විෂයාංක: 248
PDF 13 / 6 / 1442 , 27/1/2021
මෙය ඉමාම් ඉබ්නු රජබ් අල්හන්බලිතුමාගේ ජාමිඋල් උලූමි වල්හිකම් නමැති කෘතියෙහි සාරාංශයක් වන අතර එය ඉතා ප්‍රයෝජනවත් ග්රන්ථයකි. ඉමාම් නවවිතුමාගේ හදීස් හතළිහ පිළිබඳ විවරණය කළ මෙතුමාණන් විසින් එහි සඳහන් නොමැති නබිවදන් අටක් වැඩියෙන් එයට එකතු කොට සම්පූර්ණ හදීස් ගණන පනහක් වශයෙන් සකස් කර පල කරන ලදී. මෙම කෘතිය සංෂිප්ත කළ සම්පාදක විසින් නබිවදන් වල මූලාශ්‍ර සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ විද්වතුන්ගේ ප්‍රකාශ සටහන් කොට ඇති අතර කෘතියේ ස්ථාන කිහිපයක ම සිය අදහස් ද දක්වා ඇත.
PDF 26 / 11 / 1441 , 17/7/2020
ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණය සිංහල බසින්
PDF 14 / 10 / 1441 , 6/6/2020
නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්) තුමානන්ගේ දෛනික චර්යාවන්ස හ දියන්
PDF 18 / 8 / 1441 , 12/4/2020
COVID19 සම්බන්ධව ඔබගේ නිසැක මාර්ගෝපදේශය
PDF 8 / 6 / 1441 , 3/2/2020
ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම් : මෙෙ කෘතිමෙහි කතුවරො ඉස්ලාම් ෙනු සැබෑ හා සෑෙ දිවසිවරුන්මේ දහෙ බව පැහැදිලි කරයි.එමෙන්ෙ අල්ලාහ් තෙ පාරිශුද්ධ ග්රන්යමෙහි සඳහන් කළ ෙයාර්යෙ,නබි (සල්) තුොණන් මෙන ආ දහමෙහි ෙයාර්යෙ හා ඒ හා සොනව නබි තුොණන්මේ සහොමීන්මේ අවමබෝධතාවෙ මකමසේද ෙන්න පිළිබඳවද විස්තර මකොට ඇත.තවද අල්ලාහ්මේ නාෙෙන් හා ගුණාාංෙ පිළිබඳ හා ෙරණින් ෙතු ජීවිතෙ පිළිබඳ මුස්ලිම්වරමෙකුමේ ප්රතිප්තති විග්රෙහ විෙ යු්තම්ත මකමසේද ෙන්න ඉතා පැහැදිලිව විග්රහ කර ඇත.
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්) තුමාණෝ
ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය හැකි බවට වාද විවාද කරන්නන් සඳහා නියමාකාරව පිළිතුරු සපයා ඇත.
PDF 18 / 2 / 1441 , 18/10/2019
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
PDF 26 / 11 / 1440 , 29/7/2019
ශ්‍රද්ධ අල් කුර්ආනය විග්රහයේ සාරාංශය සිංහල පරිවර්තනය
PDF 21 / 10 / 1438 , 16/7/2017
ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.
පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.
හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
සෞභාග්‍යමත් ජීවිතය නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මිනිසෙකු තම ජීවිතයෙහි සතුට ළගා කර ගැනීමේ සාධක කුමක්ද යන්න හා ජීවතයේ පරමාර්ථය කුමක්ද යන්න මෙම කුඩා පොත් පිංචය තුල පැහැදිලි කර ඇත.
අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.
ස්ථීර පැවැත්මට මඟපෙන්වීම් යන මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මෙහි මිනිසාගේ ජීවිතයට අවැසි ඔවදන් කිහිපයක් පිළිබඳ කරුණු පහදා දී ඇත.
මුස්ලිම් ස්ත්‍රියට ග්රන්ථයක් නැමැති මෙම කුඩා ග්‍රන්ථය සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයෙකි.මෙහි කාන්තාවගේ අයිතිවාසිකම් හා කාන්තාවන් හා සම්බන්ධ විශේෂ කරුණු කාරනා කිහිපයක් සාකඡ්චාවට බදුන් කර ඇත.
අඳුරෙන් එළියට නැමැති පොත් පිංච ඉතා වටිනා පොත් පිංචකි.මෙහි කතුවරයා තමන්ඒක දේවත්වය වෙත පිවිසීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ මෙහිදි විග්රහ කර ඇත.
කුzස් අකීදතුක් නැමැති මෙම පොත් පිංච නොයෙකුත් අල්කුර්අාන් පාඨ සහ නබි වදන් පදනම් කරමින් සකස් වී ඇත.මිනිසා විසින් දෙවියන් අල්ලාහ්ට කළ යුතු යුතුකම්,අල්ලාහගේ ඒකත්වය පිළිබඳ විස්තර,කාර්ය සාධනයන්(අමල්) කෙරෙහි බලපාන කොන්දේසි යනාදී කරුණු කාරනා මෙහිදී විමර්ශනයට භාජනය වී ඇත.
PDF 8 / 10 / 1438 , 3/7/2017
ඉස්ලාම් හැඳින්වීමක් නැමැති මෙම කෘතිය සවුදි අරාබියාවේ බදීආ නගරයෙහි පිහිටි ඉස්ලාමීය කැඳවීම් ආයතනය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.ඉස්ලාම් යනු කුමක්ද ,නබි මුහම්මද් යනු කවුරුන්ද , අල්කුර්ආනය යනු කුමක්ද යනාදී මූලික කරුණු කාරනා පිිළිබඳ මෙහි විග්රහ කර ඇත.
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.
Follow us: