කලීෆා අබු බකර් (රළි) තුමාගේ යහ පාලනය

කෙටි හැඳින්වීම

1. නායකයෙක් දූරදර්ශී විය යුත අතර, අවශ්යශ නම් අසීරු තීරණ ගැනීමට පසුබට නොවී, අනතුරට මුහුණ දීමට සුදානම් ව සිටිය යුතුය. එ පමණක් නොව නායකයෙක් තමා ගත් තීරණය පිළිබඳ ව පැන නගින ප්රීශ්නයන්ට සාධාරන ව, ජනතාව පිළි ගත හැකි පිළිතුරු දීමටද සූදානම් ව සිටිය යුතුය.
2. සතුරන් යටපත් කර, ඉන් අනතුරු ව ඔවුන්ට සමාව දීමේ ප්රිතිපත්තිය අබු බකර් (රළි) තුමාගේ විශේෂ රාජ්ය පාලන උපාය මාර්ගයක් විය.
3. තුන්වැනි පාඩම වන්නේ, පුරවැසියන් තම පාලකයාට ළඟා වීමේ පහසුකම තිබිය යුතු අතර, ඔවුනතර පරතරයක් හෝ මුර කපොල්ලක් නොතිබිය යුතු බවය.
4. සිව්වැනි පාඩම වන්නේ පාලකයා සැබැවින්ම ජනතාවගේ සේවකයෙක් ලෙස කටයුතු කිරීම අව්යේශ බවය.
5 අති දක්ෂ විද්වතුන්ට විවිධ විෂය භාර කර, ඒවා ඉටු කිරීම සදහා අවශ්යි වගකීම සහ බලතල පැවරීමෙන් ඔවුන් කෙරෙහි විශ්වාස තබා රාජ්ය පාලනය කළ අබු බකර් (රළි) තුමාගෙන් අපට විශාල පාඩමක් ඉගෙන ගත හැක.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    කලීෆා අබු බකර් (රළි) තුමාගේ යහ පාලනය

    الخليفة أبو بكر الصديق رضي الله عنه

    < සිංහල - سنهالية >

    කර්තෘ නාමය

    කාන් යාසිර්

    اسم المؤلف

    خان نصير

    —™

    භාෂා පරිවර්තක නම:ජාසිම් ඉබ්නු දඉයාන්

    මුහම්මද් අසාද්

    ترجمة: جاسم بن دعيان

    مراجعة: محمد آساد

    නායකත්වයේ අනර්‍ගතම අධියර

    කලීෆා අබු බකර් (රළි) තුමාගේ යහ පාලනය

    http://radianceweekly.in/portal/issue/governance-in-early-islamic-period/article/caliph-abu-bakr/#sthash.3G35c0RT.dpuf

    කතෘ

    කාන් යාසිර්

    සංස්කාරක, The Companion – Journal

    2014 March 2

    සිංහලට පරිවර්තනය

    ජාසිම් ඉබ්නු දඉයාන්

    සාමාන්‍යයෙන් මුවින් පවසනු ලබන කතා, ඒ වදන් කන දක්වා ගමන් කර, එතැනින් පහළට වැටෙන්නේ පහසුවෙන් හෝ නොදැනුවත් වු සිදුවීමකින්ය. හදවතින් පවත් වන කතා ඉතාමත් සුළු ප්‍රමාණයකි, ඒවා හදවත ට සේන්දු වීමෙන් ඉතිහාසය විසින් අමතක කිරීමට ලක් කරන්නේ කලාතුරකිනි. මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුව එවැනි කතාවක් අබු බකර් (රළි) තුමා විසින් පවත්වනු ලැබීය. මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ අභාවප්‍රාප්තියෙන් අනතුරුව මුස්ලිම් සමාජය ගොළු බවට පත් ව, උමර් (රළි) වැනි දැඩි පුද්ගලයින් පවා දරා ගත නොහැකි මහත් පීඩනයට ලක් වී ව්‍යාකූල තත්ත්වයට පත් ව සිටියේය. මෙම තීරණාත්මක අවස්ථාවේ ඉදිරියට පැමිණි අබු බකර් (රළි) තුමා ස්ථීර ව ප්‍රකාශ කළේ මෙසේය. “අහෝ ජනතාවනි! කවරෙකු හෝ මුහම්මද් (සල්) තුමාණන්ට නැමදුම් කරන්නේ නම්, මුහම්මද් (සල්) තුමාණන් අභාවප්‍රාප්ත වූ බව ඔවුන් අවබෝධ කර ගත යුතුය. කවරෙකු හෝ අල්ලාහ්ට නැමදුම් කරන්නේ

    නම්, අල්ලාහ් සදා ජීවමානයි.” අනතුරුව, “මුහම්මද් දුතයෙක් මිස නැත.” යන කුර්ආන් වාක්‍යය පාරායන කළේය.

    ඉස්ලාමීය සංවිධානයේ වැදගත්කම පිළිබඳ ව අබු (රළි) තුමා හොඳාකාර ව දැන සිටි නමුත්, එතුමාට බලය කෙරෙහි තණ්හාව නොමැති විය. ඒ නිසා එතුමා, කලීෆා ධුරය දරනු පිණිස ඉතාමත් සුදුසු හා ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් යෝජනා කළේය. ඒවා උමර් ඉබ්නු අල් කඃත්තාබ් සහ අබු උබෙයිදා (රළි) යන දෙදෙනාගේ නම් ය. කෙසේ වෙතත්, උමර් (රළි) තුමා ඉදිරිපත් වී, අබු බකර් (රළි) තුමාගේ නම යෝජනා කළායින්, අබු බකර් (රළි) තුමා ඒකමතික ව තෝරා ගනු ලැබීය. මේ මාර්ගයෙන් ඉතාමත් සන්සුන්, ප්‍රසන්න හා සංයමය ගුණාංගයන් සහිත අබු බකර් තුමා, නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් පැන නැගූ එම අර්බූදකාරි තත්ත්වය පාලනය කිරීමට පමණක් නොව, ඉන් අනතුරු ව ඉස්ලාමයේ සියලු කටයුතු පිළිබඳ ව පාලනය කිරීම සඳහා ප්‍රථම කලීෆා වරයෙකු ලෙස දෛවය විසින් නියම කරන ලදී.

    කලීෆාවරයෙකු වශයෙන් නිලය භාර ගත් පසු අබු බක්ර් (රළි) තුමා පැවතු ප්‍රථම දේශනාව ද ඓතිහාසික එකක් වන අතර, එම අවස්ථාවේ ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ ප්‍රතිපත්තීන් ඉතා ලුහුඬින් එතුමා ප්‍රකාශ කළේය.

    “ඔබ අතර මම ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකු නුවුවත්, ඔබ කෙරෙහි අධිකාරය මා හට පිරිනමන ලදී. මම යහපත් ලෙස ක්‍රියා කළේ නම්, මට සහය වනු; මම වැරදි කළේ නම් මා ව නිවැරදි කරනු. සත්‍යතාව කෙරෙහි දැක්විය යුතු අවංක ගෞරවය වන්නේ විශ්වාස වන්තකම වන අතර සත්‍යතාව ගණනය නොගැනීම ද්‍රෝහිකම වේ. ඔබ අතර සිටිනා දුබල ජනතාව ඔවුන්ගේ අයිතීන් ලබා දෙන තුරු මම ඔවුන් සමඟ එක් ව සිටින්නෙමි. ඔබ අතර සිටින ශක්තිමත් ජනතාව, අන් අයගෙන් ඔවුන් උදුරා ගත් අයිතීන් මම ඔවුන්ගෙන් බලෙන් පැහැර

    ගන්නා තුරු මා සමඟ දුර්වල තත්ත්වයේ සිට්න්නෝය. මම අල්ලාහ්ට සහ ඔහුගේ රසුල් (සල්) වරයාට එකඟ ව සිටිනා තුරු ඔබ මට අවනත වනු මැනවි. එහෙත් අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්වරයාට මම අවනත නොවුයේ නම්, මා කෙරෙහි ඔබෙන් ණයක් නැත.”

    තවත් දිනක අබු බකර් (රළි) තුමා පැවතු දේශනාවක මෙසේ කීවේය.

