නවක මුස්ලිම්වරුන්ගේ කථා

කෙටි හැඳින්වීම

නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රිnතාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    බ්‍රිතාන්‍යයේ ඉස්ලාම් දහමට පිවිසු කාන්තාවන් තිදෙකෙනුගේ කථා

    ] සිංහල – [سنهالي

    ද ගාර්ඩියන් ප්‍රවෘත්ති පත්‍රයේ 2013 ඔක්තෝබර 11 වන දින ලෝක ප්‍රවෘත්ති/ඉස්ලාම් පිටුවෙහි පළ වු ලිපි

    සිංහල බසට:

    ජාසිම් ඉබ්න් දඉයාන්

    حكاية اسلام عدد من البريطانيات

    « باللغة السنهالية »

    من جريدة جاريان الصادر يوم 11 /10/2013م

    ترجمة: جاسم بن دعيان

    ඉස්ලාම් දහමට පිවිසීම

    ලන්ඩන් හි ද ගාර්ඩියන් ප්‍රවෘත්ති පත්‍රයේ 2013 ඔක්තෝබර 11 වන දින ලෝක ප්‍රවෘත්ති/ඉස්ලාම් පිටුවෙහි පළ වු ලිපි වල සිංහල පරිවර්තනය.

    නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්‍රිතාන්‍ය කාන්තාවන් අදහස් ප්‍රකාශ කරති.

    සෑම වසරකම 5,000 ක් පමණ බ්‍රිතාන්‍ය පුරවැසියන් ඉස්ලාමයට පිවිසෙති. ඔවුන්ගෙන් බහුතරයක් කාන්තාවන්ය. එම කාන්තාවන්ගෙන් කිහිප දෙනෙක් සමාජයේ අවිචාරක හැඟීම්, මස්ජිදයේ වාහන ගාල් කරන ස්ථානයන් හි නැමදුම් කිරීම වැන මාතෘකා පිළිබඳව දැක් වු අදහස් එන්ගලන්තයේ ගාර්ඩියන් ප්‍රවෘති පත්තරය පළ කළහ. ඒවායේ කෙටි ලිපි කිහිපයක් මෙහි සඳහන් වේ.

    1. ඉයෝනි සුලිවාන් - වයස 37

    නැගෙනහිර එසෙක්ස් හි පළාත් අධිකාරියේ සේවිකාව.

    “මගේ හදවතෙ හි මම මුස්ලිම් කෙනෙක් බව සිතන්නට පටන් ගත්තෙමි.“

    මම මුස්ලිම්වරයෙකු හා විවාහ වී, දුරුවන් දෙදෙනෙක් සිටියි. මම ජීවත් වන ලූවිස් ගමේ, හිජාබ් පලඳින එකම කාන්තාව මමයි යනුවෙන් සිතමි.

    මධ්‍යම පංතියට අයත්, වාමාංශිත දේහපාලන අදහස් දරණ, ආගමක් දහමක් විශ්වාස නොකරන පවුලක ඉපදුනෙමි. මගේ පියා මාහාචාර්යවරයෙක් වූ අතර, මගේ මව ගුරු වෘත්තියට අයත් කෙනෙකි. දර්ශන විද්‍යාවේ උසස් උපාධි (M.Phil) අවසන් කළායින් පසුව, ඉජිප්තුව, ජොර්දාන්, පලස්තීනය හා ඉස්රයීල් වැනි රටවල රැකියා කළෙමි. එම යුගයේ ඉස්ලාම් පිළිබඳව බටහිර මාධ්‍යවලින් පෙන් වූ වැරදි ප්‍රචාර පිළිගෙන සිටියෙමි. එහෙත් දේව විශ්වාසය පදනම් කර ගත් මුස්ලිම් වරුන්ගේ, ආත්ම ශක්තිය දැක බොහෝ සේ විස්මයට පත් වුයෙමි. ඔවුන්ගේ ජීවිතයන් හි අලංකාරයක් නොතිබුණු නමුත්, මම මුණ ගැසු සෑම කෙනෙක්ම පාහේ, තමන්ගේ දෛනික පැවැත්ම ඉතාමත් ශාන්ත භාවයෙන් හා ස්ථීර භාවයෙන් පිළිගෙන සිටියහ. මෙවැනි ඉරියව්ව මගේ පැරණි සමාජයේ මානසික තත්ත්වයට වඩා හාත් පසින් වෙනස් එකකි.

    2001 වර්ෂයේ ජෝර්දාන් ජාතිකයෙක් හා ආලය බැඳ ඔහු සමඟ විවාහ වුයෙමි. ඔහුගේ පවුලේ අය දහම අනුගමනය නොකරන පසුබිමට අයත් පිරිසකි. ආරම්භයේ සමාජ ශාලාවන්ට යෑම, මත්පැන් පානය කිරීම වැනි බටහිර සමාජයට අයත් ජීවන රටාවක නිරත වුයෙමු. මෙම කාල වකවානුවේ මම අරාබි භාෂාව ඉගෙන ගන්නට පටන් ගත් අතර, මට අල් කුර්ආනයේ ඉංග්‍රීසි පරිවර්තනයේ පිටපතක් ලැබුණි. දෙවියන් වහන්සේගේ පැවැත්ම, මැවීම් හි අපරිමිත අලංකාරය හා සමතූලනතාවය තුළින් සනාථ වන බව පවසන ග්‍රන්ථයක් මගේ අතට පත් ව තිබුණි. දෙවියන් වහන්සේ ජලය මත සක්මන් කළ බව හෝ මිනිස් රූපයෙන් මහ පොළොව මත ඇවිද ගිය බව විශ්වාස කරන ලෙස අල් කුර්ආන් නොකියයි. මට ආශීර්වාද කිරීමට පූජකයෙක් හෝ නැමදුම ඉටු කිරීමට පවිත්‍ර වූ ස්ථානයක් ඉස්ලාමයේ අවශ්‍ය නැත.

    ඉන් පසුව කටුක ලෙස මම ඉවත දැමු උපවාසය, අනිවාර්ය පින්දීමා (zසකාත්), විනීතභාවය වැනි ඉස්ලාමිය වතාවත් හා සිරිත් දෙස නෙත් යොමු කළෙමි. ඒවා පුද්ගලයෙකුගේ නිදහසට බාධාවක් යන අදහස සිතෙන් ඉවත් කළ විට, ඒවා සැබැවින්ම මිනිසාගේ ස්වයං පාලනයට මාර්ග සලසන බව දිටිමි.

    කලකින් පසු මගේ හදවත තුළ මම මුස්ලිම් වරියක් යයි කල්පනා කරන්නට පටන් ගත්තෙමි. එහෙත් මුළු ලොවට අසන්නට ශබ්ද නගා කෑගැසිය යුතු යැයි මට නොසිතුණි. මගේ පවුලේ ඥාතින් හා මිතුරන් සමඟ ගැටුම් ඇති නොකිරීමට මම ඉතා ඕනෑකමින් වෙහෙස දැරුවෙමි. අවසානයේ විශාල බාහිර ලොවෙන් හිජාබ් මාව අනාවරණය කළේය. හිජාබය නොපැලැඳීමෙන් මම මටම අවංක නොවන බව මට දැනුණි. ආරම්භක අවදියේ එයින් ඇතැම් ගැටලු සහ හාස්‍ය ජනක සිද්ධීන් මතු වු බව සැබෑය. ඇතැම් අය මම හිස වසාගෙන සිටින නිසා මට පිළිකා රෝගය සැදුණේදැයි රහසිගතව, නමුත් දුක්මුසු මුහුණුවරකින් විමසුහ. අවසානයේ බොහෝ දෙනාට කරුණු පහදා දුන් විට, එය එතරම් බරපතල ප්‍රශ්නයක් නොවන බවද සැබෑ මිත්‍රත්වයට එයින් කිසිදු බාධාවක් නොමැති බවද දුටු මම විමතියට පත් වුයේ ඉතාමත් සතුටින්ය.

    2. අනිතා නායර් - සමාජීය මනෝ විද්‍යා විශේෂඥ, ලන්ඩන් - වයස 31

    “මස්ජිදය තුළට යෑම කාන්තාවන්ට තහනම් කිරීම මා දුටු විශාලතම අභියෝගය වේ.“

    එන්ග්ලෝ ඉන්දියන් යන මිශ්‍ර (ඉන්දියානු ලන්සි) පවුලකින්, ඉන්දියාව හා පාකිස්තානය දෙකඩ වු යුගයේ ජීවත් ව, මුස්ලිම් කල්ලියක් විසින් ඝාතනයට ලක් වූ පවුලක් දුටු සීයා හා ආච්චි සමග ජීවත් වූ මම මුස්ලිම් වරුන් ගැන අඳුරු මතයක් දැරුවෙමි.

    ආගමට ඉතාමත් ළැදි ක්‍රිස්තියානු යුවතියක් වශයෙන් එංගලන්ත සභාවේ දේව ගැතියක් වීමටද අපේක්ෂා කළෙමි. මගේ 16 වියෙහි, අනාගමික විද්‍යාලයට ඇතුල්වීම් ලැබු විට, ප්‍රථම වරට මුස්ලිම් මිතුරියන් දිටිමි. එම ශිෂ්‍යාවන් ඉතාමත් සාමාන්‍ය අය බවද මම ඔවුන්ගේ මිතුරුකම ප්‍රිය කරන බවද දැනගත්විට කම්පනයට පත් වුයෙමි. ඔවුන් අනුගමනය කරන ආගම ඉතාමත් දරුණු එකක් බව ඔවුන්ට ඔප්පු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සංවාද කිහිපයක් පැවැත් වුයෙමි. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ ආගම ඉතාමත් අර්ථවත් එකක් බව මෙවැනි අදහස් හුවමාරුවෙන් මට දැනුණි. අවසානයේ මුස්ලිම් බවට වෙනස් වීමට වසර එකහමාරක කාලයක් මට අවශ්‍ය වූ අතර, 2000 වර්ෂයේ මගේ 18 වන වියෙහි මුස්ලිම් වුයෙමි. මගේ මව ඉතාමත් කලකිරීමට පත්වූ නමුත්, මගේ පියා කලබල නොමැතිව එය පිළිගත්තේය. මගේ අනිකුත් ඥාතීන් මම ඔවුන්ට ද්‍රෝහිකම් කළා යැයි සැලකුහ.

    මම ස්කාර්ෆ් නම් හිස් සළුව පැලඳ සිටි අතර, එයට හේතු සාධක කිහිපයක් විය හැක. එමගින් කෙනෙකුගේ දහම ප්‍රදර්ශනය කළ හැකි වන අතර, මත් පැන් සංග්‍රහයෙන් හෝ අනවශ්‍ය කථාවන්ට සම්බන්ධ වීමෙන් මිදෙන්නට හොඳ උපායකි. ප්‍රත්‍යක්ෂව පෙනෙන මුස්ලිම් කාන්තාවන් ත්‍රස්තවාදීන් හෝ පීඩාවට ලක් වුවන් ලෙස නාම පුවරුව එල්ලන, වපර ඇසින් බලන ජනතාවගෙන් සෘණාත්මක සැලකිලි ලැබිය හැක. අවසානයේ හිස් සළුව නොපැලඳීමෙන් මගේ දේව විශ්වාසය යළි ඇසට නොපෙනි සඟවා තබන්නටද, අල්ලාහ් සමඟ මම පැවැත් වූ පුද්ගලික සම්බන්ධතාව යළි ස්ථාපිත කිරීමට ද මට පහසු වුණි.

    මම මුහුණ දුන් විශාලතම අභියෝගය නම්, මස්ජිදයට ඇතුළු වීමට කාන්තාවන්ට තිබෙන තහනම වේ. උත්තරීතර දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ අරමුණින් යම් ස්ථානයකට (මස්ජිදයට) ගොස්, එහි කාන්තාවන්ට අතුළු වීමට අනුමත නොමැති බව පවසනු ඇසීම ඉතාමත් කනගාටුදායක කරුණකි.

    පසු ගිය කාල වකවානුවේ රථ ගාල් කරන ස්ථානයන්හි, මගේ කාර්යාලයේ පටු ආලින්දයේ සහ එක් වතාවක් බැදපු කුකුළු මස් අලෙවි සලක සලාහ් ඉටු කළෙමි. මම රැකියා කරන කාර්යාලයේ දී නැමදුම් කිරීමට මට තහනම් කිරීම මට කරන වෙනස්කමක් ලෙස සමාජය සලකයි. එහෙත්, ඇතැම් මස්ජිද් හී කාන්තාවන්ට නැමදීමට අනුමත නොදිමේ ක්‍රියාව කාන්තාවන්ට කරන වෙනස්කමක් යැයි නොසිතීම ඉතාමත් අවාසනාදායක කරුණකි.

    3. වෛද්‍යාචාරිණී ඇනී (අමිනා) කොක්සොන් - වයස 72

    ස්නායුවේදි වෛද්‍ය විශේෂඤ - ලන්ඩන්

    9/11 න් පසුව මගේ නෑනා සමඟ පැවතු නෑ සම්බන්ධතාව වෙනස් විය. එයින් පසුව ඔවුන්ගේ නිවසේ මට සාධරයෙන් පිළි ගැනීමක් නොලැබුණි.

    නෝර්මන් ගෝත්‍රයට අයත් පැරණි ඉංග්‍රීසි පවුලකට මම අයත් කෙනෙකි. වයස හයේ මහා බ්‍රිතාන්‍යයේ නේවාසි කාගාර පහසුකම් සහිත පාසැලකට පැමිණෙන්නට පෙර, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉජිප්තුවේ ජිවත් වුයෙමි. ඉන් පසුව ඇමරිකාවේ හා ලන්ඩන් නුවර වෛද්‍ය පුහුණුව ලැබු වෙමි. දෙවරක් විවාහ වූ මට හදා ගත් සුළු දරුවන් තිදෙනෙක් ද, සුළු මුනුබුරුවන් පස් දෙනෙක්ද සිටිති.

    වසර 21 කට පෙර ඉස්ලාමයට පිවිසියෙමි. කතෝලික දහමට ආධ්‍යාත්මික විකල්පයක් සෙවීමේ දීර්ඝ වෙහෙසක ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙනස සිදු විය. ආරම්භක අවදියේ, ඉස්ලාම් පිළිබඳව මාධ්‍ය දුන් විකෘති වූ ප්‍රතිරූපයේ හේතුවෙන්, ඉස්ලාම් දහම ගැන කිසිදු සැලකිල්ලට නොගත්තෙමි. අවසානයේ, මම ප්‍රතිකාර කළ ඔමාන් සුල්තාන් වරයාගේ මෑණියන්ගේ ආදර්ශමත් මඟ පෙන්වීම සහ මම සැබැවින්ම දුටු සිහින කිහිපයක් තුළින්, ක්‍රමාණුකූලව සිදුවු ආගමික වෙනස් වීම සම්පූර්ණවුනි.

    මාගේ පවුලේ සාමාජිකයින් ආරම්භක අවදියේ විමතියට පත්වූ නමුත්, මගේ වෙනස් වීම ඔවුන් පිළි ගත්හ. 9/11 ඇමරිකාවේ සිදුවු ගුවන් අනතුරෙන් පසුව මගේ නෑනා සමඟ වූ සම්බන්ධතාව වෙනස් වීමෙන්, ඔවුන්ගේ නිවසේ මට සාධර පිලිගැනීමක් නොලැබුණි. ඇතැම් මිතුරන් මගේ ආගමික වෙනස විකාරයක් යයි සිතු නමුත් එය සතුටින් පිළිගත්හ. මතුපිට මිත්‍රත්වය දැක්වූ බොහෝ දෙනෙක් මේ හේතුවෙන් මගෙන් ඉවත ගියහ.

    මම මුස්ලිම් බවට පත් වූ විට විනීතව ඇඳුම් අඳින ලෙස උපදෙස් දුන් මස්ජිදයේ ඉමාම් වරයා, මගේ මහලු වයස හේතුවෙන් හිජාබ් ඇඳීම අත්‍යවශ්‍ය නැති බව පැවසීය. රමදාන් මාසයේ, මම නැමදුම් ඉටුකර මස්ජිදයෙන් බැහැරවන අවස්ථාවන්හී මගේ ඇඳුමෙහි වෙනසක් දුටුවේ නම් කලබල නොවන ලෙස මගෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට මම පැවසුවිට, ඔවුන්ගේ ප්‍රතිචාර වූයේ පිළිකුල් භාවය නොව සිත් ඇද ගැනිමේ මෘදු සිනහවයි.

    තුර්කි, පාකිස්තානි සහ මොරෝකෝ වැනි විවිධ ඉස්ලාමිය සමූහයන් සමඟ මම එකතු වූ නමුත් වසර තුනක් ඔවුන්ගෙන් කිසිවෙක් මට “ඊද් මුබාරක්“ යනුවෙන් පැතුවේ නැත. මට පිළිකාව සෑදුනු නමුත් මා ප්‍රතිකාර ලැබු මාස තුනක කාලය තුළ මා සමඟ නැමදුම් කිරීමට, භක්තිමත් මහළු කෙනෙක් හැර අන් කිසිදු මුස්ලිම් මිතුරෙක් පැමිණියේ නැත. කෙසේ වෙතත් මේවා සියල්ල සුළු අප්‍රසන්නකම් පමණි. ඉස්ලාමය තුළින් මා ලැබු ශාන්තභාවය, බුද්ධිය සහ සාමය මෙයට වඩා ඉමහත්ය. අවසානයේ අප්‍රිකානු ජනයාගෙන් මම මගේ මුස්ලිම් සමූහය ලැබුවෙමි.

    සංක්‍රමිකයන් ලෙස බොහෝ මුස්ලිම්වරු ලන්ඩන් නුවරට පැමිණෙති. ඔවුන්ගේ ජනවාර්ගිකත්වය මස්ජිදයකට සම්බන්ධවී තිබේ. ඔවුන්ට එහි සුදු මුහුණු අවශ්‍ය නැත. අපි ඉස්ලාමයට පිවිසු සුදු ජාතීන් අතරින් මාර්ග දර්ශකයන්ය. ඉදිරි අනාගතයේ සුදු වර්ණ සහිත නවක මුස්ලිම්වරු දෙස විහිළුවක් ලෙස කිසිවෙක් සළකන්නේ නැති කාලයක් පැමිණෙන්නේය.

    4. ක්‍රිස්ටියන් බෙකර් වයස 47

    රූපවාහිනි මාධ්‍ය වේදී - ලන්ඩන්

    මගේ රූපවාහිනි වෘත්තිය මගේ නවක සාරධර්මයට එකඟව වෙනස් කිරීම මහත් අභියෝගයක් විය.

    මම හැදීවැඩුනේ ජර්මනියේ ආගමට අධික ලැදියාවක් නොදක්වන ක්‍රිස්තියානු පවුලකය. 1989 වසර යුරෝප MTV රූපවාහිනියේ ඉදිරිපත් කරනු පිණිස ලන්ඩන් නුවරට පැමිණියෙමි. බොබ් ජෙල්ඩෝෆ් සිට ඩේවිඩ් බෝවී දක්වා බොහෝ සුප්‍රකට පුද්ගලයින් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වුයෙමි. වෙහෙසවී රාජකාරිය ඉටුකළ අතර, අධික ලෙස සාධයන්ටද සහභාගි වුයෙමි. නමුත් මගේ ජීවිතයේ එක්තරා ශූන්‍යතාවක් තිබෙන බව මට දැනුනි. මෙවැනි මානසික අසහනයට පත්ව සිටී අවස්ථාවක ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක වන ඉම්රාන් කාන්ව හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබුණි. ඔහු ඉස්ලාම් පිළිබඳ පොත් කිහිපයක් දී ඔහු සමඟ පාකිස්තාන් රට තුළ සංචාරය කරන්නට මට ආරාධනා කළේය. එම සංචාර ගමන් මගේ ජීවිතයේ නවතම විශාලත්වයක් විවෘත කර ආධ්‍යාතමික අවබෝධයකට මා ලක්වුයෙමි. මෙම ගමනේ මා හමු වූ මුස්ලිම වරුන්ගේ උදාරත්වය, ගෞරවනීයභාවය සහ අන් අය වෙනුවෙන් ඕනෑම දැයක් පරිත්‍යාග කිරීමට දැක්වූ සූදානම වැනි ගුණාංග මගේ සිත් තුළ ගැඹුරු ලෙස කා වැදුනේය. ඉස්ලාමය පිළිබඳව අධිකව මා කියැ වූ අතර, එය මාව එ දෙසට ඇද ගන්නට පටන් ගත්තේය. 1995 වවසර මම ඉස්ලාමයට පිවිසියෙමි.

    මගේ ආගම වෙනස්වීම ගැන ජර්මන් මාධ්‍ය දැනගත් විගස, මට එරෙහිව සෘණාත්මක ක්‍රියා මාලාවක් ප්‍රචාර කිරීමේ ව්‍යාපාරයක් ආරම්භවිය. එහි ප්‍රතිපලයක් වශයෙන් මගේ වෘත්තිය කොන්තාත්තුව කෙළවර විය. මාධ්‍ය වෘත්තියේ අවසානය එයයි. මගේ රූපවාහිනි වෘත්තිය සහ මම අළුතින් ලැබු සාරධර්මය අතර එකඟත්ව සිදුකිරීම මට විශාල අභියෝගයක් විය. එහෙත් මේ දිනයන් හී ඉස්ලාමිය සංස්කෘතිය හා ජීවන රටාව යන මාතෘකාව යටතේ වැඩ කරන්නට පටන් ගත්තෙමි. මුස්ලිම් සමාජයේ පාරම්පරික සහජ ගුණය සහ රටේ ඉතිරි ජන කොටස අතර පාලම් තැනීමේ වගකීම මට තිබෙන බව සිතමි.

    බහුතර මුස්ලිම්වරු තරුණ වියෙහි විවාහ වී, බොහෝ විට තම පවුලේ අයගේ වැඩකටයුතුවලට සහායවෙති. මම මුස්ලිම් බවට පත්වුයේ වයස අවුරුදු තිහක් වු විටයි. වසර දහයකට පසුවද අවිවාහකව සිටි හේතුවෙන්, වෙබ් අඩවියේ සහකරුවෙක් සෙවීමට ආරම්භ කළෙමි. මෙ මගින් මනහර මොරොකෝ රටවැසියෙක් හමු වූයෙමි. මුස්ලිම්වරයෙකු වන ඔහු රූපවාහිනි වැඩ සටහන නිෂ්පාදකයෙක් වූ අතර, ඇමරිකාවෙහි ඔහු ජීවත් විය. අපි දෙදෙනා අතර බොහෝ විෂයයන්හී එකඟත්ව තිබු හොතුවෙන් විවාහ වුයෙමු. එහෙත් ඔහු තේරුම් කර ගත් ඉස්ලාමිය දහම මාව පාලනය කරන ක්‍රමයකි. මගේ වෘත්තිය මම අතහැරිය යුතු බවද, පිරිමින් සමඟ කථා කළ නොයුතු බවද, මගේ පැරණි ඡායාරූපයන්හී තිබු පිරිමින්ගේ රූපය පවා කපා ඉවත් කළ යුතු බවද ඔහු අපේක්ෂා කළේය. ඔහු පැනවූ නිතිරිති ඉස්ලාමිය අවශ්‍යතාව නොව සංස්කෘතික අවශ්‍යතා වූ හේතුවෙන් ඒවාට ආරම්භයේ සිටම මම විරුද්ධ වන්නට තිබුනි. එහෙත් විවාහ ජීවිතය රැකගැනීමට මට අවශ්‍යතාවක් තිබුණි. අවසානයේ එය සාර්ථක වුයේ නැත.

    ඉන්ෂා අල්ලාහ් අනාගතයේ මම තෝරා ගන්නා සැමියා මොහුට වඩා මා කෙරෙහි විශ්වාසය තබන, බාහිර තහනම් පැණ වීමට වඩා, ඉස්ලාමිය සාරධර්මය කෙරෙහි සිත යොමු කරන කෙනෙක් විය හැක. මේ සිද්ධිය පිළිබඳව මම සිත්කනස්සලට පත් නොවෙමි. ඒ වෙනුවට, මගේ ජීවිතයට අරමුණක් තිබෙන බවද, මෙයට පෙර මගේ ජීවිතයේ තිබු ශූන්‍යතාව අල්ලාහ් ගැන සිතුවිලි මගින් පිරී තිබෙන බවද මට දැන් අවබෝධ වී තිබේ. මෙම පරිපූර්ණභාවයට මිළ නියම කළ නොහැක.

    Ø 2013 ඔක්තෝබර මස 14 වන දින සංස්රණය කරන ලද මෙම ලිපියෙන් පසුව, ක්‍රිස්ටියන් බැකර්ගේ ජීවිතයේ යහපත් වෙනසක් සිදුවි ඇත.

    වර්ග: