සමාජයේ ආරක්ෂාව සඳහා වු මග

කෙටි හැඳින්වීම

ආදම් ගේ දරුවන් සියලු දෙනා ම පරීක්ෂණය ට ලක් වීම අල්ලාහ්ගේ ප්ර්ඥාවෙනි. විශ්වාසවන්තයින් තම ඊමානය තර කර ගෙන දහමෙ හි ස්ථීර ව සිටියේ නම්, අති උතුම් අල්ලාහ් පරීක්ෂමණයෙන් හා පීඩාවෙන් ඔවුන් රැක ගනී.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    සමාජයේ ආරක්ෂාව සඳහා වු මග

    ] සිංහල – Sinhala –[ سنهالي

    ෂෙයික් සාලෙහ් අල් ෆව්සාන්

    2011 නොවැම්බර මස නිකුත් කළ ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    طريق أمن وسلامة المجتمع

    « باللغة السنهالية »

    الشيخ الدكتور صالح بن فوزان بن عبد الله الفوزان

    ترجمة: جاسم بن دعيان

    2014 - 1435

    සමාජයේ ආරක්ෂාව සඳහා වු මග

    ෂෙයික් සාලෙහ් අල් ෆව්සාන්

    2011 නොවැම්බර මස නිකුත් කළ ලිපිය

    දයාලු, පරම දයාලු අල්ලාහ්ගේ නාමයෙන්

    සැබැවින් ම, ආදම් ගේ සියලු දරුවන් - ආරම්භයේ සිට අවසාන දක්වා වු සියලු දෙනා ම පරීක්ෂණය ට ලක් වීම අල්ලාහ්ගේ ප්‍රඥාවෙනි. ඔවුනතරින් ඔවුන් ගේ පියා වන ආදම් පළමු වන තැනැත්තා ය. ආරම්භයේ ම පරීක්‍ෂණය ට ලක් වුයේ ආදම් (අලෛ) තුමාණන් ය. ආදම් ට වඩා තමා උසස් බව උඩඟු වු ආදම් ගේ පරම සතුරා වන ඉබ්ලීස් මගින් සිදු වු බලවත් හිරිහැරය ට ආදම් සහ එතුමාගේ බිරිය වන හව්වා තුමිය ලක් වුහ. පසු ව අති උතුම් අල්ලාහ් ඔවුන් දෙදෙනා ට ඔහුගේ අනුග්‍රහය පිරිනමනු ලැබීමෙන් ඔවුන් දෙදෙනා ම තම වරද අවබෝධ කර ගෙන පාප ක්‍ෂමා ව අයැද, අල්ලාහ් වෙත ආපසු හැරුණහ.

    “අපගේ ස්වාමිනි! අපි අපට ම වරද කර ගතිමු. ඔබ අප ට ක්‍ෂමා කර අප ට දයාලු නොවුවහොත් සැබැවින් ම අපි නටුවන්ගෙන් වන්නෙම්මය යි දෙදෙනා කීවෝය.” සූරා ආල ඉම්රාන් 7:23.

    “ආදම් ඔහුගේ පරමාධිපතිගෙන් වචන ස්වල්පයක් ඉගෙන ගත්තේ ය. එවිට (අල්ලාහ්) ඔහු ට කමාව දුන්නේ ය. සැබැවින් ම, ඔහු (අල්ලාහ්) ක්‍ෂමා ව දෙන්නේය, දයාළුය. ” සූරා බකරා 2:37.

    මේ ආකාරයෙන් ම ආදාම්ගේ දරුවන් ද සංදේශක වරුන්ගේ අනුගාමිකයින් ට එරෙහි ව ඊමාන් නොමැති ප්‍රතිවාදීන්, වංචනිකයින්, මිනිසුන් හා ජින් වරුන් අතර සිටින අති දුෂ්ටයින් සෑම කාලයක ම නොයෙක් පරීක්‍ෂණයන් ට ලක් කළහ. “තවද, එසේ ම එක් එක් නබි වරයෙකු ට ජින්නුන්ගෙන් ද, මිනිසුන්ගෙන් ද, ෂයිතානුන් ගෙන්ද සතුරන් ලෙස සැලැස්සුවෙමු.” සූරා අල් අන්ආම් 6:112.

    අල්ලාහ් මෙසේ පවසයි. “මෙලෙස ම සියලු නබිවරුන් ට පවිටන් ගෙන් සතුරෙකු කෙළෙමු. ඔබේ හිමි යහමඟ පෙන්වන්නෙකු වශයෙන් ද මාර්ගෝප උදව්කාරයෙකු වශයෙන් ද සෑහෙනු ඇත.” සූරා අල් ෆුර්කාන් 25:31.

    කෙසේ වෙතත් නබි වරුන් ට සහ එතුමාණන්ගේ අනුගාමිකයින් වන වීශ්වාසින් ට අති උතුම් අල්ලාහ් ආරක්‍ෂා සලස්වන්නේ ය. “එලෙස අපගේ රසූල් වරුන් ද විශ්වාස කරන අය ද අපි මුදන්නෙමු. විශ්වාස කරන්නවුන් මිදීම අප ට භාර ය.” සූරා යූනුස් 10:103. එ බැවින් රසූල් වරුන් ට පවා ඊමාන් තුළින් හැර (වෙනත් ක්‍රමයකින්) ජය ලැබිය නොහැක. අති උතුම් අල්ලාහ්, “විශ්වාස කරන්නවුන් මිදීම අපට භාර ය.” යනුවෙන් සනාථ කරයි.

    “විශ්වාස කරන්නවුන් ට උදව් කිරීම අප වෙත පැවරී ඇත.” යනුවෙන් සූරා අර් රූම් 30:47වාක්‍ය යෙන් උත්තරිතර අල්ලාහ් තහවුරු කරයි.

    එබැවින්, විශ්වාසවන්තයින් තම ඊමානය තර කර ගෙන දහමෙ හි ස්ථීර ව සිටියේ නම්, අති උතුම් අල්ලාහ් පරීක්‍ෂණයෙන් හා පීඩාවෙන් ඔවුන් රැක ගනී. අවසාන හෝරාව දක්වා ම ඔවුන් ට ආශීර්වාදය හා සතුට ගෙන දෙන බව අල්ලාහ් පොරොන්දු වෙයි. මරණයෙන් පසු ජීවිතයේ උත්තරිතර අල්ලාහ් ඔවුන් ට වරම් ලබා දෙයි.

    පරීක්ෂණයට ලක් කරනු ලබන විට සත්‍ය ය සහය ලබයි. මෙය කරුණාභරිත අල්ලාහ්ගේ ක්‍රියා මාර්ග වන හෙයින් ඒ පිළිබඳ ව මවිතයට පත් නොවනු.

    ඊමාන් සහිත ජනතාව, වංචනිකයන්ගෙන් ඉන් පසු ව වෙන් කර පෙන්වීම අති උතුම් අල්ලාහ්ගේ ප්‍රඥාවෙන් ය. “මිනිසා, ‘අපි විශ්වාස කෙළෙමු‘ යැයි පැවසු හේතුවෙන් පරීක‍්ෂාව ට ලක් කරනු නොලැබී අත හැර දමනු ඇතැයි ඔවුන් සිතන්නේ ද? සැබැවින් ම ඔවුන ට පෙර සිටියවුන්ව ද අපි පරීක්ෂාව ට ලක් කළෙමු. සැබැවින්ම සත්‍ය කළවුන් ව අල්ලාහ් මැනවින් දන්නේ ය. තවද අසත්‍යවාදීන්ව ද අල්ලාහ් මැනවින් දන්නේ ය.” සූරා අන්කබූත් 29:2,3 වැකි.

    “අල්ලාහ් අභිමත කළේ නම් (යුද්ධයෙන් තොර ව) ඔවුන්ගෙන් පළි ගැනීම ට තිබුණි. එනමුත් ඔහු (නුඹලා ට යුද්ධ කිරීමට අණ කළේ) නුඹලාගෙන් සමහරුන් ව තවත් සමහරු මගින් පරීක්ෂා කිරීම පිණිස ය. තව ද කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ ද, ඔවුන්ගේ යහකම් ඔහු නිෂ්ඵල නොකරන්නේය.” යැයි සූරා 47:4 හි උත්තරීතර අල්ලාහ් පවසයි.

    “තව ද කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ ද, ඔවුන්ගේ යහකම් ඔහු නිෂ්ඵල නොකරන්නේය. ඔවුන් ව ඔහු යහමඟ රැගෙන ගොස් ඔවුන්ගේ තත්ත්වය සංශෝධනය කරන්නේ ය. තවද ඔහු ඔවුන් ට හඳුන්වන ලද ස්වර්ගය ට ඔහු ඔවුන් ව ඇතුළු කරන්නේ ය.” සූරා මුහම්මද් 47: 4-6. යැයි අල්ලාහ් පවසයි.

    “විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්(ගේ දහම)ට උදව් කරන්නේ නම්, ඔහු නුඹලා ට උදවු කර, නුඹලාගේ පාද ස්ථීර කරන්නේය.” සූරා 47:වාක්‍ය 4 යැයි අල්ලාහ් පොරොන්දු වෙයි.

    එබැවින්, ඊමාන් සහිත වු ඉස්ලාමීය ජනතාව මේ කාලයේ අවිශ්වාසීන් හා වංචනිකයන්ගේ ආධිපත්‍යය ට යටත් වී සිටීම සම්බන්ධ ව විස්මයට පත් නොවනු. මෙවැනි අවස්ථාවන් හි මවිතය ට පත් නොවනු, මන්ද “අල්ලාහු නරක අය යහපත් අයගෙන් වෙන් කරනු පිණිසත් නරක අය ඇතැමකු මත ඇතැමකු තබා, ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙ හි දමනු පිණිසත් ඒ අය - ඔවුහු ය පරාජිතයෝ.” සූරා අන්ෆාල් 8:37 යනුවෙන් අල්ලාහ් පවසයි.

    විවිධ ආකාරයෙන් පෙළ ගැසු විවිධ නිගමනයන් සහිත ව දේව විශ්වාස ය නොමැති අල්ලාහ්ගේ සතුරන්ගෙන් මුස්ලිම් වරුන් මුහුණ දෙන පරික්ෂණයන් හා පීඩාවන් ගැන මවිතය ට පත් නොවනු. එමෙන් ම වංචනිකයන් සහ ඉස්ලාමය ට එරෙහි ව අසත්‍යය පතුරු වන, සිත් හි රෝගයක් සහිත ජනතාවගෙන් පැමිණෙන දේ ගැන විස්මයට පත් නොවනු. මුස්ලිම්වරු මෙවැනි අවස්ථාවන් හි මුහුණ දෙන බව දකින හා සවන් දෙන පරික්ෂණ හා පීඩාවන් පිළිබඳ තොරතුරු නිසා විස්මයට පත් නොවනු. කෙසේ වෙතත්, අල්ලාහ්ගේ ත්‍යාගය බලාපොරොත්තුවෙන්, ඉවසීමෙන් සිටීම අනිවාර්‍යය බව සලකන්න. (අලංකාරවත්) අවසානය බිය භක්තියෙන් යුත් අයටය යි කීවේය.” සූරා අඅරාෆ් 7:128

    උත්තරිතර අල්ලාහ් මෙලෙස පවසා ඇත.“ඔබගේ ධනයෙහි ද, ඔබ කෙරෙහි ද, ඇත්තෙන් ම ඔබ පිරික්සනු ලබන්නෙහි ය. ඔබ ට පෙර පුස්තකය දෙනු ලැබුවන්ගෙන් ද, සමානයක් තැබු අයගෙන් ද ශෝකයට පමුණු වන බොහෝ දේ ඇත්තෙන් ම ඔබ අසන්නෙහි ය. ඔබ ඉවසීමෙන් දැඩි වීර්යයෙන් බිය බැතිමත් ව සිටින්නේ නම් ඇත්තෙන් ම එය සියලු දැය හි යහකමින් ය.” සූරා ආල ඉම්රාන් 3:186. ආගමක් දහමක් නොමැති අය සහ වංචනික අය සතුටු කරනු පිණිස, ආගමේ අවශ්‍යතා කිසිවක් අත නොහැර එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන අපහසුතා හා උවදුරු සියල්ල මැද ඉවසීමෙන් සහ දැඩි ස්ථාවරයෙන් සිටීම පිළිබඳ ව අල්ලාහ් මෙසේ සඳහන් කරයි. “ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටිය දී අපගේ නියෝගයෙන් මඟ පෙන්වන නායකයින් ඔවුන් (ඉස්රයීල්ගේ දරුවන්) අතරින් අපි ඇති කළෙමු.” සූරා අස් සජදා 32:24.

    මෙම වාක්‍යය පිළිබඳ ව පැහැදිලි කළ ෂෙයික් අල් ඉස්ලාම් ඉබ්නු තයිමියා, ‘ඉමාමතු අද් දීන් (මහ පොළොවේ ඔවුන්ගේ දහම සහ පාලනය ස්ථාපිත කිරීම ට මුස්ලිම්වරුන් ට බලතල දෙනු ලැබීම) සාර්ථක වන්නේ ඉවසිම සහ ස්ථීරභාවයෙන් ය. කෙසේ වෙතත්, ඉවසීම සහ ස්ථීරභාවය නොමැති ව බලතල හා නායකත්වය සාක්ෂාත් කර ගැනීම අපහසු බව ට පත් වේ‘ යැයි පැවසීය.

    තම ජීවිතයේ අවසාන කාල වකවානුවේ, නබි (සල්) තුමාණන් අවවාද කළ හදිසයක් පිළිබඳ ව ඉර්බාද් ඉබ්නු සාරියා (රළි) මෙසේ වාර්තා කරයි. “දිනක් අපට සලාතය මෙහෙය වු නබි (සල්) තුමාණන් එය අවසාන කළායින් පසු, අප දෙසට හැරී වාඩි වී, දැඩි අවවාදයක් අපට නිකුත් කළ විට අපගේ හදවත් තිගැස්සී දෑසින් කඳුළු සැළුණි. එවිට අප අතර කෙනෙක්, ‘ අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි! මෙය අපෙන් සමු ගැනීමේ අවවාදයක් බව පෙනේ. ඔබ තුමාණන් අපට පවරන්නේ කුමක් දැ?‘ යි විමසීය. එවිට එතුමාණන් (සල්) “අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් වන ලෙස මම ඔබ සැම ට උපදෙස් දෙමි. වහල් සේවකයෙකු වුව ද ඔබලා සැමගේ නායකයෙකු වශයෙන් පත් වුයේ නම්, ඔහුට සවන් දෙනු. ඔහු ට අවනත වෙනු. ඔබ අතරින් මට පසු ව ජීවත් වන කෙනෙක් බොහෝ වෙනස් වීම් දකින්නේ ය. එ බැවින් මගේ සුන්නා ව සහ යහ මාර්ගය ලැබු කුලෆා වරුන්ගේ සුන්නාහ් ව තදින් අල්ලා ගනු. ඔබේ චාර්වක දත් වලින් සපා ගන්නා සේ එයට ඇලී සිටිනු. (ආගම ට) නවක එකතු කර ගත් දේ වලින් වැළකී සිටිනු. සැබැවින් ම සෑම නවක දැයක් ම බිද්ආ වකි, සෑම බිද් ආවක් ම වැරදි මඟ යෑමකි.”යනුවෙන් අනුශාසනා කළහ.

    මෙම අනුශාසනයෙ හි නබි (සල්) තුමාණන් අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් වන ලෙස උපදෙස් දුන්හ. තක්වා නම් බිය බැතිමත්කම යනු විස්තීර්ණ අර්ථ සහිත පදයක් වන අතර, සියලු යහ ගුණයන් එහි ඇතුළත් ය. තක්වා යන පදයෙ හි අර්ථය ඔබ සහ ඔබ ට හානි සිදු කරන බව ඔබ බිය වන දේ අතර ඔබට ආරක්‍ෂාව සපයනු පිණිස ඉදි කරන ලද මුර පොළක් ය. අනතුරකින් ඔබ ට ආරක්‍ෂාව සපයයි. නිදසුනක් වශයෙන් අධික උෂ්ණ සහිත පොළොවෙන් ඔබේ පාදය ට ආරක්‍ෂාව සපයන පලිහයක් හෝ ඔබ ට තුවාල සිදු කළ හැකි දේ සහ ඔබ අතර තබන ලද පලිහයක් හෝ ඔබ ට හානි සිදු කළ හැකි ආයුධයක් හා ඔබ අතර තිබෙන පලිහයක් හෝ උෂ්ණයෙන් හෝ සීතලෙන් ආරක්‍ෂා සපයනු පිණිස තබන ලද පෝරණයක් වැනි ය.

    එමෙන් ම ඔබ හා අල්ලාහ්ගේ කෝපය අතර තබන ලද පලිහක් මෙන් ය. අල්ලාහ්ගේ කෝපයෙන්, අපාය ගින්නෙන් රැකවරණ පතා ඔහුගේ අණ ට එකඟ ව ක්‍රියා කිරීම සහ ඔහු තහනම් කළ දේ වැළකීම යනු පලිහ වේ. අල්ලාහ්ගේ දඬුවමෙන්, ඔහුගේ කෝපයෙන් හා අපාය ගින්නෙන් රැකවරණය ලබනු පිණිස බල කොටුව, හමුදාව හෝ ආවරණ මගින් මාර්ග සෙවිය නොහැක. එසේ නොව, තක්වා නම් බිය බැතිමත්කම තුළින්, අල්ලාහ් අණ කළ දේ ඉටු කිරීමෙන් හා ඔහු තහනම් කළ දේ වලින් වැළකී සිටීමෙන් රැකවරණ ලැබිය හැකි වේ.

    “වහලෙක් ඔබේ නායකයෙකු වශයෙන් පත් වුවත්, ඔහු ට සවන් දී අවනත වනු.” යැයි නබි (සල්) තුමාණන් අනුශාසනා කළහ. ආරක්‍ෂා ලබන මාර්ග අතරින් මෙය ද එකක් වේ. සැබැවින් ම, මුස්ලිම් සමාජය තම නායකයා ට අවනත වන නිසා ඔවුන් එක්සත් සමාජයක්, ජාතියක්, ශක්තිමත් බලවේගයක් බව ට සතුරන් ට එරෙහි පලිහක් බව ට පත් වුහ. “ඔබ සියල්ල (එකමුතු ව) අල්ලාහ් ගේ (මාර්ගය නමැති) රැහෙන ස්ථීර ව අල්ලා ගනිවු. ඔබ (අතර භේද වී) වෙන් නොවවු.” සූරා ආල ඉම්රාන් 3:103.

    නායකයෙක් හා පාලකයෙක් නොමැති ව සමාජයක් ගොඩ නැගිය නොහැක. පාලකයෙකු ලෙස පත් වු කෙනෙක් ඉතියෝපියාවේ වහලෙක් වුවත්, අල්ලාහ් ගේ අණට අකීකරු වන ලෙස ඔහු උපදෙස් නොකරන තාක් ඔහු ට සවන් දී අවනත වුයේ නැතිනම්, නායකත්වය ස්ථාපනය කළ නොහැක. මෙහි දී නායකයා කවුරුන් දැයි ප්‍රශ්නය අදාළ නැත. නායකයා අරාබි ජාතිකයෙකු ද, ඔහු කුමන ගෝත්‍රය ට අයත් ද යන්න අදාළ නැත. ඔහුගේ පෙළපත ගැන සැලකිලි නොදක්වා නායකයෙකු වශයෙන් ඔහුගේ තනතුරු දෙස නෙත් යොමු කළ යුතුය.එබැවින් මුස්ලිම්වරු තම නායකයා ට අවනත විය යුතුය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක මුස්ලිම් සමාජය එක්සත් කිරීමේ කාර්යය සාර්ථක ව ඉෂ්ට කළ හැකි වේ. මෙම අවස්ථාවෙ හි, රසූල් (සල්) තුමාණන්ගේ උපදෙස් විශේෂයෙන් අදාළ වේ. “මැවුම්කරු ට අවනත නොවීම තුළින් මැවීම් වලට අවනත වීමක් (සිදු විය) නොහැක.”

    එබැවින්, අල්ලාහ් ට අකිකරු වී පාලකයෙකු ට කීකරු වීමට අනුමත නැත. එනම් පාලකයා අල්ලාහ්ගේ අණට අකීකරු වන ලෙස අණ කළහොත් පාලකයා ට එරෙහි ව කැරලි කරමින් වීදි බැසිය යුතු බව මෙයින් අදහස් නොවේ. එසේ නොව, පාපයන් සම්බන්ධ නොවන කටයුතු වල පාලකයා ට කීකරු විය යුතුය. මෙය අනාගතයේ සිදු වන බව රසූල් (සල්) තුමාණන් පහදා දුන් හේතුවෙන්, ජනතාව මෙම උපදේශය මෙනෙහි කළ යුතුය. ජනතාව පාලකයා ට සවන් දි ඔහු ට අවනත විය යුතුය. “ඔබ අතරින් මට පසු ව ජීවත් වන කෙනෙක් බොහෝ වෙනස් වීම් දකින්නේ ය. එ බැවින් මගේ සුන්නා ව සහ යහ මාර්ගය ලැබු කුලෆා වරුන්ගේ සුන්නාහ් ව තදින් අල්ලා ගනු.” යැයි රසූල් (සල්) තුමා අනුශාසනා කළහ. එනිසා ආරක්‍ෂාව සඳහා තිබෙන මාර්ග අතරින් මෙය ද තවත් මාර්ගයකි.

    ආරක්‍ෂාව සඳහා ප්‍රථම පියවර මුස්ලිම් පාලකයෙකු ට සවන් දීම සහ ඔහු ට අවනත වීම ය. එහි දෙවන පියවර වන්නේ අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්ගේ සුන්නාහ්ව ට සහ එතුමාණන් ට පසුව පාලනය කළ යහ මාර්ගය ලත් අබු බකර්, උමර්, උත්මාන් සහ අලි (රළි) යන කුලෆාවරුන්ගේ සුන්නාහ්ව ට එකඟ ව කටයුතු කිරීම ය. මේ කලිෆා වරුන්ගේ සුන්නාහ්ව ද අනුගමනය කළ යුතු වේ.

    “ඉහ්ඃතිලාෆන් කතීරා” (ඔබ වෙනස්කම් බොහෝමයක් දකිනු ඇත) යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසුහ. “ඉහ්ඃතිලාෆන් යසීරා“ (සුළු වෙනස්කම්) යනුවෙන් එතුමාණන් පැවසුවේ නැත. එනිසා ඔබ වෙනස්කම් විශාල ව දකින්නේ ය යන්න එහි අර්ථය වේ. මුස්ලිම් සමාජය මෙවැනි විශාල වෙනස්කම් වලින් ආරක්‍ෂාව ලැබිම අපහසු ය. එකම විසඳුම රසූල් (සල්) තුමාණන්ගේ සුන්නාහ් ව සහ යහ මාර්ගය ලත් කුලෆාවරුන්ගේ සුන්නාහ් ව අනුගමනය කිරීම ය. “මුහාජිර්වරුන්ගෙන් ද, අන්සාර්වරුන්ගෙන් ද පෙරටු ව ගිය පළමු වැන්නන් වු අය ද යහකම් හි, ඔවුන් අනුගමනය කළවුන් ද අල්ලාහ් ඔවුන් ගැන සොම්නස් විය. ඔවුහු ද ඔහු ගැන සොම්නස් වුහ. යටින් ගලා බසින ගංගාවන්ගෙන් යුත් ජන්නාවන් ඔවුන ට ඔහු ඒවා පිළියෙල කර ඇත. ඔවුහු එහි සදා කල් වෙසෙති. එයයි මහත් වූ භාග්‍යය.” සූරා තබ්ඩා 9:100.

    මුස්ලිම් සමාජය භේද වීම සහ වෙන් වී යෑම ගැන සඳහන් කළ රසුල් (සල්) තුමාණන් මෙසේ පැවසුහ. “යුදෙව්වරුන් කණ්ඩායම් 71ට භේද වුහ. කිතුනුවන් කණ්ඩායම් 72 ට භේද වුහ. මගේ ජනතාව ද කණ්ඩායම් 73 ට භේද වන්නෝ ය. ඔවුන් සියලු දෙනා ම අපාය ගින්නට පත් වන්නෝ ය, එක් කණ්ඩායමක් හැර.” ඔවුන් කවුරුන් ද අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි!” යැයි අපි විමසුවෙමු. “මා සහ මගේ සහාබාවරුන් සිටින මාර්ගයේ සිටින අය වෙති” යැයි (සල්) තුමාණන් පිළිතුරු දුන්හ.

    එබැවින්, පරීක්ෂණ හා පීඩාවන්ගෙන්, සෑම යුගයක ම විශේෂයෙන් අවසාන කාල වකවානුවේ හට ගන්නා මත භේදයන්ගෙන් රසූල් (සල්) තුමාණන් ගේ සහ යහ මාර්ගයේ ජීවත් වු සහාබා වරුන්ගේ සුන්නාහ් අනුගමනය කිරීමෙන් තොර ව රැකවරණයක් ලැබිය හැකි වෙනත් මාර්ගයක් නැත. අපාය ගින්නෙන් අප ට ආරක්‍ෂාව දෙන්නේ මෙය පමණයි. අහ්ලුස් සුන්නාහ් ව අල් ජමාඅ යන පිරිස අවසාන දිනයේ දී පරීක්ෂණයන් සහ පීඩාවන්ගෙන් ආරක්‍ෂා කරනු ලැබු පිරිස යනුවෙන් හඳුන්වනු ලබන්නේ මේ නිසා ය. එයට එරෙහි වන කිසිදු පිරිසක් රැකවරණ ලබන්නේ නැත. මෙම පිරිස හැර මෙය ට එරෙහි වී, වෙන් වී ගිය අන් සියලු පිරිස් අපා ගත වනු ඇත.

    රසූල් (සල්) තුමාණන්ගේ සහ සහාබාවරුන්ගේ සුන්නාහ් ව නමැති සත්‍යය මත ස්ථාපනය වීම පිණිස ඵලදායි අවබෝධයෙන් හැර අන් කිසිදු ක්‍රමයකින් ළඟා විය නොහැක. ඔබ අවබෝධයක් නොලැබු දැයක් මත ඔබ ස්ථාවර ව සිටින්නේ කෙසේ ද? රසූල් (සල්) තුමාණන්ගේ සුන්නාහ් ව සහ සහාබාවරුන් අනුගමනය කළේ කුමක්දැයි දැන ගෙන, අපද ඒවා ස්ථීර ව අනුගමනය කර, එය මත රැඳී සිටිය යුතුය.

    හුදෙයිෆා බින් අල් යමන් (රළි) මෙසේ වාර්තා කළේය.

    “රසූල් (සල්) තුමාණන්ගෙන් ජනතාව කුසල් ක්‍රියාවන් ගැන ප්‍රශ්න කළ නමුත් අකුසල් ක්‍රියාවන් මා ඉක්මවා යන්නේ යැයි බිය වු නිසා මම අකුසල් දේ ගැන විමසුවෙමි. දිනක් “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි! අපි අඥාන ව පාපයන් හි යෙදී සිටියෙමු. අල්ලාහ් මෙම යහ දේ අපහට පිරිනමා ඇත. මෙම යහපත් කාලයෙන් පසු ව අපට යළි අයහපත් (කාලයක්) සිදු වෙයි ද?” යනුවෙන් විමසුවෙමි. එවිට එතුමාණන් (සල්) “ඔව්. නමුත් එය දකාඃන් විසින් කිලිටු වනු ඇත.” යැයි පිළිතුරු දුන්හ. “එහි දකාඃන් කුමක් වේ දැ?” යි විමසුවෙමි. එවිට එතුමාණන්, “ඇතැම් පිරිස, මගේ සුන්නාහ්වේ ප්‍රතිපත්තිය අත හැර වෙනත් දේ මගින් ජනතාව ට මඟ පෙන්වති. ඔවුන්ගේ ක්‍රියා කලාපය ඔබ දකින නමුත් ඔබ එය අනුමත නොකරන්නේ ය. එවිට මම “එම යහපත් උදාවෙන් පසු ව කිසියම් අයහපතක් සිදු වෙයි දැ?” යි විමසුවෙමි. එවිට එතුමාණන් (සල්) “ඔව්. අපායේ දොරටු වෙත ට අන් අය ට ආරාධනා කරන ජනතාවක් සිටිති. ඔවුන්ගේ ආරාධනා කවරෙකු පිළිගන්නේද, ඔවුන් අපාය තුළට වීසි කරනු ලබති.” යැයි පිළිතුරු දුන්හ. “අල්ලාහ්ගේ රසුල් (සල්) වරයාණනි මෙම ජනතාව පිළිබඳ ව මට පැහැදිලි කරනු මැනවි.” යැයි ඉල්ලුවෙමි. එවිට රසූල් (සල්) තැමාණන් “ඔවුන් අපේ ම අයවෙති. අපේ භාෂාව කථා කරති.” යැයි පැවසුහ. එවිට (අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි!) “මගේ ජිවිත කාලයේ එවැන්නක් සිදු වුයේ නම් මම කුමක් කළ යුතු බව ඔබ අණ කරන්නේ ද? ” යැයි විමසුවෙමි. එවිට එතුමාණන් (සල්) “මුස්ලිම් ජනතා ව සහ ඔවුන්ගේ පාලකයා පිළිපදිනු මැනවි.” යැයි උපදෙස් දුන්හ. “එවකට (මුස්ලිම්) පිරිසක් හෝ පාලකයෙකු නොසිටියේ නම් (මම කුමක් කළ යුතු දැ?) යි නැවත ප්‍රශ්න කෙළෙමි. එවිට එතුමාණන් “සියලු කල්ලි වලින් ඉවත් ව සිටිනු. ඔබ කැලෑව ට ගොස් ආහාර සඳහා ගසේ මුල් කෑමට සිදු වූවත්, ඔබේ මරණය පැමිණෙන තුරු එම තත්ත්වයේ ම රැඳී සිටිනු.” යයි පැවසුහ.

    රසුල් (සල්) තුමාණන්ගෙන් අනාගතයේ අයහපත් කාලයක් පැමිණියේ නම් කුමක් කළ යුතු දැයි හුදෙයිෆා (රළි) මෙලෙස පැහැදීම් සෙවීමට හේතුව, එවැනි යුගයක් පැමිණියහොත් ඒ ගැන දැන ගෙන ඒවායින් ආරක්‍ෂාව ලබන අරමුණින් ය.මෙම දැනුම නොමැතිවීම සඳහා නිදහස ට කරුණු පෙන් විය නොහැක. දැනු මෙන් හැර, ප්‍රශ්න අසා පිළිතුරු ලැබීමෙන් මිස මෙම තත්ත්වය ට ළගා විය නොහැක. රසූල් (සල්) තුමාණන්ගෙන් දැනුම සෙවිම මෙයයි.

    රසූල් (සල්) තුමාණන්, තමා ට පසු ව (තම අභාවයෙන් පසු ව) අනාගතයේ නැවත නැවත සිදු වීමට තිබෙන භේදය පිළිබඳ ව පහදා දුන් පසුව, හුදෙයිෆා (රළි) “මගේ ජීවිත කාලයේ එවැන්නක් සිදු වුයේ නම්, මම කුමක් කළ යුතු දැයි ඔබ තුමාණන් අණ කරන්නේද?” යැයි අවසානයේ විමසීය. එයට රසූල් (සල්) තුමාණන් “මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ පාලකයා පිළිපදිනු.” යැයි උපදෙස් දුන්හ. මෙය අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම සහිත ව සවන් දී කීකරු වනු යන අනුශාසනාව හා සමාන වේ. එනම්, නොමඟ ගිය කල්ලි පිටු පසින් නොයනු. ඒ වෙනුව ට උද්යෝගිමත් ව, ආගම පිළිබඳ ව අවබෝධ සහිත ව දැඩි ස්ථාවරයෙ හි සිටිය යුතය.

    රසූල් (සල්) තුමාණන් සහ එතුමාණන්ගේ සහාබාවරු රැඳී සිටියේ කුමක් මත දැයි අධ්‍යයනය කර එය අනුගමනය කළ යුතුය. ඔබ මුස්ලිම් පාලකයා ට සවන් දි ඔහු ට කීකරු වී මුස්ලිම් සමාජය සමඟ එක් වී සිටිය යුතුය. “මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ පාලකයා අනුගමනය කරනු.” යැයි රසූල් (සල්) තුමාණන් පැවසුවේ මේ ගැනයි. “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි! එවකට (මුස්ලිම්) කණ්ඩායමක් හෝ පාලකයෙකු නොමැති නම්?” යැයි හුදෙයිෆා (රළි) නැඟු ප්‍රශ්නය ට “විවිධ කල්ලි සියල්ලෙන් ඈත් ව සිටිනු. අල්ලාහ්ගේ ග්‍රන්ථය සහ රසූල් (සල්) තුමාණන් ගේ සුන්නා ව අනුගමනය කරන සමාජයක් හෝ පාලකයෙක් නොමැති නම්, ඔවුන් සියල්ලන් නොමඟ ගියවුන් වන හෙයින් ඔවුන් සියල්ලන් ගෙන් වෙන් වි සිටිනු. ගසේ මුල් ආධාරය කර ගෙන ජීවත් වීමට සිදු වුවත්, එම තත්ත්වයේ දී ඔබේ මරණය ළඟා වන තුරු ඔවුන්ගෙන් ඈත් ව සිටිනු. කෙසේ වෙතත්, මුස්ලිම් සමාජයක් සහ ඔවුන්ගේ පාලකයෙකු සිටියේ නම් ඔවුන්ගෙන් වෙන් වී තනි නොවනු. ඒ වෙනුව ට ආරක්‍ෂාව සහ ප්‍රවේශම් විම පිණිස මුස්ලිම් වරුන් සමඟ සමගියෙන් ජිවත් වනු.

    එමෙන් ම ආරක්‍ෂාව පිණිස තිබෙන තවත් මාර්ග කිහිපයක් අතුරින් ඒක දේව වාදය, විශ්වාසනීය මාර්ගයකි:

    එනම් අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීම සහ මහා සහ කුඩා ෂිර්ක් (නමැති අල්ලාහ් ට ආදේශ තැබිමෙන්) ඉවත් ව සිටීමයි. ඒක දේව විශ්වාසයේ අත්තිවාරම සහ අපාය ගින්නෙන් ආරක්‍ෂා ලබන ප්‍රධාන මාර්ගය මෙයයි. “යමෙක් (අල්ලාහ් ගැන) විශ්වාස කර, තම විශ්වාසය සමාන තැබීමෙන් මිශ්‍ර නොකළාවු - ඔවුහු ඔවුන්ටම ය බියෙන් සංසිඳීම. තව ද ඔවුහුම ය යහ මඟ ලද්දේ.” සූරා අන්ආම් 6:82.

    “ඔවුන් විශ්වාස කරති” යන පදයේ අර්ථය: විශ්වාසය යනු ඒක දේව වාදයයි. එනම් අල්ලාහ් ට පමණක් නැමදුම සහ ඔහු ට අමතර ව වෙනත් දේ ට නැමදුම් කිරීමෙන් ඉවත් වීම යන්න වේ. “තම විශ්වාසය ආදේශ තැබීමෙන් මිශ්‍ර නොකළා වු” යන පද මාලාවෙන් අදහස් වන්නේ, තම දේව විශ්වාසය එය ට හාත් පසින් එරෙහි වන ෂිර්ක් නම් ආදේශ තැබීම සමඟ මිශ්‍ර නොකිරීම ය. එකිනෙක ට එරෙහි වන තව්හීද් සහ මහා ෂිර්ක් යන ක්‍රියා දෙක එක් පුද්ගලයෙකු තුළ තිබිය නොහැක. එහෙත් කුඩා ෂිර්ක් සහ ඊමාන් නම් විශ්වාසය කෙනෙක් තුළ දැක ගත හැක.

    මෙම වාක්‍ය පහදා දෙන විට “ෂිර්ක් යනු zසුල්ම්” යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසුහ. මෙම වාක්‍ය පහළ වූ විට ඇතැම් සහාබාවරු අසහනය ට පත් වුහ. “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමණි! අප අතර තමන්ට ම අපරාධය නොකර ගත්තේ කවුරුන් දැ” යි ඔවුන් විමසුහ. එවිට රසූල් (සල්) තුමාණන් “ඔබ සිතන අයුරින් නොව, zසුල්ම් යනු ෂිර්ක් වේ. අල්ලාහ් ගේ යහපත් ගැත්තෙකු (වන ලුක්මාන්) පැවසු දේ ඔබ නොඇසුවේ ද?” ලුක්මාන් තම පුතුන් ට උපදෙස් දෙමින් සිටිය දී ‘මාගේ පුතුණුවනි! අල්ලාහ් ට ආදේශ නොතබන්න. සැබැවින් ම ආදේශ තැබීම මහත් අපරාධයකි.‘ යැයි පැවසු අවස්ථාව සිහිපත් කර බලවු.” සූරා ලුක්මාන් 31:13

    එ බැවින් මෙම වාක්‍යයෙහි සඳහන් පදය ෂිර්ක් නම් ආදේශ තැබීම යන ක්‍රියාව අදහස් කරයි. ෂිර්ක් ක්‍රියාවෙන් ආරක්‍ෂා ලැබු තැනැත්තා මෙලොව හා මරණයෙන් පසුව ද ආරක්‍ෂා ලැබුවේ ය. සත්‍යය මත රැඳි සිටීමෙ හි ඔහු යහ මඟ දෙනු ලබයි. “නුඹලා අතරින් විශ්වාස කොට යහකම් කළවුන ට මිහිතලයේ ඔවුන ට පෙර වූවන් ට නියෝජිත භාවය ලබා දුන්නාක් මෙන් සැබැවින් ම නුඹලාව ද නියෝජිත භාවය ලබා දෙන බවට ද ඔවුන් වෙනුවෙන් පිළි ගත් ඔවුන්ගේ දහම ඔවුන ට (පිළිපැදීමට) සැබැවින් ම ඉඩ සලස්වන බවට ද ඔවුන ට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත භාවය ට (එය) සැබැවින් ම පරිවර්තනය කර දෙන බවට ද අල්ලාහ් ප්‍රතිඥා දෙන්නේ ය. ඔවුහු මාව නමදින්නෝ ය. මට කිසිවකින් (නැමදුමෙ හි) ආදේශ නොකරන්නෝ ය. ඉන් පසු ව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට පාපතරයින් ඔවුන්ම ය.” සූරා නූර් 24:55

    ඉහත වාක්‍යයෙ හි සඳහන් උතුම් අරමුණ ට මෙම කොන්දේසිය නොමැති ව ළඟා විය නොහැක. එනම් “ඔවුහු මා නමදින්නෝය. මට කිසිවක් (නැමදුමෙ හි) ආදේශ නොකරන්නෝ ය.” 24:55

    අල්ලාහ් ට පමණක් නැමදීම සහ ඔහු ට ආදේශයක් නොතැබීම යන කොන්දේසි ය සම්පූර්ණ කළේ නම්, උත්තරීතර අල්ලාහ්ගේ පොරොන්දු සියල්ල ලබා ගත හැකි වේ. මිහිතලයේ ඔවුන ට පෙර වූවන් ට නියෝජිතභාවය ලබා දුන්නාක් මෙන් සැබැවින් ම ඔවුන් ට ද නියෝජිත භාවය ලබා දෙන බවට ද, ඔවුන් වෙනුවෙන් පිළි ගත් ඔවුන්ගේ දහම ඔවුන ට (පිළිපැදීම ට) සැබැවින් ම ඉඩ සලස්වන බවට ද, ඔවුන් ට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත භාවය ට (එය) සැබැවින් ම පරිවර්තනය කර දෙන බවට ද අල්ලාහ් ප්‍රතිඥා දෙයි. මෙම උතුම් අරමුණ නැතහොත් ඉලක්කය තව්හීද් නම් අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීම සහ අන් අය ට නැමදුම් කිරීම අත හැර දැමීමෙන් බැහැර ව ලබා ගත නොහැකි වේ.

    “තව්හීද් සහ මහා ෂිර්ක් යන ක්‍රියා දෙක එක් පුද්ගලයෙකු තුළ එකවර තිබිය නොහැක. එහෙත් කුඩා ෂිර්ක් සහ ඊමාන් නම් විශ්වාසය, කෙනෙක් තුළ දැක ගත හැක.” යන ප්‍රකාශය පහදා දීම.

