මූමින්වරු යහ දේ අණ කළ යුත්තේ ඇයි?

කෙටි හැඳින්වීම

අයහපත් දේ තහනම් කර, යහපත් දේ අණ කිරීම අල් කුර්ආනයේ සඳහන් වි තිබෙන අතර, සියලු මුස්ලිම් වරුන් ට එය අවශ්යමයෙන් ම කළ යුතු බැඳීමකි. දෛනික පස් වේලා සලාහ්, රමදාන් උපවාසය සහ zසකාත් ගෙවීමේ ක්රිෛයාවන් මෙන් මෙය ද කළ යුතු බැඳීමකි.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    මූමින්වරු යහ දේ අණ කළ යුත්තේ ඇයි?

    ] සිංහල – Sinhala –[ سنهالي

    හාරුන් යහ්යා

    සවූදි අරාබියේ 2014 මැයි මස 9 දින අරබ් නිව්ස් පුවත් පතේ පළ වූ ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1436

    الأمر بالمعروف لماذا يجب على المؤمنين؟

    « باللغة السنهالية »

    هارون يحيا

    جريدة عرب نيوس (الأخبار العربية) 09مايو2014م

    ترجمة: جاسم بن دعيان

    2014 - 1436

    මූමින්වරු යහ දේ අණ කළ යුත්තේ ඇයි?

    හාරුන් යහ්යා

    සවුදි අරාබියේ අරබ් නිවුස් පුවත් පත්‍රයේ

    2014 මැයි 9 වන දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්නු දඉයාන්

    අල් කුර්ආන් පෙන් වන සදාචාර සාරධර්මය ට එකඟ ව ජිවත් වන මූඃමින් වරයෙක්, එලෙස ජිවත් නොවන කෙනෙකු ට සිදු විය හැකි අනතුර ගැන දන්නා හෙයින්, එම මිනිසා ට අවවාද කර යහ මඟ කරා ආරාධනා කිරීම තම වගකිම බව සිතයි. මෙවැනි අවවාද කිරීම සහ මතක් කිරීම සියලු මූඃමින් වරුන් ම අනුගමන ය කළ යුතුය. මුස්ලිම් වරුන් ගේ මෙම වැදගත් ගුණාංගය පිළිබඳ ව අල් කුර්ආන් මෙසේ පවසයි.

    “ඔවුහු හොඳ දේ අණ කර නරක දේ තහනම් කරති.” සූරා තව්බා 9:71

    අයහපත් දේ තහනම් කර, යහපත් දේ අණ කිරීම අල් කුර්ආනයේ සඳහන් වි තිබෙන අතර, සියලු මුස්ලිම් වරුන් ට එය අවශ්‍යයෙන් ම කළ යුතු බැඳීමකි. දෛනික පස් වේලා සලාහ්, රමදාන් උපවාසය සහ zසකාත් ගෙවීමේ ක්‍රියාවන් මෙන් මෙය ද කළ යුතු බැඳීමකි. විවිධ කුර්ආන් වාක්‍යයන් මගින් අණ කරන මෙම වගකීම මූඃමින් වරුන් අනුගමනය කළ යුතු වැදගත් ලක්ෂණයකි.

    وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّـهَ وَرَسُولَهُ ۚأُولَـٰئِكَ سَيَرْحَمُهُمُ اللَّـهُ ۗ إِنَّ اللَّـهَ عَزِيزٌ حَكِيمٌ ﴿٧١﴾

    “විශ්වාස කරන පුරුෂයන් ද විශ්වාස කරන ස්ත්‍රීන් ද ඇතැමෙක් ඇතැමෙකු ට ආරක්ෂකයෝ ය. ඔවුහු හොඳ දැය අණවති. නරක දැයින් වළක්වති. zසකාත් දෙති. අල්ලාහ් ට ද ඔහු ගේ රසූල්වරයාට ද කිකරු වෙති.” සූරා තව්බා 9:71.

    මූමින්වරු සදාචාර සාර ධර්මය පතුරන්න ට මහත් පරිශ්‍රමයක් දරති.

    එකිනෙකා ට හොඳ දේ අණ කිරීම සහ නරක දේ තහනම් කිරීම ට පමණක් මුස්ලිම් වරුන් ගේ යුතුකම සීමා නොවන අතර, ඔවුන් අඥාන සහ ඉස්ලාමයේ සදාචාර සාර ධර්මයෙන් බොහෝ දුර ඉවත් වී ජීවත් වන ජනතාව ට යහ මඟ වෙත ට ඇරයුම් කීරිම ද අවශ්‍ය කරුණකි.

    අල් කුර්ආනය සඳහන් කරන සදාචාර සාර ධර්මය අන් අය ට ඉගැන්වීම සහ අල්ලාහ් ගේ යහපත් මාර්ගය ට ජනතාව ට ඇරයුම් කිරීම සියලු නබි වරුන් සහ විශ්වාසීන් ගේ ම කටයුත්තකි. කෙසේ වෙතත්, අල් කුර්ආනයේ පහළ වූ අයුරින්, ආගමික සදාචාර සාර ධර්මය ට එකඟ ව ජිවත් වන ලෙස කිසිවෙකු ට බල කළ නොහැක. දේව විශ්වාසය ඇති වීම අල්ලාහ් ගේ අණ ට එකඟ ව සිදු වන එකකි. කෙනෙකු ට සත්‍ය හඳුන්වා දී එය ට සාධක ද පෙන් වූ පසු, විශ්වාස කරන්නේ ද විශ්වාස නොකරන්නේ ද යන තීරණය කිරීමේ නිදහස ඔහු ගේ සවිඥානය ට අයත් එකකි. මූඃමින් වරයෙක් ඉතාමත් ශිෂ්ට සම්පන්න ව මඟ පෙන්වීමේ කාර්යය ඉටු කළේ නම්, ඔහු තම වගකිම නිසි අයුරින් ඉටු කළ අවසන් බව සැලකේ. සවන් දුන් අය විසින් නිවේදනය පිළිගැනීම හෝ නොගැනීම දේශකයා සතු වගකීමක් නොවේ. මේ බව කුර්ආන් වාක්‍ය පවසන්නේ මෙසේය.

    فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ ﴿٢١﴾ لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ﴿٢٢﴾

    “එසේ හෙයින් උපදෙස් දෙනු. සැබැවින් ම ඔබ උපදේශකයෙකි. ඔවුන් ගේ කටයුතු සංවිධානයෙ හි ඔබ ඔවුන් මත නියම නොකරන නොලද්දෙහි ය.” සූරා ගාෂියා88: 21,22

    කෙනෙකු ට කුර්ආනයේ සදාචාරය ඉගැන්වී ම හෝ උපදෙස් දීම වැනි කටයුතු ඉටු කීරීමෙන් කිසිවෙක් අල්ලාහ් සහ ඔහු ගේ ගැත්තා අතර මැදිහත් වන කෙනෙකු බව ට පත් වන්නේ නැත. එසේ නොව දේශනා කිරීම අල්ලාහ් විසින් අණ කරන ලද වගකීමක් වන හෙයින් ඒ තුළින් සියලු ජනතාව ම ඉස්ලාමීය සදාචාර පිළිබඳ ව දැන ගැනීම සඳහා මාර්ග විවෘත වනු ඇත. මෙලොව සිදු වන අසාධාරණය හා දුෂ්ට පාලනය පිළිබඳ ව තමා අසතුටු වන බව පැමිණිලි කරන සෑම කෙනෙක් ම, සිදු කළ යුතු වැදගත් ක්‍රියාවක් ඇත. එනම් අල්ලාහ් සහ අවසාන දිනය ගැන ජනතාව ට මතක් කිරීමෙන් කුර්ආනයේ සදාචාර හැසිරීම වෙත ජනතාව ට ඇරයුම් කිරීම යි.

    ඉස්ලාමීය සදාචාරය පැතිරීම සඳහා සමගිය අවශ්‍ය වේ.

    අල් කුර්ආනයේ සදාචාරය ට එකඟ ව ජීවත් නොවන සමාජය, තම කරදර වලින් මිදෙන්න ට මාර්ග සොයති. ලෝකයේ සාමය සහ සාධාරණත්වය ට මඟ පෙන්වන්නෙක් පැමිණෙන බව ඔවුන් බලා පොරොත්තුවෙන් සිටිති. මෙම මඟ පෙන්වීම ඉස්ලාමීය සදාචාරය අනුව ජීවත් වන ජනතාව සතු වගකීමක් වන අතර, මෙම භාර දූර වගකීම සියලු මුස්ලිම් වරුන් විසින් ඉටු කළ යුතුව තිබේ. විවිධ ජාතීන් ට හා විවිධ සමාජය ට හා විවිධ භාෂාවන් ට අයත් මුස්ලිම් වරුන් ඉස්ලාමීය සදාචාරය පිළිබඳ දේශනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොවේ මුස්ලිම් වරුන් ගේ සංඛ්‍යාව දින පතා ම වර්ධනය වෙමින් පවති. මානව සමාජය සත්‍ය දෙස හැරෙන්න ට දැන් පටන් ගෙන ඇත. මෙවැනි වාතාවරණයක කැප වී දඅ වා කටයුතු කරන සෑම විශ්වාසි යෙකු ම අතිශයින් වටිනා කෙනෙකි.ඉස්ලාමයේ හරය ද රසූල් (සල්) තුමාණන් ගේ සුන්නාහ්ව ද පතුරන්න ට වෑයම් කරන අය ගේ සේවය අගය කර යුතු අතර, මෙම සේවය පුලුල් කිරීම පිණිස අපි සියලු දෙනාම සමගියෙන් කටයුතු කළ යුතුව තිබේ. සියලු වීහ්වාසීන් ම එක කණ්ඩායමක් ලෙස ට එක්සත් ව කටයුතු කළ යුතු බව අල්ලාහ් අප ට අණ කිරීම මෙය ට ප්‍රධාන හේතුව වේ. මෙම සමගිය සහ එකමුතු භාවය නිර්මාණය කිරීම ට විශ්වාසීන් ට නොහැකි වුවහොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් එළෙඹෙන අඳුරු වාතාවරණය ගැන අල් කුර්ආනයේ අප ගේ පරමාධිපති පැහැදිලි කරයි.

    وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ ﴿٧٣﴾

    “ප්‍රතික්ෂේප කළ අය - ඔවුන් ඇතැමෙකු ඇතැමෙකු ට ආරක්‍ෂකයා ය. ඔබ එය නොකරන්නෙහු නම් භූමියෙ හි කැලැඹිලි ද මහත් අපරාධ ද වෙයි.” සූරා අන්ෆාල් 8: 73

    කුර්ආනයෙන් බැහැර ව සිටින ජනතාව ට කුර්ආනය පෙන්වන අගනා මාර්ගය පිළිබඳ ව දැන්වීම දහමෙ හි ඉතා වැදගත් කාර්යයකි. දහම දේශනා කිරීමෙන් අල්ලාහ් ගේ මාර්ගය වෙත ට ජනතාව ට ඇරයුම් කිරීම සියලු නබිවරුන් ගේ සහ අනුගාමිකයන් ගේ ප්‍රධාන කාර්ය භාරයකි. නබි වරුන් මෙම උතුම් කාර්යය ඉෂ්ට කරනු පිණිස තම ජීවිත කාලය ම කැප කළ බව ද, ඒ සඳහා කිසි විටක පසු බට නොවු බව ද අල් කුර්ආනය පෙන්වයි. නූහු නබි (අලෛ) තුමා පැවසු වදන් කුර්ආනය මෙසේ සඳහන් කරයි.

    قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا ﴿٥﴾فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا ﴿٦﴾ وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ﴿٧﴾ ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا ﴿٨﴾ ثُمَّ إِنِّي أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا ﴿٩﴾

    “මාගේ පරමාධියාණනි! සැබැවින් ම මම මාගේ සමූහය රාත්‍රියෙහි හා දහවලෙහි (ඔබ වෙත ට) ඇරයුම් කළෙමි. (සක්‍යයෙන්) පලා යෑම මිස, මාගේ ඇරයුම ඔවුන ට වෙන කිසිවක් වැඩි කළේ නැත. ඔවුන ට නුඹ සමාව දීම පිණිස සැබැවින් ම මා ඔවුන් ට ඇරයුම් කළ සෑම විටකම, (ඔවුහු) ඔවුන් ගේ ඇඟිලි ඔවුන් ගේ කන් තුළ තබා ගත්හ. තව ද ඔවුන් ගේ වස්ත්‍රයෙන් (ඔවුන් ව) ආවරණය කර ගත්හ. මුරණ්ඩුකම් පෑහ. උඩඟුව ට පත් වූහ. පසුව ද සැබැවින් ම මම ඔවුන් ට හඬ නඟා ඇරයුම් කළෙමි. පසු ව සැබැවින් ම ඔවුන ට මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෙමි. තව ද රහසිගත ව ඇරයුම් කළෙමි” සූරා නූහු 71: 5 සිට 9 දක්වා

    සෑම මුස්ලිම් වරයෙකු ම දහම දේශනා කරන විට දැඩි ඉවසීම සහ අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු අතර, නබි වරුන් ගේ අනර්ඝතම සදාචාරය ට එකඟ ව ජීවත් විය යුතුය. මෙවැනි අධිෂ්ඨානය සහ අවංක කැපවීම් සඳහා ත්‍යාග වශයෙන්, ඉස්ලාමීය සදාචාරය ගෝලීය මට්ටමේ පැතිර පවතින්න ට සලස්වන බව අල්ලාහ් ප්‍රකාශ කරයි.

    وَعَدَ اللَّـهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا ۚ وَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ ﴿٥٥﴾

    “නුඹලා අතරින් විශ්වාස කොට යහකම් කළවුන් ට මිහිතලයේ ඔවුන ට පෙර වූවන් ට නියෝජිත භාවය දුන්නාක් මෙන් සැබැවින් ම නුඹලාට ද නියෝජිත භාවය ලබා දෙන බවට ද ඔවුන් වෙනුවෙන් පිළිගත් ඔවුන් ගේ දහම ඔවුන ට (පිළිපැදීම ට) සැබැවින් ම ඉඩ සලස් වන බව ට ඔවුන ට ආති වූ බියෙන් පසුව සුරක්ෂ්ත භාවය ට (එය) සැබැවින්ම පරිවර්තනය කර දෙන බවට ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. ඔවුහු මා නමදින්නෝය. මට කිසිවකින් ආදේශ නොකරන්නෝ ය. ඉන් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට පාපතරයින් ඔවුන්ම ය.” සූරා නූර් 24:55

    නිමි.

    ඔබ ගේ අගනා අදහස් අප ට දනවන්න.

    [email protected]

    වර්ග: