84 - Al-Inshiqaaq ()

|

(1) මලක්වරු අහසින් පහළ වීම සඳහා එය පැළී ගිය විට,

(2) තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබුවක් වන්නේය.

(3) හමක් අදිනු ලබන්නාක් මෙන් මහපොළොව දිගු හරිනු ලබන විට,

(4) එහි ඇති නිදන් වස්තුන් හා මළ කඳන් බැහැර කොට ඒවායින් එය හිස් වේ.

(5) තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබූවක් වන්නේය.

(6) අහෝ මිනිසුනි! ඔබ යහපත හෝ අයපත සිදු කරන්නෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඒ සඳහා අල්ලාහ් ඔබට ප්රතිඵල දෙනු පිණිස එය ඔබ හමුවේ තබනු ලබන්නේය.

(7) කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන තම දකුණතට දෙනු ලබන්නේද,

(8) ඔහු ඉදිරියේ එම ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු ග්රහණයකින් තොරව පහසු ප්රශ්ණ කිරීමකින් ඔහු විනිශ්චය කරනු ලැබේ.

(9) ඔහු තම පවුල වෙත සතුටින් හැරී යනු ඇත.

(10) කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන ඔහුගේ පිටෙහි පිටුපසින් ඔහුගේ වමතට දෙනු ලැබුවේද ඔහු වූ කලී.

(11) ඔහු තමන්ගේ විනාශය අයැද සිටියි.

(12) නිරයේ ගින්නට ඔහු ඇතුළු වනු ඇත. එහි දැඩි උෂ්ණත්වය විඳිනු ඇත.

(13) දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරමින් ඔහු මෙලොවෙහි තම පවුල සමඟ සතුටින් ජීවත් විය.

(14) සැබැවින්ම තමන් මිය ගිය පසුව නැවත ජීවයක් නොලබන්නේ යැයි සිතීය.

(15) එසේ නොව, පළමු වරට අල්ලාහ් ඔහුව මැවූ සේම යළි ඔහුට ජීවය දෙන්නේමය. ඔහුගේ තත්ත්වය අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටියි. අල්ලාහ්ගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු සිදු කළ ක්රියාවන්ට අනුකූලව අල්ලාහ් ඔහුට ප්රතිඵල පිරිනමයි.

(16) හිරු අවරට ගිය පසු ක්ෂිතිජයේ පවතින රත් පැහැය මත අල්ලාහ් දිවුරා සිටියි.

(17) රාත්රිය හා එහි රැස් කරනු ලබන දෑ මත ද දිවුරා සිටියි.

(18) චන්ද්රයා පූර්ණත්වය ලැබ එය පුරසඳ බවට පත්වූ විට ඒ මත දිවුරා සිටියි.

(19) අහෝ මිනිසා, ශුක්රාණුවෙන් කූඩැල්ලෙකුගේ ස්වරූපයටත් කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් කළල තත්ත්වයටත් එමෙන්ම ජීවිතයෙන් පසු මරණයටත් මරණයෙන් පසු යළි ජීවිතයටත් යනාදී ලෙස තත්ත්වයෙන් තත්ත්වයට පියවරෙන් පියවරට ඔබ ගමන් කරනු ඇත.

(20) දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන් අල්ලාහ් හා පරමාන්ත -අවසාන- දිනය විශ්වාස නොකර සිටීමට කුමක් වීද?

(21) ඔවුන් වෙත අල් කුර්ආනය පාරයනය කර පෙන්වනු ලබන විට ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සිරස නොනමති.

(22) නමුත්, දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ, ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය බොරු යැයි පවසති.

(23) ඔවුන්ගේ සිත් රඳවා තබන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාහුය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහු වෙත සැඟවෙන්නේ නැත.

(24) එහෙයින් අහෝ දූතය! වේදනා සහගත දඬුවම බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ ඔවුනට දන්වා සිටිනු.

(25) නමුත් අල්ලාහ්ව විශ්වාස කොට, යහකම් සිදු කළ අය හැර. ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි.