(1) හිරු එහි ස්කන්ධය සමග හැකිළී ගොස් එහි ආලෝකය පහ ව ගිය විට...
(2) ග්රහ තාරකා කඩා හැළී ඒවායෙහි ආලෝකය ද මැකී ගිය විට...
(3) කඳු තිබූ තැනින් වෙන් වී චලනය වූ විට...
(4) ඔවුන්ගේ වටිනාම වූ සම්පතක් ලෙස සැලකූ ගැබ් ගත් ඔටුවන්ව එහි අයිතිකරුවන් විසින් නොසළකා අතහැර දමනු ලැබූ විට.
(5) එකම යායක වනසතුන් මිනිසුන් සමඟ එක්රැස් කරනු ලබන විට,
(6) මුහුදු ගිනියම් වන තත්වයට පත්වන තරමට එය අවුළුවනු ලැබූ විට...
(7) ආත්මාවන් ඒවාට සමාන අය සමඟ සම්බන්ධ කරනු ලැබූ විට... එනම් පාපිෂ්ටයා පාපිෂ්ටයා සමගද දැහැමියා දැහැමියා සමගද සම්බන්ධ කරනු ලබනු ඇත.
(8) පණ පිටින් වළලනු ලැබූ දැරියන්ගෙන් අල්ලාහ් ප්රශ්න කරන විට...
(9) ඔබ ව ඝාතනය කළවුන් කවර වරදක් සඳහා ඝාතනය කළේ දැයි ප්රශ්ණ කරනු ඇත.
(10) ගැත්තන් සෑම කෙනෙකුම ඔවුනොවුන් විසින් සිදු කළ ක්රියාවන් පිළිබඳ වාර්තා කියවනු පිණිස එම ක්රියා ලේඛන දිග හරිනු ලැබූ විට...
(11) එළුවකුගේ හම ගලවන්නාක් මෙන් අහස ඉවත් කරනු ලැබූ විට...
(12) තවද නිරා ගින්න මොළවනු ලැබූ විට...
(13) ස්වර්ගය බියබැතිමතුන් හට සමීප කරවනු ලැබූ විට...
(14) මේ සියල්ල සිදුවන අවස්ථාවේ දී සෑම ආත්මයක්ම එදින වෙනුවෙන් තමන් පෙර කර තිබුණා වූ ක්රියාවන් පිළිබඳ දැනගනු ඇත.
(15) රාත්රියෙහි එය උදාවන්නට පෙර සැඟවී පවතින තාරකා මත අල්ලාහ් දිවුරා පවසයි.
(16) අලුයම උදාවන අවස්ථාවේදී සැඟවී යන ග්රහලෝක අතර ඒවා ගමන් කරනු ඇත. මුවෙකු තම වාසස්ථානයට ඇතුල්වීම ද උපමාවක් ලෙස ගත හැක.
(17) රාත්රියේ ආරම්භය උදාවන විට ඒ මත දිවුරා පවසයි.
(18) අලුයම් ආලෝකය උදාවන විට ඒ මත ද දිවුරා පවසයි.
(19) නියත වශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් වේ. එය විශ්වාසනීය දේව දූත ජිබ්රීල් තුමා විසින් එතුමාණන්ට දැන්වීය. අල්ලාහ් එම කටයුත්ත එතුමාට භාර කළේය.
(20) ඔහු ශක්තිමත් වූ අයෙකි. දේව රාජ්යයේ දෙවියන් අබියස ගෞරවනීය නිලයක් හිමි අයෙකි.
(21) අහස්වාසීහු ඔහුට අවනත වනු ඇත. වහී හෙවත් දේව පණිවිඩ දන්වා සිටීමේ වගකීම සම්බන්ධයෙන් ඔහු විශ්වාස කරනු ලැබූවෙකි.
(22) නුඹලා දන්නා හඳුනන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බුද්ධිය ඔහුගේ විශ්වාසනීයභාවය හා ඔහුගේ සත්යභාවය යනාදියෙන් නිරූපණය වනුයේ නුඹලා ගොතා පවසනු ලබන දේ මෙන් මුහම්මද් තුමාණන් උමතු වූවෙකු නොවන බවය.
(23) ඔබේ මිතුරා වන එතුමා ජිබ්රීල් තුමාව මැවූ සැබෑ ස්වරූපයෙන්ම පැහැදිලිව ක්ෂිතිජය තුළ දුටුවේය.
(24) නුඹලා වෙත දන්වා සිටින්නට නියම කළ කිසිදු කරුණක් නුඹලා වෙත දන්වා සිටීමට එතුමා මසුරු නොවූහ. හූනියම් කරුවන් ගන්නාක් මෙන් කිසිදු කුලියක් හෝ එතුමා නොගන්නේය.
(25) මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ කරුණාවෙන් මිස, පළවා හරින ලද ෂෙයිතාන්ගේ ප්රකාශයක් නොවේ.
(26) මෙම සාධක ඉදිරිපත් කිරීමෙන් පසුව අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පැමිණි එකක් බව ප්රතික්ෂේප කරන්නට නුඹලා ගමන් කරන මඟ කුමක්ද?
(27) අල් කුර්ආනය මිනිස් සංහතියට හා ජින් සංහතියට උපදෙසක් හා මෙනෙහි කිරීමක් මිස වෙනකක් නොවේ.
(28) එය ඔබ අතර සිටින්නාවූ සත්ය මාර්ගයේ ඍජුව ගමන් කරන්නට ප්රිය කරන අය වෙනුවෙනි.
(29) එසේ ඍජු මාර්ගයේ ගමන් කිරීමට හෝ වෙනත් කටයුත්තක් සිදු කිරීමට හෝ අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලාගේ අභිමතය පරිදි කළ නොහැක. ඔහු සියලු මැවීම්හි පරමාධිපතියාණන්ය.