106 - Quraish ()

|

(1) කුරෙෂ්වරුන්ගේ පුරුද්ද හා ඔවුන්ගේ ඇල්ම හේතුවෙන්.

(2) ශීත ඍතුවෙහි සුරක්ෂිතව යමන් දේශයට හා ග්රීස්ම ඍතුවෙහි සුරක්ෂිතව සිරියා දේශයට යෑමේ පුරුද්ද හා ඇල්ම ඇති කළ හේතුවෙන්.

(3) මෙම ශුද්ධවූ නිවසේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදුම් කරත්වා! ඔවුනට මෙම ගමන පහසු කළේ ඔහුය. එබැවින් කිසිවකට ඔවුන් ඔහුව ආදේශ නොකළ යුතුය.

(4) ඔහු අරාබිවරුන් අතර කඃබාව ශුද්ධත්වයට පත් කොට, එය ගරුකටයුතු ස්ථානයක් බවට පත් කොට ඔවුනට ආරක්ෂාවද ඔවුන්ගේ කුසගින්නට ආහාරයද සැපයීය.