104 - Al-Humaza ()

|

(1) දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!

(2) ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.

(3) නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.

(4) එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.

(5) හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?

(6) එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.

(7) එය හදවත් වෙත ළඟා වෙයි.

(8) සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.

(9) උස් කුලුනු තුළ (හිරකර).