අල් කුර්ආනයේ මානව අයිතිවාසිකම්

කෙටි හැඳින්වීම

“මානව හිමිකම් පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කිසිවක් තිබේ ද?“ යන ප්රආශ්නයට පිලිතුරු

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    අල් කුර්ආනයේ මානව අයිතිවාසිකම්

    ] සිංහල – Sinhala –[ سنهالي

    ආචාරිනී රිෆාත් හසන්

    ඇමරිකාවේ ලුයිස්විල්ලි විශ්ව විද්‍යාලයේ

    ආගමික අධ්‍යයනය සහ මානව ශාස්ත්‍රය පිළිබඳ මහාචාරිනී ය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1436

    حقوق الإنسان

    « باللغة السنهالية »

    الدكتور رفعت حسن

    (أستاذ القانون الدولي بجامعة لويسيفل بالولايات المتحدة الأمريكية)

    ترجمة: جاسم بن دعيان

    2014 - 1436

    අල් කුර්ආනයේ මානව අයිතිවාසිකම් -1

    ආචාරිනී රිෆාත් හසන්

    ඇමරිකාවේ ලුයිස්විල්ලි විශ්ව විද්‍යාලයේ

    ආගමික අධ්‍යයනය සහ මානව ශාස්ත්‍රය පිළිබඳ මහාචාරිනී ය

    ලොවේ බිලියනයක ට අධික මුස්ලිම් ප්‍රජාව අතර බහුතරයක් අල් කුර්ආනය කේන්ද්‍රය කර ගෙන ජීවත් වෙති. මෙනිසා පැන නගින වැදගත් ප්‍රශ්නය “මානව හිමිකම් පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කිසිවක් තිබේ ද?“ යන්නය.

    මුස්ලිම් වරුන් ගේ මැග්නා කාටා නම් මහා ශාසන පත්‍රය අල් කුර්ආනය බව මම සලකමි. කුර්ආනීය සංකල්පය පෙන්වන ඉරණම ට මිනිසා පුබුදු වීම වළක්වන නොයෙක් බාධක අප සමාජයේ කවදත් ඇත. ඒවා නම් (ආගමික, දේශපාලනීය, ආර්ථික වැනි) සාම්ප්‍රදා වාදය, ඒකාධිපති වාදය, ගෝත්‍රික වාදය, ජාති වාදය, ස්ත්‍රී පුරුෂ වාදය, වහල් භාවය හෝ ඒ හා සමාන නොයෙක් බාධක සියල්ලෙන් මිනිසා ව මුදවා ගැනීම පිළිබඳ ව කුර්ආනයේ ඉගැන්වීමේ විශාල කොටසක් ඉදිරිපත් කර ඇත.

    وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَہَىٰ (٤٢(

    “සැබැවින් ම නුඹගේ පරමාධිපති වෙතම ය (සියල්ලන්ගේ) අවසානය ඇත්තේ” සූරා අන් නුජුම් 53:42 යන ප්‍රකාශයෙ හි මෙම අල් කුර්ආනීය සංකල්පය තහවුරු කර ඇත.

    සෑම මානව වර්ගයාට ම මූලික අයිතීන් හිමි බව අල් කුර්ආනය සනාථ කරයි. මෙම මානව හිමිකම් සියල්ල අප තුළ ගැඹුරු ව ස්ථාපනය වී තිබෙන අතර, එවායින් කිසිවක් තහනම් කිරීම හෝ උල්ලංඝනය කිරීම සිදු වුයේ නම්, අපගේ මිනිස් භාවය ට කරනු ලබන නිග්‍රහයක් සහ අවමානයක් බව සැලකිය යුතුය.

    අල් කුර්ආනය පෙන්වන ආකාරය ට, අපගේ පැවැත්ම ආරම්භ වු මොහොතේ සිට ම මේ හිමිකම් සියල්ල ආරම්භ විය. අප නිර්මාණය කළ අයුරින් ම මේ හිමිකම් ද උත්තරිතර අල්ලාහ් විසින් නිර්මාණය කරන ලැබුවේ මිනිසාගේ සම්භාව්‍යතාව තහවුරු කරනු පිණිස ය. මෙම හිමිකම් මගින් අපගේ අභ්‍යන්තර සම්පත් සියල්ල වර්ධනය කිරීම ට පමණක් නොව අප සඳහා අල්ලාහ් පෙන්වන දර්ශනය වෙත ළඟා විම ට උපකාරී වෙයි. එනම්, අල්ලාහ් පෙන්වන ආකාරයෙන් අපි වෙහෙසිය යුත්තේ කුමක් සඳහා ද, ජීවත් විය යුතුතේ කුමක් සඳහා ද, සහ මරණයට පත් විය යුත්තේ කුමක් සඳහා ද යන සියලු දේ මෙහි අඩංගු වේ.

    අල්ලාහ් විසින් නිර්මාණය කරන ලද හෝ පවරන ලද හෝ හිමිකම් කිසිවක් මිනිසා විසින් හෝ ලෝකායන්ත පාලකයෙකු විසින් හෝ අහෝසි කළ නොහැක. අල්ලාහ් විසින් සිදු කරනු ලබන සෑම දෙයක් ම කුමක් හෝ හේතුවක් පදනම් කර තිබෙන හෙයින්, සර්ව කාලීන හා වෙනස් කළ නොහැකි මෙම මානව හිමිකම් සෑම කලක ම පවත්වා ගෙන යා යුතුය.

    ජීවත් වීමේ අයිතිය

    මිනිස් ජීවිතයේ පවිත්‍රතාව හා සිමාරහිත වටිනාකම පිළිබඳ ව අල් කුර්ආනය මෙලෙස තහවුරු කරයි.

    وَلَا تَقتُلُواْ ٱلنَّفسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلحَقِّ‌ ذَٲلِكُم وَصَّٮكُم بِهِۦ لَعَلَّكُم تَعقِلُونَ (١٥١(

    “අල්ලාහ් තහනම් කළා වු ජීවය නිත්‍යනු කූලව මිස නොනසවු. මෙය ඔබ වටහා ගනු පිණිස මෙයින් ඔබ ට අණ කෙළේය.” සූරා අල් අනාම් 6:151

    සෑම පුද්ගලයෙකුගේ ජීවිතය අනිකුත් පුද්ගලයන් ගේ ජීවිතය හා සමාන බව ද ඒ හේතුවෙන් ඔවුන් සියලු දෙනා ම එක හා සමාන ව සැලකිලි ලැබිය යුතු බව ද පහත සඳහන් වාක්‍ය යෙහි සාරාංශය සඳහන් කරයි.

    مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٍ۬ فِى ٱلۡأَرۡضِ فَڪَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعً۬ا وَمَنۡ أَحۡيَاهَا فَڪَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعً۬ا‌ۚ

    “එබැවින් - යමෙක් කෙනෙකු පිණිස හෝ භූමියෙ හි අවැඩක් පිණිස හෝ නොව කෙනෙකු මැරුවහොත්, ඔහු සියලු මිනිසුන් මැරූ බඳුම ය.” සූරා අල් මාඉදා 5:32

    ගෞරවයට හිමිකම් කීමේ අයිතිය

    وَلَقَدۡ كَرَّمۡنَا بَنِىٓ ءَادَمَ وَحَمَلۡنَـٰهُمۡ فِى ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلۡنَـٰهُمۡ عَلَىٰ ڪَثِيرٍ۬ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلاً۬ (٧٠(

    “තව ද, සැබැවින් ම අපි ආදම් ගේ දරුවන් ව ගෞරවය ට පත් කළෙමු.ගොඩ විමේ හා මුහුදේ අපි ඔවුන්ව ඉසිලුවෙමු. තවද, පිවිතුරු දැයින් අපි ඔවුන්ට ජීවන සම්පත් ලබා දුනිමු. තවද අපි මැවු අයට වඩා අධික වශයෙන් ඔහුව උසස් කළෙමු.” සූරා බනු ඉස්රාඊල් 17:70.

    අල්ලාහ් ගේ මැවීම් සියල්ල විශ්වාසය භාර ගන්නට මැළි වු මොහොතේ තීරණයක් ගැනීමේ නිදහස තිබු මිනිසා එය භාර ගත් හේතුවෙන් ගෞරවය ට ඔහු හිමි කම් ලැබුවේ ය. මේ පිළිබඳ ව අල්ලාහ් පවසන්නේ මෙසේ ය.

    إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَٲتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَہَا وَأَشۡفَقۡنَ مِنۡہَا وَحَمَلَهَا ٱلۡإِنسَـٰنُۖ إِنَّهُ ۥ كَانَ ظَلُومً۬ا جَهُولاً۬ (٧٢(

    “සැබැවින්ම, අපි අමානා ව (වගකීම) අහස් කෙරෙහි ද මිහිතලය කෙරෙහි ද කඳු කෙරෙහි (එය උසුලන ලෙස) ගැන හැර පෑවෙමු. එවිට එය ඉසිලිමෙන් ඒවා වැළකුණෝය. තවද, එයින් (එය ඉසිලීමෙන්) ඒවා බියට පත් විය. (නමුත්) මිනිසා එය ඉසිලීය. සැබැවින් ම ඔහු (තමාට ම) අපරාධ කරන්නෙකු ද ( ඒ පිළිබඳ ව) අඥානයෙකු ද විය.” සූරා අහ්සාබ් 33:72

    හොඳ සහ නරක අතර වෙනස දැක ගැනීමේ සිහි බුද්ධිය තිබන නිසා තම අභිමතය ඉටු කිරීමේ නිදහස මිනිසා ට තිබෙන අතර, මෙවන් හැකියාවක් අනිකුත් මැවීම් වලට නැති හෙයින් මිනිසා මැවීම් අතර වෙනස් වී සිටියි. මේ බව අල්ලාහ් පවසයි.

    وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓٮِٕكَةِ إِنِّى جَاعِلٌ۬ فِى ٱلۡأَرۡضِ خَلِيفَةً۬‌ۖ

    “සැබැවින් ම, මම ලොව විසුරේ කෙනකු පත් කරන්නෙමි යි ඔබගේ පරමාධිපති මලක්වරුන් ට (කීවේය).” සූරා බකරා 2:30

    (අයහපත් කාර්යයන් ඉටු කිරීම හේතුවෙන්) ඉතාමත් පහත් තත්ත්වයට මිනිසා පත් විය හැකි නමුත්, මිනිසා ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කරනු ලැබු බව අල්ලාහ් ප්‍රකාශ කරයි.

    لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَـٰنَ فِىٓ أَحۡسَنِ تَقۡوِيمٍ۬ (٤(

    “සැබැවින්ම, අලංකාර සංයුක්තියකින් අපි මිනිසා මෙව්වෙමු.” සූරා අත් තීන් 95:4

    චින්තනය කිරීමේ හැකියාව මිනිසා ට තිබෙන නිසා නිවැරදි දේ සහ වැරදි දේ අතර වෙනස ඔහු වටහා ගනී. එමෙන් ම හොඳ දේ ඉටු කර නරක දැයින් වැළකි සිටී. මිනිසා ට අල්ලාහ් විසින් දෙන ලෙද පොරොන්දුව, (මහ පොළොව මත අල්ලාහ් ගේ නියෝජිතයන් ලෙස පත්වීම් ලැබීම ට සුදුසු) හේතුවෙන් සෑම මිනිසා ම ගෞරවය ට සහ ඔවුන්ගේ දායාබර භාවය ට ලක් කරනු ලැබිය යුතුය.

    සාධාරණත්ව ය ලබන්න ට ඇති අයිතිය

    يَـٰأَيُّہَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّٲمِينَ لِلَّهِ شُہَدَآءَ بِٱلۡقِسۡطِ‌ۖ وَلَا يَجۡرِمَنَّڪُمۡ شَنَـَٔانُ قَوۡمٍ عَلَىٰٓ أَلَّا تَعۡدِلُواْ‌ۚ ٱعۡدِلُواْ هُوَ أَقۡرَبُ لِلتَّقۡوَىٰ‌ۖ وَٱتَّقُواْ ٱللَّهَ‌ۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ (٨(

    “එම්බල විශ්වසය කළ අයවලුනි! අල්ලාහ් ට නිරතුරුව ම බියවන්නෝ ද නීතිය ට සාක්‍ෂි දරන්නෝ ද වනු. සමූහයක් කෙරෙහි ඔබගේ ක්‍රෝධය ඔවුන් ට අසාධාරණ කිරීම ට නොපෙලඹේවා. සාධාරණය කරවු. අල්ලාහ් ට බිය වනු. සැබැවින් ම, අල්ලාහ් ඔබ කරන දැය දන්නේ ය.” සූරා අල් මායිදා 5:8

    සාධාරණත්වය යන පදය ට අරාබි භාෂාවේ සංකල්ප දෙකක් තිබේ. අද්ල් (සාධාරනත්වය) සහ ඉහ්සාන් (යහපත්කම සහ සම්පූර්ණත්වය) අද්ල් නම් සාධාරනත්වය ඉටු කරන ලෙස අල් කුර්ආනය නිතර සඳහන් කරන අතර, ඉහ්සාන් නමැති යහපත්කම එම අර්ථය ඉක්මවයි. එනම්, අලාභය හෝ අඩුලුහුඬුකම ඉවත් කරනු පිණිස අවශ්‍ය කටයුතු ඉටු කර යථා තත්ත්වය ට පත් කිරීම යන්න එහි අර්ථය වේ.

    إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَـٰنِ وَإِيتَآىِٕ ذِى ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنڪَرِ وَٱلۡبَغۡىِ‌ۚ يَعِظُكُمۡ لَعَلَّڪُمۡ تَذَكَّرُونَ (٩٠(

    “සැබැවින් ම, අල්ලාහ් සාධාරණත්වය ද යහකම ද, ඥතීන් ට පිරි නැමීම ද අණ කරන්නේ ය. තවද අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද සීමාව ඉක්මවා යෑමෙන් ද වළක්වා ලන්නේ ය.” සූරා අන් නහ්ල් 16:90

    මෙම කුර්ආන් වාක්‍යයෙහි සංකල්ප දෙක ම ඇතුළත් වන අතර, මේවා දෙක ම සමබරතාව ට පත් කිරීමේ අදහස ට අදාල වේ. කෙසේ වෙතත්, මෙම සංකල්ප දෙක ම එකම අර්ථය සඳහන් නොකරයි. A.A.A. ෆයිසී නම් ප්‍රසිද්ධ මුස්ලිම් විද්වතෙක් අද්ල් නම් වදන ට නිර්වචනය පවසන විට, අද්ල් යනු අඩු වීමක් හෝ අතිරික්තයක් නොමැති සමබරතාව ගැන සඳහන් කරයි යනුවෙන් පැහැදිලි කෙළේය. මෙම නිර්වචනය පහදා දෙන විට එතුමා මෙසේ කීවේය.

    නඩුවක ට ඉදිරිපත් වන දෙපාර්ශවය ඉදිරිපත් කරන ඉල්ලීම් ගැන අධිකරණය එක හා සමාන ව සැලකා බැලිය යුතු ය. එම අවස්ථාවේ කිසියම් පාර්ශවය ට අනවශ්‍ය ලෙස බලපෑම් සිදු කළ නොහැක. තුලාවක තට්ටු දෙක එක හා සමාන මට්ටමේ සිටින්නාක් මෙන්, සාධාරණත්වය සමබරතාව හඳුන්වා දෙයි.

    අල් කුර්ආන් පරිවර්තන කර්තව්‍යය ඉටු කළ ප්‍රසිද්ධ විද්වතෙකු වන අබු කලාම් අසාද් (1888 – 1958) අද්ල් පිළිබඳව මෙසේ පවසයි.

    සාධාරණත්වය යන පදයේ අතිරික්තය ඉවත් කිරීම හැර අන් කිසිවක් තිබේ ද? අඩුවීමක් හෝ අතිරික්තයක් එහි තිබිය නොහැක. සාධාරණත්වය හඳුන්වන විට සම බර තුලාව සලකුණක් ලෙස භාවිත කරන්නේ එනිසා ය.

    යම් කෙනෙක් වැඩියෙන් හෝ අඩුවෙන් කටයුතු නොකරනු පිණිස, කිසිදු මිනිසෙක් තවත් කෙනෙකුගේ බර ඉසිලිය නොහැකි බව ද, කිසිවෙක් පරිශ්‍රම නොදරා කිසිවක් ලබා ගත නොහැකි බව ද අල් කුර්ආනය පවසයි.

    أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِى صُحُفِ مُوسَىٰ (٣٦) وَإِبۡرَٲهِيمَ ٱلَّذِى وَفَّىٰٓ (٣٧) أَلَّا تَزِرُ وَازِرَةٌ۬ وِزۡرَ أُخۡرَىٰ (٣٨) وَأَن لَّيۡسَ لِلۡإِنسَـٰنِ إِلَّا مَا سَعَىٰ (٣٩)

    “නැතිනම් මූසා ගේ ලේඛනයන් හි ඇති දෑ පිළිබඳ ව ඔහු ට දැනුම් දෙනු නොලැබුවේ ද? තවද, (අල්ලාහ්ගේ නියෝගයන්) සම්පූර්ණයෙන් ඉටු කළ ඉබ්‍රාහීම් ගේ (ලේඛනයෙහි) ද, බර උසුලන්නෙකු වෙනෙකෙ කු ගේ (පාපයේ) බර නොඋසුලන බව ද. මිනිසා ට ඔහු වෑයම් කළ දෑ හැර වෙන එකක් නැති බව ද (ඔහු ට දැනුම් දෙනු නො ලැබුවේ ද?” සූරා අන් නජ්ම් 53: 36 සිට 39 දක්වා.

    කෙනෙකු ගේ පෞද්ගලික කුසලතා අද්ල් හි කොටසක් වන අතර, කෙනෙකුගේ කුසලතා ඔහුගේ/ඇයගේ වංශය, ස්ත්‍රි පුරුෂතාව, ලෞකික සාර්ථකත්ව ය, ආගම වැනි දැයින් නිර්ණය නොවන බව අල් කුර්ආනය අපට උගන්වයි. ධර්මිෂ්ඨ භාවය යනු ඊමාන් නමැති දේව විශ්වාසය, යුක්ති සහගත අමල් නමැති ක්‍රියාවන් ගෙන් සමන්විත බව අල්ලාහ් ප්‍රකාශ කරයි.

    لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَـٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأَخِرِ وَٱلۡمَلَـٰٓٮِٕڪَةِ وَٱلۡكِتَـٰبِ وَٱلنَّبِيِّـۧنَ وَءَاتَى ٱلۡمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِى ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَـٰمَىٰ وَٱلۡمَسَـٰكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَٱلسَّآٮِٕلِينَ وَفِى ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّڪَوٰةَ وَٱلۡمُوفُونَ بِعَهۡدِهِمۡ إِذَا عَـٰهَدُواْ‌ۖ وَٱلصَّـٰبِرِينَ فِى ٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلۡبَأۡسِ‌ۗ أُوْلَـٰٓٮِٕكَ ٱلَّذِينَ صَدَقُواْ‌ۖ وَأُوْلَـٰٓٮِٕكَ هُمُ ٱلۡمُتَّقُونَ (١٧٧(

    “ඔබ ගේ මුහුණ නැගෙනහිර දෙස ට හෝ බස්නාහිර දෙස ට හෝ හැරවීම (පමණක්) යහකම නොවේ. එහෙත්, යහකම් නම් අල්ලාහ් ගැන ද, අන්තිම දින ගැන ද, මලක් වරුන් ගැන ද, පුස්තක ගැන ද, නබිවරුන් ගැන ද විශ්වාස කර, දේපළ නෑසියන්ට ද, අනාථයන්ට ද, දුගියන්ට ද, මගියන්ට ද, යදියන්ට ද, වහලුන් නිදහස් කිරීමට ද, බෙදා දී සලාත් හි නිරතව ද, zසකාත් ගෙවා ද, ගිවිසුම් ඉටු කර ද, ලෙඩ දුක්, දිළිඳුකම, යුද බිය ඉවසා සිටීමය. ඔවුහුම ය සත්‍ය වන්තයෝ. ඔවුහුම ය සිරිත් විරිත් රකින්නෝ.” සූරා බකරා 2:177.

    يَـٰٓأَيُّہَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَـٰكُم مِّن ذَكَرٍ۬ وَأُنثَىٰ وَجَعَلۡنَـٰكُمۡ شُعُوبً۬ا وَقَبَآٮِٕلَ لِتَعَارَفُوٓاْ‌ۚ إِنَّ أَڪۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَٮٰكُمۡ‌ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌ۬ (١٣) ۞

    “සැබැවින් ම, අල්ලාහ් අබියස නුඹලාගෙන් ඉතා ශ්‍රේෂ්ඨයා නුඹලා ගෙන් ඉතා බිය භක්තිකයා ය. සැබැවින් ම, අල්ලාහ් සර්වඥය. අභිඥානවන්තය.” සූරා හුජරාත් 49:13.

    දහමෙ හි ක්‍රියාශීලි නොවන විශ්වාසීන් සහ අල්ලාහ් ගේ මාර්ගයේ ක්‍රියාශීලි ව පරිශ්‍රම දරන අය පිළිබඳ ව සූරා අන් නිසා වෙන් කර පෙන්වයි.

    لَّا يَسۡتَوِى ٱلۡقَـٰعِدُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ غَيۡرُ أُوْلِى ٱلضَّرَرِ وَٱلۡمُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٲلِهِمۡ وَأَنفُسِہِمۡ‌ۚ فَضَّلَ ٱللَّهُ ٱلۡمُجَـٰهِدِينَ بِأَمۡوَٲلِهِمۡ وَأَنفُسِہِمۡ عَلَى ٱلۡقَـٰعِدِينَ دَرَجَةً۬‌ۚ وَكُلاًّ۬ وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰ‌ۚ وَفَضَّلَ ٱللَّهُ ٱلۡمُجَـٰهِدِينَ عَلَى ٱلۡقَـٰعِدِينَ أَجۡرًا عَظِيمً۬ا (٩٥(

    “විශ්වාස කරන අය අතුරෙන් නියම අසනීපයක් නොමැති ව (යුද්ධය ට නොගොස්) සිටි අය, තම දේපළ ද, ජීවිතය ද අල්ලාහ් ගේ මාර්ගයෙ හි පරිත්‍යාග කරන අය ට සමාන නොවෙති. තම දේපළ ද, ජීවිතය ද කැප කළ අයගේ තරාතිරම (යුද්ධය ට නොගොස්) සිටිය අයට වඩා අල්ලාහ් උසස් කර ඇත. සියල්ලට ම හොඳම දැය අල්ලාහ් ගිවිසුම් දී ඇත. (එහෙයින් සටන් කිරීම පිණිස නොගොසින්) සිටිය අය ට වඩා සටන් කළ අය අල්ලාහ් මහත් වූ ඵලවිපාක දී උසස් කෙළේය.” සූරා අන් නිසා 4:95

    අද්ල් හී සාරය ට එකඟ ව, ත්‍යාග ලබනු පිණිස විශේෂ කුසලතා සැලකිල්ලට ගනු ලබන අයුරින් ම විශේෂ අවස්ථාවන් ද සැලකිල්ල ට ගනු ලබයි. නිදසුනක් වශයෙන් දුරාචාරයේ හැසිරීම යන වරද ට, පිරිමි හා කාන්තාව ට එක හා සමාන දඬුවම් දෙන ලෙස අල් කුර්ආනය උපදෙස් දෙයි. කෙසේ වෙතත්, අසමාන සමාජ තත්ත්වය ට අයත් කාන්තාවන් ට දෙන ලද දඬුවම එක හා සමාන නොවන බව කුර්ආන් ප්‍රකාශ කරයි. මෙයට එකඟ ව වහල් සේවිකාවක් කළ දුරාචාර වරද ට නියමිත දඬුවමින් අඩක් පනවන අල් කුර්ආනය, නබි (සල්) තුමාණන්ගේ බිරියන් එම වරද කළේ නම්, නිදහස් මුස්ලිම් කාන්තාවක ට දෙනු ලබන දඬුවම් මෙන් දෙගුණයක් දෙන ලෙස අණ කරයි.

    නබි (සල්) තුමාණන් ගේ බිරියන් විශ්වාසීන්ගේ මෑණියන් යැයි හැඳින්වනු ලබන හෙයින් උසස්තම සදාචාර ප්‍රමිතියක් උසුලන බව අල් කුර්ආන් කරන ප්‍රකාශය අප ට දැක ගත හැක. මෙම මෑණියන්ගේ සෑම ක්‍රියාවක් ම මුස්ලිම් සමාජය ට මඟ පෙන්වීමක් වීම මෙහි අරමුණ වේ. එහෙත්, සමාජයේ අසරණ තත්ත්වයේ ජීවත් වන වහල් සේවිකාවන් ට ඉස්ලාම් දක්වන අනුකම්පාව හේතුවෙන් ඔවුන් ට ඉස්ලාම් සාධාරණය සලසන බව දැක ගත හැක.

    අද්ල් නම් සාධාරණත්වය අල් කුර්ආනය නිතර අණ කරන අතර, ඉහ්සාන් නම් සංකල්පය කුර්ආනය විශේෂ තත්ත්වයක් දක්වයි. එහි වදනානුසාරයෙන් දක්වන අර්ථය, අලාභය හා අඩු ලුහුඬුකම් ඉවත් කර සමානතාව පවත්වා ගෙන යෑමයි. මෙම වචනාර්ථය යටතේ පරමාදර්ශී උම්මා නොහොත් සමාජය යනු කුර්ආන් පවසන්නේ කුමක් දැයි විමසමු.

    උම්මා යන පදය උපුටා ගනු ලැබුවේ උම් (අරාබි බසින් මව) යන මුල් පදයෙන් ය. තම දරුවන් සියලු දෙනා ම එක හා සමාන නොවන බව ද, ඔවුන්ගේ අවශ්‍යතා එකිනෙක ට වෙනස් වන බව ද මවක් දැන සිටියත් ඔවුන් සියලු දෙනාට ම සැලකිලි දක්වයි. එමෙන් ම පරමාදර්ශී උම්මා, තම සෑම සාමාජිකයන් කෙරෙහි ම සැලකිලි දක්වයි.

    තම දරුවන් අතර එක් දරුවෙකු ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම අසාධාරණ බව දැන සිටියත්, තම ආබාධිත දරුවෙකු ට අමතර සැලකිලි දක්වන මව කෙනෙක් සිදු කරන්නේ අසාධාරණ බව කිසිවෙක් චෝදනා නොනගයි. ඇත්ත වශයෙන් ම තම දෛනික ජීවිත අවශ්‍යතා සමහරක් හෝ කිසිවක් කළ නොහැකි ආබාධිත දරුවා ට විශේෂ සැලකිලි මගින් ඔහුගේ ඌනතාවට සරණ වන එවැනි මවක් ඉහ්සාන් නම් ගුණයේ හරය තවත් අලංකාර ව ප්‍රකාශ කරන බව කිව යුතුය.

    මිනිස් සමාජයේ වරප්‍රසාද අහිමි පිරිස වන කාන්තා වන්, අනාථ දරුවන්, දුප්පත් හා දුබල හා සුළුතර ජනතාවට අනුකම්පා දැක්වීම තුළින් ඉහ්සාන් මුර්තිමත් වන බව සලකන්න.

    1වන කොටස අවසානයි.

    ආචාර්‍ය රිෆාත් හසන් මිය. ජාත්‍යන්තර ඉස්ලාමිය පර්යේෂණ පදනම (IRFI) ආයතනයේ සාමාජිකාවකී. ඇමරිකාවේ, කෙන්ටකි පළාතේ, ලුවිස්විලි විශ්ව විද්‍යාලයේ ආගමික අධ්‍යයනය හා මානව ශාස්ත්‍රය පිළිබඳ මහාචාරිනියකි.

    ඔබේ අගනා අදහස් මෙම ලිපිනයට දන්වන්න.

    අල් කුර්ආනයේ මානව අයිතිවාසිකම් -3

    ආචාර්‍ය රිෆාත් හසන්

    ඇමරිකාවේ ලුයිස්විල්ලි විශ්ව විද්‍යාලයේ

    ආගමක අධ්‍යයනය සහ මානව ශාස්ත්‍රය පිළිබඳ මහාචාරිණි

    පීඩනය සීමාව ඉක්ම වන විට සංක්‍රමණය කිරිමේ අයිතිය

    අල් කුර්ආන් හී ඉගැන් විම ට එකඟ ව මුස්ලිම් වරයෙකු ගේ පරම ළැදිකම අල්ලාහ් කෙරෙහි තිබිය යුතු අතර, එය එක්තරා භූමිය ට හෝ පළාතක ට සීමා කළ නොහැකිය. තම නබිත්වයේ දූත මෙහෙය සම්පූර්ණ කිරීම පිණිස, තමා උපන් භූමිය වන මක්කා නගරය හැර දමා මදිනාව ට සංක්‍රමණය කිරීම ට නබි (සල්) තුමාණන් තීරණය කළහ. මෙම හිජ්රා කිරීමේ සිද්ධිය මුස්ලිම් වරුන් ට ඉතාමත් වැදගත් ඓතිහාසික සහ ආධ්‍යාත්මික සිද්ධියක් බව ට පත් ව ඇත. තම උපන් ස්ථානය දුෂ්ට හා බලවත් පීඩාවෙන් පිරුණු පරිසරයක් බව ට පත්ව එහි දී අල්ලාහ් කෙරෙහි සිදු කළ යුතු ආගමික බැඳීම් ඉටු කිරීම ට හෝ සාධාරණත්වය ස්ථාපනය කිරීම ට නොහැකි වුයේ නම්, මුස්ලිම් වරුන් ට එම භූමියෙන් ඉවත යන ලෙස ඇරයුම් දෙනු ලැබෙති.

    පහත සඳහන් බලවත් වැකි දෙස අවධානය යොමු කරමු.

    إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ قَالُوا فِيمَ كُنتُمْ ۖ قَالُوا كُنَّا مُسْتَضْعَفِينَ فِي الْأَرْضِ ۚ قَالُوا أَلَمْ تَكُنْ أَرْضُ اللَّـهِ وَاسِعَةً فَتُهَاجِرُوا فِيهَا ۚ فَأُولَـٰئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَسَاءَتْ مَصِيرًا ﴿٩٧﴾

    “තමන් ට තමන් ම අපරාධ කර ගෙන සිටින අය ගේ ප්‍රාණය මලාඉකා වරු අත් පත් කර ගන්නා කල් හී, නුඹලා කෙසේ සිටියහු දැ යි (මලාඉකාවරු) ඇසුවෝය. (ඔවුහු) අපි භූමියෙ හි දුබලයින් ව සිටියෙමු යැයි කීවෝය. අල්ලාහ් ගේ පොළොව ඉතා විශාල නොවේ ද? නුඹලා බැහැර නොවුයේ මන්දැ? යි කීවෝය. ඒ අය, ඔවුන් නිවසන තැන ජහන්නම් ය, නපුරුය යන තැන.”

    إِلَّا الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ لَا يَسْتَطِيعُونَ حِيلَةً وَلَا يَهْتَدُونَ سَبِيلًا ﴿٩٨﴾

    “පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද කුඩා දරුවන්ගෙන් ද, කිසිම ප්‍රතිකාරයක් ලබා ගැනීම ට අපොහොසත්ව ද, (එයින් බැහැර යාම ට) මඟ නොදැන ද සිටියවුන් හැර ය.”

    فَأُولَـٰئِكَ عَسَى اللَّـهُ أَن يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ اللَّـهُ عَفُوًّا غَفُورًا ﴿٩٩﴾

    “මොවුන් (අන් අය) ට අල්ලාහ් ක්‍ෂමාව දෙනු නැත. තව ද අල්ලාහ් ඉවසන්නේ ය. කමා කරන්නේ ය.”

    وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللَّـهِ يَجِدْ فِي الْأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً ۚ وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللَّـهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللَّـهِ ۗ وَكَانَ اللَّـهُ غَفُورًا رَّحِيمًا ﴿١٠٠﴾

    “අල්ලාහ් ගේ මාර්ගයෙ හි යමෙක් නික්ම යන්නේ ද ඔහු පොළොවෙ හි විශාල පහසුකම් ඇති තැන් ද, සෞඛ්‍යය ස්ථානයන් ද ලබන්නේ ය. යමකු ඔහු ගේ නිවස හැර අල්ලාහ් වෙත ද ඔහු ගේ රසූල් වරයා වෙත ද නික්ම යන කල් හි ඔහු ට මරණය සිදු වුව හොත් සැබැවින් ම, ඔහු ගේ ඵල විපාක අල්ලාහ් කෙරෙහි ය. අල්ලාහ් ක්‍ෂමාව දෙන්නේ ය. දයාලු ය.” සුරා නිසා වාක්‍ය 97 සිට 100 දක්වා.

    සෞන්දර්යමත් අලංකාරය සහ අල්ලාහ් ගේ ආශීර්වාදය භුක්ති විඳීම සඳහා වු අයිති වාසිකම්.

    “ජීවිතයේ සියලු හොඳ සහ අලංකාර දේ (ඒවා තහනම ට ලක් වූ බව විශේෂයෙන් සඳහන් නොවුයේ නම්) විශ්වාසීන් ට නීත්‍යනුකූල බව ප්‍රකාශ කිරීමෙන්, ජීවිතය ප්‍රතික්‍ෂෙප කරන සන්‍යාසිභාවය, ලොව නොහිමියන ගමන (world renunciation) සහ තමාට ම හිංසා පමුණු වන උග්‍රතාපසය යන සියල්ල මිනිසා ට නුසුදුසු බව අල් කුර්ආනය ඇඟවීම් කරයි.”

    භෞතික, ස්වභාවික, ආශ්චර්යය සිද්ධින් අල්ලාහ් ගේ සංඥාවන් ලෙස සඳහන් කරන අල් කුර්ආනය, යමක් දැකීමෙන් ලැබෙන අවබෝධය ට පිළිකුල් කරන පැරණි ග්‍රීසියේ හරය ට හාත් පසින් ම වෙනස් ය.

    අල් කුර්ආනයේ ඉතා වැදගත් වාක්‍යයන්, අප වටා සිදු වන අල්ලාහ් ගේ මැවීමේ අසීමිත ක්‍රියාකාරිත්ව ය පිළිබඳ ව දීර්ඝ ව කල්පනා කිරීමෙන් ලැබිය හැකි ඥානය සහ තීක්ෂණ බුද්ධිය කෙරෙහි මිනිසා ගේ සිත යොමු කරයි.

    තාපස විනය මුස්ලිම් වරුන් ට නිර්දේශ නොකළ බව අල් කුර්ආන් පවසයි.

    وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتَابَ ۖ فَمِنْهُم مُّهْتَدٍ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ ﴿٢٦﴾ ثُمَّ قَفَّيْنَا عَلَىٰ آثَارِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ابْنِ مَرْيَمَ وَآتَيْنَاهُ الْإِنجِيلَ وَجَعَلْنَا فِي قُلُوبِ الَّذِينَ اتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاءَ رِضْوَانِ اللَّـهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَآتَيْنَا الَّذِينَ آمَنُوا مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ ﴿٢٧﴾

    “පසු ව, ඔවුන් ගේ පියවර මත (අනුගමනය කරමින්) අප ගේ රසූල්වරුන් අනුපිළිවෙල ට අපි යැව්වෙමු. තව ද, මර්යම් ගේ පුත් ඊසා ව ද අනුපිළිවෙල ට අපි යැවීමු. තව ද ඔහු ට අපි ඉන්ජීල ය පිරිනැමු වෙමු. ඔහු ව අනුගමනය කළවුන් ගේ හදවත් තුළ සෙනෙහස ද කරුණාව ද අපි ඇති කළෙමු. තව ද ඔවුහු ආරම්භ කර, එය පිළපදින අයුරින් පිළි නොපැද්දෝය. අපි ඔවුන් ට එය නියම නොකළෙමු. එ බැවින් ඔවුන් අතරින් විශ්වාස කළවුන් ට ඔවුන් ගේ ප්‍රතිඵල අපි ලබා දුනිමු. ඔවුන් අතුරින් බොහෝ දෙනා පාපතරයින් ය.” සූරා අල් හදීද් 57:27- 28

    මරණයෙන් මතු ලෝකය, මේ ජීවිතය ට වඩා බොහෝ වැදගත් බව මුස්ලිම්වරු මතකයේ තබා ගත යුතු ය. එහෙත් මෙලොව ජීවිතයෙ හි අල්ලාහ් ගේ මැවීම් තුළින් සහ ඔහුගෙන් ලැබෙන තිළිණයන්ගෙන් සතුටු විඳීම තහනම් බව පවසන සෘණාත්මක සිතුවිලි සියල්ල ප්‍රතික්ෂේප කරන ලෙස මුස්ලිම් වරුන් ට උපදෙස් දෙනු ලැබෙති.

    قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّـهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ ۚ قُلْ هِيَ لِلَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةً يَوْمَ الْقِيَامَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ ﴿٣٢﴾

    “අල්ලාහ් - ඔහුගේ වහලුන්ට හෙළි කළ අල්ලාහ් ගේ ලක්‍ෂණ (තිළිණ) ද බොජුනෙන් හොඳ දැය ද තහනම් කළේ කවරෙක් ද? යි ඔබු කියනු. එය මෙලොවෙ දී විශ්වාස කළ අයටත් අන් අයටත් ය. නුවණැති ජනතාව ට සංඥාවන් මෙලෙස පැහැදිලි කරන්නෙමු.” සූරා අල් අඅරාෆ් 7:32.

    සියලු වර්ගය ට අයත් අලංකාර දේ ප්‍රිය කිරීම පිණිස කෙනෙකු ගේ සෞන්දර්ය්‍ය පිළිබඳ දැනුම සංවර්ධනය කිරීමේ අයිතිය කුර්ආනය තහවුරු කරයි. මිනිස් සමාජය පෝෂණය කිරීම සඳහා අල්ලාහ් විසින් සපයන ලද සියල්ලෙන් සතුටු වීමේ අයිතිය ජීවිතය තහවුරු කරන කුර්ආනයේ දර්ශනය තුළ ගුඹුරු ව අඩංගුවී ඇත.

    පෝෂණය ලැබීමේ අයිතිවාසිකම්

    සෑම ජීවියෙකු ම තම පෝෂණය සඳහා අල්ලාහ් වෙත රැඳී සිටින බව අල් කුර්ආන් පෙන්වා දෙයි. සියලු දැය හි හිමිකම අල්ලාහ් හැර අන් කිසිවෙකු ට අයත් නොවන බව ඉස්ලාමයේ සමාජීය, ආර්ථික, දේශපාලනීය ක්‍රමයේ මූලික සංකල්පය පවසයි.

    මේ බව අල්ලාහ් ප්‍රකාශ කරන්නේ මෙසේය.

    وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّـهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ ﴿٦﴾

    “තමාගේ යැපීම අල්ලාහ් කෙරෙහි රඳා පවතින මිස පොළොවෙ හි ප්‍රාණියෙක් නැත. එය රැඳෙන තැන ද වසන තැන ද ඔහු (අල්ලාහ්) දන්නේ ය. සියල්ල පැහැදිලි පුස්තකයෙන් ය.” සූරා හූද් 11:6

    සියල්ලන් හී මැවුම් කාරයා අල්ලාහ් වන හෙයින්, සෑම ප්‍රාණයක් ම තමා ට හිමි දැයින් භුක්ති විඳිමේ අයිතිය දෙනු ලැබෙති.

    وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ الْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ ﴿١٦٥﴾

    “ඔහු ය භූමියෙ හි ඔබ ප්‍රතිරාජයා (viceroy) වශයෙන් මිහිතිලය මත පත් කළේ, ඔබ ට දුන් දැයෙ හි ඔබ පරීක්ෂා කරනු පිණිස ඔබගෙන් ඇතමකු ට වඩා ඇතමකු (ධනයෙහි ද ගෞරවයෙහි ද) තරාතිරමෙන් උසස් කෙළේ. නුඹ ගේ පරමාධිපති දඬුවම් දීමෙ හි ශීඝ්‍රය. සැබැවින් ම ඔහු ක්‍ෂමා කරන්නේ ය. දයාලු ය.” සූරා අල් අනාම් 6:165.

    هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِن رِّزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ ﴿١٥﴾

    “මිහිතලය නුඹලා ට උපකාරකයක් ලෙස සකස් කළේ ඔහුම ය. එබැවින් නුඹලා, එහි ප්‍රදේශයන් හි ගමන් කරවු. තව ද ඔහු ගේ ආහාරයෙන් අනුභව කරනු. තව ද (නුඹලා) එක් රැස් කරනු ලබන්නේ ඔහු වෙතම ය.” අල් මුල්ක් 67:15

    මේ අනුව සෑම මිනිසෙකු ට ජීවත් වීමේ උපාය මාර්ගයක් සඳහා අයිතියක් ඇත.

    අති උතුම් අල්ලාහ් මිහිකලයේ සියලු සම්පත් මවා තිබෙන්නේ සියලු ජීවීන් සඳහා ය. මිනිසා ගේ ජීවිතය ට මූලික අවශ්‍ය දේ අයුතු ලෙස අත් පත් කර ගැනීම ට හෝ අපතේ විනාශ කිරීම ට හෝ ආර්ථික හා දේශපාලන බලය සහිත පිරිස ට කිසිදු අයිතියක් නැත.

    යහපත් ජීවිතයක් සඳහා අයිතිවාසිකම්

    ජීවත් වීමේ අයිතිය පමණක් නොව, යහපත් ජීවිතයක් සඳහා තිබෙන අයිතිවාසිකම් සෑම කෙනෙකුට ම ලැබිය යුතු බව අල් කුර්ආන් තරයේ ප්‍රකාශ කරයි. බොහෝ දේ අඩංගු මෙම යහපත් ජීවිතය සාර්ථක වන්නේ මිනිසා ධර්මිෂ්ඨ භාවයෙන් යුත් සමාජයක ජීවත් වන්නේ නම් පමණි.

    කුර්ආනයේ ඉගැන් වීම ට එකඟ ව, සාමය සඳහා සාධාරණත්වය අවශ්‍ය කරුණක් වන අතර, මානව සංවර්ධනය සඳහා සාමය අවශ්‍ය කරුණකි. සාධාරණත්වය පවතින සාමාජයක ඉහත සඳහන් මානව අයිති වාසිකම් සියල්ල දුෂ්කරතාවෙන් තොරව අනුගමනය කළ හැකි වේ.

    මෙ වැනි සමාජයක ආරක්ෂා සහිත වාසස්ථානය සඳහා අයිතිය, පෞද්ගලික දේපළ රැකවරණය සඳහා අයිතිය, ගිවිසුම් ආරක්ෂා කිරීමේ අයිතිය, නිදහසේ ගමන් කිරීම සඳහා අයිතිය යන අනෙකුත් මූලික මානව අයිතිවාසිකමි සියල්ල පවතිනු ඇත.

    මේවා පිළිබඳ ව අල්ලාහ් පවසන්නේ මෙසේය:

    الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَن تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَن يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّـهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّـهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّـهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَن يَتَعَدَّ حُدُودَ اللَّـهِ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ ﴿٢٢٩﴾

    “තලාකය (දික්කසාද ප්‍රකාශය) දෙවරකි. සිරිත් අනුව ඔවුහු (තලාක් ලත් ස්ත්‍රීන්) ගෞරවයෙන් රඳවා ගත යුතුය. නැතහොත් යහපත් අයුරින් මුදා හැරිය යුතුය. අල්ලාහ් ගේ අණ පනත් පිළිබඳ සීමාවන් ඔවුන් දෙදෙනා ට රකින්න ට නොහැකි වෙයි යන බියෙකින් විනා ස්ත්‍රීන් ට ඔබ දුන් දැයින් යමක් ඔබ (ආපසු) ගැනීම ඔබ ට තහනම් ය. ඔවුන් දෙදෙනා අල්ලාහ් ගේ අණ පනත් පිළිබඳ සිමාවන් රකින්නේ නැතැයි ඔබ (දික්කසාද නඩු අසන්නන්) බිය වන්නේ නම් ස්ත්‍රීන් දුන් දැය (පුරුෂයා) පිළිගැනීමෙන් (පසු ව දික්සාද කිරීම) ඔවුන් දෙදෙනාට ම වරදක් නොවේ. මේවා අල්ලාහ් ගේ සීමාවන් ය. එය (සීමා) නොඉක්ම වනු. යම් කෙනෙක් අල්ලාහ් ගේ සීමාවන් ඉක්ම වන්නේ ද ඒ අය ඔවුහු ම වරද කරුවන් ය.” සූරා 2: 229.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ اللَّـهَ يَحْكُمُ مَا يُرِيدُ ﴿١﴾

    තවද “විශ්වාස කරන අයවලුනි! ගිවිසුම් ඉටු කරනු. ඔබ ට ප්‍රකාශ කරන දැය හැර ගවයන් ඔබට අනුමත කොට ඇත. ඉහ්රාම් හි (තත්වයේ) දී දඩයම් කිරීම ඔබ ට තහනම් ය. සැබැවින් ම අල්ලාහ් - ඔහු කැමති පරිදි විනිශ්චය දෙන්නේ ය.” සූරා 5:1.

    උත්තරීතර අල්ලාහ් මෙලෙස ප්‍රකාශ කරයි:

    وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۚ وَأَوْفُوا بِالْعَهْدِ ۖ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا ﴿٣٤﴾

    “අනාථයා ගේ වස්තුව ට ඔහු වැඩි විය ට එළැඹෙන තුරු යහ අයුරින් මිස සමීප නොවනු. තව ද, නුඹලා ගේ ප්‍රතිඥව ඉටු කරනු. සැබැවින් ම (නුඹලා ගේ) ප්‍රතිඥ ව ගැන විමසනු ලබන්නේය.” සූරා අල් ඉස්රා 17:34.

    වෙනත් අයිති වාසිකම්

    ඉස්ලාමීය ඉගැන්වීම් මිනිස් ජීවිතයේ සෑම අංගයක් ම ආවරණය කරන හේතුවෙන්, මානව අයිතිවාසිකම් පිළිබඳ ව නිර්දේශ කරන අල් කුර්ආනයේ වාක්‍ය බොහෝමයක් තිබෙන අතර ඒවා සියල්ල ගැන මෙම කෙටි ලිපියේ සඳහන් කළ නොහැක.

    මෙම ලිපියෙ හි අල් කුර්ආනය සඳහන් කරන, වර්ත මාන මුස්ලිම් සමාජය ට අදාළ මානව අයිතිවාසිකම් කිහිපයක් ගැන සඳහන් කරන ලදී. ඉහත සඳහන් අයිතිවාසිකම් වල ට අමතර ව, තවත් අයිති වාසිකම් කිහිපයක් පිළිබඳ ව පහත් සඳහන් කෙරේ.

    1. සුළු ජාතීන් ගේ සමාජීය හා අධිකරණ ස්වාධීනත්වය සඳහා අයිතිය;

    2. ශුද්ධ වු (දේව) ස්ථානයන් ට ආරක්ෂාව සඳහා වු අයිතිය;

    3. ඕනෑම කෙනෙකු ට තම ආධ්‍යාත්මික මධ්‍යස්ථානය ට ආපසු පැමීණීමේ අයිතිය.

    වර්තමාන ඉස්ලාමීය ලොවේ අල් කුර්ආනයේ ඉගැන්වීම් පිළිබඳ ගැඹුරු ව මෙනෙහි කිරීම ට මුස්ලිම් වරුන් පටන් ගෙන තිබෙන බව ද ඔවුන් ගේ සංඛ්‍යාව දිනෙන් දින වර්ධන වෙමින් පවතින බව ද සලකුණු පෙනේ. ධනවාදය, කොමියූනිස්ට් වාදය හෝ බටහිර ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබඳ මුළාවීම් වලින් ඔවුන් බොහෝ දෙනෙක් මිදෙන්න ට පටන් ගෙන ඇත.

    මෙලෙස මෙනෙහි කිරීම් ගැඹුරු ව සිදු වන විට, අල්ලාහ් විසින් මිනිසා වෙත පවරන ලද (මිහිතලයේ අල්ලාහ් ගේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේ) උත්තරීතර වගකීම ඉටු කළ හැකි වන්නේ මිහිතලයේ සාධාරණත්වය ස්ථාපිත කිරීම තුළින් බව අවබෝධ කර ගන්න ට හැකි වනු ඇත. මෙම කරුණු සාමය සඳහා නිසැක ව අවශ්‍ය වන බව අල් කුර්ආනය සලකයි.

    මිනිසුන් අතර පෞද්ගලික හා සාමුහික මට්ටමේ ව්‍යාප්ත වී පවතින අයුක්තිය, විෂමතා සහ අසාධාරණය ඉවත් නොකර කුර්ආනය සඳහන් කරන සාමය පිළිබඳ ව කිසිවක් කථා කළ නොහැක.

    පවුලේ සාමාජිකයන් අතර සාධාරණත්වය ස්ථාපිත කිරීම සම්බන්ධ ව අල් කුර්ආනීය නීති පද්ධති බොහෝමයක් තිබේ. අනෙකුත් විෂයයන් ට වඩා මෙම මාතෘකාව පිළිබඳ ව කරුණු බොහෝමයක් අල් කුර්ආනය සඳහන් කිරීම වැදගත් කරුණකි. මෙහි තිබෙන වැදගත්කම ගැන කුර්ආනය විශේෂයෙන් පෙන්නුම් කරයි. එනම් තම නිවසේ ජීවත් වන දරුවන්, කාන්තාවන් සහ පිරිමින් ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරනු පිණිස සාධාරණ ව අණ කිරීම ට මිනිසුන් ට හැකි වන්නේ නම්, ඔවුන් ගේ සමාජයේ සහ මිහිතලය මත සාධාරණ ලෙස අණ කිරීම ට ඔවුන් ට හැකි වනු ඇත.

    වෙනත් ආකාරයෙන් පවසන්නේ නම් මුස්ලිම් සමාජයේ සහ ලෝක සමාජයේ මිනිසා ගේ නිවාසය කුඩා කොටසක් ලෙස සලකන අල් කුර්ආනය, සාධාරණත්වයෙන් ජීවත් වීම තුළින් මේ සියලු දේ “සාමයේ වාසස්ථානයක්” බව ට පත් කිරීමේ වැදගත් කම ගැන තරයේ අවධාරණය කරයි.

    නිමි.

    (තෙවන කොටස අවසානයි)

    ඔබේ අගනා අදහස් මෙම ලිපිනයට දන්වන්න.

    වර්ග: