අපගේ දුආවන් ට අල්ලාහ්ගෙන් පිළිතුරු නොලැබෙන්නේ ඇයි?

කෙටි හැඳින්වීම

දුආවක් අල්ලාහ් වෙත ට ඉදිරිපත් කරනු ලැබීමට ද පිළිතුරු දෙනු ලැබීමට ද බාධා වන යම් කරුණු තිබේ නම්, ඒවා ප්රටථමයෙන් දුආ කරන්නාගෙන් මෙන්ම තමන් කරන දුආ වෙන් ඉවත් කළ යුතුය. පහත සඳහන් කොන්දේසි සියල්ල සම්පූර්ණ වීමෙන්, කෙනෙකු කරන දුආ පිළිගැනීමක් වනු ඇත.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

අපගේ දුආවන් ට අල්ලාහ්ගෙන්

පිළිතුරු නොලැබෙන්නේ ඇයි?

] සිංහල – Sinhala –[ سنهالي

ඉස්ලාම් හවුස් - ප්‍රශ්න සහ පිළිතුරු

ෂෙයික් මුහම්මද් සාලිහ් අල් මුනජ්ජිද්

සිංහල පරිවර්තනය

ජාසිම් ඉබ්න් දඉයාන්

2014 - 1435

 لماذا لا يستجيب الله لدعائنا ؟

« باللغة السنهالية »

موقع الإسلام سؤال وجواب

محمد صالح المنجد

ترجمة: جاسم بن دعيان

2014 - 1435

අපගේ දුආවන් ට අල්ලාහ්ගෙන්

පිළිතුරු නොලැබෙන්නේ ඇයි?

ඉස්ලාම් හවුස් - ප්‍රශ්න සහ පිළිතුරු

ෂෙයික් මුහම්මද් අල් මුනජ්ජිද්

ඉස්ලාම් හවුස් වෙබ් අඩවියෙන්

ප්‍රශ්නය: අපගේ දුආවන් ට අල්ලාහ්ගෙන් පිළිතුරු නොලැබෙන්නේ ඇයි?

සියලු ප්‍රසංශා අල්ලාහ් ට හිමිවේවා.

ඉමාම් ඉබ්න් අල් කයියිම් (රහි) මෙසේ දන්වා ඇත.

“දුආ සහ තඅව්වුදාත් (අල්ලාහ් වෙත රැකවරණය පතා කරන ප්‍රාර්ථනා) යනු, ආයුධයක් හා සමාන ය. යම් ආයුධයක් කෙතරම් තියුණු ද යනු මෙහි දි අදාළ නොවන අතර, එය ප්‍රයෝජනවත් බවට පත් වන්නේ එය උපයෝගි කරන තැනැත්තා විසින්ම ය. ආයුධයක පළුද්දක් නොමැතිනම් හෝ අංග සම්පූර්ණ නම් හෝ එය උපයෝගි කරන තැනැත්තාගේ අත ශක්තිමත් නම්, තම සතුරන් ව විනාශ කිරීමෙන් එම තැනැත්තා ව නවත්වන් ට කිසිවක් නැත. එහෙත් ඉහත සඳහන් කරුණු තුනෙන් එකක් හෝ නොමැති නම්, එහි ප්‍රතිඵලය එය ට සමාන ව අඩු වනු ඇත.”

(අල් දඅවා අල් දවා ග්‍රන්ථයේ පිටු අංක 35)

ඉහත සඳහන් කරන අයුරින් යම් ක්‍රමවේදයක් සහ නීති පද්ධතියක් දුආ කරන්නා සම්පූර්ණ වශයෙන් ඉටු කළ යුතුව තිබේ. මෙය ට අමතර ව, යම් දුආවක් අල්ලාහ් වෙත ට ඉදිරිපත් කරනු ලැබීමට ද පිළිතුරු දෙනු ලැබීමට ද බාධා වන යම් කරුණු තිබේ නම්, ඒවා ප්‍රථමයෙන් දුආ කරන්නාගෙන් මෙන්ම තමන් කරන දුආ වෙන් ඉවත් කළ යුතුය. පහත සඳහන් කොන්දේසි සියල්ල සම්පූර්ණ වීමෙන්, කෙනෙකු කරන දුආ පිළිගැනීමක් වනු ඇත.

1. දුආ කිරීමෙ හි බැගෑපත් වීම: මෙය ඉතාමත් වැදගත් කොන්දේසියක් වෙයි. දුආ නම් ප්‍රාර්ථනා කිරීමේ දී අවංක වන ලෙස අල්ලාහ් පවසා ඇත. මේ ගැන අල්ලාහ් පවසන්නේ මෙසේය.

“ප්‍රතික්ෂේපකයින් පිළිකුල් කළ ද නඹලා අල්ලාහ් ව දහමෙ හි ඔහු ට චිත්ත ඒකාග්‍රතාවෙන් කැඳවවු.” සූරා 40:14.

දුආ කිරීමෙ හි අවංක වීම යනු, ඔබ අමතන උත්තරිතර අල්ලාහ් කෙරෙහි ස්ථීර විශ්වාසය සහිත ව, ඔබේ ඉල්ලීම ට ප්‍රතිචාර දැක්වීම ට හැකියාව තිබෙන්නේ ඔහු ට පමණකි යන විශ්වාසය සහිත ව කරන ඉල්ලීමවේ. මෙම අවස්ථාවෙ හි අනුන් හට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තොර ව දුආ ඉල්ලීම ඉතාමත් වැදගත් බව සලකන්න.

2. සැබැවින් ම පසුතැවිලි වී අල්ලාහ් දෙසට ආපසු හැරීම: දුආ සඳහා නිසි ප්‍රතිචාරය නොලැබීම ට ප්‍රධාන හේතු ව පාපයන් ය. එනිසා දුආ කරන්නා එම කර්තව්‍යය ආරම්භ කිරීමට පෙර, තම පාපයන් සඳහා පසුතැවිලි වී අල්ලාහ්ගේ ක්‍ෂමා අයැදින්න ට ඉක්මණින් ක්‍රියා කළ යුතුය. නූහ් නබි (අලෙ) තුමාණන් පිළිබඳ ව අල්ලාහ් මෙසේ පවසයි.

“එබැවින්, නුඹලා ගේ පරමාධිපතිගෙන් සමාව අයැදිවු. සැබැවින් ම, ඔහු අධි ක්‍ෂමාශීලීයැ යි පවසමි. එවිට, ඔහු නුඹලා වෙත අහසින් වර්ෂාව (අශ්‍ය පරිදි) අධික ව යවන්නේ ය. ධනයෙන් ද පිරිමි දරුවන්ගෙන් ද නුඹලා ව වැඩි දියුණු කරන්නේ ය. නුඹලා ට වතුයායන් (වගාවන්) ඇති කරන්නේ ය. නුඹලා ට ගංගා ද ඇති කරන්නේ ය.” සූරා නූහ් 71:10 සිට 12 දක්වා.

3. අල්ලාහ්ගෙන් ත්‍යාග ලබන බලාපොරොත්තුවෙන් සහ ඔහුගේ දඬුව ට බියෙන් යටත් පහත් භාවයෙන් ඔහු ට කන්නලව් කිරීම: දුආවෙ හි හරය සහ අවශ්‍ය කොටස මේවා ය. මේ පිළිබඳ ව අල්ලාහ් පවසන්නේ මෙසේ ය: “ඔබගේ පරමාධිපතිට බැහැ පත්ව ද භය භක්තියෙන්ද අඬගසනු. සැබැවින් ම, ඔහු ප්‍රමාණය ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේ ය.” සූරා අල් ආරාෆ් 7:55

4. ඉතා ඕනෑකමින්, කඩිනමින්, නැවත නැවත දුආ කිරීම ගැන සිත් තැවිල්ලට පත් නොවී, කිහිප වතාවක් යිළි යළිත් දුආ කිරීම: අල්ලාහ්ගේ නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය ට එකඟ ව දුආ කිරීම තුන් වරකට සිමා කර ගැනීම වඩා සතුටු දායක වේ. මුහම්මද් (සල්) තුමාණන් තුන් වරක් දුආ කළ අතර තුන් වරක් ක්ෂමා ව අයැදීම ට කැමති බව ඉබ්නු මසූද් (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය අබු දාවූද් සහ අන් නිසායි.

5. පහසු ජිවන තත්ත්වයේ දී දුආ කිරීම සහ සමෘධිමත් තත්ත්වයේ දී අධික ව දුආ කිරීම: “ජීවිතයේ පහසු අවස්ථාවන් හි අල්ලාහ් ව මෙනෙහි කරනු, පීඩාවට පත් වු අවස්ථාවන් හි අල්ලාහ් ඔබ ව අමතක නොකරන්නේය.” යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍රය අහමද්.

6. දුආවෙහි ආරම්භයේ හෝ අවසානයේ අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් සහ උත්කෘෂ්ට ගුණාංගයන්ගෙන් ඔහු ට ඇමතීමෙන් අල්ලාහ් ට සමිප වීමට උත්සාහ දැරීම: (සියලු) ලක්ෂණ නම් අල්ලාහ්ට (හිමි)ය. එබැවින් ඔහු අමතනු.” සූරා 7:180

7. දුආ අතරින් ඉතාමත් පැහැදිලි හා සංෂිප්ත වදනින් යුත් අර්ථවත් දුආ තෝරා ගැනීම: දුආ අතර උසස්තම දුආ වන්නේ මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසු දුආ වන අතර, කෙනෙකුගේ අවශ්‍යතා අනුව වචන යොදා ගත හැක.

දුආ කිරීමේ දි අනුගමනය කළ යුතු, නමුත් එවා අනිවාර්යය නොවන තවත් කරුණු කිහිපයක් තිබෙන බව සලකන්න. කිබ්ලා දෙසට මූහුණ හැරවීම, ශාරීරක පිරිසිදුකම සහිත ව සිටින අවස්ථාවක දූආ කිරීම. අල්ලාහ් ව ප්‍රශංසාව ට ලක් කර සහ නබි (සල්) තුමාණන්ට සලවාත් පවසා දුආ කාර්යය ආරම්භ කිරීම වැනි දේ එහි අඩංගු ය. දුආ අයැදින විට දැත් එසවිය යුතු බව සඳහන් වී ඇත.

දුආවන් ට සාර්ථක ප්‍රතිචාර ලැබීම සඳහා උතුම් වේලාව සහ උතුම් ස්ථානය තෝරා ගැනීම උපකාර වනු ඇත.

උතුම් වේලාව අතර හොඳ ම අවස්ථාවන් වන්නේ ෆජර් (අලුයම) සලාතයට පෙර, රාත්‍රියන් හි අවසාන තුන්වන හෝරාව, සිකුරාදා ජුම්ආවෙහි අවසාන හෝරාව, වැස්ස වසින විට, අදාන් සහ ඉකාමත් යන දෙක අතර යන්න ඒවා ය.

උතුම් ස්ථානය යනු පොදුවේ සෑම මස්ජිදයක් ම වන අතර මක්කමේ මස්ජිද් අල් හරම් සුවිශේෂය.

දුආවන් ට අධික ව පිළිතුරු ලැබිය හැකි අවස්ථාවන්: කෙනෙක් අසාධාරණය ට හෝ පීඩාව ට ලක් කරනු ලබන විට, කෙනෙක් ගමනක යෙදි සිටින අවස්ථාවක, කෙනෙක් උපවාසයේ යෙදී සිටින අවස්ථාවක, කෙනෙක් හදිසියෙන් යමක් අවශ්‍යය ව සිටින අවස්ථාවක සහ මුස්ලිම්වරයෙක් තම සහෝදරයෙකු වෙනුවෙන් ඔහු නැති තැනක දුආ ඉල්ලා සිටින විට.

දුආ සඳහා පිළිතුරු ලැබීමට බාධාවක් විය හැකි කරුණු:

1. ඉල්ලා සිටින කාරණාව නුසුදුසු එකක් වන විට, අල්ලාහ් කෙරෙහි අවිධිමත් ආකල්පයක් දක්වන විට, ඉල්ලීමක් නොකළ යුතු කාරණාවක් සඳහා (මිනිසෙක් සදා කල් ජීවත්වීමට ආශා කිරීම, හෝ පාප ක්‍රියාවක යෙදෙන්න ට හෝ හරාම් කරුණක් සඳහා අනුමත පැතීම හෝ මරණය දෙන ලෙස කෙනෙක් ඉල්ලන විට එවැනි දුආ බලහීන බවට පත් වේ. නබි (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි) වාර්තා. “කෙනෙක් පාප ක්‍රියාවක් සඳහා හෝ නෑකම විනාශ කිරීම පිණිස දුආ නොඉල්ලන තුරු මිනිසුන්ගේ දුආවට ප්‍රතිචාර දෙනු ලබයි.” මූලාශ්‍ර සහීහ් මුස්ලිම්.

2. අල්ලාහ් වෙත යළි පිවිසීමට අධෛර්යමත්කම නිසා දුආ කිරීම ට පැකිලෙන දුබල කෙනෙක් කරන දුආ: මෙයට විවිධ හේතුන් තිබිය හැක. ඒවා නම් දුආ කරන විට කට හඬ වැඩි කිරීම, දුආ කරන විට බැගෑපත් නොවී අල්ලාහ්ගෙන් කිසිදු උපකාරයක් නොමැත යැයි පෙන්වන අයුරින් හැසිරීම හෝ දුආ සඳහා අර්ථය ට සැලකිලි නොදක්වා අලංකාර වදන් පමණක් අනවශ්‍ය ව යොදා යාච්ඤා කිරීම හෝ අන් අයට පෙනෙන අයුරින්, සිත් තුළ කිසිදු හැඟීමක් නොතිබිය දී, ශබ්ද නගා අඬන්නට හෝ උස් කට හඬින් කෑ ගසන්න ට අධික ලෙස උත්සාහ කිරීම යන සියල්ල අල්ලාහ් කෙරෙහි දක්වන අයහපත් හැසිරීම යනුවෙන් හැඳින් වේ.

3. අල්ලාහ් තහනම් කළ දැයක් සිදු කිරීම නිසා කෙනෙකුගේ දුආ අනමත කරනු නොලබන අවස්ථාවන් ද ඇත. ඒවා නම්, හරාම් මාර්ගයෙන් උපයා ගත් ධනය, ඒවා ආහාර, පානය හෝ වස්ත්‍ර හෝ නවාතැන් හෝ යාන වාහන විය හැක හෝ ඔහු තහනම් රැකියාවක නිරත වන කෙනෙක් විය හැක හෝ ඔහුගේ පාප ක්‍රියාවේ කිලිටු ඔහුගේ සිතේ තවමත් රැඳී තිබිය හැක හෝ ඔහු තම දහමෙ හි අනුමත නොකළ බිද්ආ නමැති නවක දේ අනුගමනය කරන කෙනෙක් විය හැක හෝ ඔහු අනවධාන යෙන් තම නැමදුම ඉටු කරන කෙනෙක් විය හැක.

4. හරාම් නමැති තහනම් ධනය අනුභව කිරීම: දුආ පිළි ගනු නොලැබීමට මෙය ප්‍රධාන හේතුවකි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි) මෙසේ වාර්තා කරයි. ‘ජනතාවනී! අල්ලාහ් යහපත් වන අතර ඔහු යහපත් දේ පමණක් පිළි ගනී. අල්ලාහ් තම රසූල්වරුන් ට අණ කළ දේ අනුගමනය කරන ලෙස තම බැතිමතුන්ට ද අණ කර ඇත.” අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ සඳහන් කරයි.

“අහෝ රසූල්වරුනී! නුඹලා යහ දැයින් අනුභව කරවු. තවද යහකම් කරවු. සැබැවින් ම මම නුඹලා කරමින් සිටින දෑ පිළබඳ ව සර්ව ඥානීය.” සූරා අල් මූඃමිනූන් 23:51.

“අහෝ විශ්වාස කළ අයවලුනි! අප ඔබ ට ආහාර වශයෙන් දුන් හොඳ දැයින් අනුභව කරවු. ඔබ අල්ලාහ් අදහන්නවුන් නම් ඔහුට ම තුති කරවු.” සූරා බකරා 2:172

අනතුරු ව, දීර්ඝ ගමනක යෙදි දුවිලි තැවරී අවුල් වු හිස කෙස් සහිත කෙනෙක්, “පරමාධියාණනි! පරමාධිපතියාණනි!“ යැයි (පවසා) දෑත් ඔසවන නමුත් ඔහුගේ ආහාර හරාම්ය, ඔහුගේ පානය හරාම් ය, ඔහු ලැබු පෝෂණය හරාම් ය, එසේ තිබිය දී ඔහුගේ දුආ පිළි ගනු ලබන්නේ කෙසේදැ? ”යි නබි (සප්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර මුස්ලිම්.

දුආ අනුමත කරනු ලැබීමට අවශ්‍ය සුදුසුකම් සියල්ල නබි (සල්) තුමාණන් සඳහන් මිනිසා වෙත තිබුණි. ඔහු ගමනේ යෙදුනු කෙනෙක්, උත්තරීතර අල්ලාහ්ගේ ආශීර්වාදය ඔහුට අවශ්‍ය ව තිබුණි. එහෙත් ඔහු අනුභව කළ හරාම් දේ හේතුවෙන් ඔහුගේ දුආ අනුමත කරනු ලැබීමට බාධාවක් විය. අප සියලු දෙනා ට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයෙන් මිදෙන්න ට අල්ලාහ් උපකාර කරත්වා.

5. අල්ලාහ්ගේ ප්‍රතිචාරය ක්‍ෂණික ව ලැබිය යුතු යැයි බලා පොරොත්තු වීම: අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසු බව අබු හුරෙයිරා (රළි) තුමා වාර්තා කළේය. “ඔබ ඉවසීමෙන් තොර ව, ‘මම දුආ කළෙමි, එහෙත් එයට ප්‍රතිචාරයක් නොලැබුවෙමි‘ යැයි ඔබ නොපවසන්නේ නම්, ඔබ සැමගේ දුආ සඳහා පිළිතුරු දෙනු ලැබීම නියතයි.“ මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.

6. දුආ කිරීමේ දී අල්ලාහ් ට කොන්දේසි නොපැනවීම: ඒවා මේ ආකාරයෙන් සිදු වේ. “යා අල්ලාහ්! ඔබ කැමති නම් මට ක්‍ෂමාව දෙනු මැනව.“ හෝ “ යා අල්ලාහ්! ඔබ කැමති නම් මා හට කරුණා ව දක්වනු මැනව.“ යනුවෙන් පැතීම. අල්ලාහ් ගෙන් ප්‍රාර්ථනා කරන කෙනෙක් එය ස්ථීර අධිෂ්ඨානයෙන් ඉල්ලා, එය සාක්ෂාත් කර ගනු පිණිස අවශ්‍ය පියවර සියල්ල සිදු කර, ඉතාමත් ඕනෑකමින් නැවත නැවත තම අවශ්‍යතා පැවසිය යුතුය. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසුහ. “ඔබ අතර කිසිවෙක් ‘යා අල්ලාහ්! ඔබ කැමති නම් මට සමාව දෙනු මැනව. යා අල්ලාහ්! ඔබ කැමති නම් මට කරුණා ව දක්වනු මැනව.‘ යනුවෙන් නොපවසනු. ඔහු තමා ඉල්ලා සිටින විෂය යෙහි තිරසර ව සිටිය යුතු අතර අල්ලාහ් ට බලපෑම් කිරීම ට කිසිවෙකු ට නොහැකි බව ඔහු දැන සිටිය යුතුය.” මූලාශ්‍ර අල් බුහාරි සහ මුස්ලිම්.

දුආ සඳහා සාර්ථක ප්‍රතිචාරයක් ලබනු පිණිස ඉහත සඳහන් අවශ්‍යතා සියල්ල ඉෂ්ට කර, දුආවේ වලංගුතාවය වළක්වන දෝෂ සියල්ලෙන් නිදහස් වී සිටිය යුතු බව අත්‍යවශ්‍ය කරුණක් නොවන බව සළකන්න. එහෙත් මෙවන් දෙයක් සිදු විම ඉතාමත් දුලබ ය. කෙසේ වෙතත්, තම පැතුම් ඉල්ලා ඒවා ලබා ගනු පිණිස අපි ඉතාමත් උනන්දුවෙන් හා අවංක ව වෑයම් කළ යුතුය.

මෙහි දී අපේ ප්‍රාර්ථනාවන්ට විවිධ ආකාරයේ ප්‍රතිචාර ලැබිය හැකි බව දැන සිටීම අප මතකයේ තබා ගත යුතු තවත් වැදගත් කරුණකි. ඇතැම් විට කෙනෙකුගේ දුආ අල්ලාහ් සම්පූර්ණයෙන් ම ඉටු කර දෙනු ඇත; ඇතැම් විට දුආ හේතුවෙන් කෙනෙකු ට සිදු විය හැකි අනතුරකින් ඔහු ට රැකවරණය දෙනු ඇත; කෙනෙකුට කිසියම් යහපතක් ලබා ගැනීමේ මාර්ගය පහසු කර දෙනු ඇත; කෙනෙකු ට අත්‍යවශ්‍ය වන දේ මරණයෙන් පසු ඔහුට ලබා දෙනු පිණිස එය ප්‍රමාද කර තබනු ඇත. අල්ලාහ් සියල්ල දන්නේය.

ඔබගේ අගනා අදහස් මෙම ලිපියට දන්වන්න.

[email protected]