    “දුරූස් මින් අල් කුර්ආන්” නම් තම ග්‍රන්ථයේ ෂෙයික් ෆව්සාන් කුඩා ෂිර්ක් සම්බන්ධ ව පහදා දෙන්නේ මෙසේය. “ෂිර්ක් අතරින් දෙවන වර්ගයේ ෂිර්කය කුඩා ෂිර්ක් වේ. මේ නිසා කෙනෙක් දහමෙන් බැහැර කරනු නොලබයි. ඒවා පැහැදිලි ව පෙනෙන ෂිර්ක් සහ සැඟවුණු ෂිර්ක් යන දෙවර්ගය ට අයත් වේ. පැහැදිලි ව පෙනෙන ෂිර්ක් යනු මුවින් පවසන වදන් ය. නිදසුනක් වශයෙන් කෙනෙක් “ඔබ සහ අල්ලාහ් නොමැති නම්”යනුවෙන් හෝ “ඔබ සහ අල්ලාහ් කැමති නම්” යනුවෙන් සිතෙ හි බලවත් විශ්වාසයක් මත නොව වාචික ව පවසන විට මෙය කුඩා ෂිර්ක් ක්‍රියාවක් බව ට පත් වනු ඇත. එමෙන් ම අල්ලාහ් හැර අන් අය මත දිවුරීම මෙවැනි ෂිර්ක් වේ. අන් අය ට පෙනෙන සේ නැමදුමෙ හි යෙදීම හෝ කුසල් ක්‍රියාවන් ඉටු කිරීම රියා නම් සැඟවුණු ෂිර්ක් වේ. දුරූස් මින් අල් කුර්ආන පිටු අංක 172 බලන්න.

    එමෙන් ම ආගමේ නොමැති බිද්ආ නම් නවක දේ ෂිර්ක් කරා මාර්ගය විවෘත කරන බැවින් ඒවායින් ඉවත් වී සිටීම. “ආගමෙ හි නොමැති නවක දේ පිළිබඳ ව ප්‍රවේශම් වනු. සැබැවින් ම ආගමෙ හි නොමැති සොයා ගත් සෑම නවක දෙයක් ම බිද් ආ වක් වේ. සෑම බිද් ආ වක් ම නොමඟ යවන මුළාවකි.” යනුවෙන් රසුල් (සල්) තුමාණන් අනුශාසනා කළහ. තවත් හදීස් වදනක, “සෑම නොමඟ යවන මුළාවක් ම (අපාය) නිරයෙහි ය.” යනුවෙන් පැවසුහ. එබැවින් සියලු ෂිර්ක් ක්‍රියාවන් ගෙන් වැළකි සිටින්නා සේ බිද්ආ ක්‍රියාවන්ගෙන් ද අප වැළකී සිටිය යුතුය. ෂිර්ක් ක්‍රියාවන් ගෙන් ඉවත් වී, අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීම “ලා ඉලාහ ඉල්ලල්ලාහ්” යන ප්‍රකාශ කිරීමේ සැබෑ අර්ථය වේ.

    මුහම්මද් රසූලුල්ලාහ (අලෛ) යන පදයෙ හි අර්ථය වනුයේ බිද්ආ සියල්ල අත හැර දැමීම යි. මෙය ට හේතුව ආගමෙ හි පැහැදීම සහ සත්‍යය ගෙන ආවේ අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් නිසා ය. ඒ නිසා රසූල් (සල්) තුමාණන්ගේ මාර්ගයේ අපි අල්ලාහ් ට නැමදුම් කරමු. රසූල් (සල්) තුමාණන් අපහට පහදා දුන් මාර්ගයෙන් බැහැර ව කිසිදු යහපතක් අප ට නැත. එමෙන් ම එතුමාණන් පහදා දුන් දේ හැර කිසිදු අයහපතක් නැත. ෂිර්ක්, බිද්ආ හෝ නවක දේ වලින් බැහැර වී අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීමෙ හි ඉතා ශක්තිමත් රැකවරණයක් අප ට තිබේ. එනිසා අප සමාජය ට රැකවරණය ගෙන දෙන ප්‍රථම මාර්ග ඒක දේව වාදය සහ ආගමෙ හි නවක එකතු කළ බිද්ආ සහ ෂිර්ක් යන දේ වලින් ඉවත් වීමයි.

    එමෙන් ම, සමාජය ට ආරක්‍ෂාව ගෙන දෙන කරුණු වලින් යහපත් දේ අණ කර අයහපත් දේ වලින් වළක්වාලීම ද ඇතුළත් ය. මෙය මුස්ලිම් සමාජය ට ආරක්ෂා ලැබිය හැකි මාර්ග වලින් ඉතාමත් උතුම් එකකි. යහපත් දේ අණ කිරීම සහ අයහපත් දේ වලින් වළක්වාලී ම පවතින තුරු මුස්ලිම් උම්මාව ට ආරක්ෂා ව තිබේ. මුස්ලිම් සමාජය මෙම ක්‍රියා මාර්ගය අත හැරියේ නම්, එම සමාජය විනාශය ට ලක් වන බව නිසැක ය. මෙය ට හොඳම නිදසුනක් වශයෙන් සබාත් දිනයේ තහනම උල්ලංඝනය කළ ඉස්රයීල් ජනතාවගේ ඉතිහාසය පිළිබඳව අල්ලාහ් සඳහන් කරයි. සමාජයේ ධර්මිෂ්ඨ ජනතාව ඒ පිළිබඳ ව අවවාද කළ නමුත් දුෂ්ටයන් එය ඉෂ්ට නොකළහ. එම අවස්ථාවේ ධර්මිෂ්ඨ ජනතාව දුෂ්ටයන්ගේ ක්‍රියාව වළක්ලීම ට කිසිවක් නොකර, නිශ්ශබ්ද ව සිටියා පමණක් නොව, “අල්ලාහ් ඔවුන් විනාශ කරන්නාවු හෝ ඔවුන් ට බිහිසුණු දඬුවම් දෙන්නා වූ හෝ පිරිසකට ඔබ උපදෙස් දෙන්නේ කුමකටදැ? යි ඔවුන්ගෙන් පිරිසක් කී කල්හි, ඔබගේ පරමාධිපතියාණන්ගේ සන්නිධානයෙ හි වරදින් මිදෙනු පිණිසත් ඔවුන් බිය බැතිමත් වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) කීවෝය.” සූරා 7:164.

    අල්ලාහ් මෙසේ පවසයි. “සමුද්‍රාසන්නයෙ හි වු ග්‍රාමය ගැන ඔවුන් ගෙන් (නබි තුමණි!) විමසනු. දිය මතු පිට ඔවුන් වෙත (මත්ස්‍ය යෝ) එද්දී ඔවුන් සබත් හි පනත කඩ කළහ. සබත් නොවන දින ඔවුන් වෙත (මත්ස්‍යයෝ) නොඑති. ඔවුන් පාපකම් කළ හෙයින් මෙසේ අපි ඔවුන් පිරික්සුවෙමු.” සූරා 7:163.

    සබාත් දිනයේ මසුන් ඇල්ලීම පිළිබඳ තහනම ඔවුන් කඩ කළහ. එම තහනම මඟ හරිනු පිණිස ඔවුන් කපටි ක්‍රමයක් යෙදුවෝය. එනම්, සෙනසුරාදා දිනය ට පෙර මුහුදේ දැල් සකස් කර, එයට හසු වන මත්ස්‍යයන් ඉරිදා දිනයේ එකතු කළෝය. මේ මාර්ගයෙන්, අල්ලාහ්ගේ තහනම තමන් කඩ නොකළ බව ඔවුහු සිතුවෝය. සැබැවින් ම සෙනසුරාදා දිනයන් හි මතස්‍යයෝ විශාල ප්‍රමාණයක් පැමිණි විට වංචා කිරීමට ඔවුන් පොලඹවනු ලැබුවෝය. මෙය ඔවුන්ට දෙන ලද පරීක්ෂණය වේ. එම පරීක්ෂණය වන්නේ “මත්ස්‍යයෝ සබාත් නොවන දිනයන් හි ඔවුන් වෙත නොපැමිණිමය.”

    දුෂ්ට ජනතාව අවවාද පිළි නොගත් විට, ධර්මිෂ්ඨ ජනතාව ආරක්ෂා කළ අල්ලාහ්, නීතිය උල්ලංඝනය කළ ජනතාව විනාශ කළේය. “ඔවුන් අවවාද කරනු ලැබු දැය අමතක කළ විට, නපුරෙන් වළක්වන අය අපි මිදුවෙමු. වරද කළ අය ඔවුන් පාපකම් කළ හෙයින් දැඩි දඬුවමින් හසු කෙළෙමු.” සූරා 7: 165. පාපය ප්‍රතික්ෂේප කළ ජනයා හැර අන් අය ව අල්ලාහ් රැකගත්තේ නැත. මෙය ට එකඟ ව, මේ මුස්ලිම් සමාජය ද යහපත් දේ අණ කර, තහනම් දේ වැළකීමේ ක්‍රියාව ඉටු කිරීමෙන් බැහැර ව කිසි විටෙක ආරක්ෂාව ලබන්නේ නැත.

    යහපත් දේ අණ කර තහනම් දේ වැළකීමේ ක්‍රියාව ඉටු කරන්නන් ව නැවක ගමන් කිරීම සඳහා සීට්ටු අදින ක්‍රමයෙන් ආසන වෙන් කර ගත් ජනතාව හා රසුල් (සල්) තුමාණන් සමාන කළහ. ඔවුන් ගෙන් පිරිසක් උඩු මහළේ අසුන් ලැබු අතර, තවත් පිරිසක් පහත මහළේ අසුන් ලැබුහ. පහත මහළේ සිටි ජනතාව, “ජලය අවශ්‍ය වන විට නැවේ පතුලේ සිදුරක් කැපුවේ නම්, උඩු මහළේ සිටින අයට කරදර කිරීමට අපට අවශ්‍ය වන්නේ නැත.” යනුවෙන් තීරණය කළහ. මුහුදු මැද නැව ගමන් කරද් දී එම තීරණ ක්‍රියාත්මක කිරීමට ද සූදානම් වු හ. ඔවුන් දැනුම ලත්, යහපත් හා බැතිමතුන් ගෙන් දැනුම ලබන්නට ක්‍රියා නොකර, තමා කැමති ආකාරය ට පියවර ගන්න ට සූදානම් වු හ. තහනම් ක්‍රියාවන් හි නිරත වන ජනතාව මෙය හා සමාන ය.

    උඩු මහළේ අසුන් ලැබු ජනතා ව මෙයට ඉඩ දුන්නේ නම් නැවේ ගමන් කරන සියලු දෙනා ම විනාශය ට පත් වන බව නිසැකයි. ඔවුන් පහළ තට්ටුවේ සිටින ජනතාවගේ ක්‍රියාව වැළැක්වුයේ නම් සියලු දෙනා ම ආරක්ෂා ලබනු ඇත.

    මෙය පැහැදිලි උදාහරණයකි. පාපතර, සහ අයහපත් තෘෂ්ණා සහිත ජනතාව ඔවුන් ට කැමති ආකාරය ට ක්‍රියා කිරීමට අනුමත දෙනු ලැබුවේ නම් මුළු සමාජය ම විනාශය ට ලක්වන බව නිසැකය. එ නිසා දැනුම ලත්, හොඳ හා නරක අතර වෙනස සොයා ගත හැකි, ආගම ට ලැදි පිරිස මුළු සමාජය ම අල්ලාහ් ගේ දඬුවමින් ආරක්ෂා ලබනු පිණිස පෙර සඳහන් පිරිස ගේ ක්‍රියාවන් වැළකිය යුතුය. පාපිෂ්ටයන් ගේ වැරදි ක්‍රියාවන් තහනම් නොකර, ඔවුන් ගේ පාපයට, විරෝධය ට හා කැමැත්ත ට ඉඩ දුන්නේ නම්, එයින් සිදු වන ප්‍රතිවිපාකය ට යහපත් සහ අයහපත් දෙපිරිස ම භාජන වීම අනිවාර්‍යයෙන්ම සිදු වනු ඇත.

    “ඔබගෙන් අපරාධ කළවුන් ට පමණක් විශේෂයෙන් සිදු නොවන වධ හිංසා වෙන් ඔබ ආරක්‍ෂා වනු. අල්ලාහ් දඬුවම් දීමෙ හි දැඩියැයි දනිවු.” සූරා අන්ෆාල් 8: 25.

    අණක් ගුණක් නැති ජනතාව වෙත අල්ලාහ් ගේ දඬුවම පහළ වන විට, නපුර ප්‍රතික්ෂේප කළ අය හැර, ධර්මිෂ්ඨ හා නපුරු අය යන දෙපිරිසට ම එයින් හානි සිදු වනු ඇත. සැබැවින් ම නපුර ප්‍රතික්ෂේප කළ කෙනෙක් එයින් ආරක්ෂා ලබන්නේ ය. කෙනෙක් ධාර්මික වුවත්, ඔහු නපුර ප්‍රතික්ෂේප නොකළ හේතුවෙන් ඔහු ද විනාශය ට ලක් වන්නේ ය. විනාශය ට ලක් වන පාපතර ජනතාව සමඟ ඔහු ද විනාශාය ට පත්වන්නේය. “අස්හාබුස් සබ්ත්” නමැති සෙනසුරාදා දිනයේ තහනම කඩ කළ ජනයා මෙන්, එය වළක්වාලීම ට ක්‍රියා නොකළ ජනතාව ට සිදු වු ඉරණම දෙස බලන්න. මේ පිළිබඳ ව වරදක් දුටුවත් නිහඬ ව සිටි ජනතාව පිළිබඳ ව අල්ලාහ් කිසිවක් පවසා නැත. අති උතුම් අල්ලාහ් සඳහන් කරනුයේ පාපය තහනම් කළ පිරිස ගැන පමණක් ය.

    “අල්ලාහ් ඔවුන් විනාශ කරන්නා වු හෝ ඔවුන්ට බිහිසුණු දඬුවම් දෙන්නා වූ හෝ පිරිසක ට ඔබ උපදෙස් දෙන්නේ කුමකට දැ? ” යැයි පැවසු දෙවන පිරිස පිළිබඳ ව උත්තරිතර අල්ලාහ් කිසිවක් සඳහන් කළේ නැත. මෙවන් පිරිස විනාශය ට පත්වුනා ද එසේ නොමැතිනම් රැකවරණය දෙනු ලැබුවා ද යන්න ගැන කිසිදු තොරතුරක් සඳහන් වී නැත. “ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතික්‍ෂේප කළ අය දාවූද්ගේ ද, මරියම් පුත් ඊසාගේ ද දිවෙන් ශාප කරනු ලැබුවෝය. එය ඔවුන් අකීකරු වී සීමා ව ඉක්ම වු හෙයිනි. ඔවුන් කරමින් හුන් නරක දැයින් ඔවුහු එකිනෙකා නොවැළැක් වුහ. ඔවුන් කළ දැය නරක ය.” සූරා මායිදා 5:78 සහ 79 යන අල්ලාහ්ගේ වැකි රසූල් (සල්) තුමාණන් පාරායන කළහ.

    මේ පිරිස ශාප කරනු ලැබීම ට හේතු ව ඔවුන් පාපයන් සිදු කරන විට එකිනෙකා ව නොවැළැක් වු හෙයිනි. එයින් ඔවුන් සියලු දෙනා වෙතට අල්ලාහ් ගේ ශාපය පහළ වුනි. “ඔබ ට හැකි අයුරින් (ඔබ සමාජයේ අයට) යහ දේ කිරීම ට සහ නරක දේ තහනම් කර, ඔවුන් යහ දේ පමණක් කිරීම ට අනුබල දිය යුතු ය. එසේ නොකළහොත්, අල්ලාහ් ඔබේ සිත් ඔවුන්ගේ සිත් හා මිශ්‍ර කර ඔවුන් ට ශාප කළ අයුරින් ඔබට ද ශාප කරන්නේය.” යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසු හ. මූලාශ්‍ර අබු දාවුද්.

    බොහෝ දෙනෙක් යහපත් දේ අණ කිරීම සහ අයහපත් දේ තහනම් කිරීමේ කටයුතු අන් අයට පවරති. “මෙම කටයුත්ත උගත් විද්වතුන් ගේ මණ්ඩලයේ වගකීමකි.” යනුවෙන් පවසති. මෙය සැබෑ කථාවකි. විද්වතුන් ගේ මණ්ඩලය ට මේ පිළිබඳ ව වැඩි වගකීමක් තිබෙන නමුත්, ඔබ සැම ට, සෑම මුස්ලිම් වරයෙකුට ම මෙහි නොයෙක් ශ්‍රේනියේ වගකීම් ඇත. “අයහපත් දැයක් දුටු කෙනෙක් එය තම අතින් නැවැත්විය යුතුය. එය කළ නොහැකි නම් තම (දිවෙන්) වචනයෙන් එය නැවැත්විය යුතුය. එසේ ද කළ නොහැකි නම් තම සිත් තුළ එය පිළිකුල් කළ යුතුය. මෙය ඉතාමත් දුබල ඊමාන් මගින් සිදු වනු ඇත.” යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර සහීහ් මුස්ලිම්.

    මෙම වගකීම විද්වතුන්ගේ සභාව ට අයත් එකක් බව පැවසීම සහ අනතුරු ව තහනම් කිරීම හෝ අණ කිරීම කිසිවක් සිදු නොකර, උපදෙස් නොදීම හෝ අල්ලාහ් වෙත ට ආරයුම් නොකිරීම, මතක් නොකිරීම හෝ දැනමුතුකම් නොකිරීම යන මේවා විනාශයට මාර්ග වේ. “නොහැකි කෙනෙක් තම වචනයෙන් (දිවෙන්) පාපය නැවැත් විය යුතුයි. එසේත් නොකළ හැකි කෙනෙක් තම සිතෙන් එය පිළිකුල් කළ යුතු ය. මෙය ඉතාමත් දුබල ඊමානයෙන් සිදු වනු ඇත.” යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසූ හේතු ව මෙහි පැහැදිලි වේ. මෙහි දී ඔබ ඉටු කළ යුතු වගකිම් කිහිපයක් තිබේ. ඔබේ ම නිවසේ සාමාජිකයන් වෙත ඔබ ඉටු කළ යුතු වගකීම් ද ඇත. “විශ්වාස කළවුනි! නුඹලාව ද නුඹලාග් පවුලේ අය ද (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනිවු. එහි ඉන්ධන මිනිසුන් හා ගල් වේ. එය මත දැඩිභාවයකින් යුත් ශක්ති වන්ත වූ මලක් වරුන් සිටිති. අල්ලාහ් ඔවුන් ට විධානය කළ දැයට ඔවුහු පිටු නොපාන අතර ඔවුන්ට විධානය කරනු ලබන දෑ ඔවුහු ඉටු කරති.” සූරා අත් තහ්රීම් 66:6

    ඔබේ නිවසේ සිටින අය කවුරුන් දැයි, රටේ ආගමික විද්වතුන්ගේ කොමිටිය (ලජ්නා) නොදනිති. එමෙන් ම, ඔබේ නිවසේ තිබෙන්නේ කුමක් දැයි රටේ පාලකයා නොදනී. ඔබේ නිවසේ සිටින කාන්තාවන් ට ඔබ භාරකරුවෙකු වන අතර, ගමේ ඉන්න ජනතාව ඔබේ නිවසේ සිදු වන්නේ කුමක් දැයි නොදනිති. නබි (සල්) තුමාණන් මෙසේ වදාලහ. “ඔබ සෑම කෙනෙක් ම භාරකරුවෙක් වන අතර ඔබේ භාරයේ සිටින අය ගැන වගකිව යුතුය. පාලකයෙක් (තම රට වැසියන්ගේ) භාරකරුවෙක් වන අතර, ඔහු වගකිව යුතුය. මිනිසෙක් තම පවුලේ අයගේ භාරකරුවෙක් වන අතර, ඔහු (ඔවුන් ගැන) වගකිව යුතුය. කාන්තාවක් තම ස්වාමි පුරුෂයාගේ නිවසේ භාරකාරියක් වන අතර, ඇය වගකිව යුතුය. වහල් සේවකයෙක් තම හිමිකරුගේ වස්තුව ට භාරකරුවෙක් වන අතර, ඔහු (ඒවා ට) වගකිව යුතුය. ඔබ සියලු දෙනාම භාරකරුවන් වන අතර, සියලු දෙනාම (ඔබ භාර ව තිබෙන දේ වලට) වගකිව යුතුය.”

    මේ නිසා, යහ දේ අණ කිරීම සහ අයහපත් දැයින් වැළකීම හවුල් වගකීමකි. මුස්ලිම්වරයෙකු ට මෙම වගකීමෙන් ඉවත් විය නොහැකි නමුත්, ඔහු තම හැකියාව ට එකඟ ව එය ඉටු කළ යුතුය. නිවසක අයපතක් සිදු වුයේ නම්, එය භාර ව සිටින කෙනෙක් තම පවුලේ සාමාජිකයන් කෙරෙහි අත උපයෝගි කර නැවත් විය හැක. අති උතුම් අල්ලාහ් ඔබ නිවසේ සාමාජිකයන් කෙරෙහි ඔබට බලය දි ඇති හෙයින් අයහපත් දේ (තිබේ නම්) ඔබේ නිවසෙන් නෙරපා දමන්න. නිවසේ සාමාජිකයන්ගේ භාරකරු ඔබ වන හෙයින් ඔබේ නිවසේ විනය රකින්න ට (අවශ්‍ය නම්) දෑත් උපයෝගි කළේ නම්. කිසිවෙක් ඔබ ට එරෙහි නොවෙති.

    මේ හේතුවෙන්, අල්ලාහ් විසින් පවරන ලද වගකීම ඉටු කිරීම සෑම මුස්ලිම් වරයෙකුගේ ම යුතුකම වේ. නිවසෙ හි සිටින පුද්ගලයා, එම නිවසේ සාමාජිකයන් පිළිබඳ ව වගකීම දැරිය යුතුය. පාසැලක විදුහල්පති වරයෙක්, තම පාසැල, එහි ලබා දෙන අධ්‍යාපන සහ ශිෂ්‍යයන් පිළිබඳව වගකිම දරයි. පරිපාලන අංශයේ ප්‍රධානියෙක් පරිපාලන නියෝග ක්‍රියා කරවන සේවකයන් පිළිබඳ වගකීම දරයි. යහපත් දේ අණ කර, අයහපත් දැයින් වැළකීම ද ප්‍රඥාවෙන් හා අලංකාරවත් වදනින් අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ වගකීම සෑම කෙනෙකුට ම අයත් එකකි. මේ පිළිබඳ ව කිසිවත් නොපවසා නිශ්ශබ්ද ව සිට මේවා අසවල් අසවල් තැනැත්තාගේ වගකීම වේ යනුවෙන් පවසන කෙනෙක් ගැන කුමක් කියන්න ද? එසේ නොවේ සහෝදරයා! අසවල් අසවල් අයට වගකීම් තිබෙනවා මෙන් ඔබ ට ද ඒ පිළිබඳව වගකිමක් තිබේ. ඒ නිසා මෙම කටයුතු ඉටු විය යුතුය. යහපත් දේ අණ කිරීම සහ අයහපත් දේ වැළකීමේ කටයුතු තමන් ගේ හැකියාව ට එකඟ ව සෑම කෙනෙකු විසින්ම ඉටු විය යුතුය. (දුබල කෙනෙක්) තම සිතුවිල්ලෙන් වුවද ඉටු කළ යුතු අතර, මෙම වගකීම අත හැරිය නොහැක. අයහපත් දේ සිතෙන් පිළිකුල් කිරීම කිසිවෙකු ට කළ නොහැකි යැයි කිව නොහැක. එනම්, අයහපත් දේ ප්‍රතික්ෂේප කර, එය ඉටු කරන ජනයාගෙන් ඉවත් වීම වේ. මෙය ඉටු කිරීම ට අපොහොසත් බව කිසිවෙකු ට කිව නොහැක.

    කෙනෙකුට තම දෑත් හෝ කථාව උපයෝගි කිරීම ට අපොහොසත් විය හැකි බව සැබෑ ය. එහෙත් ඔහු ට තම සිතෙන් අයහපත පිළිකුල් කළ හැක. මේ ගැන රසූල් (සල්) තුමාණන්, “එයින් පසුව අබ ඇට ප්‍රමාණයක ඊමාන් පවා ඉතිරි වී නැත.” යැයි පැවසුහ. තම හදවතෙන් අයහපත පිළිකුල් නොකරන කෙනෙකුගේ සිත් තුළ අබ ඇටයක ප්‍රමාණයේ පවා ඊමාන් ඉතිරි වි නැති හෙයින් ඔහු දේව විශ්වාසය නොමැති කෙනෙක් බව ට පත් වෙයි. අයහපතක් දැක ඔහු සතුටු වන්නේ නම්, සිත් තුළ පිළිකුල් නොකරන්නේ නම්, එවිට ඔහු වෙත ඊමාන් කිසිසේත් නැත.

    සමාජය ට රැකවරණය ගෙන දෙන මාර්ග මේවා ය.

    පළමුව: යහපත් දෙයින් මුස්ලිම් පාලකයින් ට සවන් දීම සහ ඔවුන් ට අවනත වීම.

    දෙවනුව: පුස්තකයට සහ සුන්නාහ්ව ට ඇල්බ ගැනීම.

    “ඔබ සියල්ල (එකතු ව) අල්ලාහුගේ (මාර්ග නමැති) රැහෙන ස්ථීරව අල්වා ගනිවු. ඔබ වෙන් නොවවු.” සූරා ආල ඉම්රාන් 3:103.

    “සැබැවින් ම, මෙය මගේ සෘජු මාර්ගය යි. එය අනුගමනය කරනු. (වෙන) මාර්ග අනුගමනය නොකරවු. එසේ කළහොත් ඒ ඔහුගේ මාර්ගයෙන් ඔබ වෙන් කෙරෙයි. මෙය ඔබ (දුර්මාර්ගයෙන්) වැළකෙනු පිණිස එයින් ඔබ ට අණ කෙළේය.” සූරා අන්ආම් 6:153.

    තෙවනුව: තමන්ගේ හැකියාව ට හා ශක්තිය ට එකඟ ව, යහපත් දේ අණ කර අයහපත් දේ වැළකීම. “හොඳ දැය කිරීමට ද, (අල්ලාහු ට) බිය විමට ද, එකිනෙකා ට පිහිට වවු.” සූරා මායිදා 5:2

    මේ අයුරින් ම සමාජයේ රැකවරණය සඳහා සහෝදරත්වය සහ මුස්ලිම්වරු අතර ආදරය පැවැත්වීම එක් මාර්ගයකි. නබ් (සල්) තුමාණන් මෙසේ දේශනා කළහ. “විශ්වාස වන්තයෙක් තවත් විශ්වාස වන්තයෙකු ට, එකිනෙක ට සහය වන ගඩොල් කැට මෙන් ය.” මූලාශ්‍ර සහීහ් මුස්ලිම්. නබි (සල්) තුමාණන් මෙසේ ද වදාළ හ. “විශ්වාසීන් අතර පවතින අන්‍යෝන්‍ය ආදරය, දයාව, සහ මිත්‍ර හැඟිම් වල සමානත්වය එක් ශරිරයක් මෙන් ය. සිරුරේ කුමක් හෝ අවයව ක ට වේදනාවක් දැනුනේ නම්, නින්ද නොයාම සහ උණ නිසා මුළු සිරුරම වේදනාව ට ලක් වනු ඇත.” මූලාශ්‍ර මුස්ලිම්.

    මුස්ලිම්වරු අතර අන්‍යෝන්‍ය අනුශාසනා අනිවාර්‍යය එකකි.

    නබ් (සල්) තුමාණන් මේසේ උපදෙස් දුන්හ.“දහම යනු නසීහා වේ (ප්‍රතිඥාව වේ) “කාහටද?” යැයැ අපි විමසුවෙමු. එයට “අල්ලාහ් ට, ඔහුගේ ග්‍රන්ථය ට, ඔහුගේ නබිවරයා ට, මුස්ලිම්වරුන් ගේ නායකයින් ට සහ මහජනයා ට වේ” යැයි නබි(සල්) තුමාණන් පිළිතුරු දුන්හ.

    මුස්ලිම්වරු අතර ආදර සෙනෙහස අනිවාර්‍යය වේ.

    නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “ඔබ විශ්වාස කරන තුරු ඔබ ස්වර්ගය ට අතුළු නොවන්නේය. ඔබ එකිනෙකා ට ආදර සෙනෙහස දක්වන තුරු ඔබ විශ්වාස නොකරන්නෝ ය. ඔබ අතර ආදර සෙනහස පෝෂ්‍ය කරන යම් දෙයක් වෙත මම ඔබ ට මඟ පෙන්වන්න ද? එකිනෙකා ට සලාම් (අස්සලාමු අලෙයිකුම්) පැවසිම ට පුරුදු වනු.” මූලාශ්‍ර මුස්ලිම්.

    මුස්ලිම්වරු අතර සමථය ඇති කිරීම

    උත්තරිතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. “ඔවුන්ගේ රහස් කථා වලින් වැඩි දෙයක ප්‍රයෝජන යක් නැත. සදකා ගැන ද, හොඳ දැය ගැන ද, මිනිසුන් අතර සමාදානය ඇති කිරීම ගැන ද, අණ කරන අය (ගේ කථා) හැර ය. යමෙක් අල්ලාහුගේ සොම්නස සොයා එය කළහොත් මතු වට අපි ඔවුන්ට මහත් වූ ඵල විපාක දෙන්නෙමු.” සූරා අන් නිසා 4:114.

    අති උතුම් අල්ලාහ් මෙසේ ද ප්‍රකාශ කරයි. “විශ්වාසවත්තයින් අතුරින් දෙපිරිසක් දබර කර ගත්තේ නම්, නුඹලා ඔවුනතර සමාදානය ඇති කරවු. තවද, ඔවුන්ගෙන් පිරිසක් (ප්‍රහාර දී) සීමාව ඉක්ම වූයේ නම්, ඔවුන් අල්ලාහ්ගේ විධානය වෙත නැවත හැරී එන තුරු එම සීමාව ඉක්ම වූවන් ට එරෙහි ව සටන් වදිව්. ඔවුන් (අල්ලාහ්ගේ විධානය වෙත) නැවත හැරී පැමිණියේ නම්, ඔවුනතර නීති ගරුක ව හා යුක්ති සහගත ව සමාදානය ඇති කරවු. සැබැවින් ම යුක්ති සහගත ව කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්‍රිය කරන්නේය.” සූරා හුජුරාත් 49:9

    ඒසේම, ජනතාව වෛර නොකර, එකිනෙකා ට උපහාස නොකර ජීවත් වීම සමාජයේ ආරක්ෂාව ට මාර්ගයකි.

    “විශ්වාස කළවුනි! එක් පිරිසක් තවත් පිරිසක ට උපහාස නොකරවු. (උපහාසය ට ලක් වූ) ඔවුන් (උපහාස කළ) මොවුන් ට වඩා යහපත් අය විය හැකිය. කාන්තාවන් අන් කාන්තාවන් ට උපහාස නොකරවු. (උපහාසට ලක් වු) ඔවුන් (උපහාස කළ) මොවුන් ට වඩා යහපත් අය විය හැකි ය. නුඹලා, නුඹලා අතරම අඩුපාඩු නොසොයවු. නුඹලා එකිනෙකා ට විකට නමින් නොඅමතවු. විශ්වාස කළායින් පසු ව පාපතර නාම (යෙන් ඇමතීම) නින්දා සහගත විය. කවරෙකු හෝ පශ්චාත්තාප නොකළේ ද ඔවුන්ම ය අපරාධ කරුවෝ වන්නේ.” සූරා හුජරාත් 49:11

    අන්‍යෝන්‍ය ආදර සෙනෙහස මත ගොඩ නැගු පිරිසිදු මුස්ලිම් සමාජය ට ආරක්‍ෂාව ලබා දීමේ මාර්ග අතරින් තවත් කිහිපයක්.

    මුස්ලිම් වරයෙක් තම සහෝදර මුස්ලිම් වරයා ව මුළා නොකරන අතර, වෙළෙඳ ගනු දෙනුවෙ හි ඔහු ට වංචා කරන්නේ ද නැත. වෙනත් මුස්ලිම් වරයෙකු ට විවාහ වීමට තීරණය කළ කාන්තාවක ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නැත. වෙළෙඳ ගනු දෙනු වෙ හි තම මුස්ලිම් සහෝදරයා ඉදිරිපත් කළ මිල ට අඩුවෙන් භාණ්ඩ විකිණීම ට හෝ ඔහු ට වඩා වැඩි මිලයක් ගෙවා භාණ්ඩ මිල දී ගන්නට හෝ ක්‍රියා කරන්නේ නැත. ඔහු තම මුස්ලිම් සහෝදරයා ට ගෞරවය දක්වනවා මෙන් මුස්ලිම් සහෝදරයාගේ අයිතීන්ට ද ගෞරවය දක්වයි. මුහම්මද් නබි (සල්) තුමාණන් මෙම විෂය පිළිබඳ ව මේ ආකාරයෙන් උපදෙස් දුන්හ. “මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම් වරයෙකුගේ සහෝදරයෙකි. ඔහු ඔහු ට පීඩා නොකරන අතර, ඔහු ඔහු ව අතරමං කරන්නේ නැත. ඔහු ඔහු ට බොරු පවසන්නේ නැති අතර, ඔහු ඔහු ව අවමානයට ලක් කරන්නේ නැත. මුස්ලිම් වරයෙක් අනිත් මුස්ලිම් වරයෙකු ට අනතුර නොකළ යුතුය. ඔහුගේ රුධිරය, ඔහුගේ දේපොළ සහ ඔහුගේ ගෞරවය නොකෙලෙසිය යුතු ය.” මුලාශ්‍ර මුස්ලිම්.

    මුස්ලිම්වරු අතර ආදර සෙනෙස පවතින්න ට සහය වීම, එකිනෙකා අතර අන්‍යොන්‍ය ව උපදෙස් හුවමාරු කර ගැනීම, හොඳ දේ පෙන්වා දී නරක දැයින් වැළකීම. සදාචාර හා ධර්මිෂ්ඨ ක්‍රියාවන් හි සහය දැක්වීම යන මේවා ද මුස්ලිම් සමාජයේ ආරක්‍ෂා ලබා දෙන මාර්ගයන්ගෙන් කොටසකි.

    ඉමාම් මාලික් (රහ්) මෙසේ පැවසීය. “මේ සමාජයේ ප්‍රථමයෙන් පැමිණි පිරිස වරද හරි ගස්සා ගත් අයුරින් ම ඉන් පසු ව පැමිණි පිරිස ද තම වරද හරිගස්සා ගනී.” එනම්, මේ සමාජයේ (උම්මාවේ) ප්‍රථමයෙන් පැමිණි පිරිස ඉස්ලාමය පිළි ගෙන එය තදින් ග්‍රහණය කිරීමෙන් තම ජීවිතය නිවැරදි කර ගත්හ. එම සමාජය ට ඉන් පසු ව එකතු වු ජනතාව ද ඒ ආකාරයෙන් ම හැර වෙනත් ආකරයෙන් වැරදි හරිගස්සා ගත්තේ නැත. ප්‍රථමයෙන් පැමිණි සමාජයෙන්, පසුව පැමිණි සමාජය වෙන් වුයේ නම්, එහි සිදු වන්නේ විනාශයයි. වර්තමාන යුගයේ කවරෙකු හෝ නොමඟට ඇරයුම් කළේ නම් එහි ප්‍රතිඵලය විනාශයම වේ. මෙවැනි ඇරයුම මගින් නවක යුගය ට අයත් සමාජයේ කටයුතු කිසිවක් නිවැරදි කිරීම ට හැකි වන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් ආදර සෙනෙහස දැක්වීම හෝ පිළිකුල් කිරීම මෙම යුගය ට අදාළ නැති බව ඔවුන් වරදවා පවසති. එනම් කුර්ආනයේ අණට එගඟ ව කටයුතු කිරීමෙන් ඵලක් නැති බව මෙම නවීන පිරිස පවසති. අලුත් දහමක් සහ අලුත් ක්‍රියා මාර්ගයක් අවශ්‍ය බව මෙම නවීන මග පෙන්වන්නන් ගේ මතය වේ.

    ඔවුන්ට අප දෙන පිළිතුරු:

    · මුළු ලොවට ම සංදේශකවරයෙක් ලෙස නබි මුහම්මද් (සල්) තුමාණන් එවනු නොලැබු වේ ද?

    · අවසාන මොහොත එළඹෙන තුරු රසූල් වරයෙක් වශයෙන් එතුමාණන් පත් කරනු නොලැබුවේ ද?

    · අවසාන මොහොත එළඹෙන තුරු එතුමාණන් විසින් ගෙන එනු ලැබු දහම නොපවතින්නේ ද?

    · එතුමාණන් විසින් ගෙන එන ලැබුවේ සෑම කලක ට හා සෑම ස්ථානයන්ටම අදාළ පුළුල් හා පරිපූර්ණ වු දහමක් නොවේ ද?

    පැරණි යුගය සමඟ ෂරීආ නීතිය අහෝසි වු බව ද, අප අද ජිවත් වන්නේ නවීන යුගයේ බව ද, එනිසා එය ට ගැළපෙන නවීන ක්‍රියා මාර්ගයක් සහ නිති පද්ධතියක් අවශ්‍ය බව ද, කවරෙකු හෝ පවසන්නේ නම් එය ව්‍යාජ ජනතාවගේ කථාවකි. මෙවැනි ප්‍රකාශය තම දේව විශ්වාස නොමැති භාවය සඟවා තබා ඉස්ලාමීය මුහුණු වර පෙන්වන වංචනිකයන් ගේ කථාව වේ.

    මෙම ප්‍රකාශය ඉස්ලාමයේ නාමයෙන් ඉස්ලාමය ට එරෙහි ව ප්‍රචාරක ක්‍රියාවන් හි යෙදෙන්නන්ගේ වැඩ පිළිවෙලකි. පරීක්‍ෂණ හා පීඩාව ට ලක් වන අවස්ථාවෙ හි ඔවුන්ගේ හද තුළ සඟවා තැබු වංචනීක භාවය, කුහකකම හෙළි කරති. මේ හේතුවෙන්, මෙවැනි පිරිස කෙරෙහි සිත යොමු කිරීම ට කිසිදු අවශ්‍යතාවක් නැත. ඔවුන් වෙත හෝ ඔවුන් පවසන කථාවන් ට නැඹුරු වීම ට කිසිදු අවශ්‍යතා නැත. අප ට මදි පුංචිකම් කරන්නන් හා කවටකම් කරන්නන්ගේ සරදමට ලක් වුවත්, සත්‍ය මාර්ගයේ නිවැරදි ආකාරයෙන් සුන්නාහ් අනුගමනය කිරීම අපගේ යුතු කම වේ. අන් අය ගෙන් අප ට කිසිදු ගනු දෙනුවක් නැත. අප ගමන් කරන්නේ අල්ලාහ්ගේ ග්‍රන්ථය හා රසූල් (සල්) තුමාණන් පෙන් වූ පැහැදිලි හා නිවැරදි මාර්ගයෙනි.

    රසූල් (සල්) තුමාණන් මෙසේ කීහ. “මම කරුණු දෙකක් ඉතිරි කළෙමි. ඒවා දැඩි ලෙස ඔබ සැම අනුගමනය කරන්නේ නම්, ඔබ මුළාවට පත් වන්නේ නැත. ඒවා නම් අල්ලාහ්ගේ ග්‍රන්ථය සහ නබි (සල්) තුමාණන් පෙන් වු ක්‍රියා මාර්ගය වේ.”මූලාශ්‍ර අහමද්.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. “සැබැවින්ම මෙය මගේ සෘජු මාර්ගය වේ. එහෙයින් එය අනුගමනය කරවු. (වෙන) මාර්ග අනුගමනය නොකරවු. එසේ කළහොත් ඒවා අල්ලාහ්ගේ මාර්ග යෙන් ඔබව වෙන් කරයි. මෙය, ඔබ (දුර් මාර්ගයෙන්) වැළැකෙනු පිණිස, එයින් ඔබ ට අණ කෙළේය.” සූරා අන්ආම් 6:153

    ඔබේ අදහස් අපි අගේ කොට සලකමු.

    [email protected]

    වර්ග: