විශ්වාසය කඩ කිරීම

කෙටි හැඳින්වීම

01. වචනයෙන් හා ක්රිපයාවෙන් කරන වංචාවන්
02. පැවරීම් හා වගකීම් හි වංචාවන්
03. විශ්වාස කර පැවරූ භාණ්ඩ හා මුදල් ගනු දෙනු කිරීම

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    විශ්වාසය කඩ කිරීම

    පැවරීම් හා වගකීම් පැහැර හැරීම

    ] සිංහල – Sinhala –[ سنهالي

    M.S.M . ඉම්තියාස් යූසුෆ් සලෆි

    පරිවර්තණය

    මාහිර් රම්ඩීන්

    2014 - 1435

    الخيانة

    « باللغة السنهالية »

    محمد إمتياز يوسف

    ترجمة: ماهر رمدين

    2014 - 1435

    විශ්වාසය කඩ කිරීම

    පැවරීම් හා වගකීම් පැහැර හැරීම

    M.S.M . ඉම්තියාස් යූසුෆ් සලෆි

    සිංහලෙන්

    මව්ලවි මාහිර් ටී ඩී රම්ඩීන්

    مَاكَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

    රවටා වංචා කිරීම කිසිදු නබිවරයෙකු ට සුදුසු නොවීය. කවරෙකු රවටා වංචා කරන්නේ ද ඔහු වංචා කළ වස්තුව සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙයි. පසුව සෑම කෙනෙකුට ම ඔහු උපයා ගත් දෑ සම්පූර්ණයෙන් පිරිනමනු ලබයි. අසාධාරණකම් කරනු නොලැබේ. (අල්-කුර්ආන් 3:161)

    රවටා වංචා කිරීම වර්තමානයේ සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත. සෑම තරාතිරමකම නිලයකම මෙසේ වංචා කිරීම සුළු දෙයක් බවට පත් වී ඇත.

    වංචාව වර්ග තුනකින් දැකිය හැක.

    01. වචනයෙන් හා ක්‍රියාවෙන් කරන වංචාවන්

    මිනිසා සැමවිට ම කුමක් හෝ ක්‍රියාවක නිරත වනුයේ පවසන ලද වචනයක් විශ්වාස කරමිනි. ගනු දෙනු වලදී වුව ද වෙනත් කරුණු වලදී වුව ද පවසනු ලබන ප්‍රතිඥාවන් විශ්වාස කරමින් ඒවා පවතිනු ඇත.

    කෙනෙකු නියමිත වේලාව ට පැමිණෙන බවට පොරොන්දු දෙයි. නමුත් නියමිත වේලාවට නොපැමිණෙයි. එවිට මොහුගේ පැමිණීම බලාපොරොත්තු වන්නා රැවටෙනු ඇත.

    යම් ක්‍රියාවක් හෝ වගකීමක් කරන මෙන් පවසා ප්‍රතිඥා ලබා දෙයි. එය සිදු නොකර පැහැර හරියි.

    නියමිත දින නැවත ලබා දෙන්නේ යැයි පවසා මුදල් ණයට ලබා ගනී. කියූ පරිදි එම මුදල් ලබා නොදී ප්‍රමාද කරයි.

    හවුලේ ව්‍යාපාරයක් සිදු කරයි. ඒ අතර මැද අනෙකාගේ කොටසෙහි වංචා සිදු කරයි.

    මෙලෙස විශ්වාසය ඇති කර ගෙල සිද දැමීමේ ක්‍රියාවලියන් බොහෝ දෙනෙකු විසින් සිදු කර ඇත. ඉස්ලාමය මෙය දැඩි ලෙස හෙළා දකියි. ඒවා කුහකයින්ගේ ගති ලක්ෂණ යැයි පවසයි.

    وَأَوْفُوا بِالْعَهْدِ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا

    ගිවිසුම් ඉටු කරනු. සැබැවින් ම එම ගිවිසුම (ගැන අල්ලාහ් විසින්) විභාග කරනු ඇත. (අල්-කුර්ආන් 17:34)

    عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا، وَمَنْ كَانَتْ فِيهِ خَلَّةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَلَّةٌ مِنْ نِفَاقٍ حَتَّى يَدَعَهَا: إِذَا حَدَّثَ كَذَبَ، وَإِذَا عَاهَدَ غَدَرَ، وَإِذَا وَعَدَ أَخْلَفَ، وَإِذَا خَاصَمَ فَجَرَ ' غَيْرَ أَنَّ فِي حَدِيثِ سُفْيَانَ: «وَإِنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنَ النِّفَاقِ" (مسلم)

    ගති ලක්ෂණ හතරක් කෙනෙකු වෙත තිබේ නම් ඔහු ප්‍රකට කුහකයෙකු වේ. මේවා අතුරින් එක් ලක්ෂණයක් වී නම් ඔහු එය අත හැර දමන තෙක් කුහකයෙකුගේ එක් කොටසක් ඔහු වෙත රැඳී පවතී. (එම ගති ලක්ෂණ වනුයේ) 1. කතා කළ ද බොරුවම තෙපලයි. 2. ගිවිසුම් කළ විට එයට වංචා කරයි. 3. ප්‍රතිඥා දුන් විට එයට පිටු පායි. 4. තර්ක කළ විට වැරදි ඇති කරලයි. යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළහ.

    වාර්තා කරු: අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්

    02 පැවරීම් හා වගකීම් හි වංචාවන්

    රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල හෝ සමූහ සේවාවන් හි හෝ සංවිධානයන් හි හෝ වගකීම් දරන්නෙකු හෝ නිලධාරියෙකු ලෙස කෙනෙකු පත් කරනු ලැබේ. ඔහු කෙරෙහි විශ්වාස කර ඔහු සතු සේවාවන් පවරනු ලබයි. ඔහු එම සේවාවන් විශ්වාසයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතුය. යුක්ති ගරුක ව කටයුතු කළ යුතුය.

    ඔහු කෙරෙහි පවරනු ලැබූ වගකීම් ඇසුරෙන් ඔහු නියුක්තව සේවය කරන සංවිධානයේ හෝ ආයතනයේ හෝ සේවාවන් ජනතාව අතරට යා යුතුය. එමගින් ජනයාගේ අවශ්‍යතාවන් ඉටු විය යුතුය.

    මොහු තම සේවය සඳහා මාසික ව වේතනයක් හිමි කර ගනී. රාජ්‍ය නිලධාරියෙකු නම් ජනතා බදු මුදලින් වැටුප් හිමි කර ගනී. යම් කිසි සංවිධානයක ප්‍රධානියෙකු නම් ජනයා ලබා දෙන පරිත්‍යාග හා සදකා වැනි මුදලින් වැටුප් හිමි කර ගනී.

    සෑම නිලධාරියෙකුම භාරකරුවෙකුම මෙම සත්‍යය වටහා ගෙන සේවාවන් ඉටු කළ යුතුය. නියමිත වේලාවට සහභාගී වී තම වගකීම ඉටු කළ යුතුයි.

    නියමිත වේලාවට නොපැමිණ නියමිත වේලාවට නොගොස් තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා එම කාලය වෙන් කර ගැනීමත් ජනතා සේවය පිටු දැකීමත් අති මහත් ද්‍රෝහී ක්‍රියාවකි.

    අඩුවක් අසාධාරණයක් සිදු නොවන පරිදි යුක්ති ගරුක ව සේවාවන් හි නිරත වීමට ඉදිරිපත් විය යුතුය. ජනතාව වෙනුවෙන් පත් කර ගනු ලැබූ නිලධාරීන් ජනතා ව වෙනුවෙන් තම සේවාවන් ඉටු නොකර ජනතාව අසහනකාරී තත්ත්වයටත් අපහසුතාවටත් රස්තියාදුවීමටත් ඉඩ හැර පසුව අල්ලස් ලබා එම සේවය ඉටු කර දීම අති මහත් වංචාවක් හා ද්‍රෝහීකමක් වේ.

    පොදුවේ ගත් කළ ලොව පුරා රාජ්‍ය අංශයන් හි මෙම තත්වය බහුල ව දැකිය හැකි බැවින් රටේ දියුණුවටත් සංවර්ධනයටත් එමගින් බාධා එල්ල වී ඇත. දුගී දුප්පත් කම වර්ධනය වී ඇත. මිනිසාගේ ජීවිතය පසුපස ට තල්ලු වී ඇත. සාමාන්‍ය ජනයාගේ ජීවිත තුළ දියුණුව වෙනුවට පරාජය උසුලා ඇත.

    මෙම වංචාවත් ද්‍රෝහිකමත් පාසල් මට්ටමින් ද සිදු වේ. පාසල් ප්‍රධානීන් හා ගුරුවරුන් ව විශ්වාස කොට දෙමාපියන් තම දරුවන් ව පාසලට ඇතුළත් කරති. අපගේ දරුවන් රටට හොද පුරවැසියෙක් ඥානයෙන් සපිරුණු බුද්ධිමතෙක් විය යුතුයි යන උසස් බලාපොරොත්තුවෙන් ලක්ෂ ගණනක් මුදල් (Donation) වැය කරති. මාසික ගාස්තුවක් ගෙවති. නමුත් ගුරුවරු අතුරින් බහුතරයක් තම වගකීම් නිවැරදි ව වටහා ගෙන පාසලේ උගන්වනවාට වඩා පාසලින් පිටත පෞද්ගලික ව උපකාරක පන්ති පවත්වා ඉන් ඉපැයීමෙ හි දැඩි සැලකිල්ලක් දක්වති.

    තමන් භාර ගත් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු නොකර ඔවුන්ගේ අඩුපාඩු සොයා බලා සම්පූර්ණ නොකර කාල වේලාවන් නාස්ති කරමින් දරුවන්ගේ අනාගතය විනාශ කර දමමින් මාසික වේතනයක් ලබා ගන්නේ නම් මොවුන් කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමූවන් වෙති.

    රට පාලනය කරන පාලකයන් ද ජනතා සේවය සඳහා පාර්ලිමේන්තුවේ ඇමති වරුන් ලෙස ද සාමාජිකයින් ලෙස ද පදවි ලැබූවන් තම පදවිය ජනතා සේවය පිණිස එම සේවය ඉටු කිරීමට බැඳී සිටිති. තම නිලය හා පදවිය තබා ගනිමින් රට සූරා කෑම හෝ තම පරපුරට එක් රැස් කර තැබීම හෝ මොවුන්ගේ සේවය නොවේ. රට හා රට වැසියන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීමය මොවුන්ගේ සේවය වනුයේ. ඊට පටහැණි ව මොවුන්ගේ ක්‍රියා කාරකම් පිහිටා ඇති බැවින් ජනතාවගේ ජීවන සම්පත් නරක තත්ත්වයට පත් ව ඇත. රටේ සූරාකෑම් හා ආර්ථික පසුබෑම් දකින්නට සිදු වී ඇත. ජනතාවගේ විශ්වාසය මත පැවරූ වගකීම මොවුන් විනාශ කරමින් සිටිති.

    හාම්පුතුන් තම සේවකයන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම ද සේවකයන් තම වගකීම් නොසලකා හැරීම ද මහා වංචාවකි. කුලියට සරිලන සේ සේවාවන් පැවරීම මුදලාලිගේ වගකීමය. වැටුපට සරිලන සේ සේවය කිරීම කම්කරුවන්ගේ වගකීමය. මෙම වගකීම් තුළ ඇති වන මෙවන් වැරදි මහා වංචාවකි.

    දෙමාපියන් තම දරුවන් විෂයයෙ හි අල්ලාහ් අභියස වග කිය යුත්තන් වෙති. තම දරුවන් ට ආගම දහම උගන්වා විනයානුකූලව ශිෂ්ට සම්පන්න ප්‍රජාවක් බිහි කිරීමේ වගකීමෙන් දෙමව්පියන් ට මිදිය නොහැක. දරුවන් දෙවියන් විසින් පැවරූ වගකීමකි. මෙම වගකීම සම්බන්ධයෙන් විමසනු ලබනු ඇත. මෙලෙස සැවොම යම් වගකීමක් දරන්නන් වෙති. සෑම කෙනෙකු ම තමන්ට පැවරුණු වගකීම සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින විමසනු ලබන අතර ඒවා පැහැර හැරියේ නම් ඒ සඳහා දඬුවම් විඳින්නට සිදු වනු ඇත.

    عَنِ ابْنِ عُمَرَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: «أَلَا كُلُّكُمْ رَاعٍ، وَكُلُّكُمْ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ، فَالْأَمِيرُ الَّذِي عَلَى النَّاسِ رَاعٍ، وَهُوَ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ، وَالرَّجُلُ رَاعٍ عَلَى أَهْلِ بَيْتِهِ، وَهُوَ مَسْئُولٌ عَنْهُمْ، وَالْمَرْأَةُ رَاعِيَةٌ عَلَى بَيْتِ بَعْلِهَا وَوَلَدِهِ، وَهِيَ مَسْئُولَةٌ عَنْهُمْ، وَالْعَبْدُ رَاعٍ عَلَى مَالِ سَيِّدِهِ وَهُوَ مَسْئُولٌ عَنْهُ، أَلَا فَكُلُّكُمْ رَاعٍ، وَكُلُّكُمْ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ." رواه المسلم

    දැනගන්න. ඔබ සෑම කෙනෙකුම වගකීම් දරන්නන්ය. ඔබේ වගකීම පිළිබඳ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විමසනු ලබන්නෙහිය. නායකයා ද වගකීම් දරන්නෙකි. ඔහුගේ වගකීම සම්බන්ධයෙන් විමසනු ලබනු ඇත. කෙනෙකු තම බිරිය සම්බන්ධයෙන් වගකීම් දරන්නෙකි. ඔහු එම වගකීම සම්බන්ධයෙන් විමසනු ලබනු ඇත. ස්ත්‍රිය තම ස්වාමි පුරුෂයාගේ නිවසට වගකීම් දරන්නියකි. ඇය තම වගකීම සම්බන්ධයෙන් විමසනු ලබනු ඇත. එක් සේවකයෙක් තම ස්වාමියා සම්බන්ධයෙන් වගකීම් දරන්නෙකි. ඔහු තම වගකීම පිළිබඳ ව විමසනු ලබනු ඇත. සෑම කෙනෙකුම වගකීම් දරන්නන් වෙති. තම වගකීම් සම්බන්ධයෙන් විමසනු ලබනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළහ.

    වාර්තාකරු: ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: මුස්ලිම්.

    قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الْمُقْسِطِينَ عِنْدَ اللهِ عَلَى مَنَابِرَ مِنْ نُورٍ، عَنْ يَمِينِ الرَّحْمَنِ عَزَّ وَجَلَّ، وَكِلْتَا يَدَيْهِ يَمِينٌ، الَّذِينَ يَعْدِلُونَ فِي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وَلُوا)) رواه المسلم

    තම පාලනය තම පවුල තමන් දරන නිලය යන දෑහි යුක්ති ගරුක ව කටයුතු කළ අය අල්ලාහ් අබියස ආලෝකයෙන් යුත් වේදිකාවන් මත සිටිති යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.

    වාර්තාකරු: අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: මුස්ලිම්

    ලොවෙහි නියමිත ස්ථානයක සිට තම සේවය විනයානුකූලව ඉටු කරන්නා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කෝටි ගණන් ජනතාව ඉදිරියේ ආලෝකයෙන් යුත් වේදිකාවන් මත තබා ගෙන හැර දක්වනු ලැබේ.

    03. විශ්වාස කර පැවරූ භාණ්ඩ (ක්ෂය වන හා ක්ෂය නොවන වස්තුව) හා මුදල් ගනු දෙනු කිරීම

    නියමිත සේවය සඳහා වියදම් කරනු ලබන මුදලෙ හි ආදායම් වියදම් පිළිබඳ ගණන් හිලව් ඉදිරිපත් නොකර ඒවා සැඟවීම අදාළ විස්තර විනාශ කර දැමීම වැනි කරුණු වල නිරත වීම ද මහා වංචාවකි. මෙවැනි වංචාවන් අද පවා බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල දකින්න ට ඇතත් නිවැරදි මූලික ප්‍රතිපත්තිය මත ලැබ ඇතැයි පවසන ඇතැම් සංවිධාන වල ද දැක ගත හැකි වෙයි.

    මොවුන්ගේ වගකීම් පිළිබඳ විමසනු ලැබුවේ නම් හෝ අයවැය පිළිබඳ ගණන් හිලව් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේ නම් හෝ ක්‍රමවත් ලෙසින් ඒවා ලිපි ලේඛන සහිත ව ඉදිරිපත් නොකර ඒවා වෙනස් කරති. එසේ නොමැතිනම් කල්ගත වන්නට ඉඩ හරිති. ගණන් හිලව් අසන්නන් සමඟ කෝප වීමත් චණ්ඩිකම් පෙන්වීමත් තර්ජනය කිරීමත් මොවුන්ගේ අයුක්තිසහගත ගුණාංගයන් වේ. ඇතැම් ස්ථාන වල මෙවැනි සිදුවීම් නිසා මිනී මැරුම් පවා සිදු වී ඇත.

    වංචා සහගත ලෙස කටයුතු කිරීමේ හා අයුතු පරිහරණය කිරීමේ වැරැද්ද වෙනුවට ඔවුන් ව සේවයෙන් පහ කළ ද නැවතත් මෙවැනිම සේවාවන් එනම් මුදල් හා සම්බන්ධ සේවාවන් සඳහා තෝරා ගනු ඇත. මෙවන් අය නිසා එම ආයතනයේ සේවාවන් අඩපණ වෙනවාත් සමඟම ජනයා අතර එම ආයතනය පිළිබඳ අවිශ්වාසය ගොඩ නැගෙනු ඇත.

    තමන් මුස්ලිම් යැයි කියා ගන්නා තැනැත්තා කිසිවිටෙක තමන්ට භාර දුන් වගකීම සම්බන්ධයෙන් අයුතු ලෙස කටයුතු නොකරයි. අයුතු ලෙස කටයුතු කරන්නා මුස්ලිම්වරයෙකු විය නොහැක. ජනයාට පෙන්වීම පිණිස තමන් ශ්‍රේෂ්ඨ සේවකයෙකු ලෙස කම්කරුවෙකු ලෙස පෙන්වා ගත්ත ද අල්ලාහ් අබියස ඔහු පාපියෙකු ලෙස සලකනු ලැබේ.

    ඉහත සඳහන් (3:161) කුර්ආන් වැකියෙහි වංචා කිරීම කිසිදු නබිවරයෙකු ට සුදුසු නොවන්නේය යැයි අල්ලාහ් ඉතා ස්ථාවර ලෙසින් නියෝග කිරීම තුළින් සමාජයට මඟපෙන්වන්නන් භාරකාරත්වය දරන්නන් ලෙස සිටින පුද්ගලයින් පටන් සාමාන්‍ය ජනතාව දක්වා කිසිවෙකුටත් කිසිදු වංචාවක් සිදු කළ නොහැකිය. එසේ සිදු නොකළ යුතුය යන්න පැහැදිලි වෙයි.

    إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ: «مَا مِنْ عَبْدٍ يَسْتَرْعِيهِ اللهُ رَعِيَّةً، يَمُوتُ يَوْمَ يَمُوتُ وَهُوَ غَاشٌّ لِرَعِيَّتِهِ، إِلَّا حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّةَ)) رواه البخاري ومسلم

    අල්ලාහ් කෙනෙකු ට යම් වගකීමක් පවරා ඔහු තම වගකීමෙහි වංචා කරන්නෙකු ලෙස මරණයට පත් වූයේ නම් ඔහුට අල්ලාහ් ස්වර්ගය තහනම් කරන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.

    වාර්තාකරු: මඃකල් ඉබ්නු යසාර් (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්

    වංචා කරන්නා මිය යන විට පාපියෙකු ලෙස මිය යන අතර ම ඔහු ට ස්වර්ගය ද අහිමි වී යයි. පැවරුණු වගකීම් වංචා සහගත ලෙස පැහැර හරින්නන් මෙලොවෙ හි මිදුන ද මතු ලොවෙ හි මිදිය නොහැක. මෙලොවෙ හි එක් කොණක වාඩි වී සැඟ වී වංචාවක් සිදු කළ ද මතු ලොවෙ හි සියලු ජනයා අතර වංචා කරන්නන් ඉදිරියට ගෙන එනු ලැබ මොහුය වංචා කළ පුද්ගලයා යැයි පෙන්වනු ලැබේ.

    عَنِ ابْنِ عُمَرَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "إِذَا جَمَعَ اللهُ الْأَوَّلِينَ وَالْآخِرِينَ يَوْمَ الْقِيَامَةِ، يُرْفَعُ لِكُلِّ غَادِرٍ لِوَاءٌ، فَقِيلَ: هَذِهِ غَدْرَةُ فُلَانِ بْنِ فُلَانٍ" رواه المسلم

    මුල් කාලීන පුද්ගලයින් පසු කාලීන පුද්ගලයින් (යන) සියලු දෙනාව ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එක් රැස් කරයි. (එවිට) වංචා කළ සෑම කෙනෙකුට ම එක් ධජයක් ඔසවනු ලැබේ. මෙය මොහුගේ වංචාවයි යනුවෙන් පවසනු ලැබේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළහ.

    වාර්තාකරු: ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්

    වංචනික සෑම කෙනෙකු වෙනුවෙන් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පිටු පසින් ධජයක් තිබේ. ඔහුගේ වංචාවේ තරමට එය උස් කරනු ලැබේ. දැන ගන්න. මිනිසාව රවටා දමන නායකයාට වඩා මහා වංචනිකයෙක් වෙනත් නොමැත. යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.

    වාර්තාකරු : අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: මුස්ලිම්

    වංචාව මහා වරදක් බව දැන පසු ව වංචනිකයා කවුරුන්දැයි වටහා ගෙන පසුව එම වංචාවට හා වංචනිකයාට පක්ෂව කතා කරන ඇතැමුන් ව අපි දකින්නෙමු. රාජ්‍ය නිලධාරීන් හා දේශපාලාඥයින් වේ නම් තම බලය භාවිත කර වංචනිකයින් ව ආරක්ෂා කිරීම ධනවතුන් තම ධනය වියදම් කර වංචනිකයින් ව ආරක්ෂා කිරීම නීතිය මිලට ගෙන ක්‍රියා කිරීම නිරපරාධීන් ට තර්ජනය කිරීම වැනි තත්වයන් දකින්නෙමු.

    තවත් සමහරුන් වංචනිකයින් පිළිබඳ සැලකිල්ලක් නොදක්වා එය සහජ කටයුත්තක් ලෙස ගැනීම ද අපි දකින්නෙමු. මෙවැන්නන් තම ජීවිතයට කවරෙකු හෝ වංචාවක් කළේ නම් හෝ තම විශ්වාසයට ද්‍රෝහිකමක් කළේ නම් හෝ අසංවර වෙති. පොදු සේවාවන් හි නොසැලකිලිමත් ව සිටිති.

    මොවුන් මරණයට පසු ඇති ජීවිතය ගැන ද එහි විනිශ්චය ගැන ද විශ්වාස කරන්නේ නම් ඇත්තෙන් ම ඔවුන් මෙසේ කටයුතු නොකරනු ඇත.

    වංචාව හෝ විශ්වාසයට ද්‍රෝහී වීම දුටු විට ඔහු ට එරෙහි ව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම නිලධාරීන් හා නායකයින් පසුනොබැසිය යුතු බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අවවාද කර ඇත්තාහ.

    වංචනිකයින් මෙලොවෙ හි කෙතරම් භුක්ති වින්දත් මතු ලොවෙ හි වංචා කළ වස්තුව සමඟ පැමිණ මොර දෙති.

    වංචා කළ වස්තු ව මතු ලොවෙ හි ජනයා ඉදිරියේ උසුලමින් පැමිණෙන්නක් ලෙස අල්ලාහ් පත් කර එම පාපයෙන් මිදිය නොහැක්කෙකු බවට අල්ලාහ් ඔහු ව පත් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අවවාද කළහ.

    عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَامَ فِينَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ، فَذَكَرَ الْغُلُولَ، فَعَظَّمَهُ وَعَظَّمَ أَمْرَهُ، ثُمَّ قَالَ: ' لَا أُلْفِيَنَّ أَحَدَكُمْ يَجِيءُ يَوْمَ الْقِيَامَةِ عَلَى رَقَبَتِهِ بَعِيرٌ لَهُ رُغَاءٌ، يَقُولُ: يَا رَسُولَ اللهِ، أَغِثْنِي، فَأَقُولُ: لَا أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ أَبْلَغْتُكَ، لَا أُلْفِيَنَّ أَحَدَكُمْ يَجِيءُ يَوْمَ الْقِيَامَةِ عَلَى رَقَبَتِهِ فَرَسٌ لَهُ حَمْحَمَةٌ، فَيَقُولُ: يَا رَسُولَ اللهِ، أَغِثْنِي، فَأَقُولُ: لَا أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ أَبْلَغْتُكَ، لَا أُلْفِيَنَّ أَحَدَكُمْ يَجِيءُ يَوْمَ الْقِيَامَةِ عَلَى رَقَبَتِهِ شَاةٌ لَهَا ثُغَاءٌ، يَقُولُ: يَا رَسُولَ اللهِ، أَغِثْنِي، فَأَقُولُ: لَا أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ أَبْلَغْتُكَ، لَا أُلْفِيَنَّ أَحَدَكُمْ يَجِيءُ يَوْمَ الْقِيَامَةِ عَلَى رَقَبَتِهِ نَفْسٌ لَهَا صِيَاحٌ، فَيَقُولُ: يَا رَسُولَ اللهِ، أَغِثْنِي، فَأَقُولُ: لَا أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ أَبْلَغْتُكَ، لَا أُلْفِيَنَّ أَحَدَكُمْ يَجِيءُ يَوْمَ الْقِيَامَةِ عَلَى رَقَبَتِهِ رِقَاعٌ تَخْفِقُ، فَيَقُولُ: يَا رَسُولَ اللهِ، أَغِثْنِي، فَأَقُولُ: لَا أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ أَبْلَغْتُكَ، لَا أُلْفِيَنَّ أَحَدَكُمْ يَجِيءُ يَوْمَ الْقِيَامَةِ عَلَى رَقَبَتِهِ صَامِتٌ، فَيَقُولُ: يَا رَسُولَ اللهِ، أَغِثْنِي، فَأَقُولُ: لَا أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ أَبْلَغْتُكَ" رواه المسلم

    දිනක් අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අපර අතර නැගී සිට යුද්ධයෙන් අත්පත් කර ගත් වස්තුවෙ හි වංචා කිරීම පිළිබඳ කතා කළහ. එය මහා වරදක් බවත් එහි තත්ත්වය ඉතා දරුණු බවත් ඉදිරිපත් කළහ. පසුව පහත සඳහන් අයුරින් ද ප්‍රකාශ කළහ.

    මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම ගෙලෙහි කෑ ගසමින් සිටින ඔටුවෙකු උසුලමින් පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මා ආරක්ෂා කරනු මැනව ! යැයි අඬනා තත්ත්වයක ඔබ අතුරින් කිසිවෙකු ව මා නොදැකිය යුතුය.

    එවිට, ඔබ වෙත අල්ලාහ්ගෙන් කිසිදු උදව්වක් මා විසින් ලබා දිය නොහැක. ඔබට මම (කිව යුතු දෑ) මෙලොවෙ හි පැවසුවෙමි යැයි මම පවසමි.

    එලෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම ගෙලෙහි කෑ ගසමින් සිටින අශ්වයෙකු උසුලා ගෙන පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මා මුදවා ගනු මැනව ! යැයි හඬනා තත්ත්වයක ඔබ අතුරින් කිසිවෙකුව මා නොදැකිය යුතුය.

    එවිට ඔබ වෙත අල්ලාහ්ගෙන් කිසිදු උදව්වක් මා විසින් ලබා දිය නොහැක. ඔබට මම (කිව යුතු දෑ) මෙලොවෙ හි පැවසුවෙමි යැයි මම පවසමි.

    එපරිද්දෙන් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම ගෙලෙහි රන් හා රිදී උසුලා ගෙන පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මා මුදවා ගනු මැනව ! යැයි හඬනා තත්ත්වයක ඔබ අතුරින් කිසිවෙකු ව මා නොදැකිය යුතුයි.

    එවිට, ඔබ වෙත අල්ලාහ්ගෙන් කිසිදු උදව්වක් මා විසින් ලබා දිය නොහැක. ඔබට මම (කිව යුතු දෑ) මෙලොවෙ හි පැවසුවෙමි යැයි මම පවසමි. යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.

    වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්.

    عَنْ عُرْوَةَ، عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِيِّ، قَالَ: اسْتَعْمَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلًا مِنَ الْأَسْدِ، يُقَالُ لَهُ: ابْنُ اللُّتْبِيَّةِ - قَالَ عَمْرٌو: وَابْنُ أَبِي عُمَرَ - عَلَى الصَّدَقَةِ، فَلَمَّا قَدِمَ قَالَ: هَذَا لَكُمْ، وَهَذَا لِي، أُهْدِيَ لِي، قَالَ: فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ، فَحَمِدَ اللهَ، وَأَثْنَى عَلَيْهِ، وَقَالَ: ' مَا بَالُ عَامِلٍ أَبْعَثُهُ، فَيَقُولُ: هَذَا لَكُمْ، وَهَذَا أُهْدِيَ لِي، أَفَلَا قَعَدَ فِي بَيْتِ أَبِيهِ، أَوْ فِي بَيْتِ أُمِّهِ، حَتَّى يَنْظُرَ أَيُهْدَى إِلَيْهِ أَمْ لَا؟ وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ، لَا يَنَالُ أَحَدٌ مِنْكُمْ مِنْهَا شَيْئًا إِلَّا جَاءَ بِهِ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُهُ عَلَى عُنُقِهِ بَعِيرٌ لَهُ رُغَاءٌ، أَوْ بَقَرَةٌ لَهَا خُوَارٌ، أَوْ شَاةٌ تَيْعِرُ '، ثُمَّ رَفَعَ يَدَيْهِ حَتَّى رَأَيْنَا عُفْرَتَيْ إِبْطَيْهِ، ثُمَّ قَالَ: «اللهُمَّ، هَلْ بَلَّغْتُ؟» مَرَّتَيْنِ" رواه المسلم

    අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අසද් ගෝත්‍රයට අයත් ඉබ්නුල් ලුත්තබිය්යා නමින් හඳුන්වනු ලබන කෙනෙකු zසකාත් භාණ්ඩ රැස් කරන නිලධාරියෙකු බවට පත් කළේය. ඔහු (zසකාත් භාණ්ඩ සියල්ල රැස් කර ගෙන) පැමිණ මේවා ඔබ සතු දෑය. මේවා මා හට ත්‍යාගයක් ලෙස පිරිනමන ලද දෑ යැයි පැවසූහ.

    එවිට අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වේදිකාවේ සිට එක් විෂයක් සම්බන්ධයෙන් අප එවන ලද නිලධාරියාගේ තත්ත්වය කුමක් ද? යන්න බැලුවෙහි ද? (ඔහු තම සේවය අවසන් කර නැවත පැමිණ) මේවා ඔබ සතු දෑය. මේවා මා වෙනුවෙන් පරිත්‍යාගයක් වශයෙන් පිරිනමනු ලැබූ දෑ යැයි ඔබ පවසන්නෙහිය. ඔහු (කොහේවත් නොගොස්) තම පියා හෝ මවගේ නිවසෙ හි වාඩි වී සිට තමන් ට පරිත්‍යාග දෙනු ලබන්නෙහි ද නැති ද යනුවෙන් බලත්වා !

    මුහම්මද්ගේ ජීවිතය කවරෙකු සතු වේ ද එම අල්ලාහ් මත දිවුරා ඔබ අතුරින් කිසිවෙකු එම වස්තුවෙන් කුමක් ගෙන ආව ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය තම ගෙලෙහි උසුලාගත් කෙනෙකු ලෙස පැමිණෙයි. එක් ඔටුවෙකු නම් කෑගසමින් සිටියි. එය හරකෙකු හෝ එළුවෙකු හෝ වේ නම් කෑ ගසමින් සිටියි යැයි පැවසූහ. පසු ව එතුමාගේ කිහිලි වල සුදු වර්ණය අප දකින තරමට තම දෙඅත් ඔසවා යා අල්ලාහ් ! මම ගෙන හැර නොපෑවෙමි දැයි තුන් වරක් පැවසූහ.

    වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)

    මූලාශ්‍රය: මුස්ලිම් අබූ දාවූද්

    මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වංචනිකයින්ට සැනසුමක් නොමැත. ඔහු ට මිදෙන්නට කිසිදු මාර්ගයක් ද නොමැත යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැහැදිලි කළහ. එබැවින් මෙලොව අසාධාරණයට ලක් වූවනට මතු ලොවෙ හි සැබැවින් ම යුක්ති ධර්මයක් ඇති බව අමතක නොකළ යුතුය.

    [email protected]

    වර්ග: