(1) විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
(2) එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
(3) තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
(4) එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
(5) ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය.
(6) අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝය.
(7) නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය.