33 سببا للخشوع في الصلاة
හඳුන්වා දීම
සියලු ප්‍රශංසා සියලු ලෝකයන් ගේ අධිපති අල්ලාහ් ට හිමි වේවා. ඔහු ගේ ග්‍රන්ථයේ, “ (පංච කාල) සලාහ් ආරක්‍ෂා කරවු. මධ්‍ය කාල සලාහ්ව ද (ආරක්‍ෂා කරවු) අල්ලාහු ට බැතිමත් ව නැගී සිටිවු.” සූරා බකරා 2:238 යනුවෙන් ද සලාහ් නමැති නැමදුම පිළිබඳ ව
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ ﴿٤٥﴾
“..සැබැවින්ම එය බියසුලු අය ට විනා (අන් අය ට) බැරෑරුම් දෙයකි.” සූරා 2:45. යනුවෙන්ද පවසයි. ඔහු ගේ බැතිමතුන් ගේ නායකත්වය දරණ, බියසුලුවන් ගේ ප්‍රධානියා වන අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන්, එතුමා ගේ පවුලේ අය සහ සගයින් ට සාමය හා ආශීර්වාදය හිමි වේවා.
සලාහ් යනු ප්‍රායෝගික කුලුනු අතරින් මහත් ප්‍රබල එකක් වන අතර, සලාහ්වෙ හි නිරත වන කෙනෙක් තුළ බියසුලු භාවය තිබිය යුතු බව ෂරීආ ප්‍රකාශ කරයි. අල්ලාහ් ට එරෙහි වු ඉබ්ලීස් ආදම් ගේ දරුවන්ව නොමඟ යවන බව මෙසේ ප්‍රකාශ කළේය.
ثُمَّ لَآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ ﴿١٧﴾
“එයට පසු ඔවුන් ගේ ඉදිරිපසින් ද ඔවුන් ගේ පිටු පසින් ද, ඔවුන් ගේ දකුණු පසින් ද ඔවුන් ගේ වම් පසින් ද ඔවුන් වෙත (කුමන්ත්‍රණ පිණිස) එන්නෙම්මයි.” සූරා 7: 17.
මිනිසා සලාහ්වෙ හි යෙදෙන විට ඔවුන් ගේ සිත වෙනතක ට යැවිම ඉබ්ලීස් ගේ ප්‍රබලතම කුමන්ත්‍රණයක් වුයේ සලාහ්වෙ හි නිරත වු විට මිනිසා ගේ කන තුළ කොඳුරමින් සලාහ් කිරීමේ සතුට විනාශ කර සලාහ් මගින් මිනිසා ලබන ත්‍යාග ය ඔවුන් ට අහිමි කිරීම යි. මිහිතලයෙන් අතුරුදන් වන ප්‍රථම කරුණ හුඃෂූ නමැති බියසුලු කම වන අතර, අපි අද ජීවත් වන්නේ එවැනි අවසාන යුගයක ය. හුදෙයිෆා (රළි) තුමා පැවසු වදන අපහ ට අදාළ වනු ඇත. “ඔබේ දහමෙන් ඔබ ප්‍රථමයෙන් අහිමි කර ගන්නේ හුඃෂු වන අතර, ඔබේ දහමේ ඔබ අවසාන ව අහිමි කර ගන්නේ සලාහ් නම් නැමදුම වේ. කෙනෙක් සලාහ් ඉටු කරනු ඔබ දකින නමුත් ඔහු වෙත කිසිදු යහකමක් නැත. මෑත කාලයේ දී ඔබ මස්ජිදයට ඇතුළු වි හුඃෂු සහිත කිසිවෙක් එහි නොදකින්නේ ය .” (අල් මදාරිජ් 1/521)
සෑම කෙනෙක් ම තමන් ගැන හොඳ හැටි දන්නා හේතුවෙන් ද, සලාහ් කරන විට වස්වාස නමැති සිත් තුළ කොඳුරන ෂෛතාන් ගේ අයහපත් සිතුවිලි නිසා ද, හුඃෂු භාව ය අහිමි වීම පිළිබඳ ව බොහෝ දෙනෙකුගෙන් ලැබෙන පැමිණිලි හේතු වෙන් ද, මේ පිළිබඳව සාකච්ඡා කිරීම බොහෝ වැදගත් බවට පත් ව ඇත. මට සහ ම ගේ සහෝදර මුස්ලිම්වරුන් ට යහපතක් ලබනු පිණිස පහත සඳහන් කරුණු ගැන මතක් කරමි.
අල් කුර්ආන යේ අල්ලාහ් මෙසේ පවස යි.
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ ﴿١﴾ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ ﴿٢﴾
“සැබැවින් ම, දේව විශ්වාසවන්තයෝ ජයග්‍රහණ ය කළෝය; ඔවුහු තම සලාහ්වෙ හි බැගෑපත් ව නැඹුරු වන්නෝ වෙති.” සූරා අල් මුඃමිනූන් 23:1-2
එනම්, ශාන්ත භාවයෙන් අල්ලාහ් කෙරෙහි බියසුලු වීම. හුඃෂූ යනු ශාන්ත භාවය, සන්සුන් භාවය, සමථය, සහ නිහතමානී භාවය යන සියලු අර්ථ ඇතුළත් ය. කෙනෙක් තුළ හුඃෂු ඇති වන්නේ අල්ලාහ් ගැන බිය සහ ඔහු තමා දෙස බලමින් සිටින බව ඇති හැඟීම නිසා ය. (තෆ්සීර් ඉබ්නු කතිර්) හුඃෂු යනු කෙනෙකු ගේ හදවත තම පරමාධිපති ඉදිරියේ නිහතමානී භාවයෙන් හා යටහත් භාවයෙන් සිට ගැනීම යි. (අල් මදාරිජ් 1/520)
“අල්ලාහු ට යටහත් ව නැගි සිටිවු” සූරා 2:238 යන වාක්‍ය ගැන විග්‍රහ කළ මුජාහිද් ‘හිස නැමීම, ඉතා සන්සුන් ව හා කීකරු ව තම දෑස් පහත් කොට සියලු කීර්ති හිමි අල්ලාහ් කෙරෙහි තිබන බියෙන් යටත් පහත් වීම‘ යනුවෙන් පැවසීය. (තසීම් කද්ර් අස් සලාහ් 1/188)
හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්‍රකාශ කෙරේ. මිනිසා ගේ විවිධ ඉන්ද්‍රීයයන් හදවත අනුගමනය කරයි. නොසැලකිලමත් වීම හෝ ෂෛතාන් ගේ කෙඳිරීම නිසා හෝ හදවත අපවිත්‍ර වුයේ නම් නැමදුම් කරන පුද්ගලයා ගේ සිරුරේ අවයවන් ද අපවිත්‍ර වනු ඇත. හදවත රජ කෙනෙකු මෙන් වන අතර, ඔහු ගේ ඉන්ද්‍රයයන් රජු ගේ අණ ට එකඟ ව සේවය කරන සෙබළුන් මෙන් ය. රජු බලයෙන් නෙරපා දමනු ලැබුවහොත් අනුගාමිකයෝ අතරමං වෙති. කෙනෙකු ගේ හදවත හරියාකාර ව නැමදුම් ක්‍රියාවෙ හි නොයෙදුණේ නම් සිදු වන අවුල මෙවැන්නකි.
කෙනෙක් තම හුඃෂු භාවය ප්‍රදර්ශනය කිරීම තහනම් ය. අවංක කමේ සලකුණු අතර මේවා ද අඩංගු වේ.
හුඃෂූ භාවය සඟවා වසං කිරීම
හුදෙයිෆා (රළි) තුමා දිනක් “ආත්ම වංචනිකයන් ගේ හුඃෂූ පිළිබඳව ප්‍රවේශම් වෙන්න.” යැයි පැවසුහ. “වංචනිකයන් ගේ හුඃෂු යනු කුමක් ද?” යැයි එතුමාගෙන් ප්‍රශ්න කරනු ලැබු විට, “ශරිරයේ හුඃෂු භාවය පෙන්නුම් කළත්, ඔහු ගේ හදවතෙ හි හුඃෂු භාවය දක්නට නොමැත.” යැයි පිළිතුරු දුන්හ. ෆුදෙයිල් ඉබ්නු අයාද් මෙසේ පවසයි. “කෙනෙක් තම හදවතෙ හි හුඃෂූ ප්‍රමාණයට වඩා අධිකව ප්‍රදර්ශනය කිරීම අප්‍රිය කරනු ලබයි.” පුද්ගලයෙක් තම උරහිස සහ ශරීරයේ හුඃෂු භාවය පෙන්නුම් කරනු දුටු ඔවුන්ගෙන් කෙනෙක් “අහෝ අසවල් තැනැත්තා! හුඃෂු තිබෙන්නේ මෙතැන යැයි පවසා ඔහු ගේ පපුව පෙන්වා” මෙතැන නොවේ යැයි පවසා ඔහු ගේ උරහිස දෙස පෙන්විය.
කෙනෙකු ගේ සැබෑ දේව විශ්වාසය නිසා හට කන්නා හුඃෂූ භාවය සහ වංචනිකයන් ගේ හුඃෂු භාවය අතර තිබෙන වෙනස ඉබ්න් අල් කය්යිම් (රහ්) පහදා දුන්නේ මෙසේය. “සැබෑ දේව විශ්වාසයේ හුඃෂූ භාවය යනු, උත්තරිතර අල්ලාහ් ගේ මහිමය පිළිබඳ ව අවබෝධය ලැබු හදවතෙ හි හටගන්නා සම්පූර්ණ යටත් පහත් භාවය, බිය, ලැජ්ජාව, ආදර භක්තිය, අල්ලාහ් ගේ ආශීර්වාදය සහ තම පාපයන් හඳුනා ගැනීම යනාදියයි. හදවතේ හුඃෂූ භාවය ට අවනත වි ශරීරයේ හුඃෂු සිදු වනු ඇත. වංචනිකයන් ගේ හුඃෂු යන, මහත් ප්‍රදර්ශනයක් පෙන්නුම් කළ නමුත් ඔහු ගේ හදවතෙ හි හුඃෂු නමැති හැඟීම් කොහෙත් ම නැත. සහාබා (රළි) වරයෙක් “වංචනිකයන් ගේ හුඃෂූ භාවයෙන් මම ආරක්ෂාව පතමි.“ යනුවෙන් ප්‍රාර්ථනා කිරීම ට පුරුදු වී සිටියේයි. “ආත්ම වංචනිකයන් ගේ හුඃෂු යනු කුමක් දැ?“ යි ඔහුගෙන් විමසන ලදී. එය ට ඔහු, “සිරුරෙහි හුඃෂු තිබෙන බව පෙන්නුම් කරන නමුත් ඔහු ගේ හුඃෂු භාවය දක්න ට නැත.” යනුවෙන් පිළිතුරු දෙන ලදී.
අල්ලාහ් අබියස සැබෑ හුඃෂු භාවය ලබන පුද්ගලයෙක් කායික ආශාවන් පිළිබඳ කිසිදු තැකීමක් නොදක්වයි. ඔහු ගේ හදවත පිරිසිදු ව තිබෙන අතර උත්තරීතර අල්ලාහ් ගේ ආලෝකයෙන් පිරී ඉතිරී යයි. අල්ලාහ් කෙරෙහි බිය සහ විස්මය මගින් ඔහු ගේ හදවත පිරී ඉතිරී යාම නිසා ඔහු ගේ පටු ආත්මාර්ථකාමි ආශාවන් සියල්ල දුරු වී ගොස් ඔහු ගේ ශාරීරික අවයවන් සංසුන් බව ට පත් වෙයි. ඔහු ගේ හදවත ගෞරවය ට පමුණුවන ලදු ව අල්ලාහ් කෙරෙහි සුරක්‍ෂිත හැඟීම් සහිත ව අල්ලාහ් ව මෙනෙහි කරයි. ඔහු ගේ පරමාධිපති ගෙන් ඔහු වෙත ශාන්තභාවය පහළ වනු ඇත. මේ හේතුන් මත අල්ලාහ් ඉදිරියේ ඔහු යටත් පහත් භාවයට (මුහ්ඃබිත්) පත්වෙයි. අල්ලාහ් ඉදිරියේ යටත් පහත් භාවය ට පපත් වු පුද්ගලයා ආරක්‍ෂිතය ලැබු කෙනෙක් වෙයි. මිහිතලයේ පහත් බිම මුහ්ඃබිත් පොළොවක් වන අතර, එය ජල සම්පත් ලැබු ස්ථානයකි. එමෙන් ම මුහ්ඃබිත් බව ට පත් වු හදවත, යටත් පහත් භාවයෙන් යුතුව සෑහිම ට පත් වනු ඇත. මෙවැනි පුද්ගලයා ගේ සලකුණු වන්නේ ගෞරවය හා නම්‍යතාව නිසා තම පරමාධිපති ට හිස නමා නමස්කාර කරන අතර, අල්ලාහ්ව මුණ ගසන තුරු ඔහු හිස ඔසවන්නේ නැත. උද්ධච්ච බව ට පත් වු හදවත මෙය ට හාත්පසින් වෙනස් ය. සැබෑ දේව විශ්වාසයේ හුඃෂු මෙවන්නක් ය. ආඩම්බරකමින් හිස ඔසවා සිටින විට උස් බිමක් මෙන් වන අතර එහි ජලය කිසි විටෙක නොරැඳේ. එය නිසරු ය.
ආත්ම වංචනිකයන් ප්‍රදර්ශණ කරන හුඃෂු සහිත කෙනෙකු ගේ හදවත තුළ ආසාවන් හා තෘෂ්නාවන් තවමත් පිරී තිබේ. බාහිර පෙනුමට ඔහු හුඃෂු සහිත බව පෙනෙන නමුත්, ඔහු තුළ ගොදුර සොයන මීටියාවතේ නයා සහ වනාන්තරයේ සිංහයා සැරිසරනු ඇත. (අර් රූහ් - දාර් අල් ෆික්හ් පිටු අංක 314)
කෙනෙක් සලාහ්වෙ හි තම හදවත ශූන්‍ය කර නැමදුමෙ හි පමණක් සිතුවිලි යොමු කර, අන් සියලු දේ ට වඩා සලාහ්ව ට ප්‍රමුඛත්වය දෙන විට සලාහ්වෙ හි හුඃෂූ සිදු වෙයි. ඔහු සහන ලබන්නේ මෙවැනි අවස්ථාවක පමණකි. නබි (සල්) තුමාණන් “මගේ සතුට සලාහ් වෙහි පිහිටනු ඇත” යැයි පැවසුහ. (තෆ්සීර් ඉබ්නු කතීර් 5/456. මූලාශ්‍ර මුස්නද් අහමද් 3/128 සහ සහීහ් අල් ජාමි 3124)
وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّـهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّـهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا ﴿٣٥﴾
“අල් හාඃෂි ඊන වඅල් හාඃෂිආත් (අල්ලාහ් ඉදිරියේ යටත් පහත් භාවයෙන් සිටින පිරිමින් හා ස්ත්‍රීන්) යනුවෙන් සඳහන් කරන අල්ලාහ්, ඔහු විසින් තෝරා ගනු ලැබු අය ගේ ගුණාංගය මෙය බව පවසයි. ඔවුන් සඳහා ක්‍ෂමාව සහ උතුම් ත්‍යාග (ස්වර්ගය) සූදානම් කර තිබෙන බව අල්ලාහ් සනාථ කරයි.” සූරා අහ්සාබ් 33:35.
හුඃෂු නම් හැඟීමේ යහ ප්‍රතිඵලයක් වන්නේ කෙනෙක් සලාහ් පහසු ක්‍රියාවක් බව පත් කර ගැනීමයි. මේ බවට අල්ලාහ් පවසන්නේ මෙසේය.
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ ﴿٤٥﴾
“ ඉවසීමෙන් ද සලහ්වෙ හි යෙදීමෙන් ද පිහිට ඉල්ලවු. සැබැවින් ම එය බිය සුලු අයට විනා (අන් අයට) බැරෑරුම් දෙයකි.” සූරා 2: 45 (සැබෑ විශ්වාසීන් අල්ලාහ් ට සම්පූර්ණයෙන් අවනත වන ඔහු ගේ දඬුවම ට අධිකව බිය වන සහ ඔහු ගේ පොරොන්දු හා අවවාද ගැන මැනැවින් දනී) සලාහ් ඉටු කිරීමේ දී හුඃෂු නම් හැඟීම සහිත අය හැර අන් අය ට මෙම කාර්යය ඉතාමත් අසීරු ය. හුඃෂු නම් මානසික තත්ත්වය ඉතාමත් වැදගත් එකක් වන අතර, අවසාන යුගයක් වන මෙම කාල වකවානුවේ එය දැකීම ඉතා දුර්ලභ වන අතර, ශීඝ්‍රයෙන් නැති යන කරුණකි. “මෙම සමාජයෙන් ප්‍රථමයෙන් ඉවත් කරනු ලබන්නේ හුඃෂු නම් දේව බය වන අතර, හුඃෂු සහිත කිසිවෙක් ඔබ නොදකින්නේ ය.” යනුවෙන් මුහම්මද් රසූල් (සල්) තුමාණන් වදාළහ. අල් කබීර් ග්‍රන්ථයේ අල් තබරානි මෙය සනාථ කරයි.
හුෂූ පිළිබදව ඉතාමත් නිවැරදි මතය ට එකඟව හුඃෂු නම් මානසික හැඟීම අත්‍යවශ්‍ය එකකි. ෂෙය්ක් අල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා (රහි) මෙසේ පැහැදිලි කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ ﴿٤٥﴾
“ ඉවසීමෙන් ද සලාහ්වෙ හි යෙදීමෙන් ද පිහිට ඉල්ලවු. සැබැවින් ම එය බිය සුලු අයට විනා (අන් අයට) බැරෑරුම් දෙයකි.” සූරා 2: 45
අල්ලාහ් වෙත බිය සුළු නොවන අයට එරෙහි ව දඬුවම් නියම කරනු ලැබු බව මෙම වාක්‍ය යෙහි අර්ථය පෙන්නුම් කරයි. දඬුවම් දෙනු ලබන්නේ අනිවාර්යය ක්‍රියාවක් ඉටු නොකළ විට හෝ තහනම් ක්‍රියාවක් ඉටු කළ විට දඬුවම් නියම කරනු ලබනු ඇත. හුඃෂු නොමැති අය ට එරෙහි වදඬුවම් නියම කරනු ලබන්වනේ නම්, හුඃෂු නම් හැඟීම අනිවාර්‍යය එකක් (වාජිබ්) බව මෙය පෙන්නුම් කරයි. අල්ලාහ් කෙරෙහි බියසුලු භාවය අනිවාර්‍යය එකක් බව පහත සඳහන් වාක්‍ය සනාථ කරයි.
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ ﴿١﴾ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ ﴿٢﴾
“සැබැවින් ම දේව විශ්වාසිකයෝ ජයග්‍රහණය කළෝය. ඔවුහු තම සලාතයෙ හි බැගෑපත් ව නැඹුරු වන්නෝ වෙති.” සූරාඅල් මූමිනූන් 23 වාක්‍ය 1 සහ 2.
أُولَـٰئِكَ هُمُ الْوَارِثُونَ ﴿١٠﴾ الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ ﴿١١﴾
“ඔවුහු, ස්වර්ගය උරුම කර ගන්නා උරුමක් කරුවෝ ඔවුහුම ය. එහි සදාතනිකයෝ ඔවුහුම ය.” සූරා අල් මූමිනූන් 23: වාක්‍ය 10 සහ 11
මෙවැනි ජනතාව ෆිර්දවුස් නමැති ස්වර්ගය උරුම කර ගන්නා බව සියලු ප්‍රශංසා හිමි උත්තරිතර අල්ලාහ් සනාථ කරයි. මෙය ට එකඟ ව අන් කිසිවෙකු ට එය ට හිමිකමක් නැත. සලාහ් ක්‍රියාවෙ හි හුඃෂු අනිවාර්‍යය එකකි. එනම්. ශාන්ත භාවය, යටහත් පහත් භාවය සහ අවනත භාවය තිබිය යුත වේ. සලාහ්වෙහි සුජූද් නම් හිස පොළොව මත තබන ඉරියව්ව කපුටෙක් ආහාර මත කොටන ආකාරයෙන් ලහි ලහියෙන් ඉටු කරන කෙනෙක් සහ රුකුඋ ඉරියව්වෙන් නැගිටින විට සම්පූර්ණ වශයෙන් සිරුර සෘජු ව තබා, සුළු මොහොතක ට ශාන්තව නොරැඳී, වහාම සුජූද් වෙත යන කෙනෙක් තුළ හුඃෂු නොමැති බව සැළකේ. සන්සුන් භාවය යනු ඕනෑම පියවරක් සීරුවෙන් ඉටු කිරීමය. සියලු දේ සීරුවෙන් පියවර නොගන්නා කෙනෙක් ශාන්ත භාවය නොමැති කෙනෙකි. සන්සුන් භාවය නොමැති කෙනෙක් සලාතයේ සුජූද් සහ රුකූ නම් ඉරියව්වෙ හි හුඃෂු විරහිත කෙනෙක් බව ට පත් වේ. එමෙන් ම සලාහ්වෙ හි හුඃෂු නොමැති කෙනෙක් පාපතරයෙකි. සලාහ්වෙ හි යෙදී සිටින විට අහස දෙස ට නෙත් ඔසවන කෙනෙක් පිළිබඳ ව පවසන විට ඔහු හුඃෂු නොමැති කෙනෙක් බව රසූල් (සල්) තුමාණන් පෙන්වා දීම සලාහ් ක්‍රියාවෙ හි හුඃෂු තිබිය යුතු බව සනාථ කරයි. (මජ්මා අල් ෆත්වා 22/553 – 558)
හුඃෂු නමැති සත් ගුණය පිළිබඳ ව සහ එය නොමැති කෙනෙකු ට අවවාද කිරීම පිළිබඳ ව නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. සලාහ් වේල පහක් අල්ලාහ් අනිවාර්‍යය කර ඇත. කවරෙකු නිසියාකාර ව වුදු කර ගෙන, නිසි වෙලාව ට නැමදුම් කර, රුකු උ යන ඉරියව්ව හුඃෂු සහිත ව පරිපූර්ණ ව ඉටු කරයි ද, ඔහු ගේ පාපයන් ට ක්ෂමාව දෙන බව අල්ලාහ් පොරොන්දු වන අතර, කවරෙකු එය නොකරන්නේ ද, ඔවුන් ට එවැනි පොරොන්දු අල්ලාහ් නොදෙන්නේ ය. අල්ලාහ් කැමති නම් ඔවුන් ට සමාව දෙයි. අල්ලාහ් කැමති නම් ඔහු ට දඬුවම් පණවයි. මූලාශ්‍ර අබූ දාවූද් අංක 425, සහීහ් අල් ජාමි 3242.
හුඃෂුවෙහි සත්ගුණය ගැන නබි (සල්) තුමාණන් පැහැදිලි කරන විට, “කවරෙක් නිසියාකාර ව වුදු ධෝවනය කර, අනතුරු ව සිත සම්පූර්ණයෙන් යොමු කර රකඅත් දෙකක් සලාහ් කරන්නේ නම්, (අන් කිසිවක් ගැන කල්පනා නොකර) ඔහු ගේ පෙර වූ පාප සියල්ලන් ට ක්‍ෂමාව දෙනු ලබයි. (ස්වර්ගය ගැන පොරොන්දුව දෙනු ලබයි)” මූලාශ්‍ර අල් බුහාරි # 158; අන්නසාඉ 1/95 සහීහ් අල් ජාමි 6166.
සලාහ්වෙ හි හුඃෂු භාවය ලබා ගැනීම ට උපකාර වන කරුණු දෙස බලන විට ඒවා දෙවර්ගය ට අයත් බව දැක ගත හැක. හුඃෂු නම් බියසුලුකම අප තුළ ශක්තිමත් කර ගැනීම ට සහය වන දේ සහ හුඃෂු භාවය දුර්වල කරන කරුණු වලක්වාලීම. ෂෙය්ක් අල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා හුඃෂු භාවය ලබනු පිණිස උපකාරී වන කරුණු පිළිබඳ ව පැහැදිලි කරයි.
“හුඃෂු භාවය (වර්ධනය කිරීම ට) කරුණු දෙකක් අපට උපකාර වෙයි. අනිවාර්‍ය වතාවත් ඉටු කිරීම ට තිබෙන බලවත් ආශාව සහ වික්ෂේපයේ (සිත එක් තැනකට යොමු කිරීමේ) දුර්වලතාව. ”
පළමු වන කරුණ වන අනිවාර්‍ය වතාවත් ඉටු කිරීම ට තිබෙන දැඩි ආශාව ගැන සඳහන් කරන විට, කෙනෙක් තමන් කරන හා පවසන දේ ගැන සිත යොමු කිරීම ට මහත් වෙහෙස දරා, කුර්ආනය පාරායනය කරන විට, අල්ලාහ් ව මෙනෙහි කරන දික්ර් සහ දුආ වෙහි අර්ථය පිළිබඳ ව දිර්ඝ ව සිතා බලා, තමා අල්ලාහ් ඉදිරියේ සිටින බව මතකයේ තබා ගත යුතුය. ඇත්ත වශයෙන් ම නැමදුම සඳහා සිට ගත් කෙනෙක් තමා අල්ලාහ් ඉදිරියේ සිට ගෙන සිටින බව මතකයේ තබා ගත යුතු වේ.
නැමදුමෙ හි යෙදෙන විට තමා දෙස අල්ලාහ් බලා සිටින බව ද, ඔබ ට අල්ලාහ් ව දැක ගත නොහැකි වුවත්, අල්ලාහ් ඔබ ව දකිනු ඇත. නැමදීමෙන් ලබන ආස්වාදය අධික වන විට සලාහ් කෙරෙහි ගැත්තා ගේ ඇල්ම තවත් අධික වෙයි. මෙය ඊමානයේ ශක්ති ය මත රැඳී තිබේ.
ඊමානය තර කර ගැනීමේ මාර්ග විවිධාකාරය. නබි (සල්) තුමාණන්, “මේ ලොවේ කාන්තාවන් සහ සුවඳ විලවුන් මට ප්‍රිය මනාප කරනු ලැබු අතර, මගේ සතුට නැමදුම් කිරීමෙහි ය.” යනුවෙන් පැවසුවේ මේ නිසා ය. තවත් හදිසය “අහෝ බිලාල්! (රළි) නැමදුමෙ හි අප සහන සොයමු“ යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. “මෙය ඉක්මණින් අවසන් කර දමමු” යැය එතුමාණන් පැවසුවේ නැත.
මෙහි දෙවන කොටස වන සිත යොමු නොවීමේ දුර්වලතාව යනු, සලාහ් කරන අවස්ථාවේ සලාහ් ක්‍රියාව හැර අනිකුත් සියලු සිතුවිලි සිතෙන් ඉවත් කිරීම ට වෑයම් කිරීම. මෙම ක්‍රියාව විවිධ අය අතර විවිධාකාර ව පවති. මෙයට හේතුව වස්වාස් නම් සිත් තුළ ඇවිළෙන කැඳිරිලි වන අතර මේවා කෙනෙක් තුළ පැන නගින සැක සහ ආශාවන් මත පදනම් කරනු ලැබේ. කැමැති දෑ අසන්නට සිත ප්‍රිය කරන අතර, අකැමැති දේ මග හරින්නට වෑයම් කරයි. මජ් මූ අල් ෆත්වා 22/606 – 607 )
හුඃෂු භාවය වර්ධනය කිරීමේ මාර්ග
හුඃෂූ භාවය ශක්තිමත් කිරීමේ හැකියාව සඳහා මහන්සි වීම.
මෙය පහත සඳහන් විවිධ මාර්ග වලින් ඉටු කර ගත හැක.
නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම:
උදාහරණයක් වශයෙන්:
Ø මුඅද්දින් පවසන අදාන් හි වචන යළිත් පැවසීම.
Ø අදාන් කීමෙන් පසු ව පවසන දුආ පාරායනය කිරීම. අල්ලාහුම්ම රබ්බ හාදිහිල් දඅවතිත් තාම්මා, ව සලාතිල් කායිමා, ආති මුහම්මදන් ඉල් වසීලත වඅල් ෆදිලහ්, ව බඅත්හුල් මකාමල් මහ්මූද අල්ලදි ව අත්තහ්.
(යා අල්ලාහ්!මෙම පරිපූර්ණ ඇරයුම ට සහ අනතුරුව ඉටු කරන නැමදුම ට හිමි කරු වන පරමාධිපතියාණනි, මුහම්මද් (සල්) තුමාණන් ට අප වෙනුවෙන් මැදිහත් වීම ට සහ එතුමා ට විශිෂ්ඨත්වය පිරිනමනු මැනව. තව ද ඔබ පොරොන්දු වූ උසස් තත්ත්වයෙ හි නියමිත දිනයේ එතුමාණන් නැවත පණ උපදවනු මැනව.
Ø අදාන් සහ ඉකාමා අතර දුආ කිරීම.
Ø නිවැරදියාකාර ව වුදු ධෝවනය ඉටු කිරීම, බිස්මිල්ලාහ් කියා ආරම්භ කිරීම, එම අවස්ථාවේ දික්ර් කිරීම සහ අවසාන යේ දුආ කිරීම. “අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහ්, වහ්ද හු ලා ෂරීක ලහ්, ව අෂ්හදු අන්න මුහම්මදන් රසූලුහු (නැමදුම ට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නැති බව සාක්ෂි දරමි. තව ද මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් ගේ සේවකයෙක් සහ සංදේශක වරයෙක් යැයි සාක්ෂි දරමි.“
“අල්ලාහුම්මජ් අල්නි මිනත් තව්වාබීන්, වජඅල්නී මිනල් මුත තහ්හිරීන් ( යා අල්ලාහ්! පාප ක්‍ෂමාව අයදින්නන්ගෙන් මා ද කෙනෙක් බවට පත් කරනු මැනවි. තව ද තමන් ව පිරිසිදු කර ගන්නන් අතර මා ද කෙනෙක් බවට පත් කරනු මැනවි.”
Ø අල් කුර්ආනය පාරායන කිරීම සිඳහා සිවාක් භාවිතා කර මුඛය පිරිසිදු කර ගැනීම. “කුර්ආන් (පාරායනා සඳහා) ඔබේ මුඛය පිරිසිදු කරගන්නා.“ යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. පැහැදිලි ඉස්නද් මගින් වාර්තා කරන ලදී.
Ø තමන් සතු හොඳම හා පිරිසිදු ආඳුම් පැලඳ ගැනීම. “අහෝ ආදම් ගේ දරුවනි! සියලු නැමදුම් ස්ථානයන් හි ම ඔබ ගේ ලක්‍ෂණ (හා පිරිසිදු ආඳුම පැලඳ) ගනි වු.” යැයි අල්ලාහ් පවසයි. කුර්ආන් සූරා ආරාෆ් 7:31.
Ø අල්ලාහ් වෙනුවෙන් ම “අලංකාර කර ගන්නා“ අප දකින්න ට අල්ලාහ් ඉතාමත් සුදුසු කෙනෙකි. පිරිසිදු, ප්‍රසන්න සුවඳ තවරා ගත් ආඳුම් පහසු හා කයට සුවය දෙන අතර, නිදා ගන්නා විට හෝ රැකියා කරන විට ඇඳ සිටි ඇඳුම් නැමදුම් වතාවත් සඳහා නුසුදුස ය.
Ø අප ශරීරයේ අව්රා පෙදෙස හරියාකාර ව ආවරණය කර යුතු අතර, නැමදුම් කරන ස්ථානය ද පිරිසිදු කර තිබිය යුතුය. නියමිත වෙලාව ට පෙර සූදානම් වීම, නැමදුම් වේලාව පැමිණෙන තුරු රැඳි සිටීම, නැමදුම් ආරම්භය ට පෙර පේළි සෘජව හා ළං කර තැබීම අවශ්‍ය කරුණකි. පේලිවල තිබෙන හිස් තැන් වලින් ෂෛතාන් ඇතුළු වෙයි.
Ø නැමදුමෙ හි අංග චලනය සීරුවෙන් ඉටු කළ යුතුය
මුහම්මද් නබි (සල්) තුමාණන් සලාහ්වෙ හි නිරත වන විට අංග චලනය ඉතා සීරුවෙන්, සිරුරෙ හි සෑම අස්ථියක් ම නියමිත ස්තානයන් ට ආපසු පැමිණෙන අයුරින් නැමදුම ඉටු කළහ. මෙය සහීහ් හදිසයක් බව වාර්තා වේ. මෙලෙස නොකරන ජනතාව ට හරියාකාරව සලාහ් කරන ලෙස නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. “මෙලෙස සිදු කරන තුරු ඔබ අතර කිසිවෙක් නිවැරදි ලෙස සලාහ් ඉටු කළේ නැත.” යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර අබු දාවූද් 1/536.
නබි (සල්) තුමාණන් පැවසු බව අබු කතාදා (රළි) මෙසේ වාර්තා කළේය. “තම නැමදුමෙන් සොරකම් කරන්නා, ඉතාමත් පහත් වර්ගයේ හොරෙක් වෙයි.“ එවිට කෙනෙක් “යා රසූලුල්ලාහ්! සලාහ්වෙන් සොරකම් කරන්නේ කෙසේ දැ?” යි විමසුවේය. එවිට රසූල් (සල්) තුමාණන්, “තම රුකු උ සහ සුජූද් හරියාකාර ව ඉටු නොකිරීමෙන්.” යනුවෙන් පිළිතුරු දුන්හ. සහීහ් ජාමි 997.
රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසු බව අබු අබ්දුල්ලාහ් අල් අෂ්අරි (රළි) වාර්තා කරයි. “රුකු ඉරියව් ව නිවැරදි ව ඉටු නොකරන්නා සහ සුජූද් ඉරියව් ව (කපුටෙක් මෙන්) හොට ගහන කෙනෙක් කුස ගින්නේ පෙලෙන කෙනෙක් ඉඳි ගෙඩි එකක් හෝ දෙකක් ආහාරය ට ගන්නා කෙනෙකු මෙන් ය. එයින් ඔහු ට කිසිදු යහපතක් සිදු වන්නේ නැත.” මූලාශ්‍රය අල් තබ්බාරානි අල් කබීර් ග්‍රන්ථයේ 4/115.
සලාහ්වෙහි අංග චලනය සීරුවෙන් ඉටු නොකරන කොනෙක්, එම අවස්ථාවේ හුඃෂු තත්ත්වයේ සිටිය නොහැක. කඩිමුඩියේ ඉටු කරන නැමදුම හුඃෂු තත්ත්වය ට බාධකයක් වන අතර, සලාවෙ හි කපුටෙක් මෙන් හොට ගැසීම ත්‍යාග ලැබීම ට බාධාවකි.
Ø සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම
“ඔබේ සලාහ්වෙ හි මරණය මතක් කර ගන්න. තම මරණය මතක් කරගන්නා කෙනෙකු ට නිවැරදි ආකාරයෙන් සලාහ් ඉටු කිරීම සඳහා රුකුලක් වෙයි. තවත් සලාහ්වක් ඉටු කිරීම ට අවස්ථාවක් ලැබිය නොහැක බව සිතන කෙනෙකු ගේ සලාහ් මෙන් ඔබ සලාහ් ඉටු කරනු.” යනුවෙන් නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. සිල්සිලා අල් සහීහ් 1412.
අබු අය්යූබි (රළි) තුමාට “නැමදුම සඳහා ඔබ නැගිට සිට ගන්නා විට, සමු ගැනීමේ නැමදුම මෙන් එය ඉටු කරනු මැනවි.” යැයි නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. මූලාශ්‍ර අහමද් 5/412. සහීහ් අල් ජාමි 742. එනම්, ඔහු ට නැවත වරක් සලාහ් ඉටු කිරීම ට අවස්ථාවක් නොලැබෙන බව ඔහු සිතිය යුතුය. නැමදුම් කරන තැනැත්තා මරණය ට ලක් වෙයි, ඇතැම් විට මෙය ඔහු ගේ අවසාන නැමදුම විය හැක. එම සලාතය අවසාන එකක් විය හැකි බව නොදන්නා හෙයින් ඔහු, හුඃෂු සහිත ව සලාහ් ඉටු කළ යුතු ය.
Ø නැමදුමෙ හි පවසන කුර්ආන් වැකි සහ දික්ර් පිළිබඳ ව අවබෝධයෙන් සිටීම සහ ඒවා ට අන්‍යෝන්‍ය ප්‍රතිචාර දැක්වීම.
අල් කුර්ආනය පහළ කරනු ලැබුවේ මෙනෙහි කිරීම පිණිස ය. අල්ලාහ් මෙසේ පවසයි.
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ ﴿٢٩﴾
“(මෙය) ඔවුන් ආයාවන් මෙනෙහි කරනු පිණිසත් නුවණැතියන් උපදෙස් ලබනු පිණිසත් අපි ඔබ වෙත ට පහළ කළ පුස්තකයෙකි. එය ආශීර්වවාද සහිත ය.” සූරා ෆුර්කාන් 38:29
අල් කුර්ආනයේ තෆ්සීර් (පැහැදිලි විග්‍රහ සහිත ව) අධ්‍යයනය කිරීම බොහෝ වැදගත් බව මෙයින් පෙනේ. “කුර්ආනය පාරායනය කරන නමුත් එහි අර්ථය නොදන්නා ජනයා දෙස බලා මම මවිතය ට පත්වෙමි. කුර්ආනය කියවීමෙන් පමණක් (එහි අර්ථය නොදන්නා) ඔවුන් ආස්වාදය ලබන්නේ කෙසේ දැ?” යි ඉබ්නු ජරීර් (රහ්) පැවසුහ. (මහ්මූද් ෂාකිර් ගේ මුකද්දිමාත් තෆ්සීර් අල් තබ්බාරි, 1/10. මේ හේතුවෙන් අල් කුර්ආනය තෆ්සීර් (අර්ථය) සමඟ, එය සංෂිප්ත එකක් වූවත්, කියවීම බොහෝ වැදගත් ය. නිදසුනක් වශයෙන් අල් ෂව්කානි ගේ තෆ්සීරය අල් අශ්ගර් සංෂිප්ත කළ zසුබ්දත් අල් තෆ්සීර් නම් ග්‍රන්ථය හෝ අල් අල්ලාමා ඉබ්නු සාදි රචනා කළ තෆ්සීර් අල් - කරීම් අර් රහ්මාන් ෆී තෆ්සීර් කලාම් අල් මන්නාන් නම් ග්‍රන්ථය හෝ කියවිය හැක. අවම වශයෙන්, අබ්දුල් අසීස් අල් සීර්වාන් රචනා කළ කුර්ආනයේ සඳහන් විශේෂ වචන පිළිබඳව පහදා දෙන අල් මුජාම් අල් ජාමි ලි ගරීබ් මුෆ්රදාත් අල් කුර්ආන් නම් වෙළුම් හතරකින් යුත් ග්‍රන්ථය උපයෝගි කළ හැක.
කුර්ආනය පහදා ගැනීම සඳහා වන තවත් ක්‍රමයක් නම්, එක් වාක්‍යයක් නැවත නැවත පාරායනා කර එහි දක්වන අර්ථය ගැන දීර්ඝ ව කල්පනා කිරීම වේ. නබි (සල්) තුමාණන් මෙවැනි ක්‍රියාවෙ හි යෙදුනු බව වාර්තා වී ඇත. එක් රාත්‍රියක් නබි (සල්) තුමාණන් වාක්‍යක් ගැන දීර්ඝ ව මෙනෙහි කරමින් පසු වූ බව වාර්තා වී ඇත. මූලාශ්‍ර ඉබ්නු කුzසෙයිමා 1/271 සහ අහමද් 5/149, සිෆාත් අස් සලාත් පිටු අංක 102. එතුමා දීර්ඝව මෙනෙහි කළ වාක්‍ය මෙය යි.
إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ ﴿١١٨﴾
“ඔවුන් ට ඔබ දඬුවම් කළහොත් සැබැවින් ම, ඔවුන් ඔබ ගේ වහලුන් ය. ඔබ ඔවුන් ට ක්‍ෂමා කළහොත් සැබැවින් ම ඔබ බලසම්පන්න ය. නුවණැති ය.” සූරා මායිදා 5:118.
කුර්ආන් වැකියන් පිළිබඳ ව දීර්ඝ ව මෙනෙහි කිරීම සඳහා ඒවායේ අර්ථය වෙත ප්‍රතිචාර දැක්වීම එක් ක්‍රමයකි. හුදෙයිෆා (රළි) වාර්තා කළේ මෙසේ ය. “එක් රැයක අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් සමඟ මම නැමදුමෙ හි යෙදුනෙමි. එතැමාණන් අල් කුර්ආනයෙන් දීර්ඝ ඡේදයක් පාරායන ය කළහ. එම පාරායනයෙ හි අල්ලාහ් ගේ කීර්තිය සඳහන් කරන වැකි පවසන විට එතුමාණෝ තස්බීහ් (සුබ්හානල්ලාහ් යැයි) පැවසු හ. එහි ප්‍රශ්නයක් තිබුණේ නම්, එතුමාණන් ද ප්‍රශ්න කළ හ. අල්ලාහ් වෙත රැකවරණය පැතිය යුතු තැන් හි අඌදු බිල්ලාහ් යනු අල්ලාහ්ගෙන් රැකවරණ පැතුහ.” මූලාශ්‍ර මුස්ලිම් 772.
තවත් වාර්තාවක “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් සමඟ සලාහ් කළෙමි. එතුමාණන් අල්ලාහ් ගේ කරුණාව සඳහන් වාක්‍යය පාරායනා කරන විට අල්ලාහ් ගේ කරුණාව පැතු හ. අල්ලාහ් ගේ දඬුවම් සඳහන් වාක්‍ය පාරායනා කළ විට අල්ලාහ් ගේ ආරක්‍ෂා පැතුහ. මිනිසා පිළිබඳ අල්ලාහ් ගේ කරුණා සහගත සැලකිලි පිළිබඳ වාක්‍ය පවසන විට සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ් ට කීර්ති මහිම ය පැවසු හ.”යනුවෙන් හුදෙයිෆා (රළි) සඳහන් කළේය. මෙම සිද්ධිය කියාම් අල් ලයිල් නමැති රාත්‍රි නැමදුම ට අදාළ වාර්තාවක් බව සලකන්න. මූලාශ්‍ර තඅzසිම් කද්ර් අස් සලාහ්.
කත්තාදා ඉබ්නු අල් නුඋමාන් (රළි) කියාම් අල් ලයිල් සලාහ් කරන විට සූරා ඉහ්ලාස් නමැති කුල් හුවල්ලාහු අහද් යන කොටස පමණක් දිගින් දිගට පාරායනා කළ අතර, අන් කිසිවක් පාරායනා නොකළ බව වාර්තා වේ. මූලාශ්‍ර අල් බුහාරි අල් ෆත්හ් 9/59 සහ අහමද් 3/43.
සඊද් ඉබ්නු උබෙයිදා අල් තාඉ (රළි) මෙසේ වාර්තා කළේය. “සඊද් ඉබ්නු ජුබෙයිර් (රළි) රමදාන් මාසයේ රාත්‍රි සලාහ් මෙහෙය වන විට,
إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ ﴿٧١﴾ فِي الْحَمِيمِ
ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ ﴿٧٢﴾
“ඔවුන් ගේ ගෙලෙහි විලංගු හා දම්වැල් දමනු ලැබ ඔවුන් ට ඇද ගෙන එනු ලබන කල් හි, (ඔවුන් දැන ගනු ඇත.) උතුරන ජලයෙහි ද පසුව ගින්නෙහි ද ඔවුන් මොලවනු ලැබේ.” සුරා ගාෆිර් 40 : 71 හ 72 යන වැකි විසි වතාවක් පමණ නැවත නැවත පාරායනය කළේය.“
කයිස් ගෝත්‍රය ට අයත් අබු අබ්දල්ලාහ් නමැති කෙනෙක් මෙසේ වාර්තා කරයි. ‘අපි අල් හසන් සමඟ රැඳි සිටිය දී, එතුමා කියාම් අල් ලයිල් රාත්‍රි නැමදුම සඳහා නැගිට, නැමදුම් කළේය. එහි දී,
وَآتَاكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا نِعْمَتَ اللَّـهِ لَا تُحْصُوهَا ۗإِنَّ الْإِنسَانَ لَظَلُومٌ كَفَّارٌ ﴿٣٤﴾
“නුඹලා ඔහුගෙන් ඉල්ලන සියලු දෑ ඔහු නුඹලා ට පිරිනැමුවේ ය. අල්ලාහ් ගේ වරප්‍රසාදයන් නුඹලා ගණන් කරන්නේ නම් එය නුඹලා ගණන් (කර අවසන්) නොකරන්නේ ය.” සූරා ඉබ්‍රාහීම් 14:34 වන වාක්‍ය අලුයම ට සුළු වේලාව ට පෙර දක්වා නැවත් නැවත පාරායනය කළේය. පාන්දර අපි ඔහු ව අමතා “අබු සඊද්! මේ වාක්‍යය ට අමතර ව ඔබ අන් කිසිවක් පාරායනා නොකළේ මන්දැ?” යි විමසුවෙමු. එවිට එතුමා, “එයින් මම බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මම කුමන දැයක් දෙස බැලුවත් එහි ආශීර්වාදයක් දුටුවෙමි. එහෙත් අල්ලාහ් ගේ ආශීර්වාද පිළිබඳ අප බොහෝ දේ නොදනිමු.”යැයි පිළිතුරු දුන්හ. අල් තද්කාර් ලිල් කුර්තුබි ග්‍රන්ථයේ පිටු අංක125 බලන්න.
හාරූන් ඉබ්නු රබාබ් අල් උසෙයිදි, තහජ්ජද් සලාහ් සඳහා රාත්‍රියන් හි සිට ගත් විට,
لَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ
رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ ﴿٢٧﴾
“(මෙලොව ජීවිතය වෙත) යළිත් වරක් අපි හරවනු ලබන්නම් නම්, අපි පරමාධිපති ගේ ආයාවන් (සලකුණු, වදන් යනා දි) අපි බොරු නොකරන්නෙමු. අප විශ්වාස කළ අයගෙන් වන්නෙමු යි කියන්නෝය.” සූරා අල් අනාම් 6:27 යන වාක්‍යය අලුයම දක්වා නැවත නැවත පාරායන කරමින් කඳුළු සැලීයි.
අල් කුර්ආනයෙන් නොයෙක් කොටස් කට පාඩම් කර, සලාහ්වෙ හි නිරත වී නොයෙක් ස්ථාවරයන් හි ඒවා පාරායනය කර එම වදන් හි අර්ථය පිළිබඳ කල්පනා කිරීම අල් කුර්ආනයේ අර්ථය ගැන මෙනෙහි කිරීම තවත් ක්‍රමයක් වේ.
කුර්ආන් වදන් හි අර්ථය ගැන කල්පනා කිරීම, ඒවා නැවත නැවත පාරායනා කිරීම, සහ එම වදන් වලට ප්‍රතිචාර දැක්වීම මගින් කෙනෙකු ගේ හුඃෂූ නම් බිය සුලුකම වර්ධනය කළ හැකි බවට කිසිදු සැකයක් නැත.“ඔවුන් හඬා වැළපෙමින් මුණින් වැටෙන්නෝය. තව ද, එය ඔවුන ට බැතිමත්කම වර්ධනය කරන්නේය.” යනුවෙන් අල් කුර්ආන් සූරා අල් ඉස්රා 17:109 වැකියෙන් අල්ලාහ් තහවුරු කරයි.
නබි (සල්) තුමාණන් හුඃෂු නම් බිය සුලුකම සහ කුර්ආන් වාක්‍යයන් හි අර්ථය පහදා ගැනීම පිළිබඳ පෙන් වු සිත් සෙලවෙන ආදර්ශමත් සිද්ධිය ගැන බලමු. උබෙයිද් ඉබ්නු උමෙයිර්(රළි) සමඟ අතා (රළි) අයිෂා (රළි) තුමිය වෙත ට ගියෝය. “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් ගෙන් ඔබ තුමිය දුටු ඉතාමත් විස්මය ට පමුණු වන ඔබ දුටු යමක් අපට පවසනු මැනව.” යැයි උමෙයිර් (රළි) ඉල්ලීමක් කළේය. දෑසින් කඳුළු සැලු අයිෂා (රළි) තුමිය මෙස් පැවසුවාය. “රාත්‍රියක් රසූල් (සල්) තුමාණන් නැගිට ‘අයිෂා! මගේ පරමාධිපති ට නැමදුම් කිරීම ට මට ඉඩ දෙන්න‘ යැයි කිහ. ‘අල්ලාහ් ගේ නාමයෙන් පවසමි. ඔබ ට සමිප ව සිටීම ට සහ ඔබ ට සතුට ගෙන දෙන දැයක් මම ද ප්‍රිය කරමි.‘ යැයි කීවෙමි. අනතුරු ව, එතුමාණන් පිරිසිදු කර ගෙන, නැමදුම ආරම්භ කළේය. එම අවස්ථාවේ තම උකුල තෙත් වන තුරු එතුමාණන් කඳුළු සැලුහ. තවද දිගින් දිග ට කඳුළු සැලු විට පොළොව ද තෙත් විය. අලුයම සළාහ් සඳහා කැඳවන්න ට පැමිණි බිලාල් (රළි) තුමා එතුමා කඳුළු සළනු දැක, ‘අල්ලාහ් ගේ රසූල් (සල්) තුමණි, ඔබ තුමාණන් ගේ අනාගත පාපයන්හට පවා අල්ලාහ් ක්‍ෂමාව දී ඇති අතර, එබ තුමා කඳුළු සලනවා දැ?‘ යි විමසීය. එවිට රසූල් (සල්) තුමාණන්, ‘යා බිලාල්! මම කෘතඥ දන්නා වහලෙක් නොවිය යුතු දැ?‘ යි විමසුහ. මේ රාත්‍රියෙහි කුර්ආන් වැකි පහළ කරනු ලැබුවෙමි. ඒවා පිළිබඳ ව මෙනෙහි නොකරන යමෙක් සිටින්නේ නම් ඔහු විනාශය ට පත් වේවා.
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِّأُولِي الْأَلْبَابِ ﴿١٩٠﴾
“සැබැවින්ම, අහස් සහ පොළොව නිර්මාණයෙහි ද රෑ දහවල් මාරු වීමෙහි ද නුවණැත්තන් ට ආයාවන් වෙති.” සූරා ආල ඉම්රාන් 3:190 හෝ සූරා බකරා 2:164. මෙය අතා (රළි) වාර්තා කළේය. මූලාශ්‍ර ඉබ්නු හබ්බාන්.
සූරා ෆාතිහා කියවී මෙන් අවසාන ව “ආමීන්” පැවසීම කුර්ආන් වාක්‍යයන් ට ප්‍රතිචාර දැක්වීමේ එක් උදාහරණයකි. මෙය අසීමිත ත්‍යාග ලබා දෙයි. අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසුහ. “ඉමාම්වරයා “ආමීන්” යනුවෙන් පැවසුවහොත් ඔබ ද “ආමීන්” යනුවෙන් පවසනු. කවරෙකු හෝ පවසන “ආමීන්”, මලාඉකාවරු පවසන “ආමීන්” සමඟ එක විට සිදුවන්නේ නම්, ඔහු ගේ පසු වූ පාපයන් සියල්ල සඳහා ක්‍ෂමාව දෙනු ලබන්නේය.” මූලාශ්‍ර අල් බුහාරි 747.
මේ පිළිබඳ තවත් උදාහරණයක ඉමාම්වරයා “සමි අල්ලාහු ලිමන් හමිදා” (තමා ට ප්‍රශංසා කරන්නා ට අල්ලාහ් සවන් දෙයි) යනුවෙන් පවසන විට, සලාහ් කරන ඉතිරි පිරිස “රබ්බනා ව ලකල් හම්ද්” (පරමාධිපතියාණනි!සියලු ප්‍රශංසා ඔබ ට හිමි ය) යනුවෙන් ප්‍රතිචාර දැක් විය යුතු ය. මෙය ද විශාල ත්‍යාග ගෙන දෙයි. රිෆාහ් ඉබ්නු රාෆි අල් zසුර්කි (රළි) මෙසේ වාර්තා කරයි. “දනක් නබි (සල්) තුමාණන් පිටුපස සලාහ්වෙ හි යෙදුනෙමු. නබි (සල්) රුකුඋ ස්ථානය සිට නැගටින විට “සමිඅල්ලාහු ලිමන් හමිදා” යැයි පැවසු විට එතුමාණන් පිටු පස සිටි මිනිසෙක් “රබ්බනා ව ලකල් හම්දු, හම්දන් කතීරන්, තය්යිබන්, මුබාරකන් ෆී” (අප පරමාධියාණනි! අධික හොඳ සහ ආශීර්වාද ඔබ ට හිමි ය) යනුවෙන් ප්‍රතිචාර දැක්විය. නබි (සල්) තමාණන් සලාහ් අවසාන කළායින් පසුව, “කවුරුන් දැයි එලෙස පැවසුවේ?” යනුවෙන් විමසුහ. එම මිනිසා “මම“ යි පිළිතුරු දුන්නේය. එවිට රසූල් (සල්) තුමාණන්, “තිහකට අධික මලාඉකාවරු එය ප්‍රථමයෙන් සටහන් කරගන්නේ කවුරුන් දැයි දිව එනු දුටුවෙමි” යැයි පැවසුහ. මූලාශ්‍ර බුහාරි අල් ෆත්හ් 2/284.
සෑම වාක්‍යයන් හි අවසානයේ සුළු විරාමයක් ගැනීම.
වාක්‍යයන් හි අර්ථ පහදා ගැනීම ට සහ ඒවා ගැන මෙනෙහි කිරීම ට මේ ක්‍රමය බොහෝ සේ ප්‍රයෝජනවත් වන අතර මෙය නබි (සල්) තුමාණන් ගේ සුන්නාවකි. උම් සලාමා (රළි) තුමිය මෙසේ වාර්තා කළාය. “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් “බිස්මිල්ලාහිර් රහ්මාන් නිර්රහීම්” යනුවෙන් පරායනා කර විරාමය ගනී. තවත් වාර්තාවක ඉන් පසුව “අල් හම්දු ලිල්ලා හි රබ්බිල් ආලමීන්, අර් රහ්මානිර් රහීම්“ යැයි පාරායනා කර විරාමය ගනී. ඉන් පසුව “මාලිකි යව්මිද් දීන්” යැයි පාරායනා කර විරාමය ගනි. මේ ආකාරයෙන් සෑම වාක්‍යයක්ම පාරායනා කළ පසු විරාමයක් ගනී. වාර්තා කළේ අබු දාවූද් 4001, මෙය සහීහ් හදීසයක් බව ෂෙය්ක් අල්බානි සනාථ කරයි.
වාක්‍ය දක්වන අර්ථය ඉන් පසු ආයතයෙහි ද දීර්ඝ ව දැක් වුවත්, සෑම වාක්‍යයක් අවසානයේ විරාම ගැනීම සුන්නා වේ.
ඉක්මන් නොවී, මිහිරි ව (තර්තීල්) පාරායනා කිරීම
අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි.
أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا ﴿٤﴾
“අල් කුර්ආනය නිසි අයුරින් (ඉක්මන් නොවී, මිහිරි හඬින් කියවවු.” සූරා මුzස්zසම්මිල් 73:4.
නබි (සල්) තුමාණන් ගේ කුර්ආන් පාරායනය ඉතා ප්‍රසන්න ව, සෑම අක්ෂරයක් ම පැහැදිලි ව උච්චාරණය සිදු කෙරුණි. මුලාශ්‍ර මුස්නද් අහමද් 6/294 සිෆාත් අස් සලාහ්.
නබි (සල්) තුමාණන් ඉක්මන් නොවී, මිහිරි හඬින් පාරායනා කරන විට එය බොහෝ දීර්ඝ බව හැඟුණි.මූලාශ්‍ර මුස්ලිම් 733.
වේගයෙන් හා කඩිමුඩියෙන් පාරායනා කිරීම ට වඩා මෙලෙස ඉක්මන් නොවී පාරායනා කිරීමෙන් කල්පනා කිරීම ට සහ හුඃෂු භාවය වර්ධනය කර ගැනීම ට උපකාරි වෙයි.
හුඃෂූ භාවය වර්ධනය කරනු පිණිස, මිහිරි හඬින් පාරායනය කිරීම උපකාර වෙයි. මේ ගැන නබි (සල්) තුමාණන් උපදෙස් කළේ මෙසේ ය. “ඔබේ කට හඬින් කුර්ආනය අලංකාර කරන්න. මිහිරි හඬ කුර්ආනයේ අලංකාරය වැඩි කරයි.” මූලාශ්‍ර අල් හාකිම් 1/575, සහීහ් අල් ජාමියා 3581.
මෙහි දී අලංකාර කිරීම යනුවෙන් අදහස් වන්නේ, ඇතැම් දූෂිත පිරිස කුර්ආන් වාක්‍යයන් හි ප්‍රාණාක්ෂර ය අනවශ්‍ය ලෙස දීර්ඝ කොට ගීතයක් බව ට පත් කිරීමේ ක්‍රියාව නොවේ. එසේ නොව, අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් කමින් තම ස්වරය අලංකාර කිරීම අවශ්‍ය වේ. නබි (සල්) තුමාණන් මෙසේ අවවාද කළහ. “සැබැවින් ම, ජනතා ව අතර කුර්ආනය පාරායනා කිරීම සඳහා මිහිරි හඬ සහිත කෙනෙක් පාරායනය කරන කල්හී ඔහු අල්ලාහ් ගේ බිය බැතිමත් සහිත කෙනෙක් බව ඔබ සිතන්නේය.” මූලාශ්‍ර ඉබ්නු මාජා 1/1339, සහීහ් අල් ජාමි 2202.
අල්ලාහ් ඔබේ ප්‍රාර්ථනාවන් ට පිළිතුරු දෙන බව දැන සිටීම
නබි (සල්) තුමාණන් හදීස් අල් කුද්සියෙ හි මෙසේ පැවසුහ. “උත්තරිතර අල්ලාහ් මෙසේ පවසයි. ‘මා සහ මගේ සේවකයා අතර සලාතය, දෙ බෑවක් ලෙස බෙදුවෙමි. මගේ සේවකයා අයැදින දේ ඔහු ට ලැබෙන්නේ ය. ‘පැසසුම් සියල්ල ම සකල ලෝක සංවර්ධන, සංරක්‍ෂණ, පරිපෝෂණ, පරිපාලන කරන්නා වු අල්ලාහ් ට‘ යැයි මගේ සේවකයා පවසන විට ‘මගේ සේවකයා මාව පැසසුම් කළේය‘ යනුවෙන් අල්ලාහ් පවසයි.‘දයාලු පරම දයාලු‘ යැයි සේවකයා පවසන විට, ‘මගේ සේවකයා මාව වර්ණනා කළේය යැයි‘ යැයි අල්ලාහ් පවසයි. සේවකයා ‘විපාක දාන දින හිමියා ය‘ යනුවෙන් පවසන විට, ‘මගේ සේවකයා මාව උත්කර්ෂය ට පමුණු විය.‘ යනුවෙන් අල්ලාහ් පවසයි. සේවකයා ‘අපි ඔබ ම නමදිමු; ඔබ ගෙන් ම පිහිට ඉල්ලමු.‘ යැයි සේවකයා පවසන විට, ‘මෙය මා හා මගේ සේවකයා අතරය.මගේ සේවකයා ඉල්ලන දේ ඔහු ට දෙනු ලබන්නේයැ‘ යි අල්ලාහ් පවසයි. සේවකයා ‘අප ට යහ මාර්ගය පෙන්වා දුන මැනවි. ඔබ ගේ උදහස ට භාජන වූ අය ගේ හෝ උන්මාර්ගගාමි අය ගේ හෝ (මාර්ගය) හැර ඔබ ආශීර්වාද කළ අය ගේ මාර්ගය (අප ට පෙන්වා දුන මැනවි)‘ යැයි සේවකයා පවසන විට, ‘මේවා සියල්ල මගේ සේවකයාට ය. මගේ සේවකයා ඉල්ලන සෑම දැයක් ම ඔහු ට ලබා දෙනු ලබන්නේ යැ‘ යි අල්ලාහ් ප්‍රකාශ කරයි.” මූලාශ්‍ර සහීහ් මුස්ලිම්, කිතාබ් අස් සලාහ්.
මෙය උතුම් හා වැදගත් හදිස් වදනකි. මේ බව සෑම කෙනෙක් ම සලාහ්වෙ හි ආරම්භයේ දී මතකයේ තබා ගත්තේ නම්, සලාහ්වෙ හි ඔහු අධික ලෙස හුඃෂු තත්ත්වය ට පත් වන අතර, සූරා ෆාතිහා ඔහු තුළ විශාල බලපෑමක් සිදු කරයි. මෙය සිදු නොවන්නේ කෙසේ ද? ඔහු ගේ පරමාධිපති ඔහු ව අමතා, ඔහු ඉල්ලන දේ දෙන බව පවසන විට, ඔහු තුළ මෙම හැඟීම් සිදු නොවන්නේ කෙසේ ද?
අල්ලාහ් සමඟ කළ සංවාදය නිසි අයුරින් ගෞරවය ට ලක් විය යුතුය. “ඔබ අතරින් කෙනෙක් සලාහ් සඳහා නැගිට සිටින විට, ඔහු තම පරමාධිපති සමඟ සංවාදයේ යෙදෙන්නේ ය. එනිසා, ඔහු (මිනිසා) තම පරමාධිපති සමඟ කථා කරන්නේ කෙසේ දැයි අවධානයෙන් සිටිය යුතු යැ.” යි අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර අල් හාකිම් අල් මුස්තද්රක් 1/236: සහිහ් අල් ජාමියා 1538.
ඉදිරියේ සුත්‍රාවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම
සුත්‍රාවක් ඉදිරියේ තබා එය ට සමීප ව සලාහ් කිරීමෙන් හුඃෂූ භාවය වර්ධනය කර ගැනීම ට සහය වන තවත් කරුණක් වේ. මෙ මගින් තමා දකින දේ සීමා කිරීමෙන් ෂෙයිතාන්ගෙන් ආරක්‍ෂාව ලැබීම ට සහ ඔබ ට සමීප ව ඉදිරියේ ඇවිද යන ජනතාවගෙන් සිත සලාහ්වෙ හි යොමු කිරීම ට සිදු වන බාධක නිසා සලාහ්වෙන් ලැබෙන ත්‍යාග හීන වීම වැළැකිය හැක.
“ඔබ අතර කවරෙකු හෝ සලාහ් කරනවි ට ඔහු සුත්‍රා දෙස මුහුණ හරවා, එය ට සමීප ව සලාහ් කළ යුතුයැ.” යි නබි (සල්) තඅමාණන් වදාළහ. මූලාශ්‍ර අබු දාවූද් 695: 1/446: සහීහ් අල් ජාමී 651
සුත්‍රාව ට සමීප වී සලාහ් කිරීම බොහෝ ඵලදායි ක්‍රියාවක් බව නබි (සල්) තුමාණන් වදාළහ. “ඔබ අතරින් කෙනෙක් සලාහ් කරන විට, ඔහු සුත්‍රාව ට සමිප වී සලාහ් කළ යුතුය. එමගින් ඔහු ගේ සලාහ්වට ෂෙයිතාන්ගෙන් බාධාවක් සිදු කළ නොහැකි වෙයි.” මූලාශ්‍ර අබු දාවූද් 695, 1/446; සහීහ් අල් ජාමි 650
සුත්‍රාව ට සමීප වීම යනු, සජදා කරන ස්ථානය සහ සුත්‍රාව අතර රියන් තුනක දුර පුමාණයක් තිබීම නබි (සල්) තුමාණන් ගේ සුන්නාහ් වේ. මෙම ස්ථාන දෙක අතරින්, බැටළුවෙක් ඇවිද යෑම ට ඉඩ ප්‍රමාණය තිබිය යුතුය. මූලාශ්‍ර අල් බුහාරි 1/574 අල් ෆත්හ් 579.
සලාහ්වෙ හි නිරත වන කෙනෙක් තමා සහ තම සුත්‍රාව ට මැදින් පසු කර ගෙන යෑම ට කිසිවෙකු ට ඉඩ දිය නොයුතුය. ඔබ අතර කිසිවෙක් සලාහ් කරන විට, ඔහු ඉදිරියෙන් පසු කර යෑම ට කිසිවෙකු ට ඉඩ නොදිය යුතුය. ඔහු හැකි අයුරින් එසේ යන කැනැත්තා ව වැළැක්විය යුතුය. එම තැනැත්තා වැළැකී නොගියේ නම්, ඔහු සමඟ සටන් කළ යුතුය. ඒ තැනැත්තා සමඟ සගයෙක් (ෂෙයිතාන්) සිටීම, එය ට හේතුව වන්නේය. මූලාශ්‍ර මුස්ලිම් 1/260, සහීහ් අල් ජාමි 755.
“සුත්‍රා ව භාවිතා කිරීමේ නුවණ වන්නේ, නෙත් පහත් කිරීම සහ සුත්‍රාව පසු කර නොබැලීම, ඔබ ඉදිරියේ කිසිවෙක් පසු කර ගෙන යෑම වැළකීම සහ ෂෙයිතාන් ඔබ ඉදිරියෙන් පසු කර ගෙන යෑම සහ ඔබ ගේ නැමදුම ට බාධා කිරීම ට තැත් කිරීම ට ඉඩ නොදී වළක්වා ලීම යැයි.” ඉමාම් අල් නවවි (රහි) ප්‍රකාශ කළේය.
ජාසිම් ඉබ්නු දඉයාන්
දකුණු අත වම් අත මත තබා ගැනීම.
මුහම්මද් නබි (සල්) තුමාණන් සලාහ් කිරීම ට නැගිට ගත් විට තම දකුණු අත වම් අත මත තබා ගෙන දෑත ම තම පපුව මත තබා ගත්හ. මූලාශ්‍ර මුස්ලිම් 401, අබු දාවූද් 759. “නබිවරුන් වන අප ට සලාහ්වෙ හි නිරත වන විට දකුණු අත වම් අත මත තබා ගන්නා ලෙස අණ කරනු ලැබුවෙමු” යැයි අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් දැන්වු හ. මූලාශ්‍ර මුජාම් අල් කබීර් 11485 අල් තබරානි.
සලාහ් කරන අවස්ථාවේ එක් අතක් අනෙක් අත මත තබා ගැනීමේ අර්ථය කුමක් දැ යි ඉමාම් අහමද් (රහ්) ගෙන් ප්‍රශ්න කළ විට, “එය උත්තරීතරයාණන් (අල්ලාහ්) අබියස යටහත් පහත් භාවය වේ.” යැයි පැවසීය. ඉබ්න් රජබ් ගේ අල් හුඃෂූ ෆිල් සලාහ් ග්‍රන්ථය පිටු අංක 21.
මේ විෂය පිළිබඳ ව ඉබ්නු හජර් (රහි) මෙසේ පිළිතුරු දුන්නේය. “මෙම ඉරියව්වේ අර්ථය අයැදුම්කාරයා දක්වන යටහත් පහත් භාවයේ ආකල්පය යි. මේ මගින් නොසන්සුන් භාවය වලකා ලිය හැකි අතර, මෙය හුඃෂූ පිණිස උපකාරි වනු ඇති බව ආගමික විද්වතුන් අදහස් දක්වති.” ෆත්හ් අල් බාරි 2/224.
සජදා කරන ස්ථානය වෙත නෙත් යොමු කිරීම
අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන්, හිස ඉදිරිය ට පහත් කර, නෙත් පොළොව දෙස යොමු කර සලාහ්වෙ හි නිරත වු බව ආයිෂා (රළි) තුමිය පැවසුවාය. මූලාශ්‍ර අල් හාකිම් 1/479. සිෆත් අස් සලාහ් පිටු 89
අල්ලාහ් ගේ නබි (සල්) තුමාණන් කඅබා පරිසරය ට ඇතුළු වී එයින් බැහැර වන තුරු, එතුමාණන් ගේ නෙත්, තමා සජදා කරන විට පොළොව මත හිස තබන ස්ථානයෙන් වෙනතකට යොමු නොවිය. මූලාශ්‍ර අල් හාකිම්ගෙන් අල් මුස්තද්‍රක් ග්‍රන්ථයේ 1/479.
අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් තෂ්හද් සඳහා වාඩි වූ විට, එතුමා කිබ්ලා දෙසට දබරැඟිල්ල දිගු කොට තම නෙත් එම ඇඟිල්ල දෙස යොමු කළහ. මූලාශ්‍රඉබ්නු හඃzසෙයිමි 1/355 අංක 719. එනිසා කෙනෙක් (අත්තිහයාත් සඳහා) තෂ්හද් පැවසීම ට වාඩි වූ විට, ඔහු දබරැඟිල්ල දෙස බලා සිටිය යුතුය. නබි (සල්) තුමාණන් තම දබරැඟිල්ලෙන් ඔබ්බට නෙත් යොමු නොකළ බව තවත් වාර්තාවක් පවසයි. මූලාශ්‍ර අහමද් 4/3 සහ අබු දාවූද් 990.
සටහන: සලාහ්වෙහි නිරත වන ඇතැම් අය ගේ සිත් තුළ මෙවැනි ප්‍රශ්නයක් පැන නගිනු ඇත. එනම්, සලාහ් වෙහි දෑස් වසා ගැනීම පිළිබඳව ආගමික නිගමනය කුමක් ද? විශේෂයෙන් දෑස් වසා ගත් විට හුඃෂු භාවය අධික වන බව ඇතැම් අය ගේ මතය වේ. මෙහි පිළිතුරු වන්නේ, මෙම ක්‍රියාව නබි (සල්) තුමාණන් ගේ සුන්නාහ්ව ට එරෙහි වන බව වාර්තා වී ඇත යන්නයි. දෑස් වසා ගන්නා කෙනෙක් තමා සජදා කරන ස්ථානය සහ තම දබරැඟිල්ල දෙස නෙත් යොමු කිරීමේ සුන්නාහ් ඉටු කිරීම ට අපොහොසත් වෙයි. මේ පිළිබඳ ව සුප්‍රකට විද්වතෙක් වන අල්ලාමා අබු අබ්දල්ලාහ් ඉබ්නු අල් කයියිම් තුමාගේ උපදෙස් දෙස බලමු. “සලාහ්වෙහි නෙත් වසා ගැනීම නබි (සල්) තුමාණන් ගේ ඉගැන්වීමේ කොටසක් නොවෙයි.” තෂ්හද් කියවන විට එතුමාණන් තම දබරැඟිල්ල දෙස නෙත් යොමු කළ අතර, තම බැල්ම ඇඟිල්ලෙන් ඔබ්බට යන්නට ඉඩ නො තැබුහ. එතුමාණන් දෑස් විවෘත ව තැබු බව සනාථ කරන අවස්ථාවන් කිහිපයක් තිබේ. ඒවා නම්, ස්වර්ගයෙන් මිදි පොකුරක් දෙනු ලැබු විට එතුමාණන් අත දිගු කළහ. බලලෙකු ට වද දුන් කාන්තාව නිරයේ වද දෙනු ලබනු දුටුහ. බස්තමේ හිමිකරු කවුරුන් දැ යි දුටුහ. එමෙන්ම, සලාතයේ නිරත වී සිටිය දී තමා ඉදිරියේ ඇවිද යන්නට තැත් කළ එළුවෙක්, කුඩා පිරිමි ළමයෙක්, කුඩා ගැහැනු ළමයි දෙදෙනෙක් යන අය එසේ යෑමෙන් වළකිනු පිණිස අතින් තල්ලු කළහ. සලාහ් ඉටු කරමින් සිටින තමා ට ආචාර කළ අය ට අත වැනුහ. තවත් හදීසයක සලාහ්වෙ හි නිරත වී සිටිය දී තමාව පොලොඹ වන්නට උත්සාහ කළ ෂෙයිතාන් ගේ ගෙල මීරිකා දැමුවේ ඔහු ව දෑසින් දුටු හේතුවෙන් බව පැවසේ. මෙම හදිස් වදන් මගින් නබි (සල්) තුමාණන් සලාහ් කරන විට නෙත් පිය නොකළ බව තහවුරු වේ.
සලාහ්වෙ හි දෑස් පිය වීම මක්රූහු ද යන ප්‍රශ්නය පිළිබඳ ව ආගමික විද්වතුන් ගේ මත විවිධයි. ඉමාම් අහමද් ඇතුළු පිරිසක් “මෙය යුදෙව් වරුන්ගේ ක්‍රියාවක්” නිසා එය මක්රූහු බව සැළකු හ. තවත් පිරිසක් එය අනුමත කළ අතර, එය මක්රූහු යැයි සැලකුවේ නැත. මේ පිළිබඳ ව නිවැරදි නිගමනය වන්නේ, දෑස් විවෘත ව තැබීමෙන් කෙනෙකු ගේ හුඃෂු භාවය ට පීඩාවක් සිදු නොවන්නේ නම්, දෑස් විවෘත ව සලාහ් කළ හැක. එහෙත්, සලාහ් කරන තැනැත්තා ගේ ඉදිරියේ තිබෙන දර්ශන, අලංකාර සහ මිනිසුන් නිසා කෙනෙකු ගේ සිත වියවුල් වන්නේ නම්, දෑස් පියවිම මක්රූහු බවට පත් නොවෙයි. මෙ වැනි නිගමනය ෂරීආ වේ අරමුණට බොහෝ සමිප වන බව සලකන්න. අල්ලාහ් සියල්ල දනී.” zසාද් අල් මාද් 1293.
මෙය ට එකඟ ව, සලාහ්වෙහි නෙත් නොපියවීම සුන්නාහ් බව පැහැදිලි වන අතර, කෙනෙකු ගේ හුඃෂු භාවය ට අහිත කරන යමක් අවට තිබේ නම්, දෑස් පියවා ගත හැකි බව පැහැදිලි වේ.
දබරැඟිල්ල දිගු කිරීම සහ සෙලවීම
“ෂෙයිතාන් ට එරෙහි ව එය යකඩයක ට වඩා අති ශක්තිමත් ය” යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර ඉමාම් අහමද් 2/119, සිෆත් අල් සිල්සිලා පිටු අංක 159. එනම් අත්තහියාත් සඳහා වාඩි වී තෂ්හද් පාරායනය කරන විට දබරැඟිල්ල දිගු කිරීම ෂෙයිතාන් ට යකඩ පොල්ලකින් පහර දීම ට වඩා මහත් වේදනාවක් දෙයි. මෙයට හේතුව අල්ලාහ් ගේ ඒකීය භාවය ද අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීමේ දී අවංක විය යුත බව ද ගැත්තා ට මෙම ක්‍රියාවෙන් මතක් කරනු ලැබීමයි. සැබැවින් ම ෂෙයිතාන් අධික ලෙස පිළිකුල් කරන්නේ මෙයයි. එනිසා, ෂෙයිතාන් ගේ උවදුරෙන් අපි අරක්ෂා පතමු. (අල් සයිදි ගේ ෆත්හ් අල් රබ්බානි ග්‍රන්ථ 4/15 )
මෙවැනි ඵලදායි තාව ය නිසා සහාබා (රළි) වරුන් මෙය ඉටු කරන ලෙස එකිනෙකා ට මතක් කළහ. එහෙත් අද බොහෝ දෙනා මෙය ඉතා සැහැල්ලුව ට සලකති. සහාබා වරුන් දුආ කරන අවස්ථාවන් හි දබරැඟිල්ල දිගු කිරීම ගැන එකිනෙකා ට මතක් කළ බව වාර්ථා වේ. සිෆත් අල් සලාහ් ග්‍රන්ථය පිටු අංක 141.
දබරැඟිල්ල දිගු කිරීමේ සුන්නාහ්ව ට එකඟව, තෂ්හද් පවසන ඉරියව්වේ දී එය කිබ්ලා දෙසඩට දිග කර, සෙලවෙමින් තිබිය යුතුය.
සලාහ්වෙහි පවසන සූරා, ආයතය, දික්ර් සහ දුආ විවිධ අවස්ථාවන් හි වෙනස් කිරීම
සලාහ්වෙහි සෑම විටම එකම වාක්‍ය සහ අද්කාර් පාරායනා නොකර, විවිධ මාතෘකා ගැන පවසන වාක්‍යයන් සහ දික්ර් උපයෝගී කරන විට ඒවා පිළිබඳ ව කල්පනා කිරීමෙන් නවක අර්ථ දැක ගන්නා බව නැමදුම් කරුවෙක් සිතනු ඇත. සූරාවන් සහ අද්කාර් කිහිපයක් පමණක් ඉගෙන ගත් කෙනෙක් මෙවැනි ආස්වාදය ලබන්නේ නැත. විවිධ අවස්ථාවන් හි විවිධ සූරා පාරායනා කිරීම සුන්නාහ්වක් වන අතර, ඒ මගින් හුඃෂූ භාවය වර්ධනය කළ හැකි වේ.
නබි (සල්) තුමාණන් සලාහ්වන් හි පාරායනා කළ ආරම්භක දුආ දෙස බැලුවහොත් එහි විවිධත්වයක් අපි දකිමු. එයින් නිදසුන් කිහිපයක් දෙස බලමු.
· “අල්ලාහුම්ම බාඉද් බයිනි ව බයින හඃතායා බාඅද්ත බයින අල් මෂ්රිකි වඅල් මග්රිබ්, අල්ලාහුම්ම නක්කිනි මින් හඃතායා ය, කමා යුනක්කා අල් තව්බ් අල් අභියද් මින් අල් දනස්; අල්ලාහුම්ම අග්සිල් නි මින් හඃතායාය බිල් මාඅ වඅල් තල්ජ් වඅල් බරද්.” (යා අල්ලාහ්! නැගෙන හිර බටහිරෙන් වෙන් කළා මෙන් පාපයෙන් මා දුරස්ථ කරනු මැනවි. අපිරිසුදු සුදු රෙද්දක් පිරිසුදු කරන්නාක් මෙන් මගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරනු මැනව.මගේ පාපයන් ජලයෙන් හා හිමයෙන් පිරිසිදු කරනු මැනව.)
· “වජ්ජහ්තු වජ්හිය ලිල්ලදී ෆතරස් සමාවාති වල් අර්ධ් හනීෆන් වමා අන මිනල් මුෂ්රිකීන්. ඉන්න සලාතී ව නුසුකි වමහ්යාය ව මමාති ලිල්ලාහ් රබ්බිල් ආලමින්. ලා ෂරීක ලහු වබිදාලික උමිර්තු ව අන අව්වලල් මුස්ලිමූන්.” අහස් හා පොළොව නිර්මාතෘ වරයා වෙත අවංක ව මාගේ මුහුණ හැරෙව්වෙමි. තවද මුෂ්රික්වරු අතරින් මම කෙනෙක් නොවෙමි. සැබැවින් ම මගේ නැමදුම, මගේ පරිත්‍යාගය, මගේ ජීවිතය සහ මගේ මරණය පරමාධිපති වන අල්ලාහ් සඳහා ය. ඔහු ට හවුල් කරුවෙකු නැත. මේ බව මම අණ කරනු ලැබුවෙමි. (ඔහු ට අවනත වන) මුස්ලිම් වරු අතරින් මම ප්‍රථමයා වෙමි.
· “සුබ්හානකල්ලාහුම්ම ව බිහම්දික ව තබාරක ඉස්මුක ව තආලා ජද්දුක වලාඉලාහ ගෛරුක.” (කීර්ති හා ප්‍රශංසා හිමිවන්නේ ඔබටම යි. යා අල්ලාහ්! ඔබේ නාමය භාග්‍ය වන්ත වේවා ඔබේ මහිම ය උසස් බව ට පත් වේවා. ඔබ හැර අන් දෙවි කෙනෙක් නැත.)
මෙය හා සමාන වෙනත් ප්‍රාර්ථනා සහ සිහි කිරීම් (අද්කාර්) තිබෙන අතර, නැමදුම් කරන්නා මේවායින් ඕනෑම එකක් තොරා ගත හැක.
සලාත් අල් ෆජර් ( අලුයම) හි නබි (සල්) තුමාණන් පාරායනා කළ සූරාවන් හී බොහෝ ආශීර්වාද තිබෙනු අපි දකිමු.
අල් කුර්ආනයේ අවසාන හතෙන් කොටස ට අයත් දීර්ඝ සූරාවන් අතර, සූරා අල් වාකියා (56), සූරා නූර් (52) සූරා ඛාෆ් (50) යන සූරාවන් ද, කෙටි සූරාවන් අතර ඉදෂ් ෂම්සු කිව්විරත් (81) සූරා zසිල්zසාල් (99) සහ මුවද්දතෙයින් යන අවසාන සූරා දෙක යන සූරාවන් ද එතුමාණන් පාරායනා කළහ.
ඇතැම් දිනයන් හි සූරා රූම් (30), සූරා යාසීන් (36) සූරා සාෆ්ෆාත් (37) ද, සිකුරාදා දිනයන් හි සූරා සජ්දා (32) සහ සූරා අල් ඉන්සාන් (සූරා ධහර් 76) යන සූරාවන් ද එතුමාණන් පාරායනා කළහ.
ලුහර් සලාතයෙ හි මුල් රකඅත් දෙකේ ම වාක්‍ය 30කට සමාන ව සූරා තාරික් (86) සූරා අල් බුරූජ් (85) සූරා ලයිල් (92) යන සූරා වලින් තොරා ගත්හ.
අසර් සලාතයෙ හි ලුහර් සලාතයේ සඳහන් සූරා වලින් වාක්‍ය 15ක් පමණ පාරායනා සඳහා තෝරා ගත්හ.
මග්රිබ් සලාතයේ සූරා අත් තීන් (95) වැනි කෙටි මුෆස්සල් සූරාවන් තොරා ගත්හ. තව ද, සූරා මුහම්මද් (47), සූරා අත් තූර් (52) සූරා අල් මුර්සලාත් (77) වැනි සූරාවන්ගෙන් වාක්‍ය තොරා ගත්හ.
ඉෂා සලාතය සඳහා මධ්‍ය ප්‍රමාණයේ දිග මුෆස්සල් සූරාවන් වන අෂ් ෂම්ස් (91) සූරා අල් ඉන්ෂිකාක් (84) යන සූරාවන් පාරායනා කළහ. මුආද් (රළි) තුමාණන් ට සූරා අල් අඅලා (87) සූරා අල් කලම් (68) සූරා අල් ලෙයිල් (92) යන පාරායනා කරන ලෙස උපදෙස් දුන්හ.
කියාම් අල් ලයිල් නමැති මධ්‍යම රාත්‍රි සුන්නාහ් සලාහ්තයේ දීර්ඝ සූරාවන්ගෙන් එ තුමාණන් පාරායනා කළහ. ඇතැම් අවස්ථාවන් හි වාක්‍ය 150 සිට 200 දක්වා දීර්ඝව පාරායනා කළ අතර, වෙනත් අවස්ථාවන් හි ඒවා කෙටි කර පාරායනා කළහ.
රුකූඋ අවස්ථාවන් හි කියවන අද්කාර් නොයෙක් ආකාරයෙන් පාරායනා කළහ. “සුබ්හාන රබ්බියල් අළීම්” (මාගේ උත්තරීතර පරමාධිපති ට කීර්තිය හා පැසසුම් හිමිවේවා) යන වචන මාලාව ට අමතර ව “සුබ්බූහ්, කුද්දූස්, රබ්බිල් මලාඉති වර් රූහ්” (මලාඉකාවරුන් සහ පිරිසිදු ආත්මයේ පරමාධිපති පරිපූර්ණය, ආශීර්වාද ලත් ය) යනුවෙන් හෝ “අල්ලාහුම්ම ලක රකාතු, ව බික ආමන්තු, ව ලක අස්ලම්තු, ව අලෙයික තවක්කල්තු, අන්ත රබ්බී, හඃෂාඅ, සමී ව බසරී ව දම්මි ව ලහ්මි ව අzස්මි වආසබි ලිල්ලාහි රබ්බිල් ආලමීන්.” (යා අල්ලාහ්! ඔබටම මම සිරස නැමුවෙමි. ඔබටම මම යටත් වෙමි. ඔබ වෙතම මම විශ්වාස තබමි. ඔබ වෙත මාගේ සියල්ල භාර කළෙමි. මගේ ශ්‍රවණය, මගේ බැල්ම, මගේ රුධිරය, මගේ මාංශය. මගේ අස්ථි, මගේ ස්නායු (යන සියල්ල) ඔබටම යටත් පහත් කරමි. විශ්වයන් ගේ පරමාධිපති ඔබමය)
සමි අල්ලාහු ලිමන් හමිදා (තමා ට පැසසුම් කරන්නා ට අල්ලාහ් සවන් දෙයි) යනුවෙන් පවසා රුකුඋ සිට නැගිට ගත් විට, එතුමාණන් “රබ්බනා ව ලකල් හම්ද් (අපගේ පරමාධිපතියාණනි, තවද ඔබටමය සියලු ප්‍රශංසා) යනුවෙන් පවසීය. ඇතැම් අවස්ථාවන් හි “රබ්බනා ලකල් හම්ද්” (අපගේ පරමාධිපතියාණනි, ඔබටමය සියලු ප්‍රශංසා) හෝ “අල්ලහුම්ම රබ්බනා (ව) ලකල් හම්ද් (යා අල්ලාහ්! අපගේ පරමාධිපතියාණනි, (තවද) ඔබටමය සියලු ප්‍රශංසා)“ යනුනේ පවසයි. තවත් අවස්ථාවන් හි “මිල් අල් සමාවාති ව මිල් අල් අර්ළ්, ව මිල්අ මා සිඅත මින් ෂෙයිඉන් බඅද්. “(පැසසුම්) අහස් පුරවයි, පොළොව පුරවයි, ඔබ කැමති ඕනෑම දැයක් පුරවයි)” යනුවෙන් පවසයි. ඇතැම් අවස්ථාවන් හි, “අහ්ලල් තනාඉ වඅල් මජ්ද්, ලා මානිඅ ලිමා අ‘අතයිත, ව ලා මුංඉතිය ලිමා මන‘අත, ව ලා යන්ෆඋ, දල් ජද්දි මින්කල් ජද්” (කීර්තිය හා මහිමය හිමි පරමාධිපතියාණනි! ඔබ ප්‍රදානය කරන දේ වැළකීම ට කිසිවෙකු ට නොහැක, ඔබ වැළකූ දේ ප්‍රදානය කිරිම ට කිසිවෙකු ට නොහැක. තව ද හිමිකරු ගේ හිමිකමින් ඔබ අබියස ඔහු ට ඵලක් ගෙන දිය නොහැක.)
සුජූද් යන ඉරියව්වේ, “සුබ්හාන රබ්බියල් අ‘අලා” (මාගේ අති උතුම් පරමාධිපති ට කීර්තිය හිමිවේවා) යනුවෙන් පැවසීමට අමතර ව, නබි (සල්) තුමාණන් මේවා ද එකතු කළහ. “සුබ්බූහ්, කුද්දූස්, රබ්බිල් මලාඉකති වර් රූහ්“ (මලාඉකාවරුන් සහ පිරිසිදු ආත්මයේ පරමාධිපති පරිපූර්ණය, ආශීර්වාද ලත් ය) යනුවෙන් හෝ “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා ව බි හම්දික්, අල්ලාහුම්මග්ෆිර් ලී“ (යා අල්ලාහ්! කීර්තිය හා පැසසුම් හිමි ඔබටමය. අපගේ පරමාධිපතියාණනි! යා අල්ලාහ් මට සමා දෙනු මැනව) යනුවෙන් හෝ “අල්ලාහුම්ම ලක සජද්තු ව බික ආමන්තු, ව ලක අස්ලම්තු, සජද වජ්හි ලිල්ල දී හඃලක හු, ව සව්වර හූ, ව ෂක්ක සම් අහු, ව බසර හු, තබාරක් අල්ලාහු අහ්සනල් හාඃලිකීන්.” (යා අල්ලාහ්! ඔබටමය මම හිස බිම තබා සජූද් කළෙමි, ඔබ කෙරෙහි විශ්වාස තබමි, ඔබ වෙතමය යටත් පහත් වෙමි.මගේ මුහුණ මවා, එයට හැඩයක් සපයා, එහි ශ්‍රවණය හා බැල්ම දුන් ඔබට සජදා කරමි. සියලු ආශීර්වාද අල්ලාහ්ට පමණි. මැවීම් කරු අතරින් ඔහු උතුම් ය.) යන මෙවැනි තවත් අද්කාර් පැවසුහ.
සජදා දෙක අතර වාඩි වී සිටින විට “රබ්බිග්ෆිර්ලී, රබ්බිග් ෆිර්ලී (පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව, පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව) යන ප්‍රාර්ථනාව ට අමතර ව, “අල්ලාහුම්ම අග්ෆිර් ලී, වර්හම්නි වජ්බර්නි, වර්වග්නි, වහ්දිනි, ව ආෆිනි, වර්zසුක්නි. ” (යා අල්ලාහ්! මට සමාව දෙනු මැන, මට කරුණාව දක්වනු මැන, මාව ශක්තිමත් කරනු මැන, මගේ තත්වය උසස් කරනු මැන, මට කමා කරනු මැන, මට ආහාර දෙනු මැන) යනුවෙන් පැවසුහ.
විවිධ ආකාරයෙන් තෂ්හද් කියවීම පිළිබඳ ව වාර්තා වී ඇත. “අත්තහිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත් තය්යිබාතු අස් සලාමු අලෙයික අය්යුහල් නබිය්යු” යනුවෙන් ද (සියලු පැසසුම්, නැමදුම් සහ පිරිසිදු වදන් අල්ලාහ් ට හිමිය. නබි තුමනි! ඔබ වෙත සාමය හිමිවේවා!) “අත්තහිය්යාත් අල් මුබාරකාත් අස් සලවාත් අත් තය්යිබාත් ලිල්ලාහි, අස් සලාමු අලෙයික අය්යුහන් නබිය්යු” යනුවෙන් ද (සියලු පැසසුම්, ආශීර්වාද ලත් වදන් සහ නැමදුම් අල්ලාහ් ට හිමිය. නබි තුමාණනි! ඔබ වෙත සාමය හිමිවේවා) නබි තුමාණන් පැවසුහ.
මේ ආකාරයෙන් නැමදුම් කරන්නා එක් අවස්ථාවක එක් ක්‍රමයකින් ද තවත් අවස්ථාවක අනෙක් ආකාරයට ද තෂ්හද් පැවසිය හැක.
නබි (සල්) තුමාණන් වෙත සලාම් පැවසීමේ විවිධ වදන් මාලා ඇත. “අල්ලාහුම්ම සල්ලිඅලා මුහම්මද් ව අලා ආලි මුහම්මද් කමා සල්ලයිත අලා ඉබ්‍රාහීම ව අලා ආලි ඉබ්‍රහීම්, ඉන්නක හමිදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා ආලි මුහම්මදින් අලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්‍රාහීම් ව අලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුන් මජීද්.” (යා අල්ලාහ්! ඉබ්‍රාහීම් තුමාණන් සහ එතුමාගේ පවුලේ අය වෙත සලාම් එවු ආකාරයෙන් මුහම්මද් තුමාණන් සහ එතුමාගේ පවුලේ අය වෙත සලාම් එවනු මැනවි. ඉබ්‍රාහීම් තුමා සහ එතුමා ගේ පවුලේ අය වෙත ආශීර්වාද එවු ආකාරයෙන් ම මුහම්මද් තුමාණන් සහ එතුමා ගේ පවුලේ අය වෙත ආශීර්වාද එවනු මැනිවි)
නැතහොත්
“අල්ලාහුම්ම සල්ලිඅලා මුහම්මද් ව අලා ආලි බයිතිහි ව අලා අzස්වාජිහි ව දුර්රියාතිහි, කමා සල්ලයිත අලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමිදුන් මජීද්. ව බාරික් අලා මුහම්මදින් අ අලා ආලි බයිතිහි ව දුර්රියාතිහි කමා බාරක්ත අලා ආලි ඉබ්‍රිහීම් ඉන්නාක හමිදුන් මජිද්. ” (යා අල්ලාහ්! ඉබ්‍රාහීම් තුමා ගේ පවුලේ අය වෙත ප්‍රාර්ථනාවන් එවු ආකාරයෙන් මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ප්‍රාර්ථනාවන් එවනු මැන. සැබැවින් ම පැසසුම් හා සම්පූර්ණ කීර්ති හිමි ඔබටම ය. යා අල්ලාහ්! ඉබ්‍රාහීම් තුමා ගේ පවුලේ අය වෙත ආශිර්වාද එවු ආකාරයෙන් මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ආශීර්වාද එවනු මැන. සැබැවින් ම පැසසුම් හා සම්පූර්ණ කීර්ති හිමි ඔබට ය.
නැතහොත්
“අල්ලාහුම්ම සල්ලිඅලා මුහම්මද් අන් නබිය්යිල් උම්මි ව අලා ආලි ම්හම්මද් කමා සල්ලයිත අලා ආලි ඉබ්‍රාහීම්, ව බාරික් අලා මුහම්මද් අන් නබිය්යිල් උම්මි ව අලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ආලි ඉබ්‍රාහීම් ෆිල් ආලමීන්, ඉන්නක හමිදුන් මජීද්.” (ඉබ්‍රාහීම් තුමා ගේ පවුලේ අය වෙත ප්‍රාර්ථනාවන් එවු ආකාරයෙන් අකුරු නොදත් නබිරයා වන මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ප්‍රාර්ථනාවන් එවනු මැන. ජාතීන් අතර ඉබ්‍රාහීම් තුමා ගේ පවුලේ අය වෙත ආශිර්වාද එවු ආකාරයෙන් අකුරු නොදත් නබි වරයා වන මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ආශීර්වාද එවනු මැන. සැබැවින් ම පැසසුම් හා සම්පූර්ණ කීර්ති හිමි ඔබට ය.)
මෙවැනි විවිධ ප්‍රාර්ථනා තිබෙන අතර, ඒවායින් එකක් තෝරා ගෙන එක් එක් වේලාව ට පාරායනා කිරීම සුන්නා බව සලකන්න. ජනප්‍රිය නිසා හෝ සහාබාවරුන් ට නබි (සල්) තුමාණන් බොහෝ අවස්ථාවන් හි ඉගැන් වු නිසා හෝ මේවා අතර එක් ප්‍රාර්ථනාවක් පමණක් තෝරා ගෙන සැම විට ම පැවසීම වරදක් නැති බව ද සලකන්න.
ඉහත සඳහන් සියලු වාක්‍යයන් සිෆත් අල් සිල්සිලාත් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.
කුර්ආන් වැකි පාරායනා කිරීමේ දී අවශ්‍ය ස්ථානයේ සුජූද් අත් තිලාවාත් නම් සජදා කිරීම
අල් කුර්ආනය පාරායනා කිරීමේ දී, සජදා කරන ලෙස සඳහන් කරන වදන් කියවන විට වහාම සජදා කිරීම සුචරිතයකි. ඔහුගේ ග්‍රන්ථයේ නබි වරුන් සහ යහමඟ ලත් බැතිමතුන් ගැන අල්ලාහ් මෙසේ පවසයි. “...තව ද, ඔවුන් කෙරෙහි කරුණාභරිතයාණන් ගේ වදන් පාරායනය කරනු ලැබු විට අඬාවැළපෙමින් සුජූද් කරමින් වැටෙනු ඇත.” සූරා මර්යම් 9:58 මෙම වාක්‍යය පාරායනය කරන විට සජදා කළ යුතු බව ආගමික විද්වතුන් එකඟත්වය දක්වති, යනුවෙන් ෂෙයික් ඉබ්නු කතීර් පැවසුහ.
සලාතයේ යෙදෙන අවස්ථාවන් හි සුජූද් අත් තිලාවාත් කිරීම ඉතා වැදගත් බව ද එයින් හුඃෂූ භාවය අධික වන බව ද මෙම කුර්ආන් වැකියෙන් පැහැදිලි ව පෙනේ.
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا ۩ ﴿١٠٩﴾
“ඔවුන් හඬා වැළපෙමින් මුහුණෙන් වැටෙන්නෝය. තව ද එය ඔවුන ට බැතිමත්කම වර්ධනය කරන්නේය.” සූරා ඉස්රායීල් 17:109
සලාහ් කරන අවස්ථාවෙ හි සූරා අන් නුජූම් පාරායනා කරන විට (අවසානයේ) නබි (සල්) තුමාණන් සජදා කළ බව වාර්තා වේ. අර් රාෆි මෙසේ පැවසුවේය. “අබු හුරෙයිරා (රළි) තුමා සමඟ මම සලාහ් කළෙමි. එතුමා සූරා අල් ඉන්ෂිකාක් (84) පාරායනා කර අවසානයේ සජදා කළේය. ඒ පිළිබඳ ව මම විමසු විට එතුමා, “අබු අල් කාසිම් (නබි සල් තුමාණන්) පිටු පස සිට ගෙන මම සලාහ් කර, එතුමා සමඟ සජදා කළෙමි. එතුමාණන් ව (මරණයෙන් පසු) නැවත හමු වන තුරු, මම මෙලෙස දිගට ම කරන්නෙමි.” යැයි පැවසුවේය. මූලාශ්‍රය සහීහ් අල් බුහාරි
සුජූද් අත් තිලාවත් ක්‍රියාව ෂෙයිතාන් ව මර්ධනය කර, ඔහු ව මහත් කෝපය ට පත් කිරීමෙන් නැමදුම් කරුවන් කෙරෙහි ඔහු ගේ පාලනය දුර්වල බව ට පත් කරන හේතුවෙන් , සජදා තිලාවත් නොකඩවා ඉටු කිරීම බොහෝ වැදගත් එකකි. “ආදම් ගේ පුත්‍ර යෙක් සජදා තිලාවත් පාරායනා කරන විට, ෂෙයිතාන්, “ඔහු ට විපතක් වේවා! ඔහු ට (මිනිසා ට) සජදා කරන ලෙස අණ දෙනු ලැබ, ඔහු ද සජදා කළේය. එනිසා ස්වර්ගය ඔහු ට (මිනිසා ට) හිමි විය. සජදා කරන ලෙස මම අණ ලැබු නමුත් මම එයට අකීකරු වුයෙමි. එනිසා මගේ ඉරණම අපායෙහි ය.” යනුවෙන් පැවසන බව රසුල් (සල්) තුමාණන් දන්වා අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 133
අල්ලාහ් වෙත ෂෙයිතාන්ගෙන් ආරක්‍ෂාව පැතීම
ෂෙයිතාන් අපගේ පරම සතුරා වන අතර කෙනෙක් නැමදුම් කරන විට, නොයෙක් සිතුවිලි මිනිසා ගේ කන ට කොඳුරා (වස්වාස්) ඔහු ගේ හුඃෂූ භාවය ඉවත් කර, සලාතය අවුල් කිරීම ට වෑයම් කිරීම ෂෙයිතාන් ගේ සතුරුකමේ එක් ක්‍රියාවකි.
දික්ර් සහ අනිකුත් නැමදුම් ක්‍රියාවන් හි යෙදෙන්නන් ගේ කනට කොඳුරන වස්වාස් නම් උවදුරු කිසිවෙකු ට වැලැත් විය නොහැක. එනිසා ස්ථීර ව සහ ඉවසීමෙන් සිට දික්ර් හෝ සලාතය අතරමග නොනවත්වා දිගට ම ඉටු කර අවසාන කළ යුතුය. කෙනෙක් දික්ර් හා සලාතයේ නොකඩවා නිරත වන විට ෂෙයිතාන් ගේ කුමන්ත්‍රණයෙන් ඔහු මිදෙන බව සලකන්න. “ෂෙයිතාන් ගේ උපක්‍රම ඉතා දුබලයි” සූරා අන් නිසා 4:76
අල්ලාහ් ගේ ගැත්තා අල්ලාහ් වෙත හැරෙන්න ට සූදානම් වන සෑම මොහොතෙහි ම වෙනත් සිතුවිලි ඔහු තුළ ට ඇතුළු වෙයි. පහර දීම පිණිස සැඟ වී සිටින මහ මාර්ග මංකොල්ලකරුවෙක් ලෙස සිටින ෂෙයිතාන්, අල්ලාහ් වෙත ගමන් කිරීමට අල්ලාහ් ගේ ගැත්තා සූදානම් වන සෑම අවස්ථාවකම එම ගමන ට බාධාවක් සිදු කිරීම ට සූදානම් වෙයි. “යුදෙව් සහ ක්‍රිස්තු බැතිමතුන් ෂෙයිතාන් ගේ වස්වාස් නිසා උවදුර ට ලක් නොවන බව කෙනෙක් පවසු විට, එම බැතිමතා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔවුන් පවසන්නේ සත්‍යයකි. ජරාවාසය ට පත් වූ නිවසකින් ෂෙයිතාන් ට ඇති වැඩ කුමක් ද?” (මජ්මා අල් ෆත්වා 22/668)
මෙය හොඳම උපමාවකි. නිවෙස් තුනක් ගැන මොහොතක ට කල්පනා කරන්න. එක නිවසක් රජ කෙනෙකු ට අයත් එකක් වන අතර එහි වටිනා වස්තුන් සහ මුදල් තිබේ. දෙවැනි නිවස සේවකයෙකු ට අයත් එකක් වන අතර, ඔහු ඉතිරි කර ගත් මුදල් හා භාණ්ඩ එහි තිබේ. තුන් වන නිවස කිසිවක් නැති හිස් නිවසකි. සොරකම් කිරීම ට පැමිණෙන සොරෙක් තෝරා ගන්නේ මේවායින් කුමන නිවස ද? (අල් වාබිල් අල් සායිබ් පිටු අංක 43)
අල්ලාහ් ගේ ගැත්තා නැමදුම සඳහා සිට ගන්නා විට, ඔහු අල්ලාහ් ට ඉතාමත් සමීප ව, ඉතාමත් උසස් තත්ත්වයේ සිට ගන්නා හේතුවෙන් ෂෙයිතාන් මිනිසා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. එහෙයින් මිනිසා නැමදුම් කිරිමෙන් වළක්වා ලීම ට ෂෙයිතාන් මහන්සි ගනී. මිනිසා සලාතය ආරම්භ කළේ නම් ඔහු තුළ නොයෙක් සිතුවිලි ගෙනැවිත් මිනිසා ගේ අරමුණ (නැමදුම) අමතක කරවීම ට ෂෙයිතාන් කටයුතු කරයි. “ඔවුන් ට එරෙහි ව නුඹ ගේ අශ්වා රෝහකයින් ද පාබලයින් ද ඔවුන ට එරෙහි ව පෙළ ගස්වවු.” සූරා ඉස්රා 17:64. මෙවැනි උගුල ට හසු වන මිනිසා ට, නැමදුම අවශ්‍ය නොවන බව සිතන්නට ද, පසුව එය නොසලකා හරින්නට ද අවසානයේ සලාතය අතහැර දමන්නට ද සිදු වෙයි. කෙසේ හෝ මිනිසා සලාතයේ යෙදෙන්න ට ආරම්භ කළේ නම් තම ප්‍රයත්නයෙ හි පරාජය ට පත් වන ෂෙයිතාන්, මිනිසා ගේ සිත නොමඟ යවනු පිණිස, මිනිසා අමතක කළ සියලු දේ සලාතයෙ හි මතක් කරයි. මිනිසා ඇතැම් කරුණු අමතක කර තිබුණ ද, සලාත් කර අවස්ථාවෙ හි ඒවා ගැන මතක් කර මිනිසා ගේ සිත වෙනතක ට යොමු කර අල්ලාහ් පිළිබඳ සිතුවිලි නොමඟ යවයි. මේ මගින් මිනිසා ගේ සිත් තුළ අල්ලාහ් ගේ ප්‍රිය මනාපය ඉවත් වන අතර, කිහිප දෙනෙකු ට පමණක් ළඟා විය හැකි අල්ලාහ් ට සමීප වීමේ උතුම් ස්ථානය සෑම කෙනෙක් ම නොලබයි. සලාහ් කර අවසානයේ මිනිසා ආරම්භ කළ ස්ථානයේ ම තවමත් සිටින අතර, ඔහු ගේ පාපයන් කිසිවත ට සමාව නොලැබ, තම සිරුරෙන් හා ආත්මයෙන් සිදු කළ යුතු හුඃෂූ නම් තත්ත්වය නොලබයි.
ෂෙයිතාන් ගේ කුමන්ත්‍රණයෙන් මීදී ඔහු ගේ වස්වාස් වදනින් ආරක්ෂා ලැබීම පිණිස නබි (සල්) තුමාණන් පහත සඳහන් දුආ ව ඉගැන් වුහ.
අබුල් ආස් (රළි) මෙලෙස වාර්තා කර ඇත. “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණනි, මම සලාහ් කරන විට ෂෙයිතාන් මගේ පාරායනය ට බාධා කර මා අවුල් තත්ත්වය ට පත් කරයි.” යනුවෙන් පැවසුහ. මෙම ෂෙයිතාන් ගේ නම හඃන්zසාබ්. ඔහු ගේ පැමිණීම ඔබ ට දැනු ණේ නම් ඔහුගෙන් අල්ලාහ් වෙත ආරක්‍ෂා පතනු මැනව. තව ද ඔබේ වම් පැත්ත ට තෙවරක් (වියළි ලෙස) කෙළ ගසනු.” යනුවෙන් පිළිතුරු දුන්හ. මම එ ලෙසම කළෙමි. අල්ලාහ් මගෙන් ෂෙයිතාන් ව ඉවත් කළේය. ” මූලාශ්‍ර සහිහ් මුස්ලිම් අංක 2203.
ෂෙයිතාන් ගේ තවත් උපක්‍රමයක් පිළිබඳ ව නබි (සල්) තුමාණන් අපට පැහැදිලි කළේ මෙසේ ය. “ඔබ අතර කෙනෙක් සලාහ් සඳහා නැගිට සිට ගත් විට ෂෙයිතාන් පැමිණ ඔහු ව අවුල් කරයි. එනම්, ඔහුගේ සිතෙහි ඔහු සලාහ් කළ රකඅ ගණනය පිළිබඳ අවුලක් සිදු කරයි. ඔබ අතර යමෙකු ට එය සිදු වුයේ නම්, ඔහු වාඩි වී සිටින ඉරියව්වේ සජදා දෙකක් ඉටු කළ යුතුය.” මූලාශ්‍ර බුහාරි.
ෂෙයිතාන් ගේ තවත් උපක්‍රමයක් මෙසේ සඳහන් වේ. “ඔබ අතර කෙනෙක් සලාහ්තයේ යෙදී සිටින විට, තම ගුද මාර්ගයේ යම් චලනයක් දැනී, තම වුදූ නිශ්ඵල වූණා දැයි සැක සිතුනහොත්, ඔහු ගේ කන ට ශබ්දයක් ඇසීම හෝ ඔහු ගේ නාසය ට දුගඳක් දැනීම සිදු නොවුයේ නම්, ඔහු තම සලාතය අතර මඟ දී නැවැත්විය නොයුතුයැ.” යි නබි (සල්) තුමාණන් පැවසුහ.
සටහන: ඇතැම් නැමදුම් කරුවන් ට හඃන්සාබ් කරන කූට උපක්‍රමය මෙය වේ. මෙවැනි උපායෙන් නැමදුම් කරන්නා ගේ සිත් තුළ දඅ වා හෝ දැනුම වැනි හොඳ දේ පිළිබඳ සිතුවිලි මතු කර, මිනිසා ගේ සිතුවිලි නැමදුම හැර වෙනත් කරුණු වෙත යොමු කිරීමෙන් ඔවුන් නැමදුම කෙරෙහි පමණක් සිත යොමු කිරීම ට අපොහොසත් වෙති. උමර් (රළි) නැමදුම් කරන අවස්ථාවන් හි හමුදාව සූදානම් කළ යුතු ආකාරය ගැන සැලසුම් කළේය යි, පවසා මිනිසුන් ව අවුල් කරයි.
මේ පිළිබඳ ව ෂෙයික් අල් ඉස්ලාම් ඉබ්නු තයිමියා (රහි) තුමා ගේ වදනින් කරුණු පහදා ගත යුතුය. “මම නැමදුම් කරන විට හමුදාව සඳහා සැලසුම් කරමි. ” යැයි උමර් පැවසීම ට හේතුව උමර් (රළි) ජිහාද් හි යෙදෙන ලෙස අණ ලැබු විට, එතුමා මුස්ලිම් වරුන් ගේ කාලිෆා වරයා ලෙස (අමීර් අල් මූමිනීන්) පත්ව සිටීය. එනිසා එතුමා ජිහාද් මෙහෙය වන නායකයා ද වී සිටීය. මෙවැනි වගකීම් උසුලමින් යම් ආකාරයෙන් සතුරු සේනාව ගැන විමසිලිමත් ව සිටින අවස්ථාවේ එතුමා සලාත් අල් හඃව්ෆ් නමැති බිය ට පත් වු අවස්ථාවේ සිදු කරන සලාතය ඉටු කරන්නෙක් මෙන් ය. සැබැවින් ම යුද්ධයක් තිබුණ ද නොතිබුණ ද යන පැනය මෙහි අදාළ නැත. සලාතයේ නිරත වන ලෙස මුස්ලිම් වරුන් ට අණ ලැබු අතර, ජිහාද් හි යෙදෙන ලෙස ද එතුමාට අණ ලැබුණි. එනිසා තමා ට හැකි අයුරින් තම යුතුකම ඉටු කිරීම ට එතුමා ට සිදු විය. පහත සඳහන් කුර්ආන් වාක්‍යයෙහි අල්ලාහ් මෙසේ පවසයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّـهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ ﴿٤٥﴾
“විශ්වාස කරන අයවලුනි! ඔබ ට (සතුරු) බලකායක් මුණ ගැසුණු විට ඔවුන් ට එරෙහි ව) තිරසර වනු. තව ද ජයග්‍රහකයන් වනු පිණිස අල්ලාහ් ව බෙහෙවින් සිහි කරනු.” සූරා අන්ෆාල් 8:45. සමාජයේ සාමය හා රැකවරණය පවතින අවස්ථාවන් හි ඇති සිත් සහනය ජිහාද් වැනි යුදමය මොහොතේ පැවැතිය නොහැකි බව කවුරුත් දනි. එනිසා ජිහාදය හේතු කොට ගෙන කෙනෙකු ගේ නැමදුමෙ හි යම් අඩුපාඩු තිබුණේ නම්, ඒ තැනැත්තා ගේ ඊමානයේ අඩුවක් තිබෙන බව පැවසිය නොහැක.
මේ හේතුවෙන්, සමාජයේ සාමය පවතින කාලයේ සලාහ් පිළිබඳ ව තිබෙන ප්‍රමිතිය, යුද අනතුරු පවතින කාලයේ දී සුළු වශයෙන් හෝ ලිහිල් බව ට පත් වනු ඇත. අනතුරු සහිත කාලයේ සිදු කරන නැමදුම පිළිබඳ ව අල්ලාහ් මෙලෙස සහන සලසයි.
فَإِذَا اطْمَأْنَنتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا ﴿١٠٣﴾
“සතුරු උවදුරෙන් ඔබ මිදුණේ නම් නියමිත පිළිවෙල ට සලාත් හි නිරත වනු. සැබැවින් ම සලාහ් කිරීම විශ්වාස කරන අය කෙරෙහි කාල වේලාව නියම කරන ලද යුතුකමකි.” සූරා අන් නිසා 4:103. මෙම කුර්ආන් වාක්‍ය පදනම් කර ගෙන සාමය පවතින කාලයේ නැමදුම ඉටු කරන ලෙස අණ කරනු ලැබු කෙනෙක්, අනතුරු සහිත අවධියක ඒ ආකාරයෙන් ම ඉටු කළ යුතු බව අණ කරනු ලැබුවේ නැති බව කිව හැක.
මෙයට අමතර ව, ජනතාව සියලු දෙනා ම මේ පිළිබඳ ව එකම තරාතිරම ට අයත් නොවෙති. කෙනෙකු ගේ විශ්වාසය ශක්තිමත් වුයේ නම්, ඔහු වෙනත් කරුණු ගැන කල්පනා කරමින් සිටිය ද, තම නැමදුම කෙරෙහි නිසි ලෙස සිත යොමු කිරිම ට ඔහු සමත් වෙයි. උමර් (රළි) ගේ හදවතේ ඉස්ලාමය ස්ථීර ව පැවතීම ට සැලසුම් කළේ අල්ලාහ් ය. ඔහු අල් මුහද්දත් අල් මුල්හම් - අල්ලාහ් ගේ අනුග්‍රහය ලත් කථිකයෙක්. එනිසා මෙ වැනි පුද්ගලයෙක් නැමදුම් කරන අවස්ථාවේ හමුදාව සැලසුම් කිරීම අමුතු දෙයක් නොවෙයි. මෙලෙස කටයුතු කිරීම ට ඔහු ට හැකි වන නමුත් අන් අය ට එසේ කළ නොහැක. මෙවැනි අනතුරු සහිත තත්ත්වය අවසන් වූ පසු ව, නැමදුමෙ හි සිත යොමු කිරීමේ ශක්තිය අධික වන බව කිසිදු සැකයක් නැත. අනතුරු පවතින අවස්ථාවන් ට වඩා සාමකාමි වාතාවරණයක නබි (සල්) තුමාණන් ඉටු කරන නැමදුම බාහිර පෙනුමෙන් ශ්‍රේෂ්ඨත්වයෙන් උසස් බව කිසිදු සැකයක් නැත. බිය සහිත මොහොතේ ඉටු කරන නැමදුමෙහි බාහිර චලනය ට වෙනසක් කිරීම ට අල්ලාහ් ඇතැම් සහන සැලසුවේ නම්, අභ්‍යන්තර අංශය ගැන වෙනත් කුමක් හෝ පැවසිය හැකි ද?
6 වන කොටස
ආරම්භක යුගයේ සහාබාවරු සලාහ් ඉටු කරන විට සිටි ආකාරය පිළිබඳ ව අවධානය යොමු කිරීම.
මෙලෙස මෙනෙහි කිරීම කෙනෙකු ගේ හුඃෂු භාවය වර්ධනය කිරීමට සහ ඒ උතුම් පුද්ගලයෝ පෙන්වූ මාර්ගය අනුගමනය කිරීම ට විශාල ලෙස දිරි ගන්වයි. “ඔවුන් අතරින් කෙනෙක සලාහ් සඳහා නැගිට දෙවියන් වහන්සේ ගේ වාක්‍යයන් පාරායන කිරීම ට ආරම්භ කරන විට, තමා විශ්වයේ අධිපති අබියස සිටින බව ඔහු තුළ බිය සහිත හැඟීම් හට ගැනීම ඔබ දකින්නේය.” (ඉබ්නු රජබ් ගේ අල් හුඃෂූ ෆිල් සලාහ් ග්‍රන්ථය පිටු අංක 22)
මුජාහිද් (රහි) මෙසේ අදහස් දැක්වුහ. “ඔවුන් අතරින් කෙනෙක් සලාහ් වෙහි නිරත වූ විට අමතක වීමේ හේතුවෙන් හැර, තම පරමාධිපති කෙරෙහි තිබෙන අධික බිය නිසා තම බැල්ම වෙනතක ට යොමු කිරීම හෝ වෙනත් දෙසට මුහුණ හැරවීම හෝ කුඩා ගල් කැට හෝ වෙනත් භාණ්ඩ අත ගාන තරමට නොසන්සුන් වීම හෝ ලෞකික දේ ගැන කල්පනා කිරීම හෝ වැනි කිසිවක් ඉටු නොකරයි.” තාzසීම් කද්ර් අස් සලාහ් 1/188.
ඉබ්නු අල් සුබෙයිර් සලාහ් සඳහා සිට ගත් විට හුඃෂූ හේතුවෙන් ඔහු දණ්ඩක් මෙන් (නොසැල වී) සිටී. දිනක් මක්කා සටනේ ඔහු සජදා වෙහි සිටි අවස්ථාවක ඔහු වෙත එල්ල කළ ආයුධයකින් ඔහු ගේ වස්ත්‍ර ඉරි ගිය නමුත්, ඔහු තම සජදාවෙන් හිස එසවුයේ නැත. මුස්ලිමා ඉබ්නු බෂ්ෂාරා (රළි) මස්ජිදයේ නැමදුම් කරමින් සිටින විට, මස්ජියේ කොටසක් කඩා වැටී, මිනිසුන් නැගිට සෑම දෙස ට දුව ගිය නමුත් නැමදුමෙහි යෙදී සිටි ඔහු ඒ බව කිසිවක් නොදනි. කෙනෙක් වස්ත්‍රයක් පොළොව මත වීසි කළා මෙන් සිටී, තවත් කෙනෙක් සලාහ් අවසන් කළ විට අල්ලාහ් ඉදිරියේ සිට ගත්තේ යැයි බිය හේතුවෙන් ඔහු ගේ පැහැය වෙනස් වී තිබේ. තවත් කෙනෙක් නැමදුමෙහි යෙදෙන විට තම වම් පැත්තේ හා දකුණු පැත්තේ සිටින්නේ කවුරුන් දැයි නොදනී. තවත් කෙනෙක් නැමදුම සඳහා වුදු අවසන් කළ විට ඔහු සුදුමැලි වී යන බව පැවසු විට, “මම සිට ගැනීම ට යන්නේ කවුරුන් ඉදිරියෙ දී යැයි මම දනිමි.“ යනුවෙන් පැවසීය. සලාහ් සඳහා වේලාව ළඟා වන විට අලි (රළි) තුමා සලිත වී එතුමා ගේ මුහුණේ පැහැය වෙනස් වනු කවුරුත් දකී. “ඔබ ට සිදුවුයේ කුමක් දැ?” යි විමසු විට,
إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا ﴿٧٢﴾
“සැබැවින්ම, අපි අමානතය (වගකීම) අහස් කෙරෙහි ද මිහිතලය කෙරෙහි ද කඳු කෙරෙහි ද (එය උසුලන ලෙස) ගෙන හැර පෑවෙමු. එය ඉසිලීමෙන් ඒවා වැළකුණෝය.“ සූරා අහ්zසාබ් 33:72 නමුත් මම එය ඉසිලුවෙමි.“ යැයි එතුමා පැවසීය. සඊද් තනූකි (රහ්) නම් සුප්‍රකට තාබිඊන් වරයෙක් නැමදුම් කරන විට, එතුමා ගේ දෑසින් වගුරු වන කඳුළු කම්මුල් හා රැවුල මත ගලා බසී. තාබිඊන් වරයෙක් සලාහ් සඳහා සූදානම් වන විට, ඔහු ගේ මුහුණේ පැහැය වෙනස් වන අතර, “ මම කවරෙකු ඉදිරියේ සිට ගන්න ට සූදානම් වන බව සහ කවරෙකු සමඟ කථා කිරීම ට යන්නේ දැ යි ඔබ දන්නවාද?” යනුවෙන් පවසයි. මෙවැනි බිය සහ ගෞරවය ඔබ අතර තිබෙන්නේ කවරෙකුට ද? (ඉබ්නු අසීස් සුල්තාන් ගේ සිලාහ් අල් යක්සාන් ලි තර්ද් අල් ෂෙයිතාන් නම් ග්‍රන්ථයේ පිටු අංක 209)
ආමිර් ඉබ්නු අබ්ද් අල් කය්ස් (රහි) තුමාගෙන් “ඔබ සලාහ් කරන අවස්ථාවේ කුමක් හෝ ගැන කල්පනා කරවා දැ?” යි පිරිසක් විසින් විමසන ලදි.
එයට එතුමා, “මගේ සලාහ් හැර කල්පනා කිරීම තරම් වෙනත් කිසිවක් තිබේ ද?” යැයි ප්‍රශ්න කළේය.
එවිට එම පිරිස, “ අපි සලාහ් කරන විට නොයෙක් දේ පිළිබඳ ව කල්පනා කරමු.” යැයි කීහ.
“ස්වර්ගය සහ අල් හූර් (ස්වාර්ගයේ කාන්තාවන්) වැනි දේ ගැන ද?” යනුවෙන් එතුමා ප්‍රශ්න කළේය.
“නැත. අපේ පවුලේ අය ගැන, ධනය ගැන (අපි කල්පනා කරමු)” යැයි ඔවුහු කීහ.
එවිට අල් කය්ස් (රහි) තුමා, “ සලාහ් කර අවස්ථාවෙහි මා ගැන සහ ලෞකික විශයයන් ගැන කල්පනා කිරීම ට වඩා ආයුධ වලින් පහර දීමට ලක්වීම මම අගය කොට සලකමි” යනුවෙන් පිළිතුරු දුන්හ.
සාද් ඉබ්නු මුආද් (රළි) මෙසේ පැවසීය. “සෑම මොහොතකම මා සමඟ තබා ගැනීමට කැමති ගුණාංග තුනක් ඇත. මම සලාහ්වෙහි නිරත වන විට, එම සලාහ් හැර අන් කිසිවක් ගැන කල්පනා නොකරමි. අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන්ගෙන් හදිස් වදනක ට සවන් දුන්නේ නම්, ඒ පිළිබඳ ව මා තුළ කිසිදු සැකයක් බිහි වන්නේ නැත. ජනාzසාවකට මම සහභාගි වුයේ නම්, එම ජනාzසාව කුමක් පවසන වා ද, සහ එම ජනාzසාව ට කුමක් පවසනු ලබන්නේ ද යන කරුණු හැර අන් කිසිවක් ගැන කල්පනා නොකරමි.” (අල් ෆත්වා ලි ඉබ්නු තයිමියා 22/605)
හාතිම් (රහ්) මේ ආකාරයෙන් ප්‍රකාශ කළේය. “මට අණ කරනු ලැබු දේ මම ඉටු කරමි. අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම සහිත ව ඇවිද යමි. නිවැරදි චේතනාවකින් ආරම්භ කරමි. මම අල්ලාහ් ට ප්‍රහංසා කර, ඔහුගේ කීර්තිය ප්‍රකාශ කරමි. වාක්‍යයන් හි අර්ථ ය ගැන කල්පනා කරමින්, හදිසි නොවී සීරුවෙන් පාරායනය කරමි. මම බිය සහිත ව හිස නමමි. යටහත් භාවයෙන් මුණින් වැටි නමස්කාර කරමි. මම වාඩි වී සම්පූර්ණයෙන්ම තෂ්හද් පාරායනා කරමි. නිවැරදි අරමුණින් සලාම් පවසමි. මම අල්ලාහ් කෙරෙහි අවංකව හැරි සලාහ් ව අවසන් කරමි. මගේ සලාහ්තය පිළි ගනු නොලැබේ දැයි බියෙන් හැරී පැමිණෙන හෙයින් මරණය දක්වා ම දිගින් දිගට වෙහෙසුනෙමි.” ( අල් හුඃෂූ ෆිල් සලාහ් 27, 28 පිටුව)
අබු බකර් අල් සුබ්හි මෙසේ පවසයි. “ඉමාම්වරු දෙදෙනෙකු ජීවත් වූ කාලයේ මම ජීවත් වු නමුත් ඔවුන් සමඟ කතා කිරීමේ භාග්‍ය නොලැබුවෙමි. අබු හාතිම් අල් රාzසි සහ මුහම්මද් ඉබ්නු නස්ර් අල් මර්වාzසි ඒ දෙදෙනා වෙති. ඉබ්නු නස්ර්ගේ සලාහ්තය ට වඩා උතුම් සලාතයක් නොදනිමි. දිනක් එතුමා සලාහ් කරන විට, දෙබරෙක් එතුමා ගේ නළලේ දෂ්ට කර තුවාලෙන් ලේ වැගුරු නමුත් එතුමාණන් සලිත වුයේ නැත.”
“ඉමාම් ඉබ්නු නස්ර් තුමා ගේ සලාහ්තය ට වඩා උතුම් සලාහ්තයක් මම දැක නැත. එතුමා ගේ කනේ මැස්සන් වාඩි වුවත්, එතුමාණන් ඔවුන් ව පලවා හරිනු පිණිස කිසිවක් නොකරයි. එතුමාණන් ගේ සලාහ්තය හා බිය බැතිමත්කම පිළිබඳ ව අපි මවිතයට පත් වෙමු. එතුමා ගේ හුඃෂු භාවය කෙතරම් ද යත්, තම නිකට පපුව මත තබා ගෙන ලී කණුවක් මෙන් සිට ගනි.” යැයි මුහම්මද් ඉබ්නු යාකූබ් අල් අක්රම් පවසයි. (තහ්zසීම් කද්ර් අල් සලාහ් 1/58).
සලාහ් ඉටු කිරීම ආරම්භ කළ විට, අධික ව සලිත වන හේතුවෙන් තමා දකුණ ට හා වම ට ඇල වන බව ෂෙය්ක් අල් ඉස්ලාම් ඉබ්නු තයිමියා පවසයි. (මාරි අල් කරාමි රචනා කළ අල් කවාකිබ් අල් දුර්රිය්යා ෆි මනාකිබ් අල් මුජ්තහිද් ඉබ්නු තයිමියා යන ග්‍රන්ථයේ පිටු අංක 83)
මෙවැනි ඉමාම්වරුන්ගේ නැමදුම් සමඟ අපි අතර ඇතැම් පිරිසගේ නැමදුම් සසඳා බලන්න. ඔවුන් අතේ ඔර්ලෝසුවේ වෙලාව බලති, ඇඳුම් හරි ගස්සති, හේතුවක් නොමැති ව නාසය අත ගාති, සලාහ්ව යෙදි සිටින විට තම වෙළඳ ගනුදෙනු ගැන හෝ මුදල් ගණන් බලති, පොළොවේ තිබෙන පාපිසි හෝ වහලේ තිබෙන සිවිලිමේ මෝස්තර ගැන සිත යොමු කරති හෝ තමා අසල සිටින්නේ කවුරුන් දැයි කල්පනා කරති. මෙලොව පාලකයින් සහ රජවරුන් ඉදිරිපිට කිසිවෙක් මෙලෙස හැසිරෙන්නේ නැත. එසේ නම් රජවරුන් ගේ රජ වන අල්ලාහ් ඉදිරියේ මෙලෙස හැසිරීම ට ඔවුන් ඉදිරිපත් වන්නේ කෙසේ ද?
සලාහ් වෙහි හුඃෂු දැක්වීමේ වාසිය ගැන දැන සිටීම
“සලාතය සඳහා නියමිත වේලාව පැමිණි විට, නිසියාකාරව වුදු ඉටු කර සුදුසු හුඃෂු නම් මානසික තත්තවයට පත් ව, නිවැරදි ලෙස හිස නමන්නේ නම්, ඔහුගේ මහා පාපයන් නොවන පෙර පාපයන් සියල්ලට, සුදුසු පව් ක්‍ෂමා කිරිමක් බවට පත් කර නොගන්නා කිසිදු මුස්ලිම් වරයෙක් නොමැත. මෙය ඔහුගේ ජිවිත කාලයට අදාළ එකකි.” යනුවෙන් මුහම්මද් රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 1/206.
මෙහි සඳහන් ත්‍යාගය කෙනෙක් තුළ පවත්නා හුඃෂු තත්ත්වයේ ප්‍රමාණයට එකඟ ව යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. “අල්ලාහ් ගේ ගැත්තා සලාතය ඉටු කර ඒ සඳහා, දහයෙන් කොටසක් හෝ නවයෙන් කොටසක් හෝ අටෙන් කොටසක් හෝ හතෙන් කොටසක් හෝ හයෙන් කොටසක් හෝ පහෙන් කොටසක් හෝ හතරෙන් කොටසක් හෝ තුනෙන් කොටසක් හෝ දෙකෙන් කොටසක් හෝ වාර්තා නොවී යන්නේ නැත.” ඉමාම් අහමද් දන්වා සහිහ් අල් ජාමී අංක:1626
සලාතයේ නිරත වන කෙනෙක් කුමන කොටසෙහි සිත එකඟ කර නිසියාකාර ව යොමු කළේ ද, එම කොටස පමණක් ඔහුට ඵල ගෙන දෙන්නේය. “ඔබ සලාහ්වෙහි නිරත වන අවස්ථාවේ නිසියාකාර ව සිත යොමු කළ මොහොත පමණක් ඔබට ඵල ගෙන දෙන්නේය.” යනුවෙන් ඉබ්නු අබ්බාස් (රළි) පැවසුවේය.
ඔබ නිසියාකාර ව සිත යොමු කර සම්පූර්ණ හුඃෂු සහිත ව සලාහ් ඉටු කළහොත්, ඔබ කළ පාපයන්ට සමාන දෙනු ලබන බව නබි (සල්) තුමාණන් පහදා දුන්නේ මෙසේය. “අල්ලාහ් ගේ ගැත්තා සලාහ් සඳහා නැගිට සිටින අවස්ථාවෙහි ඔහු ගේ සියලු පාපයන් ඔහු ගේ හිස සහ උරහිස මත ගෙනැවිත් තබනු ලබයි. ඔහු රුකුඋ සහ සජදා කරන සෑම මොහොතම ඒවායින් කොටසක් බිමට හැළනු ලබයි.” මූලාශ්‍ර සුනන් අල් කුබ්රා ග්‍රන්ථයේ බයිහකි 3/10. මේ සම්බන්ධ ව විග්‍රහ කළ අල් මනාවි මෙසේ ප්‍රකාශ කළේය.
“සලාහ්වෙහි සෑම අත්‍යවශ්‍ය කුලුනක් අවසන් කරන විට ඔහු කළ පාපයෙන් කොටසක් ඔහුගෙන් හැළෙන අතර, සලාහ් ඉටු කර අවසන් වන විට ඔහු ගේ සියලු පාපයන් ඉවත් කරනු ලබයි. එනම් අත්‍යවශ්‍ය සලාහ්වෙහි සියලු කොන්දේසි සහ අවශ්‍ය ක්‍රියාවන් නිසියාකාර ව සිදු විය යුතුය. ගැත්තා නැගිට සිටිනවා යැයි සඳහන් කරනුයේ, රජුන් ගේ රජ වන අල්ලාහ් ඉදිරියේ ඉතාමත් යටත් පහත් භාවයෙන් සිට ගන්නා දාසයා බව අපි අවබෝධ කර ගනිමු.” යනුවෙන් මෙම හදිසය පිළිබඳ අල් මනාවි විග්‍රහ කරයි. සුනන් අල් කුබ්රා ග්‍රන්ථයේ අල් බයිහකි.
හුඃෂු සහිත ව නැමදුම් ඉටු කරන්නෙක් ඔහු මත පටවන ලද බර පොදි ඉවත් කරනු ලැබුවාක් මෙන් පහසුවක් දකී. ඔහු පහසුතාව හා යළි ප්‍රාණවත් දෙනු ලැබ, තමාට මෙලොවේ ඉමහත් සතුට හා සහන දුන් සලාතය අවසන් නොකරන්නට තිබුණි යැයි ආශා කරයි. නැවත සලාතය ආරම්භ කරන තුරු සිර ගෙදරක තමා සිටින බව ඔහුට හැඟේ. සලාහ්වෙන් ඔහු සැනසිලි ලබන හේතුවෙන් එය ලහි ලහියේ අවසන් කිරීමට වෑයම් නොකරයි. අපි සලාතය ඉටු කර, එයින් සහන ලබන්නෙමු යැයි සලාතය ප්‍රිය කරන ජනතාව පවසති. නබි (සල්) තුමාණන් ද “යා බිලාල්! සලාතයේ අපි සහන ලබා ගනිමු“ යැය පවසයි. එතුමා “සලාහ්තය ඉක්මනින් අවසන් කරමු.” යනුවෙන් පැවසුවේ නැත.
නබි (සල්) තුමාණන් “මගේ සතුට සලාහ් කිරිමේ දී රැඳී තිබේ” යැයි පැවසුහ. එනිසා, කවරෙකු සලාතයේ සතුට ලබන්නේ ද, ඔහු එම සතුට වෙනත් ස්ථානයකින් ලබන්නේ හෝ එයින් ඉවත් ව සිටින්නේ හෝ කෙසේ ද? (අල් වාබිල් අල් සායිබ්.)
සලාතයේ සුදුසු අවස්ථාවක, විශේෂයෙන් සුජුද් හි දුආ ප්‍රාර්ථනා කීම.
අල්ලාහ් සමඟ කතා කිරීම, ඔහු ඉදිරියේ යටත්පහත් භාවයෙන් සිටීම, ඔහුගෙන් පමණක් සියල්ල යැදීම, ඔහුගෙන් අංවකව උදව් ඉල්ලීම යන සියලු දේ තුළින් ගැත්තා තම පරමාධිපති හා පවත්නා බැඳීම ශක්තිමත් කර, ඔහු තුළ හුඃෂු භාවය වර්ධනය කිරීමට උපකාර වේ. දුආ යනු නැමදුමක් වන අතර, දුආ අයැදින ලෙස අපි අණ කරනු ලැබුවෙමු. අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි.
“...බිය භක්තියෙන් හා රහසිගත ව ඔහුට අඬ ගසන කල්හි, භූමියෙහි ද සමුද්‍රෙයහි ද ඇති කළුවරෙන් නුඹ මුදවන්නේ කවරෙකු ද?”... සූරා 6:63
“කවරෙකු අල්ලාහ්ගෙන් සහය නොපතන්නේද, අල්ලාහ් ඔහු සමඟ උරණ වෙයි.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ.මූලාශ්‍ර තිරිමිදි 2686.
මුහම්මද් නබි (සල්) තුමාණන් සලාතයේ සුජූද් දෙක අතර වාඩි වී සිටින විට සහ අත්තහිය්යාත් අවසානය වැනි විශේෂ අස්ථාවන්හි දුආ කළ බව වාර්තා වී ඇත. මේවා අතර, සජදාවෙහි කරන දුආ විශේෂ එකක් බව එතුමාණන් පැවසුවේ මෙසේය. “ගැත්තා තම පරමාධිපතිට සමීප විය හැකි ඉතාමත් සමීපතම ස්ථානය සුජූද් ය. එනිසා (එහි දී) ඔබ වැඩියෙන් දුආ කරන්න.” මූලාශ්‍ර මුස්ලිම් කිතාබ් අස් සලාහ් බාබ් මා යුකාලූ ෆිල් රුකූඋ වල් සුජූද් 215.
නබි (සල්) තුමාණන් සුජූද් අවස්ථාවෙහි අධික ව පවසන දුආ මෙසේ ය. “අල්ලාහුම්මග්ෆිර් ලි දන්බි දික්කහු ව ජිල්ලහු වඅව්වලහු ව ආහිඃරහු ව අ‘අලානියතහු ව සිර්රහු.” (යා අල්ලාහ්! මාගේ කුඩා හා විශාල, ප්‍රථම හා අවසාන, විවෘත හා රහසිගත පාපයන් සියල්ලට කමා කරනු මැනව.) මූලාශ්‍ර මුස්ලිම් 216.
එතුමාණන් මෙලෙස ද දුආ කළහ. “අල්ලාහුම්මග්ෆිර් ලි මා අස්රර්තු ව මා අ‘අලන්තු” (යා අල්ලාහ්! මා ප්‍රසිද්ධියේ හා රහසිගත ව කළ සියලු පාපයන්ට කමා කරනු මැනව.) මූලාශ්‍ර අන් නිසාඉ 2/569, සහීහ් අල් ජාමියා 1067.
නබි (සල්) තුමාණන් කළ දුආවන් කිහිපයක් පිළිබඳ ව 11වන කොටසේ සඳහන් කරමු.
තෂ්හද් අවසානයේ නබි (සල්) තුමාණන් කරුණු හතරකින් නිතර ආරක්ෂා පතා දුආ කළ බව අපි දකිමු. ඒවා නම්, “ඔබ අතරින් කෙනෙක් තෂාහද් අවසාන කළායින් පසුව, අපායේ දඬුවම, සොහොනේ දඬුවම, ජීවිතයේ හා මරණයේ පරීක්‍ෂණය සහ දජ්ජාල් ගේ උවදුරු යන කරුණ හතරකින් අල්ලාහ් වෙත ආරක්‍ෂා පැතිය යුතුය.”
“අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ෂර්රි ආමිල්තු ව මින් ෂර්රි මා ලම් ආමල්“ (යා අල්ලාහ්! මම සිදුකළ දැයෙහි අනර්ථයෙන් හා මා සිදු නොකළ දැයෙහි අනර්ථයෙන් ඔබ වෙත ආරක්‍ෂා පතමි.” යනුවෙන්ද එතුමාණන් දුආ කළහ.
“අල්ලාහුම්ම හාසිබ්නි හිසාබන් යසීරන්” (යා අල්ලාහ්! මාගේ ගණනය කිරීම පහසු කරනු මැනවි)
නබි (සල්) තුමාණන් පහත සඳහන් වාක්‍ය අබු බකර් සිද්දීක් (රළි) තුමාට ඉගැන්වුහ. “අල්ලාහුම්ම ඉන්නී zළලම්තු නෆ්සි zලුල්මන් කතීරන්. ව ලා යග්ෆිර් අල් දුනූබ ඉල්ලා අන්ත, ෆග්ෆිර් ලි මග්ෆිරතන් මින් ඉන්දක වර්හම්නි, ඉන්නක අන්ත අල් ගෆූරුර් රහීම්.” (යා අල්ලාහ්! මම මට ම අධිකව අපරාධ කර ගත්තෙමි. ඔබ හැර අන් කිසිවෙකුට පාපයන්ට කමා කළ නොහැක. මට ඔබෙන් සමාව දෙනු මැනව. මා කෙරෙහි ඔබගේ කරුණාව දක්වනු මැනව. සියල්ල කමා කරනුයේ ඔබ පමණි, අති කරුණාභරිත ඔබමයි.)
මිනිසෙක් මෙසේ තෂ්හද් පාරායන කරනු නබි (සල්) තුමාණන් සවන් දුන්නේය. “අල්ලාහුම්ම ඉන්නී අස්අලුක යා අල්ලාහ්, අල් අහද් අස් සමද් අල්ලදි ලම් යලිද් ව ලම් යූලද්, ව ලම් යකුල්ලහු කුෆ්වන් අහද්, අන් තග්ෆිර් ලි දුනූබි ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්. (යා අල්ලාහ්! ඔබ එක්කෙනෙකි, ඔබ ස්වයම් පෝෂිත අධිපතිය, ඔබ කිසිවෙකු ජාතක කළේ නැත. එමෙන් ම කිසිවෙක් ඔබව ජාතක කළේ නැත. ඔහු හා සමාන කිසිවෙක් නැත. මගේ පාපයන්ට කමා කරන ලෙස ඔබගෙන්ම ඉල්ලා සිටිමි යා අල්ලාහ්! මන්ද සියල්ලන්ට කමා කරන්නේ ඔබමය. ඔබ අති කරුණා භරිතයි.” නබි (සල්) තුමාණන් “ඔහු සමාව ලැබුවේය. ඔහු සමාව ලැබුවේය.” යනුවෙන් තම සගයින්ට පැවසුහ.
තවත් මිනිසෙක්, “අල්ලාහුම්ම ඉන්නී අස් අලුක, බි අන්නා ලකල් හම්ද්, ලා ඉලාහ ඉල්ලා අන්ත, වහදක ලා ෂරීක ලක්. අල් මන්නාන් යා බදී අස් සමාවාති වල් අර්ද්, යා දල් ජලාලි වල් ඉක්රාම්, යා හය්යු යා කය්යූම් ඉන්නී අස්අලුක අල් ජන්නහ් ව අඌදුබික මින් අන් නාර්, (යා අල්ලාහ්! සියලු ප්‍රශංසා ඔබට හිමි වන හෙයින් ඔබෙන් අයැදිමි. ඔබ හැර නැමදුමට අන් දෙවි කෙනෙක් නැත. ඔබට සහකරුවෙක් හෝ හවුල්කරුවෙක් නොමැත. සියල්ල පිරිනමන්නා ඔබමය. පොළොව හා ආකාශය නිර්මාතෘවරයා ඔබමය. සියලු කීර්ති හා බහුමාන හිමිකරුවාණනි, සදා ජීවමාන තුමණි, ස්වයම් පෝෂිතයාණනි, ඔබෙන්ම මම ස්වර්ගය අයැදිමි. ඔබෙන්ම මම අපායෙන් ආරක්‍ෂාව පතමි.” යනුවෙන් දුආ කළේය. මෙයට සවන් දුන් නබි (සල්) තුමාණන් “මේ මිනිසා අල්ලාහ්ගෙන් ඉල්ලූ දේ කුමක් දැයි ඔබ දන්නවා ද?” යනුවෙන් සහාබාවරුන් ගේ විමසුහ. “අල්ලාහ් සහ ඔහු ගේ නබි( සල්) තුමාණන් සියල්ල දනී” යැයි සහාබාවරුන් පිළිතුරු දුන්නෝය.“මගේ ආත්මය කවරෙකු අතේ තිබේ ද, (ඔහු මත දිවුරා කියමි) ඔහු (මේ මිනිසා) අල්ලාහ් ගේ උතුම් නාමයෙන් (ඉස්මුහුල් ආසම්) අල්ලාහ්ගෙන් දුආ කළේය. එලෙස අල්ලාහ් ව ඇමතුවේ නම්, අල්ලාහ් එයට ප්‍රතිචාර දක්වන්නේය. එලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියේ නම්, අල්ලාහ් එය පිරිනමන්නේය.” යනුවෙන් නබි (සල්) තුමාණන් පිළිතුරු දුන්හ.
අත්තහිය්යාත් හි තෂ්හද් පාරායනය සහ සලාම් කීම අතර මෙලෙස අවසානයේ නබි (සල්) තුමාණන් කීහ. “අල්ලාහුම්ම අග්ෆිර්ලි මා කද්දම්තු ව මා අහ්ඃහඃර්තු ව මා අස්රර්තු ව මා අ‘අලන්තු ව මා අස්රෆ්තු, ව මා අන්ත අ‘අලම් බිහි මින්නී අන්තල් මුකද්දිම් ව අන්තල් මුඅහ්ඃහිඃර්, ලා ඉලාහ ඉල්ලා අන්ත.” (යා අල්ලාහ්! මා අතීතයේ කළ පාපයන්ට, මා අනාගයේ කරන පාපයන්ට, මා සඟවා තැබු දේට සහ මා ප්‍රසිද්ධියේ කළ පාපයන්ට, මම සීමාව ඉක්මවා කළ දේ (සියල්ල) මට වඩා ඔබ දන්නේය. (ඒවාට) සමාව දෙනු මැනව. (ඒවා) ඉදිරියට ගෙන එන්නේ ඔබමය. (ඒවා) ප්‍රමාද කරන්නේත් ඔබමය. ඔබ හැර නැමදුමට සුදුසු අන් දෙවි කෙනෙක් නැත.)
මෙවැනි දුආ ඒවායේ මූලාශ්‍ර සහිත ව සිෆාත් අල් සලාහ් නම් ග්‍රන්ථයේ පිටු අංක 163 දක්නට තිබේ.
ඉමාම්ට පෙර තෂ්හද් අවසන් කළායින් පසුව කිසිවක් පාරායනා කිරීමට නොදන්නා නිසා නිශ්ශබ්දව සිටීමට සිදුවන ප්‍රශ්නයට මෙවැනි දුආවන් කට පාඩම් කර ගැනීමෙන් විසඳුමක් තිබේ.
මේවා සිතෙහි හුඃෂුභාවය වර්ධනය කර සලාතයෙන් ලැබෙන ආශීර්වාද යහ ඵලය ශක්තිමත් කරයි.
කුසල් ක්‍රියාවක් ඉටු කළායින් පසුව එය ආරක්‍ෂා කරනු පිණිස තවත් කුසල් ක්‍රියාවක් ඉටු කිරීම ඉතා සුදුසු බව සැකයක් නැත. මේ හේතුවෙන් සලාතයෙන් පසුව ඉටු කළ යුතු දික්ර් හි යෙදෙන කෙනෙක් තම සලාත් ඉටු කිරීමේ හෝ හුඃෂු තත්ත්වයේ සිදු වු කිසියම් වරදක් හෝ අතපසුවීමක් සඳහා තෙවරක් අල්ලාහ්ගෙන් ක්‍ෂමාව අයදීමෙන් දික්ර් කිරීමට ආරම්භ කරයි. තම සලාතයේ හෝ හුඃෂු තත්ත්වයේ සිදු විය හැකි යම් අතපසු වීම සඳහා අනිවාර්‍ය නැමදුමට අමතර සිදුකරන වෛකල්පිත නැමදුම ගැන ද ඔහු අවධානය යොමු කරයි.
හත්වන කොටස
හුඃෂුභාවය වර්ධනය කිරීමේ මාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමෙන් අනතුරු ව පහත සඳහන් කරුණු දෙස බලමු.
සිත් යොමු කිරීම හා හුඃෂු තත්ත්වයට බාධක වන කරුණු සහ සිත වියවුල් වීමෙන් මිදෙන්නේ කෙසේ ද?
අනස් (රළි) තුමා මෙසේ වාර්තා කරයි. “අයිෂා (රළි) තුමිය විවිධ වර්ණයෙන් යුත් තිරයක් තම නිවසේ එල්ලා තැබුවාය. එය දුටු රසූල් (සල්) තුමාණන්, ‘මගේ නැමදුමට බාධාවක් සිදුවන හෙයින් එය ඉවත් කරන්න.‘ යැයි කීහ.” මූලාශ්‍ර ඉමාම් බුහාරි ගේ ෆත්හුල් බාරි ග්‍රන්ථයේ 10/391.
අල් කාසිම් මෙසේ වාර්තා කරයි. “වර්ණ මෝස්තර සහිත රෙදි කැබැල්ලක් අයිෂා (රළි) තුමිය වෙත තිබී, එතුමිය කාමරයේ කුඩා කුටිය එයින් ආවරණය කළාය. නබි (සල්) තුමාණන් මුහුණ ලා නැමදුම් කරන දෙසට එය එල්ලා තිබුණි. “මම සලාහ් ඉටු කරන විට එහි වර්ණ මෝස්තර මගේ සිත වියවුල් කරන නිසා, එය ඉවත් කරන්න.” යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 3/1668.
දිනක් නබි (සල්) තුමාණන් නැමදුම් කිරීම පිණිස කඅබාවට පැමිණි විට බැටළුවෙකු ගේ අං දෙකක් එහි දුටුවහ. සලාහ් කළායින් පසු “ඒ අං ආවරණය කරන ලෙස ඔබට පැවසීමට මට අමතක විය. අල්ලාහ් ගේ නිවසේ නැමදුම් කරන්නා ගේ සිත වියවුල් කරන කිසිවක් තිබිය නොයුතුයැ.” යි උත්මාන් ඉබ්නු හජාබි (රළි) තුමාට පැවසුහ. මූලාශ්‍ර අබු දාවූද් 2030, සහිහ් අල් ජාමි 2504.
මිනිසුන් අධික ව ගැවසෙන, උස් හඬින් කතා කරන, වාද විවාද කරන ඝෝෂාකාරි ස්ථාන සහ නැමදුම් කරන්නාගේ සිත් වියවුල් කරන දෘෂ්‍යමාන දේ තිබෙන ස්ථානයන් නැමදුම් කිරීම සඳහා නුසුදුසුය.
එමෙන්ම, අධික සිතල හෝ අධික උෂ්ණ සහිත ස්තානයන්හි නැමදුම් කිරීමෙන් හැකි තරම් වැළකිය යුතුය. ග්‍රීෂ්ම සෘතුවේ මධ්‍යාහ්න ලුහර් සලාතය උෂ්ණය මඳක් අඩු වන තුරු ප්‍රමාද කරන ලෙස නබි (සල්) තුමාණන් අපට උපදෙස් දුන්හ. “අධික උෂ්ණ අවස්ථාවෙහි හුඃෂු හා මනා සිහියෙන් කෙනෙක් නැමදුම් කිරීමට බාධාවක් වන අතර ඔහු නැමදුමටට ළැදිකමක් නොදක්වයි. එ නිසා, උෂ්ණය මඳක් අඩු වන තුරු නැමදුම ප්‍රමාද කරන ලෙස නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. මෙ මගින් ඔවුන් මනා සිහියෙන් සලාහ් ඉටු කර, හුඃෂු සහිතව අල්ලාහ් වෙතට හැරීමට හැකි වනු ඇත.” යැයි ඉබ්නු අල් කය්යිම් වැර්තා කළේය. අල් වාබිල් අල් සායිබ්, දාර් අල් බයාන් පිටු අංක 22.
නැමදුම් කරන්නා ගේ සිත් ඇද ගන්නා විවිධ අක්ෂර, වර්ණ, හෝ පින්තූරු වැනි මෝස්තර සහිත අඳුමෙන් සැරසී නැමදුම් නොකිරීම.
දිනක් නබි (සල්) තුමාණන් කොටු ඉරි සහිත කමිසයක් පැලඳ නැමදුම් කිරීම සඳහා නැගිට, තම ඇඳුම දෙස බැලුහ. නැමදුම් අවසන් කළායින් පසුව, “මෙම කමිසය අබු ජහම් (රළි) තුමාට ගෙන ගොස් දෙන්න. මට “අන්බජානි“ (මෝස්තර හෝ කොටු විරහිත) කමිසයක් රැගෙන එන්න. සලාහ් කරන විට මේ ඇඳුම මගේ සිත වියවුල් කරයි.“ යනුවෙන් පැවසු බව ආයිෂා (රළි) තුමිය වාර්තා කරයි. තවත් වාර්තාවක, “මේ කොටු මගේ සිත වියවුල් කරයි.” යනුවෙන් පැවසුහ. තවත් වාර්තාවකට අනුව, “එතුමාණන් වෙත තිබුණු කොටු මෝස්තර සහිත කමිසයක් නිසා නැමදුම් කරන විට එතුමාගේ සිත වියවුල් වෙයි.” මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 556 සහ 3/391.
පිංතූරු හෝ මෝස්තර රහිත කමිසයක් පැලඳ නැමදුම් කිරීම වඩා සුදුසුය. විශේෂයෙන් මේ දිනවල අලෙවි වන සප්‍රාණික චිත්‍ර සහිත ඇඳුමෙන් වැළකි සිටීමට වග බලා ගත යුතුය.
“ආහාර පිළියෙළ කර තිබිය දී නැමදුම් නොකරන්න.” යැයි නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර මුස්ලිම් අංක:560
ආහාර පිළියෙල කර කෑම මේසයට ආවතේව කළේ නම් හෝ ඉදිරිපත් කළේ නම් ප්‍රථමයෙන් එම ආහාර අනුභව කළ යුතුය. ආහාර අනුභව කිරීම සඳහා අවශ්‍යතා තිබියදී එය ඉවත දමා නැමදුම් කිරීමට යන කෙනෙකුට නැමදුමෙහි සම්පූර්ණයෙන් සිත යොමු කිරීමට හෝ හුඃෂු තත්ත්වයට ළඟා වීමට හෝ නොහැකි වේ. ඔහු ලහිලහියෙන් ආහාර අනුභව නොකළ යුතු බවද නබි (සල්) තුමාණෝ උපදෙස් දුන්නේ මෙසේය. “රාත්‍රි ආහාරය මේසයේ පිළියෙළ කර, මග්රිබ් සඳහා වේලාව පැමිණියේ නම් කෙනෙක් ආහාර අනුභව කිරීම ලහිලහියෙන් අවසන් නොකළ යුතුය.“ තවත් හදීසයක “රාත්‍රි ආහාර ආවතේව කර පසු නැමදුම සඳහා ඉකාමත් (2වන ඇරයුම) පැවසුවේ නම්, ප්‍රථමයෙන් ඔබේ රාත්‍රි ආහාර අවසන් කරනු, එය අවසන් කිරිමට හදිසි නොවනු.” මූලාශ්‍ර අල් බුහාරි කිතාබ් අල් ආදාන්, බාබ් ඉදා හදර අල් තආමු ව උකීමත් අල් සලාහ් සහ මුස්ලිම් අංක: 557- 559.
වැසිකිළි යෑමට අවශ්‍යතා තිබියදී නැමදුම් නොකිරීම.
වැසිකිළි, කැසිකිළි යෑමට අවශ්‍යතා තිබෙන කෙනෙක් නැමදුම් කිරීමේ දී, ඔහුට සැබෑ හුඃෂු තත්ත්වය ලබා ගත නොහැකි බව කිසිදු සැකයක් නැත. මූත්‍රා කිරිමට හෝ වැසිකිළි යෑමට අවශ්‍ය කෙනෙක් එය යටපත් කරමින් නැමදුමෙහි යෙදීම තහනම් බව නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර සුනන් ඉබ්නු මාජා අංකත 617.
මෙවැනි තත්ත්වයක පසු වන කෙනෙක් සමූහ සලාතයේ කොටසක් අතපසු වුව ද වැසිකිළියට ගොස් තම අවශ්‍යතා අවසන් කළ යුතු බව නබි (සල්) තුමාණන් පැවසුහ. “කවරෙකුට හෝ වැසිකිළියට යෑමට අවශ්‍ය වුයේ නම්, සමූහ නැමදුම (ඉමාම් ජමාඅත්) ආරම්භ වූ වත්, ඔහු ප්‍රථමයෙන් වැසිකිළියට යා යුතුය.” මූලාශ්‍ර අබු දාවූද් අංක 88. සහීහ් අල් ජාමි අංක:299.
මෙවැනි අවශ්‍යතාවක් සලාහ්වෙහි යෙදී සිටින කෙනෙකුට සිදු වුයේ නම්, ඔහු තම නැමදුම් ක්‍රියාව නවත්වා තම අවශ්‍යතාව අවසන් කර, යළි පිරිසිදු වී සලාහ් ක්‍රියාව යළි ආරම්භ කළ යුතු බව නබි (සල්) තුමාණන් වදාළහ. “ආහාර පිළියෙළ කළ පසු හෝ තම අපවිත්‍ර බැහැර කිරීමට තිබෙන අව්‍යශතා මැඩ පවත්වාගෙන සිටින කෙනෙකුට (එය අවසන් කරන තුරු) නැමදුමක් නැත.” මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 560) මෙලෙස අවශ්‍යතාව මැඩ පවත්වමින් සිටින කෙනෙකුට හුඃෂූ තත්ත්වය ආරක්‍ෂා කළ නොහැක. මෙම නිගමනය වාත පිටවීම වළකමින් සිටින කෙනෙකුට ද අදාල වේ.
නින්දට යෑමට අවශ්‍ය කෙනෙකුට සලාහ් කළ නොහැක.
“ඔබ අතර කෙනෙක් සලාහ්වෙහි නිරත වන විට නිදි බර ව සිටී නම්, තමා පාරායන කරන දේ කුමක් දැයි වටහා ගන්නා (තත්ත්වයට නැවත පත්වන) තුරු ඔහු නින්දට යා යුතුයි.” යනුවෙන් නබි (සල්) තුමාණන් උපදෙස් දුන් බව අනස් ඉබ්නු මාලික් (රළි) වාර්තා කරයි. එනම් නිදිබර අවසන් වන තුරු ඔහු නින්දට යා යුතුය. මූලාශ්‍ර අල් බුහාරි අංක 210.
ප්‍රාර්ථනාවන්ට ප්‍රතිචාර දෙනු ලබන කියාම් අල් ලයිල් සලාහ්වෙහි තමන්ට එරෙහි ව කෙනෙක් නොදැනුවත්වම කන්නලව් කිරීම වැනි අවාසනාවක් සිදු විය හැක. ෆර්ද් නම් අනිවාර්‍ය නැමදුමට ද මෙය අදාල වේ. (ෆත්හ් අල් බාරි, ෂර්හ් අල් වුදු, බාබ් අල් වුදු අල් නව්ම් ග්‍රන්ථය)
කතා කරමින් හෝ නිදා සිටින කෙනෙකුට පසුපස සලාහ් නොකළ යුතුය.
නබි (සල්) තුමාණන් මෙම ක්‍රියාව තහනම් කළේ මෙසේය.“නිදා සිටින හෝ කතා කරමින් සිටින කෙනෙක් පිටුපස සලාහ් ඉටු නොකරන්න.” මූලාශ්‍ර අබු දාවුද් අංක 694 සහීහ් අල් ජාමි අංක 375.
මෙම නිගමනය සලාහ්වෙහි නිරත වන කෙනෙකුට කතා කරමින් සිටින කෙනෙක් බාධාවක් විය හැකි අතර, නිදා සිටින කෙනෙක් නින්දේ යමක් නිරාවණය කළ හැක යන හේතුන් නිසාය.
කතා කරමින් සිටින අය පිටුපස සලාහ් කිරීම සම්බන්ධ ව එය නැමදුම් කරන්නාගේ සිත නැමදුම් ක්‍රියාවෙන් වියවුල් කළ හැකි බැවින් එය මක්රූහ් හෙවත් පිළිකුල් සහගත ක්‍රියාවක් බව ෂාෆි සහ අහ්මද් ඉබ්න් හම්බලි යන ඉමාම්වරු සලකන බව අල් හඃත්තාබි (රළි) වාර්තා කරයි. මූලාශ්‍ර අව්න් අල් මා බූද් 2/388.
නිදා සිටින්නාගේ පිටුපස නැමදුම් කිරීම පිළිබඳ බව සඳහන් කරන හදීසය දුබල එකක් බව අබු දාවුද්, ඉබ්න් හජර් වැනි හදීස් විද්වතුන් බහුතරයක් සලකති.
“නබි (සල්) තුමාණන් ඉදිරියේ එතුමා ගේ ඇඳ මත මම නිදා සිටින අවස්ථාවේ එතුමාණන් සලාහ් කළහ.” යැයි ආයිෂා (රළි) තුමිය ප්‍රකාශ කළාය. මුලාශ්‍ර සහීහ් අල් බුහාරි, කිතාබ් අස් සලාහ් ග්‍රන්ථ.
නිදා සිටින කෙනෙක් නින්දේ දී කිසිවක් නිරාවණය කළේ නම්, නැමදුම්කරු ගේ සිත වියවුල් විය හැක යන හේතුවෙන් ඔහු ඉදිරියේ නැමදුම් කිරීම මක්රූහ් හෙවත් පිළිකුල් සහගත ක්‍රියාවක් බව මුජාහිද්, තාවූස් සහ මාලික් අදහස් දැක්වුහ. මූලාශ්‍ර ෆත්හ් අල් බාරි.
කෙසේ වෙතත් එවැන්නක් සිදු විය නොහැකි නම් නිදා සිටින කෙනෙක් ඉදිරියේ නැමදුම් කිරීම මක්රූහ් නොවන බව සලකන්න. සියල්ල ගැන දන්නේ අල්ලාහ් පමණි.
සලාහ් කරන විට පොළොව මට්ටම් කිරීම
සලාහ් කරන විට තමා සජදා කරන ස්ථානය (කුඩා ගල් ඉවත් කර) මට්ටම් කිරීමෙහි නිරත වු කෙනෙක් පිළිබඳව, “ඔබ එය කළ යුතු නම් එක් වරක් පමණක් ඉටු කරන්න.” යනුවෙන් නබි (සල්) තුමාණන් උපදෙස් දුන් බව මුඅයිකිබ් (රළි) වාර්තා කරයි. මූලාශ්‍ර අල් බුහාරි. (ෆත්හ් අල් බාරි 3/79)
“ඔබ සලාහ්වෙහි නිරත වු විට පොළොව අතු නොගාන්න. එහෙත් එසේ කිරීම අවශ්‍ය නම්, එක් වරක් පමණක් කරන්න.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර අබු දාවුද් 946, සලාහ් අල් ජාමි 7452.
සලාහ්වෙහි නිරත වු කෙනෙක් හුඃෂු භාවයෙන් බැහැර කරන අනවශ්‍ය ක්‍රියාවන්හි යෙදීමෙන් වැළකීම මෙම හදීසයේ අරමුණ වේ. කෙනෙක් සජදා කරන ස්ථානය නිසි ලෙස සකස් කළ යුතුව තිබේ නම්, සලාතය ආරම්භ කිරීමට පෙර එය ඉටු කළ යුතුය.
සලාහ් කරන විට නළල හා නාසය පිස දැමීමට ද මෙම නිගමනය අදාළ වේ. නබි (සල්) තුමාණන් ඇතැම් අවස්ථාවන්හි තෙත් පොළොවේ සහ මඩ බිමේ සජදා කළ අතර, එතුමාණන් ගේ නළලේ එවායේ සළකුණු තිබුණු නමුත්, සජදාවෙන් හිස ඔසවන සෑම විටම ඒවා පිස දැමීමට එතුමාණන් ක්‍රියා නොකළහ. එතුමාණන් සලාහ්වෙහි සම්පූර්ණයෙන් සිත යොමු කර, හුඃෂු තත්ත්වයේ ස්ථීර ව නියැළී සිටි හේතුවෙන් එතුමාණන් ඒවා කිසිවක් ගැන සැලකිලි දැක්වුයේ නැත. “නැමදුම යනු වෘත්තියකි” යැයි නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර අල් බුහාරි, ෆත්හ් අල් බාරි 3/72.අබුල් දර්ධා දැන් වු බව ඉබ්නු අබි ෂෙයිබා මෙසේ දන්වයි. “රතු වර්ණ ඔටුවන් ලැබුණත්, මගේ නළලේ රැඳී තිබෙන වැලි මම ඉවත් නොකරමි.” තවද, නැමදුම අවසන් කිරීමට පෙර, සලෆ් වරු තම නළලේ (ඇලී) තිබන වැලි පිස දැමුවේ නැත“ යැයි අයාද් දැන්විය. මූලාශ්‍ර අල් ෆතහ් 3/79.
අටවන කොටස
නැමදුම් කරන කෙනෙක් තම හුඃෂු භාවයට හානි කරන කිසිදු ක්‍රියාවක යෙදිය නොයුතු ආකාරයෙන්, ඔහු අන් අය ගේ නැමදුමට ද හිරිහැර නොකළ යුතුය.
“ඔබ සියලු දෙනාම (සලාහ් කරන විට) ඔබගේ පරමාධිපති සමඟ කතා කරන හෙයින් එකිනෙකාගේ කතාවන්ට බාධා නොකරනු, තවද එකිනෙකාගේ කට හඬට ඉහළින් තව කෙනෙක් හඬ වැඩි කළ නොයුතුය.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර අබු දාවූද්2/83 සහ සහීහ් අල් ජාමි 752. තවත් වාර්තාවක් පවසන අයුරින් “අල් කුර්ආනය පාරායනා කරන විට, කට හඬ උස් කොට එකිනෙකා සමඟ තරඟ නොකරනු.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර ඉමාම් අහ්මද් 2/36 සහ සහිහ් අල් ජාමි 1951.
සලාහ්වෙහි යෙදී සිටින විට මුහුණ වෙනත් දෙසට හැරවීමෙන් වැළකීම. මෙය වර්ග දෙකකට අයත්ය.
· අල්ලාහ් හැර වෙනත් දැයක් කෙරෙහි සිත හැරවීම.
· වෙනත් දෙසට නෙත් යොමු කිරීම.
මෙම ක්‍රියා දෙකටම අනුමත නැති හෙයින් නැමදුම සඳහා ලබා දෙන ත්‍යාගයට අනර්ථයක් සිදු කෙරෙන බව සලකන්න. මේ පිළිබඳ ව නබි (සල්) තුමාණන්ගෙන් විමසන ලැබු විට, එතුමාණන් “එම ක්‍රියාව, කෙනෙකුගේ සලාහ්වෙන් ෂෛයිතාන් සොරකම් කිරීම වේ.” යැයි පිළිතුරු දුන්හ.
නැමදුමෙහි යෙදුණු අවස්ථාවේ සිත හෝ දෑස් හෝ වෙනත් දෙසට යොමු කරන්නෙකු ගේ ක්‍රියාව, රටේ පාලකයෙකු අබියස සිට ගෙන පාලකයා ඔහුට අමතා කතා කරන මොහොතේ, පාලකයා පවසන කිසිවකට සිත යොමු නොකර, ඒ වදන් කිසිවකට සැලකිලි නොදක්වා, වෙනත් දිශා වලට මුහුණ හරවමින් සිටින කෙනෙකුගේ ක්‍රියා හා සමාන වේ. මෙවැනි මිනිසෙකුට රටේ පාලකයා කුමක් සිදුකරන්නේ දැයි ඔහු සිතන්නේද?
මෙවැනි කෙනෙක් එතැනින් බැහැර වන විට අවම වශයෙන් පාලකයා ඔහුට පිළිකුල් කරනු ඇත. ඔහු ගැන අගයක් දක්වන්නේ ද නැත. මෙලෙස අල්ලාහ් ගැන කිසිදු තැකීමක් නොමැති ව සලාහ් කරන්නා, අල්ලාහ් වෙත සම්පූර්ණයෙන්ම සිත යොමු කර, අල්ලාහ් ගේ මහානුභාවය සිහි කරන බැතිමතෙක් හා සමාන බව කිව හැකි ද? මෙවැනි ගැත්තා අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කමෙන් සිත පුරවා ගන්නා අතර, අල්ලාහ් අබියස වෙනත් දෙසට මුහුණ හැරවීමට ලැජ්ජා වනු ඇත. මේ දෙපිරිසගේ සලාහ් අතර තිබෙන වෙනස පිළිබඳ ව හසන් ඉබ්නු අතිය්යාහ් මෙසේ පහදා දුන්හ. “මේ දෙදෙනාම එකම ජමාඅත් හි (සමූහයේ) සිටිය හැකි නමුත්, ඔවුන් දෙදෙනා ගේ සද්ගුණය අතර තිබෙන පරතරය, අහස හා පොළොව අතර තිබෙන පරතරය මෙන් විශාලය. එක් කෙනෙක් අල්ලාහ් වෙතට සිත සම්පූර්ණයෙන්ම යොමු කරන අතර, අනෙක් කෙනා අමතක කරන ස්වාභාවය හා නොසැලකිලිමත්කම පෙන්නුම් කරයි.” ඉමාම් ඉබ්නු කය්යිම්ගේ අල් වාබිල් අල් සායිබ් ග්‍රන්ථයේ, දාර් අල් බයාන් පිටු අංක 36.
කෙසේ වෙතත් සැබෑ හේතුවක් සඳහා මුහුණ හැරවීමට අනුමත තිබේ. මේ පිළිබඳව සහ්ල් අල් හන්zසලිය්යාහ් (රළි) මෙසේ වාර්තා කරයි. “අපි සලාහ් තුල් ෆජර් (අලුයම) නැමදුම අරම්භ කළ විට රසූල් (සල්) තුමාණන් අසල කඳු මාර්ගය දෙස නෙත් යොමු කරමින් නැමදුම් කළහ. එතුමාණන් එම කඳු මාර්ගය ආරක‍්ෂා කරනු පිණිස අශ්වයෙක් මත සහාබාවරයෙක් යවා තිබුණි.” මූලාශ්‍ර අබු දාවුද්. මෙය හා සමාන වෙනත් අවස්ථා කිහිපයක් පහත දැක් වේ.
උමාමාහ් බින්ත් අල් ආස් (රළි) තුමිය ඔසවා ගෙන ආ අවස්ථාව, අයිෂා (රළි) තුමියට දොර විවෘත කර දුන් අවස්ථාව, මින්බරයෙන් බිමට බැසවිත් නැමදුම් කරන ආකාරය සහාබාවරුන්ට ඉගැන් වූ අවස්ථාව, සලාත් අල් කුසූෆ් මෙහෙය වන විට පසුබට වූ අවස්ථාව, එතුමාණන් ගේ ඉදිරියෙන් ඇවිද ගොස් සලාහ්තයට අවහිර කිරීමට ෂෙයිතාන් තැත් කළ විට ඔහු ගෙලෙන් අල්ලා ගත් අවස්ථාව යනාදී අවස්ථා කිහිපයක් සඳහන් කළ හැක. සලාහ්වෙහි යෙදුනු අවස්ථාවේ පවා සර්පයා සහ ගෝනුස්සා වැනි විෂකූරු සතුන් නසා දමන්නට අනුමත දුන්හ, නැමදුම් කරන කෙනෙක් තමා ඉදිරියේ සමීප ව ඇවිද යන කෙනෙකුට එසේ කිරීමට ඉඩ නොදිය යුතු යැයි පැවසුහ. සලාහ් මෙහෙය වන ඉමාම්වරයා සලාහ්වෙහි වරදක් කළේ නම්, අප්පුඩි ගසන ලෙස නබි (සල්) තුමාණන් පැවසුහ. අල්ලාහ්ගේ වාක්‍ය පහළ වු මොහොත දක්වා, සලාහ් කරන අවස්ථාවේ නබි (සල්) තුමාණන් තමාට ආචාර කළ අයට අත වැනුහ. මෙවැනි සියලු ක්‍රියාවන් අවශ්‍යතාවට එකඟව සිදු කරන ලදී. එහෙත් අනවශ්‍ය ලෙස මෙවැන්නක් සිදු කිරීමෙන් හුඃෂු භාවය අහෝසි වන හෙයින් එසේ කිරීමට අනුමත නැති බව සලකන්න. (මජ්මූ අල් ෆත්වා 22/559)
මෙය නොකරන ලෙස නබි (සල්) තුමාණන් අපට අවවාද කළේ මෙසේය. “ඔබ අතර කෙනෙක් නැමදුමෙහි නිරත වන අවස්ථාවේ අහස දෙසට නෙත් යොමු නොකළ යුතුය. ඇතැම් විට, ඔහුගේ දෘෂ්ටිය නැති විය හැක.” මූලාශ්‍ර අහමද් 5/294 සහ සහීහ් අල් ජාමි 762. තවත් වැර්තාවක, “සලාහ් කරන අවස්ථාවේ අහස දෙසට නෙත් යොමු කරන මිනිසුන්ට කුමක් සිදු වුනා ද?” යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 429. මෙම ක්‍රියාවට එරෙහි ව එතුමාණන් තරයේ ප්‍රකාශ කළේ මෙසේය. “මෙම ක්‍රියාව ඔවුන් වහාම නැවත්විය යුතුය. එසේ නොකළේ නම් ඔවුන්ගේ දෘෂ්ටිය ඉවත් කරනු ලැබේ.” මූලාශ්‍ර ඉමාම් අහ්මද් 5/528 සහ සහීහ් අල් ජාමි 5574.
මෙය සලාතයේ හුඃෂු භාවය සහ අල්ලාහ් ඉදිරියේ යහපත් හැසිරීම හා නොගැළපෙන බව සලකන්න. “ඔබ අතර කෙනෙක් සලාහ් කරන අවස්ථාවේ ඔහු තමා ඉදිරිපස කෙළ ගැසිය නොයුතුය. මන්ද ඔහු ඉදිරියේ අල්ලාහ් සිටින නිසාය.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර අල් බුහාරි 397.
නබි (සල්) තුමාණන් මෙසේ ද ප්‍රකාශ කළහ. “ඔබ අතර කෙනෙක් සලාහ් සඳහා සිට ගන්නා විට, ඔහු සියලු කීර්ති හිමි හා අති උතුම් අල්ලාහ් සමඟ කථා කරමින් සිටින හේතුවෙන් ඔහු තම ඉදිරිපස කෙළ ගැසිය නොයුතුය. ඔහුගේ දකුණු පැත්ත මලාඉකාවරයෙක් සිටින හේතුවෙන් ඔහු දකුණු පැත්තට කෙළ ගැසිය නොයුතුය. ඔහු තම වම් පැත්තට හෝ තම පාමුල කෙළ ගසා එය වසා දැමිය යුතුය.” මූලාශ්‍ර අල් බුහාරි 416, අල් ෆත්හ් ග්‍රන්ථයේ, 1/512.
“කෙනෙක් නැමදුම සඳහා සිට ගන්නා අවස්ථාවේ, ඔහු තම පරමාධිපති සමඟ කතා කරන අතර, ඔහු සහ කිබ්ලාව අතර, පරමාධිපති සිටියි. එනිසා කිසිවෙක් කිබ්ලා දෙසට කෙළ ගැසිය නොයුතුය. එහෙත් තම වම් පැත්තට හෝ පාදය යට (කෙළ ගසා) එය වසා දැමිය යුතුය.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර අල් බුහාරි 417, ෆත්හ් අල් බාරි 1/513.
වර්තමානයේ බොහෝ මස්ජිද්හී බහුතරයක බුමුතරණ Carpet) අතුරා තිබෙන හේතුවෙන් කෙළ ගැසීමට අවශ්‍යවන කෙනෙක්, ලෙන්සු හෝ ටිෂූ කඩදාසියක කෙළ ගසා පසුව ඒවා ඉවත දැමිය හැක.
“සලාහ්වෙහි නිරතවී සිටින කෙනෙකුට ඈනුම් අරින්නට අවශ්‍යතා ඇති වුවහොත්, ෂෛතාන් ඇතුළු වීමෙන් වළකිනු පිණිස ඔහු හැකි පමණින් එය යටපත් කර ගත යුතුය.” යනුවෙන් අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර 4/2293. ෂෛතාන් ඇතුළු වුයේ නම්, නැමදුම් කරන්නාගේ හුඃෂුභාවයට බාධා කිරීමට ඔහුට හැකි වන අතර, ඈනුම් අරිනවිට ෂෛතාන්ගේ හාස්‍යයට මිනිසා ලක්වනු ඇත.
“සලාහ්වෙහි නිරත වන විට, තම දෑත ඉණේ තබා ගැනීම නබි (සල්) තුමාණන් තහනම් කළහ.” යැයි අබු හුරෙයිරා (රළි) වාර්තා කළේය. මූලාශ්‍ර අබු දාවුද් අංක:947; සහීහ් අල් බුහාරි, කිතාබ් අල් ආමිල් ෆිල් සලාහ්, බාබ් අල් හද්ර් ෆිල් සලාහ්.
Zසියාද් ඉබ්නු සුබෙයිහ් අල් හනෆි (රළි) මෙසේ වාර්තා කරයි. “මම ඉබ්නු උමර් (රළි) තුමා අසල සලාහ් ඉටු කරන විට මගේ අත ඉණේ තැබුවෙමි. එවිට එතුමා මගේ අතට පහර දුන්නේය. සලාහ් නිමා වුවායින් පසුව, “මෙම ක්‍රියාව සලාහ්තයේ හරස් කිරීම හා සමාන වේ. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙය තහනම් කළහ.” යනුවෙන් පැවසුවේය. මූලාශ්‍ර ඉමාම් අහමද් 2/106 සමඟ අනෙකුත් අය. අල් හාෆිzස් අල් ඉරාකි තම තහ්ඃරීජ් අල් ඉහ්යා ග්‍රන්ථයේ මෙය සහීහ් හදිසයක් යනුවෙන් වර්ග කළේය. අල් ඉර්වා ග්‍රන්ථයේ 2/94 බලන්න.
අපාය ගත ජනයා විරාම ගන්නේ මෙලෙස යැයි නබි (සල්) තුමාණන් පහදා දුන්හ. එවැනි දැයින් අල්ලාහ් වෙත අපි ආරක්ෂා පතමු. මූලාශ්‍ර අබු හුරෙයිරා ගෙන් බයිහකි. එම හදීසයේ සනද් සහීහ් බව අල් ඉරාකි සනාථ කරයි.
වබොත්තම් සහිත ඇඳුමෙන් හුඃෂුභාවයට මෙවැනි හානි සිදු නොවන බව සලකන්න.
තම මුව වසා ගන්නා කෙනෙකුට නිසියාකාරව අල් කුර්ආනය පාරායනා කිරිමට හෝ නිසියාකාර ව සජදා ඉටු කිරීමට නොහැකි වන හෙතුවෙන් එය තහනම් ක්‍රියාවකි. මර්කාත් අල් මෆාතීහ් 2/236.
ආදම්ගේ පුත්‍රයා වන මිනිසා ව ඉතාමත් අලංකාර හැඩයෙන් අති උතුම් අල්ලාහ් මවා ඇති අතර, මිනිසා සතෙක් හා සමාන ව හැසිරීම හා පෙනී සිටීම ලජ්ජාවට හේතු වන ක්‍රියාවකි. සලාහ්වෙහි නිරත වන මිනිසා සතුන්ගේ ඉරියව්ව හා චලනය මෙන් පෙනි සිටීම ස්වභාවයට පටහැණි නිසා හෝ අශෝභන නිසා හෝ නැමදුම් කරන්නාට නුසුදුසු නිසා එසේ කිරීම අපට තහනම් ය. නිදසුන් වශයෙන්, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් සලාහ්වෙහි තුන් අයුරින් පෙනී සිටීම අපට තහනම් කළහ. ඒවා නම්, හොටෙන් කොටන කපුටෙක් මෙන් (ලහි ලහියේ නැමදීම), මාංශ භක්ෂක සතුන් මෙන් තම දෑත් විහිදා තැබීම, සෑම විටම එකම ස්ථානයේ ලැගුම් ගන්නා ඔටුවෙකු මෙන් සෑම විටම එකම ස්ථානයේ පමණක් නැමදුම් කිරීම. මූලාශ්‍ර අහමද් 3/428. කෙනෙක් මස්ජිදයේ සෑම විටම එකම ස්ථානයේ සලාහ්වෙහි යෙදී, එය ඔහුට අයත් ස්ථානයක් බව පත් කර ගන්නා විට, එය තම මායිම ලකුණු කර ගන්නා ඔටුවෙකුගේ ක්‍රියාව හා සමාන බව සැලකේ, අල් ෆත්හ් අල් රබ්බානි ග්‍රන්ථය 4/91. තවත් වාර්ථාවක “එතුමා (නබි තුමාණන්) කුකුලෙක් මෙන් හොට ගැසීම, සුනඛයෙකු මෙන් වාඩිවීම සහ හිවලෙක් මෙන් හැරී බැලීම යන ක්‍රියාවන් සලාතයේ නොකර ලෙස මට තහනම් කළහ.” මූලාශ්‍ර ඉමාම් අහමද් 2/311 සහ සහිහ් අල් තර්ගීබ් 556.
හුඃෂු භාවය ලබා ගනු පිණිස සාධක වන මෙවැනි දැනුම ලැබීමෙන්, හුඃෂුභාවය ලබා ගැනීම සඳහා උත්සාහ කිරීමට ද, හුඃෂු භාවයෙන් ඉවත් කරන ක්‍රියා වලින් බැහැර විමටද අපට පහසු වනු ඇත.
නව වැනි කොටස
හුඃෂු පිළිබඳව ආගමික විද්වතුන් වැදගත් ලෙස සැලකිලි දක්වන තවත් කරුණක් තිබෙන හෙයින් ඒ ගැන සොයා බලමු.
කෙනෙක් සලාහ්වෙහි නිරත වන විට, ඔහුගේ සිත් තුළ වස්වාස් හෙවත් ෂෛතාන්ගේ කෙඳිරිලි හට ගන්නේ නම්, ඔහුගේ සලාහ් වලගුවේ ද?
“හුඃෂූ නොමැතිව සලාහ් ඉටු කරන කෙනෙකු ගැන ඔබ තුමාගේ අදහස් කුමක් ද? ඔහු එම සලාතය යළි ඉටු කළ යුතු ද?” යැයි ඉබ්නු කයියිම් (රහ්) ගෙන් දවසක් විමසන ලදී.
“අල්ලාහ්ගෙන් ලැබෙන ත්‍යාග සඳහා, ඔහු සිත යොමු කර හුඃෂු සහිත ව සලාහ් කළ කොටස හැර, ඉතිරි කොටසින් ඔහුට කිසිදු ප්‍රයෝජනයක් නැත.” යනුවෙන් පිළිතුරු ලැබුණි.
“සලාහ් කරන අවස්ථාවේ සිත සම්පූර්ණ ව යොමු කළ කොටස හැර ඔබේ සලාතයෙන් කිසිදු වාසියක් ඔබට නොලැබේ.” යනුවෙන් ඉබ්නු අබ්බාස් (රළි) පැවසුවේය.
ඉබ්නු මසූද් (රළි) වාර්තා කළ හදීසයක “කෙනෙක් සලාහ් ඉටු කරන අතර, එයින් ඔහුට භාගයක් හෝ තුනෙන් කොටසක් හෝ කාර්තුවක් හෝ දහසෙන් කොටසක් හෝ හැර අන් කිසිවක් ඔහු සඳහා සටහන් කරනු නොලැබේ.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ.
නැමදුම් කරන්නාගේ ජයග්‍රහණය ඔහු ළඟා වන හුඃෂු ප්‍රමාණයට එකඟ ව පත් කළ අල්ලාහ්, හුඃෂු නොමැති කෙනෙක් ජය ලැබු අය අතර පත් නොවන බව දන්වා ඇත. එහෙත් සලාහ් සඳහා ඔහුට ත්‍යාග දෙනු ලැබුවේ නම්, ඔහු ජය ලැබු කෙනෙක් බවට පත්වන්නේය. ලෞකික නිගමනයට එකඟ ව ඔහු යළිත් වරක් නැමදුම ඉටු කිරීමෙන් නිදහස් වන්නේද යන ප්‍රශ්නයට, ආගමික විද්වතුන්ගේ පොදු අදහස වුයේ “ඔහු සලාහ්වෙහි වැඩි අවස්ථාවන්හි හුඃෂු සහිත ව සිත යොමු කළේ නම්, එම සලාහ් ඔහුට ප්‍රමාණවත්ය.” යන්නයි. ඔහු ඉටු කර වෛකල්පිත නැමදුම් සහ නැමදුමෙන් පසුව කරන අද්කාර් හෙවත් අල්ලාහ් ව මෙනෙහි කිරීම මගින් සලාතයේ සිදු වූ අඩුපාඩු පරිපූර්ණ කරනු ලැබේ.
කෙසේ වෙතත් කෙනෙක් හුඃෂුභාවය නොමැති ව සලාහ් කිරීම හෝ සිත යොමු කිරීමට අපොහොසත් වීම පිළිබඳව, ෆුකාහා හෙවත් ආගමික විද්වතුන් විවිධ මත දරති. එවැනි කෙනෙක් සලාහ් ව සම්පූර්ණයෙන් නැවත වරක් ඉටු කළ යුතු බව ඉමාම් අහ්මද් තුමාගේ මිත්‍රයෙකු වන ඉබ්නු හාමිද් අදහස් දක්වයි. මේ පිළිබඳ ෆුකාහා වරුන් දරණ මත දෙක හන්බලි මද්හබ් ඇතුළු තවත් මද්හබ් කිහිපයක දැක ගත හැක.
වස්වාස් හෙවත් ෂෛතාන්ගේ කෙඳිරීම නිසා සලාහ්වෙහි නිසියාකාර ව සිත යොමු කිරීමට අපොහොසත් වු කෙනෙක් පිළිබඳව ද ෆුකාහාවරුන් අතර විවිධ මත පවතී. එහෙත් යළි සලාහ් ඉටු කළ යුතුය යනුවෙන් ඉබ්නු හාමිද් දක්වන මතයට ෆුකාහාවරු බහුතරයක් එකඟ වන්නේ නැත.
සලාහ් ඉටු කරන විට සිත අවුල් වන කෙනෙක් සජදා අල් සහූ නම් අමතක වීම සඳහා වන අමතර සජදා දෙකක් ඉටු කළ යුතු බව නබි (සල්) තුමාණන් දුන් මඟ පෙන්වීමෙන් ප්‍රශ්න විසඳෙන බව ෆුකාහාවරු පවසති. මෙයට එකඟ ව සම්පූර්ණ සලාහ් ව යළිත් වරක් ඉටු කිරීමට අවශ්‍ය නොමැත. “ඔබ අතර ඕනෑම කෙනෙක් සලාහ් ඉටු කරන අවස්ථාවේ ෂෛතාන් පැමිණ, ‘මේ දේ මතක තබා ගන්න, මේ දේ මතක තබා ගන්න‘ යනුවෙන් ඒ මිනිසා අමතක කළ යම් දැයක් ගැන කොඳුරයි. එවිට තමන් කොපමණ රකඅත් සලාහ් ඉටු කළා දැයි ඔහුට අමතක වෙයි.”
සලාතය නිසි අවබෝධයෙන් යුතුව කෙනෙක් ඉටු කළ කොටසට පමණක් ත්‍යාග ලැබෙන බව කිසිදු තර්කයක් නැති බව නබි (සල්) සඳහන් කළේ මෙසේය. “කෙනෙක් සලාහ් ඉටු කරන අතර, එයින් ඔහුට භාගයක් හෝ තුනෙන් කොටසක් හෝ කාර්තුවක් හෝ දහසෙන් කොටසක් හැර අන් කිසිවක් ඔහු සඳහා සටහන් කරනු නොලැබේ.”
ඉබ්නු අබ්බාස් (රළි) තුමා මෙසේ වාර්තා කරයි. “සලාහ්වෙහි ඔබ සිත යොමු කළ කොටස සඳහා මිස ඔබට වෙනත් ලාභයක් නැත.” එබැවින් සලාහ්තය අංග සම්පූර්ණ විය යුතුය යන දෘෂ්ටි කෝණයෙන් බැලීම සාධාරණ නොවන අතර, එය යළි ඉටු කළ යුතු බව අපට අණ ලැබී නැති හේතුවෙන්, එම සලාතය වලංගුය. හදාරිජ් අල් සාලිකීන් ග්‍රන්ථය 1/112.
නබි (සල්) තුමාණන් මෙසේ පැවසු බව සහීහ් හදීස් වල සදහන් වී තිබේ. “මුඅද්දින් වරයා අදාන් (නැමදුම සඳහා ඇරයුම) ප්‍රකාශ කරන විට, එම හඬට සවන් දීමට අකැමැත්තෙන් ෂෛතාන් වාත පිටකරමින් පලා යයි. අදාන් අවසාන වූ පසු ඔහු ආපසු හැරී එයි. සලාහ් ආරම්භ කළ විගස ඔහු පලා යන නමුත්, නැමදුම සිදු වන විට ඔහු ආපසු හැරී, මිනිසා සහ ඔහුගේ ආත්මය අතර පැමිණ, මිනිසා අමතක කළ දේ ගැන “මේ මේ දේ ගැන මතක් කරන්න. මේ මේ දේ ගැන මතක් කරන්න.” යනුවෙන් කොඳුරන්නට පටන් ගත් විට, තමා කොපමණ රකඅත් සලාහ් කළා දැයි මිනිසාට අමතක වෙයි. ඔබ අතර කවරෙකුට හෝ මෙලෙස සිදු වුයේ නම්, ඔහු සජදා අල් සහ්ව් හෙවත් අමතක විම සඳහා වන සජදා දෙකක් තමා වාඩි වී සිටින ස්ථානයේ ම ඉටු කළ යුතුය.”
මේ පිළිබඳව තව දුරටත් ෆුකාහාවරුන් ප්‍රකාශ කළේ මෙසේය. රකඅ ගණන පිළිබඳ ව ෂෛතාන් අමතක කරන්නට ක්‍රියා කළ මෙම සලාහ් සම්බන්ධව නබි (සල්) තුමාණන් අණ කළේ සජදා සහ්ව් දෙකක් ඉටු කරන ලෙස පමණි. එතුමාණන්, සම්පූර්ණ සලාහ් ව යළි ඉටු කරන ලෙස අණ කළේ නැත. ඇතැම් අය පවසන ආකාරයට සලාහ් අවලංගු වුයේ නම්, නබි (සල්) එ බව අණ කරනු ඇත.
මෙම විද්වතුන් තව දුරටත් මෙසේ පැවසුවෝය. අමතර සජදා දෙකක් ඉටු කිරීමට හේතුව, සලාහ් කරන මිනිසා සහ ඔහුගේ ආත්මය අතර මැදිහත් වී, අනවශ්‍ය සිතුවිලි කොඳුරන ෂෛතාන් ට පීඩා කිරීම සඳහාය. මේ හේතුවෙන් මේ සජදා දෙක අල් මුර්ගින්නතෙයින් (පීඩා කිරීමේ සජදා දෙක) ලෙස හැඳන්වේ. මදාරිජ් අල් සාලිකීන් 1/528 සිට 530 දක්වා.
අමතර ලාභ සහ වාසිය ලබනු පිණිස සලාහ් ව සම්පූර්ණයෙන්ම යළි සිදු කළ යුතු බව කවරෙකු හෝ පවසන්නේ නම්, එය කෙනෙකුගේ පුද්ගලික කැමැත්ත වේ. ඔහු කැමති නම් ඔහුට සලාහ් කළ හැක; ඔහු කැමති නම් ඔහුට නොකර සිටිය හැක.
සලාහ් කිසිවක් නොකරන අය මත පනවන ලබන නියමය මෙන් නැවත වරක් සලාහ් ඉටු කළ යුතු බව බල කළ යුතු බවද, එසේ නොකරන අයට දඬුවම් දිය යුතු බවද ඔබ පවසන්නේ නම්, එය වැරදිය.
මේ සම්බන්ධයෙන් අල්ලාහ් සියල්ල දන්නේය.
අවසානය:
හුඃෂූ යනු ඉතා බරපතළ හා වැදගත් කරුණක් වන අතර, අල්ලාහ්ගේ ආශීර්වාදය නොමැතිව එය ලබා ගත නොහැක. හුඃෂූ භාවය නොමැති වීම මහත් විපතකි. මේ හේතුවෙන් නබි (සල්) තුමාණන් මේ ආකාරයෙන් දුආ කළහ. “අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඛල්බින් ලා යහඃෂා.” (යා අල්ලාහ්! හුඃෂු නොමැති හදවතෙන් ඔබ වෙතම ආරක්ෂා පතමි.) මූලාශ්‍ර අත්තිර්මිදි 5/485; සහීහ් සුනන් අත් තිර්මිදි 2769.
හුඃෂු සහිත අය විවිධ තරාතිරමට අයත් වෙති. හුඃෂූ යනු හදවතේ ක්‍රියාවක් වන අතර එහි වැඩි වීමක් හෝ අඩු වීමක් සිදු විය හැක. ඇතැම් අයට අහසේ වලාකුළු මෙන් හුඃෂූ විහිදී තිබෙන අතර, තවත් අය කිසිදු අවබෝධයකින් තොරව සලාහ් ව නිම කරති.
සලාහ් සම්බන්ධව ජනතාව තරාතිරම් පහකට අයත්ය.
1. පළමුවැනි පිරිස තමන්ටම අපරාධ කරගන්නා නොසැලකිලිමත් ජනතාව වෙයි. ඔවුන් නිසියාකාරව වුදූ නොකරති. ඔවුන් නිසි වේලාවට සලාහ් නොකරති. සලාහ් වෙහි අත්‍යවශ්‍ය ක්‍රියා අංග සම්පූර්ණ ව කළා දැයි නොදනිති.
2. දෙවැනි පිරිස සලාහ්වෙහි බාහිර ව අවශ්‍ය වුදු ඇතුළු සියලු කරුණු සහ නැමදුම නිසි වේලාවට ඉටු කරති. එහෙත් ෂෛතාන් ට එරෙහි ව පරාජය ලැබ ෂෛතාන්ගේ වාස්වාස් මගින් සම්පූර්ණයෙන්ම යට කරනු ලබති.
3. තුන් වැනි පිරිස සලාහ්වෙහි වුදු ඇතුළු බාහිර අවශ්‍යතා සියල්ල නිසි වේලාවට ඉටු කරන අතර, වස්වාස් ට එරෙහි ව සහ තම ආත්මය ද මැඩ පවත්වන්නට මහත් පරිශ්‍රම දරති. ඒ සමඟ, තම සලාහ් ව විනාශ කිරීමට ෂෛතාන් ට අවස්ථාවක් නොදී විශාල පරිශ්‍රමයක් කරන හේතුවෙන් ඔවුන් සලාහ් සහ ජිහාද් හී යෙදෙන්නන්ය.
4. සිව් වැනි පිරිස සලාහ් සඳහා සිට ගන්නා විට අවශ්‍ය සියල්ල ඉටු කළ හෙයින් ඔවුන්ගේ හදවත සලාහ්වෙහි සම්පූර්ණයෙන්ම යොමු කර, නිසියාකාර ව හා අංග සම්පූර්ණ ව සලාහ් ඉටු කිරීම සඳහා සැලකිලි දක්වති. ඔවුන්ගේ හදවත් සලාහ්වෙහි සහ පරමාධිපති වෙත සම්පූර්ණව ගිල්වනු ලබති.
5. පස්වැනි පිරිස, ඉහත සඳහන් සියල්ල ඉටු කරන අතර, ඔවුන් තම හදවත් තම පරමාධිපති අබියස තබා, තම පරමාධිපති දෙස ආදරයෙන් හා උසස් භක්තියෙන් හදවතෙන් සැබැවින් දැක ගන්නා මෙන් බලති. මෙම අවස්ථාවේ වස්වාස් සහ වෙනත් සිතුවිලි ඔවුන් තුළ හීන වෙයි. මෙවැනි අයගේ නැමදුම සහ සාමාන්‍ය කෙනෙකුගේ නැමදුම අතර තිබෙන පරතරය අහස හා පොළොව අතර තිබෙන පරතරට වඩා විශාලය. මේ පුද්ගලයෝ නැමදුම් කරන විට, තම පරමාධිපති ගැන පමණක් කල්පනාවෙහි යෙදි පරමාධිපති පිළිබඳව සෑහීමට පත් වෙති.
පළමුවැනි පිරිස දඬුවමට හිමි අයවෙති. දෙවැනි පිරිස තම ක්‍රියාවන්ට වග කිව යුතු පිරිසවෙති. තුන්වැනි පිරිස තමන්ට හැකි අයුරින් මහන්සි ගන්නා හේතුවෙන් ඔවුන් පව්කාරයන් ලෙස පත් නොවෙති. සිව්වැනි පිරිස අගනා ප්‍රතිපල ලබන අතර පස්වැනි පිරිස අල්ලාහ්ට සමීප කරනු ලබති. මෙම පිරිසට නැමදුම ඉතා සතුට ගෙන දෙන ක්‍රියාවක් වෙයි. නැමදුමෙහි කවුරුන් සතුට ලබන්නෝද, ඔවුන් මරණයෙන් පසු අල්ලාහ්ට සමිප වීමේ භාග්‍යයේ සතුට ලබන අතර අල්ලාහ් ගැන මෙලොවෙහි ද සතුට ලබන්නෝය. කවරුන් අල්ලාහ් වෙත සතුට ලබන්නෝද, සියලු දේ ගැන ඔවුන් සංතෘෂ්ටිය ලබන්නෝය. කවුරුන් හෝ අල්ලාහ් කෙරෙහි සතුට ට පත් නොවන්නෝ ද, ඔවුන් ලෞකික කරුණු සම්බන්ධ ව ශෝකය හා සිත්තැවිල්ලට ලක් ව ඒවා මගින් විනාශයට ලක් වන්නෝය. අල් වායිල් අල් සායිබ් ග්‍රන්ථය පිටු අංක 40)
අවසාන වශයෙන්, හුඃෂූ සහිත ජනතාව අතර අපව ද පත් කරන ලෙස අති උතුම් අල්ලාහ්ගෙන් දුආ කර, අපගේ දුආ සහ පසුතැවිලි භාර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. මෙම පොත් පිංචය අවසන් කිරිමට සහය වූ සියලු දෙනාට ත්‍යාග දෙන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි. ආමීන්. සියලු ප්‍රශංසා සර්ව ලෝක අධිපති වන අල්ලාහ්ට හිමිවේවා.