(1) (අහෝ ධර්ම දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවෙකු නැත.
(2) පූර්ණ හා අලංකාර ගුණාංග තුළ උපරිමයෙන්ම කීර්තියට පත් ප්රධානියා ඔහුය. සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත.
(3) ඔහු කිසිවකු ජනිත කළේ නැත. එසේම කිසිවෙක් විසින් ඔහුව ජනිත කරනු ලැබුවේද නැත. පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත.
(4) ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත.