවය වෙත ඇරයුම් කර සිටින විද්වතුන්ට අපහාස කිරීමක්, දොස් නැගීමක් හා අඩුපාඩු කීමක් මෙන්ම ඔවුනට එරෙහිව බොරු ගොතා පවසන්නක් ලෙස පිහිටා තිබේ. සැබැවින්ම ඒවා නොමඟ යවන පොත්පත් ය. ඒවාට රැවටීමෙන් හෝ කියවීමෙන් ප්රවේශම් විය යුතුය.

තෙවනුව: ඉස්ලාමීය නිකායන්:

සියලුම මුස්ලිම්වරු එක් නිකායකට අයත් වන අතර එය ඉස්ලාමය වේ. ඔවුන්ගේ යොමුව ඇත්තේ අල් කුර්ආනය සහ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හදීස් පදනම් කර ගනිමිනි. ඉස්ලාමීය නිකායන් හඳුන්වනු ලබන හන්බලි, මාලිකි, ෂාෆිඊ සහ හනෆී යන සිව් මහා නිකායන් වනාහි අදාළ විද්වතුන් විසින් ඉස්ලාමීය මූලිකාංග උගන්වන ලද ඉස්ලාමීය ගුරුකුලයන් වෙති. ඒ සියල්ලෙහිම යොමුව අල් කුර්ආනය හා දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හදීස් මත පදනම්ව පවතී. ඒවා අතර වෙනස්කම් දක්නට ලැබෙන්නේ ඇතැම් දුර්ලභ උප කාරණාවල දීය. අල් කුර්ආනයේ හෝ හදීසයේ හෝ නිරන්තරයෙන්ම පැවසෙන ප්රකාශයක් වී නම් එය ප්රකාශ කරන්නා වෙනත් කෙනෙකු වුව ද එම කියමන පිළිපදින මෙන් ඒ සෑම විශාරදයෙක්ම තම සිසුන්ට නියෝග කර ඇත.

මුස්ලිම්වරයා ඒවායින් එක් ගුරුකුලයකට පමණක් බැඳී නොසිටින නමුත් අල්-කුර්ආනය සහ හදීස් වෙත යොමුවීමට ඔහු බැඳී සිටියි. මෙම ගුරුකුලයන්ට අනුබද්ධිත බොහෝ දෙනා විශ්වාසයෙන් බැහැර වන්නේ ඔවුන් සොහොන් ඉදිරියේ හිඳ, ඒ වටා ගමන් කිරීම, ඒ තුළ ඇත්තන්ගෙන් උපකාර පැතීම වැනි දෑ සිදු කිරීම සහ අල්ලාහ්ගේ ගුණාංග වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම හා එහි පැහැදිලි අර්ථයන්ගෙන් ඒවා හැරවීම යනාදී කරුණු හේතුවෙනි. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ ඉමාම්වරුන්ගේ විශ්වාසය හා බැඳුණු ගුරුකුලයන්ට විරද්ධවන්නෝ වෙති. ඊට හේතුව සැබැවින්ම එම ඉමාම්වරුන්ගේ විශ්වාසය වූයේ ධර්මිෂ්ඨ පූර්වගාමීන්ගේ විශ්වාසයමය. ජයග්රාහී පිරිස යන මැයෙන් පෙර සඳහන් කළ පාඩමේ ඒ ගැන සඳහන් කෙරිණ.

සිව්වැන්න: ඉස්ලාමයෙන් බැහැර වූ කණ්ඩායම්.

ඉස්ලාමීය ලෝකයේ ඉස්ලාමයෙන් පිටත ගිය කණ්ඩායම් දැක ගත හැකි වන අතර ඒවා එයට අනුබද්ධ වුවද, තමන් මුස්ලිම් යැයි පවසා සිටිය ද, යථාර්ථයෙන්ම ඒවා ඉස්ලාමීය කණ්ඩායම් නොවේ. මන්ද ඒවායෙහි විශ්වාසයන් අල්ලාහ් හා ඔහුගේ පාඨ මෙන්ම ඔහුගේ ඒකීයත්වය ප්ර්තික්ෂේප කරන විශ්වාසයන් වන බැවිණි. එම කණ්ඩායම් අතරින්:

1- ‘අල් ෆිර්කා අල් බාතිනිය්යා’ හෙවත් අභ්යන්තරවාදී කණ්ඩායම්:

‘හුලූල්’ - දෙවියන් ආරූඩ වීම හා ‘තනාසුහ්’ - මිය ගිය ඇත්තන් ආරූඩ විම යන ප්රතිපත්තිය විශ්වාස කරන තැනැත්තන් සහ දේව දූතයාණන් විසින් පැහැදිලි කළ, මුස්ලිම්වරු ඒකමතිකව එකඟ වූ දහම් පාඨයන්හි පැහැදිලි අර්ථයට පටහැනි අභ්යන්තර අර්ථයක් ඇති බව විශ්වාස කරති. මෙම අභ්යන්තර අදහස් ඔවුන් තබනුයේ ඔවුන්ගේ කැමැත්ත පරිදිය.([70]) අභ්යන්තරවාදයේ මූලාරම්භය සිදු වූයේ පර්සියාව තුළ ඉස්ලාමයේ ව්යාප්තය ඔවුන් යටපත් කිරීමත් සමග එහි සිටි යුදෙව්වන්, මජූසිවරුන් හා දාර්ශනිකයන් එක්රැස් වී නිකායක් වර්ධනය කර ගැනීමට සාකච්ඡා කළ අතර එහි අරමුණ වූයේ මුස්ලිම්වරුන් විසුරුවා හැරීම සහ ශුද්ධ අල් කුර්ආනයේ අර්ථයන් පිළිබඳ අදහස් ව්යාකූල කිරීමයි. ඔවුන් මුස්ලිම්වරුන් අතර භේද කරන තුරු මෙම විනාශකාරී නිකාය ස්ථාපිත කර ඒ වෙත ඇරයුම් කළෝය. එමෙන්ම සාමාන්යා ජනයා පොළඹවා ගැනීම සඳහා වඩාත් ඵලදායී වීමට එය අහ්ලුල් බයිත්වරුන්ට අනුබද්ධ කළෝය. සැබැවින්ම ඔවුන්ද ඔවුන්ගේ (ෂියා) කණ්ඩායමේ පිරිසක් බව තර්ක කළෝය. ඔවුන් බොහෝ නූගත් මිනිසුන් ඩැහැගෙන ඔවුන් සත්යයෙන් නොමඟ හැරියෝය.

2- එම නිකායන් අතර ‘කාදියානිවරුන්’: ඔවුන් අනුබද්ධ වනුයේ අනාගත වක්තෘවරයා තමන් යැයි ප්රිසිද්ධ කරගත් ගුලාම් අහ්මද් කාදියානී සමගය. ඉන්දියාවේ සහ ඒ අවට සිටින මැර පිරිස් ඔහුව විශ්වාස කිරීමට ඇරයුම් කළේය. බ්රි්තාන්යතයන් ඉන්දියාව ආක්රමණය කළ කාලයේ ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් යොදා ගත්තෝය. නූගතුන් බොහෝ දෙනෙක් ඔහු අනුගමනය කරන තරමට ඔවුන් විසින් ඔහුට සහ ඔහුගේ අනුගාමිකයින්ට හොදින් සැලකූහ. කාදියානිවරු ඉස්ලාමය මවා පානු දැක ගත හැකි විය. ඔවුන් ඉස්ලාමය විනාශ කිරීමටත් එහි කවයෙන් හැකි පමණින් ඉවත් කිරීමටත් උත්සාහ කළහ. තමන් අනාගත වක්තෘයැයි තර්ක කරමින් ‘තස්දීක් බරාහීන් අහ්මදිය්යා’ නම කෘතියක් සම්පාදනය කර තිබීම ප්රකට කරුණකි. එහි ඉස්ලාමයේ මූල පාඨ විකෘති කොට ඇත. එසේ විකෘති කරන මූල පාඨ අතරින්, සැබැවින්ම ඉස්ලාමයේ ජිහාද් යන සංකල්පය වෙනස් කරන ලැබීය යන ඔහුගේ තර්කයද එකකි.

‘එමෙන්ම සෑම මුස්ලිම්වරයෙක්ම ඉංග්රී්සීන් සමඟ සාමය ඇති කර ගත යුතුය’ යන කාරණාවද ඔහුගේ තවත් එක් තර්කයක් විය. ඒ කාලවකවානුවේ ඔහු ‘තිර්යාක් අල් කුලූබ්’ - හෘදයට ප්රති වෛරසය- නමින් පොතක් ද ලිවීය. ක්රි.ව. 1908 දී බොහෝ දෙනා නොමඟ යැවීමෙන් පසුව මෙම ලේඛකයා මිය ගිය අතර ඔහුගෙන් පසුව අල් හකීම් නූර් අද්-දීන් නම් නොමඟ ගිය පුද්ගලයකු විසින් ඔහුගේ නොමඟ ගිය නිකායේ නායකත්වය හා මෙහෙවර උසුලන ලදී.

3- ඉස්ලාමයෙන් පරිබාහිර වූ නිකායන් අතර ‘බහායි’ නම් කණ්ඩායමක් ද ඇත. එය ක්රි.ව. දහනව වන ශතවර්ෂය ආරම්භයේ දී ‘අලී මුහම්මද්’ නම් පුද්ගලයෙකු විසින් ඉරානයේ ආරම්භ කරන ලදී. ඔහු ‘මුහම්මද් අලී අල්-ෂයිරාසි’ යනුවෙන් ද හඳුන්වනු ලැබේ. ඔහු ‘ඉත්නා අෂරිය්යා’ නම් ‘දොළොස් ෂියා’ නිකායට අයත් අයෙකි. නමුත් ඔහු වෙනමම නිකායකින් ප්ර්සිද්ධියට පත් විය. එහි දී ඔහු සැබැවින්ම තමන් අනාගත මහ්දී යැයි තර්ක කළ අතර ඉන්පසු සැබැවින්ම උත්තරීතර අල්ලාහ් තමන් තුළ වාසය කරන බව වාද කළේය. එබැවින් ඔහු මිනිසුන් සඳහා දෙවියෙකු බවට පත් විය. - දේව ප්රතික්ෂේපකයින් සහ අදේවවාදීන් පවසන දෙයට වඩා අල්ලාහ් උත්තරීතරය - ඔහු නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය, ස්වර්ගය හා නිරය ප්රතික්ෂේප කළ අතර දේව ප්රුතික්ෂේපිත බ්රහ්මණයන් හා බෞද්ධයන්ගේ මාර්ගය අනුගමනය කළේය. යුදෙව්වන්, කිතුනුවන් සහ මුස්ලිම්වරුන් ඔහු වෙන් නොකළ අතර සියලු දෙනා එකම පිරිසක් ලෙස සැළකූහ. ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය ප්රතික්ෂේප කළ අතර ඉස්ලාමීය නීති බොහොමයක් ප්රතික්ෂේප කළේය. ඔහුගේ විනාශයෙන් පසුව ඔහුගේ ඇමතියකු වූ ‘බහාඊ’ නම් පුද්ගලයා එහි උරුමය දැරුවේය. ඔහු එහි ඇරයුම පතුරුවා හැරියේය. ඔහුගේ අනුගාමිකයින් වැඩි විය. ඔහුගේ නමට එම කණ්ඩායම ආරෝපණය වූ අතර එය ‘අල්-බහාය්යා’ නමින් නම් කරන ලදී.

4- ඉස්ලාමයෙන් පරිබාහිර නිකායන් අතරින් තවත් පිරිසක් වනුයේ. ඔවුන් ඔවුන්ගේ ඉස්ලාමය ගැන වාද කර, සලාත් ඉටු කර, උපවාසයේ නිරත වී, හජ් වන්දනාව ඉටු කළද විශාල සංඛ්යාවක් සැබැවින්ම දේව පණිවිඩය අලි වෙත යවන ලද්දක් බවත් එසේ තිබියදී ජිබ්රීල් තුමා එය වළක්වා එහි වංචා සිදුකර, මුහම්මද් තුමා වෙත ලබා දී ඇති බවත් වාද කරති. ඔවුන්ගෙන් සමහරු පවසන්නේ, අලී දෙවියන් වන අතර ඔහුගේ දරුවන්, මුණුබුරන්, ඔහුගේ බිරිඳ ෆාතිමා සහ ඇගේ මව කදීජා යන සියලු දෙනා (ඔවුන් සියලු දෙනා ගැන අල්ලාහ් තෘප්තියට පත්වේවා) අතිශයෝක්තියෙන් යුතුව ගෞරවයට පත් කර, ඔවුන් අල්ලාහ් සමග වූ දෙවිවරුන් බවට පත් කර ඔවුන්ගෙන් ප්රාර්ථනා කරති. සැබවින්ම ඔවුන් ආරක්ෂා කරනු ලැබූවන් බවත් අල්ලාහ් ඉදිරියේ දූතවරුන්ගේ තත්ත්වයට වඩා ඔවුන්ගේ නිලය උසස් බවත් විශ්වාස කරති.

ඇත්තෙන්ම වර්තමානයේ මුස්ලිම්වරුන්ගේ අතේ ඇති අල්-කුර්ආනයෙහි අඩු වැඩිවීම් සිදුව ඇති බව පවසා; ඔවුන් වෙනුවෙන් අල්-කුර්ආනයේ විශේෂ පිටපත් සකසා ගෙන, එහි ඔවුන් විසින්ම පාඨ සහ පරිච්ඡේද ඇතුළත් කර ඇත. මුස්ලිම්වරුන් අතරින් ඔවුන්ගේ නබිවරයාණන්ගෙන් පසු වඩාත් ශ්රේෂ්ඨ වූ අබූ බක්ර් තුමා සහ උමර් තුමාට (රළියල්ලාහු අන්හුමා) අපහාස කරති. දේව විශ්වාසීන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට ද අපහාස කරති. දුෂ්කර අවදියේ මෙන්ම සමෘද්ධිමත් අවදියේ අලී සහ එතුමාගේ දරුවන් අයැද උදව් පතති. ඔවුන් අල්ලාහ් හැර දමා ඔවුන් අමතති. අලි සහ එතුමාගේ පුතුන් ඔවුන්ගෙන් නිර්දෝෂීය. ඊට හේතුව අල්ලාහ් සමග දෙවිවරුන් බවට ඔවුහු ඔවුන් පත් කළෝය. අල්ලාහ්ට විරුද්ධව බොරු ගොතා ඔහුගේ වචන විකෘති කළෝය. ඔවුන් පවසන දැයින් සර්වබලධාරි අල්ලාහ් ඉතා උසස් ය. අතිමහත් ය.([71])

අප සඳහන් කළ මෙම දේව ප්රතික්ෂේපක නිකායන්, ඉස්ලාමයට හිමිකම් කියන නමුත් එය කඩා බිඳ දමන දේව ප්රතික්ෂේපයේ ඇතැම් නිකාය වේ. එහෙයින් නැණවතුනි! සෑම ප්රදේශයකම සිටින මුස්ලිම්වරුනි! ඉස්ලාමය යනු හුදෙක් ප්රකාශයක් පමණක් නොව, එය කුර්ආනය පිළිබඳ සහ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සනාථ කරන ලද ප්රකාශයන් පිළිබඳ දැනුම සහ ඒවාට අනුව කටයුතු කිරීමයි. එවිට ලෝකයන්හි පරමාධිපති අබියස ආශිර්වාද ලත් ස්වර්ග සතුට වෙත එහි ගමන්කරුවා ගෙන යන මග පෙන්වීම, ආලෝකය සහ ඍජු මාර්ගය ඔබ සොයා ගනු ඇත.

***

ජයග්රහණය වෙත ඇරයුම

අහෝ බුද්ධිමත් මිනිස! ඔබ තවමත් ඉස්ලාම් දහමට නොපිවිසූ පිරිමියෙකු හෝ කාන්තාවක හෝ වේවා, ජයග්රහණය හා සතුට වෙත මෙම ඇරයුම ඔබ ඉදිරියේ තබා මෙසේ කියමි.

මරණින් පසු මිණීවල තුළ ද, පසුව නිරා ගින්නෙහි ද අල්ලාහ්ගේ දඬුවමින් ඔබව මුදවා ගන්න.

අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දේව දූතයාණන් බවත්, දහම ඉස්ලාමය බවත් විශ්වාස කිරීමෙන් ඔබ ඔබව ආරක්ෂා කර ගනු මැනව. ඔබ සැබෑ ලෙසින්ම ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොමැති බවට හා මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්’ බවට වූ ප්රතිපත්තිය ප්ර්කාශ කරන්න. පස්වේල සලාත් ඉටු කරන්න. ඔබේ මුදල් සඳහා සකාත් ගෙවන්න. රාමදාන් මාසයේ උපවාස රකින්න. ඔබට හැකි නම් අල්ලාහ්ගේ ශුද්ධ වූ නිවස වෙත හජ් කරන්න.

අල්ලාහ් වෙත ඔබේ ඉස්ලාමය ප්රකාශ කරන්න. ඉන් තොර ඔබට වෙනත් ජයග්රහණයක් හෝ සතුටක් හෝ නැත.([72])

සැබැවින්ම ඉස්ලාමය වනාහි, එයයි සත්යය. එය හැර වෙනත් දහමක් අල්ලාහ් කිසිවකුගෙන් පිළිනොගන්නා බව, ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව අල්ලාහ් මත දිවුරා ඔබට පවසමි. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බවත් මුහම්මද් (සල්ලලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් වන බවත් ඉස්ලාමය සත්යය බවත් සැබැවින්ම මම මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු බවත්, අල්ලාහ්, ඔහුගේ මලක්වරුන් හා ඔහුගේ සියලු මැවීම් සාක්ෂියට තබා පවසමි.

ශුද්ධ වූ අල්ලාහ්ගේ උපකාරයෙන් හා ඔහුගේ ත්යාගශීලීත්වවයෙන් මා ද මාගේ දරු පරපුර ද මගේ සෙසු මුස්ලිම් සහෝදරයන් ද මුස්ලිම්වරුන් ලෙසම මරණයට පත් කරන මෙන් ද, අපගේ විශ්වාසවන්ත මෙන්ම සත්යධවාදී මුහම්මද් නබිතුමා හා සෙසු සියලු නබිවරුන් සමඟ ද අපගේ නබිවරයාණන්ගේ පවුලේ ඥාතීන් හා හිතමිතුරාදීන් සමඟ ද සතුටින් පිරි ස්වර්ග උයනෙහි එක්රැස් කරන මෙන් ද, මා සර්වබලධාරී අල්ලාහ්ගෙන් අයැද සිටිමි. එමෙන්ම මෙය කියවන හෝ මෙයට ඇහුන්කන් දෙන සැමට මෙමගින් ප්රයෝජනය අත්වේවා යැයි ද මම සර්වබලධාරි අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි. අහෝ දෙවියනි! (ඔබේ දහම) මම දන්වා සිටිම් ද? දෙවියනි සාක්ෂි දරනු මැනව!

අල්ලාහ් මැනවින් දන්නාය. අපගේ නබි මුහම්මද් තුමාණන් හටත් ඔහුගේ ඥාතී හා හිතමිතුරන් හටන් අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා! ලෝකවාසීන්ගේ පරමාධිපති වන අල්ලාහ්ටම සියලු ප්රශංසා.හිමිය.

***



([1]) තආලා යනු, 'අල්ලාහ්ට පැසසුම් කිරීම හා ගරුබුහුමන් කිරීම' සඳහා යෙදෙන පදයකි. පිවිතුරුකම හා උත්තරීතර භාවය යනාදියෙන් එය විස්තර කොට ඇත.

([2]) මැවීම් හි මෙම අදියරයන් අල්ලාහ් අපේක්ෂා කළ යම් ප්රඥාවක් සඳහා පිහිටින. එසේ නොවන්නට ඔහු ඒ සියලු මැවීම් ඇස පිය ගැසීමටත් වඩා සීඝ්රයෙන් මවන්නට බලය ඇත්තාය. සැබැවින්ම ඔහු යමක් අභිමත කළ විට එයට "වනු" යැයි පැවසූ වහාම එය සිදු වනු ඇතැයි ඔහු දන්වා ඇත.

([3]) -අල් කුර්ආනීය භාෂාව වූ- අරාබි භාෂාවේ ‘ඉස්තවා අලල් අර්ෂ් (අර්ෂය මත ස්ථානගත විය) යන්නෙහි තේරුම ඒ මත ඉහළින් පිහිටිය. ඉහළට එසවිය යන්නයි. ‘අල්ලාහ් ඔහුගේ රාජ්යය මත ඉහළින් ස්ථානගත විය’ යනු ඔහුගේ කීර්තියට ගැලපෙන පරිදි, ඔහු හැර කිසිවකුත් නොදන්නා ආකාරයෙන් ඔහු ඉහළින් ස්ථාපිතව සිටියි යන්නයි. අල්ලාහ් තමන් ගැන විස්තර කළ හා ඔහුගේ දූතවරුන් හා දැහැමි මුතුන් මිත්තන් විස්තර කළ ඔහුගේ සැබෑ ගුණාංගයන් ප්රතික්ෂේප කරන, නොමග ගියවුන් සිතන පරිදි ‘ඉස්තවා’ නම් පදය ‘රාජ්යයක් මත රැඳුණා' යන සාමාන්ය අර්ථයෙන් පිහිටා නැත. එවැන්නෝ යථාර්ථවාදීව අල්ලාහ්ගේ ගුණාංගයක් ඔවුනට තහවුරු කළ විට අල්ලාහ්ගේ මැවීම්වලට ඔවුහු ඔහු සම කරති. මෙම සිතුවිල්ල නරකය. සැබැවින්ම එසේ සමාන කිරීම වනාහි ‘එය මෙයට සමානය, එය මෙවැනි මැවීමක ගුණංගවලින් යුක්තය’ යනුවෙන් පැවසීමයි. කිසිදු සැක කිරීමකින් හෝ උපමා දැක්වීමකින් හෝ ක්රමය පැහැදිලි කිරීමකින් හෝ අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් හෝ තොරව අල්ලාහ්ට සරිලන පරිදි එය තහවුරු කිරීම වනාහි, එයයි දූතවරුන් හා දැහැමි මුතුන් මිත්තන් ගමන් ගත් මාර්ගය වනුයේ. බහුතරයක් ජනයා එය පිළිනොගත්තද එය පිළිපැඳීම දේව විශ්වාසියකු මත අනිවාර්යය වන සත්යය වන්නේය.

([4]) එයට උදාහරණය: අදේවවාදිිියා, භෞතිකවාදියාය.

([5]) අල් මුඃතසිලාවරුන් යනු නොමග ගිය පිරිසකි. අල්ලාහ්ගේ අලංකාර නාමයන් ඔවුන් විකෘති කළෝය. ඒවායෙහි අර්තවලට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ අදහසට විරුද්ධ තේරුම් ලබා දුන්නෝය.

([6]) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයක් මෙසේය. "අපගේ අති උත්කෘෂ්ඨ, අති උත්තරීතර පරමාධිපති සෑම රාත්රිදයකම අවසන් රාත්රිනයෙන් තුනෙන් කොටසක කාලයක් ඉතිරව තිබෙන කාලයේ පහළ අහසට බැස ඇවිත්. 'කවරෙකු මගෙන් අයැද සිටින්නේ ද මම ඔහුට පිළිතුරු සපයමි. කවරෙකු මගෙන් ඉල්ලන්නේ ද මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයැදින්නේ ද මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි. (මූලාශ්රන: බුහාරි (7494), මුස්ලිම් (758), තිර්මිදි (3498).

([7]) ජින් යනු ආදම්ගේ දරුවන් මෙන්ම, තමාට ගැතිකම් කරනු පිණිස අල්ලාහ් මැවූ බුද්ධිමය මැවීමකි. ඔවුහු මහපොළොවේ මිනිස් දරුවන් සමගම වාසය කරන නමුත් මිනිස් දරුවන්හට ඔවුන් දැකිය නොහැක.

([8]) බලන්න, ෂෙයිහුල් ඉස්ලාම් අහ්මද් ඉබ්නු තයිමිය්යාගේ ‘තව්රාතයේ හා ඉන්ජීලයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ශුභාරංචිය’ පාඩම: කිතුනු දහම වෙනස් කළවුනට නිවැරදි පිළිතුර: වෙළුම 1, අල්ලාමා මුහම්මද් ඉබ්නු කය්යුම්ගේ ‘හිදායතුල් හියාරී’, ඉබ්නු හිෂාම්ගේ ‘අස් සීරතුන් නබවිය්යා’, ඉබනු කසීර් හා වෙනත් අයගේ ඉතිහාසයේ නබිත්වයේ ප්රාතිහාර්යය.

([9]) අල් කුර්ආනයේ එය නම් කර ඇත්තේ ‘ආයාත්’ යන නමිනි. එය වඩාත් නිවැරදි වන අතර මෙහි මුඃජිසාත් නම් පදය සඳහන්ව ඇත. ඊට හේතුව මෙය අසාමාන්ය දැයින් විශේෂ වූවක් වන බැවිණි.

([10]) ‘අස්-සආලීල්’ නම් පදය ‘සුඃලූල්’ නම් පදයේ බහු වචනයයි. එය සමේ මතුවන කඩල ඇටයක් හෝ ඊටත් වඩා කුඩා ප්රමාණයේ ගෙඩියකි. එම මුද්රාව සඳ මෙන් වටකුරු විය. එහි ප්රමාණය පරවියකුගේ බිත්තරයක් තරම් විය.

([11]) මූලාශ්රය: මුස්ලිම් (8), අබූ දාවූද් (4695)

([12]) අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. “ඉස්ලාමය කරුණු පහක් මත ගොඩනැගී ඇත. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම, සලාතය ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවසට හජ් වන්දනාවේ යෑම, රමළාන් මාසයේ උපවාසය රැකීම” මෙය ඉමාම් බුහාරි විසින් එතුමාගේ සහීහ් ග්රන්ථයේ (8,4515) දරණ අංකය යටතේ දන්වා ඇත. එමෙන්ම ‘අත්තාරීකුල් කබීර් (4/313), (8/319,322), මුස්ලිම් (16) යන ග්රන්ථවලද සඳහන්ව ඇත. මෙම මූලිකාංග මෙනෙහි කිරීමේදී විස්තරාත්මකව පැහැදිලි කරන අල් කුර්ආනීය සාධක ද ඇත.

([13]) මෙය ඉමාම් මුස්ලිම් විසින් (1978) හා ඉමාම් නසාඊ විසින් (4422) වාර්තා කොට ඇත.

([14]) එය අහ්මද් තුමා විසින්ද (5/317/22758), අත් තබරානී තුමා විසින් ද වාර්තා කර ඇති අතර අල්බානීතුමා එය පූර්ව සාධක සහිත හදීසයක් බවට තහවුරු කර ඇත.

([15]) එය තිර්මිදි තුමා විසින් ද (2516), අහ්මද් විසින් ද (2802) තබරානී විසින් ද (2820/12989) වාර්තා කර ඇති අතර ඉමාම් තිර්මිදි තුමා එය ‘හසන් සහීහ්’ ගණයට අයත් හදීසයක් බව පවසයි.

([16]) මෙය අබූ දාවුද් තුමා විසින් ද (3904), තිර්මිදි විසින් ද (135) ඉබ්නු මාජා විසින් ද (639) වාර්තා කර ඇති අතර ඉමාම් අල්බානි තුමා ‘සහීහ් අත් තර්ගීබ් වඅත් තර්හීබ්’ නම් කෘතියෙහි එය සහීහ් හදීසයක් බවට තහවුරු කර ඇත.

([17]) අත් තවක්කුල් යනු, හදවතේ පවතින විශ්වාසය හා එසේ පවරනු ලැබූ අය මත පවතින ඔහුගේ ස්ථාවරත්වයයි. රජාඅ යනු ඉදිරියේදී ප්රිය කරන කරුණක් ලැබීම සම්බන්ධයෙන් හදවත බන්ධනය කිරීමයි.

([18]) අල්ලාහ්ගේ අවුලියාවරුන් හෙවත් සමීපතයින් වනාහි, ඔහුට අවනත වී, ඔහු ව පමණක් විශ්වාස කරන්නෝ වෙති. ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නෝ වෙති. ඔවුන් අතර දැනුම හා කැපවීම පදනම් කර ගනිමින් ඇතැමුන් හඳුනා ගනු ලබති. එසේ හඳුනාගනු නොලබන අය ද වෙති. එසේ ඔවුන් අතර හඳුනාගනු ලැබූවන්, ජනයා ඔවුව ප්රශංසා කිරීම පිළිගන්නේ නැත. අවුලියා හෙවත් අල්ලාහ්ගේ සමීපතයින් සැබෑය. සැබැවින්ම තමන් එසේ අවුලියාවරුන් යැයි තර්ක නොකරති. ඒ වෙනුවට සැබැවින්ම තමන් අඩුපාඩු ඇත්තන් යැයි සිතති. ඔවුන් දේව දූතයාණන් අනුගමනය කිරීමෙන් මිස ඔවුනට විශේෂ ඇඳුමක් හෝ විශේෂ ස්වරූපයක් හෝ නැත. අල්ලාහ්ව පමණක් විශ්වාස කරන, ඔහුගේ දූතයාණන්ව අනුගමනය කරන, සෑම මුස්ලිම්වරයකුම අල්ලාහ්ගේ සමීපත්වය ලබනුයේ තම දැහැමිභාවය හා අවනතභාවයේ ප්රමාණයට අනුවය. සැබැවින්ම තමන් අල්ලාහ්ගේ සමීපතයින් ලෙස තර්ක කරන, ජනයා ඔවුනට බුහුමන් කොට ප්රශංසා කරනු පිණිස විශේෂ ඇඳුමක් ඇඳ ගන්නා අය කවුරුන්දැයි පැහැදිලි වන්නේය. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ සමීපතයින් නොවන අතර ඔවුහු බොරුකාරයෝ ද වෙති.

([19]) පොත ලියන අවස්ථාවේ ප්රකාශයට පත්කළ සංඛ්යා ලේඛනවලට අනුව. හි.ව. 1395 / ක්රි.ව. 1975.

([20]) මෙය අබූ දාවුද් තුමා (3842) විසින් ද ඉබ්නු මාජා (3226) විසින් ද වාර්තා කර ඇති අතර ‘සහීහ් අල් ජාමිඃ’ (1082) හා ‘අස් සිල්සිලා අස්-සහීහා’ (203) හි ඉමාම් අල්බානි තුමා මෙය සහීහ් හදීසයක් ලෙස තහවුරු කොට ඇත.

([21]) එනම් සහාභාවරුන් අතර හටගැණුනු විවේචන හා මතභේද සම්බන්ධ කරමින් කතා නොකිරීම.

([22]) ඔහු අතර හා වෙනත් අය අතර ඇතිවන මතභේදයක.

([23]) මෙය බුහාරි (2697) හා මුස්ලිම් (1718) විසින් වාර්තා කර ඇති අතර මෙහි සඳහන් පද පෙළ බුහාරි සතු වූවකි.

([24]) මෙය තිර්මිදි (2621), නසාඊ (463) හා අහ්මද් (5/346) යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇති අතර ඉමාම් අල්බානී ‘සහිහ් අල් ජාමිඃ’ නම් කෘතියෙහි මෙය සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත්තේය.

([25]) ඊට හේතුව අරාබි නොවන බසකින් කුර්ආනය කියවූයේ නම් එය කුර්ආනයක් නොවනු ඇත. එහෙයින් අල් කුර්ආනයේ වචන පරිවර්තනය කරනු නොලැබේ. එසේ පරිවර්තනය කරනු ලබනුයේ එහි අර්ථකථන වේ. එහි අක්ෂර හෝ වචන හෝ අනුවර්තනය කරනු ලබන්නේ නම් එහි අති ශාස්ත්රීක බාවය හා ප්රාුතිහාර්යය ඉවත්ව යන අතරම ඇතැම් අක්ෂර ද හැළී අරාබි කුර්ආනයක් නොවනු ඇත.

([26]) එනමුත් කිසිවකුට දැනුම් දීමට හෝ ප්රතිචාර දැක්වීමට කෙනෙක් අපේක්ෂා කරන්නේ නම් මිස. එවිට ඔහු ‘සුබ්හානල්ලාහ්’ යැයි පවසයි. එය ඉමාම් හෙවත් මෙහෙයවන්නා යම් ක්රියාවක වරදක් සිදු කළ විට හෝ අමතර දෙයක් කළ විට හෝ අඩුවක් කළ විට හෝ මඃමූම් හෙවත් අනුගමනය කරන්නන් විසින් ඔහුට දැනුම් දෙන පිිිිණිසය. එමෙන්ම උදාහරණයක් ලෙස සලාතය ඉටු කරන්නාට කවරෙකු හෝ ඇරයුම් කරන්නේ නම් ඔහු ප්රතිචාර දැක්වීමටත් මෙය පවසයි. නමුත් කාන්තාව එවැන්නක් දැනුම් දෙන්නේ අප්පුඩි ගසමිනි. ඇය කතා නොකරයි. හේතුව ඇගේ හඬ අර්බුදයට තුඩු දෙන බැවිණි.

([27]) නිසාබ් යනු, නිශ්චිත ධනයක් ලැබූ විට එහි සකාත් අනිවාර්යය වන ප්රමාණයයි.

([28]) දිවුරුම් කඩ කිරීම සඳහා පිරිනමන ප්රතිකර්ම ක්රියාවලියෙන් වහලෙකු නිදහස් කිරීම හෝ දිළිඳුන්හට ආහාර සැපයීම හෝ වස්ත්ර සැපයීම යන කරුණුවලින් එකක් තෝරා ගැනීමේ නිදහස පිරිනමා ඇත. එසේ නොලැබුණේ නම් ඔහු දින තුනක් උපවාසයේ නිරත විය යුතුයි.

([29]) සැබැවින්ම අඥානයින්ගේ හජ් වන්දනාව, මිය ගිය දැහැමියන්ගේ සොහොන් වෙත හා නැරඹීම් පදනම් කරගෙන පැවතුණි. එය අල්ලාහ්ගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ නියෝගයට පටහැනිය. දූතයාණෝ මෙසේ ප්රකාශ කළහ: “‘අල් මස්ජිදුල් හරාම්, මාගේ මෙම මස්ජිදය හා මස්ජිදුල් අක්සා නම් දේවස්ථාන තුන වෙත මිස ඔබේ වන්දනා ගමන් පවත්වා නොගන්න.” මෙය බුහාරි (1189) තුමා හා මුස්ලිම් (1397) තුමා විසින් අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාගේ වාර්තාවකට අනුව දන්වා ඇත.

([30]) එවැනි තවත් හදී්ස් කිහිපයක් මෙසේය. “මා සම්මුඛ වීමෙන් මාධ්යයක් උදා කර ගන්න. හේතුව සැබැවින්ම මා සම්මුඛ වීම අල්ලාහ් ඉදිරියේ ඉමහත්ය.”, “හොද යැයි සිතන කවුරුන් හෝ වේවා ඔහුට සෙත සළසන කුටිය තුළ සිටී” මේ සියලු දෑ ගොතන ලැබූ හදීස් වේ. එයට කිසිදු වලංගුභාවයක් නැත. සැලකිලිමත් හදීස් ග්රන්ථ කිසිවක මෙය දැක ගන්නට නැත. මෙවන් දේ හා මෙයට සමාන දෑ දැක ගන්නට ලැබෙනුයේ කිසිවක් වටහා ගත නොහැකි බහුදේව වාදය හා බිද්අත් හෙවත් නව පිළිවෙත් වෙත ඇරයුම් කරන, නොමග ගියවුන්ගේ පොත්වලය.

([31]) තල්බියා පවසයි: එනම් ‘ලබ්බයික් හජ්ජන්’ හෝ ‘ලබ්බයික් උම්රතන්’ යනුවෙන් පැවසීමයි. ඉන් අදහස් කරනුයේ අල්ලාහ්ට නිරන්තරයෙන්ම ප්රතිචාර දැක්වීමයි.

([32]) ‘අල් මුතමත්තිඃ’ යනු හජ් සමය තුළ උම්රාව ඉටු කරන්නාය. පසුව ඔහු සම්පූර්ණ ඉහ්රාමයෙන් ඉවත් වී ඉහ්රාමය හේතුවෙන් තහනම් කරනු ලැබූ දෑ භුක්ති විදියි. පසුව අටවැනි දින හජ් සඳහා ඉහ්රාම් බැඳ ගනී. ‘කාරින්’ යනු හජ් සහ උම්රා දෙකම එකට ඉටු කිරීමයි. ඔහු හජ් හි ක්රියාවන් පමණක් ඉටු කරන නමුත් එයට පරව උම්රාවට ප්රවේස වීමේ අදිටනද ගොඩ නගයි. ‘මුෆ්රිද්’ යනු උම්රා කිරීමෙන් තොරව හජ් සඳහා පමණක් අදිටන් කරන්නාය.

([33]) ‘අල් හද්යු’ යනු ඔටු, ගව හෝ එළුවන් අතරින් වූ සතුන්ය. හජ් වන්දනාකරු එමගින් පරිත්යාග කරයි. දානය ලබා දෙයි. අනුභව කරයි.

([34]) අවුරුදු උත්සව දින හෝ ඉන් පසුව හෝ ඔහු එම තවාෆය සිදු කරයි. හජ් වන්දනාවට පෙර මස්ජිදයට පැමිණි වහාම ඉටු කරන ‘තවාෆුල් කුදූම්’ නොහොත් පැමිණීමේ තවාෆය ‘නාෆිලා’ නොහොත් අතිරේක ක්රිමයාවකි. සඃයි වනාහි, එය ‘තවාෆුල් කුදූම්’ සමග සිදු කළේ නම් අවුරුදු දින හෝ ඉන් පසුව හෝ ‘තවාෆුල් ඉෆාළා’ සමග සඃයි ඉටු නොකළ ද ‘මුෆ්රිද්’ හා ‘කාරින්’ට එක් වරක් පමණක් සෑහෙන්නේය.

([35]) ‘යව්මුන් නහ්ර්’ නොහොත් ‘කපා කැප කිරීමේ දිනය’ යනු අවුරුදු දිනයයි. එය දුල් හිජ්ජා මාසයේ දසවන දිනය වේ. එය එලෙස නම් කරන ලද්දේ හජ් වන්දනාකරුවන්ගේ සත්ව කැපයන් එදින කපා හරින බැවිණි.

([36]) ෂෙයිතාන්ට කරන බලපෑම යනු: ඔහු අවමානයට පත් කිරීමයි.

([37]) එනම්: ඔහු රාත්රිය ගත කරමින් නවාතැන් ගන්නා ස්ථානයයි.

([38]) මලක්වරුන් යනු: උත්තරීතර අල්ලාහ් ආලෝකයෙන් මැවූ ජීවීන් පිරිසකි. ඔවුන් බහුලව සිටින අතර අල්ලාහ් හැර ඔවුන්ගේ සංඛ්යාව වෙනත් කිසිවකුට ගණනය කළ නොහැක. ඔවුන් අතර අහසේ වෙසෙන අහස් වාසීන් ඉන්නා අතරම තවත් පිරිසක් ආදම්ගේ දරුවනට අනුයුක්ත කරනු ලැබ ඇත.

([39]) එනම්: අල්ලාහ් ඔහුගේ දූතවරුන් වෙත එවූ ග්රන්ථ සත්යය බව විශ්වාස කරයි. අල් කුර්ආනය හැර වෙනත් කිසිවක් ඉතිරි වූයේ නැත. යුදෙව්වන් හා කිතුවන් අතැති තව්රාත් හෙවත් තෝරාව හා ඉන්ජීල් හෙවත් බයිබලය ඒවායෙහි සංයුතියෙන් ඒවායෙහි වෙනස්කම්වලට භාජනය වී ඇති බව සාධක පවතී. එහි ඔවුන්ගේ ප්රකාශයක් නම්: දෙවියන්ගේ ත්රිත්වය හා ජේසු තුමා දේව පුත්රුයාණන් යන ප්රකාශයයි. සත්යය වනුයේ සැබැවින්ම දෙවියන් ඒකීයය. ඔහුය අල්ලාහ්. සැබැවින්ම ඊසා තුමා අල් කුර්ආනයේ සඳහන් පරිදි අල්ලාහ්ගේ ගැත්තෙකු හා ඔහුගේ දූතයකු වේ. මෙහි සඳහන් කරනු ලැබූ දෑ අල් කුර්ආනයේ අල්ලාහ්ගේ වදනින් වෙනස් කරනු ලැබීය. ‘සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උමර්ගේ අතෙහි ඇති තව්රාතයේ කොළයක් දැක කෝප වී ‘කත්තාබ්ගේ පුතණුවනි! මා විෂයයෙහි සැකයක් තිබේද? අල්ලාහ් මත දිවුරා පවසමි. මාගේ සහෝදර මූසා ජීවතුන් අතර සිටියද ඔහු මා අනුගමනය කරනු මිස වෙනත් යමක් නොකරනු ඇත.” යැයි පැවසූහ. පසුව උමර් එම කොළය විසි කළේය. එවිට පසුව ඔහු, 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ මා වෙනුවෙන් සමාව ඇයැද සිටින්න’ යැයි පැවසීය. ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් විසින් වාර්තා කරන ලද මෙම හදීසය ඉමාම් අහ්මද් (3/387) විසින් වාර්තා කර ඇත. ඉමාම් අල්බානී තුමා ‘අල් ඉර්වාඃ’හි (1589) මෙය හසන් ගනයේ හදීසයක් බව තහවුරු කොට ඇත.

([40]) මෙය මුස්ලිම් (153) හා අහ්මද් (2/317) යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.

([41]) මෙය අබූදාවුද් (4607) විසින් වාර්තා කර ඇති අතර මෙවැනිම හදීසයක් තිර්මිදි ද (2676) වාර්තා කර ඇත. එමෙන්ම ඉබ්නු මාජා ද (43) වාර්තා කළ අතර මෙහි ඇති පද පෙළ ද ඔහු සතු වූවකි. සුළු වෙනස්කම් සහිතව අහ්මද් (17142) ද මෙය දන්වා ඇති අතර ‘සහීහ් ඉබ්නි මාජා’හි අල්බානි තුමා මෙය පූර්ව සාධක සහිත ‘සහීහ්’ හදීසයක් බව තහවුරු කරයි.

([42]) මෙය මාලික් තුමා (3338) විසින් වාර්තා කර ඇති අතර ‘සහීහ් අල් ජාමිඃ’හි (2937) අල්බානි තුමා මෙය සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත.

([43]) මෙය ඉමාම් ඉබ්නු මාජා (224) විසින් හා ‘අස් සගීර්’හි තබරානි (22) විසින් දන්වා ඇති අතර ‘සහීහ් අල් ජාමිඃ’හි (3808, 3809) ඉමාම් අල්බානි මෙය පූර්ව සාධක සහිත සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත.

([44]) මෙය තිර්මිදි (2322) විසින් ද ඉබ්නු මාජා (4112) විසින් ද වාර්තා කර ඇති අතර ‘සහීහ් අල් ජාමිඃ’හි (1609) අල්බානි විසින් මෙය පූර්ව සාධක සහිත සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත.

([45]) එයින් අදහස් කරන්නේ, සර්වබලධාරි දෙවියන්ගේ බලය නොමැති මළවුන් හා පිළිම වැනි වස්තුන් වෙතින් බිය හෝ බලාපොරොත්තු නොවීීම. සිංහයා වැනි සත්වයාට හා සොරුන්ට, ඔවුන්ට හැකි දේ ගැන බිය වීම. එමෙන්ම වගකිවයුතු සහ ත්යාගශීලී අය වැනි ආධාර සැපයීමට හැකියාවක් ඇති අයගෙන් බලාපොරොත්තුවීීම. මේවා දොස් පැවරිය නොහැකි ස්වාභාවික බිය සහ බලාපොරොත්තුවේ.

([46]) අනුමත සතුන් කපන අවස්ථාවේ පවා යහපත් ලෙස කටයුතු කළ යුතුයි. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිහිය මුවහත් කරන මෙන් ද, කපන ලද සත්වයාට විවේකයක් දෙන මෙන් ද නියෝග කර ඇත්තාහ. එසේ කපාහරින ලද ස්ථානය උගුරය. එනම් උගේ ලේ පිටවන තෙක් අන්නසෝත්රය (උගුර) හා රුධිර නාල දෙක කපා හැරීමයි. ඔටුවෙකු කපා හරිනුයේ ගෙලට පහළින් තෙරපුම් නාලයට ඇනීමෙනි. හිසට පහර දීම හෝ විදුලි සැර වැද්දීම වැනි ක්රම තුළින් සතුන් මැරීම තහනම් වන අතරම ඒවා අනුභව කිරීම ද සුදුසු වන්නේ නැත.

([47]) මිනිසුන් හිංසා කරන කැලෑ බල්ලන්ය. පොදුවේ හිංසාකාරී කැළෑ මෘග සතුන් ද මෙයට ඇතුළත් වේ.

([48]) නීතිපති හෝ ප්රධානියා.

([49]) මෙය බුහාරි තුමා (13) විසින් හා මුස්ලිම් තුමා (45) විසින් වාර්තා කර ඇති අතර මෙම පද පෙළ මුස්ලිම් සතු වූවකි.

([50]) මෙය හදීස් ග්රන්ථවල පුළුල් ලෙස දැකිය හැකි විස්තර ගොන්නක් සහිත ඉමහත් දේශනයකි.

([51]) මෙය අහමද් (22978) විසින් දන්වා ඇති අතර ‘අස්-සිල්සිලතුස් සහීහා’හි (6/199) අල්බානී තුමා මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව සනාථ කර ඇත.

([52]) මෙය බුහාරි (105) හා මුස්ලිම් (1679) විසින් වාර්තා කර ඇති අතර මෙහි සඳහන් පද පෙළ බුහාරි සතු වූවකි.

([53]) ඔහුගේ කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති නම්,

([54]) දණ්ඩ නීතිය යනු, දඬුවම් ලබන වරදක් සිදු කරන්නා මත ඉස්ලාමීය පිළිවෙත තුළ නියම කරනු ලබන දඬුවමයි.

([55]) මෙය අබූ දාවූද් (2/316) විසින් ද අහ්මද් (1652) විසින් ද වාර්තා කොට ඇති අතර ‘සහීහ් අත්-තර්ගීබ් වත්-තර්හීබ්’හි (1411) හා ‘සහීහ් අල් ජාමිඃ’හි (4172) ඉමාම් අල්බානි මෙය පූර්ව සාධක සහිත සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත.

([56]) කාමමිථ්යාචාරය නිසා මිනිසෙකු තම පියා හැර වෙනත් කෙනෙකුට ආරෝපණය වනවාක් මෙන් පරම්පරාවන් ව්යාතකූල වීමෙන් හා විනාශ වීමෙන් අල්ලාහ් ආරක්ෂා කළේය.

([57]) ශරීරයේ ආරක්ෂාව සඳහා රෝගියා සහ ඔහුගේ පවුලේ අය ඔහුගේ කුණු වූ ඉන්ද්රිය කපා හැරීම තෝරා ගැනීමට වඩා මෙය වඩාත් උචිතය.

([58]) ඉස්ලාමීය රාජ්යයක් යටතේ මුස්ලිම්වරු සකාත් ගෙවති. මුස්ලිම් නොවන්නන් ජිස්යා බදු ගෙවති. එය වැඩිවියට පත් වූ පිරිමින්ගෙන් ගන්නා ලද මුදල් ප්රමාණයකි. කන්තාවන්, දරුවන්, මානසික රෝගීන්, වයෝවෘද්ධයින් දිළිඳු දුප්පතුන්ගෙන් අය කරනු නොලබන්නකි. ජිස්යා යනු සුළු තොගයකි. නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ කාලයේ සෑම වසරකම ජිස්යා වශෙයන් ලබා ඇත්තේ එක් දීනාරයක් පමණය. එය වසරක එක් වතාවක් ගෙවනු ලැබූ ඉතාමත් අල්ප ප්ර්මාණයක් විය. මෙය ඉස්ලාමීය රාජ්යයේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ සුරක්ෂිත ජීවිතයට, ඔවුන්ගේ සියලු ජීවන ක්රියාකාරකම්වල යෙදීමට සහ ඉස්ලාමීය නීතියේ අවසර ලත් ප්රතිලාභ වශයෙන් පිහිටන්නකි. ඔවුන් සඳහා සුරක්ෂිත ජීවිතයක් සහ නිරපේක්ෂ ආරක්ෂාවක් එමගින් භුක්ති විඳිති. මුස්ලිම් පාර්ශවයෙන් ඔවුන්ට හා ඔවුන්ගේ මුදල්, ඔවුන්ගේ ගෞරවයට මෙන්ම ඔවුන්ගේ ආරාමයන් සහ ආගම සඳහා ඔවුනට ආරක්ෂාවට සැළසීම සඳහාය. මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ඉටු කිරීමට සහ ඔවුන්ගේ සතුරන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීමට නොහැකි වූ විට එම ආරක්ෂාවේ කොන්දේසී බිඳ වැටී ඇති බැවින් ඔවුන්ගෙන් ගත් ජිස්යා බදු ඔවුන් වෙත ආපසු හරවා දෙනු ලැබේ. (මුස්ලිම් නොවන) ඔවුන් රට ආරක්ෂා කිරීමට සහභාගී වූයේ නම්, මුස්ලිම්වරු ඔවුන්ගෙන් ජිස්යා අතහැර දමන අතර, රජය ඔවුන්ගේ දුප්පතුන්ට උදව් කර මුස්ලිම්වරුන් මෙන් සලකනු ඇත.

([59]) හිංසා පීඩා යනු ඉස්ලාමයේ ජනතාව ඔවුන් වෙත ළඟා වීමේ නිදහස අහිමි කිරීම සහ ඔවුන් බලහත්කාරයෙන් තොරව එය නිදහසේ වැලඳ ගැනීමෙන් ඔවුන් වැළැක්වීමය.

([60]) රිද්දත් හෙවත් දහම අත්හැරීම: එය ඉස්ලාමය අතහැර, අවිශ්වාසය වෙත යොමුවීම වන අතර ඉස්ලාමය මනා අවබෝධයෙන් තෝරාගත් කිසිවෙකු එසේ නොකරනු ඇත. කිසිම ආගමක් හා සංස්කෘතියක්, එයින් ඉවත් නොකරනු ඇත. ඊට හේතුව ඒ කිසිවක් එහි පරිපූර්ණත්වයට හා ආශ්චර්යයට ළඟා නොවන බැවිණි. දහම අත්හැර යෑමේ එක් චේතනාවක් වන්නේ මුස්ලිම් ප්රජාව තුළ දේශද්රෝ්හී බවක් ඇති කර එය අවිශ්වාසයට තල්ලු කිරීම හෝ ආශාවන් හෝ ද්රව්යමය හා ලෞකික අවශ්යතා පසුපස හඹා යාමය. මේ ආකාරයෙන් ඉස්ලාමයෙන් ඉවත්ව යාම දිව්ය ගිවිසුම් වලින් විශාලතම හා වැදගත්ම දේවලින් ඉවත්වීම වේ. මෙය වර්තමානයේ බොහෝ රටවල් නිජභූමියට මහා රාජද්රෝහී අපරාධයක් කිරීම අනුමත කරන දෙයට සමාන වන අතර මරණීය දණ්ඩනය ඒ සඳහා දඬුවමක් වනවාක් මෙනි. ඒ අනුව, දහම අත්හළ තැනැත්තා දූෂිත තත්වයකට පත් වන අතරම එය මුස්ලිම් ප්රජාව ඝාතනය කිරීමෙන් මුලිනුපුටා දැමීමට උපකාරයක් බවට පත්වේ. කෙසේ වෙතත්, දහමට විරුද්ධව කැරලි ගැසීමේ චූදිතයන්ගේ අසාධාරණයෙන් ආරක්ෂා වීමට සහ මුස්ලිම් ප්රජාවේ ආගම ආරක්ෂා කිරීමට පියවර වශයෙන් දහම අත්හළ තැනැත්තාගේ තත්වය තීරණය කිරීම සහ ඉස්ලාමයේ ෂරියා ව තුළ ඔහුට දඬුවම් නියම කිරීම පාලකයාගේ අතට පත් කර ඇත.

([61]) අල්ලාහ්ව හෝ මුහම්මද්, මූසා, ඊසා (අලයිහිමුස් සලාම්) වැනි ඔහුගේ දූතවරුන් අතරින් එක් දූතයකු හෝ ඉස්ලාම් දහමින් වූවක් බව දැනගත් යමක් හෝ හෑල්ලුවට ලක් කිරීම.

([62]) අතින් ඇඳ හෝ ලී වල හෝ වෙනත් දේවල කැටයම් කරන ලද හෝ මැටියෙන් හා වෙනත් දේවලින් සාදන ලද සජීවී මෙන් රූප රූපගත කිරීම. මූර්තිකරුවන්හට සිදු කර ඇති අවවාදය තුළට මෙයද ඇතුළත් වේ.

([63]) අල්ලාහ්ගේ නබිවරයකු වූ ඊසා (අලයිහිස් සලාම්) තුමා බහු විවාහය තහනම් නොකළේය. එසේ එය තහනම් කළේ තමන්ගේ ආශාවන් අනුගමනය කරමින් කටයුතු කළ කිතුනු ජනතාවයි.

([64]) අවිවාහක හෝ දික්කසාද කරනු ලැබූ) ධර්මිෂ්ඨ මුස්ලිම් කාන්තාවන් මිය ගොස් නැවත නැගිටුවා ප්රශ්න කිරීමෙන් පසු අල්ලාහ් ඔවුන් ස්වර්ගයට ඇතුල් කළහොත්, ස්වර්ගවාසීන් අතර සිටින කැමති මුස්ලිම් පුරුෂයකු තෝරා ගැනීමේ නිදහස ඔවුනට පිරිනමනු ලැබේ. ඒ අනුව ඔවුහු තමන් කැමති කෙනෙකු විවාහ කර ගනිති. එක් වතාවකට වඩා විවාහ වී මිය ගිය මුස්ලිම් බිරිය වනාහි, ඇය ස්වර්ග වැසියෙක් නම්, මෙලොව ඇයට වඩාත් ප්රිය ජනක වූ ඇගේ සැමියා ස්වර්ග වාසීන් අතර කෙනෙකු නම් ඔහුව තෝරා ගනී.

([65]) මෙය අබූ දාවූද් (3874) විසින් වාර්තා කර ඇති අතර ‘සහීහ් අල් ජාමිඃ’ (1762) හි අල්බානී තුමා මෙය සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත.

([66]) අල්ලාහ් තම ගැත්තන්ට නියෝග කරයි. තවද ඔහු ඔවුනට තහනම් කරයි. ඊට පෙර, කීකරු වන්නේ කවුද ඊට අකීකරු වන්නේ කවුද යන්න ඔහු මැනවින් දනී. නමුත් ගැත්තාට ඔහුගේ ක්රියාව සඳහා ප්රතිඵල ලැබෙන තරමට, මෙම දැනුම ඔහුට හෙළි කරන තරමට පවතී. ඒ අනුව දුෂ්ඨයා “මාගේ ස්වාමීනි! මා නොකළ පාපයකට මාගේ පරමාධිපති මට දඬුවම් කරමින් මට අපරාධයක් කර ඇත.” යැයි නොපවසනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: “ඔබේ පරමාධිපති ගැත්තන්හට අයුක්ති සහගත නොවන්නකි.” (ෆුස්සිලත්: 46).

([67]) මෙය මුස්ලිම් තුමා විසින් ද (2999) අහ්මද් තුමා විසින් ද (4/332) අද් දාරිමි තුමා විසින් ද වාර්තා කර ඇත.

([68]) ඉස්ලාමයේ නාමයෙන් අහිංසකයින් ඝාතනය කරන කවාරිජ්වරුන් (ඉස්ලාමීය ප්රපත්තියෙන් බැහරවූවන්) මෙනි. ඔවුන් බොහෝ දුරට ඉස්ලාමයේ සතුරන්ගේ කුමන්ත්රණවලට ගොදුරුවූවන් වෙති.

([69]) අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්රකාශ කළහ. “ඉපදෙන හැම දරුවකුම ‘අල් ෆිත්රා’ හෙවත් සහජ බුද්ධිය මත මිස ඉපදෙන්නේ නැත. නමුත් ඔහුගේ දෙමාපියන් ඔහුව යුදෙව්වකු කරති. කිතුනුවකු කරති. ගින්නට නමදින්නෙකු කරති.” (මෙය බුහාරි විසින් (1292) හා මුස්ලිම් විසින් (2658) වාර්තා කර ඇති අතර මෙම පද පෙළ ඉමාම් මුස්ලිම් ගෙන් ය.) මෙම හදීසයේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටිනුයේ, සැබැවින්ම මිනිසකු ඉපදෙන්නේ ඉස්ලාම් නොහොත් අවනතභාවයේ සහජ ධර්මය මතය. ඔහුගේ සහජ බුද්ධිය එය විශ්වාස කරයි. ඔහුව එලෙසම අතහැර දමනු ලැබුවේ නම් කිසිදු පැකිලීමකින් තොරව ඉස්ලාමය තෝරා ගැනීම ඔහු විසින් සිදු කරයි. ඔහු යුදෙව්වාදය, කිතුනුවාදය හා අග්නිවන්දනා වාදය මෙන්ම අනෙකුත් මිථ්යා දහම් හා සංකල්ප පිළිගැනීම සිදු වනුයේ ඔවුන් ඒ අනුව පුහුණු කරනු ලබන හේතුවෙනි.

([70]) අල්-බාතිනිය්යාවරුන් හැඳින්වන නාම බොහෝමයක් ඇත. ඔවුන් ඉන්දියාව, සිරියාව, ඉරානය, ඉරාකය සහ බොහෝ රටවල පැතිරී ඇති නිකායන් කිහිපයකට බෙදී සිටිති. පූර්වගාමී විද්වත්හු ගණනාවක්ම ඒ ගැන විස්තරාත්මකව පැහැදිලි කර ඇති අතර ඒ අතරින් ‘අල්-මිලල් ව අන්-නහ්ල්’ නම් කෘතියේ අෂ්-ෂහර්ස්තානී තුමා ද කෙනෙකි. එමෙන්ම පසුකාලීන විද්වතුන් කිහිප දෙනෙකු විසින් ද ඒ ගැන පැහැදිලි කර ඇති අතර ඔවුන් ‘කාදියානියා’, ‘බහාඉය්යා’ හා එවැනි වෙනත් නම් සහිත නව නිකායන් ගැනද පැහැදිලි කළහ. මෙම නිකායන් පැහැදිලි කළ අය අතර ‘සෙයිල් අල් මිලල් වන්නහ්ල්’ නම් කෘතියෙහි මුහම්මද් සඊද් කයිලානි මෙන්ම ආගම්, කණ්ඩායම්, සහ සමකාලීන නිකායන් පිළිබඳ මදීනා ඉස්ලාමීය විශ්ව විද්යාසලයේ මහාචාර්යවරයකු වන ෂෙයික් අබ්දුල් කාදීර් ෂයිබා අල් හමද් තුමා ද කෙනෙකි.

([71]) ඉස්ලාමයේ ප්රතිරූපය විකෘති කරන ඔවුන්ගේ ක්රියාවන් අතර තම මුහුණුවලට මෙන්ම තමන්ගේ පපුවලට ගසා ගැනීම සහ තමන්ගේ සිරුරුවලට දම්වැල් සහ පිහි වලින් පහර දීම වැනි දේ ඇතුළත් වේ.

([72]) මෙලොවෙහි යහපත් ජීවිතය හෝ මතුලොවෙහි ස්වර්ගය.