79 - An-Naazi'aat ()

|

(1) සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.

(2) මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.

(3) පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.

(4) තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)

(5) කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)

(6) එදින කම්පනය වන දෑ කම්පනය වේ.

(7) එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.

(8) එදින හදවත් (බියෙන්) තැති ගනියි.

(9) ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.

(10) “නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්නෙම්දැ” යි ඔවුහු පවසති.

(11) “අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”

(12) “එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.

(13) එහෙත් එය එක් භයානක හඬක් පමණි.

(14) එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.

(15) මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේද?

(16) ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,

(17) ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

(18) එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.

(19) තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.

(20) එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.

(21) නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.

(22) පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.

(23) එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේය.

(24) එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේය.

(25) එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.

(26) නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.

(27) මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.

(28) ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.

(29) තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.

(30) තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.

(31) ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.

(32) තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය.

(33) (එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.

(34) එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,

(35) එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.

(36) තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.

(37) "එහෙයින් සීමාව උල්ලංඝනය කර"

(38) "මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"

(39) සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

(40) "තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"

(41) සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

(42) එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.

(43) ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?

(44) එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.

(45) ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.

(46) සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.