(1) රමළාන් මාසයේ කද්ර් රාත්රියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කිරීමට අපි ආරම්භ කළාක් මෙන්ම අල් කුර්ආනය මුළුමණින්ම එවැනි රාත්රියක අපි පහළ අහසට පහළ කළෙමු.
(2) අහෝ නබිවරය, එම රාත්රියේ ඇති යහපත හා අභිවෘද්ධිය කවරක්දැයි ඔබ දන්නෙහිද?
(3) එම රාත්රිය, මහිමයෙන් පිරිණු බලගතු රාත්රියකි. එහි විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තුවෙන් නැමදුම්වල නිරත වන්නන්හට මාස දහසකට වඩා උතුම් වූ රාත්රියක් බවට එය පත්වනු ඇත.
(4) මලක්වරුන් හා ජිබ්රීල් තුමා තම පරාමාධිපතියාණන්ගේ අනුමැතිය ඇතිව එම වර්ෂය තුළ අල්ලාහ් විසින් මිනිසාට තීන්දු කළ ආහාර හා සම්පත්, ඔහුගේ මරණය හා උපත සහ ඔහු විසින් තීන්දු කළ අනෙකුත් නිර්ණායකයන් සමඟ පහළ වනු ඇත.
(5) මෙම මුලු රාත්රියම එහි ආරම්භයේ සිට අලුයම උදාවේ අවසානය තෙක්ම සමෘද්ධියෙන් පිරී පවතින්නකි.