(1) අසර් වේලාව - සවස යාඥා සමය - පිළිබඳ සහතික කොට ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි.
(2) නියත වශයෙන්ම මිනිසා යම් අඩුවක හා විනාශයක සිටියි.
(3) නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට අන්යෝන්යව සත්යය පිළිබඳ උපදෙස් දෙමින්, ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.