ලොරේන් බූත් ඉස්ලාමයට පිවිසීය

කෙටි හැඳින්වීම

1.“අම්මේ! මුස්ලිම් වුණාට පසුවත් ඔබ අපේම අම්මාද?“
2.“අම්මේ! ඔබ මත් පැන් පානය කරනවාද?“
3. අම්මේ! ඔබ ඉස්ලාමයේ විනිත හා ගෞරව සම්පන්න කාන්තාවක් ලෙස සිටිනවාද?

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    ඉස්ලාම් දහමට පිවිසු ලොරේන් බූත් ගේ කථාව -

    ] සිංහල – Sinhala –[سنهالي

    2013 ජනවාරි 13 වන දින සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය: ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    قصة إسلام السيدة لوران بوت

    « باللغة السنهالية »

    جريدة عرب نيوز 13 يناير 2013م

    ترجمة: جاسم بن دعيان

    2014 - 1435

    දරුවන්ට අවශ්‍ය සමාජ කාන්තාවක් නොව

    ආනුභාව සම්පන්න මවකි.

    සුප්‍රකට පත්‍ර කලාවේදිනි සහ මාධ්‍ය ප්‍රචාරක ලෝරන් බූත් මහත්මිය බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර්ගේ නෑනා කෙනෙකි. 2010 වසරේ දී ඇය මුස්ලිම් බවට පත් වුවාය. ඉස්ලාමයට පිවිසුණු ඇය තම ආධ්‍යාත්මික ගමන සහ තම පවුලේ සාමාජිකයන් දැක් වූ ප්‍රීතිමත් ප්‍රතිචාරය පිළිබඳව සම්මුඛ සාකචුඡාවකදී ඇය මෙලෙස පැවසුවාය.

    “මෙම උම්මාව අතර අද ජීවත් ව සිටින ඉතාමත් උතුම් මුස්ලිම්වරු සමඟ මාසයක් ගෙවීමට අවස්ථාවක් දුන් අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමිවේවා. යැයි පතමි.“

    “රමදාන් මස අවසානයේ පලස්තීනයේ රෆා නම් නගරයේ ඉතා දුප්පත් පළාතේ පිහිටි ඉතාමත් දුප්පත් සරණාගත කඳවුරක ජීවත් වන නිවසකට මම ගියෙමි. ලොවේ විශාල සෙනඟක් පදිංචි වී සිටින කුඩා නගරය රෆා වෙයි. රාත්‍රි නිදා ගන්නට භාවිත කරන පැදුරු 16ක් පමණ තිබෙන එම නිවසේ ජිවත් වන පවුලේ සාමාජිකයන් සමඟ මම ඉෆ්තාර් නම් රමදාන් මස උපවාසය අවසන් කරන ආහාරයට සහභාගි වුයෙමි. එම දරුවන්ට කිසියම් ආහාරයක් තිබේ නම්, එය ඔවුන්ගේ මව බන්දේසියක එම කූඩාරම මැද තබයි. මම එහි ගිය විට එම කාන්තාව මාව පිළිගත්තේ, ගාසා තීරුයේ අප්‍රසන්නතම ස්ථානයට මෙන් නොව තාජ් මහල් මන්දිරය තුළට පිළි ගන්නා ආකාරයෙන්ය. මුළු පළාතම ආලෝකමත් කරන මද සිනහවකින් ඇය මට “අස්සලාමු අලෙයිකුම්“ යැයි කීවාය.

    “ඉතාමත් ස්වල්ප ආහාරයක් සමඟ, රමදාන් මාසයේ රෆා කඳවුරේ ජිවන තත්ත්වය කෙසේ දැ?“ යි විමසුවෙමි. “අල්හම්දු ලිල්ලාහ්“ යනුවෙන් ඇය ඉතා සතුටින් පැවසු ආකාරය දැක මම පුදුමයට පත් වුයෙමි. ඔවුනතර පැදුරේ වාඩි වී හුම්මුස් ස්වල්පයක් සමඟ පිටා නම් ඔවුන්ගේ රොටි කෑමට සහභාගි වුයෙමි.

    ඒ මොහොතේ මම සැබැවින්ම දැඩි ලෙස කෝපයට පත් වුයෙමි. ලොවේ බලවත් පීඩනයට ලක් කරනු ලබන, ඉතාමත් දුගී ජනයාට, උපවාසය නියම කළ ඔහු කෙබඳු දෙවියෙක් විය හැකි දැයි සිතුවෙමි. එනිසා, ඒ දුගී සහෝදරියට, “ඉතාමත් ගෞරවයෙන් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. සොයුරිය! ඔබේ දෙවියා රමදාන් මාසයේ ඔබව කුස ගින්නේ මරන්නේ ඇයි? ඔබ රමදාන් මාසයේ උපවාසයේ යෙදෙන්නේ ඇයි? මට පහදා දෙන්න.“ යැයි ඇසුවෙමි.

    මෙම දුප්පත් කාන්තාව, කිසි දිනක පසුම්බියක් භාවිත කර නැත. ඇගේ දරුවන් කිසි දිනක පාවහන් පැලඳ නැත. මා සමඟ වාඩි වී සිටින ඒ දරුවන් චිත්‍ර අඳින්නට පෑනක් හෝ කඩදාසියක් භාවිත කර නැත. එවැනි තත්ත්වයක ජීවත් වන ඒ කාන්තාව මට පිළිතුරු දුන්නාය. “සොයුරිය, අපි රමදාන් මාසයේ උපවාසයේ යෙදෙන්නේ දුප්පත් ජනතාව මතකයේ තබා ගනු පිණිසයි.“ එම මොහොතේම මගේ හදවත තුළට යතුරක් ඇතුළු වී එහි අගුළු විවෘත විය.

    ඉස්ලාම් වෙනත් කෙනෙකුට අදාළ විය හැකි නමුත් මට එය අදාළ නැත යැයි සිතුවෙමි. ඉස්ලාම් උතුම් ආගමක්ය යන සිතුවිලි පැත්තකට තැබුවෙමි. පලස්තීන ජනතාව ගැන සැලකිලිමත් වන නමුත් මටත් ඉස්ලාම් දහමටත් කිසිදු සම්බන්ධයක් නැත යැයි සිතුවෙමි.

    ගිය වසර රමදාන් මාසයේ මාධ්‍යවේදියෙක් ලෙස ඉරානයේ සංචාරය කළ විට එහි මස්ජිදයකට ගියෙමි. එය බීබී ෆාතිමා මස්ජිදයයි. වුදු ධෝවනය කරන ආකාරය මම දනිමි. එනිසා වුදු ධෝවනය කර, සුදුසු ඇඳුමකින් සැරසී මස්ජිදය තුළට පිවිසියෙමි. එහි දී කුඩා යාඥාවක් කීවෙමි. “අල්ලාහ්!“ මම සැබැවින්ම අල්ලාහ් යන වචන යෙන්ම ඇමතුවෙමි. “අල්ලාහ්! මට කිසිවෙක් නොදෙනු. මට සියලු දේ තිබේ. මෙම ගමනට ඔබට ස්තූති කරමි. එහෙත් අල්ලාහ්! පලස්තීන ජනතාව අමතක නොකරනු.“

    දරුවන්ට ආහාර දෙන මව්වරු, යන එන වන්දනාකරුවන් වැනි සෙනඟ පිරී තිබෙන මෙම මස්ජිදය බොහෝ කාර්ය බහුලය. එහෙත්, පැත්තක මම වාඩි වූ විගස, ඉමහත් සාමයේ හැඟීමක් මා තුළ හට ගත්තේය. මා කිසි විටෙක නොදත් සාමය සහ නිශ්චලත්වය මාගේ හද තුළ පිරීමෙන් මගේ සිතේ තිබු ආතතිය ඉවත් ව ගියේය. මම දීර්ඝ වේලාවක් එම සාමකාමි ස්ථානයේ වාඩි වී සිටියෙමි. විශ්වයේ කොහේ හෝ ස්ථානයක සියලු දේ මෙලෙස තිබෙන බව මට හැඟුණි. සවස් වන විට කාන්තාවන් කිහිප දෙනෙක් මා වෙතට පැමිණ මගේ උරහිසෙන් අල්ලා “මම ඔබට ආදරේ“ යැයි පැවසුහ. එක් අවස්ථාවක දරුවෙක් මගේ දෑත් අල්ලා ගෙන ෆාර්සි භාෂාවෙන් “මම ඔබට ආදරේ“ යැයි පවසීය. මගේ මිතුරිය වන නාදියා ගෙන්, “සෑම මස්ජිදයක මෙලෙස සිදු වෙනවා දැ“යි විමසුවෙමි. “මෙලෙස නම් නැති නමුත් මෙහි දී කුමක් හෝ සිදු වෙන බව සිතමි“ යැයි ඈ පැවසුවාය.

    එදින රාත්‍රි අනිකුත් වන්දනා කරුවන් බොහේ දෙනෙක් සමඟ මස්ජිදයේ පොළොවෙ හි නිදා ගත්තෙමි. පසු දින අලුයම ෆජර් නැමදුම සඳහා අදාන් ඇරයුම් කළ විට මස්ජිදය තුළ සිටි මම ෆජර් සලාතයද ඉටු කළෙමි. පසුව මස්ජිදයෙන් බැහැර වී තේ කෝප්පයක් පානය කළෙමි. හිර නගිනු දුටු මා තුළ තිබුණේ එකම සිතුවිල්ලයි. “එපා. කිසි විටෙක ඉස්ලාම් මට එපා. මට ඉස්ලාම් කොහෙත්ම එපා.“ යැයි මගේ සිත හඬ දුන්නේය.

    ඉන් පසුව මට මුහුණ දීමට සිදු වූ පුදුමාකාර කරුණු කිහිපයක් පිළිබඳව පවසන්නට මම කැමතියි. ටෙහ්රාන් නුවර සිට ලන්ඩන් කරා ගුවන් යානයට ගොඩ වුයෙමි. යානය ලන්ඩන් නුවරට ළඟා වන විට ගුවන් යානයේ කැප්ටන් “ටෙහ්රාන් ගුවන් සේවයේ ගමන් කිරීම සඳහා ස්තූතිය ඵළ කරමි. තව විනාඩි විස්සකින් අපි ලන්ඩන් නගරයේ සිටින්නෙමු.“ යැයි ප්‍රකාශ කළේය. එම මොහොතේ වාඩි වී සිටි ඉරානීය මුස්ලිම් කාන්තාවන් සියලු දෙනාම තම හිජාබය ඉවත් කර තමා ඇඳ සිටි නවීන මෝස්තර අඳුමෙන් පෙනී සිටියහ. ඇතැම් කාන්තාවන්ගේ ළය මැද සම පවා දැක ගත හැකිව තිබුණි. මෙය නම් කදිමයි යනුවෙන් සිතුවෙමි. එහෙත් මගේ දෑත් මගේ හිජාබය ඉවත් කළේ නැත. එවෙනුවට මගේ දෑත් හිජාබය තවත් තදින් අල්ලා ගත් විට මම මානසික අවුලකට පත් වුයෙමි.

    දින හතකට පසුව, ලන්ඩන් මස්ජිදයක ෂහාදාව ප්‍රකාශ කළෙමි. කුර්ආන් පෙන්වන ජිවිතයට හැරීමට වේලාව පැමිණ ඇත. මෙවර මම කුර්ආනය විවෘත කර, සූරා ෆාතිහා කිය වූ විට “හලෝ සාරා! ඔබ සිටියේ කොහේද? සාමය, සතුට සහ ශාන්ත භාවයේ දහමට ඔබ සාදරයෙන් පිළිගනිමු.“ යනුවෙන් කුර්ආනය පවසන බව මට හැඟුණි. කුර්ආනය ඉවත දමන්නට මට නොහැකි විය. “ඔබ දෙවියන් වහන්සේ ව අත හැර දැමු නමුත්, ඔහු ඔබව අත හරින්නේ නැත.“ යැය දිනක් කෙනෙකු මට පැවසීය. එය සත්‍ය බව දැන් සිතමි. අල් හම්දු ලිල්ලාහ්.

    “මගෙන් සෑම කෙනෙක්ම නඟන ප්‍රශ්නය නම්, ‘ඔබේ පවුලේ අය සහ දරුවන්ගේ ප්‍රතිචාරය කුමක්ද?‘ යන්නයි. මට දූ වරු දෙදෙනෙක් සිටිති. අවුරුදු 10 සහ අවුරුදු 8 යන වයසැති ඔවුන් ඉතා එඩිතර දරුවන්ය. ඔවුන් ප්‍රශ්න තුනක් මා වෙත නැගුහ.

    “අම්මේ! මුස්ලිම් වුණාට පසුවත් ඔබ අපේම අම්මාද?“

    “මුස්ලිම් වු පසු මම මීටත් වඩා යහපත් අම්මා කෙනෙක් වෙමි.“ යැයි මම පිළිතුරු දුන් විට ඔවුන් “හූරේ“ (ජයවේවා) යැයි කීහ.

    “අම්මේ! ඔබ මත් පැන් පානය කරනවාද?“

    “මුස්ලිම් වූ පසු කිසි විටක මම මත් පැන් පානය නොකරමි.“ නැවත වරක් “හූරේ“ යැයි ඔවුන් හඬ නැගුහ.

    “ඔබ මුස්ලිම් වූ පසු ඔබ ළය මැද ප්‍රදර්ශනය කරනවාද?“ මෙවැනි ප්‍රශ්නයක් ඔබ අසන්නේ ඇයි දැයි විමසුවෙමි. “ඔබ පාසැලට පැමිණෙන විට ඔබේ ළය මැද ප්‍රදර්ශණ කිරීමෙන් අපි මහත් ලැජ්ජාවට පත් වෙමු. අපි එය පිළිතුල් කරමු. එනිසා ඔබ එසේ ඇඳුම් ඇඳීම නැවැත්විය යුතුයි.“ ඔවුන් පිළිතුරු දුන්හ.

    “ මම මුස්ලිම් වූ පසු මේ සියලු පෙදෙස් ආවරණය කර ගන්නෙමි.“ යැයි කීවෙමි. “අපි ඉස්ලාමයට ආදරය කරමු.‘ යැයි ඔවුන් දෙදෙනාම හඬ නැඟුහ.

    මෙය ඉතාමත් පහසු එකකි. එම ප්‍රශ්න තුන දෙස කල්පනා කරන විට, කාන්තාභාවයට අදාළ මූලික ප්‍රශ්න ගැන, දරුවන්ටම ආවේණික පිරිසිදු හදවතෙන් ඔවුන් කථා කළ බව පෙනුණි.

    1වන ප්‍රශ්නය: අපේ ගෘහයේ ප්‍රධාන ස්ථානය ඔබ තවත් උසුලනවාද? මවක් ලෙස අපි වෙනුවෙන් ඔබ සිටින බව විශ්වාස කළ හැකිද? එසේ නොව රාජකාරිය, සෙසු සේවකයන්,මිතුරන්, බාර්, ආපන ශාලා යනාදිය ඔබේ ජිවිතයේ ප්‍රමුඛ ස්ථානය ගන්නේද?

    2වන ප්‍රශ්නය: අල්ලාහ් විසින් අපට පනවන ලද හැසිරීමේ සිමාව තුළ ඔබ සිටිනවාද?

    3වන ප්‍රශ්නය: ඔබ ඉස්ලාමයේ විනිත හා ගෞරව සම්පන්න කාන්තාවක් ලෙස සිටිනවාද?

    අල්හම්දු ලිල්ලාහ්. මට පැවසීමට තිබෙන්නේ එපමණයි. මුස්ලිම් කාන්තාවක් වශයෙන් මා ඉගෙන ගත් කරුණු මෙයයි. ඔබට ප්‍රශ්නයක් තිබේ නම්, ඒ ගැන මිතුරන්ට හෝ ඥාතීන්ට නොකියන්න. සෑම රාත්‍රියෙහිම විනාඩි දහයක් හෝ කුර්ආනය කියවන්නට හැකි නම්, ඔබේ දේව විශ්වාසය ඉතාමත් උසස් තත්ත්වයේ පවතියි. මුස්ලිම් නොවන සමාජයක ජිවත් වන විට අපගේ ඊමානය වේගයෙන් පහත් මට්ටමට බැසිය හැකි නිසා, කුර්ආනය අනිවාර්‍යයෙන්ම කියවිය යුතුයි.

    ඔබ ඉස්ලාමීය මාර්ගයේ නොවේ නම්, එනම් මා මෙන් ඉස්ලාමීය මාර්ගයට පිවිසියේ නම් හෝ ඔබ මුස්ලිම් වරයෙක් නම්, ‍දෛනික ජීවිතයේ ඉදිරිපත් වන සලකුණු කිසිවක් ඉවත නොදමන්න. ඒවා ගැන කල්පනා කරන විට, ඒවා තුළින්ම යහ මාර්ගය දැක ගන්නට ඔබට හැකිවනු ඇත. සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමි වේවා.

    සවුදි අරාබියේ, අරබ් නිවුස් පුවත් පත්‍ර යේ 2013 ජනවාරි 13 දින ඵළ විය.

    වර්ග: