109 - Al-Kaafiroon ()
|
(1) (නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්රතික්ෂේපකයිනි!
(2) නුඹලා නමදින දෑ මම නොනමදිමි.
(3) තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
(4) තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
(5) මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
(6) නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.