දැනමු ආගමේ අත්ය වශ්යيම අංගයකි

කෙටි හැඳින්වීම

දැනුම සහිත විද්වතුන් නබි වරුන් ගේ උරුමක්කාරයන් වන අතර, නබි වරුන් දීනාර් හෝ දිර්හම් තම උරුමකරුවන් ට ඉතිරි කර නොගිය නමුත්, උරුමයක් වශයෙන් දැනුම ඉතිරි කර ගිය බවද, කවරෙක් දැනුම ලබා ගත්තේ ද, ඔහු උරුමයෙන් විශාල කොටසක් ලබා ගත් බව ද නබි (සල්) තුමාණන් වදාළහ.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    දැනමු ආගමේ අත්‍යවශ්‍යම අංගයකි

    ] සිංහල – Sinhala –[ سنهالي

    ෂෙයික් ඉබ්‍රාහිම් අල් තුවෙයිජිරි

    සවූදි අරාබියේ 2014 දෙසැම්බර් 12 වන දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2015 - 1436

    العلم أمر أساسي في الدين

    « باللغة السنهالية »

    الشيخ إبراهيم التويجري

    ترجمة: جاسم بن دعيان

    2015 - 1436

    දැනමු ආගමේ අත්‍යවශ්‍යම අංගයකි

    ෂෙයික් ඉබ්‍රාහිම් අල් තුවෙයිජිරි

    සවුදි අරාබියේ අරබ් නිවුස් පුවත් පත්‍ර යේ 2014 දෙසැම්බර් 12 වන දින පළ වු ලිපිය

    සිංහල බසට

    ජාසිම් ඉබ්නු දඉයාන්

    මිනිසා ව මැවු අල්ලාහ් දැනුම ලබා ගැනීම පිණිස ඔහු ට ශ්‍රවණය කිරීම, දෘෂ්ටිය සහ ප්‍රඥාව වැනි අවශ්‍ය උපකරණ සලසා දී ඇත. මේ බව අල්ලාහ් පවසන්නේ මෙසේ ය.

    وَاللَّـهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٧٨﴾

    “නුඹලා කිසිවක් නොදැන සිටිය දි නුඹලා ගේ මව්වරුන් ගේ කුසෙන් අල්ලාහ් නුඹලා ව පිට කළේය. තව ද නුඹලා කෘතඥ වනු පිණිස නුඹලා ට ශ්‍රවණය ද දෘෂ්ටිය ද හදවත් ද ඔහු ඇති කළේය.” අල් කුර්ආන් 16: 78.

    ඉස්ලාම් යනු දැනුම් හා සම්බන්ධ දහමකි. අල් කුර්ආනයේ පහළ වු ප්‍රථම වාක්‍යය දැනුම ලැබීම සඳහා අවශ්‍ය දොරටුව වන කියවීම ගැන මිනිසා ට අණ කරයි.”

    اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ ﴿١﴾ خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ ﴿٢﴾اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ ﴿٣﴾ الَّذِي عَلَّمَ بِالْقَلَمِ ﴿٤﴾ عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ ﴿٥﴾

    “නිර්මාණය කළා වු නුඹ ගේ පරමාධිපති ගේ නාමයෙන් හදාරනු. ඔහු මිනිසා ඝන ලේ කැටියකින් නිර්මාණය කළේ ය. හදාරනු, නුඹගේ පරමාධිපති උදාරය. ලේඛනියෙන් උගැන්නුවා වු ඔහු. ඔහු නොදන්නා දැය ඔහුට උගැන්නේ වේය.” 96:1 සිට 5 දක්වා වාක්‍ය.

    ඉස්ලාම් හී ක්‍රියාව ට පෙර දැනුම ප්‍රමුඛ ස්ථානය ගන්නා අතර, දැනුම නොමැති විට එහි ක්‍රියාවක් සිදු විය නොහැක.

    فَاعْلَمْ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا اللَّـهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗوَاللَّـهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ ﴿١٩﴾

    “එබැවින්, සැබැවින්ම අල්ලාහ් හැර අන් දෙවිඳෙකු නොමැති බව දැන ගනිවු. නුඹ ගේ ද විශ්වාස වන්තයින් ගේ ද විශ්වාස වන්තියන් ගේ ද පාපයන් සඳහා පාප ක්‍ෂමාව අයදිනු.” යනුවෙන් අල් කුර්ආන් 47:19 වැකියෙන් අල්ලාහ් පවසයි.

    දැනුම විරහිත ව කථා කිරීම පිළිබඳ ව සෑම මුස්ලිම් වරයෙකුට ම අල්ලාහ් අවවාද කරයි.

    وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَـٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا ﴿٣٦﴾

    “නුඹට කවර දෙයක් පිළිබඳ ව දැනුම නොමැත්තේ ද එවන් දෑ හි රැඳී නොසිටිවු. සැබැවින් ම ශ්‍රවණය, දෘෂ්ටිය හා හදවත යන මේවා සියල්ල ඒ ගැන ප්‍රශ්න කරනු ලබන දෑ වන්නේය.” සූරා බනු ඉස්රායීල් 17:36.

    දැනුම සහ දැනුම ලත් විද්වතුන් ගේ තත්ත්වය තහවුරු කරමින් අල්ලාහ් ගේ ඒකිය භාවය ට සාක්ෂි දරණ ලෙස අල් කුර්ආන් ආරාධනා කරයි.

    شَهِدَ اللَّـهُ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿١٨﴾

    “අල්ලාහ් හැර (අන්) දෙවියෙක් නැතැයි අල්ලාහු ද මලාඉකාවරුන් ද ස්ථීර වූ දැනුම ඇත්තෝ ද සාක්ෂි දරති. ඔහු (නිතර) යුක්ති සහගත ව ඔහුගේ මැවීම් නඩත්තු කරයි. ඔහු හැර (අන්) දෙවියෙක් නැත. ඔහු බලසම්පන්නය. නුවණැතිය.” සූරා 3:18

    අල්ලාහ් ගේ සංඥාවන් සහ ඔහුගේ මැවීම් ගැන දැන ගැනීමෙන් අල්ලාහ් පිළිබඳ දැනුම සහ බිය බැතිමත්කම ලබා ගත හැකි වේ. මේවා ගැන අවබෝධ කර ගත් අය දැනුම ලත් පිරිසක් බව ට පත් වන අතර, ඔවුන් පිළිබඳ ව අල්ලාහ් පැසසුම් කරයි.

    ۗ إِنَّمَا يَخْشَى اللَّـهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ ۗ إِنَّ اللَّـهَ عَزِيزٌ غَفُورٌ ﴿٢٨﴾

    “ඇත්තැන්ම, අල්ලාහ් ට ඔහු ගේ ගැත්තන් අතරින් බිය වන්නේ ආලිම් වරුන් (දැනුම ඇත්තන්)මය. සැබැවින් ම අල්ලාහ් අති බල සම්පන්නය අති ක්‍ෂමා ශීලිය.“ සූරා 35:28.

    දැනුම ලත් විද්වතුන් ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨතම ස්ථානයක් උසුලන අතර, එම ස්ථානය මෙලොවෙ හි සහ මරණයෙන් මතු ලොවෙහි අන් අය දරන ස්ථානය ට වඩා බොහෝ උසස් ය.

    وَإِذَا قِيلَ انشُزُوا فَانشُزُوا يَرْفَعِ اللَّـهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ ۚ وَاللَّـهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ﴿١١﴾

    “නුඹලා අතරින් විශ්වාස කළවුන් ට ද දැනුම දෙනු ලැබුවන්ට ද අල්ලාහ් තරාතිරම් උසස් කරන්නේය.” සූරා 58:11

    දැනුමෙ හි ඇති වැදගත්කම නිසා රසුල් (සල්) වරයා ට එය අධිකව වර්ධනය කර ගන්නා ලෙස අල්ලාහ් අණ කළේය.

    وَقُل رَّبِّ زِدْنِي عِلْمًا ﴿١١٤﴾

    “තවද, මාගේ පරමාධියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනවයි, පවසා සිටිවු.” සූරා 20:114.

    දැනුම ලත් විද්වතුන් ගැන අල්ලාහ් ප්‍රශංසා කරන්නේ මේ අයුරින් ය.

    قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ ﴿٩﴾

    “දැනුම ඇත්තන් සහ දැනුම නැත්තන් සමානවන්නේ දැ? යි (නබිවරයාණනි!) පවසවු. සැබැවින්ම මෙනෙහි කරන්නේ අවබෝධ ඇත්තන්මය.” සූරා 39:9

    ජනතාව අතරින් ශීඝ්‍රයෙන් සත්‍ය අවබෝධ කර ගෙන එය විශ්වාස කරන්නේ දැනුම ඇත්තන් ය.

    وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ ۗ وَإِنَّ اللَّـهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ﴿٥٤﴾

    “තවද ඥානය දෙනු ලැබුවන් සැබැවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වු සත්‍යයක් බව දැන එය විහ්වාස කර, ඔවුන් ගේ හදවත් ඔහුට යටහත් වනු පිණිස ද වේ. තවද, සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන් ට සෘජු මාර්ගය වෙත මඟ පෙන්වන්නේය.” සූරා 22:54.

    දැනුම සොයන ලෙස ඉස්ලාම් අපට අණ කරයි. නබි (සල්) තුමාණන් ද දැනුම සෙවීම සෑම මුස්ලිම් වරයෙකු ගේ ම අනිවාර්‍ය ක්‍රියාවක් බව ද අහසේ තිබෙන සියලු ග්‍රහයන්ට වඩා සඳ ශ්‍රේෂ්ඨ වන්නා මෙන් දැනුම සහිත කෙනෙක් දැනුම විරහිත කෙනෙකු ට වඩා ශ්‍රේෂ්ඨවන්තයා බව ද ප්‍රකාශ කළහ.

    දැනුම සහිත විද්වතුන් නබි වරුන් ගේ උරුමක්කාරයන් වන අතර, නබි වරුන් දීනාර් හෝ දිර්හම් තම උරුමකරුවන් ට ඉතිරි කර නොගිය නමුත්, උරුමයක් වශයෙන් දැනුම ඉතිරි කර ගිය බවද, කවරෙක් දැනුම ලබා ගත්තේ ද, ඔහු උරුමයෙන් විශාල කොටසක් ලබා ගත් බව ද නබි (සල්) තුමාණන් වදාළහ. තවද, දැනුම සෙවීම ස්වර්ගය ට මාර්ග සෙවීමක් බවද ප්‍රකාශ කළහ. “කවරෙක් හෝ දැනුම සෙවීමේ මාර්ගයේ ගමන් කරන්නේද, අල්ලාහ් ඔහු ට ස්වර්ගයේ මාර්ගය පහසු කරයි.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර සහීහ් අල් බුහාරි කිතාබ් අල් ඉල්ම් 10. සියලු ඵලදායි දැනුම ඉගෙන ගන්නා ලෙස ඉස්ලාම් අප ට ඇරයුම් කරයි. දැනුමේ විවිධ තරාතිරම් තිබෙන අතර, ඒවා සියල්ල අතර ශරීආ පිළිබඳ දැනම උසස් ස්ථානය ගනී. ඉන් පසුව වෛද්‍ය විද්‍යාව ද, පසුව අනිකුත් දැනුම ද අයත් වේ.

    දැනුමෙහි සියලු අංශ අතර ශරීආ පිළිබඳ දැනුම උසස් වන අතර, එය ඉගෙන ගන්නා කෙනෙක්, තම පරමාධිපති ගැන ද, ඔහු ගේ නබි වරුන් ගැන ද, තම දහම ගැන ද දැනුම ලබා ගනී. මෙම දැනුම තම නබි (සල්) තුමාණන් ට ලබා දී එතුමා ට ගෞරවය හිමි කළ අල්ලාහ්, එතුමා ගේ මාර්ගයෙන් මනුෂ්‍ය වර්ගයා ට දැනුම ලැබෙන්න ට සැලසුම් කළේය.

    لَقَدْ مَنَّ اللَّـهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ ﴿١٦٤﴾

    “අල්ලාහ්, ඔහු ගේ ආයාවන් ඔවුන් ට හදාරවන්නා වූ ද, ඔවුන් පවිත්‍ර කරන්නාවූ ද, ඔවුන් ට පුස්තකය (අල් කුර්ආනය) උගන්වන්නාවූ ද, රසූල් වරයෙකු ඔවුන් ගේ පෙළපතින් ඔවුන් වෙත පහළ කළ කල් හී, ඇත්තෙන් ම, අල්ලාහ් විශ්වාස කරන අයවලුන් ට උදව් කළේය. මෙය ට පෙර ඔවුහු ප්‍රකට දුර්මාර්ගයෙහි වුහ.” සූරා ආල ඉම්රාන් 3:164.

    “කෙනෙකු ට අල්ලාහ් යහපතක් සිදුකරන්න ට සිතන්නේ නම්, දහම පිළිබඳ ව එම තැනැත්තා ට අවබෝධ ය වැඩි කරයි.” යනුවෙන් රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර බුහාරි 69.

    අල් කුර්ආනය ට සිත යොමු කිරීම, එය ඉගෙන ගැනීම සහ අන් අය ට ඉගෙන් වීම යන ක්‍රියාව සම්බන්ධ ව “අල් කුර්ආනය ඉගෙන ගෙන එය අන් අය ට උගන්වන කෙනෙක් ඔබ අතර උසස් කෙනෙකි.” යැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. මූලාශ්‍ර අල් බුහාරි 4639.

    හැසිරීමෙන් සනාථ නොකරන දැනුමෙන් හෝ ක්‍රියාවෙන් සනාථ නොකරන වදන් වලින් කිසිදු යහපත්කමක් නැත.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ ﴿٢﴾ كَبُرَ مَقْتًا عِندَ اللَّـهِ أَن تَقُولُوا مَا لَا تَفْعَلُونَ ﴿٣﴾

    “විශ්වාස කළවුනි! නුඹලා නොකරන දැයක් පවසන්නේ මන්ද? නුඹලා නොකරන දැයක් පැවසීම අල්ලාහ් අබියස ඉමහත් පිළිකුලක් වේ.” සූරා අස් සෆ් 61: 2,3.

    මුස්ලිම් උම්මා ව (සමාජය) ට සෑම කාලයකම සෑම ස්ථානයකම දැනුම සහිත විද්වතුන් අවශ්‍ය වේ. දැනුම සහ විද්වතුන් නොමැති ජාතියක් මිත්‍යා අදහස් සහිත ව ජීවත් වන අතර එම ජාතිය අන්ධකාරයේ ගිලිහී යන අනතුරක් තිබේ. කවරෙකු හෝ දැනුම සඟවා තබා උම්මාව ට (සමාජය ට) දැනුම අහිමි කළේ නම්, එම පාපය පිළිබඳ ව ඔහු පශ්චාතාපය නොවුයේ නම් යළි නැගිටින දිනයේ අල්ලාහ් ඔහු ට ගින්නෙන් නිර්මාණය වු කටකලියාවක් සවි කරන අතර, සියලු දෙනාගේම ශාපය ට ඔහු භාජනය වෙයි.

    إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَـٰئِكَ يَلْعَنُهُمُ اللَّـهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ ﴿١٥٩﴾ إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَـٰئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ ﴿١٦٠﴾

    “සන්මාර්ගය ද, පැහැදිලි ආයාවන් ද, අප පහළ කර, එය මිනිසුන් ට පුස්තකයෙ (තව්රාත්) හි පැහැදිලි කළ පසුව ද එය සඟවන ඔවුන් ට ඇත්තෙන්ම, අල්ලාහ් ශාප කරන්නේය. ශාප කරන (අන්) අයද ඔවුන් ට ශාප කරන්නේය. පසුතැවිලි වුවන් ද, කළ වරදින් මිදී හැඩ ගැසුණුවන් ද සත්‍යය එළිදරව් කළ වුන්ද හැර (අන් අයට - එනම් දුර්මාර්ගය කරා ගමන් කළ අයට) අල්ලාහ් ශාප කෙළේය. ඉඳින් මොවුන් ගැන නම් මොවුන් ගේ පසුතැවිලි වීම මම (වැඩි වැඩියෙන්) භාර ගන්නෙමි. පරම දයාලු වෙමි.” සූරා බකරා 2:159,160.

    දැනුම ලැබීම විශාල තිළිණයක් ගෙන දෙයි. යහ ක්‍රියාව සඳහා මඟ පෙන්වන්නෙක් යහ ක්‍රියාව ඉටු කළ කෙනෙක් මෙනි. දැනුම සහිත කෙනෙක් මරණය ට පත් වූ විට, අල්ලාහ් අබියස ඔහුගේ ත්‍යාගය මරණය ට ලක්වන්නේ (අවසන් වන්නේ) නැත. ඒ වෙනුවට, ජනතාව එම දැනුම මගින් ප්‍රයෝජන ලබන තාක් ඔහු ගේ ත්‍යාගය දිගින් දිගට ම වැඩි වනු ඇත. “කෙනෙක් මරණය ට පත් වන විට, ඔහු ගේ ක්‍රියා තුනක් හැර අන් ක්‍රියා සියල්ල ඇණ හිටිනු ඇත. ඒවා නම්, ඔහු ගේ කුසල් කටයුතු, යහපතක් සඳහා ඔහු ලබා දුන් දැනුම, සහ ඔහු සඳහා දුආ ප්‍රාර්ථනා කරන ඔහුගේ දරුවෙක්.” යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.

    විද්වතෙක් තම දැනුම ජනතාව අතර පැතිරෙන්න ට කටයුතු කරන විට, එය අනුගමනය කරන සියලු දෙනාගේ කුසල හා සමාන ව ඔහු ත්‍යාග දෙනු ලබන්නේය.

    කවරෙකු හෝ ජනතාව ට යහ මාර්ගය කෙරෙහි ආරාධනා කරන්නේ නම්, ඔහු ව අනුගමනය කරන සියලු දෙනා ගේ ත්‍යාගය ඔහුට ද ලැබෙන අතර, අනුගාමිකයන් ගේ ත්‍යාගයෙන් කිසිවක් අඩු කරනු ලබන්නේ නැත. (ඒ ආකාරයෙන් ම) කවරෙකු හෝ ජනතාව නොමඟ වෙත ට ආරාධනා කරන්නේ නම්, ඔහු ව අනුගමනය කරන සියලු දෙනා ගේ පාපයේ බර ඔහුට ද පවරනු ලබන අතර, අනුගාමිකයන් ගේ පාපයෙන් කිසිවක් අඩු කරනු ලබන්නේ නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. මූලාශ්‍ර මුස්ලිම් 2674.

    නිසි ආකාරයෙන් ඉස්ලාමය අවබෝධය කර ගැනීම, උසස් ගෞරවය ලැබීම පිණිස මුස්ලිම් වරයෙකු ට අවශ්‍ය උසස්තම යහපත් ගුණාංගයක් වේ. “අල්ලාහ්, කෙනෙකුට අල් කුර්ආන් (පිළිබඳ දැනුම) ලබා දී. ඔහු එය රාත්‍රි හා දහවල් පාරායන කරයි. අල්ලාහ් තවත් කෙනෙකුට ධනය ලබා දී, ඔහු (යහ ක්‍රියාවන් සඳහා) එය රාත්‍රි හා දහවල් වියදම් කරයි. මේ මිනිසුන් දෙදෙනා කෙරෙහි මිස අන් කිසිවෙකු ට එරෙහිව (හසද්) ඊර්ෂ්‍යාවක් තිබිය නොයුතුය.” යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. එනම් තමන් ද ඒ ආකාරයෙන් කුසල් සෙවිය යුතු යැයි කෙනෙක් ආශා කළ යුතුයි.

    මේවා සියල්ල පෙන්වන්නේ විශේෂ කරුණක් ගැන යි. එනම් ඉස්ලාමයේ අන්ධ භක්තිය ට ඉඩ නැත යන්නයි.

    නිමි.

    ඔබ ගේ අගනා අදහස් අප ට දනවන්න.

    [email protected]

    ඔබගේ වටිනා අදහස්