හජ් හා උම්රා පිළිබඳ පාඩම

කෙටි හැඳින්වීම

1. හජ් හී සැඟවුනු යථාර්ථය සහ අලංකාරය
2. හරම් සිමාව සහ මිකාත් හී විසත්ර
3. මිකාත් පිළිබඳ විස්තර
4. කාන්තාවක් හජ් හෝ උම්රා කිරීමේ නීතිය

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    හජ් හා උම්රා පිළිබඳ

    පාඩම

    ] සිංහල – Sinhala – [ سنهالي

    අෂ් ෂෙයික් තුවෙයිජිරි

    පිරිවර්තක: මාහිර් රම්ඩීන්

    2014 - 1435

    أحكام الحج والعمرة

    « باللغة السنهالية »

    محمد بن إبراهيم التويجري

    ترجمة: ماهر رمدين

    2014 - 1435

    6- හජ් හා උම්රා පිළිබඳ පාඩම

    1-හජ් හි නීති රීති පිළිබඳ අවබෝධය

    අල්-හජ්

    හජ් යනු එහි වතාවන් ඉටු කිරීම පිණිස නියමිත වේලාවක මක්කාහ්ව අරමුණ කර ගනිමින් එහි පිවිස සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් කිරීමය.

    මක්කාහ් හරම් හි සීමාවන්

    බටහිරින් හුදෙයිබා නොහොත් අෂ්ෂමීසී නම් ස්ථානයයි. එය මස්ජිදුල් හරාම් හි සිට කිලෝ මීටර 22 දුරින් ජිද්දා මාර්ගයේ පිහිටා ඇත.

    නැගෙනහිරින් බටහිර උරනා නම් මිටියාවතෙ හි ගංඉවුරු පිහිටා ඇති ස්ථානයයි. එය කිලෝ මීටර 15ක දුරින් තාඉෆ් මාර්ගයේ පිහිටා ඇත. ජුඃරානා ෂරාඉඉල් මුජාහිදීන් නම් ප්‍රදේශයෙන් ගත් විට එය කිලෝ මීටර 16ක දුරින් පිහිටා ඇත.

    උතුරින් කිලෝමීටර 7 ක දුරින් පිහිටා ඇති අත්-තන්ඊම් නම් ප්‍රදේශයයි.

    දකුණින් කිලෝ මීටර 12 ක දුරින් යමන් මාර්ගයේ පිහිටා ඇති අළාත් ලීන් නම් ප්‍රදේශයයි.

    මස්ජිදුල් හරම් හි විශේෂත්වය

    මස්ජිදුල් හරම් මුළුමණින්ම පාරිශුද්ධ ස්ථානයකි. පොදුවේ සලකන විට එය ලොවෙහි ඇති විශාලතම මස්ජිදයයි. මිහිතලයේ ජනයා වෙනුවෙන් ඉඳි කරන ලද මුල් ගෘහය වශයෙන් අල්ලාහ් කඃබාව පිහිටෙව්වේය. සියලු ප්‍රදේශයන් හි ස්ථාපිත වී තිබෙන සියලු මස්ජිදයන් හි දිශාව ලෙස කිබ්ලාව පත් කළේය. එමෙන්ම මුළු විශ්වයටම මාර්ගෝපදේශයක් ලෙසත් අභිවෘද්ධියක් ලෙසත් එය පත් කරන ලදී.

    කඃබාව පිහිටි මස්ජිදයේ හා හරම් සීමාව තුළ පිහිටි සියලු මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතය සෙසු මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතයට වඩා සිය දහස් ගුණයකින් උතුම්ය. එනමුත් කඃබාව පිහිටි මස්ජිදය විශේෂ තැනක් ගනී. එහි මුස්ලිම් වරුන් අධිකව රැස් වන බැවින් ද කිබ්ලාවට ඉතා කිට්ටු බැවින් ද උතුම් හා පිවිතුරු බවින් උසස් වන හෙයිනි.

    මෙය ඉමහත් භාග්‍යයකි. එය මක්කාවට පමණක් අල්ලාහ් සුවිශේෂ කළේය. එය වත් පිළිවෙත් ඉටු කරනු ලබන නිවසකි. මැවීම් සියල්ල නැමදුම් කරන දේව ස්ථානයකි. සියලු ජනයාට එක හා සමානව ස්ථාපිත කළ පරමාධිපතියාණන්ගේ පාරිශුද්ධ ස්ථානයකි. එහි කිසිදු ලේ හැළීමක් හෝ කිසිදු ආකාරයේ දඩයමක් කිරීමට හෝ වැටී ඇති කිසිවක් ඇහිලීමට හෝ ගස් කැපීමට හෝ අනුමැතිය නැත. දේව ආදේශකයින් එහි පිවිසීම තහනම් කර ඇත. එහි සිදු කරනු ලබන පාපයන් මහත් බරපතළය.

    පාරිශුද්ධත්වය හා එහි සලකුණු රැඳී ඇත්තේ සියලු මුස්ලිම් වරුන් එහි රැස් වී රැඳිය හැකි පරිදි අල්ලාහ් පත් කළ එම මස්ජිදුල් හරාම්හි ය. ඔවුන් සියල්ල එහි එක හා සමානය.

    1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ وَمَنْ يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ

    සැබැවින්ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් ද එහි රැඳී සිටින හා දුරින් සිටින අයට සමාන වන සේ මිනිසුනට අපි පත් කළ (මක්කාහ්වේ දේව ස්ථානය වූ) මස්ජිදුල් හරාමයෙන් වළක්වන අයට ද එහි අපරාධ කරමින් කවරෙකු දැඩි භාවය අපේක්ෂා කරන්නේ ද ඔහුට වේදනීය දඬුවම භුක්ති විඳ වන්නට සැලැස්වූයෙමු. (අල්-කුර්ආන් 22:25)

    2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ ، فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.

    සැබැවින්ම ජනයා වෙනුවෙන් (නැමදුමට) තබනු ලැබූ පළමු වන නිවස අභිවෘද්ධිය ලත් හා සමස්ත ලෝකවාසීන්ටම මඟ පෙන්වන්නක් වන මක්කාහ්වෙ හි පිහිටා ඇත්තෙකි.

    එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්‍රාහීම්ගේ ස්ථානය (ඉන් එකකි.) කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු අභය ලාභියෙකු වන්නේය. ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට, එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3:96,97)

    3.

    عَنْ جَابِرٍ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "صَلَاةٌ فِي مَسْجِدِي أَفْضَلُ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ إِلَّا الْمَسْجِدَ الْحَرَامَ وَصَلَاةٌ فِي الْمَسْجِدِ الْحَرَامِ أَفْضَلُ مِنْ مِائَةِ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ" (أخرجه أحمد وابن ماجه)

    සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මාගේ මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය වෙනත් මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතයට වඩා දහස් වාරයකට වඩා උතුම් වෙයි. නමුත් මස්ජිදුල් හරාම් හැර. මස්ජිදුල් හරාම් හි ඉටු කරනු ලබන සලාතය වෙනත් මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතයට වඩා සිය දහස් වාරයකින් උතුම් වේ. (මූලාශ්‍රය: අහ්මද්, ඉබ්නු මාජා)

    4.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِنَّ اللهَ حَرَّمَ مَكَّةَ فَلَمْ تَحِلَّ لِأَحَدٍ قَبْلِي وَلَا تَحِلُّ لِأَحَدٍ بَعْدِي وَإِنَّمَا أُحِلَّتْ لِي سَاعَةً مِنْ نَهَارٍ لَا يُخْتَلَى خَلَاهَا وَلَا يُعْضَدُ شَجَرُهَا وَلَا يُنَفَّرُ صَيْدُهَا وَلَا تُلْتَقَطُ لُقَطَتُهَا إِلَّا لِمُعَرِّفٍ وَقَالَ الْعَبَّاسُ يَا رَسُولَ اللهِ إِلَّا الْإِذْخِرَ لِصَاغَتِنَا وَقُبُورِنَا فَقَالَ إِلَّا الْإِذْخِرَ" (متفق عليه)

    සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    සැබැවින්ම අල්ලාහ් මක්කාහ්ව පිවිතුරු කළේය. මට පෙර කිසිවෙකුට (එහි යුද වැදීමට) අනුමත නොකළේය. මගෙන් පසුව ද කිසිවෙකුට අනුමත නොකළේය. එසේ (යුද වැදීමට) මට අනුමත කරනු ලැබුවේ දහවල් කාලයේ එක් හෝරාවක් පමණි. එහි ඇති ශාක ඉවත් නොකළ යුතුයි. එහි ඇති ගස් කපා නොදැමිය යුතුයි. එහි සතුන් දඬයම් නොකළ යුතුයි. එහි වැටී ඇති වස්තුව තමන්ගේ යැයි හඳුනා ගත්තෙකු හැර වෙන කිසිවෙකු ඇහිලිය නොයුතුයි. යැයි පැවසූහ.

    අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණනි, අපගේ රන්කරුවන් හා අපගේ කබ්ර් වලට භාවිත කරන ඉද්හර් හැර යැයි පැවසුවේය.

    එවිට එතුමා ඉද්හර් හැර යැයි ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    බයිතුල් හරම් හි නිල මට්ටම

    බයිතුල් හරාම් හෙවත් පාරිශුද්ධ ගෘහය අල්ලාහ් ගෞරවයට පාත්‍ර කොට ඇත. මස්ජිදුල් හරාම් හෙවත් හරාම් දේව ස්ථානය එහි බලකොටුව බවට පත් කර ඇත.

    එමෙන්ම මක්කාහ්ව මස්ජිදුල් හරාම් හි බලකොටුව බවටත්

    හරාම් හෙවත් පාරිශුද්ධත්වය මක්කාහ්වේ බලකොටුව බවටත් අල්ලාහ් පත් කළේය.

    මේ සියල්ල අල්ලාහ්ගේ බයිතුල් හරාම් හෙවත් පාරිශුද්ධ ගෘහය ගරු කිරීමක් බල මහිමයට පත් කිරීමක් වශයෙන් පිහිටා ඇත.

    إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ ، فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.

    සැබැවින්ම ජනයා වෙනුවෙන් (නැමදුමට) තබනු ලැබූ පළමු වන නිවස අභිවෘද්ධිය ලත් හා සමස්ත ලෝකවාසීන්ටම මඟ පෙන්වන්නක් වන මක්කාහ්වෙ හි පිහිටා ඇත්තෙකි.

    එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්‍රාහීම්ගේ ස්ථානය (ඉන් එකකි.) කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු අභය ලාභියෙකු වන්නේය. ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට, එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3:96,97)

    හජ් හි සැඟවුනු යථාර්ථයන් හා අලංකාරයන්

    1- හජ් වන්දනාව ඉස්ලාමීය සහෝදරත්වය ඉස්ලාමීය සමාජ ඒකීය භාවය සනිටුහන් කරන්නකි. විවිධ ජාතීන් විවිධ වර්ණයෙන් යුත් විවිධ භාෂාවන් කතා කරන විවිධ දේශයන් හි ප්‍රාන්තයන් හි ජීවත් වන ජනයා ඒ වෙත ගලා ගෙන එති. නැමදුමෙහි යථාර්ථය සහෝදරත්වය එයින් ඉස්මතු වේ.

    සියලු දෙනා එකම ඇඳුමින් සැරසී කිබ්ලා දෙසට මුහුණ ලා එකම දෙවියෙකු නමදිති.

    2- හජ් පාසලකි. මුස්ලිම්වරයා එහි ඉවසීම මත හසුරුවනු ලබයි. පරමාන්ත දිනය හා එදින බිහිසුණු සිදුවීම් පිළිබඳව මතකයට නැගෙයි. අල්ලාහ්ට නැමදුම් කිරීමේ රැචිය හැඟෙයි. තම පරමාධිපතිගේ මහිමය වටහා ගනියි. ඔහු සතු (භෞතික වස්තූන්) සියලු දෑ නොටිනා බව අවබෝධ කර ගනියි.

    3- හජ් කුසල් සම්භාරයක් උපයා ගැනීමේ හා කළ වැරදි වලට සමාව හිමි කර ගැනීමේ සමයයි. එහි දී ගැත්තෙකු තම පරමාධිපති අබියස සිට ඔහුගේ ඒකීය භාවය පිළිගෙන ප්‍රාර්ථනා කරයි. තමන් කළ පාපයන් පරමාධිපති ඉදිරියේ තබා ඔහුට නිසි ලෙස නැමදුම් කිරීමට නොහැකි වීම ගැන අවබෝධ කර ගනියි. පසුව අලුත උපන් දරුවෙකු මෙන් සියලු පාපයන්ගෙන් මිදුනු කෙනෙකු සේ පවිත්‍ර ලෙසින් තම ගම රට බලා නැවත හැරී යයි.

    4- හජ් හි නබි වරුන් හා රසූල් වරුන්ගේ තත්ත්වයත් ඔවුන්ගේ නැමදුම ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු ඔවුන්ගේ කැපවීම ඔවුන්ගේ ගුණවත්කම හා තම පවුල දරුවන් වෙන්වීමේ දී ඔවුන් තම ආත්මය සනසා ගත් සැටි සිහිපත් වෙයි.

    5- හජ් එක් මිනුම් ඒකකයකි. එමගින් ඇතැමුන් ඇතැමුන්ගේ තත්ත්වයන් මැනවින් වටහා ගනී. ඔවුන් අතර ඇති නුවණ හා අනුවණ කම පොහොසත් හා දුප්පත් කම තැන්පත්කම හා වේගවත් කම මැන බලයි. එය ඔවුන් තුළ ඇති ගුණාංගයන් ඉස්මතු කරයි. ඔවුන්ගේ එකමුතු භාවය මෙමගින් විඳහා පෙන්වයි.

    හජ් හි නීතිය

    ඉස්ලාමීය වගකීම් අතුරින් පස් වැනි වගකීම හජ් වේ. එය වැඩිවියට පත් සිහිබුද්ධිය ඇති තම ජීවිතය තුළ හජ් කිරීමට ශක්තිය ඇති සෑම නිදහස් මුස්ලිම්වරයෙකුටම එය ක්ෂණිකව ඉටු කිරීම අනිවාර්යය වගකීමකි.

    හිජ්රි වර්ෂ 9 යේ දී හජ් වන්දනාව අනිවාර්යය කරනු ලැබීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එක් වරක් පමණක් හජ් ඉටු කළේය. එය හජ්ජතුල් විදා නම් එතුමාණන් මෙලොවින් සමු ගත් වසරේ ඉටු කළ හජ් වන්දනාවයි.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.

    ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3: 97)

    2-

    وعن بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إنَّ الإسْلاَمَ بُنِيَ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ وصِيَامِ رمضانَ وَحَجِّ الْبَيْتِ متفق عليه

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘‘සැබැවින්ම ඉස්ලාම් ලා ඉලාහ ඉල්ලල්ලාහ් නම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීම සලාතය ස්ථාපනය කිරීම zසකාත් ලබා දීම රමළානයේ උපවාස ශීලය රැකීම අල්ලාහ්ගේ නිවස වෙත හජ් ඉටු කිරීම යන කරුණු පහ මත ගොඩ නැගී ඇත. (මූලාශ්‍රය : බුහාරි මුස්ලිම්)

    හජ් අනිවාර්යය වන උදවිය

    හජ් ඉටු කිරීම සඳහා හැකියාව ඇත්තන් කෙරෙහි හජ් අනිවාර්යය වේ.

    හැකියාව ඇත්තා : එනම් ශරීර සුවයෙන් පසු වන ගමන් කිරීමට ශක්තිය ඇති හජ් ඉටු කර නැවත පැමිණීමට ප්‍රමාණවත් ගමන් මෙවලම් හා ප්‍රවාහන පහසුකම් ඇති ණය පියවා තම පවුල වෙනුවෙන් ෂරීආහ්ව නියම කළ වියදම් සියල්ල සපුරා දුන් පුද්ගලයාය.

    හජ් ඉටු කිරීම සඳහා ධනයෙන් හා ශරීරයෙන් හැකියාව ලැබූවන්ට පොදුවේ හජ් කිරීම අනිවාර්යය වේ. ධනය තිබී ශරීර සුවය නොමැති නම් හජ් කිරීම සඳහා ඔහු වෙනුවෙන් තවත් කෙනෙකු පත් කිරීම අනිවාර්යය වේ. ශරීර සුවය තිබී ධනය නොමැති නම් ඔහු කෙරෙහි හජ් අනිවාර්යය නොවේ. ධනයෙන් හා ශරීරයෙන් හැකියාව නොලැබූවන් හජ් හි වගකීමෙන් ඉවත් වනු ඇත.

    ධනය නොමැති උදවිය zසකාත් අරමුදල ලබා එමගින් හජ් කිරීමට අනුමැතිය ඇත. හේතුව හජ් කිරීමද ෆී සබීලිල්ලාහ් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ ගමන් කිරීමක් වන බැවිනි.

    කෙනෙකුට හජ් අනිවාර්යය වී ඔහු හජ් ඉටු නොකරම මිය ගියේ නම් ඔහු හැර දමා ගිය ධනයෙන් ඔහු වෙනුවෙන් හජ් ඉටු කිරීමට ඉඩ සැලැස්විය යුතුයි.

    කාන්තාවකට ඇය සමඟ පියා පුතා ස්වාමියා වැනි මහ්රම් උදවිය නොමැතිව හජ් ඉටු කිරීම අනිවාර්යය නොවේ.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.

    ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3: 97)

    හජ් හා උම්රාවෙ හි මහිමය

    1.

    عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: سُئِلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الْأَعْمَالِ أَفْضَلُ قَالَ "إِيمَانٌ بِاللهِ وَرَسُولِهِ" قِيلَ ثُمَّ مَاذَا قَالَ "جِهَادٌ فِي سَبِيلِ اللهِ" قِيلَ ثُمَّ مَاذَا قَالَ "حَجٌّ مَبْرُورٌ" (متفق عليه)

    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    කවර ක්‍රියාවන් වඩා උතුම් වන්නේ දැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)ගෙන් විමසන ලදී. (එවිට) අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කිරීම යැයි පැවසූහ. පසුව කුමක් දැයි විමසන ලදී. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමය යැයි පැවසූහ. පසුව කුමක් දැයි විමසන ලදී පිළිගනු ලබන හජ් යැයි පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2.

    عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "مَنْ حَجَّ لِلهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ" (متفق عليه)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    කවරෙකු හජ් ඉටු කර අශීලාචාරව නොහැසිර පාපකම් ද නොකළේ නම් දරුවෙකුව තම මව ප්‍රසූත කළ දිනය මෙන් ඔහු නැවත හැරී එන්නේය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    3.

    عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا وَالْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الْجَنَّةُ" (متفق عليه)

    සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    උම්රාවක සිට තවත් උම්රාවක් ඒ දෙක අතර සිදු වන (පාප) දෑ සඳහා වන්දියක් වනු ඇත. පිළිගනු ලැබූ හජ්, එයට ස්වර්ගය මිස වෙන කිසිදු ප්‍රතිඵලයක් නොමැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    හජ් හා උම්රා අනුගමනය කිරීමේ මහිමය

    عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ وَلَيْسَ لِلْحَجَّةِ الْمَبْرُورَةِ ثَوَابٌ إِلَّا الْجَنَّةُ" (أخرجه أحمد والترمذي)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    හජ් හා උම්රා අතර අනුගමනය කරන්න. සැබැවින්ම මයිනහම යකඩ රන් හා රිදී වල මල බැඳුනු දෑ ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳු කම හා පාපය තුරන් කරන්නේය. පිළි ගනු ලබන්නා වූ හජ් සඳහා ස්වර්ගය මිස වෙන කිසිදු කුසලක් නොමැත. (මූලාශ්‍රය: අහ්මද්, තිර්මිදී)

    මහ්රම් කෙනෙකු නොමැතිව කාන්තාවක් හජ් හෝ උම්රා කිරීමේ නීතිය

    1. කාන්තාවකට හජ් අනිවාර්යය වීම සඳහා තම ස්වාමි පුරුෂයා හෝ කවදත් ඇයට විවාහ වීමට තහනම් වුණු පියා සහෝදරයා පුතා වැනි මහ්රම් කෙනෙකු හෝ ලබා තිබීම කොන්දේසි වශයෙන් පැන වේ. ඇය සමග හජ් කිරීමට ඔවුන් ප්‍රතික්ෂේප කළේ නම් එවිට ඇය කෙරෙහි ඉටු කිරීම අනිවාර්යය නොවේ. මහ්රම් නොමැතිව ඇය හජ් ඉටු කළේ නම් එවිට ඇයි පාපියෙකි. ඇය ඒ සඳහා පශ්චාත්තාප විය යුතුයි. සමාව අයැද සිටිය යුතුයි. නමුත් ඇයගේ හජ් නිවැරදිය.

    2. හජ් හෝ වෙනත් ගමනක් හෝ මහ්රම් නොමැතිව කාන්තාවක් ගමන් කිරීම සුදුසු නොවෙයි. ඇය තරුණියක් හෝ මැහැල්ලියක් වුව ද කාන්තාවන් සමඟ හෝ ඔවුන් නොමැතිව වුව ද ගමන කෙටි හෝ දීර්ඝ වුව ද එක හා සමානය. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇති බැවිනි.

    "لَا تُسَافِرْ الْمَرْأَةُ إِلَّا مَعَ ذِي مَحْرَمٍ"

    ‘කාන්තාව මහ්රම් අය සමඟ මිස ගමන් නොයා යුතුයි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    වෙනත් කෙනෙකු වෙනුවෙන් හජ් ඉටු කිරීමේ නීතිය

    මුස්ලිම් වරයෙකු තමන් වෙනුවෙන් හජ් ඉටු කර ඇත්නම් වෙනත් කෙනෙකු වෙනුවෙන් හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත.

    මුස්ලිම් වරයෙකු මියගිය කෙනෙකු වෙනුවෙන් හෝ හැකියාවක් නොලබන කෙනෙකු වෙනුවෙන් හෝ ඔහු කාන්තාවක් වුව ද පිරිමියෙකු වුව ද හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත.

    අමතර හජ් හෝ උම්රා ඉටු කිරීම විෂයෙහි තමන් කෙනෙකුට ණයක් ලබා දී ඇත්නම් එම ණය වෙනුවට තමන් වෙනුවෙන් කුලියට හෝ කුලිය නොමැතිව හෝ හජ් ඉටු කර සිටින මෙන් ණය ගැත්තාගෙන් ඉල්ලා සිටිය හැක. එසේ පවරන්නා හජ් වතාවන් ඉටු කරන අවස්ථාවෙහි හජ් හි තහනම් කරුණු වලින් වැළකී සිටීම අනිවාර්යය නොවේ.

    වයස්ගත කෙනෙකු වෙනුවෙන් හෝ සුව නොවන රෝගියෙකු වෙනුවෙන් හෝ මිය ගිය ඇත්තෙකු වෙනුවෙන් හෝ හජ් ඉටු කරන්නා කවර ස්ථානයක සිට හෝ ඉහ්රාම් බැදිය හැක. කෙනෙකු වෙනුවෙන් හජ් ඉටු කරන්නාගේ දේශයේ සිට ගමන පටන් ගත යුතු යැයි අනිවාර්යයක් නොවේ.

    عَنْ بُرَيْدَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: بَيْنَما أَنَا جَالِسٌ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَتَتْهُ امْرَأَةٌ فَقَالَتْ: إِنِّي تَصَدَّقْتُ عَلَى أُمِّي بِجَارِيَةٍ وَإِنَّهَا مَاتَتْ قَالَ فَقَالَ وَجَبَ أَجْرُكِ وَرَدَّهَا عَلَيْكِ الْمِيرَاثُ قَالَتْ يَا رَسُولَ اللهِ إِنَّهُ كَانَ عَلَيْهَا صَوْمُ شَهْرٍ أَفَأَصُومُ عَنْهَا قَالَ صُومِي عَنْهَا قَالَتْ إِنَّهَا لَمْ تَحُجَّ قَطُّ أَفَأَحُجُّ عَنْهَا قَالَ حُجِّي عَنْهَا (أخرجه مسلم)

    බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් අසලින් මම වාඩි වී සිටියෙමි. එවිට කාන්තාවක් පැමිණ ‘මාගේ මවට මම වහලියක් පරිත්‍යාග කළෙමි. මව මිය ගියාය.‘ යැයි පැවසුවාය. එවිට එතුමාණෝ ‘ඔබට නියමිත කුසල් අනිවාර්යය විය. උරුමය නැවත ඇයව ඔබට පිරිනමා ඇතැ‘යි පැවසූහ. තව දුරටත් ඇය, ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඇය කෙරෙහි මසක කාලයක් උපවාසය අනිවාර්යය වී තිබිණ. ඇය වෙනුවට මම එම උපවාසයේ නිරත වෙන්නෙම් දැයි විමසීය. ඔබ ඇය වෙනුවට උපවාසයේ නිරත වන්නැයි එතුමා පිළිතුරු දුන්හ. ඇය කිසි විටක හජ් ඉටු කළේ නැත ඇය වෙනුවට මම හජ් ඉටු කරන්නෙම් දැයි විමසුවාය. ඔබ ඇය වෙනුවට හජ් ඉටු කරන්නැයි එතුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

    ඔසප් හා නිෆාස් තත්ත්වයේ පසු වන කාන්තාවකගේ ඉහ්රාම්

    ඔසප් හා නිෆාස් තත්ත්වයේ පසු වන කාන්තාවන් ස්නානය කොට හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් පැලඳ ගැනීමට අනුමැතිය ඇත. ඇයගේ ඉහ්රාම් තත්ත්වය දිගට පවතින අතර ඇය හජ් හි පිළිවෙත් ද ඉටු කරන්නීය. නමුත් ඇය පිරිසිදු තත්ත්වයට පත් වන තෙක් තවාෆ් නොකරන්නීය. පසුව ඇය ස්නානය කර ඇයගේ වත්පිළිවෙත් පූර්ණවත් කර පසුව ඇය ඉහ්රාමයෙන් මිදෙන්නීය. උම්රා සඳහා ඉහ්රාම් ඇද ගත්තේ නම් ඇය පිරිසිදු තත්ත්වයට පත් වන තෙක් රැඳී සිට පසුව ස්නානය කර උම්රාවෙ හි වත්පිළිවෙත් ඉටු කළ පසුව ඉහ්රාමයෙන් මිදෙන්නීය.

    දරුවෙකු හජ් හෝ උම්රා ඉටු කිරීමේ නීතිය

    1- කුඩා අවදියේ පසුවන්නෙකු හජ් සඳහා ඉහ්රාම් බැන්ඳේ නම් එය නෆීල් හෙවත් අතිරේක දෙයක් වශයෙන් සැලකේ. ඔහු හොද නරක තෝරා ගත හැකි වයසක පසු වන්නේ නම් වැඩිවියට පත් සෙසු ජනයා සිදු කරනවාක් මෙන්ම ඔහු ද එම වතාවන් ඉටු කරයි. ඔහු වයසින් අඩු නම් ඔහු වෙනුවට ඔහුගේ භාරකරු ඉහ්රාම් පැලඳ තවාෆ් කර සඃයු කර ඔහු වෙනුවෙන් ෂෙයිතාන්ට ගල් ගසයි. එහිදී වඩාත් උතුම් වන්නේ හජ් හා උම්රා පිළිවෙත් හි ඔහුට සිදු කිරීමට හැකියාව ඇති පිළිවෙත් ඉටු කිරීමයි. ඔහු හජ් වගකීම පැවරෙන අවදියට පැමිණියේ නම් හජ් ඉටු කිරීම ඔහුට අනිවාර්යය වෙයි.

    2- දරුවෙකු වෙනුවෙන් ඉහ්රාම් බැඳ පසුව රෝගයකින් හෝ අධික සෙනඟ හේතුවෙන් හෝ එවැනි යම් හේතුවක් මත එහි වතාවන් සම්පූර්ණ කිරීමට නොහැකි වෙතොත් එය සම්පූර්ණ කිරීම ඔහුට අනිවාර්යය නොවෙයි. හේතුව ඔහු වගකීම් දරන වසයට එළැඹ නොමැති බැවිනි. එහෙයින් නැවත එම වතාවන් ආරම්භයේ සිට කිරීම හෝ එම වතාවන් සම්පූර්ණ කිරීම හෝ අනිවාර්යය නොවයි. ඉහ්රම් තත්ත්වයේ නුසුදුසු ක්‍රියාවක් කළේ නම් ඒ වෙනුවට කිසිදු වන්දියක් ලබා දීමේ අවශ්‍යතාව ද නොමැත.

    3- දරුවෙකු හෝ උම්මත්තකයෙකු හෝ හජ් ඉටු කළ විට ඔවුන් දෙදෙනාගේ හජ් නිවැරදිය. පසුව දරුවා වැඩි වියට පත් වූයේ නම් හෝ උම්මත්තකයාට සිහිය පැමිණියේ නම් හෝ ඔවුන් දෙදෙනා ඉස්ලාමයේ හජ් වගකීම නැවත ඉටු කිරීම අනිවාර්යය වේ.

    4- වැඩිවියට පත් වහලෙකු තමන් විසින් හෝ තව කෙනෙකුගේ වියදමින් හෝ හජ් ඉටු කළේ නම් ඔහුගේ හජ් නිවැරදිය. ඔහුට එය ප්‍රමාණවත්ය.

    5- දරුවෙකු වෙනුවෙන් හජ් ඉටු කිරීම සුන්නාහ්වකි. කවරෙකු ඔහු වෙනුවෙන් හජ් ඉටු කරන්නේ ද ඔහුට කුසල් හිමි වනු ඇත. එහි සෙනඟ අධික නම් හෝ දුෂ්කර නම් හෝ වඩාත් උචිත වන්නේ ඔහු වෙනුවෙන් ඉහ්රාම් නොබැඳීමය.

    عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ: رَفَعَتْ امْرَأَةٌ صَبِيًّا لَهَا فَقَالَتْ يَا رَسُولَ اللهِ أَلِهَذَا حَجٌّ قَالَ نَعَمْ وَلَكِ أَجْرٌ (أخرجه مسلم)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කාන්තාවක් දරුවෙකු ඔසවා අල්ලාහ්ගේ දූතයාණනි, මොහුටත් හජ් තිබේ දැයි විමසුවාය. එයට එසේය එමෙන්ම ඔබට ද කුලිය ඇතැයි පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

    දේව ආදේශ තබන්නෙකු මස්ජිදුල් හරාම් වෙත පිවිසීමේ නීතිය

    දේව අදේශ තබන්නෙකු මස්ජිදුල් හරාම් වෙත පිවිසීම සුදුසු කාර්යයක් නොවේ. කවරෙකු එසේ කෙනෙකුව ඇතුළු කරන්නේ ද ඔහු පාපියෙකි. ඒ වෙනුවෙන් පාපක්ෂමාවේ නියැළීමත් ඔහුව එයින් පිටමං කිරීමත් ඔහු කෙරෙහි පැවරෙනු ඇත.

    ඒ හැර ඉස්ලාමය පිළිබඳ අවබෝධ කර ගැනීම යම් කිසි ත්‍යාගයක් පිරීනැමීම වැනි අවශ්‍යතාවන් ඇතොත් සෙසු මස්ජිදයන් තුළ එවන් ආදේශ තබන්නන් ඇතුළු වීම වරදක් නොවෙයි.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَذَا وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ إِنَّ اللهَ عَلِيمٌ حَكِيمٌ

    විශ්වාස කළවුනි, සැබැවින්ම ආදේශ තබන්නන් අපිරිසිදුමය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව මස්ජිදුල් හරාම් වෙත ඔවුන් සමීප විය නොයුතුයි. නුඹලා දිළිඳුකමට බිය වූයෙහු නම් අල්ලාහ් අභිමත කළහොත් තම වරප්‍රසාදයෙන් නුඹලාව පොහොසත් කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය මහත් ප්‍රඥාවන්තය. (අල්-කුර්ආන් 9:28)

    وَعَنْ أَبِيْ هُرَيْرَةَ رضي الله عنه قَالَ بَعَثَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَيْلًا قِبَلَ نَجْدٍ فَجَاءَتْ بِرَجُلٍ مِنْ بَنِي حَنِيفَةَ يُقَالُ لَهُ ثُمَامَةُ بْنُ أُثَالٍ فَرَبَطُوهُ بِسَارِيَةٍ مِنْ سَوَارِي الْمَسْجِدِ فَخَرَجَ إِلَيْهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَطْلِقُوا ثُمَامَةَ فَانْطَلَقَ إِلَى نَخْلٍ قَرِيبٍ مِنْ الْمَسْجِدِ فَاغْتَسَلَ ثُمَّ دَخَلَ الْمَسْجِدَ فَقَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ. (متفق عليه

    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා නජ්ද් දේශයට අශ්ව සේනාවක් යැවූහ. ඔවුන් බනූ හනීෆා ගෝත්‍රයේ සුමාමා ඉබ්නු උසාල් නමැති පුද්ගලයෙකුව ගෙනැවිත් මස්ජිදයේ කණු අතුරින් එක් කණුවක බැඳ දැමූහ. එවිට ඔහු වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයාණෝ සුමාමාව අත හරින්නැයි පවැසුහ. ඔහු මස්ජිදයට නුදුරින් පිහිටි ඉඳි ගසක් අසලට ගොස් ස්නානය කර පසුව මස්ජිදයට පිවිස පසුව අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදර් රසූලුල්ලාහ් - අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් අල්ලාහ්ගේ දූතයාණන් බවත් මම සාක්ෂි දරමි- යැයි පවසා සිටීය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2- අල්-මවාකීත්

    අල්-මවාකීත් යනු මීකාත් යන පදයෙහි බහු වචනයයි. එය නැමදුම් කරන නියමිත ස්ථානයයි. එය කාල සීමාව යනුවෙන් ද අර්ථවත් වෙයි.

    මවාකීත් නියම කිරීමේ යථාර්ථය

    අල්ලාහ්ගේ ගෘහය ගෞරවයට හා මහිමයට පත් වූ කල්හි අල්ලාහ් එයට බලකොටුවක් තැනීය. එය මක්කාහ්වයි. එමෙන්ම එයට වැටක් ද තැනීය. එය හරම් දේශ සීමාවයි. එම හරම් දේශ සීමාවට නියමිත මායිමක් ඇත. හජ් හෝ උම්රා සඳහා පැමිණෙන්නන් එම සීමා මායිම් හි අල්ලාහ්ට ගරු බුහුමන් දැක්වීම පිණිසත් ඔහුගේ නිවස වන මස්ජිද් හරාම් බැහැ දැකීම ගරු කොට සැලකීම පිණිසත් අදින් ඉහ්රාම් ඇඳුම නොඇඳ එම සීමාවන් තරණය කිරීමට අනුමැතිය නොමැත.

    මවාකීත් හි වර්ග

    මවාකීත් වර්ග දෙකකි.

    පළමුවැන්න : කාලය හා සම්බන්ධ සීමාවන්ය. එනම් හජ් සමය යැයි සලකන ෂව්වාල්, දුල් කඃදා, දුල් හිජ්ජා යන මාසයන්ය.

    හජ් සඳහා ඉහ්රාම් බඳින්නට ආරම්භ කරනුයේ ෂව්වාල් මස ආරම්භයේ සිටය. එම හජ් හි ඉහ්රාම් බැඳීමේ අවසන් වේලාව වනුයේ අවුරුදු දින ෆජ්ර් සලාතයට පෙරය.

    තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆ් හැර හජ් හි සෙසු සියලු වතාවන් දුල් හිජ්ජා මස 13 වැනි දින හිරු අවරට යාමත් සමඟ අවසන් වෙයි. නමුත් යම් කිසි බාධාවක් හේතුවෙන් සඃයු හා තවාෆ් කිරීමට ප්‍රමාද වී නම් අවශ්‍යතාව අනුව එය හජ් මස අවසන් දක්වා ප්‍රමාද කිරීමට අනුමැතිය ඇත.

    දෙවැන්න: ස්ථාන හා සම්බන්ධ සීමාවන්ය. මේවා හජ් හෝ උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන්නන් ඉහ්රාම් බැද ගත යුතු මායිම්ය. එම මායිම් ස්ථාන පහකි.

    1- දුල් හුලෙයිෆා: මෙය මදීනා වැසියන්ගේ ද හා ඒ අවට වෙසෙන්නන්ගේ ද ඒ ඔස්සේ පැමිණෙන අයගේ ද මායිම් ස්ථානයයි. එය මක්කාවේ සිට කිලෝ මීටර 420ක පමණ දුරින් පිහිටා තිබේ. මක්කාවේ සිට දුරින්ම පිහිටි මායිම මෙය වේ. එය වාදිල් අකීක් යන නමින් ද හැඳින් වේ. මස්ජිදුෂ් ෂජරා නම් මස්ජිදය පිහිටා ඇත්තේ එම මායිම් ස්ථානයේය.

    මෙම මායිම මදීනාවට උතුරින් මස්ජිදුන් නබවී සිට කිලෝ මීටර 13ක දුරින් පිහිටා ඇත. මෙම භාග්‍යවන්ත මිටියාවතෙ හි සලාතය ඉටු කිරීම සතුටු දායකය.

    2- අල්-ජුහ්ෆා මෙය සිරියාව තුර්කිය ඊජිප්තුව වැනි රටවල් හා බටහිර රටවල් අතුරින් පැමිණෙන වන්දනා කරුවන් හා ඒ ඔස්සේ පැමිණෙන වන්දනා කරුවන්ගේ මායිම් ස්ථානයයි. එය ෂිර්කි රාබිඃ නම් ගම්මානයයි. මක්කාහ්වේ සිට කිලෝ මීටර 176ක පමණ දුරින් පිහිටා ඇත.

    දැන් වන්දනා කරුවන් රාබිඃ නම් ස්ථානයට බටහිර දෙසින් පිහිටි මුහුදු බඩ ප්‍රදේශයේ සිට ඉහ්රාම් බඳිති.

    3- යලම්ලම් මෙය යමන් හා ඒ අවට වෙසෙන වන්දනා කරුවන්ගේ ද ඒ ඔස්සේ පැමිණෙන වන්දනා කරුවන්ගේ ද මායිම් ස්ථානයයි. එය මක්කාහ්වේ සිට කිලෝ මීටර 120ක් පමණ දුරින් පිහිටා ඇති කදු බෑවුම් සහිත මිටියාවතකි.

    දැන් වන්දනා කරුවන් යලම්ලම් මිටියාවතට බටහිර වෙරළ දෙසින් පිහිටි අස්-සඃදිය්යා නම් ප්‍රදේශයේ ඉහ්රාම් බඳිති.

    4- කර්නුල් මනාසිල් මෙය නජ්ද් හා තාඉෆ් දේශයන් හි ද ඒ අවට ප්‍රදේශවල ද වෙසෙන වන්දනා කරුවන් හා ඒ ඔස්සේ ගමන් කරන වන්දනා කරුවන්ගේ දේශ සීමාවයි. දැන් එම ස්ථානය අස්-සෙයිලුල් කබීර් යන නමින් ප්‍රසිද්ධය. මෙම ස්ථානය මක්කාහ්වට කිලෝ මීටර 75ක් පමණ දුරින් පිහිටා ඇත. මහ්රම් නම් මිටියාවත පිහිටා ඇත්තේ කර්නුල් මනාසිල් ප්‍රදේශට ඉහළ කොටසෙහිය. වන්දනාකරුවන් එම ස්ථානයෙන් හදා මාර්ගය ඔස්සේ මක්කාහ්වට ගමන් කරයි.

    5- සාතු ඉර්ක් මෙය ඉරාක් වැසියන්ගේ ද ඒ අවට ප්‍රදේශ වල වෙසෙන්නන්ගේ ද ඒ ඔස්සේ ගමන් කරන්නන්ගේ ද සීමා මායිමයි. එය අල්-ළර්බියා නමින් හැඳින්වෙන මක්කාහ්වේ සිට කිලෝ මීටර 100 පමණ දුරින් පිහිටා ඇති මිටියාවතකි.

    මෙම මායිම් අදාළ නොවන ස්ථානයක වෙසෙන වන්දනා කරුවෙකු නම් ඔහු සිටින ස්ථානයේම ඉහ්රාම් ඇඳ ගනියි.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ : "أنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لِأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ وَلِأَهْلِ الشَّامِ الْجُحْفَةَ وَلِأَهْلِ نَجْدٍ قَرْنَ الْمَنَازِلِ وَلِأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ فَهُنَّ لَهُنَّ وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِ أَهْلِهِنَّ لِمَنْ كَانَ يُرِيدُ الْحَجَّ وَالْعُمْرَةَ فَمَنْ كَانَ دُونَهُنَّ فَمُهَلُّهُ مِنْ أَهْلِهِ وَكَذَاكَ حَتَّى أَهْلُ مَكَّةَ يُهِلُّونَ مِنْهَا" (متفق عليه)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මදීනා වැසියන්ට දුල් හුලෙයිෆා නම් ස්ථානය ද ෂාම් - සිරියා- වැසියන්ට අල්-ජුහ්ෆා නම් ස්ථානය ද නජ්ද් වැසියන්ට කර්නුල් මනාසිල් නම් ස්ථානය ද යමන් වැසියන්ට යලම්ලම් නම් ස්ථානය ද (ඉහ්රාම් බැඳීමේ) සීමා මායිම් ලෙස නියම කළහ. ඒවා හජ් හා උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන ඒවායෙ හි වැසියන්ට හා ඒවායෙ හි වැසියන් නොවන ඒවා ඔස්සේ පැමිණෙන්නන්ටය. කවරෙකු ඒවා හැර වෙනත් ස්ථානයක වෙත් ද ඔහු ඉහ්රාම් බඳින ස්ථානය වනුයේ ඔහු පදිංචිව සිටින ස්ථානයයි. එමෙන්ම මක්කාහ් වැසියන් පවා ඔවුන් පදිංචි ස්ථානයේ සිටම ඉහ්රාම් ඇද ගනිති. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    ඉහ්රාම් නොඇඳ සීමාව පසු කරමින් පැමිණීමේ නීතිය

    1. හජ් හෝ උම්රා වන්දනා කරුවන් නියමිත මායිමෙ හි ඉහ්රාම් නොපැල ද පිවිසීම අනුමත නොවේ. එසේ කවරෙකු ඉහ්රාම් නොපැල ද එම ස්ථානය තරණය කළේ ද නැවත එම ස්ථානයට ගොස් ඉහ්රාම් පැලදීම අනිවාර්යය වේ.

    2. හජ් හෝ උම්රා කිරීමේ අපේක්ෂාවෙන් තොරව එම සීමා මායිම් පසු කරමින් පැමිණ පසුව හජ් හෝ උම්රා කිරීමේ චේතානව ඇති කර ගත්තේ නම් ඔහු චේතනා කළ ස්ථානයේ සිටම ඉහ්රාම් ඇද ගනී. නමුත් උම්රා කිරීම හැර. මක්කාවට පැමිණි පුදගලයෙකු හරම් හි සිට උම්රා කිරීමට චේතනා කළේ නම් ඔහු නියමිත සීමා මායිම වෙත පිටත්ව යයි. ඔහු එම නියමිත ස්ථානයේ ම චේතනා කළේ නම් ඔහු චේතනා කළ එම ස්ථානයේ සිටම ඉහ්රාම් බැඳ ගනියි.

    නියමිත සීමා මායිම් හි නොවන අයගේ සීමා මායිම්

    හජ් හෝ උම්රා වෙනුවෙන් හෝ ඒ දෙකම වෙනුවෙන් හෝ ඉහ්රාම් බඳින නියමිත සීමා මායිම් හි නොවන අයගේ සීමා මායිම වනුයේ ඒ වෙනුවෙන් චේතනා කර ගත් ඔවුන් පදිංචිව සිටින ස්ථානයයි.

    عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما: "أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لِأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ وَلِأَهْلِ الشَّامِ الْجُحْفَةَ وَلِأَهْلِ نَجْدٍ قَرْنَ الْمَنَازِلِ وَلِأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ هُنَّ لَهُنَّ وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِهِنَّ مِمَّنْ أَرَادَ الْحَجَّ وَالْعُمْرَةَ وَمَنْ كَانَ دُونَ ذَلِكَ فَمِنْ حَيْثُ أَنْشَأَ حَتَّى أَهْلُ مَكَّةَ مِنْ مَكَّةَ" (متفق عليه)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මදීනා වැසියන්ට දුල් හුලෙයිෆා නම් ස්ථානය ද ෂාම් - සිරියා- වැසියන්ට අල්-ජුහ්ෆා නම් ස්ථානය ද නජ්ද් වැසියන්ට කර්නුල් මනාසිල් නම් ස්ථානය ද යමන් වැසියන්ට යලම්ලම් නම් ස්ථානය ද (ඉහ්රාම් බැඳීමේ) සීමා මායිම් ලෙස නියම කළේය. ඒවා හජ් හා උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන ඒවායෙ හි වැසියන්ට හා ඒවායෙහි වැසියන් නොවන ඒවා ඔස්සේ පැමිණෙන්නන්ටය. කවරෙකු එය හැර වෙනත් ස්ථානයක වෙත් ද ඔහු චේතනා කර ගත් ස්ථානයේ සිට ඉහ්රාම් බැද ගනියි. මක්කාහ් වැසියන් ද මක්කාහ්වේ සිටම ඉහ්රාම් බැඳ ගනිති. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    මක්කාහ්වට පැමිණෙන උදවියගේ සීමා මායිම

    1. මක්කාහ්වේ වැසියන් හැර ඒ වෙත වෙනත් ස්ථානයන් හි සිට පැමිණෙන්නන් හජ් හා උම්රා කිරීමේ අදිටනින් පැමිණෙන්නේ නම් කවර සීමා මායිමක් පසු කර යන්නේ ද එම ස්ථානයේ ඉහ්රාම් බැඳ ගනු ඇත.

    ඉෆ්රාද් හෝ කිරාන් ක්‍රමයට කරන්නේ නම් තවාෆ් කර සඃයු ද කර පසුව ෂෙයිතාන්ට ගල් ගසා නහ්ර් දින හිසකෙස් කපන තෙක් එම ඉහ්රාම් තත්ත්වයේම පසු වෙයි.

    තමත්තුඃ ක්‍රමයට කරන්නේ නම් ඔහුගේ උම්රාව සම්පූර්ණ කර ඉහ්රාම් ගලවා පසුව සාමාන්‍ය ඇදුමින් සැරසෙයි. පසුව මක්කාවේ නවාතැන් ගන්නා ස්ථානයේ සිට දුල් හිජ්ජා මස අට වැනි දින හජ් සඳහා ඉහ්රාම් බැඳ ගනියි. පසුව මිනා දෙසට පිටත් ව යයි.

    عَنْ جَابِر بْنِ عَبْدِ اللهِ رَضِيَ اللهُ عَنْهُمَا أَنَّهُ حَجَّ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ سَاقَ الْبُدْنَ مَعَهُ وَقَدْ أَهَلُّوا بِالْحَجِّ مُفْرَدًا فَقَالَ لَهُمْ أَحِلُّوا مِنْ إِحْرَامِكُمْ بِطَوَافِ الْبَيْتِ وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ وَقَصِّرُوا ثُمَّ أَقِيمُوا حَلَالًا حَتَّى إِذَا كَانَ يَوْمُ التَّرْوِيَةِ فَأَهِلُّوا بِالْحَجِّ وَاجْعَلُوا الَّتِي قَدِمْتُمْ بِهَا مُتْعَةً فَقَالُوا كَيْفَ نَجْعَلُهَا مُتْعَةً وَقَدْ سَمَّيْنَا الْحَجَّ فَقَالَ افْعَلُوا مَا أَمَرْتُكُمْ فَلَوْلَا أَنِّي سُقْتُ الْهَدْيَ لَفَعَلْتُ مِثْلَ الَّذِي أَمَرْتُكُمْ وَلَكِنْ لَا يَحِلُّ مِنِّي حَرَامٌ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَفَعَلُوا

    ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    බයිතුල්ලාව තවාෆ් කරන ස්ථානය හා සෆා අතර ඔබගේ ඉහ්රාමයෙන් මිදෙන්න. හිස කෙස් කොට කර ගන්න. පසුව යව්මුත් තර්වියා හෙවත් හජ් මස අට වැනි දින තෙක් අනුමත දෑ කරන්න. පසුව හජ් සඳහා ඉහ්රාම් අඳින්න. ඔබ කවර චේතනාවකින් පැමිණියේ ද එය මුත්ආ බවට පත් කර ගන්න.

    එවිට සහාබාවරු අපි එය මුත්ආ ලෙස පත් කර ගන්නේ කෙසේ ද අප අසා තිබෙන්නේ හජ් ගැන පමණි. යැයි පවසා සිටියහ.

    එවිට එතුමාණෝ මම ඔබට අණ කළ දෑ කරන්න. මම හද්යු ලබා දීමට (සතෙකු කැප කිරීමට) නොවේ නම් සැබැවින්ම මමත් ඔබට අණ කළ දෑ කර කරන්නෙමි නමුත් හද්යු නියමිත ස්ථානයට ළඟා වන තුරු තහනම් දෙයක් මට අනුමත නොවන්නේය. යැයි පැවසූහ. පසුව ඔවුන් එසේ කළෝය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2. කවරෙකු මක්කාව වෙත හජ් හෝ උම්රා සඳහා පැමිණ පසුව ඔහුගේ වතාවත් සම්පූර්ණ කර පසුව ඔහු වෙනුවෙන් තවත් කෙනෙකු වෙනුවෙන් තවත් උම්රාවක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එවිට උම්රා සඳහා ඉහ්රාම් ඇඳ ගැනීමට තන්ඊම් වැනි මායිම් ස්ථානය වෙත පිටත් ව යෑම ඔහු කෙරෙහි පැවරෙන වගකීමකි.

    3. උම්රා කිරීමෙන් පසුව හජ් කිරීම සඳහා අපේක්ෂා කළේ නම් මක්කාහ්වේ ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයේම ඉහ්රාම් ඇද ගනියි.

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أَنَّهَا أَهَلَّتْ بِعُمْرَةٍ فَقَدِمَتْ وَلَمْ تَطُفْ بِالْبَيْتِ حَتَّى حَاضَتْ فَنَسَكَتْ الْمَنَاسِكَ كُلَّهَا وَقَدْ أَهَلَّتْ بِالْحَجِّ فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ النَّفْرِ يَسَعُكِ طَوَافُكِ لِحَجِّكِ وَعُمْرَتِكِ فَأَبَتْ فَبَعَثَ بِهَا مَعَ عَبْدِ الرَّحْمَنِ إِلَى التَّنْعِيمِ فَاعْتَمَرَتْ بَعْدَ الْحَجِّ (متفق عليه)

    අඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඇය උම්රා සඳහා ඉහ්රාම් ඇඳ පැමිණියාය. ඔසප් තත්ත්වය අවසන් වන තෙක් ඇය තවාෆ් නොකළාය. අනෙකුත් වතාවන් සියල්ලම ඉටු කළාය. පසුව හජ් සඳහා ඉහ්රාම් ඇඳ ගත්තාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඇයට ඔබේ හජ් සඳහා ද ඔබේ උම්රා සඳහා ද ඔබේ තවාෆය ඔබට කළ හැකිය යැයි හජ් මස අට වැනි දින පවසා සිටියහ. එවිට ඇය රාත්‍රියෙහි නවාතැන් ගත්තාය. පසුව නබි තුමාණෝ ඇයව අබ්දුර් රහ්මාන් සමග තන්ඊම් වෙත එවූහ. පසුව හජ් කිරීමෙන් පසුව උම්රා කළාය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    ගුවන් යානාවේ ඉහ්රාම් ඇදීමේ ක්‍රමය

    1- හජ් කිරීමට හෝ උම්රා කිරීමට හෝ ඒ දෙක එකට කිරීමට හෝ අපේක්ෂාවෙන් කවරෙකු ගුවන් යානයට ගොඩ වන්නේ ද ඔහු නියමිත සීමා මායිමට උඩින් ගුවන් යානය පියාසර කරන විට යානය තුළ සිටම ඉහ්රාමය සඳහා චේතනා තබා ඉහ්රාම් ඇඳුම ඇඳ ගනියි. ඔහු අතැතිව ඉහ්රාම් ඇඳුමක් නොතිබේ නම් ඇතිරිල්ලක් වැනි කුමන වර්ගයකින් වුවද වේට්ටියක් හා උඩු කයක් ඇඳ ගනියි. එය ද නොලැබුණේ නම් තමන් ඇඳ සිටින ඇඳුම වෙට්ටියක ස්වරූපයෙන් ඇඳ හිස ආවරණය කරන රෙදි කඩ උඩුකය බවට පලඳයි. සරමක් කලිසමක් වැනි දෙයක් හැර වෙන කිසිවක් නොලැබුණේ නම් එමගින් ඉහ්රාම් තබා ගනියි. ගුවන් යානයෙන් ගොඩබැස්ස විට ඔහු ඉහ්රාම් ඇඳුම ලැබෙන මොහොතක ඇඳ ගනියි.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ خَطَبَنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَرَفَاتٍ فَقَالَ "مَنْ لَمْ يَجِدْ الْإِزَارَ فَلْيَلْبَسْ السَّرَاوِيلَ وَمَنْ لَمْ يَجِدْ النَّعْلَيْنِ فَلْيَلْبَسْ الْخُفَّيْنِ" متفق عليه

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අරෆාවෙහි සිට අපට දේශනයක් පැවැත්වූහ. එවිට එතුමා කවරෙකුට වේට්ටියක් නොලැබුණේ ද ඔහු කලිසමක් හෝ ඇඳ ගත යුතුයි. කවරෙකුට සෙරෙප්පු දෙකක් නොලැබුණේ ද ඔහු සපත්තු දෙක හෝ ඇඳ ගත යුතුයි. යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2- හජ් කිරීමට හෝ උම්රා කිරීමට හෝ අපේක්ෂාවෙන් පැමිණෙන කෙනෙකු ජිද්දා ගුවන් තොටුපළට ගොස් බැසීමෙන් පසු එහි දී ඉහ්රාම් අඳින තෙක් ඉහ්රාමය ප්‍රමාද කිරීම අනුමත නොවෙයි. එසේ සිදු කළේ නම් ඉහ්රාම් සඳහා නියම කළ ළඟම ඇති සීමා මායිමට ගොස් ඉහ්රාම් බැඳ ගැනීම අනිවාර්යය වේ. ජිද්දා ගුවන් තොටුපළට ළඟම ඇති සීමා මායිම වන්නේ ජුහ්ෆා නම් මායිමයි.

    3- ජිද්දාවට අවශ්‍යතාවක් සඳහා ගොස් පසුව උම්රා කිරීමට සිදු වූයේ නම් ඔහු සිටින ස්ථානයේ සිටම ඉහ්රාම් බැඳ ගනියි.

    කවරෙකු එහි සේවය කිරීමේ අපේක්ෂාවෙන් ගොස් පසුව උම්රාවක් කිරීමේ චේතනාවෙන් ගියේ ද ඔහු තම සේවය අවසන් කොට ජුහ්ෆා වැනි තමන් සිටින ස්ථානයට ළඟම සීමා මායිමට ගොස් ඉහ්රාම් බැඳ ගනියි. පසුව උම්රා ඉටු කිරීම සඳහා මක්කාව බලා පිටත්ව යයි.

    මීකාත් (සීමා මායිම්) දෙකක් පසු කර ගෙන යන්නාගේ නීතිය

    හජ් හෝ උම්රාවක අපේක්ෂාවෙන් සීමා මායිම් දෙකක් පසු කර යෑමට කෙනෙකුට සිදු වූයේ නම් ඒ දෙකෙහිම ඉහ්රාම් පැලඳ ගත් තත්ත්වයේම තරණය කිරීම අනිවාර්යය වෙයි. එනම් පළමුවැනි මායිම අසලම ඔහු ඉහ්රාම් ඇඳ ගනියි.

    ඊජිප්තු හා සිරියානු වන්දනා කරුවන් හෝ යුරෝපය ඇමරිකාව අප්‍රිකාව වැනි බටහිර රටවල් වලින් පැමිණෙන වන්දනා කරුවන් ඔවුනට නියම කරන ලද ජුහ්ෆා නම් සීමා මායිමට පැමිණීමට පෙර මදීනා වැසියන්ට නියම කරන ලද සීමා මායිම ඔස්සේ ගමන් කළේ නම් ඔහු සුල් හුලෙයිෆා නම් ස්ථානයෙහි ම ඉහ්රාම් බැඳ ගත යුතුයි. ජුහ්ෆා සීමා මායිමට පැමිණෙන තෙක් ඉහ්රාමය ප්‍රමාද කිරීම ඔහුට සුදුසු නොවෙයි. හේතුව සීමා මායිම් පිහිටා ඇත්තේ හජ් හෝ උම්රා අපේක්ෂාවෙන් පැමිණෙන එම වැසියන්ටත් ඒ හරහා ගමන් කරන අයටත්ය.

    3- අල්- ඉහ්රාම්

    ඉහ්රාම් යනු හජ් හෝ උම්රා පිළිවෙත්හි ප්‍රවේශ වීම සඳහා තබන චේතනාවයි.

    ඉහ්රාම් හි යථාර්ථය

    අල්ලාහ් තම පිවිතුරු නිවසට පාරිශුද්ධ සීමාවන් හා ඒ තුළට පිවිසීමේ සීමා මායිම් තබා ඇත. එබැවින් හරම් සීමාව තුළට පිවිසීමට අපේක්ෂා කරන්නෙකු නියමිත ක්‍රමයකට හා නියමිත චේතනාවකින් මිස එම සීමා මායිම් ඔහුට තරණය කළ නොහැක.

    ඉහ්රාම් ඇඳුම ඇඳ ගැනීමේ ස්ථානය

    නියමිත සීමා මායිම් හි ස්නානය කිරීමෙන් පසුව ඉහ්රාම් ඇඳුම පැලඳීම සුන්නාහ්වකි. පිරිමින්ගේ ඉහ්රාම් ඇඳුම වනුයේ වේට්ටියක් උඩුකයක් හා පාවහන් යුගලකි.

    සීමා මායිම් වලට සමීපයෙන් වෙසෙන මදීනා හා තඉෆ් වැසියන් වැනි පදිංචිකරුවන් නම් තම නිවසෙහි ම ඉහ්රාම් ඇඳුම ඇඳ ගෙන පසුව නියමිත සීමා මායිම වෙත ළඟා වෙත්ම හජ් හෝ උම්රා සඳහා අදිටන් කර ගැනීම ආගමානු ගත කර ඇත. මක්කාහ් වෙතට ගුවන් මාර්ග ඔස්සේ පැමිණෙන්නන් ද මෙම ඝනයට අයත් වෙති.

    عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: انْطَلَقَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ الْمَدِينَةِ بَعْدَ مَا تَرَجَّلَ وَادَّهَنَ وَلَبِسَ إِزَارَهُ وَرِدَاءَهُ هُوَ وَأَصْحَابُهُ فَلَمْ يَنْهَ عَنْ شَيْءٍ مِنْ الْأَرْدِيَةِ وَالْأُزُرِ تُلْبَسُ إِلَّا الْمُزَعْفَرَةَ الَّتِي تَرْدَعُ عَلَى الْجِلْدِ فَأَصْبَحَ بِذِي الْحُلَيْفَةِ رَكِبَ رَاحِلَتَهُ حَتَّى اسْتَوَى عَلَى الْبَيْدَاءِ أَهَلَّ هُوَ وَأَصْحَابُهُ وَقَلَّدَ بَدَنَتَهُ وَذَلِكَ لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقَعْدَةِ. (أخرجه البخاري)

    අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම හිසකෙස් පිළිවෙළට සකස් කොට තම වේට්ටිය හා උඩුකය ඇඳ එතුමා හා එතුමාගේ අනුගාමිකයින් මදීනාවෙන් පිටත් ව පා ගමනින් ගමන් කළහ. හමට ඇලී ඇති කුංකුමං මිශ්‍ර රෙදි හැර අනෙකුත් උඩුකය හා වේට්ටි කිසිවක් තහනම් නොකළහ. පසුව දුල් හුලෙයිෆා නම් ස්ථානයට පැමිණියහ. එතුමා අල්-බයිදා නම් ස්ථානයට පැමිණෙන තෙක් ඔටු පිට නැග ගමන් කළහ. එහි දී එතුමා හා එතුමාගේ අනුගාමිකයින් තල්බියා පවසන්නට පටන් ගත්හ. තවද ඔටුවාට සලකුණු තැබූහ. එය දුල් කඃදා මාසයේ දින පහක් ඉතිරිව තිබිය දීය. (මූලාශ්‍රය: බුහාරි)

    ඉහ්රාම් හි ක්‍රමය

    1- හජ් හෝ උම්රා සඳහා චේතනා තැබීමට අපේක්ෂා කරන අය ස්නානය කර ගැනීමත් පිරිසිදු වීමත් පලඳින රෙදිකඩට සුවඳ විලවුන් නොගල්වා ශරීරයට පමණක් සුවඳ විලවුන් ගැල්වීමත් මසා නිම නොකළ උඩුකය හා වේට්ටිය යන සුදු රෙදිකඩ දෙකක් ඇඳ ගැනීමත් පාවහන් පැලඳීමත් සුන්නාහ්වකි. එමෙන්ම කාන්තාව ද ඇය ඔසප් හෝ නිෆාස් තත්ත්වයක පසු වුව ද ඉහ්රාම් සඳහා ස්නානය කර ගැනීමත් සිත් ඇද ගන්නා සුළු කැපී පෙනෙන ශරීරයට ඇලවුණු ඇඳුම් පැලඳීමෙන් හා පිරිමින් හා ප්‍රතික්ෂේපකයින්ට ආදේශ ඇඳුමින් සැරසීමෙන් වැළකී ශරීරය ආවරණය වන කවර හෝ ඇඳුමක් ඇඳ ගැනීමත් අත් හා මුහුණු නිරාවරණය කිරීමත් සුන්නාවකි.

    2- පහසුකමක් ඇත්නම් අනිවාර්යය හෝ අතිරේක සලාතයක් ඉටු කිරීමෙන් පසුව ඉහ්රාම් තැබීම සුන්නාහ්වකි. හජ් හෝ උම්රාවෙන් අපේක්ෂා කෙරෙන වතාවන් හි නියැළීම සම්බන්ධව තම සිතෙහි අදිටන් කර ගනියි. මස්ජිදයේ සලාතය ඉටු කිරීමෙන් පසුව හෝ තම ඔටුවා මදක් කිබ්ලා දෙසට හැරී සිටින අවස්ථාවේ දී හෝ ඉහ්රාම් සඳහා වූ චේතනාව තැබීම සුන්නාහ්වකි. එමෙන්ම තල්බියා පැවසීමෙ හි නිරත වීමට පෙර අල්හම්දු ලිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ව ප්‍රශංසා කිරීමත් සුබ්හානල්ලාහ් යැයි පවසා ඔහුව පිවිතුරු කිරීමත් අල්ලාහු අක්බර් යැයි පවසා ඔහුව උත්කෘෂ්ට කිරීමත් සුන්නාහ්වකි.

    3- ඉහ්රාම් චේතනාව තැබූ කෙනෙකු ඔහු ඉටු කරන්නට යන නැමදුම සිහිපත් කර ගනිමින් එය උම්රාවක් නම්

    لَبَّيْكَ عُمرَةً ලබ්බයික් උම්රතන්

    (උම්රා සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)

    යනුවෙන් ද එය හජ් නම්

    لَبَّيْكَ حَجًّا ලබ්බයික් හජ්ජන්

    (හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)

    යනුවෙන් ද ඒ දෙකම එකවර කරන්නේ නම්

    لَبَّيْكَ عُمرَةً وَحَجًّا ලබ්බයික් උම්රතන් වහජ්ජන්

    (උම්රා හා හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)

    යනුවෙන් ද ඔහු තමත්තුඃ ක්‍රමයට කරන්නේ නම්

    لَبَّيْكَ عُمرَةً ලබ්බයික් උම්රතන්

    (උම්රා සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)

    යනුවෙන් ද පැවසීම සුන්නාහ්වකි. හජ් ඉටු කරන්නා මෙසේ පවසයි.

    اللَّهُمَّ هَذِهِ حَجَّةٌ لاَ رِيَاءٌ فِيْهَا وَلاَ سَمْعَةٌ

    අල්ලාහුම්ම හාදිහි හජ්ජතුන් ලා රියාඋන් ෆීහා වලා සම්අත්

    යා! අල්ලාහ්, මෙය හජ්ය. එහි කිසිදු මූණිච්චාවක් නොමැත.

    නොවැළැක්විය හැකි හේතුවක් මත වත්පිළිවෙත් වලින් ඉවත් වීමේ නීති කොන්දේසි

    වැඩිවියට පත් අයෙකු හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තැබුවේ නම් එය සම්පූර්ණ කිරීම ඔහුට අනිවාර්යය. නමුත් වැඩිවියට පත් නොවූ දරුවෙකුට එසේ සම්පූර්ණ කිරීම අනිවාර්යය නොවේ. හේතුව ඔහු වගකීම් දරණ වයස් සීමාවක පසු නොවන බැවිනි. එමෙන්ම ඔහු වාජිබ් හෙවත් අනිවාර්යය කිසිවක් කිරීමට බැඳී නොමැත.

    ඉහ්රාම් චේතනාව තැබූ කෙනෙකු රෝගියෙකු හෝ ත්‍රස්ත බියක් ඇත්තෙකු වී නම් වත්පිළිවෙත් වල ඉහ්රාම් චේතනාවෙන් මිදෙන අවස්ථාවේ පහත සඳහන් පරිදි පැවසීම සුන්නාහ්වකි.

    إنْ حَبَسَنِيْ حَابِسٌ فمَحِلِّي حَيْثُ حَبَسْتَنِي

    ඉන් හබසනී හාබිසුන් ෆමහල්ලී හයිසු හබස්තනී.

    බාධකයක් මා වෙත බාධා කළේ නම් මා වෙත බාධා කළ මෙහොතේ මම ඉහ්රාමයෙන් ඉවත් වෙමි.

    පසුව ඔහුව යම් බාධකයක් වැළැක්වූයේ නම් හෝ ඔහුගේ රෝගය වැඩි වූයේ නම් හෝ ඉහ්රාමයෙන් ඉවත් වෙයි. ඒ වෙනුවට හද්යු හෙවත් සතෙකු කැප කිරීමේ අවශ්‍යතාවක් ඔහු කෙරෙහි නොමැත. ඉහ්රාම් තැබූ පුද්ගලයෙකු එවැනි කොන්දේසියක් චේතනා නොකර පසුව ඔහුව යම් බාධකයක් වැළැක්වූයේ නම් සතෙකු කැප කිරීම අනිවාර්යය වේ. අනතුරුව හිස බූ ගෑමෙන් පසුව ඉහ්රාමයෙන් මිදෙයි.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ

    නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)

    2-

    عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى ضُبَاعَةَ بِنْتِ الزُّبَيْرِ فَقَالَ لَهَا "لَعَلَّكِ أَرَدْتِ الْحَجَّ" قَالَتْ "وَاللهِ لَا أَجِدُنِي إِلَّا وَجِعَةً" فَقَالَ لَهَا "حُجِّي وَاشْتَرِطِي وَقُولِي اللَّهُمَّ مَحِلِّي حَيْثُ حَبَسْتَنِي" (متفق عليه)

    ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ලුබාඅත් බින්ති සුබෙයිර් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත යන ලදී. එවිට ඔබ හජ් ඉටු කිරීමට අපේක්ෂා කරන්නෙහි දැ?යි ඇසූහ. අල්ලාහ් මත දිවුරා පවසමි. (මට අත් වී තිබෙන) මෙම වේදනාව මිස වෙන කිසිවක් (හජ් ඉටු කිරීමට බාධාවක් ලෙස) නොදකිමි. එවිට එතුමාණෝ ඔබ හජ් කරන්න. කොන්දේසි පනවා ගන්න. අල්ලාහුම්ම මහිල්ලී හයිසු හබස්තනී (යා! අල්ලාහ්, මා හට බාධාවක් ඇති වූ මෙහොතේ මම ඉහ්රාමයෙන් ඉවත් වෙමි.) යැයි පවසන්න. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    ඉහ්රාම් අවස්ථාවේ සලාතයේ නීතිය

    හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තැබීමට අපේක්ෂා කරන්නා සලාතයට පසුව එසේ ඉහ්රාම් චේතනාව තැබීම සුන්නාහ්වකි.

    එය අනිවාර්යය සලාතයක වේලාවක් නම් එම අනිවාර්ය සලාතය ඉටු කර පසුව ඉහ්රාම් චේතනාව තබා එයට නියමිත ඇඳුම ඇඳ ගනී. එය අනිවාර්යය සලාතයක වේලාවක් නොවේ නම් අතිරේක රකආත් දෙකක් ඉටු කර පසුව ඉහ්රාම් බැඳ ගනී.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අනිවාර්යය හා අතිරේක සලාතයන්ට පසුව දුල් හුලෙයිෆා නම් ස්ථානයෙ හි ඉහ්රාම් බැඳ ගත්හ. මෙයයි පූර්ණත්වය වන්නේ.

    එබැවින් කවරෙකු අනිවාර්යය හෝ අතිරේක සලාතයකට පසුව ඉහ්රාම් බැඳ ගත්තේ ද ඔහු එම විෂයයෙ හි කොටසක් ඉටු කළේය. කවරෙකු අනිවාර්යය හෝ අතිරේක සලාතයකට පසුව ඉහ්රාම් නොබැන්ඳේ ද ඔහු එම විෂය අනුගමනය නොකළේය. හේතුව ඉහ්රාම් චේතනාව තබා එයට නියමිත ඇඳුම ඇඳ ගත් අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ක්‍රියා කළ අයුරින් මොහු ක්‍රියා නොකළ බැවිනි.

    عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا يَقُولُ إِنَّهُ سَمِعَ عُمَرَ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِوَادِي الْعَقِيقِ يَقُولُ أَتَانِي اللَّيْلَةَ آتٍ مِنْ رَبِّي فَقَالَ "صَلِّ فِي هَذَا الْوَادِي الْمُبَارَكِ وَقُلْ عُمْرَةً فِي حَجَّةٍ" (أخرجه البخاري

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අකීක් නම් මිටියාවතෙ හි කළ ප්‍රකාශයකට උමර් (රළියල්ලාහු අන්හු) තුමා සවන් දුන් බවටත් උමර් (රළියල්ලාහු අන්හු) තුමා එම ප්‍රකාශය පැවසීම තමන් අසා සිටි බවටත් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    රාත්‍රියෙහි මාගේ පරමාධිපති වෙතින් කෙනෙකු මා වෙත පැමිණ ඔබ මෙම භාග්‍යමත් මිටියාවතෙ හි සලාතය ඉටු කරන්න. උම්රතන් ෆී හජ්ජතින් (හජ් හි උම්රාවක්) යැයි ද පවසන්න. යැයි ප්‍රකාශ කර සිටියේය. (මූලාශ්‍රය: බුහාරි)

    තල්බියා පවසන ක්‍රමය

    1- ඉහ්රාම් බැඳ ගත් පසු එමෙන්ම අල්හම්දු ලිල්ලාහ් යැයි අල්ලාහ්ට ප්‍රශංසා කර සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව උත්කෘෂ්ටභාවයට පත් කළ පසුව පහත සඳහන් අයුරින් පැවසීම සුන්නාහ්වකි.

    لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ

    ලෙබ්බයික් අල්ලාහුම්ම ලෙබ්බෙයික් ලෙබ්බෙයික් ලාෂරීක ලක ලෙබ්බෙයික් ඉන්නල් හම්ද වන් නිඃමත ලක වල් මුල්ක ලා ෂරීක ලක

    මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. යා! අල්ලාහ්, මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. සැබැවින්ම ප්‍රශංසාවත් භාග්‍යයත් ඔබ සතුය. එමෙන්ම පාලන බලයත් (ඔබ සතුය) ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.

    2-

    عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال: كَانَ مِنْ تَلْبِيَتِ النبي صلى الله عليه وسلم : "لَبَّيْكَ إِلَهَ الْحَقِّ لَبَّيْكَ" متفق عليه

    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ තල්බියාව වූයේ

    لَبَّيْكَ إِلَهَ الْحَقِّ لَبَّيْكَ

    ලබ්බෙයික් ඉලාහල් හක්කි ලෙබ්බෙයික්

    (සැබෑ දෙවියාට මම ප්‍රතිචාර දැක්වූයෙමි. මම ප්‍රතිචාර දැක්වූයෙමි.) යනුවෙනි. (මූලාශ්‍රය: අන්-නසාඉ, ඉබ්නු මාජා)

    තල්බියා පැවසීමේ මහිමය

    ඉහ්රාම් චේතනාවෙන් එයට නියමිත ඇඳුම ඇඳ ගත් අය අධික ලෙස තල්බියා පැවසීම සුන්නාහ්වකි. තල්බියා හජ් හා උම්රාවෙ හි සංකේතයයි. පිරිමින් හා කාන්තාවන් එය හඬ නගා පවසයි. කාන්තාවට එය ගැටලුවක් නම් නිහඬව පවසයි. ඇතැම් විට තල්බියා පවසයි. ඇතැම් විට ලා ඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් තහ්ලීල් පවසයි. ඇතැම් විට අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසයි.

    හරම් හි අවසන් සීමාවන් වෙත පිවිසීමෙන් උම්රාවෙ හි තල්බියා අවසන් වෙයි. හජ් හි අවුරුදු දින ජම්රතුල් අකබාවට ගල් ගැසීමෙන් පසුව තල්බියා අවසන් වෙයි.

    عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "مَا مِنْ مُسْلِمٍ يُلَبِّي إِلَّا لَبَّى مَنْ عَنْ يَمِينِهِ أَوْ عَنْ شِمَالِهِ مِنْ حَجَرٍ أَوْ شَجَرٍ أَوْ مَدَرٍ حَتَّى تَنْقَطِعَ الْأَرْضُ مِنْ هَاهُنَا وَهَاهُنَا" (أخرجه الترمذي وابن ماجه)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඅද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    කවර මුස්ලිම්වරයෙකු තල්බියා පවසන්නේ ද ඔහුගේ දකුණින් හෝ වමින් ඇති ගල්, ගස් හා බොරලු එය කෙතරම් දුරට ද යත් මහ පොළොව අවසන් වන තෙක් (එහි ඇති සියල්ල) ඔහු වෙනුවෙන් තල්බියා පවසයි. (මූලාශ්‍රය: තිර්මිදී, ඉබ්නු මාජා)

    හජ් වන්දනා කරුවෙකු කළ යුතු අනිවාර්යය දෑ

    හජ් හා උම්රා වන්දනා කරුවන් තමන්ගේ වන්දනාව යහපත් හා පිළි ගනු ලැබූ වන්දනාවක් බවට පත් කර ගනු පිණිස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ක්‍රියා කළ අයුරින් එතුමාණන් අණ කළ පරිදි එය පිළිපදිමින් ඒ අනුව තම වත් පිළිවෙත් ඉටු කිරීම අනිවාර්යය වේ.

    එමෙන්ම නැමදුම් ඉටු කිරීමෙ හි හජ් වන්දනා කරුවන් පමණක් නොව සෙසු ජනයා ද කැපවීමෙන් නිරත වීම අනිවාර්යය. එමෙන්ම තහනම් දෙයින් වැළකී සිටිය යුතුයි. බොරුවෙන්, කේලාම් පැවසීමෙන්, පුහු තර්කයන්ගෙන් තම දිව ආරක්ෂා කර ගත යුතුයි. දුෂ්චරිතයන්ගෙන් ඉවත් විය යුතුයි. දැහැමි තමන්ට සමීප මිතුරෙකු තෝරා ගත යුතුයි. තමන් ඉටු කිරීමට යන හජ් හා උම්රා සඳහා වූ වියදම පිවිතුරු හලාල් මුදලින් විය යුතුයි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ

    හජ් (ඉටු කළ යුතු වන්නේ) මැනවින් හඳුනන මාසයන්හිය. කවරෙකු එහි හජ් අනිවාර්යය කර ගන්නේ ද ඔහුට හජ් හි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. යහපතෙන් නුඹලා කවර දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් වෙනුවෙන්) අවශ්‍ය කළමනා රැස් කර ගනිවු. සැබැවින්ම අවශ්‍ය කළමනා අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බිය භක්තිමත්කමය. තවද අවබෝධ කර ගන්නනි, නුඹලා මා හට බිය භක්තිමත් වවු. (අල්-කුර්ආන් 2:197)

    · ඉහ්රාම්හි තහනම් කරන ලද දෑ

    ඉහ්රාම් හි තහනම් කරන ලද දෑ යනු ඉහ්රාම් චේතනාව තැබීම හේතුවෙන් ඉහ්රාම් තබන්නාට තහනම් කරන ලද ක්‍රියාවන් වේ.

    عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَجُلًا قَالَ يَا رَسُولَ اللَّهِ مَا يَلْبَسُ الْمُحْرِمُ مِنْ الثِّيَابِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا يَلْبَسُ الْقُمُصَ وَلَا الْعَمَائِمَ وَلَا السَّرَاوِيلَاتِ وَلَا الْبَرَانِسَ وَلَا الْخِفَافَ إِلَّا أَحَدٌ لَا يَجِدُ نَعْلَيْنِ فَلْيَلْبَسْ خُفَّيْنِ وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنْ الْكَعْبَيْنِ وَلَا تَلْبَسُوا مِنْ الثِّيَابِ شَيْئًا مَسَّهُ الزَّعْفَرَانُ أَوْ وَرْسٌ

    අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මිනිසෙකු නබි තුමාණන්ගෙන් ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඉහ්රාම් චේතනා කළ අයෙකු කවර ඇඳුමක් ඇඳිය යුත්තේ දැ‘යි විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ‘කමිස ඇඳිය නොයුතුයි. ජටා ද සරම් ද සාළු ද සපත්තු ද පැලඳිය නොයුතුයි. නමුත් කිසිවෙකුට සෙරප්පු දෙකක් නොලැබුණේ නම් එවිට සපත්තු ඇඳ ගනිත්වා! ඒ දෙක වළලු කර දක්වා කපා හරිත්වා! කුංකුමං හෝ සුවඳ ගැල්වූ කිසිදු ඇඳුමක් නොඇඳිය යුතුයි.‘ (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · මිනිසෙකු, තමන්ට සෙරප්පු දෙකක් නොලැබුණේ නම් මිස මේස් හෝ සපත්තු ඉහ්රාම් වශයෙන් පැලඳීම සුදුසු කාර්යයක් නොවෙයි. එසේ සෙරප්පු දෙකක් නොලැබුණේ නම් සපත්තු පැලඳ ගැනීමට අනුමැතිය ඇත. නමුත් ඒ දෙක කපා හැරීමට අවශ්‍යතාවක් නොමැත. එසේ කැපීම සම්බන්ධ නීතිය පසුව වෙනස් කරන ලදී. සපත්තු යනුවෙන් අදහස් කෙරෙනුයේ තම වළලු කර ආවරණය වන පරිදි පලඳින පා පලඳනාවයි.

    ඉහ්රාම් නිය්යතය තැබූ කතකට මේස් හා සපත්තු පැලඳීම අනුමතය. නමුත් ඉහත කී පරිඳි ඉහ්රාම් නිය්යතය තැබූ පිරිමියෙකු හෝ කාන්තාවක් හෝ අත් ආවරණය පැලඳීම සුදුසු නොවෙයි.

    · ඉහ්රාම් නිය්යතය තැබූ පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා පහත සඳහන් දෑ කිරීම ඔහුට හෝ ඇයට තහනම්ය.

    1- හිස බූ ගෑම හෝ කොට කිරීම

    2- නියපොතු කැපීම

    3- පිරිමි අය හිස ආවරණය කිරීම

    4- පිරිමි අය මසා නිම කළ ඇඳුම් ඇඳීම

    මසා නිම කළ ඇඳුම් ලෙස අදහස් කෙරෙනුයේ ජුබ්බාවක් වැනි ශරීරයේ ප්‍රමාණයටම මැසූ ඇඳුමක් හෝ කමිසයක් කලිසමක් වැනි ශරීරයේ අඩක ප්‍රමාණයක් සඳහා මැසූ ඇඳුමකි. එමෙන්ම දෑතට අත් පලඳනා පාදයට සපත්තු හිසට තොප්පියක් හෝ ජටාවක් වැනි ශරීර අවයවයක ප්‍රමාණයට මසන ලද පලඳනාවකි.

    5- සුවඳ විලවුන් භාවිතය හෝ ශරීරයට හෝ ඇඳුමට හෝ කවර ආකාරයකින් වුව ද සුවඳ දුම් ඇල්ලීම (සාම්බ්‍රානි ඇල්ලීම)

    6- මූලික වශයෙන් අනුමත, කැලෑ සතුන් මැරීම හෝ දඩයම් කිරීම.

    7- විවාහ ගිවිසුම් ඇති කර ගැනීම

    8- කාන්තාව නිකාබ් හෝ බුර්කා මගින් මුහුණ ආවරණය කිරීම අත් ආවරණ පැලඳීම

    9- ලිංගික ආශ්‍රයකින් තොර වුව ද අඹු සැමි ඇසුර. එසේ හැසිරීමෙන් ඔහුගේ හජ් හෝ ඉහ්රාමය නිෂ්ඵල නොවූව ද ඔහු මහා පාපියෙකු බවට පත් වෙයි. එවිට ඔහු ස්නානය කර පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිට තම වතාවන් ඉටු කළ යුතුයි.

    10- ලිංගික ඇසුර. මෙය තහනම් කරන ලද දෑ අතුරින් පාපයෙන් බලවත් විෂයයකි.

    11- දුරාචාරයෙන් පාපකමින් තර්ක විතර්ක හා වාද වලින් වැළකී සිටීම

    · කවරෙකු තහනම් කරන ලැබූ මෙම ක්‍රියාවන් අතුරින් යමක් නොදැනුවත්ව හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ කරන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. ෆිද්යා හෙවත් සතෙක් කැප කිරීමට ද අවශ්‍ය නොමැත. නමුත් ඔහු තහනම් කරනු ලැබූ ක්‍රියාවෙන් ක්ෂණිකව ඉවත් විය යුතුයි.

    දුරාචාරයන්, පාප ක්‍රියාවන් හා තර්කයන් හැර කෙනෙකුගේ අසනීපය හේතුවෙන් හෝ බල කිරීමක් හේතුවෙන් දැන දැනම උවමනාවෙන්ම යමෙකු කළේ නම් ෆිද්යා ලබා දීම ඔහු කෙරෙහි පැවරේ. එවිට ඔහු කෙරෙහි පාපයක් ඇති නොවෙයි. කිසිදු අවශ්‍යතාවක් හෝ හේතුවක් නොමැතිව එසේ කළේ නම් එවිට ඔහු පාපියෙකු වෙයි. ෆිද්යා පිළිබඳ සඳහන් කර ඇති අයුරින් ෆිද්යා ලබා දීමත් පසුතැවිලි වී සමාව අයැදීමත් තමන් කරමින් සිටි තහනම් දැයින් ක්ෂණිකව ඉවත් වීමත් ඔහුගේ වගකීමකි.

    · ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී සංසර්ගයේ යෙදුන අයගේ නීතිය

    කවරෙකු හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් නිය්යතය තබා පසුව ඔහු ඉහ්රාම් තත්ත්වයේ සංසර්ගයේ යෙදුණේ නම් එයට අවස්ථා දෙකක් ඇත.

    පළමුවැන්න : මිනිසෙකු නොදැනුවත් කමින් හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ තම බිරිය සමඟ සංසර්ඝයේ යෙදුණේ නම් ඔහු කෙරෙහි පාපයක් නොමැත. එමෙන්ම ෆිද්යා ලබා දීමේ අවශ්‍යතාවක් ද නොපවතී. ඔහුගේ හජ් කර්තව්‍යය නිවැරදිය.

    දෙවැන්න: ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී බිරිය සමඟ උවමනාවෙන්ම සංසර්ගයේ යෙදුණේ නම් එවිට ඔහු බරපතළ පාපයක් සිදු කළ අයෙකු වෙයි. අල්ලාහ්ගේ සීමාවන් අබිබවා ගිය හෙයින් ද ඉහ්රාම් හි ගෞරවය කෙලෙසූ හෙයින් ද වත් පිළිවෙත් වල පිවිතුරු කම කිලිටි කළ හෙයින් ද ඔහුගේ වන්දනාමාන කෙලෙසා ගැනීමක් බවට පත් වෙයි.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ

    හජ් (ඉටු කළ යුතු වන්නේ) මැනවින් හඳුනන මාසයන්හිය. කවරෙකු එහි හජ් අනිවාර්යය කර ගන්නේ ද ඔහුට හජ් හි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. යහපතෙන් නුඹලා කවර දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් වෙනුවෙන්) අවශ්‍ය කළමනා රැස් කර ගනිවු. සැබැවින්ම අවශ්‍ය කළමනා අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බිය භක්තිමත් කමය. තවද අවබෝධ කර ගන්නනි, නුඹලා මා හට බිය භක්තිමත් වවු. (අල්-කුර්ආන් 2:197)

    2-

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ قَالَ النّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ" (متفق عليه)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    කවරෙකු අපගේ කරුණක් නොවන ක්‍රියාවක් කළේ ද එය ප්‍රතික්ෂේප කරන ලද්දකි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · ඉහ්රාම් විෂයෙහි පිරිමියෙකු හා කාන්තාවක අතර ඇති වෙනස

    මසා නිම කළ ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් හැර ඉහත සඳහන් කළ සෙසු සියලුම තහනම් දෑ හි කාන්තාව ද පිරිමියා මෙන්මය. එමෙන්ම අන්‍ය පිරිමින් ඉදිරියේ සිටිය ද කාන්තාව තම මුහුණ ආවරණය වන පරිදි නිකාබ් පැලඳීමෙන් ද හිස ආරවණය කිරීමෙන් ද මොට්ටක්කිලිය මුහුණ මත එල්ලීමට සැලැස්වීමෙන් ද වැළකී සිටිය යුතුයි. තවද අත් වැසුම් පැලඳීමෙන් ද වැළකී සිටිය යුතුයි. නමුත් ආභරණ පැලඳීම ඇයට අනුමතය.

    · වත්පිළිවෙත් වලින් මිදීමේ වේලාව

    1- හජ් හි ප්‍රථම මිදීමෙන් අඹුසැමි ලිංගික ඇසුර හැර සෙසු සියලුම තහනම් ක්‍රියාවන්ගෙන් ඔහු මිදෙනු ඇත. මෙසේ මිදීම සිදු වනුයේ අකබා නම් ස්ථානයේ ගල් ගසා හිස බූ ගෑමෙන් පසුවය. තවාෆ් කිරීමෙන් පසුව ඉහ්රාම් හේතුවෙන් තහනම් වූ සියලු දැයින් සම්පූර්ණයෙන්ම මිදෙනු ඇත.

    කවරෙකුට හද්යු ලබා දීමට සිදු වූයේ ද එය ඔහු ඉටු කරන තෙක් ගල් ගැසීම හා හිස බූ ගෑම සමඟම ඉහ්රාමයෙන් ඉවත් නොවිය යුතුයි.

    2- උම්රාවේ ඉහ්රාමයෙන් මිදෙනුයේ තවාෆ් කිරීමෙන් සෆා මර්වා කඳු අතර දිවීමෙන් හා හිස කෙස් කැපීමෙන් හෝ හිස බූ ගෑමෙන් පසුවය.

    · ඉහ්රාම් ඇඳ ගත් කාන්තාවක් ඔසප් තත්ත්වයට පසු වූයේ නම් ඇයගේ නීතිය

    තමත්තුඃ ක්‍රමයට හජ් වන්දනාව ඉටු කරන කාන්ත්වක් තවාෆ් කිරීමට මත්තෙන් ඔසප් තත්ත්වයට පත් වී හජ් අතපසු වේවි යැයි බියක් ඇයට ඇති වූ විටක හජ් සඳහා ඉහ්රාම් චේතනාව තබා ගනිමින් උම්රාවෙ හි එය ඇතුළත් කරයි. එවිට ඇය කිරාන් ක්‍රමය පිළිපඳින්නියකුගේ තත්ත්වයට පත් වන්නීය. හේතු සහගත උදවිය ද මේ හා සමානය.

    ඔසප් හා දරු ප්‍රසූත රුධිර වහනය ඇති වූ කාන්තාව අල්ලාහ්ගේ නිවස තවාෆ් කිරීම හැර සෙසු සියලු වතාවන් ඉටු කරන්නීය. තවාෆ් අතරවාරයේ ඔසප් තත්ත්වයට ඇය පත් වූයේ නම් එයින් ඇය බහැර වන්නීය. හජ් සඳහා වූ කාලය සමීප නම් හජ් සඳහා ඉහ්රාම් චේතනාව තබා ඇය එය උම්රාවෙ හි ඇතුළත් කරයි. එවිට ඇය කිරාන් ක්‍රමයට අයත් කාන්තාවක් වන්නීය.

    · ඉහ්රාම් තත්ත්වයේ හිසකෙස් හා නියපොතු කැපීමේ නීතිය

    හිස කෙස් කැපීම හෝ ශරීරයේ රෝම ඉවත් කිරීම හෝ නියපොතු කැපීම හෝ ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නෙකුට සුදුසු නොවෙයි.

    හිස කෙස් කැපීම: එය සම්පූර්ණයෙන් නොකපා ඉතිරි කිරීම නැමදුමකි. එමෙන්ම සම්පූර්ණයෙන්ම හිස මුඩු කිරීමත් නැමදුමකි. ඒ පිළිබඳව උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ

    නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)

    නියපොතු කැපීම හා ශරීර රෝම ඉවත් කිරීම: ඉහ්රාම් තත්ත්වයේ තහනම් කළ දැයින් මිදුනු පසුව අල්ලාහ් කරන මෙන් නියෝග කර ඇති අත්-තෆසු හෙවත් අපිරිසිදු දෑ ඉවත් කිරීමට අදාළ කරුණකි.

    ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ

    පසුව ඔවුන් ඔවුන්ගේ (නියපොතු රෝම වැනි) කිලිටි ඉවත් කරත්වා! ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා පුරාණ ගෘහය තවාෆ් කරත්වා! (අල්-කුර්ආන් 22:29)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී නියපොතු කැපූ බවට හෝ තම ශරීරයේ රෝම ඉවත් කළ බවට හෝ නියමිත සඳහනක් පැමිණ නැත. ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නෙකුට යම් හේතු සාධකයක් ඇතුවා මිස තම ශරීරයෙන් යමක් ඉවත් කිරීම අනුමත නොවෙයි.

    عَنْ جَبِرٍ رضي الله عنه قال: "رأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْمِي عَلَى رَاحِلَتِهِ يَوْمَ النَّحْرِ وَيَقُولُ لِتَأْخُذُوا مَنَاسِكَكُمْ فَإِنِّي لَا أَدْرِي لَعَلِّي لَا أَحُجُّ بَعْدَ حَجَّتِي هَذِهِ" (أخرجه مسلم)

    ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා තම වාහනය මහ ඉඳමින් අවුරුදු දින (අකබාවෙ හි ෂෙයිතාන්ට) ගල් ගසනු මම දුටුවෙමි. තව දුරටත් එතුමා නුඹලාගේ (හජ්) වන්දනාමාන පිළිබඳව මැනවින් (අවබෝධයට) ගන්න. මාගේ මෙම හජ් වන්දනාවට පසුව නැවත හජ් ඉටු කරන්නට හැකි වේවි දැයි මම නොදනිමි යැයි ද ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

    · ඉහ්රාම් ඇඳ ගත් කෙනෙකුට අනුමත දෑ

    1. ගොවිපොළ සතුන් කුකුළන් වැනි දෑ කැපීම සඳහා ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නෙකුට අනුමැතිය ඇත. එමෙන්ම හරම් සීමාව තුළ සිංහයින් වලසුන් කොටින් සර්පයින් ගෝනුස්සන් මීයන් වැනි හානිදායක මෘග පැවතුම් ඇති සතුන් මරා දැමීමටත් අනුමැතිය ඇත. එමෙන්ම හූනන් වැනි හානිදායක සතුන් ද මරා දැමීමට අනුමැතිය ඇත. එය එකවර පහර දී මරා දැමීම ඉතා උතුම්ය. ඒ සඳහා කුසල් සියයක් හිමි වනු ඇත. එමෙන්ම මුහුදෙ හි මසුන් ඇල්ලීමත් එය ආහාරයට ගැනීමත් අනුමතය.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُوا اللهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ

    (ඉහ්රාම් තත්ත්වයේ නුඹලා සිටිය දී) නුඹලාටත් නුඹලාගේ මගීන්ටත් භුක්ති විඳීමක් වශයෙන් මුහුදෙ හි දඩයම් කිරීම නුඹලාට අනුමත කරන ලදී. තවද නුඹලා ඉහ්රාම් තත්ත්වයේ පසු වන තාක් ගොඩබිම් සතුන් දඩයම් කිරීම නුඹලා කෙරෙහි තහනම් කරන ලදී. නුඹලා සියල්ල තමන් වෙත එක්රැස් කරනු ලබන අල්ලාහ්ට බිය භක්තිමත් වවු. (අල්-කුර්ආන් 5:96)

    2-

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا عَنْ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "خَمْسٌ فَوَاسِقُ يُقْتَلْنَ فِي الْحَرَمِ الْفَأْرَةُ وَالْعَقْرَبُ وَالْحُدَيَّا وَالْغُرَابُ وَالْكَلْبُ الْعَقُورُ" (متفق عليه)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    නපුරු සතුන් පස් දෙනෙකු හරම් තුළ මරණු ලැබේ. එනම් ගෝනුස්සා මීයා උකුස්සා කපුටා පිස්සු බල්ලා. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2. ඉහ්රාම් චේතනාව තැබුවායින් පසුව එසේ ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නා ස්නානය කර ගැනීමටත් තම හිස හා ඇඳුම් සෝදා ගැනීමටත් ඉහ්රාම් ඇඳුම් මාරු කිරීමටත් අනුමැතිය ඇත.

    ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නා රිදී මුදු, ඇස් කණ්ණාඩි, ශ්‍රවණ යන්ත්‍ර, අත් ඔරලෝසු, ඉණ පටි, හම් සෙරප්පු, ඒවා මසා නිම කර තිබුණ ද පැලඳීමට අනුමැතිය ඇත.

    තවද තුවාල වලට වෙළුම් පටි බැඳීම, කටු ගැසීම, රුධිරය ගැනීම වැනි දෑ කිරීමට ද අනුමැතිය ඇත.

    3. ඉහ්රාම් තත්ත්වයේ සිටින්නෙකු සුවඳ ආඝ්‍රාණය කිරීමටත් කූඩාරම් තනා හෝ වාහනය තුළ හෝ හෙවණ පැතීමටත් හිස කැසීමටත් අනුමැතිය ඇත. එසේ කළ විට ඉන් හිසකෙස් වැටුණ ද වරදක් නොවේ.

    · උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළ අයෙකු දුල් හිජ්ජා මස දින දහයෙහි හජ් වන්දනාවෙ හි නිරත වන්නේ ද එවිට ඉහ්රාම් අවස්ථාවේ දී නියපොතු හා රෝම ඉවත් කිරීම අවශ්‍ය කාර්යයක් නොවෙයි. නමුත් හිස මුඩු කිරීමට හෝ තමත්තුඃ ක්‍රමයට හජ් කරන්නෙකු නම් හිසකෙස් කොටසක් කපා හැරීමට හෝ පමණක් අනුමැතිය ඇත. හේතුව හිස මුඩු කිරීමත් එය කපා හැරීමත් හජ් හි වත්පිළිවෙත් වලින් එකක් බැවිනි.

    · ඉහ්රාම් ඇඳ ගත් කෙනෙකු මරණයට පත් වූයේ නම් කළ යුතු දෑ

    යමෙකු හජ් හෝ උම්රා කරමින් සිටිය දී මරණයට පත් වන්නේ ද හජ් හි ක්‍රියාවන් අතුරින් අතපසු වූ කිසිවක් ඔහු වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය නොවේ. ඔහු කවර ඇඳුමකින් සැරසී සිටින්නේ ද ඒ ඇඳුමෙන්ම වළ දමනු ලැබේ. හේතුව ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි තල්බියා පවසන්නෙකු ලෙස අවදි කරවනු ලැබේ.

    කිසිවිටක සලාතය ඉටු නොකළ තත්ත්වයේ කෙනෙකු මිය ගියේ නම් ඔහු වෙනුවෙන් හජ් ඉටු කිරීමට හෝ සදකා ලබා දීමට හෝ සුදුසු නොවෙයි. හේතුව ඔහු ආගමින් බැහැර වූ අයෙකු බැවිනි.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمْ أَنَّ رَجُلًا وَقَصَهُ بَعِيرُهُ وَنَحْنُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ وَكَفِّنُوهُ فِي ثَوْبَيْنِ وَلَا تُمِسُّوهُ طِيبًا وَلَا تُخَمِّرُوا رَأْسَهُ فَإِنَّ اللهَ يَبْعَثُهُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا (متفق عليه)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටිය දී මිනිසෙකුව ඔහුගේ ඔටුවා ඔහු ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී ගෙලට පහර දී මරා දැමීය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ‘‘ඔබ ඔහුව ජලය හා සිද්ර් නම් කොළ වර්ගය භාවිත කරමින් නාවන්න. රෙදි කඩ දෙකෙහි ඔහුව කෆන් කරන්න. ඔහුට සුවඳ විලවුන් නොගල්වන්න. ඔහුගේ හිස ආවරණය නොකරන්න. සැබැවින්ම අල්ලාහ් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තල්බියා පවසන්නෙකු වශයෙන් ඔහු අවදි කරවනු ඇත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    4- අල්-ෆිද්යා

    · ෆිද්යා වන්දිය ලබා දීම අනුව ඉහ්රාම් හි තහනම් කරනු ලැබූ දෑ කොටස් තුනකට බෙදේ.

    පළමුවැන්න: ෆිද්යා ලබා දීමට අවශ්‍ය නොවන දෑ. එය විවාහ ගිවිසුම් ඇති කර ගැනීමය.

    දෙවැන්න: ෆිද්යාව ප්‍රතිකර්මයක් වශයෙන් හෝ යමක් වෙනුවෙන් හෝ ලබා දිය යුතු දෙයක් ලෙස පිහිටන දෑ. එය ආහාරයට ගනු ලබන ගොඩ බිම වෙසෙන සතෙකු මරා දැමීම.

    තුන්වැන්න: ෆිද්යතුල් අදා හෙවත් අලාභය පිරිමැසීමක් වශයෙන් ලබා දෙන දෑ. එනම් හිස මුඩු කිරීම සුවඳ විලවුන් ගැල්වීම වැනි ඉහත සඳහන් කළ දෑ හැර සෙසු තහනම් කරන ලද දෑ වේ.

    කෙනෙකු රෝගියෙකු නම් හෝ හේතු සහගත යමක් ඇති කෙනෙකු නම් හෝ ඉහ්රාම් හි තහනම් කරන ලද සංසර්ගයේ නියැළීමේ කාරණාව හැර හිස මුඩු කිරීම මැසූ ඇඳුම් ඇදීම වැනි දෙයක් කිරීමට අවශ්‍යතාවක් ඇති වුවහොත් එය ඔහුට කළ හැකිය. නමුත් ඒ වෙනුවෙන් ෆිද්යතුල් අසා හෙවත් අඩු ව පියවීමේ වන්දිය ලබා දිය යුතුයි.

    · ෆිද්යතුල් අසා

    ෆිද්යතුල් අසා හෙවත් අඩු ව පියවීමේ වන්දිය සම්බන්ධයෙන් ඉහ්රාම් තත්ත්වයේ සිටින්නා මෙහි දී කරුණු තුනින් එකක් තෝරා ගනී.

    1- දින තුනක් උපවාසයේ නිරත වීම

    2- දිළින්ඳන් සය දෙනෙකුට ආහාර සැපයීම. සෑම දිළින්ඳෙකුටම තිරිඟු හෝ හාල් හෝ රට ඉඳි හෝ එවැනි ආහාර ද්‍රව්‍යයන්ගෙන් සාඃ භාගයක් ලබා දිය යුතු වේ. එසේ නොමැතිනම් සුපුරුදු පරිදි සෑම ඳිළෙන්ඳෙකුටම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දිය යුතු වේ.

    3- එසේ නොමැති නම් එළුවෙකු කැපීම වේ.

    උපවාසය කවර ස්ථානයක හෝ වේවා ඉටු කළ හැක. නමුත් ආහාර සැපයීමත් එළුවෙකු කැප කිරීමත් ඔහු මක්කාහ් සීමාව තුළ සිටියදීම මක්කාහ්වේ දිළින්ඳන්ට ලබා දිය යුතු වේ.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ

    හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුයේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. නුඹලාගෙන් කවරෙකු රෝගියෙකුව හෝ එසේත් නොමැති නම් ඔහුට තම හිසෙ හි වේදනාවක් ඇති වූ විටක (එමගින් හිස මුඩු කිරීමට සිදු වුවහොත් ඒ සඳහා) උපවාසයෙන් හෝ සදකාවෙන් හෝ සත්ව කැප කිරීමෙන් වන්දිය (ගෙවිය යුතු) වෙයි. ... (අල්-කුර්ආන් 2:196)

    · ඉහ්රාම් අවස්ථාවේ තහනම් කරනු ලැබූ ක්‍රියාවක් කළ අයගේ නීතිය

    කවරෙකු ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ ක්‍රියාවක් නොදැනුවත්ව හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ සිදු කරනු ලබන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොපවතියි. එමෙන්ම වන්දියක් ගෙවීමට ද අවශ්‍යතාවක් නොමැත. නමුත් ඔහු කරමින් සිටි තහනම් දැයින් බැහැර විය යුතු වෙයි.

    කවරෙකු තම අවශ්‍යතාව උදෙසා උවමනාවෙන්ම තහනම් කළ යමක් සිදු කරන්නේ ද අල්-කුර්ආන් හි සඳහන් පරිදි ඔහු වන්දිය ලබා දීම අනිවාර්යය වේ. ඔහු කෙරෙහි පාපයක් නොපවතී.

    කිසිදු හේතුවකින් හා කිසිදු අවශ්‍යතාවකින් තොරව ලිංගික ඇසුරුකම් හැර තහනම් කළ සෙසු දෑ කවරෙකු උවමනාවෙන්ම ඉටු කරන්නේ ද ඔහු පාපියෙකු වෙයි. නමුත් අල්-කුර්ආනයේ සඳහන් පරිදි සිදුවුණු අඩුපාඩුව පියවීම සඳහා ඔහු විසින් වන්දිය ගෙවිය යුතු අතර පසුව පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටිය යුතුයි.

    ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී කෙනෙකු ලිංගික ඇසුරකින් තොරව ජුනුබ් තත්ත්වයට (මෝචනයට) පත් වූයේ නම් ඔහු කෙරෙහි පාපයක් නොමැත. එමෙන්ම ෆිද්යා ලබා දීමක් ද නැත. නමුත් ඔහු ස්නානය කර ඉතිරිව පවතින වතාවන් සම්පූර්ණ කළ යුතු වේ.

    · ගොඩ බිම සතෙකු දඬයම් කිරීම වෙනුවෙන් ලබා දිය යුතු වන්දිය.

    කවරෙකු ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී ගොඩ බිම වෙසෙන සත්වයකු උවමනාවෙන්ම දඬයම් කරන්නේ ද එම සත්වයා ගොවිපළ සතුන්ට සමාන සතෙකු නම් ඒ හා සමාන ගොවිපළ සත්වයෙකු වන්දි වශයෙන් නිකුත් කර හරම් හි වෙසෙන දුගියන්ට ආහාර ලබා දීමට හෝ එසේ නොමැතිනම් එය මිල කර එහි වටිනාකමට අනුව ආහාර මිලට ගෙන දුගියෙකුට සාඃ භාගයක ප්‍රමාණයක් ලබා දීමට හෝ එසේත් නොමැති නම් සෑම දුගියෙකුගේ ආහාර වේලට සරිලන පරිදි උපවාසයක් බැගින් ඉටු කිරීම හෝ යන කරුණු වලින් එකක් තෝරා ගැනීමේ ස්වාධීනත්වය ඔහු සතුය.

    එම සත්වයා එවන් සතෙකු නොවේ නම් දඬයම් කළ සත්වයා මිල කර ඒ අනුව ආහාර ලබා දීම හෝ එයට සරිලන පරිදි උපවාසයේ නිරත වීම හෝ ඔහුට තෝරා ගත හැක.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنْتُمْ حُرُمٌ وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِنْكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَلِكَ صِيَامًا لِيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللهُ عَمَّا سَلَفَ وَمَنْ عَادَ فَيَنْتَقِمُ اللهُ مِنْهُ وَاللهُ عَزِيزٌ ذُو انْتِقَامٍ (95)

    විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී නුඹලා දඬයම් සතුන් නොමරවු. නුඹලා අතුරින් කවරෙකු ඕනෑකමින් එය මරා දමන්නේ ද නුඹලා අතුරින් යුක්තිගරුක දෙදෙනෙකු ඒ පිළිබඳ දෙන තීන්දුව අනුව එයට ප්‍රතිකර්මය වන්නේ මැරූ සතාට සමාන ගොවිපළ සතෙකුය. එය කඃබාවට ලැබිය යුතු සත්ව කැප කිරීමක් වශයෙනි. එසේ නොමැති නම් පාපශෝදනය වන්නේ දිළින්ඳන්ට ආහාර සැපයීම හෝ එයට සමාන වන ප්‍රමාණයෙන් උපවාසයේ නියැළීමය. (මෙය) ඔහු කළ දෑ හි ආදීනව භුක්ති විඳීමක් වශයෙනි. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු (එම වරද) නැවතත් කරන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ප්‍රතිහිංසාකාරී දඬුවම් දෙන්නේය. තවද අල්ලාහ් අතිබලසම්පන්නය. ප්‍රතිහිංසකය. (අල්-කුර්ආන් 5:95)

    · දඬයම් කළ සත්වයාට සමාන සත්වයන් හා සමාන නොවන සත්වයින්

    1- ගොවිපළ සතුන් අතරින් දඬයම් කළ සතාට සමාන සත්වයින්

    පැස්බරාට සමාන ගොවිපළ සතා ඔටුවාය. සීබ්රා, පිනි මුවා, කොටළුවා වැනි සතුන්ට සමාන ගොවිපළ සතා ගවයාය. හයිනාට සමාන සතා බැටළුවාය. මුවාට සමාන සතා එළුවාය. රට හාවා තලගොයා වැනි සතුන්ට සමාන සතා එළුච්චියයි. රට මීයාට සමාන සතා එළු පැටියාය. හාවාට සමාන සතා ගැහැනු එළු පැටියාය. පරවියා හා ඒ ඝනයට අයත් සතුනට සමාන ගොවිපළ සතා එළුවාය. මේ හැර සෙසු සතුන් සම්බන්ධයින් විද්වතුන් දරණ සාධාරණීය තීන්දුව මත ක්‍රියාත්මක වෙයි.

    2- සමාන කළ නොහැකි දඩයම් සතුන්

    මෙවන් සතෙකු දඬයම් කළේ නම් එම සතා මිල කර, එහි වටිනාකමට සරිලන පරිදි ආහාර මිලට ගෙන, එක් එක් දුගියෙකුට මුද්දු එක බැගින් ලබා දිය යුතුයි. එසේ නොවේ නම් ඊට සරිලන අයුරින් උපවාසයේ නිරත විය යුතුයි.

    හරම් සීමාව තුළ තිබෙන ගස් කැපීම හා එහි සතුන් දඩයම් කිරීමෙහි නීතිය

    1- යමෙකු ඉහ්රාම් තත්ත්වයේ සිටිය ද සාමාන්‍ය ලෙස සිටිය ද පොදුවේ ඔහුට මක්කාහ්වේ හරම් සීමාව තුළ ඉද්හර් නමැති පැළෑටිය හා මිනිස් ශ්‍රමයෙන් හිටවන ලද ගස් හැර සෙසු පැළෑටි හෝ ගස් කැපීම තහනම් කරන ලදී. එහි දී ෆිද්යා ලබා දීමක් අවශ්‍ය නොමැත. එය හරම් සීමාව තුළ සතුන් දඬයම් කිරීමේ නීතිය හා සමානය. එනම් දඩයම් කළේ නම් එවිට ෆිද්යා ලබා දිය යුතු වෙයි.

    2- මදීනා හරම් සීමාව තුළ ද දඬයම් කිරීම හා ගස් කැපීම තහනම්ය. එහි දී ෆිද්යා ලබා දීමක් නොමැත. නමුත් දඩයම් කරන්නා අවවාද කරනු ලැබේ. ඔහුව දැනුවත් කරනු ලැබේ. එහි ඇති පැළෑටි ආහාරයට අවශ්‍ය ප්‍රමාණයක් පමණක් ගනු ලැබේ. මෙම පාරිශුද්ධ ස්ථාන දෙක හැර ලොවෙ හි වෙනත් කොතැනක හෝ හරම් හෙවත් පාරිශුද්ධ ස්ථානයක් නොමැත.

    · තහනම් කරන ලද දෙයක් නැවත නැවතත් ඉටු කරන්නාගේ නීතිය.

    කවරෙකු තහනම් කරන ලද කරුණක් කර ෆිද්යා නොදුන් තත්ත්වයේ එම කරුණම නැවත නැවතත් කළේ නම් එක් වතාවක් පමණක් ෆිද්යා ලබා දෙයි. මෙය දඩයම් කිරීමේ නීතියට පටහැණිය.

    කවරෙකු තහනම් කරන ලද හිස බූ ගෑම සුවඳ විලවුන් ගැල්වීම වැනි විවිධ වර්ගයට අයත් තහනමක් කරන්නේ ද එවිට ඔහු ඒ සෑම වර්ගයකම තහනම් දෑ සඳහා ෆිද්යා ලබා දිය යුතු වේ.

    ඉහ්රාම් තත්ත්වයේ විවාහයක් ගිවිස ගැනීම තහනම්ය. එය නීත්‍යනුකූල නොවේ. එහි දී ෆිද්යා ලබා දීමක් නොමැත. එමෙන්ම පසුව එය නැවත ගිවිස ගත හැක.

    · හජ් හා උම්රාවෙ හි සත්ව කැප කිරීමේ වර්ග

    හජ්හි හා උම්රාවෙ හි අනිවාර්යයෙන්ම දම් හෙවත් සතෙකු කැප කිරීමේ වර්ග හතරකි.

    පළමුවැන්න: තමත්තුඃ හා කිරාන් වෙනුවෙන් ලබා දෙන සත්ව කැප කිරීම. මෙයින් හජ් වන්දනාකරුවා අනුභව කළ හැක. එයින් දුප්පතුන්ට ද ආහාර සපයයි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ

    ... එවිට කවරෙකු උම්රාවෙන් (පසු) හජ් වන තෙක් විවේකයක් ගන්නේ ද ඔහු හද්යෙන් පහසු වන දෑ (දිය යුතුව) ඇත. ... (අල්-කුර්ආන් 2:196)

    දෙවැන්න: යම් කිසි හේතුවක් මත හිස බූ ගෑම මසා නිම කළ ඇඳුම් ඇඳීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ යමක් කළේ නම් ඒ සඳහා වන්දියක් වශයෙන් පිරිනමන සත්ව කැප කිරීම. ෆිද්යතුල් අදා හෙවත් අඩුව පියවීමේ වන්දියක දී උපවාසය හෝ ආහාර සැපයීම හෝ සතෙකු කැප කිරීම යන කරුණු අතුරින් එකක් තෝරා ගැනීමේ නිදහස ඉස්ලාම් පිරිනමා ඇත.

    තුන්වැන්න, හජ් වන්දනාවන් සම්පූර්ණව ඉටු කිරීමෙන් හෝ බයිතුල්ලාහ්වට පිවිසීමෙන් යමෙකු වළක්වනු ලබන්නේ නම් එහි අසම්පූර්ණත්වය පියවීම උදෙසා ලබා දෙන්නා වූ සත්ව කැප කිරීම. මෙහි කොන්දේසි පැනවීමක් නොමැත.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ

    හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුයේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැපකිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. නුඹලාගෙන් කවරෙකු රෝගියෙකුව හෝ එසේත් නොමැති නම් ඔහුට තම හිසෙ හි වේදනාවක් ඇති වූ විටක (එමගින් හිස මුඩු කිරීමට සිදු වුවහොත් ඒ සඳහා) උපවාසයෙන් හෝ සදකාවෙන් හෝ සත්ව කැප කිරීමෙන් වන්දිය (ගෙවිය යුතු) වෙයි. ... (අල්-කුර්ආන් 2:196)

    හතරවැන්න, ආහාරයට ගනු ලබන ගොඩබිම සතෙකු දඬයම් කර මරා දැමූ අය එයට ප්‍රතිකර්මයක් වශයෙන් ලබා දිය යුතු සත්ව කැප කිරීම.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنْتُمْ حُرُمٌ وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِنْكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَلِكَ صِيَامًا لِيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللهُ عَمَّا سَلَفَ وَمَنْ عَادَ فَيَنْتَقِمُ اللهُ مِنْهُ وَاللهُ عَزِيزٌ ذُو انْتِقَامٍ (95)

    විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී නුඹලා දඬයම් සතුන් නොමරවු. නුඹලා අතුරින් කවරෙකු ඕනෑකමින් එය මරා දමන්නේ ද නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු ඒ පිළිබඳ දෙන තීන්දුව අනුව එයට ප්‍රතිකර්මය වන්නේ මැරූ සතාට සමාන ගොවිපළ සතෙකුය. එය කඃබාවට ලැබිය යුතු සත්ව කැප කිරීමක් වශයෙනි. එසේ නොමැති නම් පාපශෝදනය වන්නේ දිළින්ඳන්ට ආහාර සැපයීම හෝ එයට සමාන වන ප්‍රමාණයෙන් උපවාසයේ නියැළීමය. (මෙය) ඔහු කළ දෑහි ආදීනව භුක්ති විඳීමක් වශයෙනි. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු (එම වරද) නැවතත් කරන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ප්‍රතිහිංසාකාරී දඬුවම් දෙන්නේය. තවද අල්ලාහ් අතිබලසම්පන්නය. ප්‍රතිහිංසකය. (අල්-කුර්ආන් 5:95)

    අවසානයේ ප්‍රකාශ කළ සත්ව කැප කිරීමේ වර්ග තුන යම් කිසි නැමදුමක අඩුපාඩුවක් වෙනුවෙන් හෝ යම් ක්‍රියාවක් අතහැරීම හේතුවෙන් සිදු වුණු අඩුපාඩුවක් වෙනුවෙන් හෝ එම අඩුපාඩුව පිරවීම පිණිස දෙනු ලබන සත්ව කැප කිරීම්ය. එබැවින් එයින් අනුභව නොකළ යුතුයි. නමුත් එය කැප කර තමන් මක්කාහ්වේ සිටින්නේ නම් එහි ඇති දුගියන්ට අනුභව කිරීමට සැලැස්විය යුතු වේ. තමන් මක්කාහ්වෙන් බැහැරව සිටින්නේ නම් ඔහු වෙසෙන ස්ථානයේම අනුභව කරන්නට සලස්වයි.

    පොදුවේ හජ් හා උම්රා නැමදුම් ඉටු කිරීමේ දී හරම් සීමාව තුළ වෙසෙන දුගියන්ට ධනවතුන් විසින් දාන මාන පරිත්‍යාගයන් පිරි නැමීම සුන්නාහ්වකි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    අල්ලාහ්ගේ මාර්ගයේ තමන්ගේ සම්පත් වියදම් කර, පසුව තමන් වියදම් කළ දෑ පිළිබඳව කියා පෑමකින් හා රිදවීමකින් අනුගමනය නොකරන්නේ ද ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත. තවද ඔවුනට (කිසිඳු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නේ ද නැත. (අල්-කුර්ආන් 2:262)

    · සතෙකු පිරිනැමනු ලැබීමට අනිවාර්යය උදවිය

    මස්ජිදුල් හරාම් හි වැසියන්, එනම් එහි වෙසෙන සියලුම වැසියන් මෙයින් අදහස් කෙරේ.

    මස්ජිදුල් හරාමය අසල පදිංචිකරුවන්, එනම් හරම් සීමාවට සමීපයෙන් තම වාසස්ථාන ඇති උදවිය වෙති. ඔවුන් මක්කාහ්ව අවට ඇති ගම්මාන වල පදිංචිකරුවන් මෙන් නොව මොවුනට හද්යු ලබා දීමක් නොමැත. හරම් වැසියන් මෙන් තවාෆුල් විදා හෙවත් අවසන් තවාෆ් කිරීමේ වගකීම ද මොවුනට නොමැත.

    නමුත් තමත්තුඃ ක්‍රමයට හා කිරාන් ක්‍රමයට හජ් උම්රා කරන උදවිය මස්ජිදුල් හරාම් අසල නොවෙත් නම් ඔවුන් හද්යු ලබා දිය යුතුය. එය එළුවෙකි. එසේ නොමැති නම් ඔටුවෙකු හෝ ගවයෙකුගේ හතෙන් එකක කොටසකි.

    කවරෙකුට හද්යු ලබා දීමට නොලැබුණේ ද එසේ නැතිනම් එය ලබා දීමට නොහැකි වූයේ ද අරෆාවට පෙර හෝ පසු හජ්හි දින තුනක් ද එනම් එහි අවසානය හජ් මස 13 වැනි දිනයට යෙදෙයි. මෙයයි උතුම් ක්‍රමය වනුයේ. පසුව තම නිවෙස් බලා පැමිණ දින හතක් ද උපවාසයේ නිරත විය යුතුය. නමුත් ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන උදවියට හද්යු ලබා දීමක් නැත.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ (196)

    හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. නුඹලාගෙන් කවරෙකු රෝගියෙකුව හෝ එසේත් නොමැති නම් ඔහුට තම හිසෙ හි වේදනාවක් ඇති වූ විටක (එමගින් හිස මුඩු කිරීමට සිදු වුවහොත් ඒ සඳහා) උපවාසයෙන් හෝ සදකාවෙන් හෝ සත්ව කැප කිරීමෙන් වන්දියක් (ගෙවිය යුතුව) ඇත. නුඹලා (වළකනු ලැබීමෙන්) සුරක්ෂිත වූයේ නම් එවිට කවරෙකු උම්රාවෙන් (පසු) හජ් වන තෙක් විවේකයක් ගන්නේ ද ඔහු හද්යෙන් පහසු වන දෑ (දිය යුතුව) ඇත. එය පූර්ණ දින දහයකි. මෙය (මෙම නීතිය) මස්ජිද් හරාම් අබියස තම පවුල(වාස භූමිය) නොමැති අය සඳහාය. නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් ලබා දීමෙ හි දැඩි බව නුඹලා දැන ගනිවු. (අල්-කුර්ආන් 2:196)

    · හද්යු හෙවත් සත්වයා කැප කිරීමේ ස්ථානය

    සෑම සත්ව කැප කිරීමක්ම, ආහාර සැපයීමක්ම හරම් සීමාව තුළ සිටින දුගියන් වෙත විය යුතුය. එනම් එය කැපීමත් බෙදා හැරීමත් ඒ තුළ සිදු විය යුතුයි.

    ෆිද්යතුල් අදා හෙවත් අඩුව පිරවීමේ හා මසා නිම කළ ඇඳුම් ඇඳීමේ වන්දි වශයෙන් ලබා දෙන දෑ හා හජ් කිරීමෙන් හෝ බයිතුල්ලාහ්වට පිවිසීමෙන් වළක්වනු ලැබීම හේතුවෙන් ලබා දෙන සත්ව කැප කිරීම වැනි දෑ එහි හේතු කාරණාව දුටු අවස්ථාවේම සිදු කළ යුතු වේ.

    දඬයම් කිරීමේ හේතුව මත එයට ප්‍රතිකර්මයක් වශයෙන් ලබා දෙන සත්ව කැප කිරීම හරම් සීමාවේ දුප්පතුන්ට විය යුතුය. නමු උපවාසය කවර ස්ථානයක හෝ වේවා ඉටු කළ හැක.

    තමත්තුඃ හා කිරාන් ක්‍රමයටත් පොදු ක්‍රමයටත් ලබා දෙන සත්ව කැපකිරීම් හරම් සීමාව තුළ සිදු විය යුතුය. එයින් අනුභව කළ හැකි අතර එය පරිත්‍යාග ද කළ හැක. එයින් හරම් සීමාව තුළ වූ දුගියන්ට ආහාර වශයෙන් සලසා දිය ද හැක.

    හජ් කිරීමෙන් වළක්වනු ලබන්නා හද්යෙන් පහසු වන දෑ කැප කිරීම අනිවාර්යය වේ. පසුව ඔහු හිස බූ ගසයි. හද්යු ලබා දීමට නොලැබුණේ නම් ඉහ්රාමයෙන් මිදෙයි. ඔහු කෙරෙහි කිසිවක් නොපැවරෙයි. හේතුව එය ඉටු කිරීමේ හැකියාව නොලැබූ නිසා අනිවාර්යය භාවයෙන් ඔහු මිදුණු හෙයිනි.

    · හරම් සීමාව එපිටට මස් යැවීමේ නීතිය

    හජ් වන්දනාකරුවන් සතුන් කැප කරන වර්ග තුනකි.

    පළමුවැන්න: තමත්තුඃ හා කිරාන් වෙනුවෙන් හරම් සීමාව තුළ කැප කිරීම. එයින් අනුභව කළ හැක. දුගියන්ට ආහාරව වශයෙන් පිරිනැමිය හැක. එමෙන්ම හරම් සීමාව එපිටට යැවිය හැක.

    දෙවැන්න: දඩයම වෙනුවෙන් ප්‍රතිකර්මයක් වශයෙන් ද හිස මුඩු කිරීම වෙනුවෙන් වන්දියක් වශයෙන් ද තහනම් දෙයක් වෙනුවෙන් ක්‍රියාවට නැංවීමක් වශයෙන් ද කැප කරන සතුන්. මේ සියල්ල හරම් සීමාව තුළ සිටින දුගියන් වෙනුවෙනි. එයින් එය ලබා දෙන්නා අනුභව නොකළ යුතුයි.

    තුන්වැන්න: හජ් කිරීමෙන් වළකනු ලැබීම හේතුවෙන් ලබා දෙන සත්ව කැප කිරීමත් ප්‍රතිකර්මයට ලබා දෙන සත්ව කැප කිරීමත් ඒවා හැර වෙනත් දෑ සඳහා ලබා දෙන සත්ව කැප කිරීමත්ය. මේවා කපන ලද ස්ථානයේම බෙදා හරිනු ලැබේ. වෙනත් තැනකට යැවීමට ද ඔහුට අනුමැතිය ඇත නමුත් එයින් අනුභව කළ නොහැක.

    5- හජ් වන්දනාවේ වර්ග

    හජ් වන්දනාවේ වර්ග තුනකි. එනම් අත්-තමත්තුඃ, අල්-කිරාන් හා අල්-ඉෆ්රාද්

    1- තමත්තුඃ ක්‍රමය

    හජ් මාසයේ උම්රා සඳහා ඉහ්රාම් තැබීමයි. (අදිටන් කිරීමයි) මෙම ක්‍රමයේ අදිටන වාචිකව පවසනු ලබනුයේ

    لَبَّيْكَ عُمْرَةً

    ලබ්බෙයික් උම්රතන් යනුවෙනි.

    තේරුම: උම්රාවක් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.

    උම්රාව අවසන් කර ගත් පසුව ඉහ්රාමයෙන් ඉවත් වෙයි. පසුව මක්කාහ්ව තුළ හෝ එයට සමීප ස්ථානයක දී හෝ එම වසරේම හජ් සඳහා ඉහ්රාම් තබයි.

    මෙම ක්‍රමයේ අදිටන වාචිකව පවසනු ලබනුයේ

    لَبَّيْكَ حَجًّا

    ලබ්බෙයික් හජ්ජන් යනුවෙනි.

    තේරුම: හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.

    තමන් අවුරුදු දින අකබා නම් ස්ථානයට ගල් ගසා හිස මුඩු කරන තෙක් එම ඉහ්රාම් තත්තවයේම පසුවෙයි. පසුව ඔහු තමත්තුඃ සඳහා වූ හද්යු (සතෙකු කැප කිරීම) ලබා දිය යුතුයි.

    2- කිරාන් ක්‍රමය

    හජ් හා උම්රා එකවර ඉටු කිරීමට හෝ ප්‍රථමයෙන් හජ් ඉටු කර පසුව උම්රාවට ප්‍රවිෂ්ට වීමට ඉහ්රාම් තැබීමයි. එහි දී කිරාන් සඳහා වූ හද්යු(සත්ව කැපකිරීම) ලබා දිය යුතුයි. ඒ සඳහා වාචිකව පවසන ක්‍රමය වනුයේ

    لَبَّيْكَ عُمْرَةً وَحَجًّا

    ලබ්බෙයික් උම්රතන් වහජ්ජන්.

    තේරුම: උම්රා හා හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.

    යම් කිසි නොවැළැක්විය හැකි හේතුවක් මත උම්රාවට නියමිත තවාෆ් කිරීමට පෙර එම උම්රාවෙහිම හජ් ඇතුළත් කිරීමට අනුමැතිය ඇත. උදාහරණ වශයෙන් ඔසප් හෝ දරු ප්‍රසූත රුධිර වහනය ඇති වූ කෙනෙකු, හජ් ඉටු කිරීමේ කාලය ළං වුණු කෙනෙකු වැනි අය ගත හැක.

    3- ඉෆ්රාද් ක්‍රමය

    හජ් සඳහා පමණක් ඉහ්රාම් තැබීම ඒ සඳහා වාචිකව පවසන ක්‍රමය වනුයේ

    لَبَّيْكَ حَجًّا

    ලබ්බෙයික් හජ්ජන් යනුවෙනි.

    තේරුම: හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.

    කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නාගේ ක්‍රමවේදය හා ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නාගේ ක්‍රමවේදය එක හා සමානය. නමුත් කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නා කෙරෙහි හද්යු(සත්ව කැපකිරීමක්) ලබා දිය යුතු වේ. ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නා කෙරෙහි හද්යු ලබා දීමක් නොමැත.

    ඉෆ්රාද් ක්‍රමයට වඩා කිරාන් ක්‍රමයට හජ් ඉටු කිරීම උතුම්ය. ඒ දෙකටම වඩා තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කිරීම උතුම්ය.

    සුන්නාහ්ව ජීවමාන කිරීම පිණිසත් දහමෙහි පවතින විවිධත්වය ක්‍රියාවට නැංවීම පිණිසත් විටෙක තමත්තුඃ ක්‍රමයටත් විටෙක ඉෆ්රාද් ක්‍රමයටත් විටෙක ඉෆ්රාද් ක්‍රමයටත් අදිටන් කර ගැනීම සුන්නාහ්වකි. නමුත් තමත්තුඃ ක්‍රමය නිතර පිළිපැදිය යුතුයි. හේතුව එය වඩා උතුම් ක්‍රමයක් වන බැවිනි.

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: خَرَجْنَا مَعَ رَسُولِ اللهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ "مَنْ أَرَادَ مِنْكُمْ أَنْ يُهِلَّ بِحَجٍّ وَعُمْرَةٍ فَلْيَفْعَلْ وَمَنْ أَرَادَ أَنْ يُهِلَّ بِحَجٍّ فَلْيُهِلَّ وَمَنْ أَرَادَ أَنْ يُهِلَّ بِعُمْرَةٍ فَلْيُهِلَّ قَالَتْ عَائِشَةُ رَضِيَ اللهُ عَنْهَا فَأَهَلَّ رَسُولُ اللهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحَجٍّ وَأَهَلَّ بِهِ نَاسٌ مَعَهُ وَأَهَلَّ نَاسٌ بِالْعُمْرَةِ وَالْحَجِّ وَأَهَلَّ نَاسٌ بِعُمْرَةٍ وَكُنْتُ فِيمَنْ أَهَلَّ بِالْعُمْرَةِ" (متفق عليه)

    ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ දූතයාණන් සමග පිටත් ව ගියෙමු. එවිට එතුමා ඔබ අතුරින් කවරෙකු හෝ හජ් හා උම්රා යන දෙකට තල්බියා පවසන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු එය කරත්වා! තවද කවරෙකු හජ් සඳහා පමණක් තල්බියා පවසන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු එසේ තල්බියා පවසත්වා! කවරෙකු උම්රා සඳහා පමණක් තල්බිය්යා පවසන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු ද (ඒ සඳහා) තල්බියා පවසත්වා ! ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් හජ් සඳහා තල්බියා පැවසූහ. එතුමාණන් සමඟම ඇතැම් ජනයා එසේ තල්බියා පැවසූහ. ඇතැම් ජනයා උම්රා හා හජ් සඳහා තල්බියා පැවසූහ. තවත් සමහරුන් උම්රා සඳහා තල්බියා පැවසූහ. මම උම්රා සඳහා තල්බියා පවසන්නන් අතුරින් වූයෙමි යැයි ඇය පවසා සිටියාය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    හජ් වන්දනා ක්‍රම අතුරින් උතුම්ම ක්‍රමය

    සෑම හජ් වන්දනාකරුවෙකුම තමත්තුඃ ක්‍රමයට හජ් කිරීම අවශ්‍ය වෙයි. හජ් වන්දනා ක්‍රම අතුරින් වඩාත් ශ්‍රේෂ්ඨ උතුම්ම ක්‍රමය වනුයේ තමත්තුඃ ක්‍රමයයි. හේතුව මේ ක්‍රමය පිළිපදින්නැයි නබි තුමාණෝ තම මිතුරන්ට අණ කර ඇති අතර එතුමාණන්ගේ අවසාන හජ් වන්දනාවෙහි වන්දි වශයෙන් සත්ව කැප කිරීමක් ලබා දිය යුතු අය හැර සෙසු අය ඉහ්රාම් ගලවන්නැයි ඔවුනට පවසා සිටි බැවිනි.

    තමත්තුඃ ක්‍රමය හජ් වන්දනා අතුරින් පහසුම ලෙහෙසිම ක්‍රමය වේ. එමෙන්ම ප්‍රතිඵලයෙන් හා කුසලින් ද අධිකය.

    මිනිසෙකු කිරාන් ක්‍රමයට හෝ ඉෆ්රාද් ක්‍රමයට හෝ චේතනාව තැබුවේ නම් එවිට වඩාත් යෝග්‍ය වන්නේ තම වන්දනාව තමත්තුඃ ක්‍රමයට පරිවර්තනය කරනු පිණිස උම්රාවක් කෙරෙහි චේතනාව හැරවීමයි. එය, හද්යු ලබා නොදිය යුතු තත්ත්වයක තවාෆ් හා සඃයු කිරීමෙන් පසුව පවා එසේ සිදු කළ හැක. පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ නියෝගය පිළිපැදීමක් වශයෙන් ඔහු තම හිසකෙස් කපා ඉහ්රාමය ගලවයි.

    කවරෙකු හද්යු ලබා දිය යුතු තත්ත්වයක පසුවෙයි නම් ඔහු එම ඉහ්රාමයේම සිටියි. ගල් ගසා අවුරුදු දින හිස මුඩු කරන තෙක් ඉහ්රාමය නොගලවයි.

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قالت: خَرَجْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَا نُرَى إِلَّا أَنَّهُ الْحَجُّ فَلَمَّا قَدِمْنَا تَطَوَّفْنَا بِالْبَيْتِ فَأَمَرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ أَنْ يَحِلَّ فَحَلَّ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ وَنِسَاؤُهُ لَمْ يَسُقْنَ فَأَحْلَلْنَ

    ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ පිටත්ව ගියෙමු. එතුමාණන්ව හජ් ඉටු කරන්නෙකුව මිස (වෙනත් අයුරකින්) අපි නොදුටුවෙමු. පසුව අප පැමිණි බයිතුල්ලාහ්ව තවාෆ් කළ කල්හි, නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ ‘කවරෙකු හද්යු ලබා දිය යුතු නොවන්නේ ද ඔවුන් ඉහ්රාමය ගලවා දමන මෙන් නියෝග කළහ. ඒ අනුව හද්යු ලබා නොදිය යුතු අය ඉහ්රාමය ගලවා දැමුවෝය. එතුමාගේ බිරියන් ද හද්යු ලබා නොදිය යුතු අය වූහ. එබැවින් ඔවුන් ද ඉහ්රාමය ගලවා දැමුවෝය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    මක්කාහ්වට පිවිසීමේ ක්‍රමය

    හජ් හෝ උම්රා සඳහා මුස්ලිම්වරයෙකු ඉහ්රාම් චේතනාව තබා ඉහ්රාම් ඇඳුම ඇන්දේ නම් ඔහු තල්බියා පවසමින් මක්කාහ්ව අරමුණ කර ගනියි. පහසුකමක් ඇත්නම් මක්කාහ්වේ ඉහළ කොටසින් ඇතුළුවීමත් ස්නානය කරගැනීමත් සුන්නාහ්වකි.

    පසුව ඔහු කවර පැත්තකින් හෝ මස්ජිදුල් හරාම් වෙතට පිවිසෙයි. මස්ජිදුල් හරාම් තුළට පිවිසීමට සිතුවේ නම් තම දකුණු කකුල ඉදිරියෙන් තබා පිවිසිය යුතුයි. පසුව මස්ජිදයට පිවිසීමේ දී පවසන ප්‍රාර්ථානව පවසයි.

    اللَّهُمَّ افْتَحْ لِيْ أَبْوَابَ رَحْمَتِكَ

    අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික (මූලාශ්‍රය: මුස්ලිම්)

    තේරුම: යා ! අල්ලාහ්, ඔබගේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව.

    أَعُوذُ بِاللهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنْ الشَّيْطَانِ الرَّجِيمِ

    අඌදු බිල්ලාහිල් අළීම් වබිවජ්හිල් කරීම් වසුල්තානිහිල් කදීම් මිනෂ් ෂෙයිතානිර් රජීම්

    පලවා හරින ලද ෂෙයිතාන්ගේ හානියෙන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි! එමෙන්ම ඔහුගේ ගෞරවනීය මුහුණෙහි (තෘප්තියෙහි) හා ඔහුගේ සදා පවත්නා බලපරාක්‍රමයේ නාමයෙන් ආරක්ෂාව පතමි! (මූලාශ්‍රය: අබූ දාවූද්)

    කෙනෙකු මස්ජිද් හරමයට පිවිසෙන විට කළ යුතු දෑ

    හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් තැබූ කෙනෙකු මස්ජිදුල් හරාමය තුළට පිවිසියේ නම් එම මොහොතේම තවාෆ් කිරීමෙන් කටයුත්ත ආරම්භ කරයි. නමුත් අනිවාර්යය සලාතයක් හෝ ජනාzසා සලාතයක් හෝ පැවතෙන්නේ නම් හැර. එවිට එම සලාතයන් ඉටු කර පසුව තවාෆ් හි නිරත වෙයි.

    උම්රා පමණක් ඉටු කරන්නෙකු හෝ තමත්තුඃ ක්‍රමයට උම්රාව ඉටු කරන්නෙකු හෝ වේ නම් ඔහු උම්රාවෙහි තවාෆයෙන් කටුයුතු ආරම්භ කරයි. ඉෆ්රාද් හෝ කිරාන් ක්‍රමයට උම්රා කරන්නෙකු නම් ඔහු මක්කාහ්වට සම්ප්‍රාප්තවීමේ තවාෆය ඉටු කරයි. එය සුන්නාහ්වකි. එය අනිවාර්යය දෙයක් නොවන්නේය.

    වන්දනාවෙන් මිදෙන තත්ත්වයන්

    වන්දනාවෙන් මිදීම පහත සඳහන් අයුරින් සිදු වේ.

    වන්දනාමානයන් අවසන් වීමෙන් ...

    කොන්දේසි සහිත යම් කිසි හේතුවක් නිසා ඉහ්රාමයෙන් ඉවත් වීමෙන්...

    බාධා කිරීමක් හේතුවෙන් හද්යු හා හිස මුඩු කිරීමෙන් පසුව ඉහ්රාමයෙන් ඉවත් වීමෙන්...

    මස්ජිදුල් හරාමය වෙත පිවිසීමේ විනය

    සියලු මස්ජිදයන් අල්ලාහ්ගේ නිවෙස්ය. සෑම මුස්ලිම්වරයෙකුම එහි පිවිසීමටත් එහි තම ගැත්තන් විවිධ නැමදුම් වල නිරත වීමටත් ඔහු ඇරයුම් කරයි.

    තම නිවසට පිවිසීමට අනුමැතිය ලබා දුන් පරමාධිපතිගේ ශක්තිය හඳුනා ගැනීමත් ඔහුව මුණ ගැසීමට සූදානම් වීමත් ඔහුගේ ගරුත්වය හා කීර්තිය සමඟ බැඳුණු දැයින් ඔහුගේ නිවසෙහි විනයානුකූලව හැසිරීමත් ඔහුගේ මස්ජිදයන් කෙරෙහි ආදරය දැක්වීමත් එය මහිමයට පත් කිරීමත් එයට ගෞරවය කිරීමත් ගැත්තෙකු කෙරෙහි පැවරෙන අනිවාර්යය ක්‍රියාවන් අතුරිනි. හේතුව ඒවා තම ගැත්තා වෙනුවෙන් ඔහු මෙනෙහි කිරීමටත් ඔහුට නැමදුම් කිරීමටත් ඔහුගේ ග්‍රන්ථය කියවීමටත් දහම හැදෑරීමටත් ඉදි කරනු ලැබූ ඔහුගේ නිවෙස්ය.

    අල්ලාහ්ගේ නිවෙස්හි පිළිපැදිය යුතු විනයන් අතුරින් ...

    තම නිවසින් වුළු ගෙන මස්ජිදය වෙත බැහැර ව යෑම පිරිසිදු අලංකාර ඇඳුමින් සැරසී සුවඳ විලවුන් ගැල්වීම අභිමානවත් ලෙසින් ශාන්ත දාන්තව මස්ජිදයට පා ගමනින් යෑම මස්ජිදයට පිවිසූ වහාම පඬුරු වශයෙන් රකආත් දෙකක් සලාතය ඉටු කිරීම.

    එමෙන්ම තම සහෝදරයා සමඟ තරග වැද ඔවුන්ගේ හිසට උඩින් පැන යෑමෙන් තම සහෝදරයින්ගේ දෑත් අයින් කොට ඉඩ ගැනීමෙන් වැළකිය යුතුයි. තවද ලූනු සුදුලූනු වැනි සලාත් ඉටු කරන්නන් හා මලක්වරුන් පිළිකුල් කරන දුඟද දේවල් අනුභව කිරීමෙන් වැළකිය යුතුයි. මස්ජිදයේ සිටින උදවියට හඬ හා සීනු නාදයෙන් හානියක් නොවන අයුරින් ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීම කෙළ, සෙම, භාවිත කළ ලේන්සු වැනි දැ තුළින් මස්ජිද තුළ අපිරිසිදු දෑ තැවරීමෙන් වග බලා ගත යුතුයි. විහිළුව අනවශ්‍ය සෙල්ලම්, අනවශ්‍ය ලෙස කතා කිරීම, අධික ලෙස කතා කිරීම, හඬ නගා කතා කිරීම, තර්ක විතර්කවල නිරත වීම, ගනු දෙනු කිරීම, නැති වී ගිය දෙයක් සෙවීම, ජනයාගෙන් මුදල් ඉල්ලීම වැනි දැයින් වැළකී සිටිය යුතුය. මස්ජිදය පිරිසිදුව තබා ගැනීමටත් එහි ඇති මෙවලම් හා අල්-කුර්ආන් පිටපත් ආරක්ෂා කිරීමටත් වග බලා ගත යුතුය. කාන්තාවන් සුවඳ විලවුන් ගැල්වීමෙන් හා හැඩ අලංකාර කර ගැනීමෙන් වැළකිය යුතුය. කාන්තාවන්ට නියම කරන ලද ස්ථානයෙහි සලාතය ඉටු කළ යුතුය. වචනයෙන් හෝ ක්‍රියාවෙන් ජනයාට අර්බුදකාරී ලෙසින් නොහැසිරිය යුතුය.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ

    ආදම්ගේ දරුවනි, සුජූද් කරන සෑම ස්ථානයකම නුඹලාගේ (වස්ත්‍ර) අලංකාරය ගනිවු. තවද අනුභව කරවු. තවද පානය කරවු. තවද නාස්ති නොකරවු. සැබැවින්ම ඔහු (අල්ලාහ්) නාස්ති කරන්නන් ප්‍රිය නොකරන්නේය. (අල්-කුර්ආන් 7:31)

    فِي بُيُوتٍ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ ، رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ ، لِيَجْزِيَهُمُ اللهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُمْ مِنْ فَضْلِهِ وَاللهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ .

    නිවෙස් හි උත්කෘෂ්ට කරවනු ලැබීමත් එහි තම නාමය මෙනෙහි කරනු ලැබීමත් අල්ලාහ් අනුමත කළේය. තවද එහි ඔහුව උදෑසන හා සවස පිරිමින් සුවිශුද්ධ කරති. වෙළඳාම හෝ ව්‍යාපාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ද සලාතය ස්ථාපිත කිරීමෙන් ද zසකාත් ගෙවීමෙන් ද ඔවුන්ව නොහරවයි. එහි හදවත් හා බැල්ම නළියමින් පවතින දිනයට බිය වෙති. ඔවුන් කළ දෑට ඉතා යහපත් දෑ අල්ලාහ් ඔවුනට පිරිනමනු පිණිස ද ඔහුගේ වරප්‍රසාදයෙන් ඔවුනට අධික කරනු පිණිස ද වේ. අල්ලාහ් තමන් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව සම්පත් පිරිනමන්නේය. (අල්-කුර්ආන්: 24:36-38)

    وَمَا قَدَرُوا اللهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ

    ඔවුන් අල්ලාහ්ට ගෞරවය කළ යුතු අයුරින් ගෞරවය නොකළෝය. (මළවුන් කෙරෙන්) නැගිටවනු ලබන දින මුළු මිහිතලයම ඔහුගේ (අත්)මිට (තුළ)ය. තවද අහස් ඔහුගේ දකුණතෙහි හකුළනු ලැබූ දෑ (බවට පත්)වේ. ඔහු පිවිතුරු විය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. (අල්-කුර්ආන් 39:67)

    وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ

    මට කිසිවකින් ආදේශ නොතබවු. පැදකුණු (තවාෆ්) කරන්නන් සඳහා ද (නැමදුම් සඳහා) සිට ගෙන සිටින්නන් සඳහා ද රුකූඋ කරන්නන් සඳහා ද සුජූද් කරන්නන් සඳහා ද මාගේ නිවස නුඹ පවිත්‍ර කරවු යැයි (පවසා) එම නිසෙහි ස්ථානය අපි ඉබ්‍රාහීම්ට වෙන් කර දුන් අවස්ථාව සිහිපත් කරවු. (අල්-කුර්ආන් 22:26)

    6 - උම්රාවෙහි තේරුම හා එහි නීතිය.

    · උම්රා යනු බයිතුල්ලාහ් හෙවත් අල්ලාහ්ගේ නිවස වටා පැදකුණු කිරීමත් සෆා හා මර්වා අතර සඃයු එනම් මද වේගයෙන් ඇවිද යාමත් හිස මුඩු කිරීම හෝ කොට කර ගැනීමත් වේ.

    · උම්රාවෙ හි නීතිය

    උම්රා වැදගත් සුන්නාහ්වකි. වසරෙ කුමන කාලයක හෝ ඉටු කිරීම සුන්නාහ්වකි. නමුත් වසරෙහි සෙසු කාලයන්ට වඩා හජ් කාලයේ ඉටු කිරීම වඩා උතුම්ය. රමළානයේ උම්රා ඉටු කිරීම හජ් කිරීමට සමාන වන්නේය. එය නැවත නැවත කිරීම ද අධිකව කිරීම ද සුන්නාහ්වකි. එමෙන්ම එය පරිපූර්ණ කිරීම අනිවාර්යය.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ...

    හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුයේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත... (අල්-කුර්ආන් 2:196)

    · නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ උම්රා සංඛ්‍යාව

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා උම්රා හතරක් සිදු කළේය. ඒ සියල්ල හජ් මාසයන්හිය. එනම්:

    හුදෙයිබිය්යා උම්රාව කළාහි උම්රාව ජුඃරානා උම්රාව හා එතුමාණන්ගේ අවසන් හජ් සමඟ සිදු කළ උම්රාවයි. එතුමාණන්ගේ සියලු උම්රාවන් දුල් කඃදා මස සිදු විණ.

    · උම්රාවෙහි අර්කාන් හෙවත් ප්‍රධාන කරුණු

    ඉහ්රාම් තබා නියමිත වස්ත්‍රය ඇඳීම

    තවාෆ් සිදු කිරීම

    සඃයු කිරීම

    · උම්රාවෙහි වාජිබාත් හෙවත් අනිවාර්යය දෑ

    නියමිත දේශ සීමාවෙහි ඉහ්රාම් තැබීම

    හිස මුඩු කිරීම හෝ කොට කිරීම

    · අල්-බයිත් හෙවත් අල්ලාහ්ගේ නිවස වටා පැදකුණු කිරීමෙහි නිවැරදිතාව සඳහා වූ කොන්දේසි

    කඃබාව වටා තවාෆ් කිරීම නිවැරදිවීමෙහි කොන්දේසි පහත සඳහන් අයුරිනි.

    කඃබාව වටා තවාෆ් කිරීම නිවැරදි වීමට නම් සුළු හා මහා කිලිටි වලින් පිරිසිදුව සිටීම කොන්දේසියකි. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ක්‍රියා පිළිවෙතට සාපේක්ෂිතය.

    එතුමාණන් තවාෆ් කිරීමට පෙර වුළු ගත්හ. එයින් සියලු නැමදුම් ඉටු කරන මෙන් නියෝග කළහ. එමෙන්ම ඔසප් කාන්තාවන් පිරිසිදු තත්ත්වයට පත් වන තෙක් කඃබාව පැදකුණු කිරීමෙන් වැළකුණහ.

    1-

    عَنْ عَائِشَة رَضِيَ اللهُ عَنْهَا أَنَّ أَوَّلَ شَيْءٍ بَدَأَ بِهِ حِينَ قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ تَوَضَّأَ ثُمَّ طَافَ ثُمَّ لَمْ تَكُنْ عُمْرَةً ثُمَّ حَجَّ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِيَ اللهُ عَنْهُمَا مِثْلَهُ (متفق عليه)

    ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැමිණි මොහොතේ එතුමාණන් ආරම්භ කළ මුල්ම ක්‍රියාව වනුයේ වුළු ගෙන පසුව තවාෆ් කිරීමය. පසුව උම්රාවක් නොවීය. පසුව අබූ බක්ර් උමර් රළියල්ලාහු අන්හුමා තුමන්ලා ද එලෙසම හජ් ඉටු කළෝය.

    (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2-

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: خَرَجْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَا نَرَى إِلَّا الْحَجَّ حَتَّى إِذَا كُنَّا بِسَرِفَ أَوْ قَرِيبًا مِنْهَا حِضْتُ فَدَخَلَ عَلَيَّ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِي فَقَالَ أَنَفِسْتِ يَعْنِي الْحَيْضَةَ قَالَتْ قُلْتُ نَعَمْ قَالَ إِنَّ هَذَا شَيْءٌ كَتَبَهُ اللهُ عَلَى بَنَاتِ آدَمَ فَاقْضِي مَا يَقْضِي الْحَاجُّ غَيْرَ أَنْ لَا تَطُوفِي بِالْبَيْتِ حَتَّى تَغْتَسِلِي (متفق عليه)

    ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමග පිටත් ව ගියෙමු. හජ් කිරීම මිස වෙන කිසිවක් අපි නොසිතුවෙමු. සරිෆ් නම් ස්ථානයට අප පැමිණි විට හෝ එයට සමීප වූ විට මා ඔසප් තත්ත්වයට පත් වුණෙමි. මම හඬමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මා වෙත පැමිණ ඔබ ඔසප් තත්ත්වයෙහි පසුවන්නෙහි දැයි විමසූහ. මම එසේය යැයි පිළිතුරු දුනිමි. එතුමාණෝ සැබැවින්ම මෙය ආදම්ගේ ගැහැනු දරුවන්ට අල්ලාහ් නියම කළ කරුණකි. හජ් වන්දනා කරුවා කරන දෑ ඔබ ද ඉටු කරන්න. නමුත් ඔබ ස්නානය කර ගන්නා තුරු බයිතුල්ලාව පැදකුණු නොකරන්නැයි පවසා සිටියහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    3-

    وَعَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أَنَّ صَفِيَّةَ بِنْتَ حُيَيٍّ زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَاضَتْ فِي حَجَّةِ الْوَدَاعِ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحَابِسَتُنَا هِيَ فَقُلْتُ إِنَّهَا قَدْ أَفَاضَتْ يَا رَسُولَ اللهِ وَطَافَتْ بِالْبَيْتِ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلْتَنْفِرْ (متفق عليه)

    4- ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ සෆීය්යා බින්ත් හුයෙයි හජ්ජතුල් විදා අවස්ථාවෙහි ඔසප් තත්ත්වයට පත් වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඇය අපෙන් වැළකී සිටියා දැයි විමසූහ. එවිට මම අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය ඔසප් තත්ත්වයට පත් විය. ඇය බයිතුල්ලාහ්ව තවාෆ් කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එසේ නම් අත හැර දමන්නැයි පවසා සිටියහ.

    (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    7- උම්රා කිරීමෙහි ක්‍රමය

    · නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ එමෙන්ම පැහැදිලි කළ උම්රාවෙහි ක්‍රමය

    උම්රාවක් කිරීමට අපේක්ෂා කරන්නා ඔහු පා ගමනින් යන්නේ නම් නියමිත මීකාත් හෙවත් සීමා මායිමෙහි ඒ සඳහා අදිටන් කර ගනී. මීකාත් නොවන ස්ථානයක වී නම් ඔහුට පහසු අයුරින් චේතනා කර ගනී.

    · මක්කාහ්වට රාත්‍රියේ හෝ දහවල් කාලයේ එහි ඉහළ ප්‍රදේශයෙන් ඇතුළු වීමට පහසුකමක් ඇත්නම් එසේ පිවිසීම සතුටුදායකය. එමෙන්ම පිටත් වීමේ දී ඊට පහළ ප්‍රදේශයෙන් පිටත් වීමට පහසුකමක් ඇත්නම් එසේ පිට වී යාම සතුටු දායකය. හරම් සීමාවට සමීප වූ විට තල්බියා පැවසීම අවසන් වෙයි.

    මස්ජිදුල් හරාමයට පිවිසෙන විට වුළු ධෝවනය කර ගත් තත්ත්වයේ පිවිසෙයි. තම වම් පැත්ත කඃබා දෙසට පිහිටන සේ හජරුල් අස්වද් නම් ස්ථානයෙන් තවාෆ් කිරීමට ආරම්භ කරයි.

    තවාෆ් කිරීමට පෙර ඉල්තිබාඃ ක්‍රමය පිළිපැදීම පිරිමින් සුන්නාහ්වකි. එනම් සියලු වටයන් හි උඩු කයෙහි මැද කොටස දකුණු කිහිල්ල යටට තබා එහි කොන් දෙක වම් උරහිස තම පිහිටන සේ ඉහ්රාමය ඇඳීමයි.

    තවද රම්ල් කිරීම ද සුන්නාහ්වකි. එනම් හජරුල් අස්වද් ස්ථානයේ සිට නැවත එම ස්ථානයට පැමිණෙන තෙක් වූ ආරම්භක වට තුනෙහි දිරියෙන් හා උනන්දුවෙන් ගමන් කිරීමය. අවසන් වට හතර සාමාන්‍ය ක්‍රමයට ගමන් කරයි.

    හජ් හි තවාෆ් අල්-කුදූම් හි හා උම්රා හි තවාෆ් හි ඉල්තිබාඃ හා රම්ල් ක්‍රමය කාන්තාවන්ට නොව පිරිමින්ට පමණක් සුන්නාහ් වූ ක්‍රියාවකි.

    · හජරුල් අස්වද් ගලට සිරස් ව පැමිණෙන විට එය අතින් අල්ලා මුවින් සිප ගනී. එයට හැකියාව නොලබන්නේ නම් දකුණත තබා එය සිප ගනී. එයට ද ශක්තිය නොමැතිනම් අතේ ඇති බස්තම හෝ හැරමිටිය වැනි අධාරකයකින් එය අල්ලා එය සිප ගනී.

    එයට ද ශක්තිය නොමැති වූ විටක දකුණතින් ඒ වෙත සංඥා කර පසුව එය සිප ගනී. එහි නොනැවතී දිගටම ගමන් කරයි. එයට සිරස් ලෙස පැමිණි විට අල්ලාහු අක්බර් යැයි වරක් පවසයි. මෙලෙස සෑම වටයකම සිදු කරයි. පසුව තම තවාෆ් අතරවාරයේ දහම් ගත කළ ප්‍රාර්ථනා අතුරින් තමන්ට කැමති ඕනෑම ප්‍රාර්ථනාවන්ගෙන් ප්‍රාර්ථනා කරයි. අල්ලාහ්ව මෙනෙහි කරයි. ඔහුව ඒකීයභාවයට පත් කරයි. යහපත මිස වෙන කිසිවක් කතා නොකරයි.

    තවාෆ් හා සඃයු අතරවාරයේ කැමති නම් ආහාර අනුභව කිරීමටත් පානය කිරීමටත් අනුමැතිය ඇත.

    · රුක්නුල් යමාන් නම් කොන අසලින් ගමන් ගන්නා විට පහසුකමක් ඇත්නම් තක්බීර් නොපවසා සිප ගැනීමෙන් තොරව සෑම වටයකම තම දකුණතින් අල්ලයි. එය අල්ලන්නට අපහසු නම් තක්බීර් පැවසීමෙන් හා සංඥා කිරීමෙන් තොරව තම තවාෆ් හි දිගටම ගමන් කරයි.

    තවාෆ් හා සෙසු අවස්ථාවන් වල පිරිමි සෙනග අතරට කාන්තාව පිවිසීම තහනම්ය.

    රුක්නු යමානි හා හජ්රුල් අස්වද් නම් ස්ථානය අතර ගමන් කරන විට පහත සඳහන් අයුරින් පවසයි.

    رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

    අපගේ පරමාධිපතියාණනි, මෙලොව යහපත ද මතු ලොව යහපත ද අපට පිරිනමනු මැනව! තවද අපව නිරයේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව !

    කඃබාව හා හජර් පසු පසින් සිට මෙලෙස සම්පූර්ණ වට හතක් ගමන් කරයි. හජ්රුල් අස්වද් නම් ස්ථානයට සිරස් ව පැමිණෙන සෑම අවස්ථාවකම අල්ලාහු අක්බර් යනුවෙන් තක්බීර් පවසයි. පහසුකමක් ඇත්නම් සෑම වටයකම එය ස්පර්ශ කර සිප ගනී. සෙසු කොන් දෙක ස්පර්ශ නොකරයි.

    තවාෆ් කුදූම් තවාෆ් විදා හා සෙසු තවාෆයන්ට පසුව පහසුකමක් ඇත්නම් හජරුල් අස්වද් ගල හා දොරටුව අතර රැඳී සිට තම පපුව ද මුහුණ ද තම අත් දෙක ද ඒ මත තබා ප්‍රාර්ථනා කරමින් අල්ලාහ්ගෙන් අයැද සිටියි.

    · තවාෆ් අවසන් කිරීමෙන් පසු ව තම දකුණු උරහිස ආවරණය කර මකාම් ඉබ්‍රාහීම් දෙසට

    وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى

    තේරුම: ඉබ්‍රාහීම්ගේ ස්ථානය සලාතය ඉටු කරන ස්ථානයක් ලෙස ගන්න (අල්-කුර්ආන් 2:125 ආයතයේ සඳහන්) වදන පවසා ගමන් කරයි.

    · අනතුරුව පහසුකමක් ඇත්නම් මකාම් ඉබ්‍රාහීම් නම් ස්ථානයට පසුපසින් සිට සැහැල්ලුවෙන් රකආත් දෙකක් සලාතය ඉටු කරයි. ආරම්භක රකආතයේ සූරතුල් ෆාතිහාවට පසුව අල්-කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනා කිරීම ද දෙවන රකආතයේ ද සූරතුල් ෆාතිහාවට පසුව අල්-කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කිරීම ද සුන්නාහ්වකි. පසුව සලාම් දුන් පසුව හැරී යයි.

    මෙම රකආත් දෙකින් පසුව ප්‍රාර්ථනා කිරීම දහම් ගත නොවූවකි. එමෙන්ම මකාම් ඉබ්‍රාහීම් නම් ස්ථානයේ ප්‍රාර්ථනාවේ නියළීම සම්බන්ධයෙන් කිසිදු මූලාශ්‍රයක් නොමැත. කවරෙකු නබි තුමාගේ සුන්නාහ්වට පටහැණිව ක්‍රියා කරන්නේ ද ඔහු බිද්ආහි වැටෙනු ඇත.

    · සලාතය ඉටු කිරීමෙන් පසුව පහසුකමක් ඇත්නම් හජරුල් අස්වද් නම් ස්ථානය වෙත ගොස් එය ස්පර්ශ කිරීම සුන්නාහ්වකි.

    · පසුව සෆා වෙතට ගමන් කරයි. එයට සමීපව පැමිණි විට එක් වරක් අල්-කුර්ආන් 2:158 වැනි වැකිය පාරායනය කිරීම සුන්නාහ්වකි.

    إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللهَ شَاكِرٌ عَلِيمٌ

    සැබැවින්ම සෆා හා මර්වා අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. එබැවින් කවරෙකු එම ගෘහය වෙත හජ් හෝ උම්රා ඉටු කළේද ඒ දෙක පැදකුණු කිරීම ඔහු කෙරෙහි වරදක් නොමැත. කවරෙකු අමතර යහපතක් කළේ ද සැබැවින්ම අල්ලාහ් (ඒ ගැන) කෘතඥපූර්වකය. සර්වඥානීය.

    තවදුරටත් ..

    أَبْدَأُ بِمَا بَدَأَ اللهُ بِهِ

    තේරුම: අල්ලාහ් කවර විෂයක් ගෙන ආරම්භ කළේ ද එය මම ද ආරම්භ කරමි.

    යනුවෙන් පවසයි.

    සෆා කන්දට නැග ගෘහය දකින විට කිබ්ලා දෙසට මුහුණ ලා නැවතී ප්‍රාර්ථනා කිරීම සඳහා ද දික්ර් කිරීම සඳහා ද අල්ල අහස දෙසට පිහිටන සේ දෙඅත් ඔසවා තුන්වරක් තක්බීර් පවසයි. එය සලාතයේ තක්බීර් පවසන අයුරින් නොව එහි දී පහත සඳහන් පරිදි ඔහු අල්ලාහ්ව ඒකීය භාවයට පත් කර තක්බීර් පවසා තහ්මීද් ද පවසයි. එනම්,

    لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ

    ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ අන්ජස වඃදහූ වනස අබ්දහූ වහසමල් අහ්සාබ වහ්දහූ.

    තේරුම: අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු එකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමත. සියලු බලතල ඔහු සතුය. සියලු ප්‍රශංසා ඔහුටමය. ඔහු සියලු දෑ කෙරෙහි සර්ව ශක්තිවන්තය. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුගේ පොරොන්දුව ඔහු ඉටු කළේය. ඔහුගේ ගැත්තාට උදව් කළේය. ඔහු තනිව සිට සතුරු සේනාවන් පරාජයට පත් කළේය.

    පසුව ඔහු කැමති දෙයක් ප්‍රාර්ථනා කරයි. පසුව දෙවන වරටත් මෙම දික්රය පවසයි. පසුව තමන් කැමති දෙයක් ප්‍රාර්ථනා කරයි. පසුව තුන්වැනි වරට එම දික්රය පමණක් නැවත පවසයි. දික්රය හඩ නගා ද ප්‍රාර්ථනාව සැහැල්ලුවෙන් ද ඉටු කරයි.

    පසුව මර්වා දෙස බලා සෆා ඉතා යටහත් පහත්ව ප්‍රාර්ථනා කරමින් අල්ලාහ්ව මෙනෙහි කරමින් සෆා කන්දෙස් බැස යයි. කොළ පැහැති සංඥාව වෙතට පැමිණෙන තෙක් ගමන් කරයි. එයට සිරස් ව පිහිටන විට දෙවන කොළ පැහැති සංඥාව දක්වා මදක් වේගයෙන් දිව යයි. පසුව මර්වා දක්වා ගමන් කරයි. මේ හැම අවස්ථාවකම තහ්ලීල් තක්බීර් පවසා ප්‍රාර්ථනාවෙහි නිරත වෙයි. කාන්තාව සුපුරුදු පරිදි සියලුම සඃයු වාරයන්හිම ගමන් කරයි.

    · මර්වා වෙතට පැමිණි විට එහි නැග කිබ්ලා දෙසට මුහුණ ලා දෙඅත් ඔසවා තුන්වරක් තක්බීර් පවසයි. එහි මදක් නතර වී අල්ලාහ්ව මෙනෙහි කර ප්‍රාර්ථනාවෙහි නියැළෙයි. සෆාවෙහි පැවසූ ප්‍රාර්ථනාවන් හා දික්ර් මෙහිදී ද පවසා සිටියි. ඉහත කී පරිදි තුන්වරක් එය ඉටු කරයි.

    පසුව මර්වා කන්දෙන් බැස සෆා දෙසට ගමන් කරයි. මද වේගයෙන් ගමන් කළ යුතු ස්ථානයෙහි මද වේගයෙන් ගමන් කරයි. මෙලෙස මද වෙගයෙන් යමින් ද නැවත මද වේගයෙන් පැමිණීමෙන් ද සත් වතක් සඃයු ඉටු කරයි. සෆා කන්දෙන් ආරම්භ කර මර්වා කන්දෙන් අවසන් කරයි.

    සඃයු කිරීම සඳහා වුළු හා අඛණ්ඩභාවය සුන්නාහ්වකි. කාන්තාවක් තවාෆ් කළ පසුව ඔසප් තත්ත්වයට පත් වූයේ නම් ඇය සඃයු හා පසු ඇති වතාවන් සම්පූර්ණ කරයි.

    සඃයු කිරීමේ ස්ථානය තවාෆ් කිරීමෙන් පසුවය. ඔසප් කාන්තාවකට හෝ වෙනත් අයෙකුට සඃයු කර, පිරිසිදු වූවායින් පසු තවාෆ් කිරීමට අනුමැතිය නැත.

    පහළ මහලේ තවාෆ් හා සඃයු කිරීමය සුන්නාහ්ව වනුයේ. යම් කිසි හේතුවක් ඇතිව හෝ නැතිව ඉහළ මහල් වල තවාෆ් හා සඃයු ඉටු කිරීම නීත්‍යනුකූලය.

    පහසුකමක් ඇත්නම් තවාෆ් හා සඃයු අතර අඛණ්ඩතාව රැකීම සුන්නාහ්වකි. මහන්සිය වැනි හේතුවක් මත ඒ දෙක අතර හෝ ඒ දෙක තුළ හෝ විවෙක ගැනීමට අනුමැතිය ඇත. නොවැළැක්විය හැකි හේතුවක් මත හෝ වුළු ධෝවනය කිරීම වැනි අනුමත ලද හේතුවක් මිස තවාෆ් හා සඃයු අතරවාරයේ ඉන් බැහැරව නොයා යුතුයි. පසුව ක්ෂණිකව නැවත එහි පැමිණ අවසන් කළ යුතු අයුරින් සම්පූර්ණ කළ යුතුයි.

    තවාෆ් හා සඃයු හි නීතිය පිරිමින්ට හා කාන්තාවන්ට එක හා සමානය. නමුත් ඇය තවාෆ් හි රම්ල් කිරීම හෝ සඃයි හි මද වේගයකින් දිවීම හෝ නොකළ යුතුයි. තවද තම අලංකාරය එළිදැක්වීමෙන් ද පිරිමින් අබියස මුහුණ නිරාවරණය කිරීමෙන් ද උස් හඩින් කතා කිරීමෙන් ද පිරිමි සෙනග අසල ගැවසීමෙන් ද වැළකී සිටිය යුතුයි.

    · සඃයු සම්පූර්ණ කළ පසු හිස මුඩු කරයි. එසේ හිස මුඩු කිරීම වඩා උතුම්ය. එසේ නොමැති නම් සියලුම හිස කෙස් කොට කරයි. හිස මුඩු කිරීමේ වඩාත් උතුම් වනුයේ දැළි පිහියක ආධාරයෙන් සියලු හිසකෙස් ඉවත් කිරීමය.

    යන්ත්‍රයක ආධාරයෙන් හිස මුඩු කිරීම සම්බන්ධ ව නම් හිසෙහි ඇති සියලුම හිසකෙස් ඉවත් වූයේ නම් එය හිස මුඩු කිරීමක් වෙයි. නමුත් බාහිරව යමක් ඉතිරි ව ඇත්නම් එය කොට කිරීමකි.

    හිස මුඩු කිරීම හා හිසකෙස් කොට කිරීම යන ක්‍රියාවලියෙහි හිසකෙස් සියල්ලෙහිම එය සිදු විය යුතුයි. කවරෙකු හෝ හිසකෙස් හි කොටසක් පමණක් මුඩු කර හෝ කපා හැර හෝ තවත් සමහරක් අත හැර දමා ඇත්නම් එවිට ඔහු එහි අනිවාර්යතාවේ කොටසක් ක්‍රියාවට නංවා ඇති අතර එය මුඩු කිරීම කොට කිරීම යන්නෙහි අඩුවක් ඇති කරන්නෙකු වේ. එබැවින් තම පරමාධිපතිගෙන් සම්පූර්ණ කුලිය හිමි කර ගැනීම පිණිස අත හැර දැමූ සියල්ල කපා හැරීම වගකීමක් වෙයි. මුඩු හිසක් ඇත්තාට හිසකෙස් මුඩු කිරීම හෝ කොට කිරීම යන නීතිය අදාළ නොවනු ඇත. දැළි පිහියක ආධාරයෙන් තම හිස මත ගෙන යා යුතුයි යන්න අනිවාර්ය නොමැත.

    කාන්තාවක් සම්බන්ධයෙන් නම් ඇය ඇයගේ හිසකෙස් කොනින් අඟලක ප්‍රමාණයක් කෙටි කර ගන්නීය.

    මෙයත් සමඟ උම්රාවෙ හි කටයුතු අවසන් වනු ඇත. උම්රා ඉටු කරන්නා ඔහු ඉහ්රාම් තත්ත්වයේ සිටින විට මසා නිම කළ ඇඳුම් ඇඳීම සුවඳ විලවුන් ගැල්වීම විවාහ ගිවිස ගැනීම වැනි ඔහු කෙරෙහි තහනම් කරන ලද සියලු දෑ අනුමත වනු ඇත.

    · තවාෆ් හෝ සඃයු ඉටු කරමින් සිටින කෙනෙකු ඉකාමත් පවසන ලැබූ විකට කුමක් සිදු කළ යුතු වන්නේ ද?

    තවාෆ් හෝ සඃයු ඉටු කරමින් සිටිය දී සලාතය සඳහා ඉකාමත් පවසනු ලැබුවේ නම් එවිට ඔහු සමූහ සලාතයේ පිවිස සලාතය ඉටු කළ යුතුයි. පිරිමි පාර්ශවය පිරිමින් සමඟ පෙළ සකස් කර ගනී. කාන්තාව කාන්තාවන් සමඟ පෙළ සකස් කර ගනී. සලාතය නිමා වූ පසු ඔහු නතර කළ ස්ථානයේ සිට වටය අවසන් කරයි. ආරම්භ වටයේ සිට නැවත ගෙන ඒම අවශ්‍ය නොවෙයි. සලාතය ඉටු කිරීමට පෙරම ඔහු සලාතය ඉටු කර ඇත්නම් ඔවුන් සමගම සලාතය ඉටු කරයි. එය ඔහුට අතිරික්තයක් බවට පත් වෙයි.

    පිරිමින් සමඟ පෙළ සකස් කර ගැනීම කාන්තාවට තහනම් වෙයි. ඔවුන් සමඟ පෙළ සකස් කර ගන්නී නම් ඇය පාපියෙකු වන්නීය. නමුත් ඇයගේ සලාතය නිවැරදිය.

    තදබදය ඉතා අධික නම් පිරිමින්ගෙන් පිටත් ව යෑමට හැකියාව නොමැති නම් ඇය සිටින ස්ථානයේ සිටම සලාතය ඉටු කරයි. එවිට ඇයගේ සලාතය නිවැරුදිය. නමුත් ඇය කෙරෙහි පාපයක් නොවෙයි. හේතුව වැළැක්විය නොහැකි කාරණාවක් ඇයගේ ශක්තිට වඩා බලවත් වූ බැවිනි. අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස බර නොපටවන්නේය.

    · හජ්රුල් අස්වද් ගල සිප ගැනීමේ නීතිය.

    හජ්රුල් අස්වද් ගල සිප ගැනීම එය ස්පර්ශ කිරීම ඒ වෙත සංඥා කිරීම තක්බීර් පැවසීම රුක්නුල් යමානි නම් ස්ථානය ස්පර්ශ කිරීම යන සියල්ලම සුන්නාහ්වන් වේ. මින් කිසිවක් කිරීමට කෙනෙකු අපොහොසත් වී හෝ අමතක වී හෝ එය අතහැර දමා ගමන් කළේ නම් ඔහු කෙරෙහි පවක් නොපවතියි ඔහුගේ තවාෆය නිවැරදිය.

    තවාෆ් අවස්ථාවේ හා තවාෆ් හා සඃයු අතරවාරයේ පහසුකම් ඇත්තන්ට පමණකි හජ්රුල් අස්වද් ගල ස්පර්ශ කිරීමත් එය සිප ගැනීමත් සුන්නත් වනුයේ. සෙනග අවස්ථාවේ ද තවාෆ් කරන්නන්ට බාධාවක් වන අවස්ථාවේ එසේ සිදු කිරීම දහම් ගත කර නැත. එවිට එය අත හැර දැමීම වඩාත් උචිතය. විශේෂයෙන් කාන්තාවන්ට. හේතුව ගල ස්පර්ශ කිරීමත් එය සිප ගැනීමත් සුන්නාවකි. නමුත් මිනිසුන්ට හානි පමුණුවීම තහනම් බැවිනි. එනිසා එම සුන්නාහ් ඉටු කිරීම අවශ්‍ය වන්නේ නැත. ඉහ්රාම් ඇදගත් අය එකම අවස්ථාවේ වරද කරුවන් බවට පත් විය යුතු නැත.

    හජ්රුල් අස්වද් ගලෙහි යථාර්ථය වනුයේ එය කිරි වර්ණයට වඩා අධික සුදු පැහැයෙන් යුත් ගලක් ලෙස ස්වර්ගයෙන් පහළ වූවකි. ආදම්ගේ දරුවන්ගේ පාපයන් එය කළු කර දැමීය. අඥාන පාපී ජනයා එය ස්පර්ශ නොකර තිබුණේ නම් අංගවිකලයින් එය ස්පර්ශ කළ ද ඔහුට සුවය ලැබෙනු ඇත. අල්ලාහ් මළවුන් කෙරෙන් එය නැගිටුවා එය සැබෑ ලෙස ස්පර්ශ කළ අය කෙරෙහි සාක්ෂි දරනු ඇත. හජ්රුල් අස්වද් ගල හා රුක්නුල් යමානි නම් ස්ථානය ස්පර්ශ කිරීම පාපයන් කමා කරවන්නේය.

    · බයිත් හෙවත් ගෘහය තවාෆ් කිරීමේ මහිමය.

    1- පරමාධිපතිට ගරු බුහුමන් කරනු පිණිසත් අධික කුසල් රැස් කර ගනු පිණිසත් මුස්ලිම්වරයෙකු අධික වශයෙන් තවාෆ් කිරීම සතුටුදායකය.

    عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ أَنَّهُ سَمِعَ أَبَاهُ يَقُولُ لِابْنِ عُمَرَ مَا لِي لَا أَرَاكَ تَسْتَلِمُ إِلَّا هَذَيْنِ الرُّكْنَيْنِ الْحَجَرَ الْأَسْوَدَ وَالرُّكْنَ الْيَمَانِيَ فَقَالَ ابْنُ عُمَرَ إِنْ أَفْعَلْ فَقَدْ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ "إِنَّ اسْتِلَامَهُمَا يَحُطُّ الْخَطَايَا"

    අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයිද් ඉබ්නු උමෙයිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    තම පියාණන් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන්ට කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා සිටියි.

    හජ්රුල් අස්වද් ගල හා රුක්නුල් යමානි යන දෙක හැර වෙන කිසිවක් ඔබ ස්පර්ශ කිරීම යහපත් යැයි මම නොසිතමි. එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා

    මම එසේ කළේ නම්,

    එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි. එනම්

    සැබැවින්ම ඒ දෙක ස්පර්ශ කිරීම පාපයන් කමා කරයි.

    قَالَ : وَسَمِعْتُهُ يَقُولُ: "مَنْ طَافَ أُسْبُوعًا يُحْصِيهِ وَصَلَّى رَكْعَتَيْنِ كَانَ لَهُ كَعِدْلِ رَقَبَةٍ"

    තවදුරටත් එතුමාණන් කළ ප්‍රකාශයට සවන් දුනිමි. එනම්:

    කවරෙකු සති ගණන් කරමින් තවාෆ් කර, රකආත් දෙකක් සලාතය ඉටු කරන්නේ ද එය වහලෙකු නිදහස් කිරීමට සමාන වන්නේය.

    قَالَ : وَسَمِعْتُهُ يَقُولُ: "مَا رَفَعَ رَجُلٌ قَدَمًا وَلَا وَضَعَهَا إِلَّا كُتِبَتْ لَهُ عَشْرُ حَسَنَاتٍ وَحُطَّ عَنْهُ عَشْرُ سَيِّئَاتٍ وَرُفِعَ لَهُ عَشْرُ دَرَجَاتٍ" أخرجه أحمد والترمذي

    තවදුරටත් එතුමාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා‍

    පය ඔසවා තබන පුද්ගලයෙකුට කුසල් දහයක් හිමි වී පාපයන් දහයක් මැකී තත්ත්වයන් දහයක් ඔසවනු ලබනවා මිස නැත. (මූලාශ්‍රය: අහ්මද් තිර්මිදි)

    2- රමළාන් හජ් වැනි කාල වල අමතර තවාෆ් කිරීමෙන් ඉවත් වී අද්කාර් අතිරේක සලාතයන් අල්-කුර්ආන් පාරායනය යහපත විධානය පිළිකුල් සහගත දැයින් වැළැක්වීම වැනි යහපත් ක්‍රියාවන් හි නිරත වීම වඩාත් යෝග්‍යය. යම් කිසි හේතුවක් මත එය අතහරින්නාගේ ප්‍රතිඵලය එය ඉටු කළ අයෙකුගේ මෙනි.

    · තවාෆ් හා සඃයු අතරවාරයේ කතා කිරීමේ නීතිය

    තවාෆ් හා සඃයු යනු නැමදුම් දෙකකි. ඒවා දික්ර් කිරීමේ හා ප්‍රාර්ථනා කිරීමේ ස්ථාන දෙකකි. එබැවින් කවරෙකු හෝ කතා කරන්නේ නම් යහපත නියෝග කිරීම අයහපතින් වැළැක්වීම විමසන්නාට පිළිතුරු දීම සලාමයට පිළිතුරු දීම වැනි අත්‍යවශ්‍ය යහපත් දෑ සඳහා මිස වෙන කිසිවක් කතා නොකළ යුතුයි.

    එම ස්ථානයන් හි තර්ක කරමින් අමතර කතාබහෙහි යෙදීම ‘මෙසේ කියනු ලැබුවේය‘ ‘එසේ කිව්වේය‘ යනුවෙන් පැවසීම ජංගම දුරකතන ඔස්සේ කතා කිරීම වැනි දැයින් වැළකී සිටිය යුතුයි.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا "أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ وَهُوَ يَطُوفُ بِالْكَعْبَةِ بِإِنْسَانٍ رَبَطَ يَدَهُ إِلَى إِنْسَانٍ بِسَيْرٍ أَوْ بِخَيْطٍ أَوْ بِشَيْءٍ غَيْرِ ذَلِكَ فَقَطَعَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ ثُمَّ قَالَ "قُدْهُ بِيَدِهِ" (أخرجه البخاري)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. යම් පටියක හෝ ලණුවක හෝ යම් වස්තුවක ආධාරයෙන් බැඳ ගත් තවත් මිනිසෙකු සමග තම දෑත් බැඳ ගත් මිනිසෙකු කඃබාව වටා පැදකුණු කරමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහු අසලින් ගමන් කළේය. එවිට එතුමාණන් තම දෑතින් එය විසන්ධි කර පසුව ‘‘ඔහුගේ දෑතින් අල්ලා ගන්නැයි පැවසූහ.‘ (මූලාශ්‍රය: බුහාරි)

    · උම්රා වාර ගණනාවක් ඉටු කිරීමේ නීතිය.

    තම පරමාධිපතිට ගරු බුහුමන් කරනු පිණිස ද ඔහුගේ සංඥාවන් ගරු බුහුමන් කරනු පිණිස ද පොදුවේ මුස්ලිම් සමාජයට හජ් හා උම්රා අධිකව කරන මෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ දිරිගන්වා ඇත්තාහ. එබැවින් තම දේශයේ සිට හෝ වෙනත් දේශයක සිට ගමන් කරමින් වාර ගණනාවක් හජ් හා උම්රා ඉටු කිරීම සතුටුදායකය. එය සුන්නාහ්වට සාපේක්ෂව ෂරීආව පතන කරුණකි. යහපත අධිකව රැස් කර දෙන්නකි. එමෙන්ම තම යටහත් පහත් භාවය අධිකව ඉස්මතු කර පෙන්වන්නකි.

    බයිතුල්ලා හෙවත් අල්ලාහ්ගේ ගෘහය පමණක් තවාෆ් කිරීමට වඩා උම්රා ඉටු කිරීම ඉතා යෝග්‍යය. හේතුව තවාෆ් කිරීම යනු උම්රාවෙ හි එක් කොටසක් වන බැවින් ද උම්රාවක් හා තවත් උම්රාවක් අතර සිදු වන වැරදි වලට වන්දියක් බවට පිහිටන බැවින් ද වේ. මක්කාහ් වැසියන්ටත් ඒ වෙත සපැමිණියන්ටත් වාර ගණනාවක් උම්රා ඉටු කිරීම ද එමගින් තමන්ටත් තමන් හැර නොපැමිණි, මිය ගිය සැමටත් අධික වශයෙන් ඉටු කිරීම ද දහම් ගත කර ඇත.

    1-

    عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا وَالْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الْجَنَّةُ" (متفق عليه)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උම්රාවක සිට තවත් උම්රාවක් දක්වා ඒ දෙක අතර සිදුවන දෑට වන්දියක් වන්නේය. පිළිගනු ලබන හජ් වන්දනා එයට ස්වර්ගය මිස වෙනත් ප්‍රතිඵලයන් නොමැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2-

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أَنَّهَا قَالَتْ يَا رَسُولَ اللهِ يَرْجِعُ أَصْحَابُكَ بِأَجْرِ حَجٍّ وَعُمْرَةٍ وَلَمْ أَزِدْ عَلَى الْحَجِّ فَقَالَ لَهَا "اذْهَبِي وَلْيُرْدِفْكِ عَبْدُ الرَّحْمَنِ" فَأَمَرَ عَبْدَ الرَّحْمَنِ أَنْ يُعْمِرَهَا مِنْ التَّنْعِيمِ فَانْتَظَرَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَعْلَى مَكَّةَ حَتَّى جَاءَتْ. (متفق عليه)

    ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණනි, ඔබේ මිතුරන් හජ් හා උම්රාවෙහි කුසල් සමඟ නැවත පැමිණෙන්නේය. නමුත් මම හජ් වන්දනාවට වඩා අධිකව කිසිවක් නොකළෙමි යැයි පැවසුවාය. එවිට එතුමාණෝ ඇයට ඔබ යන්න. අබ්දුර් රහ්මාන් ඔබ පිටුපසින් සිටීවි යැයි පැවසූහ. පසුව තන්ඊම් නම් ස්ථානයෙන් ඇයව උම්රා සඳහා කැටුව යන මෙන් අබ්දුර් රහ්මාන්ට අණ කළහ. පසුව ඇය නැවත පැමිණෙන තෙක් ඉහළ මක්කාවේ සිට අල්ලාහ්ගේ දූතයාණෝ ඇයව බලාපොරොත්තුවෙන් සිටියහ.

    3-

    عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ وَلَيْسَ لِلْحَجَّةِ الْمَبْرُورَةِ ثَوَابٌ إِلَّا الْجَنَّةُ" (أخرجه أحمد والترمذي)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    හජ් හා උම්රා ඉටු කරන්න හේතුව සැබැවින්ම ඒ දෙක මයිනහම යකඩ රන් හා රිදීවල බැඳුණු අපවිත්‍රය නැති කරන්නාක් මෙන් පාපයන් හා දිළිඳුභාවය නැති කර දමන්නේය. පිළි ගනු ලැබූ හජ් වන්දනාවට ස්වර්ගය හැර වෙනත් කුසලක් නොමැත. (මූලාශ්‍රය අහ්මද්, තිර්මිදි)

    · උම්රාවට පසුව තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆය ඉටු කිරීමේ නීතිය

    මක්කාහ් වැසියන් හැර සෙසු සෑම හජ් වන්දනාකරුවෙකුම තම දේශය බලා පිටත් වීමට අපේක්ෂා කරන විට සමු ගැනීමේ තවාෆ් ඉටු කිරීම අනිවාර්යය වේ. උම්රා කරන්නාට සමු ගැනීමක් නැත. ඔහු මක්කාහ් වැසියෙකු වුව ද සෙසු වැසියන් වුවද එක හා සමානය.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ : أُمِرَ النَّاسُ أَنْ يَكُونَ آخِرُ عَهْدِهِمْ بِالْبَيْتِ إِلَّا أَنَّهُ خُفِّفَ عَنْ الْحَائِضِ. (متفق عليه)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    ජනයාගේ (හජ්හි) අවසන් කාලය බයිතුල්ලා හෙවත් දේව නිවසෙහි විය යුතු යැයි ජනයාට අණ කරන ලදී. නමුත් එය ඔසප් කාන්තාවට පහසු කරන ලදී. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    8 - හජ් කිරීමේ ක්‍රමය

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැහැදිලි කළ අයුරින් එතුමාණන් අණ කළ එතුමාණන්ගේ සහගාමීන් ඉටු කළ හජ් හි ක්‍රමය.

    · පිළිගනු ලබන හජ් හි ක්‍රමය

    පිළිගනු ලබන හජ් යනු එය උත්තරීතර අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ඉටු කිරීමත්, එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්වා දුන් පිළිවෙළට අනුව ඉටු කිරීමත් පිවිතුරු ධනයෙන් ඉටු කිරීමත් නියමිත වේලාවෙහි දික්ර් හා නැමදුම් වල නිරත වීමත් යහදේ ගෙන විධානය කිරීමත් අයහ දැයින් වැළැක්වීමත් මිනිසුන් සමඟ පරිත්‍යාගශීලීව කටයුතු කිරීමත් පාපකාරී දැයින් හා ජනයාට හානි පමුණුවන දැයින් ඉවත්ව සිටීමත් වේ.

    · සංකේතයන් අතරට පිවිසීමේ ක්‍රමය

    1- මිනා මුස්තලිෆා අරෆා නම් ස්ථාන හජ් හි සංකේත අතුරිනි. එබැවින් එම ස්ථාන අයිති කර ගැනීමට කිසිවකුට හිමිකමක් නොමැත.

    කවරෙකු මිනාවට කලින් යන්නේ ද එය ඔහුගේ ස්ථානයයි. අය්යාමුත් තෂ්රීක් හි රාත්‍රි දෙකක් හෝ තුනක් නවාතැන් නොගෙන අතහරින්නේ ද එසේ නොමැති නම් කිසිදු හේතුවකින් තොරව දහවල් කාලයේ එහි රැඳී සිටීම අතහැර දමන්නේ ද එවිට ඔහු පාපියෙකු බවට පත් වෙයි. ඔහුගේ වන්දනාව නිවැරදිය. නමුත් එහි අඩුවක් පවතියි. එබැවින් ඔහු පශ්චාත්තාප කර සමාව අයැද සිටිය යුතුයි.

    මිනාවෙහි ස්ථානයක් නොලැබුණු විටක කවර ප්‍රදේශයකින් වුව ද මිනා සීමාවෙහි අවසන් කූඩාරම අසලට පිවිසිය යුතුයි. එය මිනා සීමාවට එපිටින් පිහිටිය ද වරදක් නොවේ. ඒ වෙනුවෙන් දම් හෙවත් සත්ව කැප කිරීමක් ලබා දීමට අවශ්‍ය නොවේ. පදික වේදිකාවේ හෝ මාර්ගයේ නවාතැන් නොගත යුතුයි. එවිට තමන්ට හානියක් සිදු විය හැකි අතර අනුන් ද එයින් පීඩාවට ලක් වෙති.

    2- මිනා මුස්දලිෆා හා අරෆාත් යන ස්ථාන මස්ජිදයන් මෙන් වූ සංකේතාත්මක ස්ථානයන් ය. එහි නිවසක් තනා කුලියට දීම හෝ ප්‍රදේශයක් වෙන් කර එය කුලියට දීම හෝ කිසිවෙකු විසින් සිදු නොකළ යුතුයි. එසේ කළේ නම් ජනයාට කුසල් හිමි කර ගැනීමේ අවස්ථාවන් අහිමි වනු ඇත. එය ඔවුනට බාධා ඇති කරවයි. එවිට එම පාපය එසේ අත්පත් කරගත් අය වෙත පැට වේ.

    3- එම සංකේතාත්මක ස්ථාන වලට පැමිණෙන ජනයාට සුදුසු පරිදි පහසුකම්, ආරක්ෂාව හා ආරෝග්‍යමත් පරිසරයක් සකසා දීම මුස්ලිම් පාලකයින්ගේ වගකීමය.

    عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مُعَاذٍ عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ خَطَبَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّاسَ بِمِنًى وَنَزَّلَهُمْ مَنَازِلَهُمْ فَقَالَ "لِيَنْزِلْ الْمُهَاجِرُونَ هَا هُنَا" وَأَشَارَ إِلَى مَيْمَنَةِ الْقِبْلَةِ "وَالْأَنْصَارُ هَا هُنَا" وَأَشَارَ إِلَى مَيْسَرَةِ الْقِبْلَةِ ثُمَّ "لِيَنْزِلْ النَّاسُ حَوْلَهُمْ" (أخرجه أبو داود والنسائي)

    සහාබිවරුන්ගෙන් කෙනෙකු විසින් වාර්තා කරනු ලැබ, එය අබ්දුර් රහ්මාන් මුආස් තුමා වාර්තා කරයි.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මිනාවෙහි සිට ජනයාට දේශනාවක් පැවත් වූහ. ඔවුන්ගේ නවාතැන් ගත යුතු ස්ථානයන් හි ඔවුන් ස්ථාන ගත කළහ.

    එවිට එතුමා ‘මුහාජිර්වරුන් මෙහි නවාතැන් ගන්න.‘

    පසුව කිබ්ලාවට දකුණු පැත්ත පෙන්වා ‘අන්සාරිවරුන් මෙහි නවාතැන් ගන්න.‘

    පසුව කිබ්ලාවෙහි වම් පැත්ත පෙන්වා ‘ඔවුන් අවට සෙසු ජනයා නවාතැන් ගන්න‘ යැයි පවසා සිටියහ. (මූලාශ්‍රය අබූ දාවූද්, නසාඊ)

    · මක්කාහ්වෙහි පදිංචිව සිටින්නන් ද මක්කාහ් වැසියන් ද පිරිසිදු කර ගැනීමත් ස්නානය කර ගැනීමත් සුවඳ විලවුන් ගල්වා ගැනීමත් සුන්නත් වේ. පසුව යව්මුත් තර්වියාහ් නම් දුල් හජ් මස 8 වැනි දින දහවල් කාලයට පෙර ඉහ්රාම් චේතනාව තබා ගනී. මුස්ලිම්වරයා තමා පදිංචිව සිටින ස්ථානයේ සිටම ඉහ්රාම් ඇද ගනී. ඔහු එසේ ඇඳ ගන්නා විට

    لَبَّيْكْ حَجًّا ලෙබ්බෙයික් හජ්ජන්

    තේරුම: හජ් සඳහා මම ඔබ අසලට පැමිණියෙමි යැයි පවසයි.

    කිරාන් හා ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නන් සම්බන්ධයෙන් සලකා බලන විට ඔවුන් තම ඉහ්රාම් හි දිගටම රැඳී සිට සෙසු හජ් වන්දනාකරුවන් සමඟ මිනා දෙසට පිටත්ව යති.

    තමත්තුඃ ක්‍රමයෙන් හජ් ඉටු කිරීමට පැමිණෙන අය දුල් හජ් මස 8 වැනි දින පෙරවරුවේ හෝ පසුව හෝ පැමිණෙන්නේ නම්, එවිට ඔවුන් උම්රා චේතනා නොකළ යුතුයි. හේතුව හජ් හි කාලය ආරම්භ වී ඇති බැවිනි. එබැවින් ඔහු තම වන්දනාව කිරාන් ක්‍රමයට පරිවර්තනය කර ගනී. පසුව ඔහු තවාෆ් හා සඃයු ඉටු කර ක්ෂණිකව මිනාවට පිටත්ව යයි.

    පසුව කිරාන්, ඉෆ්රාද් හා තමත්තුඃ ක්‍රමයට හජ් කිරීමට අපේක්ෂා කළ සියල්ලෝම දහවල් කාලයට පෙර තල්බියා පවසමින් මිනාව වෙත පිටත්ව යයි. පසුව එහි පහසුකම් ඇතොත් ලුහර් අසර් මග්රිබ් ඉෂා ෆජ්ර් සලාතයන් කෙටි කරමින් ඒවා එක් නොකර එකිනෙකට ආවේනික වේලාවන් හි ඉමාම් සමඟ සලාතය ඉටු කරයි. එසේ කිරීමට අපොහොසත් නම් තමන් රැඳී සිටින ස්ථානයෙහිම සමූහ වශයෙන් සලාතය එකට එක් නොකර වෙන් වෙන්ම කෙටි කර ඉටු කරයි. එදින රාත්‍රිය මිනාවෙහි නවාතැන් ගනියි.

    එදින තල්බියා පැවසීම දික්ර් කිරීම ප්‍රාර්ථනා කිරීම සලාම් පැවසීම එකිනෙකාට උපදෙස් කර ගැනීම යහපත විධානය කිරීම අයහපතින් වැළැක්වීම පහසුකම් ඇතොත් ආහාර සැපයීම වැනි යහපත් දැහැමි ක්‍රියාවන් හි නිරත වෙයි.

    · මිනාවෙහි සීමා මායිම්

    බටහිරෙන් ජම්රතුල් අකබා නම් ස්ථානය ද නැගෙනහිරෙන් වාදී මුහස්සර් නම් ස්ථානය ද උතුරින් ජබලුල් අළීමුල් මුර්තෆඃ හා දකුණින් ඊට ඉදිරියෙන් ඇති ජබලුල් අළීමුල් මුර්තෆඃ නම් ස්ථානයන් ද වේ.

    · පසුව නව වන දින හිරු උදා වූ විට එනම් අරෆා දින මිනාවෙහි සිට අරෆා වෙත තල්බියා පවසමින් තක්බීර් පවසමින් තහ්ලීල් පවසමින් ගමන් කරයි. දහවල් කාලය වන විට නමිරා නම් ස්ථානයට පැමිණෙයි. එය අරෆාවට සමීප වූ ස්ථානයකි. එය අරෆාවට අදාළ ස්ථානයක් නොවේ. නමිරාව අරෆා දෙසින් වාදී උරනා නම් ස්ථානයේ කෙළවරින් පිහිටා ඇත.

    · අරෆාවෙහි සීමා මායිම්

    බටහිරෙන් වාදී උරනා නම් ස්ථානය ද නැගෙනහිරෙන් අරෆා පිටිය දෙසට නෙරා ගිය ජිබාලුල් මුහීතා නම් කඳු වැටි ද උතුරින් වාදී උරනා සමඟ බැඳී ඇති වාදී වසීක් ද දකුණින් මස්ජිද් නමිරාවට දකුණින් කිලෝ මීටර එකහමාරක් පමණ දුරින් ද පිහිටා ඇත. අරෆාවෙ හි සීමාවන් පැහැදිලි කරමින් සංඥා පුවරු ඉදි කර ඇත. ඒ ගැන හජ් වන්දනාකරුවන් අවධානය යොමු කළ යුතුයි.

    · හිරු මුදුණින් අවරට යන විට අරෆාවෙ හි මුල් කොටස වෙත ගමන් කරයි. එනම් අරෆාත් මස්ජිදය පිහිටා ඇති ස්ථානය වෙතටය. එම ස්ථානයේ (උරනා අභ්‍යන්තරයේ) කොණක ඉමාම් ජනයාට දේශනාවක් පවත්වයි. දැන් එය මස්ජිදය තුළ පැවැත්වේ.

    පසුව මුඅද්දින් විසින් ලුහර් සලාතය සඳහා අදාන් පවසනු ලැබේ. පසුව ඉකාමත් පවසනු ලදුව ඉමාම් විසින් ලුහර් හා අසර් එක්කොට රකආත් දෙක බැගින් කෙටි කර ජනයාට සලාතය මෙහෙයවනු ලබයි. එක අදානයක් හා ඉකාමත් දෙකකින් ජම්උ තක්දීම් හෙවත් පෙරට ගෙන ඉටු කිරීමේ ක්‍රමයෙන් එම සලාතයන් දෙක එක් කරයි.

    එසේ සලාතය ඉටු කිරීමට අපොහොසත් නම් පෙර කී පරිදි තමන් රැඳී සිටින ස්ථානයේම තම සගයින් සමඟ සමූහ වශයෙන් සලාතය ජම්උ හා කසර් කරමින් ඉටු කරයි.

    · ඉමාම්ගේ දේශනාවට සවන් දීමත් පසුව අදාන් පැවසීමත් ඉන් පසු තම ස්ථානයන් හි සලාතය ඉටු කිරීමත් ඔවුනට සුන්නාහ්වක් වෙයි.

    පසුව සලාතයෙන් පසු අරෆාත් දෙසට යෑමත් ජබලු අරෆා නම් කඳු අසල නැවතීමත් සුන්නාහ්වකි. මගියන්ට ඉඩ සැලසෙන පරිදි කිබ්ලාවට මුහුණලා සිටියි. කන්ඳ මතට නොනගියි. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එසේ සිදු කළේ නැත. කන්ද මත නගින්නැයි අණ කළේ ද නැත.

    කදු පාමුල ඇති ගල් වැටි මත රැඳී සිට ඉතා යටහත් පහත්ව අල්ලාහ්ව මෙනෙහි කරයි. ඔහුව අමතයි. පාපක්ෂමාවේ නිරත වෙයි. දෙඅත් ඔසවා ප්‍රාර්ථනා කරයි. තල්බියා පවසයි. තහ්ලීල් පවසයි. වාහනයක නැග සිටිමින් ද පොළොවේ ඉඳගනිමින් ද එසේ රැඳී සිටිය හැක. නමුත් වඩාත් යෝග්‍ය වන්නේ ඔහුගේ හදවතට වඩාත් බැතිමත් එසේම සිතට තෘප්තිය ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමය.

    අල්-කුර්ආන් හි හා සුන්නාහ්වෙ හි පැමිණි සාධක සහිත ප්‍රාර්ථනාවන් ද ඊට අදාළ තමන් කැමති ප්‍රාර්ථනාවන් ද අධිකව එහි අයදිනු ලැබේ. අධික වශයෙන් තමන් කළ පාපයන්ට පසුතැවිලි වීම, සමාව අයැදීම, තක්බීර් පැවසීම, තහ්ලීල් පැවසීම, අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට සලවාත් පැවසීම වැනි දෑ සිදු කරනු ලැබේ. එහි දී තම යටහත් භාවය අල්ලාහ්ට පිළිබිඹු කරයි. ප්‍රාර්ථනා කිරීමෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. තම ප්‍රාර්ථනාවට හිමි විය යුතු පිළිතුරු ගැන අනපේක්ෂිතව සිටිය නොයුතුයි. හිරු අවරට යන තෙක් මෙසේ අල්ලාහ් ව මෙනෙහි කරමින් ප්‍රාර්ථානවෙ හි නිරත වෙයි.

    කඳු පාමුල ගල් වැටිය අසල සිටීමට ඔහුට පහසුකමක් නොමැති නම් අරෆාවෙ හි තමන් නවාතැන් ගත් ස්ථානයෙහි ම හෝ එම සීමාව තුළ කොතැනක හෝ රැඳී සිටිය හැක. උරනා අභ්‍යන්තර ප්‍රදේශය හැර අරෆා මුළුමණින්ම රැඳී සිටින ස්ථාන වේ.

    · අරෆාවෙ හි රැඳී සිටින වේලාව

    අරෆාවෙ හි රැඳී සිටීම අරෆා දින හිරු අවරට යෑමට පටන් ගෙන හිරු අවරට යන තෙක් වූ කාලය දක්වා වේ. නමුත් දහ වැනි දින රාත්‍රියේ අලුයම උදාව දක්වා එය පවතී. හිරු මුදුණින් අවරට යෑමට පෙර හෝ අරෆා දින රාත්‍රියේ හෝ අරෆා සීමාවට පිවිසියේ නම් එය අනුමතය. නමුත් සුන්නාහ්ව වනුයේ දහවල් කාලයට පසු පිවිසීමය. කවරෙකු හෝ අරෆාවෙ හි රාත්‍රියේ හෝ දහවලෙ හි මද වේලාවක් රැඳී සිටිය ද එය ප්‍රමාණවත් වෙයි.

    රැඳී සිටීම යනු වාහනයක් මත හෝ පොළොවේ හෝ රැඳී සිටීමය. දෙපයින් නැගිට සිටීම මෙයින් අදහස් නොකෙරේ.

    කවරෙකු හෝ අරෆාවෙහි දහවල් කාලයේ රැඳී සිට, පසුව හිරු බැස යාමට පෙර එය අත හැර දමා යන්නේ ද ඔහු අනිවාර්යය කටයුත්තක් පැහැර හැරියේය. එය අඥාන ජනයා හිරු බැස යෑමට පෙර ගමන් කළ අකාරයට සමාන වෙයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ක්‍රියාවට ද පටහැණිය. එවිට ඔහු පාපියෙකු වෙයි. ඔහු පාපක්ෂමා අයැද සිටිය යුතුයි. ඔහුගේ හජ් වන්දනාව නිවැරදිය. නමුත් හජ් මබ්රූර් හෙවත් නියම හජ් වන්දනාවක් නොවනු ඇත.

    عُرْوَةُ بْنُ مُضَرِّسٍ رضي الله عنه قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمُزْدَلِفَةِ حِينَ خَرَجَ إِلَى الصَّلَاةِِ فقُلْتُ : يَا رَسُولَ اللهِ اِنِّيْ جِئْتُ مِنْ جَبَلَيْ طَيِّئٍ أَكْلَلْتُ رَاحِلَتِي وَأَتْعَبْتُ نَفْسِي وَاللهِ مَا تَرَكْتُ مِنْ حَبْلٍ إِلَّا وَقَفْتُ عَلَيْهِ فَهَلْ لِي مِنْ حَجٍّ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ شَهِدَ صَلاَتَنَا هَذِهِ وَوَقَفَ مَعَنَا حَتَّى نَدْفَعَ، وَقَدْ وَقَفَ بِعَرَفَةَ قَبْلَ ذَلِكَ لَيْلًا أَوْ نَهَارًا فَقَدْ أَتَمَّ حَجُّهُ وَقَضَى تَفَثَهُ (أخرجه أبُوْ داود والترمذي)

    උර්ව ඉබ්නු මුළර්රිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මුස්දලිෆාවෙ හි සිටි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය වෙත පිට ව යන කල්හි මම එතුමාණන් වෙත පැමිණ

    අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම තයි නම් ස්ථානයේ කඳු දෙක අතුරින් ඔබ වෙත පැමිණ ඇත්තෙමි. මාගේ වාහනය වෙහෙසට පත් විය. මම ද විඩාවට පත් වූයෙමි. අල්ලාහ් මත දිවුරා කියමි. මම වැලි කන්දක් දුටු විට එහි රැඳී නොසිටිමින් එය අත හැර දැමුවේ නැත. එබැවින් මට හජ් ලැබේවි ද?

    එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කවරෙකු අපගේ මෙම සලාතයට සහභාගී වී අප පිටත් ව යන තෙක් අප සමඟ රැඳී සිටියේ ද එමෙන්ම ඊට පෙර අරෆාවෙ හි රාත්‍රි කාලයේ හෝ දහවල් කාලයේ රැඳී සිටියේ ද එවිට ඔහු ඔහුගේ හජ් සම්පූර්ණ කළේය. තවද ඔහුගේ නැමදුම ඔහු ඉටු කළේය. (මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි)

    · අරෆා වෙහි සිට ජන ගඟ ගලා යෑමේ වේලාව

    හිරු බැස ගිය විට අරෆාවෙ හි සිට මුස්දලිෆා දක්වා හජ් වන්දනාකරුවන් තල්බියා පවසමින් තහ්ලීල් පවසමින් තක්බීර් පවසමින් පිටත් ව යති. එවිට ඉවසීම හා ශාන්ත දාන්ත ලීලාව තමන් තුළ තිබිය යුතු වේ. තමන් විසින් හෝ තම වාහනයෙන් හෝ තදබදයක් ඇති නොකළ යුතුයි. අවස්ථාවක් ලැබුණු විට ඉක්මණින් යා යුතුයි.

    පසුව මුස්දලිෆාවට පැමිණි විට මග්රිබ් සලාතයේ රකආත් තුන ද ඊෂා සලාතය කෙටි කරමින් එහි රකආත් දෙක ද එකම වේලාවේ ජම්උත් තඃහීර් හෙවත් පසුවට ගෙන යෑමේ ක්‍රමය පිළිපදිමින් එක අදානයක් හා ඉකාමත් දෙකකින් එම සලාතයන් ඉටු කරයි. එහි රාත්‍රිය ගත කරයි. තහජ්ජුද් විත්ර් සලාතයන් ද ඉටු කරයි. පසුව ෆජ්ර් වේලාව පැමිණි පසු එහි සුන්නත් සලාතය සමඟ ෆජ්ර් සලාතය ද ඉටු කරයි.

    · මුස්දලිෆාවෙ හි සීමාව

    බටහිරින් වාදි මුයස්සර් ද නැගෙනහිරින් මුෆීල් අල්මඃසිමයින් අල්-ඝරබී ද උතුරින් සබීර් කන්ද ද දකුණින් එයට මුහුණලා ඇති මුරීහිය්යාත් නම් කඳු වැටි ද වේ. මුස්දලිෆාවෙ හි සීමාවන් පැහැදිලි කරනු පිණිස සටහන් පුවරු එම ස්ථානයන් හි සිටවා ඇත. හජ් වන්දනාකරුවන් ඒ දෙස අවධානය යොමු කළ යුතුයි.

    · මුස්දලිෆාවෙ හි රැඳී සිටීමේ වේලාව

    හජ් වන්දනාකරු ෆජ්ර් සලාතය ඉටු කළ විට මෂ්අරිල් හරාම් වෙතට පැමිණෙයි. දැන් එය මුස්දලිෆා මස්ජිදය වේ. එහි කිබ්ලාවට මුහුණ ලා රැඳී සිට අහස කහ පැහැ ගැන්වෙන තුරු අල්ලාහ් ව මෙනෙහි කර ඔහුව ප්‍රශංසාවට ලක් කර ඔහුට තහ්ලීල් පවසා ඔහුට තක්බීර් පවසා තල්බියා පවසයි. ප්‍රවාහනිකව ද පොළොවේ සිට ද ප්‍රාර්ථනාවන් හි නිරත වෙති.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ

    ... අරෆාත් (නම් ස්ථානයෙ)හි සිට නුඹලා (ජන ගඟ අතුරින්) ගලා එන විට මෂ්අරිල් හරාම් (නම් ස්ථානයෙ)හි අල්ලාහ් ව සිහිපත් කර පවසවු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතරෙහි සිටි තත්ත්වයේ නුඹලාට යහමඟ පෙන්වා දුන් හෙයින් නුඹලා ඔහුව සිහිපත් කර පවසවු. (අල්-කුර්ආන් 2:198)

    අල්-මෂ්අරිල් හරාම් වෙතට යෑමට පහසුකමක් නොමැති නම් මුස්දලිෆාව සම්පූර්ණයෙන්ම රැඳී සිටිය යුතු ස්ථානය බව අවධානයට ගන්න. එබැවින් අහස මැනවින් කහ පැහැ ගැන්වෙන තෙක් එම ස්ථානයේ සිටම කිබ්ලාවට මුහුණ ලා ප්‍රාර්ථනාවන් හි නිරත වන්න.

    · මුස්දලිෆාවෙ හි සිට මිනාවට ගමන් කිරීමේ වේලාව

    පසුව මුස්දලිෆාවෙහි සිට හිරු උදාවට පෙර මිනා වෙත ගමන් කරයි. එහිදී ද ඔහු ශාන්ත භාවය රැකිය යුතුයි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللهَ إِنَّ اللهَ غَفُورٌ رَحِيمٌ

    ඉන්පසුව ජනයා (ජන ගඟ අතුරින්) ගලා එන තැනින් නුඹලා ද එවු. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයදිවු. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණා භරිතය. (අල්-කුර්ආන් 2:199)

    පසුව මුහස්සිර් නම් ස්ථානයට ළඟා වූ විට -එය මුස්දලිෆා හා මිනා අතර වූ මිටියාවතකි. ඔහු මිනාවෙහි සිටිය දී පදිකව ද ප්‍රවාහනිකව ද ගල් ගැසීම සඳහා සීඝ්‍රයෙන් ගමන් කරයි. ජම්රාත් හෙවත් ගල් ගැසිය යුතු ස්ථානයෙ හි හෝ ඒ වෙතට යන අතරවාරයේ හෝ ගල් කැට හතක් අහුලා ගනී. මුස්දලිෆාවෙ හි ඒවා අහුලා ගත්ත ද එයට ද අනුමැතිය ඇත. තවද ඔහු යන මාර්ගයේ තල්බියා පවසමින් ද තක්බීර් පවසමින් ද ගමන් කරයි. ජම්රතුල් අකබා නම් ස්ථානයට ගල් ගසන විට තල්බියා පැවසීම අත හරියි.

    කාන්තාවන් හා පිරිමින් අතුරින් දුර්වලයින්ටත් හේතු සහගත උදවියටත් ඔවුන් සමඟ පැමිණි ඔවුන්ගේ කණ්ඩායම් සඳහා කැප වී සිටින උදවියටත් මුස්දලිෆාවෙ හි සිට මිනාව වෙත චන්ද්‍රයා බැස ගිය විට හෝ රාත්‍රියෙන් විශාල කාලයක් ගත වූ විට එසේ කල් ඇතිව යෑමට අනුමැතිය ඇත. පසුව මිනාවට පැමිණි විට ජම්රතුල් අකබාවට ගල් විසි කරති.

    · ජම්රතුල් අකබා නම් ස්ථානයට ගල්ගැසීමේ වේලාව.

    හජ් වන්දනාකරුවා ජම්රතුල් අකබා නම් ස්ථානයට පැමිණි විට එය මිනා ප්‍රදේශයෙන් පිහිටි ගල් ගසන ස්ථාන අතුරින් අවසන් ස්ථානයයි. හිරු උදා වීමෙන් පසුව මිනාව තම දකුණු පැත්තටත් මක්කාහ්ව තම වම් පැත්තටන් පිහිටන සේ හැරී ගල් කැට 7ක් එයට විසි කරයි. එසේ විසි කරන විට දකුණු අත ඔසවමින් සෑම ගල් කැටයක් පාසාම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා විසි කරයි.

    විසි කරන ලද ගල් කඩල ඇටයක් හා හේසල් ගෙඩියක් අතර ප්‍රමාණයෙන් විසිකළ හැකි තරමට කුඩා වීම සුන්නතයකි.

    විශාල ගල් විසි කිරීම නුසුදුසුය. ගල් හැර පාවහන් ආභරණ හා වෙනත් ද්‍රව්‍යයන් විසි කිරීම ද සුදුසු නැත. එයින් තවකෙකුට හානියක් සිදු නොවිය යුතුයි. ගල් විසි කරන අවස්ථාවේ ද සෙසු අවස්ථාවන් හි ද තදබදයක් සිදු නොවී සිටීමට වගබලාගත යුතුයි.

    · ගල් විසි කළ පසුව හජ් වන්දනාකරු සිදු කරන දෑ

    ගල් විසි කිරීමෙන් පසුව තමත්තුඃ ක්‍රමයට හා කිරාන් ක්‍රමයට හජ් ඉටු කළ අය සතෙකු කැප කරයි. එසේ සතා කපන අවස්ථාවේ දී හෝ වන්දි වශයෙන් ලබා දිය යුතු සතෙකු කපන අවස්ථාවේ දී හෝ සතුන් කපන වෙනත් අවස්ථාවේ දී හෝ

    بِاسْمِ اللهِ وَاللهُ أَكْبَرْ، اللَّهُمَّ تَقَبَّلْ مِنِّيْ

    බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් අල්ලාහුම්ම තකබ්බල් මින්නී.

    යැයි පැවසිය යුතුයි.

    තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. යා ! අල්ලාහ්, මගෙන් මෙය පිළිගනු මැනව.!

    عَنْ أَنَسٍ رَضِيَ اللهُ عَنْهُ قَالَ: "ضَحَّى النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشَيْنِ أَمْلَحَيْنِ أَقْرَنَيْنِ ذَبَحَهُمَا بِيَدِهِ وَسَمَّى وَكَبَّرَ وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا" (متفق عليه)

    අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම දෑතින්ම අං ඇති කළු හා සුදු මිශ්‍ර බැටළුවෙකු ගෙන එතුමාගේ පය උන් දෙදෙනාගේ ගාත් මත තබා බිස්මි පවසා තක්බීර් පවසා කපා හැරියහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    එම සත්වයාගේ මස් අනුභව කිරීමත් එහි හොදි රස විඳීමත් එමගින් දුප්පතුන්ට ආහාර සැපයීමත් සුන්නාහ්වක් වේ. එය තම දේශයට ගෙන යාමට ද අනුමැති ඇත. ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නා ගල් විසි කළ පසුව හිස මුඩු කර ගනියි. හේතුව හද්යු හෙවත් සත්ව කැප කිරීමක් ලබා දීමට අවශ්‍ය නොමැති බැවිනි. එලෙසම මස්ජිදුල් හරාම් පදිංචිව සිට කිරාන් ක්‍රමයට හා තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නන්ගේ තත්ත්වය ඔවුන් කෙරෙහි ද හද්යු ලබා දීමක් නොමැත.

    පසුව හද්යු ලබා දීමෙන් අනතුරුව පිරිමියෙකු නම් තම හිස මුඩු කර ගනී. එසේ නොමැති නම් හිසකෙස් කොට කර ගනී. නමුත් හිස මුඩු කිරීමය වඩාත් උතුම් වන්නේ. කරනැවෑමියා හිසෙහි දකුණු පසින් ආරම්භ කිරීම සුන්නාහ්වකි. කාන්තාව ඇයගේ හිසකෙස් අඟලක් තරම් කොට කර ගන්නීය.

    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ" قَالُوا : يَا رَسُولَ اللهِ وَلِلْمُقَصِّرِينَ؟ قَالَ : "اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ" قَالُوا : يَا رَسُولَ اللهِ وَلِلْمُقَصِّرِينَ قَالَ : "اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ" قَالُوا : يَا رَسُولَ اللهِ وَلِلْمُقَصِّرِينَ قَالَ : "وَلِلْمُقَصِّرِينَ" (متفق عليه)

    අල්ලාහ්ගේ දූතයාණෝ ‘යා! අල්ලාහ්, හිස මුඩු කරන්නන්ට සමාව දෙනු මැනව‘ යැයි ප්‍රකාශ කළහ. අල්ලාහ්ගේ දූතයාණනි, හිස කෙස් කොට කරන්නන්ට? යැයි ඔවුන් විමසා සිටියෝය. එවිට ද ‘යා! අල්ලාහ්, හිස මුඩු කරන්නන්ට සමාව දෙනු මැනව! යැයි ප්‍රකාශ කළහ. නැවතත් අල්ලාහ්ගේ දූතයාණනි, හිසකෙස් කොට කරන්නන්ට? යැයි විමසුවෝය. එවිට ද ‘යා! අල්ලාහ්, හිස මුඩු කරන්නන්ට සමාව දෙනු මැනව! නැවත අල්ලාහ්ගේ දූතයාණනි, හිසකෙස් කොට කරන්නන්ට? යැයි ඔවුන් විමසා සිටින විට (සිව්වැනි වරට) ‘හිසකෙස් කොට කර ගන්නන්ටත්‘ යැයි ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · ඉහ්රාමයෙන් ඉවත් වන පළමුවන අවස්ථාව

    ඉහත කී පරිදි හජ් වන්දනාකරුවෙකු ඉටු කළේ නම් අඹුසැමි ලිංගික ඇසුර හැර සෙසු සියලුම තහනම් කටයුතු ඔහුට අනුමත වෙයි. ඒ අනුව ඇඳුම් ඇඳීම, සුවඳ විලවුන් ගැල් වීම හිස ආවරණය කිරීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් වූ දෑ සියල්ල දැන් ඔහුට ඉටු කළ හැක. ජම්රතුල් අකබාවට ගල් ගසා හිස මුඩු කළේ නම් හද්යු ලබා නොදුන්න ද ලිංගික ඇසුර හැර සෙසු සියලුම තහනම් දෑ ඔහුට අනුමත වෙයි. නමුත් ෆිද්යා ලබා දිය යුතු වරදක් කළ අයෙකු හැර. ඔහු ගල් ගසා හද්යු ලබා දී හිස මුඩු කරන තෙක් තහනම් කරන ලද දෑ කිරීමට ඔහුට අනුමැතිය නැත.

    යව්මුන් නහ්ර් හෙවත් අවුරුදු දින ජම්රාත් නම් ස්ථානයේ ජනයාට ඔවුන්ගේ වන්දනාවන් පිළිබඳව දැනුවත් කරමින් ද උත්තරීතර අල්ලාහ් මත තැබිය යුතු භක්තිය පිළිබඳව උපදෙස් දෙමින් ද යහපත හා බැතිමත් කටයුතුවල දී එකිනෙකා උපකාර කර ගන්නා මෙන් ද අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කර ඔහු වෙත කෘතඥතාව පුද කරන මෙන් ද දේශනාවක් පැවැත්වීම ඉමාම්වරයා වෙත වූ සුන්නාහ්වක් වෙයි.

    · ඉහ්රාමයෙන් ඉවත් වන දෙවන අවස්ථාව

    ගල් විසි කර හද්යු ලබා දී හිස මුඩු කිරීමෙන් පසු හජ් වන්දනාකරුවා තම අවශ්‍යතාවන් සපුරා ගනී. පිරිසිදු කර ගනී. පසුව ඔහු සාමාන්‍ය ඇඳුම් පැලඳුම් ඇඳ ගනී. සුවඳ විලවුන් ගල්වයි. උදෑසනම මක්කාහ් වෙත ගොස් තවාෆුල් හජ්, තවාෆුල් ඉෆාලා, තවාෆුස් සියාරා යන නාමයන්ගෙන් හඳුන් වනු ලබන හජ් හි තවාෆය ඉටු කරයි. එහි දී වේගයන් ගමන් නොකරයි.

    උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි.

    ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ

    පසුව ඔවුන් තමන්ගේ කිලිටි ඉවත් කර ගත යුතුයි. ඔවුන් තමන්ගේ භාරයන් ඉටු කළ යුතුයි. තවද ඔවුන් ඉපැරණි නිවස පැදකුණු කළ යුතුයි. (අල්-කර්ආන් 22:29)

    පසුව තමන් තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු නම් සෆා හා මර්වා අතර සඃයු සිදු කරයි.

    තමන් කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමයට ඉටු කරන්නෙකු නම් තවාෆුල් කුදූම් හෙවත් සපැමිණීමේ තවාෆය සමඟ සඃයු නොකර පොදුවේ තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නාක් මෙන් හජ් හි තවාෆ් සිදු කර සඃයු ඉටු කරයි. තවාෆුල් කුදූම් ඉටු කිරීමෙන් පසුව සඃයු ඉටු කරන්නේ නම් එයයි වඩාත් උතුම් වනුයේ. තවාෆුල් ඉෆාලාවට පසුව ඔහු කෙරෙහි නැවත සඃයු ඉටු කිරීමක් අවශ්‍ය නොවේ. පසුව හජ් වන්දනාකරුවා සියලුම තහනම් දැයින් එනම් අඹු සැමි ඇසුර දක්වා ඇති සියල්ල ඔහුට අනුමත වනු ඇත.

    · තවාෆුල් ඉෆාලා හෙවත් හජ් හි තවාෆ් සිදු කිරීමේ ආරම්භක වේලාව

    තවාෆුල් ඉෆාලා තවාෆුස් සියාරා නමින් ද හැඳින් වේ.

    අරෆාවෙ හි රැඳී සිටි හේතු සහගත උදවිය උදෙසා නහර් දින එනම් අවුරුදු දින රාත්‍රියේ විශාල කොටසක් ගෙවී යෑමත් සමඟ ආරම්භ වේ. හජ් වන්දනාකරු නහර් දින එනම් අවුරුදු දින පෙරවරුවේ තවාෆ් කිරීමය සුන්නත් වනුයේ. ඔහුට එය ප්‍රමාද කළ ද හැකිය. නමුත් වැළැක් විය නොහැකි හේතුවක් මත හැර දුල් හිජ්ජා මස අවසන් වන තෙක් ප්‍රමාද කළ නොහැක.

    · මිනා වෙත නැවත පැමිණීමේ වේලාව

    පසුව හජ් වන්දනාකරු මිනා වෙත නැවත පැමිණෙයි. පහසුකමක් ඇත්නම් එහි ලුහර් සලාතය ඉටු කරයි. අවුරුදු දින ද අය්යාමුත් තෂ්රීක් දින තුන ද එහි දහවල් හා රාත්‍රි කාලයන් එහිම ගත කරයි. එනම් හජ්මස 11, 12, 13 යන දිනයන් හි එහි නවාතැන් ගනියි. ඊට වඩා අධික වුවද වරදක් නැත. එය වඩාත් උතුම්ය.

    එසේ රාත්‍රිය ගත කිරීමට අපහසුතාවයක් වෙතොත් රාත්‍රියෙ හි අරාම්භයේ හෝ මධ්‍යම රාත්‍රියේ හෝ රාත්‍රිය අවසානයේ හෝ අධික කොටසක් මිනාවෙ හි නවාතැන් ගනී. එය ද අපහසු නම් මිනාවට අසලින් නවාතැන් ගනී.

    · හජ් වන්දනාකරු මෂාඉර් හෙවත් නවාතැන් ගත යුතු ස්ථානයන්හි නැවතීමේ නීතිය.

    මෂාඉර් නම් ස්ථානයන් හි හජ් වන්දනාකරුවන් ඒකරාශී වීම නැමදුමකි. ඔවුන්ගේ එම නැමදුම ඉටු කරනු පිණිස ඔවුන් එම ස්ථානයේ රැඳී සිටීම ෂරීආව අපේක්ෂා කරයි. එමඟින් ඔවුන් එකිනෙකා හඳුනා ගැනීමටත් ඔවුන් එකිනෙකාගෙන් ප්‍රයෝජන ලැබීමටත් ඔවුන් එකිනෙකා අතර යහපත් කටයුතු වල හා බියබැතිමත්කම ඇති කරන කටයුතු වල උපකාර කර ගැනීමටත් අවස්ථාන් හිමි වනු ඇත.

    එබැවින් සෑම හජ් වන්දනාකරුවෙකුම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉටු කර පෙන් වූවාක් මෙන් මිනා අරෆා මුස්දලිෆා නම් ස්ථානයන් හි රාත්‍රිය හා දහවල ගත කිරීම අනිවාර්යය වෙයි. තවාෆ් ඉටු කිරීම සඃයු ඉටු කිරීම අත්‍යවශ්‍ය කරුණක් ඉටු කර ගැනීම වැනි හේතූන් මත මිස හජ් කාලය තුළ එම ස්ථානයන් හි පිට වී යෑම නුසුදුසුය. එවන් සාධාරණීය හේතුන් මත පිට වුව ද තම අවශ්‍යතා අවසන් වූ වහාම යළි මිනාවට පැමිණිය යුතුයි.

    · අය්යාමුත් තෂ්රීක් දිනයන්හි ගල් විසි කිරීමේ වේලාව

    හජ් වන්දනාකරු මස්ජිදුල් හීෆ් හි සලාතය ඉටු කිරීමට පහසුකමක් ඇත්නම් පස්වේල සලාතයන් සමූහ වශයෙන් එම සලාතයන් එක් නොකොට කෙටි කර ඉටු කරයි. එසේ නොමැති නම් මිනාවෙ හි කවර ස්ථානයක හෝ වේවා සාමුහිකව සලාතය ඉටු කරයි.

    දහවල් කාලයෙන් පසු අය්යාමුත් තෂ්රීක් දිනයන් හි ගල් ගසන ස්ථාන වලට ගල් විසි කරයි. මිනාවෙ හි කවර ස්ථානයකින් වුව ද සෑම දිනකම ගල් කැට අහුලා ගනී.

    1- ගල් ගසන ස්ථාන වලට පහසුකමක් ඇත්නම් පා ගමනින් යෑම සුන්නාහ්වක් වේ. 11 වැනි දින දහවල් කාලයෙන් පසුව ජම්රතුල් උව්ලා හෙවත් මස්ජිදුල් හීෆ් අසල පිහිටි ප්‍රථම ගල් විසි කිරීමේ ස්ථානයට ගල් කැට හතක් එකිනෙක ගෙන විසි කරයි. ගල් කැට විසි කරන සෑම අවස්ථාවකම දකුණත ඔසවයි. කිබ්ලා දෙසට මුහුණ ලෑමට පහසුකමක් ඇත්නම් එසේ කිබ්ලා දෙසට මුහුණ ලා අල්ලාහු අක්බර් යැයි පවසමින් විසි කරයි.

    අවසන් වූ පසු තම දකුණු පැත්තෙන් මදක් හැරී දෙඅත් ඔසවා කිබ්ලා දෙසට මුහුණ ලා සිටි ගනී. තමන්ට හැකි පමණින් එහි සිට දීර්ඝ වේලාවක් ප්‍රාර්ථනාවෙ හි නිරත වෙයි.

    2- පසුව ජම්රතුල් වුස්තා හෙවත් මධ්‍යයේ පිහිටි ගල් ගැසීමේ ස්ථානයට ගමන් කරයි. එහිදී ද පෙර කී පරිදි ගල් කැට හතක් විසි කරයි. විසි කරන සෑම විටකම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසමින් දකුණත ඔසවා ගල් කැට විසි කරයි. පසුව ඉදිරියට මදක් ගොස් දෙඅත් ඔසවමින් ජම්රතුල් ඌලාවෙ හි කළ ප්‍රාර්ථනාවට වඩා අඩුවෙන් දීර්ඝ වේලාවක් සිට ප්‍රාර්ථනාවෙ හි නිරත වෙයි.

    3- පසුව ජම්රතුල් අක්බා වෙත ගමන් කර තම වමත මක්කා දෙසටත් දකුණත මිනා දෙසටත් පිහිටන සේ ඉඳ ගල් කැට හතක් විසි කරයි. එම ස්ථානයේ ප්‍රාර්ථනා සඳහා රැඳී නොසිටියි. මේ ආකාරයෙන් ගල් කැට 21ක් විසි කරනු ලැබේ.

    හේතු සහගත උදවිය මිනාවෙ හි රාත්‍රිය ගත නොකිරීමට හා දින දෙකක ගල් විසි කිරීම් එක් දිනක සිදු කිරීමට හෝ අය්යාමුත් තෂ්රීක් දක්වා එය ප්‍රමාද කිරීමට හෝ රාත්‍රියේ එය විසි කිරීමට හෝ අනුමැතිය ඇත.

    පසුව 11 වැනි දින සිදු කළාක් මෙන්ම 12 වැනි දින ද ඉටු කරයි. ඉහත කී පරිදිම එදින ද දහවල් කාලයෙන් පසුව ජම්රාත්වලට ගල් විසි කරයි.

    ජම්රාත් තුනටම පහළ මහලේ සිට ගල් විසි කිරීම සුන්නාහ් වේ. ඊට ඉහළින් ඇති මහල් වල සිට එසේ සිදු කිරීමට අනුමැතිය ඇත.

    · කෙනෙකු දින දෙකක් අවසන් කර කලින් පැමිණෙන්නට ප්‍රිය කරන්නේ නම් 12 වැනි දින හිරු අවරට යෑමට පෙර මිනාවෙන් පිටත් වෙයි.

    13 වැනි දින දක්වා ප්‍රමාද කළේ නම් ඔහු ඉහත කී පරිදි දහවල් කාලයෙන් පසු ජම්රාත්වලට ගල් ගසයි. එයයි වඩාත් උතුම් වනුයේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන්නේද එපරිද්දෙනි. ඉහත කී කරුණු වල දී කාන්තාව ද පිරිමියා මෙන්මය.

    එයත් සමඟ හජ් හි නැමදුම් හජ් වන්දනාකරු අවසන් කර ගනී.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එක් වතාවක් පමණක් හජ් ඉටු කර ඇත. එය හජ්ජතුල් විදා නම් සමු ගැනීමේ හජ් වන්දනාවයි. එහි එතුමාණන් නැමදුම් ඉටු කළහ. අල්ලාහ් වෙත ඇරයුම් කළහ. අල්ලාහ් වෙත කැඳවීමේ වගකීම තම සමූහයාට පැවරූහ.

    දහම සම්පූර්ණ වූයේ අරෆාවෙහි දීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ‘සහභාගී වූවන් සහභාගී නොවූවන්ට දන්වා සිටින්න‘ යනුවෙන් කළ ප්‍රකාශය අනුව යවුමුන් නහ්ර් හෙවත් අවුරුදු දින දහමෙ හි වගකීම සමාජයට පැවරූහ.

    · නැමදුම් ඉටු කළ පසු අල්ලාහ් ව අධිකව මෙනෙහි කිරීම

    සලාතය හජ් උපවාසය වැනි නැමදුම් ඉටු කිරීමෙන් පසුව එම නැමදුම් ඉටු කිරීමේ භාග්‍ය අල්ලාහ් මුස්ලිම්වරයාට ලබා දුන් හේතුවෙන් ඔහු අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කිරීමත් තම වගකීම පහසුවෙන් ඉටු කර ගැනීමට හැකිවීම හේතුවෙන් ඔහුට ප්‍රශංසා කිරීමත් එම නැමදුම් වල යම් අඩුපාඩු ඇති වන්නට ඉඩ ඇති හේතුවෙන් ඒ වෙනුවෙන් ඔහුගෙන් සමාව අයැදීමත් ආගමානුගත කර ඇත. කිසිවෙකුට තමන් කළ දෑ සම්පූර්ණ යැයි කිව නොහැක. ඉහත කී අයුරින් කටයුතු කිරීම තුළින් අල්ලාහ් එහි අඩු පාඩු සපුරා දෙනු ඇත.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ، وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ، أُولَئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا وَاللهُ سَرِيعُ الْحِسَابِ.

    නුඹලාගේ (හජ්) වන්දනාමාන අවසන් කළ පසු නුඹලාගේ මුතුන්මිත්තන් සිහිපත් කළ අයුරින් හෝ එයටත් වඩා දැඩි උනන්දුවෙන් අල්ලාහ්ව සිහිපත් කර පවසවු. අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙ හි (දෑ) ලබා දෙනු මැනව! යැයි අයදින අය ජනයින් අතුරින් සිටිති. ඔහුට මතුලොවෙ හි කිසිම කොටසක් නොමැත.

    තවද අපගේ පරමාධිපතියාණන් අපට මෙලොවෙ හි යහපත ද මතුලොවෙ හි යහපත ද ලබා දෙනු මැනව ! තවද (නිරා) ගින්නේ වේදනාවෙන් අපව ආරක්ෂා කරනු මැනව යැයි අයැදින අය ද ඔවුන් අතර සිටිති.

    ඔවුන්ටමය, තමන් උපයාගත් දැයින් (අල්ලාහ් ඔවුන්ට වෙන් කළ) කොටස හිමි වන්නේ. තවද අල්ලාහ් විනිශ්චය ඉක්මන් කරවන්නාය. (අල්-කුර්ආන් 2 : 200 – 202)

    13 වැනි දින දහවල් කාලයේ ගල් ගැසීමෙන් පසුව මිනාවෙන් පිටත් වෙයි. පහසුකමක් ඇත්නම් අබ්තහ් හි ආෆාක් නම් ස්ථානයට පැමිණීමත් එහි ලුහර් අසර් මග්රිබ් ඉෂා සලාතයන් ඉටු කර රාත්‍රියෙ හි මදක් රැඳී සිටීමත් සුන්නාහ්වකි.

    · තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆ් ඉටු කිරීමේ වේලාව

    හජ් වන්දනාකරු මක්කාහ් වැසියෙකු නොවේ නම් ඔහු මක්කාහ්වට පැමිණ තවාෆුල් විදා ඉටු කරයි. ඔසප් හෝ නිෆාස් කාන්තාවක් නම් ඔවුන් දෙපළ තවාෆුල් විදා ඉටු කිරීම අවශ්‍ය නොවේ. කෙනෙකු තවාෆුල් විදා ඉටු කළේ නම් ඔහු තම දේශය බලා පිටත් වෙයි. අල්ලාහ් අභිමත කළේ නම් පහසුකමක් ඇත්නම් zසම්zසම් ජලය ඔහුට රැගෙන යා හැක.

    ගල් ගැසීමෙන් පසු මිනාවෙන් පිටත් වී පසුව ලුහර් සලාතය ඉටු කර ඒ සමඟම තවාෆුල් විදා ඉටු කර පිටත්ව ගියේ නම් එයට අනුමැතිය ඇත.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ : أُمِرَ النَّاسُ أَنْ يَكُونَ آخِرُ عَهْدِهِمْ بِالْبَيْتِ إِلَّا أَنَّهُ خُفِّفَ عَنْ الْحَائِضِ (متفق عليه)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    ජනයා ඔවුන්ගේ (හජ්)කාලයේ අවසන් භාගය (අල්ලාහ්ගේ) නිවසෙ හි (කඃබතුල්ලාහ් හි) විය යුතු යැයි අණ කරනු ලැබූහ. නමුත් එය ඔසප් කාන්තාවට ලිහිල් කරන ලදී. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · තවාෆුල් විදා මඟ හැරීමෙහි නීතිය

    හජ් වන්දනාකරු තවාෆුල් ඉෆාලා හෙවත් හජ් හි තවාෆය ප්‍රමාද කොට ඔහු පිටත් වන අවස්ථාවෙ හි තවාෆුල් ඉෆාලා චේතනාවෙන් එම තවාෆය ඉටු කළේ නම් තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆයට ද ප්‍රමාණවත් වෙයි. එනමුත් ඔහු වඩාත් උතුම් දෙය අහිමි කර ගනියි. එනම් එය යවුමුන් නහ්ර් හෙවත් අවුරුදු දින තවාෆ් ඉටු කිරීමේ උතුම් භාවයයි.

    කෙනෙකු වෙත තවාෆුල් විදා අනිවාර්යය වී එය ඉටු කිරීමට මත්තෙන් ඔහු පිටත් ව ගියේ නම් නැවතත් පැමිණ තවාෆුල් විදා ඉටු කිරීම අනිවාර්යය වේ.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඉටු කළ හජ් හි ක්‍රමය

    عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَثَ تِسْعَ سِنِينَ لَمْ يَحُجَّ ثُمَّ أَذَّنَ فِي النَّاسِ فِي الْعَاشِرَةِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَاجٌّ فَقَدِمَ الْمَدِينَةَ بَشَرٌ كَثِيرٌ كُلُّهُمْ يَلْتَمِسُ أَنْ يَأْتَمَّ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَعْمَلَ مِثْلَ عَمَلِهِ فَخَرَجْنَا مَعَهُ حَتَّى أَتَيْنَا ذَا الْحُلَيْفَةِ فَوَلَدَتْ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ أَصْنَعُ

    ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හජ් නොකරම අවුරුදු නවයක් රැඳී සිටියහ. පසුව දහ වැනි වසරේ අල්ලාහ්ගේ දූතයාණන් හජ් කරන බව ජනයාට නිවේදනය කළහ. පසුව මිනිසුන් බොහෝමයක් මදීනාවට පැමිණියහ. ඔවුන් සියල්ලෝම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ව අනුගමනය කිරීම හා ඔහුගේ ක්‍රියාව මෙන්ම තමන් ද ඉටු කිරීම සම්බන්ධයෙන් දැඩිව පිළිපදින්නට සිතූහ. එබැවින් දුල් හුලෙයිෆා නම් ස්ථානයට පැමිණෙන තෙක් අපි එතුමාණන් සමඟ පිටත් ව ගියෙමු. අස්මා බින්ත් උමෙයිස් මුහම්මද් ඉබ්නු අබී බක්කර් ව ප්‍රසූත කළාය. එවිට තමන් එය (හජ්) ඉටු කළ යුත්තේ කෙසේදැයි දැන ගනු පිණිස අල්ලාහ්ගේ දූතයාණන් වෙත පණිවිඩයක් යැව්වාය.

    قَالَ "اغْتَسِلِي وَاسْتَثْفِرِي بِثَوْبٍ وَأَحْرِمِي" فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْمَسْجِدِ ثُمَّ رَكِبَ الْقَصْوَاءَ حَتَّى إِذَا اسْتَوَتْ بِهِ نَاقَتُهُ عَلَى الْبَيْدَاءِ نَظَرْتُ إِلَى مَدِّ بَصَرِي بَيْنَ يَدَيْهِ مِنْ رَاكِبٍ وَمَاشٍ وَعَنْ يَمِينِهِ مِثْلَ ذَلِكَ وَعَنْ يَسَارِهِ مِثْلَ ذَلِكَ وَمِنْ خَلْفِهِ مِثْلَ ذَلِكَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَظْهُرِنَا وَعَلَيْهِ يَنْزِلُ الْقُرْآنُ وَهُوَ يَعْرِفُ تَأْوِيلَهُ وَمَا عَمِلَ بِهِ مِنْ شَيْءٍ عَمِلْنَا بِهِ فَأَهَلَّ بِالتَّوْحِيدِ "لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ" وَأَهَلَّ النَّاسُ بِهَذَا الَّذِي يُهِلُّونَ بِهِ فَلَمْ يَرُدَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِمْ شَيْئًا مِنْهُ وَلَزِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَلْبِيَتَهُ

    ඔබ ස්නානය කරන්න. රෙඳි කඩකින් තදින් බැඳ ගන්න. පසුව ඉහ්රාම් චේතනාව තබන්න යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මස්ජිදයේ සලාතය ඉටු කළහ. කස්වා නම් වාහනයට නැග ගමන් අරඹා බයිදා නම් ස්ථානයට තම ඔටුවා පැමිණෙන තෙක් ප්‍රවාහනය කළහ. දෑසට පෙනෙන තෙක් මානයට ප්‍රවාහනිකයින් ද පදිකයින් ද සිටිනු මම දුටුවෙමි. එතුමාගේ දකුණු දෙසින් ද එලෙසම විය. එතුමාගේ වම් දෙසින් ද එලෙසම විය. එතුමාගේ පසුපසින් ද එලෙසම විය. අල්ලාහ්ගේ දූතයාණන් ද අප අතර වූහ. එතුමාණන් වෙත කුර්ආන් පහළ වෙමින් තිබිණි. එහි අදහස් ද අප කවර දෙයක් කළ යුත්තේ ද යන්න එතුමාණන් දැන සිටියහ. පසුව ඒකීය ප්‍රකාශය පැවසූහ. එනම්

    "لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ"

    තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි . ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්‍රශංසා ද භාග්‍යයන් ද පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත.

    ජනයා කවර දෙයක් ගෙන තහ්ලීල් පැවසිය යුත්තේ ද එයම ඔවුහු පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙයට වඩා වෙන කිසිවක් ඔවුනට නැවත නොපැවසුහ. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ එතුමාණන් පැවසූ තල්බියාව අනිවාර්යය කළහ.

    قَالَ جَابِرٌ رَضِيَ اللهُ عَنْهُ: لَسْنَا نَنْوِي إِلَّا الْحَجَّ لَسْنَا نَعْرِفُ الْعُمْرَةَ حَتَّى إِذَا أَتَيْنَا الْبَيْتَ مَعَهُ اسْتَلَمَ الرُّكْنَ فَرَمَلَ ثَلَاثًا وَمَشَى أَرْبَعًا ثُمَّ نَفَذَ إِلَى مَقَامِ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلَام فَقَرَأَ {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} فَجَعَلَ الْمَقَامَ بَيْنَهُ وَبَيْنَ الْبَيْتِ....

    ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසූහ. අපි හජ් හැර වෙන කිසිවක් චේතනා නොකළෙමු. එතුමාණන් සමඟ බයිතුල්ලාහ්ව වෙත පැමිණෙන තෙක් උම්රා කිරීමක් සම්බන්ධව ද නොදැන සිටියෙමු. එතුමාණන් එම රුක්න් වෙත පැමිණ වට තුනක් මද වේගයෙන් ද වට හතරක් ඇවිදිමින් ද තවාෆ් කළහ. පසුව ඉබ්‍රාහීම් අලෙයිහිස් සලාම් තුමාගේ ස්ථානයට ළඟා වූහ. එවිට وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى (ඉබ්‍රාහීම්ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගන්න) යන වැකිය පාරායනය කළහ. පසුව එම ස්ථානය එතුමාණන් හා බයිතුල්ලාහ්ව අතර පත් කළේය.

    ثُمَّ رَجَعَ إِلَى الرُّكْنِ فَاسْتَلَمَهُ ثُمَّ خَرَجَ مِنْ الْبَابِ إِلَى الصَّفَا فَلَمَّا دَنَا مِنْ الصَّفَا قَرَأَ {إِنَّ الصَّفَا والْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ} أَبْدَأُ بِمَا بَدَأَ اللهُ بِهِ

    පසුව රුක්න් වෙත නැවත පැමිණ එය ස්පර්ශ කර පසුව එම දොරටුවෙන් සෆා වෙත පිටත් ව ගියහ. සෆාවට ළංවනවාත් සමඟම "إِنَّ الصَّفَا والْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ" (සැබැවින්ම සෆා හා මර්වා අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි) යන වැකිය පාරායනය කර أَبْدَأُ بِمَا بَدَأَ اللهُ بِهِ (අල්ලාහ් කවර දෙයක් ගෙන ආරම්භ කළේ ද එය ගෙන මම ආරම්භ කරමි) යැයි පැවසූහ.

    فَبَدَأَ بِالصَّفَا فَرَقِيَ عَلَيْهِ حَتَّى رَأَى الْبَيْتَ فَاسْتَقْبَلَ الْقِبْلَةَ فَوَحَّدَ اللهَ وَكَبَّرَهُ وَقَالَ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ ثُمَّ دَعَا بَيْنَ ذَلِكَ قَالَ مِثْلَ هَذَا ثَلَاثَ مَرَّاتٍ

    පසුව සෆා කන්දෙන් ආරම්භ කළහ. බයිතුල්ලාහ් පෙනෙන තරමට ඒ මත නැග්ගහ. පසුව කිබ්ලා දෙසට මුහුණ ලා අල්ලාහ්ව එකීය භාවයට පත් කර ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කර මෙසේ පැවසූහ.

    لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ

    තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු එකීයය. ඔහුට සමාන කිසිවෙකු නොමැත. රාජ්‍ය බලය ඔහු සතුය. සියලු ප්‍රශංසා ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහුගේ ප්‍රතිඥාව ඔහු ඉටු කළේය. ඔහුගේ ගැත්තාට උපකාර කළේය. ඔහු තනිව සිට සතුරු සේනාවන් පරාජයට පත් කළේය.

    පසුව ඒ අතර ප්‍රාර්ථනා ද කළහ. මෙසේ තුන්වරක් එතුමාණෝ පැවසූහ.

    ثُمَّ نَزَلَ إِلَى الْمَرْوَةِ حَتَّى إِذَا انْصَبَّتْ قَدَمَاهُ فِي بَطْنِ الْوَادِي سَعَى، حَتَّى إِذَا صَعِدَتَا مَشَى حَتَّى أَتَى الْمَرْوَةَ فَفَعَلَ عَلَى الْمَرْوَةِ كَمَا فَعَلَ عَلَى الصَّفَا حَتَّى إِذَا كَانَ آخِرُ طَوَافِهِ عَلَى الْمَرْوَةِ فَقَالَ "لَوْ أَنِّي اسْتَقْبَلْتُ مِنْ أَمْرِي مَا اسْتَدْبَرْتُ لَمْ أَسُقْ الْهَدْيَ وَجَعَلْتُهَا عُمْرَةً" فَقَامَ سُرَاقَةُ بْنُ مَالِكِ بْنِ جُعْشُمٍ فَقَالَ: يَا رَسُولَ اللهِ أَلِعَامِنَا هَذَا أَمْ لِأَبَدٍ فَشَبَّكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَصَابِعَهُ وَاحِدَةً فِي الْأُخْرَى وَقَالَ "دَخَلَتْ الْعُمْرَةُ فِي الْحَجِّ مَرَّتَيْنِ لَا بَلْ لِأَبَدٍ أَبَدٍ"

    පසුව මර්වා වෙත බැස ගියහ. සආ මිටියාවත තුළ තම දෙපා රැඳුනි. අනතුරුව මර්වා දක්වා තම පාද නගින්නට විය. පසුව තම තවාෆය මර්වාවෙ හි අවසන් කරන තුරු සෆාවෙ හි සිදු කළාක් මෙන්ම මර්වාවෙහි ද ඉටු කළහ. පසුව මෙසේ ප්‍රකාශ කළහ. සැබැවින්ම මම මාගේ කරුණක් සම්බන්ධව ඉදිරිපත් වූයේ නම් එය මා පසුපසට නොතබමි. මම හද්යු ලබා නොදෙමි. එය මම උම්රාවක් බවට පත් කර ගතිමි.

    එවිට සුරාකා ඉබ්නු මාලික් බින් ජුඃෂුම් තුමා නැගී සිට අල්ලාහ්ගේ දූතයාණනි, අපගේ මෙම වසරෙහි පමණක් ද එසේ නොමැති නම් සදහටම ද යැයි විමසුවේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එතුමාණන්ගේ ඇඟිල්ලක් තවත් ඇඟිල්ලක අමුණා ගෙන මෙසේ පැවසූහ. උම්රාව දෙවතාවක් හජ් හි ප්‍රවේශ විය. නැත මෙය දිගින් දිගටමය.

    وَقَدِمَ عَلِيٌّ مِنْ الْيَمَنِ بِبُدْنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَجَدَ فَاطِمَةَ رَضِيَ اللهُ عَنْهَا مِمَّنْ حَلَّ وَلَبِسَتْ ثِيَابًا صَبِيغًا وَاكْتَحَلَتْ فَأَنْكَرَ ذَلِكَ عَلَيْهَا فَقَالَتْ إِنَّ أَبِي أَمَرَنِي بِهَذَا قَالَ فَكَانَ عَلِيٌّ يَقُولُ بِالْعِرَاقِ فَذَهَبْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُحَرِّشًا عَلَى فَاطِمَةَ لِلَّذِي صَنَعَتْ مُسْتَفْتِيًا لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا ذَكَرَتْ عَنْهُ فَأَخْبَرْتُهُ أَنِّي أَنْكَرْتُ ذَلِكَ عَلَيْهَا فَقَالَ صَدَقَتْ صَدَقَتْ مَاذَا قُلْتَ حِينَ فَرَضْتَ الْحَجَّ قَالَ قُلْتُ اللَّهُمَّ إِنِّي أُهِلُّ بِمَا أَهَلَّ بِهِ رَسُولُكَ قَالَ "فَإِنَّ مَعِيَ الْهَدْيَ فَلَا تَحِلُّ" قَالَ فَكَانَ جَمَاعَةُ الْهَدْيِ الَّذِي قَدِمَ بِهِ عَلِيٌّ مِنْ الْيَمَنِ وَالَّذِي أَتَى بِهِ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِائَةً قَالَ فَحَلَّ النَّاسُ كُلُّهُمْ وَقَصَّرُوا إِلَّا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَنْ كَانَ مَعَهُ هَدْيٌ

    අලී (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ඔටු පිට නැගී යමන් දේශයේ සිට පැමිණියහ. එවිට ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය ද ඉහ්රාමයෙන් ඉවත් වූ අය අතුරින් සිටිනු ඔහු දුටුවේය. ඇය වර්ණවත් ඇඳුමක් ඇඳ දෑසට සුරුමා ගල්වා සිටියාය. එවිට එතුමා ඒ සම්බන්ධ ව අප්‍රසාදය පළ කර සිටියහ.

    එවිට ඇය සැබැවින්ම මාගේ පියාණන් මට මෙසේ අණ කළහැයි පැවසුවාය.

    ජාබිර් (රළියල්ලාහ් අන්හු) තුමා තව දුරටත්..

    අලී (රළියල්ලාහු අන්හු) තුමා ඉරාකයේ සිටිය දී මෙසේ පැවසීය. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත ෆාතිමා තුමිය එතුමාණන්ගේ නියෝගය පරිදි කටයුතු කළ දෑ සම්බන්ධයෙන් විමසන්නට ගියෙමි. එවිට ඇය එසේ කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කර සිටියහ. එවිට එතුමාණෝ ඇය සත්‍ය ප්‍රකාශ කළාය. ඇය සත්‍ය ප්‍රකාශ කළාය යැයි පැවසූහ. ජාබිර් තුමා, ඔබට හජ් අනිවාර්යය වන විට ඔබ කුමක් පැවසුවෙහි ද? මම යා ! අල්ලාහ් ඔබේ රසූල්වරයා කවර දෙයක් චේතනා කළේ ද එයම මමත් චේතනා කරමි යැයි පැවසුවෙමි. එවිට සැබැවින්ම මා සතුව හද්යු ඇත. එබැවින් ඔබ ඉහ්රාමයෙන් ඉවත් නොවන්න. යමන් දේශයේ සිට අලී (රලියල්ලාහු අන්හු) තුමාණන් ගෙන ආ හද්යු වලට නියම වූ පිරිස ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ දෑ ද සියල්ල සියයක් විය.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හා කවරෙකු හද්යු ලබා දිය යුත්තේ ද ඔවුන් හැර සෙසු සියලුම ජනයා ඉහ්රාමයෙන් ඉවත් වී හිසකෙස් කොට කර ගත්තෝය.

    فَلَمَّا كَانَ يَوْمُ التَّرْوِيَةِ تَوَجَّهُوا إِلَى مِنًى فَأَهَلُّوا بِالْحَجِّ وَرَكِبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى بِهَا الظُّهْرَ وَالْعَصْرَ وَالْمَغْرِبَ وَالْعِشَاءَ وَالْفَجْرَ ثُمَّ مَكَثَ قَلِيلًا حَتَّى طَلَعَتْ الشَّمْسُ وَأَمَرَ بِقُبَّةٍ مِنْ شَعَرٍ تُضْرَبُ لَهُ بِنَمِرَةَ فَسَارَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَا تَشُكُّ قُرَيْشٌ إِلَّا أَنَّهُ وَاقِفٌ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ كَمَا كَانَتْ قُرَيْشٌ تَصْنَعُ فِي الْجَاهِلِيَّةِ فَأَجَازَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَى عَرَفَةَ فَوَجَدَ الْقُبَّةَ قَدْ ضُرِبَتْ لَهُ بِنَمِرَةَ فَنَزَلَ بِهَا حَتَّى إِذَا زَاغَتْ الشَّمْسُ أَمَرَ بِالْقَصْوَاءِ فَرُحِلَتْ لَهُ فَأَتَى بَطْنَ الْوَادِي فَخَطَبَ النَّاسَ وَقَالَ إِنَّ دِمَاءَكُمْ وَأَمْوَالَكُمْ حَرَامٌ عَلَيْكُمْ كَحُرْمَةِ يَوْمِكُمْ هَذَا فِي شَهْرِكُمْ هَذَا فِي بَلَدِكُمْ هَذَا أَلَا كُلُّ شَيْءٍ مِنْ أَمْرِ الْجَاهِلِيَّةِ تَحْتَ قَدَمَيَّ مَوْضُوعٌ وَدِمَاءُ الْجَاهِلِيَّةِ مَوْضُوعَةٌ وَإِنَّ أَوَّلَ دَمٍ أَضَعُ مِنْ دِمَائِنَا دَمُ ابْنِ رَبِيعَةَ بْنِ الْحَارِثِ كَانَ مُسْتَرْضِعًا فِي بَنِي سَعْدٍ فَقَتَلَتْهُ هُذَيْلٌ وَرِبَا الْجَاهِلِيَّةِ مَوْضُوعٌ وَأَوَّلُ رِبًا أَضَعُ رِبَانَا رِبَا عَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ فَإِنَّهُ مَوْضُوعٌ كُلُّهُ فَاتَّقُوا اللَّهَ فِي النِّسَاءِ فَإِنَّكُمْ أَخَذْتُمُوهُنَّ بِأَمَانِ اللهِ وَاسْتَحْلَلْتُمْ فُرُوجَهُنَّ بِكَلِمَةِ اللَّهِ وَلَكُمْ عَلَيْهِنَّ أَنْ لَا يُوطِئْنَ فُرُشَكُمْ أَحَدًا تَكْرَهُونَهُ فَإِنْ فَعَلْنَ ذَلِكَ فَاضْرِبُوهُنَّ ضَرْبًا غَيْرَ مُبَرِّحٍ وَلَهُنَّ عَلَيْكُمْ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ وَقَدْ تَرَكْتُ فِيكُمْ مَا لَنْ تَضِلُّوا بَعْدَهُ إِنْ اعْتَصَمْتُمْ بِهِ كِتَابُ اللَّهِ وَأَنْتُمْ تُسْأَلُونَ عَنِّي فَمَا أَنْتُمْ قَائِلُونَ قَالُوا نَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ وَأَدَّيْتَ وَنَصَحْتَ فَقَالَ بِإِصْبَعِهِ السَّبَّابَةِ يَرْفَعُهَا إِلَى السَّمَاءِ وَيَنْكُتُهَا إِلَى النَّاسِ اللَّهُمَّ اشْهَدْ اللَّهُمَّ اشْهَدْ ثَلَاثَ مَرَّاتٍ

    අවුරුදු දිනය වූ විට මිනා දෙසට සියල්ල ගියහ. පසුව හජ් සඳහා තල්බියා තැබුවෝය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ද ඒ වෙත ප්‍රවාහනය කර එහි දී ලුහර් අසර් මග්රිබ් ඉෂා හා ෆජ්ර් සලාතයන් ඉටු කළහ. පසුව හිරු උදාවන තුරු මදක් රැඳී සිටියහ. තවද නමිරා නම් ස්ථානයේ ලොම් කූඩාරම් බැඳ ගන්නා මෙන් නියෝග කර අල්ලාහ්ගේ දූතයාණන් ගමන් කළහ. අඥාන යුගයේ කුරෙයිෂ්වරු සිදු කළාක් මෙන් මෂ්අරිල් හරාම් නම් ස්ථානයේ එතුමාණන් රැඳී සිටීවි යැයි සිතූහ. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් එය තරණය කරමින් අරෆා වෙත පැමිණියහ. නමිරා නම් ස්ථානයේ ඉදි කළ කූඩාරම් දුටුහ. එහි පිවිස හිරු මුදුණින් අවරට යන තෙක් නැවතී සිටියහ. පසුව කස්වා නම් ඔටුවා ගෙන එන මෙන් අණ කළහ. එතුමාණන් ප්‍රවාහනය කිරීම පිණිස එතුමා වෙත ඌ ගෙන එන ලදී. පසුව මිටියාවත මධ්‍යයට පැමිණ ජනයාට දේශනාවක් පැවැත් වූහ. එහි දී එතුමා

    සැබැවින්ම ඔබගේ ප්‍රාණයත් ඔබගේ දේපළත් මෙම දිනයේ මෙම මාසයේ මෙම නගරයේ ඔබට තහනම් මෙන්ම තහනම් වෙයි. දැන ගන්න. අඥාන කාලයේ තිබුණු සියලු කටයුතු මාගේ දෙපා මත තබන ලදී.

    අඥාන යුගයේ ප්‍රාණ ඝාතන මාගේ දෙපා මත තබන ලදී. ප්‍රාණ ඝාතනයන්ගෙන් අහකට තබනු ලැබූ ප්‍රථම ප්‍රාණ ඝාතනය බනූ සඃද් ගොත්‍රයේ හැදුනු වැඩුණු ඉබ්නු රබීආ ඉබ්නු අල්හාරිස්ය. හුසෙයිල් ඔහුව ඝාතනය කළේය.

    අඥාන යුගයේ පොලිය ද (මාගේ පාදය යට) තබන ලදී. අහකට දමන ලද අපගේ පොලී අතුරින් මුල්ම පොලිය වනුයේ අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ්ගේ පොලියයි. එය සම්පූර්ණයෙන්ම අහකට දමන ලදී.

    එමෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් අල්ලාහ්ට බියබැතිමත් වන්න. හේතුව අල්ලාහ්ට දුන් ප්‍රතිඥාවන් අනුව නුඹලා ඔවුන්ව සතු කර ගත්තෙහුය. අල්ලාහ්ගේ වදන් තුළින් ඔවුන්ගේ පහස අනුමත කර ගත්තෙහුය. ඔබ වෙනුවෙන් ඔවුන් කෙරෙහි වූ වගකීම වනුයේ ඔබගේ නිදි යහනෙහි වෙන කිසිවෙකුට පහස විඳීමට ඉඩ නොදීමයි. ඔබ එය පිළිකුල් කරන්නෙහිය.

    එමෙන්ම ඔවුන් වෙනුවෙන් ඔබගේ යුතුකම වනුයේ ඔවුන්ගේ ආහාරය. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් නිසි අයුරින් ලබා දීමයි. ඔබ අතර මම කරුණක් අත හැර යමි. එය ඔබ තදින් ග්‍රහණය කර ගන්නෙහු නම් ඉන් පසුව ඔබ නොමඟ නොයන්නේමය. ඔබ සැම මගෙන් විමසන්නෙහුය. නමුත් ඔබ කිසිවක් නොපවසන්නෙහුය.

    (එවිට) ඔවුහු සැබැවින්ම අපට දන්වා සිටි බවටත් ඔබ (ඔබගේ වගකීම) ඉටු කළ බවටත් (ඒ ගැන) ඔබ උපදෙස් දුන් බවටත් අපි සාක්ෂි දරන්නෙමු. යැයි පැවසුවෝය.

    එවිට එතුමා තම දඹරැගිල්ල අහස දෙසට ඔසවා පසුව එය ජනයා වෙත හරවා, යා ! අල්ලාහ්, සාක්ෂි දරනු මැනව ! යා ! අල්ලාහ්, සාක්ෂි දරනු මැනව ! යැයි තුන් වරක් පවසා සිටියහ.

    ثُمَّ أَذَّنَ ثُمَّ أَقَامَ فَصَلَّى الظُّهْرَ ثُمَّ أَقَامَ فَصَلَّى الْعَصْرَ وَلَمْ يُصَلِّ بَيْنَهُمَا شَيْئًا ثُمَّ رَكِبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَى الْمَوْقِفَ فَجَعَلَ بَطْنَ نَاقَتِهِ الْقَصْوَاءِ إِلَى الصَّخَرَاتِ وَجَعَلَ حَبْلَ الْمُشَاةِ بَيْنَ يَدَيْهِ وَاسْتَقْبَلَ الْقِبْلَةَ فَلَمْ يَزَلْ وَاقِفًا حَتَّى غَرَبَتْ الشَّمْسُ وَذَهَبَتْ الصُّفْرَةُ قَلِيلًا حَتَّى غَابَ الْقُرْصُ وَأَرْدَفَ أُسَامَةَ خَلْفَهُ وَدَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ شَنَقَ لِلْقَصْوَاءِ الزِّمَامَ حَتَّى إِنَّ رَأْسَهَا لَيُصِيبُ مَوْرِكَ رَحْلِهِ وَيَقُولُ بِيَدِهِ الْيُمْنَى أَيُّهَا النَّاسُ السَّكِينَةَ السَّكِينَةَ كُلَّمَا أَتَى حَبْلًا مِنْ الْحِبَالِ أَرْخَى لَهَا قَلِيلًا حَتَّى تَصْعَدَ حَتَّى أَتَى الْمُزْدَلِفَةَ

    පසුව අදාන් හා ඉකාමත් පවසා ලුහර් සලාතය ඉටු කළහ. පසුව ඉකාමත් පවසා අසර් සලාතය ඉටු කළහ. ඒ දෙක අතර අමතර කිසිදු සලාතයක් ඉටු කළේ නැත.

    පසුව අල්ලාහ්ගේ දූතයාණෝ වාහනයට නැග නවාතැන් ගැනීමේ ස්ථානය දක්වා පැමිණියහ. කස්වා නම් එතුමාණන්ගේ ඔටු දෙන ගල් ගැට මත තැබූහ. පාගමනින් ආ පිරිස් ද එතුමාණන් ඉදිරියේ තැබූහ. එතුමාණෝ කිබ්ලාවට මුහුණ ලෑහ. හිරු අවරට යන තෙක් එහි රැඳී සිටීමෙන් ඉවත් නොවූහ. ක්‍රමයෙන් එහි කහ රැස් පහව ගියේය. හිරුගේ ගොලය ද අවරට යන්නට විය. උසාමා ඔහු පසුපසින් විය. අල්ලාහ්ගේ දූතයාණන් එතැනින් පිටත් වූහ. කස්වා නම් ඔටුවාට කඩිවාලම දැමූහ. උගේ හිස පහත්වී ප්‍රවාහන අසුන නගින්නට තරම් ළඟා විය. තම දකුණතට හැරී අහෝ ජනයිනි, සන්සුන්වන්න, සන්සුන් වන්නැයි පවසා සිටියහ. වැලි වැටි අතුරින් වැලි වැටියකට පැමිණෙන සෑම මොහොතකම එහි නැග මදක් විවේක ගත්හ. මුස්දලිෆාවට පැමිණෙන තෙක්ම එසේ සිදු විය.

    فَصَلَّى بِهَا الْمَغْرِبَ وَالْعِشَاءَ بِأَذَانٍ وَاحِدٍ وَإِقَامَتَيْنِ وَلَمْ يُسَبِّحْ بَيْنَهُمَا شَيْئًا ثُمَّ اضْطَجَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى طَلَعَ الْفَجْرُ وَصَلَّى الْفَجْرَ حِينَ تَبَيَّنَ لَهُ الصُّبْحُ بِأَذَانٍ وَإِقَامَةٍ ثُمَّ رَكِبَ الْقَصْوَاءَ حَتَّى أَتَى الْمَشْعَرَ الْحَرَامَ فَاسْتَقْبَلَ الْقِبْلَةَ فَدَعَاهُ وَكَبَّرَهُ وَهَلَّلَهُ وَوَحَّدَهُ فَلَمْ يَزَلْ وَاقِفًا حَتَّى أَسْفَرَ جِدًّا فَدَفَعَ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ وَأَرْدَفَ الْفَضْلَ بْنَ عَبَّاسٍ وَكَانَ رَجُلًا حَسَنَ الشَّعْرِ أَبْيَضَ وَسِيمًا فَلَمَّا دَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّتْ بِهِ ظُعُنٌ يَجْرِينَ فَطَفِقَ الْفَضْلُ يَنْظُرُ إِلَيْهِنَّ فَوَضَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ عَلَى وَجْهِ الْفَضْلِ فَحَوَّلَ الْفَضْلُ وَجْهَهُ إِلَى الشِّقِّ الْآخَرِ يَنْظُرُ فَحَوَّلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ مِنْ الشِّقِّ الْآخَرِ عَلَى وَجْهِ الْفَضْلِ يَصْرِفُ وَجْهَهُ مِنْ الشِّقِّ الْآخَرِ يَنْظُرُ حَتَّى أَتَى بَطْنَ مُحَسِّرٍ فَحَرَّكَ قَلِيلًا

    පසුව එක් අදානයක් හා ඉකාමත් දෙකකින් මග්රිබ් හා ඉෂා සලාතයන් ඉටු කළහ. ඒ දෙක අතර කිසිදු තස්බීහයක් නොකළහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ අලුයම උදාවන තුරු එහි හාන්සි වූහ. අලුයම උදා වූ පසු එක් අදාන් හා ඉකාමත් පවසා සුබ්හු සලාතය ඉටු කළහ.

    පසුව මෂ්අරිල් හරාම් නම් ස්ථානයට පැමිණෙන තෙක් කස්වා නම් වාහනයේ නැග ගමන් ගත්හ. පසුව කිබ්ලා දෙසට මුහුණ ලා ප්‍රාර්ථනා කළහ තක්බීර් පැවසූහ. තහ්ලීල් පැවසූහ. තව්හීද් පැවසූහ. අහස හොඳින් කහ ගැන්වෙන තෙක් එහි රැඳී සිටීමෙන් ඉවත් නොවූහ. පසුව හිරු උදාවට පෙර එතැණින් පිටත් වූහ.

    එතුමාණන්ට පසුපසින් ෆළ්ල් ඉබ්නු අබ්බාස් විය. ඔහු අලංකාර සුදු හිස කෙස් සහිත කඩවසම් පුද්ගලයෙකු විය. ඒ අසලින් කාන්තාවන් පිරිසක් ගමන් ගන්නා ඔටු රැලක් ගමන් ගත්හ. ෆළ්ල් ඔවුන් දෙස බලන්නට විය. අල්ලාහ්ගේ දූතයාණෝ ෆළ්ල්ගේ මුහුණට තම අත තබා ඔහුගේ මුහුණ අනෙක් පැත්ත බලන සේ හැරවූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ෆළ්ල්ගේ මුහුණෙහි අනෙක් පැත්තට අත දමා ඔහුගේ මුහුණ තවත් පැත්තක් බලන සේ හැරවූහ. මුහස්සිර් මධ්‍යයට පැමිණෙන තෙක් එසේ සිදු කළහ. පසුව මදක් ගමන් කළේය.

    ثُمَّ سَلَكَ الطَّرِيقَ الْوُسْطَى الَّتِي تَخْرُجُ عَلَى الْجَمْرَةِ الْكُبْرَى حَتَّى أَتَى الْجَمْرَةَ الَّتِي عِنْدَ الشَّجَرَةِ فَرَمَاهَا بِسَبْعِ حَصَيَاتٍ يُكَبِّرُ مَعَ كُلِّ حَصَاةٍ مِنْهَا مِثْلِ حَصَى الْخَذْفِ رَمَى مِنْ بَطْنِ الْوَادِي ثُمَّ انْصَرَفَ إِلَى الْمَنْحَرِ فَنَحَرَ ثَلَاثًا وَسِتِّينَ بِيَدِهِ ثُمَّ أَعْطَى عَلِيًّا فَنَحَرَ مَا غَبَرَ وَأَشْرَكَهُ فِي هَدْيِهِ ثُمَّ أَمَرَ مِنْ كُلِّ بَدَنَةٍ بِبَضْعَةٍ فَجُعِلَتْ فِي قِدْرٍ فَطُبِخَتْ فَأَكَلَا مِنْ لَحْمِهَا وَشَرِبَا مِنْ مَرَقِهَا

    පසුව ජම්රතුල් කුබ්රා නම් ගල් ගසන ස්ථානය පිහිටා ඇති මැද මාර්ගයේ ගස අසල පිහිටා ඇති ජම්රාව දක්වා ගමන් ගත්හ. පසුව එයට ගල් හතක් විසි කළහ. සෑම ගල් කැටයක් සමඟම තක්බීර් පැවසූහ. එම ගල් කඩල ඇට තරම් විය. එම මිටියාවතෙ හි සිට ගල් විසි කළහ.

    පසුව සතුන් කැප කිරීමේ ස්ථානයට හැරී ගොස් තම දෑතින්ම ඔටුවන් 63ක් කැප කළහ. පසුව අලී තුමාට භාර දුන්හ. ඉතිරිය එතුමා කපා හැරියහ. ඔහුගේ හද්යාවෙ හි එය එක් කළහ. පසුව සෑම ඔටුවෙකුගේම කොටසක් ගෙන භාජනයක දමන මෙන් නියෝග කළහ. පසුව එය පිසන ලදී. දෙදෙනාම එහි මාංශ අනුභව කළ අතර එහි හොදි ද පානය කළහ.

    ثُمَّ رَكِبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَفَاضَ إِلَى الْبَيْتِ فَصَلَّى بِمَكَّةَ الظُّهْرَ فَأَتَى بَنِي عَبْدِ الْمُطَّلِبِ يَسْقُونَ عَلَى زَمْزَمَ فَقَالَ انْزِعُوا بَنِي عَبْدِ الْمُطَّلِبِ فَلَوْلَا أَنْ يَغْلِبَكُمْ النَّاسُ عَلَى سِقَايَتِكُمْ لَنَزَعْتُ مَعَكُمْ فَنَاوَلُوهُ دَلْوًا فَشَرِبَ مِنْهُ. (أخرجه مسلم)

    පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රවාහනය කළහ. බයිතුල්ලාහ් වෙතට පැමිණියහ. මක්කාහ්වේ ලුහර් සලාතය ඉටු කළහ. අබ්දුල් මුත්තලිබ්ගේ දරුවන් zසම් zසම් වතුර සපයන්නට පැමිණියෝය. එවිට එතුමා අබ්දුල් මුත්තලිබ් ගේ දරුවන්ට (ජලය සැපයීමට ඉඩ දී) නුඹලා ඉවත් වන්න. නුඹලා ජලය සැපයීම සම්බන්ධව ජනයා නුඹලාව අබිබවා නොයන්නේ නම් නුඹලා සමඟ මම ද සපයන්නෙමි යැයි පැවසූහ. පසුව ඔවුන් භාජනයක් පිළිගැන් වූහ. එයින් එතුමා පානය කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

    මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී

    9 - හජ් උම්රාවෙහි නීතිරීති

    10- හද්යු හා උල්හිය්යා

    11- හජ් හා උම්රාවෙ හි ගමන

    9 - හජ් උම්රාවෙහි නීතිරීති

    · හජ් හි අර්කාන් හෙවත් කුලුනු.

    ඉහ්රාම් නිය්යත් තැබීම..... අරෆාවෙ හි රැඳී සිටීම ..... තවාෆ් ඉටු කිරීම..... සඃයු ඉටු කිරීම.

    · හජ් හි වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු

    තමන්ට අදාළ නියමිත සීමාවෙ හි ඉහ්රාම් තැබීම ජලය සැපයීම ආරක්ෂාව වැනි කටයුතු වල නිරත වන්නන් හැර අයියාමුත් තෂ්රීක් දිනයන් හි මිනාවෙ හි නවාතැන් ගැනීම අවුරුදු දින රාත්‍රියෙ හි මුස්දලිවාවෙ හි රාත්‍රිය ගත කිරීම එසේ නොමැතිනම් රාත්‍රියෙන් වැඩි හරියක් දුර්වලතාවන්ගෙන් පෙළන අය ගත කිරීම ගල් විසි කිරීම හිස මුඩු කිරීම හෝ කොට කිරීම. මක්කාහ්වෙන් පිට වන විට මක්කාහ් වැසියන් හැර සෙසු අය තවාෆුල් විදා නම් සමුගැනීමේ තවාෆය ඉටු කිරීම.

    · වන්දනාමාන අතුරින් යමක් පැහැර හරින්නාට සතු නීතිය

    1- කවරෙකු ඉහ්රාම් තැබීම අතහැරියේ ද ඔහුගේ නැමදුම් එමගින් මිස ඉටු නොවේ. කවරෙකු හජ් හෝ උම්රාවෙ හි අර්කාන් හෙවත් කුලුනු වලින් එකක් අතහරින්නේ ද එමගින් මිස ඔහුගේ නැමදුම් එමගින් මිස ඉටු නොවේ.

    2- හජ් හෝ උම්රාවෙ හි වාජිබාත් අතුරින් එක් වාජිබයක් -අනිවාර්යය දෙයක්- උවමනාවෙන්ම නීතිය පිළිබඳ දැන දැනම අතහරින්නේ ද එවිට ඔහු පාපියෙකු වෙයි. හේතුව ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ගේ ක්‍රියාවන්ටත් එතුමාණන්ගේ අණටත් පටහැණිව කටයුතු කර ඇති හෙයින්ය. ඔහුගේ නැමදුම් අසම්පූර්ණ ය. පිළිගනු ලැබූවක් නොවේ. නමුත් යම් කිසි සාධාරණ හේතුවක් මත එය අතහරින්නේ ද අල්-කුර්ආන් හි සඳහන් පරිදි ඔහු ෆිද්යා ලබා දීමේ වගකීම ඔහු මත පැන වෙයි.

    තවද කවරෙකු සුන්නාහ්වක් පැහැර හරින්නේ ද ඒ වෙනුවෙන් කිසිදු වන්දියක් දිය යුතු නැත. නමුත් ඔහු එහි මහිමය අහිමි කර ගත්තේය. සුන්නත් යනු රුක්න් හා වාජිබ් නොවන දෑය. එය වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ විය හැක.

    · අවුරුදු දින නැමදුම් ඉටු කිරීමේ ක්‍රමය

    හජ් වන්දනාකරු අවුරුදු දින එනම් දුල් හජ් මස 10 වැනි දින තම ක්‍රියාවන් පහත සඳහන් පරිදි පිළිවෙළට සකස් කර ගැනීම වඩාත් උචිතය එනම් අකබාවන්ට ගල් ගැසීම හද්යු හෙවත් සත්ව කැප කිරීම පසුව හිස මුඩු කිරීම හෝ කොට කිරීම පසුව තවාෆ් කිරීම පසුව සඃයු කිරීම.

    මෙයයි සුන්නාහ් ක්‍රමය වනුයේ. මේවායෙ හි පිළිවෙළ වෙනස් වූයේ නම් එහි වරදක් නොමැත. උදාහරණ වශයෙන් කෙනෙකු හද්යු ලබා දීමට පෙර හිස මුඩු කිරීම ගල් ගැසීමට පෙර තවාෆ් කිරීම වැනි අවුරුදු දින කරන ක්‍රියාවන් අතුරින් පෙන්වා දිය හැක.

    අවුරුදු දින හෝ අය්යාමුත් තෂ්රීක් දිනයන් හි හජ් වන්දනාකරු උම්රා ඉටු කිරීම හෝ එය නැවත නැවතත් කිරීම හෝ ආගමානුගත කරනු නොලැබූවකි. තම වන්දනාමාන සම්පූර්ණ වන තෙක් අවසන් වන තෙක් සෙසු හජ් වන්දනාකරුවන් සමඟ හජ් වන්දනාකරු රැඳී සිටිය යුතුය.

    සත්ව කැප කිරීමේ වේලාව අය්යාමුත් තෂ්රීක් හි අවසන් දින එනම් දුල් හජ් මස 13 වැනි දින හිරු අවරට යන තෙක් දීර්ඝ වෙයි.

    عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَفَ فِي حَجَّةِ الْوَدَاعِ بِمِنًى لِلنَّاسِ يَسْأَلُونَهُ فَجَاءَهُ رَجُلٌ فَقَالَ "لَمْ أَشْعُرْ فَحَلَقْتُ قَبْلَ أَنْ أَذْبَحَ" فَقَالَ "اذْبَحْ وَلَا حَرَجَ" فَجَاءَ آخَرُ فَقَالَ "لَمْ أَشْعُرْ فَنَحَرْتُ قَبْلَ أَنْ أَرْمِيَ" قَالَ "ارْمِ وَلَا حَرَجَ" فَمَا سُئِلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ شَيْءٍ قُدِّمَ وَلَا أُخِّرَ إِلَّا قَالَ "افْعَلْ وَلَا حَرَجَ" (متفق عليه)

    අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හජ්ජතුල් විදා හෙවත් සමුගැනීමේ හජ් හි මිනාවෙ හි රැඳී සිටියහ. එවිට ජනයා එතුමාණන්ගෙන් ප්‍රශ්න ඇසූහ. මිනිසෙකු එතුමාණන් වෙත පැමිණ. මම නොදැන සිටියෙමි. සත්ව කැප කිරීමට පෙර මම හිස මුඩු කර ගත්තෙමි යැයි පවසා සිටියේය. එවිට එතුමා ඔබ සත්වයා කැප කරනු. එහි වරදක් නොවන්නේ යැයි පැවසූහ. පසුව තවත් කෙනෙකු පැමිණ මම නොදැන සිටියෙමි. ගල් විසි කිරීමට පෙර මම සත්ව කැපකිරීම ඉටු කළෙමි යැයි පවසා සිටියේය. එවිට එතුමා ඔබ ගල් (දැන්) විසි කරනු. වරදක් නොවන්නේ යැයි පැවසූහ. පෙර හෝ පසු සිදු කළ යමක් එතුමාණන්ගෙන් විමසනු ලැබූ විට එතුමාණන් කරනු. එහි වරදක් නොමැත්තේ යැයි පැවසුවා මිස නැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · තවාෆ් කිරීමට පෙර සඃයු ඉටු කිරීමේ නීතිය

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ උම්රා හා හජ් යන සියලු වන්දනාමානයන් හි තවාෆ් ඉටු කර පසුව සෆා හා මර්වා අතර සඃයු කර ඇත්තාහ. එබැවින් පොදුවේ තවාෆ් කිරීමට පෙර සඃයු ඉටු කිරීම සුදුසු නොවේ. එය හජ් හි සඃයු හෝ වේවා උම්රාවෙ හි සඃයු හෝ වේවා නීතිය එකමය.

    · මුස්දලිෆාවට යෑමට බාධා කරනු ලැබූ අයගේ හජ් හි නීතිය

    හජ් වන්දනාකරු අරෆාවෙ හි සිට මුස්දලිෆාවට ගමන් කරන විට තදබල සෙනඟක් හේතුවෙන් හෝ එවැනි යම් කිසි හේතුවක් මත හෝ වළක්වනු ලැබ ඉෂා සලාතයේ වේලාව ද නික්ම යනු ඇතැයි බිය වූ විටක එම සලාතය එන මාර්ගයේම ඉටු කරයි. මුස්දලිෆාවට පිවිසීමට නොහැකිව වළක්වනු ලැබ ෆජ්ර් උදාවීමෙන් පසුව හෝ හිරු උදා වීමෙන් පසුව මිස සලාතය ඉටු නොකළේ නම් මුස්දලිෆාවෙ හි මදක් රැඳී සිට පසුව මිනා දෙසට ගමන් කරයි එය පාපයක් නොවේ. ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු ද නැත. ඔහුගේ හජ් වන්දනාව නිවැරදිය.

    · මිනාවෙ හි නවාතැන් ගැනීමේ නීතිය

    අයියාමුත් තෂ්රීක් යන දිනයන් හි හජ් වන්දනාකරුවන් යම් කිසි අත්‍යවශ්‍ය හේතුවක් මත හෝ නැමදුමක් ඉටු කිරීමේ හේතුවක් මත හෝ මිස මිනාවෙන් බැහැර ට නොයා එහි රාත්‍රිය ගත කිරීමත් දහවල් කාලයේ රැඳී සිටීමත් අනිවාර්යය වේ.

    අධීක්ෂකයින් හජ් වන්දනාකරුවන්ගේ සුබ සාධනය සඳහා නිරත වන ආරක්ෂාව සපයන්නන් ගිනි නිවන හමුදාවන් වෛද්‍යවරුන් වැනි අය මිනාවෙ හි නවාතැන් ගත යුතු දිනයන් හි ඉන් යම් කිසි අවශ්‍යතාවක් ඇති වූ විටක එසේ මිනාවෙන් පිටත නවාතැන් ගැනීමට අනුමැතිය ඇත. ඔවුන් කෙරෙහි ෆිද්යා ලබා දීමක් අවශ්‍ය නොවේ.

    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    فَاتَّقُوا اللهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنْفِقُوا خَيْرًا لِأَنْفُسِكُمْ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ

    නුඹලාගේ ශක්තියට අනුව නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සවන් දෙවු. අවනත වවු. තවද (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරවු. (එය) නුඹලාට යහපත් වන්නේය. තවද කවරෙකු තම හදවතෙ හි ඇති මසුරුකමින් ආරක්ෂා කර ගනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ. (අල්-කුර්ආන් 64:16)

    අය්යාමුත් තෂ්රීක් දිනයන් හි ගල් ගැසීමේ නීතිය

    1- අවුරුදු දින සියලුම ගල් ගැසීම් දහවල් කාලයෙන් පසුව සිදු විය යුතුයි. කවරෙකු දහවල් කාලයට පෙර ගල් ගසන්නේ ද දහවලෙන් පසුව නැවතත් ගල් විසි කිරීම අනිවාර්යය වෙයි. ඔහු එසේ නැවත ඉටු නොකරම 13 වැනි දින හිරු ද අවරට ගොස් ඇත්නම් ඔහු පාපියෙකු වෙයි. ඔහු තව්බා කළ යුතුයි. ගල් ගැසීමේ වේලාව නිමා වී ඇති බැවින් නැවත ගල් ගැසීමක් අවශ්‍යය නොවේ. ඔහුගේ නැමදුම නිවැරදිය. නමුත් එහි පූර්ණත්වයත් නොමැති අඩු පාඩු සහිත හජ් වන්දනාවක් වෙයි.

    අයියාමුත් තෂ්රීක් දිනයන් හි හජ් වන්දනාකරු ගල් විසි කරන සෑම දිනයකම දහවල් කාලයෙන් පසුව ක්‍රමානුකූලව ගල් විසි කළ යුතුය. එනම් ප්‍රථමයෙන් ජම්රතුස් සූග්රා දෙවනුව ජම්රතුල් වුස්තා තෙවනුව ජම්රතුල් කුබ්රා නම් ස්ථානයන්ට ගල් විසි කරනු ලැබේ.

    2- අය්යාමුත් තෂ්රීක් දින තුන ගල් ගැසීම හා සම්බන්ධ ව සලකා බැලීමේ දී එකම දිනයක් මෙන්ය. හේතු සාධක උදවිය එදිනට නියමිත ගල් ගැසීමේ ක්‍රියාවලිය ඉන් පසු දිනයක ඉටු කළේ නම් එය පිළිගනු ලැබේ. ඔහු කිසිවක් ලබා දිය යුතු නැත. නමුත් ඔහු වඩාත් උතුම් වූ ක්‍රියාවක් මඟ හැරියේය.

    කවරෙකු හෝ එකවර ගල් හතම විසි කළේ නම් එය එක් වතාවක් ලෙස ගණන් ගනු ලැබේ. ඉතිරි වාර හය ඔහු විසින් සම්පූර්ණ කළ යුතු වේ.

    ගල් විසි කරනු ලබන ස්ථානය යනු එය පෙන්වා දීම පිණිස පිහිටුවා ඇති බිත්තිය නොවේ. ගල් ගොඩ ගැසී ඇති ස්ථානයයි.

    · සවස් කාලයේ ගල් විසි කිරීමේ නීතිය

    අය්යාමුත් තෂ්රීක් දිනයන් හි දහවල් කාලයෙන් පසු ජම්රාත් වලට ගල් විසි කිරීම වඩාත් උචිතය. තදබල සෙනඟ හේතුවෙන් තෙරපෙනු ඇතැයි බිය වූයේ නම් සවස් කාලයේ එය විසි කළ හැක. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ගල් විසි කිරීමේ ආරම්භ වේලාව පවසා ඇති නමුත් එහි අවසන් වේලාව සඳහන් නොකළ බැවිනි.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ سُئِلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: فَقَالَ رَمَيْتُ بَعْدَ مَا أَمْسَيْتُ فَقَالَ "لَا حَرَجَ" (متفق عليه)

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    ‘සවස් කාලය උදා වූ පසු මම ගල් විසි කළෙමි යැයි කෙනෙකු පවසා සිටීම සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසන ලදී. එයට එහි වරදක් නොමැත යැයි එතුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · ගල් විසි කිරීම ප්‍රමාද කිරීමේ නීතිය

    හජ් වන්දනාකරුට සුන්නාහ්ව වනුයේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ අයුරින් නියමිත දිනයන් හි නියමිත වේලාවෙ හි ජම්රාත් වලට ගල් විසි කිරීමයි.

    අධීක්ෂකයින්ටත් රෝගීන්ටත් හේතු කාරණා ඇති උදවියටත් එසේත් නොමැතිනම් තෙරපීමෙන් තමන්ට අනතුරක් සිදු විය හැකි අයටත් අයියාමුත් තෂ්රීක් දිනයන් හි ගල් විසි කිරීම 13 වැනි දින දක්වා ප්‍රමාද කළ හැකිය. සෑම දිනකම පිළිවෙළට ගල් ගැසිය යුතුයි. එනම් 11 වැනි දින ප්‍රථමයෙන් ජම්රතුල් උව්ලාටත් දෙවනුව ජම්රතුල් වුස්තාටත් තෙවනුව ජම්රතුල් අකබාත් ගල් ගසයි. පසුව 12 වැනි දින ද 13 වැනි දින ද එලෙසම ඉටු කරයි.

    කිසිදු හේතු සාධකයක් නොමැතිව කෙනෙකු 13 වැනි දිනට පසුව ද ප්‍රමාද කළේ නම් ඔහු පාපියෙකු වෙයි. ඔහුගේ හජ් වන්දනාව නිවැරදිය. නමුත් සම්පූර්ණතාවක් නොමැති අඩුපාඩුකම් ඇති හජ් වන්දනාවක් වනු ඇත. යම් කිසි සාධාරණ හේතු සාධකයක් මත එසේ එය ප්‍රමාද කළේ නම් ඔහු කෙරෙහි පාපයක් නොමැත. මෙම තත්ත්වයන් දෙකෙහිම නියමිත කාලය ගෙවී ගොස් ඇති බැවින් ගල් විසි නොකරයි. නමුත් ඔහුගේ වන්දනාව නිවැරදිය.

    · ගල් විසි කිරීමේ දී කෙනෙකු නියෝජනය කිරීමේ නීතිය

    පිරිමි කාන්තා දරුවන් අතුරින් ගල් විසි කිරීමට ශක්තිය නොමැති දුබලයින් වෙනුවෙන් නියෝජනය කරමින් එසේ ගල් විසි කිරීමට අනුමැතිය ඇත. එවිට එම නියෝජිතයා සෑම ජම්රාවකම තම ස්ථානයේ සිට හෝ වෙනත් ස්ථානයක සිට හෝ ප්‍රථමයෙන් තමන් වෙනුවෙන් ගල් ගසා පසුව ඔහුට පවරනු ලැබූ පුද්ගලයා වෙනුවෙන් ගල් ගසයි.

    · තවාෆුල් ඉෆාලා ප්‍රමාද කිරීමේ නීතිය

    හජ් වන්දනාකරු අවුරුදු දින තවාෆුල් ඉෆාලා සිදු කිරීමය සුන්නාහ් ව වනුයේ. අය්යාමුත් තෂ්රීක් දක්වා දීර්ඝ කළ හැක. එමෙන්ම සාධාරණ හේතු සහගත උදවියට හජ් මස අවසානය දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ඇත.

    දුල් හජ් මසට පසුව ද එය ප්‍රමාද කිරීම නුදුසුදුය. නමුත් පා ගමනින් හෝ ඔසවා ගෙන යනු ලබමින් හෝ තවාෆ් සිදු කිරීමට ශක්තිය නොමැත්තෙක්, තවාෆ් කිරීමට පෙර නිෆාස් තත්ත්වයට පත් වූ කාන්තාවක් වැනි අයට එසේ ප්‍රමාද කළ හැක.

    තවාෆුල් ඉෆාළා හජ් හි අර්කාන් වලින් වැදගත් අංගයකි. කවරෙකු හෝ එය අතහැරියේ නම් හෝ අමතක කර දැමුවේ නම් නැවත එය ගෙන ඒමට අවශ්‍යතාවක් නොමැත.

    ඔසප් කාන්තාවක් හා නිෆාස් කාන්තාවක් තවාෆ් කිරීමේ නීතිය

    1- තවාෆුල් ඉෆාලා කිරීමට පෙර කාන්තාවක් ඔසප් තත්ත්වයට හෝ නිෆාස් තත්ත්වයට පත් වූවා නම් ඇය පිරිසිදු වන තෙක් තවාෆ් නොකළ යුතුයි. ඇය ස්නානය කර තවාෆ් ඉටු කරන තෙක් මක්කාහ්වේ රැඳී සිටිනු ඇත.

    ඇය පිරිසක් සමඟ සිටින්නී නම් ඔවුන් තවාෆ් කිරීම සඳහා ඇයව බලාපොරොත්තුවෙන් නොසිටිය යුතුයි. ඇයට මක්කාහ්වේ රැඳී සිටිය නොහැකි නම් තමන්ට හානියක් නොවන පරිදි හයිල් රුධිර වහනය වළක්වාලීමේ බෙහෙත් පාවිච්චි කළ හැක. පසුව ස්නානය කර තවාෆ් ඉටු කරන්නීය. හේතුව ඒ සඳහා ඇය බල කරනු ලැබූ හෙයිනි. අල්ලාහ් කිසිවෙකුට තමන් දැරිය හැකි පමණට මිස වෙන කිසිවක් නොපවරයි. අල්ලාහ් අභිමත කළේ නම් ඇයගේ හජ් නිවැරදිය. නමුත් ඇය ඔසප් තත්ත්වයේ සිටිය දී බල කරනු ලබන්නී නම් අනිවාර්යය කොන්දේසියක් මඟ හැරෙන බැවින් ඇයට කිසිවක් කර ගත නොහැකි බැවින් එම තත්ත්වයේම තවාෆ් ඉටු කරන්නීය.

    2- උම්රාවක් සඳහා කාන්තාවක් ඉහ්රාම් බැද පසුව තවාෆ් කිරීමට පෙර ඔසප් තත්ත්වයට පත් වූවා නම් ඇය නව වැනි දිනට පෙර පිරිසිදු තත්ත්වයට පත් වූ විට ඇයගේ උම්රාව සම්පූර්ණ කරන්නීය. පසුව හජ් සඳහා ඉහ්රාම් බැඳ ගනිමින් අරෆාවට පිටත් ව යන්නීය.

    අරෆා දිනට පෙර ඇය පිරිසිදු නොවූවා නම්

    ලබ්බෙයික් හජ්ජන් වඋම්රතන් (හජ් හා උම්රා සඳහා මම ඔබට ප්‍රතිචාර දක්වමි) යැයි පවසමින් හජ් වන්දනාව උම්රාවෙ හි ඇතුළත් කරන්නීය. එවිට ඇයගේ එම වන්දනාව කිරාන් බවට පත් වෙයි. ජනයින් සමඟ මෂාඉර් (නියමිත සංඥා සහිත ස්ථානයන් හි) නැවතී සිටින්නීය. නැමදුම් ද ඉටු කරන්නීය. පසුව ඇය පිරිසිදු වූවා නම් ස්නානය කර බයිතුල්ලාහ්ව තවාෆ් කර පසුව සඃයු ඉටු කරන්නීය.

    · වන්දනා ක්‍රම වෙනස් කිරීමේ නීතිය

    ඉෆ්රාද් ක්‍රමයට හෝ කිරාන් ක්‍රමයට හෝ හජ් වන්දනාව ඉටු කරන්නෙකු මක්කාහ්වට පැමිණ තවාෆ් සිදු කර සඃයු ද ඉටු කළේ නම් තම වන්දනාව තමත්තුඃ ක්‍රමයට පරිවර්තනය වන පරිදි උම්රාව සඳහා තම චේතනාව වෙනස් කිරීම සුන්නාහ්ව වෙයි. එසේ ඔහු තමත්තුඃ ක්‍රමයට තම වන්දනාව වෙනස් කළ යුත්තේ තවාෆ් කිරීමට පෙරය.

    ඔසප් හේතුවෙන් හෝ යම්කිසි සාධාරණ හේතුවක් මත හෝ හජ් මඟ හැරෙනු ඇතැයි බිය වූයේ නම් උම්රාවෙ හි නිය්යතය කිරාන් ක්‍රමය වෙත වෙනස් කිරීමට ඔහුට අනුමැතිය ඇත. පසුව ජනයා සමඟ රැඳී සිටීමට ඔහු අරෆාත් දෙසට පිටත් ව යන්නීය.

    · කඃබාවට පිවිසීමේ නීතිය

    කඃබාවට පිවිසීම හජ් හෝ උම්රාවෙ හි අනිවාර්යය හෝ සුන්නත් ක්‍රියාවක් නොවේ. පහසුකම් ඇති කවර වේලාවක හෝ එහි පිවිසීම යහපත්ය.

    කවරෙකු එහි පිවිසෙන්නේ ද එහි සලාතය ඉටු කිරීමත් අල්ලාහ්ට තක්බීර් පැවසීමත් ඔහුගෙන් ප්‍රාර්ථනා කිරීමත් සතුටු දායකය. දොරටුවෙන් පිවිසුනු විට ඉදිරියට ගොස් ඔහු හා එහි බිත්තිය අතර බාහු තුනක ප්‍රමාණයක් තම පිටුපසින් දොරටුව පිහිටන සේ සිට පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සිදු කළාක් මෙන් රකආත් දෙකක් ඉටු කරයි.

    · හජ් හා උම්රාවෙ හි ප්‍රාර්ථනාවන් සඳහා රැඳී සිටීමේ ස්ථාන

    හජ් හි ප්‍රාර්ථනාවන් සඳහා රැඳී සිටීමේ ස්ථාන හයක් ඇත.

    1- සෆා කන්ද මත රැඳී සිටීම.

    2- මර්වා කන්ද මත රැඳී සිටීම. සඃයු සිදු කරන සෆා හා මර්වා හී වට ගණනින් සෑම වටයක ආරම්භයේම එසේ සිදු කරයි.

    3- අරෆාවෙ හි රැඳී සිටීම

    4- මුස්දලිෆාවෙ හි රැඳී සිටීම

    5- ජම්රතුල් උව්ලාවට පසුව රැඳී සිටීම

    6- ජම්රතුල් වුස්තාවට පසුව රැඳී සිටීම.

    උම්රාවෙ හි ප්‍රාර්ථනාවන් සඳහා රැඳී සිටීමේ ස්ථාන දෙකකි.

    1- සෆා කන්ද මත රැඳී සිටීම.

    2- මර්වා කන්ද මත රැඳී සිටීම. සඃයු සිදු කරන සෆා හා මර්වා හී වට ගණනින් සෑම වටයක ආරම්භයේම එසේ සිදු කරයි.

    · හජ් හි ඉෆාළා හෙවත් ජනයා සමඟ එකට ගලා ඒමේ අවස්ථාවන්

    හජ් හි ඉෆාළා හෙවත් ජනයා සමඟ එකට එක් වී ජන ගංගාවක් මෙන් ගලා ඒමේ අවස්ථාවන් තුනකි.

    1- අවුරුදු දින රාත්‍රියෙහි අරෆාවෙ හි සිට මුස්දලිෆා වෙත පැමිණීම

    2- අවුරුදු දින මුස්දලිෆාවෙ හි සිට මිනා වෙත පැමිණීම

    3- මිනාවෙ හි සිට තවාෆුල් ඉෆාළා ඉටු කිරීම පිණිස මක්කාහ්ව වෙත පැමිණීම.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ، ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللهَ إِنَّ اللهَ غَفُورٌ رَحِيمٌ

    නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය (ව්‍යාපාරික කටයුතු වලින්) සෙවීම නුඹලාට වරදක් නැත. අරෆාත් (නම් ස්ථානයෙ)හි සිට නුඹලා (ජන ගඟ අතුරින්) ගලා එන විට මෂ්අරිල් හරාම් (නම් ස්ථානයෙ)හි අල්ලාහ්ව සිහිපත් කර පවසවු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතරෙහි සිටි තත්ත්වයේ නුඹලාට යහ මඟ පෙන්වා දුන් හෙයින් නුඹලා ඔහුව සිහිපත් කර පවසවු.

    ඉන් පසුව ජනයා (ජන ගඟ අතුරින්) ගලා එන තැනින් නුඹලා ද එවු. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයදිවු. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය. (අල්-කුර්ආන් 2: 198,199)

    2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ

    පසුව ඔවුන් තමන්ගේ කුණු ඉවත් කර ගත යුතුයි. ඔවුන් තමන්ගේ භාරයන් ඉටු කළ යුතුයි. තවද ඔවුන් ඉපැරණි නිවස පැදකුණු කළ යුතුයි. (අල්-කුර්ආන් 22:29)

    · මඟ හැරුණු හා වළක්වනු ලැබූ විටක නීතිය

    රෝගාබාධයකින් හෝ යම් කිසි හේතුවකින් හෝ යම් කිසි බාධාවකින් හෝ ඔසප් හේතුවෙන් හෝ මුදල් නැති වීම හේතුවෙන් හෝ කෙනෙකු හජ් ඉටු කිරීමෙන් වැළකුණේ නම් ඔහු එසේ වැළකීමට කොන්දේසි පණවනු ලැබූවෙකු වේ නම් ඉහ්රාමයෙන් ඉවත් වෙයි. එවිට ඔහු කෙරෙහි කිසිවක් නොපැවරෙයි. තම ඉහ්රාමයෙ හි කොන්දේසියක් ඉවත් වීම සම්බන්ධ ව කොන්දේසිය නොපැන වූ කෙනෙකු නම් ඔහු තමන්ට පහසු අකාරයේ සත්ව කැප කිරීමක් සිදු කරයි. පසුව හිස මුඩු හෝ කොට කර ගනියි. පසුව ඉහ්රාමයෙන් ඉවත් වෙයි. හජ් කිරීම ඔහුගේ වගකීම නම් ලබන වසරේ හජ් ඉටු කිරීම ඔහු කෙරෙහි අනිවාර්යය වේ.

    කවරෙකුට අරෆාවෙ හි රැඳී සිටීමට නොහැකි වූයේ ද ඔහුට හජ් වන්දනාව මඟ හැරී යයි. ඔහු උම්රා සඳහා ඉහ්රාම් බැඳ උම්රා ව ඉටු කරයි. එය පසු කාලයේ ඔහුට අනිවාර්යය වන්නේ නම් එය ඉටු කරයි. හද්යු ලබා දෙයි. ඔහු කොන්දේසි පනවා ගත්තේ නම් ඔහු ඉහ්රාමයෙන් මිදෙයි. එවිට ඔහු කෙරෙහි වන්දියක් හෝ කිසිවක් නොපැටවෙයි.

    සතුරෙකු විසින් ඔහුව වැළැක්වූයේ නම් හද්යු (සත්ව කැප කිරීමක්) ලබා දී පසුව හිස මුඩු හෝ කොට කර ගනියි. පසුව ඉහ්රාමයෙන් ඉවත් වෙයි. අරෆාවෙ හි වළක්වනු ලැබුවේ නම් උම්රා වෙනුවෙන් ඉහ්රාම් තබයි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ

    නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)

    කාන්තාවක් හජ් හෝ උම්රා වන්දනාවෙ හි නිරත වී සිටිය දී තම ස්වාමි පුරුෂයා මිය යැදුනේ නම් ඇය තම වන්දනාව සම්පූර්ණයෙන්ම ඉටු කරන්නීය. හේතුව වන්දනාව සම්පූර්ණ කිරීම අනිවාර්යය බැවිනි. එමෙන්ම වන්දනාව හා ඉද්දා යන දෙකම අනිවාර්යභාවයේ ද නියමිත වේලාවක ඉටු කිරීමෙහි ද එක හා සමාන ස්ථාවරයක් ගන්නා බැවින් ඒ දෙකින් මුලින් සිදු වන දෑට ප්‍රමුඛත්වය ලබා දීම අනිවාර්යය වේ.

    · හජ් හෝ උම්රා ඉටු කිරීමෙන් පසුව නැවත හැරී එන විට පැවසිය යුතු දෑ

    عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَفَلَ مِنْ الْجُيُوشِ أَوْ السَّرَايَا أَوْ الْحَجِّ أَوْ الْعُمْرَةِ إِذَا أَوْفَى عَلَى ثَنِيَّةٍ أَوْ فَدْفَدٍ كَبَّرَ ثَلَاثًا ثُمَّ قَالَ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ آيِبُونَ تَائِبُونَ عَابِدُونَ سَاجِدُونَ لِرَبِّنَا حَامِدُونَ صَدَقَ اللهُ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ" (متفق عليه)

    අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සේනාවකින් හෝ තැනකින් හෝ හජ් නිමා කරමින් හෝ උම්රා නිමා කරමින් හෝ නැවත හැරී පැමිණි විට සනිය්යා හෝ ෆද්ෆද් නම් උස් වැටි මතට නැග තුන් වරක් අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා පසුව

    لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ آيِبُونَ تَائِبُونَ عَابِدُونَ سَاجِدُونَ لِرَبِّنَا حَامِدُونَ صَدَقَ اللهُ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ"

    ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් ආයිබූන තාඉබූන ආබිදූන සාජිදූන ලිරබ්බිනා හාමිදූන් සදකල්ලාහු වඃදහූ වනසර අබ්දහූ වහදමල් අහ්සාබ වහ්දහූ.

    යන ප්‍රාර්ථනාව පැවසූහ.

    තේරුම: අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැත. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ආධිපත්‍යය සතු වන්නේ ඔහුටමය. සියලු ප්‍රශංසා ද ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. අපගේ පරමාධිපතිට ප්‍රශංසා කරමින් ද සුජූද් දරමින් ද නමදිමින් ද පසුතැවිලි වෙමින් ද අපි නැවත පැමිණියෙමු. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව සත්‍යය කළේය. ඔහුගේ ගැත්තාට උදව් කළේය. සතුරු සේනාවන් ඔහු තනිව සිට පරාජයට පත් කළේය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    10 හද්යු හා උල්හිය්යා.

    · අල්-හද්යු අල්ලාහ්ට සමීප වීම පිණිස පශු කුලයේ සතුන් වන එළු ගව හෝ ඔටුවන් හරම් හි කැප කිරීම හා තමත්තුඃ හා කිරාන් ක්‍රමයට හජ් ඉටු කිරීමෙන් හෝ ඉහ්සාර් (හජ් ඉටු කිරීමෙන් වළක්වාලනු ලැබූ) හේතුවෙන් අනිවාර්යයෙන් කැපීමට නියම වන දෑ

    · හද්යු කැපීමේ වේලාව

    අල්-හද්යු වර්ග දෙකකි.

    පළමුවැන්න: තමත්තුඃ හා කිරාන් හේතුවෙන් ලබා දෙන හද්යු. එම සත්ව කැප කිරීම සිදු කරන වේලාව අවුරුදු දින උදෑසන ආරම්භ වී අය්යාමුත් තෂ්රීක් දිනයන් හි 13 වැනි දින හිරු අවරට යන තෙක් දීර්ඝ වෙයි. එයින් අනුභව කිරීමත් දුගී දුප්පතුන්ට ආහාර සැපයීමත් සතුටු දායකය.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

    තවද ඔටුවන් ද අපි උන් ව නුඹලා ට අල්ලාහ්ගේ සංකේතයක් බවට පත් කළෙමු. ඒවායෙ හි නුඹලා ට යහපත ඇත. එබැවින් නුඹලා පෙළට ගස්වා තිබිය දී උන් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරවු. උන් පැති වලට (වැටීම) නියම වූ විට නුඹලා ඉන් අනුභව කරවු. අවශ්‍යතාව නොමැත්තන්ටත් අවශ්‍යතාව ඇත්තන්ටත් ආහාර වශයෙන් ලබා දෙවු. නුඹලා කෘතඥ වනු පිණිස අපි ඒවා නුඹලාට වසඟ කර දුන්නේ මෙලෙසය. (අල්-කුර්ආන් 22:36)

    දෙවැන්න: හජ් ඉටු කිරීමෙන් වළක්වාලනු ලැබූ අවස්ථාවක ලබා දෙන හද්යු. තමන් ඉහ්රාම් තත්ත්වයෙ හි සිටිය ද ඉහ්රාම් තත්ත්වයේ නොසිටිය ද හජ් ඉටු කිරීමේ බාධකය ඇති වූ අවස්ථාවේ සිට එය ලබා දීමේ වේලාව ඇරඹේ. එය දුගී දුප්පතුන්ට ආහාර වශයෙන් ප්‍රදානය කරනු ඇත. එයින් කිසිවක් එය ලබා දෙන්නන් විසින් අනුභව නොකළ යුතු වේ.

    وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ

    නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)

    · අමතරව හද්යු ලබා දීම

    1- හද්යු ලබා දීමට හැකියාව ඇති හජ් වන්දනාකරු හරම් සීමාවෙ හි සිටින දුගියන්ටත් සෙසු අයටත් අධික ව හද්යු ලබා දීම සුන්නත් වේ.

    عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رَضِيَ اللهُ عَنْهُ – في صفة حجة النبي صلى الله عليه وسلم – وفيه – "ثُمَّ انْصَرَفَ إِلَى الْمَنْحَرِ فَنَحَرَ ثَلَاثًا وَسِتِّينَ بِيَدِهِ ثُمَّ أَعْطَى عَلِيًّا فَنَحَرَ مَا غَبَرَ وَأَشْرَكَهُ فِي هَدْيِهِ ثُمَّ أَمَرَ مِنْ كُلِّ بَدَنَةٍ بِبَضْعَةٍ فَجُعِلَتْ فِي قِدْرٍ فَطُبِخَتْ فَأَكَلَا مِنْ لَحْمِهَا وَشَرِبَا مِنْ مَرَقِهَا" (أخرجه مسلم)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හජ් ඉටු කළ ක්‍රමය පිළිබඳව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයෙහි මෙසේ සඳහන් වී ඇත.

    පසුව එතුමාණන් සතුන් කැප කිරීමේ ස්ථානයට හැරී ගොස් තම දෑතින් ම ඔටුවන් 63ක් කැප කළහ. පසුව අලී තුමාට භාර දුන්හ. ඉතිරිය එතුමා කපා හැරියහ. ඔහුගේ හද්යාවෙ හි එය එක් කළහ. පසුව සෑම ඔටුවෙකුගේම කොටසක් ගෙන භාජනයක දමන මෙන් නියෝග කළහ. පසුව එය පිසන ලදී. දෙදෙනාම එහි මාංශ අනුභව කළ අතර එහි හොදි ද පානය කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

    2- උම්රා කරන්නෙකු තම ගමින් හෝ පදිංචි ස්ථානය සමීපයෙන් හෝ හද්යු සඳහා සතුන් දක්කාගෙන යෑමත් එය හරම් හි දුගී දුප්පතුන් හා සෙසු අයට පරිත්‍යාග කිරීමත් සුන්නාහ්වකි.

    عَنْ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ رضي الله عنه قال: خَرَجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَمَنَ الْحُدَيْبِيَةِ مِنْ الْمَدِينَةِ فِي بِضْعَ عَشْرَةَ مِائَةً مِنْ أَصْحَابِهِ حَتَّى إِذَا كَانُوا بِذِي الْحُلَيْفَةِ قَلَّدَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْهَدْيَ وَأَشْعَرَ وَأَحْرَمَ بِالْعُمْرَةِ (أخرجه مسلم)

    අල්-මිස්වර් ඉබ්නු මක්රමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ හුදෙයිබියියා සමයේ මදීනාවෙ හි සිට සහාබිවරු දස දහසක ප්‍රමාණයක් සමඟ පිටත් ව ගියහ. සුල් හුලෙයිෆා නම් ස්ථානයට පැමිණියත්ම හද්යු (සත්වයින්) සඳහා මාල දමා සලකුණු යෙදූහ. උම්රා සඳහා ඉහ්රාම් චේතනා තැබූහ. (මූලාශ්‍රය: බුහාරි)

    3- ගමේ පදිංචිකරුවන් හරම් වෙත හද්යු සඳහා වූ සතුන් එවීම සුන්නත් වේ.

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: فَتَلْتُ قَلَائِدَ هَدْيِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ أَشْعَرَهَا وَقَلَّدَهَا أَوْ قَلَّدْتُهَا ثُمَّ بَعَثَ بِهَا إِلَى الْبَيْتِ وَأَقَامَ بِالْمَدِينَةِ فَمَا حَرُمَ عَلَيْهِ شَيْءٌ كَانَ لَهُ حِلٌّ (متفق عليه)

    ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හද්යු සඳහා වූ මාල ගෙතුවෙමි. පසුව එතුමා ඒවාට සලකුණු තබා ඒවායෙ හි ගෙලෙ හි දැමූහ. -මම ඒවායෙ හි ගෙලට දැමුවෙමි - පසුව එතුමා ඒවා බයිතුල්ලාහ්ව වෙත යැවූහ. එතුමා මදීනාවෙ හි නතර වූහ. එතුමාණන් අනුමත කිසිවක් එතුමාණන් කෙරෙහි තහනම් නොවීය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    අල්-උල්හිය්යා : උල්හිය්යා යනු අල්ලාහ්ට පිළිගැන්වීමක් වශයෙන් ඔටු ගව හා එළුවන්ගෙන් සතෙකු උල්හිය්යා දිනයන් හි කපා හැරීමයි.

    උල්හිය්යාවෙ හි නීතිය: උල්හිය්යා ලබා දීමට ශක්තිය ඇති ජීවතුන් අතර සිටින සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහි ම වූ වැදගත් සුන්නාහ්වකි.

    ජීවත් ව සිටින කෙනෙකු වෙනුවෙන් උල්හිය්යා ලබා දීම සුන්නාහ්වකි. උල්හිය්යා ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටි මියගිය ඇත්තෙකු වෙනුවෙන් එසේ උල්හිය්යා ලබා දීමට අනුමැතිය ඇත. ඔහු ඒ සඳහා අන්තිම කැමත්තෙ හි ප්‍රකාශ කර තිබේ නම් පමණි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ، فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ.

    සැබැවින් ම අපි නුඹට කව්සරය (භාග්‍යයන්) පිරි නැමුවෙමු. එබැවින් නුඹ නුඹේ පරමාධිපතිට සලාතයට ඉටු කර සතෙකු කැප කරවු. (අල්-කුර්ආන් 108:1,2)

    · උල්හිය්යා සතුන් කැපීමේ වේලාව

    උල්හිය්යා සතුන් කැපීමේ වේලාව අවුරුදු සලාතයෙන් පසු ආරම්භ වී අය්යාමුත් තෂ්රීක් අවසන් දින දක්වා දීර්ඝ වෙයි. එනම් උල්හිය්යා සතුන් කැපීමේ දින ගණන හතරකි. අවුරුදු දින හා ඉන් පසු දින තුනකි.

    උල්හිය්යාවෙ හි මාංශ අනුව කිරීමත් එයින් කොටසක් බෙදා දීමත් දුගී දුප්පතුන්ට පරිත්‍යාග කිරීමත් සතුටු දායකය.

    උල්හිය්යා ලබා දීමෙන් බොහෝ මහිමයන් හිමි වේ. එහි දී අල්ලාහ් වෙත සමීප විය හැක. එය බෙදා හැරීමෙන් පවුල් සම්බන්ධතාවන් වැඩි දියුණු කර ගත හැක. දුගී දුප්පතුන් එමගින් ප්‍රයෝජනය ලැබිය හැක. ඥාතී සම්බන්ධකම් පවත්වා ගැනීම අවස්ථාවක් එළැඹෙනු ඇත. නෑදෑ හිතමිතුරන් හා අසල්වැසියන් සමග උපකාරශීලී ව කටයුතු කිරීමේ අවකාශය ලැබෙනු ඇත.

    · හද්යු හා උල්හිය්යා ලබා දීමේ කොන්දේසි

    හද්යු හා උල්හිය්යා ලබා දීමේ දී පහත සඳහන් කොන්දේසි පනවනු ලැබේ.

    1. හද්යු, උල්හිය්යා හා අකීකා යන අවස්ථා වල සතුන් කැප කිරීමේ දී ඔටුවන් ලබා දෙන්නේ නම් අවුරුදු පහක් හෝ ඊට වැඩි ‘සනී‘ නම් ගණයට අයත් ඔටුවන් හෝ... ගවයින්ගෙන් ලබා දෙන්නේ නම් අවුරුදු දෙකක් හෝ ඊට වැඩි සනී ගණයට අයත් ගවයින් හෝ... බැටළුවන්ගෙන් ලබා දෙන්නේ නම් මාස හයක් හෝ ඊට වැඩි ජසඋ නම් ගණයට අයත් බැටළුවන් හෝ ... එළුවන්ගෙන් ලබා දෙන්නේ නම් වසරක් හෝ ඊට වැඩි සනී ගණයේ එළුවන් හෝ ලබා දිය හැක. සතෙකු උල්හිය්යා වෙනුවෙන් නියම කළේ නම් එය විකිණීම හෝ එය පරිත්‍යාග කිරීම හෝ සුදුසු නැත. ඊට වඩා හොද සතෙකු ඒ වෙනුවෙන් ලබා දුන්නේ නම් හැර.

    2. උල්හිය්යා හෝ අකීකා හෝ හද්යු ලබා දෙන්නේ නම් එහි දී ලබා දෙන සත්වයින් පශු කුලයට අයත් ඔටු ගව හා එළු වර්ගයේ සතුන් වීමත් උන් ඉස්ලාම් පැවසූ සැලකිල්ලට ගත යුතු වයස් සීමාවෙ හි පසුවීමත් අඩුපාඩු වලින් තොර වීමත් අනිවාර්යය වේ එම සතුන්ගෙන් වඩාත් උතුම් වන්නේ වඩාත් පුෂ්ටිමත් තම පවුලේ වඩාත් උසස් කුලයේ සතුන්ය.

    එක් එළුවෙකු එක් අයෙකු වෙනුවෙන් ද එක් ඔටුවෙකු හත් දෙනෙකු වෙනුවෙන් ද එක් හරකෙකු හත් දෙනෙකු වෙනුවෙන් ද ලබා දිය හැක. එමෙන්ම එළුවෙකු හෝ ඔටුවෙකු හෝ හරකෙකු තමන් වෙනුවෙන් ද තම පවුලේ ජීවතුන් අතර සිටින හා ජීවතුන් අතර නොමැති අය වෙනුවෙන් ද දිය හැක.

    අල්ලාහ්ගේ නිවසට පැමිණෙන හජ් වන්දනාකරුවන් ට උපකාර කරනු පිණිස ද දුගී දුප්පතුන්ට ආහාර වේලක් වනු පිණිස ද තමන් වෙත අධික ප්‍රතිඵල හා කුසල් හිමි කර ගනු පිණිස ද හද්යු සඳහා වූ සතුන් අධික ව පරිත්‍යාග කිරීම හැකියාව ඇති හජ් වන්දනාකරුවන් ට සතුටු දායකය.

    · උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළ අයට තහනම් දෑ

    උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළ කෙනෙකු දුල් හජ් මස ආරම්භක දින දහයේ හිසකෙස් කැපීම ශරීර රෝම ඉවත් කිරීම නියපොතු කැපීම වැනි කිසිවක් සිදු කිරීම තහනම්ය. එසේ යමක් කළේ නම් ඔහු පාපක්ෂමාවෙහි නිරත විය යුතුයි. ඒ සඳහා වන්දියක් දිය යුතු නොවේ.

    عَنْ أُمِّ سَلَمَةَ رضي الله عنها أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "إِذَا دَخَلَتْ الْعَشْرُ وَأَرَادَ أَحَدُكُمْ أَنْ يُضَحِّيَ فَلَا يَمَسَّ مِنْ شَعَرِهِ وَبَشَرِهِ شَيْئًا" (أخرجه مسلم)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    (හජ් හි) දින දහය ප්‍රවේශ වී ඔබ අතුරින් කෙනෙකු උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළේ නම් තම රෝම වලින් කිසිවක් හෝ තම ශරීරයෙන් කිසිවක් හෝ ඉවත් නොකළ යුතුයි. (මූලාශ්‍රය: මුස්ලිම්)

    · සතුන් කැපීමේ ක්‍රමය.

    ඔටුවා කැපීමේ දී සුන්නාහ් ව වනුයේ ඌව වමට සිටුවා තබා උගේ ගෙල සිදීමය. ඔටුවා හැර වෙනත් සතුන් කැපීමේ දී සුන්නාහ් ව වනුයේ පැත්තකට ඇල කර දමා ගෙල කපා හැරීමය. පොදුවේ කී ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සතුන් කපා හැරීමට ද අනුමැතිය ඇත. ඔටුවාගේ ගෙල සිඳීම සිදු විය යුත්තේ උගේ ළය පෙදෙසට සමීප ව ගෙලෙහි පහළ කොටසිනි.

    ගවයින් එළුවන් වැනි සතුන්ගේ ගෙල සිඳීම සිදු විය යුත්තේ හිසට සමීප ව ගෙලෙ හි උඩු කොටසිනි. එහි දී සතාව වම් පැත්තට ඇල කර තම දකුණු කකුල උගේ ගාත් මත තබා පසුව උගේ හිස අල්ලා කපා හරිනු ලැබේ. ගෙල සිදීමේ දී හෝ කපා හැරීමේ දී

    بِاسْمِ اللهِ، وَاللهُ أَكْبَرْ اللَّهُمَّ تَقَبَّلْ مِنِّيْ

    බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් අල්ලාහුම්ම තකබ්බල් මින්නී.

    තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය යා ! අල්ලාහ්, මගෙන් මෙය පිළිගනු මැනව. !

    1-

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

    තවද ඔටුවන් ද අපි උන්ව නුඹලාට අල්ලාහ්ගේ සංකේතයක් බවට පත් කළෙමු. ඒවායෙහි නුඹලාට යහපත ඇත. එබැවින් නුඹලා පෙළට ගස්වා තිබිය දී උන් මත අල්ලාහ්ගේ නාමය පිහිපත් කරවු. උන් පැති වලට (වැටීම) නියම වූ විට නුඹලා ඉන් අනුභව කරවු. අවශ්‍යතාව නොමැත්තන්ටත් අවශ්‍යතාව ඇත්තන්ටත් ආහාර වශයෙන් ලබා දෙවු. නුඹලා කෘතඥ වනු පිණිස අපි ඒවා නුඹලාට වසන් කර දුන්නේ මෙලෙසය. (අල්-කුර්ආන් 22:36)

    2-

    عَنْ أَنَسٍ رضي الله عنه قَالَ: "ضَحَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشَيْنِ أَمْلَحَيْنِ أَقْرَنَيْنِ ذَبَحَهُمَا بِيَدِهِ وَسَمَّى وَكَبَّرَ وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا" (متفق عليه)

    අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සුදු හා කළු වර්ණයෙන් මුසු වූ අං ඇති බැටළුවන් දෙදෙනෙකු උල්හිය්යා වශයෙන් ලබා දුන්හ. එතුමා තම පාදය උන් දෙදෙනාගේ ගාත් මත තබා බිස්මි පවසා අල්ලාහු අක්බර් යැයි පවසා ඒ දෙක තම දෑතින්ම කපා හැරියහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    3- හද්යු හා උල්හිය්යා යන කටයුතු වල දී තමන් විසින් ම ඒවා කපා හැරීම සුන්නාහ් වෙයි. නිවැරදි ලෙසින් කපා හැරිය නොහැකි නම් වෙනත් කෙනෙකුට පවරා එහි සහභාගි වෙයි. ඉන් කොටසක් කුලිය වශයෙන් ලබා නොදිය යුතුයි. එම සත්වයා කවුරුන්ගේ ද කවුරුන් වෙනුවෙන් ද කපා හරිනුයේ ද යන්න සත්වයා කපන අවස්ථාවේ නමින් සඳහන් කළ යුතු වේ.

    සතෙකු කපා හැරීමක් අනුමත වනුයේ උගුරු දණ්ඩ (ගලනාලය) අන්නස්‍රෝතය හා ශිරාවන් දෙකම හෝ එකක් හෝ කපා හැර එමගින් රුධිරය ගලා යෑමෙනි.

    · හද්යු හා උල්හිය්යා ලබා දීමට නුසුදුසු දෑ

    මුස්ලිම්වරයෙකු උල්හිය්යා හෝ හද්යු හෝ එවැනි සත්ව කැප කිරීමක් සිදු කර ඔහු කපා හැරීමෙන් පසුව ඌ රෝගී සතෙකු බව දැන ගත්තේ නම් එය අනුමත නොවන්නේය. හේතුව එහි අපේක්ෂිත දෑ මඟ හැරුණු බැවිනි.

    නැට්ට හෝ ඉන් කොටසක් කැපුනු මොල්ලිය කැපුනු අන්ධ ගාත් කැපුනු සත්වයින් සියල්ල හද්යු හෝ උල්හිය්යා හෝ එවැනි කැප කිරීමක් වෙනුවෙන් ලබා දීම නුසුදුසුය.

    عَنْ الْبَرَاء بْن عَازِبٍ رضي الله عنه أنه سمع النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يقول: "أَرْبَعَةٌ لاَ يَجْزِيْنَ فِي الْأَضَاحِيِّ: الْعَوْرَاءُ البَيِّنُ عَوَرُهَا وَالْمَرِيضَةُ البَيِّنُ مَرَضُهَا وَالْعَرْجَاءُ البَيِّنُ ظَلْعُهَا وَالْكَسِيرُ الَّتِي لاَ تَنْقَى" (أخرجه أبو داود والنسائي)

    සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අල්-බර්රා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    සතුන් සිව්දෙනෙකු උල්හිය්යා කටයුතු වලදී අනුමත නොවන්නේය. අඳ බව පැහැදිලි වූ අන්ධයා රෝගී බව පැහැදිලි වූ රෝගියා කොර බව පැහැදිලි වූ කොරා හා යථා තත්ත්වයට පත් නොවන අස්ථි කැඩුනු අබ්බගාතයා (මූලාශ්‍රය අබූ දාවූද් නසාඊ)

    · හද්යු හා උල්හිය්යා ලබා දීමට වඩා සුදුසු දෑ

    හද්යු හා උල්හිය්යා ලබා දීමට වඩා සුදුසු වන්නේ පරිපූර්ණ ඔටුවෙකි. පසුව පරිපූරණ ගවයෙකි. පසුව පරිපූරණ එළුවෙකි. පසුව සත් දෙනෙකු එක් වී ඔටුවෙකු හෝ ගවයෙකු කැපීමය.

    අකීකාවක් නම් ඔටුවෙකු හෝ ගවයෙකු හෝ එළුවෙකු එක් අයෙකු වෙනුවෙන් පමණක් ලබා දිය යුතු වේ. එළුවෙකු ලබා දීම සම්බන්ධයෙන් සුන්නාහ්වෙ හි සඳහන් බැවින් ඔටුවෙකුට වඩා එළුවෙකු ලබා දීම උතුම්ය. එයින් ද පිරිමි සතෙකු ලබා දෙන්නේ නම් වඩාත් උචිතය.

    11- හජ් හා උම්රාවෙ හි ගමන

    · ගමන් බලපත්‍ර හා වීසා පත් ලබා ගැනීමේ නීතිය

    හජ් හා උම්රාවෙ හි බලපත්‍ර ගමන් බලපත්‍ර හා වීසා පත් නිකුත් කිරීම් හජ් වන්දනාකරුවන් සංඛ්‍යාව සීමා කිරීම් යන සියල්ල හජ් වන්දනාව පහසුවෙන් හා ලෙහෙසියෙන් ඉටු කිරීම පිණිස සැලසුම් කරන්නා වූ වැඩ පිළිවෙළකි. එය හජ් වළක්වාලීමක් හෝ එය ඉටු නොකරන අයුරින් බැඳ දැමීමක් හෝ නොවේ. එය ද හජ් අනිවාර්යය වීම සඳහා වූ අවශ්‍ය මෙවලම් හා ගමන් පහසුකම් ලබා තිබීම වැනි කොන්දේසියකි. මේ හේතූන් මත කවරෙකු හෝ හජ් ඉටු කිරීමෙන් වළක්වනු ලැබුවේ නම් ඒ සඳහා වන්දි හෝ ෆිද්යා කිසිවක් ලබා දිය යුතු නැත.

    හජ් හි බලපත්‍රය හෝ එහි වීසා පත්‍රිකා විකිණීම තහනම් වේ. ඒවා කවරෙකු වෙත පිරිනමනු ලැබුවේ ද ඔහු හැර වෙන කිසිවෙකු එය භාවිත කිරීම සුදුසු නැත. හජ් ගමනෙ හි පිළිපැදිය යුතු නීත්‍යනුකූල පිළිවෙල අනුගමනය නොකරමින් වංචා සහගත ලෙස සංචාරක බලපත්‍ර වීසා ගමන් බලපත්‍ර භාවිත කරමින් එය ඉටු කිරීම නුසුදුසුය. හේතුව මෙවන් වංචා සහගත සියලු කටයුතු අංශ භාර ප්‍රධානියාට විරුද්ධ ව කටයුතු කිරීමකි. මුසාවකි. අරාජකත්වයේ දොරටු විවෘත කිරීමකි. විශ්වාසය කඩ කිරීමකි. තහනම් කරන ලද ඉපැයුමකි.

    · හජ් වන්දනාකරුවන්ගේ පැමිණීම සීමා කිරීමේ නීතිය

    මූලික වශයෙන් හජ් හා උම්රා නැවත නැවතත් ඉටු කිරීම සතුටු දායකය. එමෙන්ම එකම වසරේ උම්රා වාර ගණනක් සිදු කිරීම ද සතුටු දායකය. හේතුව අතිරේක සලාතයන් අතිරේක උපවාසයන් වැනි වේලාව නියම නොකරන ලද නැමදුම් නැවත නැවතත් වාර ගණනාවක් ඉටු කිරීම සතුටුදායක වන බැවිනි.

    නමුත් හජ් හා උම්රාවෙ හි දැඩි සෙනඟ තදබදයක් පවතින අවස්ථාවක හජ් හෝ උම්රා අපේක්ෂා කරමින් පැමිණෙන හජ් වන්දනා කරුවන්ට ඉතා පහසුවෙන් සැහැල්ලුවෙන් හා ශාන්ත දාන්ත ව තම නැමදුම් ඉටු කිරීමට හැකි වන පරිදි පහසුකම් සලසා දෙනු පිණිස මෙසේ පැමිණෙන ජනයා සීමා කිරීම අංශ භාර ප්‍රධානියා වෙත පැවරෙන වගකීමකි.

    එමෙන්ම වන්දනා කරුවන්ගේ යහපත උදෙසා පවතින සෙනඟ අඩු කිරීම වස් කලින් හජ් ඉටු කළ අයට නැවත හජ් ඉටු කිරීම සඳහා අවුරුදු පහක හෝ එවැනි යම් සීමා කාලයක් නියම කිරීම අංශ භාර ප්‍රධානියාගේ වගකීමයි. නමුත් හජ් වන්දනා කරුවන්ගේ අධීක්ෂණය කිරීමටත් ඔවුන් ව ආරක්ෂා කිරීමටත් ඔවුනට මඟ පෙන්වීමටත් නියම කරන ලැබූ විද්වතුන් ආගමික ප්‍රචාරකයින් වෛද්‍යවරුන් ආරක්ෂක නිලධාරීන් වැනි අය මේ නියමයෙන් ඉවත් වෙති.

    මෙම පොදු ලියාපදිංචිය තහවුරු කිරීම පිණිස අංශ භාර ප්‍රධානියාගේ සහය ඇතිව විවිධ රටවල් වල වෙසෙන ජනයා නීතීඥයින් හා තනිපුද්ගලයින් කටයුතු කිරීම අනිවාර්යය.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللهَ إِنَّ اللهَ شَدِيدُ الْعِقَابِ

    යහපත කෙරෙහි ද බිය බැතිභාවය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදව් කර ගනිවු. පාපය කෙරෙහි ද සීමාව ඉක්මවීම කෙරෙහි ද එකිනෙකා උදවු කර නොගනිවු. තවද අල්ලාහ් ට බිය බැතිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය. (අල්-කුර්ආන් 5:2)

    · හජ් හා උම්රා කණ්ඩායම් ගෙන යෑමේ නීති

    ආගමික නීති රීති වලට අනුකූලව හජ් හා උම්රා සඳහා කණ්ඩායම් ගෙන යෑම පිළිබඳ ව නිවේදනයන් කිරීම එයට අදාළ ආයතන හා මධස්ථානවලට අනුමැතිය ඇත.

    හජ් වන්දනා කරුවන්ගේ අයිතිය සුරැකීම පිණිස ද ඔවුන් සමඟ එකඟතාවෙන් යුතුව වන්දනාමානයන් ඉටු කිරීම පිණිස ද හජ් කණ්ඩායම් ගෙන යන ආයතන හෝ මධ්‍යස්ථාන හෝ එම රජයෙන් බැංකු රක්ෂණ ඉල්ලා සිටීමට ද අනුමැතිය ඇත.

    හජ් වන්දනා කරුවන් හජ් හෝ උම්රා වන්දනාවන් හි නීති රීති ප්‍රවේශමින් ඉටු කරනු පිණිස ද ඔවුනට දහම පිළිබඳ මඟ පෙන්වීම පිණිස ද ආගමික් විද්වතුන් හා ආගමික ප්‍රචාරකයින් හජ් හා උම්රා කණ්ඩායම් සමඟ මෘදු ලෙස කටයුතු කිරීම ආගමානු ගත කර ඇත. කිසිදු කොන්දේසියකින් තොරව ඔවුන් කිසියම් මුදලක් හෝ පරිත්‍යාගයන් ලබා දුන් විට එය ඔහුට ලබා ගත හැක.

    කුසල් හා ප්‍රතිඵල අපේක්ෂා කරන මුස්ලිම්වරයෙකු ශෝභන ලෙස පමණට වඩා මුදල් අය කර හජ් හා උම්රා කණ්ඩායම් මෙහෙයවන ආයතන සමඟ හජ් ඉටු කිරීම සුදුසු නොවේ. හේතුව එහි නාස්තිය හා ශෝභනය ගැබ් ව ඇති බැවින් හා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හා තම සහගාමීන් තම පරමාධිපතිට දැක් වූ යටහත් පහත් භාවයේ හා දිළිඳුභාවයේ මඟ පෙන්වීමට ද පටහැණි බැවිනි.

    · රාජ්‍ය අනුග්‍රහයෙන් හජ් ඉටු කිරීමේ නීතිය.

    හජ් හි සේවයේ නියැළෙන සියලුම කම්කරුවන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත. එමෙන්ම එහි අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ඉස්ලාමීය වියතුන් ධර්ම ප්‍රචාරකයින් හා අනුමැතිය ලත් සෙසු ජනයාට ද එසේ රාජ්‍ය අනුග්‍රහයෙන් හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත.

    හජ් වන්දනා කරුවන්ගේ සේවය පිණිස එහි සහභාගී වන ආරක්ෂක භටයින් වෛද්‍යවරුන් කම්කරුවන් සේවකයන් වැන්නන් ඔවුන් ව ගෙන්වා ගත් අය හෝ ඔහුට භාර ව සිටින අය අවසර නොදුන් තත්ත්වයේ ඔහු අනිවාර්යයෙන්ම හජ් ඉටු කිරීමට අධිෂ්ඨාන කළේ නම්, එසේ හජ් ඉටු කිරීමෙන් ඔහු නිරත වන සේවයේ යම් පැහැර හැරීමක් සිදු නොවන්නේ නම් භාරකරුවන්ගේ අනුමැතියෙන් තොරව එසේ හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත. නමුත් තමන් ඉටු කරන හජ් හේතුවෙන් තමන්ට පැවරුණු සේවයේ අතපසුවීම් හෝ බාධාවන් සිදු වේවි නම්, තමන් ඇති කර ගත් සේවා ගිවිසුමෙ හි ප්‍රයෝජනය ගෙන දෙනු පිණිස භාරකරුගේ හෝ ඔහු ව ගෙන්වා ගත් අයගේ අනුමැතියෙන් තොරව එසේ හජ් ඉටු කිරීම සුදුසු නොවේ.

    හජ් හි සේවාවන් හි භාරකාරත්වය දරන්නෙකු හජ් සඳහා ඉහ්රාම් තැබුවේ නම් ඒ සඳහා තමන් ව ගෙන්වා ගත් අය ඔහුට අවසර දුන්නේ නම් තම හජ් වතාවන්ට ඉටු කරමින්ම තම සේවයේ නිරත වෙයි. ඒ සඳහා අනුමැතිය නොලැබුණ නමුත් ඔහු තමන් කෙරෙහි හජ් ඉටු කිරීම පිළිබඳ ව (යම් කිසි බාධාවක් මා වැළැක්වූයේ නම් එම මොහොතේම මම ඉහ්රාමයෙන් ඉවත් වෙමි) යැයි කොන්දේසි පනවා ගත්තේ නම් ඔහු ඉහ්රාමයෙන් ඉවත් වෙයි. ඒ සඳහා හද්යු ලබා දීමක් අවශ්‍ය නොවේ. එසේ කොන්දේසියක් නොතබා හජ් වගකීම ඉටු කරන බවට අධිෂ්ඨාන කර තිබුණේ නම් හද්යුල් මුහුසර් නම් හජ් වළක්වා ලැබූ හේතුවෙන් ලබා දිය යුතු හද්යු ලබා දී පසුව හිස මුඩු කොට පසුව ඉහ්රාමයෙන් ඉවත් විය යුතුයි.

    හජ් සමයේ සේවාවන් සඳහා නියම කරන ලද්දන් ඔවුන් හජ් ඉටු කිරීමට අපේක්ෂා කර ඇතත් එසේ හජ් ඉටු කිරීමට තමන්ට අවසරය තිබේ ද නැද්ද යන්න ඔහු නොදන්නේ නම් මීකාත් හෙවත් සීමා මායිම් හි ඉහ්රාම් තැබීම ඔහුට අනිවාර්යය නොවේ. පසුව ඔහුට අනුමැතිය දෙනු ලැබී ඇති බවට දැන ගන්නට ලැබුණේ නම් තමන්ට අනුමැතිය ලැබුණු ස්ථානයේ ම ඉහ්රාම් තබා ගනී.

    · හජ් හෝ උම්රා සඳහා කාන්තාවක් ගමන් කිරීමේ නීතිය

    මහ්රම් හෙවත් විවාහ වීමට අනුමැති නොමැති අය සමඟ මිස හජ් උම්රා හෝ වෙනත් හේතුවක් මත කාන්තාවක් ගමන් කිරීම සුදුසු නොවේ. ඇය ආගමික ප්‍රචාරිකාවක් වුව ද වෛද්‍ය වරයෙක් වුව ද සේවිකාවක් වුව ද එමෙන්ම ඇය කුඩා වුව ද වැඩිහිටි අයෙකු වුව ද නීතිය පොදුය.

    කෙනෙකුට හෙදියක් හෝ සේවිකාවක් හෝ සිටින්නී නම් ඔහු හජ් හෝ වෙනත් කටයුත්තක් සඳහා ඇය සමඟ යෑමට අපේක්ෂා කළේ නම් ඔහු අසලින් ඇය සමඟ සිටින්නට මහ්රම් කෙනෙක් නොමැති වූ විටක එමෙන්ම ඇයට ආරක්ෂිත ස්ථානයක් ඇති විටක ඇයව පමණක් රඳවා ගැනීමේ නොවැළැක්විය හැකි අවස්ථාවක් උදා වූ විටක ඔහුට ද එසේ සිදු කිරීමට හේතු වූයේ නම් මෙය එක් අත්‍යවශ්‍ය අවස්ථාවකි. එවිට දෙදෙනා විසින් සිදු විය හැකි ඛේදජනක සිද්ධීන් සිදු විය හැකි පාපයන්ගෙන් තමන් වළක්වා ගනු පිණිස තම පවුල සමඟ ඇයව ද කැටුවා ගෙන යෑමට අනුමැතිය ඇත.

    · සීමා මායිම් වලට පැමිණීම

    හජ් හා උම්රා සඳහා ඉහ්රාම් ඇඳීමේ සීමා මායිම් : දුල් හුලෙයිෆා, ජුහුෆා, කර්නුල් මනාසිල්, සාතු ඉර්ක් වේ.

    ජිද්දාව අභ්‍යන්තර සීමා මායිමකි. එහි පදිංචිකරුවන් හා එහි අරමුණ කර ගනිමින් පැමිණි අය හැර වෙන කිසිවෙකුට එහි දී හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් තැබීම සුදුසු නොවේ.

    කවරෙකු හෝ හජ් කිරීම පිළිබඳ ව නිවැරදි අරමුණක් නොමැති ව හජ් හි ඉහ්රාම් තැබීමේ සීමා මායිම් පසු කරමින් ගොස් පසු ව ඉහ්රාම් තැබුවේ ද එවිට ඔහුගේ හජ් නිවැරදිය. නමුත් පිළිගනු ලැබූ හජ් වන්දනාවක් බවට පත් නොවේ. එසේ සිදු කිරීම තහනම් ක්‍රියාවකී. හේතුව මීකාත් හෙවත් සීමා මායිම් හි ඉහ්රාම් නොතබමින් අල්ලාහ්ගේ නියමයන් අබිබවා කටයුතු කළ හෙයින් ද විෂයයට අදාළ කරුණට පටහැණිව කටයුතු කළ හෙයින් ද වේ.

    හජ් ඉටු කිරීමේ පැහැදිලි අරමුණකින් තොරව එසේ හජ් ඉටු කිරීමට ප්‍රවේශ වී පසුව හජ් හි ඉහ්රාමය තබා පසුව එය ගලවන්නට බලකරනු ලැබුවේ නම් එවිට ඔහු එය ගලවා සාමාන්‍ය ඇඳුමක් ඇඳ ගනී. පසුව ඇති වුණු බලපෑම ඉවත් වී ගිය විටක නැවත ඔහු ඉහ්රාමය බැඳ ගනී. මෙය හදවතින් තබන්නා වූ ඉහ්රාමයයි. පසුව ඔහු ඉහ්රාම් ඇඳුම අඳීයි. එවිට ඔහුගේ වතාවන් නිවැරදි වුව ද මුළුමනින්ම පිළිගනු නොලැබූ අඩුපාඩු ඇති දෙයක් බවට පත් වෙයි. විෂයය අදාළ නොවන ඊට පටහැණිව කටයුතු කළ හෙයින් පාපියෙකු බවට පත් වෙයි. එමෙන්ම මසා නිම කළ ඇඳුම් ඇඳීම හේතුවෙන් ඔහු ෆිද්යා ලබා දිය යුතු වේ.

    කවරෙකු හෝ හජ් හා උම්රා සඳහා ඉහ්රම් බැද පසුව කිසියම් හේතුවකින් තම වතාවන් ඉටු කිරීමට තහංචියක් පවනු ලැබූ විටක ඔහු ‘මා බාධා කරනු ලැබූ විටක ඉහ්රාමයෙන් ඉවත් වෙමි යැයි කොන්දේසි පනවා ගත්තේ නම් ඔහු එයින් මිදෙයි. ඒ වෙනුවෙන් කිසිදු ෆිද්යාවක් ලබා දිය යුතු නැත.

    එසේ ඔහු කිසිදු කොන්දේසියක් පනවා නොගත්තේ නම් ඔහු ඉහ්සාර් තත්ත්වයට පත්වේ. ඔහු ඉහ්සාර් හෙවත් හජ් වන්දනාව ඉටු කිරීමෙන් වළක්වනු ලැබූ හේතුවෙන් ලබා දිය යුතු හද්යු පිරිනමයි. පසුව හිස මුඩු කර ඉහ්රාමයෙන් ඉවත් වෙයි. හද්යු ලබා දීමට කිසිවක් නොලැබූ විටක හෝ හදියු ලබා දීමට නොහැකි වූ විටක හිස මුඩු කර ඉහ්රාමයෙන් මිදෙයි. ඒ වෙනුවෙන් කිසිදු වන්දියක් ලබා දිය යුතු නැත.

    · ඉහ්රාම් සම්බන්ධ විශේෂ අවස්ථා

    ඉහ්රාම් තබා ගත් කෙනෙකු තම ශරීරය හා ඇඳූම් සෝදා ගන්නා සුවඳැති සබන් ෂැම්පො වැනි දෑ හා එයට ආවේනික වෙනත් සුවඳ ද්‍රව්‍ය භාවිත කිරීමට අනුමැතිය ඇත. නමුත් එය සදුන් කස්තූරි අම්බර් වැනි මූල ද්‍රව්‍යයන්ගෙන් තොර වූවක් විය යුතුයි.

    මින්ච් කොළ, කුංකුමං හෝ පලතුරු යුෂ වැනි මනා සුවඳක් ඇති ආහාර හා පානය ගැනීම ඉහ්රාම් පැලඳ ගත් කෙනෙකුට වරදක් නොවෙයි.

    සුවඳ ගැන් වූ පසු වියළි ව ඇති ලේන්සු භාවිතයට ද අනුමැතිය ඇත. නමුත් සුවඳ ගැන් වූ පසු තෙතමනයෙන් යුත් දෑ භාවිත කිරීම නුසුදුසුය.

    ඉහ්රාම් තත්ත්වයේ සිටි කෙනෙකු තවාෆ් කර හජ්රුල් අස්වද් ගල හෝ රුක්නුල් යමානී නම් ස්ථානය සිප ගැනීමට හෝ ස්පර්ශ කිරීමට අපේක්ෂා කළේ නම් ඔහු සුවඳ විලවුන් ගැල් වූ තෙතමනයෙන් යුත් තත්ත්වයේ පසුවේ නම් එසේ ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම සුදුසු නොවේ. නමුත් වියළි ව පවතී නම් එසේ කිරීම පිළිබඳ ව වරදක් නොවෙයි.

    ඉහ්රාම් බැඳ ගත් අයෙකු කාන්තාවන්ගේ සායට සමාන ඉහළ කොටස බැඳ දමන ලැබූ අමතර රෙදි කඩක් පැලඳීම සුදුසු නොවේ.

    ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී අවශ්‍යතාවක් ඇති වූ විටක කන නාසය ආවරණය කළ හැකි වැස්මක් භාවිත කිරීමට ද හිරු රශ්මියෙන් හෙවණ ලබන්නට කුඩයක් භාවිත කිරීමට ද අනුමැතිය ඇත.

    · තවාෆ් හා සඃයු සම්බන්ධ විශේෂ අවස්ථා

    පළමු මහලේ හෝ ඊට ඉහළින් ඇති මහල් හි තවාෆ් හා සඃයු ඉටු කිරීමට අනුමැතිය තිබුණ ද සුන්නාහ්ව හා වඩාත් යෝග්‍ය වනුයේ පහළම මහලේ තවාෆ් හා සඃයු ඉටු කිරීමය.

    තවාෆ් හා සඃයු පා ගමනින් ඉටු කිරීම සුන්නාහ් ව වේ. කෙනෙකු ට යම් බාධාවක් තිබුණ ද එසේ නොතිබුණ ද රෝද පුටුවක් මත හෝ මෝටර පුටුවක් මත හෝ ප්‍රවාහනිකව තවාෆ් හා සඃයු ඉටු කිරීමට අනුමැතිය ඇත. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පා ගමනින් ද ප්‍රවාහනිකව ද තවාෆ් කර ඇති බැවිනි.

    සඃයු කරන ස්ථානය සංඛේතවත් ස්ථානයකි. එයට පමණක් ආවේණික වූ එහි නීති දැක ගත හැක. දැන් එය කඃබා මස්ජිදය තුළට පත් ව ඇත. එබැවින් සඃයු ඉටු කරන අවස්ථාවේ දී හජ් හා උම්රා සඳහා සඃයු ඉටු කරන ස්ථානයකි. නමුත් ඒ හැර වෙනත් අවස්ථාවල දී එය මස්ජිදයේ නීතිය අනුගමනය කෙරේ.

    මස්ජිදුල් හරාමයට පිටතින් පවතින එළිමහන් ප්‍රදේශය සලාතය සඳහා සැලසුම් කරන ලද්දකි. එබැවින් මස්ජිදුල් හරාම් හි නීතියට ආදළ සියලුම නීති රීතීන් එයට ද අදාළ වෙයි.

    කාන්තාවකට අවශ්‍ය වූ විටක ඇය ඔසප් තත්ත්වයේ පසුවන්නී නම් ඔසප් තත්ත්වය වළක්වාලන බෙහෙත් භාවිතයෙන් තමන්ට කිසිදු හානියක් සිදු නොවන්නේ නම් තම වන්දනාමානයන් සම්පූර්ණ කරනු පිණිස ඔසප් තත්ත්වය පාලනය කරන බෙහෙත් භාවිත කිරීමට අනුමැතිය ඇත. අනිවාර්යය තවාෆය සඳහා ඔසප් තත්ත්වය පාලනය කරන බෙහෙත් භාවිත කිරීම කාන්තාවකට අවශ්‍යය. එය ඇය එසේ ගැනීමෙන් සම්පූර්ණයෙන් රුධිර වහනය නැවතී පවිත්‍රභාවය දකින විටකය. එවිට සලාතය ඉටු කිරීමට ද තවාෆ් සිදු කිරීමට ද අනුමැතිය ලැබේ. නමුත් නැවත වතාවක් එසේ රුධිරය වහනය වන්නේ නම් එය නතර වන තෙක් හයිල් තත්ත්වයේම ඇය පසු වන්නීය.

    කවරෙකු අපවිත්‍රයක් උසුලා තවාෆ් කරන්නේ ද එමෙන්ම කවරෙකුට නිතර මල මූත්‍රා හෝ වාතය ඇතිවන්නේ ද එවිට එවන් අයගේ සලාතය ද තවාෆය ද සඃයු ද නිවැරදි වේ. හේතුව එම කොන්දේසිය ඉටු කිරීමේ හැකියාව ඔහුට නොලැබණු අවස්ථාවක එම අනිවාර්යය කොන්දේසිය අතහැර දැමීමට හේතු වූ බැවිනි.

    තවාෆ් හි ද සඃයු හි ද ප්‍රාර්ථනාවන් හි නිරත වීමේ මූලික ක්‍රමය වනුයේ සෑම කෙනෙකුම තනිතනියෙන් ප්‍රාර්ථනාවන් හි නිරත වීමය. තවාෆ් හි හා සඃයු හි එකම හඬකින් සාමුහික ව ප්‍රාර්ථනාවන් හි නිරත වීම බිද්අත් හෙවත් ආගමට බැඳුණු නව ක්‍රියාවලියකි. කවරෙකු හෝ සුන්නාහ්ව ට පටහැණිව කටයුතු කරන්නේ ද ඔහු බිද්හාවෙ හි වැටෙනු ඇත.

    ප්‍රාර්ථනාවෙ හි මූලික ක්‍රමය එය නිහඩතාවෙන් යුතුව ඉටු කිරීමයි. තවාෆ් හි හෝ සඃයු හි හෝ හඬ නඟා ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය නොවන්නකි. හේතුව එමගින් තවාෆ් කරන්නන් හට එය බාධාවක් වන බැවිනි. එහෙයින් නිහඬතාවෙන් යුතුව ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය වෙයි.

    මූලිකම කරුණ වනුයේ සෑම කණ්ඩායමක් ම තනි තනිවම අල්-කුර්ආන් හා සුන්නාහ් ව තුළින් ආගමානුගත කරනු ලැබූ තමන්ට පහසු ප්‍රාර්ථනාවන් ගෙන ප්‍රාර්ථනා කිරීමයි. අල්-කුර්ආන් හා සුන්නාහ්වෙ හි සඳහන් නොවන එයට ආවේණික ප්‍රාර්ථනාවන් ද ප්‍රාර්ථනා කිරීමට ද අනුමැතිය ඇත.

    තවාෆ් හි හා සඃයු හි නිරත වන්නන්ගෙන් කුලී ලබා ගැනීම අලුතින් ඇති වූ සිද්ධියකි. එය දහම විකුණා ලොව මිලට ගන්නාක් මෙනි. ඒ හේතුවෙන් තර්ක විතර්ක ගැටුම් නොමනා හඬ තවාෆ් කරන්නන්ට බාධා ඇති වීම වැනි නොසන්සුතාවය ඇති වේ. එසේ කටයුතු කිරීම මුස්ලිම්වරයෙකුට සුදුසු නොවේ. තවාෆ් සිදු කිරීමේ මූලික ක්‍රියාදාමය වනුයේ පිරිමින් හා කාන්තාවන් යන සෑම කෙනෙකුම ස්වයංව ඉටු කිරීමයි. එසේ විශාල සෙනඟක් ඇති වූ විටක මුස්ලිම්වරයා එම කලබලකාරී හා විශාල සෙනඟ ඇති ස්ථානයෙන් දුරස් ව යනු ඇත.

    සෆා හා මර්වා ද සංකේතවත් ස්ථාන දෙකකි. සඃයු ඉටු කරන ස්ථානය ඇත්තේ ඒ දෙක අතරය. සෆා හා මර්වා කඳු වලට නැගීම සුන්නාහ්වකි. අනිවාර්යය වනුයේ සඃයු ඉටු කරන අවස්ථාවේ ඒ දෙක ආවරණය වන පරිදි සඃයු කිරීමයි.

    සඃයු ඉටු කරන ස්ථානයේ දුර මීටර 394ක් එහි පළල මීටර 40කි.

    සඃයු ඉටු කරන ස්ථානයේ හිස මුඩු කිරීම හෝ හිස කෙස් කැපීම හෝ සිදු නොකළ යුතුය. හේතුව එය වන්දනාමානයන් නැමදුම් සලාතය ඉටු කරන ස්ථානයක් වන බැවිනි. එනිසා එම ස්ථානය පිරිසිදු ව තබා ගැනීමත් කෙස් හෝ අපවිත්‍ර දෑ පැතිර යෑමෙන් වළක්වා ගැනීමත් අනිවාර්යය වේ. කවරෙකු හෝ හිස මුඩු කිරීමට අපේක්ෂා කළේ නම් මස්ජිදයට පිටතින් ඇති හිස මුඩු කරන ස්ථානය වෙත යු යුතුය.

    · අරෆාවෙ හි විශේෂ අවස්ථාවන්

    අරෆාවෙ හි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 10කි. නමිරා නමැති මස්ජිදය අරෆා ස්ථානයට බටහිරින් පිහිටා ඇත. එහි වාහල්කඩ උරනා මිටියාවතෙහි ද එහි පසුපස පෙදෙස අරෆාවෙහි ද පිහිටා තිබීම දැක ගත හැක.

    කවරෙකු හෝ එහි වාහල්කඩ ඉදිරියේ ලැඟුම් ගන්නේ ද ඔහු අරෆාවෙ හි රැඳී සිටි ලෙස සලකනු නොලැබේ. ඔහු අරෆාව ට ප්‍රවිෂ්ට නොවූයේ නම් ඔහුගේ හජ් වන්දනාව නිවැරදි නොවේ.

    කවරෙකු හෝ අරෆාවෙ හි රැඳී සිට පසුව සිහිවිකල් වූයේ ද එවිට ඔහුගේ හජ් වන්දනාව නිවැරදිය. එමෙන්ම සිහිවිකල් වී මොහොතක් හෝ පැහැදිලිතාවක් ඇති නොවූ තත්ත්වයේ සිටින කෙනෙකු අරෆාව ට පිවිසියේ නම් ඔහුගේ අරෆා රැඳුම නිවැරදි වෙයි.

    · මුස්දලිෆාවෙ හි සුවිශේෂි අවස්ථා

    හජ් වන්දනාකරු අවුරුදු දින රාත්‍රියේ මුස්දලිෆාවෙ හි ගත කිරීම අනිවාර්යය වේ. කවරෙකුට හෝ හිරු උදා වන තෙක්ම රෝගයක් හේතුවෙන් හෝ සෙනඟ හේතුවෙන් හෝ එහි පිවිසීමට නොහැකි වූයේ නම් ඒ අසලින් ගමන් කරයි. ප්‍රාර්ථනාවෙ හි නිරත වෙයි. ඔහුගේ හජ් නිවැරදිය. ඔහු කෙරෙහි පාපයක් නොමැත. හේතුව නොවැළැක්විය හැකි බාධකයක් ඔහුට ඇති වූ බැවිනි.

    යමෙකු සෙනඟ හේතුවෙන් තම වාහනයේ මුස්දලිෆාවෙ හි නතර කිරීමට නොහැකිව එය පසු කර ගියේ නම් හෝ ඉන් පිටත ගොස් නැවත පැමිණීමට නොහැකි වූයේ නම් හෝ ඒ හරහා ගමන් කිරීම ප්‍රමාණවත් වෙයි. අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ හජ් වන්දනාව නිවැරදි වේ.

    යමෙකු කිසිදු හේතුවකින් තොරව ඉක්මණින් යෑමේ අරමුණින් එහි නොනැවතී එය පසු කර යන්නේ නම් එවිට ඔහු අනිවාර්යය කටයුත්තක් අතපසු කළේය. ඔහු පාපියෙකු වෙයි. ඔහුගේ හජ් වන්දනාව නිවැරදි වුව ද පූර්ණවත් ලෙස පිළි ගනු නොලැබූ අඩුපාඩුකම් වලින් යුත් හජ් වන්දනාවක් වෙයි.

    ආරක්ෂක භටයින් ගිනි නිවන භටයින් වෛද්‍යවරුන් වැන්නන් හජ් වන්දනා කරුවන්ගේ සේවය සඳහා නිරත ව සිටින බැවින් ඔවුන ට මුස්දලිෆාවෙ හි රැඳීමට නොහැකි වූ විටක රාත්‍රියෙන් අඩක් ගෙවී යන තෙක් රැඳී සිටියේ නම් රෝගීන් හා දුර්වල ජනයා මෙන්ම මිනාව වෙත ඉෆාළා හෙවත් ජන ගංගාව සමඟම ගමන් කරයි.

    තම කණ්ඩායම අතරමං වේවි නැතිනම් යම් අබැද්දියක් සිදු වේවි යන බිය හේතු කොට ගෙන කවරෙකු මුස්දලිෆාවෙ හි රැඳී නොසිටින්නේ ද එවැන් අය එකම වාහනයක සිටින්නේ නම් එමෙන්ම ඔවුන් සමඟ දුබලයින් ද සිටින්නේ නම් වඩාත් යහපත් වන්නේ සියල්ලෝම එකට සිටීමය. දුබල අයට එසේ නැවතීමට හැකියාවක් නොමැති නම් සෙසු අය ද ඔවුන් සමඟ එක් විය යුතුය. හේතුව එසේ වෙන් ව යෑමෙන් ඔවුනට දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වන බැවිනි.

    යන පිරිස වාහන කිහිපයක වෙත් නම් ශරීර සුවය හා ශක්තිය ඇත්තවුන් ගමන් කරන වාහනය එහි රැඳී සිට දුබල ජනයා ද ඔවුන් සමඟ වූ සෙසු අය ද සිටින වාහනය මුස්දලිෆාවෙ හි රැඳී නොසිට මිනා වෙත ගමන් කරයි.

    සුන්නාහ් ව වනුයේ මුස්දලිෆාවෙ හි මග්රිබ් හා ඊෂා ජම්උ තඃහීර් හෙවත් මුල් සලාතය පසු සලාතය දක්වා ප්‍රමාද කොට දෙකම එකට ඉටු කිරීමේ ක්‍රමය පිළිපැදීමයි. කිසිදු හේතුවෙකින් තොරව කෙනෙකු මුස්දලිෆාව පැමිණීමට පෙර සලාතය ඉටු කළේ ද ඔහු සුන්නාවක් පැහැර හැරියේය. නමුත් ඔහුගේ සලාතයට ප්‍රතිඵල හිමි වේ.

    ඉසා සලාතයේ වේලාව පැමිණීමට පෙර කිසිවෙකු හෝ මුස්දලිෆාවට ගියේ නම් සුන්නාහ් ව වනුයේ ඉෂා සලාතයේ වේලාව පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීමය. පසුව ජම්උ තඃහීර් ක්‍රමයට ඔවුන් සලාතය ඉටු කරති. ජම්උ තක්දීම් ක්‍රමයට සලාතය ඉටු කිරීමට ද මොවුනට අනුමැතිය ඇත.

    හජ් වන්දනාකරුවෙකු තමන්ට ඇති වූ වැළැක්විය නොහැකි කරුණක් හේතුවෙන් මුස්දලිෆාවට යෑමට පෙර ඉෂා සලාතයේ වේලාව අත පසු වේවි යැයි බියක් ඇති වූ විටක ඉෂා සලාතයේ වේලාව ඉකුත් වීමට පෙර මග්රිබ් හා ඉෂා සලාතයන් තමන් එන මාර්ගයේ ම ඉටු කිරීම අනිවාර්යය වේ.

    කවරෙකුට හෝ වැලඳුණු රෝගයක් හේතුවෙන් හෝ වැළැක්විය නොහැකි කරුණක් හේතුවෙන් සලාතය ඉටු කිරීම සඳහා තමන් ගමන් කරන වාහනයෙන් බසින්නට නොහැකි වූයේ නම් එම වාහනයේ ම අවස්ථානුකූලව සලාතය ඉටු කරයි. යමෙකු සෙනඟ තදබලයට බිය වී රාත්‍රියෙන් අඩක් ගත වීමට පෙර හෝ ඊට පසුව හෝ මිනාවෙන් හැරී යන්නේ ද ඔහු සුන්නාහ්ව ට පටහැණි කටයුත්තක් සිදු කළේය. එසේ කවරෙකු කළේ ද ඔහු නැවත එම ස්ථානයට පැමිණීම අනිවාර්යය වේ. එසේ නොපැමිණියේ නම් ඔහු පාපියෙකු වේ. ඔහුගේ හජ් වන්දනාව සම්පූර්ණව පිළි ගනු නොලැබූ අඩුපාඩු සහිත හජ් වන්දනාවක් වනු ඇත. දුර්වලයින්ට හෝ සෙසු අයට හෝ රාත්‍රියෙන් අඩක් ගත වීමට පෙර එසේ හැරීයාම අනුමත නොවේ. නොවැළැක්විය හැකි හේතූන් ඇති උදවිය සුබ්හු සලාතය හා අහස කහ වර්ණ ගැනීමෙන් පසුව මිස මිනාවට ජන ගංගාව සමඟ යෑම නුසුදුසුය.

    · මිනාවෙ හි සුවිශේෂී අවස්ථා

    මිනාවෙහි භූමි භාගය සාමාන්‍යයෙන් වර්ග කිලෝ මීටර 4කින් යුක්තය. එය විශාල භූමි භාගයකි. ඒ අවට උතුරින් හා දකුණින් විශාල කඳු දෙකක් පිහිටා තිබේ.

    · මක්කාහ් භූමිය තුළ ව්‍යාපාර සිදු කිරීමටත් එහි ගොඩනැගිලි ඉදි කිරීමටත් ඒවා කුලියට දීමටත් අනුමැතිය ඇත. වන්දනාමාන ඉටු කරන ස්ථානයන් හා සංකේතවත් කරන ස්ථානයන් වනුයේ මිනා මුස්දලිෆා හා අරෆා වේ. එම ස්ථානයන් හි ව්‍යාපාර සිදු කිරීමත් කුලියට දීමත් අනුමත නොවේ. හේතුව එම ස්ථානයන් මස්ජිද් මෙන් නැමදුම් ඉටු කිරීමට සියලු මුස්ලිම් වරුන්ට සතු නැමදුම් ස්ථානයකි. මුස්ලිම් වරුන්ගේ අපේක්ෂාවන් හා අයිතීන් රැකෙන පරිදි මිනා කඳු පා මුල ගොඩනැගිලි ඉදි කර එයින් ප්‍රයෝජන ලබන්නන් හට කුලියට දීමට රජයට අනුමැතිය ඇත. හේතුව එම ස්ථානයට අමතර ඉඩක් එමගින් ලැබෙන බැවින් හා ජනයාට පහසුකම් සැලසෙන බැවිනි.

    · මෂාඉර් හෙවත් සංකේතවත් ස්ථානයන් හි කූඩාරම් ඉදි කොට කුලියට ලබා දීමේ නීතිය

    හජ් වන්දනා කරුවන්ගේ යහපත හා පොදු යහපත සැලකිල්ලට ගෙන මෂාඉර් හෙවත් සංකේතවත් ස්ථානයන් හි කූඩාරම් ඉඳි කිරීම රජයට අනුමැතිය ඇත.

    තමන් කළ වියදම පිරිමසා ගන්නා තෙක් එම කූඩාරම් වලින් කුලියක් අය කිරීමට අනුමැතිය ඇත. පසුව එහි ආරක්ෂාව හා සේවාවන් සඳහා පමණක් අය කිරීම් සිදු කළ යුතුය.

    හජ් වන්දනාකරු හා හජ් යාත්‍රා මෙහෙයවන්නන් තම අවශ්‍යතාවය ට වඩා විශාල කූඩාරම් ලබා ගැනීම අනුමත නොවේ. තමන්ට අමතර යමක් ඇත්නම් කුලියට ලබා දුන් අය වෙත නැවත එය භාර දිය යුතුය. එසේ පැවරීමට නොහැකි වූ විටක තම කුලියේ වටිනාකම පියවා ගැනීම පිණිස එය වෙනත් කෙනෙකුට කුලියට ලබා දිය හැක. එහි අමතර සේවාදායකියින් යොදා ඇත්නම් එම සේවාවන්ට ගෙවිය යුතු වටිනාකම පියවීමට පමණක් ඊට සරිලන කුලියක් ලබා ගැනීමට අනුමැතිය ඇත.

    නමුත් කූඩාරම් ඉඳි කර ඇති ස්ථාන අමතර ආදායම් ලබන මාර්ගයක් නොවිය යුතුය. හේතුව ඉන් කුලියක් අය කරනු ලබනුයේ කූඩාරම් ඉඳි කිරීම සඳහා වැය වූ මුදල පිරිමසා ගැනීම පිණිස මිස භූමි භාගය වෙනුවෙන් නොවේ. මිනාවෙ හි ආරම්භයේ සිට අවසානය දක්වා කූඩාරම් එකහා සමාන ව පිහිටයි.

    කූඩාරම් බෙදා හරිනු ලබනුයේ කුසපත් ක්‍රමයටය. කොටසක් පෞද්ගලිකව සහතික කළ අයට ද තවත් කොටසක් හජ් වන්දනා කරුවන් ගෙන එන්නන් හා එම ආයතන අතර බෙදා හරිනු ලැබේ.

    කුලී ගෙවීමකින් මිස මිනාවෙ හි රැඳී සිටීමට වෙනත් ස්ථානයක් නොලබන්නෙකු නම් ඔහුට කුලියක් ලබා දීමට හැකි නම් එමෙන්ම රජයේ පාලන මිලට හෝ ඊට සමීප මිලකට එම කුලිය පිහිටන්නේ නම් එවිට එසේ කුලියට ලබා ගැනීම ඔහුට අනිවාර්යය වේ.

    එහි කුලිය පාලන මිලට වඩා අධික නම් එසේ කුලියට ලබා ගැනීම අනිවාර්යය නොවේ. විශේෂයෙන් අසාධාරණ ලෙස එසේ අධික මිලක් පවති නම් මුස්දලිෆා වැනි හෝ මිනා අවට ඇති ස්ථානයකට ගොඩ බසියි.

    අසාධාරණ ලෙස පවතින අධික මිල ගෙවීමේ හැකියාව තමන්ට ඇත්නම් එසේ කුලිය ගෙවීමට හැකිය. එවිට පාපය පවතින්නේ එය අසාධාරණ ලෙස ගත් උදවියටය.

    හජ් වන්දනාකරු මිනාවෙ හි අය්යාමුත් තෂ්රීක් හෙවත් හජ් මස 13,14 හා 15 වැනි දිනයන් හි රාත්‍රිය ගත කිරීම අනිවාර්යය. එසේ සිටීමට ස්ථානයක් නොලැබුණු විටක මුස්දලිෆා වැනි මිනාවට සමීපයෙන් පිහිටි ස්ථානයක රාත්‍රිය ගත කිරීම අනිවාර්යය වේ. හේතුව හජ් හි අරමුණු වනුයේ හජ් වන්දනා කරුවන් සියල්ලෝම එකම ස්ථානයක රැස් වී තම නැමදුම් තම ඇඳුම් හා නවාතැන් හි ඒකාකාරී ස්වරූපයක් නිරූපණය කරමින් එකිනෙකා මුණ ගැසී දැන හැදින ගැනීමය.

    මිනාවෙ හි මූලික කරුණ වනුයේ සෑම හජ් වන්දනා කරුවෙකු ම එහි රාත්‍රි හා දහවල් කාලය ගත කිරීමය. තවාෆුල් ඉෆාළා සඃයු වැනි නැමදුම් ඉටු කිරීම හෝ හද්යු ලබා දීම හෝ තම අත්‍යවශ්‍ය කරුණක් සපුරා ගැනීම වැනි හේතූන් මත මිස මිනාවෙන් පිටත යෑම අනුමත නොවේ. එසේ ගිය ද රාත්‍රිය ගත කිරීම සඳහා එහි නැවත පැමිණිය යුතුය. නමුත් යම් රෝගයක් වැලඳීමෙන් හෝ සෙනඟ තදබදයක් ඇති වීමෙන් හෝ නැමදුමක නිරත වී සිටීමෙන් හෝ නොවැළැක්විය හැකි කරුණක් ඇති වූ විටක ප්‍රමාද වීම වරදක් නොවේ.

    හජ් වන්දනා කරුවන් මිනාවෙ හි මාර්ගයන් හි ද පදික වේදිකාවන් හි ද පාලම් වල ද රාත්‍රිය ගත කිරීම අනුමත නොවේ. හේතුව තමන්ටත් සෙසු අයටත් එහි ගමන් කරන අයටත් පීඩාකාරී තත්ත්වයක් එමගින් ඇති වන බැවිනි.

    නමුත් ජනයා ගමන් නොකරන එහි නවාතැන් ගැනීමෙන් සෙස්සන්ට හානියක් නොවන මාර්ගයක් වෙත් නම් එවැනි මාර්ගයක නවාතැන් ගැනීම වරදක් නොවේ. හේතුව එය ද මිනා සීමාව ට අදාළ වන බැවිනි.

    රෝගීන් වෛද්‍යවරුන් හජ්වන්දනා කරුවන්ගේ සුබසාධනය සඳහා බැඳී සිටින ආරක්ෂක භටයින් වැන්නන් නොවැළැක්විය හැකි හේතුන් මත රාත්‍රියේ හෝ දහවලෙ හි තම අවශ්‍යතාවන් ට අනුව මිනාවෙන් පිටත්ව යෑමට සිදු වූයේ නම් එසේ පිට වී යෑමට අනුමැතිය ඇත. පසුව ඔහු එම ස්ථානයට නැවත පැමිණිය යුතු වේ.

    · ජම්රාත් හි ගල් ගැසීමේ සුවිශේෂී අවස්ථා

    දුබලයින් හා ඔවුන්ට සාත්තු සප්පායම් කරන්නන් අවුරුදු දින චන්ද්‍රයා උදා වී රාත්‍රියෙන් අඩක කාලයක් ගත වීමෙන් පසුව ජම්රතුල් අකබාවට ගල් ගැසීමට අනුමැතිය ඇත. කවරෙකු හෝ ඊට කලින් ගල් විසි කළේ නම් නැවත එය ඉටු කිරීම ඔහු වෙත පැවරේ.

    අයියාමුත් තෂ්රීක් දිනයන් හි මධ්‍යහ්නට පසුව ගල් විසි කිරීම සුන්නාහ්වකි. සෙනඟ තදබදයට බිය වී මධ්‍යහ්නට කළින් ගල් විසි කිරීම කිසිවෙකුට සුදුසු නොවේ. ජම්රාත් හි සෙනඟ තද බදය පාලනය කිරීම පිණිස විශාල මහල් වලින් යුත් පාලම් කිහිපයක් දැන් තනා ඇත. අල්හම්දු ලිල්ලාහ් !

    ගමනක් හෝ නවාතැන් ස්ථානයක් වෙන් කර ගැනීම තමන්ට පැවරුණු වගකීම් සඳහා හේතුවක් කර ගැනීම හෝ අය්යාමුත් තෂ්රීක් දිනයන් හි මධ්‍යහ්නය පෙර ගල් ගැසීම අනුමත කර ගැනීම හෝ සුදුසු නොවෙයි. හේතුව අනෙක් කරුණු වලට වඩා හජ් හි වන්දනාමානයන් ඉටු කිරීමට මුල් තැන දිය යුතු හෙයිනි. තමන් ඒ වෙත පැමිණියේ ද ඒ හේතුවෙනි. එබැවින් එය සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.

    රෝද පුටුවක් වැනි ආධාරයක් මත නැග හෝ පහළ මහලේ සිට හෝ ඊට ඉහළින් ඉදි කර ඇති මහල් පාලම් වල සිට හෝ ගල් ගැසීමට අනුමැතිය ඇත. අකබාවට ගල් ගැසීමේ සුන්නාහ් ව වනුයේ තම දකුණු පෙදෙස මිනා දෙසට ද වම් පෙදෙස මක්කාහ් දෙසට ද පිහිටන සේ සිට ගල් ගැසීමයි. හුලෙයිෆා දෙසින් එනම් උතුරු දෙසින් ගල් විසි කරන්නා ගල් විසි කළ යුතු ස්ථානයට නිවැරදිව විසි කරන්නේ නම් එය අනුමත ලද්දකි. හේතුව මෙහි දී සැලකිල්ලට ගනුයේ ගල් විසි කරනු ලබන ස්ථානය බැවිනි. දිශාව සම්බන්ධ ව සඳහන් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වූ කරුණ පුළුල්ය.

    ගල් විසි කරනු ලබන ස්ථානය. එය කණුවක් වටා වූ තටාකයකි. එම කණුව එහි සාධකයයි. එයට වූ සංකේතයයි.

    කණුවේ බිත්තිය ගල් ගසනු ලබන ස්ථානයට වඩා විශාලය. සියලුම මහල් වලට බැඳෙන සේ එය පිහිටා ඇත. එම මහල් වලින් පෙරළෙන ගල් නියමිත ස්ථානය ට වැටෙන සේ ඉදි කර ඇත. එනම් එය පහළින් පිහිටා ඇති සියලු ගල්, ගොඩ ගැසෙන ස්ථානයයි. එසේ විශාල කර ඇත්තේ ගල් වැටෙන ස්ථානයේ කවයට ගල් වැටෙන පරිදි මිස අඩි හයක විශාලත්වයෙන් යුත් ගල් වැටෙනු ලබන කටාරම නොවේ. එය ඒ ප්‍රමාණයෙන්ම පවතී එය විශාල කර නොමැත.

    ගල් ගැසීම සඳහා කෙනෙකු පත් කොට පසුව ගල් ගැසීමට පෙර ගල් ගැසීම සඳහා පත් කළ අය සමුගත්තේ නම් හෝ ගමන් කළේ නම් හෝ

    ඔහු කිසිදු සාධාරණ හේතුවකින් තොරව එසේ පත් කළේ නම් එම පැවරුම හෝ ගල් ගැසීම නිවැරදි නොවේ. එවිට ඔහු පාපියෙකු වෙයි. ඔහුගේ හජ් වන්දනාව පූර්ණ ලෙස පිළිගනු නොලැබූ එකක් බවට පත් වෙයි. ඔහුගේ සමුගැනීම ද නිවැරදි නොවේ.

    යම් කිසි සාධාරණ හේතුවක් මත එසේ පත් කළේ නම් එම පැවරුම නිවැරදිය. නමුත් සමු ගැනීම නිවැරදි නොවේ. හේතුව තවාෆුල් විදා නම් සමුගැනීමේ තවාෆ් ඉටු කළ යුත්තේ සම්පූර්ණයෙන්ම ගල් විසි කර අවසන් කළ පසුවය. යම් කිසි රෝගයක් හේතුවෙන් හෝ ඔසප් හේතුවෙන් හෝ තවාෆුල් ඉෆාලා ඉටු නොකරන ගමන් කළේ නම් තමන් හේතු වූ බාධකය ඉවත් වූ පසුව එම තවාෆය ඉටු කරයි එය දුල් හිජ්ජා මාසයේ අවසානයට පසුව පවා සිදු කළ හැක. නමුත් තවාෆුල් ඉෆාළා ඉටු කරන තෙක් තම බිරිය සමඟ සංසර්ගයේ නිරත වීමෙන් වැළකී සිටිය යුතුය.

    කිසිදු සාධාරණ හේතුවකින් තොරව එසේ ප්‍රමාද කරන්නේ නම් ඔහු පාපියෙකු වෙයි. එවිට තව්බා කිරීමත් එය නැවත ඉටු කිරීමත් ඔහු කෙරෙහි පැවරෙනු ඇත. හේතුව එම තවාෆය හජ් හි ප්‍රධාණ කුලුනු වලින් එකක් වන බැවිනි. එය සිදු නොකර හජ් සම්පූර්ණ නොවෙයි.

    හජ් වන්දනා කරුවන් ආරෆා මුස්දලිෆා මිනා නම් ස්ථානයන් හි රැස්වීමටත් තවාෆ් ඉටු කිරීමටත් ජම්රාත් වලට ගල් ගැසීමටත් පහසු වන අයුරින් ඔවුන්ගේ අධිකත්වය හා තදබල සෙනඟ අවධානය ට ගෙන ඔවුන් ව ක්‍රමවත් ව පෙළ ගැස්වීම් විෂය භාර නිලධාරියාගේ වගකීම වේ. එය මක්කාහ්වේ හා මෂාඉර් හෙවත් සංකේතාත්මක ස්ථානයන් හි යහපත හා සාමය තහවුරු කරන්නක් වේ. සියලුම හජ් වන්දනා කරුවන් හා හජ් මෙහෙයවන ආයතනයන් එම සුබවාදී වාතාරවණය ස්ථාපිත කරනු පිණිස එම නිලධාරියාට සහය වීම අනිවාර්යය වේ.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

    විශ්වාස කළවුනි, අල්ලාහ් ට අවනත වවු. තවද රසූල් වරයාට ද නුඹලා අතර වූ ප්‍රධානීන්ට ද අවනත වවු. නුඹලා අල්ලාහ් ව ද අවසන් දිනය ද විශ්වාස කරන්නන් ව සිටින්නේ නම් යම් කරුණක නුඹලා අතර මත ගැටුම් ඇති වුවහොත් නුඹලා අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද එය යොමු කරවු. එය යහපත්ය. තවද අවසන් නිගමනයෙන් ඉතා අලංකාරය. (අල්-කුර්ආන් 4:59)

    · හද්යු ලබා දීමේ සුවිශේෂි අවස්ථා

    තමත්තුඃ හා කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නන් හද්යු ලබා දීම අනිවාර්යය වේ. ඔවුන් එයින් අනුභව කිරීමත් එය අන් අයට බෙදා හැරීමත් සතුටු දායක කරුණකි.

    හද්යු ලබා දෙන සතුන් තමන් විසින් ම කපා හැරීම අති උතුම්ය. මෙම කාර්යය සඳහා විශ්වාසනීය පුද්ගලයෙකුට හෝ එම කටයුතු සිදු කිරීම සඳහා පෙනී සිටින ආයතන වලට පැවරීමට අනුමැතිය ඇත.

    මුළු හරම් සීමාව තුළ ම හද්යු ලබා දීම ආගමානුගත කර ඇත. හරම් සීමාවට පිටතින් හද්යු ලබා දීම අනුමත නොවේ. වඩාත් යෝග්‍ය වනුයේ මිනා හා ඒ අවට ඇති ප්‍රදේශ වල කපා හැරීමයි. එය කපා හැරීමටත් ආහාරය සඳහා ගැනීමටත් හජ් වන්දනා කරුවන් හා දුගියන්ට ඒවා බෙදා හැරීමටත් පහසු වන බැවිනි.

    මස් බෙදා හැරීමේ මූලික කරුණ වනුයේ හරම් සීමාව තුළ සිටින දුගියන්ට බෙදා හැරීමයි. අවශ්‍යතාව අනුව හරම් සීමාවෙන් එපිට එය ගෙන යෑමට අනුමැතිය ඇත.

    · හිස මුඩු කිරීම හා කෙස් කොට කිරීමේ විශේෂ අවස්ථා

    හිසකෙස් කොට කිරීමට වඩා හිස මුඩු කිරීම වඩාත් උතුම්ය. හිස මුඩු කිරීමේ යෝග්‍යතම ක්‍රමය වනුයේ දැලි පිහියකින් බූ ගෑමය. යන්ත්‍රයකින් හිස මුඩු කිරීම යනු එමගින් සියලුම කෙස් ඉවත් වන්නේ නම් එය බූ ගෑමක් ලෙස සැලකේ. එසේ නොමැති ව යමක් පෙනෙන්නට ඉතිරි ව ඇත්නම් එය හිසකෙස් කෙටි කර ගැනීමකි.

    හිස මුඩු කිරීම හෝ හිස කෙස් කොට කිරීම යන නැමදුමෙහි හිස කෙස් සියල්ල ආවරණය වන පරිදි සිදු විය යුතුය. කවරෙකු හෝ සීමිත කොටසක් පමණක් මුඩු කර නැතිනම් කපා හැර, ඉතිරි ය එසේ තිබෙන්නට හරින්නේ නම් එම මුඩු කිරීමෙ හි හා කොට කිරීමෙ හි අඩුපාඩු පවතී. අතහැර දැමූ දෑ සම්පූර්ණ කිරීම ඔහුගේ වගකීමකි.

    · තවාෆුල් විදා වෙහි සුවිශේෂි අවස්ථා

    හජ් වන්දනා කරු තවාෆුල් විදා නම් සමුගැනීමේ තවාෆය සිදු නොකරමින් මක්කාහ්වෙන් පිටත් ව ගියේ නම් ඔහු එය ඉටු කිරීම පිණිස නැවත පැමිණීම අනිවාර්යය වේ. ඔහු ඒ ගැන නොදැනුවත් නම් හෝ අමතක වී නම් හෝ ඔහු කෙරෙහි පවක් නොවේ.

    තම වන්දනාමාන සම්පූර්ණ කිරීමට පෙර යම් කිසි නොවැළැක්විය හැකි හේතුවක් මත ගමන් කර පසුව නැවත පැමිණ තම වන්දනාමානයන් සම්පූර්ණ කළේ නම් එවිට ඔහු කෙරෙහි පවක් නොවේ.

    යමෙකු සමුගැනීම සඳහා තවාෆ් කර පසුව ජම්රාත් වලට ගල් ගසා තම ගමරට බලා පිටත් වූයේ නම් ඔහු ගල් ගැසීම නිවැරදි වන අතර තවාෆුල් විදා නිවැරදි නොවේ. හේතුව තවාෆුල් විදා කළ යුත්තේ හජ් හි සියලු වන්දනාමානයන් අවසන් කළ පසුවය.

    යමෙකු දැඩි ලෙස රෝගාතුර වී ඒ හේතුවෙන් පාගමනින් හෝ ප්‍රවාහනිකව හෝ උසුලා ගනු ලබමින් හෝ තවාෆ් කිරීමට හැකියාව නොමැත්තේ නම් තවාෆුල් විදාවෙ හි වගකීම ඔහුගෙන් ඉවත් වනු ඇත. හේතුව නොහැකියාව හේතුවෙන් වාජිබය ඉවත් වන බැවිනි.

    කවරෙකු හෝ සමුගැනීමේ තවාෆය ඉටු කළේ නම් ප්‍රමාද නොකර මක්කාහ්වෙන් පිටත් වීම ඔහුගේ වගකීමය. රෝගී භාවය නැති වුණු දෙයක් සෙවීම තම කණ්ඩායම පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීම අධික නින්දට පත් වීම වැනි හේතූන් මත මිස තවාෆ් කිරීමෙන් පසු එහි නැවතී නොසිටිය යුතුය.

    · ශීඝ්‍රව හජ් ඉටු කිරීමේ නීතිය

    ශීඝ්‍රව හජ් ඉටු කිරීම යනු හජ් වන්දනාකරු අරෆා දින රාත්‍රියෙ හි පැමිණ එහි රැඳී සිට පසුව මුස්දලිෆාවට ගොස් පසුව රාත්‍රියෙන් අඩක් නික්ම යන තෙක් එහි ගත කර පසුව මිනාව වෙත ගොස් ජම්රතුල් අකබාවට ගල් ගසා හිස මුඩු කර එසේ නොමැතිනම් කොට කර පසුව තම ඉහ්රාමයෙන් මිදී පසුව මක්කාහ් ව වෙත ගොස් එකම තවාෆයකින් තවාෆුල් ඉෆාළා හා තවාෆුල් විදා ඉටු කිරීමේ චේතනාවෙන් තවාෆ් කොට ඒ සමඟ සඃයු ද ඉටු කර පසුව අය්යාමුත් තෂ්රීක් දිනයන් හි ගල් ගැසීම සඳහා තවත් කෙනෙකුට පවරා පසුව අවුරුදු දින ගම රට බලා පිටත් ව යෑමය. මෙය දුර්වලයින්ගේ හජ් යනුවෙන් සඳහන් කරයි. මෙම හජ් ක්‍රමය නිවැරදි නොවේ. හේතුව අල්ලාහ් පැන වූ සීමාවන් අබිබවා ගොස් කටයුතු කළ බැවින් ද ෂරීආහ් නීතිය විහිළුවට ගත් බැවින් ද එහි නියෝගයන්ට පටහැණිව කටයුතු කළ බැවින් ද අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීම ඉක්මවා ගොස් කටයුතු කළ බැවින් ද වේ.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ

    එබැවින් ඔහුගේ නියෝගයට විරුද්ධ ව කටයුතු කරන්නන් වන ඔවුනට ව්‍යසනයක් ඇති වීම පිළිබඳව හෝ වේදනීය දඬුවමක් ඇති වීම පිළිබඳව අවවාදයෙන් සිටිත්වා ! (අල්-කුර්ආන් 24:63)

    2-

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ" (متفق عليه)

    සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

    ‘කවරෙකු අපගේ විෂයයන් හි එහි නොමැති දෙයක් අලුතින් ඇති කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · හජ් හි සංකේතවත් ස්ථානය සංරක්ෂණය කිරීමේ නීතිය

    හජ් හි සංකේතාත්මක ස්ථානය සංරක්ෂණය කිරීම අප කෙරෙහි පැවරෙන අනිවාර්යය වගකීමකි. ඒවා නම් අරෆා මුස්දලිෆා හා මිනා වේ. එම ස්ථානයන් පිරිසිදු ව තබා ගැනීම එහි සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීම එහි මහිමය රැකීම පාපකාරී ක්‍රියාවන් සිදු කිරීමෙන් හා පාපකාරී වදන් තෙපලීමෙන් වැළකී සිටීම වැනි දෑ සැලකිල්ලට ගෙන එහි ගෞරවය රකින පරිදි කටයුතු කිරීම ද අපගේ වගකීම වේ.

    හජ් නොවන කාල වල දී එම ස්ථානයන් හි රැඳී සිටීමට අනුමැතිය ඇත. එසේ අනුමැතිය ලැබෙනුයේ ඒවායෙ හි පාපකාරී තහනම් ක්‍රියාවන් කිරීමෙන් වැළකී සිටීමේ කොන්දේසිය මතය. හේතුව එම සංකේතවත් ස්ථාන ද මස්ජිදයන් මෙන්මය. තහනම් කරනු ලබන දේවල් වලට වැදගත් කමක් දෙනු ලබනුයේ එම ස්ථානයේ ගෞරවය සැලකිල්ලට ගෙනය.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    ذَلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

    (අල්ලාහ්ගේ නියෝගය වන්නේ) මෙයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංකේතයන් ගරු බුහුමන් කරන්නේ ද සැබැවින්ම එය හදවත් හි ඇති බිය භක්තිමත් භාවයෙනි. (අල්-කුර්ආන් 22:32)

    · හජ් සමයේ පල නෙළා ගනුයේ කෙසේ ද

    හජ් වන්දනාකරු තමන්ට ප්‍රයෝජනවත් වන පරිදි ද සෙසු අයට ප්‍රයෝජනවත් වන පරිදි ද එම වටිනා කාලය ගත කිරීම අවශ්‍යය වේ.

    ආගමික විද්වතුන් හා ප්‍රචාරකයින් හජ් වන්දනා කරුවන්ගේ නවාතැන් හා කූඩාරම් වලට පිවිස ඔවුනට උපදෙස් දී මඟ පෙන්වා නිවැරදි අයුරින් හජ් ඉටු කරන ක්‍රමය දැනුවත් කර එම නැමදුම් ඔවුන් නිවැරදි ව ඉටු කිරීමට හැකි වන පරිදි උගන්වා එමගින් තමන් ද ප්‍රයෝජනය ලබා ගැනීම අවශ්‍ය වෙයි. එමෙන්ම හජ් වන්දනාකරුවන් ද එම විද්වතුන් හා ප්‍රචාරකයින්ගෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා අධික ලෙස යහපත කිරීමට ඉදිරිපත් විය යුතුයි.

    හජ් වන්දනාකරුවන් සංකේතාත්මක ස්ථානයන් හා මක්කාහ් අතර ස්ථාන ගත වීමේ දී දීර්ඝ වේලාවක් වාහනයේ ගත කිරීමට සිදු වේ. ඒ අතර වාරයේ හා දුම්රියෙන් ගමන් කරන අතර වාරයේ ජනයාට ප්‍රයෝජනවත් වන පරිදි ඔවුනට උපදෙස් දීම ද ඔවුනට යහපත හා තක්වා ව වර්ධනය කරන ක්‍රියාවන් හි නිරත වීමට ආශාව ඇති කිරීම ද ගුණවත් භාවයෙන් හැසිරෙන මෙන් හා තමන් සිටින මෙම පිවිතුරු ස්ථානයේ විනයානු කූලව හැසිරෙන මෙන් උපදෙස් දීම ද ආගමික විද්වතුන් හා ප්‍රචාරකයින් වගකීම වේ.

    හජ් වන්දනා කරුවන් මිහිතලයේ විවිධ දේශයන් හි සිට පැමිණි අල්ලාහ්ගේ පිරිසය. එබැවින් ඔවුන් මක්කාහ්වේ හා සංකේතවත් ස්ථානයන් හි රැඳී සිටින කාලය පුරා ඔවුනට ආහාර පාන නවාතැන් වැනි දෑ සපයා ධනවතුන් ඔවුනට උපකාර කළ යුතුය. ගැත්තෙකු තම සහෝදරයාට උපකාර කරමින් සිටින කාලය පුරාවට අල්ලාහ් එම ගැත්තාට උපකාර කරමින් සිටියි.

    1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللهَ إِنَّ اللهَ شَدِيدُ الْعِقَابِ

    යහපත හා බිය භක්තිය කෙරෙහි නුඹලා එකිනෙකා උදව් කර ගන්න. පාපය හා සීමාව ඉක්වීම කෙරෙහි එකිනෙකා උදව් නොකරන්න. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වන්න. සැබැවින්ම අල්ලාහ් දඬුවම් ලබා දීමෙහි දැඩිය. (අල්-කුර්ආන් 5:2)

    2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَلَكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ

    එනමුත් නුඹලා පුස්තකය උගන්වමින් ද ඉගෙන ගනිමින් ද රබ්බානීවරු (උගත් බුද්ධිමත් හා සියල්ල ඉවසා දරා ගත හැකි අල්ලාහ්ට අවනත වන ආගමික නීති විශාරදයින්) වනු. (අල්-කුර්ආන් 3: 79)

    12 මස්ජිද් තුනෙ හි සුවිශේෂීභාවය

    · මස්ජිද් තුනෙ හි සුවිශේෂීභාවය

    මස්ජිද් තුන යනු මක්කාහ්වේ පිහිටි මස්ජිදුල් හරාම් මදීනාවෙ හි පිහිටි මස්ජිදුන් නබවී හා පලස්තීනයේ පිහිටි මස්ජිදුල් අක්සා වේ.

    1- මස්ජදුල් හරාම් : මෙය නබි ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් (අලෙයිහිමස් සලාම්) යන උත්තමයන් විසින් ඉදි කරන ලද්දකි. එය මුස්ලිම් වරුන්ගේ කිබ්ලා හෙවත් නැමදුම් දිශාවයි. ඒ වෙත මුස්ලිම්වරු හජ් ඉටු කරති. ජනයා සඳහා නියම කරනු ලැබූ මුල් දේවස්ථානය එය වේ. ලෝ වැසියන්ට මඟ පෙන්වීමක් හා අභිවෘද්ධියක් ලෙස අල්ලාහ් එය පත් කළේය.

    මස්ජිදුන් නබවි : මෙය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හා එතුමාණන්ගේ මිතුරන් විසින් ඉදි කරන ලදී. මෙය දේව බිය බැතිමත් කම පදනම් කරගනිමින් ස්ථාපනය කරන ලද්දකි. ලොවෙ හි මෙම මස්ජිදයන් දෙක හැර වෙනත් පාරිශුද්ධ ස්ථානයන් නොමැත.

    මස්ජිදුල් අක්සා: මෙය යඃකූබ් (අලෙයිහිස් සලාම්) තුමා විසින් ඉදි කරන ලදී. මුස්ලිම්වරුන්ගේ කිබ්ලාවන් දෙකෙන් ආරම්භක කිබ්ලාව මෙය වේ. අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහ් අලෙයිහි වසල්ලම්) තුමාණන් ඒ වෙත ඉස්රා ගමනින් ගමන් කළහ.

    2- මෙම මස්ජිදයන් තුනෙ හි ඉටු කරනු ලබන සලාතයට ප්‍රතිඵල ප්‍රගුණ කර දෙනු ලැබේ. එබැවින් මේවා සෙසු මස්ජිදයන්ට වඩා සුවිශේෂී ස්ථානයක් හිමි කර ඇත. කුසල් බලාපොරොත්තු වෙමින් වන්දනා චාරිකාවක් ගිය ද එසේ යෑමට අනුමැතිය ඇත්තේ මෙම මස්ජිදයන් තුන වෙත පමණය.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ

    සැබැවින්ම ජනයා වෙනුවෙන් (නැමදුම සඳහා) තබනු ලැබූ පළමු වන නිවස අභිවෘධිය ලත් හා සමස්ත ලෝ වැසියනට මඟ පෙන්වීමක් වන මක්කාහ්වේ පිහිටා ඇත්තකි. (අල්-කුර්ආන් 3:96)

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِيهِ

    (නබිවරය නැමදුම්) ස්ථාපිත කිරීමට වඩ උචිත වන්නේ මුල් දින පටත් බිය භක්තිය පදනම් කරමින් ඉදි කරන ලද මස්ජිදයයි. (අල්-කුර්ආන් 9:108)

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

    මස්ජිද් අල්-හරම් හි සිට අපගේ සාධක ඔහුට අප පෙන්වනු පිණිස අවට අප අභිවෘද්ධිමත් කළ මස්ජිද් අල්-අක්සා වෙත එක් රාත්‍රියක තම ගැත්තා ව කැටුවා ගෙන ගිය ඔහු අති පිවිතුරුය. සැබැවින් ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය. (අල්-කුර්ආන් 17:1)

    3-

    عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "لَا تُشَدُّ الرِّحَالُ إِلَّا إِلَى ثَلَاثَةِ مَسَاجِدَ الْمَسْجِدِ الْحَرَامِ وَمَسْجِدِ الرَّسُولِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَسْجِدِ الْأَقْصَى" (متفق عليه)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    මස්ජිදුල් හරාම් මස්ජිදුර් රසූල් හා මස්ජිදුල් අක්සා නම් මස්ජිදයන් තුන වෙත මිස (වෙන කිසිදු මස්ජිදයකට කුසල් බලාපොරොත්තු වෙමින්) වන්දනා චාරිකා ක්‍රියාත්මක කරනු ලැබේ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    · මෙම මස්ජිදයක් තුනෙ හි සලාතය ඉටු කිරීමේ මහිමය

    1-

    عَنْ بنِ عُمر رَضِيَ اللهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "صَلَاةٌ فِي مَسْجِدِي هَذَا أفْضَلُ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ إِلَّا الْمَسْجِدَ الْحَرَامَ" (متفق عليه)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මාගේ මෙම මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය මස්ජිදුල් හරාම් හැර වෙනත් තැන් හි ඉටු කරනු සලාතයට වඩා දහස් වාරයකින් උතුම්ය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2-

    عَنْ جَابِرٍ رضي الله عنه أنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَال : "صَلَاةٌ فِي مَسْجِدِي هَذَا أَفْضَلُ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ إِلَّا الْمَسْجِدَ الْحَرَامَ وَصَلَاةٌ فِي الْمَسْجِدِ الْحَرَامِ أَفْضَلُ مِنْ مِائَةِ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ" (أخرجه أحمد وابن ماجه)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මාගේ මෙම මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය මස්ජිදුල් හරාම් හැර වෙනත් තැන් හි ඉටු කරනු සලාතයට වඩා දහස් වාරයකින් උතුම්ය. මස්ජිදුල් හරාම් හි ඉටු කරනු ලබන සලාතය ඒ හැර වෙනත් තැන් හි ඉටු කරනු ලබන සලාතයට වඩා සිය දහස් වාරයකින් උතුම්ය. (මූලාශ්‍රය අහ්මද් ඉබ්නු මාජා)

    3-

    عَنْ أَبِي ذر رضي الله عنه ، قال : تَذَاكرنا ونحن عند رسول الله صلى الله عليه وسلم أيُّهما أفضل : مسجد رسول الله صلى الله عليه وسلم؟ أم مسجد بيت المقدس ، فقال رسول الله صلى الله عليه وسلم : « صَلاةٌ في مَسْجِدِي هَذا أفضَلُ مِن أَرْبَعِ صَلَواتٍ فِيْهِ ، وَلَنِعْمَ المُصَلىَّ" (أخرجه الحاكم)

    අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් ඉදිරියේ අප සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන්ගේ මස්ජිදය උතුම් ද එසේ නොමැතිනම් බයිතුල් මුකද්දිස් නම් මස්ජිදය උතුම් දැයි අපි එකිනෙකා කතා කරමින් සිටියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ

    මාගේ මෙම මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය එහි ඉටු කරනු ලබන සලාතයට වඩා හතර ගුණයකින් උතුම්ය. එබැවින් සලාතය ඉටු කරනු ලබන මෙම ස්ථානය යහපත් විය. (ඉමාම් හාකිම් මෙය දන්වා සිටියි)

    · මස්ජිදුල් කුබාවෙහි ඉටු කරනු ලබන සලාතයේ මහිමය.

    1-

    عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِي مَسْجِدَ قُبَاءٍ كُلَّ سَبْتٍ مَاشِيًا وَ رَاكِبًا. (متفق عليه)

    ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සෑම සෙනසුරාදාවකම පාගමනින් හා ප්‍රවාහනිකව මස්ජිද් කුබා වෙත පැමිණෙන්නෙකු වූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    2-

    وَعَنْ سهل بن حنيف رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: "مَنْ تَطَهَّرَ فِيْ بَيْتِهِ ثُمَّ أَتَى مَسْجِدَ قُبَاءَ فَصَلَّى فِيْهِ صَلاَةً، كَانَ لَهُ كَأَجْرِ عُمْرَةٍ" (أخرجه النسائي وابن ماجه)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා) ප්‍රකාශ කළ බවට සහල් ඉබ්නු හනීෆ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙම නිවස කවරෙකු පවිත්‍ර කර පසුව මස්ජිද් කුබා වෙත පැමිණ එහි සලාතය ඉටු කරන්නේ ද ඔහුට උම්රාවක් ඉටු කළ කුසලක් හිමි වනු ඇත. (අන්නසාඊ ඉබ්නු මාජා යන අය විසින් මෙය වාර්තා කර ඇත.)

    · මදීනා නගරයේ පාරිශුද්ධ ප්‍රදේශයේ සීමාවන්

    බටහිරින් අල්-හර්රතුන් ගර්බිය්යා නම් ස්ථානය ද නැගෙනහිරින් අල්-හර්රතුෂ් ෂර්කිය්යා නම් ස්ථානය ද උතුරින් උහද් කන්දට පිටුපසින් පිහිටා ඇති සව්ර් කන්ද ද දකුණින් අයිර් කන්ද ද වේ. එම කන්දට වම් දෙසින් අකීක් මිටියාවත පිහිටා තිබේ.

    මදීනාවේ හරම් සීමාව ඉතා පාරිශුද්ධය. එහි වැඩී ඇති ගස් කැපීම ද එහි ඇති සතුන් දඩයම් කිරීම් ද තහනම්ය. මක්කාහ්වේ දඬයම් කිරීම පාපය හා ප්‍රතිඵල ගෙන දෙන්නකි. නමුත් මදීනාවෙ හි දඬයම් කිරීම පාපකාරී වන නමුත් ප්‍රතිඵල ලබා නොදෙන්නකි.

    عَنْ علي بن أبي طالب رَضِيَ اللهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "الْمَدِينَةُ حَرَمٌ مَا بَيْنَ عَائِرٍ إِلَى كَذَا مَنْ أَحْدَثَ فِيهَا حَدَثًا أَوْ آوَى مُحْدِثًا فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ لَا يُقْبَلُ مِنْهُ صَرْفٌ وَلَا عَدْلٌ وَقَالَ ذِمَّةُ الْمُسْلِمِينَ وَاحِدَةٌ فَمَنْ أَخْفَرَ مُسْلِمًا فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ لَا يُقْبَلُ مِنْهُ صَرْفٌ وَلَا عَدْلٌ وَمَنْ تَوَلَّى قَوْمًا بِغَيْرِ إِذْنِ مَوَالِيهِ فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ لَا يُقْبَلُ مِنْهُ صَرْفٌ وَلَا عَدْلٌ" (متفق عليه)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මදීනාව අයිර් නම් ස්ථානය හා මේ දක්වා අතර වූ ස්ථානය ඉතා පාරිශුද්ධය. කවරෙකු මෙහි නව දෙයක් බිහි කරන්නේ ද නැතහොත් නව දෙයක් රැගෙන එන්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද මිනිසුන් සියලු දෙනාගේ ද ශාපය ඇති වේවා ! ඔහුගෙන් කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ භාර ගනු නොලැබේ.

    තවදුරටත් එතුමාණෝ මෙසේ පවසා සිටියහ.

    මුස්ලිම්වරුන්ගේ ගෞරවය එක සමානය. එබැවින් කවරෙකු හෝ මුස්ලිම්වරයෙකුව පහත් කොට සලකන්නේ ද ඔහු කෙරෙහි ද අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද මිනිසුන් සියලු දෙනාගේ ද ශාපය ඇති වේවා ! ඔහුගෙන් කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ භාර ගනු නොලැබේ. කවරෙකු තම ස්වාමියාගේ අනුමැතියෙන් තොරව පිරිසක් භාර ගන්නේ ද ඔහු කෙරෙහි ද අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද මිනිසුන් සියලු දෙනාගේ ද ශාපය ඇති වේවා. ඔහුගෙන් කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ භාර ගනු නොලැබේ. (බුහාරි හා මුස්ලිම්)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලදී.

    සැබැවින්ම ඉබ්‍රාහීම් මක්කාහ් පාරිශුද්ධ කළේය. සැබැවින්ම මදීනාව එහි කදු දෙක අතර වූ භූමිය මම පාරිශුද්ධ කළෙමි. එහි ඇති අතු කපා නොහරින්න. එහි ඇති සතුන් දඬයම් නොකරන්න. (මූලාශ්‍රය: මුස්ලිම්)

    · මස්ජිදුන් නබවී බැහැ දැකීමේ නීතිය

    1- මස්ජිදුන් නබවිය බැහැ දැකීම සුන්නාහ්වකි. එහි පිවිසුණු විට මස්ජිදයට පඬුරක් වශයෙන් රකආත් දෙකක් ඉටු කරයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ කබ්ර් අසලට ගොස් එම කබ්ර්ය ඉදිරියේ සිටගෙන ‍

    السّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكاَتُهُ

    අස්සලාමු අලෙයික අය්යුහන්-නබීය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු

    තේරුම: අහෝ ! නබිවරයාණනි, ඔබ කෙරෙහි සාමය ද අල්ලාහ්ගේ කරුණාව ද හිමි වේවා !

    යනුවෙන් සලාම් පවසයි.

    පසුව ඊට දකුණ පසින් පියවරක් ඉදිරියට ගොස් ඒ අයුරින්ම අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත සලාම් පවසයි. පසුව ඊට දකුණු පසින් තවත් පියවරක් ඉදිරියට ගොස් ඒ අයුරින්ම උමර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත සලාම් පවසයි.

    عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "مَا مِنْ أَحَدٍ يُسَلِّمُ عَلَيَّ إِلَّا رَدَّ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيَّ رُوحِي حَتَّى أَرُدَّ عَلَيْهِ السَّلَامَ" (أخرجه أحمد وأبو داود)

    සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලදී.

    මා වෙත සලාම් පවසන කිසිවෙකු හෝ වේවා ඔහුට මා සලාම් පැවසීම සඳහා අල්ලාහ් මාගේ ප්‍රාණය මට නැවත ලබා දෙන්නේය. (මූලාශ්‍රය අහ්මද්, අබූ දාවූද්)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මරණයට පත් වූ කල් හි එතුමාණන් ව වළ දැමුවේ එතුමාණන්ගේම නිවසේදීය. එතුමාණන් ම්ස්ජිදයේ වළ දැමුවේ නැත. මස්ජිදය කබ්ර් ස්ථානය මත ඉදි කර නොමැත. නමුත් මස්ජිදය ඉඳි කරනු ලැබුවේ එතුමාණන්ගේ ජීවිත කාලයේදීමය. දැන් කබ්රය පිහිටා ඇත්තේ මස්ජිදයේ නොව මස්ජිදයෙන් වෙන් වූ වෙනම තනි කුටියකය.

    2- මදීනාවේ පිහිටි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මස්ජිදය බැහැ දැකීම හජ් හෝ උම්රාවෙ හි නැමදුම් අතුරින් එකක් නොවේ. එය නොමැතිවම හජ් හා උම්රා සම්පූර්ණ වෙයි. කවර වේලාවක හෝ එය බැහැ දැක එහි සලාතය ඉටු කිරීම සුන්නාහ්වකි.

    සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මාගේ නිවස හා මාගේ මින්බරය (දේශන වේදිකාව) අතර වූ ප්‍රදේශයෙන් ස්වර්ගයේ උයන් අතුරින් උයනක් ඇත. මාගේ මින්බරය පිහිටා ඇත්තේ මාගේ තටාකය මතය. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

    බකීඃ හෙවත් සොහොන් පිටිය උහද් හි ෂහීද්වරුන් වළ දැමූ ස්ථානය බැහැ දැක ඔවුන් වෙත සලාම් පැවසීමත් ඔවුනට ප්‍රාර්ථනාවන් හා පාපක්ෂමාව අයැද සිටීමත් සුන්නාහ්වකි. කබ්ර් ස්ථාන බැහැ දකින විට මෙසේ ප්‍රකාශ කිරීම සුන්නහුවකි.

    1.

    "السَّلَامُ عَلَى أَهْلِ الدِّيَارِ مِنْ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ وَيَرْحَمُ اللهُ الْمُسْتَقْدِمِينَ مِنَّا وَالْمُسْتَأْخِرِينَ وَإِنَّا إِنْ شَاءَ اللهُ بِكُمْ لَلَاحِقُونَ" (أخرجه مسلم)

    අස්සලාමු අලා අහ්ලිද් දියාරි මිනල් මුඃමිනීන් වල්-මුස්ලිමීන් වයර්හමුල්ලාහුල් මුස්තක්දිමීන මින්නා වල්-මුස්තඃකිරීන, වඉන්නා ඉන්ෂා අල්ලාහු බිකුම් ලලාහිකූන්

    තේරුම : මුඃමින් වරුන් හා මුස්ලිම් වරුන් අතුරින් වූ නිවැසියනි, ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! අප අතරින් පෙර ගියවුන්ටත් පසුව යන්නට සිටින්නන්ටත් අල්ලාහ් කරුණා කරත්වා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. (මූලාශ්‍රය: මුස්ලිම්)

    2.

    "السَّلَامُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنْ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ وَإِنَّا إِنْ شَاءَ اللهُ لَلَاحِقُونَ أَسْأَلُ اللهَ لَنَا وَلَكُمْ الْعَافِيَةَ" (أخرجه مسلم)

    අස්සලාමු අලෙයිකුම් අහ්ලද් දියාරි මිනල් මුඃමිනීන වල් මුස්ලිමීන් වඉන්නා ඉන්ෂා අල්ලාහු ලලාහිකූන් අස්අලුල්ලාහ ලනා වලකුමුල් ආෆියා

    තේරුම : මුඃමින් වරුන් හා මුස්ලිම් වරුන් අතුරින් වූ නිවැසියනි, ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! අල්ලාහ් අභිමත කළා නම් සැබැවින්ම අපිද ඔබ සමඟ සම්බන්ධ වන්නන් වෙමු. අපට ද ඔබට ද සුවය ලබා දෙන මෙන් මම අල්ලාහ්ගෙන් පතමි. (මූලාශ්‍රය: මුස්ලිම්)

    පුරාණ නටඹුන් වලට ගරු බුහුමන් කිරීම

    ඉතිහාසය සංකේතවත් කරන නටබුන් වලට ගරු බුහුමන් කිරීම දේව ප්‍රතික්ෂේපිතයින්ගේ සිරිතය. එය තහනම් කර ලද්දකි. එසේ තහනම් කරනු ලැබීමට හේතුව වනුයේ එහි සීමාව ඉක්මවා යමින් දේව ආදේශය වෙත නැඹුරු වන අර්ථවත් නොමැති දෑ ඇතුළත්ව ඇති බැවින් ද අල්ලාහ්ගේ සංකේතවත් ස්ථාන නොවන දෑ වෙනුවෙන් ගරු බුහුමන් කරන බැවින් ද ජනයා තම දහමෙ හි ව්‍යාකූල භාවයක් දකින බැවින් ද ජනයාගේ වස්තුව අයුක්ති සහගත ලෙස උපයා අනුභව කරන බැවින් ද වේ.

    ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට එවන්න.

    e.mail} [email protected]

    වර්ග: