දුආ මගින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි වේ

කෙටි හැඳින්වීම

1 මුස්ලිම්වරු ඉස්ලාමීය විශ්වාසය සහ අති උතුම් අල්ලාහ් වෙත දෑත් ඔසවා කරන දුආ ප්රවර්ථනාවන් යන දෙක තම ප්රශශ්න වලට විසදුම් දෙන, තමන් සතු බලවත් ආයුධ බව සලකති.
2.දුආ කිරීමෙන් පසු කිසිදු උත්සහයක් නොකර පැත්තකට වී සිටින කෙනෙක් අල්ලාහ්ගේ අසීමිත කරුණාව විහිළුවට භාජනය කරන කෙනෙක් බව සැලකේ.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    දුආ මගින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැක

    ] සිංහල – Sinhala – [ سنهالي

    2014 ජූලි මස 10 වන දින සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    في الدعاء رد البلاء

    « باللغة السنهالية »

    جريدة عرب نيوس في 10يوليو2014م

    ترجمة: جاسم بن دعيان

    2014- 1435

    දුආ මගින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැක

    2014 පෙබරවාරි 21වන දින සවූදි අරාබියේ,

    අරබ් නිවුස් ප්‍රවෘත්ති පත්‍රයේ පළ වූ ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    මනුෂ්‍යයන් වශයෙන් නිතර වෙනස් වන අපගේ මෙලොව ජීවිතයේ සතුට ගෙන දෙන සහ දුකට පත් කරන අවස්ථාවන් බොහෝමයක් තිබේ. නිත්‍ය සතුට හෝ නිත්‍ය දුක යන තත්ත්වය කිසිවෙක් නොදකී. එනම් ජීවිතය ස්වාභාවිකව ම පරීක්ෂණයකි.

    අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි. “ඔබගෙන් කවරෙකු ක්‍රියාවෙන් ඉතා ලක්‍ෂණ දැයි ඔබ පිරික්සනු පිණිස මරණයත් ජීවිතයත් නිර්මාණ කළ ඔහු බලසම්පන්නය, ක්‍ෂමාන්විතය” (67.2)

    ප්‍රිය කරන හා වාසිදායක පරිසරය, අපි කෘතඤයෙන් හා විනීත ව සිටිය යුතු බව අපට බල කරන අතර, අවාසිදායක තත්ත්වය අපට ඉවසීමෙන් සිට අල්ලාහ්ගේ සහය පතන්නට උගන්වයි. දේව ගැතියෙක් වශයෙන්, මෙවැනි සියලු අවස්ථාවන් ම අල්ලාහ්ගේ කැමැත්ත පරිදි සිදු වන අපි අවබෝධ කර ගත යුතුය. අපව පසු කර ගිය දේ අපට සිදු නොවිය යුතු එකක් වන අතර, අපට සිදු වූ දේ අපව පසු කර ගෙන යන එකක් නොවේ. ඉවසීම සමඟම සහය පැමිණෙන අතර, උවදුරෙන් පසු ව සහනය පැමිණෙයි. පහසුතාව පැමිණෙන්නේ අපහසුතාවෙන් පසුවය. (මූලාශ්‍ර තිර්මිදි) අපි කරදරය ට සහ පීඩාව ට පත් වන විට අපගේ දේව විශ්වාසය පරීක්ෂණය ට ලක්වෙයි. මෙම අපහසුතාවය ශාරීරික, චිත්ත වේග, ආර්ථික හෝ මානසික එකක් විය හැක.

    මෙම තත්ත්ව ය පිළිබඳ ව (විශ්වාස කරන අයවලුනි!) බියෙන්ද, ශුද්ධාවෙන්ද, වස්තු, ජීවිත, භෝග හානි කිරීමෙන්ද යන දැයින් සැබැවින්ම, අපි ඔබ පරීක්‍ෂා කරන්නෙමු. ඉවසිලිවන්තයන්ට (ඔබ) ශුභාරංචි දෙනු.” අල් කුර්ආන් 2:155.

    මෙවැනි අවාසිදායක තත්ත්වය ඇතැම් විට පුද්ගලයෙකුට, පවුලකට, සමාජයකට හෝ උම්මා වේ විශාල කොටසකට සිදු විය හැක. වර්තමාන යුගයේ පලස්තීනය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, මියන්මාරයේ සිටින මුස්ලිම් වරුන්ට සිදු වන දේ අපහට දැක ගත හැක. මුස්ලිම්වරු ඉස්ලාමීය විශ්වාසය සහ අති උතුම් අල්ලාහ් වෙත දෑත් ඔසවා කරන දුආ ප්‍රර්ථනාවන් යන දෙක තම ප්‍රශ්න වලට විසදුම් දෙන, තමන් සතු බලවත් ආයුධ බව සලකති. මුස්ලිම්වරු අද මුහුණ දෙන ප්‍රශ්න වලට දුආ නම් ප්‍රාර්ථනා ව සියලු රෝග නිවාරණයක් බව දැන ගත යුතුය. බලවත් පීඩාවට පත් ව සිටින ජනතාවක් දුටු රසූල් (සල්) තුමාණන්, “ඔවුන් සහය පතා අල්ලාහ් වෙත දුආ නොකරන්නේ ඇයි?” දැයි උපදෙස් දුන්හ.

    පීඩාවකට මුහුණ දෙන විට එය විසඳීමට අපේ හැකියාව තුළින් සියලු කටයුතු කර, අවසානයේ චාරිත්‍රයක් වශයෙන් පමණක් දුආ කිරීමට පියවර ගැනීම අපේ ප්‍රහ්නයට මුලික හේතු වේ. එම දුආ වෙහි ප්‍රාණයක් නොමැත. අත් තිර්මිදි වාර්තා කළ හදිසයක කෙනෙකුගේ ඉරණම වෙනස් කිරීමේ අසමසම හැකියාවක් දුආ කිරීමෙහි තිබෙන බව පවසයි.

    අල් කුර්ආන් සඳහන් කරන අයුරින්, සියලුම නබි වරුන් තමා මුහුණ දුන් සතුරු පරිසරය වෙනස් කිරීමට ගත් උත්සාහයේ අවසාන ආයුධයක් වශයෙන් අල්ලාහ් වෙත හැරී දුආ ප්‍රාර්ථනා කළ බව දැක ගත හැක.

    නූහ් නබි (අලෙ) තුමාණන්ගේ සිද්ධිය මෙයට පැහැදිලි නිදසුනක් බව කුර්ආන් පෙන්වා දෙයි. “ඔවුන් ට පෙර වු නූහ්ගේ ජනයා ද අසත්‍යය කළෝය. එමෙන් ම අපගේ ගැත්තාට ද අසත්‍යය කළෝය. තව ද ‘උන්මත්තකයා’ යැයි පැවසුවෝය. තව ද ඔහු පළවා හරිනු ලැබුවෝය. ‘සැබැවින්ම මා (පරාජයට පත් වී) අබිබවා යනු ලැබුවෙමි. එබැවින් මට උපකාර කරනු මැනව.’ යැයි ඔහු තම පරමාධිපතිගෙන් ප්‍රාර්ථනා කළේය. වැගිරෙන (වැසි) ජලයෙන් වූ අහස් දොරටු අපි විවෘත කළෙමු. මිහිතලයේ උල්පත් හටගැන්වීමු. නිර්ණය කරනු ලැබු කරුණු පරිදි ජලය (එකිනෙකට) සන්ධි විය.” අල් කුර්ආන් 54: 9 සිට 12 දක්වා.

    ඉහත සඳහන් වැකි මුල් අරාබි භාෂාවෙන් මවා දක්වන්නේ ඉතාමත් බිහිසුණු දර්ශනයකි. අහසින් සහ පොළොවෙන් වේගයෙන් ගලා බසින ජල ස්කන්ධය මුළු මහ පොළොවම ආවරණය කරයි. නූහ් නබි (අලෙ) තුමාණන්ට අවමන් කළ සියලු දෙනාම එම මහා ජල ප්‍රවාහයට ගිලී ගියහ. මැවුම්කරු වෙත ඇරයුම් කරන වගකීම නිසි ලෙස ඉටු කරන නබි වරු අල්ලාහ්ගේ සහයට හිමිකම් ලබන බව කිව හැක. නබි වරුන්ට පක්ෂ ව අල්ලාහ්ගේ සහය ලබනු පිණිස ඔවුන් කළ ක්‍රියාව දෑත් ඔසවා දුආ ඉල්ලීමයි.

    බද්ර් සටනේ දී, ඉස්ලාමය ට බිහිසුණු තර්ජනයක් එල්ල වු මොහොතේ, මූලික අවිආයුධ පවා නොමැති 313 දෙනෙක් වැනි සුළු මුස්ලිම් පිරිසක්, නවක අවි සන්නද්ධ සතුරන් 1,000 දෙනෙකුට එරෙහිව මුහුණ දුන් මොහොතේ, මුහම්මද් නබි (සල්) තුමාණන් අල්ලාහ්ගේ සහය පතා මුළු රාත්‍රියම යාච්ඤා කරමින් සිටියහ. පසු දින ඉස්ලාමීය ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය උත්තරීතර අල්ලාහ් මුස්ලිම්වරුන්ට පිරිනැමීය.

    මෙය හා සමාන තවත් සිද්ධියක් දෙස බලමු. අමතර භටයින් සහ අවි සමඟ බලවත් කුරුස යුද්ධ හමුදාවේ යුද නැව්, තම රට දෙසට පැමිණෙන බව ආරංචි වු සුල්තාන් සලාහුද් දීන් අය්යූබි, මස්ජිදයට ගොස් මුළු රාත්‍රියම අති උතුම් අල්ලාහ්ගේ සහය පතා නැමදුමෙහි නිරත විය. පසු දින පාන්දර, බැතිමත් කෙනෙකු අමතා “සතුරන්ගේ බලවත් හමුදාව ගෙන ආ නැව් රටේ ඉවුරෙන් ඉවත් වන ලෙස යාච්ඤා කරනු මැනව.“ යැයි කීහ. එවිට “සලාහුද් දීන්! බිය නොවනු. ඊයේ රාත්‍රි ඔබ සැළු කඳුළේ සතුරන්ගේ නැව් ගිලිහී අවසානයි.“ යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. සතුරන්ගේ නැව් ගිලිහී ගිය බව සුබාරංචිය සුළු වේලාවකට පසු ව ඔහුට ලැබුණි.

    “දුආ යනු විශ්වාසීන්ගේ අයුධයකි” යැයි ඇතැම් විද්වතුන් පවසන්නේ දුආ වෙහි තිබෙන බලය නිසාය.

    තවත් හදීසයක “දුආ යනු නැමදුමෙහි හරය” වේ යැයි සඳහන් වේ. මූලාශ්‍රය මුස්නද් අහ්මද් සහ තිර්මිදි.

    සුනන් අබු දාවුද් මූලාශ්‍රිත හදිසයක “දුආ යනු නැමදුම වේ” යැයි සඳහන් වේ. ඉහත සඳහන් හදීස් වදන් පිළිබඳ ව, ඕනෑකමින් සිතා බලන කෙනෙක් ඒවා ඉතා පැහැදිලි, නිශ්චිත,ඒකාන්ත වදන් බව අවබෝධ කර ගනී. එසේ නම් නැමදමුමෙහි හරය සහ නැමදුම යැයි හැඳින් වන දුආ නම් ප්‍රාර්ථනාවට අපි අවධානය යොමු නොකිරීමට හේතුව කුමක් ද?

    මෙයට හේතුව, අනිකුත් නැමදුම් ක්‍රියාවන් හා සසඳා බලන විට, කාලය, ස්ථානය, භාෂාව හා කායික පරිශ්‍රමයෙන් අඩු, බාහිර පෙනුමෙන් වෙහෙසී මෙන් එය අඩු ප්‍රමාණයේ ක්‍රියාවක් ලෙස අපි සලකන නිසාය. දුආ පිළිගනු ලැබීම සඳහා ඉතා සුදුසු හා කාලෝචිත අවස්ථාවන් තිබෙන බව සඳහන් වන නමුත් දුආ කිරීම සඳහා සීමාවක් හෝ නියමාවලි කිසිවක් නැත. ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක, ඕනෑම භාෂාවෙන්, ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවක් හෝ ජූනූබ් තත්ත්වයේ සිටින කෙනෙකුට පවා දුආ කිරීමට හැකිය.

    දාසයා හා පරමාධිපති අතර තිබෙන සම්පූර්ණ බැඳීමේ ප්‍රකාශය දුආ වේ. හොඳ හෝ නරක, සතුට හෝ දුක, වාසි හෝ අවාසිය, ධනය හෝ දරිත්‍රතාව වැනි සෑම මොහොතෙහි ම කෙනෙක් සම්පූර්ණ යෙන් ම අල්ලාහ්ගෙන් පමණක් යැපීම ද, සියලු දේ උත්තරීතර අල්ලාහ් ගේ‍ පාලනයට යටත් බව ද, නිමාවක් නැති වටිනා වස්තු වල යතුර අල්ලාහ් ට හිමි බව ද විශ්වාස කිරීම දුආවේ පදනම වේ.

    දාසයා වන මිනිසා ඔහුගේ පරමාධිපති හා සම්බන්ධ කරන ක්‍රියාව දුආ වේ. යාචකයෙක් තම දෑත් ඔසවා ඉල්ලන්නා සේ දාසයා තම දෑත ඔසවයි. “ජනයිනි!නුඹලා අල්ලාහ් වෙත අවශ්‍යතාවන් ඇත්තන්ය. තවද අල්ලාහ්, ඔහු සර්ව සම්පූර්ණ ඉසුරුමත්ය, සර්ව ප්‍රශංසාලාභී වන්නේය.” යනුවෙන් අල් කුර්ආන් ප්‍රකාශ කරයි.

    සම්පූර්ණ යටහත් කමින්, මුළු හදවතින්, තම මැවුම් කාරයා, පෝෂණය කරන්නා හා රැක ගන්නා වන අල්ලාහ් වෙත සම්පූර්ණ බලාපොරොත්තු ව සහිතව ඉදිරිපත් වන දාසයා අල්ලාහ්ගේ කාරුණික දෘෂ්ටිය ඇද ගන්නා අතර, තම දාසයා ව හිස් අතින් පලවා හරින්නට අල්ලාහ් ලජ්ජා වන බව නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර තිර්මිදි, අහ්මද්, අබු දාවූද්.

    තමා වෙත පැමිණෙන දරුවා, ඔහු කෙතරම් අකීකරු වුවත්, හිස් අතින් හරවා යැවීම මවකගේ ස්වාභාවයට නොගැළපේ. එසේ නම් අති කාරුණික හා සියලු මව්වරුන් සිත් තුළ කරුණාව මැවු අල්ලාහ් තම දාසයා හිස් අතින් හරවා යවන්නේ කෙසේද? තම දාසයා ප්‍රාර්ථනා නොකළ විට කෝපයට පත් වන අල්ලාහ්, එම දාසයා තමාගෙන් යාච්ඤා කරන විට සතුටු නොවන්නේ කෙසේද?

    දිගින් දිගට අල්ලාහ් වෙතට හැරි යාච්ඤා කිරීම අල්ලාහ් කෙරෙහි දාසයා තුළ ස්ථාපිත වූ ස්ථීර විශ්වාසයේ සලකුණක් වන අතර, දාසයා වැඩි වැඩියෙන් යාච්ඤා කරන ප්‍රමාණයට ඔහුගේ දේව විශ්වසාය අධික වේ. දුආ යනු තමා කැමති භාෂාවෙන් තම මැවුම් කරු සමඟ තම සිත් තුළ දාසයා කරන සම්භාෂණයයි. දුආ යනු, තම අවශ්‍යතා ලෞකික දේ එය කෙතරම් අල්ප වුවත් හෝ සුවිශේෂ හෝ යුද පිටියේ බලවත් සතුරු උවදුර මැද හෝ උත්තරීතර අල්ලාහ් ට කන්නලව් කිරීම යැයි නබි (සල්) තුමාණන් පැවසු බව තිර්මිදි වාර්තා කරයි.

    ඉස්ලාමීය ශබ්ද මාලාවේ, “ඉටු කළ නොහැක”, “අත්පත් කර ගත නොහැක”, “ජය ගත නොහැක” යන වචන නොමැත. දුආ කිරීම පහසු වාතාවරණයක සිත් පිනවන, නිහතමානී භාවය උපදවන ක්‍රියාවක් වන අතර, අපගේ අපහසු අවස්ථාවන් හි අපගේ දුආ පිළි ගනු ලැබීම ගැන ආරක්ෂණය දෙන බව රසූල් (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර අත් තිර්මිදි.

    දුආ කිරීමෙන් පසු කිසිදු උත්සහයක් නොකර පැත්තකට වී සිටින කෙනෙක් අල්ලාහ්ගේ අසීමිත කරුණාව විහිළුවට භාජනය කරන කෙනෙක් බව සැලකේ.

    ඔබේ අදහස් අපට දන්වන්න.

    [email protected]

    වර්ග: