(1) අහෝ දූතය! ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
(2) ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.
(3) ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.
(4) මිනිසා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් නොසළකා හැරුණු විට ඔහු තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි. මිනිසා අල්ලාහ්ව මෙනෙහි කළ විට ඔහු ආපස්සට යනු ඇත.
(5) ඔහු මිනිසාගේ හදවත් වෙත ඔහුගේ කුකුස් හෙළයි.
(6) ඔහු ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.