සකාත් ගෙවීම

කෙටි හැඳින්වීම

සකාත් ගෙවීම සම්බන්දر සම්පූර්ණ විස්තර මෙහි අඩංගුවේ.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    සකාත් ගෙවීම

    ] සිංහල- Sinhala –[سنهالي

    මුහම්මද් ඉබ්න් ඉබ්රාහීම් ඉබ්න් අබ්දුල්ලාහ්

    අෂ් ෂෙය්ක් මාහිර් රම්ඩීන්

    2013 - 1434

    الزكاة

    من كتاب مختصر الفقه الإسلامي

    « باللغة السنهالية »

    محمد بن إبراهيم بن عبد الله

    ترجمة: الشيخ ماهر رمدين

    2013 - 1434

    සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. ශාන්තිය හා සමාදානය අප නායක මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වෙත හිමි වේවා.

    ඉස්ලාමීය නීති රීති පිළිබඳව සිංහලෙන් කෘතියක් සකස් කර දෙන මෙන් බොහෝ දෙනා මගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව

    මුහම්මද් ඉබ්නු ඉබ්‍රාහීම ඉබ්නු අබ්දිල්ලාහ් යන අය විසින් අරාබි බසින් රචිත මුක්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී යන කෘතියෙන් උපුටාගෙන මෙය සකාත් නම් පාඩමෙහි අනුමාතෘකාවක් වූ සකාත් හි නීතිරීති යන මාතෘකාව යටතේ සිංහලට පරිවර්තනය කර ඇත්තෙමි.

    ඉන්ෂා අල්ලාහ් සිංහල පාඨකයින්ගේ ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය ලබා දීම පිණිස මින් ඉදිරියටත් මෙම කෘතියේ අඩංගු කරුණු පරිවර්තනය කිරීමට මම බලාපොරොත්තු වෙමි. එබැවින් මේ කළ කුඩා උත්සාහය අල්ලාහ් පිළිගෙන, මෙම කෘතිය සම්පූර්ණයෙන් පරිවර්තනය කොට නිමා කිරීමට අල්ලාහ් මා හට උදව් කරත්වා.

    අල්ලාහ්ගේ ආශිර්වාදය පතන ඔහුගේ ගැත්තකු වන

    මව්ලවි මාහිර් ටී.ඩී රම්ඩීන්.

    إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ فَرِيضَةً مِنَ اللَّهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ (60)

    සැබැවින්ම සදකාත් (නම් zසකාත් බදු) හිමිවනුයේ දුඟියන්ට ද දුප්පතුන්ට ද ඒ කෙරෙහි වූ සේවාදායකයින්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) ළැදියාවට පත්වූවන්ට ද වහලුන් කෙරෙහි ද ණයගැතියන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි ද මගියන්ට ද වේ. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියෝගයක් වශයෙනි. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය. (අත්-තව්බා: 60)

    zසකාත් - ශුද්ධකාරක බද්ද

    1. zසකාත් හි නීති රීති.

    zසකාත් යනු : වර්ධනය වැඩීම යන අරුත් දෙයි. එමෙන්ම තමන් සතු නියමිත වස්තුව නියමිත පිරිසකට නියමිත වේලාවක නිකුත් කිරීම තුළින් අල්ලාහ්ට කරන නැමදුමකි.

    zසකාත්හි වර්ග

    අල්ලාහ් zසකාතය වර්ග තුනකට බෙදා දක්වා ඇත.

    පළමුව: තම වස්තූන්හි අනිවාර්ය කරන ලද සකාත් එය වස්තු හතරකට අනිවාර්යය වෙයි.

    1. රන් රිදී හා මුදල්.

    2. ගොවිපළ සතුන් (ඔටු, එළු හා හරක්)

    3. ධාන්‍ය පලතුරු නිධන් හා ලෝහ වැනි මහපොළොවෙන් නිකුත් වන දෑ

    4. ව්‍යාපාරික භාණ්ඩ

    දෙවනුව: තම වගකීමෙහි අනිවාර්යය කරන ලද zසකාත්. එනම් එය සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහි රමළාන් මස අවසානයේ අනිවාර්ය වන zසකාත් අල්-ෆිත්ර් වේ.

    තුන්වැන්න: නබිතුමාණන් පොදුවේ කළ දානමානයන් එනම් අල්ලාහ්ගේ කුසල් අධික කර ගැනීමේ අපේක්ෂාවෙන් මුස්ලිම්වරයෙකු විසින් වෙනත් කෙනෙකුට යහපත උදෙසා ලබා දෙන දෑ. එය සදකා නම් වේ.

    සදකා නම් යෙදුම පොදුවේ zසකාතයටත් භාවිත කෙරී ඇත. සිද්ක් යනු සත්‍යතාවයි. එබැවින් එය නිකුත් කරන්නාගේ විශ්වාසයේ සත්‍යතාව නිරූපණය කරවන්නක් වශයෙන් මෙම යෙදුම භාවිත කර ඇත.

    අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.

    آَمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنْفِقُوا مِمَّا جَعَلَكُمْ مُسْتَخْلَفِينَ فِيهِ فَالَّذِينَ آَمَنُوا مِنْكُمْ وَأَنْفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ (7)

    අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කරවු. තවද කවර දෙයක් විෂයෙහි නුඹලාව නියෝජිතයින් බවට පත් කළේ ද එයින් නුඹලා විය හියදම් කරවු. එබැවින් නුඹලා අතුරින් විශ්වාස කළවුන් ද (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කළවුන් ද ඔවුනට මහත් වූ ප්‍රතිඵල ඇත. (අල්-හදීද් 57:7)

    නැමදුම් විවිධාකාර වීමේ යථාර්ථය

    විවිධාකාර නැමදුම් අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි ආගමානුගත කර ඇත.

    ඒ අතුරින් ගැත්තෙකු තම මැවුම් කරුවා සමඟ සම්බන්ධකම් ඇති කර ගන්නා සලාතය වැනි ශරීරය හා සම්බන්ධ නැමදුම් ද ඇත. ඔහු එහි අල්ලාහ්ව ශ්‍රේෂ්ටත්වයට පත් කරයි. ඔහුට ප්‍රශංසා කරයි. ඔහුගෙන් ඉල්ලීම් කරයි. ඔහුගෙන් පාපක්ෂමාව ඇයැද සිටියි.

    එමෙන්ම zසකාත් සදකා වැනි තමන්ට ප්‍රියමනාප වස්තුව වියදම් කිරීම හා සම්බන්ධ නැමදුම් ද

    හජ් හා ජිහාද් වැනි තම ශරීරය හා මුදල් කැප කිරීම හා සම්බන්ධ නැමදුම් ද

    උපවාසය වැනි තම ආශාවන් හා ප්‍රියමනාප දැයින් තමන්ව වළක්වා ගැනීම හා සම්බන්ධ නැමදුම් ද ඇත.

    ගැත්තෙකු තම ආශාවන්ට වහල් වීමට වඩා ඔහුගේ පරමාධිපතිට අවනත වීමේ කාර්යයන්හි කෙතරම් දුරට පෙරමුණ ගන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිසත් සෑම කෙනෙකුම අවනත වීමේ දී හා නැමදුම් ඉටු කිරීමෙහි දී තමන්ට පහසු දෑ හා තමන්ට සරිලන දෑ තෝරා ගෙන ක්‍රියා කිරීම පිණිසත් අල්ලාහ් විවිධාකාර නැමදුම් වර්ග කර ඇත.

    لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ (92)

    නුඹලා ප්‍රිය කරන දැයින් නුඹලා වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහුමය. යමක් නුඹලා වියදම් කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය. (ආලු ඉම්රාන් 3:92)

    පුද්ගලයෙකුට තම වස්තුව ප්‍රයෝජනවත් වීම සඳහා වූ කොන්දේසි

    පුද්ගලයෙකුට තම වස්තුව ප්‍රයෝජනවත් විය යුතු නම් එහි කොන්දේසි තුනක් සම්පූර්ණ වී තිබිය යුතුය.

    1. වස්තුව හලාල් එනම් අනුමත අයුරින් උපයා තිබිය යුතුයි.

    2. වස්තුව ඉපැයීමේ දී අල්ලාහ්ට හා රසූල්ට අවනත වීමේ කාර්යයන්ගෙන් තමන්ව දුරස් නොකළ යුතුයි.

    3. වස්තුවෙහි අල්ලාහ්ට හිමි වගකීම ඉටු කළ යුතුයි.

    zසකාත් අනිවාර්ය කරන ලද කාල වකවානුව

    මක්කාහ් සමයේ මෙය අනිවාර්යය කරනු ලැබූ අතර එහි ප්‍රමාණය හා නිකුත් කළ යුතු වස්තූන් පිළිබඳව විග්‍රහයත් එය ලබන්නන් පිළිබඳව විග්‍රහයත් හිජ්රි 2 වන වර්ෂයේ මදීනාහ්වේ සිදු විය.

    සකාත්හි නීතිය

    ෂහාදා කලිමාව හා සලාතයට පසු ඉස්ලාමයේ වගකීම් අතුරින් ඉතා වැදගත් කොට සැලකෙන්නේ zසකාතයයි. ඉස්ලාමයේ වගකීම් අතුරින් එය තුන්වැනි වගකීමය.

    අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.

    خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)

    ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය. (තව්බාහ් 9:103)

    وعن بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : إنَّ الإسْلاَمَ بُنِيَ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ وصِيَامِ رمضانَ وَحَجِّ الْبَيْتِ متفق عليه

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘‘සැබැවින්ම ඉස්ලාම් ලා ඉලාහ ඉල්ලල්ලාහ් නම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීම සලාතය ස්ථාපනය කිරීම සකාත් ලබා දීම රමළානයේ උපවාස ශීලය රැකීම අල්ලාහ්ගේ නිවස වෙත හජ් ඉටු කිරීම යන කරුණු පහ මත ගොඩ නැගී ඇත. (මූලාශ්‍රය : බුහාරි මුස්ලිම්)

    zසකාත් දහම් ගත කිරීමේ යථාර්ථය

    1. zසකාත් ගැනීමේ අරමුණ වස්තුව රැස් කොට දුගියන්ටත් අවශ්‍ය අයටත් පිරිනැමීම පමණක් නොව එහි මූලික අරමුණ වනුයේ මිනිසා වස්තුවේ ස්වාමියා බවට පත් කර ඔහු කිසිවිටක එයට වහල් නොවනු පිණිස ඉස්ලාමය මිනිසාව වස්තුව පිළිබඳව වූ තණ්හාවෙන් ඉවත් කර ඔහුව උසස් කරවීමයි. මෙහි දී zසකාත් පිරිනමන්නා හා එය ලබන්නා පවිත්‍ර වෙයි. එමෙන් ම ඔවුන් දෙදෙනා අල්ලාහ් සමඟ වෙනත් අය සම්බන්ධ කර ගැනීමෙන් ද පිරිසිදු වෙයි.

    2. zසකාත් දෙස බාහිර ඇසින් බලන්නේ නම් එය වස්තුව අඩු වීමක් ලෙස පෙනුණ ද එහි බලපෑම වස්තුවෙහි වර්ධනයකි. අභිවෘද්ධියකි. එහි ප්‍රමාණය අධික කිරීමකි. එමෙන්ම zසකාත් දෙන පුද්ගලයාගේ හදවතෙහි ඊමානය වර්ධනය කොට ඔහුගේ ගුණ යහපත් බව අධික කරවන්නකි.

    එය කැපකිරීමකි. පරිත්‍යාගයකි. තම වස්තුවට වඩා තමන් ඇලුම් කරන්නාගේ තෘප්තිය වෙනුවෙන් ප්‍රියමනාප දෙයක් තවත් කෙනෙකුට පිරිනැමීමකි. එනම් එය පාරිශුද්ධ අල්ලාහ්ගේ තෘප්තියයි. ඔහුගේ ස්වර්ගයයි.

    3. zසකාත් තමන් කළ වැරදි සඳහා වන්දියක් වෙයි. එමෙන්ම ස්වර්ගයට පිවිසීමටත් නිරයෙන් ආරක්ෂා වීමටත් හේතුවක් වෙයි.

    4. zසකාතය මසුරුකම ලෝභකම වැනි පහත් ගතිගුණ වලින් තම ආත්මය පිරිසිදු කරවයි. එය පොහොසතුන් හා දුප්පතුන් අතර සම්බන්ධතා ඇති කරවන ශක්තිමත් පාලමකි.

    5. zසකාතය එය ඉටු කරන්නාගේ යහ ප්‍රතිඵල වර්ධනය කරයි. තම ධනය එමගින් සුරැකෙයි. එය ඵලදාව වැඩි කරවයි. එය වර්ධනය වෙයි. එය සමෘද්ධිමත් වෙයි. එමෙන්ම දුගී දුප්පතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලයි. සොරකම මංකොල්ලය කප්පම වැනි මුදල්මය සම්බන්ධ අපරාධ වළක්වාලයි.

    වස්තුව හිමි තැනැත්තා කවුරුන් ද?

    ඉස්ලාමය අනුව අල්ලාහ් ඒකීයය. වස්තුවට සැබෑ හිමිකරුවා ඔහුමය යන ස්ථාවර පදනම මත වස්තුව පවති.

    මිනිසාට හිමි විය යුතු දෑ සැලසුම් කර ලබා දීමේ වරම ඇත්තේ අල්ලාහ්ට පමණි. ඒ අනුව වස්තුව හිමිකර දීමත් එය සීමා කරීමත් එය නිර්ණය කිරීමත් එය ලැබිය යුත්තන් එය ඉපැයීමේ හා වියදම් කිරීමේ මාර්ග පැහැදිලි කිරීමත් අල්ලාහ් සතු වගකීමක් වෙයි.

    සකාත්හි ප්‍රමාණයන්,

    කෙනෙකු zසකාත් වශයෙන් නිකුත් කරන වස්තුව ඔහුගේ කැපවීම අනුව අල්ලාහ් නිර්ණය කර ඇත.

    නිධන් වස්තූවෙන් (එනම් අඥාන යුගයේ ජනයා වළ දැමූ ස්ථාන වලින් කිසිදු කැපවීමකින් තොරව ලබා ගන්නා වස්තුවෙන්) පහෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්ය කරන ලදී. එනම් සියයට විස්සකි.

    එක් අතකින් පමණක් තම කැපවීම සිදු වී ඇත්නම් එනම් කිසිදු වියදමකින් තොරව තම ශ්‍රමයෙන් පමණක් ගොවිතැනට ජලය සපයා ඇත්නම් එහි දී පහෙන් පංගුවෙන් අඩක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්ය කරන ලදී. එනම් සියයට දහයකි.

    ශ්‍රමය හා වියදම යන කරුණු දෙකින්ම ඒ සඳහා තමන් කැප කර ඇත්නම් එනම් ගොවි බිමට තම ශ්‍රමයෙන් හා වියදමින් ජලය සපයා ඇත්නම් එවිට ඔහු සකාත් වශයෙන් නිකුත් කිරීමට අනිවාර්යය වනුයේ පහෙන් පංගුවෙන් හතරෙන් එකක් පමණි. එනම් සියයට 5කි.

    මුදල් හා ව්‍යාපාරික භාණ්ඩ වැනි වසරක් පුරාවට අධික ලෙස ගනුදෙනු කෙරෙන එමෙන්ම එහි කැපවීම ද අධිකව පිහිටෙන වස්තුවෙන් පහෙන් පංගුවෙන් අටෙන් එකක ප්‍රමාණයක් සකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. එනම් සියයට 2.5කි.

    zසකාත් ඉටු කිරීමේ මහිමය

    1. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    إِنَّ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآَتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (277)

    සැබැවින්ම කවුරුන් විශ්වාස කොට යහකම් කර සලාතය ස්ථාපිත කර zසකාත් ලබා දෙන්නේ ද ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත. තවද ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නේ ද නැත. (අල්-බකරා: 277)

    2. තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි.

    الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (274)

    කවරෙකු රාත්‍රියෙහි ද දහවලෙහි ද තමන්ගේ ධනය රහසිගතව හා ප්‍රසිද්ධියේ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නේ ද ඔවුනට තම පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට බියක් නැත. තවද ඔවුහු දුක්වන්නෝ ද නොවෙති. (අල්-බකරා: 274)

    3. තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි.

    لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ (272)

    (නබිවරයාණනි,) ඔවුන්ව යහමඟ යැවීම නුඹට වගකීමක් නොවෙයි. නමුත් අල්ලාහ් තමා අභිමත කළ අයව යහමඟ යවයි. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද එය නුඹලාටමය. අල්ලාහ්ගේ මුහුණ (තෘප්තිය) අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නොකරන්නෙහුය. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද නුඹලාට එය පූර්ණව යළි ගෙවනු ලැබේ. තවද නුඹලාට අපරාධයක් සිදු කරනු නොලබන්නෙහුය. (අල්-බකරා: 272)

    zසකාත්හි කොන්දේසි

    1. බාල, මහලු, කාන්තා පිරිමි, සිහිබුද්ධිය ඇති හා නැති යන අය කෙරෙහි සතු වස්තුව ස්ථාවරව තිබී එයින් zසකාත් නිකුත් කළ යුතු ප්‍රමාණය ද ලබා වසරක් සම්පූර්ණ වී ඇත්නම් එවන් වස්තුවෙන් zසකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. එහි හිමිකරු මුස්ලිම්වරයෙකු හා නිදහස් පුද්ගලයෙකු විය යුතුයි.

    ගොවිපළ සතුන්ගේ ප්‍රතිලාභ හා ව්‍යාපාරික ලාභයන් හි වසර ගණන් ගනුයේ එහි මූල ධනය නිසාබ් ප්‍රමාණය ලැබීමෙනි. මෙහි වසර ගණන් ගනුයේ හිජ්රි වර්ෂ ක්‍රමයටය.

    2. zසකාත් මෙන්ම සෙසු ආගමික කටයුතු දේව ප්‍රතික්ෂේපකයෙකු මත අනිවාර්ය නොවෙයි. නමුත් ඒ ගැන කියාමත් නම් මළවුන්ගෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරනු ඇත. මෙලොව ජීවිතයේ දී ඔහුට එය අනිවාර්ය කරනු ලැබ නැත. ඔහු මුස්ලිම්වරයෙකු වනතුරු එය පිළිගනු ද නොලැබෙයි. එසේ පිළිගනු නොලබන්නේ එය නැමදුමක් හෙයිනි. දේව ප්‍රතික්ෂේපකයෙකුගේ ක්‍රියාවන් නිවැරදි නොවෙයි.

    zසකාත් නිකුත් කිරීමේ දී වර්ෂයක් සම්පූර්ණ වීම කොන්දේසියක් බවට පත් නොවන දෑ

    මහපොළොවෙන් බිහි වන දෑ ද ගොවිපළ සතුන්ගේ ප්‍රතිලාභ ද ව්‍යාපාරික ලාභයන් ද ඒවා zසකාත් නිකුත් කළ යුතු ප්‍රමාණය ලබන්නේ නම්, එහි zසකාත් ලබා දීම අනිවාර්ය වෙයි. වසරක් සම්පූර්ණ විය යුතුය යන කොන්දේසි පැනවෙන්නේ නැත. නිධන් වස්තු සම්බන්ධයෙන් නම් ඒවා සුළු වුව ද විශාල වුව ද zසකාත් ලබා දීම අනිවාර්ය වෙයි. එහි දී නිසාබ් ප්‍රමාණය හෝ වසරක් සම්පූර්ණ වීම හෝ අදාළ නොවෙයි.

    වක්ෆ් වස්තුව සකාත් දීමේ නීතිය.

    මස්ජිදයන් පාසල් රෝහල් සරණාගත කඳවුරු වැනි පොදු සුබ සාධක කටයුතු සඳහා වක්ෆ් කළ වස්තූන් හි සකාත් නිකුත් කිරීමක් නැත. එමෙන්ම පොදු යහපත උදෙසා වියදම් කිරීම පිණිස සූදානම් කරනු ලැබූ දෑ හි ද සකාත් නිකුත් කිරීමක් නැත. එය ද වක්ෆ් වස්තුව හා සමානය. තම දරුවන් වෙනුවෙන් තැන්පත් කර ඇති වස්තුව මෙන් නියමිත කරුණක් වෙනුවෙන් තැන්පත් කළ වස්තුවක් නම් zසකාත් අනිවාර්ය වෙයි.

    ණය හිමියෙකුට zසකාත් අනිවාර්ය වන්නේ ද?

    නිසාබ් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක තරම් ණයක් ඇති අය පොදුවේ සකාත් ලබා දීම අනිවාර්ය වෙයි. නමුත් zසකාත් අනිවාර්ය වීමට පෙර තමන් වෙත ගෙවීමට අනිවාර්යය වූ ණයක් ඇත්තා ඔහු ණය ගෙවීමේ තම වගකීම ඉටු කිරීම අනිවාර්ය වෙයි. අනතුරුව ඉතිරි වන දෑ zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වෙයි. එමගින් ඔහු තම වගකීමෙන් බැහැර වෙයි.

    zසකාත් වශයෙන් නිකුත් කරනු ලබන වස්තූන්

    zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වනුයේ නියමිත වස්තුවෙහිය. ධාන්‍ය වෙනුවට ධාන්‍ය එළුවන් වෙනුවට එළුවන් මුදල් වෙනුවට මුදල් මෙයාකාරයෙන් එම නියමිත භාණ්ඩයෙන් zසකාත් ලබා දිය යුතුය. යම් අවශ්‍යතාවක් හෝ සුබසාධනය පිණිස හැර එය වෙනස් කිරීම සුදුසු නොවෙයි.

    zසකාත් අනිවාර්ය නොවන වස්තූන්

    පදිංචි නිවස ඇඳුම් පැලඳුම් ගේ දොර උපකරණ ගේ දොර සතුන් වාහන වැනි භුක්ති විඳීම සඳහා හෝ පරිහරණය කිරීම සඳහා ඇති භාණ්ඩ වලට zසකාත් අනිවාර්ය නොවෙයි.

    عَنْ أَبِي هُرَيْرَةَ رَضِي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيْسَ عَلَى الْمُسْلِمِ فِي عَبْدِهِ وَلَا فَرَسِهِ صَدَقَةٌ (متفق عليه)

    සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.

    මුස්ලිම්වරයෙකුට තම වහලා හෝ තම අශ්වයා විෂයෙහි zසකාත් නොමැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    zසකාත් හි නීතිය

    zසකාත් නිකුත් කිරීමට අනිවාර්ය වන නිසාබ් ප්‍රමාණයේ තරමට මිනිසෙකු තම මුදල් රැස් කරගෙන සිටියේ නම් එම මුදලට වර්ෂයක් ගත වී ඇත්නම් එයට සකාත් අනිවාර්ය වෙයි. එය වියදම් කිරීමට හෝ විවාහයක් සිදු කිරීමට හෝ ඉඩමක් මිල දී ගැනීමට හෝ ණයක් පියවීමට හෝ එසේත් නැතිනම් වෙනත් යම් කරුණකට එක්රැස් කරගෙන තිබුණ ද එය අනිවාර්ය වෙයි.

    කෙනෙකු zසකාත් අනිවාර්යය වූ තත්ත්වයේ එය නිකුත් නොකර සිටිය දී මරණයට පත් වූයේ නම් ඔහුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමට හා දේපොළ බෙදීමට පෙර ඔහු අතහැර ගිය දේපළින් උරුමක්කරුවන් විසින් ඔහු වෙත පැවරී තිබුණු zසකාත් ලබා දිය යුතු වෙයි.

    වර්ෂයක අතරවාරයේ නිසාබ් ප්‍රමාණය අඩු වූ විට හෝ ඔහු එම වස්තුව විකුණූ විට හෝ වර්ෂය සම්පූර්ණ වීම අත්හිටවනු ඇත. නමුත් zසකාත් නිකුත් කිරීමෙන් මිදීමට එසේ නොකළ යුතුයි. එම වස්තුව වෙනත් දෙයකට වෙනස් කළේ නම් ඒ අනුව වර්ෂය ගණනය කළ යුතුය.

    zසකාත් හා ණය යන දෙකම අනිවාර්යය වූ තත්ත්වයක මුස්ලිම්වරයෙකු මරණයට පත් වූ විටක ඔහු අතහැර ගිය වස්තුව ඒවා ඉටු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන්නේ නම් ඔහු වෙනුවෙන් පැවරුණු zසකාතය නිකුත් කළ යුතුයි. හේතුව zසකාත් ලැබිය යුතු උදවියට එය අනිවාර්ය කළ අල්ලාහ්ගේ වගකීමක් නිසාවෙනි. එය ඉටු කිරීමට ඉතා සුදුස්සා වන්නේ අල්ලාහ්ය. පසුව ඔහුගේ ණය පියවීමට උත්සාහ දැරිය යුතුයි.

    2. zසකාත්හි වර්ග

    1. මුදල් හා සම්බන්ධ zසකාත්

    රන් හා රිදී වල සකාත්හි නීතිය.

    රන් හා රිදී ඒවා කාසි වුව ද ආභරණ වුව ද කුට්ටි වුව ද ගොඩක් වුව ද ඒවා zසකාත් නිකුත් කිරීමට තරම් ප්‍රමාණයෙන් වී නම් ද වසරක් සම්පූර්ණ වී ඇත්නම් ද ඒවායෙහි zසකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි.

    1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ (34) يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ هَذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ (35)

    34. ඔවුන් රන් හා රිදී අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර පොදි බැඳගත්තවුන්ය. ඔවුනට වේදනීය දඩුවම පිළිබඳව ශුභාරංචි පවසවු.

    35. ඒවා නිරා ගින්නෙහි උණු කරනු ලබනු දින එමගින් ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇක පෙදෙස් මත ද ඔවුන්ගේ පිටවල් මත ද හංවඩු ගසනු ලැබේ. මෙය නුඹලා වෙනුවෙන් නුඹලා පොදි බැඳගත් දෑය. එබැවින් නුඹලා පොඳි බැඳ ගනිමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිවු.

    (සූරා අත්-තව්බා : 34,35)

    2. عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوَاقٍ صَدَقَةٌ وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ صَدَقَةٌ وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ أوْسُقٍ صَدَقَةٌ (متفق عليه)

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    අවාක් පහකට වඩා අඩු දෑහි සකාත් නැත. සවුද් පහකට වඩා අඩු දෑහි ද zසකාත් නැත. අවුසුක් පහකට වඩා අඩු දෑහි ද zසකාත් නැත. (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

    අවාක් යනු අවුන්සයකි. එක් අවුන්සයක් ග්‍රූම් 28.35.

    දවුද් යනු තුනේ සිට නවය දක්වා වූ ඔටු දෙනුන් කණ්ඩායමයි.

    අවුසුක් යනු කි.ග්‍රූම් 122.4

    රන් වල නිසාබ් ප්‍රමාණය

    රත්තරන් දීනාර් 20ක් හෝ ඊට වඩා ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් සකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. එනම් 2 .5% කි.

    දීනාර් හා මිස්කාල් යන මිනුම් ඒකක දෙක එක හා සමාන ප්‍රමාණයකින් යුක්තය. වර්තමානයේ එක් මිස්කාලයක් යනු ග්‍රූම් 4.25 කි. එනම් 20 x 4.25 = ග්‍රූම් 85 කි. දීනාර් 20ක් යනු රන් ග්‍රූම් 85කට සමාන වෙයි. එය රත්තරන් වල නිකුත් කළ යුතු zසකාත් හි අවම ප්‍රමාණයයි.

    රිදී වල නිසාබ් ප්‍රමාණය

    රිදී දිර්හම් 200 ක් හෝ ඊට වඩා ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. එනම් 2 .5% කි.

    දිර්හම් 200 රිදී ග්‍රූම් 595කට සමාන වෙයි.

    නිකුත් කළ යුතු නිසාබ් ප්‍රමාණය ගණන් ගැනීමේ දී රත්තරන් රිදී සමඟ සම්බන්ධ කළ නොහැක. නමුත් වෙළඳ භාණ්ඩ වල වටිනාකම රන් හෝ රිදී යන දෙකින් කුමක් හෝ එකකට සම්බන්ධ කළ හැක.

    රන් හා රිදී සකාත් හි අවස්ථාවන්

    රන් හා රිදී භාණ්ඩ නිර්මාණ කිරීමෙහි අවස්ථාවන් තුනක් දැක ගත හැකිය.

    1. රන් හෝ රිදී භාණ්ඩ නිර්මාණය කිරීමේ අරමුණ වෙළඳ කටයුතු සඳහා නම් වෙළඳ භාණ්ඩයක් වශයෙන් සියයට දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතුයි. එය මිල කර පසු එහි වටිනාකම අනුව සකාත් නිකුත් කළ යුතුයි.

    2. රන් හෝ රිදී භාණ්ඩ නිර්මාණය කිරීමේ අරමුණ භාජන පිහි හැදි කේතල වැනි භාණ්ඩ පරිහරණය කිරීමට නම් එසේ පරිහරණය කිරීම තහනම් වන අතර එහි නිකුත් කිරීමට නියමිත නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් සකාත් ලබා දීම අනිවාර්යය වෙයි.

    3. රන් හෝ රිදී නිර්මාණය කිරීමේ අරමුණ අනුමත කළ භාවිතයකට හෝ කුලියට දීම හෝ වේ නම් එහි දී zසකාත් නොමැත.

    මුදල් වල zසකාත් නිකුත් කිරීම

    රුපියල් ඩොලර් රියාල් වැනි මුදල් වල නීතිය ද රන් හා රිදී වල නීතියට සමානය. එවිට ඒවායෙහි වටිනාකම මිල කර රන් හෝ රිදී යන කවර හෝ දෙයකට ආවේණික නිසාබ් ප්‍රමාණය ලැබී එය වර්ෂයක කාලයක් ගත වී ඇත්නම් එවිට එහි දී zසකාත් ලබා දීම අනිවාර්යය වෙයි. එහි zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය කරනු ලැබූ ප්‍රමාණය වන්නේ දහයෙන් එකෙන් හතරෙන් පංගුවකි.

    මුදල් වල නිසාබ් ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමය.

    මුදල් වල නිසාබ් ප්‍රමාණය රන් හෝ රිදී නිසාබ් ප්‍රමාණයට තක්සේරු කරනු ලැබේ. රිදී වල නිසාබ් ප්‍රමාණය තක්සේරු කිරීමේ දී ඉතා අල්ප බව කිසිඳු සැකයක් නැත. මෙය දුප්පතුන්ගේ කොටසයි. එබැවින් රිදී ප්‍රමාණයට තක්සේරු කිරීම ද අවශ්‍ය වේ.

    එම මුදල් රන් වල අවම නිසාබ් ප්‍රමාණය ග්‍රූම් 85 ක් ලබා ඇත්නම් ඒ වටිනාකමට තක්සේරු කර zසකාත් නිකුත් කළ යුතුයි.

    උදාහරණ වශයෙන් රන් ග්‍රූම් 1 ක මිල රුපියල් 5000 ක් යැයි සිතන්න. රන්වල අවම නිසාබ් ප්‍රමාණය ග්‍රූම් 85කි එනම් නිසාබ් හි අවම වටිනා කම වන්නේ

    5000 x 85 = 425000 කි.

    මෙහි දී දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් එනම් 2.5% සකාත් නිකුත් කළ යුතුයි. එසේ නම් ඔහු විසින් zසකාත් වශයෙන් නිකුත් කරනු ලබන මිල රුපියල් 10625 කි.

    2. රිදී වල අවම නිසාබ් ප්‍රමාණය වන්නේ රිදී ග්‍රූම් 595කි.

    උදාහරණ වශයෙන් රිදී ග්‍රූම් 1 ක මිල රුපියල් 80 ක් යැයි සිතන්න. රිදී වල අවම නිසාබ් ප්‍රමාණය ග්‍රූම් 595කි. එනම් රිදීවල නිසාබ් හි අවම මුදල්මය වටිනා කම වන්නේ

    595 x 80 = රුපියල් 47600 කි.

    මෙම ප්‍රමාණය කවරෙකු සතු වන්නේ ද මෙහි දී ඔහු දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් එනම් 2.5% සකාත් නිකුත් කළ යුතුයි. එනම් ඔහු විසින් නිකුත් කරනු ලබන මිල රුපියල් 1190 කි.

    මුදල් වල zසකාත් නිකුත් කිරීමේ ක්‍රමය

    මුදල් වලට zසකාත් නිකුත් කිරීම සඳහා ගණන් බැලෙන ක්‍රම දෙකක් ඇත. එනම්

    1. නිසාබ් තත්ත්වය ලැබූ මුළු මුදල 40න් බෙදීමය. එනම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක ප්‍රමාණය නිකුත් කරනු ලැබේ. එය රන් රිදී හා ඒවාට ආවේණික දෑහි zසකාත් වල අනිවාර්ය නිසාබ් ප්‍රමාණය වේ.

    උදාහරණ වශයෙන් කෙනෙකුට රුපියල් 3000000 ඇතැයි සිතමු. එවිට ඔහු zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වූ ප්‍රමාණය වනුයේ.

    3000000 ÷ 40 = 75000කි.

    2. නිසාබ් තත්ත්වය ලැබූ මුළු මුදල 10න් බෙදා ලැබෙන පිළිතුර හතරෙන් බෙදීමය. එය zසකාත් අනිවාර්යය වීමේ ප්‍රමාණය ගණන් බලන දෙවන ක්‍රමයයි.

    උදාහරණ වශයෙන් කෙනෙකුට ඉහත කී අයුරින් රුපියල් 3000000 ඇතැයි සිතමු. එවිට ඔහු zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වූ ප්‍රමාණය වනුයේ.

    3000000 ÷ 10 = 300000

    300000 ÷ 4 = 75000කි.

    ඉහත කී ක්‍රම දෙකින් කුමක් හෝ ක්‍රමයකට ගණන් බලා සකාත් නිකුත් කළ යුතු වෙයි.

    භාවිත කිරීම සඳහා සූදානම් කරන ලද ආභරණ වල zසකාත්.

    අලංකාරය සඳහා හෝ පරිහරණය හෝ භාවිතා කරන ලද කාන්තාවන්ගේ ආභරණවල zසකාත් නිකුත් කිරීමක් නැත. zසකාත් දහම් ගත කරනු ලැබ ඇත්තේ පරිහරණය නොකරන අමතර භාණඩ වලටය. එය සහනයක් ලබනු පිණිසය. එබැවින් පරිහරණය කිරීමට සෑදූ ආභරණ වලට zසකාත් නිකුත් කිරීමක් නැත.

    zසකාත්හි පොදු නීතිය: පරිහරණය නොකරන සෑම වස්තුවකින්ම එහි අයිතිකරුගෙන් එය ලබා ගනු ඇත. එබැවින් පරිහරණය සඳහා ඇති භාණ්ඩ වලට zසකාත් නොමැත.

    මුතු මැණික් සඳහා zසකාත් නිකුත් කිරීමේ නීතිය.

    මුතු මැණික් හා වටිනා ගල් වැනි දෑ පරිහරණය හෝ පැලදීම සඳහා භාවිත වේ නම් එහි zසකාත් නිකුත් කිරීමක් නොමැත.

    නමුත් ඒවා වෙළඳ කටයුතු සඳහා භාවිත කෙරේ නම්, එහි වටිනාකම රන් හෝ රිදී නිසාබ් ප්‍රමාණයට මිල කර එය නිසාබ් ප්‍රමාණය ලැබී වරසක් පූර්ණ වී ඇත්නම් එහි දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතුයි.

    අල්ලාහ් මෙසේ පවසයි.

    خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)

    ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය. (තව්බාහ් 9:103)

    2. ගොවිපළ සතුන්ගේ zසකාත්

    ගොවිපළ සතුන්

    ගොවිපළ සතුන් වන්නේ ඔටු ගව හා එළුවන්ය.

    ගොවිපළ සතුන් zසකාත් වශයෙන් නිකුත් කිරීමේ නීති රීති.

    ගොවිපළ සතුන් zසකාත් වශයෙන් නිකුත් කිරීමේ අවස්ථා දෙකක් ඇත.

    1. තමන් සතු එළු ගව හා ඔටුවන් වසරක් හෝ ඊට වැඩි කාලයක් කාන්තාරයේ හෝ මිටියාවතක නිදැල්ලේ තණ බුදිමින් සිටින අවස්ථාවයි.

    මෙහි දී උන්ගේ සංඛ්‍යාව නියමිත නිසාබ් ප්‍රමාණයක් ලබා වසරක් සම්පූර්ණ වී ඇත්නම් සකාත් ලබා දීම අනිවාර්යය වෙයි. උන් කිරි ගැනීමට හෝ බෝ කිරීමට හෝ වර්ධනය කිරීමට හෝ සිටියත් සෑම වර්ගයකින්ම නිකුත් කරනු ලැබේ.

    zසකාත් හිමියන්ගෙන් හොදම වස්තුව හෝ පහත්ම වස්තුව ලබා නොගත යුතු අතර මධ්‍යස්ථ දේ ලබා ගත යුතු වේ.

    2. සත්වයින් අතුරින් එළු ගව ඔටු හා වෙනත් සත්වයින් ද පක්ෂීන් ද තිබී ඒවාට ඒවායෙහි හිමිකරු විසින් ඔහු සතු වත්තෙන් ආහාර සපයන්නේ නම් හෝ ආහාර මිල දී ලබා දෙන්නේ නම් හෝ උන් බුදින දෑ එක් රැස් කර දෙන්නේ නම් හෝ එවැනි අවස්ථාවයි. මෙලෙස සතුන් ඇති කිරීම වෙළඳාම සඳහා නම් ඒවා කෙරෙහි වසරක් සම්පූර්ණ වී ඇත්නම් ඒවායෙහි වටිනාකම මිල කර නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් එහි දී දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් සකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වෙයි.

    ගොවිපළ සතුන්ගේ නිසාබ් ප්‍රමාණය

    එළුවන්ගේ අවම නිසාබ් ප්‍රමාණය එළුවන් 40කි.

    ගවයින්ගේ අවම නිසාබ් ප්‍රමාණය ගවයින් 30කි.

    ඔටුවන්ගේ අවම නිසාබ් ප්‍රමාණය ඔටුවන් 5කි.

    1.

    عَنْ أنس رضي الله عنهُ أَنَّ أَبَا بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ كَتَبَ لَهُ هَذَا الْكِتَابَ لَمَّا وَجَّهَهُ إِلَى الْبَحْرَيْنِ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ هَذِهِ فَرِيضَةُ الصَّدَقَةِ الَّتِي فَرَضَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمُسْلِمِينَ وَالَّتِي أَمَرَ اللَّهُ بِهَا رَسُولَهُ فَمَنْ سُئِلَهَا مِنْ الْمُسْلِمِينَ عَلَى وَجْهِهَا فَلْيُعْطِهَا وَمَنْ سُئِلَ فَوْقَهَا فَلَا يُعْطِ فِي أَرْبَعٍ وَعِشْرِينَ مِنْ الْإِبِلِ فَمَا دُونَهَا مِنْ الْغَنَمِ مِنْ كُلِّ خَمْسٍ شَاةٌ إِذَا بَلَغَتْ خَمْسًا وَعِشْرِينَ إِلَى خَمْسٍ وَثَلَاثِينَ فَفِيهَا بِنْتُ مَخَاضٍ أُنْثَى فَإِذَا بَلَغَتْ سِتًّا وَثَلَاثِينَ إِلَى خَمْسٍ وَأَرْبَعِينَ فَفِيهَا بِنْتُ لَبُونٍ أُنْثَى فَإِذَا بَلَغَتْ سِتًّا وَأَرْبَعِينَ إِلَى سِتِّينَ فَفِيهَا حِقَّةٌ طَرُوقَةُ الْجَمَلِ فَإِذَا بَلَغَتْ وَاحِدَةً وَسِتِّينَ إِلَى خَمْسٍ وَسَبْعِينَ فَفِيهَا جَذَعَةٌ فَإِذَا بَلَغَتْ يَعْنِي سِتًّا وَسَبْعِينَ إِلَى تِسْعِينَ فَفِيهَا بِنْتَا لَبُونٍ فَإِذَا بَلَغَتْ إِحْدَى وَتِسْعِينَ إِلَى عِشْرِينَ وَمِائَةٍ فَفِيهَا حِقَّتَانِ طَرُوقَتَا الْجَمَلِ فَإِذَا زَادَتْ عَلَى عِشْرِينَ وَمِائَةٍ فَفِي كُلِّ أَرْبَعِينَ بِنْتُ لَبُونٍ وَفِي كُلِّ خَمْسِينَ حِقَّةٌ وَمَنْ لَمْ يَكُنْ مَعَهُ إِلَّا أَرْبَعٌ مِنْ الْإِبِلِ فَلَيْسَ فِيهَا صَدَقَةٌ إِلَّا أَنْ يَشَاءَ رَبُّهَا فَإِذَا بَلَغَتْ خَمْسًا مِنْ الْإِبِلِ فَفِيهَا شَاةٌ وَفِي صَدَقَةِ الْغَنَمِ فِي سَائِمَتِهَا إِذَا كَانَتْ أَرْبَعِينَ إِلَى عِشْرِينَ وَمِائَةٍ شَاةٌ فَإِذَا زَادَتْ عَلَى عِشْرِينَ وَمِائَةٍ إِلَى مِائَتَيْنِ شَاتَانِ فَإِذَا زَادَتْ عَلَى مِائَتَيْنِ إِلَى ثَلَاثِ مِائَةٍ فَفِيهَا ثَلَاثُ شِيَاهٍ فَإِذَا زَادَتْ عَلَى ثَلَاثِ مِائَةٍ فَفِي كُلِّ مِائَةٍ شَاةٌ فَإِذَا كَانَتْ سَائِمَةُ الرَّجُلِ نَاقِصَةً مِنْ أَرْبَعِينَ شَاةً وَاحِدَةً فَلَيْسَ فِيهَا صَدَقَةٌ إِلَّا أَنْ يَشَاءَ رَبُّهَا (أخرجه البخاري)

    අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන හදීසයක් මෙසේය.

    අබූ බක්කර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා, අනස් තුමාව බහ්රයින් දේශයට එවූ කල්හි එතුමාට මෙසේ ලිපියක් ලියා එවූහ.

    මහා කාරුණික කරුණාගුණයෙන් යුත් අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් තම දූතයාණන්ට අණ කළ අල්ලාහ්ගේ දූතයාණන් විසින් මුස්ලිම්වරුන් කෙරෙහි අනිවාර්යය කරන ලද zසකාත්හි අනිවාර්ය වගකීමකි මෙය. මේ අනුව කවරෙකු මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ද එය ඔහුට ලබා දිය යුතුයි. කවරෙකු ඊට ඉහළින් ඉල්ලන්නේ ද ඔහුට ලබා දිය යුතු නොවේ. (ඔටුවන් විසි හතරක ඊට වඩා අඩුවෙන් ඇති සෑම ඔටුවන් පහකටම එළුවෙකු බැගින් (zසකාත් දිය යුතු) වේ. එය විසි පහේ සිට තිස්පහ දක්වා ලබා ඇත්නම් බින්තු මහාල් නම් ඔටු දෙනක් නිකුත් කළ යුතුයි. එය තිස් හයේ සිට හතළිස් පහ දක්වා ලබා ඇත්නම් එහි දී බින්තු ලබූන් නම් ඔටු දෙනක් නිකුත් කළ යුතුයි. හතළිස් හයේ සිට හැට දක්වා ලබා ඇත්නම් හික්කත් නම් තන්‍ය ඔටු දෙනක් නිකුත් කළ යුතුයි. හැට එකේ සිට හැත්තෑ පහ දක්වා ලබා ඇත්නම් ජස්අත් නම් ඔටු දෙනක් නිකුත් කළ යුතුයි.

    එය හැත්තෑ හයේ සිට අනූව දක්වා ලබා ඇත්නම් එහි දී බින්තු ලබූන් නම් ඔටු දෙනුන් දෙදෙනෙක් නිකුත් කළ යුතුයි. අනූ එකේ සිට එකසිය විස්ස දක්වා ලබා ඇත්නම් එහිදී හික්කත් නම් තන්‍ය ඔටු දෙනුන් දෙදෙනෙක් නිකුත් කළ යුතුයි.

    එකසිය විස්සට වැඩි නම් (ඉන් පසු ඇති) සෑම හතළිහකටම බින්තු ලබූන් නම් ඔටු දෙනක් බැගින් ද සෑම පනහකටම හික්කත් නම් ඔටු දෙනක් බැගින් ද නිකුත් කළ යුතුයි.

    ඔටුවන් හතර දෙනෙකු හැර ඔහුට වෙනත් කිසිවෙකු නොවී නම් එහි හිමිකරු අභිමත කරන්නේ නම් හැර සකාත් නිකුත් කිරීමක් නැත. ඔටුවන්ගෙන් පහක් ලබා ඇත්නම් එහි දී එළුවෙකු නිකුත් කළ යුතුයි.

    එළුවන් සකාත් දීමේ විෂයයෙහි: නිදැල්ලේ තණ බුදින එළුවන් හතළිහේ සිට එකසිය විස්ස දක්වා ලබා ඇත්නම් එළුවෙකු නිකුත් කළ යුතුයි. එකසිය විස්සේ සිට දෙසීය දක්වා වර්ධනය වී ඇත්නම් එළුවන් දෙදෙනෙකු නිකුත් කළ යුතුයි. දෙසීයේ සිට තුන්සීය දක්වා වර්ධනය වී ඇත්නම් එහි දී එළුවන් තුන්දෙනෙකු නිකුත් කළ යුතුයි.

    තුන්සීයට වඩා අධිකව ඇත්නම් සෑම සියයකටම එළුවෙකු බැගින් නිකුත් කළ යුතුයි.

    මිනිසෙකුට නිදැල්ලේ තණ බුදින එළුවන් හතළිහකට වඩා එකෙකු හෝ අඩුවෙන් ඇත්නම් එහි හිමිකරු අභිමත කරන්නේ නම් මිස එහි zසකාත් නිකුත් කිරීමක් නැත.

    (මූලාශ්‍රය: බුහාරි)

    2.

    عَنْ مُعَاذٍ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا وَجَّهَهُ إِلَى الْيَمَنِ أَمَرَهُ أَنْ يَأْخُذَ مِنْ الْبَقَرِ مِنْ كُلِّ ثَلَاثِينَ تَبِيعًا أَوْ تَبِيعَةً وَمِنْ كُلِّ أَرْبَعِينَ مُسِنَّةً (أخرجه ابو داود والترمذي)

    මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එතුමාණන්ව යමන් දේශයට පිටත් කර යැවූ කල්හි සෑම ගවයින් තිස්දෙනෙකුගෙන්ම ‘තබී‘ නම් පිරිමි හෝ ‘තබීආ‘ නම් එළදෙනකු ද සෑම ගවයින් හතළිස් දෙනෙකුගෙන්ම මුසින්නා නම් එළදෙනකු ද (zසකාත් වශයෙන් මිනිසුන්ගෙන්) ලබා ගන්නා මෙන් අණ කළහ.

    (මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි)

    මෙම වගු වලින් දැක්වෙන්නේ ඔටු ගව හා එළුවන්ගේ නිසාබ් ප්‍රමාණයන් හා එහි සකාත් නිකුත් කිරීමට අනිවාර්යය වන ප්‍රමාණයන්ය

    1. එළුවන්ගේ නිසාබ් ප්‍රමාණය

    සිට

    දක්වා

    එළුවන්ගෙන් zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වන ප්‍රමාණයන්

    40

    120

    එක් එළුවෙකු

    121

    200

    එළුවන් දෙදෙනෙකු

    201

    399

    එළුවන් තුන් දෙනෙකු

    සටහන: වැඩිවන සෑම සියයකටම එළුවෙකු බැගින් zසකාත් නිකුත් කළ යුතු වෙයි.

    උදාරහණ වශයෙන් එළුවන් 399ක් වේ නම්, එළුවන් තුන් දෙනෙකු ද එළුවන් 400ක් වේ නම්, එළුවන් හතර දෙනෙකු ද නිකුත් කළ යුතු වේ.

    2. ගවයින්ගේ නිසාබ් ප්‍රමාණය

    සිට

    දක්වා

    ගවයින්ගෙන් zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වන ප්‍රමාණයන්

    30

    39

    තබී හා තබීආ (වසරක් සම්පූර්ණ වූ ගවයෙක් හෝ එළදෙනක්)

    40

    59

    මුසින්නා (අවුරුදු දෙකක් සම්පූර්ණ වූ එළදෙනක්)

    60

    69

    තබී දෙදෙනෙකු හෝ තබීආ දෙදෙනෙකු

    සටහන: වැඩි වන සෑම තිහකටම ‘තබී‘‘ නම් පිරිමි ගවයෙකු හෝ තබීආ නම් එළදෙනකු බැගින් ද සෑම 40කටම මුසින්නා නම් එළදෙනෙකු බැගින් ද zසකාත් නිකුත් කළ යුතු වෙයි. ගවයින් 50ක මුසින්නා නම් එළදෙනෙකු ද 70ක ‘තබී‘‘ නම් ගවයෙකු හා මුසින්නා නම් එළදෙනෙකු ද ගවයින් 100ක තබී නම් ගවයින් දෙදෙනෙකු හා මුසින්නා නම් ගවයෙකු ද 120ක තබී නම් ගවයින් 4 දෙනෙකු හා මුසින්නා නම් එළදෙනුන් 3 දෙනෙකු ද zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.

    1. ඔටුවන්ගේ නිසාබ් ප්‍රමාණය

    සිට

    දක්වා

    ඔටුවන්ගෙන් zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වන ප්‍රමාණයන්

    5

    9

    එළුවෙකු

    10

    14

    එළුවන් දෙදෙ‍නෙකු

    15

    19

    එළුවන් තුන් දෙනෙකු

    20

    24

    එළුවන් හතර දෙනෙකු

    25

    35

    බින්තු මහාල් නම් ඔටු දෙනක් (අවුරුද්දක් සම්පූර්ණ වූ ඔටු දෙනක්)

    36

    45

    බින්තු ලබූන් නම් ඔටු දෙනක් (අවුරුදු දෙකක් සම්පූර්ණ වූ ඔටු දෙනක්)

    46

    60

    හික්කත් නම් ඔටු දෙනක් (අවුරුදු තුනක් සම්පූර්ණ වූ ඔටු දෙනක්)

    61

    75

    ජුසුඅත් නම් ඔටු දෙනක් (අවුරුදු හතරක් සම්පූර්ණ වූ ඔටු දෙනක්)

    76

    90

    බින්තු ලබූන් දෙදෙනෙක්

    91

    120

    හික්කත් දෙදෙනෙක්

    සටහන: ඔටුවන් 120 ට වැඩි නම් ඉන් පසු වැඩි වන සෑම 40 කටම බින්තු ලබූන් බැගින් ද වැඩි වන සෑම 50 කටම හික්කත් බැගින් ද සකාත් නිකුත් කළ යුතු වේ.

    120 දී බින්තු ලබූන් 3ක් ද 130 දී හික්කත් එකක් හා බින්තු ලබූන් දෙදෙනෙක් ද 150 දී හික්කත් 3 දෙනෙක් ද 160 දී බින්තු ලබූන් හතර දෙනෙක් ද 180 දී හික්කත් දෙදෙනෙක් හා බින්තු ලබූන් දෙදෙනෙක් ද 200 දී බින්තු ලබූන් 5ක් හෝ හික්කත් හතර දෙනෙක් ද නිකුත් කළ යුතු වෙයි. මීට වඩා වැඩි නම් ඉහත කී අනුපාතයට සුදුසු සේ zසකාත් නිකුත් කළ යුතු වේ.

    බින්තු ලබූන් නිකුත් කිරීමට අනිවාර්යය වූ විටක එය තමන් සතුව නොමැති නම් ඒ වෙනුවට බින්තු මහාල් හා ජිබ්රාන් ලබා දිය යුතු වේ. ජිබ්රාන් යනු එළුවන් දෙදෙනෙකු හෝ දිර්හම් 20කි. එසේත් නොමැති නම් හික්කත් නිකුත් කර ජිබ්රාන් ද නිකුත් කළ යුතු වේ. ජිබ්රාන් ලබා දීම ඔටුවන්ට පමණක් සීමා වනු ඇත.

    ගොවිපළ සතුන්ගෙන් zසකාත් ගනු ලබන අවම ප්‍රමාණයන්

    ‍1. එළුවන්ගෙන් zසකාත් වශයෙන් ගනු ලබන්නේ බැටළුවන්ගෙන් ජසඋ නම් වර්ගයේ බැටළුවෙකි. එනම් මාස හයක් සපිරුණු බැටළුවෙකි. එමෙන්ම එළුවන්ගෙන් සනිය්යා නම් වර්ගයේ එළුවෙකි. එනම් වසරක් සපිරුණු එළුවෙකි.

    2. ගවයින්ගෙන් zසකාත් වශයෙන් ගනු ලබන්නේ, තබීඋ හෝ තබීආ නම් වර්ගයේ ගවයින්ය. එනම් වසරක් සපිරුණු ගවයෙක් හෝ එළදෙනකි.

    3. ඔටුවන්ගෙන් සකාත් වශයෙන් ගනු ලබන්නේ බින්තු මහාල්ය. එනම් වසරක් සපිරුණු එළු දෙනකි.

    සකාත් රැස්කරන්නා ජනයාගේ වටිනාතම උසස් ඝනයේ වස්තුව ලබා ගත නොයුතුයි. ගැබ් ගත් සතුන් පිරිමි සතුන් පැටවෙකු සිටින සතුන් ආහාර සඳහා ශරීරය වඩවා ඇති සතුන් ලබා ගත නොයුතුයි. ඔහු විසින් ලබා ගත යුත්තේ මධ්‍යස්ථ වස්තුවයි. සෙසු කරුණු වල ද මෙයම පිළිපැදිය යුතු වෙයි.

    තම වස්තුවෙන් උසස්ම ඝනයේ දෑ ලබා දීමට කෙනෙකු කැමැති වන්නේ නම් අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෑ ලබා දෙයි. එමෙන්ම ඔහුගේ කුසල් ද පරිපූර්ණව ලබා දෙයි.

    zසකාත් ලබා ගැනීමේ දී ගැහැනු සතුන් පමණක් ලබා ගත යුතුයි. නමුත් ගවයින් විෂයෙහි මෙය අදාළ නොවෙයි. තවද ඔටුවන් විෂයෙහි බින්තු මහාල් නොමැති අවස්ථාවක ඒ වෙනුවට ඉබ්නු ලබූන් අල්හික්කු අල්-ජසඋ නම් වර්ගයන්හි පිරිමි ඔටුවන් ලබා දිය හැක.

    එමෙන්ම නිසාබ් ප්‍රමාණය ලැබූ සියල්ල පිරිමි සතුන් වේ නම් එවිට ද පිරිමි සතුන් සකාත් වශයෙන් නිකුත් කළ හැක.

    සකාත් නිකුත් කිරීමට බිය වී සතුන් එක් රැස් කිරීම හෝ වෙන් කිරීමේ නීති රීති.

    zසකාත් නිකුත් කිරීමට බියෙන් ගොවිපළ සතුන් අතර වෙන් වෙන්ව සිටින සතුන් එක් කිරීම හෝ එකට සිටින සතුන් වෙන් කිරීම හෝ සුදුසු නැත.

    යමෙකු සතුව එළුවන් 40 දෙනෙකු වී සකාත් ලබා දීමට බියෙන් zසකාත් රැස් කරන්නාට එහි දී නිසාබ් ප්‍රමාණය ගණන් ගත නොහැකි අයුරින් ඔවුන් ස්ථාන දෙකකට වෙන් කර තැබීම සුදුසු නැත.

    එමෙන්ම යමෙකු සතුව එළුවන් 40 දෙනෙකු වී ඒ හා සමාන ප්‍රමාණයක් තවත් තැනකත් තුන් වැනි තැනෙහි ද ඒ සමාන ප්‍රමාණයක් වී එළුවන් 3 දෙනෙකු ලබා දිය යුතු ස්ථානයේ එක් එළුවෙකු පමණක් ලබා දීමේ අරමුණින් මේ සියල්ල එකට එක් කිරීම ද සුදුසු නොවෙයි. මෙවැනි කූට උපක්‍රම සියල්ල සුදුසු නොවේ. අල්ලාහ් මසුරුකම තහනම් කර ඇත.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آَتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (180)

    180. අල්ලාහ් ඔහුගේ වරප්‍රසාදයෙන් තමන් හට පිරිනැමූ දෑ පිළිබඳව මසුරු වන්නන් එය තමන් හට යහපත් යැයි නොසිතිය යුතුමය. එසේ නොව එය ඔවුනට හානිදායකය. (මළවුන් කෙරෙන්) නැගිටු වනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් කෙරෙහි මසුරු වූයේ ද එය ඔවුන්ගේ ගෙල වටා දමනු ලැබේ. අහස් හි හා මිහිතලයෙහි උරුමයන් අල්ලාහ් සතුය. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය. (අල්-කුර්ආන් 3:180)

    3. මහ පොළොවෙන් හටගන්නා දෑ zසකාත් වශයෙන් නිකුත් කිරීම

    මහ පොළොවෙන් හට ගන්නා දෑහි වර්ග

    මහ පොළොවෙන් හට ගන්නා දෑ දෙවර්ගයකි.

    1. පැළැටි ධාන්‍ය හා පලතුරු

    2. ඉන්ධන පාෂාණ ගෑස් නිධන් හා වටිනා ගල්

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (29)

    29. නුඹලා වෙනුවෙන් මිහිතලය මත ඇති සියලු දෑ මැව්වේ ඔහුමය. ඉන් පසුව අහස් දෙසට අවධානය යොමු කොට ඒවා අහස් සතක් ලෙස නිර්මාණය කළේය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වඥය. (අල්-කුර්ආන් 2:29)

    ධාන්‍ය හා පලතුරු වල zසකාත් නිකුත් කිරීමේ නීති රීති.

    සියලුම ධාන්‍යවලට zසකාත් අනිවාර්යය වෙයි. එමෙන්ම රට ඉඳි හා මිදි මෙන් කිරිය හැකි ගොඩ ගැසිය හැකි සියලුම පලතුරු වලට ද zසකාත් අනිවාර්යය වෙයි.

    1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآَخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ (267)

    267. විශ්වාස කළවුනි, නුඹලා උපයා ගත් යහපත් දැයින් ද මිහිතලයෙන් අප නුඹලාට හට ගැන්වූ දැයින් ද නුඹලා වියදම් කරවු. එයින් අප්‍රසන්න දෑ වියදම් කිරීමට අපේක්ෂා නොකරවු. (එවැනි අප්‍රසන්න දෙයක් නුඹලාට ප්‍රදානය කළ විට) නුඹලා එය දෑස් පියා ගත් තත්ත්වයෙන් මිස නුඹලා එය පිළිගන්නන් වශයෙන් නොවෙත්. තවද දැන ගනිවු. සැබැවින්ම අල්ලාහ් සර්ව සම්පූර්ණය සර්ව ප්‍රශංසාලාභීය. (අල්-කුර්ආන් 2: 267)

    2. උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.

    وَهُوَ الَّذِي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُوا مِنْ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآَتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ (141)

    141. (පොළොවෙහි) විහිදුනු හා නොවිහිදුනු (ඉහළට වැඩුනු) වතු ද රට ඉඳි ගස් ද එහි ආහාරයන් විවිධ වූ බෝග ද (ස්වරූපයෙන්) එකිනෙකට සමාන හා (ස්වභාවයෙන්) එකිනෙකට සමාන නොවන දෙළුම් ද ඔලිව් ද වැඩෙන්නට සැලැස්වූයේ ඔහුය. එහි ඵල හට ගැනෙන විට එහි පලතුරු නුඹලා අනුභව කරවු. එහි ඵල නෙළා ගන්නා දිනයෙහි එයට හිමි (zසකාත්) වගකීම දෙවු. තවද නුඹලා නාස්ති නොකරවු. සැබැවින්ම නාස්ති කරන්නන්ව ඔහු ප්‍රිය නොකරයි. (අල්-කුර්ආන් 6: 141)

    3.

    عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوَاقٍ صَدَقَةٌ وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ صَدَقَةٌ وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ أوْسُقٍ صَدَقَةٌ (متفق عليه)

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    රන් අවුන්ස පහකට වඩා අඩු දෑහි සකාත් නැත. තවද ඔටුදෙනුන් පහකට වඩා අඩු දෑහි zසකාත් නැත. තවද අවුසුක් පහකට (එනම් කි. ග්‍රූම් 122.4) වඩා අඩු දෑහි zසකාත් නැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    ධාන්‍ය හා පලතුරු zසකාත් වශයෙන් නිකුත් කිරීමේ කොන්දේසි

    zසකාත් අනිවාර්යය වන වේලාවේ මහ පොළොවෙහි හට ගන්නා දෑ පුද්ගලයා සතුව තිබිය යුතු වේ.

    zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වීම සඳහා තිබිය යුතු නිසාබ් ප්‍රමාණය ලැබී තිබිය යුතු වේ. එය වසක් 5කි. එය සා: නම් මිනුම් ඒකකයෙන් 300කි. (එනම් සාමාන්‍යයෙන් තිරිඟු කි.ග්‍රූම් 612කි.

    සා: එකක් යනු තිරිඟු කි.ග්‍රූම් 2.40කට සමාන වේ.

    මේ සඳහා භාවිත කළ යුතු භාජනය සා: නම් ඒකකයේ ප්‍රමාණයෙන් පිහිටිය යුතු වේ. එනම් එය සාමාන්‍ය මිනිසෙකුගේ දෝතින් ප්‍රමාණ 4කි.

    ධාන්‍ය හා පලතුරු වල zසකාත් නිකුත් කිරීමේ අනිවාර්ය දෑ

    1. කිසිදු වියදමකින් තොරව වැසි උල්පත් ගංගා වැනි ස්වභාවිකව ජලයෙන් පෝෂණය වූ දෑහි දහයෙන් පංගුවක් සකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ. එනම් 10% කි.

    2. ළිඳකින් මෝටරයක් වැනි උපකරණයක් භාවිතා කර වියදමක් සහිතව සැපයූ ජලයෙන් පෝෂණය වූ දෑහි දහයෙන් එකෙන් පංගුවක් එනම් 5%ක් සකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.

    عن ابن عمر رضي الله عنهما عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِيمَا سَقَتْ السَّمَاءُ وَالْعُيُونُ أَوْ كَانَ عَثَرِيًّا الْعُشْرُ وَمَا سُقِيَ بِالنَّضْحِ نِصْفُ الْعُشْرِ (أخرجه البخاري)

    ඉබ්නු උමර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කළ හදීසයක් මෙසේය.

    අහස් ජලය හා උල්පත් ජලය සැපයූ දෑහි හෝ ගලායන ජලයෙන් (පෝෂණය) වී ඇත්නම් දහයෙන් එකෙන් පංගුවකි. (වියදමක් සහිත) ශ්‍රමයෙන් ජලය සපයනු ලැබ ඇත්නම් දහයෙන් එකෙන් පංගුවකි. (මූලාශ්‍රය: බුහාරි)

    3. විටක වැසි ජලයෙන් පෝෂණය වෙමින් හා තවත් විටක ළිං ජලයෙන් පෝෂණය වෙමින් දෙයාකාරයෙන්ම ජලය ලැබී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් තුනක් එනම් 7.5%ක් සකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.

    ඵලදාවෙහි නිසාබ් ගණනය කිරීමේ දී විවිධ රට ඉඳි වර්ග තිරිඟු වර්ග හාල් වර්ග වැනි දෑ තිබුණ ද එම ජාතියට අයිති වර්ගයන් පොදුවේ එකම ගණයේ වස්තූන් වශයෙන් සලකනු ලැබේ.

    zසකාත් අනිවාර්යය වීමේ කාලය

    ධාන්‍ය හා පලතුරු වල zසකාත් අනිවාර්යය වනුයේ ඒවායෙහි අස්වැනු නෙළන කාලය උදා වී හොඳින් වැඩී පැහුණු පසුවය.

    පලතුරු පැහීම යනු ඒවා රතු පැහැ වීම හෝ කහ පැහැ වීමය. අනතුරුව ඒවායෙහි හිමිකරු විසින් ඒවා විකුණා දැමුවේ නම් එහි මිලට ගන්නාට zසකාත් නියම නොවන අතර zසකාත් නියම වෙන්නේ හිමිකරුටය.

    ධාන්‍ය හා පලතුරු ගණන් කළ නොහැකි තරමට විනාශ වී ඇත්නම් ඒවායෙහි හිමිකරුට ප්‍රයෝජනයක් ගත නොහැකි වී නම් සකාත්හි අනිවාර්යභාවය එයින් ඉවත් වනු ඇත.

    එළවළු හා සෙසු පලතුරු වල zසකාත් අනිවාර්යය නොවන අතර ඒවා වෙළඳාම සඳහා වගා කර ඇත්නම් ඒවා මිල කර එයට වසරක් ගත වූ පසු ඒවායෙහි වටිනාකමට නියම වන zසකාතය ලබා දිය යුතු වේ.

    මී පැණි zසකාත් වශයෙන් නිකුත් කිරීමේ ප්‍රමාණය

    තමන්ට හිමි ස්ථානයකින් හෝ ගස් කදු ඇති ප්‍රයෝජනයක් නොගන්නා ස්ථානයකින් හෝ මී පැණි ලබා ඇත්නම් එහි දී දහයෙන් එක් පංගුවක් zසකාත් නිකුත් කළ යුතු වේ. එහි නිසාබ් එනම් නිකුත් කිරීම සඳහා නියම වන ප්‍රමාණය ඉරාකීය රාත්තල් 160කි. එය කි.ග්‍රූම් 62 කට සමාන වේ.

    මී පැණි වෙළඳාම වශයෙන් කර ගෙන යන්නේ නම් එය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා මිල කර එහි නිසාබ් ප්‍රමාණය ද ලබා වසරක කාලයක් ගත වී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වෙයි.

    කුලී පදනම මත පිහිටි වගා බිමක zසකාත් නිකුත් කිරීමේ නීතිය.

    යම් කිසිවෙකු කුලී පදනම යටතේ භූමි භාගයක් හෝ වත්තක් කුලියට ගෙන කිරිය හැකි රැස් කළ හැකි ධාන්‍ය පලතුරු හා වෙනත් දෑ එම භූමියෙන් හට ගැනෙන්නේ නම් එහි දී කුලියට ගත් පුද්ගලයා විසින් දහයෙන් පංගුවක් හෝ දහයෙන් එකෙන් අඩක් හෝ සකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. නමුත් එහි අයිතිකරු වෙත එය නොපැවරේ.

    අයිතිකරු කෙරෙහි පැවරෙනුයේ ඔහු ලබා ගන්නා කුලියයි. එය zසකාත් අනිවාර්යය වීමට තිබිය යුතු අවම නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් එමෙන්ම කුලියට දුන් දින සිට වසරක් සම්පූර්ණ වී ඇත්නම් එම කුලී මුදල ද වියදම් නොකරන්නේ නම් එම මුදලෙන් zසකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි.

    මහ මුහුදෙන් මතුවන දෑහි zසකාත් නිකුත් කිරීමේ නීති රීති

    මහ මුහුදෙන් මතු වන මුතු පළිඟු මත්ස්‍යයින් වැනි සියලු දෑහි සකාත් නිකුත් කිරීමක් නොමැත. නමුත් එය වෙළඳාමක් වශයෙන් කර ගෙන යන්නේ නම් එහි දී එහි වටිනාකම තක්සේරු කර නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ. එනම් සියයට 2.5කි.

    අල්ලාහ් මෙසේ පවසයි.

    خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)

    ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. (තව්බාහ් 9:103)

    ඉන්ධන හා ඛණිජ වස්තු වල සකාත් නිකුත් කිරීමේ ප්‍රමාණය

    ගහ කොළ හැර මහ පොළොවෙන් හට ගැනෙන ඛණිජ ඉන්ධන ගෑස් වැනි සියලු දෑහි zසකාත් ගණනය කරනු ලබන්නේ එහි වටිනාකම අනුවය. එහි දී රන් රිදී වල නිසාබ් ප්‍රමාණය ලබා ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් මුදල් වශයෙන් හෝ නියමිත භාණ්ඩයෙන් හෝ zසකාත් ලබා දිය යුතුයි.

    ඛණිජ ඉන්ධන ගෑස් වැනි සියලු දෑ දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීමට අනිවාර්යය වනුයේ ඒවා තමන් සතු කර ගන්නා අවස්ථාවේ දී එහි නිසාබ් ප්‍රමාණය සම්පූර්ණ වී තිබීමෙනි. හේතුව එය පරිභෝජනය කරනු ලබන වස්තුවක් බැවිනි. එහි දී වසරක් සම්පූර්ණ වීමේ කොන්දේසිය මෙහි දී අදාළ නොවේ.

    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)

    ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. (තව්බාහ් 9:103)

    නිධන් වස්තු වල zසකාත් නිකුත් කිරීමේ ප්‍රමාණය.

    නිධන් වස්තු යනු පෙර ජනයා විසින් වළ දැමූ ස්ථාන වලින් තමන්ට ලැබෙන්නා වූ වස්තුවයි. එහි දී එම වස්තුව අල්ප වුව ද අධික වුව ද පහෙන් පංගුවක් සකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. ඉහත සඳහන් කළාක් මෙන් නිසාබ් ප්‍රමාණය ලැබීම හෝ වසරක් සම්පූර්ණ වීමේ කොන්දේසිය මෙහි දී අදාළ නොවේ. යුද්ධයක සතුරන් විසින් දමා ගිය වස්තුවෙහි ද පහෙන් කොටසක් නිකුත් කළ යුතු අතර ඉතිරි කොටස් හතර එම වස්තුව ලබන්නාට හිමි වේ.

    4. වෙළඳ භාණ්ඩ වල zසකාත්

    වෙළඳ භාණ්ඩ යනු භුක්ති විඳීමේ සම්පූර්ණ අයිතිය ඇති ඉඩ කඩම් සතුන් ආහාර පාන ඇඳුම් පැලඳුම් ඇඳ ඇතිරිලි හා උපකරණ වැනි දැයින් ලාභය ලබනු පිණිස ගනු දෙනු කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන වස්තුව වෙයි.

    වෙළඳ භාණ්ඩ වල සකාත් නිකුත් කිරීමේ නීති රීති

    වෙළඳ භාණ්ඩ වෙළඳාම් කරනු ලබන්නේ නම් එය එහි නිසාබ් ප්‍රමාණය ලබා එයට වසරක් සම්පූර්ණ වී ඇත්නම් zසකාත් ලබා දීම අනිවාර්යය වෙයි. හේතුව එය වර්ධනය වීමේ වස්තුවක් බැවිනි. භාණ්ඩ අධිකව තිබීමෙන් හා තමන්ගේ කැප වීම අනුව එය වර්ධනය වෙයි. වසරක් අවසානයේ zසකාත් නිකුත් කරන්නා සතු වෙළඳ භාණ්ඩ රන් හෝ රිදී වටිනාකමට මිල කර එය නිසාබ් තත්ත්වය ලබා ඇත්නම් සම්පූර්ණ වටිනාකමින් හෝ එම භාණ්ඩයෙන් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.

    භාණ්ඩ වල තත්ත්වයන්

    1. නිවාස, භුක්ති විඳින ඉඩ කඩම්, වාහන හා උපකරණ වැනි දෑ තමන් ජීවත් වීම පිණිස හෝ පරිහරණය කිරීම පිණිස සූදානම් කර ඇත්නම් එහි දී zසකාත් නිකුත් කිරීමක් නැත.

    2. මෙම භාණ්ඩ කුලී ලබා ගැනීම පිණිස සූදානම් කර ඇත්නම් එවිට zසකාත් නිකුත් කළ යුත්තේ එහි කුලියටය. එය වියදම් කිරීමට පෙර ගිවිසුම් කළ අවස්ථාවේ සිට නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ද ගත වී ඇත්නම් zසකාත් නිකුත් කළ යුතු වේ.

    3. මෙම භාණ්ඩ වෙළඳාම පිණිස සූදානම් කර ඇත්නම් zසකාත් අනිවාර්යය වනුයේ එහි වටිනාකමෙහිය. නිසාබ් ප්‍රමාණය ලැබ වසරක් ද ගත වී ඇත්නම් එහි වටිනාකමින් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ. එනම් සියයට 2.5කි.

    4. ගොවිතැන් උපකරණ වෙළඳ ස්ථාන කුලියට ගත් ස්ථාන වැනි දෑවල වටිනාකමෙහි zසකාත් නිකුත් කිරීමක් නැත. හේතුව ඒවා වෙළඳ භාණ්ඩ ලෙස නොව පරිහරණය කරන භාණ්ඩ ලෙස සලකන බැවිනි. නමුත් මේවා කුලියට දී ඇත්නම් කුලී මුදල ද නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වූයේ නම් එම කුලී මුදලෙහි සකාත් නිකුත් කිරීම අනිවාර්යය වේ.

    සමාගම් හා සංස්ථාවන් හි zසකාත් නිකුත් කිරීම

    1. කෘෂිකාර්මික සමාගම්: එහි ආදායම ධාන්‍ය පලතුරු හා එවැනිම ගොඩ ගැසිය හැකි කිරිය හැකි වෙනත් දෙයකින් පිහිටියේ නම් එහි ධාන්‍ය හා පලතුරු වල සකාත් අදාළ කොන්දේසි අනුව නිකුත් කළ යුතු වේ. එහි ආදායම ගොවිපළ සතුන්ගෙන් පිහිටියේ නම් එහි ගොවිපළ සතුන්හි zසකාත් අදාළ කොන්දේසි අනුව නිකුත් කළ යුතු වේ. එහි ආදායම ගනු දෙනු වන මුදල් නම් එවිට එහි මුදල්මය zසකාත් අදාළ කොන්දේසි අනුව දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් නිකුත් කළ යුතු වේ.

    2. නිෂ්පාදිත සමාගම්: ‍බෙහෙත්, විදුලිය, සිමෙන්ති යකඩ වැනි දෑ නිෂ්පාදනය කරන සමාගමක් නම් එහි ලැබෙන ශුද්ධ ලාභය නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වී ඇත්නම් එවිට දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ. භුක්ති විඳීමට සම්පූර්ණ අයිතියක් ඇති ඉඩ කඩම්හි කුලී පදනම යටතේ ලැබෙන ලාභය zසකාත් වශයෙන් නිකුත් කිරීමේ ක්‍රම වේදය මෙහි දී ද අදාළ වෙයි.

    3. වෙළඳ සමාගම්: ගනු දෙනු කිරීමට ඉස්ලාම් අනුමත කළ ආනයනය හා අපනයනය ගැනුම් හා විකුණුම් මුළාරබා නම් සමපේක්ෂණ ව්‍යාපාර ටෙන්ඩර් ව්‍යාපාර මුදල් මාරු පොළ වැනි සමාගම් උදාහරණ වශයෙන් ගත හැක.

    මෙහි දී යෙදූ ප්‍රාග්ධනය හා ලබන ශුද්ධ ලාභය නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.

    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)

    ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය. (තව්බාහ් 9:103)

    කොටස් ව්‍යාපාරයේ zසකාත්.

    එයට අවස්ථා දෙකක් ඇත.

    1. කොටස් හිමියා තැන්පත් කර වාර්ෂික ආදායමක් ලබා ගැනීමේ අරමුණින් කොටස් ව්‍යාපාරයෙහි නියැළුණේ නම්, ඉහත කී පරිදි ලැබෙන ලාභයෙහි පමණක් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වේ.

    2. කොටස් හිමියා ලාභයක් අපේක්ෂා කරමින් ගැනුම් විකුණුම් යන ව්‍යාපාරික අරමුණක් ඔහුට ඇත්නම් ඔහු යමක් විකුණන්නේ නම් හෝ මිල දී ගන්නේ නම් කොටස් ව්‍යාපාරයෙන් තමන් සතු කර ගන්නා සියලු දෑහි හා ලැබෙන ලාභයෙහි නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ද සම්පූර්ණ වී ඇත්නම් zසකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි.

    එහි zසකාත් නිකුත් කිරීමේ ප්‍රමාණය වන්නේ වෙළඳ භාණ්ඩ වල zසකාත් ප්‍රමාණය වන දහයෙන් එකෙන් හතරෙන් පංගුවකි. zසකාත් නිකුත් කිරීමේ දී එහි වටිනාකම සලකනු ලබන්නේ, එය අනිවාර්ය වන අවස්ථාවේ දී පිහිටා ඇති වෙළඳ පොළ මිලය.

    තහනම් වස්තු වල සකාත් නිකුත් කිරීමේ නීති රීති.

    තහනම් වස්තු කොටස් දෙකකි.

    1. වස්තුව එහි මූලය මත් පැන් මත් ද්‍රව්‍ය සූකර මාංශ දුම් වැටි වැනි හරාම් දෙයක් නම් එය තමන් සතු කර ගැනීම තහනම්ය. එය zසකාත් වස්තුවක් ද නොවෙයි. එය විනාශ කර දමා එයින් මිදිය යුතුය.

    2. වස්තුව එහි මූලය තහනම් වස්තුවක් නොවුව ද මංකොල්ලය සොරකම වැනි කිසිදු අයිතියකින් හෝ ගිවිසුමකින් තොරව ලබා ගැනීමෙන් හා පොලිය සූදුව වැනි වංචනික ගිවිසුමකින් යමක් තමන් සතු කර ගැනීමෙන් හරාම් යැයි වර්ණනා කරනු ලැබූ දෙයක් නම් එයට අවස්ථා දෙකක් ඇත.

    1. එහි සැබෑ අයිතිකරු හඳුනනවා නම් එය ඔවුන් වෙත නැවත භාර දිය යුතු වේ. අයිතිකරු විසින් එය තමන් සතු කර ගත් පසු එක් වසරක් වෙනුවෙන් zසකාත් නිකුත් කරනු ලැබේ.

    2. එහි සැබෑ අයිතිකරු කවුරුන්දැයි නොදන්නේ නම් ඔවුන් වෙනුවෙන් එයින් zසකාත් ලබා දිය යුතු වේ. පසුව අයිතිකරුවන් හෙළි වී ඔවුන් තමන් කළ දේ පිළිගත්තේ නම් එය නිවැරදිය. එසේ නොමැති නම් නිකුත් කළ මුදල ඔහු වෙත භාර දිය යුතු වේ. එය තමන් සතුව තබා ගැනීම පාපයකි. එහි zසකාත් නිකුත් කිරීම ඔහු කෙරෙහි අනිවාර්යය වේ.

    5. zසකාතුල් ෆිත්ර්

    zසකාතුල් ෆිත්ර් යනු රමළාන් උපවාසය නිමා කිරීමෙන් පසු මුස්ලිම්වරයෙකු කෙරෙහි අනිවාර්යය වන දානයයි.

    zසකාත් හි වර්ග

    ඉස්ලාම් පෙන්වා දෙන පරිදි අනිවාර්යය zසකාත් වර්ග තුනකි.

    1. zසකාතුන් නෆ්ස් හෙවත් චිත්ත පාරිශුද්ධිය

    මිනිසෙකු තමන් කරන යහපත් ක්‍රියාදාමයන් තුළින් තමන්ව පාරිශුද්ධ කර ගනිමින් අයහපත් ක්‍රියාවන්ගෙන් ඇත් වී පාපක්ෂමාවෙහි නියැළී තම ආත්මය පිවිතුරු කර ගැනීමයි.

    قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا (9) وَقَدْ خَابَ مَنْ دَسَّاهَا (10)

    9. කවරෙකු එය(ආත්මය) පවිත්‍ර කර ගත්තේ ද ඔහු සැබැවින්ම ජයග්‍රහණය කළේය. 10. කවරෙකු එයට (පාපය) ක්‍රමයෙන් ප්‍රවේශ කරන්නේ ද සැබැවින්ම ඔහු පාඩු විඳියි. (අල්-කුර්ආන් 91: 9,10)

    2. zසකාතුල් බද්න් හෙවත් zසකාතුල් ෆිත්ර්

    උපවාස කාලයේ දී සිදුවුනු අර්ථ ශූන්‍ය අසභ්‍ය වචනයෙන් උපවාස කරු පිවිතුරු කිරීම පිණිසත් දුගියන්ට ආහාරයක් වනු පිණිසත් රමළාන් උපවාසය නිමා කිරීමෙන් ලබා දෙන්නා වූ zසකාත්ය. එය ආහාරයෙන් සාඃ එකක ප්‍රමාණයකි. එනම් කි.ග්‍රෑම් 2.40කි. මෙම පාඩමින් අදහස් කෙරෙනුයේ මෙම අවස්ථාවයි.

    3. වස්තු වල zසකාත්.

    වස්තුව තමන් සතුව තිබී එම වස්තුවෙහි නිසාබ් ප්‍රමාණය ද ලබා ඇති අය කෙරෙහි පැවරෙන අනිවාර්යය බද්ධය. මෙය ඉස්ලාමයේ තුන් වැනි වගකීමයි. මේ පිළිබඳව ඉහත සඳහන් වී ඇත.

    zසකාතුල් ෆිත්රා ආගම් ගත වීමේ යථාර්ථය.

    උපවාස කාලයේ දී සිදු වුනු අර්ථ ශූන්‍ය හා අසභ්‍ය වචනයෙන් උපවාස කරු පිවිතුරු කිරීම පිණිසත් දුගියන්ට ආහාරයක් වනු පිණිසත් ඔවුන් අවුරුදු දින අන් අයට අත පෑමට අවශ්‍ය නොවනු පිණිසත් ධනවතුන් සමග අවුරුදු සතුට භුක්ති විඳීම පිණිසත්ය.

    عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ: فَرَضَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ زَكَاةَ الْفِطْرِ طُهْرَةً لِلصَّائِمِ مِنْ اللَّغْوِ وَالرَّفَثِ وَطُعْمَةً لِلْمَسَاكِينِ مَنْ أَدَّاهَا قَبْلَ الصَّلَاةِ فَهِيَ زَكَاةٌ مَقْبُولَةٌ وَمَنْ أَدَّاهَا بَعْدَ الصَّلَاةِ فَهِيَ صَدَقَةٌ مِنْ الصَّدَقَاتِ اخرجه ابو داود وابن ماجه

    ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් මෙසේ වාර්තා කරන ලදී.

    අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අර්ථ ශූන්‍ය හා අසභ්‍ය වචනයෙන් උපවාස කරු පිවිතුරු කිරීම පිණිසත් දුගියන්ට ආහාරයක් වනු පිණිසත් zසකාතුල් ෆිත්ර් අනිවාර්යය කළහ. කවරෙකු එය සලාතයට පෙර ඉටු කරන්නේ ද එය පිළිගනු ලැබූ zසකාතයක් වෙයි. කවරෙකු එය සලාතයෙන් පසු ඉටු කරන්නේ ද සෙසු සදකාවන් අතුරින් එක් සදකාවක් වෙයි.

    (මූලාශ්‍රය අබූ දාවූද්, ඉබ්නු මාජාහ්)

    zසකාතුල් ෆිත්ර්හි නීති රීති

    සෑම මුස්ලිම්වරයෙකු වෙනුවෙන්ම zසකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. ඔහු පිරිමියෙකු හෝ කාන්තාවක් හෝ වේවා නිදහස් පුද්ගලයෙකු හෝ වහලෙකු හෝ වේවා කුඩා හෝ වැඩිහිටියෙකු හෝ වේවා යමෙකුට ඔහුගේ ආහාරයටත් ඔහුගෙන් යැපෙන මුස්ලිම්වරුන්ගේ ආහාරයටත් අමතරව සාඃ එකක තරම් තමන් සතුව ඇත්නම් ඔහු zසකාතුල් ෆිත්ර් නිකුත් කළ යුතු වෙයි.

    මව් කුස තුළ සිටින කලලය වෙනුවෙන් පවා zසකාත් නිකුත් කිරීම සතුටු දායකය.

    عَن ابي سَعِيدٍ الْخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ قال: كُنَّا نُخْرِجُ زَكَاةَ الْفِطْرِ صَاعًا مِنْ طَعَامٍ أَوْ صَاعًا مِنْ شَعِيرٍ أَوْ صَاعًا مِنْ تَمْرٍ أَوْ صَاعًا مِنْ أَقِطٍ أَوْ صَاعًا مِنْ زَبِيبٍ متفق عليه

    අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අපි ආහාරයෙන් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ බාර්ලි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ රට ඉඳි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් ද කේජු වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ මිදි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කරන්නන් වූයෙමු.

    (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

    එක් සාඃ එකක් යනු කි.ග්‍රෑම් 2.40කි.

    zසකාතුල් ෆිත්ර් අනිවාර්ය වීමේ වේලාව

    රමළාන් මස අවසන් දින හිරු අවරට ගිය වේලාවේ සිට සෑම කෙනෙකු වෙනුවෙන්ම zසකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. පියා තම කුටුම්බය වෙනුවෙන් හෝ වෙනත් අය වෙනුවෙන් ඔවුන්ගේ අවසරය හා ඔවුන්ගේ තෘප්තිය මත එය නිකුත් කරන්නේ නම්, එය පිළි ගනු ලැබේ. එමෙන්ම ඔහු ද කුසල් ලබන්නෙකු වෙයි.

    zසාකාතුල් ෆිත්ර් නිකුත් කිරීමේ වේලාව

    රමළාන් අවුරුදු දින රාත්‍රියේ හිරු අවරට යාමත් සමඟ මෙය නිකුත් කිරීමේ වේලාව ආරම්භ වී අවුරුදු සලාතයට පෙර දක්වා වූ කාලය දක්වා දීර්ඝ වේ. එය නිකුත් කිරීමට උචිතම වේලාව වනුයේ අවුරුදු සලාතයට පෙර අවුරුදු දිනයේ දීම නිකුත් කිරීමය.

    එමෙන්ම අවුරුද්දට දිනකට හෝ දින දෙකකට පෙර එය නිකුත් කිරීමට අවසරය ඇත. නමුත් ඊට පෙර නිකුත් නොකළ යුතු වේ. අවුරුදු සලාතයෙන් පසු කවරෙකු එය ඉටු කරන්නේ ද සෙසු සදකාවන් මෙන් වූ සදකාවක් වශයෙන් පමණක් සැලකේ. හේතුවකින් තොරව එසේ ප්‍රමාද කිරීමෙන් තමන් පාපියෙකු බවට පත් වෙයි.

    යමෙකු කිසිදු හේතුවකින් තොරව අවුරුදු දින එය නිකුත් නොකර ප්‍රමාද කරන්නේ නම් ඔහු පාපියෙකු වෙයි. ඔහුට යම් කිසි සාධාරණ හේතුවක් තිබුණේ නම් එය ඔහුට කලා එනම් පසුව ඉටු කළ හැකිය. ඔහු කෙරෙහි පාපයක් නැත.

    zසකාතුල් ෆිත්ර්හි ප්‍රමාණය.

    හාල් තිරිඟු බාර්ලි රට ඉඳි මිදි කේජු ඉරිඟු වැනි ගමක දේශයක ප්‍රධාන ආහාර වේල වශයෙන් සැලකෙන සෑම දෙයකින්ම zසකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. ඒවා අතුරින් ශ්‍රේෂ්ඨතම වන්නේ දුගී දුප්පතුන්ට වඩාත් ප්‍රයෝජනවත් වන දෑය.

    සෑම කෙනෙකු වෙනුවෙන්ම නිකුත් කරනු ලබන zසකාතුල් ෆිත්ර් හි ප්‍රමාණය වනුයේ එක් සාඃ එකක් යනු කි.ග්‍රූම් 2.40කට සමාන වෙයි. එය ලැබීමට සුදුසු දුගියන්ට ලබා දිය යුතු වේ. ආහාරය වෙනුවට එහි වටිනාකම නිකුත් කිරීම සුදුසු නොවෙයි. එබැවින් මෙය ලබන්නට ඉතාමත් සුදුසුම පුද්ගලයින් වන්නේ දුගියන් හා දුප්පතුන්ය.

    عَن ابي سَعِيدٍ الْخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ قال: كُنَّا نُخْرِجُ زَكَاةَ الْفِطْرِ صَاعًا مِنْ طَعَامٍ أَوْ صَاعًا مِنْ شَعِيرٍ أَوْ صَاعًا مِنْ تَمْرٍ أَوْ صَاعًا مِنْ أَقِطٍ أَوْ صَاعًا مِنْ زَبِيبٍ متفق عليه

    අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අපි ආහාරයෙන් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ බාර්ලි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ රට ඉඳි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ කේජු වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ මිදි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කරන්නන් වූයෙමු. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    3. zසකාත් නිකුත් කිරීම

    zසකාත් අනිවාර්යය වන වස්තූන්

    zසකාත් අනිවාර්යය වන වස්තූන් දෙවර්ගයකි.

    1. ධාන්‍ය පලතුරු වැනි වැඩෙන දෑ හා ඛණිජ නිධන් වැනි නොවැඩෙන දෑ

    මේවා තමන් වෙත ලැබී නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් මෙහි දී වසරක් සම්පූර්ණ වීමේ කොන්දේසිය අදාළ නොවේ.

    2. රන් රිදී මුදල් ගොවිපළ සතුන් වෙළඳ භාණ්ඩ වැනි වර්ධනය කිරීම සඳහා හෝ වෙළඳාම සඳහා හෝ ඇති දෑ

    මෙහි දී නිසාබ් ප්‍රමාණය ලැබ ඒ කෙරෙහි වසරක් සම්පූර්ණ වී ඇත්නම් එම කොන්දේසි යටතේ zසකාත් නිකුත් කරනු ලැබේ.

    සාකාත් නිකුත් කිරීමේ විනය

    පවින් පිරුණු තම ආත්මය හා මුදල් පිවිතුරු කරවන ඉමහත් නැමදුම් වලින් එක් නැමදුමකි zසකාත්. එය නිකුත් කිරීමේ විනයන් පිළිබඳ සලකා බලන්නේ නම්

    1. අනිවාර්යය වූ අවස්ථාවේම එය නිකුත් කිරීම.

    2. පිවිතුරු දැයින් නිකුත් කිරීම.

    3. වස්තුවෙන් වඩා යහපත් වූ විශිෂ්ට දැයින් සකාත් නිකුත් කිරීම

    4. තමන්ට ප්‍රියමනාප දැයින් නිකුත් කිරීම.

    5. අනුමත දැයින් නිකුත් කිරීම

    6. එය නිකුත් කිරීමෙන් සතුටට පත් වීම.

    7. එමගින් zසකාත් ලබන්නා තෘප්තියට පත් කර වීම.

    8. තමන් ලබා දෙන්නා වූ වස්තු පිළිබඳව පුදුමයට පත් නොවන අන්දමින් එය සුළුවෙන් සැලකීම.

    9. මූණිච්චාවෙන් ආරක්ෂා වනු පිණිස එය රහසිගතව නිකුත් කිරීම.

    10. ඇතැම් විටෙක මෙම වගකීම ජීවමාන කිරීම පිණිසත් සෙසු ධනවතුන් එය පිළිපැදීමේ ආශාව ඇති කරවනු පිණිසත් ප්‍රසිද්ධියේ ලබා දීම.

    11. ලබා දුන් දෑ කියා පෑමෙන් හෝ ලබන්නා අසරණභාවයට ලක් කිරීමෙන් තමන්ගේ මෙම මහඟු කටයුත්ත නිෂ්ඵල නොවීමට වග බලා ගැනීම.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.

    وَالَّذِينَ يُؤْتُونَ مَا آَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ (60) أُولَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ (61)

    ඔවුන් දෙන දේ ලබා දී සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත යන්නන් බව ඔවුන්ගේ හදවත් බියෙන් පසුවන්නන්ය. තවද ඔවුන් යහකම් කිරීමෙහි යුහුසුළු වන්නෝය. ඒ සඳහා ඔවුන් තරඟ වදින්නන් වෙති.

    (අල්-කුර්ආන් 23: 60,61)

    zසකාත් ලැබීමට සුදුස්සෝ

    zසකාත් නිකුත් කරන්නා තම zසකාතය පිරිනැමීම පිණිස දැඩි සේ දේව බියෙන් පසු වන ඉතා සමීප ඥාතීත්වය ඇති ආර්ථික අපහසුකම් ඇත්තන් සොයා යෑම ඉතා උචිතය. ඒ අනුව zසකාත් නිකුත් කරන්නා තම zසකාතය සමීප ඥාතීන්ගෙන් ද දේව බියෙන් පසුවන්නන්ගෙන් ද දැනුම සොයන්නන්ගෙන් ද තම අඟහිඟකම් හෙළි නොදක්වන දුඟී දුප්පතුන්ගෙන් ද අවශ්‍යතාවෙන් පෙළෙන අධික සාමාජිකයින්ගෙන් සපිරුණු පවුල් වලින් ද ඉතා සුදුස්සන් සොයා එය ලබා දීමට කටයුතු කළ යුතු වේ. තමන් සතු සදකා හෝ zසකාත් ලබා දිය නොහැකි තත්ත්වයන් උදා වීමට පෙර එය නිකුත් කළ යුතු වේ.

    කෙනෙකු zසකාත් ලබන්නට සුදුසු ගුණාංග බොහෝමයකින් සමන්විත නම් උදාහරණයක් වශයෙන් ඔහු දුගියෙකි එමෙන්ම කිට්ටු ඥාතියෙකි. ඔහු දුඟියෙකි එමෙන්ම දැනුම සොයන්නෙකි. මෙවැනි උදවිය zසකාත් ලබා ගැනීමට සුදුසුම පුද්ගලයින් වේ. එමෙන්ම අධික කුසල් ලැබීමේ අවස්ථාව ද zසකාත් නිකුත් කරන්නාට හිමි වෙයි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ (273)

    273. මිහිතලයේ (ජීවනෝපාය පිණිස) සැරිසැරීමට නොහැකිව අල්ලාහ්ගේ මාර්ගයේ පමණක් තමන්ව සීමා කර ගත් දුගියන්ට (නුඹලාගේ සදකාවන් ලැබීම සුදුසු)ය. (ඔවුන් සෙසු අයගෙන් අත පෑමෙන්) වැළකී සිටීම නිසා (ඔවුන් ගැන) නොදත් අය ඔවුන්ව අවශ්‍යතාවන්ගෙන් තොර වූ අය ලෙස සිතති. ඔවුන්ගේ සලකුණු මඟින් නුඹ ඔවුන්ව හඳුනන්නෙහිය. ඔවුහු මිනිසුන්ගෙන් නිති කන්නලව් කරමින් නොඉල්ලති. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහි ද සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය.

    (අල්-කුර්ආන් 2:273)

    zසකාත් නිකුත් කිරීමේ වේලාව

    1. නොවැළැක්විය හැකි අවස්ථාවක හැර zසකාත් අනිවාර්යය වූ වහාම කිසිදු ප්‍රමාදයකින් තොරව එය නිකුත් කිරීම අනිවාර්යය වේ.

    2. zසකාත් අනිවාර්යය වීමේ හේතූන් තිබී එය අනිවාර්යය වීමට පෙර එය නිකුත් කිරීමට හැකියාව ඇත. මෙසේ ලබා දීමෙන් මහත් ප්‍රතිඵල ලැබෙන අතර විශේෂයන්ම ඔහුගේ චේතනාවට විශේෂ තිළිණ ද හිමි වේ. ගොවිපළ සතුන් රන් රිදී හා වෙළඳ භාණ්ඩයන්හි නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් කල් ඇතිව ලබා දීමට හැකියාව ඇත.

    3. වසරකට හෝ වසර දෙකකට පෙර zසකාත් නිකුත් කිරීමට ද හැකිය. එය දුඟියන්ට මාසික දීමනාවක් වශයෙන් ලබා දීමෙහි සුබදායක තත්ත්වයක් දකී නම් එසේ ලබා දීමට ද හැකිය.

    4. වැටුපක් මාසික කුලියක් තමන්ට උරුම ආදායමක් වැනි නියම කර ගත් කාල සීමාවකට වරක් කවරෙකු තම ධනය තමන් සතු කර ගන්නේ ද වසරකට පසුව සම්පූර්ණ මුදලින් zසකාත් ගණන් බලා නිකුත් කළ යුතු වේ.

    යමෙකු තෘප්තිමත් භාවය ලැබීමටත් දුඟියන් හා සෙසු අයට වඩා ප්‍රයෝජන වීමටත් අධික කුසල් වලින් සපිරුණු රමළාන් මාසය මෙන් වසරේ යම් කිසි මසක තම zසකාතය නිකුත් කළ හැක.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنْفِقُوا خَيْرًا لِأَنْفُسِكُمْ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (16) إِنْ تُقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ شَكُورٌ حَلِيمٌ (17) عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الْحَكِيمُ (18)

    16. නුඹලාගේ ශක්තියට අනුව නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සවන් දෙවු. අවනත වවු. තවද (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරවු. (එය) නුඹලාට යහපත් වන්නේය. තවද කවරෙකු තමන්ගේ හදවතෙ හි ඇති වන මසුරුකමින් වළක්වනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ. 17. නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නේ නම් ඔහු එය නුඹලාට ප්‍රගුණ කර දෙන්නේය. තවද නුඹලාට ඔහු ක්ෂමාව පිරිනමන්නේය. අල්ලාහ් මහා කෘතවේදීය. දැඩි ඉවසිලි වන්තය. 18. (ඔහු) අදෘශ්‍යමාන හා දෘශ්‍යමාන දෑ පිළිබඳව සර්වඥය. අති බල සම්පන්නය සර්ව ප්‍රඥාවන්තය. (අල්-කුර්ආ 64:16-18)

    zසකාත් බෙදා හැරීමේ නීති රීති

    එක් අයෙකුට අනිවාර්යය වූ zසකාතය පිරිසකටත් පිරිසකට අනිවාර්යය වූ zසකාතය එක් අයකුටත් ලබා දීමට හැකිය. නමුත් ඉතා උතුම් වන්නේ zසකාතය තනිව රහසිගතව හෝ ප්‍රසිද්ධියේ යහපත සැලසෙන පරිදි ලබා දීමයි. යථාර්ථය නම් යහපත සැලසෙන අවස්ථාවක හැර රහසිගතව ලබා දීම ඉතා උතුම්ය.

    إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (271)

    271. සදකාවන් නුඹලා ප්‍රසිද්ධව කරන්නේ නම් එය හොඳය. තවද නුඹලා ඒවා රහසිගතව සඟවා ඒවා දුගියන්ට ලබා දෙන්නේ නම් එය නුඹලාට ඉතා යහපතය. තවද එය නුඹලාගේ සමහර පාපයන්ට නුඹලාට වන්දියක් වනු ඇත. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයා වෙයි. (අල්-කුර්ආන් 2: 271)

    විනිශ්චයකරුවෙකු වෙත zසකාත් පැවරීමේ නීතිය.

    1. විනිශ්චය කරු මුස්ලිම් වරුන්ගේ සුභසාධක කටයුතුවල දී යුක්ති ගරුකව විශ්වාසවන්තභාවයෙන් කටයුතු කරන්නෙකු නම් ධනවතුන්ගෙන් zසකාත් ලබා එය ආගමානුකූලව බෙදා හැරීමට අවසරය ඇත. ගොවිපළ සතුන් ධාන්‍ය පලතුරු වැනි භෞතික භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා ජනයින් වෙත සේවකයෙකු යැවීම ඔහු වෙත අනිවාර්යය වෙයි. හේතුව ඔවුන්ගෙන් බහුතර zසකාත් අනිවාර්යය වී ඇති බවත් එහි නිසාබ් ප්‍රමාණය ලබා ඇති බවත් නොදැනුවත්ව සිටින බැවිනි. එපමණක් නොව ඔවුන් අතර එය නිකුත් කිරීමට මැළිකම් දක්වන උදවිය ද අමතක වී යන උදවිය ද සිටින්නට පුළුවන.

    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

    خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)

    ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. (තව්බාහ් 9:103)

    2. zසකාත් සම්බන්ධව භාරව කටයුතු කරන්නා ධනවතුන්ගෙන් සකාත් ඉල්ලා සිටින විට ඔවුන් විසින් එය නිකුත් කිරීම අනිවාර්යය වෙයි. එමගින් ඔහු තම වගකීමෙන් ඉවත් වන අතර ඔවුනට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. කවරෙකු එය වෙනස් කරන්නේ ද එසේත් නොමැති නම් නොසුදුසු පුද්ගලයින්ට භාර දෙන්නේ ද ඔහු කෙරෙහි පාපය අත්වනු ඇත.

    zසකාත්හි වගකීමේ නීතිය.

    zසකාත් අනිවාර්යය වූ පසු zසකාත් ලබා දෙන්නාගේ වගකීමක් ලෙස පවතියි. එය ඔහු විනාශ කරන්නේ නම් එනම් ඒ පිළිබඳව සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් හෝ නොමනා ලෙසට පරිහරණය කරන්නේ නම් හෝ එහි වගකීම ඔහු කෙරෙහිම පැවරේ. ඔහු එය සීමාව ඉක්මවීමෙන් තොරව නිවැරදි අයුරින් පරිහරණය කරන්නේ නම් ඔහු තම වගකීමෙන් නිදොස් වෙයි.

    zසකාත් නිකුත් කරනු ලබන්නේ

    කවර ස්ථානයකට ද?

    වස්තුමය zසකාත් වස්තු හා සම්බන්ධය එවිට එය නිකුත් කරනුයේ නියමිත දේශයට සතු වස්තුවෙනි. zසකාතුල් ෆිත්රා ශරීරය හා සම්බන්ධය. එවිට එය නිකුත් කරනුයේ එය අනිවාර්යය වූ වේලාවේ ඔහු එය ලබනුයේ කවර ස්ථානයේ ද ඒ දේශය අනුව ඔහු එය නිකුත් කරයි.

    මුදල්මය zසකාත් සියල්ල තම දේශයේ දුගියන් වෙත නිකුත් කිරීම අති උතුම්ය. වෙනත් දේශයකට ලබා දීම සුභවාදී නම් හෝ එය අසල්වැසි දේශයක් නම් හෝ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන දේශයක් නම් හෝ එසේ වෙනත් දේශයකට ලබා දිය හැකිය. එමෙන්ම එය තමන් විසින් නිකුත් කරන්නේ නම් වඩාත් උචිතය. තමන් වෙනුවෙන් වෙනත් කෙනෙකු ඒ සඳහා පත් කිරීමට ද අවසරය ඇත.

    ණය මුදලින් zසකාත් නිකුත් කිරීමේ ක්‍රමය.

    1. යමෙකු ධනවතෙකුට ලබා දුන් ණයක් ඇත්නම් එම ණය ඔහු ලබා ගත් පසු ගෙවී ගිය කාලය වෙනුවෙන් zසකාත් නිකුත් කළ යුතු වෙයි. නමුත් මෙහි දී වඩාත් උචිත වන්නේ ණය ලබන්නට පෙරාතුවම zසකාත් ලබා දීමයි. යමෙකු දුප්පතෙකුට හෝ ණය ගෙවීමට අපහසු කෙනෙකුට ණයක් ලබා දී ඇත්නම් එය තමන් සතු කර ගත් පසුව වසරකට පමණක් zසකාත් ලබා දිය යුතු වේ.

    2. යමෙකු විසින් ලබා දුන් ණයක් ණය ගැත්තා විසින් එය පියවීමට නොහැකි විටක සකාත්හි චේතනාවෙන් අතහැර දැමීම සුදුසු නොවේ. වෙනත් කිසිවෙකු විසින් ණයක් ලබා දී ඇත්නම් එය එහි අයිතිකරුට ලබා දෙන තුරු එහි zසකාත් ලබා දීමේ වගකීම ඔහු සතු වෙයි.

    මහර් සකාත් වශයෙන් නිකුත් කිරීමේ ක්‍රමය.

    මහර් යනු කාන්තාවකට විවාහයකදී විවාහ ත්‍යාගයක් වශයෙන් පිරිනැමෙන වස්තුවයි. එය සෙසු වස්තූන් මෙන්මය.

    1. ඇය එය සතු කර ගත් පසු එහි නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ද සම්පූර්ණ වී ඇත්නම් එයින් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් ඇය විසින් නිකුත් කළ යුතු වේ.

    2. කාන්තාවකට ඇයගේ මහරය ණයක ආකාරයෙන් පසු ගෙවුම් කරනු ලබන්නේ නම් එහි දී කරුණු දෙකක් සැලකිල්ලට ගනු ලැබේ.

    ඇයගේ ස්වාමි පුරුෂයා ධනවතෙකු නම් එමෙන්ම තම පොරොන්දු ඉටු කරන්නෙකු නම් පසු ගෙවනු ලබන මහර් හි zසකාත් නිකුත් කිරීම ඇය වෙත අනිවාර්යය වනු ඇත. තම ස්වාමි පුරුෂයා වත්පොහොසත්කමින් අඩු නම් එවිට තම මහර් තමන් සතු කර ගත් පසු එක් වසරකට පමණක් zසකාත් නිකුත් කළ යුතු වේ.

    3. කාන්තාවක් ඇය සතු මහර් ලබා ගත් පසු ඇයගේ ස්වාමි පුරුෂයා අඹුසැමි ඇසුරෙහි නියැළීමට පෙර ඇයව දික්කසාද කළේ නම්, එවිට ලබා ගත් මහ්ර් හි නිසාබ් ප්‍රමාණය ද ලැබ වසරක් ද පූර්ණ වූ විට ඇයට මහර් ප්‍රමාණයෙන් අඩක් සතු වන බැවින් එම මහර් ප්‍රමාණයෙන් අඩක් ගණන් බලා zසකාත් නිකුත් කළ යුතු වේ. තම ස්වාමි පුරුෂයා ලබන අනෙක් කොටසට zසකාත් ලබා දිය යුතු වන්නේ ඔහු විසිනි.

    කෙනෙකුට නිර්ණය නොකරන ලද වස්තුවෙහි නීති රීති.

    කෙනෙකුට නිර්ණය නොකරන ලද වස්තුවක් එය තමන් සතු කරගන්නා තුරු zසකාත් නිකුත් කිරීමක් නැත. එමෙන්ම ඉඩමක කොටසක් හෝ බූදලයක් වැනි තමන්ට ලැබිය යුතු වස්තුවක් ඇති නමුත් එය ලබා ගත් නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් එය ද ඔහු සන්තකයට පත්වන තුරු සකාත් නිකුත් කිරීමක් නැත. තමන් සන්තකයට පත්වුණ පසු එදින සිට එයට නව වසරක් ආරම්භ වන අතර එතැන් පටන් zසකාත් නිකුත් කිරීම ඇරඹේ. හේතුව එය තමන් සතු වීමට පෙර කිසිදු ගනු දෙනුවක් සිදු නොවුනු බැවිනි.

    zසකාත් ලබා නොදෙන්නාට සතු දඬුවම

    1. නිසාබ් ප්‍රමාණය පූර්ණ වන තරමට යමෙකුට වස්තුව ඇත්නම් ඔහු එයින් zසකාත් ලැබිය යුත්තන්ට එය නිකුත් කරීම අනිවාර්යය වේ.

    2. කවරෙකු zසකාත් හි නීති රීති දැන දැනම එහි අනිවාර්යය භාවය ප්‍රතික්ෂේප කරමින් එයින් වැළකී සිටින්නේ ද ඔහු දේව ප්‍රතික්ෂේපකයෙකු බවට පත් වෙයි. ඔහුගෙන් එය ගනු ලැබේ. ඔහු පශ්චාත්තාප වී නොහැරුණේ නම් ඔහුට මරණීය දඬුවම දෙනු ලැබේ. හේතුව ඔහු තම දහම ප්‍රතික්ෂේප කරන්නෙකු වූ බැවිනි. නමුත් ඔහු මසුරුකම හේතුවෙන් එයින් වැළකී සිටින්නේ නම් ඔහු ප්‍රතික්ෂේපකයෙකු නොවේ. ඔහුගෙන් සකාත් ගනු ලැබේ. ඔහුගේ ධනයෙන් කොටසක් ලබා ඔහුට අවවාද කරනු ලැබේ. එසේ zසකාත් නිකුත් නොකිරීම අපරාධයකි. මසුරුකමකි. අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන්ට හිමි ධනය අනුභව කිරීමකි. දුගියන් සතු දෙයකි. එබැවින් zසකාත් නිකුත් කිරීමේ හැකියාව තිබී එය ඉටු නොකරන සෑම කෙනෙකුටම වේදනීය දඬුවම් ඇති බව අල්ලාහ් පොරොන්දු වෙයි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ (34) يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ هَذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ (35)

    34. ඔවුන් රන් හා රිදී අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර පොදි බැඳගත්තවුන්ය. ඔවුනට වේදනීය දඩුවම පිළිබඳව ශුභාරංචි පවසවු.

    35. ඒවා නිරා ගින්නෙහි උණු කරනු ලබනු දින එමගින් ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇක පෙදෙස් මත ද ඔවුන්ගේ පිටවල් මත ද හංවඩු ගසනු ලැබේ. මෙය නුඹලා වෙනුවෙන් නුඹලා පොදි බැඳගත් දෑය. එබැවින් නුඹලා පොඳි බැඳ ගනිමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිවු.

    (සූරා අත්-තව්බා : 34,35)

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آَتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (180)

    180. අල්ලාහ් ඔහුගේ වරප්‍රසාදයෙන් තමන් හට පිරිනැමූ දෑ පිළිබඳව මසුරු වන්නන් එය තමන් හට යහපත් යැයි නොසිතිය යුතුමය. එසේ නොව එය ඔවුනට හානිදායකය. (මළවුන් කෙරෙන්) නැගිටු වනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් කෙරෙහි මසුරු වූයේ ද එය ඔවුන්ගේ ගෙල වටා දමනු ලැබේ. අහස් හි හා මිහිතලයෙහි උරුමයන් අල්ලාහ් සතුය. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය. (අල්-කුර්ආන් 3:180)

    عَنْ أَبِي ذَرٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالَّذِي نَفْسِي بِيَدِهِ أَوْ وَالَّذِي لَا إِلَهَ غَيْرُهُ أَوْ كَمَا حَلَفَ مَا مِنْ رَجُلٍ تَكُونُ لَهُ إِبِلٌ أَوْ بَقَرٌ أَوْ غَنَمٌ لَا يُؤَدِّي حَقَّهَا إِلَّا أُتِيَ بِهَا يَوْمَ الْقِيَامَةِ أَعْظَمَ مَا تَكُونُ وَأَسْمَنَهُ تَطَؤُهُ بِأَخْفَافِهَا وَتَنْطَحُهُ بِقُرُونِهَا كُلَّمَا جَازَتْ أُخْرَاهَا رُدَّتْ عَلَيْهِ أُولَاهَا حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ

    නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරයි.

    මාගේ ආත්මය කවුරුන් සතුවේ ද ඔහු මත දිවුරමින් නැතිනම් නැමදුමට සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවෙකු නොවන අය මත දිවුරමින් - එසේත් නොමැතිනම් යම් කිසි දිවුරුමක් මත දිවුරා - කිසියම් මිනිසෙකුට ඔටුවන් හෝ ගවයින් හෝ එළුවන් තිබී ඒවායෙහි වගකීම ඉටු නොකරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඒවා සිටි තත්ත්වයට වඩා පෘෂ්ටිමත්ව හා විශාලව ගෙන එනු ලබයි. උන් උන්ගේ කුර මගින් ඔහුව පාගා දමා උන්ගේ අං මගින් ඔහුට අනිනු ඇත. උන් හැරී යන සෑම මොහොතකම තවත් කණ්ඩායමක් ගෙන එනු ලැබ මුල් වතාව මෙන්ම ඔහු සමඟ කටයුතු කරයි. මෙසේ ජනයා අතර ඔහු විනිශ්චය කරනු ලබන තෙක් සිදු වනු ඇත. (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

    عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ آتَاهُ اللَّهُ مَالًا فَلَمْ يُؤَدِّ زَكَاتَهُ مُثِّلَ لَهُ مَالُهُ شُجَاعًا أَقْرَعَ لَهُ زَبِيبَتَانِ يُطَوَّقُهُ يَوْمَ الْقِيَامَةِ يَأْخُذُ بِلِهْزِمَتَيْهِ يَعْنِي بِشِدْقَيْهِ يَقُولُ أَنَا مَالُكَ أَنَا كَنْزُكَ ثُمَّ تَلَا هَذِهِ الْآيَةَ

    { وَلَا يَحْسِبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمْ اللَّهُ مِنْ فَضْلِهِ }

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    අල්ලාහ් කවරෙකුට වස්තුව පිරිනමා එහි නියම වූ zසකාතය ඉටු නොකරන්නේ ද ඔහුගේ එම ධනය ඔහු වෙත මුඩු හිසෙහි මිදි ගෙඩි තරම් වූ ඇස්දෙකක් ඇති විෂකුරු දළදෙකක් ඇති නාගයෙකු බවට පත් කරනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ඔහුට එය බරක් වෙයි ඌ ඔහුව උගේ කට තුළ ගිල ගනී. පසුව මෙසේ ප්‍රකාශ කරයි. නුඹේ වස්තුව මම වෙමි තවද නුඹේ බූදලය ද මම වෙමි යැයි පවසා මෙම ආයතය පාරායනා කර පෙන්වූහ.

    وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آَتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (180)

    180. අල්ලාහ් ඔහුගේ වරප්‍රසාදයෙන් තමන් හට පිරිනැමූ දෑ පිළිබඳව මසුරු වන්නන් එය තමන් හට යහපත් යැයි නොසිතිය යුතුමය. එසේ නොව එය ඔවුනට හානිදායකය. (මළවුන් කෙරෙන්) නැගිටු වනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් කෙරෙහි මසුරු වූයේ ද එය ඔවුන්ගේ ගෙල වටා දමනු ලැබේ. අහස් හි හා මිහිතලයෙහි උරුමයන් අල්ලාහ් සතුය. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය. (අල්-කුර්ආන් 3:180)

    (මූලාශ්‍රය : බුහාරි)

    عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا مِنْ صَاحِبِ كَنْزٍ لَا يُؤَدِّي زَكَاتَهُ إِلَّا أُحْمِيَ عَلَيْهِ فِي نَارِ جَهَنَّمَ فَيُجْعَلُ صَفَائِحَ فَيُكْوَى بِهَا جَنْبَاهُ وَجَبِينُهُ حَتَّى يَحْكُمَ اللَّهُ بَيْنَ عِبَادِهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    වස්තුව ඇති කවර හෝ කෙනෙකු එහි සකාතය ඉටු නොකළේ නම් ඔහු වෙත නිරා ගින්නෙහි රත් කරනු ලැබ, පාත්‍රයක් සාදනු ලැබ එමගින් ඔහුගේ ඉණ දෙපස ද ඔහුගේ නළල ද මදිනු ලැබේ. අවුරුදු පනස් දහසක ප්‍රමාණයකින් යුත් දිනක අල්ලාහ් තම ගැත්තන් අතර විනිශ්චය කරන තෙක් මෙසේ සිදුවෙමින් පවතී.

    (මූලාශ්‍රය : මුස්ලිම්l

    5. අමතර සදකාවන්

    අමතර සදකාවන් යනු අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙමින් තම ධනය සෙසු අයට ලබා දී උපකාර කිරීමය.

    සදකාවන් විවිධාකාරය

    ඒවායින් සමහරක් නම් යහපත් වදනින් කතා කිරීම මුදලින් දානමාන කිරීම වැනි දෑ වේ. මෙහි දී සාකච්ඡා කෙරෙන්නේ මුදලින් දානමාන කිරීම පිළිබඳවය.

    සදාකව දහම් ගත කිරීමේ යථාර්ථය.

    මුදල් යහපත් දෑ සඳහා වියදම් කරන මෙන් ද දුබලයින්ට කරුණාව දැක්වීමට දිරිගන්වන මෙන් ද දුගියන් සමඟ සමසේ කටයුතු කරන මෙන් ද තමන් ඉපැයූ දැයින් කොටසක් ඔවුනටත් ලබා දෙන මෙන් ද ඔවුන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන මෙන් ද වියදම් කිරීම උපකාර කිරීම වැනි නබි වරුන්ගේ ගති ලක්ෂණ පිළිපදිමින් යහගුණයෙන් වැඩෙන මෙන් ද ඉස්ලාම් මිනිසාට ඇරයුම් කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ (272)

    (නබිවරයාණනි,) ඔවුන්ව යහමඟ යැවීම නුඹට වගකීමක් නොවෙයි. නමුත් අල්ලාහ් තමා අභිමත කළ අයව යහමඟ යවයි. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද එය නුඹලාටමය. අල්ලාහ්ගේ මුහුණ (තෘප්තිය) අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නොකරන්නෙහුය. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද නුඹලාට එය පූර්ණව යළි ගෙවනු ලැබේ. තවද නුඹලාට අපරාධ සිදු කරනු නොලබන්නෙහුය. (අල්-බකරා: 272)

    සදකාවෙහි නීති රීති

    පුද්ගලයෙකුගේ වියදම හා තමන්ගෙන් යැපෙන්නන්ගේ වියදමට අමතරව යමක් ඇත්නම් සදකා ලබා දීම සුන්නාවකි.

    පොදුවේ සෑම කාලයකම සදකා ලබා දීම සුන්නාවක් වන අතර ඇතැම් මාසයන් හා අවස්ථාවන් වලදී එය වඩා උචිත සුන්නාවක් වෙයි.

    උචිත මාසයන් වනුයේ රමළාන් දුල් හිජ්ජා වැනි විශේෂ මාසයන්ය.

    උචිත අවස්ථාවන් වනුයේ නියගය සාගින්න ආපදා වැනි අවස්ථාවන්ය.

    නිරෝගීව සිටින විට දෙනු ලබන සදකාවට වඩා රෝගාතුරව සිටින විට දෙනු ලබන සදකාව ඉතා උතුම්ය. දුෂ්කරත්වයේ සිටින විට දෙනු ලබන සදකාවට වඩා සැපවත්ව සිටින අවස්ථාවේ දෙනු ලබන සදකාව ඉතා උතුම්ය. එමෙන්ම එය සිදු විය යුත්තේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පමණකි.

    وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا (8) إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا (9)

    9. ඔවුහු (අල්ලාහ් කෙරෙහි වූ ආදරය නිසා) එය (ආහාරය) කෙරෙහි ප්‍රිය මනාපයක් තිබුණ ද දුගියාට ද අනාථයාට ද සිරකරුවාට ද ආහාර සපයති. 10. අප නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ මුහුණ (තෘප්තිය) වෙනුවෙන්මය. නුඹලාගෙන් කිසිදු ප්‍රතිලාභයක් හෝ කිසිදු කෘතඥතාවක් හෝ අපේක්ෂා නොකරන්නෙමු. (අද්-දහ්ර් 76: 8,9)

    විශේෂයෙන් ක්‍රෝධයෙන් පසුවන ඥාතීන්ට සදකා ලබා දීම වඩාත් උතුම් වෙයි.

    සදකා ලබා දීමේ මහිමය

    1. අල්ලාහ් මෙසේ පවසයි.

    الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (274)

    කවරෙකු රාත්‍රියෙහි ද දහවලෙහි ද තමන්ගේ ධනය රහසිගතව හා ප්‍රසිද්ධියේ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නේ ද ඔවුනට තම පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට බියක් නැත. තවද ඔවුහු දුක් වන්නෝ ද නොවෙති. (අල්-බකරා: 274)

    2.

    عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ تَصَدَّقَ بِعَدْلِ تَمْرَةٍ مِنْ كَسْبٍ طَيِّبٍ وَلَا يَقْبَلُ اللَّهُ إِلَّا الطَّيِّبَ وَإِنَّ اللَّهَ يَتَقَبَّلُهَا بِيَمِينِهِ ثُمَّ يُرَبِّيهَا لِصَاحِبِهِ كَمَا يُرَبِّي أَحَدُكُمْ فَلُوَّهُ حَتَّى تَكُونَ مِثْلَ الْجَبَلِ

    අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    අල්ලාහ් පිවිතුරු දෑ මිස වෙන කිසිවක් පිළි නොගනී. එවන් තත්ත්වයක කවරෙකු පිවිතුරු ලෙස උපයාගත් දැයින් රට ඉදි මල්ලක් පරිත්‍යාග කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එය තම දකුණතින් භාර ගෙන පසුව නුඹලා අතුරින් කෙනෙකු තම කඩතොලු ගොඩ ගසනවාක් මෙන් එය කන්දක් තරමට පත් වන තෙක් එහි හිමියාට ගොඩ ගසයි.

    عَنْ جَابِرٍ رضي الله عنه قَالَ : أَعْتَقَ رَجُلٌ مِنْ بَنِي عُذْرَةَ عَبْدًا لَهُ عَنْ دُبُرٍ فَبَلَغَ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَلَكَ مَالٌ غَيْرُهُ فَقَالَ لَا فَقَالَ مَنْ يَشْتَرِيهِ مِنِّي فَاشْتَرَاهُ نُعَيْمُ بْنُ عَبْدِ اللَّهِ الْعَدَوِيُّ بِثَمَانِ مِائَةِ دِرْهَمٍ فَجَاءَ بِهَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَفَعَهَا إِلَيْهِ ثُمَّ قَالَ ابْدَأْ بِنَفْسِكَ فَتَصَدَّقْ عَلَيْهَا فَإِنْ فَضَلَ شَيْءٌ فَلِأَهْلِكَ فَإِنْ فَضَلَ عَنْ أَهْلِكَ شَيْءٌ فَلِذِي قَرَابَتِكَ فَإِنْ فَضَلَ عَنْ ذِي قَرَابَتِكَ شَيْءٌ فَهَكَذَا وَهَكَذَا يَقُولُ فَبَيْنَ يَدَيْكَ وَعَنْ يَمِينِكَ وَعَنْ شِمَالِكَ رواه المسلم

    ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    බනූ උස්රා ගෝත්‍රෙයේ පුද්ගලයෙකු තමන් සතු වහලෙකු තමන්ගේ මරණයෙන් පසු නිදහස් කිරීමට ප්‍රතිඥා දුනි. මේ පිළිබඳව අල්ලාහ්ගේ දූතයාණන්ට දැන ගන්නට ලැබිණ. එවිට එතුමාණෝ ඔබට මේ හැර වෙනත් වස්තුවක් නැත්තේ දැයි විමසූහ. ඔහු නැතැයි පිළිතුරු දුන්නේය. පසුව මගෙන් මොහුව මිලට ගන්නේ කවුරුන්දැයි (ජනයාගෙන්) විමසා සිටියහ. පසුව නුඅයිම් ඉබ්නු අබ්දුල්ලාහ් නමැත්තා දිර්හම් අටසීයයකට ඔහුව මිල දී ගත්තේය. අල්ලාහ්ගේ දූතයාණෝ එය රැගෙන අයිතිකරුට භාර දුන්හ. අනතුරුව මෙසේ ප්‍රකාශ කර සිටියහ. ප්‍රථමයෙන්ම (මෙය වියදම් කිරීමට) ඔබෙන් ආරම්භ කරන්න. පසුව ඒ කෙරෙහි වූ පරිත්‍යාගයේ (වගකීම) ඉටු කරන්න. එයින් යමක් ඉතුරු වූයේ නම් එය ඔබගේ පවුල වෙනුවෙනි. ඔබේ පවුලට ලබා දුන් පසුව ද ඉතිරි වූයේ නම් ඔබගේ ඥාතීන් වෙනුවෙනි. ඔබගේ ඥාතීන් වෙනුවෙන් ලබා දුන් පසුව ද යමක් ඉතිරි වූයේ නම් ඔබ ඉදිරියේ සිටින ඔබ දකුණතින් සිටින ඔබගේ වමතින් සිටින මේ මේ අය වෙනුවෙනි යැයි පවසා සිටියහ. (මුලාශ්‍රය මුස්ලිම්)

    උතුම්ම සදකාවන්

    1. عن ابي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ خَيْرُ الصَّدَقَةِ مَا كَانَ عَنْ ظَهْرِ غِنًى وَابْدَأْ بِمَنْ تَعُولُ (أخرجه البخاري)

    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    උතුම්ම සදකාව (පරිත්‍යාගය) වනුයේ තම අවශ්‍යතාවට අමතරව ඇති දැයින් ලබා දෙන සදකාවයි. එය ඔබ ඥාතීන්ගෙන් ආරම්භ කරන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය බුහාරි)

    2. عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ أَيُّ الصَّدَقَةِ أَفْضَلُ قَالَ جُهْدُ الْمُقِلِّ وَابْدَأْ بِمَنْ تَعُولُ (اخرجه احمد وابو داود)

    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    අල්ලාහ්ගේ දූතයාණනි, කවර සදකාවක් උතුම් වන්නේ දැයි ඔහු විසින් විමසා සිටීය. එයට එතුමාණෝ, සුළු මුදලක් ඇති තත්ත්වයේ කරන පරිත්‍යාගයයි. එය ඔබ ඥාතී වන්නන්ගෙන් ආරම්භ කරන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ.

    කාන්තාවක් ඇයගේ ස්වාමි පුරුෂයාගේ නිවසින් යමක් පරිත්‍යාග කිරීමේ නීති රීති.

    ඇය විසින් ලබා දෙන්නා වූ පරිත්‍යාගය පිළිබඳව තම ස්වාමි පුරුෂයාගේ පිළි ගැනීමක් ඇති බව ඇය දැන ගත්තී නම් එසේ පරිත්‍යාග කිරීමට ඇයට අනුමැතිය ඇත. එවිට ඇයට ලැබෙන කුසලින් අඩක් හිමි වෙයි. නමුත් තම ස්වාමි පුරුෂයා එය පිළි නොගන්නා තත්ත්වයක එසේ පරිත්‍යාග කිරීම හරාම් තහනම් වෙයි.

    තම ස්වාමි පුරුෂයා හෝ තම භාරකරු විසින් පරිත්‍යාගයන් ලබා දීමට අවසර දී ඇත්නම් එවිට ඇය විසින් කරන පරිත්‍යාගය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන කුසල් මෙන් සමාන කුසලක් ඇයට ද ලැබේ.

    මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවියට සකාත් ලබා දීමේ නීති රීති

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට zසකාත් හෝ අමතර සදකාවන් ලබා දීම අනුමත නොවෙයි. එමෙන්ම බනූ හාෂිම් ගෝත්‍රයට හෝ එහි ප්‍රධානීන්ට zසකාත් ලබා දීම අනුමත නොවන අතර ඔවුන් දුගියන් නම් ඔවුනට අමතර සදකාවන් ලබා දීම අනුමත වේ.

    තව්බා නම් පශ්චාත්තාප වන අවස්ථාවේ ලබා දෙන්නා වූ සදකාවේ නීති රීති

    පශ්චාත්තාපයේ නියැළෙන අවස්ථාවේ දී තමන්ට හැකි පමණින් සදකාවක් පිරිනැමීම සතුටු දායකය.

    عَنْ كَعْبِ بْنُ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللَّهِ وَإِلَى رَسُولهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَمْسِكْ عَلَيْكَ بَعْضَ مَالِكَ فَهُوَ خَيْرٌ لَكَ قُلْتُ فَإِنِّي أُمْسِكُ سَهْمِي الَّذِي بِخَيْبَرَ (متفق عليه)

    කඅබ් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ පශ්චාත්තාපය හේතුවෙන් අල්ලාහ් හා ඔහුගේ රසූල් වෙනුවෙන් මාගේ වස්තුවෙන් සදකාවක් මුදා හරින්නදැයි විමසුවෙමි. (එවිට එතුමාණෝ) ඔබේ වස්තුවෙන් සමහරක් ඔබ සමඟ තබාගන්න. එය ඔබට යහපත් වේවි. කයිබර් දින ලැබූ මාගේ කොටස මා සමඟ රඳවා ගත්තෙමියි පැවසීය. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

    දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි zසකාත් පිරිනැමීම.

    ඉස්ලාම් විරෝධී සටන්කාමි දේව ප්‍රතික්ෂේපකයින් හැර සෙසු අය සඳහා සදකාවන් ලබා දිය හැකිය. එය ඔවුන්ගේ හදවත් තුළ ඉස්ලාමය කෙරෙහි ආදරය ඇති වීමටත් ඔවුන්ගේ කුසගින්න නිවා දැමීමට හේතු වෙයි. එමෙන්ම එසේ ලබා දෙන්නාට ද කුසල් හිමි වේ. මිනිසුන් හෝ සතුන් අතුරින් තෙත් වූ හදවත් ඇති කවරෙකුට හෝ වේවා ඒ වෙනුවෙන් කරන (පරිත්‍යාග වෙනුවෙන්) කුසල් ඇත.

    යාචකයාට පරිත්‍යාග කිරීමේ නීති රීති

    යාචකයාට අවශ්‍ය දෑ පිරි නැමීම නබි තුමාණන්ගේ මඟ පෙන්වීමයි. එමෙන්ම එය තමන්ට හැකි පමණින් සුළුවෙන් හෝ එසේ පරිත්‍යාග කිරීම ද සුන්නාහ්වකි.

    عَنْ أُمِّ بُجَيْدٍ رضي الله عنها قَالَتْ: يَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْكَ إِنَّ الْمِسْكِينَ لَيَقُومُ عَلَى بَابِي فَمَا أَجِدُ لَهُ شَيْئًا أُعْطِيهِ إِيَّاهُ فَقَالَ لَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنْ لَمْ تَجِدِي لَهُ شَيْئًا تُعْطِينَهُ إِيَّاهُ إِلَّا ظِلْفًا مُحْرَقًا فَادْفَعِيهِ إِلَيْهِ فِي يَدِهِ (أخرجه ابوا داود والترمذي)

    උම්මු බුජෙයිද් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය අල්ලාහ්ගේ දූතයාණනි, (මට කියා දීම) ඔබ කෙරෙහි වූ වගකීමකි. සැබැවින්ම දුගියෙකු මාගේ දොරකඩ සිටගෙනම සිටියි. ඔහුට මා යමක් පිරිනැමීමට මා සතුව කිසිවක් නොමැත. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ ඇයට මෙසේ ප්‍රකාශ කළහ. ඔහු වෙනුවෙන් (පිරි නැමීමට) පිලිස්සූ කුරයක් හැර වෙන කිසිවක් ඔබ නොලැබුවේ නම් එය වුව ද ඔහුගේ අතට පිරිනමන්න. (මූලාශ්‍රය අබූ දාවූද්, තිර්මිදි)

    කිසිදු අවශ්‍යතාවයකින් තොරව යාචනය කිරීමේ නීති රීති

    1. عَن ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا يَزَالُ الرَّجُلُ يَسْأَلُ النَّاسَ حَتَّى يَأْتِيَ يَوْمَ الْقِيَامَةِ لَيْسَ فِي وَجْهِهِ مُزْعَةُ لَحْمٍ (متفق عليه)

    ඉබ්නු උමර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. පුද්ගලයෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා මිනිසුන්ගෙන් යාචනය කරමින්ම සිටියි. එදින ඔහුගේ මුහුණෙහි කිසිදු මස් කැබැල්ලක් හෝ දැකිය නොහැකි වේ. (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

    2. عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ سَأَلَ النَّاسَ أَمْوَالَهُمْ تَكَثُّرًا فَإِنَّمَا يَسْأَلُ جَمْرًا فَلْيَسْتَقِلَّ أَوْ لِيَسْتَكْثِرْ (اخرجه مسلم)

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. ජනයින්ගෙන් කවරෙකු ඔවුන්ගේ වස්තුවෙන් අධික වශයෙන් ඉල්ලා සිටින්නේ ද ඔහු එසේ අයැද සිටින්නේ ගිනි අඟුරුය. එබැවින් ඔහු එය අඩු කර ගනිත්වා! නැතිනම් වැඩි කර ගනිත්වා.! (මූලාශ්‍රය මුස්ලිම්)

    ඉල්ලා සිටීමට අනුමත අය කවුරුන් ද?

    පාලකයාගෙන් ඉල්ලා සිටීමට අවසර ඇති අතර යම් දුෂ්කරත්වකට මුහුණ පෑ අවස්ථාවක හෝ වසංගතයක් ඇති වූ විටක හෝ යම් ව්‍යසනයක් ඇති වූ විටක හෝ අනතුරුව ඒ සඳහා මුහුණ දීමට තමන්ට අවශ්‍ය වන දෑ නොමැත්තේ නම් එසේ ඉල්ලා සිටීමට අනුමැතිය ඇත. ඒ හැර වෙනත් දෑ වෙනුවෙන් ඉල්ලා සිටීම නීත්‍යනුකූල නොවන්නකි.

    عَنْ سَمُرَةَ رضي الله عنه عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْمَسَائِلُ كُدُوحٌ يَكْدَحُ بِهَا الرَّجُلُ وَجْهَهُ فَمَنْ شَاءَ أَبْقَى عَلَى وَجْهِهِ وَمَنْ شَاءَ تَرَكَ إِلَّا أَنْ يَسْأَلَ الرَّجُلُ ذَا سُلْطَانٍ أَوْ فِي أَمْرٍ لَا يَجِدُ مِنْهُ بُدًّا (أخرجه احمد وابو داود)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    ඉල්ලා සිටීම මිනිසෙකු තම මුහුණ එමගින් පාරා ගන්නා පාරා ගැනීමකි. කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම මුහුණෙහි එය තබා ගනිත්වා! කවරෙකු අභිමත කරන්නේ ද එය අත් හරිත්වා! එසේ නොමැතිනම් මිනිසෙකු පාලකයෙකුගෙන් හෝ අවශ්‍ය කාර්යයක දී හෝ ඉල්ලා සිටිත්වා! (මූලාශ්‍රය අහ්මද් අබූ දාවූද්)

    සදකාවන් අධිකව ලබා දීමේ මහිමය.

    යහපත් කටයුතු වලදී තම වස්තුව අධික වශයෙන් වියදම් කිරීම නබි තුමාණන් පෙන්වා දුන් මඟ වෙයි. එමගින් තම වස්තුව රක්ෂණය වීමටත් එය සංවර්ධනය වීමටත් දුගී දුප්පතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමටත් කුසල් හා තිළිණ වැඩි වීමටත් නබි වරුන්ගේ චරිතා ගුණාංග තමන් තුළ වඩවා ගැනීමටත් හේතු වේ.

    1. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

    مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِئَةُ حَبَّةٍ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ (261)

    අල්ලාහ්ගේ මාර්ගයේ තමන්ගේ සම්පත් වියදම් කරන අයට උපමාව ධාන්‍ය ඇටයක උපමාව වැනිය. එය කරල් හතක් වැඩෙන්නට සලස්වයි. සෑම කරලකම ඇට සියයක් බැගින් ඇත. අල්ලාහ් තමා අභිමත කරන අයට කිහිප ගුණයකින් වැඩි කර දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය සර්වඥය. (අල්-කුර්ආන් 2:261)

    2. عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا مِنْ يَوْمٍ يُصْبِحُ الْعِبَادُ فِيهِ إِلَّا مَلَكَانِ يَنْزِلَانِ فَيَقُولُ أَحَدُهُمَا اللَّهُمَّ أَعْطِ مُنْفِقًا خَلَفًا وَيَقُولُ الْآخَرُ اللَّهُمَّ أَعْطِ مُمْسِكًا تَلَفًا

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    ගැත්තන් අවදි වන සෑම දිනකම මලක්වරුන් දෙදෙනෙකු පහළ වනු මිස නැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු යා අල්ලාහ් වියදම් කරන්නාට පසුවටත් පිරිනමනු මැනව! යැයි ද ඔවුන් දෙදෙනාගෙන් අනෙකා යා අල්ලාහ් වළක්වන්නාට විනාශය පිරිනමනු මැනව!යි ද ප්‍රර්ථනා කරයි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    ආදේශ කරන්නෙකු ඉස්ලාමය වැළද ගත්තේ නම් ඉස්ලාමයට පෙර ඔහු විසින් ලබා දුන් පරිත්‍යාගයන් වලට කුසල් ඇත.

    عَنْ حَكِيمِ بْنِ حِزَامٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَتَحَنَّثُ بِهَا فِي الْجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ وَصِلَةِ رَحِمٍ فَهَلْ فِيهَا مِنْ أَجْرٍ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَسْلَمْتَ عَلَى مَا سَلَفَ مِنْ خَيْرٍ

    හකීබ් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණනි, අඥාන යුගයේ සදකාවන් වහලුන් නිදහස් කිරීම් හා ඥාති සම්බන්ධකම් පවත්වා ගෙන යෑම වැනි මා කරමින් සිටි දෑ පිළිබඳව ඔබ කුමක් සිතන්නෙහි ද? ඒවායෙහි කුසල් තිබේ දැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ යහපත් දැයින් ගෙවී ගිය දෑ පිළිගත් තත්ත්වයෙහි ඔබ ඉස්ලාමය පිළිගත්තෙහිය යැයි ප්‍රකාශ කළහ.

    සදකා ලබා දීමේ විනය.

    1. පිවිතුරු චේතනාවෙන් එනම් අල්ලාහ්ගේ තෘප්තිය බලපොරොත්තුවෙන් පමණක් එය ලබා දීම. පීඩාකාරී අයුරින් ලබා දීම හෝ මූණිච්චාවට හෝ අහංකාර කමින් ලබා දීමෙන් වැළකිය යුතු වේ.

    عنْ عُمَرِ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ عَلَى الْمِنْبَرِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى

    අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව උමර් බින් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    සියලු ක්‍රියාවන්ට කුසල් ලැබෙනුයේ චේතනාවන් අනුවය. සෑම කෙනෙකුටම ඔහු පතන දෑ හිමි වේ. (මූලාශ්‍රය: බුහාරි)

    2. පිවිතුරු ලෙස අනුමත කළ පරිදි උපයා ගත් දැයින් පරිත්‍යාග කිරීම. අල්ලාහ් පිවිතුරු දෑ මිස වෙනෙකක් පිළිනොගනියි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآَخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ (267)

    විශ්වාස කළවුනි, නුඹලා උපයා ගත් යහපත් දැයින් ද මිහිතලයෙන් අප නුඹලාට හට ගැන් වූ දැයින් ද නුඹලා වියදම් කරවු. එයින් අප්‍රසන්න දෑ වියදම් කිරීමට අපේක්ෂා නොකරවු. (එවැනි අප්‍රසන්න දෙයක් නුඹලාට ප්‍රදානය කළ විට) නුඹලා එයට දෑස් පියා ගත් තත්ත්වයෙන් මිස නුඹලා එය පිළිගන්නන් වශයෙන් නොවෙත්. තවද දැනගනිවු. සැබැවින්ම අල්ලාහ් සර්ව සම්පූර්ණය සර්ව ප්‍රශංසාලාභීය. (අල්-කුර්ආන් 2: 267)

    3. වස්තුවෙන් යහපත් හා තමන් ඇලුම් කරන දැයින් සදකා නිකුත් කිරීම

    لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ (92)

    නුඹලා ප්‍රිය කරන දැයින් නුඹලා වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නේමය. යමක් නුඹලා වියදම් කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය. (අල්-කුර්ආන් 3:92)

    4. තමන් පරිත්‍යාග කළ දැයින් අධිකව ලැබිය යුතු යැයි නොසිතීමත් එය දැක පුදුමයට පත්වීමෙන් වැළකී සිටීමත්.

    وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ (6)

    අධිකව ලැබීමේ බලාපොරොත්තුවෙන් උපකාර නොකරවු.

    (අල්-කුර්ආන් 74:6)

    5. කළ පරිත්‍යාගය පිළිබඳව කියාපෑම හෝ එමගින් කෙනෙකුව පීඩනයට පත් කිරීම වැනි සදකාව නිෂ්ඵල කරන දැයින් අවවාදයෙන් සිටීම.

    يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآَخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ (264)

    විශ්වාස කළවුනි, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරමින් (තමන් දානපතියා යැයි සෙසු) ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කරන්නෙකු මෙන් කියාපෑමෙන් හා රිදවීමෙන් නුඹලාගේ සදකාවන් (පරිත්‍යාගයන්) නිෂ්ඵල කර නොගනිවු. ඔහුට උපමාව ගල් පර්වතයක උපමාවක් වැනිය. ඒ මත පස් ඇත. එයට තද වර්ෂාව පතිත වී (පස් ඉවත් වී) මුඩු ගලක් බවට එය අත හැර දමන්නේය. ඔවුන් උපයා ගත් දැයින් කිසිවක් (කිරීම) කෙරෙහි ඔවුහු හැකියාව නොලබති. ප්‍රතික්ෂේප කරන පිරිසට අල්ලාහ් යහමඟ නොපෙන්වන්නේය. (අල්-කුර්ආන් 2: 264)

    6. රහසිගත ලෙසින් පරිත්‍යාගයන් ලබා දීම හා ප්‍රසිද්ධියේ යමක් පරිත්‍යාග කිරීම සුභවාදී සිතන අවස්ථාවක පමණක් එය ප්‍රසිද්ධියේ ලබා දීම.

    إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (271)

    271. සදකාවන් නුඹලා ප්‍රසිද්ධව කරන්නේ නම් එය හොඳය. තවද නුඹලා ඒවා රහසිගතව සඟවා ඒවා දුගියන්ට ලබා දෙන්නේ නම් එය නුඹලාට ඉතා යහපතය. තවද එය නුඹලාගේ සමහර පාපයන්ට නුඹලාට වන්දියක් වනු ඇත. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයා වෙයි. (අල්-කුර්ආන් 2: 271)

    7. සිනාමුසු මුහුණින් පිවිතුරු සිතින් එය ලබා දීම. තමන් කෙරෙහි පැවරුණු අනිවාර්යය වගකීම ඉටු කිරීමෙන් තෘප්තියට පත් වීම.

    عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاكُمْ الْمُصَدِّقُ فَلْيَصْدُرْ عَنْكُمْ وَهُوَ عَنْكُمْ رَاضٍ (اخرجه مسلم)

    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.

    නුඹලා වෙත සදකා ලබා දෙන්නෙකු පැමිණියා නම් ඔහු නුඹලා ගැන තෘත්තියට පත් වූ තත්ත්වයේ නුඹලාට එය නිකුත් කළ යුතු වේ. (මූලාශ්‍රය මුස්ලිම්)

    8. තමන් ජීවත් ව සිටින කාලයේම සදකා නිකුත් කිරීම සඳහා යුහුසුළු වීම. එය නැතිබැරි උදවියට ලබා දීම. මෙහි දී සෙසු අයට වඩා අවශ්‍යතාවන්ගෙන් පෙළෙන ඥාතීන්ට මුල් තැන දීම වැදගත් වේ. එය සදකාවක් පමණක් නොව ඥාතී සම්බන්ධතා ගොඩනැගීමක් ද වෙයි.

    1.

    وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَى أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ (10)

    නුඹලා අතුරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අප නුඹලාට දායාද කළ දැයින් නුඹලා වියදම් කරවු. එ(ම මරණය පැමිණි)විට මාගේ පරමාධිපතියාණනි, සුළු මොහොතකට මාව ප්‍රමාද නොකරන්නේ ද? (එසේ ප්‍රමාද කළේ නම්) මම දන් දී සැදැහැමියන්ගෙන් කෙනෙකු වන්නෙමි යැයි ඔහු පවසයි. (අල්-කුර්ආන් 63:10)

    2.

    وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (75)

    අල්ලාහ්ගේ ලේඛනය පරිදි ලේ ඥාතීන් සමහරුන්ගෙන් තවත් සමහරු සුදුස්සන් වෙති. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානීය. (අල්-කුර්ආන් 7:75)

    වර්ග: