දුආ - ප්රාතර්ථනාව- නැමදුමකි ඉස්ලාමීය වියතුන්ගේ ෆත්වා

කෙටි හැඳින්වීම

1. සලාහ්තයෙන් පසු ඉටු කරන දුආ පිළබව සමස්ථ ලංකා ජාමියතුල් උලමා හෙවත් ACJU වරුන්ගේ නිගමය

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    දුආ - ප්‍රාර්ථනාව- නැමදුමකි

    ඉස්ලාමීය වියතුන්ගේ ෆත්වා

    < සිංහල >

    Author' name

    මව්ලවි එම්.එම්. මුබාරක් ගෆූරි B.A. (මදනි)

    —™

    Translator's name

    මව්ලවි මාහිර් රම්ඩීන්

    Reviser's name

    فتوى جمعية العلماء السريلانكية

    عن الدعاء الجماعي

    < لغة الكتاب >سنهالية

    اسم المعد

    سكرتير جمعية العلماء

    الشيخ/ أحمد مبارك محمد مخدوم

    —™

    ترجمة: ماهر رمدين

    مراجعة: محمد آساد

    සලාතය ට පසු පවතින සාමුහික ප්‍රාර්ථනාවන් හා

    ඒ සඳහා පවසන න්‍යායයන් - අවසාන කොටස

    ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් ලෙස රාත්‍රී කාලය හා අනිවාර්ය ය සලාතයන් පිහිටා ඇති බැවින් අප එම වේලාවන් ප්‍රයෝජනය ට ගත යුතුය. සෑම කෙනෙකු ම තම තමන් ගේ අවශ්‍යතාවන් ඉදිරිපත් කොට පතන මෙම අවස්ථාවන් අත පසු නොවිය යුතුය. අරාබි බසින් පමණක් ඉල්ලිය යුතු ය යන්න නොවේ. තමන් දන්නා භාෂාවකින් ප්‍රාර්ථනා කළ හැක. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා තම අනුගාමිකයින් ට ප්‍රාර්ථනාවන් ඉගැන් වූහ. හදීස් ග්‍රන්ථයන් හි ඇති සියලුම ප්‍රාර්ථනාවන් අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් සහාබි වරු කට පාඩම් කර ගත් දෑ ය. සලාතය අවසන් කළ වහා ම මඃමූන්වරු දෙස හැරී වාඩි වන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හඬ නගා පාරායනය කිරීම සහාබිවරු අසා පාඩම් කර ගත්හ. වහී පහළ වන සෑම අවස්ථාවක ම සහාබි වරුන් සියල්ල පාඩම් කර ගත්හ. දැන් ඒවා ඉතා අලංකාර ලෙස සංස්කරණය කර ඇත. තමන් ට අවශ්‍ය දෑ හඳුනා ගෙන ප්‍රාර්ථනා කරන්නා ය බුද්ධිවන්තයා වනුයේ. මෙය මෙසේ තිබිය දී දැන ට පවතින ක්‍රියාදාමයන් හි ඇතැම් හේතු දක්වමින් සාධාරණී කරණය කර පවසති. ඒවා මෙසේ ය.

    1. මඃමූම්වරු ඉගෙන ගැනීම සඳහා

    ඉගැන් වීම ඉතා හොඳ ය. එමගින් අඥානභාවය ඉවත් කළ හැක. නොදන්නා දෑ දැන ගත් විට වෙනත් යමක් ඉගැන්විය යුතුය. සලාතය ට පසු පවසන ප්‍රාර්ථනාවන් මගින් මඃමූම්වරුන් ට උගන්වනු ලැබේ යැයි පැවසේ. මෙහි ප්‍රශ්නයක් මතු වෙයි. දුආ පතන පිළිවෙළ ඉගෙන ගන්න ද ? නැතිනම් පවසන ප්‍රාර්ථනාවන් ඉගෙන ගන්න ද? යන්නයි. දෙක ම සිදු නොවෙයි. ඉමාම් වශයෙන් පෙනී සිටින්නා තමන් ට කැමති පරිදි ප්‍රාර්ථනා කරයි. සෑම කෙනෙකු ම තම තමන් ගේ වයස සැලකිල්ල ට ගෙන තමන් කොපමණ ප්‍රාර්ථනාවන් කට පාඩම් කර ඇත්තේ දැයි විමසා බලන විට පැහැදිලි වෙයි. ඉගැන්වීම සිදු වී ඇත්තේ ද යන්න වටහා ගත හැකි වෙයි. අද පවතින ක්‍රමයෙහි එක් එක් ඉමාම්වරු නොයෙකුත් ආකාරයෙන් ප්‍රාර්ථනා කිරීම දැකිය හැක. තමන් අපේක්ෂා කරන දෙන තමන් සතු වන්නේදැ යි මදක් සිතා බලන්න.

    2. ෂාෆි මද්හබයේ ආකල්පයේ සාධක ඇත.

    මෙය අලුත් දෙයක් නොවෙයි. රසූලුල්ලාහි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හඬ නඟා පැවසූ දෑ ය සහාබිවරු කට පාඩම් කර වාර්තා කර ඇත්තේ. නමුත් අප අතර දකින මෙම පිළිවෙතෙහි කිසිදු සාධයක් දැකිය නොහැකි ය.

    මෙය පවසා අප ජනයා නොවැළැක් වූ හෙයින් සැබෑ නීතිය වසන් වී ඇත. ඉමාම් නවවි (රහ්මතුල්ලාහි අලෙයිහි) පහත සඳහන් අයුරින් පැවසූහ.

    اتَّفَقَ الشَّافِعِيُّ وَالْأَصْحَابُ وَغَيْرُھُمْ رَحِمَهُمْ الله عَلَى أَنَّهُ يُسْتَحَبُّ ذِكْرُ الله تَعَالَى بَعْدَ السَّلاَمِ وَيُسْتَحَبُّ ذَلِكَ لِلْإِمَامِ وَالْمَأْمُومِ وَالْمُنْفَرِدِ وَالرَّجُلِ وَالْمَرْأَةِ وَالْمُسَافِرِ وَغَيْرِهِ وَيُسْتَحَبُّ أَنْ يَدْعُوَ أَيْضًا بَعْدَ السَّلاَمِ بِالِاتِّفَاقِ

    ඉමාම් ෂාෆිඊ (රහිමහුල්ලාහ්) තුමා ද එතුමාණන්ගේ සගයින් ද සලාතය ඉටු කර සලාම් පැවසීමෙන් පසු ව දික්ර් හි නිරත වීම සතුටු දායක ය. එය ඉමාම්, මඃමූම්, තනි ව සලාතය ඉටු කරන්නා, පිරිමියා කාන්තාව මගියා වැනි සෙසු අයට ද සතුටුදායක කරුණකි. එසේ ම ප්‍රාර්ථනා කිරීම ද සතුටු දායක යන්න සම්මත තීන්දුවකි. (අල්-මජ්මූඃ 3/483)

    මෙහි කොතැනකවත් ඉමාම් පාරායනය කිරීමත් මඃමූම් එයට ‘ආමීන්‘ පැවසීමත් යන්න සඳහන් වී නොමැත. තව දුරටත් එම ග්‍රන්ථයෙහි 487 වැනි පිටුවෙහි ෂාෆි මද්හබය ට අයත් ඉමාම්වරු මෙසේ පවසා සිටිති.

    قَالَ أَصْحَابُنَا إنَّ الذِّكْرَ وَالدُّعَاءَ بَعْدَ الصَّلَاةِ يُسْتَحَبُّ أَنْ يُسَرَّ بِهِمَا إلَّا أَنْ يَكُونَ إمَامًا يُرِيدُ تَعْلِيمَ النَّاسِ فَيَجْهَرَ لِيَتَعَلَّمُوا فَإِذَا تَعَلَّمُوا وَكَانُوا عَالِمِينَ أَسَرَّهُ

    සලාතය ට පසුව දික්ර්, දුආ වැනි දෑ හි නිරත වීම යනු ඒවා හඬ පහත් කරමින් ඉටු කිරීම සතුටුදායක ය. මඃමූම් වරුන් ඉගෙන ගත යුතුයි යන්නෙන් ඉමාම් හඬ නගා පවසයි. නමුත් මඃමූම්වරු ඉගෙන ගත්තේ නම් එය නිහඬ ව පැවසිය යුතු යැයි පවසා සිටියි.

    3. සමාජයේ ගැටලු ඇති විය හැක.

    මේ කරුණ කිසිවෙකු පිළිගන්නේ නැත. සමාජය දැන් ඉතා අවධානයෙන් සිටිති. ආලිම්වරු සත්‍ය ප්‍රකාශ කළ යුතු යැයි ජනතාව කතා කරති. ලියති. මෙම තත්තවය මත ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කරමින් ඈත් වී සිටියේ නම් විනිශ්චය දිනයේ ඔවුන් ආලිම් වරුන් ව පෙන්වා දෙමින් මෙලෙස නොපවසනවා නොවේ ද?

    رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلاَ رَبَّنَا آتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيرًا

    අපගේ පරමාධිපතියාණනි, නියත වශයෙන් ම අපගේ නායකයින්ටත් අපගේ ප්‍රධානීන්ටත් අවනත වූයෙමු. නමුත් ඔවුහු අපව වැරදි මාර්ගය වෙත ට යොමු කළහ. එබැවින් අපගේ පරමාධිපතියාණනි, ඔබ ඔවුන ට දෙගුණයක් දඬුවම ලබා දී ඔවුන් කෙරෙහි අතිමහත් ශාපය ඇති කරත්වා (අල්-කුර්ආන් 33:67,68) යැයි පවසති.

    ඉහත සඳහන් පරිදි සාධාරණීය කරමින් හේතූන් බොහෝමයක් ඉදිරිපත් කරති. ඒවා ට පිළිතුරු දීමේ අපේක්ෂාවක් ගැත්තා ට නොමැත. තැන්පත් ව සිතන්න ට ඇරයුම් කරමි.

    رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّیَّاتِنَا قُرَّةَ أَعْیُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِینَ إِمَامًا

    අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරින්දෑවරුන්ගෙන් ද අපගේ පරපුරෙන් ද දෑසට සිසිලක් අපට පිරිනමනු මැනව ! තවද බිය බැතිමතුන් හට ඉමාම් වරයෙකු ලෙස අපව පත් කරනු මැනව ! (අල්-කුර්ආන් 25:40)

    සාමුහික ප්‍රාර්ථනාවන් සඳහා

    ඉදිරිපත් කෙරෙන සාධක

    සලාතය ට පසු ප්‍රාර්ථනා කළ යුතු දෑ ඉතා පැහැදිලි ව සඳහන් ව ඇත. එලෙස තිබුණ ද සලාතය ට පසු සාමුහික වශයෙන් ප්‍රාර්ථනා කළ යුතු යැයි ඇතැමුන් මුරණ්ඩු කමින් පවසන අතර ඇතැම් සාධක ද ඉදිරිපත් කරති. ඉදිරිපත් කරන හදීස් පූර්ව සාධක සහිත වුවද එය සලාතය ට පසු වර්තමානයේ පවතින ක්‍රමය ට අනුව ප්‍රාර්ථනා කිරීම සඳහා ඒවා සාධක වශයෙන් ගත හැකි ද යන්න සිතා බැලීම ඉතා උචිත ය.

    عَنْ حَبِيبِ بْنِ مَسْلَمَةَ الْفِهْرِيِّ وَكَانَ مُسْتَجَابًا قَالَ لِلنَّاسِ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "لاَ يَجْتَمِعُ مَلَأٌ فَيَدْعُو بَعْضُهُمْ وَيُؤَمِّنُ سَائِرُھُمْ إِلاَّ أَجَابَهُمُ اللهُ" أخرجه الطبراني

    මුස්ලිම් සමූහය එක් වී ඇතැමුන් දුආ ප්‍රාර්ථනා කර සෙසු අය එයට ‘ආමීන්‘ යැයි පැවසුවේ නම් ඔවුන් ගේ ප්‍රාර්ථනාව ට අල්ලාහ් පිළිතුරු නොදී සිටින්නේ නැතැයි තම ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන්නෙකු ව සිටි හබීබ් ඉබ්නු මස්ලමා අල්-ෆිහ්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මූලාශ්‍රය: තිර්මිදි

    මෙම හදීසය ඉතා පැහැදිලි ය. සලාතය ට පසු ප්‍රාර්ථනා කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් මෙහි සඳහන් වී නොමැත. පොදුවේ සාමුහික ප්‍රාර්ථනා ව සඳහා ඉදිරිපත් කෙරෙන සාධකයකි. කුමක් හෝ එක් අවස්ථාවක පාරායනය කෙරෙනු ලැබීම සඳහන් කෙරෙයි. මෙම හදීස ය සලාතය ට පසු පවසනු ලබන සාමුහික ප්‍රාර්ථනා ව සඳහා වූ සාධකයක් වශයෙන් පිහිටන්නේ නම් ඉමාම් මාලික් (රහිමහුල්ලාහ්) තුමා සලාතය ට පසුව පවතින සාමුහික ප්‍රාර්ථනාවෙ හි ක්‍රමය මක්රූහ් යැයි නොපවසන්න ට තිබුණි. (අල්-ෆිරක් 4:300) එපමණක් නොව සලාතය ට පසු ව පාරායනය කිරීම සඳහා පැමිණ ඇති ප්‍රාර්ථනාවන් හි බහු අදහස් නොමැති ව සඳහන් ව ඇති වැකි සහිත ප්‍රාර්ථනාවන් දික්ර් යන්න ඉදිරිපත් කරමින් සාමුහික ප්‍රාර්ථනාව ට සාධක ලබා දිය නොහැකි ය.

    එය සලාතය ට පසු ව යන්නෙන් පිහිටිය ද එය අනිවාර්ය සලාතයෙන් පසු ද නැතිනම් සුන්නත් සලාතයෙන් පසු ද යන්නෙන් මත දරන්නන් ද වෙති. එමෙන් ම අනිවාර්යය සලාතයන් ට පසු පතන ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ යන වැකිය සාමුහික සලාතය පෙන්වා දෙන්නේ යැයි පවසනු ද ලැබේ. නමුත් එය ස්ථීර වචනයක් ලෙස දැක ගත නොහැකි යැයි ඉමාම්වරුන් පවසා ඇත.

    1. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් රාත්‍රිය අවසන් භාගයේ හා අනිවාර්යය සලාතයන්ගෙන් පසු ව වේ. මේ පිළිබඳ ව සඳහන් වී ඇති හදීස් ඉහතින් අපි සඳහන් කළෙමු. එම වේලාවන් දෙක අතුරින් ඇයි අපි එකක් (එනම් අනිවාර්යය සලාතය) වෙත පමණක් යොමුවෙමින් සාමුහික ප්‍රාර්ථනාවට පමණක් සාධක සපයා ගනුයේ? රාත්‍රිය අවසන් භාගයේ ඉටු කරනු ලබන සලාතය ට සාධක පෙන්වූයේ නැත? එය ඇයි දැයි මැනවින් සිතා බැලිය යුතුය. වැරැද්ද අත හැර දැමිය නොහැකි බැවින් වැරදි පැහැදිලි කිරීම් ලබා දී ඇත.

    2.

    عَنْ ثَوْبَانَ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: " ثَلاَثٌ لاَ يَحِلُّ لِأَحَدٍ أَنْ يَفْعَلَهُنَّ: لاَ يَؤُمُّ رَجُلٌ قَوْمًا فَيَخُصُّ نَفْسَهُ بِالدُّعَاءِ دُونَهُمْ ٬ فَإِنْ فَعَلَ فَقَدْ خَانَهُمْ" رواه ابو داود و الترمذي

    එක් ගැත්තෙකු එක් පිරිසක ට සලාතය මෙහෙයවා අයැදින ප්‍රාර්ථනාවෙ හි තමන් ව පමණක් එය ට සතු කර ගන්නේ නම් ඔහු එම ජනයා ට වංචා කළ අයෙකු වන්නේ යැයි සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

    මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි.

    බොහෝ හදීස් ග්‍රන්ථයන් හි සඳහන් ව ඇති මෙය සාමුහික ප්‍රාර්ථනාව ට සාධක වශයෙන් ගනු ලබයි. මේ පිළිබඳ ව අවබෝධයක් නොමැති කම එයින් පෙන්වා දෙනු ඇත. සලාතය මෙහෙයවන කෙනෙකු කුනූත් නාසිලා පවසන විට ද වැසි පතා සලාතය ඉටු කරන විට ද ජුමුආවෙ හි ද එහි සහභාගී වන අයව ද කොටස් කරුවන් බවට පත් කර ගනිමින් බහු වචනයෙන් පාරායනය කළ යුතුය යන්නය පෙන්වා දෙනුයේ. ඒ හැර අනිවාර්යය සලාතයන් ට පසු පවසනු ලබන සම්ප්‍රදාය ට සාධකයක් ලෙස සඳහන් කළේ නැත. ඉමාම් හා මඃමූම් අතර පවතින සම්බන්ධතාව සලාම් පැවසීමත් සමඟම විසන්ධි වනු ඇත. එසේ තිබිය දී ඔහු පෞද්ගලික ව ප්‍රාර්ථනා කර ගැනීම කොයිතරම් නම් වංචාවක් දැයි පවසා තිබෙන්න ට පුළුවන. එබැවින් සලාතයෙහි පවසනු ලබන ප්‍රාර්ථනාවන් විශේෂයෙන් අවබෝධ කර ගත හැක.

    3. අල්-කුර්ආනයේ පවා බහු අදහස් ඇති වාක්‍යයන් ඇතුළත් ප්‍රාර්ථනාවන් පැමිණ ඇත. එය සාමුහික ප්‍රාර්ථනාවන් ට සාධකයකි යැයි පැවසේ. කුර්ආනයෙ හි හා හදීසයෙ හි පැමිණ ඇති ප්‍රාර්ථනාවන් මඃසූරාතයන්. ඒ පිළිබඳ ව විස්තර කරනු ලැබීය. ඒවා අපි කිසිදු වෙනස් කිරීමකින් තොර ව පාරායනය කළ යුතුය. ඒවා සුජූද් හි පැවසිය හැක. එසේ නොමැති නම් වෙනත් වේලාවන් හි පවසා පාරායනය කළ හැක. එහි සඳහන් වී ඇති වැකි බහු අදහස් සහිත ව පැමිණ ඇති බැවින් සලාතය ට පසු ව පවසනු ලබන සාම්ප්‍රදායක ප්‍රාර්ථනාවන් හි රටාව ට සාධක වශයෙන් ගත නොහැක.

    4. තිර්මිදි යන හදීස් ග්‍රන්ථයේ සටහන් ව ඇති 3502 දරණ හදීසයේ සංක්ෂිප්තව පහත සඳහන් අයුරිනි. අල්ලාහ් ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිසියම් හෝ සභාවක සිට නැගිටින විට තම අනුගාමිකයින් සඳහා පහත සඳහන් ප්‍රාර්ථනාව නොඅයැද සිටි අවස්ථාවන් ඉතා අඩුය.

    اللَّهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ مَا يَحُولُ بَيْنَنَا وَبَيْنَ مَعَاصِيكَ وَمِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ جَنَّتَكَ وَمِنَ الْيَقِينِ مَا تُهَوِّنُ بِهِ عَلَيْنَا مُصِيبَاتِ الدُّنْيَا وَمَتِّعْنَا بِأَسْمَاعِنَا وَأَبْصَارِنَا وَقُوَّتِنَا مَا أَحْيَيْتَنَا وَاجْعَلْهُ الْوَارِثَ مِنَّا وَاجْعَلْ ثَأْرَنَا عَلَى مَنْ ظَلَمَنَا وَانْصُرْنَا عَلَى مَنْ عَادَانَا وَلاَ تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا وَلاَ تَجْعَلِ الدُّنْيَا أَكْبَرَ ھَمِّنَا وَلاَ مَبْلَغَ عِلْمِنَا وَلاَ تُسَلِّطْ عَلَيْنَا مَنْ لاَ يَرْحَمُنَا

    මෙම හදීසය පවා සලාතය ට පසු පවසන සාමුහික ප්‍රාර්ථනාව ට සාධකයක් බව පැවසිය නොහැක. සලාතය ඉටු කරනු ලැබූ ස්ථානය සභාවක් ලෙස විග්‍රහය ලබා දීමේ ප්‍රතිවිපාකයක් ලෙස අද ඇතැම් ගම්මාන වල දුආ ප්‍රාර්ථනා පැවසීමෙන් පසු ව සලවාත් පවසා අස්සලාමු අලෙයිකුම් යනුවෙන් ද පවසා අවසන් කර ගනිති.

    ප්‍රාර්ථනාවෙහි ම ගැටලු ඇති කර ගනිමින් අවබෝධයක් නොමැති ව පසු වන අපි ඊට අමතර ව ද පාරායනයන් පවසා සිටීම නබි තුමාණන් ගේ මඟ පෙන්වීම නොවන්නේ ය. සලවාත් පැවසීම කිසිවෙකු වළක්වන්නේ නැත. නමුත් එය ඒ සඳහා වූ ස්ථානය නොවන බව අප වටහා ගත යුතුය.

    වැරදි ලෙස වටහා ගත් විද්වතුන් ගේ ප්‍රකාශයන්

    ආචාර්ය අෂ්-ෂෙයික් සාලිහ් අල්-ෆව්සාන් නමැත්තා සෞදි අරාබියාවේ සිටින විද්වතුන්ගෙන් ප්‍රසිද්ධිය ට පත් අයෙකි. ගත් කතුවරයෙකි. එතුමාණන් සලාතයෙන් පසු ව ප්‍රාර්ථනා කිරීම සම්බන්ධයන් නිකුත් කළ තීන්දුවක් වැරදි ලෙස විස්තර කොට මුද්‍රණය කොට බෙදා හැර ඇත. එතුමාණන් අද්-දඃවා නමැති අරාබි සඟරාවක 1425 ෂඃබාන් (23-09-2004) ලියා ඇත.

    මෙයයි බිද්අත් යනු ෂරීආහ්වේ කිසිදු පදනමක් නොමැති නැමදුමක් බිහි කිරීම වේ. උදාහරණ වශයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ උපත මුල් කර ගෙන මීලාද් උත්සව සැමරීම, මිඃරාජ් හිජ්රත් යන කරුණු මුල් කර ගෙන උත්සව සැමරීම එසේ නොමැති නම් ෂරීආවෙ හි කිසිදු වැදගත් කමක් නොමැති වේලාවක් නැමදුම් සඳහා නියම කර ගැනීම. රජබ් ෂඃබාන් මාසයන් හි රාත්‍රි කාලයන් හි විශේෂ දික්ර් ප්‍රාර්ථනාවන් වැනි දෑ පාරායනය කිරීම වැනි දෑ වේ. එමෙන් ම ෂරීආහ්වෙ හි නොමැති ක්‍රමයක් බිහි කිරීම. උදාහරණ වශයෙන් සාමුහික ව ප්‍රාර්ථනා කිරීම සාමුහික ව දික්ර් කිරීම වැනි බිද්ආහ් වන් අල්ලාහ් ගේ දහමින් අල්ලාහ් වෙතින් ද දුරස් කරනු ලැබූ දෑ ය. මෙලොව හා පරලොව දඬුවම ට ලක් කරන දෑය. හේතුව එය ෂෙයිතාන් ගේ දහම ට අයත් බැවිනි. රහ්මාන් ගේ දහමට අයත් නොවේ.

    මෙලෙස පැහැදිලි ව ප්‍රකාශ කළ දෑ ඇතැමුන් වැරදි ලෙස වටහා ගෙන තිබීම අවධාරණය කළ හැක. සාමුහික ප්‍රාර්ථනාවන් ඉටු කළ යුතුය යනුවෙන් පවසන අය ගේ ප්‍රකාශය ට ඉමාම් ෂාතිබී තුමා ගේ පිළිතුර එතුමා ගේ අල්-ඉඃතිසාම් 1 වැනි වෙළුම (240, 245, 258, 268 හා 485 වැනි පිටුවල) ඉතා අලංකාර ව පැහැදිලි ව සඳහන් කරයි. දැනුවත් කළෙමු. ආලිම් වරුන් මේවා ජනයා ට ඉදිරිපත් කිරීමෙන් ඇති වන ගැටලු බොහෝමයකින් අපව ආරක්ෂා කර ගත හැක. ප්‍රාර්ථනාවන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨ වනුයේ මඃසූරාත් යනුවෙන් බැලුවෙමු. එය කෙදිනක අත හැර දමනු ලැබුවේ ද එදින සිට පොදු ජනයා කිසිදු ප්‍රාර්ථනාවක් පාඩම් නොමැති තත්ත්වයක ට පත් වූහ. රසූලුල්ලාහි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සෑම කරුණක් සඳහා ම එයට අදාළ ප්‍රාර්ථනාවන් උගන්වා දුන්හ. සිය ගණන් ඇති එම ප්‍රාර්ථනාවන් අද සංස්කරණයන් ලෙස එළි දක්වා ඇත. නිදි යහන ට යන විට නින්දෙන් අවදි වන විට නිවසින් පිටත් වන විට වාහනය ට නගින විට වාහනයෙන් බසින විට සිත ට සන්තාපයක් ඇති වූ විට වාහනයක් මිලට ගන්නා විට අඹු සැමි ඇසුරෙහි නිරත වන විට මවිතය ට පත් වන යමක් සිදු වූ විට මරණ දැන්වීමක් ලැබුණු විට ලෙඩෙකු ගේ සුව දුක් විමසන විට මිය ගිය අයගේ ඥාතීන්ට සැනසිලි බස් දොඩන විට ජනාසාවක් සඳහා සලාතය ඉටු කරන විට මිනියක් වළ තුළ දමන විට මගියෙකුගෙන් සමු ගන්නා විට ඔහු ව පිළි ගන්නා විට ආගන්තුක සත්කාර ලැබුණු ස්ථානයක මෙලෙස තවත් බොහෝමයක් කරුණ සඳහා ප්‍රාර්ථනාවන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පෙන්වා නොදී අත හැර දැමුවේ නැත.

    1. මෙලෙස තිබිය දී ඉතා කෙටියෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කෙරෙහි සලවාත් පැවසීම පමණක් ප්‍රමාණවත් යැයි උගන්වා දුන් බැවින් එතුමාණන් පෙන් වූ ප්‍රාර්ථනාවන් පාරායනය නොකර ම අත හැර දැමීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කෙරෙහි සලවාත් පැවසීම වගකීමකි. එය කිසිවෙකු ට ප්‍රතික්ෂේප කළ නොහැක. එතුමාණන් ගේ නාමය සිහිපත් වන සෑම අවස්ථාවක ම එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීම පමණක් නොව සිකුරාදා දිනයන්හි ද සෙසු දිනයන් හි ද එතුමාණන් කෙරෙහි අධික ව සලවාත් පැවසිය යුතුය. සලවාත් පවසන්නන් මතු ලොව එතුමාණන් සමඟ සිටිති. මෙහි අපි අවධානය යොමු කළ යුත්තේ නිවැරදි දේ කියා නොදුන් හේතුවෙන් හා නිවැරදි දෑ පාඩම් නොකළ හේතුවෙන් වෙනත් අය පැවසිය යුතුය යන තත්ත්වයක් උදා වීමය. උදාහරණ වශයෙන්,

    2. ජනාසාවක් ඔසවා ගෙන පැමිණ සලාතය මෙහෙය වන ස්ථානයේ තබා දෙවන තක්බීරය ට පසු ව අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මද් යැයි පැවසීම ප්‍රමාණවත් යැයි උගන්වා දෙනු ලැබේ. නමුත් සම්පූර්ණ සලවාතය පිළිබඳ ව බල කිරීමක් සිදු නොවේ.

    3. තුන් වන තක්බීරය ට පසු ව අල්ලාහුම්මග්ෆිර් ලහූ වර්හම් හූ යනුවෙන් පැවසීම ප්‍රමාණවත් යැයි පැවසේ. මෙමගින් එහි ප්‍රාර්ථනා කළ යුතු පැතුමන් පිළිබඳ ව දිරි ගැන්වීමක් සිදු නොකෙරේ. ඇතැම් විට එවැනි දෙයක් පවා තිබෙන බව පවා ජනයා නොදැනුවත් ව සිටිති. එහි දී සලාතය නිමා වූ පසු දීර්ග ප්‍රාර්ථනාවක් සිදු කරනු ලැබේ. ජනාසා වෙනුවෙන් වූ ප්‍රාර්ථනා ව එම සලාතයෙ හි පැවසිය යුතුය. යන්න පිළිබඳ ව නොදැනුවත් ව සිටිති.

    4. මළ ගෙයක ශෝකය පළ කිරීම පිණිස පැවසිය යුතු ප්‍රාර්ථනා ව මතක් කර දෙනු නොලැබේ. සලවාත් පැවසුවේ නම් ප්‍රමාණවත් යැයි උගන්වනු ලැබේ.

    5. කවර ප්‍රාර්ථනාවක් පවසා මගියෙකු ව ඇරලිය යුතු ද යන්න උගන්වා නොදී අත් අල්ලා සලවාත් පැවසීම ප්‍රමාණවත් යැයි මඟ පෙන්වනු ලැබේ.

    6. ආහාර ගැනීමෙන් පසු ව හෝ ආගන්තුක සත්කාර ලැබුවායින් පසු ව කුමක් පැවසිය යුතු දැයි නොදැන වෙනත් කෙනෙකු ප්‍රාර්ථනා කළ යුතු බව ට අපේක්ෂා කරනු ලැබේ.

    මෙලෙස උදාහරණ බොහෝමයක් දැකිය හැක.

    නියමිත ප්‍රාර්ථනාවන් කට පාඩම් නොකළ අය වෙනත් කිසිවෙකු ප්‍රාර්ථනා කළ යුතු යැයි අපේක්ෂා කරති. තම අවශ්‍යතාවන් කවර භාෂාවකින් වුව ද ඉල්ලා සිටිය හැකිය යන විෂයය නොදැන සිටි කල්හි තවත් දුෂ්කරතාව ට පත් වෙති. අල්ලාහ් ගේ උපකාරයෙන් සමාජයේ ඇති වී තිබෙන අවදිමත් භාවය තුළින් අනාගතයේ ප්‍රාර්ථනාවන් විශාල සංඛ්‍යාවක් කට පාඩම් කරන දැහැමියන් දැක ගත හැක යන ආශාව සිත් පතුලේ ඇත. ඉන්ෂා අල්ලාහ් !

    رَبَّنَا مَا خَلَقْتَ ھَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

    අපගේ පරමාධිපතියාණනි, මේ සියල්ල ඔබ නිෂ්ඵල ලෙස මවා නැත. ඔබ සුවිශුද්ධය. නිරා ගින්නේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව !

    رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

    අපගේ පරමාධිපතියාණනි, ඔබ කවරෙකු ව නිරා ගින්න ට ඇතුළත් කරන්නේ ද ඔහු ව ඔබ සැබැවින් ම අවමානය ලක් කළෙහි ය. තව ද අපරාධකරුවන් ට උදව් කරන කිසිවෙකු නොමැත.

    رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا

    අපගේ පරමාධිපතියාණනි, නුඹලා ගේ පරමාධිපති කෙරෙහි විශ්වාසය තබනු යැයි විශ්වාසය වෙත කැඳවන කැඳවුම්කරු ට සැබැවින් ම අපි සවන් දී විශ්වාස කළෙමු.

    رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ

    අපගේ පරමාධිපතියාණනි, අපට අපගේ පාපයන් ට සමාව දෙනු මැනව ! අපගේ පාප ක්‍රියාවන් අපගෙන් පහ කරනු මැනව ! තවද අපව දැහැමියන් සමඟ මරණය ට පත් කරනු මැනව !

    رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ

    අපගේ පරමාධිපතියාණනි, තවද ඔබේ දූතයාණන් මගින් අප හට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපව අවමානයට ලක් නොකරනු මැනව! සැබැවින්ම ඔබ ප්‍රතිඥාවන් කඩ කරන්නෙකු නොවේ. (යනුවෙන් ප්‍රාර්ථනා කරමින් සිටිති) (අල්-කුර්ආන් 3:191-194)

    සමස්ත ලංකා මුස්ලිම් වියතුන් ගේ සම්මේලනය විසින් නිකුත් කළ තීන්දුව

    වසර 8 කට පමණ පෙර සලාතය ට පසු පවතින සමූහ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් රටේ නොයෙකුත් පලාත් හි ගැටුම්කාරී තත්ත්වයන් උදා විය. පොලිසිය දක්වා එම ගැටලු දීර්ඝ විය. විත්තිකරුවන් ලෙස ගිය සහෝදරයින් අතර නොසුදුසු වචන හුවමාරු පවා සිදු විය. ඒ පිළිබඳ මාධ්‍යයන් ඔස්සේ ද පළ විය. සලාතය ට පසු ව සමූහ ප්‍රාර්ථනාවන් හි නිරත නොවන අය සමඟ සෙසු පිරිස් ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගැනීමටත් විශේෂයෙන් පොදු ජනතාව අතර මෙම ප්‍රශ්නය දීර්ඝ වීමටත් ඇතැම් ආලිම් වරුන් ගේ නිහැඩියා ව හා සමහර ආලිම්වරු පොදු ජනතාව සමඟ පක්ෂ ව කටයුතු කිරීම හේතු විය. එබැවින් සමස්ත ලංකා මුස්ලිම් වියතුන් ගේ සම්මේලනයේ අවධානයට එය ගෙන එනු ලැබීය.

    මේ අතර පුත්තලම ප්‍රදේශයේ සලාතය ට පසු සමූහ ප්‍රාර්ථනාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නය පොලිසිය දක්වා දුර දිග ගොස් එහි සිට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ඉල්ලා ලිපියක් සමස්ත ලංකා මුස්ලිම් වියතුන් ගේ සම්මේලනය ට ඉදිරිපත් කෙරිණ. පුත්තලම ශාඛාවේ උලමා සංගමයේ සභාපති ඍජුව ම ඉහත සඳහන් කරුණ පිළිබඳ තීන්දුවක් ලබා ගැනීම ට කොළඹ ට පැමිණීය. ඒ සමගම ජම්ඉය්යතුල් උලමා 10.02.2001 හි රැස් වූ ෆත්වා සභාවෙහි විශේෂ රැස්වීමෙහි පහත සඳහන් අයුරින් තීන්දු ගෙන එහි පිටපතක් පුත්තලම පොලිස් ස්ථානයටත් සමස්ත ලංකා මුස්ලිම් වියතුන් ගේ සම්මේලනය නිකුත් කළ තීන්දුව පුත්තලම ජම්ඉය්යතුල් උලමා ශාඛාවටත් එවන ලදී.

    එහි පහත සඳහන් අයුරින් සටහන් විය.

    අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය නිමා කළ පසු ව තුන් වරක් ඉස්තිග්ෆාර් සිදු කළ අතර තස්බීහ් තහ්මීද් තක්බීර් යන දෑ ද පාරායනය කර වෙනත් ප්‍රාර්ථනාවන් සමහරක් පාරායනය කරමින් ආහ. සහාබි වරුන් මෙය කට පාඩම් කර තම සලාතයෙන් පසු ව එලෙස සිදු කරමින් පැමිණියහ.

    සෑම මුස්ලිම්වරයෙකු ම සලාතය නිම කළ පසු ව මේවා පාරයනය කළ යුතුය යන්නය නියම ක්‍රමය වනුයේ. පොදුවේ ප්‍රාර්ථනාවන් පතන විට කුර්ආනයේ හා හදීසයේ පැමිණ ඇති මඃසූරාත් ප්‍රාර්ථනාවන් පමණක් පැතිය යුතුය යන්නෙහි කිසිදු ඉමාම් වරයෙකු අතර මත භේද ඇති නොවීය. රසූලුල්ලාහ් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ගේ කාලයේ හෝ සහාබි වරුන් තාබිඊන් වරුන් හා ඉමාම් වරුන් ගේ කාලයන් හි හෝ සලාතය ට පසු ව දැනට ක්‍රියාවෙ හි පවතින මෙන් පුරුද්දක් පැවති බවට කිසිදු සාධකයක් දැකිය නොහැකි ය. මෙම පුරුද්ද ගමින් ගමට වෙනස් වූ ක්‍රමයකින් ද එහි රටාව විවිධ ආකාර වලින් ද පිහිටා තිබීම සුන්නාහ් මඟ පෙන්වීම තුළ ස්ථාපිත නොවූවක් බව පැහැදිලි වන්නේ ය. එබැවින් සලාතය ට පසුව ඉහත සඳහන් පරිදි මඃසූරාත් පාරායනය කිරීමටත් තමන් ට අවශ්‍ය දෑ තමන් විසින් ම ප්‍රාර්ථනා කර ලබා ගැනීමටත් සෑම මුස්ලිම්වරයෙකු ම දැන සිටිය යුතු වගකීමකි. සලාතයන් ට පසුව ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ යන හදීසය අනුව අපි සලාතයන් ට පසුව ප්‍රාර්ථනාවන් අයැද සිටීම සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙසින් කටයුතු නොකළ යුතුය. එමෙන් ම එම ප්‍රාර්ථනා ව සාමුහික ව ඉටු කළ යුතු යැයි මුරණ්ඩුවීම හෝ අනවශ්‍ය ප්‍රශ්න හා ගැටුම් වල නිරත වීම හෝ සලාතය ඉටු කරන මුස්ලිම් වරුන් ට සුදුසු නොවන්නකි.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පෙන්වා නොදුන් දෙයක් සිදු කිරීමට මෙවැනි උත්සාහයන් වල නිරත වීම අපව පාපය කරා යොමු කරවයි. එබැවින් මස්ජිද් පාලකයින් ආලිම්වරු හා වියතුන් සැබෑ තත්ත්වය වටහා ගෙන පොදු ජනතාව ට මඟ පෙන්වීම දැනට පවතින්නා වූ අත්‍යවශ්‍ය කරුණකි. මේ අනුව ක්‍රියා කිරීම ට සර්වබලධාරී අල්ලාහ් සියලු දෙනාට ආශිර්වාද කරත්වා! අල්ලාහ් ය සියලු දෑ පිළිබඳ සර්වඥානී වන්නේ.

    මෙම තීන්දු ව යැවූ අවස්ථාවේ ගැටුම් ඇති කර ගත් ජනයා අවබෝධ කර ගත්හ. පොලිසිය ද සමාදානය ඇති කරන ලදී. අතරින් පතර ඉහත සඳහන් කරුණ පිළිබඳ ව කිසිවෙකු විමසුව ද ජම්ඉය්යා ව ඉහත සඳහන් තීන්දුවෙහි පිටපත් ලබා දෙන්න ට ක්‍රියාත්මක විය.

    ඉදිරිපත් කළ තීන්දු ව පිළිබඳ ව එය නිවැරදි දැයි උලමා සභාවෙන් (02-10-2005 දී) විමසා සිටිය දී ලියූ පිළිතුර සලාතය ට පසුව සාමුහික ප්‍රාර්ථානව පිළිබඳ සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා ඉහත තීන්දු ව නැවතත් තහවුරු කොට ලියූ පිළිතුරු ලිපියෙහි සලාතය ට පසු සාමුහික ප්‍රාර්ථනාව පිළිබඳ ෆත්වා 2001-02-10 වන දින සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා ව විසින් නිකුත් කළ ෆත්වාම ය යන්න තහවුරු කීරීමත් සමඟම සලාතය ට පසු සාමුහික ප්‍රාර්ථනාවන් පිළිබඳ ව තවත් පැහැදිලි ෆත්වාවක් ඉන්ෂා අල්ලාහ් ! ඉතා ඉක්මණින් සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා ව විසින් නිකුත් කිරීම ට නියමිත බවත් සඳහන් කෙරී තිබිණ.

    එසේ තිබුණ ද 10-02-2001 දී නිකුත් කරන ලද තීන්දුවෙහි තෘප්තිය ට පත් නොවූ උලමා සභා සාමාජිකයින් ගෙන් ඇතැමුන් තව දුරටත් ඉහත සඳහන් තීන්දුවෙහි පිටපත් බෙදා නොහරින්න ට උත්සාහ දැරූහ. එකමුතු ව සිටින අපි මෙම තීන්දු ව එවීමෙන් සමාජය තුළ භේදයන් ඇති නොවිය යුතු යැයි පැවසූහ. මෙම ප්‍රකාශයන්ට බිය වී සභා තීන්දුවෙහි පිටපත එවීම ට අවශ්‍ය නොවේ. තවත් එක් විස්තරාත්මක පිළිතුරක් ලිවිය හැකි යැයි තීරණයක් ගෙන දිගු කලක ට පසු සභාව ට ඉදිරිපත් කළ ද එය නිකුත් කරනු නොලැබීය. අරාබි විදුහල් මද්රසා වලින් බලාපොරොත්තු වූ එකඟතාවෙන් යුත් ලිපි නොලැබිණ.

    පුද්ගලික ව සලාතය ට පසු සම්ප්‍රදායානුකූල ව පවතින සමූහ ප්‍රාර්ථනාව ට එකඟ නොවූ ප්‍රසිද්ධියේ පැවසූ උලමා සභාපති එක් අවස්ථාවක කොල්ලුපිටිය ජුමුආ මස්ජිදයේ ජුමුආ සලාතය ඉටු කොට සමූහ ප්‍රාර්ථනාව ඉටු නොකර නැගිට ගිය බව ද පෙන්වා දුන්හ. ආලිම්වරු ජනයාට පැහැදිලි ලෙස පවසා සිටිය යුතු යැයි ද ඉල්ලා සිටියහ. ජාත්‍යන්තර ඉස්ලාමීය සහන සංගමය IIRO ආයතනය මීට කලින් මුද්‍රණය කොට එළි දැක් වූ සලාතය නිමා කළ පසු පැවසිය යුතු ප්‍රාර්ථනාවන් යන දුආ පත්‍රිකාවක් නිකුත් කිරීම ට සූදානම් කොට ඇති බවත් පවසා සිටියහ. එය ද සිදු කළහ.

    جَزاه الله خَيرا

    නමුත් ආලිම්වරු මෙම කරුණ සම්බන්ධයෙන් පොදු ජනයා ට පැහැදිලි කර දීමේ පුරුද්ද ඇති වන තෙක් කරුණ නිරාකරණය කළ නොහැකි බව පැහැදිලි ය. ඇතැමුන් පොදු ජනයා ගේ තෘප්තිය අපේක්ෂා කරති. තවත් සමහරු පුරුද්ද අත හැර දැමීම ට සූදානම් නැත. කෙසේ වුව ද පොදු ජනතාව ට මෙය ළඟා වීම ප්‍රමාද වෙමින් පවතී.

    මෙය පැවසීමෙන් ආලිම් වරුන් ට දොස් පැවරීම අරමුණ නොවේ. සැබෑ තත්ත්වය පැහැදිලි කිරීම හා පොදු ජනයා ගේ එකඟත්වය තුළින් කවර ආගමික තීන්දුවක් වුව ද ක්‍රියාත්මක කළ හැකි යැයි ඉදිරිපත් කිරීම ය මෙහි අරමුණ වනුයේ.

    අල්ලාහ් ගේ ගැත්තනි,

    සලාතය ට පසු සාමුහික ප්‍රාර්ථනා ව යන ප්‍රශ්නය පදනම් කර ගනිමින් ගැටුම් කාරී තත්ත්වයන් ඇති නොකරන්න. ප්‍රශ්න ඇති නොකරන්න. මෙම ග්‍රන්ථයෙහි මට ලැබුණු සියලුම තොරතුරු හා විග්‍රහයන් පවසා ඇත්තෙමි. සමූහ ප්‍රාර්ථනාව පිළිබඳ ප්‍රශ්නය කිසිදු සංවිධානයක බැඳුණු චින්තනයක් නොවේ. ආලිම්වරු සත්‍ය පැවසිය යුතුයි යන අවශ්‍යතාව ජනයා වෙත තිබෙන මෙම අවස්ථාවේ සත්‍යය විග්‍රහ කළ යුතුය. ඇතැම් විට මෙම ග්‍රන්ථයට විමර්ශනයන් අභියෝගයන් හෙළි විය හැක. මා මෙය කිසිවෙකු ට හෝ කිසිවෙකු ගේ ඉල්ලීම මත හෝ නොලිව්වෙමි. අල්ලාහ්ම ය සියලු දෑ මැනවින් දන්නා.

    إِنْ أُرِيدُ إِلَّا الْإِصْلَاحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

    මට හැකි පමණින් (ඔබ ව) නිවැරදි කිරීම හැර වෙන කිසිවක් මම ප්‍රිය නොකරමි. අල්ලාහ් ගේ උපකාරයෙන් මිස (මම ඔබ ව නිවැරදි කිරීම සම්බන්ධයෙන්) සමත් විය නොහැක. ඔහුව ම මම විශ්වාස කර සිටිමි. ඔහු වෙතට ම මම යොමු වූයෙමි.

    අයැදුම

    අහෝ අල්ලාහ්! ඔබේ දහමෙහි පැහැදිලිතාව දෙනු මැනව, අපගේ සලාතයන් හා ඒ සමඟ අප පතන ප්‍රාර්ථනාවන් පිළි ගනු මැනව, සමූහ ප්‍රාර්ථනාව යන්නෙහි ජනයා භේද වී සිටිති. කරුණ පැහැදිලි අය යටත් වී වෙන් වී සිටිති. ඇතැමුන් මෙය සිල්ලර ප්‍රශ්නයක් යැයි පවසා දහම පැහැදිලි නොකර බිය ට පත් වී සිටිති. තවත් ඇතැමුන් සමාජයේ ඇති ප්‍රශ්න මීට වඩා බැරෑරුම් දෑ තිබේ යැයි පවසා ඒ දෙස නොබලති.

    මේ තත්ත්වයේ මා කුමක් කළ යුතු දැයි ලත වන්නෙමි. මා ද වයස්ගත වෙමින් සිටිමි. සඳහන් කළ මෙම ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි නොකරනුයේ ඇයි දැයි යන ප්‍රශ්නය ට පිළිතුර සෙවිය යුතු යැයි මෙය ලියා අවසන් කළෙමි. ඔබ මෙය පිළි ගත යුතු යැයි යටහත් පහත් ව කන්නලව් කර සිටිමි. මා පිළිබඳ දහම වසන් කිරීමේ වරදකරුවෙකු ලෙස නොසලකා ඔබේ ආශිර්වාදයෙන් මා වෙළා ගනු මැනව ! කුමක් හෝ දෙයක් විමසනු ලැබ එය කියා නොදී වසන් කරන වියතුන් ට මතු ලොව ගින්නෙන් යුත් කඩිවාලමක් යොදනු ලැබේ. යැයි ඔබ ගේ නබිවරයා ගේ ප්‍රකාශය සැම විට මා අවවාද කරමින් පවතියි.

    මාගේ පරමාධිපතියාණනි, ඔබේ තෘප්තිය පමණක් මම පතමි. මිනිසා ගේ තෘප්තිය පතා මම මෙය නොලිව්වෙමි. මා පිළි ගනු මැනව !

    اللهُ اعلم

    وصلى الله على نبينا محمد واله وصحبه اجمعين

    والحمد لله رب العلمين

    قَالَ مُعَاذُ بْنُ جَبَلٍ يَوْمًا إِنَّ مِنْ وَرَائِكُمْ فِتَنًا يَكْثُرُ فِيهَا الْمَالُ وَيُفْتَحُ فِيهَا الْقُرْآنُ حَتَّى يَأْخُذَهُ الْمُؤْمِنُ وَالْمُنَافِقُ وَالرَّجُلُ وَالْمَرْأَةُ وَالصَّغِيرُ وَالْكَبِيرُ وَالْعَبْدُ وَالْحُرُّ فَيُوشِكُ قَائِلٌ أَنْ يَقُولَ مَا لِلنَّاسِ لاَ يَتَّبِعُونِي وَقَدْ قَرَأْتُ الْقُرْآنَ مَا ھُمْ بِمُتَّبِعِيَّ حَتَّى أَبْتَدِعَ لَهُمْ غَيْرَهُ فَإِيَّاكُمْ وَمَا ابْتُدِعَ فَإِنَّ مَا ابْتُدِعَ ضَلاَلَةٌ ابو داود - ٤٦١١

    මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. දිනක ඔබ ට පසුව අති විශාල පරීක්ෂණයන් ඇති වේ. එහි ධන සම්පත් වැඩිවනු ඇත. මුඃමින්වරුන් ද මුනාෆික්වරුන් ද පුරුෂයින් ද කාන්තාවන් ද කුඩා දරුවන් ද වැඩිහිටියන් ද නිදහස් පුරුෂයින් ද වහලුන් ද ප්‍රයෝජනය ට ගන්නා තරම ට අල්-කුර්ආනය ද විවෘත කර දෙනු ලැබේ.

    මිනිසා ට කුමක් සිදු වී ඇත්තේ ද? මා පවසන දෑ අසා නොපිළිපදිනුයේ මන්ද ? මම කුර්ආනය කියවා පෙන් වූයෙමි. වෙනත් කිසිවක් සූදානම් කර දෙන තෙක් එය පවා ඔහුහු පිළි නොපදිති යැයි ප්‍රකාශ කරන්නෙකු පත් වෙයි. එබැවින් නවීකරණ වශයෙන් බිහි කරනු ලැබූ දෑ නුඹලා ට අවවාද කරමි. නවීකරණයෙන් බිහි වූ සියල්ල මුළාවකි. !

    මූලාශ්‍රය: අබූ දාවූද්

    පොත අවසානයි

    Contents

    الصفحة

    العنوان

    م

    1

    සමස්ථ ලංකා ජාමියතුල් උලමා හෙවත් වියතුන්ගේ සංගමය මේ පිළිබඳව දුන් ෆත්වා නම් නිගමනය

    1

    2

    3

    4

    5

    6

    7

    8

    9

    10

    11

    12

    13

    14

    15

    ඔබගේ වටිනා අදහස්