සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක්

කෙටි හැඳින්වීම

තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක්

    الصلاة عبادة وارتباطة خاصة تتعلق بالله

    < සිංහල >

    سنهالية

    arabnews.com අරබ් නිවුස් පුවත් පත්‍තරයේ

    2015 මාර්තු 13 වන දින පළ වු ලිපිය

    جريدة عرب نيوس في 15 مارس 2015م

    اسم المؤلف

    —™

    Translator's name: ජාසිම් බින් දඉයාන්

    Reviser's name:

    මුහම්මද් අසාද්

    ترجمة: جاسم بن دعيان

    مراجعة: محمدآساد

    සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක්

    arabnews.com අරබ් නිවුස් පුවත් පත්‍තරයේ

    2015 මාර්තු 13 වන දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්නු දඉයාන්

    මිනිසාගේ ජිවිතයේ සියලු අවස්ථාවන්හි සියලු ක්‍රියාවන්හි අති උතුම් අල්ලාහ්ගේ අණට එකඟ ව සිදු වන අතර, අන් කිසිවෙකුගේ ඕනෑ එපාකමට මෙය පිළිබඳ ව කිසිදු අනුමැතියක් නැත.

    අති උතුම් අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّـهِ رَ‌بِّ الْعَالَمِينَ ﴿١٦٢﴾

    “සැබැවින්ම, මගේ සලාහ්ද මගේ යහකම්ද මගේ දිවියද මගේ මරණයද ලෝකවාසීන් නිර්මාණය කොට සංවර්ධනය කරන අල්ලාහුට යැයි කියනු.”අල් කුර්ආන් 6:162.

    එනම්, මුස්ලිම්වරයෙක් යනු තම සියලු දේ සහ සම්පූර්ණ ජීවිතයම අල්ලාහ්ට කැප කළ කෙනෙක් වන හෙයින්, මුස්ලිම්වරයෙකුගේ ප්‍රථම යුතුකම අල්ලාහ්ට පමණක් කීකරුවන ජීවිතයක් ගෙවිමයි.

    ඇතැම් ජනතාව “මගේ ජීවිතයේ ආගමික කොටස මෙයයි, මෙහි මම දෙවියන් වහන්සේට පමණක් අවනත වී වතාවත්වල නිරත වෙමි; මගේ ජීවිතයේ ලෞකික කොටස මෙයයි, මෙහි දේව නියෝග කිසිවක් බලපාන්නේ නැත.” යනුවෙන් වෙන් කර ගනිති. එහෙත් ඉහත සඳහන් අල් කුර්ආන් වාක්‍යයට එකඟ ව, අප ජිවිතය එකිනෙකට සම්බන්ධ නොවන කොටස් වශයෙන් වෙන් කර ගැනිමට අපට අනුමැතිය නැත.

    අපගේ මැවුම්කරායා, පෝෂකයා, අණ දෙන්නා සියලු ශක්ති සම්පන්න අල්ලාහ් බවද, ඔහු හැර “අන් දෙවියන්” පිටුපස ලුහු බඳින්නට අපට අනුමත නැති බවද ඉස්ලාමයේ මූලික ඉගැන්වීම් වන අල් කුර්ආනය සහ සුන්නාහ් ව පවසයි.

    ඉස්ලාම් යනු අංග සම්පූර්ණ ජිවන මාර්ගයකි. මිනිසා තම සම්පූර්ණ ජීවිතයම අල් කුර්ආන් සහ සුන්නාහ් පවසන ප්‍රතිපත්තියට එකඟව හැඩ ගසා ගත යුතු බව අණ කරයි. මෙය යථාර්ථ නොවන අදහස් බව සැබෑවකි. එයට ළඟා වීම සඳහා අවශ්‍ය වන්නේ අපගේ දෘෂ්ටිකොණයේ වෙනසක් පමණි.

    එවැනි වෙනස අපගේ අභ්‍යන්තර හා බාහිර ජීවිතයේ මහත් වෙනසක් සිදු කරන බව නම් පිළි ගත යුතුම වේ. එහෙත් යහපත් ජිවිතයක් ගෙවීමට කැමති අයට, එකම මාර්ගය ඉස්ලාම් පමණි.

    මෙහි වැදගත්වන්නේ තම අනුගාමිකයන්ට ප්‍රාණයක් නොමැති පිළිවෙත් ක්‍රමයක් ඉස්ලාම් පණවා නැත. පුරුද්දට සිදු කරන එවැනි කායික පිළිවෙත් ක්‍රමය, බොහෝ විට ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව නිසි අවබෝධයෙන් තොරව සිදු විය හැක.

    لَّيْسَ الْبِرَّ‌ أَن تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِ‌قِ وَالْمَغْرِ‌بِ وَلَـٰكِنَّ الْبِرَّ‌ مَنْ آمَنَ بِاللَّـهِ وَالْيَوْمِ الْآخِرِ‌ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَىٰ حُبِّهِ ذَوِي الْقُرْ‌بَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّ‌قَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا ۖ وَالصَّابِرِ‌ينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّ‌اءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَـٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُتَّقُونَ ﴿١٧٧﴾

    “නැගෙනහිර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නොවේ. නමුත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ් ව ද අවසන් දිනය ද මලක්වරුන් ද දේව ග්‍රන්ථය ද නබිවරුන් ව ද විශ්වාස කොට තමන් ධනය ඇලුම් කරමින් සිටිය දී එය ඥාතීත්වයෙන් යුත් අයට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද යාචකයින්ට ද වහලුන් විෂයයෙහි ද පිරිනමා සලාතය ද ස්ථාපිත කොට zසකාත් ද පිරිනැමූ අය ද ඔවුන් ගිවිසුමක් කළ විට තම ගිවිසුම ඉටු කරන්නන් ද දූගී හා පීඩාකාරී අවස්ථාවන් හි ද අසහනකාරී අවස්ථාවෙහි ද ඉවසිල්ලෙන් සිටින්නන් ද වෙති. ඔවුන්මය සත්‍ය පැවසූ අය වන්නේ. තවද ඔවුන්මය බියබැතිමත් අය වන්නේ.” සූරා බකරා 2:177

    එනම් අප දෛනික ජීවිතයට අපගේ වතාවත් ක්‍රියාවන් නිසා කිසිදු වෙනසක් සිදුනොවන්නේ නම්, ඒවායින් කිසිදු ඵලක් නැත. එමෙන්ම, ආගමික වතාවත් වලට බැහැර වන බව පොදුවේ සැළකෙන දෛනික යුතුකම අපි අවංක ව හා අල්ලාහ්ගෙන් ත්‍යාග ලැබෙන බව ස්ථීර විශ්වාසයෙන් ඉටු කරන්නේ නම්, එම ක්‍රියාවන් නැමදුමක් බවට පත්වේ.

    දිනක් ඔවුන් තම බිරියන් සමඟ සංසර්ගයේ යෙදීම සඳහා ත්‍යාග දෙනු ලබන බව සහාබාවරුන්ට මුහම්මද් නබි (සල්) තුමාණන් වදාළහ. මෙයින් සහාබාවරුන් පුදුමයට පත් ව, “අපි අධික ව සතුටු විඳින යම් ක්‍රියාවක් සඳහා අපි ත්‍යාග ලබන්නේ කෙසේද?“ යැයි විමසුහ. එවිට නබි (සල්) තුමාණන්, “ඔබෙ අවශ්‍යතා ඔබ නිති විරෝධි මාර්ගයෙන් ලබා ගත්තේ නම්, ඒ සඳහා ඔබ දඬුවම් දෙනු ලබන්නේ නැත්ද?” යැයි විමසුහ. සහාබාවරුන් “ඔව්” යනුවෙන් පිළිතුරු දුන්හ. එවිට රසූල් (සල්) තුමාණන්, “එනිසා, ඔබේ ම බිරියන් සමඟ නිත්‍යනුකූල ව තෘප්තිය ලැබීම සඳහා ඔබට ත්‍යාග දෙනු ලැබේ.” යැයි පැවසුහ. (මුස්ලිම්: 25)

    මෙලෙස දෛනික ජිවිතයේ සියලු සාමාන්‍ය ක්‍රියාවන් පවා නැමදුමක් බවට පත්කර දීම තුළින්, තම මුළු ජිවිතයම පිරිසිදු කර ආධ්‍යත්මික දෙසට වෙනස් කර ගැනීමට ජනතාව පොළඹවනු ලබති. එහෙත් වතාවත් තුළින් නැමදුම් කිරීම සුළු කොට දැක්විම මෙයින් අදහස් නොකෙරේ. සැබැවින්ම, කෙනෙක් වතාවත්හි අභ්‍යන්තර අර්ථය පිළිබඳ සම්පූර්ණ අවබෝධය සහිත ව ඒවා ඉටු කරන්නේ නම්, තම සදාචාර හා ආධ්‍යාත්මික ශක්තිය තර කර ගන්නා අතර, එමගින් තම ජිවිතයේ සෑම අංගයට අයත් එදිනෙදා කටයුතු සියල්ල අල්ලාහ් පෙන්වා දුන් මාර්ගයේ සාර්ථක ව නිමා කර ගැනීමට ඔහුට හැකි වනු ඇත.

    මෙයට එකඟ ව, වන්දනාමානය (අරාබි බසින් ඉබාදා) යන පද ඉස්ලාම් හි කුලුනු ලෙස පැවසෙන සලාහ්, උපවාසය, සකාත් සහ හජ් යන ක්‍රියාවන් ගැන පමණක් සඳහන් නොකරයි. ඉබාදා යන පදයෙහි මුස්ලිම්වරයෙකු‍ගේ සියලු කරුණු නියෝජනය කරයි. එනම්, මුස්ලිම්වරයෙකුගේ විශ්වාසය, කථාව, ක්‍රියා කලාපය යන සියල්ල එහි අඩංගු වේ. අල්ලාහ්ගේ සතුට අපේක්ෂාවෙන් මූඃමින්වරු සියලු ක්‍රියාවන් ඉටු කරන විට, ඒවා ඉබාදා බවට පත් වේ. එහෙයින් සලාහ් වැනි නැමදුම්ද ඔවුන්ගේ වතාවත් වලින් කොටසකි.

    ඉස්ලාම් පෙන්වන ආකාරයෙන් අල්ලාහ්ට වන්දනාමාන කිරීම මගින් අයහපත් සිතුවිලි සහ අයහපත් ක්‍රියාවන් වළකිනු ලබන අතර, ජීවිතය ද පවිත්‍ර කරනු ලබයි. සැබැවින්ම, ඉස්ලාම්හි අවංක ව සිදුකරන වන්දමාන සියල්ල අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත වී, ඔහුගේ අණට එකඟව ජීවත් විමට මිනිසාව පුහුණු කරයි.

    ඉස්ලාම් අනුමත කළ වන්දනාමාන ක්‍රම සියල්ල අතරින් සලාහ් හෙවත් නැමදුම ඉතාමත් විශේෂ එකකි. මෙය ඉස්ලාමට පමණක් අනන්‍ය වන අතර, අන් ආගම් වල දක්නට තිබෙන වතාවත් වලට වඩා හාත්පසින්ම වෙනත් ක්‍රම වේදයකි.

    සලාහ්වෙහි තිබෙන සුජූද් හෙවත් නළල පොළොව මත තබන ඉරියව්ව, නැමදුම් කරන්නා කොන්දේසි විරහිත ව අල්ලාහ්ට දක්වන අවනතය නිරූපනය කරයි. මෙහිදී නබි (සල්) තුමාණන්ගේ ආදර්ශයට එකඟ ව ප්‍රාර්ථනා කිහිපයක් පාරායනා කරනු ලැබේ. එහෙත් සලාහ්වෙහි අරමුණ මෙලොව ජීවිතය නොවේ. තමන් මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයට විසඳුම හෝ සහන පතා ඕනෑම මොහොතක අල්ලාහ්ට සලාහ් කිරීමට මුස්ලිම්වරුන්ට අනුමැතිය ඇත. එහෙත් එම සලාහ්වෙහි ප්‍රාර්ථනා කරන භාෂාව හෝ උපයෝගි කරන වදන්හී පිළිවෙළ වෙනස් කිරීමට අපට අනුමත නැත. මුහම්මද් නබි (සල්) තුමාණන් ඉගැන් වූ ආකාරයෙන් ම කිසිදු වෙනස් කිරීමකින් තොරව එම වදන් ඒ ආකාරයෙන්ම පැවසිය යුතුය.

    සියලු නබිවරුන්ට නැමදුම අල්ලාහ් විසින් අනිවාර්‍ය කරනු ලැබු බව අල් කුර්ආනයේ පවසා තිබෙන අයුරින් මුස්ලිම්වරු විශ්වාස කරති. මූසා හෙවත් මෝසස් (අලෛ) තුමාට අල්ලාහ් මෙසේ පැවසීය.

    إِنَّنِي أَنَا اللَّـهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِ‌ي ﴿١٤﴾

    “සැබැවින්ම, මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් නුඹ මට නැමදුම් කරවු. මා මෙනෙහි කරනු පිණිස සලාතය ස්ථාපිත කරවු.” අල් කුර්ආන් 20:14

    දේව විශ්වාසයේ ප්‍රධාන අංගය වන්නේ අල්ලාහ් සමඟ පවතින ඔහුගේ හෝ ඇගේ හෝ සම්බන්ධතාවයි. මෙම සබන්ධතාව නැමදුම හැර අන් කිසිදු අවධියක ප්‍රමුකත්වයට පත්වන්නේ නැත. කෙනෙකු ඔහුගේ හෝ ඇගේ හෝ මැවුම්කාරයා වෙතට ආධ්‍යාත්මික ව සමීප කිරිමට බැතිමත් භාවයෙන් හා අවංක ව ඉටු කරන සලාහ් සමත්වෙයි. එම අවස්ථාවේ ඔහුගේ හෝ ඇගේ හෝ හදවත අල්ලාහ් කෙරෙහි ඇති ආදරයෙන් සහ ස්වර්ගය ලැබීමේ අපේක්ෂාවෙන් පිරී ඉතිරේ.

    දෛනික ව පස් වේලාවක් සලාහ් ඉටු කිරීම තුළින් අල්ලාහ් ව නිතර මෙනෙහි කිරිමටද ඔහුගෙන් සමාව අයැදීමටද ඔහුගේ සතුට පැතීමටද මුස්ලිම්වරයෙකුට හැකි වනු ඇත. තවද, පාප ක්‍ෂමාව ඉල්ලීමට එයින් අවස්ථාවක් ලැබෙන නිසා, තමා විසින් සිදු කරන ලබන පාපයන් සඳහා සමාව අයැදීමට ඔවුන්ට හැකි වනු ඇත. වරක් “කෙනෙකුගේ නිවස ඉදිරියේ ගංගාවක් තිබෙන බව සිතන්න. ඔහු දිනකට පස් වතාවක් ස්නානය කරන බවද සිතන්න. ඔහුගේ ශරීරයේ කිසිදු කිලිටක් ඉතිරි වන බව ඔබ සිතන්නේද?“ යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණන් තම සහාබාවරුන්ගෙන් විමසූහ. එවිට ඒ පිරිස “කොහෙත්ම නැත“ යනුවෙන් පිළිතුරු දුන්හ. “පස් වේල සලාහ් ද ඒ හා සමාන වේ. අල්ලාහ් සියලු පාපයන් එයින් මකා දමන්නේය.” යනුවෙන් නබි (සල්) තුමාණන් පහදා දුන්හ. මූලාශ්‍ර අල් බුහාරි 528. අල්ලාහ් සමඟ කෙනෙක් පවත්නා සම්බන්ධතා වැදගත් වන්නේ ඔහුගේ හෝ ඇයගේ හෝ ස්ථීර හා අවංක විශ්වාසයයි. මෙම සබන්ධතාව සලාහ් මගින් ආරම්භ කරනු ලැබ සලාහ් මගින් ම ශක්තිමත් බවට පත් වේ. සලාහ් හෙවත් නැමදුම අල්ලාහ් කෙරෙහි සැබෑ බැතිමත්කම සහිත ව, අවංක හදවතින් සිදු කළේ නම්, එය කෙනෙක් තුළ නිත්‍ය විපාකඵලය ස්ථාපිත කරයි.

    අල් කුර්ආනයේ අති උතුම් අල්ලාහ් මෙසේ පවසයි.

    اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ‌ ۗ وَلَذِكْرُ‌ اللَّـهِ أَكْبَرُ‌ ۗ وَاللَّـهُ يَعْلَمُ مَا تَصْنَعُونَ ﴿٤٥﴾

    “තවද, සලාතය ස්ථාපිත කරවු. සැබැවින්ම සලාතය අලජ්ජ හා පිළිකුල් සහගත දැයින් වළක්වන්නේය. අල්ලාහ් ව මෙනෙහි කිරීම (ජීවිතයේ) අති ශ්‍රේෂ්ඨය. තවද නුඹලා කරන දෑ අල්ලාහ් දන්නේය.” සූරා අල් අන්කබූත් 29:45.

    කෙනෙකුගේ සිත් තුළ සැඟ වී තිබෙන දේව අවබෝධය සලාහ් කීරීමේ ක්‍රියාව මගින් අවදි කරනු ලැබ ඔහු/ඇය තුළ ශාරීරික ආශාවන් හේතුවෙන් පතිත වී තිබෙන ආශාව, මෝහය. තණ්හාව වැනි පෙලඹවීම් වලට එරෙහිව ඔවුන්ගේ සිත ශක්තිමත් කරයි. මෙම තත්ත්වය පිළිබඳ ව අල්ලාහ් පවසන්නේ මෙසේය.

    إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا ﴿١٩﴾ إِذَا مَسَّهُ الشَّرُّ‌ جَزُوعًا ﴿٢٠﴾ وَإِذَا مَسَّهُ الْخَيْرُ‌ مَنُوعًا ﴿٢١﴾ إِلَّا الْمُصَلِّينَ ﴿٢٢﴾

    “සැබැවින්ම මිනිසා නොඉවසිලිවන්තයෙකු ව මවනු ලැබුවේය. නපුරක් ඔහු ව ස්පර්ශ කළ විට, ඔහු නොසන්සුන් වන්නේය. යහපතක් ඔහු ව ස්පර්ශ කළවිට, ඔහු මසුරුය. සලාතය ඉටු කරන්නන් හැරය. ඔවුහු කවරුන් ද යත් ඔවුන්ගේ සලාතයන්හි අඛණ්ඩ ව නියැළෙන්නෝ වෙති.” සූරා 70: 19 සිට 22 දක්වා.

    එනිසා තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.

    නිමි

    වර්ග: