ආත්මය පිරිසිදු කර ගනු පිණිස පිං දහම් කරනු

කෙටි හැඳින්වීම

තමන්ගේ හැකියාවට එකඟව තමා සතු ධනයෙන් යහපත් හේතුන් සඳහා විධිමත් ලෙස වියදම් නොකරන්නෙක් කිසි විටෙක ධර්මිෂ්ඨ භාවය ලබන්නේ නැත.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    ආත්මය පිරිසිදු කර ගනු පිණිස

    පිං දහම් කරනු

    ] සිංහල – Sinhala –[ سنهالي

    සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පත්‍රයෙහි

    2014 මැයිනි මස 24 දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    الصدقة تزكي النفس

    « باللغة السنهالية »

    جريدة عرب نيوس (الأخبار العربية) 24مايو2014م

    ترجمة: جاسم بن دعيان

    2014 - 1435

    ආත්මය පිරිසිදු කර ගනු පිණිස

    පිං දහම් කරනු

    සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පත්‍රයෙහි

    2014 මැයි මස 23 දින පළ වු ලිපිය

    තමන්ගේ හැකියාවට එකඟව තමා සතු ධනයෙන් යහපත් හේතුන් සඳහා විධිමත් ලෙස වියදම් නොකරන්නෙක් කිසි විටෙක ධර්මිෂ්ඨ භාවය ලබන්නේ නැත. අල් කුර්ආනයේ විවිධ අවස්ථාවන් හි පිං සඳහා වියදම් කරන ලෙස සඳහන් කරන ආකාරයට, එය දේව විශ්වාසයේ මූලික අංගයක් බව පැවසිම නිවැරැදි බව පෙනේ. සූරා ආලු ඉම්රාන් හි අල්ලාහ් මෙසේ පවසයි. “ඔබ ප්‍රිය කරන දැයින් (යමක් අල්ලාහ්ගේ මාර්ගයේ) ඔබ අගිදම් කරන තෙක් යහ දැය නොලබන්නෙහුය. ඔබ යම් දැයක් වියදම් කරන්නහුද ඇත්තෙන්ම අල්ලාහු එය දන්නේය.” 3:92

    එමෙන්ම, මෙය හා සමාන නොයෙක් වාක්‍යයන් මගින් පිං සඳහා ධනය වියදම් කිරීමෙන් ආත්මය පිරිසිදු කරන බව පහදා දී ඇත. “ නුඹලාගේ ශක්තියට අනුව සුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සවන් දෙවු. අවනත වවු. තවද ( අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරවු. (එය) නුඹලාට යහපත් වන්නේය. තවද කවරෙකු තමන්ගේ හදවතෙ හි ඇති වන මසුරුකමින් වළක්වනු ලබන්නේ ද, ඔවුහුමය ජය ලද්දෝ. ” 64:16

    “එය (තම ආත්මය) විශෝධනය කළ අය සඵලවත් අයවේ” අල් කුර්ආන් 91:9

    මෙම වාක්‍යයන් සඳහන් කරන අයුරින්, අල්ලාහ් තම වහලුන් ට ඔහුගේ මාර්ගයේ වියදම් කරන ලෙස ආරාධනා කරයි. “බලව! නුඹලා අල්ලාහ් ගේ මාර්ගයෙ හි වියදම් කිරීම පිණිස කැඳවනු ලැබු පිරිසකි.” 47:38

    තාබුක් සටනට ඇතැම් සහාබාවරුන්ට සහභාගි විය නොහැකි වූ විට, රසූල් (සල) තුමාණන් අසතුටට පත්වූ නමුත්, ඔවුන් අවංකව පාපක්‍ෂමාව කළ විට ඔවුන් සමාව දෙනු ලැබුහ. ඇතැම් සහාබාවරුන් තම ධනය පිං සඳහා වියදම් කිරීමට ඉදිරිපත් වූ විට, රසූල් (සල්) තුමාණන් එය ප්‍රතික්‍ෂේප කළහ. එම ධනය භාර ගන්නා ලෙසද එමගින් ඔවුන්ගේ ආත්මය පිරිසිදු කරන ලෙසද පහත සඳහන් කුර්ආන් වාක්‍ය මගින් අල්ලාහ් එතුමාණන්ට අණ කරයි. “ඔවුන් එයින් සුපිරිසිදු කරනු පිණිසත් ඔවුන් (ගේ යහකම්) දියුණු කරනු පිණිසත් ඔවුන්ගේ වස්තුවෙන් සදකාවන් ගනිව්. ඔවුන් උදෙසා දුආ කරව්. සැබැවින්ම නුඹගේ දුආ කිරීම ඔවුනට ශාන්තියෙකි. අල්ලාහ් අසන්නේය, දන්නේය.” කුර්ආන් 9:103

    ඇත්ත වශයෙන් ම ධනය කෙරෙහි තිබෙන තන්හාව අපි මර්ධනය කරන විට, ඒ වෙනුවට මරණයෙන් පසු ජීවිතය වෙතට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නෙමු.

    ධනය සඳහා තිබෙන අපගේ තන්හාව අඩු වීමෙන්, ලෞකික දේ අමතක කර යහ ක්‍රියාවන් කෙරෙහි අපි සිත යොමු කරන හෙයින් මෙම තාවකාලීන ලෞකික ජීවිතය කෙරෙහි ආශාව, සහ ස්ථීරව පවතින මතු ලෝකය කෙරෙහි ආශාව තැබීමෙන් මේවා දෙක අතර සාධාරණ තුලාවක් පිහිටුවනු ලබයි.

    ධනය සහ සම්පත් මෙලොවට අයත් පරීක්ෂණ බව ද, ඒවා යහපත් හේතුන් සඳහා වැය නොකළේ නම් මෙලොව සහ මරණයෙන් මතු ජීවිතයෙහි ආශීර්වාදයක් බවට නොව විශාල බරක් බවට ඒවා පත්වන බව අල් කුර්ආන් පවසයි.

    “ධනය ද දරුවන් ද මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. (ඉතිරිව) පවතින යහකම් නුඹගේ පරමාධිපති අභියස තිළිණයෙන් ඉතා ශ්‍රේෂඨය. තවද අපේක්ෂාවෙන් ද ඉතා ශ්‍රේෂ්ටය.” අල් කුර්ආන් 18:46

    දිළිඳුකම පෙන්වා ෂෙයිතාන් අපට බිය ගන් වන බව අල්ලාහ් පවසයි. එනම්, දානය හෝ පිණට වැය කිරීමට අපි සිතන සෑම අවස්ථාවකම, එ මගින් අපේ බැංකු ශේෂය අඩුවන බවද, මුල්‍යමය පරිහාණියට අප ලක් වන බවද හැඟීම් සිදු කිරීමෙන්, සැබැවින්ම අවශ්‍යතාවක් තිබෙන කෙනෙකුට සහනයක් දීමෙන් අපව වැළකී තබනු අතැ.

    මෙවැනි අවස්ථාවන් හි අල් කුර්ආනයේ වාක්‍ය 2:268 සිහි කර ගත යුතුයි.“ෂයිතාන් දරිද්‍රතාව ගැන ඔබ බිය ගන්වන්නේය. මසුරු කම් කිරීමට ඔබ පොළඹ වන්නේය. අල්ලාහ් ඔහුගෙන් ඔබට ක්‍ෂමා කිරීමද වරප්‍රසාදද තිළිණ දෙන්නේය. අල්ලාහ් සර්ව ව්‍යාපකය. සියල්ල දන්නේය.”

    මෙලොව ජිවිතයේ යහපත් හේතුවක් සඳහා වියදම් කරන ඕනෑම දෙයක් මරණයෙන් පසුව අපට සහනයක් වශයෙන් සහ අපගේ පාපයන් සඳහා ප්‍රායශ්චිත්ත වශයෙන් දැක ගන්නා බව උත්තරීතර අල්ලාහ් අපට තහවුරු කරයි.

    “සලාහ් හි නිරත වවු. සකාත් දෙවු. ඔබම උදෙසා ඔබ පෙරටුව කළ යමු යහකමක් ඇද්ද එබ එහි ඵලවිපාක අල්ලාහ් වෙතින් ලබන්නහුය. ඇත්තෙන්ම අල්ලාහ් ඔ බ කරන දැය දක්නේය.” අල් කුර්ආන් 2:110.

    එපමණක් නොව අති බල සම්පන්න අල්ලාහ් අපි කරන වියදම සඳහා එක් ත්‍යාගයක් පමණක් නොව එය මෙන් 700 ප්‍රමාණයක් දක්වා ද ඔහු කැමති නම් එයටත් වැඩියෙන් ද පිරිනමන බව සහතික කරයි. “අල්ලාහ් ගේ මාර්ගයෙහි ඔවුන්ගේ සම්පත අගිදම් කරන්නවුන්ගේ උපමාව එක එක කරලක සියක් බිජුවට ඇති කරල් සතක් පැළ කළ බිජුවක උපමාවට සමානය. අල්ලාහ් ඔහු සිතු අයට නොයෙක් ආදාරයෙන් වැඩි කරන්නේය. අල්ලාහ් සර්ව ව්‍යාපකය. සියල්ල දන්නේය.” අල් කුර්ආන් 2:261.

    මෙම උපදේශයට සවන් නොදෙන ජනතාවට මතු ලොවේ දඬුවම් දෙන බවද අල්ලාහ් අවවාද කරයි. “විශ්වාස කරන අයවලුනි, මාර්ගඥයන් ගෙන්ද සත්‍යසතවරුන්ගෙන්ද බොහෝ දෙනෙක් මිනිසුන්ගේ ධනය නිෂ්කාරණයේ කන්නෝය. අල්ලාහ්ගේ මාර්ගයෙහි එය අගිදම් නොකරන අය-ඔවුන්ට වේදනීය දඬුවම් ගැන දන් වවු.” අල් කුර්ආන් 9:34.

    මෙහි ඉතා වැදගත් කරුණක් සඳහන් කළ යුතුව තිබේ. එනම් බුද්ධිය යනු අල්ලාහ් විසින් තමා කැමති කෙනෙකුට පිරිනමන ලද ඉතාමත් වටිනා, ගලා උතුරා යන සම්පතක් වන අතර, කෙනෙක් තමාව ශුද්ධ පවිත්‍ර කර ගත් පසුවයි එය ලබා ගන්නා බව අල්ලාහ් ප්‍රකාශ කරයි. “ඔහු සිතු කෙනෙකුට ප්‍රඤාව දෙන්නේය. යමෙක් ප්‍රඥාව දෙනු ලැබුවහොත් ඇත්තෙන්ම, ඔහු ඉතා හොඳ දැය දෙනු ලැබුවෙකි. නුවණැතියන් විනා අන් කිසි කෙනෙක් මෙය මෙනෙහි නොකරන්නාය.” අල් කුර්ආන් 2:269.

    ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට එවන්න.

    [email protected]

    වර්ග: