99 - Az-Zalzala ()

|

(1) මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,

(2) මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,

(3) තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.

(4) එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.

(5) සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,

(6) එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.

(7) එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.

(8) කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.