(1) විශාල කරුණා ගුණයෙන් යුත් මහා කාරුණිකය.
(2) අල් කුර්ආනය පාඩම් කිරීමට හා එහි තේරුම වටහා ගැනීමට පහසු අයුරින් මිනිසාට ඔහු එය ඉගැන්වීය.
(3) මනා සැකැස්මකින් හා අලංකාර ස්වරූපයකින් යුතුව මිනිසා ව ඔහු මැව්වේය.
(4) ඇතුළත ඇති දෑ පැහැදිලි කරනුයේ කෙසේදැ?යි කතාවෙන් හා ලිවීමෙන් ඔහු ඔහුට ඉගැන්වීය.
(5) හිරු හා සදුට නියමිත ගණන් පිළිවෙතක් ඇති කළේය. වර්ෂ ගණන් හා කාලවේලාවන් මිනිසා හඳුනා ගනු පිණිස ඒ දෙක ඉතා සූක්ෂම ගණන් විලාසයකට අනුව ගමන් කරයි.
(6) කඳන් නොමැති පැළෑටි (හේ තරු) හා ගස් ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ට අවනතව යටහත්ව සුජූද් - සිරස නමස්කාර - කරති.
(7) අහස මහපොළොවට ඉහළින් එහි වියනක් සේ ඔසවා තැබුවේය. මහපොළොවේ යුක්තිය ස්ථාපිත කළේය. එය තම ගැත්තන්හට නියෝග කළේය.
(8) අහෝ ජනයිනි! නුඹලා වැරදි නොකරනු පිණිසත් කිරුම් මිණුම්වල වංචා නොකරනු පිණිසත් ඔහු යුක්තිය ස්ථාපිත කළේය.
(9) නුඹලා අතර සාධාරණ අයුරින් තුලනය ක්රියාත්මක කරනු. නුඹලා වෙනත් අයට කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ එම කිරුම් මිනුම් හි අඩුපාඩු නොකරනු.
(10) මහපොළොව මත ඇති මැවීම් පවතිනු පිණිස එය සූදානම් කර තබා ඇත්තෙමු.
(11) පලතුරු හට ගන්වන ගස් ද එහි ඇත. ඉඳි හටගන්නා කොපු සහිත ඉඳි ගස් ද එහි ඇත.
(12) තවද එහි බාර්ලි හා තිරිඟු වැනි පිදුරු සහිත ධාන්යය ද නැවුම් සුවද ලබා දෙන පැළෑටි ද ඇත.
(13) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(14) පුච්චන ලද මැටි මෙන් දඟලන හඩක් ඇසෙන වියළි මැටියෙන් ඔහු ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය.
(15) පිරිසිදු ගිනි දැල්ලෙන් ඔහු ජින්නුන්ගේ පියාව මැව්වේය.
(16) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(17) ශීත ඍතුවෙන් හා ග්රීෂ්ම ඍතුවෙන් හිරු උදාවන නැගෙනහිරවල් දෙකෙහි හා එය අවරට යන බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
(18) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(19) දෑසට පෙනෙන සේ කරදිය හා මිරිදිය සාගර දෙක එකිනෙකට එකතු වන සේ අල්ලාහ් යා කළේය.
(20) කරදිය ලුණු ද්රාවණයෙන් හා මිරිදිය මිහිරි බවින් තිබෙන්නට හැර එකක් අනෙක ඉක්මවා නොයන පරිදි ඒ දෙකින් සෑම එකක්ම වළක්වාලන බාධකයක් ඒ දෙක අතර පවතී.
(21) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(22) සමස්ත මුහුදු දෙකින්ම ලොකු කුඩා මුතු හා පබළු මතු වෙයි.
(23) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(24) සාගරයේ යාත්රා කරන, කඳු මෙන් වූ නැවු සක්මන් කරවීම ශුද්ධවන්තයාණන් වූ ඔහුට පමණක් සතුය.
(25) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(26) මහපොළොව මත පවතින සියලු මැවීම් කිසිදු සැකයකින් තොර ව විනාශ වී යනු ඇත.
(27) අහෝ දූතය! තම ගැත්තන් හට භාග්ය පිරිනමන, උපකාර කරන, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතියාණන්ගේ මුහුණ පමණක් ශේෂව පවතී. එහෙයින් ඔහුට කිසිවිටෙක විනාශයක් අත් වන්නේ නැත.
(28) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(29) අහස්වල සිටින සෑම මලක්වරයකු ම, මහපොළොවේ සිටින ජින්නුන් හා මිනිසුන් ද ඔවුන්ගේ අවශ්යතාවන් ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ජීවය ලබා දීම, මරණයට පත් කිරීම, පෝෂණ සම්පත් ලබා දීම හා ඒ හැර ඔහුගේ ගැත්තන්ගේ වෙනත් කටයුතු අතරින් යම් කටයුත්තක ඔහු නිරතවෙමින් සිටියි.
(30) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(31) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! නුඹලාගේ විනිශ්චය සඳහා (කාල වේලාවක්) අපි වෙන් කර ඇත්තෙමු. එවිට ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු කුසල් හෝ දඬුවම් අපි පිරිනමන්නෙමු.
(32) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(33) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හා ජින්නුන් ඒකරාශී වන විට අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: ‘අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! අහස් හා මහපොළොවේ පැතිකඩවලින් එක් පැත්තකින් පිවිසුම් මාර්ගයක් නුඹලා ලබන්නට හැකි නම් එසේ සිදු කර ගනු. දැඩි බලයකින් හා ශ්රමයකින් මිස එසේ සිදු කිරීමට නුඹලාට නොහැකිය. නුඹලාට එසේ විය හැක්කේ කෙසේ ද?'
(34) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(35) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! දුමෙන් තොර ගිනි ජාලයක් ද එහි ගිනි ජාලාවක් නැති දුමක් ද ඔහු නුඹලා දෙපළ වෙත එවනු ඇත. එයින් වැළකෙන්නට නුඹලා දෙවර්ගයටම නොහැකිය.
(36) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(37) මලක්වරුන් එයින් පහළවීම සඳහා අහස පැළී ගිය විට, එහි වර්ණ දීප්තිය තෙල් මෙන් රතුපැහැ ගැණෙනු ඇත.
(38) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(39) ඒ මහත් දිනයේ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා බැවින් කිසිදු ජින්නුවෙකු හො මිනිසෙකු හෝ ඔවුනොවුන්ගේ පාපකම් පිළිබඳ විමසනු නොලැබේ.
(40) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(41) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වැරදිකරුවන් ඔවුන්ගේ සළකුණු තුළින් හඳුනා ගනු ලබති. එය කළු වී ගිය මුහුණු හා නිල්වී ගිය ඇස් තුළිනි. ඔවුන්ගේ ඉදිරි නළල් රෝම ඔවුන්ගේ පාද සමග අමුණා නිරය වෙත වීසි කරනු ලබති.
(42) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(43) ඔවුන් හෙළා දකිමින් ඔවුනට, ‘මෙලොවෙහි වැරදිකරුවන්ගේ දෑස් ඉදිරිපිට එය පිළිකුල් කිරීමට නොහැකි ඔවුන් බොරු යැයි පවසා සිටි නිරය මෙය වේ’ යැයි පවසනු ලැබේ.
(44) ඒ අතර හා දැඩි උෂ්ණත්වයෙන් යුත් ලෝදිය අතර ඔවුන් තටමති.
(45) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(46) මතුලොවෙහි තම පරමාධිපති ඉදිරියේ සිට ගැනීමට බිය වී ඔහුව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට ස්වර්ග උයන් දෙකක් ඇත.
(47) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(48) මේවා සාරවත් පලදෙන අති විශාල අතු සහිත උයන් දෙකකි.
(49) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(50) එම උයන් දෙකෙහි ඒ දෙක අතරින් ජලය ගලා යන උල්පත් දෙකක් ඇත.
(51) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(52) හට ගන්නා සෑම පළතුරු වර්ගයකින්ම ජොඩුවක් වශයෙන් ඒ දෙකෙහි ඇත.
(53) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(54) ඇතුළත ඝන සේද රෙද්දෙන් යුත් ඇතිරිලි මත ඔවුන් හාන්සි වී සිටිති. එම උයන්වලින් ඔවුන් නෙළන පළතුරු සිටගෙන ද වාඩිවී ද හාන්සිවී ද පරිහරනය කළ හැකි තරමට ඉතා සමීපයෙන් පවතී.
(55) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(56) ඒවායෙහි ඔවුන්ගේ සහකරුවන් දෙස දමිත බැල්මෙන් බලන කන්යා කුමරියන් වෙති. ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන්ගේ කන්යාභාවය බිද දමා නැත.
(57) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(58) ඔවුන් පිවිතුරභාවයෙන් හා අලංකාරයෙන් මුතු මැණික් හා පබළු මෙන් වෙති.
(59) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(60) තම පරමාධිපතිට අවනත වීමෙන් අලංකාර ලෙස කටයුතු කළ අයට හිමි ප්රතිඵලය අල්ලාහ් අලංකාර ලෙස පිරිනමන ප්රතිඵලයක් මිස නැත.
(61) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(62) සඳහන් කරන ලද එම උයන් දෙකට අමතරව තවත් උයන් දෙකක් ඇත.
(63) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(64) ඒ දෙකෙහි සාරවත් කොළ පැහැය ඝණ ව පවතී.
(65) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(66) ජලය ඉමහත් සේ උතුරා ගලා යන උල්පත් දෙකක් එම උයන් දෙකෙහි ඇත. උතුරා ගලා යන එම ජලය කප්පාදු නොවනු ඇත.
(67) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(68) එම උයන් දෙකෙහි අධික වශයෙන් පලතුරු ද විශාල වශයෙන් ඉඳි, දෙළුම් ද ඇත.
(69) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(70) රූ සපුවෙන් පිරි දැහැමි ගුණාංගයෙන් යුත් කාන්තාවන් එම උයන්හි වෙති.
(71) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(72) ඔවුනට ආරක්ෂාව සලසන කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවන්ය.
(73) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(74) ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසකු හෝ ජින්නුවකු හෝ ඔවුනට සමීප වී නැත.
(75) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(76) අලංකාර මෙට්ට හා කොළ පැහැති ඇතිරිල්ලෙන් ආවරණය කරන ලද කොට්ට මත හාන්සි වී සිටිති.
(77) අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
(78) තම ගැත්තන්හට භාග්යය පිරිනමා, උපකාර කළ, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතිගේ නාමය ශ්රේෂ්ට විය. උදාර විය. උත්කෘෂ්ට විය.