මිනිස් සංහතිය එක් සමූහයක් විය

කෙටි හැඳින්වීම

නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සෑම දරුවෙකුම උපත ලබන්නේ ෆිත්රා (පිරිසිදු මිනිස් ස්වභාවය) මතය, එහෙත් ඔහුගේ දෙමාපියන් ඔහු ව යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ අග්නි පූජා කරන්නෙක් බවට පත් කරති....

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    මිනිස් සංහතිය එක් සමූහයක් විය

    كانت البشرية أمة واحدة

    < සිංහල >

    سنهالية

    ෂෙය්ක් නාසිරුද්දින් අල් අල්බානි

    اسم المؤلف: الشيخ ناصر الدين الألباني

    —™

    Translator's name: ජාසිම් ඉබ්නු දඉයාන්

    Reviser's name:

    මුහම්මද් අසාද්

    ترجمة: جاسم بن دعيان

    مراجعة: محمد آساد

    මිනිස් සංහතිය එක් සමූහයක් විය

    මිනිස් සංහතිය එක් සමූහයක් විය

    ෂෙය්ක් නාසිරුද්දින් අල් අල්බානි

    http://www.arabnews.com/islam-perspective/news/669726

    සවුදි අරාබියේ අරබ් නිවුස් පුවත් පත්‍රයේ

    2014 දෙසැම්බර් 5 වන දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්නු දඉයාන්

    ආරම්භක යුගයේ මිනිස් වර්ගය එක් ජාතියකට අයත් ව ඒක දේවත්වය අනුගමනය කළ බවද, පසුව ක්‍රමානුකූලව අල්ලාහ්ට සමාන තැබීමේ පාපයට සම්බන්ධ වූ බවද ඉස්ලාමයේ ෂරීආ නම් නීතිය සනාථ කරයි.

    උත්තරීතර අල්ලාහ් මේ බව තහවුරු කරන්නේ මෙසේය.

    انَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّـهُ النَّبِيِّينَ مُبَشِّرِ‌ينَ وَمُنذِرِ‌ينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ ۚ

    “ජනයා එකම සමූහයක් විය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය.” 2:213

    මේ පිළිබඳ ව අබ්බාස් (රළි) තුමා පහදා දුන්නේ මෙසේය. “නූහ් සහ ආදම් (අලෛ) අතර පරම්පරා 10ක් වන අතර, ඔවුන් සියලු දෙනාම ඒක දේවත්වය යටතේ ෂරීආ නීතිය අනුගමනය කළෝය. ඉන් අනතුරුව ඔවුන් තමන් අතර විරුද්ධ වුහ. එනිසා අල්ලාහ් ඔවුන්ට අවවාද කරනු පිණිස සහ ශුභාරංචි ගෙන දෙන්නන් වශයෙන් නබිවරුන් එවීය.”

    ඉබ්නු උර්වා අල් හම්බලි (රහි) මෙම වදන ගැන අදහස් දක්වන විට, “කාබිල් සහ ඔහුගේ පුත්‍රයන් අග්නි පූජා කරන්නන් යනුවෙන්, ආගමික ග්‍රන්ථ දෙනු ලැබුවන් අතර ඉතිහාසඥයන් ගේ නිගමනය මෙම හදීසය නිෂ්ප්‍රභ කරයි.” යනුවෙන් පැවසිය.

    එපමණක් නොව, මිනිසාගේ ස්වභාවික පදනම වන්නේ දෙවියන්ට සමාන තැබිම බවද, ඒක දේවත්වය යන සංකල්පය මිනිසා විසින්ම තෝරා ගත් එකක් බවද ඇතැම් දර්ශනවාදීන් සහ අදේවවාදීන් දක්වන මත මෙම කුර්ආන් වාක්‍ය සහ හදීසය නිෂ්ප්‍රභ කරයි. ඉහත සඳහන් කුර්ආන් වාක්‍ය සහ පහත සඳහන් වන හදීස් වදන් දෙක මේ විෂය පිළිබඳ ව තවත් පැහැදිලි කරයි. නබි (සල්) තුමාණන්ගේ හදිස් අල් කුද්සියක, “අල්ලාහ් මෙසේ පවසයි. මගේ ගැත්තන් සියලු දෙනාම සත්‍ය දහම මත (ඒකදේව විශ්වාසයේ) මැව්වෙමි. අනතුරුව ෂෙයිතාන්වරු පැමිණ, මිනිසාව සත්‍ය මාර්ගයෙන් බැහැර කර, වැරදි මාර්ගයට යොමු කළෝය. මම ජනතාවට නිත්‍යනුකූල බව පැවසු දේ ෂෛයිතාන්වරු නීති විරෝධි බවට පත්කළෝය. මට සමානයන් තබන ලෙස ජනතාවට අණ කළෝය. මේවා සඳහා මම කිසිදු අනුමැකියක් පහළ කළේ නැත.”

    නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සෑම දරුවෙකුම උපත ලබන්නේ ෆිත්රා (පිරිසිදු මිනිස් ස්වභාවය) මතය, එහෙත් ඔහුගේ දෙමාපියන් ඔහු ව යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ අග්නි පූජා කරන්නෙක් බවට පත් කරති. සතෙක් ස්වභාවික පැටවෙකු ජනිත කිරිම හා මෙය සමාන වේ. ඔවුන් ව ඔබ අංග ඡේදනය කරන තුරු, ඔවුන් අංග ඡේදනය කරනු ලැබ ජනිත වීම ඔබ දකින්නේ ද?”

    فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَ‌تَ اللَّـهِ الَّتِي فَطَرَ‌ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّـهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ‌ النَّاسِ لَا يَعْلَمُونَ ﴿٣٠﴾

    අබු හුරෙයිරා (රළි) තුමා මෙසේ ප්‍රකාශ කරයි. “එබැවින් (නබිවරය!) අවංකභාවයෙන් නුඹගේ මුහුණ දහම කෙරෙහි ස්ථාපිත කරවු. මෙය ඒ ලෙස මිනිසා ව මැවු අල්ලාහ්ගේ (ෆිත්රා නම්) ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමෙහි වෙනස් කිරීමක් නොමැත. එයයි සෘජු දහම. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.” 30:30

    ඒක දේවත්වය අනුගමනය කළ ජනතාව අතර, අල්ලාහ්ට සමාන තැබීම නම් රෝගය පැතිරුණේ කෙසේ දැ යි මුස්ලිම්වරු අවබෝධ කර ගැනීම කෙතරම් වැදගත් දැ යි ඉහත සඳහන් හදිස් සහ අල් කුර්ආන් වැකි පැහැදිලි කරයි. නූහු නබි (අලෛ) තුමාණන්ගේ ජනතාව එතුමාට පැවසු දේ ගැන උත්තරීතර අල්ලාහ් මෙසේ සදහන් කරයි.

    وَقَالُوا لَا تَذَرُ‌نَّ آلِهَتَكُمْ وَلَا تَذَرُ‌نَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرً‌ا ﴿٢٣﴾

    “නුඹලා නුඹලාගේ දෙවිවරු කිසිවිටක අත් නොහරිවු. තවද, ‘වද්‘ ද ‘සුවාඃ‘ ද ‘යගූත්‘ ද ‘යඌක්‘ ද ‘නස්ර්‘ ද කිසිවිටෙක අත් නොහරිවු යැයි ඔවුහු (නූහු නබිට එරෙහි වුවන්) කිහ.” අල් කුර්ආන් 71:23. මෙහි නම් සඳහන් පස් දෙනා යහපත් බැතිමතුන් බවද, ඔවුන් මරණයට පත්වීමෙන් අනතුරු ව ඔවුන්ට පූජා කරන ලෙසද, ඔවුන්ගේ සොහොන අසල ලැගුම් ගන්නා ලෙස ද අඥන ජනතාවගේ කනට ෂෙයිතාන් කොඳුරා කියවු බවද ඇතැම් ආගමික විද්වතුන් අදහස් දක්වති. මේ පස් දෙනා සඳහා පිළිමවල් ඉදි කරන ලෙසද, ඔවුන්ව සිහිපත් කිරීම සහ අනුගමනය කිරිම අලංකාරවත් කුසල් ක්‍රියාවක් බවද ෂෙයිතාන් ඉන් පසුව පැමිණි පරපුරට කොඳුරා කීවේය. අල්ලාහ්ට අමතර ව මේ පිළිම වලට ද නැමදුම් කළ යුතු බව ඉන් අනතුරුව පැමිණි තුන්වැනි පරම්පරාවට ෂෙයිතාන් පැවසීමෙන් ඔවුන්ද, මෙය තම මුතුන් මිත්තන් කළ ආගමික වතාවත් යැයි පවසමින් දිගින් දිගට වැරදි මාර්ගය ඔස්සේ යන්නට වුහ.

    මේ නිසා උත්තරීතර අල්ලාහ් එම සමාජය වෙතට නූහු (අලෛ) තුමාණන් එවීමෙන්, අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙස එතුමා තම ජනයාට උපදෙස් දුන්නේය. එතුමාගේ ඇරයුමට කිහිප දෙනෙක් හැර බහුතරයක් සවන් දුන්නේ නැත. මෙම සම්පූර්ණ සිද්ධිය අල් කුර්ආනයේ (සූරා නූහ්) අල්ලාහ් විස්තර සහිත ව සඳහන් කර ඇත. මෙය සම්බන්ධ ව ඉබ්නු අබ්බාස් (රළි) තුමා වැඩි දුරට සඳහන් කරන්නේ මෙසේය. “සැබැවින්ම, නූහ් නබි (අලෛ) තුමාණන්ගේ සමාජයට අයත් මේ නමැති පස් දෙනාම ඉතාමත් ධාර්මික අය වුහ. ඔවුන් මිය යෑමෙන් අනතුරු ව ඔවුන්ට සිහිවටන වශයෙන් ඔවුන්ගේ පිළිම ඉදි කරන ලෙස ද, එම පිළිමවල් ජනතාව රැස්වෙන ස්ථානයන්හි තබන ලෙසද ෂෙයිතාන් එම සමාජයේ ඇතැම් අයගේ කනට කොඳුරා කියන්නට විය. ඒ ජනතාවද ඒ ආකාරයෙන් කටයුතු කළහ. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිසිවෙක් මෙම පිළිම වලට වන්දනාමාන කළේ නැත. ඒ පරපුර මිය යන තුරු, එවැනි පිළිම ඉදි කළ අරමුණ පවා ඔවුනට අමතක වී තිබුණි. එහෙත් (ඉන් පසුව පැමිණි පරම්පරාව) ඒවාට වන්දනාමාන කිරීමට පටන් ගත්හ.”

    අල් තබ්බාරි සහ වෙනත් විද්වතුන් ද මෙය හා සමාන සිද්ධින් වාර්තා කර ඇත. යzසීද් ඉබ්නු අල් මුහල්ලබ් පිළිබඳ ව අබු ජාෆර් අල් බාකිත් (හිජ්රි 11 වර්ෂය) පවසා අබු මත්තහර්ගෙන් අබ්දුල්ලාහ් ඉබ්නු හුමාද් අද් දුර්රාල් මන්දූර් ග්‍රන්ථයේ මෙසේ වාර්තා කරයි. “අල්ලාහ්ට අමතර ව තවත් කෙනෙකුට වන්දනාමාන කළ ස්ථානයක ඔහු ඝාතනය කරනු ලැබීය.” ඔහු තවදුරටත් මෙලෙස දන්වයි. “වාද් නමැති මුස්ලිම් වරයෙක් සමාජයේ ආදරයට ලක් වූ කෙනෙකි. ඔහු මිය ගිය පසු, බාබිල් නුවර ඔහුගේ සොහොන අසල සෙනඟ වාඩි වී ඔහු වෙනුවෙන් ශෝකය දක්වමින් විලාප දෙමින් සිටියහ. ඔවුන් මෙලෙස විලාප දෙමින් සිටින දර්ශනය දුටු ඉබ්ලීස් (ෂෙයිතාන්) මිනිසෙකුගේ රූපයෙන් පැමිණ, “ඔහු (වාද්) වෙනුවෙන් නුඹලා දුක්වෙමින් විලාප දෙමින් සිටින බව දකිමි. ඔහු සිහි කරනු පිණිස ඔහු සඳහා රූපයක් ඉදි කර, ඔබ සැම රැස් වෙන ස්ථානයන්හි තබන්නේ නම් සුදුසුයැ”යි කීය. මෙයට එකඟ වූ සෙනඟ ඔහුගේ (වාද්ගේ) රූපයක් සාදා ඔහු ව සිහි කරනු පිණිස ඔවුන් රැස් වෙන ස්ථානයන්හි තැබුහ. ජනතාව මෙලෙස ඔහු ව (වාද්) අධික ලෙස සිහි කිරීම දුටු ඉබ්ලීස් “ඔබ සෑම කෙනෙකුම මෙවැනි රූප සාදා තම තමන්ගේ නිවෙස් හී තබා ගත්තේ නම්, ඔහුව නිතර සිහි කළ හැකි වනු ඇත.” යනුවෙන් යෝජනා කළේය. ඔවුන් එම යෝජනාවට එකඟ වී තම නිවෙස් හි තබා ඔහු (වාද්) ගැන නිතර සිහි කර එම රූපයට පුද සැලකිලි දක්වන්නට පටන් ගත්තෝය.

    “ඔවුන්ට පසුව පැමිණි පරම්පරාවට අයත් ජනතාව, තම මුතුන් මිත්තන්ගේ ක්‍රියා දමය දැක, ඔවුන් ද එය අනුගමනය කරමින්, අල්ලාහ්ට අමතර ව වාද්ට ද වන්දනාමාන කිරීමට යෙදුනහ. අල්ලාහ්ට අමතර ව වෙනත් දෙවිවරුන්ට නැමදුම් කිරීම ආරම්භ වූයේ මෙසේය. මෙම පිළිමයට ඔවුන් වාද් යැයි නම් කළහ.” යනුවෙන් මෙම ඉතිහාසය පිළිබඳ ව අබු ජාෆර් දන්වයි.

    මේ හේතුවෙන් අල්ලාහ්ට ආදේශ තැබීම නම් මහත් පාපය තහනම් කර, දිව්‍යමය නීති රීති සියල්ල සම්පූර්ණ කරනු පිණිස අවසාන නබිවරයෙකු ලෙස මුහම්මද් (සල්) තුමාණන් ව ලොවට එවීමෙන් ඉතාමත් භාග්‍යවන්ත හා උත්රීතර අල්ලාහ්ගේ ප්‍රඥාව ඉෂ්ට විය. මෙම පදනම මත, සොහොන් මත චෛත්‍යය ඉදිකිරීම, විශේෂයෙන් ජනතාව ගමන් කරන මාර්ග අසල ඒවා ඉදි කිරීම, එය ජනතාව රැස්වන ස්ථානයක් බව පත්කීරීම, එහි උත්සව පැවැත්වීම, එහි සොහොන් කරන ලද තැනැත්තාගේ නාමයෙන් දිවුරුම් කිරීම, භාරය ඔප්පු කිරීම යනාදී සියලු ක්‍රියා තහනම් කරන ලදී. මෙවැනි සියලු ක්‍රියාවන් දහමේ නොමැති අමතර ක්‍රියා බවට පත්වන අතර අල්ලාහ්ට අමතර ව වෙනත් අයට නැමදුම් කිරීමක් බවට සැලකේ.

    මෙවැනි ක්‍රියාවන්, විවිධ ආගම් වල අද පවතින වන්දනාමාන ක්‍රමය හා කෙතරම් සමාන දැ යි ලැංකික මුස්ලිම්වරුන් වන අපට දැක ගත හැක. ඒ ආගම් වල අද පවතින වන්දනාමාන ක්‍රමය මේ අයුරින් වෙනස් වී පැමිණිය හැකි බව පහදා ගත හැකි වනු ඇත.

    අද වැනි වර්ධනය වූ සමාජයේ, ආගමික දැනුම හීන වී අවිඥානය සෑම තැනම පැතිර පවතින මෙම යුගයේ, මිනිසා ව නොමඟ යවන්නට ක්‍රියා කරන ෂෙයිතාන්ගේ ක්‍රමන්ත්‍රණයට හසු නොවී තවමත් සෘජුව තම දේව විශ්වාසය ආරක්ෂා කරමින් සිටින ජනතාව ද නොමඟ යවන්නට ෂෙයිතාන්ගේ වෑයම තවමත් අවසන් වී නැත.

    නිමි.