>  

1 - Al-Faatiha ()

|

(1) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

(2) සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

(3) අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.

(4) විනිශ්චය දිනයේ රජු ය.

(5) ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.

(6) අපට ඍජු මඟ පෙන්වනු මැනව.

(7) ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.

  >