95 - At-Tin ()

|

(1) අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,

(2) සිනායි කන්ද මත ද දිවුරමින්,

(3) අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,

(4) සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.

(5) පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.

(6) විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.

(7) ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?

(8) විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?