    “කිසිදු අපේක්ෂාවෙන් තොරව මා කලීෆාවරයෙකු ලෙස පත් කරනු ලැබුවෙමි. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි, මෙම වගකීම වෙනත් කවරෙකු හෝ භාර ගන්නා බව ඔබ සැමගෙන් මම බලා පොරොත්තු වුයෙමි. මම යමක් පැහැදිලිව පවසන්නට කැමති වෙමි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් සේ මම හැසිරිය යුතු යැයි ඔබ සැම බලාපොරොත්තු වන්නේ නම්, එය කළ නොහැකි බව පැහැදිලිවම පවසමි. එතුමාණන් නබිවරයෙකු වන අතර, මම සාමාන්‍යය පුරවැසියෙකු වෙමි. ඔබ තුමාණන්ලාට වඩා මම යහපත් කෙනෙකු වන බව පවා මම නොපවසමි. ඔබගේ සහයෝගය පතන මම දිලිඳු කෙනෙක් වෙමි. මම හරියාකාර ව කටයුතු කරන බව ඔබ සැම දකින්නේ නම්, මා සමඟ ගමන් කරන්න. මම වැරදි මාර්ගය ඔස්සේ ඇදෙන බව ඔබ දකින්නේ නමි. මාව නිවරදි කරනු මැනව.”

    රාජ්‍ය පාලනයේ මූලික පාඩම වන්නේ රාජ්‍ය පාලකයා ඉතාමත් නිහතමානි පුද්ගලයෙකු විය යුතු බව මෙම දේශනාවන් අපට උගන්වයි.

    තවද, ඉස්ලාමීය රාජ්‍ය පාලන ක්‍රමයේ වැදගත් මූලධර්ම කිහිපයක් මෙම දේශනාවන්ගෙන් අපට දැක ගත හැකි වේ. නබි (සල්) තුමාණන්ට පසුව ප්‍රථම කලීෆාවරයෙකු බවට අබු බකර් (රළි) තුමා පත් වීම් ලැබු අතර, නබි (සල්) තුමාණන්ගේ ප්‍රතිපත්ති සියල්ල දෛනික රාජ්‍ය පාලනයේ එතුමා යොදා ගත්තේය. මේ මගින් අබු බකර් තුමා, තමාට පසුව දශක කාලය තුළ මහාද්විප තුනකට ව්‍යාප්ත වූ අනාගත ඉස්ලාමීය රාජ්‍යයන්ට පූර්වාදර්ශයක් පිරිනැමුවේය. එතුමා

    පැවත් වූ දේශනාවන් හි ප්‍රධාන මූලධර්ම කිහිපයක් අපට වටහා ගත හැක.

    1. තම රාජ්‍ය නායකයන් ගැන සියුම් ලෙස පරීක්ෂා කිරීම සඳහා රට වැසියන්ට අයිතියත් තිබේ. වෙනත් ආකාරයට පවසන්නේ නම්, රාජ්‍ය පාලකයන් තම සියලු ක්‍රියාවන් සඳහා ජනතාවට ගිණුම් පෙන්වීමට බැඳි සිටිති.

    2. රාජ්‍ය පාලක සහ පුරවැසියන් අතර පවතින සම්බන්ධකම සහ ඉස්ලාමීය පාලනය පදනම් කර තිබෙන්නේ සත්‍යතාව මතය.

    3. නීතියේ ආධිපත්‍ය, ප්‍රතිපත්තිය සහ නීතිය ඉදිරියේ සමානකම යන ප්‍රතිපත්ති කෙරෙහි ඉස්ලාමීය රාජ්‍යයක සම්පූර්ණ සැලකිලි තිබේ.

    4. පාලකයන් යනු නබිවරුන් මෙන් නොවරදිනසුලු පිරිසක් නොවන හෙයින්, පාලකයින් නීතියට එරෙහි ව කටයුතු කරන්නේ නම්, ඔවුන් ව නිවැරදි කිරීම ජනතා සතු අයිතියකි. වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන්නේ නම්, පාලකයන්ට අවනත වීම කොන්දේසි සහිත එකකි.

    අබු බකර් (රළි) තුමාට රාජ්‍ය පාලනය සඳහා ලැබුණේ දෙවසරක්, මාස තුනක් සහ දින දහයක කාලයක් පමණි. මේ කාල සිමාව තුළ දේශයේ ආරක්ෂාව පිළිබඳ බරපතළ අර්බූදය විසඳනු පිණිස ශ්‍රමය හා කාලය වැය කිරීමට සිදු විය. මේ හේතුන් මත, පරිපාලකයෙකු වශයෙන්, ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවීම සඳහා අත්තිවාරම තැබු කෙනෙකු හා එහි මූලධර්මය සකස් කළ කෙනෙකු වශයෙන් එතුමාට පිළිගැනීම නොලැබුණි. මෙම කෙටි ලිපියේ ඉස්ලාමීය රාජ්‍යයේ ප්‍රථම කලීෆාවරයෙකු වශයෙන් ඉටු කළ එතුමාගේ වදන් සහ කාර්යය පිළිබඳ ව විනිශ්‍චය කිරීමට උත්සාහ කරමු. එතුමාගේ රාජ්‍ය පාලන ක්‍රමයෙන් නවීන පරපුරට අදාල වන කරුණු කිහිපයක් උපුටා ගන්නට උත්සහ කරමු.

    අබු බකර් (රළි) තුමාට හිමි වුයේ සමගි සම්පන්න අරාබි රාජ්‍යයක් නොවේ. ඒ වන විටත් විවිධ ගෝත්‍රයන්ට අයත් පළාත් වශයෙන් අරාබි දේශය කැබලි වී තිබුණි. නබි (සල්) තුමාණන් සමගි කළ රාජ්‍යය, එතුමාගේ අභාවයෙන් පසු යළිත් කැබලි වලට වෙන් වී සිටියහ. එවකට සිටි බලවත් රාජ්‍යයන් වන ඉරානය සහ රෝමය විසින් ඉස්ලාමීය යෙමන් සහ සිරියාව වැනි පළාත් වල ඔවුන්ගේ බලපෑම් පෙන්වුහ. ඔවුන් ඉතාමත් දුෂ්ට දේශපාලන තන්ත්‍ර උපයෝගි කරමින් මෙම පළාත් හි නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුව හට ගත් උද්ඝෝශනයන්ට සහය දුන් බව ඉජිප්තුවේ හයිකල් නමැති විද්වතෙක් පවසයි.

    ආරම්භක ඉස්ලාමීය රාජ්‍යය මුහුණ දුන් බාහිර තර්ජන දෙවර්ගයට අයත් විය. පළමු වැනි තර්ජනය මුහම්මද් නබි (සල්) තුමාණන්ට පසුව නවක රජයට zසකාත් ගෙවීම ප්‍රතික්ෂේප කළ ඇතැම් ගෝත්‍රයන් ඉස්ලාමීය රාජ්‍යයේ බලධාරියෙන් ඉවත් වන බව තීරණය කළහ. දෙවැනි තර්ජනය ඉස්ලාමයට එරෙහි ව කැරලි ගැසු පිරිස ඉස්ලාමීය රජයේ සතුරන් සමඟ සන්ධානය වී මදීනා නුවරට පහර එල්ල කර, එම නගරය සහ ඉස්ලාමය සහමුලින් විනාශ කර දමන්නට සූදානම් වූ සතුරන්ගේ කුමන්ත්‍රණය. zසකාත් ගෙවීම ප්‍රතික්ෂේප කර, කැරලි ගැසු ගෝත්‍රිකයින් පිළිබඳව වැඩි සැලකිලි දැක්විය අවශ්‍ය නොමැති බවද ඒ වෙනුවෙන් ශක්තිය හා සම්පත් ආරක්ෂා කරනු පිරිස දෙවන වර්ගයේ (එනම් ඉස්ලාම් රාජ්‍යය සහමුලින් විනාශ කර දමන්නට මාර්ග සොයන)සතුරන් වෙත අවධානය යොමු කළ යුතු බව මදීනා නුවර ජනතාවගෙන් බහුතර පිරිසක් අදහස් දැක්වුහ.

    දූරදර්ශී නායකයෙකු වු අබු බකර් (රළි) තුමා මෙයට වෙනස් ව කල්පනා කළේය. නබි (සල්) තුමාණන්ගේ පාලන යටතේ රෝම නගරයට යැවීම සඳහා සූදානම් කර තිබු විශාල සේනාව zසකාත් ගෙවීම ප්‍රතික්ෂේප කළ ජනතාව වෙතට යැවීය. මෙම කැරලි කරුවන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් දක්වන්නට එතුමා සූදානම් නැති බව

    ප්‍රකාශ කළේ මෙසේය. “නබි (සල්) තුමාණන්ගේ පාලන යටතේ ඔවුන් ගෙවා, දැන් එය ගෙවීමට ප්‍රතික්ෂේප කරන කුඩා ලනු කෑල්ලක් සදහා වුවද මම සටන් කරන්නෙමි.” යැයි ප්‍රකාශ කළේය. මෙම තීරණයට එරෙහි වූ උමර් (රළි) “අල්ලාහ් සහ මුහම්මද් (සල්) කෙරෙහි විශ්වාසය තැබු ජනතාවට එරෙහිව මුස්ලිම්වරු සටන් කරන්නේ කෙසේදැ?” යි ප්‍රශ්න කළේය. මෙයට අබු බකර් (රළි) තුමා “නැමදුම සහ zසකාත් ගෙවීම අතර ප්‍රභේදනය කරන ජනතතාවට එරෙහිව මම සටන් කරන්නෙමි”යැයි බරැති සිතකින් පිළිතුරු දුන්නේය.

    අබු බකර් (රළි) තුමා මෙම සෘජු ප්‍රතිපත්තිය මත ක්‍රියා කළ හේතුවෙන්, ඉස්ලාමීය රාජ්‍යයේ සමගිය ස්ථාපිත කරන ලදු ව, එම පදනම මත, ඉන් පසුව පැමිණි ඉස්ලාමීය නායකයින් මෙම දහම ලොවට ව්‍යාප්ත කිරීමේ කාර්යයන්හි පහසුවෙන් නිරත වුහ. අබු බකර් තුමාගේ මෙම පියවර අපට රාජ්‍ය පාලනයේ දෙවැනි පාඩම උගන්වයි. එනම්, නායකයෙක් දූරදර්ශී විය යුත අතර, අවශ්‍ය නම් අසීරු තීරණ ගැනීමට පසුබට නොවී, අනතුරට මුහුණ දීමට සුදානම් ව සිටිය යුතුය. එ පමණක් නොව නායකයෙක් තමා ගත් තීරණය පිළිබඳ ව පැන නගින ප්‍රශ්නයන්ට සාධාරන ව, ජනතාව පිළි ගත හැකි පිළිතුරු දීමටද සූදානම් ව සිටිය යුතුය.

    කැරලිකරුවන් පරාජයට පත් කළායින් පසුව, අබු බකර් (රළි) තුමාගේ දූරදර්ශී භාවයට අමතර, තවත් උතුම් පුද්ගලික විශේෂතාවක් නිරාවරණය විය. ඉස්ලාමීය රාජ්‍යයේ සම්පූර්ණත්වය සහ සමගිය ආරක්ෂා කිරීම සඳහා දැඩි ව ක්‍රියා කළ නොලිහිල් අබු බකර් (රළි) තුමා, කැරලිකරුවන් මෙල්ල කළායින් පසුව, ඔවුන්ගේ නායකයන් බහුතර පිරිසට සමාව දුන්නේය. මෙසේ ලැබු සමාව නිසා තම පැරණි වැරදි ක්‍රියාවන් නිවැරදි කර ගත් එම නායකයින්ට ඉස්ලාමීය සේවය සඳහා වෙහෙසෙන්නට අවස්ථාවක් ලැබුණි. පසු කාලයේ පර්සියාව සහ රෝමානු අධිරාජ්‍යයන්ට එරෙහි ව සිදු වූ යුද්ධයන්හි සහභාගි වූ

    මෙම නායකයන් ඉස්ලාමීය සේනාවේ ශක්තිමක් කොටසක් බවට පත් වුහ. මෙලෙස සතුරන් යටපත් කර, ඉන් අනතුරු ව ඔවුන්ට සමාව දීමේ ප්‍රතිපත්තිය අබු බකර් (රළි) තුමාගේ විශේෂ රාජ්‍ය පාලන උපාය මාර්ගයක් විය.

    අබු බකර් (රළි) තුමා ඉතාමත් භක්තිමත් සහ ධාර්මික පුද්ගලයෙකු යන්න කවුරුත් දන්නා කරුණකි. රටේ සාමාන්‍ය ජනතාව සමඟ එතුමා නිතර සුහද ව සම්බන්ධකම් පැවැත්විය. එතුමා ලෝකයේ ඉතාමත් බලවත් රාජ්‍යයේ නායකයෙකු බවට පත්වීමෙන් පසුවද මේ සම්බන්ධකම් කිසිසේත් හීන වුයේ නැත. විශාල ඉස්ලාමීය අධිරාජ්‍යයේ නායක බවට පත් වූ පසුවද, ආරක්ෂාව යන නමින් පුද්ගලික ආරක්ෂක භටයින් හෝ වෙනත් පිරිවරා යන කණ්ඩායම් කිසිවක් නොමැතිව මදීනා නුවර තුළ සහ කඩමණ්ඩියේ සාමාන්‍ය පුරවැසියෙක් මෙන් තනිවම ඇවිද යෑමේ පුරුද්ද අබු බකර් (රළි) තුමා අත්හැරියේ නැත. ඔහුගේ නිවසේ දොර අසල මුර සේවක කිසිවෙක් නොවිය. සෑම කෙනෙකුටම, සෑම වේලාවකම ඔහුගේ නිවසේ දොර විවෘත ව තිබුණි. අබු බකර් (රළි) තුමාගේ රාජ්‍ය පාලනයෙන් අපි ඉගැන ගන්නා තුන්වැනි පාඩම වන්නේ, පුරවැසියන් තම පාලකයාට ළඟා වීමේ පහසුකම තිබිය යුතු අතර, ඔවුනතර පරතරයක් හෝ මුරකපොල්ලක් නොතිබිය යුතු බවය.

    අබු බකර් (රළි) තුමා අන් අයට ගුණවත් සේවයක් ඉටු කිරීම සඳහා ලැබෙන කිසිදු අවස්ථාවක් පැහැර හැරියේ නැත. ඔහු අවමංගල්‍ය කටුයුතු වලට සහභාගි විය. කුසගින්නේ පෙළෙන ජනතාවට ආහාර සැපයු අතර අසනීප වූවන් බැහැ දැකීමටද අමතක නොකරයි. රාත්‍රි කාලයේ උමර් (රළි) තුමා දෑස් අන්ධ වූ මහළු ස්ත්‍රීයකගේ දෛනික වැඩ කටයුතු නිම කර දීම සිරිතක් කර ගෙන සිටීයේය. එක් රාත්‍රියක් මෙම සේවය සඳහා ගිය විට, තමාට පෙර තවත් කවරෙකු හෝ එහි පැමිණ සියලු වැඩ කටයුතු නිම කර ගොස් තිබෙන බව ඔහුට දැනුනි. ඉන් පසු දිනයේද මෙලෙස සිදු වී තිබෙන

    බව දුටු උමර් (රළි) එම පුද්ගලයා කවුරුන් දැ යි සොයන්නට තීරණය කර, ඊට පසු දින රාත්‍රියේ වේලාසනින් පැමිණ සැඟ වී සිටියේය. මුහුණ ආවරණය කර ගෙන එම රහසිගත පුද්ගලයා පැමිණි විට, උමර් (රළි) ඔහු ව තදින් අල්ලා ගෙන ඔහුගේ මුහුණ නිවාරණය කර බැලු විට, එම තැනැත්තා අන් කිසිවෙකු නොව රාජ්‍ය නායක අබු බකර් (රළි) දුටුවේය. ඉස්ලාමීය අධිරාජ්‍යයේ දෙවැනි නායක බවට උමර් (රළි) පත්වු බව අපි මතකයේ තබා ගත යුතුය. තම පාලන යටතේ ජීවත් වන පුරවැසියන්ගේ සුබසාධනය පිළිබඳ අබු බකර් දැක් වූ උනන්දු ව සහ ඔවුන්ට සේවය කිරිම සදහා ඔහුට තිබු අව්‍යශතාව මෙම සිද්ධිය පෙන්නුම් කරයි. ඒ නිසා අබු බකර්ගේ රාජ්‍ය පාලනයෙන් අපි ඉගෙන ගන්නා සිව්වැනි පාඩම වන්නේ පාලකයා සැබැවින්ම ජනතාවගේ සේවකයෙක් ලෙස කටයුතු කිරීම අව්‍යශ බවය.

    අබු බකර්ගේ පාලනය ආධිපත්‍යයක් හො සර්වාධිකාරියක් හෝ නොවිය. එය උපදේශය පදනම් කර ගත් පාලනයකි. රජයේ පාලනය මධ්‍යගතව නොතිබුණු නමුත් ආයාචනාවක් පැන නැගුනේ නම් අවසාන තීරණ ගැනීමේ බලය කලීෆාවරයා සතු විය. බලය විමධ්‍යගත කිරීමේ ප්‍රතිපත්තිය යටතේ, අති දක්ෂ ඉස්ලාමීය විද්වතුන් යොදවා ප්‍රායෝගි ව රාජ්‍ය පාලනය ඉටු කිරීමට අබු බකර් ක්‍රියා කළේය. නිදසුනක් වශයෙන්, අබු උබෙයිදා ඉබ්නු ජර්රා (රළි) මුදල් අමාත්‍යාංශය යනු අපි අද හඳුන්වන රාජකාරිය භාරව කටයුතු කළේය. රාජ්‍යයට ලැබෙන හඃර්ජ් (ඉඩම් බදු), උශ්ර් (වගාවෙන් ලැබිය යුතු 10% බදු), හුඃම්ස් (ආදායම් බදු), සහ ජිzස්යා නම් රාජ්‍යයේ මුස්ලිම් නොවන ජනතාවට ආරක්ෂා සැපයීම සඳහා අය කරන බද්ද) යන සියලු වගකීම ඔහුට අයත්ය. ජිzස්යා බදු ගෙවන මුස්ලිම් නොවන ජනතාව, මුස්ලිම්වරුන් ගෙවන ඉහත සඳහන් බදු කිසිවක් ගෙවීමට බැඳී නොමැති බව මෙහි සඳහන් කළ යුතුය. සමාජයේ සුබ සාධනය, සේනාවට යුද උපකරණ සැපයීම, සේනාවට ආරක්ෂා සැපයීමේ

    කණ්ඩායම් සූදානම් කිරීම යන සියලු කටයුතු ඔහුගේ වගකීම යටතේ සිදු විය. එමෙන්ම උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) අධිකරණ අමාත්‍යාංශය භාර ව සිටීය. අති දක්ෂ විද්වතුන්ට විවිධ විෂය භාර කර, ඒවා ඉටු කිරීම සදහා අවශ්‍ය වගකීම සහ බලතල පැවරීමෙන් ඔවුන් කෙරෙහි විශ්වාස තබා රාජ්‍ය පාලනය කළ අබු බකර් (රළි) තුමාගෙන් අපට විශාල පාඩමක් ඉගෙන ගත හැක.

    මෙහි සඳහන් කරනු ලැබුවේ ඉතා දක්ෂ රාජ්‍ය පාලක යෙකුගේ ජීවිතයේ පිටු කිහිපයකි. කීර්තිමත් ඉස්ලාමීය රාජ්‍ය ඉතිහාසය පර්යේෂණය කිරිමට කැමති කෙනෙක් තවත් විශාල ප්‍රමාණ විස්තර ලබා ගැනීමට සමත් වන බව නිසැකය. කරුණු කෙසේ වෙතත් අබු බකර් (රළි) තුමාගේ කෙටි පාලන කාලයේ මුළු සමාජය තුළම සහෝදරත්වය, සමානාත්මතාව සහ සාධාරණත්වය පැතිර පැවතු බව ස්ථීර ව ප්‍රකාශ කළ හැක. මෙම ආදර්ශය තුළින් වර්තමාන රාජ්‍ය නායකයන් සියලු දෙනාම ඉගෙන ගත යුතු විශේෂ කරුණු බොහෝමයක් තිබෙන බව ඉන්දියාවේ පියා වන මෝහන්ලාල් කරම්සන්ද් ගාන්ධි තුමා ඉන්දියාවේ කොන්ග්‍රස් මිතුරන්ට ප්‍රකාහ කළේ මෙසේය. “ශ්‍රී රාම්චන්ද්‍ර හෝ ශ්‍රී ක්‍රිෂ්ණ (හින්දු දහමේ මිත්‍යා පුරුෂයින්) යන දෙදෙනා ව මට උදාර පුරුෂයන් ලෙස ඔබට ඉදිරිපත් කළ නොහැක. එයට හේතුව ඒ දෙදෙනාම ඉතිහාසය පිළිගත් පුරුෂයන් නොවන නිසාය. එහෙත් අබු බකර් සහ උමර් යන දෙදෙනාගේ නම් මෙම අවස්ථාවේ සඳහන් නොකර මට මඟ හැරිය නොහැක. එයට හේතුව ඒ දෙදෙනාම විශාල අධිරාජ්‍යයක බලවත් පාලකයින් ව කටයුතු කළ නමුත්, ඒ දෙදෙනාම ජීවිත් වුයේ ශ්‍රමණභාවය පදනම් කර ගත් මාර්ගයේ නිසාය.” (හරිජන් සඟරාව 1937 ජූලි මස 27 වන දින කලාප)

    :http://radianceweekly.in/portal/issue/governance-in-early-islamic-period/article/caliph-abu-bakr/#sthash.3G35c0RT.dpuf

    වර්ග: