අකීදා අහ්ලුස් සුන්නා වඅල් ජමාඅ

කෙටි හැඳින්වීම

අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

ඉස්ලාමයේ මූලධර්මය

عَقِيْدَةُ أهْل السُّنَّةِ وَالجَمَاعَةِ ඉස්ලාමයේ මූලධර්මය

මුහම්මද් අස් සාලිහ් අල් උතෙයිමීන්

පරිවර්තකගේ වදන්

සැමට කරුණභාරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

ප්රශංසා සියල්ල අල්ලාහ්ට හිමි වේවා! අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය මුහම්මද් නබි (සල්) තුමාණන්ට, එතුමාගේ පවුලේ අයට හා අනුගාමිකයන්ට හිමි වේවා!

ඉස්ලාම් දහමට අදාළ වතාවත් මෙන්ම එහි මූලික ප්රතිපත්ති ද නීති රිතීන් ද බොහෝ වැදගත් වේ. අද ලොවේ පවතින දහම් සියල්ලකම ආගමික මූලික ප්රතිපත්ති හා නිති රිති වලට වඩා ආගමික වතාවත් හා පූජා ක්රම වලට වැදගත් තැනක් දෙයි. එනිසා එක් දහමක අනුගාමියෙක් තවත් ආගමික පූජා ස්ථාන වලට ගොස් එහි ඇතැම් පූජා ක්රමයන්හි යෙදීම සහ එහි පඬුරු දැමීම තම ආගමට පටහැණි ක්රියාවක් ලෙස නොදකියි. මේ හේතුවෙන් ඔවුන් අන් ආගමික පූජකයින්ගේ පා මුල වැඳ වැටීම සහ ඔවුන්ගෙන් ආශිර්වාද පැතීම පුණ්ය කර්මයක් ලෙස සලකති.

එහෙත් ඉස්ලාම් එවැනි දහමක් නොවේ. එයට පමණක් ආවේණික වූ මූල ධර්මය සහ නැමදුම් ක්රමයක් ඉස්ලාමයට තිබේ. මෙම සීමාව උල්ලංඝනය කරන කිසිවෙක් සැබෑ මුස්ලිම්වරයෙක් ලෙස සලකනු නොලබයි. ඇතැම් අවස්ථාවන්හි, ඉස්ලාමීය නීති රීති වලට එරෙහි ව සිදුකරන යම් ක්රියාවක් නිසා, කෙනෙකු ව ඉස්ලාම් දහමින් බැහැර කිරීමට පවා අවදානමක් තිබේ. මෙවැනි ක්රියාවන්

رِدَّةٌ

හෙවත් ආගම වෙනස් කිරීමේ පියවරක් ලෙස සැලකේ. එබැවින් මුස්ලිම්වරයෙක් තම ඊමානය හෙවත් ඒක දේව විශ්වාසය දැඩි ලෙස රැක ගැනීම අත්යවශ්ය කරුණක් ලෙස මතක තබා ගත යුතුය. ඊමානයේ මූලික අවශ්යතා කුමක් දැයි නොදත් කෙනෙකුට එය ආරක්ෂා ක රගැනීම ඉතාමත් අසීරු ක්රියාවකි.

මේ හේතුන් නිසා මුස්ලිම්වරුන්, විශේෂයෙන් ඉස්ලාම් දහම අධ්යයනය කරන ජනතාව සහ නුගත් අසරණ පාරම්පරික මුස්ලිම්වරුන් ඉස්ලාමීය අකීදා හෙවත් ඉස්ලාමීය මූල ධර්මය පිළිබඳ ව දැනුම ලබා ගනු පිණිස අෂ් ෂෙය්ක් මුහම්මද් ඉබ්නු සාලිහ් අල් උතෙයිමීන් (රහි) විසින් රචනය කරන ලද

عَقِيْدَةُ أهْل السُّنَّةِ وَالجَمَاعَةِ"

“සුන්නාහ්ව අනුගමනය කරන ජනතාවගේ දේව විශ්වාස" යන නමින් කුඩා පොත් පිංචයක් නිකුත් කරන ලදි. මේ මගින් අල් කුර්ආනය සහ හදීස් වදන් පදනම් කර ගත් ඊමානයේ මූලික විශ්වාසයන් පිළිබඳ කරුණු හයක් පැහැදිලි කරනු ලැබේ. තවද, මෙම පොත් පිංචයට අබ්දුල් අසීස් ඉබ්නු අබ්දුල්ලාහ් බින් බාස් (රහි) තුමාණන් හැඳින්වීමේ වදන් සපයා තිබීම තවත් විශේෂ කරුණකි. මෙම අගනා පොත් පිංචය “ඉස්ලාමයේ මූල ධර්මය" යන නමින් මම සිංහල බසට පරිවර්තනය කෙළෙමි.

මෙහි කර්තෘවරයා වන අෂ් ෂෙයික් අල් උතෙයිමීන් (රහි) තුමා මුළු ලොවම පිළි ගත් ශ්රේෂ්ඨ විද්වතෙකි. මෙතුමා සඌදි අරාබියාවේ අල් කසීම් පළාතට අයත් උනෙයිසා නම් නගරයේ 1347 හිජ්රි වසර රමදාන් මාසයේ 27වන රාත්රියේ ජනිත වුහ. එතුමාගේ පියා මුහම්මද් ඉබ්නු සුලෙයිමාන් වේ.

අෂ් ෂෙයික් අල් උතෙයිමීන් (රහි) තුමා තම මවගේ පියා වන අබ්දුර් රහ්මාන් ඉබ්නු සුලෙයිමාන් අත්තාමික් වෙතින් අල් කුර්ආනය ඉගෙන ගත්තේය. වසය අවුරුදු 14 වන විට සම්පූර්ණ කුර්ආනය කට පාඩම් කර ගෙන ගුරුතුමාට පාරායනය කර පෙන්විය. ඉන් පසු ව අෂ් ෂෙය්ක් අබ්දුර් රහ්මාන් ඉබ්නු නාසිර් අස් සඅදි යන විද්වතෙක් වෙත ගොස් තම අධ්යයන කටයුතු දිගටම කර ගෙන ගියේය. පසු ව උසස් අධ්යාපනය අවසන් කළ එතුමා උනෙයිසා ජුම්ආ මස්ජිදයේ තම අවසාන කාලය දක්වා ප්රධාන ඉමාම්වරයා ලෙස සේවය කළේය. ඒ අතර විශ්ව විද්යාලයේ කලා පීඨයේ කථාකාචාර්යවරයෙක් ලෙස ද සේවය කළේය. පොත් පත් ලිවීමට ඉතාමත් ළැදියාව දැක් වු එතුමා 85ට අධික කුඩා පොත් සහ විශාල ග්රන්ථ ලියා නිම කළේය. මෙම පරිවර්තනය එවැනි එක් පොත් පිංචයකි.

හිජ්රි වසර 1421 ෂව්වාල් මාසයේ 15 වන බදාදා දින මග්රිබ් සලාතයට මඳ වේලාවකට පෙර එතුමා අභාවයට පත් වු බව වාර්තා වී ඇත.

انا لله وانا اليه راجعون

පසු දින මස්ජිදුල් හරාම් හි අසර් සලාතයට පසුව එතුමාගේ ජනාසා සලාතය ඉටු කරන ලදී. විශාල ජන සංඛ්යාවක් එම සලාතයට සහභාගි වුහ. පසු ව එතුමාගේ දේහය මක්කා පොදු සුසාන භූමියේ භූමිදානය කරන ලදි. පසු දින සිකුරාදා සඌදි අරාබියේ සියලු මස්ජිදයන් හි එතුමා වෙනුවෙන් මෘත දේහය නොමැති අවස්ථාවක ඉටු කරන “ගාඉබ්" ජනාසා නැමදුම ඉටු කරන ලදි. එතුමාගේ කබ්රය පුළුල් කර, එය ආලෝකමත් කරන ලෙස ද එතුමාට ජන්නතුල් ෆිර්දවුස් නම් ස්වර්ගය හිමි කර දෙන ලෙස ද ප්රර්ථනා කරමු.

එතුමා රචනය කළ මෙම කුඩා පොත් පිංචය මගින් අපට ද මෙය කියවන අනෙකුත් අයට ද යහ ප්රතිඵල ලැබේ වා යැයි අල්ලාහ් ගෙන් පතමු. මෙය රචනය කළ කර්තෘවරයාටද, මෙය පරිවර්තනය කළ සියලු අයටද, මෙය ප්රකාශයට පත් කරන සියලු දෙනාටද මෙලොව සහ මතු ලොවේ අල්ලාහ්ගේ ආශීර්වාදය සහ ශාන්තිය හිම් වේවා. අපගේ රසූල් මුහම්මද් (සල්) තුමාණන්ට, එතුමාගේ පවුලේ අයට සහ එතුමා අනුගමනය කළ සියලු දෙනාට අල්ලාහ්ගේ ශාන්තිය හිමි වේවා. ආමීන්.

හැඳින්වීම

සැමට කරුණභාරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. ප්රශංසා සියල්ල අල්ලාහ්ට හිමි වේවා. අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය මුහම්මද් නබි (සල්) තුමාණන්ට, එතුමාගේ පවුලේ අයට හා අනුගාමිකයන්ට හිමි වේවා.

අපගේ සහෝදර ගෞරවනීය අෂ් ෂේයික් මුහම්මද් ඉබ්නු සාලිහ් අල් උතෙයිමීන් තුමා විසින් ඉස්ලාමීය අකීදා හෙවත් ඉස්ලාමීය මූල ධර්මය පිළිබඳ ව ලුහුඬු නමුත් පැහැදිලි පොත් පිංචයක් නිකුත් කරන ලදී. එතුමාගේ මෙම අගනා පොත පිළිබඳ ව මට දැන ගන්නට ලැබිණ. එයට සවන් දෙන අවස්ථාවක්ද මට ලැබුණි. එම පොතේ “أَهْلُ السُنَّةِ والجَمَاعَةِ" ඉස්ලාමයේ අකීදා හෙවත් දේව විශ්වාසය කුමක් දැයි පැහැදිලි කර ඇත. අල්ලාහ්ගේ සැබෑ යථාර්ථය, ඔහුගේ අලංකාරවත් නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විස්තර ද, අල්ලාහ්ගේ මලාඉකාවරුන්, රසූල්වරුන්, ඔහුගේ දහම් සහ අවසාන දිනය යන මාතෘකා තුළින් ද, “القَضَاءُ والقَدْرُ - සියලු කටයුතු අල්ලාහ්ගේ කැමැත්තට එකඟ ව සිදු කරනු ලබන බවද එතුමා පැහැදිලි කර ඇත. තවද, මෙම විස්තර තුළින් ශිෂ්යයන්ට සහ අනිකුත් මුස්ලිම්වරුන්ට ඉස්ලාම් පිළිබඳ අවශ්ය සියලු තොරතුරු ලබා දෙන ලදී. තවද, අකීදා පිළිබඳ ව වෙනත් ග්රන්ථයන් හි දක්නට නොමැති තොරතුරු බොහෝමයක් මෙම පොත් පිංචයේ ඇතුළත් කරන ලදී.

අල්ලාහ් එතුමාට සුදුසු ලෙස තිළිණ හිමි කර දෙත්වා. තවද එතුමාගේ දැනුම වර්ධනය කර තව තවත් යහමඟ පෙන්වන ලෙස දුආ කරමි. එමෙන්ම, එතුමාගේ අනිකුත් ග්රන්ථ මගින් මුස්ලිම්වරුන් සියලු දෙනාම ප්රයෝජන ලැබිය හැකි වේවා. තවද, අප ද එතුමා ද, තවත් මුස්ලිම් සහෝදරවරුන් ද යහ මඟ ලබන්නට ද, දඅවා කටයුතු පැහැදිලි අවබෝධයෙන් ඉටු කරන දාඊවරුන් වශයෙන් අප සියලු දෙනා පිළිගත්වා. සැබැවින්ම, සියලු දේ ට සවන් දෙන්නේ සහ අපට සමිප ව සිටින්නේ අල්ලාහ් පමණි. අල්ලාහ්ගේ ශාන්තිය මුහම්මද් නබි (සල්) තුමාණන්ට සහ එතුමාගේ ගෞරවනීය මිත්රයන්ට හිමි වේවා.

මෙයට අල්ලාහ්ගේ ආදරය හා රැකවරණය පතන අබ්දුල්ලා ඉබ්නු අබ්දුල් අසීස් බින් බාස් ( රහි)

කර්තෘගෙන් පෙරවදන

මුළු විශ්වයම මවා පාලනය කරන්නා වූ අල්ලාහ් ට සියලු ප්රශංසා හිමි වේවා. යහපත් අවසානය අල්ලාහ්ට බිය බැතිමත් ව කටයුතු කරන සියලු මුත්තකීන්වරුන්ට හිමිය. අපරාධකරුවන් නොවන අය කෙරෙහි අපිට කිසිදු අමනාපයක් නැත. සැබෑ රජු වන අල්ලාහ් හැර නැමදුමට සුදුසු අන් කිසිවක් නැත. ඔහු එක් කෙනෙකි, ඔහුට සමාන කිසිවක් නැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් නබි (සල්) තුමාණන් අල්ලාහ්ගේ ගැත්තෙක් හා අල්ලාහ්ගෙන් නිවේදනය රැගෙන ආ රසූල්වරයෙක් වන අතර, එතුමාණන් අවසාන නබිවරයා යනුවෙන් මම සාක්ෂි දරමි. එතුමා වෙත, එතුමාගේ පවුලේ සාමාජිකයන්, එතුමාගේ මිතුරන්, අවසාන දිනය දක්වා එතුමාව අනුගමනය කරන සියලු යහපත් ජනතාව වෙත අල්ලාහ්ගේ ආශීර්වාද සදා කල් පහළ වේවා.

සැබැවින්ම, මෙලොව වැසියන්ට ආශීර්වාදයක් වශයෙන් ද, බැතිමතුන් ට නායකයෙක් ලෙසද එතුමා ව පත් කළ අල්ලාහ්, සෘජු මාර්ගය සහ සත්ය දහම එතුමාට පිරිනමා මෙලොවට එතුමා ව පහළ කළේය. තවද, එතුමාණන්ට පිරිනමන ලද දහම හා දේව ඥානය මගින් ද ආගමේ නිවැරදි සිද්ධාන්ත, තොරතුරු, යහ ගුණාංගයන්, අලංකාරවත් හැසිරීම වැනි යහපත් සිදු කරන සියලු ක්රියාවන් පිළිබඳ ව අල්ලාහ් විසින් පැහැදිලි කරනු ලැබීය. මෙයට එකඟ ව නබි (සල්) තුමාණෝ පැහැදිලි මාර්ගයේ තම සමාජය ස්ථාපිත කර මෙලොව අත හැර දමා ගියහ. එම මාර්ගය කෙසේ ද යත් රාත්රියන් හි පවා දහවල් මෙන් ආලෝකයෙන් පිරී එකකි.

විනාශය සොයා යන අය හැර අන් කිසිවෙක් එතුමාණන්ගේ මාර්ගයෙන් ඉවත නොගියෝය. නබි (සල්) තුමාණන්ට පසු ව පැමිණි ශ්රේෂ්ඨ අනුගාමිකයන් වන සහාබාවරුන්, තාබිඊන් වරුන්, මේ පිරිසට පසු ව පැමිණි තබඋත් තාබිඊන් වරුන් සියලු දෙනාම එම මාර්ගය ඔස්සේ ගමන් කළෝය. මේ පිරිස නබි (සල්) තුමාණන්ගේ ෂරීආ නැමැති නීති රීතියද, සුන්නා හෙවත් ආදර්ශයද නිසි ලෙස අනුගමනය කර ඒවා සමාජයේ ප්රායෝගික ව යොදන්නට කටයුතු කළෝය.

එමගින් ස්ථාපිත කරන ලද අකීදා නම් මූලධර්මය ද, ආගමික වත්පිළිවෙත් හා පූජා ක්රමයන් ද, යහ ගුණාංගයන් ද, යහපත් හැසිරීම් ද ඉතාමත් සෘජු ව තම ජිවිතයේ යෙදුවෝය. මෙලෙස සමාජයට කිසිවක් නොසඟවා එම ප්රතිපත්තීන් ඉදිරියට ගෙන ගියෝය. දේව ප්රතික්ෂේප කරන්නන් මෙම ගමනට එරෙහි වූ නමුත් මෙයින් ඔවුන්ගේ ක්රියා මාර්ගයට කිසිදු හානියක් සිදු කළ නොහැකි විය. මේ ආකාරයෙන් තම අවසාන මොහොත දක්වා මේ පිරිස සෘජු මාර්ගයේ ගමන් කළෝය.

අපද එම මාර්ගය පිළිපදිමින් ගමන් කරන්නේ අල්ලාහ්ගේ අනුග්රහයෙන් ය. අල් කුර්ආනය සහ සුන්නාහ්වට එකඟ ව ජීවිතය ගෙවු එම යහපත් පිරිසගේ ආදර්ශය අනුගමනය කරමින් අපි ද යහ මාර්ග ලැබුවෙමු. මේ සඳහා සියලු ප්රශංසා අල්ලාහ්ට හිමි විය යුතුය අල් හම්දු ලිල්ලාහ්. මේ බව අපි සඳහන් කරන්නේ අල්ලාහ් අපට දුන් ඔහුගේ ආශීර්වාද පිළිබඳ ව අන් අයටත් දැන්වීම පිණිස සහ ඉස්ලාමයේ උපත ලැබු දේව ගැත්තන් තම යුතුකම කුමක් දැයි දැන ගනු පිණිසය. තවද අපි සියලු දනාම ඉස්ලාම් දහමේ සහෝදරයන් බවට පත් වීමෙන් අනතුරු ව ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් නම් කලිමාවේ පදනම මත මෙලොව සහ මතු ලොවේ ස්ථීර ව රැඳී සිටීමට අල්ලාහ්ගේ අනුග්රහය පතමු. ඉතාමත් නිර්ලෝභී අල්ලාහ්ගෙන් ඔහුගේ ආශීර්වාදය අප වෙත දෙන ලෙස ප්රාර්ථනා කරමු.

මෙම කරුණු බොහෝ වැදගත් එකක් වන නිසා සහ මේ පිළිබඳ දැනුම ලබන්නට ජනතාව මහත් ඕනෑකමක් දක්වන නිසා මෙය කෙටියෙන් “අහ්ලුස් සුන්නාහ් වඅල් ජමාඅ“ වරුන්ගේ අකීදා පිළිබඳ ව ලියන්නට ආශා කළෙමි. එනම් අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරු, ඔහුගේ රසූල්වරු, අවසාන දිනය සහ සියලු ක්රියාවන් ඒවා යහපත් හෝ අයහපත් හෝ වේවා එවා සියල්ල අල්ලාහ්ගේ අභිමතයට එකඟව සිදුවන බව ද මේවා පිළිබඳ ව අහ්ලුස් සුන්නාහ් වඅල් ජමාඅත් වරුන්ගේ ස්ථාවරය කුමක් ද යන්න පැහැදිලි කිරීමට අපේක්ෂා කරමි. එබැවින් අල්ලාහ් ගේ සතුට අපේක්ෂාවෙන් ඔහුගේ ගැත්තන්ට ප්රයෝජන ලැබිය හැකි දෙයක් වශයෙන් පත් කරන ලෙස ප්රාර්ථනා කරමින් මෙම කාර්යය ආරම්භ කරමි.

මුහම්මද් අස් සාලිහ් අල් උත්මාන්

අපගේ දහමේ මූලධර්මය

අල්ලාහ් මත, ඔහුගේ මලාඉකාවරුන් වන සුර දූතයන් මත, අවසාන දිනය මත සහ හොඳ හා නරක යන සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතයට එකඟවයි යන අපගේ දහමේ මූලධර්මය පහත සඳහන් කුලුනු මත ගොඩ නගන ලදි.

1. අල්ලාහ්ගේ රුබූබියියත් නම් ආධිපත්යය මත විශ්වාසය තැබීම. එනම් නිර්මාතෘවරයා ද, අධිපති ද, සියලු දේ සැලැස්මකට එකඟ ව ක්රියා කරවන්නා ද, සියලු දේ පාලනය කරන්නා ද අල්ලාහ් පමණි යැයි විශ්වාස කිරීම.

මෙය الإيمان بربوبية الله යනුවෙන් හැඳින්වේ.

2. අල්ලාහ්ගේ දේවත්වය පිළිබඳ ව විශ්වාසය තැබීම. සැබැවින්ම නැමදුමට සුදුසු අල්ලාහ් පමණි යැයි විශ්වාස කිරීම. ඔහු හැර අන් සියලු දේ ව්යාජ බවද තරයේ විශ්වාස කිරීම. මෙය الإيمان بألوهية الله යනුවෙන් හැඳින්වේ.

3. الايمان بأسمائه وصفاته - හෙවත් අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් සහ ඔහුගේ උතුම් ගුණාංගයන් කෙරෙහි විශ්වාස කිරීම. අල්ලාහ්ට අලංකාරවත් නාමයන් සහ පරිපූර්ණ ගුණාංගයන් තිබෙන බව විශ්වාස කිරීම. මෙම විශ්වාසය الإيمان بأسمائه وصفاته යනුවෙන් හැඳින් වේ.

4. الإيمان بوحدانية الله تعالى

“ඔහුට සමානතාව නම් කළ හැකි වෙනත් කෙනෙකු නුඹ දන්නෙහි ද?" සූරා මර්යමි 19:65 යන අල්ලාහ්ගේ ඒකීයත්වය කෙරෙහි විහ්වාස කිරීම.

අල්ලාහ් ඔහුගේ මැවීම, ආරක්ෂා කිරිම, විනාශ කිරීම යන සියලු ක්රියාවන් හි ද තම දේවත්වය, තම අලංකාරවත් නාමයන් හා ගුණාංගයන් යන සියල්ලෙහි ඒකීය බවද මේවා කිසිවක ඔහුට සමාන හෝ ආදේශ කළ හැකි කිසිවෙක් නැති බවද විශ්වාස කිරීම.

මෙය الإيمان بوحدانية الله යනුවෙන් හැඳින්වේ.

"رَبُّ السَّماوَاتِ وَالأرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ هل تعلَم لَهُ سَمِيَّا" (مريم:65)

“අහස්හි හා මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරවු. ඔහුට නැමදුම් කිරීමෙහි ඉවසීමෙන් සිටිවු." සූරා මර්යම් 19:65 යනුවෙන් පවසන මෙම කුර්ආන් වාක්ය දෙස අවධානය යොමු කළ යුතුය.

“අල්ලාහ් " යනුවෙන් සඳහන් කරන වදනේ මුල් අර්ථය කුමක් ද? ඔහුගේ උතුම් ගුණාංගයන් හා අලංකාරවත් නාමයන් කුමක් ද? ඔහු ගැන විශ්වාස තැබිය යුත්තේ කෙසේ ද? වැනි විවිධ කරුණු වලට අල් කුර්ආනය සහ සුන්නාහ් පැහැදිලි පිළිතුරු සපයා ඇත. එ බැවින් පහත සඳහන් වාක්යයන් පැහැදිලි කරන ආකාරයෙන් අපගේ ඊමානය සැකසිය යුතුය. අපගේ ඊමානය ඒවාට පටහැණි ව තිබුණේ නම් අපි සැබෑ මූඃමින් බවට පත් විය නොහැක. එම වාක්යයන් මේවා ය.

الله لاَ اِلَه إلَّا هُوَ الحَيُّ القَيُّمُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إلاَّ بِإذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيْطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاواتِ وَالأرْضَ وَلاَ يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ العَلِيُّ العَظِيْمُ. (البقرة:255

“අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය." සූරා බකරා 2: 255

පහත සඳහන් වාක්යය මගින් අල්ලාහ්ගේ ඇතැම් ගුණාංගයන් ගැන ද අලංකාරවත් නාමයන් ගැන ද ඔහුගේ ආධිපත්යය ගැන ද පැහැදිලි කරයි. මේවා කෙරෙහි ද අපි විශ්වාසය තැබිම අත්යාවශ්ය බව දැන ගත යුතුය.

هُوَ اللَّـهُ الَّذِي لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَـٰنُ الرَّحِيمُ ﴿٢٢﴾

“ඔහුමය අල්ලාහ්, ඔහු හැර අන් දෙවිඳෙක් නොමැත. ගුප්ත දෑ හා අදෘශ්යමාන දෑ දන්නාය. ඔහු සැමට කරුණාභරිත පරම කරුණා භරිතය. " සූරා අල් හෂ්ර් 59:22.

هُوَ اللَّـهُ الَّذِي لَا إِلَـٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّـهِ عَمَّا يُشْرِكُونَ ﴿٢٣﴾

“ඔහුමය අල්ලාහ්, ඔහු හැර අන් දෙවිඳෙක් නොමැත. (ඔහු) අධිපතිය. අති පාරිශුද්ධය. කිසිදු අඩුපාඩුකමක් නොමැත්තාය. අභය සලසන්නාය, සර්ව නිරීක්ෂකයාය, අති බල සම්පන්නය. බල පරාක්රමය, අති ගාම්භීරය, ඔවුන් ආදේශ කරන (සියලු) දැයින් සියලු කීර්ති හිමි අල්ලාහ් අති පිවිතුරුය. " සූරා අල් හෂ්ර් 59:23

هُوَ اللَّـهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿٢٤﴾

“ඔහුමය අල්ලාහ්, (ඔහු) මැවුම්කරුය, පූර්ව නිදසුනකින් තොරව නිර්මාණය කරන්නාය, හැඩ ගස්වන්නාය, ඉතා අලංකාර නාමයන් ඔහු සතුය. අහස්හී හා මිහිතලයෙහි ඇති (සියලු) දෑ ඔහු ව පිවිතුරු කරති. ඔහු අති බල සම්පන්නය. සර්ව ප්රඥා වන්තය. " සූරා අල් හෂ්ර් 59:24.

තවද. දරු සම්පත දෙන්නේ සහ මැවීම් සියල්ලන්ට ආහාර සපයන්නේ අල්ලාහ් ය. ඔහුට සමාන ව අන් කිසිවෙක් නැත. ගුප්ත දෑ පිළිබඳ දැනුම ඔහු වෙත බව විශ්වාස කිරීම අනිවාර්යයවේ. පහත සඳහන් වැකි ඒ බව පැහැදිලි කරයි.

لِّلَّـهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ يَهَبُ لِمَن يَشَاءُ إِنَاثًا وَيَهَبُ لِمَن يَشَاءُ الذُّكُورَ ﴿٤٩﴾

“අහස්හී හා මිහිතලයෙහී ආධිපත්යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැනු (දරුව) න් ප්රදානය කරන්නේය. ඔහු අභිමත කරන අයට පිරිමි (දරුව) න් ප්රදානය කරන්නේය." සූරා අෂ් ෂූරා 42:49.

أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَاثًا ۖ وَيَجْعَلُ مَن يَشَاءُ عَقِيمًا ۚ إِنَّهُ عَلِيمٌ قَدِيرٌ ﴿٥٠﴾

එසේ නොමැතිනම් පිරිමින් හා ගැහැනුන් යුගල වශයෙන් ඔවුනට දෙන්නේය. ඔහු අභිමත කරන අයට වඳ (ස්ත්රීන්) බවට පත් කරන්නේය. සැබැවින්ම ඔහු සර්වඥානීය සර්ව ශක්තිවන්තය." සූරා අෂ් ෂූරා 42:50.

لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ ﴿١١﴾

“ඔහු මෙන් කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය. සියල්ල බලන්නාය. " සූරා අෂ් ෂූරා 42:11.

لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ﴿١٢﴾

“අහස්හී හා මිහිතලයේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කළ අය වෙනුවෙන් (ඇති තරම්) ජීවන සැපයුම් විස්තීරණය කරන්නේය. තමද සීමා කරන්නේ ය. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය." සූරා අෂ් ෂූරා 42: 12.

وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّـهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ ﴿٦﴾

“තමාගේ යැපීම අල්ලාහ් කෙරෙහි විනා පොළොවෙහි ප්රාණයක් නැත. එය රැඳෙන ස්ථානයද, වසන ස්ථානයද ඔහු (අල්ලාහ්) දන්නේය. මේවා සියල්ල පැහැදිලි පුස්තකයෙහි සඳහන් වී ඇත." සූරා හූද් 11:6

وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ ﴿٥٩﴾

“ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත." සූරා අල් අනාම් 6:59.

إِنَّ اللَّـهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ ۖ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ اللَّـهَ عَلِيمٌ خَبِيرٌ ﴿٣٤﴾

“සැබැවින්ම පරම හෝරාව පිළිබඳ ව දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද ඔහු වර්ෂාව පතිත කරවන්නේය. ගර්භාෂයන්හි ඇති දෑ දන්නේය. කිසිම ආත්මාවක් එය හෙට දින උපයන්නේ කුමක් දැයි නොදන්නේය. කිසිම ආත්මාවක් කවර භූමියේ මරණයට පත්වන්නේ දැයි නොදන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානිය අභිඥානවන්තය."සූරා ලුක්මාන් 31:34.

තවද, අල්ලාහ් අභිමත දේ අභිමත අවස්ථාවක පැවසීමේ හැකියාව ඇත්තෙකි. ඔහුගේ වදන් වලට සීමාවක් නැත, ඒවා ලියා නිම කළ නොහැක, ඒවා පරිපූර්ණ හා උතුම් වදන් වේ. ජිබ්රීල් (අලෙ) එම වදන් මුහම්මද් (සල්) තුමාණන්ගේ සිත් තුළ පතිත කළේය, යනුවෙන් විශ්වාස කිරීම අපගේ යුතුකමකි. ඒවා පිළිබඳ කුර්ආන් වැකි කිහිපයක් දෙස බලමු.

وَكَلَّمَ اللهُ مُوسَى تَكْلِيمًا

“තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේය." සූරා අන් නිසා 4:164.

وَلَمَّا جَاءَ مُوسَى لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ

“අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි " සූරා අල් ආරාෆ් 7:143.

وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الأيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا

“දකුණු තූර් (කන්ද) අසලින් අපි ඔහුට ඇමතුවෙමු. තවද අපි කතා කිරීම සඳහා ඔහුට සමිප කළෙමු." සූරා මර්යම් 19:52.

لَوْ كَانَ البَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ البَحْرَ قَبْلَ أنْ تَنْفَدَ كَلِمَاتِ رَبِّي

“මාගේ පරමාධිපතිගේ නියෝගයන් (ලිවීම) සඳහා මහ මුහුද තීන්ත බඳු වුවද උදව් පිණිස එවන් හා සමාන මුහුදක් අප ගෙන ආවද මාගේ පරමාධිපතිගේ නියෝගයන් (ලියා) නිම කිරීමට මත්තෙන් මහ මුහුද සිඳි යනු ඇත." සූරා අල් කෆ්හ් 18:109

وَلَوْ أَنَّمَا فِي الْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِن بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمَاتُ اللَّـهِ ۗ إِنَّ اللَّـهَ عَزِيزٌ حَكِيمٌ ﴿٢٧﴾

“මිහිතලයේ ගස් වලින් වූ දෑ පන්හිඳවල් වශයෙන් ද තවද මහ මුහුද එය සමඟ තවත් මුහුදු හතක් (තීන්ත) බවට දීර්ඝ කළ ද අල්ලාහ්ගේ වදන් (ලියා) අවසන් කළ නොහැක. සැබැවින්ම අල්ලාහ් අතිබලසම්පන්නය, ප්රඥාවන්තය." සූරා ලුක්මාන් 31:27.

وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ صِدْقًا وَعَدْلًا

“නුඹගේ පරමාධිපතිගේ වදන සත්යතාවෙන් හා සාධාරණත්වයෙන් පූර්ණවත් විය." සූරා අල් අනාම් 6:115.

وَمَنْ أَصْدَقُ مِنَ اللهِ حَدِيثًا (87)

“අල්ලාහ්ට වඩා කතාවෙන් සත්යය වන්නේ කවරෙකු ද?" සූරා අන් නිසා 4:87

قُلْ نَزَّلَهُ رُوحُ القُدُسِ مِنْ رَبِّكَ بِاالحَقِّ

“නුඹගේ පරමාධිපති වෙතින් (ජිබ්රීල් නම්) පිවිතුරු ආත්මය එය පහළ කළ බව පවසවු "සූරා අන් නහ්ල් 16:102

وَإنَّهُ لَتَنْزِيلَ رَبِّ العَالَمِينَ

“තවද, සැබැවින්ම මෙය විශ්වයේ පරමාධිපතිගේ පහළ කිරීමකි" සූරා අෂ් ෂුරා 26:192

نَزَلَ بِهِ الرُّوحُ الأمِينُ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ المُنْذِرِينَ

(නබිවරය!) නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස නුඹගේ සිත මත එය රැගෙන වීශ්වාසනීය ආත්මය (ජිබ්රීල්) පහළ කළේය." සූරා අෂ් ෂූරා 26:193-194.

بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ

“පැහැදිලි අරබි බසින්ය." සූරා අෂ් ෂුරා 26:195

තවද, අල්ලාහ් පිළිබඳ යථාර්ථය සහ ගුණාංගයන් ඔහුගේ මැවීම් වලට වඩා උතුම් යනුවෙන් ද, ඔහුගේ කීර්තියට එකඟ ව, එයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් ද තම මැවීම් වලට සමාන නොවන ආකාරයෙන් ද ඔහු අර්ෂය මත ඉහළ නැගීය. එහෙත් තම මැවීම් සමඟම ඔහු නිතර සිටියි. මේ නිසා තම මැවීම් හී තත්ත්වය පිළිබඳ ව අවබෝධය සහිතව ද, ඔවුන් පවසන සියලු දෑට සවන් දෙමින්, ඔවුන්ගේ ක්රියාවන් දෙස නෙත් යොමු කරමින්, ඔවුන්ගේ සියලු කටයුතු පාලනය කරමින් සිටින බව විශ්වාස කිරීම අනිවාර්යය වගකීමකි. එහෙත් ජහ්මියියා යනුවෙන් හැඳින්වන පිරිස ද, දෙවියන් වහන්සේ විවිධ රූපයෙන් මහ පොළොව මත විවිධ කාලයේ ජනිත වන ප්රතිපත්තිවාදීන් පවසන ආකාරයෙන්, අල්ලාහ් තම මැවීම් සමඟ මෙලොවේ සිටින බව අපි නොපවසමු. මන්ද යත්, එසේ අදහස් දැරීම හෝ පැවසීම අල්ලාහ්ට එරෙහි ව නින්දා කිරීමක් ලෙස සැලකේ. මෙසේ පැවසීම අල්ලාහ් පිළිබඳ ව නිග්රහ කිරීමකි. තවද මෙලෙස පවසන්නන් නොමඟ ගිය අතර ඔහු අල්ලාහ් ව ප්රතික්ෂෙප කළ කෙනෙකි. මේ බව තහවුරු කරන කුර්ආන් වැකි දෙස බලමු.

َهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ (18)

“තම ගැත්තන්ට ඉහළින් සිට මැඩලන්නේ ඔහුය. තවද ඔහු ප්රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය." සූරා අල් අනාම් 6:18.

خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ يُدَبِّرُ الْأَمْرَ ۖ

“සිව් කාල පරිච්ඡේදයක දී අහස්ද පොළොවද නිර්මාණය කළේ අල්ලාහ් ය.පසුව ඔහුගේ බලය අර්ෂ්හි පිහිටියේය. ඔහු සියලු දැය පරිපාලනය කරන්නේය." සූරා යූනුස් 10:3

لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ

“ඔහු මෙන් කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය සියල්ල බලන්නේය." සූරා අෂ් ෂූරා 42:11.

තවද, සෑම රාත්රියන් හි තුනෙන් කොටසක කාලයක් තම ගැත්තන්ගේ ප්රාර්ථනා වලට අල්ලාහ් පිළිතුරු දෙන බවද, අවසාන දිනයේ ජනතාවට තීන්දුව දීම සදහා පැමිණෙන බවද විශ්වාස කිරීම අපගේ යුතු කමවේ. මේ බව පහත සඳහන් වැකි සනාථ කරයි.

كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا ﴿٢١﴾

“එසේ නොව පොළොව සුනු විසුනු වූ කල්හි" සූරා අල් ෆජ්ර් 89:21

وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ﴿٢٢﴾

තවද, නුඹගේ පරමාධිපති ද ඇණි බැඳ මෙන් මලක්වරුන් ද ඇවිත්" සූරා අල් ෆජ්ර් 89:22.

وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ ﴿٢٣﴾

“තවද, එදින ජහන්නම් නම් අපාය සමීප කරනු ලබන්නේය. එදින මිනිසා සිහිපත් කරන්නේය. ය සිහිපත් කිරීමෙන් ඔහුට කිසිදු වැඩක් වන්නේද? " සූරා අල් ෆජ්ර් 89:23.

إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ ﴿١٠٧﴾

“සැබැවින්ම ඔබගේ පරමාධිපති ඔහු අභිමත කළ දේ සිදුකරන්නේය." සූරා හූද් 11:107

අල්ලාහ්ගේ إرَادَةُ - අභිමත දෙවර්ගයට අයත්ය. එයින් එකක් اِرَدةٌ كَوْنِيَةٌ - ඉරාදා කවුනිය්යා හෙවත් නිර්මාණය කිරීම සඳහා වන අභිමතය.

දෙවනුව اِرَادَةٌ شَرَعِيَّةٌ - ඉරාදා ශර්ඉය්යා හෙවත් නීති පද්ධතිය නොහොත් යහ මාර්ග පිළිබඳ අල්ලාහ්ගේ අභිමතය. මෙයින් පළමු කොටසෙහි මෙලොවෙහි නිර්මාණය කිරීමට අල්ලාහ් අභිමත කරන සියල්ල ඇතුළත් ය. එහි හොඳ හෝ නරක යන කිසිදු භේදයකින් තොරව අල්ලාහ් අභිමත කළ සියලු දැයක්ම සිදු වනු ඇත. එහෙත් මේවා සියල්ල අල්ලාහ් කැමති බව තිබිය යුතු යැයි කිසිදු බලපෑමක් නැත. මේවා අතර අල්ලාහ් කැමති දේ තිබිය හැකිය. එමෙන් ම අල්ලාහ් අකැමති දේ පවා තිබිය හැක.

اِرَادَةٌ شَرَعِيَّةٌ යනු සමාජයේ නීති පද්ධතිය සහ යහපත් මාර්ගය හා සම්බන්ධ වෙයි. මේවා කෙරෙහි අල්ලාහ් කැමති ය. නිදසුනක් වශයෙන් අල්ලාහ්ට නැමදුම් කිරීම, උපවාසයේ යෙදීම වැනි වතාවත් මෙහි අඩංගු වේ.

මේවා ඉටු විය යුතු යැයි අල්ලාහ් අභිමත කරන්නේ නම්, අල්ලාහ් මේවාට කැමැති දක්වන බව පැහැදිලි වේ. කෙසේ වෙතත් اِرَادَةٌ شَرَعِيَّةٌ කෙරෙහි අල්ලාහ් කැමති වන නමුත් ඒවා ක්රියාවේ යෙදීය යුතුයැයි කිසිදු බලපෑමක් නැති බව අපි විශ්වාස කළ යුතුය. පහත සදහන් කුර්ආන් වැකි මේ බව සනාථ කරයි.

ඉරාදා කවුනියියා පිළිබඳ නිදසුන් කිහිපයක්.

وَلَوْ شَاءَ اللَّـهُ مَا اقْتَتَلُوا وَلَـٰكِنَّ اللَّـهَ يَفْعَلُ مَا يُرِيدُ ﴿٢٥٣﴾

“අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුන් මරා නොගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරන්නේය." සූරා බකරා 2:253.

إِن كَانَ اللَّـهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٣٤﴾

“අල්ලාහ් නුඹලා නොයවන්නට සිතුයේ නම්, මගේ උපදේශය නුඹලාට වැඩක් නොවන්නේය. ඔහු නුඹලාගේ පරමාධිපති ය. නුඹලාට වැඩක් නොවන්නේය. ඔහු ඔබගේ පරමාධිපතිය. ඔහු වෙතය නුඹලා පුන පමුණුවනු ලබන්නේය." සූරා හූද් 11:34.

ඉරාදා ශරීඉය්යා පිභිබඳ ව නිදසුන්:

وَاللهُ يُرِيدُ اَنْ يَتُوبَ عَلَيكُمْ

“තවද අල්ලාහ් නුඹලාගේ පාපක්ෂමාව පිළිගැනීමට අපේක්ෂා කරයි." සූරා අන් නිසා 4:27

තවද, අල්ලාහ්ගේ ඉරාදා පිළිබඳ ව අපි දැන සිටියත්, නොදැන සිටියත්, ඒවා අවබෝධ කර ගැනීමේ හැකියාවේ අප තුළ අඩුපාඩු තිබුණත් අල්ලාහ්ගේ ඉරාදා දෙවර්ගයම ඔහුගේම සූක්ෂම දැනුමට එකග ව සිදු වන බව අපි විශ්වාස කළ යුතුය.

اَلَيْسَ اللهُ بِأحْكَمِ الحَاكِمِينَ

“විනිශ්චයකරුවන්ගෙන් ඉතා ප්රඥාවන්ත විනිශ්චය කරුවා අල්ලාහ් නොවේද?" සූරා අත් තීන් 95:8.

තවද, අල්ලාහ් තම බැතිමතුන් කෙරෙහි මහත් ආදරය දක්වයි, එමෙන් ම ඔවුන් ද අල්ලාහ්ට මහත් ආදරය දක්වති. ඒ සමඟ ඔහු සඳහන් කළ යහ ක්රියාවන් සහ යහ පොරොන්දු සියල්ල අල්ලාහ් ප්රිය කරයි. තමා තහනම් කළ පාප ක්රියාවන් සියල්ල අල්ලාහ් පිළිකුල් කරයි. විශ්වාස කළවුන් සහ කුසල් ක්රියාවන් ඉටු කරන්නන් අල්ලාහ් පිළිගනී. ඔහුගේ කෝපයට භාජන වූ කාෆිර් හෙවත් ප්රතික්ෂේප කළවුන් කෙරෙහි අල්ලාහ් කෝප වෙයි යනුවෙන් අපි විශ්වාස කළ යුතුය. මේ බව පහත සඳහන් වැකි සනාථ කරයි.

قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ الله

(නබිවරය!) පවසනු. නුඹලා අල්ලාහ් ව ප්රිය කරන්නන් ව සිටියේ නම් එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලා ව ප්රිය කරනු ඇත." සූරා ආල ඉම්රාන් 3:31.

فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ

“එවිට අල්ලාහ් තවත් පිරිසක් ගෙන එනු ඇත. ඔහු ඔවුන් ව ප්රිය කරයි. ඔවුහු ද ඔහු ව ප්රිය කරති." සූරා අල් මායිදා 5:54

وَاَقْسِطُوا إنَّ اللهَ يُحِبُّ المُقْسِطِينَ

“සැබැවින්ම යුක්ති සහගත ව කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්රිය කරයි." සූරා අල් හුජුරාත් 49:9.

وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ (93)

“තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන්ව ප්රිය කරයි." සූරා අල් මායිදා 5:93.

إِن تَكْفُرُوا فَإِنَّ اللَّـهَ غَنِيٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ الْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ ۗ

“නුඹලා ප්රතික්ෂේප කළේ නම් සැබැවින්ම අල්ලාහ් නුඹලාගෙන් (අවශ්යතා කිසිවක් නොමැති) සර්ව සම්පූර්ණය. ඔහුගේ ගැත්තන්ගේ ප්රතික්ෂේපයට ඔහු කැමති නොවන්නේය. නුඹලා කෘතවේදි වන්නේ නම් නුඹලාගෙන් ඔහු එයින් (කෘතවේදී භාවය) තාප්තිමත් වන්නේය." සූරා අද් දාරියාත් 39:7.

وَلَـٰكِن كَرِهَ اللَّـهُ انبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَ ﴿٤٦﴾

“ඔවුන්ගේ පිටත් වීම ගැන අල්ලාහ් අකැමැති වු හෙයින් ඔවුන් නතරවන්නට ඔහු සැලැස්සුවේය. තවද, නැවතී සිටින්නන් සමඟ (ඔබද) නැවති සිටිනු යැයි ඔවුනට කියන ලදී." සූරා තව්බා 9:46

رَضِيَ اللهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَالِكَ لِمَنَ خَشِيَ رَبَّهُ

“අල්ලාහ් ඔවුන් කෙරෙහි තෘප්තියට පත් විය. ඔවුහු ද ඔහු කෙරෙහි තෘප්තියට පත් වුහ. මේ තමාගේ පරමාධිපතිට බිය බැතිමත් අයටය." සූරා බය්යිනා 98:8

وَلَـٰكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللَّـهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴿١٠٦﴾

“නමුත් කවරෙකු ප්රතික්ෂේපයට තම හදවත විවෘත කර ගත්තේද, එවැන්නන් කෙරෙහි අල්ලාහ්ගෙන් වූ කෝපය ඇත. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ද ඇත." සූරා අන් නහ්ල් 16:106.

තවද, අල්ලාහ්ගේ මුහුණ, ඇස්, අත් වැනි විස්තර සියල්ල සැබෑය, එහෙත් ඔහු ඔහුගේ මැවීම් වලට කිසිසේත් සමාන නොවන බවද, ඔහුගේ ප්රාණය හා පැවැත්ම සම්පූර්ණ හෙයින් අඩ නින්දක් පවා සිදු නොවන බවද, කෙතරම් බරපතළ හා විශාල කටයුත්තක් පවා ඔහු ක්ෂණික ව සිදු කළ හැකි බලය ඇත්තාය. එහෙත් ඔහුට කිසිදු වෙහෙසක් නොමැති බවද, අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) වරයාණන් සඳහන් කළ තොරතුරු සියල්ල සත්යය බවද, එහෙත් ඒවා කිසිවක් ඔහුගේ මැවීම් සමඟ සමාන කිරීම හෝ සසඳා බැලීම නොකළ යුතු බවද විශ්වාස කළ යුතුය. එමෙන්ම අල්ලාහ් පිළිබඳ ව අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ සියලු විස්තර අපද ප්රතික්ෂේප කළ යුතු බව තරයේ විශ්වාස කළ යුතුය. මේ කරුණු කුමක් දැයි පහත සදහන් විස්තර දෙස අවධානය යොමු කරමු.

وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُوالجَلاَلِ وَالإكْرَامِ

“ගෞරවය හා කීර්තිය හිමි නුඹගේ පරමාධිපතිගේ මුහුණ සදා පවතිනු ඇත." සූරා රහ්මාන් 55:27

قَالُوا بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنْفِقُ كَيْفَ يَشَاءُ

“එසේ නොව ඔහුගේ දෑත් (විවෘත ව) දිගු හරිනු ලැබ ඇත. ඔහු සිතන පරිදි පිරිනමන්නේය." සූරා මායිදා 5:64

وَمَا قَدَرُوا اللَّـهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٦٧﴾

“ඔවුන් අල්ලාහ්ට ගෞරවය කළ යුතු අයුරින් ගෞරවය නොකළෝය. (මළවුන් කෙරෙන්) නැගිටවනු ලබන දින මුළු මිහිතලයම ඔහුගේ (අත්) මිට (තුළ) ය. තවද අහස් ඔහුගේ දකුණතෙහි හකුළනු ලැබු දෑ ( බවට පත්)වේ. ඔහු පිවිතුරු විය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය. " සූරා අද්දාරියාත්. 39:67.

وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا

“අපේ ඇස් බැල්ම ඉදිරියේ අපේ නියෝගයෙන්ද නැව සාදනු." සූරා හූද් 11: 37.

තවද, මුහම්මද් නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “අල්ලාහ්ගේ තිරය ආලෝකය වේ. ඔහු එය නිරාවණය කළේ නම්, ඔහුගේ ඇස් කුමන දෑ වෙත පතිත වේ ද, ඒවා සියල්ල ඔහුගේ මුහුණේ ජ්යෝතිමත් ආලෝකයෙන් පිලිස්සී යනු ඇත.“ එමෙන් ම අල්ලාහ්ට නෙත් දෙකක් තිබෙන බව අහ්ලුස් සුන්නා ව අල් ජමාඅත්වරුන්ගේ පිළිගැනීම වේ. දජ්ජාල් පිළිබඳ මෙම හදීසය සනාථ කරයි. “සැබැවින්ම ඔහු (දජ්ජාල්) එක් ඇසක් (පමණක්) සහිත කෙනෙකි. ඔබගේ පරමාධිපතිවරයා එවැනි එක් ඇසක් සහිත කෙනෙක් නොවේ." යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ.

අල්ලාහ්ගේ ස්වභාවය පිළිබඳ ව පහත සඳහන් අල් කුර්ආන් වදන් පැහැදිලි කරයි.

لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ (103)

“කිසිදු දෘෂ්ටීන් ඔහුට ළඟා විය නොහැක. නමුත් ඔහු සියලු දෘෂ්ටීන් ග්රහණය කර සිටී. තවද ඔහු සියුම් ඥානීය. සර්ව ප්රඥාවන්තය." සූරා අල් අනාම් 6:103.

وُجُوهٌ يَّوْمَئِذٍ نَاضِرَةٌ - إلَى رَبِّهَا نَاظِرَةٌ

“එදින සමහර මුහුණු (සතුටින්) පිබිදී පවති. එදින ඒවා තම පරමාධිපති දෙස බලමින් සිටිති." සූරා අල් කියාමා 75:23,23.

لَيْسَ كَمِثْلِهِ شَيْئٌ وَهُوَ السَّمِيعُ البَصِيرُ

“ඔහුමෙන් කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය, සියල්ල බලන්නේය." සූරා අෂ ෂුරා 42:11.

لاَ تَأْخُذُهُ سِنَةٌ وَّلاَ نَوْمٌ

“මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය." සූරා බකරා 2:255.

إذَا اَرَاد شَيْئًا اَنْ يَقُوَلَ لَهُ كُنْ فَيَكُونَ

“ඔහු යමක් සිතුවේ නම් එයට 'වනු' යැයි පැවසු විගස එය සිදුවෙයි.“ සූරා යාසීන් 37,82.

وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ ﴿٣٨﴾

“සැබැවින්ම අපි අහස් ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද දින සයක් තුළදී මැව්වෙමු. කිසිදු වෙහෙසක් අප ස්පර්ශ නොකළේය." සූරා කාෆ් 50;38.

අල්ලාහ් ඔහු ගැනම හොඳ හැටි දනී. එබැවින් ඔහු තමා ගැනම සදහන් කරන සියලු කරුණු ඒ ආකාරයෙන්ම පිළි ගැනීම ද ඔහු තමන් පිළිබඳ ව කුමන දෑ ප්රතික්ෂේප කළේ ද එවා අප ද ප්රතික්ෂේප කිරීම අත්යවශය කරුණකි. තවද, අල්ලාහ් පිළිබඳ ව සැබැවින්ම දන්නේ මුහම්මද් නබි (සල්) තුමාණන් වන හෙයින් එතුමාණන් අල්ලාහ් ගැන කුමක් සඳහන් කළේ ද ඒවා ඒ ආකාරයෙන්ම පිළිගැනීම ද, එතුමාණන් කුමන දෑ ප්රතික්ෂේප කළේ ද ඒවා අපද ප්රතික්ෂේප කිරීම ද අපගේ යුතුකම වේ. මේ මාතෘකාව සම්බන්ධ ව අපට වෙනත් විකල්පයක් නොමැත. එමෙන්ම මෙය සම්බන්ධ ව්යාකූලතාවට පත්වීමට කිසිදු හේතුවක් නැත. එහෙයින් ඉහත සඳහන් ආකාරයට අල්ලාහ් මත විශ්වාසය තැබීම අපගේ පරම යුතුකම වේ.

පළමුවන කොටස

අල්ලාහ් පහළ කළ දහම ද ඔහුගේ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්ව ද, එම ආදර්ශයට එකඟ ව ජිවත් වූ පූර්වගාමින් සහ ඉමාම්වරුන් පෙන් වූ මාර්ගයන් පදනම් කර ගෙන, අල්ලාහ්ගේ ගුණාංගයන් කිහිපයක් පිළිබඳ ව විස්තරාත්මක ව ද තවත් කිහිපයක් පිළිබඳ ව ලුහුඬින් ද, එමෙන් ම ඇතැම් ගුණාංගයන් අල්ලාහ්ට ගැළපෙන බව ද, ඇතැම් ගුණාංගයන් අල්ලාහ්ට නොගැළපෙන බවද ඉහත දී සඳහන් කළෙමු.

තවද, මෙම විෂය සම්බන්ධ ව අල් කුර්ආනයේ සහ සුන්නාවෙහි සඳහන් කරුණු ඒවායේ බාහිර අර්ථය මත පිළිගත යුතු බවද, අල්ලාහ් සහ ඔහුගේ නබි (සල්) තුමාණන් එයින් අදහස් කළ සැබෑ අර්ථයෙන් බැහැර වී නොමග ගිය ජනතා මෙන් නොව, එහි යථාර්ථ අදහස පමණක් පැවසිය යුතු බව අපේ ස්ථාවරය වේ.

තවද, අල් කුර්ආනයේ සහ සුන්නාවෙහි සඳහන් කරුණු සියල්ල සත්යය බවද, එවා එකිනෙකට පරස්පර විය නොහකි බවද අපි ස්ථීර ව දනිමු. මේ බව අල්ලාහ් සඳහන් කරන්නේ මෙසේය.

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا (82)

“අල් කුර්ආනය ගැන ඔවුහු වටහා ගත යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත." සූරා අන් නිසා 4:82.

එ බැවින් කරුණු එකිනෙකට පරස්පරවන්නේ නම්, ඒවා අතර ඇතැම් තොරතුරු අසත්යය වේ. එසේ නොවේ නම් ඒවා වැරදි වේ. එහෙත් අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමාණන් දන්වන තොරතුරු වල එවැනි අසත්යය හෝ වැරදි කිසිසේත් තිබිය නොහැක. එනිසා අල්ලාහ්ගේ දහමෙහි හෝ රසුල් (සල්) තුමාණන්ගේ සුන්නාහ්වෙහි එකිනෙකට පරස්පර විෂයයන් තිබෙන බව කවරෙකු හෝ වාද විවාද කරන්නේ නම්, එය ඔහුගේ අයහපත් සිතුවිලි සහ වංක අරමුණ ප්රකාශ කරයි. එබැවින් එවැනි කෙනෙක් තම වැරදි මත සියල්ල ඉවත් කර අල්ලාහ්ගෙන් සමාව අයැද නිවැරදි මඟට පැමිණිය යුතුය. එපමණක් නොව කවරෙකු හෝ අල්ලාහ්ගේ දහමෙහි හෝ සුන්නාවෙහි යම් පරස්පරතා තිබෙන බව සිතන්නේ නම්, ඔහුගේ බුද්ධියෙහි තිබෙන දුබලතාව සහ සත්යය වටහා ගැනීමේ හැකියාවේ ඌනතාව ප්රකාශ කරයි. එබැවින් සත්යය අවබෝධ කර ගනු පිණිස දැනුම සෙවීම ද, ඒ සදහා පරිශ්රමය දැරීම ද ඔහුගේ යුතුකම වේ. මෙයින් පසුව ද ඔහුට සත්යය වටහා ගත නොහැකි වන්නේ නම්, ඒ පිළිබඳ ව අනුමානය නොකර, උගත් විද්වතුන්ට මෙම විෂය භාර කළ යුතුය. තවද, කුර්ආනයේ සහ සුන්නාවෙහි එකිනෙකට පරස්පර කිසිවක් නොමැති හෙයින් යම් කරුණක් පැහැදිලි නොමැති අවස්ථාවක උගත් විද්වතුන් පවසන ආකාරයෙන් آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا “තව ද අපි ඒවා විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති." සූරා ආල ඉම්රාන් 3:7.

2වන පරිච්ඡේදය -

මලාඉකාවරු කෙරෙහි විශ්වාස කිරීම

මලාඉකාවරුන් යනු අල්ලාහ්ගේ ගෞරවනීය බැතිමතුන් ය. ඔවුන් මවනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා පමණි. එබැවින් ඔවුන් නිතරම අල්ලාහ්ට පුද පූජා කරමින් ඔහුගේ අණට අවනත ව සිටිති යනුවෙන් විශ්වාස කිරීම අපගේ යුතුකම වේ. ඔවුන් පිළිබඳ ව අල්ලාහ් සඳහන් කරන්නේ මෙසේය.

عِبَادٌ مُّكْرَمُونَ ﴿٢٦﴾ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ ﴿٢٧﴾

“ඔවුන් (මලාඉකාවරුන්) ගෞරවයට පාත්ර වූ ගැත්තන්ය. වදනකින් වුව ද ඔවුහු ඉදිරියෙන් නොයන්නොය. තවද ඔවුහු ඔහුගේ නියෝග ඉටු කරන්නෝය." සූරා අල් අන්බියා 21:27.

අපගේ දෑසට ඔවුන් නොපෙනෙන අයුරින් අල්ලාහ් සඟවා තබා ඇත. කෙසේ වෙතත් අල්ලාහ්ගේ ගැත්තන් කිහිප දෙනෙකුට පමණක් මලඉකාවරුන් ව නිරාවරණය කළේය.

ජිබ්රීල් (අලෛ) දෙස බැලු විට එතුමා පක්ෂිපත්ර හය සීයක් සහිත ව ඈත අහස ආවරණය කර ගෙන සිටින බව නබි (සල්) තුමාණන් දුටුහ. මිනිස් රූපයෙන් ජිබ්රීල් (අලෛ) තුමා පැමිණ මරියම් (අලෛ) තුමිය සමඟ කතා කළේය. එක් දිනක් මුහම්මද් නබි (සල්) තුමාණන් තම සගයින් අතර වාඩි වී සිටින විට, මිනිස් හැඩයෙන් ජිබිරීල් (අලෛ) එතැනට පැමිණියේය. එහෙත් එතුමා ව හඳුනා ගැනීමට සහාබාවරුන්ට නොහැකි විය. එම අවස්ථාවේ ජිබ්රීල් (අලෛ) සුදෝ සුදු ඇඳමෙන් සැරසී සිටියේය. එතුමාගේ හිස කෙස් තද කළු පැහැති ව තිබුණි. ගමනේ මහන්සිය ඔහු වෙත පෙනෙන්නට නොතිබුණි. නබි (සල්) තුමාණන්ගේ දණහිස් දෙක තම දණහිස් සමීප කර ඔහු වාඩි විය. පසුව දෙදෙනානම තමන් අතර සාකච්ඡා කළෝ ය. ඔහු එම ස්ථානයෙන් ඉවත් ව ගිය පසු, ඔහු ජිබ්රීල් (අලෛ) බව තම සගයින්ට රසූල් (සල්) තුමාණන් පැවසුහ.

මලාඉකාවරුන් අතර විවිධ වගකීම් අල්ලාහ් භාර කර ඇති බව අපි විශ්වාස කරමු. රසූල්වරුන් (සල්) තුමාණන් වෙතට අල්ලාහ්ගේ නියෝගයන් රැගෙන එමේ වගකීම ජිබ්රීල් (අලෛ) තුමාට පවරා ඇත. එමෙන් ම ලෝකාන්ත දිනයේ ද, මළවුන් යළි නැගට වන අවස්ථාවේ ද සූර් නම් හොරණෑව නාද කිරීමේ වගකීම ඉස්රාෆීල් (අලෛ) වෙත ද, වර්ෂාව පිළිබඳ වගකීම මීකාඉල් (අලෛ) වෙත ද, මළවුන්ගේ ප්රාණය අත්පත් කර ගැනීමේ වගකීම මලක් අල් මවුත් වෙත ද, අපාය භාර ව මාලික් (අලෛ) වෙතද පවරා ඇත. එමෙන්ම කඳුවැටි ආරක්ෂා පිළිබඳ වගකීම ද, ගර්භාශයේ සිටින කලලය පිළිබඳ ආරක්ෂා කිරීම සඳහා ද, මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා ද, සෑම මිනිසෙකුගේ ක්රියා කලාපය සටහන් කර ගනු පිණිස ඔහුගේ වම් සහ දකුණු පැත්ත මලාඉකා වරුන් දෙදෙනෙක් ද යනාදි වශයෙන් විවිධ වගකීම් ඔවුන් පවරන ලදී.

إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ ﴿١٧﴾

“දකුණු පසින් ද වම් පසින් ද හිඳ සටහන් කරන දෙදෙනෙක් සටහන් නොකර නැත. " සූරා කාෆ් 50:17

مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ ﴿١٨﴾

“නිවැරදි ව සටහන් කරන්නන් ඔහු අබියස (සටහන් කරමින්) මිස කිසිදු වදනක් ඔහු උච්චාරණය නොකරන්නේය." සූරා කාෆ් 50 :18

එමෙන්ම මළවුන් සොහොනෙහි තැන්පත් කළ විගස ඔවුන්ගෙන් ප්රශ්න අසන්නට මලාඉකාවරුන් පත් කර ඇත. මේ මලාඉකාවරුන් මළවුන්ගෙන් ඔවුන්ගේ පරාධිපති පිළිබඳ ව ද, ඔවුන්ගේ දහම පිළිබඳ ව ද, ඔවුන්ගේ නබිවරයා පිළිබඳ ව ද ප්රශ්න කරන්නෝය. එම මිනිසා යහපත් බැතිමතෙකු වුයේ නම් එහි දි ඔහුට සහනය සලසා ගෙනු ලබයි. තවද, ස්වර්ගය නඩත්තු කිරීම සඳහා ද මලාඉතාවරුන් පත් කර ඇත.

يُثَبِّتُ اللَّـهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَيُضِلُّ اللَّـهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّـهُ مَا يَشَاءُ ﴿٢٧﴾

“අල්ලාහ් ව විශ්වාස කළවුන් ට මෙලොව ජිවිතයේ හා මතු ලොවෙහි ස්ථාවර වදනින් ස්ථාවරවත් කරන්නේය. තවද අල්ලාහ් අපරාධකරුවන් ව නොමඟ යෑමට හරින්නේය. තවද, ඔහු අභිමත කරන දෑ කරන්නේය." සූරා ඉබ්රිහීම් 14: 27.

وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ ﴿٢٣﴾

තවද. මලාකාවරුන් (ස්වර්ගයේ) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත ඇතුළු වෙති. " සූරා අර් රාද් 11:23

سَلَامٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ ﴿٢٤﴾

“නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තියයි. තවද අවසන් නිවහන යහපත් විය. (යැයි මලාඉකාවරුන් පවසති)." සූරා අර් රාද් 13: 24.

තවද, නබි (සල්) තුමාණන් එක් අවස්ථාවක මලාඉකාවරුන් පිළිබඳ ව සඳහන් කරන විට, “අහසේ තිබෙන البَيْتُ المَعْمُور නමැති දේව ස්ථානයට මලාඉකාවරුන් දිනපතා ඇතුළුවෙමින් සිටිති යනුවෙන් වදාළහ. තවත් වාර්තාවකට අනුව “දිනපතා එය තුළ මලාකාවරුන් හැත්තෑ දහසක් නැමදුම් කරමින් සිටිති." යනුවෙන් වදාළහ.

3වන පරිච්ඡේදය -

නබිවරුන් හා ග්රන්ථ වෙත විශ්වාස කිරීම

අල්ලාහ් ඇතැම් මිනිසුන් සන්දේශකවරුන් වශයෙන් තෝරා ගෙන ඔහුගේ මැවීම් වෙත ඔවුන් එවීය. මෙම සංදේශකවරුන් අතර නූහ් (අලෛ) ප්රථමයා වන අතර මුහම්මද් (සල්) තුමාණන් අවසාන සංදේශකවරයා බව අපි විශ්වාස කරමු.

رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا (165)

“ඇතැම් රසූල්වරුන් එම රසූල් රුන්ට පසු ව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්රඥාවන්ත විය." සූරා අන් නිසා 4:165.

مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ اللَّـهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّـهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا ﴿٤٠﴾

“මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය." සූරා අල් අහ්සාබ් 33:40.

නබිවරුන් අතුරින් උතුම් ප්රශංසා ලැබුවේ මුහම්මද් නබි (සල්) තුමාණන්ය. එයින් පසු ව ඉබ්රාහීම්, මූසා, නූහ්, මර්යම් තුමියගේ පුත්ර ඊසා යන නබිවරුන් උතුම් ප්රශංසා ලැබු අය වෙති. මේ නබිවරුන් පිළිබඳ ව පැසසුම් කරන විට අල්ලාහ් මෙලෙස පවසයි.

وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا ﴿٧﴾

“අපි නබිවරුන්ගෙන් ඔවුන්ගේ ප්රතිඥාව ගත් අවස්ථාව (නබිවරය සිහිපත් කරවු) තවද, නුඹගෙන් ද නූහ් ගෙන් ද ඉබ්රාහීම් ගෙන් ද මූසාගෙන් ද මර්යම්ගේ පුත් ඊසාගෙන් ද (ඔවුන්ගේ ප්රතිඥාව ගත් අවස්ථාව ද නබිවරය සිහිපත් කරවු) අපි ඔවුන්ගෙන් ස්ථීර වූ ප්රතිඥාවක් ගත්තෙමු." සූරා අල් අහ්සාබ් 33:7.

තවද, එම විශිෂ්ට රසූල්වරුන්ගේ ෂරීආ හෙවත් නීති රිති වල තිබෙන සියලු යහපත් කරුණු මුහම්මද් (සල්) තුමාණන් ගෙන ආ ෂරීආවෙහි ඇතුළත් වී තිබෙන බව අපි විශ්වාස කරමු. මේ බව අල්ලාහ් සනාථ කරන්නේ මෙසේය.

شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ ۖ أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ ۚ

“නූහ් ට කවර දෙයක් පිළිබඳ ව අවවාද කළේ ද එයම දහමින් නුඹලාට ද ආගමානුගත කළේය. අපි නුඹ වෙත වහී පහළ කළ දෑ ද ඉබ්රාහීම්ට, මූසාට, ඊසාට කවර දෙයක් පිළිබඳ ව අවවාද කළේ ද එය ද වන්නේය. නුඹලා දහම ස්ථාපිත කරවු. එහි නුඹලා වෙන්ව නොයවු. යන්නයි." සූරා අෂ් ෂූරා 42:13.

තවද, රසූල්වරුන් සියලු දෙනාම අල්ලාහ්ගේ මැවීම් බව ද, මේ පිරිස වෙත විශේෂ දේවත්වයක් නොමැති බව ද විශ්වාස කිරීම අපගේ යුතුකම වේ. මේ සම්බන්ධ ව නූහ් (අලෛ) තුමා පැවසු කරුණු ගැන අල්ලාහ් අල් කුර්ආයේ මෙසේ සඳහන් කරයි.

وَلَا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّـهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ إِنِّي مَلَكٌ

“අල්ලාහ්ගේ සම්පත් මා ළඟ තිබේ දැයි ද ගුප්ත දැය මම දනිමියි ද මම ඔබට නොකියන්නෙමි. මම මලාඉකාවරයෙකිමි යනුවෙන් නොකියන්නෙමි." සූරා හූද් 11:31.

قُلْ لَا أَقُولُ لَكُمْ عِنْدِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ

(නබිවරය පවසනු) අල්ලාහ්ගේ සම්පත් මා වෙත තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම ගුප්ත දෑ නොදනිමි. මම මලාඉකාවරයකු ද නොවෙමි, " සූරා අල් අනාම් 6:50.

قُلْ لا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلا ضَرًّا إِلا مَا شَاءَ اللَّهُ

“අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි." සූරා අල් අඃරාෆ් 7:188. යනුවෙන් ද

قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا ﴿٢١﴾

“සැබැවින්ම, නුඹලාට කිසිදු හානියක් කිරීමේ හෝ යහමඟ කෙරෙහි රැගෙන ඒමේ හැකියාව මා සතු නොවන්නේය යැයි පවසවු" සූරා අල් ජින් 72:21 නබි (සල්) තුමාණන්ට අල්ලාහ් අණ කරයි.

අල්ලාහ් ඔහුගේ ගැත්තන් කිහිප දෙනෙකු තෝරා ගෙන ඔවුන්ට ගෞරවය දැක්විය. තවද ඔවුන්ගේ තත්ත්වය උසස් බවට පත් කර ඔවුන් ප්රශංසා කළේය. මෙයට එකඟ ව නූහ් නබි (අලෛ) තුමාට ප්රශංසා කරන විට අල්ලාහ් කුර්ආනයේ මෙසේ සඳහන් කර ඇත.

ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا ﴿٣﴾

“නූහ් සමඟ අප ඉසුලු අයගේ පරම්පරවනී! සැබැවින් ඔහු (නූහ්) කෘතවේදී ගැත්තෙකු ව සිටියේය." සූරා බනු ඉස්රායිල් 17:3

තවද, අවසාන ව පැමිණි මුහම්මද් නබි (සල්) තුමාණන් අල්ලාහ් මෙලෙස ප්රශංසා කර ඇත.

تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا ﴿١﴾

“ලෝ වැසියන් සියල්ලන්ට අවවාදයක් වනු පිණිස තම ගැත්තා කෙරෙහි නිර්ණායකය පහළ කළ ඔහු භාග්ය සම්පන්නය." සූරා ෆුර්කාන් 25:1.

අනිකුත් රසූල්වරුන් පිළිබඳ ව සඳහන් කරන විට අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ ﴿٤٥﴾

(අපට නැමදුමෙහි) ශක්තියද (දහම පිළිබඳ) දර්ශනයද ඇත්තන් වූ ඉබ්රාහීම්, ඉස්හාක් හා යාකූබ් යන අපගේ ගැත්තන් ව සිහිපත් කරනු." සූරා සාද් 38:45.

وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ ﴿١٧﴾

“ශක්තියෙන් යුත් අපගේ ගැත්තා වන දාවූද් පිළිබඳ ව සිහිපත් කරවු. සැබැවින්ම ඔහු අප වෙත හැරෙන්නෙකු විය." සූරා සාද් 38:17

وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ ﴿٣٠﴾

“දාවූද්ට (පුතෙකු ලෙස) සුලෙයිමාන් ව ප්රදානය කළෙමු. එම ගැත්තා යහපත් විය. සැබැවින්ම ඔහු (අල්ලාහ් වෙත) හැරෙන්නේය. " සූරා සාද් 38:30. යනුවෙන් අල්ලාහ් සදහන් කරයි. මර්යම් තුමියගේ පුත් ඊසා (අලෛ) පිළිබඳ ව අල්ලාහ් මෙසේ සඳහන් කරයි.

إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِّبَنِي إِسْرَائِيلَ ﴿٥٩﴾

“ඔහු කෙරෙහි අප දායාද කළ ගැත්තකු මිස ඔහු (ඊසා තුමා) නැත. ඉස්රාඊල් දරුවන්ට ආදර්ශයක් ලෙස අපි ඔහු ව පත් කළෙමු." සූරා අස් සුහ්රුෆ් 43:59.

තවද, අවසාන නබි මුහම්මද් (සල්) තුමාණන් මුළු මිනිස් සමාජයටම එවන ලද නබිවරයෙකු යනුවෙන් ද, එතුමා විසින් නබිත්වය පරිපූර්ණ වන බවද, (එනම් එතුමණන්ට පසුව වෙනත් නබිවරයෙක් නොපැමිණෙන බවද) අල්ලාහ් විසින් පිළිගනු ලැබු දහම ඉස්ලාම් පමණි යනුවෙන් ද, ඉන් අනතුරු ව අල්ලාහ් වෙනත් දහමක් පිළිනොගන්නා බවද අපි විශ්වාස කරමු.

මෙම කරුණු වලට එකඟ ව කවරෙකු හෝ මුහම්ම්ද් (සල්) තුමාණන් අවසාන නබිවරයා බව පිළි නොගත්තේ නම්, ඔහු සියලු නබිවරුන් ව ප්රතික්ෂේප කළ කෙනෙක් බව සැලකෙන බව අපි විශ්වාස කරමු. මෙයට පටහැණි මතයක් දරන සියලු දෙනාම مُرْتَدٌّ යනුවෙන් සලකනු ලබති. මෙවැනි පාප ක්රියාව සඳහා එම පුද්ගලයා පසුතැවිලිවීම අත්යවශ්ය එකක් වේ. එසේ පසුතැවිලි වීමට නොහැකි කෙනෙක් පිළිබඳ ව පහත සඳහන් කුර්ආන් වැකි පැහැදිලි කරයි.

كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ ﴿١٠٥﴾

“නුහ්ගේ ජනයා රසූල්වරුන් ව අසත්යය කළෝය." සූරා අෂ් ෂුරා 26:105

නූහ් නබි (අලෛ) තුමාණන්ට පෙර කිසිදු රසූල්වරයෙක් නොපැමිණි බව මෙහි අවධාරණය කළ යුතුය. එහෙත් එතුමා ව පිළිගන්නට එම සමාජය එකඟ වුයේ නැත. මෙම ක්රියාව, එතුමාට පසු ව පැමිණි සියලු රසූල්වරුන් ව ප්රතික්ෂේප කළ ක්රියාව හා සමාන බව මෙම වාක්ය නිගමනය කරයි. එනිසා නබිවරයෙකු හෝ රසූල්වරයෙකු පිළිගත් සමාජයක් තවත් යම් නබිවරයෙකු පිළිනොගත්තේ නමි, තමන් පිළිගත් නබිවරයාව ද ඔවුන් ප්රතික්ෂේප කළ බවට සලකනු ලබන මෙම වාක්ය අදහස් දක්වයි.

إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَلِكَ سَبِيلًا (150)

“සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට (රසූල් වරුන් අතුරින්) ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්රතික්ෂේපය) අතර මගක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී." සූරා අන් නිසා 4:150.

أُولَئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا (151)

“සැබෑ ලෙසින්ම ප්රතික්ෂේප කළවුන් මොවුහුමය. තවද අපි ප්රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු." සූරා අන් නිසා 4:151.

එබැවින්, මූසා (අලෛ) තුමාණන් ව පිළිගත් යුදෙව්වරුන් හෝ ඊසා (අලෛ) තුමාණන් ව පිළිගත් ක්රිස්තු බැතිමතුන් හෝ වේවා අවසාන නබි මුහම්මද් (සල්) තුමාණන් ව ඔවුන් නබිවරයෙක් වශයෙන් පිළිගැනීම අනිවාර්යය ක්රියාවකි. එසේ නොමැති නම්, ඔවුන්ගේ විශ්වාසයෙන් ඔවුන්ට කිසිදු යහඵලක් සිදු නොවන්නේය.

ඔවුන් ද අපාය හිමි කර ගත් ප්රතික්ෂේප කළ ජනතා අතරට පත් වන බව මෙම වාක්ය පහදා දෙයි.

තවද, මුහම්මද් නබි (සල්) තුමාණන්ට පසුව, මුස්ලිම් සමාජය පාලනය කළ යහ මඟ ලැබු මුස්ලිම් පාලකයන් වන කලීෆාවරුන් එතුමාණන්ගේ සමාජයට දැනුම ද ආගමික අවබෝධය ද යහ පාලනය ද දිගින් දිගට ලබා දුන් බව අපි විශ්වාස කරමු. එබැවින්, ඉස්ලාමීය කිලාෆා නම් පාලනය භාර ගත් පාලකයින් අතර අබු බක්ර් (රළි) තුමා ඉතාමත් ශ්රේෂ්ඨ හා වඩා සුදුසුකම් ලත් නායකයා වේ. එතුමාට පසු ව පාලනය භාර ගත් උමර්, උස්මාන් සහ අලි (රළි) යන සියලු දෙනාම විශිෂ්ට නායකයන් ලෙස කටයුතු කළ බව අපේ විශ්වාසය හා ස්ථාවරය වේ. තවද, මෙම කලීෆාවරු සිව් දෙනාම වෙනත් අංශවල විශිෂ්ට අය වූ අතර, තම පාලන ක්ෂේත්රයේ ද ඉතා දක්ෂ හා උසස් පාලකවරුන් ලෙස කටයුතු කළ බව අපි විශ්වාස කරමු. උත්තම සහාබාවරුන්ගේ යුගයේ කිසි යම් අංශයකින් ශ්රේෂ්ඨ නොවු කිසිවෙක් පාලකයෙකු ලෙස අල්ලාහ් විසින් පත් කරනු නොලබන බව පැහැදිලි කරුණකි. එහෙයින් එම යුගයේ ඔවුනට පාලනය අල්ලාහ් භාර කළ සිද්ධිය, ඔවුන් සියලු දෙනාම තමා භාර ගත් වැඩකොටස ඉතාමත් විශිෂ්ට අන්දමින් ඉටු කළ බව සාක්ෂි දරයි.

තවද, කෙනෙක් අනෙක් කෙනාට වඩා ඇතැම් ක්ෂේත්රයේ විශිෂ්ටයි යන පදනම මත පාලන බලය සදහා ඇතැම් අයට වඩා ඇතැම් අයට ප්රමුඛ ස්ථානය ලබා දෙන ලදී. එසේ නොව තෝරා ගනු ලැබු කාලීෆාවරයා සියලු ක්ෂේත්රයක ම විශිෂ්ට බව මෙහි අදහස් නොවන බව සලකන්න. මෙයට හේතුව, කලීෆා බවට තෝරා පත් කරනු ලැබු සෑම කෙනෙක් ම එම යුගයට අදාළ එක් එක් ක්ෂේත්රයේ විශිෂ්ට ව සිටියෝය. කුලෆා අර් රාෂිදීන්වරු පිළිබද ව අප දරණ විශ්වාසය මෙලෙසය.

තවද අල්ලාහ් මෙම සමාජය පිළිබඳ ව මෙලෙස සනාථ කරයි.

كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللهِ

“ජනයා අතරින් බිහි කරනු ලැබූ ශ්රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ් ව විශ්වාස කරන්නෙහුය." සූරා ආල ඉම්රාන් 3:110.

අන් සියලුම සමාජයන්ට වඩා ඉතාමත් උතුම් සමාජය අල්ලාහ්ගෙන් ගෞරවය හිමි කර ගත් මුහම්මද් (සල්) තුමාණන්ගේ සමාජයයි යනුවෙන් අපි විශ්වාස කරමු. එමෙන්ම, මෙම සමාජයේ බිහි වූ සහාබාවරු, තිබිඊන්වරු සහ තබඅත්තාබිඊන්වරු යන සියලු දෙනාම විශිෂ්ට අය බව අපි විශ්වාස කරමු. තවද මෙම සමාජයට අයත් පිරිසක් ලෝකාන්ත ය දින දක්වා සත්යය නම් භූමිකාව මත නිතර ස්ථාපිත වී සිටින බව අපි විශ්වාස කරමු. මේ පිරිසට එරෙහි වන කිසිවෙකුට මේ පිරිසගේ ක්රියා කලාපයට බාධක පැනවීමට හෝ වැළැක්වීමට හෝ නොහැකි බවද අපි විශ්වාස කරමු.

තවද, සහාබාවරුන් අතර සිදු වු මත භේද හා පැන නැගු ගැටුම් වලට හේතු වුයේ, ඔවුන් විවිධ අධ්යයනය අවසානයේ ගත් අවංක නිගමනය නිසාය. එනිසා ඔවුන්ගේ අධ්යයන අවසානයේ ගත් නිගමනය නිවැරදි නම් ඔවුන්ගේ නිවැරදි හා අවංක නිගමනය සදහා ඔවුන්ට කුසල් දෙකක් අල්ලාහ්ගෙන් හිමි වනු ඇත. එසේ නොව ඔවුන්ගේ නිගමනය වැරදි නම්, ඔවුන් අවංක ව ක්රියා කළ හේතුවෙන් ඔවුන්ට එක් කුසලක් අල්ලාහ්ගෙන් හිමි වනු ඇත.

එබැවින්, එම පරපුරේ වැරදි පිළිබඳ ව විවේචනය නොකර ඔවුන්ගේ යහ ගුණ පමණක් ගැන පැවසීම අප සියලු දෙනාගේම යුතුකම බව සලකන්න. එනිසා එම සහාබාවරුන් කෙරෙහි ක්රෝධය හෝ ඊර්ෂ්යාව කිසිවක් නොමැති ව, අපගේ සිත් පිරිසිදු ව තබා ගැනීම අපගේ යුතුකම වේ. මේ විශිෂ්ට සමාජය පිළිබඳ ව අල්ලාහ් සඳහන් කළ වාක්යයන් අප මතකයේ තබා ගත යුතුය.

لَا يَسْتَوِي مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَـٰئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ الَّذِينَ أَنفَقُوا مِن بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّـهُ الْحُسْنَىٰ ۚ وَاللَّـهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ﴿١٠﴾

(මක්කා) ජයග්රහණයට පෙර විය හියදම් කර සටන් කළවුන්ට නුඹලාගෙන් කිසිවෙකු සම නොවන්නෝය. (මක්කා ජයග්රහණයට) පසු ව වියදම් කළවුන්ට වඩා ඔවුන් තරාතිරමින් අතිමහත්ය. තවද සියල්ලටම අල්ලාහ් යහපත් ප්රතිඥා දුන්නේය. තවද, නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥාන වන්තය." සූරා අල් හදීද් 57:10

وَالَّذِينَ جَاءُوا مِن بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَّحِيمٌ ﴿١٠﴾

“තවද, අපගේ පරමාධිපතියාණනි! අපට ද අපට වඩා විශ්වාසයෙහි පෙරටු වූ අපගේ සහෝදරයින්ට ද ක්ෂමා ව දෙනු මැනව. තවද, විශ්වාස කළවුන් කෙරෙහි අපගේ හදවත් හි කිසිදු ද්වේෂයක් ඇති නොකරනු මැනව. අපගේ පරමාධියාණනි! සැබැවින්ම ඔබ සානුකම්පිතය, පරම කරුණාභරිතය. යනුවෙන් පවසමින් කවුරුන් ඔවුනට පසු ව පැමිණියේ ද ඔවුන්ට ද (කොටසක් ඇත) " සූරා අල් හෂ්ර් 59:10

4වන පරිච්ඡේදය -

අවසාන දිනය කෙරෙහි විශ්වාස කිරීම

ලෝකාන්ත දිනයක් තිබෙන බව විශ්වාස කිරිම අපගේ යුතුකම වේ. මෙලොව ජීවත් වී මිය ගිය මිනිස් සංහතිය මෙලොව සම්පූර්ණයෙන් විනාශ වී ගිය පසු යළි ප්රාණය දෙනු ලැබ නැගිටු වනු ඇත. ඉන් අනතුරු ව සුඛෝපභෝගී ස්වර්ගයෙහි නැතහොත් දඬුවමින් පිරුණු අපායෙහි ඔවුන් ස්ථානගත වනු ඇත. දැන් යවුම් අල් කියාමා හෙවත් අවසාන දිනට සම්බන්ධ විවිධ තොරතුරු දෙස අවධානය යොමු කරමු. ඒවා නම්,

البعثහෙවත් යළි නැගිටුවීම

ඉස්රාෆීල් (අලෛ) නම් මලාඉකාවරයා සූර් නම් හොරණෑව දෙවන වරට නාද කළ විගස මරණයට පත් වූ සියලු දෙනාම යළි ප්රාණය දෙන ලැබ නැගිටිනු ඇත. එම අවස්ථාවේ සියලු දෙනාම නිර්වස්ත්ර ව උපන් සිරුරින්, පාවහන් නොමැති ව, සර්ව ලෝක පරමාධිපතිගේ විනිශ්චය බලාපොරොත්තුවෙන් සිටිති. මෙම සිද්ධිය පිළිබඳ ව අල්ලාහ් පවසන්නේ මෙලෙසය.

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاءَ اللَّـهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَ ﴿٦٨﴾

“හොරණෑව පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින්නන් ද මිහිතලයෙහි සිටින්නන් ද මරණයට පත් වන්නෝය. ඉන්පසු ව නැවත වරක් එය පිඹිනු ලැබේ. එවිට ඔවුන් නැගිට බලා සිටින්නෝය. " සූරා අල් සුමර් 39:68

كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ ﴿١٠٤﴾

“මුල් මැවීම අපි උත්පාදනය කළාක් මෙන් නැවත අපි එය ස්ථාපිත කරන්නෙමු. අප වෙත වූ පොරොන්දවක් වශයෙනි. සැබැවින්ම අපි ක්රියා කරන්නන් වෙමු." සූරා අන්බියා 21:104.

صُحُفُ الأعمال - වාර්තා පොත

සෑම කෙනෙක්ම තම තමන්ගේ ක්රියාවන් බලා ගනු පිණිස ඔවුනොවුන්ගේ වාර්තා පොත ඔවුන්ගේ අතට දෙනු ලැබේ. ඇතැම් අයගේ දකුණතටද ඇතැම් අයට වම් අතටද මෙම වාර්තා පොත දෙනු ලැබේ. මේවා සියල්ල සත්යය බව අපි විශ්වාස කරමු.

فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ ﴿٧﴾ فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ﴿٨﴾

“කවරෙකුගේ සටහන් පොත ඔහුගේ දකුණු අතෙහි දෙන ලද අය, පසුව, ඔහුගේ ගණන ලෙහෙසි ගිණුමකින් ගිණුම් කරනු ලබන්නේය." සූරා ඉන්ෂිකාත් 84:7 සහ 8.

وَيَنقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا ﴿٩﴾

“ඔහු ඔහුගේ පවුලේ අය වෙත සොම්නස්ව යළි පැමිණෙන්නේය. " සූරා ඉන්ෂිකාත් 84:9

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ ﴿١٠﴾ فَسَوْفَ يَدْعُو ثُبُورًا ﴿١١﴾ وَيَصْلَىٰ سَعِيرًا ﴿١٢﴾

“කවරෙකුගේ සටහන් පොත ඔහුගේ පිටුපසින් දෙනු ලැබු අය, පසු ව ඔහු ගින්නට අඬගසන්නේය. පසු ව ඔවුහු දැල්වෙන ගින්නට ඇතුළු වන්නෝය. " සූරා ඉන්ෂිකාක් 84:10, 11, 12.

وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا ﴿١٣﴾

“සෑම මිනිසෙකුටම ඔහුගේ ක්රියා ලේඛනය ඔහුගේ ගෙලෙහි අපි එල්ලා තැබුවෙමු. තවද (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන දින ඔහුට අපි පුස්තකය හෙළි කරන්නෙමු. විවෘත කරනු ලැබුවක් ලෙස ඔහු එය දකින්නේය. " සූරා ඉස්රා 17:13.

اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا ﴿١٤﴾

“නුඹගේ පුස්තකය කියවවු. අද දින නුඹ පිළිබඳ ව විනිශ්චය කිරීමට නුඹම ප්රමාණවත් වන්නේය. " සූරා ඉස්රා 17:14.

යළි නැගිටුවනු ලබන දිනයේ කිසිදු ආත්මයකට අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් සෑම ගෙනෙකුගේම ක්රියාවන් තුලාවෙහි කිරනු ලබන බව අපි විශ්වාස කරමු. අල්ලාහ් මේ බව සඳහන් කරන්නේ මෙසේය.

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ ﴿٧﴾

“යමෙක් අණු ප්රමාණයක යහපතක් කළේ නම් ඔහු එය දකින්නේය. " සූරා අස්සිල්සාල් 99:7

وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ ﴿٨﴾

“යමෙක් අණු ප්රමාණයක අයහපතක් කළේ නම් ඔහු එය දකින්නේය. " සූරා අස්සිල්සාල් 99:8

فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ ﴿١٠٢﴾

“එබැවින්, කවරෙකුගේ තුලාව බරින් වැඩි වුයේ ද එවිට ජයග්රහකයින් වන්නේ ඔවුන්මය. " සූරා අල් මූඃමිනූන් 23:102

وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ ﴿١٠٣﴾

“තවද, කවරෙකුගේ තුලාව බරින් සැහැල්ලු වුයේ ද ඔවුන් මය තම ආත්මාවන්ට අලාභහානි කර ගත් නිරයේ සදාතනිකයින් වන්නෝ. " සූරා අල් මූඃමිනූන් 23:103

تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ ﴿١٠٤﴾

(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලනු ඇත. ඔවුහු එහි තොල් විකෘති වූවන් වෙති. " සූරා අල් මූඃමිනූන් 23:104.

مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ (160)

“කවරෙකු යහපතක් රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්රතිඵල) දහයක් හිමිය. තවද කවරෙකු නපුරක් රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නොලබති." සූරා අල් අනාම් 6:160.

ෂෆාඅත්

ලෝකාන්ත දිනයේ දුක හා අසහනයෙන් බර වූ ජනතාව විවෘත පිටියේ පිරී සිටින්නෝය. එයින් මිදීම සඳහා අල්ලාහ්ගේ විනිශ්චය බලාපොරොත්තුවෙන් සිටින ඔවුන් සියලු දෙනාම තමන් වෙනුවෙන් ආයාචනා කරන ලෙස ආදම්, නූහ්, ඉබ්රාහීම්, මූසා සහ ඊසා (අලෛහිමුස් සලාම්) තුමාණන්ගෙන් අයැද සිටින්නෝය. එහෙත් මේ අය කිසිවෙකුට එලෙස කථා කිරිමට අල්ලාහ්ගෙන් අනුමත නැත. අවසානයේ මුහම්මද් රසුල් (සල්) තුමාණන්ට පමණක් අනුමත දෙනු ලබන්නේය. මෙයට එකඟ ව නබි (සල් ) තුමාණන් අල්ලාහ් වෙත ෂෆාඅත් නම් ආයාචනාව කරන්නේය. මෙය 'الشفاعة الكبرى' - විශිෂ්ට ආයාචනාව යනුවෙන් හැඳන්වේ. රසූල් (සල්) තුමාණන්ට අනුමත කරන ලද මෙම විශිෂ්ට ආයාචනාව සැබෑවක් බව අපි විශ්වාස කරමු.

මෙලෙසම, අපාය ගත වූ විශ්වාසීන් කිහිප දෙනෙකු මුදා ගනු පිණිස ෂෆාඅත් කිරීම සඳහා මුහම්මද් රසූල් (සල්) තුමාණන්ට, අනෙකුන් නබිවරුන්ට, විශ්වාසින්ට සහ මලාඉකාවරුන් ට අනුමත දෙනු ලැබේ. මේවාට අමතරව, අල්ලාහ් ඔහුගේ අසීමිත ආශීර්වාදයෙන් කිසිවෙකුගේ ෂෆාඅත් නම් මැදිහත් වීමෙන් තොර ව ඇතැම් මූඃමින්වරුන් ව නිරා ගින්නෙන් මුදවා ගන්නේය.

මෙබැවින්, මෙවැනි ෂෆාඅත් සියල්ල සත්යය බව විශ්වාස කිරිම අපගේ යුතුකම වේ.

හව්ලුල් කව්සර් නම් පොකුණ

ලොකාන්ත දිනයේ, මරණයෙන් පසු, දැවෙන ගිනි අව්වේ ජනතාව ජලය නොමැති ව පිපාසයෙන් දුන් විඳින්නෝය. එම අවස්ථාවේ හව්ලුල් කව්සර් නමැති පොකුණ හැර අන් කිසිදු ජල සම්පත් එහි නොතිබේ. එම පොකුණේ දිග එක මසක ගමන් දුරමෙන්වේ. එම ජලය කිරට වඩා සුදු පැහැය. එය මිපැණි වලට වඩා ඉතා රසය. එහි සුවඳ කස්තූරියට වඩා ශ්රේෂ්ඨ ය. මූඃමින්වරුන්ට එම පොකුණින් ජලය සපයනු ලබන්නේය. එහි ජලය එක් වරක් පානය කළහොත් ඔහුට නැවත පිපාසය ඇති නොවන්නේය.

الصراط المستقيم :-

සිරාත් අල් මුස්තකීම්

මෙය අපායට ඉහළින් තනා ඇති පාලම වේ. මෙය පසු කර ගෙන ස්වර්ගයට යා යුතු ව තිබේ. වරදක් සිදු වුයේ නම් අපායට වැටීමට සිදු වේ. මිනිසුන් තම යහ ක්රියාවන් හේතුවෙන් ඇතැම්හු අධික වේගයෙන් ද, ඇතැම්හු සෙමින් ද පාලම පසු කර ගෙන යන්නෝය. මෙයට එකඟ ව ඇතැම් හු අය විදුලි වේගයෙන් ද, ඇතැම් හු අය සුළඟේ වේගයෙන් ද ඇතැම් හු පක්ෂීන්ගේ වේගයෙන් ද. ඇතැම් හු අය ඇවිද යන වේගයෙන් ද එම පාලම පසු කර ගෙන යති. එම අවස්ථාවේ නබි (සල්) තුමාණන් එතැන සිටින්නේය. එතුමාණන් “මාගේ පරමාධියාණනි! ආරක්ෂාව දෙනු මැනව! ආරක්ෂාව දෙනු මැනව!" යනුවෙන් අයදිමින් සිටියි. එහි දෙපැත්තම එල්ලා තිබෙන කොකු ක්රියා කරන්නට පටන් ගනී. කවරෙක් ඒවාට හසු කර නොලබන්නේද ඔවුන් ගොඩ ගනු ලබන්නෝය. ඒවාට හසු කර ලබන්නන් අපායට ඇද වැටෙන්නෝය. අවසාන දිනයේ භයානක තත්ත්වය පිළිබඳ ව මේ ආකාරයෙන් සඳහන් කරන සියලු හදිස් වදන් අපි විශ්වාස කරමු. එදා දිනයේ අනතුරෙන් අල්ලාහ් අප සියලු දෙනා රැක ගනිත්වා. තවද, මුහම්මද් නබි (සල්) තුමාණන්ට දෙන ලද තවත් විශේෂ වරප්රසාදයක් වන ෂෆාඅත් මගින් ස්වර්ගවාසින්ට ස්වර්ගය තුළට ඇතුළු වීමට අනුමත දෙන ලෙස අල්ලාහ් වෙත ආයාචනා කරන බවද, කිසිදු කනක් ශ්රවණය නොකළ, කිසිදු ඇසක් නුදුටු, කිසිදු සිතක් උපකල්පනය නොකළ, ඉතාමත් භාග්ය ලත් ස්වර්ගය දේව විශ්වාසය සහිත මූඃමින්වරුන්ටද දඬුවම් පිරුණු අපාය පාපතරයන්ටද අල්ලාහ් සූදානම් කර තිබෙන බවද අපි විශ්වාස කරමු. මෙය සනාථ කරන කුර්ආන් වැකි පහත් සඳහන් වේ.

فَلَا تَعْلَمُ نَفْسٌ مَّا أُخْفِيَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ ﴿١٧﴾

“නෙතට දැකුම්කළු දැයින් ඔවුන් සඳහා (ස්වර්ගයේ) සඟවා ඇති දෑ කිසිදු ආත්මයක් නොදන්නේය. (එය) ඔවුන් කරමින් සිටි දෑ සඳහා වූ ප්රතිඵලයක් වශයෙනි. " සූරා අස් සජදා 32:17.

إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا ﴿٢٩﴾

“කැමති කෙනෙක් විශ්වාස නොකෙරේවා යි කියව. ඇත්තෙන්ම අපරාධකරුවනට එහි බිත්ති ඔවුන් වට කරන ගින්නය. අපි පිළියෙල කෙළෙමු. ඔවුන් (තද පිපාසයෙන්) සහනයක් සොයන කල්හි ඔවුන්ගේ මුහුණු දවන උණු ලෝදිය වැනි දියක් ඔවුනට දෙනු ලැබේ. නරකය (ඒ) පානය, නපුරුය නවාතැන් ලබන ස්ථානය. " සූරා අල් කහ්ෆ් 18:29.

وَمَن يُؤْمِن بِاللَّـهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّـهُ لَهُ رِزْقًا ﴿١١﴾

“විශ්වාස කොට යහකම් කළ අය අන්ධකාරයෙන් ආලෝකයට ගෙනෙනු පිණිස අල්ලාහුගේ ආයාවන් පැහැදිලි ලෙස ඔබට අනුවාදනය කරන රසූල්වරයෙකු (එවුවැයි) යමෙක් අල්ලාහ් ගැන විහ්වාස කොට යහකම් කරන්නේද, යටින් ගලා බසින ගංගාවන්ගෙන් යුත් ජන්නාවන්ට එහි සදා වසනුවස් ඔහු ඔවුන් ඇතුළු කර වන්නේය. අල්ලාහ් ඔහුට බොජුන් සුසජ්ජිත කළ දැය." සූරා අත් තලාක් 65:11

إِنَّ اللَّـهَ لَعَنَ الْكَافِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا ﴿٦٤﴾

“සැබැවින්ම අල්ලාහ් ප්රතික්ෂේප කළවුන්ට ශාප කොට ඔවුන්ට දැල්වෙන ගින්න පිළියෙල කළේය." සූරා අල් අහ්සාබ් 33:54

خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَّا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا ﴿٦٥﴾

“ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝය. (ඔවුනට එහි) ආරක්ෂකයකු හෝ උදව්කාරයකු හෝ සමීප නොවන්නෝය." සූරා අල් අහ්zසාබ් 33:65.

يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّـهَ وَأَطَعْنَا الرَّسُولَا ﴿٦٦﴾

“ඔවුන්ගේ මුහුණ නිරා ගින්නෙහි හරවනු ලබන දින අහෝ! අපි අල්ලහ්ට සහ ඔහුගේ රසූල්වරයාට කීකරු වුණො නම් යි කියන්නෝය." සූරා අහ්සාබ් 33:66.

ඔවුන්ගේ කල්ක්රියාවන්ගෙන් හෝ ගුණාංගයන්ගෙන් ස්වර්ගයට හිමිකම් ලබන බව කවුරුන් පිළිබඳ ව අල් කුර්ආනය සහ රසූල් (සල්) තුමාණන්ගේ වදන් සහතික කළේ ද ඔවුන් සියලු දෙනාම ස්වර්ගවාසීන් බව අපිද සනාථ කරමු. එමෙන්ම අපායට හිමිකම් ලබන අය කවුරුන් දැයි සහතික කරනු ලබන්නෝද, ඔවුන් අපාය ගත වන බව අපි ද සාක්ෂි දරමු. ස්වර්ග වැසියන් යැයි සදහන් කරනු ලැබු අබු බකර්. උමර්, උස්මාන්, අලි (රළියල්ලාහු වරුන්) යන අයගේ නිදසුන් දැක්විය හැකි අතර, අපාය ගත වන බව සඳහන් කරනු ලැබු අබු ලහබ්, අම්ර් ඉබ්නු ලුහෙයි අල් කුසාඊ වැනි අය ගැන සඳහන් කළ හැක.

තවද. තම පරමාධිපති කවරෙක් ද, රසූල්වරයා කවුරුන් ද , තම දහම කුමක් ද යනුවෙන් සොහොනෙහි අසනු ලබන ප්රශ්න සහ එවැනි තවත් පරික්ෂණ සියල්ල සත්යය බවද, එම අවස්ථාවේ මාගේ දහම ඉස්ලාම්ය, මගේ නබිවරයා මුහම්මද් (සල්) තුමාණන්ය යනුවෙන් මූඃමින්වරයෙක් පිළිතුරු දෙන්නේය. සොහොනෙහි සිටින්නා ප්රතික්ෂේප කළ කාෆිර්වරයෙකු හෝ වංචනික මුනාෆික්වරයෙකු වුයේ නම් ඒවා පිළිබඳ ව මම නොදනිමි, අන් අය පවසනු සවන් දුන් මමද ඒවාම පවසමි යනුවෙන් පිළිතුරු දෙන්නෙමි යැයි පවසයි. මෙවැනි සිද්ධීන් සත්යය බව අපි විශ්වාස කරමු. මේවා පිළිබඳ ව අල්ලාහ් සදහන් කරන්නේ මෙසේ ය.

يُثَبِّتُ اللَّـهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ 14:27

“මෙලොව ජීවිතයෙහිද පරලොවෙහිද අල්ලාහු විශ්වාස කරන අය ස්ථීර වචනයෙහි නිරන්තර ස්ථායි කරන්නේය." සූරා ඉබ්රාහීම් 14:27

තවද, සොහොනෙහි මූඃමින්වරු සතුටින් ද කාෆිර්වරුන් සහ අපරාධ කළ පාපතරයන් වේදනාවට ලක්වෙමින් ද සිටින බව අපි විශ්වාස කරමු. මේ බව අල්ලාහ්ගේ පහත සඳහන් වදන් සනාථ කරයි.

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَامٌ عَلَيْكُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٣٢﴾

“යහකම්හි හැසිරෙමින් සිටියදී මලක්වරුන් විසින් ඔවුන්ගේ ප්රාණය අත්පත් කරගන්නා ලද අය ඔබට සාමය! ඔබ කරමින් හුන් දැය හේතු කොට ගෙන ජන්නාවෙහි ඇතුළු වවු යි මලාඉකාවරුන් පවසන්නෝය." සූරා අන් නහ්ල් 16:32.

وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمُ ۖ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللَّـهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ ﴿٩٣﴾

“එම අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටිනු නුඹ දකින්නේ නම් මලක්වරුන් තම අත් විහිදුවා නුඹලාගේ ප්රාණය නුඹලාම බැහැර කරනු. අල්ලාහ් කෙරෙහි සත්ය නොවන දෑ පවසමින් සිටි හෙයින්ද ඔහුගේ වදන් පිළිබඳ ව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය." සූරා අල් අනාම් 6:93

මෙය සම්බන්ධ ව තොරතුරු විශාල පුමාණයක් හදීස් වදන් හි දක්නට තිබේ. එබැවින්, සඟවන ලැබු දේ පිළිබඳ ව අල් කුර්ආන යේ හා සුන්නාවෙහි සඳහන් ව තිබෙන සියලු කරුණු ගැන විශ්වාස කිරීම සෑම මූඃමින්වරයෙකුගේම යුතුකම වේ. තවද, මෙලොව විෂයයන් සහ මතු ලොව විෂයයන් අතර විශාල වෙනසක් තිබෙන හෙයින් මතු ලොව විෂයයන් පිළිබඳ ව මෙලොව විෂයයන් සමඟ සසඳා නොබැලිය යුතු යැයි අපි පහදා ගත යුතු වේ.

5වන පරිච්ඡේදය -

දෛවය නොහොත් ඉරණම කෙරෙහි විශ්වාස කිරීම

القَدْرُ

යන වදනෙහි අර්ථය දෛවය නොහොත් ඉරණම යන්නවේ. විශ්වයේ සිදු වන හොඳ හා නරක සිදුවීම් සියල්ල අල්ලාහ්ගේ පෙර දැනුමට එකඟ ව ද, සියුම් ඥානයෙන් ද සිදු වන බව විශ්වාස කිරීම

الإيْمَانُ بِالقَدْرِ خَيْرِهِ وَشَرِّهِ

යනුවෙන් හැඳින් වේ. මෙම දෛවය අපි විශ්වාස කරමු. මෙම දෛවය කරුණු හතරකින් සමන්විතය.

1. සියලු දෛවය අල්ලාහ්ගේ දැනුමට එකඟ ව සිදු වන බව විශ්වාස කිරීම. එනම්, විශ්වයේ මේ දක්වා සිදු වී අවසන් වූ දේ, සිදුවීමට තිබෙන දේ, එවා සිදුවන්නේ කෙලෙස ද යන සියලු විස්තර අල්ලාහ්ගේ පෙර දැනුමෙහි අඩංගුවේ යන විශ්වාසයයි. අල්ලාහ්ගේ දැනුම යත්, ඔහු කිසිවක් නොදැන සිට පසු ව අලුතෙන් යමක් ගැන දැන ගත්තේය යනුවෙන් ද, ඔහු යමක් ගැන දැනගෙන පසු ව එය ගැන අමතක කරන කෙනෙක් යනුවෙන් ද පැවසිය නොහැක. එනිසා ඔහු පෙර දැනුම සහිතය, ස්ථීරය, කිසිසේත්ම වෙනස් නොවන කෙනෙකි යනුවෙන් අපි විශ්වාස කළ යුතුය.

2. දෛවය හෙවත් ඉරණම පෙර සටහන් කර තිබෙන බව විශ්වාස කිරීම. එනම් ලෝකාන්ත දින දක්වා සිදුවීමට තිබෙන සියලු කටයුත්තක් ම

,اللوح المحفوظ

නම් සටහන් පොතේ ලියැ වී තිබෙන බව විශ්වාස කිරීම. මේ පිළිබඳ ව අල්ලාහ් පවසන්නේ මෙසේය.

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّـهَ يَعْلَمُ مَا فِي السَّمَاءِ وَالْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّـهِ يَسِيرٌ ﴿٧٠﴾

“සැබැවින්ම අල්ලාහ් අහසෙහි හා මිහිතලයේ ඇති සියලු දෑ දන්නා බව නුඹ නොදන්නෙහි ද? සැබැවින්ම, එය (ලවුහුල් මහ්ෆූල් හෙවත් සටහන් පොතේ) ලේඛනයේ ඇත. සැබැවින්ම, එය අල්ලාහ්ට පහසු කාර්යයකි." සූරා අල් හජ් 22:70

3. المَشيئة,

නම් අල්ලාහ්ගේ අභිමතය ට එකඟ ව සියලු දේ ම සිදුවන බව විශ්වාස කිරීම.

මෙයට එකඟ ව අහසේ හා මිහිතලය මත සිදුවන සියලු දෑ ම අල්ලාහ්ගේ අභිමතට එකඟ ව සිදු වන බව තරයේ විශ්වාස කළ යුතුය. එනිසා ඔහු අභිමත කළ දේ පමණක් සිදුවන බව අපගේ විශ්වාසය වේ.

4.الخَلْق , මැවීමේ ක්රියාව

සියලු දැයක්ම අල්ලාහ් අභිමත පරිදි සිදුවන බව මේවා සනාථ කරයි. මෙය සම්බන්ධ ව අපගේ ස්ථාවරය ද මෙය වේ. අල්ලාහ් මේ බව සනාථ කරන්නේ පහත සදහන් ලෙසය.

اللَّـهُ خَالِقُ كُلِّ شَيْءٍ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ ﴿٦٢﴾

“අල්ලාහ් සියලු දෑයි හි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය." සූරා අද්දාරියාත් 39:62

لَّهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ

“අහස් හී හා මිහිතලයෙහි යතුරු ඔහු සතුය." සූරා අද් දාරියාත් 39:63

එබැවින් අල්ලාහ් වෙතින් හා ඔහුගේ මැවීම් වෙතින් සිදුවන සියලු කරුණුම ඉහත සඳහන් අදියර හතරකට එකඟ වේ. එවා නම්, තම ගැත්තන්ගේ වදන්, ක්රියාවන් යන සියලු දැයක්ම අල්ලාහ් දන්නා දේ, ඔහුගේ සටහන් පොතේ ලේඛන ගත කරන ලද දේ, ඔහු අභිමත කළ දේ සහ ඔහුගේ මැවීම් යනුවෙන් අපි විශ්වාස කරමු. මේවා පිළිබඳ ව අල්ලාහ් මෙලෙස පවසයි.

لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ﴿٢٨﴾

“ඔබ අතුරෙන් සෘජු මාර්ගය කැමති වන කවරෙකුට වුවද (මෙම ග්රන්ථයෙන් යහ මග ලබන්නේය.)" සූරා අත් තක්වීර් 81:28

وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّـهُ رَبُّ الْعَالَمِينَ ﴿٢٩﴾

“එහෙත් සකල ලෝක පරමාධිපති වු අල්ලාහ් කැමතිවන්නා හැර ඔබ කැමති නොවන්නාහුය." සූරා අත් තක්වීර් 81:29.

وَلَوْ شَاءَ اللَّـهُ مَا اقْتَتَلُوا وَلَـٰكِنَّ اللَّـهَ يَفْعَلُ مَا يُرِيدُ ﴿٢٥٣﴾

“අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුන් මරා නොගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරන්නේය." සූරා බකරා 2: 253

وَلَوْ شَاءَ اللَّـهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴿١٣٧﴾

“අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු." සූරා අල් අනාම් 6:137.

وَاللَّـهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ﴿٩٦﴾

“නුඹලා ද නුඹලා කරමින් සිටින දෑ ද අල්ලාහ් මැවුවේය." සූරා අස් සාෆ්ෆාත් 37:96.

එබැවින් අල් කද්ර් නම් මෙම තත්ත්වය සත්යයකි, සැබෑවකි. එහෙත් ඕනෑම කාර්යයක් තෝරා ගැනීමේ නිදහස ද එය ඉටු කිරීමේ හැකියාව ද අල්ලාහ් ලබා දී ඇත යනුවෙන් අපි විශ්වාස කරමු. මෙයට එකඟ ව, අල්ලාහ්ගේ ගැත්තෙකුගේ ඕනෑම ක්රියාවක් ඔහුගේ තෝරා ගැනීමෙන් ද, ඔහුගේ හැකියාවෙන් ද සිදු වන බව සනාථ කිරීමට සාධක පහත දැක් වේ.

وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ

“ඔවුන් බැහැර යන්නට සිතුවේ නම් උපකරණ සූදානම් කරනු ඇත." සූරා තව්බා 9:46.

1. මිනිසා තම අභිමතයට එකඟ ව හා කැමති ආකාරයෙන් අවශ්ය දේ සූදානම් කරන්නට තිබුණි යැයි මෙම වාක්යය සනාථ කරයි.

2. යම් ක්රියාවක් සිදු කරන ලෙස හෝ එයින් වැළකී සිටින ලෙස ගැත්තාට දැනුම් දීම. යම් ක්රියාවක් තෝරා ගැනීමේ නිදහස හා එය ඉටු කිරීමේ හැකියාව ගැත්තාට නොමැති නම්, එම ක්රියාව පිළිබඳ ව දැනුම් දීම මිනිසාට ඉටු කළ නොහැකි ක්රියාවක් ඔහු මත පැටවීමේ අසාධාරණ පියවරක් බවට පත් වේ. මෙවැනි තත්ත්වය අල්ලාහ්ගේ හික්මා නම් සියුම් ඥානයට සහ ඔහුගේ ආශීර්වාදයට පටහැණි වන ක්රියාවකි. එසේ පැටවීම

لَا يُكَلِّفُ اللَّـهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ

“අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස (නියමයන්) පටවන්නේ නැත." සූරා බකරා 2:285 යනුවෙන් පවසන වාක්යය හා එකඟ වන්නේ නැත.

3. යහක්රියාවක් සිදු කළ කෙනෙකුට ප්රශංසා කිරීම, තිළිණ පිරිනැමීම, පාප ක්රියාවන් සිදු කළ කෙනෙකුට තරවටු කිරීම. ගැත්තෙකුගේ ක්රියාවක් ඔහුගේම කැමැත්ත හා තෝරා ගැනීමට එකඟ ව සිදු නොවන්නේ නම්, ඔහු කළ යහක්රියාවන් සඳහා ඔහුට ප්රශංසා කිරීමෙන් කිසිදු අර්ථයක් නොමැත. එමෙන්ම ඔහුගේ පාප ක්රියාවන් සදහා ඔහුට දඬුවම් දීම අසාධාරණයකි. කෙසේ වෙතත් අර්ථ ශූන්ය ක්රියා හා අසාධරණය අල්ලාහ්ගෙන් සිදුවීම යනු අසම්භාව්යකි. ඒවා සියල්ලන්ගෙන් අල්ලාහ් පිවිතුරුය.

4. ජනතාව අතර රසුල්වරුන් එවනු ලැබීමේ එකම අරමුණ ජනතාවට ස්වර්ගය පිළිබඳ ව ශුභ ආරාංචිය පැවසීමට සහ අපාය පිළිබඳ ව අවවාද කරනු පිණිසය. එහෙත් ජනතාවට තම කටයුතු තෝරා ගැනීමේ නිදහස හා ඒවා ඉටු කිරීමේ හැකියාව නොමැති නම්, රසූල්වරුන්ගේ පැමිණීමෙන් කිසිදු ඵලක් නැත.

5. නැගිටීම, වාඩිවීම, ඇතුළුවීම, බැහැරවීම, ගමේ රැඳී සිටීම, ගමන් බිමන් යෑම වැනි ඕනෑම පුද්ගලික ක්රියාවක් කිසිදු බලපෑමකින් තොර ව මිනිසාට සිදු කළ හැකි වන විට සිය කාර්යයන් සියල්ල ඉටු කිරීමෙහි කිසිවෙකුගේ මැදිහත්වීමක් නොමැති බව ඔහුට අවබෝධ කර ගත හැකි වේ. කෙනෙක් සිය කැමැත්තෙන් නිදහසේ ඉටු කරන යම් ක්රියාවක් සහ වෙනත් කෙනෙකුගේ බලපෑම් නිසා ඉටු කරන ක්රියාවක් අතර විශාල වෙනසක් තිබේ. මේ හේතුවෙන් කෙනෙක් බලපෑම් යටතේ සිදු කරන ක්රියාවක් සඳහා ෂරීආ නම් ඉස්ලාමීය නීති රීති ඔහුට නිත්යනුකූල වරප්රසාද ලබා දී ඇත. මෙයට එකඟ ව, බලපෑම් හේතුවෙන් කෙනෙකුගෙන් වරදක් සිදු වුයේ නම්, ඔහු චූදිතයෙකු බවට පත් විය නොහකි බව ඉස්ලාමීය නීති පද්ධතිය නිගමනය කරයි.

කෙසේ වෙතත්, පාප ක්රියාවක් කළ කෙනෙකුට තම පාප ක්රියාව දෛවය නිසා සිදු වූ බව අල්ලාහ් මත වරද පටවන්නට කිසිසේත් නොහැක. සිය කැමැත්තෙන් පාප ක්රියවක යෙදුණු කෙනෙක්, එම ක්රියාව අල්ලාහ්ගේ අභිමත නිසා සිදු වුනා දැයි ඒ මොහොතේ දැන සිටියේ නැත. එබැවින් අල්ලාහ්ගේ අභිමත කුමක් දැයි ඔහු නොදන්නා අවස්ථාවක ඔහු සිදු කළ පාපයට දෛවය මත බර පැටවන්නේ කෙසේද? තවද, යම් කාර්යයක් සිදුවීමෙන් පසු ව එය දෛවය යනුවෙන් කිව හැකි නමුන් සිදුවීමට පෙර එය දෛවය කියා නීතියෙන් සමාව ඉල්ලිය නොහැක. එබැවින්

وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ۖ

“කිසිම ආත්මාවක් එය හෙට උපයන්නේ කුමක් දැයි නොදන්නේය." සූරා ලුක්මාන් 31:34.

තවද, තම ක්රියාවට දෛවය හේතු වූ බව චෝදනා කරන අයගේ තර්කය අල්ලාහ් මෙලෙස ප්රතික්ෂෙප කරයි.

سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آَبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّى ذَاقُوا بَأْسَنَا قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ (148)

“අල්ලාහ් අභිමත කර ඇත්නම් අප හා අපගේ මුතුන්මිත්තන් ආදේශ නොකරන්නට තිබුණි. තවද කිසිවක් අප වෙත තහනම් නොකරන්නට තිබුණි යැයි ආදේශ කළවුන් පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. නුඹලා වෙත යම් දැනුමක් එය අපහට දන්වා සිටින අයුරින් තිබේද? නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස නැත. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස නැත." සූරා අල් අනාම් 6:148.

තවද, තම ඉරණම කුසල් ක්රියාවද නැතහොත් අකුසල් ක්රියාවද යනුවෙන් නොදන්නා අවස්ථාවක, ඒවා දෙකම එක හා සමාන බව සලකා තම ඉරණම අකුසල් ක්රියාවන් හි යෙදීමය යි දෛවය පිළිබ ව තර්ක කරන අය සිටිති. මෙවැනි අය ඔවුන්ගේ ම තර්කය අනුව, යහපත් ක්රියාවක් ඉටුකර එය ඔවුන්ගේ ඉරණම යැයි නොපවසන්නේ මන් දැයි අසන්නට කැමැත්තෙමු. දිනක් නබි (සල්) තුමාණන් “එක් එක් අයට ස්වර්ගයේ ඔවුන්ට හිමි ස්ථානය ද, එක් අයට නිරයේ ඔවුන්ට හිමි ස්ථානය ද සටහන් කර තිබේ.“ යැයි තහාබාවරුන්ට වදාළහ. එවිට සහාබාවරුන්, “එසේ නම් අපි මෙය මත විශ්වසා කොට වතාවත් සියල්ල අත හැර දැමිය හැකි දැ?“ යි විමසුවෝය. එයට නබි (සල්) තුමාණන් “එසේ නැත. ඔබගේ නැමදුම් හා ආගමික වතාවත් ඔබලා දිගට කර ගෙන යන්න. කෙනෙකුට කුමක් නිර්මාණය කරනු ලැබුවේ ද, එය ඔහුට පහසු බවට පත් කරනු ලැබේ.“ යැයි පිළිතුරු දුන්හ.

මක්කාවට යෑමට මාර්ග දෙකක් තිබෙන අතර, ඒවායින් එකක් භයානක අනතුරු සහිත, අපහසු මාර්ගයක් වන අතර, අනෙක් මාර්ගය ආරක්ෂා සහිත හා පහසු මාර්ගයක් බව විශ්වාසවන්ත කෙනෙක් ඔබට පැවසුවහොත් ඔබ ආරක්ෂා සහිත පහසු මාර්ගය අත හැර අනතුරු සහිත අපහසු මාර්ගය ඔබ තෝරා නොගන්නේ?. එසේ නොකළේ නම් ජනයා ඔබ ව මානසික රෝගියෙක් යනුවෙන් පවසනු නොවේද?.

එමෙන්ම, ඔබට රැකියා දෙකක් ලැබීමේ අවස්ථාවක් තිබේ. එයින් එකක් අධික වැටුපක් ද, දියුණුවීමේ අවස්ථා හා පහසුකම් ද සහිත රැකියාවක් නම් ඔබ එය තෝරා ගන්නා බව නිසැකය. එසේ නම්, මතු ලොව සම්බන්ධ කරුණු වලදි පමණක් ඔබ කැමති පාප ක්රියාවන් තෝරා ගෙන ඒ සඳහා දෛවය මත බර පටවමින් තර්ක කරන්නේ කෙසේද?

එපමණක් නොවේ. ඔබට රෝගයක් හටගත්තේ නම්, ඔබ කරන්නේ කුමක් ද? ඔබේ රෝගයට ප්රතිකාර සොයා සෑම වෛද්යවරයෙකුගේ දොරට තට්ටු කරන්නේය. ශල්ය කර්මයේ වේදනාව ද, තිත්ත බෙහෙත ද ඔබ ඉවසා දරා සිටින්නේය. ඒ ආකාරයෙන්ම පාප ක්රියාවන් නිසා ඔබේ සිතෙහි හට ගත් රෝගය සුව කර ගැනීම සඳහා, ඔබ යහ මාර්ගයක් සොයා ගත යුතු නොවේද? දෛවය මත බර පටවා පාප ක්රියාවන් හි යෙදෙන පාපීන්ගෙන් මේ ආකාරයෙන් අපි ප්රශ්න කරමු.

කෙසේ වෙතත් අල්ලාහ්ගේ කරුණාව, ආදරය හා සියුම් දැනුම අංග සම්පූර්ණ ඒවාය. එබැවින් අපගේ පාප ක්රියාවන් කිසිවක් ඔහු වෙත පැවරිය නොයුතුය යනුවෙන් අපි විශ්වාස කරමු. “පරමාධිපතියාණනි! කිසිදු පාපයක් ඔබ හා සැසඳෙන්නේ නැත." යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසු බව ඉමාම් මුස්ලිම් වාර්තා කළේය. අයහපත් ක්රියාවක් පවා අල්ලාහ්ගේ ආදරය හා තියුණු දැනුමෙන් සිදු වනු ඇත. එබැවින් අල්ලාහ් අභිමතයෙන් හා දෛවයෙන් සිදුවන කිසිදු කාර්යයක් සැබැවින්ම අයහපතක් නොවන්නේය. හසන් (රළි) තුමාට කුනූත් ඉගැන් වූ අවස්ථාවේ නබි (සල්) තුමාණන්

وَقِنِي شَرَّ مَا قَضَيْتَ

“නුඹ මැවු දැයන් හි තිබෙන අයහපත් දේවලින් මා ආරක්ෂා කරනු මැනව." යනුවෙන් ඉගැන්වුහ. කිසිදු දැයක් මූලික ව නරක දැයක් නොවේ. එහෙත් සිදුවන ස්ථානය, සිදු වන අවස්ථාව පදනම් කර ගෙන එය හොඳක් හෝ නරකක් යැයි නිගමනය කරනු ලබන්නේය. වෙනත් අවස්ථාවක එය හොඳ එකක් යැයි පෙනී යනු ඇත. එබැවින් මිහිතලයේ සිදු වන නියඟ, රෝග, දිළිඳුකම, බිය යන සියලු දේ නරකය. එහෙත් වෙනත් අවස්ථාවක ඒවා හොඳ බව පෙනෙනු ඇත. මෙය පිළිබඳ ව අල්ලාහ් සඳහන් කරන්නේ මෙසේය.

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُم بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٤١﴾

“මිනිසා තමන්ගේ දෑත් උපයා ගත් දෑ හේතුවෙන් ඔවුන් කළ දැයින් සමහරක් ඔවුනට විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්යසනයන් මතු කළේය. ඔවුන් නැවත (යහ මඟට) යොමුවන්නට හැකි වනු පිණිසය." සූරා අර්රූම් 31:41

එමෙන්ම දඬුවම් ලෙස සොරෙකුගේ අත සිඳීම හා ගණිකාවට ගල් ගසා දඬුවම් දීම නිසා ඔවුන්ට හානි සිදු වන බව සැබෑ ය. එහෙත් ඔවුන්ගේ පාප ක්රියාවන් සඳහා මෙලොවෙහි දඬුවම් ලැබී හේතුවෙන් ඔවුන් මතුලොවෙහි දඬුවම් නොලබන්නෝය. මෙය ඔවුන්ට යහපතකි. එ පමණක් නොව තවත් පැත්තකින් මෙම දඬුවම නිසා අසරණ ජනතාවගේ ධනය හා ඔවුන්ගේ පරම්පරාව රැකගන්නා යහ ක්රියාවක් බවට පත්වන්නේය.

6වන පරිච්ඡේදය -

අකීදාවේ සාරාංශය

ශ්රේෂ්ඨ මූලධර්මය පදනම් කර ගත් ඉස්ලාම්හි විශිෂ්ට ප්රතිපත්ති මාලාව තුළින් සමාජයට බොහෝ සාර්ථක ප්රතිඵල ලබා ගත හැකි වේ. එම සාර්ථක ප්රතිඵල කුමක්දැයි බලමු.

ප්රථමයෙන් අල්ලාහ් කෙරෙහි සහ ඔහුගේ අලංකාරවත් නාමයන් සහ ගුණාංගයන් කෙරෙහි විශ්වාස කිරීම.

කවරෙකුගේ සිත් තුළ මෙම විශ්වාසය තිබේ ද, එමගින් ඔහුට අල්ලාහ් කෙරෙහි ආදරය සහ අල්ලාහ්ට ගෞරවය දැක්වීමේ මානසික තත්ත්වයක් උදා වේ. එවිට ඔහු අල්ලාහ්ගේ නියෝගයන් අනුගමනය කිරිමට සහ අල්ලාහ් තහනම් කළ දේවලින් ඉවත් විමට සූදානම් වෙයි.මෙමගින් ඔහු සහ ඔහු ජීවත් වන සමාජය මෙලොව සහ මතු ලොවේ සම්පූර්ණ භාග්යය ලබන්නෝය. මේ බව අල්ලාහ්ගේ පොරොන්දුව සනාථ කරයි.

مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ ﴿٩٧﴾

“පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් හෝ තමන් විශ්වාසවන්තයෙකු ව සිට කවරෙකු යහකම් කළේ ද ඔහුට අපි සැපවත් ජිවිතයක් ප්රදානය කරන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑහි යහපත හේතුවෙන් අපි ඔවුනට ඔවුන්ගේ වේතනය පිරිනමන්නෙමු." සූරා අන් නමල් 16:97.

දෙවනුව: මලාඉකාවරුන් කෙරෙහි විශ්වාස කිරීමේ ක්රියාව. මෙමගින් වැදගත් ප්රයෝජන තුනක් සිදුවන්නේය.

1. මලාඉකාවරුන් ව මැවූ අල්ලාහ් මහත් උත්තමයාණන්ය. එමෙන්ම ඔහුගේ ශක්තියද, පාලනය ද ඉතා උතුම් බව දැන ගැනීමේ අවස්ථාව අපහට හිමි වේ.

2. මලාඉකාවරුන් අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමට කැප වී සිටීම නිසාද, තමන් සදහා ඔවුන් පාපක්ෂමාව ඉල්ලා සිටින නිසාද ඔවුන් කෙරෙහි ආදරය අප තුළ අධික වනු ඇත.

3. අප ව ආරක්ෂා කිරීමේ වගකීම මලාඉකාවරුන් ට භාර කිරීමෙන්, අප වෙත අල්ලාහ් දක්වන විශේෂ සැලකිලි පිළිබඳ ව සිහිකරමින් අල්ලාහ් ට කෘතඥවීමේ අවස්ථාව අධික කර ගැනීම.

තෙවනුව ආගමික ග්රන්ථ කෙරෙහි විශ්වාස කිරීම. මේ මගින් බොහෝ ප්රයෝජන තිබේ.

1. සියලු සමාජයටම ඒ ඒ සමාජයට අවශ්ය මග පෙන්වීම් සඳහා ග්රන්ථ පහළ කළ අල්ලාහ්ගේ කරුණාව හා ආශීර්වාදය දැන ගැනීමේ භාග්ය අපට හිමි වේ.

2. සියලු සමාජයටම ගැලපෙන ආකාරයෙන් දහම් පහළ කිරීමෙන් අවසානයේ සියලු ජන සමාජයටම සෑම කාලයටම ගැලපෙන අවසාන ආගමික ග්රන්ථ වන අල් කුර්ආනය පහළ කළ අල්ලාහ්ගේ حِكْمَةٌ හෙවත් සියුම් බුද්ධිය අපට අවබෝධ කර ගත හැකිය.

3. අල්ලාහ් විසින් පිරිනමණ ලද මෙම සියලු භාග්යයන් සදහා ඔහුට වැඩි වැඩියෙන් කෘතඥවීමෙට අවස්ථාව අපට ලැබෙනු ඇත.

රසූල්වරුන් කෙරෙහි විශ්වාසය තැබීම. මෙයින් ද අපට කරුණු තුනක යහ ප්රතිඵල ලැබේ.

1. ජනතාවට යහ මග පෙන්වනු පිණිස නබිවරුන් සහ රසුල්වරුන් එවීමෙන් අපහට අල්ලාහ් දැක්වු සැලකිලි සහ ආදරය පිළිබඳ ව අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදා වීම.

2. අල්ලාහ් විසින් පිරිනමන ලද සීමාවක් නොමැති භාග්යයන් සදහා ඔහුට කෘතඥ ප්රකාශ කිරිම.

3. එම නබිවරුන් අල්ලාහ්ගේ නිවේදනය ගෙන ආ සංදේශකවරුන් නිසා, ඔවුන් අල්ලාහ්ට නැමදුම් කර අල්ලාහ්ගේ නිවේදනය ජනතාවට ගෙන දී ඒවායේ මාර්ගයෙන් ජනතාවට උපදෙස් කළ හේතුවෙන්, එම නබිවරුන් හා රසූල්වරුන්ට ගෞරවය දැක්වීම, ඔවුන් ව උසස් කොට සැලකීම සහ ඔවුන්ට සුදුසු අයුරින් කෘතඥතාව ප්රකාශ කිරීමට අවස්ථා ලැබීම.

අවසානය දිනය කෙරෙහි විශ්වාසය තැබීම. මෙයින් ලැබෙන ප්රයෝජන පහත දැක්වේ.

1. තම යහ ක්රියාවන් සඳහා මරණයෙන් පසු හිමි වන මතු ලොවේ තිළිණ ලබන අපේක්ෂාවෙන් යහ ක්රියාවන්හි අධික ලෙස යෙදීමට වැඩි වැඩියෙන් ආශා කිරීම. එමෙන්ම පාප ක්රියාවන් සඳහා මරණයෙන් පසු ව පනවනු ලබන දඬුවමින් මිදීමේ අරමුණින් පාප හා දුෂ්ට ක්රියාවන්ගෙන් ඉවත් වී සිටිමට උනන්දු වීම.

2. ඇතැම් විට මෙලෙවේ තමාට සියලු සම්පත් නොලැබුණේ නම්, මරණයෙන් පසු ලැබෙන සතුට හා සම්පත් ගැන බලාපොරොත්තුවෙන් මූඃමින්වරයෙක් සිත් සහනයට පත් වීම.

අල් කද්ර් නම් දෛවය පිළිබඳ ව විශ්වාස කිරීම. මෙමගින් සිදු වන වාසිය පහත දැක්වේ.

1. සෑම කරුණකටම මුල් හේතුව සහ එහි මූලිකයා අල්ලාහ් වන හෙයින් යම් කරුණක් ක්රියාවෙහි යෙදෙන විට ඒ පිළිබඳ ව අල්ලාහ් වෙත විශ්වාසය තබා ඉටු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

2. පැහැදිලි නොමැති හා සිතට එකඟ නොවන බොහෝ දේ අපට සිදු වනු අපි දකිමු. එවැනි අවස්ථාවන්හි මේවා සියල්ල අල්ලාහ්ගේ අභිමතයෙන් සිදු වන හෙයින් අල්ලාහ්ගේ තීරණය පිළිගැනීමට මානසික ව සූදානම් වීමෙන් සිතට සහනය හිමි වනු ඇත. මේ හේතුවෙන් අල්ලාහ් විසින් නියම කරන ලද දෛවය පිළිගන්නා කෙනෙක් හැර අධික සිත් සහනය ලබන අන් කිසිවෙක් දැක ගත නොහැක.

3. තම අරමුණ ඉටු වන මොහොතේ සිතෙහි නැඟෙන උඩඟු ව ඉවත් කර ගත හැකි වේ. එයට හේතුව දෛවය කෙරෙහි විශ්වාසය සහිත කෙනෙක්, සියලු දේ ම සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතයෙන් යැයි අවබෝධ කර ගන්නා කෙනෙක්, එම අවස්ථාවේ ඔහුගේ සිතෙහි ඇති වන උඩඟුව ඒ මොහොතේම ඉවත් කර ගනී.

4. තම අරමුණට ළඟා විය නොහැකි විට සහ අකැමැති යම් කරුණක් සිදු වන විට සියල්ල සිදුවන්නේ අල් කද්ර් නම් දෛවය නිසා බව දැන ගත් විට, පරාජය මගින් සිදු වූ සිත්තැවිල්ල ඔහුගෙන් ඉවත් වනු ඇත. මේ බව පහත සඳහන් අල්ලාහ්ගේ වාක්ය පැහැදිලි කරයි.

مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّـهِ يَسِيرٌ ﴿٢٢﴾

“මිහිතලයේ හෝ නුඹලා අතර හෝ කිසිදු දුර්භාග්යයක්, අපි එය ඇති කරන්නට පෙර පුස්තකයේ සඳහන් ව මිස (ඔබට) සිදුවන්නේ නැත." සූරා හදීද් 57:22

لِّكَيْلَا تَأْسَوْا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ ۗ وَاللَّـهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ ﴿٢٣﴾

“නුඹලාට මඟ හැරුණු දෑ කෙරෙහි දොම්නස නොවනු පිණිස ද ඔහු නුඹලාට දුන් දෑ පිළිබඳ ව (දැඩි ලෙස) සතුටු නොවනු පිණිස ද (සියල්ල පුස්තකයේ සඳහන් වී ඇත) තවද උඩඟු පුරසාරම් දොඩන සියල්ලන්ම අල්ලාහ් ප්රිය නොකරන්නේය." සූරා හදීද් 57:23

මේ හේතුවෙන් මෙම ප්රතිපත්ති මත අපි නිතර රැඳී සිටීමට ද එයින් අපි යහඵල ලබන්නට ද, ඒ මාර්ගයෙන් අල්ලාහ්ගේ ආශීර්වාදය අධික ලෙස ලබන්නට ද, අපට යහ මග පෙන්වා දෙනු ලැබු පසුව අපි එය අත හැර දමා නොමඟ යෑමෙන් වැළකීමට ද, අල්ලාහ්ගේ ආශීර්වාදය හා ආදරය අප වෙත පහළ කරන ලෙස අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරමු. ඇත්ත වශයෙන්ම අල්ලාහ් නොමසුරු ලෙස තිළිණ දෙන්නෙකි. සියලු ප්රශංසාව සර්ව ලෝකය මවා ආරක්ෂා කරන්නා වන අල්ලාහ් ට හිමි වේවා. ශාන්තිය හා සාමය අපගේ රසූල්වරයා වන මුහම්මද් (සල්) තුමාණන්ට, එතුමාණන්ගේ පවුලේ සාමාජිකයන්ට ද හිතමිතුරන් වෙත ද හිමිවේවා.

මෙම කෘතිය නිමවේ.

ඔබගේ වටිනා අදහස්