ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

කෙටි හැඳින්වීම

ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්යාතත ජෙහොවාස් විට්නස් නිකායේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ රෆියෙල් නර්බේස් නමැති පාදිලිවරයෙක් වයස 41 දී මුස්ලිම් විය. තමා දේශනා කරන දහම මිනිසා විසින් නිර්මාණය කළ එකක් බව පහදා ගත් ඔහු ඉස්ලාමයේ සියලු ප්ර ශ්නවලට විසඳුම් දිටීය. තම පැරණි ආගම ලබා දුන් පුහුණුව අල්ලාහ්ගේ සේවයට යොදවන්නට ඔහු ගත් තීරනය ඇමරිකාවේ නව පිබිදීමක් සිදු කළේය.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

    قصة المسلم الجديد

    القسيس /جوهووازفيتناس الأمريكي

    <سنهالية- Sinhala- සිංහල>

    සංස්කරණය

    රෆයෙල් නර්බේස්

    arabnews.com පුවත් පත්‍රයේ

    جريدة عرب نيوس

    http://www.arabnews.com/islam-perspective/news/750021

    —™

    භාෂා පරිවර්තක:

    ජාසිම් ඉබ්නු දඉයාන්

    සංස්කාරක:

    මුහම්මද් අසාද්

    ترجمة:جاسم بن دعيان

    مراجعة: محمد آساد

    ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

     http://www.arabnews.com/islam-perspective/news/750021

    2015ග මැයි මස අරාබ් නිවූස් පතේ පළවූ ලිපිය

    සිංහල බසට

    ජාසිම් ඉබ්නු දඉයාන්

    රෆයේල් නර්බේzස් (Raphael Narbaez) නමැත්තා ඇමරිකාවේ, ලොස් ඒන්ජලස් නගරයේ රූපවාහිණි වැඩ සටහනේ විකටයෙක් ලෙස රඟපාන අතර ඔහු කථිකාචාර්‍ය වරයෙකි. ඔහු සය වන වයසේ ප්‍රථම වරට ජෙහොවාස් විට්නස් සංවිධානයේ රැස්වීමට සහභාගි විය. ක්‍රිස්තියානු දහමේ ජෙහොවාස් විට්නස් යනු එක් නිකායක් වන නමුත්, ජේසුස් වහන්සේගේ දේවත්වය ඇතුළු ක්‍රිස්තු බැතිමතුන්ගේ විශ්වාස බොහෝමයක් හා ඔවුන් එකඟ නොවන අතර, ජේසුස් වහන්සේ යළි පැමිණෙන බව දේශනා කරති. වයස දහතුනේ ඔහුගේ ප්‍රථම දේශනාව ඉදිරිත් කළ රෆයේල්, වයස අවුරුදු විස්ස වන විට ඔහුගේ සභාවට අයත් සාමාජිකයින්ව රැක බලා ගත් අතර, ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්‍යාත ජෙහොවාස් විට්නස් සංවිධානයේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ කෙනෙකි. 1991 නොවැම්බර් මස 1වන දින ඔහු ඉස්ලාමයට පිවිසීමෙන් අනතුරුව, ජෙහොවාස් විට්නස් සභාව තුළින් ලබා ගත් සංවිධානය කිරිමේ හා කථිකත්වයේ හැකියාව ද මුස්ලිම් සමාජය වෙතට රැගෙන ආවේය. ඔහුගේ දීර්ඝ ගමනේ කතාවට අපි සවන් දෙමු.

    ***********

    මගේ දෙමාපියන්ගේ නිවසේ ජෙහොවාස් විට්නස් නිකායේ සාමාජිකයින් කිහිප දෙනෙක් සමඟ වාඩි වී සාකච්ඡාවේ යෙදු අවස්ථාව මට තවමත් මතකයි. “එය අමර්ගඩම්ය! ලෝක විනාශයේ කාලය එළඹී ඇත! ක්‍රිස්තුස් වහන්සේ යළි පැමිණෙන්නේය! රථ වාහන ප්‍රමාණයේ විශාල හිම කැට අප මත වැසි මෙන් හෙලෙනු ඇත. ලොවේ අකාරුණික ලෙස පාලන කරන රාජ්‍ය සියල්ල විනාශ කිරීම පිණිස දෙවියන් වහන්සේ නොයෙක් ක්‍රමවේද උපයෝගි කරන බව නම් නිසැකය! මහපොළොව පැළී විවෘත වන බව බයිබලය සඳහන් කර ඇත, එය විශාල නගර වල තිබෙන ගොඩනැගිලි සම්පූර්ණයෙන් ගිල්වා ගනී!” යනුවෙන් නොයෙක් දේ ඔවුන් ප්‍රකාශ කළහ.

    මම මරණයට අතිශයින්ම බිය වෙමි. මගේ මවද මා දෙසට හැරී, “ඔබ බෞතිස්මය නොලැබුවේ නම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ඉටු නොකළේ නම් ඔබට කුමක් සිදුවන්නේ දැ යි ඔබ දුටුවාද? මහපොළොව ඔබ ව ගිලා ගනී, නැතහොත් විශාල හිමි කැටයක් ඔබේ හිස මත වැටී ඔබ ව විනාශ කරනු ඇත, ඔබ නැවත වරක් ජීවතුන් අතර සිටින්නේ නැත. මට තවත් දරුවෙකු වදන්නට සිදු වෙයි.” යනුවෙන් පැවසුවාය.

    මෙයට සවන් දුන් මම බිය වුයෙමි. මම තවත් හිමි කැට පහරක් ලබන්නට කිසිසේත්ම සූදානම් නැත. එනිසා වහාම බෞතිස්මය ලැබුවෙමි. බෞතිස්මය ලබා දෙන විට ජලය ස්වල්පයක් හිස මත ඉසීමෙන් පමණක් ජෙහොවාස් විට්නස් වරු සෑහීමට පත් නොවෙති. ඔවුන් තත්පර කිහිපයක් ඔබ ව ජලයේ සම්පූර්ණයෙන් ගිල්වා, යළි බැහැර කරති. මම බෞතිස්ම කරනු ලැබුවේ දහතුන් වැනි වියෙහි, 1963 සැප්තැම්බර මස 7 වන දින කැලිෆෝර්නියාවේ පසදේනා නුවර, රෝස් බව්ල් නම් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දීය. එය ලක්ෂයකට අධික ජනතාවක් සහභාගි වූ විශාල රැස්වීමකි. ටෙක්සාස් පළාතේ සිට කැලිෆෝනියා දක්වා වාහනයෙන් ගමන් කළෙමු. ඉන් අනතුරු ව විනාඩි දහයක කාලයක් සාමාජික ජනතාවට දේශනා කිරීමට මම පටන් ගත්තෙමි.

    වයස අවුරුදු 16 වන විට විශාල රැස්වීම්වලට පැයක් පමණ මම දේශනා කළෙමි. වයස අවුරුදු 20 වන විට ඔවුන්ගේ භාෂාවෙන් “පුරෝගාමි පාදිලිවරයෙකු“ බවට මම හඳුන්වනු ලැබුවෙමි.

    ජෙහෝවාස් විට්නස් සංවිධානයේ ඉතාමත් නවීන පුහුණුවීමේ පාඨමාලාව තිබෙන අතර, එහි සලාක ක්‍රමයක් ද තිබේ. සෑම මාසයක්ම ඔබ පැය 10 ක් හා 12 ක් අතර කාලයක් ගෙයින් ගෙට ගොස් ආගම දේශනා කළ යුතුය.

    අනතුරු ව, පුරෝගාමි දේවගැතිවරයෙක් බවට පත් වූ විට, ගෙයින් ගෙට ගොස් දේශනා කිරීම සඳහා මගේ සම්පූර්ණ කාලයම වැය කළෙමි. මසකට පැය 100 ක් පමණ වැය කළ අතර, බයිබලය අධ්‍යනය කිරීම සඳහා පංති හතකට සහභාගි විය යුතුය. මෙම කාල වකවානුවේ අනිකුත් රැස්වීම්වලට ගොස් දේශනා කළෙමි.

    මෙනිසා මට වගකීම් රාසියක් උසුලන්නට සිදු වු අතර, නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් පළාතේ අති දක්ෂ සිසුන් අතර 1% ප්‍රමාණයට විශේෂයෙන් වෙන් කරන ලද ජෙහෝවාස් විට්නස් පාසැලට ඇතුළත් කරනු ලැබුවෙමි. මෙම අවස්ථාවේ විෂයයන් කිහිපියක් ගැන මම අවුලට පත් වුයෙමි, විශේෂයෙන් එහි පැවැත් වූ සලාක ක්‍රමය මට ප්‍රහේළිකාවක් විය. එනම්, යම් වගකීම් ස්ථානයක සිට තවත් වගකීම් ස්ථානයකට වර්ධනය වීමට මම සූදානම් වන විට, මගේ දේව ගතිය සනාථ කරනු පිණිස, ලෞකික හා අනාගමික ක්‍රියාවන් කිහිපයක් මම ඉටු කළ යුතුව තිබුණි. උදාහරණයක් ලෙස, මේ මාසයේ සලාකය මම ඉටු කළේ නම්, දෙවියන් වහන්සේ මට ප්‍රිය කරනු ඇත. ලබන මස සලාකය මම ඉටු නොකළේ නම්, දෙවියන් වහන්සේ මට ප්‍රිය කරන්නේ නැත. මෙම ප්‍රතිපත්තිය නිවැරදි යැයි මට කිසිසේත් පිළි ගත නොහැක.

    කතෝලික දේවස්ථානයේ සිටින මිනිසෙක් වන පූජකයෙක් සෙසු මිනිසුන්ගේ පාපච්චාරණය භාර ගැනීමට සිටින නිසා අපි ඔවුන් ව විවේචනය කරමු. “ඔබ පාපෝචාරණය කිරීම සඳහා තවත් මිනිසෙකු වෙතට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැත” යැයි අපි පවසමු. එසේ නමුත් අපගේ පාපයන් ප්‍රකාශ කර සමාව අයැදීම සඳහා අප සංවිධානයේ වැඩි මහල් කණ්ඩායමක් වෙතට අපි යායුතුව තිබුණි.

    “මගේ යම් ක්‍රියාවක් දෙවියන් වහන්සේට එරෙහිව සිදු කළ පාපයක් නම්, මම සෘජු ව දෙවියන් වහන්සේ ව අමතා, ඔහුගෙන් පාපක්‍ෂමාව ඉල්ලා සිටීම වඩා සුදුසු නොවේදැ?යි” මම කල්පනා කළෙමි.

    ජෙහෝවාස් විට්නස් සංවිධානයේ සාමාජිකයින් බයිබලය කියවන්නේ ඉතාමත් සුළු වශයෙන් බව දුටු විට මගේ අවසාන අවතීරණයට එයද හේතුවක් විය. ජෙහෝවාස් විට්නස් වෙත සෑම මාතෘකාවක් සඳහා පොත් පිංච හා සඟරා තිබෙන අතර, ඒවා මුරටැඹ සංගමයෙන් ප්‍රකාශ කරන ලදී. මුළු ලොවේම බයිබලය නිවැරදි ව තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ බෘක්ලින් පළාතේ සිටින කමිටුවට අයත් පිරිසකටය. ලොව පුරා ජීවත් වන ජෙහෝවාස් විට්නස් සාමාජිකයන්ට “ඇඳුම් අඳින්නේ කෙසේද? කතා කරන්නේ කෙසේද? කුමක් පැවසිය යුතුද? කුමක් පැවසිය නොයුතුද? බයිබලය උපුටා ගන්නේ කෙසේද? ලොවේ අනාගතය කෙසේ වන්නේ දැ“ යි උපදෙස් දෙනු ලබන්නේ මෙම සුළු පිරිස විසිනි.

    ඔවුන්ගේ පොත් සියල්ල මම අගය කොට සැලකුවෙමි. එහෙත්, බයිබලය මිනිසාට අවබෝධය ලබා දෙන ග්‍රන්ථයක් නම්, එය දෙවියන් වහන්සේගේ විධානය නම්, අපට අවශ්‍ය පිළිතුරු අපි ලබා ගත යුත්තේ බයිබලයෙන් පමණක් නොවේද?

    “මුරටැඹ සඟරාව පවසන දේ ගැන කලබල නොවනු. බයිබලය ඔබ ම කියවා බලනු.” යැයි පවසන්නට මම පටන් ගත්තෙමි. ඇතැම් අය මගේ කතාව ඉහළ තැනට ගෙන ගියහ.

    දකුණු ඇමරිකානු භාෂා ශෛලයෙන්, “අප අතර පක්ෂය හැර යන්නෙක් සිටිනවා වගේ. මේ ගැටවරයාට කුමක් හෝ අඩුවක් තිබෙනවා වගේ.” යැයි ඇතැම් අය කතා කරන්නට පටන් ගත්හ.

    මගේ පියා පවා, “තරුණයා! ඔබගේ කතාව ගැන පරෙස්සම් වන්න. මේ සාතාන්ගේ කතාව බව පෙනෙනවා. සාතාන් අප අතරට පැමිණ භේදය සිදු කරන්නට උත්සාහ කරන බව පෙනේ.” යැයි මට අවවාද කළේය.

    “තාත්තේ! මේ සාතාන් නොවේ. මිනිසුන් මෙවැනි විවිධ සඟරාවන් කියවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඔවුන්ට බයිබලය සහ ප්‍රාර්ථනාව තුළින් පිළිතුර ලබා ගත හැකි වේ.” යැයි කීවෙමි.

    ඉන් පසුව ආධ්‍යාත්මික ව මම අපහසුවෙන් පසුවුයෙමි. එනිසා අන් කිසිවක් කළ නොහැකි කෙනෙක් ලෙස බලවත් අසතුටින්, කටුක සිතින් 1979 එතැණින් පිටත් වුයෙමි. මගේ මුළු ජීවිතයම, මගේ ප්‍රාණයම, මගේ සිතුවිලි සහ මගේ මනස මෙම දේවස්ථානයට කැප කළෙමි. මගෙන් සිදු වු වරද එයයි. එනම් මම දෙවියන් වහන්සේ කෙරෙහි නොව මිනිසා විසින් නිර්මාණය කළ සංවිධානයකට කැපවිමයි මගේ වරද වුයේ.

    මට වෙනත් ආගම් වලට හෝ නිකාය වලට යා නොහැක. ජෙහෝවාස් විට්නස් කෙනෙක් වශයෙන් අන් සියලු දෙනාම වැරදි බව, පිළිම වන්දනාව වැරදි බව, ත්‍රිත්ව විශ්වාසය මුළාවක් බව අන් අයට පෙන්වීමට ග්‍රන්ථයන් මාර්ගයෙන් මම සමුපූර්ණ පුහුණුව ලැබු කෙනෙකි.

    දැන් ආගමක් දහමක් නොමැති පුද්ගලයෙකු වශයෙන් මම අතරමං වුයෙමි. මම දේව විශ්වාසය නොමැති කෙනෙකු නොවුවත්, මම යන්නේ කුමන දෙසට ද?

    1985 වර්ෂයේ ලොස් එන්ජලස් නුවරට ගොස්, ජොනි කාර්සන් රූපවාහිනි වැඩ සටහනට සම්බන්ධ වී ප්‍රකට කවටයෙක් හා නළුවෙක් වශයෙන් රඟ පාන්නට තීරණය කළෙමි. කුමක් හෝ අරමුණක් සඳහා මම උපත ලැබු බව මා තරයේ විශ්වාස කළෙමි. මෙම අරමුණ කුමක්ද? පිළිකා රෝගයට ප්‍රතිකාර සෙවීමද? නැතිනම් නළුවෙකු වීමටද යැයි මම නොදනිමි. මම ප්‍රාර්ථනා කිරීම අතහැරියේ නැති නමුත් ඇතැම් අවස්ථාවන්හී එය නිෂ්ඵල බවද සිතුවෙමි.

    කෙසේ වෙතත් මැවුම් කරුවෙක් නොමැති බව කිසි විටෙක මගේ සිතට නොදැනුණි.

    වෙළෙඳ ප්‍රදර්ශන මණ්ඩපයක මම රැකියාවක නිරත ව සිටියෙමි. නිවාඩු කාලයේ එහි අමතර වෙළෙඳ කුටි ඉදිකරනු ලැබේ. එක් අළුත් වෙළද කුටියක තරුණ කාන්තාවක් සිටි අතර, මම ඇය ව පසුකර ගෙන යා යුතුය. “සුබ උදෑසනයක් වේවා!” යැයි මම පැතු විට ඇය ඉඳහිට “හයි!“ යනුවෙන් පමණක් පිළිතුරු දෙයි.

    අවසානයේ, “මිසි! ඔබ කිසිවිටෙක කිසිවක් පවසන්නේ නැත. මම කුමක් හෝ වරදක් පැවසුවේ නම් මම සමාව ඉල්ලමි.” යැයි කීවෙමි.

    එවිට ඇය, “එහෙම දැයක් නෑ. මම මුස්ලිම් කෙනෙක්.” යැයි කීවාය.

    “ඔබ මොකක් ද?”

    “මම මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් කාන්තාවන් වන අපි නාඳුනන කිසිවෙකු සමඟ යමක් පවසන්නට අවශ්‍ය තිබුණොත් මිසක් කතා නොකරමු. එසේ නොමැති ව අන් පිරිමින් සමඟ අපට කිසිදු වැඩක් නැත.”

    “මුස්ලිම්!!”

    “ඔව්, අපි ඉස්ලාම් ආගම අනුගමනය කරමු.” යැයි ඇය පැවසුවාය.

    “ඉස්ලාම්? එය ලියන්නේ කෙසේද?”

    “ඉ-ස්-ලා-ම්”. එම අවස්ථාවේ මුස්ලිම්වරු සියලු දෙනාම ත්‍රස්තවාදීන් බව ස්ථිරව මා දැන සිටියෙමි. මේ කාන්තාවගේ මුහුණේ රැවුලක් පවා නැත. ඇය මුස්ලිම් වන්නේ කෙසේද? “මෙම ආගම ආරම්භ වුයේ කෙසේදැ?”යි විමසුවෙමි.

    “ඇත්ත වශයෙන්ම එවකට නබි වරයෙක් (වක්තෘවරයෙක්) සිටියේය. මුහම්මද් (එතුමාට දෙවියන්ගේ සාමය හිමිවේවා!)

    “වක්තෘවරයෙක්?” මගේ පරීක්ෂණය නැවත ආරම්භ කළෙමි. මම එක් ආගමකින් බැහැර වුයේ දැනුයි. ඊට වඩා, මුස්ලිම් කෙනෙක් බවට පත් වීමට මා තුළ කිසිසේත් අදහසක් නැත. නිවාඩු කාලය අවසාන වී ඔවුන් සියලු දෙනාම ඔවුනොවුන්ගේ කුටියත් සමඟ ඉවත්ව ගියහ. එහෙත් දිගින් දිගට මම ප්‍රාර්ථනාවෙහි යෙදුනෙමි. මගේ ප්‍රාර්ථනාවන්ට ප්‍රතිචාර නොලැබෙන්නේ කුමක් නිසාද? 1991 නොවැම්බර් මාසයේ මගේ ඥාතියෙකු වන රොකී අන්කල් ව රෝහලෙන් නිවසට රැගෙන ඒමට සිදුවිය.

    රොකි අංකල්ගේ බඩු බාහිරදිය රැගෙන යනු පිණිස ඔහුගේ ලාච්චු හිස් කිරිමට පටන් ගත්තෙමි. එහිදී ගිඩියන් බයිබලයේ පිටපතක් තිබුණි. (හෝටලයේ සෑම කාමරයකම බයිබල් පිටපතක් තැබීම සිරිතකි) මට උගන්වන්නට සූදානම් බව දෙවියන් වහන්සේ ඉඟියක් දුන් බව සිතු මම, එම බයිබලය සොරකම් කළෙමි. මගේ නිවසට ගොස් “දෙවියනි! ක්‍රිස්තු බැතිමතෙක් වීමට මට උගන්වනු මැනවි! ජෙහෝවා විට්නස් වරුන්ගේ මාර්ගය ඔස්සේ තව දුරටත් ඉගෙන ගන්නට මට අවශ්‍ය නැත. කතෝලික වරුන්ගේ මාර්ගයේ ඉගෙන ගන්නට මට අවශ්‍ය නැත. ඔබේම මාර්ගයේ මට උගන්වනු මැනව. අවංක බැතිමතුන්ගේ අවබෝධයට ලක් නොවන අයුරින් ඔබ බයිබලය සකස් නොකරන බව මට විශ්වසයි. ” යනුවෙන් ප්‍රාර්ථනා කර බයිබලය කියවීමට ආරම්භ කළෙමි. බයිබලයේ පැරණි ගිවිසුම කියවා අවසන් කර, පසුව අලුත් ගිවිසුම ආරම්භ කළෙමි.

    කෙසේ වෙතත්, බයිබලයේ වක්තෘවරුන් පිළිබඳ ව සඳහන් කරන කොටසක් ඇත. මොහොතක් ඉවසන්න. මා කථා කළ මුස්ලිම් කාන්තාව, ඔවුන්ටත් වක්තෘවරයෙක් සිටින බව පැවසුවාය. එහෙත් ඒ බව කිසිවක් බයිබලයේ සඳහන් නොවීමට හේතුව කුමක්ද?

    මම දීර්ඝව කල්පනා කරන්නට පටන් ගත්තෙමි. එක් බිලියනක මුස්ලිම් සංඛ්‍යාවක් ලොවේ සිටිති. මෙය පුදුමයකි, මහපාරේ සක්මන් කරන සෙනඟ පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් මුස්ලිම් වරයෙකි.එක් බිලියනයක සංඛ්‍යාවක්!! විහිලුවක් නොවේ. සාතාන් දක්ෂයෙකි, එහෙත් ඔහු මෙතරම් දක්ෂ විය නොහැක.

    එම මොහොතේ ඔවුන්ගේ අල් කුර්ආන් නම් ග්‍රන්ථය කියවා බලන්නට මා තුළ ආශාවක් ඇති විය. එහි සඳහන් වි තිබෙන අසත්‍ය කොපමණ විය හැකිද? ඇතැම් විට ඒ.කේ - 47 රයිෆලයක් උපයෝගි කරන්නේ කෙසේ දැ යි එහි සඳහන් වී තිබිය හැක.

    අවසානයේ අරාබි පොත් සාප්පුවකට ගොස් කුර්ආනයක් මිල දි ගත්තෙමි. වෙළෙන්ඳා විවිධ මිලට, විවිධ ප්‍රමාණයේ ගුර්ආන් මට විකිණීමට සූදානම් වූ නමුත් මට අවශ්‍යය වි තිබුනේ කුඩා කුර්ආන් පිටපතක් පමණි. අවසානයේ ඩොලර් 5 ක් ගෙවා කුර්ආන් පිටපතක් මිලට ගත්තෙමි.

    නිවසට ගොස් කුර්ආනයේ ඉංග්‍රීසි පරිවර්තනය ආරම්භයේ අල් ෆාතිහා සිට කියවන්නට පටන් ගත්තෙමි. මගේ දෑස් එයින් ඉවත් කළ නොහැකි තරම් මම කුර්ආනය හා සම්බන්ධ වුයෙමි.

    එහි “නූහු“ පිළිබඳ විස්තර තිබුණි. අපේ බයිබලයේ ද “නූහු“ ගැන සදහන් වි තිබේ! ලූත් සහ ආබ්‍රහාම් පිළිබඳ ව ද කුර්ආනයේ සදහන් වී තිබෙන බව දුටුවෙමි. මට මේ කිසිවක් විශ්වාස කළ නොහැක. සාතාන්ගේ නම ඉබ්ලීස් බව මම දැන සිටියේ නැත. මෙය මට අලුත් තොරතුරකි. රූපවාහිනියේ නාට්‍ය බලා සිටින විට හිටිහැටියේ පිංතූරු අපැහැදිලි වුයේ නම්, ඔබ බොත්තමක් ඔබන විට පින්තුරු පැහැදිලි ව පෙනෙනවාක් මෙන් කුර්ආනය කියවන මට සියලු දැයක්ම පැහැදිලි ව පෙපෙන්නට පටන් ගත්තේය.

    මම සමුපූර්ණ කුර්ආනය කියවා අවසන් කළෙමි. හොඳයි. දැන් මම ගත යුතු පියවර කුමක් ද?

    ප්‍රථමයෙන් ඔවුන් රැස්වන ස්ථානයට මම යාතුතුය. දුරකථන නාමාවලියේ කහ පිටු කියවා අවසානයේ ඔවුන්ගේ ලිපිනය ද සොයා ගත්තෙමි. වර්මොන්ට් හි දකුණු කැලිෆෝර්නියා ඉස්ලාමීය මධ්‍ය ස්ථානය ට ඇමතුම් කළ විට “සිකුරාදා දිනයක එන්න” යැයි ඔවුන් පැවසුවෝය.

    දැන් මා තුළ විශාල බියක් හට ගත්තේය. “අතේ AK-47 ගිනි අවියක් සහිත ව සිටින හබීබ් කෙනෙකු දැක ගන්නට මම යන බව මා තුළක් බියක් ඇති විය.”

    මා මෙලෙස ලිවීමට හේතුව, ඇමරිකානු ක්‍රිස්තු බැතිමතෙක් ඉස්ලාමයට පිවිසීම යනු මෙවැනි හැඟීම් උපදවන ක්‍රියාවක් නිසාය.

    AK-47 පිළිබඳව මම සඳහන් කළේ විහිළුවට වුවත්, මේ මුස්ලිම්වරුන්ගේ කබා සාක්කුවේ කිනිස්සි වැනි ආයුධයක් තිබෙන වා දැ යි මම නොදනිමි. අවසානයේ මම ප්‍රධාන දොරටුවට ළඟා වුයෙමි. එහි අඩි හයක් උස, රාත්තල් 240 පමණ බරැති දිගු රැවුල සහිත කෙනෙක් සිටීය. ඔහු දුටු මම විස්මයට පත් වුයෙමි.

    ඔහුට ළඟා වූ මම “මට සමාවන්න මහත්තයා! ” යැයි කීවෙමි.

    අරාබි භාෂාව ස්වරයෙන් ඔහු “පස්සට යන්න ” යැයි කීය.

    මම දැනටමත් මුස්ලිම් සහෝදරයක් වී අවසාන බව ඔහු සිතුවේය.

    මම “හොඳමයි මහත්තයා! හොඳමයි මහත්තයා! ” යැයි කීවෙමි.

    මම පස්සට යන්නේ ඇයි දැ යි මම නොදනිමි. කෙසේ වෙතත් මම පස්සටම ගියෙමි. එහි කූඩාරමක් සහ පලසක් තිබුණි. දේශනයකට සවන් දීමට ජනයා සූදානම්වන විට, කිසිවක් නොදත් මම මැද සිට ගෙන සිටියෙමි. මට වාඩිවන ලෙස කිහිප දෙනෙක් පැවසු නමුත්, “ස්තූතියි. මම පිටත්වනවා, මම ආවේ නිකම් බලන්න පමණයි“ යනුවෙන් එතැනින් ඉවත් වන්නට තැත් කළෙමි.

    කෙනෙක් මට “අස්සලාමු අලෙයිකුම් ” යැයි පැවසීය.

    එහි අර්ථය හෝ ඔවුන් පවසන්නේ කුමක් දැ යි පවා මම නොදනිමි, නමුත් ඔවුන් සියලු දෙනාම සිනාමුසු මුහුණින් සිටියහ. කිසිවෙක් මා ගැන වරදවා සිතා මට වධ දීමට පෙර එම ස්ථානයෙන් පැන ගත යුතු යැයි සිතා, අවසානයේ පුස්තකාලයට ඇතුළු වුයෙමි. එහි ඉජිප්තු ජාතික තරුණයෙක් සිටීය. ඔහුගේ නම උමර්, දෙවියන් වහන්සේ මට ම එවු කෙනෙක් ඔහුය.

    මා වෙතට පැමිණි උමර් “සමාවෙන්න! ඔබ මෙහි පැමිණෙන්නේ ප්‍රථම වරට ද? ” යැයි විමුසීය. මම ඔව් යනුවෙන් පිළිතුරු දුනිමි.

    “බොහොම හොඳයි. ඔබ මුස්ලිම්වරයෙක්ද? ”

    “නැහැ. මම කියවන්නට කැමති යි. ”

    “එසේ නම් ඔබ ඉගෙන ගන්නට කැමති කෙනෙක්. මස්ජිදයකට පැමිණියේ පළමු වරටද? ” “ඔව් ” යනුවෙන් අවංක ව පිළිතුරු දුනිමි.

    “මා සමඟ එන්න. ” යැයි කියා ඔහු මගේ අතින් අල්ලා ගත්තේය. මම තවත් පිරිමියෙකු සමඟ අතිනත අල්ලා ගෙන ඇවිදිනවාද?..... “මේ මුස්ලිම්වරු මිත්‍රශීලි පිරිසක් බව පෙනෙනවා ” යැයි සිතුවෙමි.

    ඔහු එම ගොඩනැගිල්ලේ සෑම තැනම මට පෙන්විය.

    “පළමු ව මෙය අපගේ නැමදුම් ස්ථානය. මෙහි ඔබගේ පාවහන් ගලවා දැමිය යුතුය. ”

    “මේවා මොනවා දැ? ” යි විමසුවෙමි.

    “මෙවා කුඩා ඇහුරුම් හලයි. ඔබේ පාවහන් එහි ගලවා දැමිය යුතුයි.”

    “ඇයි? ” යනු මම ප්‍රශ්න කළෙමි.

    “එයට හේතුව, ඔබ නැමදුම් පෙදෙසට ළඟා වෙමින් සිටියි. එම පෙදෙස ඉතාමත් පවිත්‍ර ස්ථානයකි. කිසිකෙනෙක් පාවහන් සමඟ එයට ඇතුළු වන්නේ නැත. එය පිරිසිදු ව තබා ගෙන ඇත. ”

    “අපි වුදු කරන්නේ මෙතැනයි. ” වූඩූ යනු ඉංග්‍රීසි බසින් සුනියම් යනු අර්ථයවේ. මම ඒ ගැන ඔහුගෙන් විමසුවෙමි.

    “නැහැ. මේ වුදු නම් ධෝවනය කරන ස්ථානයයි.මෙහිදී අපි පිරිසිදු කර ගනිමු. ” යැයි ඔහු පැහැදිලි කළේය.

    “ඔබ එසේ පිරිසිදු කරගන්නේ කුමක් නිසාදැ?” යි විමසුවෙමි.

    “ඔබ දෙවියන් වහන්සේට නැමදුම් කරන විට පිරිසිදුව සිටිය යුතුයි. එනිසා අපි අත්, මුහුණ හා දෙපා පිරිසිදු කර ගනිමු. ”

    මම මේවැනි විස්තර සියල්ල ඔහුගෙන් එක් දවසකින් ඉගෙන ගත් පසු, “නැවත එන්න ” යැයි ඇරයුමක් සමඟ මට සමු දුන්නේය.

    පුස්තකාලයාධිපති වෙත හැරී ගොස් නැමදුම් ක්‍රමය පිළිබඳ කුඩා පොත් පිංචයක් ලබා ගෙන නිවසට ගොස් එය පුරුදු වුයෙමි. මම නැමදුම හරියාකාර ව ඉටු කරන්නේ නමි දෙවියන් වහන්සේ එය පිළි ගන්නා බව මා තුළ විශ්වාසයක් හට ගත්තේය. එනිසා පොත දිගින් දිගට කියවා මස්ජිදයට ද ගියෙමි. විකට නාට්‍යය සඳහා ඇමරිකාවේ බටහිර හා මධ්‍යම පළාතට සංචාරයේ යෑමට මම බැඳී සිටියෙමි. එම ගමනේ නැමදුම් කරන පලසක් ද රැගෙන ගියෙමි.

    දිනපතා නියමිත වේලාවන්හි නැමදුම් කළ යුතු බව මම දනිමි. නමුත් වැසිකිළිය වැනි ඇතැම් ස්ථානයන් හි නැමදුම් කළ නොහැක. සංචාරකයින් ලැගුම් ගන්නා ස්ථානයක, අන් අයගෙන් ඉවත් වී පිරිමින්ගේ නාන කාමරයක කිසිවෙක් නොමැති විට මගේ නැමදුම් පලස දිගු හැර නැමදුම් කිරීමට මම ආරම්භ කළෙමි. සංචාරය අවසන් කර ආපසු ගමට පැමිණියෙමි.

    ඉස්ලාමයට පිවිසු ජෙහොවාස් විට්නස් නිකායේ පාදිලිවරයෙක් වශයෙන් රමදාන් මාසය අවසන් වූ පසු විවිධ පළාත් වලින් දේශනා කරන ලෙස මට නොකඩවා ඇරයුම් ලැබුණි. ජෙහොවාස් විට්නස් නිකායේ පාදිලිවරයෙක් ඉස්ලාම් දහමට පිවිසීම අපූරු සිද්ධියක් බව ඇමරිකානුවන් සැලකුහ. අද පවා එම තත්ත්වය වෙනස් වි නැත.

    නිමි

    වර්ග: