ප්‍රචණ්ඩත්වයට ඉස්ලාමයේ අවකාශයක් නැත.

කෙටි හැඳින්වීම

“අල්ලාහ් ගේ මාර්ග යේ ඔබ හා සටන් කළවුන් සමඟ ඔබ ද සටන් කරනු. (නමුත්) සීමාව නො ඉක්මවනු. ඇත්තෙන්ම, අල්ලාහ් සීමාව ඉක්ම වන්නවුන් ප්රිීය නොකරන්නේය.” සූරා 2:190.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    ප්‍රචණ්න්ඩත්වය ට ඉස්ලාමයේ අවකාශයක් නැත

    ] සිංහල – Sinhala –[ سنهالي

    සවූදි අරාබියේ 2014 දෙසැම්බර් 19 වන දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2015- 1436

    لامكان للعنف في الإسلام

    « باللغة السنهالية »

    جريدة عرب نيوس 19ديسمبر 2014م

    ترجمة: جاسم بن دعيان

    2015- 1436

    في اප්‍රචණ්න්ඩත්වය ට ඉස්ලාමයේ අවකාශයක් නැත

    මුහම්මද් ඉර්තාසා

    සවුදි අරාබියේ අරබ් නිවුස් පුවත් පත්‍ර යේ

    2014 දෙසැම්බර් 19 වන දින පළ වු ලිපිය

    සිංහල බසට

    ජාසිම් ඉබ්නු දඉයාන්

    ඉස්ලාමයේ ප්‍රචණ්ඩත්වය ට කිසිසේත් ම ඉඩක් නැත. මේ බව අල් කුර්ආන් සඳහන් කරන්නේ මෙසේය.

    وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ ﴿٨٤﴾

    “ඔබගේ රුදිරය නොවගුරුවනු, ඔබගෙන් කිසිවකු ඔබ ගේ නිවස් වලින් බැහැර නොකරනු, (යනුවෙන්) ඔබ සමඟ අප ගිවිසුමක් ගත් කල් හී ඔබ සාක්ෂි දරමින් එය සත්‍ය කළ බව (සිහි කරනු).” 2:84

    මෙම වාක්‍ය සඳහන් කරන ආකාරයෙන් විශ්වාසීන් ගේ ගති ලක්‍ෂණයෙහි ප්‍රචණ්ඩත්වය නොමැති බව අල් කුර්ආන් සනාථ කරයි.

    وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ ﴿٣٧﴾ وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ ﴿٣٨﴾ وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنتَصِرُونَ﴿٣٩﴾ وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّـهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ ﴿٤٠﴾ وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَـٰئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ ﴿٤١﴾ إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ وَيَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۚ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٤٢﴾ وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ﴿٤٣﴾

    “තවද, ඔවුන් මහා පාපයන් හා අශික්ෂිත දැයින් වැළකෙති, කෝපය ට පත් වූ විට ඔවුන් සමාව ලබා දෙති. තවද, ඔවුන් තම පරමාධිපති ට පිළිතුරු දෙති. සලාතය ස්ථාපිත කරති. ඔවුන් ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා කරති. අපි ඔවුනට ලබා දුන් දැයින් වියදම් කරති. තවද, තමන් ට අසාධාරණයක් සිදු වූ විට ඔවුන් (අල්ලාහ්ගෙන්) උදව් පතති. නපුරක ප්‍රතිඵලය එවැනිම නපුරුය. කවරෙකු සමාව දි යහ කටයුතු කළේ ද ඔහු ගේ ප්‍රතිඵලය අල්ලාහ් මතය. සැබැවින් ම ඔහු අපරාධකරුවන් ට ප්‍රිය නොකරන්නේය. තමන් ට සිදු වූ අපරාධයක ට පසුව කවරෙකු (සම ප්‍රතිචාර දැක්වීම තුළින්) උදව් (යුක්තිය) ලබන්නේ ද ඔවුන් ට එරෙහි ව කිසිදු මඟක් නැත. සැබැවින්ම, (චෝදනා සඳහා) මඟක් ඇත්තේ ජනයාට අපරාධ කර යුක්තියෙන් තොරව මිහිකලයේ සීමාව ඉක්මවා ගියවුන් ට එරෙහිවමය. වේදනීය දඬුවම ඇත්තේ ඔවුන්ටමය“ සූරා 42: 37 සිට 43 දක්වා.

    අසරණ ජනතාව ඝාතනය කිරීම ඉස්ලාමයේ තහනම් කර ඇති අතර එය තරයේ හෙළා දකියි. ඕනෑම සමාජයක ප්‍රචණ්ඩත්වය ට ගොදුරු වන්නේ අසරණ ජනතාවයි.

    وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّـهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿١٥١﴾

    “අල්ලාහ් තහනම් කළ ජීවය නිත්‍යනුකූලව මිස නොනසනු.” සූරා 6:151.

    وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّـهُ إِلَّا بِالْحَق ..............﴿٣٣﴾

    “අල්ලාහ් තහනම් කළ ආත්මය යුක්තියෙන් තොරව ඝාතනය නොකර වු.” සූරා 17:33

    الَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّـهِ إِلَـٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّـهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا ﴿٦٨﴾

    “අල්ලාහ් තහනම් කළ ආත්මයක් යුක්තියෙන් තොරව ඝාතනය නොකරන්නෝය.” සූරා 25:68

    මෙම වාක්‍ය අතරින් එක් වාක්‍යයක් මේ පිළිබඳ ව දීර්ඝ ව මෙසේ විස්තර කරයි.

    وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّـهُ إِلَّا بِالْحَقِّ ۗ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِف فِّي الْقَتْلِ ۖ إِنَّهُ كَانَ مَنصُورًا ﴿٣٣﴾

    “අල්ලාහ් තහනම් කළ ආත්මය යුක්තියෙන් තොරව ඝාතනය නොකරනු. අසාධාරණය ට ලක් වූ කවරෙකු ට ඝාතනය කරනු ලැබුවේ ද, සැබැවින්ම ඔහු ගේ භාරකරු ට (එහි තීන්දු ව ඉටු කිරීම ට) බලය පත් කළෙමු. මෙයින් (ඝාතකයාව පළි ගැනීම පිණිස) ඝාතනය කිරීමේ දී ඔහු සීමාව ඉක්ම විය නොයුතුය. සැබැවින් ම ඔහු උදව් කරනු ලබන්නේය.” සූරා 17:33.

    විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ කරන බෝම්බ පුපුරුවමින් සිය දිවි නසා ගැනීම වැනි ප්‍රචණ්ඩත්ව ක්‍රියාව ද තහනම් බව පහත සඳහන් වාක්‍ය පැහැදිලි කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ إِلَّا أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنفُسَكُمْ ۚ إِنَّ اللَّـهَ كَانَ بِكُمْ رَحِيمًا ﴿٢٩﴾

    “විශ්වාස කළ අයවලුනි! ඔබ අතර අන්‍යෝන්‍ය ලෙස එකඟ වු වෙළඳාම අනුමත කර ඇති අතර එය හැර ඔබ ගේ දේපළ අයුක්තියෙන් භුක්ති නොවිඳිනු. ඔබ ඔබව ම ඝාතනය නොකර ගනු. ඇත්තෙන් ම, අල්ලාහ් ඔබ ගැන දයාලුය.” සූරා 4:29

    ඝාතනය කිරිම කෙතරම් බරපතළ පාපයක් දැයි මෙම වාක්‍යයෙන් පහදා ගත හැක.

    مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ ﴿٣٢﴾

    “මේ හේතුවෙන්, ඝාතනය නොකළ හෝ භූමියෙහි අවැඩ නොකළ කෙනෙකු යමෙක් මැරුවහොත් ඔහු සියලු මිනිසුන් මැරු බඳුම ය. යමෙක් කෙනෙකු ජීවත් වන්න ට සලස්සන්නේ ද ඔහු සියලු මිනිසුන් ජීවත් වන්න ට සැලසු බඳුන්ම ය. තවද අපගේ රසුල් වරුන් පැහැදිලි සළකුණු රැගෙන ඔවුන් වෙත පැමිණියහ. ඉන් පසු ද ඔවුන්ගෙන් වැඩි දෙනා සීමාව ඉක්ම වන්නෝම වුහ.” සූරා 5:32.

    ආගම සම්බන්ධ විෂයයන් හි විශ්වාසීන් ට එරෙහි ව සටන් නොකරන ජනතාව සමඟ මිත්‍රත්වය පවත් වන්න ට පොලඹවන අල් කුර්අනය එවැන්නන් ට එරෙහි ව සටන් කිරීම ට අනුබල නොදෙයි.

    لَّا يَنْهَاكُمُ اللَّـهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَارِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّـهَ يُحِبُّ الْمُقْسِطِينَ ﴿٨﴾

    “දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හට ද නුඹලා ව නුඹලා ගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම අල්ලාහ් නුඹලා ට වළක්වන්නේ නැත. සැබැවින් ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” සූරා 60:8.

    සමාදාන සහජීවනය සඳහා අනුබල දෙන අල් කුර්ආනය, ඒ සඳහා මාර්ගය ද පෙන්වා දෙයි.

    وَإِن جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّـهِ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ ﴿٦١﴾

    “ඔවුහු සමාදානය ට නැමෙන්නේ නම් නුඹ ද එය ට නැමෙනු. අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබනු. ඇත්තෙන් ම ඔහු, ඔහුමය සියල්ල අසන්නේ, සියල්ල දන්නේ.” සූරා 8:61

    අල් කුර්ආනයේ තවත් වාක්‍යයක් මෙසේ පවසයි.

    فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْا إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللَّـهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًا ﴿٩٠﴾

    “ඔවුහු ඔබ සමඟ සටන් නොකොට වැළකී සාමය ඉලියවුහොත් ඔවුන් කෙරෙහි (සටන් කිරීම ට) අල්ලාහ් ඔබ ට මාර්ගයක් නොතැබුවේය.” 4:90

    සතුරන් ගේ සිත් තුළ සාමය හට ගන් වනු පිණිස, සිරභාරය ට පත් වුවන් කෙරෙහි ආචාර සම්පන්න ව සැලකිලි දක්වන ලෙස අල් කුර්ආන් උපදෙස් දෙයි.

    يُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا ﴿٨﴾ إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّـهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاءً وَلَا شُكُورًا ﴿٩﴾

    “ඔවුහු (අල්ලාහ් කෙරෙහි වූ ආදරය නිසා) එය (ආහාරය) කෙරෙහි ප්‍රිය මනාපයක් තිබුණ ද, දුගියාට ද අනාථයින්ට ද සිරකරුවන්ට ද ආහාර සපයති. අපි නුඹලා ට ආහාර සපයනුයේ අල්ලාහ් ගේ මුහුණ (තෘප්තිය) වෙනුවෙන්මය. නුඹලාගෙන් කිසිදු ප්‍රතිලාභයක් හෝ කිසිදු කාතඥතාවක් හෝ අපේක්‍ෂා නොකරන්නෙමු.” 76:8,9.

    ඔවුන් ගේ පළාතෙහි අප ට එරෙහි ව සටන් නොකරන සතුරන් සම්බන්ධ ව ක්‍රියා කරන්නේ කෙසේ දැයි අල් කුර්ආන් අපට මාර්ගය පෙන්වයි.

    وَإِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّـهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْلَمُونَ ﴿٦﴾

    (අල්ලාහ් ට) සමානයක් තබන්නන් අතරින් කෙනෙක් නුඹගෙන් අභය සොයන්නේ නම්, ඔහු ට අභය දෙනු මැනව. මෙ මගින් ඔහු අල්ලාහ් ගේ වචනය ට සවන් දිය හැකි වනු ඇත. ඉන් පසුව ඔහු ගේ අභය ස්ථානය ට ඔහු පමුණුවනු. මෙය (ඔවුන් මෙසේ කිරීම) ඔවුන් නොදන්නා ජනතාවක් බැවිනි.” සූරා 9:6.

    අන් අය සමඟ කළ ප්‍රතිඥාවන් ට ගරු කරන ලෙස අල් කුර්ආන් අපට උපදෙස් දෙයි.

    وَأَوْفُوا بِعَهْدِ اللَّـهِ إِذَا عَاهَدتُّمْ وَلَا تَنقُضُوا الْأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّـهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ اللَّـهَ يَعْلَمُ مَا تَفْعَلُونَ﴿٩١﴾ وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِن بَعْدِ قُوَّةٍ أَنكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ اللَّـهُ بِهِ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٩٢﴾

    “නුඹලා ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ගේ ප්‍රතිඥාව ඉටු කරනු. තවද නුඹලා කෙරෙහි අල්ලාහ් ව භාරකරු බව ට නුඹලා පත් කර තිබිය දී එම ප්‍රතිඥාව ස්ථීර කළ පසුව කඩ නොකරවු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව දන්නේය. ශක්තිමත් වූ (ගෙතුමකින්) පසු ඇය ගේ එම ගෙතුම කැබලි වල ට ලිහන්නියක් මෙන් නුඹලා නොවනු. එක් සමූහයක් තවත් සමූහය ට වඩා (සංඛ්‍යාවෙන් හා ධනයෙන්) වර්ධනය වීමට නුඹලා අතර නුඹලා ගේ දිවුරුම් (වංචා සහගත) ගිවිසුමක් ලෙස ගන්නෙහු ය. සැබැවින් ම අල්ලාහ් එයින් නුඹලා ව පරීක්‍ෂා කරන්නේය. තව ද නුඹලා කවර විෂයන් කෙරෙහි මත භේද ඇති කර ගනිමින් සිටි දෑ පිළිබඳ ව (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන දිනයේ නුඹලාට පැහැදිලි කර දෙන්නේය.” සූරා 16:91 සහ 92

    ඔබට එරෙහිව අසාධාරණයක් සිදු වු විට පමණක් ඔබ හැරි සටන් කළ යුතු ව තිබේ.

    وَقَاتِلُوا فِي سَبِيلِ اللَّـهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا ۚ إِنَّ اللَّـهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ ﴿١٩٠﴾ وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚوَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ ۚ وَلَا تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّىٰ يُقَاتِلُوكُمْ فِيهِ ۖ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ ۗ كَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ﴿١٩١﴾ فَإِنِ انتَهَوْا فَإِنَّ اللَّـهَ غَفُورٌ رَّحِيمٌ ﴿١٩٢﴾ وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّـهِ ۖ فَإِنِ انتَهَوْا فَلَا عُدْوَانَ إِلَّا عَلَى الظَّالِمِينَ ﴿١٩٣﴾

    “ඔබ ට පහර දුන් අය ට එරෙහි ව ඔබ ද සටන් කළ හැක, එහෙත් සීමාව නොඉක්මවනු. සැබැවින්ම, සීමාව ඉක්ම වනවුන් අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. ඔබ ට එරෙහි ව යුද්ධ කරන්නන් දුටු තැනක ඝාතනය කරනු. ඔවුහු යම් තැනකින් ඔබ ව පිටමං කළාහු ද, ඔබ ද එතැනින් ඔවුන් පිටමං කරනු. පරිපීඩනය ඝාතනය ට වඩා නපුරුය. පරිශුද්ධ වු නැමදුම් ස්ථානයේ දි ඔබට එරෙහි ව සටන් නොකළේ නම් ඔවුන් හා සටන් නොකරනු. එහෙත් ඔවුන් ඔබ ට පහර දුන හොත් ඔබ ද ඔවුන් ට පහර දෙනු. මෙබඳුය විශ්වාස නොකරන්නවුන් ට (ලැබිය යුතු) ප්‍රති ක්‍රියාව. ඔවුන් මෙයින් වැළකුණේ නම්, සැබැවින්ම අල්ලාහ් ක්‍ෂමාව දෙන්නේය. දයාලුය. පරිපීඩනය ඉවත් වන තුරු, අල්ලාහ් ට නිදහසේ නැමදුම් කිරීම ස්ථාපිත කරන තුරු ඔවුන් ට එරෙහිව ඔබට සටන් කළ හැක. ඔවුන් එයින් වැළකී සිටින්නේ නම්, ඔබ ඔවුන් ට පීඩනය ට පත් නොකරනු. පීඩනයට පත් කිරීම ට අනුමත තිබෙන්නේ ඔබ ට පරිපීඩනය කරන්නන් ට එරෙහිව පමණකි.” සූරා 2:190 සිට 193 දක්වා.

    සටනක් අවශ්‍ය වන්නේ සමාදානයෙන් විසඳුමක් ලබා ගැනීම ට අපොහොසත් වන අවස්ථාවන් හි පමණකි.

    وَلَوْلَا دَفْعُ اللَّـهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّفَسَدَتِ الْأَرْضُ وَلَـٰكِنَّ اللَّـهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ ﴿٢٥١﴾

    “මිනිසුන් ඇතැමකු ට සහය දී ඇතැමකුගෙන් අල්ලාහ් ආරක්ෂා නොකළේ නම්, පොළොව අවුල් ජාලයකින් විනාශ වන්නේය. එහෙත් අල්ලාහ් ලෝක වාසී කෙරෙහි වරප්‍රසාද නොකඩවා එවන්නේය.” සූරා 2:251.

    සාම ගිවිසුමක් සිදු කළා ට පසු ව එහි කොන්දේසි කඩ කර මුස්ලිම් වරුන් ට හානි සිදු කරන අවස්ථාවන් හි පමණක් එවැනි ජනයා ට එරෙහි ව සටන් කිරීම ට අල් කුර්ආන් අනුමති දෙයි.

    وَإِن نَّكَثُوا أَيْمَانَهُم مِّن بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ ۙ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ﴿١٢﴾

    “ඔවුන් ප්‍රතිඥා දුන් පසු, ඔවුන් ගේ දිවුරුම් කඩ කොට ඔබ ගේ දහම ට පහර දෙන්නේ නම්, ප්‍රතික්ෂේප කරන්නන් ගේ නායකයන් ට විරුද්ධ ව ඔවුන් එයින් වැළකෙන පිණිස ඔබ සටන් කරනු මැනව. (මෙවැනි අවස්ථාවක) ගිවිසුම ඉටු කිරීම ට ඔබ බැඳී නැත.” සූරා 9:12.

    මෙවැනි අසරණ ජනතාව ට සහය දී ඔවුන් භාජනය වන පීඩනයෙන් මුදවා ගැනීම සෑම විශ්වාසියෙකුගේ ම වගකීමකි. ආක්‍රමණය සහ දුෂ්ට පාලනය පලවා හැරීම පිණිස පමණක් සටනක් දියත් කිරීම ට අනුමැතිය තිබේ.

    أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّـهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ﴿٣٩﴾ الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِم بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّـهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّـهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّـهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ اللَّـهُ مَن يَنصُرُهُ ۗ إِنَّ اللَّـهَ لَقَوِيٌّ عَزِيزٌ ﴿٤٠﴾

    “සැබැවින්ම, සටන් කරනු ලැබුවන් හට ඔවුන් අපරාධ කරනු ලැබු හේතුවෙන් (සටන් වැදීම ට) අනුමැතිය දෙන ලද්දේය. තවද සැබැවින් ම අල්ලාහ් ඔවුන ට උදව් කිරීම ට ශක්තිය ඇත්තාය. කිසිදු යුක්තියකින් තොරව, ඔවුන් ගේ නිවෙස් වලින් ඔවුන් ව බැහැර කරනු ලද්දේ, “අප ගේ පරමාධිපති අල්ලාහ් ය” යනුවෙන් ඔවුන් පැවසිම හේතුවෙන්මය. අල්ලාහ් ජනයාගෙන් සමහරෙකු ව ඔවුන් ගේ තවත් සමහරෙකුගෙන් නොවැළැක්වුයේ නම්, ආශ්‍රමයන් ද (යුදෙව් හා කිතුනු) දේව ස්ථාන, නැමදුම් ස්ථාන හා අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරනු ලබන මස්ජිදයන් කඩා දමනු ලබන්න ට තිබිණ. තමන් ට උදව් කරන්නන් කෙරෙහි අල්ලාහ් සැබැවින් ම උදව් කරනු ඇත. සැබැවින් ම අල්ලාහ් ශක්තිවන්තය, අති බල සම්පන්නය.” සූරා 22: 39 සහ 40.

    සටනෙහි ලැබෙන ජයග්‍රහණය තම පාලනය යටතේ තිබෙන පළාත පුළුල් කර ගැනීම ට සහ ආධිපත්‍යය ස්ථාපිත කිරීම ට මාර්ගයක් වශයෙන් නොව යහ මග තුළින් ධාර්මිකත්වය ස්ථාපනය කිරීම සඳහා උපයෝගි කළ යුතුය.

    الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ ۗ وَلِلَّـهِ عَاقِبَةُ الْأُمُورِ ﴿٤١﴾

    “ඔවුන් කවරහු ද යත් මිහිතලයේ ඔවුනට අපි පහසුකම් සැළැස් වූ විට, ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝය. තව ද සකාත් ද පිරිනමන්නෝය, තවද, (ජනයාට) යහපත අණ කරන්නෝය. පිළිකුල් සහගත දැයින් වළක්වන්නෝය, තවද, සියලු කටයුතු වල අවසානය අල්ලාහ්ට ය.” සූරා 22:41.

    අවසාන විජයග්‍රහණය යහපත් ජනතාවට හිමිවෙයි.

    تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ ﴿٨٣﴾

    “මෙම මිහිතලයේ උඩංගුව ද දූෂණය ද අපේක්ෂා නොකරන්නවුන් ට මතු ලොව නිවහන අපි ඇති කළෙමු. (තීන්දුවේ යහපත්) අවසානය බිය භක්තිකයින්ටය.” සූරා 28:83

    අවසාන වශයෙන් අල්ලාහ් ගේ වැදගත් නියෝගය දෙස බලමු.

    وَقَاتِلُوا فِي سَبِيلِ اللَّـهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا ۚ إِنَّ اللَّـهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ ﴿١٩٠﴾

    “අල්ලාහ් ගේ මාර්ග යේ ඔබ හා සටන් කළවුන් සමඟ ඔබ ද සටන් කරනු. (නමුත්) සීමාව නො ඉක්මවනු. ඇත්තෙන්ම, අල්ලාහ් සීමාව ඉක්ම වන්නවුන් ප්‍රිය නොකරන්නේය.” සූරා 2:190.

    නිමි.

    ඔබ ගේ අගනා අදහස් අප ට දනවන්න.

    [email protected]

    වර්ග: