(1) ඔහු මුහුණ හකුළා හැරුනේය.
(2) (එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
(3) ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?
(4) එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
(5) (යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
(6) නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
(7) තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
(8) "තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"
(9) "ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"
(10) නුඹ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
(11) එසේ නොව සැබැවින්ම එය උපදෙසකි.
(12) එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
(13) (මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.
(14) පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
(15) (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
(16) ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
(17) මිනිසාට ශාපය අත් වේවා! ඔහු ව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?
(18) කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
(19) ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
(20) අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
(21) පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
(22) පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
(23) නමුත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
(24) එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
(25) සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
(26) පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
(27) එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
(28) මිදි හා එළවළු ද
(29) ඔලිව් හා රටඉඳි ද
(30) ඝණ උයන් ද
(31) පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
(32) (මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.
(33) එබැවින් මහා හඬ පැමිණි විට,
(34) එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
(35) තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
(36) තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
(37) එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
(38) එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
(39) සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
(40) තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
(41) අඳුර ඒවා වසා ගනු ඇත.
(42) ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.