91 - Ash-Shams ()

|

(1) හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

(2) එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.

(3) දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.

(4) රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.

(5) අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.

(6) පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.

(7) ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,

(8) ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.

(9) සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

(10) තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

(11) සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.

(12) ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

(13) මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේය.

(14) එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.

(15) තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.