පුනරුත්පත්ති විශ්වාසය හා බුදුන්ගේ ධර්මය

සංස්කරණය : අබූ ෆාතිමා

විචාරය කිරීම: මුහම්මද් අසාද් බී.ඒ.

කෙටි හැඳින්වීම

මෙහි උපුටා දක්වා ඇත්තේ සරසවි ප්රරකාශකයින්ගේ “හේතුවාදී සංදේශය” නමැති ග්ර න්ථයේ පළ කොට තිබු ලිපියකි. විවෘත මනසකින් මෙම ලිපිය වෙත අවධානය යොමු කරන්නට කාරුණික ව ආරාධනා කරන්නෙමු. එ සමඟ කුර්ආන් ප්රිකාශ කරන ආගම නිදහස පිළිබඳ වැකි දෙස බලන මෙන් ආරාධනා කරමි.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

“පුනරුත්පත්ති විශ්වාසය හා බුදුන්ගේ ධර්මය"

عقيدة تناسخ الأرواح

والديانة البوذية

සකස් කළේඅබු ෆාතිමා පුර්විකාව

පහතින් උපුටා දක්වා ඇත්තේ සරසවි ප්රකාශකයින්ගේ “හේතුවාදී සංදේශය" නමැති ග්රන්ථයේ පළ කොට තිබු ලිපියකි. මෙවන් ලිපි පළකරන්න ට කටයුතු කරන්නේ දහම් අපහාසයට ලක් කිරීමේ අරමුණින් නොවන බව ඉතා වගකීමකින් යුක්ත ව අවධාරණය කර සිටින්නෙමු. අල් කුර්ආනය මගින් විශ්වයේ අධිපති දෙවිඳුන් විසින් ලබා දී ඇති දිව්යමය මාර්ගෝපදේශය අනුව කිසිදු දහමකට අපහාස කිරීම ඉස්ලාමිකයෙකුට තහනම් ක්රියාවකි.

وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّـهِ فَيَسُبُّوا اللَّـهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗكَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُوا يَعْمَلُونَ ﴿١٠٨1086 :

(විශ්වාසවන්තයිනි) අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේ ද එයට නුඹලා අපහාස නොකරවූ." (අල් කුර්ආන් 6 : 108)

මෙය කිසිම ඉස්ලාමිකයෙකුට ප්රතික්ෂේප කළ නොහැකි ඉතාම පැහැදිලි මෙන්ම දැඩි උපදේශයකි.

ආගමික බහුත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා ඉස්ලාමීය ඉගැන්වීම් සනාථ කරන අල් කුර්ආන් වැකි ද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ 2:256

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත." (අල් කුර්ආන් 2 : 256)

وَلَوْ شَاءَ رَبُّكَ لَآمَنَ مَن فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّىٰ يَكُونُوا مُؤْمِنِينَ ﴿٩٩9910:

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටින සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?" (අල් කුර්ආන් 10 : 99)

وَقُلِ الْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَن شَاءَ فَلْيُؤْمِن وَمَن شَاءَ فَلْيَكْفُرْ ۚ ﴿٢٩﴾18 :

“සත්යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප්රතික්ෂේප කරත්වා!" (අල් කුර්ආන් 18 : 29)

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنتَ عَلَيْهِم بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَن يَخَافُ وَعِيدِ ﴿٤٥﴾50:

“ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දනිමු. නුඹ (නබිවරය) ඔවුන් කෙරෙහි බලපරාක්රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවූ." (අල් කුර්ආන් 50 : 45)

فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ ﴿٢١﴾ لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ﴿٢٢﴾88:

“එබැවින් (නබිවරය) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ උපදෙස් දෙන්නෙකුමය. ඔවුන් පිළිබඳ ව නුඹ වගකීම් දරන්නෙකු නොවේ." (අල් කුර්ආන් 88 : 21 - 22)

قَدْ جَاءَكُم بَصَائِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ ۖ وَمَنْ عَمِيَ فَعَلَيْهَا ۚ وَمَا أَنَا عَلَيْكُم بِحَفِيظٍ ﴿١٠٤﴾6:

“නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සාධක නුඹලා වෙත පැමිණ ඇත. කවරෙකු එය නිරීක්ෂණය කර බැලුවේ ද එය තමන්ටමය. කවරෙකු (එම සාධක පිළිබඳ ව) අන්ධ භාවයෙන් සිටින්නේ ද එය තමන්ට එරෙහි වන්නකි. නුඹලා කෙරෙහි ආරක්ෂකයෙකු වශයෙන් මා නැත (යැයි නබිවරය පවසවූ). (අල් කුර්ආන් 6 : 104)

وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَا بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ ﴿٤١﴾10:

(නබිවරය) ඔවුහු නුඹව අසත්ය කළේ නම් 'මාගේ ක්රියාවන්(හි ඵලවිපාක) මටය. නුඹලාගේ ක්රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි' යැයි පවසවූ". (අල් කුර්ආන් 10 : 41)

مَّا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ ۗ وَاللَّـهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴿٩٩﴾5:

(දේව පණිවිඩය) දන්වා සිටීමේ වගකීම හැර අන් දෙයක් රසුල්වරයාට නොවීය. තවද අල්ලාහ් නුඹලා හෙළිකරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද දන්නේය". (අල් කුර්ආන් 5 : 99)

فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّـهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚفَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوا ۖ وَّإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّـهُ بَصِيرٌ بِالْعِبَادِ ﴿٢٠﴾3:

(නබිවරය) ඔබත් සමග ඔවුහු තර්ක කළ විට 'මාගේ මුහුණ අල්ලාහ්ට අවනත කළෙමි. තවද මා අනුගමනය කළවුන් ද (මෙලෙසම කළෝය)' යැයි පවසවූ. තවද 'නුඹලා අවනත වූ වෙහුද?' යැයි පුස්තකය දෙනු ලැබුවන්ගෙන් ද උම්මිවරුන්ගෙන් ද (පුස්තකය නොදෙනු ලැබුවන්ගෙන් ද) විමසවූ. එසේ ඔවුන් අවනත වුයේ නම් ඔවුහු යහමඟ ලබා ගත්තෝය. තවද ඔවුහු පිටුපෑවේ නම් එවිට සැබැවින්ම ඔබේ වගකීම වන්නේ ප්රචාරය කිරීම පමණය. තවද අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව සුපරික්ෂාකාරය." (අල් කුර්ආන් 3 : 20)

وَأَطِيعُوا اللَّـهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ ﴿٩٢﴾5:

“අල්ලාහ්ට අවනත වවු. රසුල්වරයාට ද අවනත වවු. නුඹලා පිටුපෑවෙහු නම් අපගේ රසුල්වරයාගේ වගකීම වන්නේ (අල්ලාහ්ගේ පණිවිඩය) පැහැදිලි ව දන්වා සිටීම යැයි නුඹලා අවබෝධ කර ගනිවු." (අල් කුර්ආන් 5 : 92)

ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. දහම පිළිබඳ ව ප්රචාරණ කටයුතු වල නියැළීම අල් කුර්ආනය අනුමත කරන අතර එය අන් අය ව පෙළීමකට ලක් නොකොට කළ යුතු කාර්යයක් වෙයි.

ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1) වැනි වගන්තීන් පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.

3 – 10 “සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැලඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය".

3 - 14. (1) “සෑම පුරවැසියකුට ම -

( අ) භාෂණයේ නිදහසට සහ ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; ( ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට; ( ඇ) සමාගමෙයේ නිදහසට; (ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට; ( ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්රකාශ කිරීමේ නිදහසට; ( ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; ( උ) එකලාව හෝ අන් අය හා සමග යම් නීත්යනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්යාපාරයක හෝ ව්යවසායක නියුක්ත වීමේ නිදහසට; (ඌ) ශ්රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට; සහ ( ඒ) ශ්රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේ ය".

අල් කුර්ආනය වර්ෂ 1400 කට පෙර තහවුරු කර ඇත්තේ ද දහම පිළිබඳ ව මිනිසාට ඇති මෙම මුලික මිනිස් අයිතිවාසිකම් ය.

මෙම කරුණු සියල්ල ඔබගේ විචාරශීලී අවධානය උදෙසාය. සමයාන්තර කෝණයකින් ලිපි ඉදිරිපත් කිරීමේ දී උද්වේගය ඉස්මතු වීමට ඉඩ ඇති හෙයින් ඉහත කරුණු සවිස්තරාත්මක ව ඉදිරිපත් කළෙමු. මෙම සියලු කරුණු සිත් හි දරාගෙන පහතින් ඉදිරිපත් කොට ඇති මෙම ලිපියේ ප්රධාන මාතෘකාව ට අවතීර්ණ වීමට ඔබට කාරුණිකව ආරාධනා කරන්නෙමු.

“පුනරුත්පත්ති විශ්වාසය හා බුදුන්ගේ ධර්මය"

(මූලාශ්ර ටී. ඒ. පී. ආරියරත්න)

සකස් කළේ

අබු ෆාතිමා

“බුදුන්ගේ ධර්මය හැටියට අප සාමාන්යයෙන් හඳුන්වන්නේ පැරණි ලියකියවිලි රැසක - එනම් සුත්ර පාඨවල - ඇති අදහස් සමුදායකි. මේ සුත්ර පාඨ, ක්රිස්තු පුර්ව කාලයේ සියවස් පහක් පමණ කට වචනයෙන් පවත්වා ගෙනැවිත් පසුව ලේඛන ගත කරන ලද ඒවාය. එහෙත් මේ කාරණය නිසාම, මේ සුත්ර පාඨ ඔස්සේ නියම බුද්ධ දේශනාව සොයා ගත නොහැකි යැයි කීම නිවැරදි නොවේ. අනික් අතට මෙය පිරිසිදු බුද්ධ ධර්මය ලෙස සැලකීම හෝ අඩු වශයෙන් සෑහෙන තරම් දුරට නිවැරදි බුද්ධ ධර්මය මෙහි දක්වෙතැයි සිතීමද සාධාරණ නැත. ධර්මය ලේඛන ගත කළවුන් සත්ය කරුණු වර්ණනා කොට, අලංකාර කොට සකස් කළ බව අප විසින් මෙහිදී සැලකිය යුතුය. තවද යම් යම් අය සතුටු කිරීමටත් තම පුද්ගලික ඕනෑ එපා කම් පිරිමසා ගැනීමටත් මේ රචකයන්ට සිදු වූ නිසා සත්ය කරුණු ඒ ලෙසම ලේඛන ගත වී යැයි සිතීම ද අපහසුය. බුදුන් ජීවත් ව සිටියදීම භික්ෂුණ් අතර ධර්මය පිළිබඳ ව මතභේද ඇති වූ බව අපි දනිමු.

මේ සම්බන්ධයෙන් දැනට අවුරුදු හතරකට පෙර ප්රසිද්ධ කරන ලද පොතක ආචාර්ය එඩ්වඩ් කොන්ස් කියන්නේ කුමක්ද? “බුද්ධ ධර්මය සොයන්නෙක් බුදුන්ගේ දේශනාව හෝ අඩු ගණනේ එකල බෞද්ධයින්ගේ පිළිගැනීම් මොනවා දැයි සොයා ගත යුතුය. එහෙත් පැරණි ලේඛන වල ස්වභාවය නිසා එසේ සෙවීමට උත්සාහ කිරීම සම්පුර්ණයෙන් නිෂ්ඵල වෙයි." ආචාර්ය කොන්ස් කියන්නේ පිරිසිදු බුද්ධාගම තබා පැරණි බෞද්ධ සමාජයේ පිළිගැනීම්වත් සොයා ගත නොහැකි බවයි. මෙහිදී ආචාර්ය කොන්ස් සමග සම්පුර්ණයෙන් එකඟ වීමට නොහැකිය. බුද්ධ දේශනාව යම්තම්වත් සොයා ගත නොහැකි යැයි මම නොකියමි. කුමන කරුණු හෙළි උනත් ඒ කරුණු මධ්යස්ථ ව බාර ගැනීමට අප සුදානම් විය යුතුය.

එහෙත් ඊට පළමු ව මෙම පැරණි ලේඛන වල නියම බුද්ධ දේශනාව අඩංගු නොවේද යන ප්රශ්නය මතු වන්නේ ඇයි දැයි අප විසින් සලකා බැලිය යුතුය. පිරිසිදු ධර්මය ග්රන්ථගත කිරීමට එම කර්තෘවරු අවංක උත්සාහයක් නොගත්තාද? මෙම ලේඛන වල එකිනෙකට සම්බන්ධ වුත් පිළි ගත හැකි වුත් කරුණු දැක්වේ නම් එසේ උත්සහයක් ගෙන ඇතැයි පිළි ගත හැකිය. එහෙත් අවාසනාවට මෙන් එකිනෙකට සම්බන්ධ කරුණු බලාපොරොත්තු වූ අපට හමු වන්නේ එකිනෙකට පටහැණි කරුණුයි. හර බර අනිච්චා ධර්මය සමග එහි අංගයක් හැටියට පුරාණ ඉන්දියාවේ ගෝත්රික ඇදහීමක් වූ පුනරුත්පත්තිය ද මෙහි දැක්වෙයි. නිහතමානිත්වයේ සංකේතය බඳු බුදුන් වහන්සේ බොහෝ තැන් වල දක්වා ඇත්තේ සිය නැණ මහිමය ගැන තමා ම වර්ණනා කරන කයිවාරුකාරයෙකු හැටියටයි. අද එක්කෙනෙකුදු නැතත් තථාගතයන් ගිය සෑම තැනම සිය ගණන් රහතුන් වූහයි සඳහන් වෙයි. රහතුන් තම ගුප්ත බලයෙන් කළැයි කියන ඉර්ධි ප්රාතිහාර්ය, විජ්ජාකාරී පුදුම වැඩ බයිබලයේ අලුත් ගිවිසුමේ දැක්වෙන ප්රාතිහාර්ය ලැජ්ජාවට පත් කරයි. එකවර කිහිප දෙනෙකු ලෙස පෙනී සිටීමට රහත් කෙනෙකුට පුළුවන. සිතුනු විටෙක අදෘශ්යමාන ව සිටීමට ඔහුට හැකිය. බිත්තියක් හෝ කන්දක් හරහා යාම, පොළොව පලා ගෙන යට ට යාම, දිය මත ඇවිදීම, අහසින් ගමන් කිරීම, ඉර හඳ තාරකා ඇල්ලීම, යතුරු කවුළුවකින් රිංගා යාම ආදී නොයෙක් දේ ඔහුට කළ හැකිය. තවද බුදුන් හා රහතුන් වහන්සේලා දිව්ය ලෝක කරා අහසින් ගොස් එහි වසන දෙවි දේවතාවුන් සමග සාකච්ඡා පවත්වා ආපසු එතැයිද දැක්වේ. අනික් අතට මෙහි අනික් පැත්තද නොදැක්වෙතැයි කිව නොහැකිය. බුදුන් වහන්සේ උත්තමයෙකු හැටියට, සෘද්ධි ප්රාතිහාර්ය, ගුප්ත බලවේග ප්රසිද්ධියේම බැහැර කළ බව සමහර තැනක සඳහන් වී ඇත. උතුම් වූ බ්රහ්ම විහරණ හා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උන්වහන්සේ දේශනා කළ බවද දැක්වෙයි.

මින් සත්ය පින්තුරය කෝකද? මෛත්රිය, කරුණාව, මුදිතාව, පදනම් කර ගත් විරාගී තත්වයට ළඟා වෙන මාර්ගය ද? නැත්නම් ඒ තත්වයට ළඟා වුවන් සතු වී යැයි කියන සෘද්ධි ප්රාතිහාර්ය ගුප්ත බලවේග ද? මමත්වය බැහැර කරන අනිච්චා ධර්මය හා අනාත්මවාදය ද? නැත්නම් මමත්වය තහවුරු කරන පුනරුත්පත්ති විශ්වාසය ද? ආචාර්ය කොන්ස් විසින් සේවීමට ම උත්සාහ කිරීම සම්පුර්ණයෙන් ම නිෂ්ඵල යැයි දැක්වූ “බුදුන් දේශනා කළේ කුමක් ද?" යන ප්රධාන ප්රශ්නයට පිළිතුරු සොයා ගත හැකි නම් මේ ප්රශ්නයට ද පිළිතුරු ලැබේවී.

බුදුන් වහන්සේ එවක වූ ආගමික මත සංශෝධනය කළ අයෙකු නොව අලුත් දෙයක් සොයා ගත් දාර්ශනිකයෙක්ය යන පදනම මතය අපේ විභාගය ආරම්භ කළ යුත්තේ. රාධාක්රිෂ්ණන් බඳු හින්දුන්ගේ පිළිගැනීම නම් බුදුන් හින්දු මත සංශෝධනය කළ අයෙකු බවයි. එහෙත් උන්වහන්සේ අලුත් දෙයක් සොයා ගත් දාර්ශනිකයෙකැයි නොසලකතොත් බුද්ධ ධර්මයේ ගත යුතු කිසිම වැදගත් දෙයක් නැත. ඉන්දියාවේ බිහි වූ ශ්රේෂ්ඨතම චින්තකයා බුදුන් වහන්සේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එසේනම් එකල වූ ආගමික මත වලට සම්පුර්ණයෙන් වෙනස් වූ ධර්මයක් බුදුන් විසින් දේශනා කරන ලදැ යි අපට පිළිගන්නට සිදු වේ. එවිට, බෞද්ධ ලේඛන වලින් තත්කාලීන ආගමික හා දාර්ශනික මත බැහැර කළ විට බුදුන්ගේ ඉගැන්වීම් කුමක් දැයි අපට සොයා ගත හැකිය.

ත්රිපිටකයේ දැක්වෙන රහතුන්ගේ ඉර්ධි ප්රාර්තිහාර්ය බැහැර කිරීමට සමහරුන් මැළි වෙතත් උගත් බෞද්ධයාට එය අපහසු දෙයක් නොවේ. එහෙත් කොතෙක් උගත් වුවත් බෞද්ධයා පුනරුත්පත්ති වාදය බුදු දහමේ ජීව රුධිරය ලෙස සලකා එහිම ඇලී ගැලී සිටිනු පෙනේ. මීට හේතුව පැහැදිලිය. මේ විශ්වාසය මිනිසාගේ අභ්යන්තර ආශාවකට කතා කරයි. එනම් තවත් ජීවත් වීමේ ආශාවයි. එබැවින් මේ විශ්වාසය දෝතින්ම බදා ගැනීමට මිනිසා සුදානම්ය. සෑම ආගමක්ම මේ ආශාව මත පදනම වී ඇත්තේ එබැවිනි. ක්රිස්තියානිය සදාකාලික ආත්මය යන විශ්වාසය මත ද, ජනප්රිය බුද්ධාගම පුනරුත්පත්තිවාදය මත ද ගොඩනැගී ඇත දෙව්ලොව යන්ට නොහැකි වෙතොත් අඩු ගණනේ මේ ලෝකයේ හෝ තවත් වරක් ජීවත්වීම හොඳනේ. මරණයත් සමග සියල්ල අවසන් වනවාට වඩා කොහේ හෝ ජීවත්වීම හොඳය.

එබැවින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු තත්කාලීන ඉන්දියාවේ වූ පුරුත්පත්තිවාදය බුදු දහමට ඇතුළු වී මුල් බැස ගැනීම පුදුමයක් නොවේ. එසේ නොවී නම් අන් ආගම් අතර ආගමක් හැටියට නැගී සිටීමට බුද්ධාගමට නොහැකි වෙයි. බෞද්ධ ලියකියවිලි සකස් කළ සංඝයා මේ තත්වය දැන සිටියහ. තවත් ජීවත් වීමේ ආශාවට කතා කරන අන් ආගම් අතරේ මමත්වය බැහැර කරන අනිච්චා ධර්මය ප්රචලිත කිරීමේ අපහසුව දත් භික්ෂුහු පුනරුත්පත්තිය, ජනප්රිය දෙවිවරුන්, රහතුන්ගේ සෘද්ධි ප්රාතිහාර්ය ආදී ජනප්රිය අංග ඕනෑකමෙන්ම බුදු දහමට ඇතුළු කළහ.

ජෛනාගමේ ජනප්රිය අංග සලකා බැලීම මෙහිදී වැදගත්ය. කර්මවාදය හා පුනරුත්පත්තිවාදය ආගම් දෙකේම දැක්වෙයි. කලින් කල ශාස්තෘවරුන් ලෝකයේ පහළ වන බව දක්වන ආගම් දෙකම එබන්දන් 24 දෙනෙකු නම් කර ඇත. ජෛන ලැයිස්තුව වෘෂභගෙන්ද, බෞද්ධ ලැයිස්තුව දීපන්කරගෙන්ද ඇරඹේ. (මෙම අදහස පහත අපගේ විමසුමෙහි නිවැරදි කොට ඇත්තෙමු). ශාස්තෘගේ සර්වඥභාවය හා සංසාරයෙන් මිදී නිවනට යාම ගැනත් පුජක පරම්පරාවක් ගැනත් ආගම් දෙකේම දැක්වේ. ජෛනාගම මුලින් බිහි වූ බව සැලකු කළ කෝක කෝකෙන් ආභාසය ලැබීය යන්නෙන් බුදුන්වහන්සේ ඒ ආභාසය ඉන් ලද බවක් මම අදහස් නොකරමි. භික්ෂුණ්ගේ බුද්ධාගම සහ බුදුන්ගේ බුද්ධාගම යනුවෙන් බුද්ධ ධර්මය දෙයාකාරය. ඉන්දියාවේ අන් ආගම් වලින් ආභාසය ලැබුවේ භික්ෂුණ්ගේ බුද්ධාගමයි. ජනප්රිය බුද්ධාගමෙන් මෙම අංග බැහැර කළ විට බුදුන්ගේ පිරිසිදු ධර්මය ඉතිරි වේ. එනම් අනිච්චා ධර්මය, අනාත්මවාදය, දුක්ඛ සත්යය හා මධ්යම ප්රතිපදාවයි.

ත්රිපිටකාදී ලේඛන වල දැක්වෙන සියල්ල බුදුන් විසින් දේශනා කරන ලදැයි බොහෝ දෙනා සලකති. බුදුන්ගෙන් ප්රකාශ වී යැයි කියන “මාගේ ධර්මය පෙර නොඇසූ විරූය, තේරුම් ගැනීම දුෂ්කරය, සාමාන්ය මිනිසාට නොවැටහේ" යන්න ඔවුහු නොසලකති. අරියපරියේසන සුත්රයේත් තවත් තැන් වලත් දැක්වෙන පරිදි තම ගැඹුරු දුෂ්කර ධර්මය දේශනා නොකිරීමට බුදුන් පළමුවෙන් අදහස් කළත් මානව වර්ගයා වෙත කරුණාවෙන් පසුව එය දේශනා කළහ.ඉදින් පුද්ගලයෙකු නැවත නැවත උපදින බවත් එක් ජීවිතයකදී කළ දෙය තවත් ජීවිතයකදී පල දෙන බවත් තේරුම් ගැනීම ඉතාම පහසුවා පමණක් නොව සාමාන්ය මිනිසා වහා පිළිගන්නටද සුදානම්ය. එසේම එය පෙර නොඇසූ විරූ දෙයක් නොව එවකට ඉතා ප්රචලිත ව තිබු ධර්මයකි. සාමාන්ය මිනිසාට තේරුම් ගැනීමට අපහසු, පෙර නොඇසූ විරූ ගැඹුරු ධර්මය නම් පුනරුත්පත්තියක් නැති බවයි. අනිච්චා ධර්මයට සම්බන්ධ අනාත්මවාදයයි.

ජෛනාගමේත් බුද්ධාගමේත් පොදු අංග මොනවාදැයි තව මදක් සියුම් ව සොයා බලමු. ජීවිතය දුකක් බවද දුක පෙර ජාතියේ කර්මය නිසා ඇති වන්නක් බවද අත්තකිලමතානුයෝගයෙන් පුර්ව කර්මය ජය ගත හැකි බවද එසේ කිරීමෙන් මරණින් මතු නිවන් දැකිය හැකි බවද ජෛනාගමේ දැක්වෙයි. මේ සත්යය උගන්වන ලද්දේ කලින් කල බිහිවුණු තීර්ථක නමින් හැඳින්වුණු ශාස්තෘවරයින් විසිනැයි ජෛනයෝ පිළිගත්හ. බුද්ධාගමේද මේ සියලු අංග තිබේ. එහෙත් දුක මානව වර්ගයාගේ ප්රධානතම ප්රශ්නය බව බුද්ධ ධර්මයේ දැක්වේ. එය අමුතුවෙන් සොයා ගත යුතු සත්යයක් නොව ප්රත්යක්ෂ ධර්මයක් හැටියටයි බුදු දහමේ දැක්වෙන්නේ. දුකට හේතුව ජෛනයන් දක්වන පරිදි පුර්ව කර්මය නොවේ. එය ජීවිතයේ ස්වභාවයයි. ඉඳුරන් පිනවීම තාවකාලිකය. ඒ නිසාම අසම්පූර්ණය. ඉන් දුක ඇතිවේ. මෙහිදී දුකින් මිදීමට බුදුන් ඉගැන්වූ මග ජෛනයින්ගේ අත්තකිලතානු යෝගයෙන් සම්පුර්ණයෙන්ම වෙනස්ය. එනම් මැද මග සහ මමත්වයේ ව්යාජ ස්වභාවය තේරුම් ගැනීමයි. ආත්මාර්ථයෙන් තොර වූ මැද මග අනුගමනය කරන්නෙක් මේ ජීවිතයේදීම (දිට්ඨේව ධම්මේ) දුකින් මිදී නිවන් ලබයි. මමත්වය බැහැර කොට තමා ද මානව වර්ගයා ද එකක්ම බව අවබෝධ කිරීම දුකින් මිදීමයි.

බුදුන් වහන්සේත් ජෛනයනුත් මුහුණ දුන් මුලික ප්රශ්නය දුක පිළිබඳ ප්රශ්නයයි. එහෙත් දුකට හේතුව හා මිදීමේ මග දැක්වීමේදී බුදුන් ජෛනයන්ට වඩා හාත්පසින් වෙනස් මගක් ගත්තේය. ප්රතිකාර දැක්වීමෙන් සෑහීමකට නොපත් වෛද්යවරයා, වැරදි වෛද්යවරුන්, ඔවුන්ගේ රෝග විනිශ්චය හා ප්රතිකාරයද ප්රතික්ෂේප කළේය. ජෛන නොහොත් නිඝන්ටයින්ගේ ඇදහීම් පිළිවෙත්, බුදුන් බැහැර කළ අන්දම නිකාය ග්රන්ථ වල නිතර දැක්වේ. උදාහරණයක් ලෙස බුදුහු මජ්ජිම නිකායේ දේවදහ සුත්රයේදී කර්මය හා පුනරුත්පත්ති විශ්වාසය සාකච්ඡා කොට, විග්රහ කොට එහි බොළඳ බව දක්වති. මිත්යා විශ්වාසය ගැන බුදුන් අනුගමනය කළ ක්රියා මාර්ගය ගැන මෙහිදී යමක් කීමට කැමැත්තෙමි. ඒ ක්රියා මාර්ගය නම් නිරීක්ෂණය කළ හැකි, ප්රත්යක්ෂ වූ කරුණු පමණක් සත්ය ලෙස පිළිගන්නා ක්රමයයි. සුප්රකට තෙවිජ්ජක සුත්රයේ එක් තරුණ බ්රාහ්මණයෙක් උත්තරීතර දෙවියා වන බ්රහ්මන් සමග එක් විය හැක්කේ කෙසේ දැයි බුදුන්ගෙන් ප්රශ්න කරයි. ඊට බුදුන්ගේ පිළිතුර වුයේ කුමක්ද? “බ්රහ්මන් සිටින බව තා දන්නේ කෙසේද? තා කවදා හෝ ඔහු දැක තිබේද?" යනුයි. මිනිසාගේ උත්තරීතර අපේක්ෂාව වූ බ්රහ්මන් පුද්ගලයෙකු නොවන බවත් බ්රහ්මන් සමග එක් විය හැකි එකම මග මමත්වයෙන් තොරව සකල මානව වර්ගයාට මෛත්රී කිරීම බවත් එහිදී උන්වහන්සේ දේශනා කරති.

ජෛනයන්ගේ කර්මය හා පුනරුත්පත්ති විශ්වාසය ගැන ද බුදුහු සෘජුවම කරුණු දක්වති. “නිඝන්ටයිනි, දුකට හේතුව පෙර ආත්මයේ කර්මය යැයි තෙපි විශ්වාස කරන්නාහුය. පෙර ආත්මයක තොප ජීවත් වූ බවත් මේ මේ කර්මයන් කළ බවත් දන්නේ කෙසේ ද?" යනුවෙන් බුදුහු ජෛනයින්ගෙන් ප්රශ්න කරති. පෙර ජීවිතයක් පිළිබඳ ව විශ්වාසය උපහාසයට ලක් කරන උන්වහන්සේ කර්මය හෙවත් හේතුඵලවාදය නිරීක්ෂණය කළ හැකි ප්රත්යක්ෂ ධර්මයකැයි දක්වමින් උදාහරණයක් ද දෙති. විස පොවන ලද හීයකින් මිනිසෙක් තුවාල ලබයි. ඉන් නැගෙන වේදනාව නිසා ඔහු ඉමහත් දුකක් විඳී. අනතුරුව වෛද්යවරයා තුවාලයට බෙහෙත් ගල්වයි. වේදනාව තවත් වැඩි වෙයි. එහෙත් ප්රතිකාරයෙන් තුවාලය සුව වේ. තව දුරටත් වේදනාවක් නැත. ඔහු සාමාන්ය කටයුතු වල නිරත වෙයි.

මෙහිදී වේදනාව ඇති වන්නේ පැහැදිලි හේතු උඩ යැයි දැක්වෙයි. දුක නැති කිරීම ද එසේම ප්රත්යක්ෂය. අනෙකෙකුට නැතිව මොහුටම හීය වැදුනේ ඇයි ද යන ප්රශ්නය වේදනාව ඇති වීමට හේතුව දැක්වීමේදී අදාළ නොවන හෙයින් මෙහිදී සාකච්ඡා නොවේ. එබඳු ප්රශ්න නිසා කාරණය පැහැදිලි ව තිබියදීම අනවශ්ය, ගුඪ දේවලට අවධානය යොමු වෙයි. ගැහැනියක සමග ආලයෙන් බැඳුනු මිනිසා පිළිබඳ උදාහරණය ද ප්රසිද්ධ එකකි. එම ගැහැනිය තවත් මිනිසෙකු සමග හැසිරෙමින් ප්රීති වෙමින් සිටිනු දකින පළමු මිනිසා තදබල මානසික වේදනාවක් විඳියි. එක් අවස්ථාවකදී මේ සියල්ල සිතින් අත්හල යුතු යැයි තීරණය කරන මිනිසා එයින් පසු වේදනාවෙන් මිදෙයි. මෙහිදී ද වේදනාවට හේතු වූ කාරණය ප්රත්යක්ෂ එකකි. එබැවින් පෙර ජීවිතයක කර්මය නිසා මෙය ඇති වී යැයි හෝ ඉන් මිදිය හැක්කේ ඊළඟ ජීවිතයේදී යැයි හෝ පිළි ගත යුතු නැත. පෙර ජීවිතයකදී පෙම්වතෙකු ඔහුගේ පෙම්වතියගෙන් වෙන් කිරීමේ පාප කර්මය නිසා මෙය සිදු වී යැයි සිතිය යුතු නොවේ. මෙහිදී හේතුවත් ඵලයත් මේ ජීවිතයේදීම දකින්නට තිබේ. මෙය ඕනෑම කලකට ඕනෑම තැනකට පොදු මිනිස් ගති සම්බන්ධ ප්රශ්නයකි. මජ්ජිම නිකායේ චුල දුක්ඛ ස්කන්ධ සුත්රයේ දැක්වෙන්නේද මේ මුලික අදහසමය.

බුදුන් විසින් පුනරුත්පත්ති වාදය බැහැර කිරීම ක්රි: පු: 6 වැනි සියවසේදී ඉන්දියාවේ වූ දාර්ශනික ඉගැන්වීම් වල අසහාය විප්ලවකාරී ලක්ෂණය වූ බව බෞද්ධ ලේඛන වල නොයෙක් තැන් වලින් හෙළි වෙයි. අනිච්චා ධර්මය පළමු ධර්ම දේශනාවෙන්ම පැහැදිලි කෙරේ. එම දේශනාව සැලකිල්ලෙන් අධ්යයනය කළොත් එම ධර්මය භික්ෂුණ්ට වුවමනා අන්දමට වෙනස් කර ඇති අයුරු පැහැදිලි වෙයි. දහම් දෙසුම අවසාන පස්වග මහනුන්ගෙන් කෙනෙකු වන කොන්ඩඤ්ඤ භික්ෂුව, “හරි හරි, ස්වභාවයෙන් ආරම්භයක් ඇති සියල්ලටම ස්වභාවයෙන්ම අවසානයක් තිබිය යුතුය" යි කී විට බුදුන් කීවේ කුමක්ද? “කොන්ඩඤ්ඤ, නුඹ අවබෝධ කර ගත්තෙහිය" යනුවෙනි. එබැවින් අනිච්චාව නිසා හට ගන්නා දුක පිළිබඳ ව සවිස්තර ව දක්වා ඇතත් පළමු දෙසුමේ පදනම අනිච්චා ධර්මය බව තීරණය කළ හැකිය. බුදුන්ට වුවමනා වුයේ ආරම්භයක් ඇති සියලු දෙයටම අවසානයක් ඇති බව මුලින්ම වටහා දීමටයි. නිදසුනක් වශයෙන්, උත්පත්තිය සමග පටන් ගන්නා ජීවිතය මරණයෙන් කෙළවර විය යුතුය. දෙවැනි දහම් දෙසීමේදී උන්වහන්සේ මේ අදහස ශක්තිමත් කරන්නේ පුනරුත්පත්තිවාදයේ පදනම වන ආත්මය බැහැර කිරීමෙනි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු යැයි අවසාන දහම් දෙසුමේ උන්වහන්සේ දක්වන්නේත් ඒ මුලික අදහසමය. නැසෙන සුළු සංස්කාරයන්ට ආරම්භයක්ද තිබිය යුතුය.

බුදුන් වහන්සේ අවධාරණයෙන් දැක් වූ කාරණය මෙයයි. යම් හේතුවක් හෝ හේතුන් නිසා හට ගත් දෙයක් අවසානයේදී නැති වී විනාශ වී යා යුතුය. මෙහිදී හේතුව හෝ හේතුන් යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් භක්තිය මත ම පිළි ගත යුතු වූ, ප්රත්යක්ෂ නොවූ, ඔප්පු කළ නොහැකි දෙයක් නොව පැහැදිලි ක්රියා පටිපාටියකි. පුනරුත්පත්ති විශ්වාසය එකල ඉතා ජනප්රිය විශ්වාසයක් වූ බව බුදුහු ද දැන සිටියහ. එහි අශාස්ත්රීය බව, ගුඪ බව හා මිත්යාමතික බව පෙන්වා දීමට උන්වහන්සේ උත්සාහ ගත්හ.

“ආරම්භයක් ඇති හැම දෙයකටම අවසානයක් ද තිබිය යුතුය" නැතහොත් “සියලු සංස්කාරයෝ නැසෙන සුලුය" යනුවෙන් බුදුන් අදහස් කළේ අගක් මුලක් නැති සංස්කාරයේ එක් ජීවිතයක කෙටි කාලීන බව යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් උපන්නොත් මැරේ යන ඕනෑම මෝඩයෙකුට පෙනෙන දෙයක් ශ්රේෂ්ඨ චින්තකයෙකු විසින් නැවත නැවත අවධාරණය කළ යුතුද? අනිච්චා යනුවෙන් අදහස් වනුයේ මිනිසා ඇතුළු සියලු දේ මොහොතක් පාසා වෙනස් වන බව යැයි සමහරු තර්ක කරති. ඒ අනුව ළමයාත් තරුණයාත් එක් අයෙකු නොවේ. තරුණයාත් මහල්ලාත් එකම අයෙකු නොවේ. මෙය අනිච්චා ධර්මයයි. එහෙත් මේ වෙනස් වීමද කාටත් වැටහෙන සරල කාරණයකි. මෙහි ඇති අලුත් සොයා ගැනීම කුමක් ද? බුද්ධ වචනයේ තේරුමක් ඇති වන්නේ මරණයෙන් හෙවත් ස්කන්ධයන්ගේ විනාශයෙන් එහාට පැවැත්මක් නැත යන තේරුමෙන් සැලකු විට පමණි.

අනාත්ම වාදය කෙබන්දක් ද? සංසාරය පුරා නොවෙනස් වී ගමන් කරතියි දැක්වෙන හින්දු ආත්මයට වඩා වෙනස් පැවැත්මක් ගැන දැක්වීමට මේ වචනය යොදා ගන්නා ලදද? ජනප්රිය බුද්ධාගමේ දැක්වෙන පරිදි අනාත්ම යනුවෙන් අදහස් වනුයේ මොහොතක් පාසා වෙනස් වෙමින් සංසාරය පුරා පවතින යමක් ද? වෙනස් වෙමින් හෝ නොවෙමින් පවතින ආත්මය යන්නෙහි නිෂේධනාර්ථයම අනාත්ම යන්නෙන් අදහස් නොවේ ද? ඇත්ත වශයෙන්ම අනාත්ම යන්නෙන් දැක්වෙන්නේ හින්දුන් පිළිගන්නා ආත්මයට වඩා වෙනස් ආත්මයක් නොව ආත්මයක් නැති බවයි. උපන් සියලු දෙනාම විනාශ වේ යන අනිච්චා ධර්මයේම අනාත්මවාදය ගැබ් ව තිබේ. සංසාරයේ මුලක් නැතැයි කියන හෙයින් අගක් ද තිබිය නොහේ. පළමු දහම් දෙසීමේදී කොණ්ඪඤ්ඤට බුදුන් දුන් පිළිතුරෙනුත් එතැන් පටන් අවසන් දහම් දෙසීම දක්වා එය බුදුන් විසින් අවධාරණය කර ඇති ආකාරයෙනුත් අපට තේරුම් ගත හැක්කේ අනිච්චා ධර්මය හා අනාත්මවාදය බුද්ධ ධර්මයේ පදනම බවයි. බුද්ධ කාලයටත් පෙර පටන් තිබුණු පුනරුත්පත්ති විශ්වාසය සමග මේ ධර්මය පටහැණි වන හෙයින් එම විශ්වාසය බැහැර කළ යුතු ව තිබේ.

කර්මය හා පුනරුත්පත්තිවාදය බුදුන් වැනි ශ්රේෂ්ඨ චින්තකයකුගෙන් බැහැර නොවේදැ'යි මඳක් විමසා බලමු.

කම් පල ඇති වන්නේ සිතාමතා කරන - සවිඤ්ඤානක - ක්රියාවලින් යැයි කියනු ලැබේ. කිසියම් ගුප්ත ආකාරයකට කර්ම බලවේගයක් ගොඩ නැගී පසු ජීවිතයක දී එය පල දෙතැයි විශ්වාස කරනු ලැබේ. මෙය සිදුවන්නේ කෙසේ දැයි නොදැක්වෙතත් ඒ ප්රශ්නය මදකට පසෙකින් තබමු. යහපත් ක්රියාවකට යහපත් ප්රතිඵලත් නරක ක්රියාවකට නරක ප්රතිඵලත් ලැබේ යැයි බෞද්ධයෝ විශ්වාස කරති. යම් ක්රියාවක් හොඳ හෝ නරක යැයි තීරණය කරන්නේ කුමන මිනුම් දණ්ඩක් අනුව ද? ශිෂ්ට සමාජයේ සම්මතය අනුව නොවේ ද? සිය ගෝත්රික සම්මතය අනුව වනචාරී මනුෂ්යයෙකු කරන සත්ව ඝාතන මැනිය යුත්තේ කෙසේ ද? ආදිකල්පික මිනිසුන් සමහර විට මිනී මැරුවේ ගෝත්රික නීති වලට අනුව හොඳ හිතින්මය. එය කෙබඳු කර්මයක් ද? උසස් ආගමික හැඟීමකින් කළ බිලි පුජා කෙබඳු කර්මයන් ද? දැනට අවුරුදු 2,000,000 කර පෙර ලෝකයේ මානවයින් නොවී යැයි ගණන් බලා තිබේ. එකල වූ පක්ෂි, කෘමි, උරග ආදී අනේක විධ සත්ව වර්ගයන් සම්බන්ධයෙන් කර්ම නීතිය බල පෑවේ කෙසේ ද? ජනප්රිය බුද්ධාගම අනුව කිව හැක්කේ මේ සත්වයින් වෙනත් ලෝක වල මිනිසුන් වශයෙන් ඉපදී සිටියදී කළ පාප කර්මයන් නිසා මෙසේ සත්වයින් ලෙස ඉපදුණු බවයි. පාප චේතනාවන් නැති නිසා සතුන්ගේ කර්මයන් ද සිදු නොවන හෙයින් සෑම සතෙකුම මෙසේ පළමුවෙන් මිනිසෙකු ලෙස ඉපදිය යුතුද? බුද්ධාගමට කර්මවාදය ඇතුළු කළ වුන් මේ ප්රශ්න ගැන නොසිතුවා විය හැකිය.

පිරිසිදු බුද්ධ වචනය බෞද්ධ ලේඛන ඔස්සේ ඉතා අපහසුවෙන් සොයාගත යුත්තකි. එසේ සෙවීමේදී මුලික ධර්මය හා පටහැනි වන සුත්ර පාඨ එහෙම පිටින්ම බැහැර කරන්නට සමහර විට සිදුවේ. බුදුන්ගේ ධර්මය කුමක්ද යන්න ගැන මුල් කාලයේදීම භික්ෂුන් අතර මතභේද ඇති විය. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකක් යන්ටත් පළමුව බෙදීම් 18 ක් ඔස්සේ නිකාය 18 ක් පමණ ඇති විය. පුනරුත්පත්තිවාදය ලේඛනවලට ඇතුලත් කිරීමේදී මේ කර්තෘවරුන් අනුගමනය කළ ජනප්රිය ක්රමයක් නම් කිසියම් සුත්රයකට කිසිසේත් සම්බන්ධ නොවූත් එහි මුලික අදහසට පටහැනි වුත් ඡේද කීපයක් ඒ සුත්රයට ඇතුලත් කිරීමයි. රහත්බව ලැබීමේදී පසුකරන විවිධ අවස්ථාවල දී කිසියම් භික්ෂුවක් තම පුර්ව ජන්මයන් සිහි පත් කර ගන්නා බවත් ඉර්ධි ප්රාතිහාර්ය ඇති කර ගන්නා බවත් මේ ඡේදවලින් දැක්වෙයි. මේ නිසා ඉහත දැක්වූ දේවදහ සුත්රය සහ තවත් සුත්ර විකෘත වෙයි. විහිලුවක් බවට පත් වෙයි.

නැවත ඉපදීමට හේතුව හැටියට දක්වන කර්මවාදය ගැන පරීක්ෂා කර බලමු. කර්මය නම් විශ්වයේ ඇති සාධාරණත්වය යැයි කියනු ලැබේ. මෙය කිසිදු පදනමක් නොමැති ඇදහීමකි. විශ්වයේ කිසියම් ඒකීය බවක් ඇති බව ඇත්තකි. භෞතික ලෝකය කිසියම් මුලධර්මවලට අනුව පවත්නා බවද ඇත්තකි. අපට තේරුම් ගත හැක්කේ හෝ තේරුම් කළ හැක්කේ උත්පත්තියත් මරණයත් අතර ඇති දේවල් පමණකි. මිලින්ද ප්රශ්නයේදී කර්මය අනුව පුනරුත්පත්තිය සිදු වන අයුරු තේරුම් කිරීමට උත්සාහ කළ නාගසේන හිමියන්ට සොයා ගත හැකි වුයේ කිරි, මෝරු බවට පත්වීම, එක් පහන් දැල්ලකින් තවත් පහන් දැල්ලක් පත්තු කිරීම, කලින් සිටවූ අඹ ගසකින් අඹ ගෙඩියක් හට ගැනීම වැනි උපමා පමණකි. මේවා නොතේරෙන, නොපෙනෙන එහා ලෝකයක සංසිද්ධ නොව භෞතික ලෝකයේ වන, නිරීක්ෂණය කළ හැකි සිදුවීම්ය. යතා ලෝකයට අදාල එවැනි උපමා මගින් නොපෙනෙන ගුඪ පරිකල්පනීය සංසිද්ධි පැහැදිලි කළ හැකි නොවේ.

පුනරුත්පත්ති විශ්වාසය පැරණි, නොදියුණු ගෝත්රිකයින් අතර බිහිවී ඔවුන් අතරම පැවතුණි. කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නැතත් තවමත් සමහර මිනිසුන් අතර මෙය පවතින්නේ පාරම්පරික ඇදහීමක් හැටියටයි. පසුගිය ජීවිතයක් මතක ඇතැයි කියන්නෙකු හමුවූ කළ ඒ ගැන “පර්යේෂණ" කිරීමට බෞද්ධයින් හා භික්ෂුන් අතර මහා උනන්දුවක් ඇත්තේ මේ නිසාය. තම පුද්ගලික ඇදහීම තහවුරු කර ගැනීම සඳහා යම් යම් අය ඒවා සොයා බලා ඇතත් ඒ කිසිවක් සම්පුර්ණ විද්යානුකුල විභාගයකට ලක් කර නැත. එසේ විභාග කළොත් මේවාද මනෝවිද්යා මහාචාර්යවරුන් ද මුලා කරමින් භුතවිද්යා පර්යේෂකයින් යැයි කියා ගත් අය භූතයින් සමග කතා කළ ආකාරයේම ප්රෝඩාවල් බව හෙළි වනු නිසැකය. භුතවිද්යාව පවතින්නේ මිනිසුන්ගේ රැවටෙන ස්වභාවය, විශේෂයෙන්ම එම පර්යේෂකයින්ගේ රැවටෙන ස්වභාවය මතය. හංගේරියානු භුතවාදියෙකු වූ ලස්ලෝ එවැනි භූත හමුවකට පසු එහි සිටි පුවත්පත් කලාවේදී කොර්නේලිස් ටැබොරීට කියා සිටියේ කුමක්ද? තමාට එවැනි ව්යාජ භූත හමු පැවැත්වීම දිගටම කළ හැකි වුයේ ඒවා ගැන පර්යේෂණ කිරීමට පැමිණෙන විශ්වවිද්යාල මහාචාර්යවරුන් ගේ රැවටෙන සුළු ස්වභාවය නිසා බවය!

ඔබේ අදහස් අපට දන්වන්න.

වර්ග: